මම හොඳ පර්යේෂණ කරන්නියක්


සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:29 AM 0 comments
Labels: ජීවිත විත්ති, නිවේදිකා, මතක සැමරැම්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:21 PM 1 comments
Labels: Gossip, ටෙලි නාට්‍ය, නිවේදිකා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 3:30 AM 0 comments
Labels: Gossip, ජීවිත විත්ති, නිවේදිකා, පුවත්, මතක සැමරැම්
![]() |
ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමි
|
![]() |
රංගිරි නිවේදක මඬුල්ල
|
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 5:26 AM 0 comments
ආශා එදිරිසිංහ
අද ‘සතුටු සාමීචිය’ට එක්වන කලා ශිල්පිනිය ආශා එදිරිසිංහ. ආශා රූපවාහිනී නිවේදිකාවක ලෙසත් ටෙලිනාට්‍ය රංග ශිල්පිනියක ලෙසත් ප්‍රේක්ෂකයින් අතර ප්‍රසාදයට ලක්වී ඇති සුරූපී යෞවනියකි. ‘නිල් නෙතු’, ‘සුළඟ’ වැනි ටෙලිනාට්‍ය ආශාගේ රංගන හැකියාව පිළිබඳව සාක්ෂි දරයි. ආශා කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක ද වන්නීය.
ඔබ කලාවට එක්වුණේ පුංචි අවධියේදීම නේද?
ඔව්. මට වයස අවුරුදු 11දී තමයි මම ටෙලිනාට්‍ය රංගනයට දායක වුණේ. ඒ; සතිස්චන්ද්‍ර එදිරිසිංහ සර්ගෙ “ගිරිකුළ අන්දරය” ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින්. උසස් පෙළ හදාරන විටයි විශ්වවිද්‍යාලයේ මුල් අවුරුද්දෙ ඉගෙන ගන්නා විටයි කලා කටයුතුවලට එක්වුණේ නෑ. පසුව ‘සසඳරා’, ‘යශෝ මන්දිර’ වැනි ටෙලිනාට්‍යවලට දායකවෙන්න අවස්ථාව ලැබුණා.
ඒ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නා කාලෙදිමයි. පසුව අධ්‍යාපන කටයුතු නිසා රංගන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වුණා. විශ්වවිද්‍යාලයෙන් පිටවුණාට පස්සෙ නිවේදිකාවක් හැටියට ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණා. ඒ වගේම ගීතවල රූප රචනාවලට රංගනයෙන් දායක වුණා.
ඒ අතරේ තමයි මහේෂ් සත්සර අයියගෙයි එරංග සේනාරත්න අයියගෙයි ආරාධනයට ‘නිල් නෙතු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. මම ඉතාම ආශාවෙන් ‘නිල් නෙතු’ ටෙලිනාට්‍යයේ වැඩ කළා. ඉන්පසුව තමයි ‘සුළඟ’ ටෙලිනාට්‍යය කළේ.
’සුළඟ’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ ඔබද?
නැහැ. මගෙ තාත්ත තමයි එය කළේ.
’සුළඟ’ කළේ ඔබට රඟපාන්නද?
ඇත්තටම නෑ. මටත් තාත්තටත් ලොකු ආශාවක් තිබුණා හොඳ ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න හොඳ ලස්සන රූපරාමු තියෙන. සඳරුවන් අයිය තමයි ‘සුළඟ’ අධ්‍යක්ෂණය කළේ. ඒකෙ හොඳ චරිතයක් මටත් ලැබුණා. එහෙම නැතිව මට රඟපාන්න ‘සුළඟ’ නිර්මාණය කළේ නෑ.
ඔබ රූපවාහිනී නිවේදිකාවක් ලෙස කටයුතු කරන වැඩසටහන් ගැන කතා කළොත්..?
