----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා

Tuesday, March 26, 2013


හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා
2013 මාර්තු මස 10 14:55:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

පියාගේ ප‍්‍රතිභාපූර්ණ රංග කුසලතාවයද, මවගේ ශාස්ත‍්‍රීය සංගීත රිද්මයද  සිය ආත්මයෙන්ම සමීප කරගත් මේ පුතුන් දෙදෙනා ගැන හෝ ඒ මාපිය යුවළ ගැන  අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැත.  මුළු රටම ඔවුන් ගැන දන්නේය. ජැක්සන් ඇන්තනි - කුමාරි මුණසිංහ නමැති ඒ ප‍්‍රවීන කලාශිල්පී යුවළගේ මේ පුතුන් දෙදෙනා මෙන්ම දියණිය මාධවී යන ඒ පවුලම කලා අංශයේ ගසට - පොත්ත  මෙන් බැඳී සිටින පවුලකි. අද අප මේ කතා කිරීමට සූදානම් වන්නේ ඒ හැඩකාර - කලා  පවුලේ මේ විසේකාර පුතුන් දෙදෙනා  ගැනයි. විසේකාර කොල්ලන් යැයි කාට හෝ කියූ කළ බොහෝ දෙනා හිතන්නේ ඔවුන් මොකක් හෝ දඩබ්බර වැඩක් කර ඇතැයි කියා විය හැකිය. මේ කාලයේ  එවැනි දේ  බහුලව අසන්නට ද ලැබේ. නමුත් මේ දෙදෙනාගේ  විසේකාර  කම ඇත්තේ  කලාව වෙනුවෙනි. ඒ සෞන්දර්යාත්මක විසේකාරකම සමාජයට යහපතකි. ඒ නිසාම අප ඔවුන් දෙදෙනා මෙලෙස  සැඳැල්ලට කැඳවීමු.

‘‘ජැක්සන්-කුමාරි’’  යුවළගේ ලොකු පුතා හෙවත් පවුලේ දෙවැන්නා අඛිල ධනුද්ධරය. තුන්වැන්නා හෙවත් පවුලේ අන්තිමයා සජිත අනුත්තරය. ඔහු ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ, සෝමරත්න දිසානායකගේ සූරිය අරණ  චිත‍්‍රපටයේ වැදි පැටියාගේ චරිතය සමගය. එම චිත‍්‍රපටයේ රඟපාන  විට කොලූ පැංචෙකු  වූ සජිත  අද කඩවසම් නව යෞවනයෙකි. ශාන්ත ජෝෂප් සහ කොළඹ ආනන්ද  මහා විද්‍යාලයෙන්  අධ්‍යාපනය ලබා ඇති සජිත පසුගිය වසරේ උසස්  පෙළට  මුහුණ දී විශිෂ්ඨ සමාර්ථ ලබා ඇත. කලා අංශයෙන් ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ඇති ඔහු දැන් සූදානමින් සිටින්නේ සරසවි ප‍්‍රවේශය සඳහාය. එලෙසින් සරසවි වරම් ලබා සිටින සජිතගේ අරමුණ වන්නේ උපාධිය ලබා ගත් පසු  කලා අංශයේ විවිධ ඉසව් ඔස්සේ නිර්මාණාත්මක  ගමනක  යෙදීමටය. වයස  අවුරුදු 21 සපුරන සජිත කලා අංශය තෝරා ගැනීම ගැන පවසන්නේ මෙලෙසිනි.

‘‘කලාව අපේ පවුලෙන්ම ආ දෙයක්. හැබැයි සාමාන්‍ය පෙළ දක්වා  අම්මයි - අප්පච්චියි අපට මග පෙන්වීම හැර  බලපෑම්  කළේ  නැහැ. අපට කැමති විදියට විෂයයන් තෝරා ගන්න ඉඩ දුන්නා’’

ඒ  විදියට අධ්‍යාපනය ලද සජිත  කලා අංශය  තෝරා  ගත්තද,  අය්යා අඛිල  ධනුද්ධර කලා  අංශ ගැන හිතපු කෙනෙක් නම් නොවෙයි. කොළඹ ශාන්ත  ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අඛිලගේ වයස අවුරුදු 23කි. ඔහුගේ ආසාව තිබෙන්නේ වාණිජ  අංශයටය. එම අංශයෙන් ඩිප්ලෝමා සහතික ලබා ඇති ඔහු කලාවට සම්බන්ධ  වී ඇත්තේ අහම්බයකිනි.
‘‘ඇත්තෙන්ම  අය්යා කලාවට සම්බන්ධ වීම ගැන  මට අද පුදුමත් හිතෙනවා. එයාගෙ  වැඩිපුර  ආසාව තිබුණේ ව්‍යාපාර  අංශයට.”

සජිත මල්ලී  අය්යා ගැන අද පවසන්නේ  එලෙසිනි. අඛිල මුලින්ම තාරුණ්‍ය ස්පර්ශ කළේ රොමේෂ් සුගතපාලගෙ ‘‘දිගුදෑස දුටුවාම’’ ගීතයේ රූප රචනයට පෙනී සිටීමෙනි. ඉන්පසු එහි දෙවැනි ගීතය වූ දිගු දෑස දුටුවාම ගීතයට  පෙනී  සිටි අඛිල සිනමාවට පා තබන්නේ සෝමරත්න  දිසානායකයන්ගේ  ‘‘සිරිපැරකුම්’’  චිත‍්‍රපටය සමගය. එහි ප‍්‍රධාන  චරිතයට දායකව සිටින්නේ මේ අඛිලය. හෙට දින  තිරගත වීමට නියමිත සිරි පැරකුම්  චිත‍්‍රපටයේ  රඟපාන ඒ චරිතය සමග අඛිල ගැන බොහෝ දෙනා කතා කරනු ස්ථිරය. සජිත ගැන බොහෝ දෙනා අද  කතා කරන්නේ දෙරණ  සිටි ඔෆ්  ඩාන්ස් නිසාය. එහි ෂෂිකා ජෝන්ස්  සමග නර්තනයේ යෙදෙන්නේ  ඔහුය. සජිත එක්ක අතීතයට ගියොත්, මුලින්ම ඔහු ගැන කතා කර ඇත්තේ ශ්‍රී ලාංකීය රසිකයින් නොවේ.  යුරෝපයේ සිනමාලෝලී  රසිකයින්ය.  ඕෆ්රෝඞ් නමැති ජර්මානු චිත‍්‍රපටයක  රඟපෑම ඊට  හේතුවය.  සුමිත්  කුමාරගෙ  කුරුළු පිහාටු  සහ සජිතගෙ  අප්පච්චි කළ  අබා චිත‍්‍රපටවල  රඟපා ඇත්තේ  ඉන් පසුවය.
මේ විදියට විස්තර කියැවෙන   සජිත සහ අඛිල ඇතුළු පවුලේ කට්ටිය එකට එකතුවුනාම එතැන පුදුම සුන්දර  හමුවක්   නමුත්  ප‍්‍රශ්නය වනනේ මේ ඔක්කොම කාර්ය බහුල  අය නිසා එකට එකතුවීමට ලැබෙන කාලය ඉතා අල්ප වීම මේ ළඟදී දවසක මේ පවුලේ අය  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක යෙදුණා.
එහිදී කට්ටිය එකට එකතුවෙලා ගී - ගයමින් - රඟමින් ගත කළ මොහොත අතිශය සුන්දර  සිහිවටනයක් බව සජිත සිහිපත් කරයි. අම්මා ගායන  ශිල්පිණියක් නිසා එවැනි  අවස්ථාවලදී මේ අයට ඇයගෙන් සුන්දර ගීත අහන්නට ලැබෙයි. අක්කා  මාධවීට ඉතා  හොඳ  ගායන හැකියාවක් ඇත.  ඇය  වැඩිපුර ගයන්නේ චන්ද්‍රලේඛා සහ නිරෝෂාගේ ගීතය. අද මාධවි ගැන  වැඩිපුර කතා නොකරන්නේ ඇය විවාහ වූ නිසාම නොවෙයි.
ඇය උසස්  අධ්‍යාපන කටයුතුවල නියැලී  සිටින නිසයි. මේ වන විට  කැළණි සරසවියේ පුරාවිද්‍යා, අංශයේ උපාධිධාරිණියක වන්නීය. අනාගතයේදී  මහාචාර්යවරියක  ලෙස කටයුතු කරනු ඇතැයි  සජිත  මල්ලී අනුමාන කරයි.
‘‘ඇත්තෙන්ම අය්යටයි - මටයි ඉගෙන ගන්න ආසා හිතුණෙ  අක්කා නිසයි. අක්කා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින්ම සමත් වුණා. මට මේ උසස්  පෙළ ඉස්තරම්  විදියට පාස්වෙන්න  උදව් කළේ අක්කා.  අපේ අම්මා රජයේ රැකියාවක් කළේ. ඉතින් අම්මයි - අප්පච්චියි කාර්ය බහුල වුනාම ඉස්සර  අක්කා අපට උයලාත් දුන්නා. අපිව බලා ගත්තෙ එයා. අක්කා විවාහ වුණේ  වෛද්‍යවරයෙක් එක්ක. දැන් ඒ  අය්යත්  වැඩිපුර විදේශීය අධ්‍යාපනය ලබා මෙහි ඇවිත්. ඒ දෙන්නත් අපි එක්ක  සිටීම ගැන අපට ලොකු  සතුටක්  තියෙන්නෙ.’’

තම පවුලේ ශක්තිමත් බව සහ ඉස්තරම්  ආකාරයේ  සහෝදර  බැඳීම ගැන ඒ පවුලේ බඩ පිස්සා  ප‍්‍රකාශ කළේ එලෙසිනි. මේ අය්යා - මලෝ  දෙන්නා තම අම්මා - අප්පච්චි මෙන්ම  අක්කා ගැනද වඩාත් ආඩම්බර වෙයි. ඒ ආඩම්බරකමට හේතුවක් ඇත.  අරුත්බර බව ඊට හේතුවය. විසේකාර තාරුණ්‍යය සමාජයට හිතකර වී ඇත්තේ  ඔවුනට මේ පවුලෙන් ලැබුනු හරවත්  බව, මඟ පෙන්වීම නිසාම නොවේද? සජිත  සහ අඛිලගෙ හමුව අවසන අපට වටහාගත් දේ එයයි. රටට  ප‍්‍රකට වගේම ඔවුනගේ පවුලත් අරුත්බර යැයි සඳහන් කළ හැකිමය.

පසුතලය :  Cotton Collection - (ධර්මපාල මාවත) 

READ MORE - හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා

ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා


ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා
2013 මාර්තු මස 11 14:52:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ මං රඟපෑවේ ප‍්‍රධාන චරිතය,  දෙවැනි චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා ඒ චිත‍්‍රපටයේ මගේ රඟපෑම කොච්චර  දුර්වලද කිව්වොත් ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මගේ රඟපෑමට හූ  කිව්වා. මෙහි වරද  අධ්‍යක්ෂවරයා. ඔහු මාව හරියට මෙයෙවූවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. 

