----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අද කාලේ අය දන්නවද මූ. අරුක්ගොඩ ගැන...???

Sunday, July 11, 2010

මූ. අරුක්ගොඩ 1935 - 1988

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු නිෂ්පාදකවරයකු, ගුවන් විදුලි ශිල්පියකු හා නවකතා, කෙටි කතා රචකයකු ලෙසින් ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ටයකු වූ මූ. අරුක්ගොඩ, මුවන් පැලැස්ස, මොනරතැන්න ඇතුළු චිත්‍රපට කීපයක සහාය අධ්‍යක්ෂවරයා ද විය.

අරලිය මල් ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි. අනතුරුව තාත්තයි පුතයි, අම්මයි දුවයි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අරුක්ගොඩයන් චන්නයි කෙල්ලො දෙන්නයි අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය ද කළේය.

ඊට අමතරව හිඟන්නෝ, සත්ව වතගොත ඇතුළු නවකතා සහ කෙටි කතා පොත් රැසක් ද කතා විස්ස නමින් ශ්‍රී ලංකාවේ උගතුන්ගේ චරිත කතා ඇතුළත් පොත් පෙළක් ද සිංහල සාහිත්‍යයට එක් කළේය.

පළමු ශ්‍රේණියේ ලඝු ලේඛකයෙක් ලෙස අමාත්‍යාංශ කීපයකම සේවය කළ අරුක්ගොඩයන් විශ්‍රාම ලබා දැව සංස්ථාවේ කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී 1988 ජූලි 11 වැනිදා පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසු විය.

එදා සිට කිසිදු තොරතුරක් දැන ගැනීමට නැති අරුක්ගොඩයන්ට සිදු වූයේ කුමක්දැයි තවමත් ප්‍රහේළිකාවකි.


2 comments:

අරුක්ගොඩව හඳුන්වා දෙන්නේ කොහොමද යාලුවෙකුට?

මෙන්න මූ අරුක්ගොඩ...!!!

මිනිහ චිත්‍රපටි පෝලිමේ හැදුවෙ. සති දෙකෙන් කරනවා. ඒව තවමත් රෙකෝඩ්.

මෙයා මනහර කතෘ වෙලත් හිටිය නේද? දේශපාලනෙත් කලා මගෙ හිතේ.

Post a Comment