බොහොමයක් රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතරට යන්න මට අවස්ථාව ලැබුණේ “හීන හතක්” රූපවාහිනී වැඩසටහන නිසා. මුලපටන්ම මම ඉතාම ආශාවෙන් කළ වැඩසටහනක් ඒක. ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න සිදුවුණොත් ඒකට දින වෙන් කරගත්තෙ ‘හීන හතක්’ වැඩසටහනට බාධාවක් නොවන විදියට. ඒ තරම්ම මම ‘හීත හතක්’ වැඩසටහනට ආදරෙයි. ‘හීන හතක්’ ස්වාධීන රූපවාහිනියේ සංගීත වැඩසටහනක්. මම ඉතාම ආශාවෙන් කළ තවත් වැඩසටහනක් තමයි ස්වාධීන රූපවාහිනියෙන්ම විකාශය වන”ඉබභඤඪධ-01” සංගීතමය වැඩසටහන. ඒක උසස් රසවින්දනයකට මඟ කියාදෙන වැඩසටහනක්.
ඔබ වඩාත් කැමැති නිවේදන කටයුතුවලට ද, රංගනයටද?
මට හිතෙන විදියට නිවේදන කටයුතුවලට මා තුළ ලොකු හැකියාවක් නෑ. ඒත් ගොඩක් දෙනෙක් මට කියනව “ඔයා වැඩසටහන් ඉදිරිපත් කරන හැටි හොඳයි සරලයි” කියල. ඒත් මට හිතෙනව නිවේදන කටයුතුවලට වඩා පුංචි හෝ හැකියාවක් රංගනයට තියෙනව කියල. ඒ නිසා මම රංගනයට වැඩියෙන් කැමැතියි.
ඔබ රංගනයෙන් දායකවී ඇති ඉදිරියේ දී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍ය මොනවාද?
මම රංගනයෙන් දායකවුණු ’රන් සමනළයෝ’ ටෙලිනාට්‍යය ළඟදීම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. එය ආදරය ගැන කියවෙන ලස්සන ටෙලිනාට්‍යයක්.
රංගනයේදී ඔබ ඔබටම සීමා පනවාගන්නවාද?
ඇත්තෙන්ම ඔව්. නමුත් ඒක ලොකුකමකට කරන දෙයක් නෙමෙයි. රංගනයේ මම දීර්ඝ කාලයක් යෙදෙන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් මම කැමැතියි මගෙ සීමා, මගෙ ප්‍රතිපත්ති ඇතුළෙ මම කරන දේ හරියට කරන්න. ටෙලිනාට්‍යයකට මට ආරාධනා ලැබුණු විට අධ්‍යක්ෂවරයා එක්ක කතාකරල මට ඒ චරිතය හොඳින් කරන්න පුළුවන් කියල හැඟුණොත් මම ඒ චරිතය අනිවාර්යයෙන්ම බාරගන්නවා.
චිත්‍රපට සඳහා තවම ඔබට ආරාධනා ලැබී නැතිද?
චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. ඒත් ඒවා බාරගන්න මට හැකියාවක් තිබුණේ නෑ. ඒකට හේතුව තමයි එම චිත්‍රපටවල තේමා මට නොගැළපීම. ඒ වගේම ඇතැම් චිත්‍රපට විදෙස් රටවල රූගත කිරීම් තිබු ඒවා. මගෙ අම්ම හෝ තාත්ත හෝ සමඟ ඒවාට සහභාගි වෙන්න ලැබුණ නම් මම සහභාගි වෙනවා. ඉදිරියේදී හොඳ චිත්‍රපටයකට ආරාධනයක් ලැබුණොත් ඒ ආරාධනය බාරගන්න මම සුදානම්.
ඔබ උපාධිය ලබාගත්තෙ කුමන විෂයයෙන්ද?
මම ලබාගෙන තියෙන්නෙ කළමනාකරණ වාණිජවේදී විශේෂ උපාධියක්.
ඔබ උසස් අධ්‍යාපනය ලද ක්ෂේත්‍රයෙන් රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැතිද?
මම ගොඩක් කැමැතියි මානව සම්පත් කළමනාකරණය කියන විෂයෙන් රැකියාවක් කරන්න. විශේෂයෙන්ම එය රජයේ රැකියාවක් වුණොත් වඩාත් කැමැතියි.
ඔබේ පවුලේ තොරතුරු?