මෙහෙම කියන්නේ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ  ප‍්‍රධාන චරිතය රඟපෑ  විජේරත්න වරකාගොඩ  නම්  සම්මානනීය රංගන ශිල්පියායි. 
දෙස් විදෙස් පදිංචි ශ්‍රී ලාංකිකයන් හොඳින් හඳුනන මුවන්පැලැස්සේ ‘‘කෝරලේ මහත්මයා’’ හෙවත් විජේරත්න  
වරකාගොඩ  ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  පිළිබඳ  තොරතුරු  ‘‘මතක පොතට’’  කියන්නට  සිය මතකය අවදිකළේ මෙහෙමයි. 
මේ චිත‍්‍රපටය  තිරගත කෙරුණේ  1965 වසරේ අගෝස්තු  මාසේ 06 වැනිදා අධ්‍යක්ෂණය කළේ ප‍්‍රවීණ  චිත‍්‍රපට  නළුවෙකුව සිටි ආනන්ද  ජයරත්න කතාව  හා දෙබස් ජයතුංග ෆොන්සේකා, කැමරාව දයා  විමලවීර, සංගීතය ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේව, ගීත  ගායනය කළා අමිතා  වැදිසිංහ, නිෂ්පාදනය කළේ පී.ඞී.එස්. ප‍්‍රනාන්දු. 
මා  සමඟ රඟපෑවා ගාමිණී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා,  ආනන්ද  ජයරත්න, ජී.ටී. වික‍්‍රමසිංහ,  වික‍්‍රම  බෝ්ගොඩ, සීතා කුමාරි, අයිරාංගනී  පෙරේරා යන ශිල්පීන්.
මං රඟපෑවේ නීතිඥවරයෙකුගේ චරිතයක්, මගේ බිරිඳ හැටියට ක්ලැරිස් ද  සිල්වා රඟපෑවා. ඇය පාසල් ගුරුවරියක්. අපේ දියණියගේ චරිතය රඟපෑවේ අයිරාංගනී පෙරේරා. ගාමිණී  ෆොන්සේකා රඟපෑවේ අපේ පවුලේ හිතවතෙක් විදියට. ඔහු හමුදාවේ මේජර් කෙනෙක්. 
නීතිඥවරයා  ඉතාම කාර්යබහුලයි. මේ නිසා ගෙදර දොර අවශ්‍යතාවලට මේජර්වරයාගෙන් උදව්ගන්න සිදුවුණා. බිරිඳට  ගමන් බිමන් යන්න සිදුවුණෙත් ඔහු සමග. මේ හිතවත්කම  පසුකාලීනව නීතිඥවරයාගේ සැකයට තුඩුදෙනවා. මේ සැකය උග‍්‍ර අතට  හැරුණාම නීතිඥයා සිය බිරිඳ ගෙදරින් පන්නා ගන්නවා. අන්තිමට  දරුපවුලම නන්නත්තාරවෙලා  යනවා. කාලයක් ගතවෙනකොට  අහම්බෙන්  වගේ  නීතිඥයාට සිය  බිරිඳ  මුණගැහෙනවා. එම අවස්ථාවේදී  ඔහුගේ සැකය දුරුවී ගිහින් නැවතත්  ඒ පවුල  එක සෙවණකට එක්වෙනවා. මේ තමයි කතා  සාරාංශය. 
මේ  චිත‍්‍රපටයේ ප‍්‍රධාන  චරිතයට මාව තෝරාගන්නා විට රොබින් තම්පෝගේ  ‘‘සුහද දිවි පිදුම’’ චිත‍්‍රපටයේ නීතිඥයෙකුගේ චරිතයක් රඟපාලා තිබුණා. එතැනදී මට තිබුණේ විත්තිකරුවෙක්  වෙනුවෙන් උසාවියේ දේශනයක් කරන්න. ඒ හැරුණාම තම්පෝගේ ‘‘සුදු සඳේ කලූවලා’’  ‘‘සමාජේ අපි  ඔක්කොම සමානයි’’ ‘‘ගම්පෙරළිය’’ යන චිත‍්‍රපටවල  සුළු සුළු චරිත කරලා තිබුණා. අවංකව නිහතමානීව කියනවා නම් ආදරයයි කරුණාවයි  චිත‍්‍රපටයේ රඟපානකොට මං ආධුනික නළුවෙක්. 
 
රූපගතකිරීම් කළේ කොළඹ නගරයේමයි. ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  ආනන්ද ජයරත්නගේ ප‍්‍රථම අධ්‍යක්ෂණය. මෙය දුර්වල නිර්මාණයක් වූ නිසාම එය ඔහුගේ අවසාන අධ්‍යක්ෂණයත් වුණා. 
ආනන්ද ජයරත්න ඉතාම දක්ෂ නළුවෙක්. ඒ වගේ නළුවෙක් ආයෙත් බිහිවන්නේත් නැහැ. එහි තර්කයක් නැහැ. නමුත් මේ චිත‍්‍රපටය ගැන ඇත්ත කතා කරනවා නම් ඔහුගේ අධ්‍යක්ෂණය අන්තිම දුර්වලයි. මට සමාවෙන්න ඔහුට අපහාස  කිරීමේ චේතනාවෙන්  නම් නෙවෙයි මං මෙහෙම කියන්නේ. ඔහු චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බැරෑරුම්කම දැනගෙන හිටියේ නැහැ.  සෙල්ලක්කාරයෙක් වගෙයි ඔහු අපිව මෙහෙයවූවේ.
එක උදාහරණයක් පෙන්වන්නේනම්, මිස්ටර් විජේරත්න අතන හිටගන්න. ඔන්න මං හිටගත්තා. බිත්තිය අල්ලගන්න. ඔන්න මං බිත්තිය අල්ල ගත්තා. එක පාරටම ආපහු  හැරෙන්න. දැන් අඩි තුනක් විතර  ඉස්සරහට  එන්න.  දැන් දොරෙන්  එළිය බලන්න. දැන් ක්ලැරිස් මිස්ටර්  විජේරත්න වරකාගොඩගේ ඉස්සරහට එන්න.  ඔන්න  ක්ලැරිස්  ආවා කියමුකෝ දැන් ක්ලැරිස්ගෙ බෙල්ලෙන්  අල්ලලා එළියට  තල්ලූ කරන්න. මෙන්න  මේ විදියට තමයි  අපිව මෙහෙයවුවේ. ඉතින් කොහොමද හැඟීමක්  එන්නේ.  ඒ දර්ශනයට අවශ්‍ය ‘‘මූඞ්’’  එක  ගන්නේ කොහොමද. මිස්ටර් ආනන්ද තව එකපාරක් ගනිමුද ඒ සීන් එක කියලා කිව්වම ඉංග‍්‍රීසියෙන් උත්තර දෙනවා නෝ....නෝ....  දැටිස්  ඕකේ කියලා. 
අවස්ථා කිහිපයකදීම මට තේරුණා මං නම් ඉවරෙටම ඉවරයි කියලා. ඉතින් දාලා යන්නත් බැහැ. ඒකත් මහා අපරාධයක් නිශ්පාදකයා අමාරුවේ.
හැබැයි රඟපෑමේ අත්දැකීම් තියෙන  ක්ලැරිස් සහ ගාමිණී  චරිත  හරියට කළා. මං ආධුනික බව ඇත්ත. ඒත් යම් විශ්වාසයක් ඇතුවනේ මාව ප‍්‍රධාන චරිතයට ගත්තේ. එහෙමනම් අධ්‍යක්ෂවරයා දැනගන්න  ඕනෑ  උවමනා  රංගනය මගෙන් හූරලා ගන්න. එහෙම උත්සාහයක් ආනන්ද ළඟ තිබුණේ නැහැ. මං  වාද කරන්න ගියෙත් නැහැ. කටපියාගෙනම හිටියා. මට මතකයි විජය කුමාරතුංග  ‘‘මරුවා සමග  වාසේ’’ චිත‍්‍රපටයේ රඟපාන කාලේ පත්තරයකට ප‍්‍රකාශයක් කරලා  තිබුණා අධ්‍යක්ෂ ටයිටස්  තොටවත්ත මහත්මයා තමන්ගෙ රඟපෑම හූරලා ගත්තා කියලා. අන්න ඒ වගේ මගේ  ශරීරය තුළ තිබුණු රඟපෑමේ කුසලතාව හූරලා ගන්න ආනන්ද සමත් වුණේ නැහැ කියන එකයි මං  කියන්නේ.  
 
චිත‍්‍රපටය තිරගතවුණාම මං බලන්න ගියා. මගේ රඟපෑම් දැකලා මටම මාව එපා වුණා. අනේ අපොයි කියලා හිතුණා. හොඳම   පේ‍්‍රක්‍ෂ්කයෝ ඉන්නේ ගැලරියේ. කියලා වැඩක් නැහැ. මං  පෙනීසිටිය හැම රූප රාමුවකටම ගැලරියෙන් ‘‘හූ’’ කිව්වා. හැබැයි මං වෘත්තීය නළුවෙක් වුණා නම් ඉවරෙටම ඉවරයි. එහෙනම් ජීවත්වෙන්න  විදියක් නැතුව නන්නත්තාර වෙනවා සිකුරුයි. හොඳ  වෙලාවට මං රස්සාවක් කළේ.  මුලදී  පොලිස්  පරීක්ෂකවරයෙක්ව ඉඳලා පස්සෙ ලංකා වානේ සංස්ථාවේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී විදියට රැකියාව කළේ. 
‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයට මාව ගත්තේ ගිවිසුමක් අනුව නෙවෙයි. මට කිසිම ගෙවීමක් කළේ නැහැ. මං ඉල්ලූවෙත් නැහැ. එච්චරයි. 

ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් විදියට හපන්කම් පෙන්නපු මට රඟපාන්නත් පුළුවන් කියලා පෙන්වන්න ලොකු උවමනාවක් ඇති වුණා. ඊට  පස්සෙ ඒ බලාපොරොත්තුව හරියට හරි ගියා. හොඳ වෙලාවට ලෙස්ටර් මහත්මයාගේ ‘‘ගම්පෙරළිය’’ චිත‍්‍රපටයේ අවස්ථාවක් ලැබුණා. එක  දෙබසක්වත් තිබුණේ නැහැ. ඊට පස්සෙ එතුමාගේ ‘‘ගොළු හදවත’’ චිත‍්‍රපටයේ මතක හිටින චරිතයක් කළා. ශ‍්‍රියානි අමරසේන සහ වික‍්‍රම බෝගොඩ සමග ඊට පස්සේ ‘‘දෙලොවක් අතර’’  සහ ‘‘නිධානය’’.
මෙන්න මේ ටිකත් කියන්න  ඕනෑ. ‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයෙන් පසුව මං අමරනාත්  ජයතිලකගේ ‘‘අරුණට පෙර’’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවා. ඒ වසරේ හොඳම නළුවාට  පිදෙන  ජනාධිපති සම්මානයත්   ඕ.සී.අයි.සී සම්මානයත් ලබාගන්න  මට හැකියාව ලැබුණා. 

අමරදාස සිල්වා




READ MORE - ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා

සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී


සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී
2013 මාර්තු මස 11 15:48:09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත් නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. පුංචි කට අරිමින් ඈනුම් පිටකරමිනි.

මගේ දෝනිට බඩගිනිද පුතේ...”
නිළිය වහාම අර බිළිඳිය දෝතින් ගෙන ඇයට කිරි පොවන්නට පටන් ගත්තාය. විනාඩි පහක් පමණ තිස්සෙ බිළිඳිය මවගේ ලැමදෙන් කිරි උරා බිව්වාය. ඇයට තවත් බඩගිනිය. තවත් කිරි අවශ්‍යය. අම්මා අනෙක් පියවුර බිළිඳියගේ දෙතොල් අතර තබන්නට සැරසුනා පමණි.
”ඊළඟ සීන් එකට වෙලාව හරි...”
නිළිය වෙත ආ නාට්‍යයේ නිෂ්පාදක කීවේය.
මං ගිහින් එන්නන් දෝණි. කී විමලා බිළිඳිය කාන්තාව අත තබා ආපසු වේදිකාවට ගියාය.
විමලා සමග රඟපෑවේ රොම්ලස්ද සිල්වා නම් නළුවෙකි. ඔහුට සහෝදර නිළියගේ හැට්ටයේ බොත්තම ගැලවී ඇති බව පෙනිණි.
හැට්ටෙ බොත්තම... හැට්ටෙ බොත්තම
ඔහු රහසින් මෙන් නිළියට කීවේය. එහෙත් චරිතයට සම වැදී සිටි නිළියට රොම්ලස් රහසින් සහ අභිනයෙන් කී දේ තේරුණේ නැත.