අම්ම, තාත්ත, අයිය, අක්කා, මම තමයි අපේ පවුල. අපි හරිම සතුටින් ඉන්නවා.
යෞවන ප්‍රේමය ඔබට තවමත් ආගන්තුකද?
නැහැ. මම ආදරය කරනව. ආදරය ලබනව.
ජීවිතයේ මොනවගේ අරමුණු ද බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ?
’සුළඟ’ ටෙලිනාට්‍යයට එහා ගිය හොඳ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීම එක් බලාපොරොත්තුවක්. ඒ වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳව හොඳ හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ළඟදීම ඉටුකරගත හැකි බලාපොරොත්තුවක් නෙමෙයි. ඒකට තව අවුරුදු ගණනාවක්ම යාවි. කවදාහරි හොඳ නිර්මාණයක් කිරීමයි මගේ අරමුණ. ඒ වගේම ජීවිතයට සාර්ථකව මුහුණදීමයි මගේ ප්‍රධානම අරමුණ.
ගාමිණී සුසන්ත
ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
Copy Rights - Silumina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 3:44 PM 0 comments
Labels: Gossip, ජීවිත විත්ති, නිවේදිකා
සමහර අහිමිවීම් පවා මට ආශිර්වාදයක් වුණා
අභිෂේකා විමලවීර
ළහිරු මඬල, සමනළ උයන, සෙල්ලම් ගෙදර, හැඩකාර හැන්දෑව, දේදුණු හැන්දෑව, ලස්‌සන ගෙදර, ඔබගේ මතකයේ තිබේ නම් අභිෂේකා විමලවීර නොහඳුනන කෙනෙක් නැති තරම්. ජීවිතය හැඩ කරන බොහෝ දේ දෑත දරාගෙන උපන් ඈ... අද දවසේ වඩාත් සුබවාදී වර්තමානයකට සේම අනාගතයකටද හිමිකාරියක්.
අභිෂේකාගෙ ජීවන වටපිටාව ගැන කියනවා නම්...
මගේ තාත්ත සුනිල් විමලවීර, අම්ම දමයන්ති විමලවීර. මම ඉගෙන ගත්තෙ ගාල්ලේ ශ්‍රී ගාර්හා කන්‍යාරාමයෙන් හා ශාන්ත පාවුළු බාලිකාවෙන්. මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසර උපාධි අපේක්‌ෂිකාවක්.
කලාවට නෑකම් කියන පවුල් පරිසරයද අද ඔබ මෙතනට ගෙන ආවේ....
මගේ ලොකු තාත්ත සරත් විමලවීර. ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයෙක්. තාත්ත ගීත රචකයෙක්. ඔවුන්ගේ දක්‌ෂතාව සහජයෙන් මට ලැබුණ දායාදයක්. නමුත් මම නිවේදන ක්‌ෂේත්‍රයට සම්බන්ධ වුණේ අනිත් අය වගේම සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත් වෙලා
ඔබගේ පියා ප්‍රවීන කලාකරුවකු වීමෙන් ඔබට ලැබුණ සහය කුමක්‌ද?
පුංචි කාලෙ ඉඳන්ම මගේ ඉලක්‌කය වුණේ ගායිකාවක් වීමයි. තාත්ත ළමා ගීත ලියවා ගන්න එන බොහෝ දෙනාට තාත්ත මාව හඳුන්වා දෙනවා. ගායන ක්‌ෂේත්‍රයට එන්න තාත්ත මට ගොඩක් උදව් කරනව. ඒ ගුරුකම් මම කරන කියන හැම තැනකදීම තාත්ත මගේ තනි නොතනියට ඉන්නව.
රූපලාවන්‍ය ක්‌ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන ඔබේ මවගේ වෘත්තිය ගැන අභිෂේකගේ උනන්දුව මොන වගේද?
මගේ අම්ම දමයන්ති විමලවීර. ඇය රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනවා. එහි කෙරෙන්නේ බාහිර අලංකරණයට වඩා රූපය හැඩගන්වා ගැනීමට කෙරෙන ප්‍රතිකර්ම. පුංචි කාලෙ ඉඳන්ම අම්මගෙ ඇසුරේ ඉඳන් ඒ පිළිබඳ මම ඉගෙන ගත් දේ බොහෝමයි. ඉදිරි කාලයේ ඉන්දියාවට ගිහින් මේ ගැන වැඩිදුර අධ්‍යාපනය ලබාගෙන අම්මගෙ ව්‍යාපාරය ඉදිරියට ගෙන යැමේ අදහසක්‌ද මා තුළ තිබෙනවා.
"අභිෂේකා ඉදිරි කාලයේ රංගන ක්‌ෂේත්‍රයේත් අපට හමුවනවාද?
රඟපෑමටත් මම කැමැතියි. ටෙලි නාට්‍යවල රඟපාන්න ඇරැයුම් කිහිපයක්‌ම ලැබුණා. නමුත් ඒ අවස්‌ථා විශ්වවිද්‍යාලයේ විභාග වැනි අත්‍යවශ්‍ය කටයුතු යෙදුණ නිසා එම අවස්‌ථා මඟහැරී ගියා. මේ දවස්‌වල චිත්‍රපටයකට ඇරැයුමක් ලැබී තියෙනව. සමහර විට මට ඒ අවස්‌ථාවට සහභාගි වීමට ලැබෙයි.
ගායිකාවක් විදිහට වගේම ලේඛිකාවක් විදිහටත් එළි දකින්න ඔබ පෙරුම් පුරන බව අපිට දැනගන්න ලැබුණා.
ඔව්. යොවුන් ගායිකාවක් විදිහට එළිදකින්න මගේ මේ කාලය හොඳම කාලයක විදිහටයි මට දැනෙන්නෙ. මේ වෙත්දි ගීත දෙකක් නිර්මාණය කරමින් ඉන්නව. ළඟදීම එම ගීත රසිකයන් වෙත තිළිණ කරන්න සූදානමින් ඉන්නෙ. ඒ වගේම මම සංගීතය පිළිබඳ හදාරල විශාරද විභාගයත් සම්පූර්ණ කරලයි ඉන්නෙ. මගේ සංගීත ගුරුතුමා වන්නේ සංගීත් නිපුන් සනත් නන්දසිරි ගුරු පියායි.
මේ දවස්‌වල මා ලියූ නිසඳැස් එක්‌කර "නොහිමි" නමින් පොතක් එළිදක්‌වන්නත් මම සූදානමින් ඉන්නෙ.
අභිෂේකා ඔබ ස්‌වාධීන රූපවාහිනියට අයිති නිවේදිකාවක්‌ද?
ෂඔභ එකේ ළහිරු මඬල බලාගෙන ඉඳල සම්මුඛ පරීක්‌ෂණයට එද්දී මට අවුරුදු 10 යි. එදාමෙදා තුර මගේ නිවේදන දිවියේ තක්‌සලාවත්, විශ්වවිද්‍යාලයත් ස්‌වාධීන රූපවාහිනියයි. ITN එකේ ඉන්න බොහෝ දෙනෙක් මට ගුරුහරුකම් දුන් ගුරුවරුන් විදිහටයි මම සලකන්නෙ.
මෙතෙක් ජීවිතයේ සිදුවූ සිදුවීම් දිහා බලද්දී අභිෂේකාට මොකද හිතෙන්නෙ.
මෙතෙක් මගේ ජීවිතයේ සිදුවූ හැම සිදුවීමක්‌ම මට ආශිර්වාදයක් වුණා. සමහර අහිමිවීම් පවා මට අහිමි වී තියෙන්නෙ මගේ හොඳටයි කියලයි මම හිතන්නෙ. උදාහරණක් විදිහට පුංචි කාලෙ වෛද්‍යවරියක් වීමේ සිහිනයක් මට තිබුණා. ඒ නිසා මම උසස් පෙළට තෝරා ගත්තෙ විද්‍යා විෂයන්. නමුත් අතරමඟදී මම කලා විෂයන්ට මාරු වුණා. වෛද්‍යවරියක වීමේ සිහිනය මට අහිමි වුණා. මගේ උරුමය වූ කලාවට මාව යොමු කරවන්න කියලයි මම අද විශ්වාස කරන්නෙ.