 
සුජාතා හා රංජනී..
ඇය තවමත් රඟපාන්නේ හැට්ටෙ උඩ බොත්තම නැතිවය.
හැට්ටෙ ඇරිලා.
රොම්ලස් එවර ටිකක් සද්දයට කීවේය.
විමලා වහාම පසෙකට හැරී හැට්ටයේ බොත්තම පියවා ගත්තාය.
ඒ විමලා කාන්තා වූ කලී එවකට ටවර් නාට්‍ය කණ්ඩායමේ සිටි ප‍්‍රවීණ ශිල්පිණියකි. රැඟුමට මෙන්ම ගැයුමට ද හපනියකි. එදා ටවර් රඟහලේ පසු පස දොරකඩට වී ඇනුම් ඇර ඇර සිටි බිළිඳිය සුජාතාය. එදා සුජාතා පෙරේරා වූවත් පසු කලෙක සුජාතා අත්තනායක ලෙසින් ජනප‍්‍රිය ශිල්පිනියක බවට පත් වූ ගායිකාවය.
දැන් ඒ සුජාතා අත්තනායක මා ඉදිරිපිටය. නුගේගොඩ විමලවත්ත පාරේ පිහිටි ඇගේ සොඳුරු කැදැල්ලේ විසිත්ත කාමරයෙහි මම වාඩිවී සිටිමි.
ඇයට ලැබුණු විවිධ සම්මාන රාශියක් පසෙක ඇති මේසයක් මතය.”
”ඒ සියල්ල නිහඬව කියා පාන්නේ සුජාතාවගේ දක්ෂකමය.”
”මේ තියෙන්නේ සුජාතා කළ පොත”
සුජාතාගේ ආදරණීය සැමියා නවරත්න මාහට පොතක් ගෙනවිත් දෙයි. ටවර්හෝල් නූර්ති ගී නම් වූ එම පොත මම අතට ගතිමි. එහි කතුවරිය සුජාතා අත්තනායකය.
සුජාතා අත්තනායක ගැන අප දැන සිටියේ දිවයිනේ අග‍්‍රගණ්‍ය ගායන ශිල්පිණියක ලෙසිනි. ඇගේ මාධූර්යවත් හඬ තවමත් අපේ මතකයෙන් ගිලිහී ගොස් නැත. ”පුතුනේ මේ අහගන්න පුතුනේ, සඳ බැස නෑ වෙසක් සඳ, සාධු දන්ත දා, මල් සරාට පේ‍්‍රම ලෝකෙ මාළිගා තනා, ඇතුළු ගීත සිය දහස් ගණනක් පිළිබඳ මියුරු මතකය හිතේ අවදිවෙයි.
එහෙත් ඒ ගැන නොඅසමි.
ඔය දවස්වල කොහෙද පදිංචි වෙලා හිටියෙ.
මම සුජාතාගේ බාල කාලය ගැනම අසමි.
‘‘කැලණියෙ වෙදමුල්ලෙ
ඔය කාලෙ ටවර් රඟහලේ නාට්‍ය තිබුණෙ සති අන්තයෙද?
”නෑ සතියෙ දවස්ලත් තිබුණ. ටවර් රඟහලේ විතරක් නෙමේ. ටවර් හෝල් නාට්‍ය අරගෙන අම්මලා රට වටේමත් ගියා...”
මේ වනවිට සුජාතාගේ අක්කා ප්ලොරිදේවි ද ටවර් හෝල් කණ්ඩායමේ නාට්‍ය ශිල්පිනියකි. මේ නිසා පුංචි සුජාතාටද රංගනය ගායනය සහ නර්තනය යනු අමුතු දේවල් නොවේ. ටවර් රඟහලේ දකින නාට්‍යය ගෙදර ඇවිත් රඟපාන්නටත් හින්දි චිත‍්‍රපටියක් බලා ඇවිත් එහි ගීතය ගයමින් නටන්නටත් සුජාතාට උපන් හපන්කම් තිබිණි.
”ප්ලෝරිදේවි අක්කා මට වැඩියෙ අවුරුදු දොළහකින් වැඩිමල්.” සුජාතා කියයි.
අක්කටත් හොඳට නටන්න පුළුවනි. ඒ ආභාෂය මටත් තිබුණා. ඒ හින්ද පුංචි කාලෙදිම මමත් නැටුම් පන්තියකට ගියා. ශාන්ති කුමාර් තමා මගේ ගුරුවරයා. එයාගෙ පංතියෙ මගෙත් එක් ඒ කාලේ ඉගෙන ගත්තු හුඟාක් අය පස්සේ කාලෙදි හුඟාක් ජනප‍්‍රිය වුණු ශිල්පීන් බවට පත් වුණා. ශ්‍රීමතී රසාදරී, කාන්ති ලංකා, ගීත බාලි වගේ අය ඒ පංතියෙ ඉගෙන ගත්තා
ඉතින් අම්මයි අක්කයි වගේ ඔබත් ටවර්හෝල් නාට්‍යවල රඟපෑවද!
මම සුජාතාට තවමත් ටවර් ශාලාව තුළම රඳවා තබාගනිමින් ඇසුවෙමි.
ඔව්, මං ටවර් හෝල් නාට්‍යයක රඟපානකොට මගේ වයස අවුරුදු නමයයි.
‘මතකද ඒ නාට්‍යයෙ නම?
විදුර නාඩගම, මම කළේ ඒකෙ ළමා චරිතයක්.
වයස අවුරුදු නමයේදී නාට්‍යයක රඟපෑ පුංචි සුජාතා ඊට වසර දෙකකට පසුව ගීතයක් ගායනා කරමින් ගායිකාවක බවටද පත් වූවාය. ඇය මුලින්ම ගැයූ ගීතය සාධු දන්ත දා නම් වූ බොදු බැති ගීතයකි.
 
”ඒ ගීතය ගුවන් විදුලි තැටියකටත් නැගුණා. තැටිගත වුණු මගේ පළමුවැනි ගීතය ඒක”
මේ ගීතය ඇසූ චිත‍්‍රපට නිෂ්පාදකවරු සුජාතාගේ කටහඬෙහි අපූර්වත්වය දැනිණි.
ඔවුහු සුජාතා ලවා චිත‍්‍රපටවලට පසුබිම් ගීත ගායනා කරවා ගත්හ.
මම මුලින්ම ගීත ගයපු චිත‍්‍රපටිය සොහොයුරෝ. සුරතල් මගේ පොඩි මුව පැටියා කියන ගීතය. මේ ගීතයට රඟපෑවේ ලීනා ද සිල්වා.
පුංචි සුජාතා ඒ අයුරින් ඇරඹූ කලා ගමනේ ඉදිරිය බොහෝ අලංකාර විය. ඇය කථක් වැනි ශාස්ත‍්‍රීය නැටුම් සම්ප‍්‍රදායක්ද උගත්තාය. නර්තනය, ගායනය, වාදනය, යන සෑම අංගයක්ම සුජාතාට අතැඹුලක් වැනිය. සිංහල, හින්දි දෙමළ මෙන්ම බෙංගාලි ගී ද  ඕනෑම එකක් නිවැරැදි ශ‍්‍රැතියට ගැයීමේ දුර්ලභ හැකියාව මේ ශිල්පිනිය සතුය. ඇය ඉදිරිපත් කළ ඇසි මිහිර ප‍්‍රසංගත් ඉන්දියාවේ නාග්පූර් නුවර දී ඉදිරිපත් කළ සුජාතා ස්වර සංගීත් ප‍්‍රසංගවලදීත් ඇය විවිධ භාෂාවලින් ගී ගැයුවාය. මේ මොන බසකින් ගැයුවත් ඒ ගී වෙන කාගේවත් ගී නොවීමද විශේෂත්වයකි.
මේ තරම් හපන්කම් කළ සුජාතා අත්තනායක වෘත්තියෙන් අධ්‍යාපනයට සම්බන්ධය. ඇය අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක ලෙස මහඟු සේවයක් සංගීතය වෙනුවෙන් ඉටුකර තිබේ.
”ඔය කාලෙ මට තේරුණා පැරැණි නූර්ති ගී කිසිවක් නිවැරදි නැති බව. හුඟාක් දුර්ලභ නූර්ති ගීත් තිබුණා. මේවා වැළලී යාමට ළංවෙලයි තිබුණෙ. ඒ නිසා මේවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම මට තේරුණා. මම අසූගණන්වල අම්මත් එක්ක එකතුවෙලා මේ නූර්ති ගී  පිටපත් කරන්න පටන් ගත්තා. අම්මා ළඟට ගිහින් සර්පිනාවෙන් මේ නූර්ති ගී වාදනය කළා. අම්මා ඒවා ගායනා කළා. මම අදාළ ස්වර ලියාගෙන ස්වර ප‍්‍රස්තාර හැදුවා. ඔය විදිහට එක්රැස් කළ ගීත දෙසීයක් විතරම තියෙනවා. එයින් කොටසක් තමයි මේ විදියට පොතක් බවට පත් කෙරුණේ.” 
අසූ ගණන්වල ආරම්භ කළ කටයුත්තක් අවසන් කිරීමට මේ තරම් කාලයක් ගත වූයේ කෙසේදැයි මට ප‍්‍රශ්නයකි.
”මගේ අම්මා 1993 දී නැතිවුණා. ඔය අතරෙ අපි අවුරුදු විස්සක් විතරම හිටියෙ ඇමරිකාවෙ. මේ වෙද්දි හැම දෙයක්ම එපා වෙලා මං හිටියෙ. හේතුව වුණේ මගේ පුතාගෙ වියෝගය. මේනිසයි මේ පොත එළියට ඒම මේ තරම් ප‍්‍රමාද වුණේ.
කෙසේ හෝ වේවා සුජාතාගේ නූර්ති ගී පොත ඉකුත් ජනවාරි 28 වැනිදා ටවර්හෝල් පදනමේදී දොරට වැඩියේය. ටවර් හෝල් රඟහල පදනමේ සභාපති ප‍්‍රමුඛ කලාකරුවන් ඉදිරිපිට කෙරුණු මේ උළෙලේදී නූර්ති ගී ප‍්‍රසංගයක්ද පැවැත්විණි.
මේ ප‍්‍රසංගයේදී නූර්ති ගී ගායනා කළේ මගේ පවුලෙ අය. නංගි රංජනී, මල්ලි සුසිල්, හේලි අත්තනායක, සංදේශ් තිසෙත් ඉන්දික කියන මගේ මුණුබුරු බිරියන්. ඒ වගේම අනෝජා වීරසිංහයි ජගත් වික‍්‍රමසිංහයි එදා නූර්ති ගී ගායනා කළා.”
සුජාතා අත්තනායක මට එසේ කියා ගිටාරය වයන්නට පටන් ගත්තාය. තාමත් ඇගේ සංගීත වාදන අතිශයින් මිහිරිය.
”මම මගේ ප‍්‍රසංගවලදීත් සිතාරයත් පියානෝවත් වාදනය කරනවා.” ඇය කීවාය.
ඇගේ අතැඟිලි තුඩුවලින් පිරිමැදෙන සිතාරයේ තත් අතරින් මතු වූ මියුරු හඬ හැරදා නික්ම යන්නට අපහසු තරම්ය. එහෙත් යා යුතුය.


සටහන - ශාන්ත කුමාර විතාන 

ඡායාරූප හා ඡායාරූප පිටපත් කිරීම - පුෂ්පා වීරසේකර 


සුජාතා අම්මා සමග....

සුජාතා ප්ලෝරිදේවි සහ ලලිත්.

READ MORE - සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී

රජීව්ගෙන් සිංහල පොප් ගී


රජීව්ගෙන් සිංහල පොප් ගී
2013 මාර්තු මස 15 16:11:49 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙනා අතරින් ක්ලැරන්ස්ට වඩා සාධාරණයක් කළ ශිල්පියා රජීව් සෙබස්තියන් බව බොහෝ දෙනාගේ හැඟීමය. ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අපූරු සංගීතඥයාගේ නිර්මාණවලට බෙහෙවින් පෙම්බැඳි රජීව් තම ගායන අංශය පටන් ගත්තේ තරුපහේ හෝටල්වල ඉංගී‍්‍රසි ගී ගයන ශිල්පියකු ලෙසය. පසුව ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැයූ ”ලෝකේ ජීවත්වන්නට” ගීතය ගයමින් සිංහල රසිකයින් අතරට ආ රජිව්, ඉන්පසු ඔහුගේම නිර්මාණ සමග ප‍්‍රසංග වේදිකාවට අවතීර්ණ විය. තම පාසල් දිවියේ සිටම ක්ලැරන්ස්ගේ රසිකයකු වූ රජීව් එදා ක්ලැරන්ස් සමග එකම කණ්ඩායමක සිටි තරු රෑණක් ඒකරාශි කොට උපහාර පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඇනස්ලි, ඉන්ද්‍රානි, ෂ්‍යාමි, අනිල් ඇතුළු ඒ පිරිස සමග ඉදිරිපත් කරන මෙම ප‍්‍රසංගයේ හැඩ සමග තවත් විස්තර කියන්නට අපි රජීව්ට ඉඩ ලබා දෙමු.


රජීව් පසුගිය කාලයේ ඔබ ගැන වැඩි දෙනා කතා කළේ ගායනයටත් වඩා රියැලිටි තරග විනිශ්චයකරුවකු ලෙස කටයුතු කළ නිසා නේද?
සහතිකෙන්ම ඔව්. මම එහිදී ලබාදුන් ඍජු තීරණ නිසා මම හිතන්නෙ වෙනම ආකෘතියක් ඇතිවුණා.

කොහොමද අද දවසේ ඔබගේ කටයුතු?
සුපුරුදු පරිදි මගේ සංගීත කණ්ඩායමේ කටයුතු කරගෙන යනවා. රජීව් ඇන්ඞ් ද ක්ලැන් පටන් අරගෙන වසර 23 ක් ගෙවිලා ඉවරයි. මම නිෂ්පාදනය කරන ගීත සහ ලෙජන්ඞ්ස් ඔෆ් ශ්‍රී ලංකන් පොප්, ඩෙස්මන් ඇන්ඞ් ඩෙස්මන්, ටි‍්‍ර බියුට් ටු මිල්ටන්, ටි‍්‍රබියුට් ටු ක්ලැරන්ස් ඇතුළු දැවැන්ත ප‍්‍රසංග 15 ක් විතර අප කර තිබෙනවා. ඊට අමතරව අපේම ගීත කළා. කැළණි විහාරය, වීදුරුමල් සහ ඩෙස්මන්ට සහ මනෝහරන්ට කළ රුහුණ-යාපනය, කොරීන්ට කළ ”කොණ්ඩෙ නැතත් ඉණගාවට” ගීතය ඇතුළු ගීත රසිකයින් අතරට ගිය ඒවා. ටෙලිනාට්‍යයකට සංගීතය නිර්මාණය කරමින් සිටිනවා. සංකල්ප පුනාවර්ධනගේ.

ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංගයක් නැවතත්. මේ සැරේ මොනවද කරන්න හදන්නේ?
වසර 12 කට විතර උඩදී මම ටි‍්‍රබියුට්ටු ක්ලැරන්ස් නමින් ප‍්‍රසංගයක් කළා. මම යමක් කළොත් ආයෙ එය දෙවන වතාවට කරන්නෙ නැහැ. මගේ කලාව එහෙමයි. නමුත් 
පසුගිය වසර දොළහ මම නිහඬව බලා සිටියා. මේ ක්ෂේත‍්‍රයේ මොකද වෙන්නෙ කියලා? මම විතරක් නෙවෙයි. ක්ලැරන්ස්ගේ සමීපතම සගයින් වූ ඇනස්ලි, ඉන්ද්‍රානි, අනිල්, පි‍්‍රයා වගේ බොහෝ දෙනා ක්ලැරන්ස් වෙනුවෙන් කළ ප‍්‍රසංගවලින් ඈත්වන බවක් දකින්න ලැබුණා. නීතිමය වාතාවරණ සහ විවිධ හැල හැප්පීම් මැද්දෙ එම ප‍්‍රසංග කෙරෙන හැටි බලා සිටියා. මේ සියල්ල  අතරේ එම් එන්ටර්ටේන්මන්ට් වෙත ක්ලැරන්ස් විජේවර්ධන ගීත තිහක් පමණ ලබාදී ඇති බව දැන ගන්න ලැබුණා. අපිට එම ආයතනයෙන්ම ආරාධනාවක් ලැබීම මත යමක් කරන්න හිතුවා. ඒ අනුව නැවත වතාවක් සියලූ ශිල්පීන් ඒකරාශී කරවලා මෙවැනි ප‍්‍රසංගයක් කරන්න කටයුතු සම්පාදනය කළා.

මේ දක්වා පැවැත්වූ ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංග සහ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන ප‍්‍රසංගයේ වෙනස මොන වගේද?
බොහෝ දේ වුණා. නමුත් ක්ලැරන්ස් විජේවර්ධන ප‍්‍රතිරූපයට වටිනාකමක් ලැබුණු ප‍්‍රසංග නොලැබුණු බව මගේ හැඟීමයි. ඒ නිසා ඔහුගේ ප‍්‍රතිරූපයට වඩා සාධාරණයක් කළ හැකි ප‍්‍රසංගයක් කිරීම හොඳ බව තේරුම් ගියා. මෙය මුදල් හම්බ කිරීමට වඩා ඒ ප‍්‍රතිරූපය රකින ප‍්‍රසංගයක් වේවි. මොකද නෙළුම් පොකුණ වැනි රඟහලක ප‍්‍රසංගයක් කිරීමෙන් ලාබ ලබන්න බැහැ. නමුත් ඉහළ ප‍්‍රාසාංගික අත්දැකීමක් ලබාදිය හැකියි. මෙම ප‍්‍රසංගයට ශිල්පීන් 13 දෙනෙක් පමණ දායක වෙනවා. ඉන්දියාවේ සිට ඒ.ඊ. මනෝහරන් පවා එනවා. අපේ නිහාල් නෙල්සන් පවා ගී ගයනවා. ක්ලැරන්ස් නිහාල් නෙල්සන්ටත් ගී තනු නිර්මාණය කර දී තිබෙනවා. ඉන්ද්‍රානි, ඇනස්ලි, අනිල්, නීලා, කලාශූරී ලතා වල්පොල, මරියසෙල්, ටී.එම්., ජැක්සන් ඇන්තනී, ශ්‍යාමි, දමයන්ති ජයසූරිය, පි‍්‍රයා සූරියසේන වැනි බොහෝ ශිල්පීන් එකතු කරගෙන මම මෙම ප‍්‍රසංගය කරන්නෙ. මේ හැමෝම ඔහුගෙ සංගීතයට ජීවතුන් අතර සිටියදී ගී ගැයූ අයයි. එහෙමත් නැත්නම් යුග ගී ගැයූ අයයි. එතුමා මට පවා දිනුම පරාදය නමින් ගීතයක් නිර්මාණය කළා. මට  ඕනෑ වුණේ ඔහු කළ සංගීතය ඒ ආකාරයෙන්ම බොහොම සියුම් වෙනස්කම් සහිතව ප‍්‍රචලිත කිරීමටයි.

කවද ද කොහොමද මෙය පැවැත්වෙන්නේ? මොනවද තියෙන විශේෂාංග?
ද ස්ටෝර් ඔෆ් සිංහල පොප් නමැති මෙම ප‍්‍රසංගයේදී ඇතැම් විට වැඩිය අහලා නැති ගීත අහන්න ලැබේවි. ක්ලැරන්ස් සමග නිහාල් නෙල්සන් පවා එකට ගී ගයා තිබෙනවා. ඇත්තටම බොහෝ සැඟවුණු දේ ගැන සමහරු දන්නේ නැහැ. ඒ සියල්ල සමග ගයනි කරුණාරත්න ඩාන්ස් ඇකඩමිය නර්තනයෙන් ප‍්‍රසංගය හැඩ කරාවි. විජය කොරයා ප‍්‍රසංගය මෙහෙයවන අතර මෙය පැවැත්වෙන්නෙ මාර්තු (31) සවස 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදීයි. සංගීතය රජීව් ඇන් ද ක්ලෑන්. අමතරව වී. හේමපාල පෙරේරා, වැනි ශිල්පීන් ද දායක වෙනවා.

ඇත්තටම ක්ලැරන්ස් හා ඔබ අතර මිත‍්‍රත්වයක් ඇතිවුණේ කොහොමද?
පාසල් යන කාලයේ සිටම මම ඔහුගේ රසිකයෙක්. දුරකථනයෙන් පවා කතා කළා. එදා වගේම අදත් හෙටත් මම ඔහුගේ රසිකයෙක්. අලූත් නිර්මාණ ගැන මේ දිනවල ඔහු එක්ක කතා කළ සැටි මතකයි. ඔහු තේරුණා මම හොඳ රසිකයෙක් කියලා. පසුව බොහෝ සමීප මිතුරන් වගේ වුණා. මගේ ගායන ක්ෂේත‍්‍රයේ නිර්මාණ කරු ලෙස වීරයා ඔහුයි. ඩෙස්මන් සිල්වා 
ප‍්‍රසාංගික වීරයායි.

රජීව් අද වන විට ඔබගේ ජීවිතය මොන වගේද?
සංගීතය අංශයෙන් ගත්තොත් ගීත රචනා කළා. තනු නිර්මාණය කළා. ගායනය කළා. කණ්ඩායමට වසර 23 ක් පුරා නායකත්වය දුන්නා. පුද්ගලිකත්වය ගැන කතා කරනවාට වඩා මට වටින්නේ සහ මාව සමාජයට වටින්නේ ඉහත කී සියල්ල නිසයි.