පවුලේ එකම දරුවා විදිහට දෙමව්පියන් ඔබේ පෞද්ගලික ජීවිතයත් ගොඩක් සැලසුම් කරනව ඇති නේද?
ඇත්තටම. මම පාසල් අධ්‍යාපනය අවසන් කළ සැණින් විවාහ විය යුතුයි කියලයි අපේ අම්මල තීරණය කරල තිබුණෙ. ඒත් අපි හඳහන් විශ්වාස කරනව. මගේ විවාහය අවුරුදු විසිහය පහුවුණාට පස්‌සෙ සිදුවීම හොඳයි කියල තියෙන නිසා අම්මයි තාත්තයි ඒ ගැන මට කල්දීල තියෙන්නෙ. මම විවාහ වෙන්නෙ අම්මල හොයල දෙන කෙනෙක් එක්‌කයි. මෙතෙක් මගේ ජීවිතයට නිවැරැදි දේ තෝරා දුන්නා වගේම මගේ විවාහයේදීත් නිවැරැදි තීරණය ගන්න මම ඒ දෙන්නට බාරදීලා තියෙන්නෙ.
ධම්මිකා සුරංජි පතිරණ
Copy Rights - Divayina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 11:50 PM 0 comments
Labels: ජීවිත විත්ති, නිවේදිකා
එදා පන්නිපිටිය අහස දීප්තිමත්ව බැබළුණා.
හැබැයි ඒ හඳ නිසා නම් නෙමෙයි. තරු නිසයි.
‘තරු අතර බබළන අපූරු තරුවක්’
හැමෝම කතා වුණා.
‘තාරිකා දිලීපනී’
පන්නිපිටිය ප්‍රදේශයට පායපු අලුත්ම තරුව ඇයයි.
‘එදා හරියට මහරගම යොවුන් රඟහලට තරු පායපු රාත්‍රියක් වගෙයි. 2010 වසරේ යෞවන සම්මාන උළෙලේ තරගවල ප්‍රතිඵල කියන තුරු මේ තරු හිටියෙ හරිම නොඉවසිල්ලෙන්. මම ඉදිරිපත් වුණේ නිවේදක – නිවේදිකාවන් තෝරන අංශයටයි. ඒ අංශයේ හිටිය ළාබාලම තරගකරු වුණේ මමයි. ඒත් නිවේදන අංශයෙන් යම් ස්ථානයක් මට හිමිවෙයි කියනා පුංචි බලාපෙරොත්තුවක් සිතේ තිබුණා. ගිය වසරේ දෙසැම්බර් මස පැවැත්වුණු සම්මාන උළෙලේ රාත්‍රිය මගේ ජීවිතයේ කිසිම දිනක අමතක නොවේවි. නිවේදන අංශයෙන් තරගකරුවන් තිදෙනෙක් තෝරා ගැනුණා. ඒ තරගකරුවන් අතරින් හොඳම යොවුන් නිවේදිකාව විදියට මගේ නම එහි සිටිය නිවේදකයාගෙ හඬින් කියවෙන විට ඒ කියවෙන්නේ මගේ නමම ද කියලා මට අදහා ගන්න බැරි වුණා.’
ඒ වදන් වැල් මුවින් ගලාගෙන යද්දී තාරිකාගෙ දෙනෙත් දිලිසුණා. හරියටම සම්මානය ගත්ත රාත්‍රියේ වගේමයි. ඈ අප අතර තිබුණු නිහඬතාවය බින්ඳා.
‘මම සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියේ මගේ ගමේ පාසල වුණු ධර්මපාල විද්‍යාලයටයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ 10 ක් ලබාගෙන මම උසස් පෙළ සඳහා දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපන කටයුතු හදාරන්නයි. මේ වෙන කොට මා සරසවි අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා සිටිනවා. අධ්‍යාපන කටයුතුවල නියැළෙන ගමන්ම ඉන් බැහැරව නිවේදනය අංශයෙන් ඉදිරියට යන්න මම සූදානම්.’