පසුතලය-  park Street mews


READ MORE - රජීව්ගෙන් සිංහල පොප් ගී

ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි

Sunday, March 24, 2013


ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි

එම්. සෆීර්
ශ්‍රී ලංකාවේ සංවිධානය වන එකම ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වන ‘කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ’ දෙවැනි වරටත් මේ මස 28 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා සවස 3.30 ට සහ 6.30 ට කොළඹ 08 බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ. එහි උත්සව අධ්‍යක්ෂ එම්. සෆීර් හා මේ කතා බහ, නාට්‍ය උලෙළේ විශේෂත්ව සහ එහි පෙළ ගැස්ම පිළිබඳවය.
මේ ජාත්‍යන්තර රංග කලා උලෙළේ අරමුණ කුමක්ද?
රටකට මෙවැනි උලෙළක් ඉතාම වැදගත්. මොකද රටේ සංවර්ධනය මනින සාධක අතර සංස්කෘතිමය දායකත්වය එහි පැවැත්ම සහ වර්ධනය ඉතා ම ප්‍රබල ලෙස නැඟී හිඳිනවා.
අනික ජාත්‍යන්තර නාට්‍ය කලාවක් සජිවීව දකින්න, විඳින්න බොහෝ නාට්‍යකරුවන්ට අවස්ථාවක් නැහැ.
ඒ සඳහා පිටරට යන්න පුළුවන් කීයෙන් කී දෙනකුට ද... නාට්‍යකරුවන්ට වගේ ම ප්‍රේක්ෂකයාටත් මේ ගැටලුව පොදුයි.
පිටරටවල නාට්‍ය නැරැඹීම හරහා අපි හුඟක් දේ ඉගෙන ගන්නවා. ඉතින් මෙවැනි ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් මෙරට පැවැත්වීමේ පොදු අරමුණු තමයි නාට්‍යකරුවන්ට සහ ප්‍රේක්ෂකයන්ට මේ අත්දැකීම විඳින්නට සැලැස්වීම.
එය ලාංකේය රංගකලාවේ ප්‍රගමනයට ජාත්‍යන්තර දායකත්වය ලබා ගනිමින්, නූතන තරුණ තරුණියන් ගේ සංවෘත දැනුම විවෘත දැනුමකට පරිවර්තනය කිරීමක්. ඒ වගේ ම ඒ සඳහා නූතන ප්‍රේක්ෂකාගාරයක් ඇති කිරීමක්.
මෙය පෙළ ගැසෙන්නේ...
ඉන්දියාවේ ‘ලාස්ට් කලර්...’, ඕස්ටේ‍්‍රලියාවේ ‘සෙන්ග් හේ වෙන් ද ඩ්‍රැගන් ශිප් කේම්...’, අසර්බයිජානයේ ‘කොන්ත්‍රාබ්ස්’, ඉන්දියාවේ (පූනේ) ‘කෆිලා’, නේපාලයේ ‘මිස් මාර්ගරිඩාස් වේ...’, සෞදි අරාබියේ ‘මේස්ත්‍රෝ’, ඊජිප්තුවේ ‘ප්‍රෙසන්ස්’, ඉන්දියා - ශ්‍රී ලංකා ‘නොටඩ් රෝප්ස්’ සහ ශ්‍රී ලංකාවේ ‘ඩිසාස්ටර් මාර්කට්’ කියන නාට්‍ය 09, මේ උලෙළ පුරා පෙළ ගස්වා තිබෙනවා.
එසේ ම ලොව පුරා සිටින නාට්‍යකරුවන්ට කරන ලද ආරාධනයකින් පසු එයින් තෝරා ගත් නාට්‍ය කණ්ඩායම් හා විද්වතුන් එක් කරමින් දින 08 ක් පුරා නාට්‍ය දර්ශන, වැඩමුළු හා විද්වත් හමුවීම්වලින් මේ නාට්‍ය උලෙළ සමන්විත යි.
ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් විඳින්නට පොදු ප්‍රේක්ෂකයාට භාෂාව ගැටලුවක් නොවෙයි ද....
රටවල් හයකින් පැමිණි කණ්ඩායම් 06 ක් සිය උසස් ම නිර්මාණ මේ උලෙළේ දී වේදිකාගත කරනවා. එයිනුත් අසර්බයිජානය, ඕස්ට්‍රියාව, නේපාලය, සෞදි අරාබිය සහ ඊජිප්තුව රටවල නාට්‍ය, අපේ අය කවදාවත් දැකලා නැහැ. නමුත් මේ රටවල නාට්‍ය කලාවෙන් ගත හැකි බොහෝ දේ තිබෙනවා. නමුත් භාෂාවයි ප්‍රශ්නය.
මේ සඳහා අප භාවිතා කළ, උපක්‍රමය තමයි දෙබස් නැති හෝ අවම දෙබස් වලින් (එය ද ඉංග්‍රීසි බසින් පමණක්) යුතුව නාට්‍ය ඉදිරිපත් කිරීම.
ජාත්‍යන්තර නාට්‍ය කලාවට, ගෝලීය භාෂාවක් තියෙනවද කියන සොයා බැලීමත් මෙහිදී සිදු කෙරෙනවා.
උදාහරණයක් කියන්නම්. අඩුම තරමේ යාපනේ හදන දෙමළ නාට්‍යයක් අපට තේරෙනවද. සිංහල නාට්‍යයක් දෙමළ ප්‍රේක්ෂකයන්ට තේරෙනවද. මා ඉන්දියාවේ පූනේ විශ්වවිද්‍යාලයට ගිහින් හදපු නාට්‍යයක් තියෙනවා. විනාඩි 75 ක් පුරා දිවෙන මේ නාට්‍යයේ එකම දෙබසක් හෝ නැහැ. නළුවාගේ සිරුර, රිද්මය, චරිතයේ හැඩතල, සජීවී සංගීතය..... පසුබිම, ආලෝකය වැනි දේ භාවිතා කරලා තමයි දෙබස්වලින් කියන්න අවශ්‍ය පණිවුඩය අපි ප්‍රකාශ කරන්නේ.
ගිය අවුරුද්දෙත් මේ උලෙළට මං එක නාට්‍යයක් (කූඩුවෙලා) කළා. ඒක දැකලා තමයි මේ අවුරුද්දෙ ඉන්දියාවෙන් අපිට ආරාධනයක් ලැබුණේ ඇවිත් පූනේ විශ්වවිද්‍යාල සිසුන් සමඟ නාට්‍යයක් කරන්න කියලා.
එය නාට්‍ය කරුවෙක් විදියට මට ලොකු ආඩම්බරයක්. මෙවර එය උලෙළේ වේදිකාගත වන්නේ ඉන්දියා - ශ්‍රී ලංකා හවුල් නිර්මාණයක් ලෙසින්. ‘ගැටගැසුණු ලණු (Knoted ropes)කියන මේ නාට්‍යයේ එකදු දෙබසක් හෝ නැහැ.
නමුත් කොයි රටේ මනුෂ්‍යයාටත් දැනෙන විදියට චරිත හැසිරෙනවා. නාට්‍ය පුරා මෙහි චරිත හැසිරෙන්නේ ඉටිපන්දම් 15 ක ආලෝකයෙන් පමණයි. එය මේ රටේ නාට්‍ය කලාවට අලුත් දෙයක්.
ප්‍රවීණ නාට්‍යකරු පරාක්‍රම නිරිඇල්ලගේ ‘ඩිසාස්ටර් මාර්කට්’ තමයි මෙවර ශ්‍රී ලංකා නියෝජනය ලෙස ඉදිරිපත් වන්නේ. ඉතින් අපේ සිංහල ප්‍රේක්ෂකයාට ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳින්න මේ තමයි ලැබෙන හොඳම සහ එකම අවස්ථාව.
අනික නාට්‍ය උලෙළ පැවැත්වෙන හැම දිනෙකම ප්‍රධාන ආරාධිතයා වන්නේ, අදාළ රටේ තානාපතිවරයා හෝ මහ කොමසාරිස්වරයා සහ දේශීය රංග කලාවේ ප්‍රවර්ධනයට දිගුකාලීන දායකත්වයක් ලබාදුන් දේශීය නාට්‍යකරුවෙක්.
ඒ වගේ ම ගෞරව සම්මාන පිදීමක් ද සිදුවන බව ඔබ කීවා...
ඔව්. මු.දු. රංජිත් සිල්වා, ඩී.කේ. ආටිගල, ප්‍රියංකර රත්නායක, මංගල සේනානායක, සමන් ගාමිණී, ජොෂුවා පියතුමා, අමිතා රබ්බිඩිගල, රුවන්ති ඩී. මිකේරා, ට්‍රේසි හොල්සිංගර් කියන නාට්‍යවේදීන්. “දේශීය රංග කලාවට ප්‍රාදේශීය මට්ටමේ සිට අප්‍රමාණ දායකත්වයක් ලබාදීම සහ දේශීය රංග කලාවට විද්‍යාර්ථීන් බිහි කිරීම උදෙසා කළ කැපවීම වෙනුවෙන්...’ කියන පදනමේ පිහිටායි, අප ඔවුන් මෙසේ ගෞරවයට පාත්‍ර කරවන්නේ.
READ MORE - ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි

මීට පස්සේ මෙගාවල මම නෑ


මීට පස්සේ මෙගාවල මම නෑ

- ශලනි තාරකා

ශලනි තාරකා දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි; නර්තන ශිල්පිනියකි. පුංචි තිරය හරහා පසුගිය කාලයේ ඇය ප්‍රේක්ෂක හදවත්වලට වඩාත් ළං වූවාය. මේ දිනවල ඇය කාර්ය බහුලව සිටින්නේ සිනමා රංගනයට ශලිනි වැඩි දායකත්වයක් ලබාදෙන නිසාය. ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයට අද අප ශලිනි තාරකා කැඳවා ගත්තේ් ඇයගේ නවතම තොරතුරු පිළිබඳ විමසා බලන්නටය.

මේ දවස්වල මොන වගේ වැඩත් එක්කද ඔබේ කාලය ගතවෙන්නේ?
මම රංගනයෙන් දායක වුණු ‘ස්පන්දන’, ‘මායාවි’ කියන චිත්‍රපට දෙකේ රූපගත කිරීම් අවසන් වුණේ මීට දින කීපයකට පෙරයි. ඊට අමතරව “සඳ පිණිදියක”, “හේඩි”, “තරු අහසට ආදරෙයි”, “හිරුට මුවාවී”, “දියමත ලියමි” ටෙලිනාට්‍යවල රූපගතකිරීම්වලට දායක වෙනවා.
ඒ නිසා මේ දිනවල තරමක් කාර්ය බහුලයි.

”ස්පන්දන” චිත්‍රපටයේ ඔබ මොනවගේ චරිතයක්ද නිරූපණය කරන්නේ?
එහි මගේ චරිතය මයුමි. මෙය අද්භූත බලවේග හොල්මන් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන කතාව යටින් ආදර කතාවක් ද කියවෙනවා.
මයුමි ඉතාම ධනවත් පවුලක ගෑනු ළමයෙක්. එයා හෘද රෝගයකින් පෙළෙනවා.
මේ සිදුවීම් ඇසුරින් තමයි ‘ස්පන්දන’ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙය ඉතාම නිර්මාණාත්මක චිත්‍රපටයක්.

එතකොට “මායාවි” චිත්‍රපටය මොනවගේ ද?
”මායාවි’ චිත්‍රපටය මම නිරූපණය කරන්නේ වර්ෂා කියන මන්ද මානසික යුවතියගේ චරිතය. මෙහි කතාවත් කුතුහලය පිරුණු අපූරු කතාවක්. “මායාවි” සහ “ස්පන්දන” චිත්‍රපට දෙක මෑත කාලයේදී මට රඟපාන්න ලැබුණු ඉතාම හොඳ නිර්මාණ දෙකක්. සරල ආදර කතාවලින් බැහැරව මෙවැනි චරිත නිරූපණය කරන්න මම කැමැතියි.

චිත්‍රපට වලට වැඩි කාලයක් යොදවන නිසා ටෙලිනාට්‍ය වලින් ඔබ බැහැර වෙලා ද?
නැහැ එහෙම කියන්න බැහැ. මේ දිනවල මට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබිල තියෙන නිසා ඒ රූපගත කිරීම්වල නිරත වුණා. ඒ නිසා ටෙලිනාට්‍ය වැඩිය බාරගන්නේ නැහැ. පසුගිය කාලේ මම ටෙලිනාට්‍ය බොහොමයක රඟපෑවා. ඉතින් දැන් චිත්‍රපටවලට ප්‍රමුඛතාවයක් දෙනවා. හැබැයි ඉදිරියේදි ටෙලිනාට්‍ය බාරගැනීමේදී තෝරා බේරාගෙන රඟපාන්න මම හිතාගෙන ඉන්නවා.

ඔබ මෙගා ටෙලිනාට්‍ය වලට දායක වෙලා නැතිද?
එක් මෙගා ටෙලිනාට්‍යකට මම දායක වුණා. ඒ; මීට කලකට පෙර. ඉන්පසුව මම මෙගා ටෙලිනාට්‍ය බාරගන්නේ නෑ.

ඇයි ඔබ මෙගා ටෙලිනාට්‍යවලට අකැමැති?
එකදිගට එකම නිර්මාණයක රඟපාන්න සිදුවීම එක කාරණයක්. මෙගා ටෙලිනාට්‍යවලට මම අකැමැති වෙන්න හේතුවුණු අනෙක් කාරණය තමයි බොහොමයක් මෙගා නාට්‍යවලට ස්ථිර ටෙලි පිටපතක් නොතිබීම. ගොඩක් මෙගා ටෙලිනාට්‍යවල පිටපත ලියවෙන්නේ එදාට, එදාට. කිසියම් නිර්මාණයක මූලික කතාව එහි චරිතවල හැසිරීම නොදැන රඟපෑම අසීරුයි. ටෙලිනාට්‍ය ආරම්භයේදී චරිතය ගැන කියන දේ නෙමෙයි ටෙලිනාට්‍ය මැදදී සිදුවෙන්නේ.

ඔබ දැන් වඩාත් කැමැති ටෙලිනාට්‍යවල රංගනයට ද? චිත්‍රපටවල රංගනයට ද?
මේ දෙකටම මම කැමැතියි. මේ දෙක මාධ්‍ය දෙකක්. සිනමා රංගනය ඉතාම සියුම් රංගනයක්. චිත්‍රපටයක කෙටි කාලයක් තුළ රංගනයෙන් විශාල දෙයක් කරන්න පුළුවනි. ඒ වගේම ටෙලිනාට්‍යවලින් ඉතාම කෙටි කාලයක් තුළ මුළු රටේම ප්‍රේක්ෂකයින්ට ළංවෙන්න පුළුවනි. කෙසේ හෝ මේ මාධ්‍ය දෙකේ හොඳ නිර්මාණවලට පමණයි මම ඉදිරියේදී දායක වෙන්නේ. ඉදිරියේදී මම ටෙලිනාට්‍යවල රඟපෑම තරමක් දුරට සීමාවේවි.

නර්තනය අමතක කරලද?
නැහැ. නර්තනය මම කවදාවත් ම අමතක කරන්නෙ නැහැ. පසුගිය කාලයේ නර්තන ප්‍රසංග ගණනාවකට දායක වුණා. හැබැයි රියැලිටි නර්තන තරගවලට යන්නේ නෑ කියන මතයේ මම ඉන්නවා.

ඔබේම නර්තන ප්‍රසංගයක් කරන්න බලාපොරාත්තුවක් නැතිද?
නැහැ. මම තාම හිතල නෑ.

ඔබේ මවත් දක්ෂ රංගන ශිල්පිනියක් නේද?
ඔව්; මගෙ අම්මා නිර්මා සුරාජි. මම සිරස කුමරිය වෙන්නත් කලින් ඉඳල ම මගෙ අම්ම රංගනයේ සිටියා. අම්ම තමයි මාව රංගන ක්ෂේත්‍රයට යොමු කළේ. මුලදි මගෙ කැමැත්තක් තිබුණේ නෑ රඟපාන්න. අම්මගෙ උනන්දු කිරීම නිසයි මම රඟපාන්න පෙලඹුණේ. දැන් මගේ රංගනයන් ගැන හොඳ නරක කියා දෙන්නේ අම්මා ඇතුළු පවුලේ අය.

දැන් ඔබේ වයස කීයද?
මට තාම අවුරුදු 22 පහුවුණා විතරයි.

දැන්ම පිළිවෙළක් වෙන්න අදහසක් නැතිද?
තවත් අවුරුදු 2 ක් 3 ක් විතර මෙහෙම ඉන්නයි හිතාගෙන ඉන්නේ.

ජීවිතයට සමීප කෙනෙක් එහෙම ඉන්නවාද?
තාම නෑ.

READ MORE - මීට පස්සේ මෙගාවල මම නෑ

හොල්මන් එක්ක බිපාෂාට රඟපාන්න වෙලා


හොල්මන් එක්ක බිපාෂාට රඟපාන්න වෙලා

මාර්තු 22 දා සිට තිරගත කෙරෙන ‘ආත්මා’ චිත්‍රපටය සිනමා රසික රසිකාවියන්ගේ විතරක් නොවෙයි, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සහ නළු නිළියන්ගේත් අවධානය දිනා ගන්නට සමත් වෙලා. මේ අවධානය ඇති වුණේ ‘ආත්මා’ රූපගත කිරීම් සිදුකළ දින සිටයි.
එක් අවස්ථාවකදී මෙහි රූපගත කිරීම් සිදුවෙද්දී අද්භූත ගී රාවයක් ඇසී තිබුණා. එය ඇසී තිබුණේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුසාන් වර්මා පැලඳගෙන සිටි ඉයර්ෆෝනය ඔස්සේයි. රූපගත කිරීම්වලට බාධාවක් ලෙස ඇසුණු ඒ ගී රාවය නිසා අධ්‍යක්ෂවරයා විමසිලිමත් වුණා.
වහාම රූපගත කිරීම් නවතා දමා ඉයර්ෆෝන් යුගල ගැලවූ ඔහුට, පියවි සවනින් ඒ හඬ ඇසුණේ නැහැ. අද්භූත කතාවක් රැගත් ‘ආත්මා’ හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ බිපාෂා බාසු සහ නවාසුදින් සිද්දික්. චිත්‍රපටය රූපගත කරන දිනවල දී බිපාෂාට ද දැනුණේ අමුත්තක්ලු. ඇය ඒ බව කිහිප වරක් ප්‍රකාශ කර තිබුණා.
සමහර අවස්ථාවලදී ඇයගේ නින්දට පවා බාධා එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම, අමනුෂ්‍ය දෝෂ ඇතැයි පැවසෙන ස්ථානවලදී සිදු කෙරුණු රූපගත කිරීම්වලින් පසුව තමන්ට මෙම අපහසුතා ඇතිවූ බවයි බිපාෂා ප්‍රකාශ කළේ.
“ඇත්තම කිව්වොත් මට ඒ දවස්වල රෑට නින්ද ගියේත් නැහැ. අධ්‍යක්ෂවරයාට ඕනැවුණා, හොල්මන් - අවතාර ගැවසෙනවා කියල විශ්වාසයක් තිබුණු තැන්වලත් සමහර දර්ශන රූපගත කරන්න.
ඒ වගේ තැන්වල මට රඟපාන්න සිද්ධ වුණා. ඉන් පස්සෙ තමයි, මට දවස් කීපයක්ම යනතුරු රෑට නින්ද නොගියේ. බොරු කියන්නෙ මොකට ද? මම ඇත්තටම බයවුණා. මම කවදාවත් හිතුවෙ නැහැ, ‘ආත්මා’ වගේ චිත්‍රපටයක මට රඟපාන්න ලැබේවි ය කියලා.
නමුත්, අධ්‍යක්ෂ සුසාන් වර්මා, මීට කලින් වතාවලදී වගේම මේ වතාවෙදීත් මාව තෝරා ගත්තා. එයා හරි හොඳ කෙනෙක්. ඉතින්, ‘ආත්මා’ චිත්‍රපටයේ රඟපාන්න ආරාධනා කළාම, මට ඒ ඉල්ලීම අහක දාන්න බැරිවුණා. මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ ‘මායා’ කියන කාන්තාවගේ චරිතයයි. ඒක මහ අමුතු චරිතයක්.” බිපාෂා එලෙස කීවේ විස්මය රැඳි දෑසින්.
බිපාෂා මීට කලින් ද ‘රාස්’, ‘රාස් - 3’ වැනි අද්භූතජනක සිදුවීම් රැගත් චිත්‍රපටවල රඟපෑවා. ඒ වුණත් දැන් ඇය පවසන්නේ මින් මතුවට මෙවැනි චිත්‍රපටවල රඟපෑමෙන් වැළකී සිටින බවයි.