තාරිකාගෙ නංගි තිළිණි. තිළිණියි තාරිකයි පුංචිම සන්ධියෙදි නිතරම සෙල්ලම් කළා. අම්මගෙ සාරියක් ඇඳගෙන කටේ පාට උලාගෙන නංගිට ඇහෙන්න නිවේදන කටයුතු කළා. සින්දු කිව්වා. නැටුවා. ඒ විතරක් නෙමෙයි දොස්තර නෝන කෙනෙක් වගේ නංගිට බෙහෙත් දුන්නා. මේ පුංචි උන්ට නොදැනෙන්න තුන් වැන්නෙක් ඔවුන් දෙසම බලාගෙන සිටියා. ඒ තාරිකාගෙ අම්මා, ශ්‍රීමතී මල්ලිකා. ලොකු දූගෙ තියෙන මේ උපන් හපන්කම් ගැන ඈ තාරිකාගෙ තාත්තට කිව්වා. යූ. ජී. රණසිංහ. ඔහු ව්‍යාපාරිකයෙක්. එහෙම වුණත් ඔහුට තිබුණේ කලාකාමී සිතක්.
‘පුංචි කාලෙම මගේ දක්ෂතා හඳුනා ගෙන සිටි මගේ අම්මා, තාත්තා ඉගෙන ගන්න විෂය වගේම බාහිර කටයුතුවලටත් මාව යොමු කළා. ඒ අනුව මාව ගුවන් විදුලියෙ ළමා පිටියට සම්බන්ධ කළා. එහි මා ළමා නිවේදිකාවක් ලෙස කටයුතුª කළා. එතැනින් ඇරැඹුණු මගේ ගමන නිවේදනයට විතරක් සීමා වුණේ නැහැ. ඊ ඍ ඹ්ඒව්ම්ඒ නාලිකාවේ ‘ළමා ගී දනව්ව’ වැඩසටහනට ළමා ගායිකාවක ලෙස සහභාගී වුණා. ස්වාධීන රූපවාහිනියේ ‘සමනල උයන’ වැඩසටහනට ගීයක් ගායනා කළා. රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියූ ‘චූටි මල්ලි මගෙ ගෙදරින් ගියදා’ කියන ඒ ගීතය ළමයි අතර බොහොම ජනප්‍රිය ගීතයක්. මේ අතරතුරදී ‘ටක් ටික් ටුක් රූප පෙට්ටිය’ වේදිකා නාට්‍යයෙත්, සිරස නාලිකාවේ විකාශය වූ 433333 කියන ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ එක් නාට්‍යයක ප්‍රධාන ළමා චරිතයත් රඟපෑවා. මේ වෙන කොට මම උපාලි සන්නස්ගල ගුරු පියාණන් යටතේ සංගීතය හදාරනවා.’
තාරිකා දක්ෂ නිවේදිකාවක් විතරක් නෙමෙයි. ඈ චිත්‍ර අඳින්නත් හරිම දක්ෂයි. අපි එහෙම කියන්නේ ඒ අංශවලදී පැවැත්වූ ජාත්‍යන්තර හා ජාතික මටටමේ තරග රැසකින් කුසලාන, පදක්කම් දිනා ගන්නට තරම් ඈ සුවිශේෂී වූ නිසයි.
‘කවද හරි මම පරීක්ෂණ පවත්වන විද්‍යාඥවරියක් වෙනවා. හොඳ නිවේදිකාවක් වෙනවා.’
තාරිකාගෙ සිත අනාගත බලාපොරොත්තුවලින් පිරිලා, ඉතිරිලා. අනාගත සිතුවිලි සඵල වෙන්න මේ දියණියට සරසවිය වෙතින් අප මෙසේ සුභපැතුම් ගෙන එන්නමි.
- තිලානි ශානිකා විතානාච්චි
සේයාරුව ටෙනිසන් එදිරිසිංහ
Copy Rights - Sarasaviya
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:00 AM 0 comments
Labels: ජීවිත විත්ති, නිවේදිකා
තීබයේ පුතුනි, දූවරුනි, බල මැන මේ යන්නේ ඊඩිපස්ය.
මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ
----------------------------------------------------
-------------------------------------------------------------------------------