READ MORE - හොල්මන් එක්ක බිපාෂාට රඟපාන්න වෙලා

ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ


ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ

රජීව් සෙබැස්ටියන් ගෙන් ක්ලැරන්ස් උපහාර ප්‍රසංගයක්
ශ්‍රීලාංකේය සංගීත ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නාමය හැඳින්විය හැකි ය. ඔහු අප අතරින් සදහටම සමුගෙන පුරා වසර ගණනාවක් ගත වුණත් තවමත් ඔහු අප අතර ජීවමාන වනුයේ නිර්මාණ ලෝකයට ඔහු විසින් දායාද කරන ලද අපූර්ව නිර්මාණ ගොන්න නිසාවෙනි. ගායකයෙකු වශයෙන් පමණක් නොව ගී තනු නිර්මාණ ශිල්පියකු වශයෙන් ද සිය නිර්මාණ භාවිතයේ අමුතු ඉසව් සොයා ගිය ඔහු වැන්නකු අදටත් අපට අමතක කළ නොහැකි ය.
ඔහු පිළිබඳ වූ මේ සටහන තබන්නට සුවිශේෂී වූ හේතුකාරණාව වන්නේ ඔහු වෙනුවෙන් පිදෙන උපහාර ප්‍රසංගයක් වෙනුවෙනි. ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ආදරය කරන, ගෞරව කරන ඔහුගේ ඇසුරින් සංගීත ලෝකයේ විසල් මංපෙත් විනිවිද දකින්නට ශක්තිය හිමිකර ගනිමින් සංගීත ලෝකයේ දිගු ගමනක නිරත වෙන රජීව් සෙබැස්ටියන් මේ ප්‍රසංගයේ මූලිකයා ය.
එළඹෙන 31 වැනි ඉරිදා රාත්‍රි 7.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී දිගහැරෙන ‘The unforgetable story of sinhala pop’ (අමතක කළ නොහැකි සිංහල පොප් වංශ කතාව) නම් වූ අසිරිමත් ප්‍රසංගය ක්ලැරන්ස් වෙනුවෙන් පිදෙන අති ගෞරවනීය උපහාර ප්‍රසංගයකි.
“මීට අවුරුදු දොළහකට ඉස්සර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ‘tribute to clarence’ නමින් මම ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් පැවැත්වූවා. ඊට පස්සේ ඇනස්ලි මාලේවන ‘සුපර් ගෝල්ඩන් චයිම්ස් රී යුනියන්’ නමින් තවත් වටිනා ප්‍රසංගයක් කළා.
මේ හැම දේකදීම අපේ රටේ රසික ජනතාව ඉතාමත් ම ප්‍රබෝධයට පත්වුණා. නමුත් පසුකාලීනව ඇනස්ලිට, මට, ඉන්ද්‍රානිට, අනිල්ට, ප්‍රියාට මේවායින් ඈත් වෙන්න සිද්ධ වුණා.
කොටින්ම කිවුවොත් එයින් අපිව ඈත් කළා. ඒකට හේතුව වුණේ හැට පැනපු තට්ටේ පෑදිච්ච නාකින්ට තොප්පි දාගෙන ක්ලැරන්ස්ගේ ගීත ගායනා කරන්න ආසාවක් ඇතිවුණ නිසා. ඒ නිසා අවුරුදු දොළහකින් ක්ලැරන්ස්ට උපහාරයක් කරන්න අපට බැරිවුණා.
ඔය අතරෙදි තමයි මට දැනගන්න ලැබුණේ ක්ලැරන්ස් නිර්මාණය කරන ලද ගීත 30 ක් සම්පූර්ණ අයිතිය එම්. එන්ටර්ටේන්ට්මන්ට් ආයතනයට විකුණා තිබෙන බව. මේක කරලා තිබෙන්නේ ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ පරිහරණය කරන අය. එම්. එන්ටර්ටේන්ට්මන්ට් ආයතනය කැමැත්ත පළ කළා ඒ ගීතවලින් ප්‍රසංගයක් පවත්වන්න.
ක්ලැරන්ස් ගේ ගීත ගායනා කරලා මගේ ප්‍රතිරූපය හදාගන්නවත්, ජනප්‍රිය වෙන්නවත් මට කොහෙත් ම උවමනාවක් නෑ. පොප් සංගීතය ව්‍යාප්ත කරලීම සඳහා දායක වුණු මුල් හඬවල් එකතු කරගෙනයි මේ ප්‍රසංගය කරන්නේ. ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරතී, ශ්‍යාමි ෆොන්සේකා, ටී.එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන, නීලා වික්‍රමසිංහ, ජැක්සන් ඇන්තනී, මරියසෙල් ගුණතිලක, නිහාල් නෙල්සන්, ලතා වල්පොල, දමයන්ති ජයසූරිය, ගීත ගායනයට එක් වෙනවා. ඒ වගේ ම මේ ප්‍රසංගය වෙනුවෙන් ඒ.ඊ. මනෝහරන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙනවා.
මේ ප්‍රසංගයත් සමඟ  pop සංගීතය moonstone වල සිට super golden chimes  දක්වාත්, ඉන්පසු චිත්‍රපට සංගීතය දක්වාත් චිත්‍රකතා චරිත ඇසුරින් නිර්මාණය වූ ගීත දක්වාත් ටෙලිනාට්‍ය සඳහා නිර්මාණය වූ ගීත දක්වාත් ව්‍යාප්ත වූ සැටි පෙන්නුම් කෙරෙනවා. බොහෝ අය නොදන්නා සත්‍යය ලොවට හෙළි පෙහෙළි කරන පොප් නිර්මාණ මෙයට ඇතුළත් වෙනවා. මේ ප්‍රසංගයේ සංගීතය ‘රජීව් ඇන්ඩ් ද ක්ලෑන්’ සංගීත කණ්ඩායමෙන්, ගයනි කරුණාරත්න ප්‍රමුඛ ගයනි’ස් ඩාන්ස් ස්ටුඩියෝ නර්තන නිර්මාණයෙන් ද විජය කොරයා කථනයෙන් ද දායක වෙනවා. ගීත තිහකට අධික ප්‍රමාණයක් මෙහිදී ගැයෙනවා.
“පොප් සංගීතය සමඟ Box guitarසංස්කෘතිය තමයි මුලින් ශ්‍රී ලංකාවේ තිබුණේ. ඒකට සීමාවෙලා තිබුණු  pop සංගීතය  electric guitarසංස්කෘතියට රැගෙන ආවේ ක්ලැරන්ස්. නමුත් මේ වනවිට ඒ ඉතිහාසය විවිධාකාරයෙන් විකෘති වීමට සහ සත්‍ය වැළලී යන ආකාරයක් දකින්නට ලැබෙනවා.
ඊට හේතුව බොහෝ අය පෙට්ටගම් අවුස්සන්න ගත්තේ ක්ලැරන්ස් ගේ මරණයෙන් පස්සෙයි. නමුත් අපි නම් පුංචි කාලේ ඉඳලම ‘තැටි’ කැසට් පට, සංයුක්ත තැටි බොහෝ ම ආදරෙන් එකතු කළා. ඒ වගේ ම ඔහු ඇසුරු කරන්න ලැබීම මහත් වාසනාවක්. ගෞරවයක් ලෙසට සලකනවා.
මේ ප්‍රසංගයේ පරමාර්ථය මුදල් හම්බ කිරීම නම් නෙළුම් පොකුණ වගේ මිල අධික රංග ශාලාවක පවත්වන්නේ නෑනේ. මේ සා විශාල ශිල්පීන් පිරිසක් එකතු කරගන්නෙත් නෑ. මේ හැමෝම ක්ලැරන්ස් ගේ ගී තනු ගායනා කළ අය. එහෙමත් නැතිනම් ඔහුත් සමඟ යුග ගී ගැයූ අය. 70 දශකයට පෙම් බඳින අය අදටත් මේ මුල් නිර්මාණවලට දායක වුණු හඩවල්වලට ආදරෙයි. ඒ වෙනුවෙනුයි මේ ප්‍රසංගය කරන්නේ.

Silumina
READ MORE - ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ

Menakaaaaaaaaaaaaaaaaaaaaaaaa

READ MORE - Menakaaaaaaaaaaaaaaaaaaaaaaaa

මට දැන් හැමෝම කියන්නේ මින් කියලා


මට දැන් හැමෝම කියන්නේ මින් කියලා

‘සුජාත දියණී’ හි පාලිකා මින්ට හඬ දුන් දිනිති
ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘සුජාත දියණී’ නාට්‍ය මාලාව විකාශය අවසන් වුණත් අදටත් එය ලොකු පොඩි කා අතරත් ජනප්‍රියයි. එහි චංගුමිගේ චරිතය වගේම තවත් චරිත රැසක් හැමෝගෙම හිත් තුළ නොමැකෙන මතක සටහන් ඇති කළ බව නම් අමතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ අතර පාලිකා මින්ගේ චරිතයත් ඔබට ළෙංගතුයි නේද? ඒ වගේම පාලිකා මින්ගේ චරිතයට ලබාදුන් සිංහල හඬත් ඔබට ඒ අයුරින්ම ළෙංගතු ඇති. ඒ චරිතයට හඬ දුන්නේ කාටුන්, චිත්‍රපට තුළින් ඔබට සමීප වූ විශේෂ චරිතයක්. ඇය දිනිති නිම්නාවී ජයසේකර. තවමත් සුන්දර පාසල් වියේ පසුවන දිනිති සුජාත දියණී හි ඇය ලැබූ ඒ අවස්ථාව ගැන මුලින්ම සරසවියට කිව්වේ මේ විදියට.
‘පාලිකා මින් කියන්නේ තරුණ කාලේ සිට මැදි වයසට යන චරිතයක්. මේ අවස්ථාව ලැබුණාම මගේ හඬ චරිතයට ගැළපෙයිද කියලා හිතුණා. මින් පාලිකාව කියන්නේ නිතරම බයට පත්වෙන, පොඩි දෙයටත් ගොඩක් කලබල වෙන චරිතයක්. පොඩි කාලේ ඉඳලම මම රූපවාහිනියේ හඬ කැවීම් සඳහා දායක වෙලා තියෙනවා. ඒ නිසා මට නම් ඒ ගැන බයක් දැනුණේ නැහැ.’
* මින් පාලිකාවගේ හඬට ලැබුණ ප්‍රතිචාර කොහොමද?
හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. සුජාත දියණී විකාශය වූ කාලයේදී වගේම අදටත් ඒ ප්‍රතිචාර ඒ විදියටම තියෙනවා. දැනුත් ඉස්කෝලේ ළමයි ඇවිත් පංතිය වට කරගෙන ඉන්නවා. එයාලා මට කියනවා නාට්‍යයේ දෙබස් කියන්න කියලා. පුංචි නංගිලා ඇවිත් ‘අනේ අක්කේ පොඩි දෙබසක් කියන්නකෝ’ කියලා ඇවිටිලි කරනවා. එයාලා දැන් මට කතා කරන්නේ මින් අක්කා කියලා. ඇත්තටම මට ගොඩක් සතුටුයි.
* දිනිති මුලින්ම හඬ කැවීම් ක්ෂේත්‍රයට එන්නේ?
තුන වසරේදී ළමා පිටියේ නිවේදිකාවක් විදියට තමයි ක්ෂේත්‍රයට ආවේ. මේ වෙන කොට දඟර වලිග කාටුන් එකේ බයිය බබා, සර්කස් මිතුරෝ හි ටිකිරි, මී මැස්සි හි වීදුරු පැංචි වගේම සුසුරන් හි සාවා, මල් ගුඩි දවස වැනි වැඩසටහන් රැසක හඬ දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබුණා. මට ගොඩක්ම ලැබුණේ ටිකක් දඟකාර චරිත.
* රංගනයටත් යොමු වුණා නේද?
ඔව්. පෝය ඒකාංගික නට්‍යයකට වගේම ස්වර්ණවාහිනියෙන් විකාශය වූ නත්තල් චිත්‍රපටයකටත් දායක වුණා. ඊට අමතරව ‘එකමත් එක රටක’ චිත්‍රපටයේ නිරෝෂා පෙරේරාගේ කුඩා අවධිය නිරූපණය කළේ මම. ඒත් දිගටම රංගනයේ යෙදෙන්න මම කැමැති නැහැ. ඒ වගේම යුනිසෙෆ් ආයතනයෙන් හොඳ පුරුදු ගැන කියන මීනා කියන කාටුන් චරිතයට ලංකාවෙන් තේරුණේ මම. ඒ වගේම දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියේ පළමුවරට නිර්මාණය කළ ත්‍රිමාණ නිවේදිකාවට හඬ කවන්න අවස්ථාව ලැබුණා. ඒක මං ගොඩක් ආසාවෙන් ඉදිරිපත් කළ එකක්.
* දිනිති ඔයාගේ තාත්තා මෙරට ප්‍රසිද්ධ නිවේදකයෙක් වගේම ප්‍රසිද්ධ තිර රචකයෙක්, පද රචකයෙක්. ඔයත් ඒ අංශයට යොමුවෙන්න අදහසක් නැද්ද?
මගේ තාත්තා විපුල් ධර්මප්‍රිය ජයසේකර. මම තාත්තා වගේ නිවේදන කටයුතුවලට යොමුවුණා. නිසඳැස් ලියන්න මම කැමැතියි. පාසල් මට්ටමෙන් චිත්‍ර, රචනා, සංගීත, නිවේදන තරගවලට ඉදිරිපත් වෙලා පළමු, දෙවන ස්ථාන හිමිකර ගෙන තියෙනවා. මගේ මල්ලි නම් තාත්තා වගේ ලියන්න උනන්දුයි.
* පාසල ගැනත් කියමු?
මම නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබනවා.
* දිනිතිගේ අනාගත බලාපොරොත්තුව?
නීතිඥවරියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පුවත්පත් ලිපිවලට ලියන්නත් කැමැතියි. ඒ අතර ගොඩක්ම කැමැති දේශපාලනය ගැන ලියන්න තමයි.
* කලා ජීවිතයට සහාය වූ අයත් සිහිපත් කළොත්?
මගේ තාත්තා, අම්මා, මල්ලි මට ලොකුª ශක්තියක්. තාත්තයි අම්මයි මට නිවැරැදි මඟ පෙන්වීම කරනවා. ගුවන් විදුලි වැඩසටහන්වලදී මහින්ද අල්ගම මාමාගෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. අතුල රන්සිරිලාල් මාමා, අනුර ධර්මසේන මාමා, පී. කුලරත්න මාමා, චර්චිල් මාමා, වජිර අක්කා, මාලි අක්කා, බුද්ධික අයියා, රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් ඒකකයේ හැමෝමයි, ස්වර්ණවාහිනියේ වික්‍රමසිරි ජයවික්‍රම මාමා, නෙත් එෆ්. එම්, ටී. වී. දෙරණ හැමෝමත් ආදරයෙන් සිහිපත් කරනවා.


Sarasaviya
READ MORE - මට දැන් හැමෝම කියන්නේ මින් කියලා

චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලා


චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලා

වත්මන් සභාපතිගෙන් ජනපති විමර්ශන ඒකකයට පැමිණිලි

චිත්‍රපට 3ක් ගෙන්වන මුදලින් ගෙනාවේ එකයි
ආනයනය කළ සමාගමට ලියාපදිංචියත් නෑ
රුපියල් මිලියන නවයකට ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපට තුනක් ආනයනය කළ හැකි බවට අධ්‍යක්ෂ මණ්ඩලය නොමඟ යවා ලක්ෂ 85ක් වැය කොට එක් චිත්‍රපටයක් පමණක් ගෙන්වා ප්‍රදර්ශනය කිරීමෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට සිදු වී ඇති ලක්ෂ ගණනක මූල්‍ය අලාභයක් සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වා ‍තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා විසින් එම පෙත්සමට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණය සිදු කර ඇත.
'උත්තම පුත්‍රම්' හා 'නගරම් මරුප්පක්කුම්' චිත්‍රපට ආනයනය කිරීම සහ ටී. ඩී. එස්. උපකරණ ගෙන්වීම සම්බන්ධව ප්‍රශ්නයක් සිදු වී ඇති බව එම විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
2010 දීපවාලී උත්සව වකවානුවෙහි ද්‍රවිඩ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) 2010. 10. 21 දින අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යෝජනා කර තිබේ. එම වර්ෂයේ රුපියල් 92,50,000කට ද්‍රවිඩ චිත්‍රපට තුනක් ආනයනය කළ හැකි බවට එහිදී පෙන්වා දී ඇත.
ඒ අනුව චිත්‍රපට තුනක් අවස්ථා තුනකදී ආනයනය කිරීම සඳහා ආනයනය කිරීමට ලක්ෂ 90 ක මුදලක් අනුමත කර ඇත. එහෙත් එක් චිත්‍රපටයක් සඳහා පමණක් ලක්ෂ 80ක් වැය කොට සංස්ථාවට ලක්ෂ 39ක පාඩුවක්සිදු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වෙයි.
මෙම 'උත්තම පුත්‍රම්' චිත්‍රපටය ආනයනය කිරීම සඳහා දේශීය නියෝජිතයා වශයෙන් එක්තරා සිනමා ආයතනයකට බාරදී ඇත. එහෙත් ‍අදාළ ආයතනය 2010 වර්ෂය සඳහා චිත්‍රපට ආනයනකරුවකු වශයෙන් ලියාපදිංචි වී නොමැත.
තවද මෙහිදී චිත්‍රපටයක් ආනයනය කිරීමට සංස්ථාව සමඟ කළ යුතු ගිවිසුම් ගණනාවක අක්‍රමිකතා සිදු වී ඇති අතර ඉන්දියා සංචාරයක් සඳහා සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සංස්ථාවේ මුදල් අනිසි ලෙස වැය කර අක්‍රමිකතාවක් සිදු කර ඇති බවද විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇත. මේ දෙමළ චිත්‍රපටය චිත්‍රපට සංස්ථාවේ 'රිද්මාමණ්ඩලය' යටතේ 2010 නොවැම්බර් සිට 2011 නොවැම්බර් දක්වා ප්‍රදර්ශනය කර තිබේ. එසේ ප්‍රදර්ශනය කිරීමෙන් රුපියල් 3,966,193.50 ක පාඩුවක් සංස්ථාවට සිදුවී ඇති බවද අනාවරණය වී ඇත.
අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබූ 'නගරම් මරුප්පක්කුම්' චිත්‍රපටය ආනයනය කිරීම සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කර නැත.
තවද ඩිජිටල් තාක්ෂණික ශබ්ද විකාශන කට්ටල ආනයනය කිරීමේදී ද රාජ්‍ය ප්‍රසම්පාදන රීති උල්ලංඝනය කර ඇත.
ඒවා බෙදා දී ඇති සිනමාහල් ‍ඒවාට ගෙවිය යුතු වාරික ගෙවීමද පැහැර හැර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වෙයි. චිත්‍රපට සංස්ථාව තුළ සිදු වී ඇති මේ දූෂණ අක්‍රමිකතාව පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ වාර්තාව මේ වන විටත් අදාළ අංශ වෙත යවා තිබේ. එම දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් කවුද යන්නද එහි සඳහන්ව තිබේ.
 
READ MORE - චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලා

අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්


අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්

- පුත් ඉල්ලියාස් බෙග්
තාත්තට කුවේට් රාජ්‍යයේදී සම්මානය දුන්නේ බුද්ධං සරණං ගච්ඡාමි සිංදුව ගැයුවටයි.
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ඔබෙ රාගී මන කැලඹේදෝ
ක්ලේෂය ඕගේ නෑවේදෝ
ඔබෙ රාගී මන කැලඹේදෝ
පිවිතුරු හදවත පෑරේදෝ
එවිටම පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි . . .
අල්හාජ් මොහිදින් බෙග් ගායනා කළ මෙම ගීතය ඔබ අප කොයි කවුරු අතරත් අදටත් ජනප්‍රියයි. බෙග් මාස්ටර් අද අප අතර නැතත් මේ ගීතය ඒ අයුරින්ම අප සවනට ළං වෙනවා. ඒ එතුමාගේ පුතුන් දෙදෙනා වන ඉල්ලියාස් බෙග් සහ ඉෂාක් බෙග් ගේ හඬින්. මේ ගීතය බෞද්ධ ගීයක් වුණාට ගායනා කළ බෙග් මාස්ටර් ඉස්ලාම් භක්තිකයෙක්.
ඔහු විසින් ගායනා කළ ගීත බොහොමයක්ම බෞද්ධ ගීත. ඒ නිසාම මේ ගීය අනෙකුත් ගීත අතර සුවිශේෂ වීමට හේතු වෙන්නත් ඇති. බෙග් මාස්ටර් අප අතරින් සමු අරගෙන බොහෝ කල් ගත වුණත් පසුගිය දිනෙක මේ ගීය ගායනා කිරීම වෙනුවෙන් එතුමාගේ නම සම්මානයට පාත්‍ර වුණා.
ඒ කුවේට් රාජ්‍යයේදී. එදා තම ආදරණීය පියාණන් වෙනුවෙන් ඒ සම්මානය පිළිගත්තේ එතුමාගේ වැඩිමල් පුතු වූ ඉල්ලියාස් බෙග් සහ දියණිය මොහීනා බෙග් විසින්. සම්මානය රැගෙන මෙරටට පැමිණි ඉල්ලියාස් බෙග් එම සම්මානනීය අවස්ථාව පිළිබඳ සරසවියට සිය අදහස් දැක් වූවා.
‘මේ වසරේ ජනවාරි 26 වැනිදා කුවේට් රාජ්‍යයේ බෝයිස් ස්කවුට් රඟහලේදී තමයි මේ සම්මානය පිරිනැමුණේ. කුවේට්හි වෙසෙන සියලු ආගම් නියෝජනය කරන ශ්‍රී ලාංකික පිරිසකින් සැදි ‘සොමි සඳ එකමුතුව’ විසින් තමයි එය සංවිධානය කරලා තිබුණේ. අපේ තාත්තා විසින් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය ගායනා කිරීම වෙනුවෙන් සම්මානය පිරිනැමීමට මට ආරාධනා ලැබුණා.
මමයි නංගියි තමයි ඒ අවස්ථාවට සහභාගි වුණේ. තාත්තා ජීවතුන් අතර සිටියදි මෙවැනි දෙයක් කිරීමට නොහැකි වීම පිළිබඳ ඔවුන් සිය කණගාටුව පළ කළා. එහිදී බෙග් මාස්ටර්ගේ ගීත ඇතුළත් සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ඇත්තටම මේ අවස්ථාව ගැන ගොඩක්ම සතුටුයි. මමත් හරිම ආසයි බෞද්ධ ගී ගායනයට. අපි අලුත් ගීත නිර්මාණය කළත් රසික ජනතාවගේ වැඩි මනාපය තියෙන්නේ බෙග් මාස්ටර්ගේ ගීතවලට. ඒ තරමටම ඔවුන් ඒ ගීතවලට ලෙංගතුයි.
READ MORE - අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්

17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර්


17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර්

වේදිකාවේ එළි දුටු රට විරුවන්ගේ විත්ති විදෙස් රැකියාවල නියුතු අපේ රටේ සොයුරු සොයුරියන්ගේ ගායන හැකියා දැක්වීම වෙනුවෙන් මේ වන විට ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහි තෙවැනි වැඩසටහන පසුගියදා කුවේට්හිදී පැවැත්වුණා.
රූපවාහිනි වැඩසටහන් අතර අද වන විට රියැලිටි වැඩසහන් ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන තියෙනවා.
ලොකු පොඩි කාගෙත් ගායන, රංගන කුසලතා උරගා බැලෙන මෙම වැඩසටහන් විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් ද ක්‍රියාත්මකයි.
ඒ අතර විදෙස් රැකියාවල නියුතු අපේ රටේ සොයුරු සොයුරියන්ගේ ගායන හැකියා දැක්වීම වෙනුවෙන් මේ වන විට ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහි තෙවැනි වැඩසටහන පසුගියදා කුවේට්හිදී පැවැත්වුණා.
එහිදී ප්‍රථමයෙන් සිය ගායන හැකියාවන් දක්වන්න වේදිකාවට පිවිසියේ වසන්ත කුමාර. පාසල් කාලයේ සංගීතය හදාරා ලද අත්දැකීම් ඔහු රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව තෙක් කැඳවාගෙන විත් ඇත.
ලක්මාලි සමරකෝන් සමඟ විවාහ දිවියට පිවිසි ඔහු දියණියකගේ පියෙකි. වසන්ත කුමාර විදේශ සේවාවට ගොස් ඇත්තේ 2006 වසරේදීය.
ඩබ්ලිව්. ජී. ශානිකා ඉරේෂා ඊවන්ති දෙවනුව රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කළාය. පාසල් අධ්‍යාපනය හදාරන කාලයේදී සහ පවුලේ ආභාසය තුළින් කුඩා වියේ සිටම ඇය කලා කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දී ඇත.
විශේෂයෙන් ගායන සහ නර්තනයට දැඩි ඇල්මක් දක්වන ශානිකා විදෙස් සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2006 වසරේදීය.
විනීතා සමරරත්න රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කළ මීළඟ තාරකාව වූවාය. මවුපිය ආභාසයෙන් සහ පාසල් අධ්‍යාපනයෙන් ගායන අංශයට යොමු වූ ඇය දහම් පාසල් ගායනා තරගවලදී ජයග්‍රහණ ලබා ගැනීමට ද සමත් වී ඇත.
නර්තන අංශයට ද උනන්දුවක් දක්වන විනීතා විදෙස් සේවයට එක් වී මේ වන විට වසර 13 කි.
රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාවට මීළඟට එක් වූයේ ඩබ්ලිව්. ඩැනි ප්‍රනාන්දු. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු තබ්ලා වාදනනයට ද දස්කම් දක්වන්නේය.
දරුවන් තිදෙනෙකුගේ පියකු වන ඩැනි ප්‍රනාන්දු විදෙස් සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ 1994 වසරේදීය.
යමුනා පද්මිණී වික්‍රමනායක රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කළ තවත් තාරකාවක්. සහජයෙන් ලද ගායන හැකියාව නිසාම ඇය පාසල් කාලයේද විෂයක් ලෙස සංගිතය හදාරා ඇත.
සංගීත ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් දක්වන යමුනා පද්මිණී විදෙස් සේවයට එක් වී ඇත්තේ 2002 වර්ෂයේදීය.
විවේක් ධනංජය ද සිල්වා කුවේට්හිදී රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව විචිත්‍රවත් කරන්න එක් වූ තරුවක්. කුඩා කල සිට සහජයෙන් ඔහුට උරුම වූ කලා හැකියාවෙන් ඔහු යොමුවුණේ නර්තන අංශයට.
කලා ක්ෂේත්‍රයෙන් බැහැර රැකියාවක නිරත වුණත් රටවිරු ටැලන්ට් ස්ටාර් වේදිකාව ඔහුට සිය දස්කම් දක්වන්න අවස්ථාව උදා කර දී තිබේ.
READ MORE - 17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර්