----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

"80වෙ අපි" වෙතින් නාට්‍ය වැඩමුළුවක් ......

Saturday, January 26, 2013


80වෙ අපි යනු 1980 දශකයේ සෝවියට් මිත‍්‍රත්ව මන්දිරයේ ඩග්ලස් සිරිවර්ධන ,පරාක‍්‍රම නිරිඇල්ල , එච්.ඒ. පෙරේරා සහ වසන්ත විට්ටච්චි යන නාට්‍ය වේදීන් විසින් නොමිලයේ පවත්වන ලද වැඩමුළු වලට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් වසර 25 කට පසු එනම් 2009 දි ගොඩ නගාගනු ලැබූ සංවිධානයකි. මෙම සංවිධානය ප‍්‍රථමයෙන්ම 2009 වසරේ දී ඉහත නම් සඳහන් ප‍්‍රවීණ කලාකරුවන් උදෙසා උපහාර උළෙලක් පවත් වන ලදී. 80වෙ අපි සංවිධානය එච්. ඒ .පෙරේරා ප‍්‍රවීණ කලාකරුවා වෙනුවෙන් විවධ අනුස්මරණ කටයුතු සංවිධානය කරණ ලද අතර මෙවර ඔවුන් සෙනෙහසේ අස්වැන්න නමින් නාට්‍ය වැඩමුළුවක් සංවිධානය කර ඇත. එම වැඩමුළුව පෙබරවාරි මස 04 වන දින පෙරවරු 08 සිට සවස 04 දක්වා බත්තරමුල්ල, ජනකලා කේන්ද්‍රයේදී පවත්වනු ලැබේ. මේ සඳහා වයස අවුරුදු 14 ත් 18ත් වයස් සීමාවල සිටින දරුවන්ට සහ යොවුන් තරුණ තරුණියන්ට සහභාගී විය හැකිය. වැඩිදුර තොරතුරු 077 348 8257 සහ 071 839 9769 යන දුරකථන අංකයන් අපතා ලබාගත හැකිය .
mirrorarts -
READ MORE - "80වෙ අපි" වෙතින් නාට්‍ය වැඩමුළුවක් ......

හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා


හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගොළු හදවත” සිනමා පටයේ සුගත් ගේ චරිතය රඟපෑමෙන් අතිශය ජනපි‍්‍රය වූ වික්‍රම බෝගොඩ පසුගියදා (14) සිය ජීවිතයෙන් ද සමුගත්තේය.
ඔහු ‘ගම්පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’ යන තුන් ඈඳුතු චිත්‍රපටිවල තිස්ස කයිසාරුවත්ත නමැති චරිතයට බාල, තරුණ, මහලු යන අවස්ථාවලදී රංගනයෙන් දායකත්වය සැපයුවේය. ඊට අමතරව අහස් ගව්ව, ‘බිනරමලී’, කලණ මිතුරෝ ඇතුළු චිත්‍රපට 19 ක පමණ ද ‘නැට්ටුක්කාරී’, ‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’, ‘තුරග සන්නිය’, ‘වගුරු බිම’, ‘ජේලර් උන්නැහේ’, ‘කැලණි පාලම’ වැනි වේදිකා නාට්‍ය රාශියකට ද රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය.
’ගොළු හදවත’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී තරුණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් සුගත් (වික්‍රම බෝගොඩ) පාරක තොටක තනිව ඇවිද යන්නට නොහැකි තරමේ ජනපි‍්‍රයත්වයකට හිමිකම් පෑවේය.
’ගොළු හදවත’ තිරගත වී වසරක් වත් ගෙවී නැති එක් දිනක මම ඔහුගේ නිවෙසට ගියෙමි. ඔහු සතුව වී කොටන මෝලක් විය. ගමේ මිනිසුන් විසින් රැගෙන ආ වී, මෝලට දමා කොටමින් සිටී. එදින සේවකයෝ නිවාඩු ගොස් සිටියහ.
මම ඔහුගෙන් මෙසේ අසමි. “පාරට බහින්නත් බැරිව ඉන්න ජනපි‍්‍රයත්වයේ හිණි පෙත්තටම ගිය සුගත් මොකද මේ වී කොටන්නේ” සුගත් මගෙන් මෙසේ ඇසීය. “ඇයි මං වී කෙටුවොත් කෙටෙන් නැද්ද? මේක මගේ. සේවකයෝ නැහැයි කියලා මං මේක නොකර හිටියොත් මේ වී අරන් ඇවිල්ලා ඉන්න මිනිස්සු අතරමං වෙනවා. අපි කවුරුත් මිනිස්සුනෙ.” ඒ වික්‍රම බෝගොඩගේ හැටිය. ගමේ මිනිසුන් සමඟ එකතු වී කෘෂිකර්මය දියුණු කරන්නට අප්‍රමාණ වෙහෙසක් දැරූ වික්‍රම බෝගොඩ ලංකා බැංකුවේ ඉහළ නිලධාරියෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.
1972 වර්ෂයේ මා නිර්මාණය කළ “අන්තිම දා” කෙටි චිත්‍රපටයේ දේවිකා කරුණාරත්න සමඟ ප්‍රධාන චරිත නිරූපණය කළ වික්‍රම බෝගොඩ රූපගත කළ දිනයේ පෙරවරු 10.30 ට පසු දර්ශන තලයේ දකින්නට නොසිටියේය. කටුනායක ගුවන් තොටුපළේ ලංකා බැංකු ශාඛාවේ ප්‍රධානියා වූ ඔහු මධ්‍යහ්න 12.00 ට පෙර එහි සිටිය යුතු බව මා සමඟ කලින් පවසා තිබුණි. ඒ ප්‍රථම වරට ජම්බෝ ජෙට් ගුවන් යානය කටුනායකට සම්ප්‍රාප්ත වීමත් එහි පැමිණෙන මගීන්ගේ මුදල් කටයුතු පිළිබඳ වගකිව යුතු නිලධාරියා ඔහු වූ බැවිනි.
ඔහුගේ රූපගත කිරීම් සියල්ල අවසන් වී තිබුණි. එහි යාම සඳහා වාහන පහසුකම් මා සලසන බවට පොරොන්දු වී සිටිය ද මගේ කෙටි චිත්‍රපටයේ නිෂ්පාදන වියදම් ඒ වෙනුවෙන් වැය වනවාට ඔහු අකැමැත්තෙන් සිටියෙන් ඔහු තම වියදමින් කුලී රථයක් ගෙන්වා ගෙන පන්නිපිටියේ සිට කටුනායක දක්වා පිටත්ව ගිය බව මෙම කෙටි චිත්‍රපටයේ රඟපෑ සිරිල් වික්‍රමගේගෙන් දැන ගන්නට ලැබිණි.
මෙම “අන්තිම දා” කෙටි චිත්‍රපටය සඳහා 1972 වර්ෂයේ චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයෙන් හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. ඉන් පසු මා හමුවන්නට පැමිණි වික්‍රම බෝගොඩ “සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයාණෙනි, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්” කියමින් මා වැලඳ ගත්තේය. ඔහුගේ ගමන් වියදම් වෙනුවෙන් මුදල් ලබා දුන්නද ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. ඒ වික්‍රම බෝගොඩගේ හැටිය.
මගේ “සුහද ප්‍රාර්ථනා” ටෙලි නිර්මාණයට සහභාගී කරවා ගැනීම සඳහා වරක් මම ඔහු වෙත ගියෙමි. මගේ බලවත් පෙරැත්තය මත එහි රංගනය සඳහා ඔහු දායක වූ අතර එය ඔහුගේ අවසාන රංගනය වන බව මම ද දැන නොසිටියෙමි.
මාධ්‍යවේදීහු ඔහු ගැන ලියන්නට සහ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන්වලට සහභාගි කරවාගන්ට ඔහුව සම්බන්ධ කර දෙන ලෙස වරින්වර මාගෙන් ඉල්ලීම් කරති. මම ඔහුගේ නිවෙසට ගොස් ඒවාට සහභාගී වී මෙම සුන්දර කලා කෙතට නැවත අවතීර්ණ වන මෙන් බැගෑපත් ලෙස ආයාචනය කරමි.
”ඕන නැහැ මචං මම මැරුණු දවසක මං ගැන ලියන්න කියපන්. මේ හුදකලාව මට හොඳයි.”
ආදරණීය බෝගොඩ! ඔබට නිවන් සැප ලැබේවායි දැන්ම ප්‍රාර්ථනය කළ නොහැකිය. මතු භවයේත් අප අතර ඉපිද රංගන ශිල්පියකු ලෙස පෙර මෙන්ම අප හා එක් වන ලෙස මම ප්‍රාර්ථනය කරමි.
READ MORE - හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි


ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

- කීර්ති පැස්කුවල්
අපේ සංගීත ක්ෂේත්‍රයේ ළයාන්විතයා වන කීර්ති පැස්කුවල් සිය උපන් දිනය යෙදෙන සෑම ජනවාරි 29 වැනිදාවකදී ම සංගීතයට සම්බන්ධ කිසියම් සමාජ සද්කාරයක නියැළෙයි. ලබන 29 වැනිදා ද සමාජ සද්කාරයක් ලෙස කීර්ති “නිල් ආකාසේ” නමින් ළමා ගීත ඇල්බමයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ නිමිත්තෙන් මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි ඔහුට ආරාධනා කරමු.
නිල් ආකාසේ සඳ පායලා
රන් තැටියක් වාගෙ දිලෙනවා

දිදි දිලි නිවෙනවා
නිවි නිවි දිලෙනවා
රන්තරු රෑ අහසෙ බැබලෙනවා...!

 
(පද - උපුල් පෙරේරා)
“මම මගේ හැම උපන් දිනයකදී ම සංගීතය හා සම්බන්ධව සමාජයට සද්කාරයක් කරනවා. උදාහරණයකට සුනාමිය සිදු වූ අවස්ථාවේ දී අවතැන් වූවන් වෙනුවෙන් ගීත ප්‍රසංගයක් පැවැත්වූවා හා සමානව. මෙවර අපේ ළමා පරපුර වෙනුවෙන් ළමා ගීත එකතුවක් කරන්න ඕනෑ කියා හිතුණා. ‘නිල් ආකාසේ’ නමින් ලබන වැනිදා සවස මගේ මේ ළමා ගීත ඇල්බමය කෝට්ටේ පාගොඩ පාරේ ආනන්ද බාලිකා මාවතේ පිහිටි ශ්‍රී වජිර ළමා නිවාසයේ දී මවුපියන් අහිමි දරුවන් එකසිය විස්සක් ඉදිරියේ දී එළිදක්වනවා.”
ඔබේ ළමා ගීත එකතුව සමාජ සද්කාරයක් වෙන්නේ කෙසේ ද...?
වර්තමාන ළමා පරපුරට අහන්න ගයන්න ඔවුන්ට දැනෙන සුදුසු ළමා ගීත නැහැ. අද ළමයින් අහන්නේ ගයන්නේ වැඩිහිටියන්ගේ ගීත. ඒ නිසා ළමා මනසට උචිත ගී සංකල්පනා මෙන්ම ඔවුන්ට ගයන්න පුළුවන් තනු නිර්මාණ සහිත ළමා ගීත ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර ඉදිරිපත් කිරීම සමාජ සද්කාරයක් කියා මං විශ්වාස කරනවා. මෙවැනි ළමා ගීත ඇල්බමයකින් ආර්ථික වාසි බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙත් අපේ ළමා පරපුර වෙනුවෙන් මෙවැනි නිර්මාණ කර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මා මගේ පළමු ගීත කැසට් පටයේත් ළමා ගීතයක් ඇතුළත් කළා. ඉන්පසු සමබරතාව රැක ගනිමින් මගේ හැම ගීත කැසට් පටයකදී ම ළමා ගීතයක් බැගින් ඇතුළත් කළා. අද ළමයින් වෙනුවෙන් ළමා ගී නිර්මාණ වීම අවම මට්ටමක පවතින නිසා ම මට හිතුණා මෙවැනි ගීත තැටියක් ම කළ යුතුයි කියලා. මෙහි මගෙන් ගායනය හා වාදනය හදාරන ළමා ගායක ගායිකාවන් සමඟ මා ගැයූ ළමා ගී දාහතක් ඇතුළත් වෙනවා.”
ඔබේ දියණියන් දෙදෙනා සමඟ ගයන ගීතයකුත් මේ ගීත එකතුවේ ඇතුළත් වෙනවා නේද...?
ඔව්. මගේ නටාලියා සහ චාරුණි දියණියන් සමඟ මා ගයන ‘දුවේ බලන්නකෝ’ ගීතයත් මෙහි ඇතුළත් වෙනවා. තරු මල් ඇතුළු පරිසරය, සෞන්දර්ය, මවුපිය සෙනෙහස තේමා කරගෙන ආදර්ශයක් පණිවිඩයක් ගෙන දීමට හැකි ලෙස තමයි සියලුම ගී නිර්මාණය කර තියෙන්නේ. බහ තෝරන වයස අවුරුදු තුනේ සිට නවය, දහය අතර ළමයින්ගේ රසවින්දනය පිණිස මෙම ගීත යොමු කිරීම වැදගත් සද්කාරයක් වේවි. ඉදිරියේදී මෙම ගීත සඳහා රූප රචනා කර ඩී වී ඩී එළිදැක්වීමටත් මම බලාපොරොත්තු වෙනවා. මොකද කලකට ඉහත මා කාටූන් සහිතව ඉදිරිපත් කළ පැරැණි ළමා ගී එකතුව සාර්ථක වූ නිසා මෙම ගීතත් රූප රචනා සමඟ ඉදිරිපත් කළොත් ළමයින් අතර වැඩි භාවිතයක් වෙයි.
ඔබේ උපන් දිනය දා තවත් සමාජ සද්කාරයක් සිදු කෙරෙනවා නේද...?
හැම වසරකම මා නිකුත් කරන ‘ඉධදඪජ දුරකථන නාමාවලිය’ ඇතුළත් දිනපොතත් එදින ශ්‍රී වජිර ළමා නිවෙසේදී ම එළිදක්වනවා. අපේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යක්ෂ, වාදන, ගායන, ගී පද රචක, ශබ්ද පරිපාලන, නිවේදන, ගුවන් විදුලි, රූපවාහිනී වැනි විද්‍යුත් මාධ්‍ය ආදි සියලුම අංශ නියෝජනය වන පරිදි සහෘද කලාකරුවන් සහ කලාකාරිනියන්ගේ දුරකථන අංක මෙම පොතට ඇතුළත් කර තිබෙන හෙයින් බොහෝ පිරිසකට මෙය ප්‍රයෝජනවත් වී ඇති බව අහන්න ලැබෙනවා. ඒ පිළිබඳ මා නිහතමානීව සතුටු වෙනවා. මා පෝෂණය කරන කලා ක්ෂේත්‍රයට මගෙන් සිදු කෙරෙන ඉතාම සුළු මෙහෙවරක් ලෙස මෙම දුරකථන නාමාවලිය හා දිනපොත නිකුත් කිරීම මම ඉතා කැමැත්තෙන් හා කැපවීමෙන් දිගට ම කරගෙන යනවා.
ඔබ අවුරුදු හතරක් ම විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ‘ඩ්‍රීම් ස්ටාර්’ වැඩ සටහන ගැනත් කතා කරමු.
අවුරුදු හතරක් ම එක දිගට ම ලංකාවේ මෙවැනි රියැලිටි වැඩ සටහනක විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇත්තේ මා පමණක් ම විය යුතුයි. ‘ඩ්‍රීම් ස්ටාර්ස්’ වැඩ සටහන ඊට සහභාගි වූ නවක ගායක ගායිකාවන් සමඟ ඔවුන්ගේ සිනා කඳුළු අතරමැද සංවේදී වූත් ආස්වාදනීය වූත් වැඩ සටහනක් වූ බවයි මගේ හැඟීම. ඒ වගේ ම මෙමඟින් නව පරපුරට තමන්ගේ හැකියාව උරගා බලන්න අවස්ථා ලැබීම මම අගය කරනවා.
වත්මන් සංගීත ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඔබ දකින්නේ කොහොම ද?
අද නව ආරක ගීත රැල්ලක් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. එමෙන්ම ආදායම අධික නිසා ඇතැම් පිරිස් එවැනි ගී නිර්මාණය කරනවා. විශේෂයෙන් මෙම රැල්ලේ ගීත ‘රිංගින් ටෝන්ස්’ සමඟ සීමා සහිත කාලයක් පවතිනවා. ඉන්පසු නෑසී යනවා. හොර ගී තැටි වෙළෙදුන් නිසා නිෂ්පාදකයින් ගී තැටි නිෂ්පාදන නවත්තලා. නිසි ක්‍රමවේදයක් නැති නිසා හොර ගී තැටි වෙළෙඳුන් මෙල්ල කරන්න බැරිවෙලා තියෙනවා තවමත්. ඒත් කලාකරුවෙකු ලෙස මා යම් තාක් දුරට කරගෙන යනවා මගේ ගී නිර්මාණ කටයුතු දිගට ම. රස තියෙන දේ රසික රසිකාවියන් කොහේ තිබුණත් සොයා තෝරා බේරා ගන්නවා කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මොන බාධක ආවත් මගේ නිර්මාණ කටයුතු නොකඩවා ම කරගෙන යන්න මං තීරණය කරගෙන ඉන්නවා.
ඔබේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයට මොකද වුණේ...?
දැන් දෙවරක්ම මගේ ප්‍රසංගය කල් දාන්න වුණා. එයට විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ - මගේ රුචිකත්වය පිළිබඳ හේතුවක්. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මගේ ප්‍රසංගය පවත්වන්න තමයි මගේ වැඩි රුචිකත්වය තියෙන්නේ. මට හුරු පුරුදු බවක් දැනෙනවා එහි ප්‍රසංගයක් පවත්වද්දී. ඉතින් එහි අලුත්වැඩියා කටයුතු කරගෙන යාම නිසා තමයි මගේ ප්‍රසංගය කල් දාන්න වුණේ. ඒත් මේ අවුරුද්දේ අවසානයට පෙර මගේ ගීත ප්‍රසංගය මම පවත්වනවා. එදාට මගේ අලුත්ම ගීත තැටියක් එළිදක්වනවා. දැනට එහි ගීත අටක නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඉන් ‘රෑ අහස පුරා’ (පාතිමා) සහ ‘පිබිදෙන්න වෙර දරන තාරකා’ යන ගීත දෙක මේ දිනවල විද්‍යුත් මාධ්‍යවලට ප්‍රචාරක කටයුතු කිරීම පිණිස බාර දී තිබෙනවා.
READ MORE - ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්


‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්

මහාචාර්ය ආරියරත්න ඇතුගල
මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේත්, කලා ක්ෂේත්‍රයේත් විවිධ භූමිකා රාශියකින් අපට හමුවන ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ප්‍රවීණයෙක්.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම මෙරට ජාතික රූපවාහිනී සභාපතිවරයා ලෙස කටයුතු කර, වත්මන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසින් කටයුතු කරයි.
ශ්‍රී ලාංකේය යාතුකර්ම වල එන මහසෝන් සමයම ඇසුරෙන් ඔහු ‘මහ සමයම’ නම් අති දැවැන්ත නිර්මාණය හරහා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසින් දොරට වඩින්නට සූදානමින් සිටී. ලබන ..... වැනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී කලඑළි දක්වන ‘මහ සමයම’ පිළිබඳ එතුමන් සමඟ කළ සංවාදයයි මේ.
මෙය ඔබගේ පළමු වේදිකා නාට්‍ය ප්‍රයත්නය නේද?
සැබැවින්ම. අපේ බොහෝ ප්‍රවීණ කලාකරුවන්, නිර්මාණ කරුවන් වේදිකාවෙන් ආරම්භ කරල අනෙකුත් අංශවලට යොමු වීමක් තමයි කරල තියෙන්නෙ. මගෙ පැත්තෙන් ගත්තම මම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනවා.
නමුත් මගේ කලාවේ ආරම්භය ගත්තම පාසල් වේදිකාව මගෙත් ආරම්භය කියන්න පුළුවන්. ඒ වගේම විශ්ව විද්‍යාලයේ වේදිකා නාට්‍ය සම්බන්ධ යම් යම් දේවල්, ලංකාවේ ප්‍රවීණයන්ගේ වැඩ කටයුතුවලට, සාකච්ඡාවලට මම සම්බන්ධ වෙලා තියෙනවා.
වෙනස තියෙන්නේ මම නාට්‍යයක් නොකරපු එකයි.
ඇයි මෙවැනි දෙයකින්ම ආරම්භ කරන්නට හිතුවේ.
ශක්තිමත්ම කලා මාධ්‍යය වන්නේ වේදිකාව. මේ මොහොතේ මේ රටේ වේදිකාවේ නව ප්‍රබෝධයක් තිබිය යුතුයි කියන අදහසින් මම ඉන්නෙ.
ඒ වගේම මගේ ප්‍රස්තුතය වඩාත් වේදිකාවට ගැළපෙනවා. ඒ කියන්නෙ අභිචාර, යාතු කර්ම වේදිකාවට සම්බන්ධ කාරණාවක් නිසා ප්‍රස්තුතය වේදිකාවට ගැළපීම, දියුණු වේදිකාවක් අපට හිමිවීම යන කාරණා මේ තුළ තිබෙනවා. අනෙත් කරුණ අපේ පැරැණි යාතුකර්මවල විශ්වීය ලක්ෂණ තිබෙනවා. මේවා අවතක්සේරු කරන එක ප්‍රතික්ෂේප කිරීමක් තමයි මම කරන්නෙ.
මෙය වර්තමාන කාලයට ගැළපෙන්නේ කොහොම ද?
මහසෝන් සමයමට පාවිච්චි කරන පසුතල, නිර්මාණ, රංග විලාසය වෙස් මුහුණු ආදිය ඉතාම නවීනයි. පශ්චාත් නූතන ගැමි කලාවේ කිසියම් අවදියක තමයි මහසෝනා වැනි චරිත, වෙස් මුහුණු වැනි නිෂ්පාදන ඇතිවන්නෙ.
ඒවා නවීනයි කියන එකේ තේරුම තමයි මහසෝනා යකෙක් වුණත් තියෙන්නෙ වලස් ඔළුවක්. ඒකත් තියෙන්නෙ කෙළින් නෙමෙයි කැරකිලා. අද අප අතරත් තියෙන්නෙ ඔහොමම තමයි. අනෙක් පැත්තට යන අසම්මත දේවල්. මහසෝනා ඉන්නෙ ඌරෙක්ගෙ පිටේ නැගල අලියෙක් අතේ තියාගෙන. මෙය කොයි තරම් නවීන ද? අපි මේවා ගැමි දේවල් කියල ප්‍රතික්ෂේප කිරීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.
මෙය නිර්මාණය වන්නේ නෙළුම් පොකුණ වේදිකාවට ගැළපෙන්නට ද?
මේ ලෝකයේ මහා සම්ප්‍රදාය හැදිලා තියෙන්නෙ දියුණු වේදිකා අංගත් එක්ක. රංග කාර්යයේ දී වේදිකාව වෙන් කරන්න බෑ. ඒ කියන්නෙ අන්තර්ගතයෙන් ආකෘතිය වෙන් කරන්න බෑ. මේ සමස්තයම එකක්. අනිත් කාරණය තමයි අපි පුරුදු වෙලා තිබෙන නාට්‍යවල ප්‍රමිතීන් නිවැරැදියි කියන්නත් බැහැ. ‘මහ සමයම’ දැවැන්ත නිෂ්පාදනයක් වන නිසාත්, බැලේ, ඔපෙරා වල අභාසය සමඟ ලාංකේය රංග සම්ප්‍රදායන්ගේ අභාසය ලබන නිසා නෙළුම් පොකුණ වේදිකාව වැදගත් වනවා.
ලොකු නිර්මාණාත්මක කැන්වස් එකක් හදන්න ඊට ප්‍රමාණවත් වේදිකාවක් තිබිය යුතුයි.
මෙවැනි නිර්මාණයකින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමන අරමුණක් ද?
අරමුණු කීපයක්ම තිබෙනවා. අපේ ජන සංස්කෘතියේ ඇති මෙවැනි දුර්ලභ දෑ මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ඉන් එකක්. මේ නිර්මාණය මට දිගින් දිගටම කරගෙන යන්න බැරි වේවි. ඒත් මම ගත්ත මේ පියවර ඊට හොඳ ආරම්භයක් වේවි. උදාහරණයකට ගත්තොත් සරච්චන්ද්‍රයන්ගෙ ‘මනමෙ’ නාට්‍යයේ පවා මුල් කෘතිය නෙමෙයි අද දකින්න තියෙන්නෙ. එය කාලීනව වෙනස් වෙලා. ‘මහ සමයම’ නිර්මාණයත් එහෙමයි. නෙළුම් පොකුණ වගේ තැනක සංවිධාන ව්‍යුහයක් හැදුණොත් පවත්වාගෙන යන්න පුළුවන් වේවි. මේ කාර්යය මට පෞද්ගලිකවම නැතිනම් තනිවම කරන්න බෑ. ඊට විවිධ අයගේ සහාය අවශ්‍යයි. වෙනත් නිර්මාණ පාර්ශවයන්ගේ මැදහත් වීම අවශ්‍යයි.
‘මහ සමයම’ නිර්මාණයේ ඇති දැවැන්ත බව ගැන සඳහන් කළොත්.
එදා අපේ ගම් ප්‍රදේශවල එළිවෙනතුරු මහසෝන් සමයම නැටුවේ ගමම එකතු වෙලා. එය හරි විශාල පිරිසක් දායකත්වය දුන්නු රැයක් පහන් වෙන තුරා කළ දෙයක්. දැන් සමාජයේ මේ දැවැන්ත බව නෑ.
මම කළේ අපේ සංස්කෘතියේ තිබුණු මේ දේවල් උකහා ගෙන ජාත්‍යන්තර ප්‍රමිතිය හඳුනාගෙන, පවතින නාට්‍ය කලාව හඳුනාගෙන ඉදිරි ගමනක් පිළිබඳව හිතීමයි. කෙනෙක් මෙය වැරැදි විදිහට හිතන්නත් පුළුවන්. ඒත් මම කරල තියෙන්නෙ කලාව සහ පේ‍්‍රක්ෂාගාරය බේරා ගන්න උත්සාහයක්.
මෙහි ප්‍රවීණ නළු නිළියන් විශාල ගණනක් ඉන්නවා. පසුතල අති විශාලයි. රංගන පිරිස 150 ක් පමණ වනවා. මාස 6 ක පමණ පුහුණු කාලයක් සහ විශාල වියදමක් දරලා කරන නිසා නිර්මාණය දැවැන්තයි.
ඒ වගේම මෙය විශාල අභියෝගයක් ද වනවා. රටකට මෙවැනි නිර්මාණ කාර්යයන් තිබිය යුතුයි. මොකද ලෝකය ගමන් කරන්නේ වේදිකාවේ දැවැන්ත නිෂ්පාදන සමඟ නිසා.
මීට දායක වන නිර්මාණ ශිල්පීන් ගැනත් සඳහන් කළොත්.
ඇත්තෙන්ම මීට දායක වෙලා ඉන්නෙ නිර්මාණ පිපාසාවෙන් ඉන්න පිරිසක්. සෑම දෙනෙක්ම පාහේ ඉතාමත් කැමැත්තෙන් මීට දායක වෙනවා අපේ දේවල් තාක්ෂණය සමඟ මුසු කරල ලෝකයේ ඉදිරියට යා යුතුයි කියන මතය සමඟ.
ජැක්සන් ඇන්තනී, ශි‍්‍රයන්ත මෙන්ඩිස් නිශ්ශංක දිද්දෙණිය වැන්නන් නිර්මාණ පිපාසාවෙන් ඉන්න ප්‍රවීණයන්. ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් තුළින් මීට මැදිහත් වෙනවා. චන්න විජේවර්ධන සහ ඔහුගේ නර්තන කණ්ඩායම නර්තන අංශයෙන් දායකත්වය දෙනවා. රවිබන්දු විද්‍යාපති කියන්නෙ පරම්පරා ගත දැනුම තිබෙන ශිල්පියෙක්. ඔහුත් මීට දායකත්වය දෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සංස්කෘතික අංශ, සංස්කෘතික අමාත්‍යාංශය, තරුණ සේවා සභාව වැනි ආයතනත් මීට සහාය දෙනවා.
මේ සෑම කලාකරුවකුගේම අදහස තමයි ඔවුන්ට අතපසු වුණු නිර්මාණ කාර්යයක් මා කරනවා කියන එක. එය මට විශාල ධෛර්යයක්.
එහිත් රංගවේදය ගැනත් සඳහන් කරමු.
එහි තේරුම අපි ප්‍රතික්ෂේප කරන දේට වටිනාකමක් දෙනවා කියන එකයි. මෙරට දේ කෙරෙහි විශ්වීය මානයකින් බැලීම ලෙසත් හඳුන්වන්න පුළුවන්. අපේ රටේ තිබෙන බොහෝ වටිනා, බොහෝ දේ මේ වන විට හුදෙකලා කරල විනාශ කරල තිබෙනවා. තවමත් විනාශ වෙමින් පවතිනවා. උඩරට, සබරගමු, පහතරට නර්තන අංග, චිත්‍ර ඇඳීම, ඇඹීම මේ හැම කලාවක්ම පාහේ එලෙස විනාශ වෙමින් යනවා.
මම මෙයින් කරන්නේ මේවා විශ්වීය ගුණයක් එකතු කරල විශ්වීය තලයකට ගෙන ඒම. මේ නිර්මාණ ප්‍රතිභාවන්ට ලොල් වන්නේ නැතුව, තදින් බැඳිල අපේ දෙයක් පමණයි කියල බැදෙන්නෙ නැතුව විශ්වීය ගනුදෙනුවක් කිරීම. විශේෂයෙන් නාට්‍ය ව්‍යවහාරයේ තිබෙන අන්තර් සංස්කෘතික වශයෙන් වැදගත් සංකල්පයක්.
ඔබ මුලින්ම නිර්මාණයක් කරන්නෙ පුංචි තිරයට. ඒත් මේ වන විට ඔබ ඒ පැත්තෙන් නිහඬයි.
මේ වන විට ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රය දූෂිත වෙලා. එය නිශ්චල හොඳ නිර්මාණ නොවන කර්මාන්තයක් බවට පත් වෙලා. මේවා සමඟ පොර බදන්න මට වුවමනාවක් නෑ. මම දන්නා තරමින් මෙය ප්‍රධාන පෙළේ නිර්මාණ බිහිකළ සියලුම දෙනාට පාහේ ඇතිවෙලා තියෙන තත්ත්වයක්.
එහෙම කලකිරෙන ඔබ නාට්‍ය ක්ෂේත්‍රයේ අලුත් ගමනක් අරඹනවා.
මම රාජකාරිමය වශයෙන් මාධ්‍යයට සම්බන්ධ නිලධාරියෙක්. ඒ තුළ මට මෙය අදාළ නොවන්න පුළුවන්. ඒත් පුරවැසියෙක් ලෙස විශාල මානසික ව්‍යාකූලත්වයක් මට තිබෙනවා. නූතන මාධ්‍ය කලාවේත්, සමස්ත කලාවේත් ගමන්මඟ පිළිබඳව. ඒ සමඟම මේ සමාජය ලොකු සංස්කෘතික සහනයක් ලොකු පරිවර්තනයක් ඉල්ලා සිටින බව මට පෙනුණා. ඒ නිසා බලා ඉන්නෙ නැතුව කාටවත් ඇඟිල්ල දිගු කරන්නෙ නැතුව මමම පටන් ගන්න ඕනෙ කියල මම හිතුවා. එහි ප්‍රතිඵලය තමයි මේ.
READ MORE - ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්

මහ සමයම



මහාචාර්ය ආරියරත්න ඇතුගල අලුත් නිර්මාණ කාර්ය "මහ සමයම" ඔපෙරාව, ජන සම්ප්‍රදායන් ආශ්‍රයෙන් නිර්මාණය වූ දැවැන්ත වේදිකා නාට්‍යයකි.ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, විජය නන්දසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, සහන් රන්වල, ඉන්දිකා උපමාලි, මාධනී මල්වත්ත, චතුරිකා පීරිස්, සේනානායක වේරලියද්ද යන ශිල්පීන්ගේ රංග දායකත්වයෙන් සහ කෝලිත භානු දිසානායකගේ සංගීතය මෙහෙයවීමෙන් ද රවි බන්දු විද්‍යාපති, චන්න විජේවර්ධන සහ දර්ශන පියරත්න යන අයගේ රංග වින්‍යාසයගෙන්ද ජනවාරි 30,පෙබරවාරි 1,2 යන තෙදින පස්වරු 6 ට නෙළුම් පොකුණේදී වේදිකාගත වේ .
_________________________________________________________________________________

මහසමයම

profමහසොහොන් සමයමෙහි සමයම් යාම තුනකි. හැන්දෑ සමයම, මහ සමයම හා අලූයම් සමයම වශයෙන් එය හැඳින්වේ. මහසමයම මධ්‍යම රාති‍්‍රයේ නටයි.
මහසමයම පිටපත උපදින්නේ මවිසින් පුරාණෝක්ති හා පූජාකර්ම අධ්‍යයනය කරනු ලැබීමත් සමඟය. එය දීර්ඝකාලීන ව්‍යායාමයකි. සාම්ප‍්‍රදායික කලාවන් හි  ගැඹුරු සන්නිවේදනාර්ථ අධ්‍යයනය උදෙසා ‘සංජානන’ විෂය පළමුව අධ්‍යයනය කොට තිබීම මා හට බෙහෙවින් උපකාරි විය. එ් තුළින් අතීත සමාජයේ ජනවිඥාන ධාරාව හා සාම්ප‍්‍රදායික කලා මාධ්‍ය විශ්වීය මානයන් මත තබා හැදෑරීමට පසුබිමක් ලබා දුණි.
ඉන්පසු ව දේශීය ගැමි නාට්‍ය හා නර්තන සම්ප‍්‍රදායන් පිරික්සමින් සිටින විට ”වෙස්මුහුණු” මා සිත්ගත් පර්යේෂණ ක්ෂේත‍්‍රයක් බවට පත් විය. වෙස්මුහුණු විදේශිකයන්ට විකුණන භාණ්ඩ වන්නට පෙර ඒවායෙහි පැවැති විඥාන දහරාවන් හැදෑරීම මාගේ වුවමනාව වූ අතර විශ්ව වෙස්මුහුණු  පරිශීලනය මා අමන්දානන්දයට පත් කළ කරුණක් විය. මේ අතර දර්ශන පියරත්නයන් හා කළ කතාබහත් ඔහුගේ පශ්චාත් නිබන්ධනය වූ ”මහසොහොන් සමයමේ වත් පිළිවෙත රටාව හා සාහිත්‍ය”  ඇසුරු කිරීමත් දේශීය ගැමි නර්තන සම්ප‍්‍රදායන්හි සන්නිවේදනාර්ථ සොයා ගිය මාගේ ගමන වේගවත් කිරීමටත් රසවත් කිරීමටත් හේතු විය. ඉන් අනතුරුව දේශීය යාතුකර්මවල පවත්නා විශ්වීය ලක්ෂණ විමසීමට පටන් ගැනීමෙන් පසු අපගේ නිර්මාණ ක්ෂේත‍්‍රයට මේවා කැඳවා ගෙන ඒමේ වුවමනාව මා තුළ ඇති විය.
සාම්ප‍්‍රදායික කලාවන් රැකීම හා භාවිතය සම්බන්ධ දේශීය මිනුම්දඬු, ප‍්‍රශ්නකාරී වේ. එයට හේතුව සාම්ප‍්‍රදායික කලාවන් හි මානව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක හා සන්නිවේදන විද්‍යාත්මක අර්ථ හඳුනා ගනිමින් ඒමත ගොඩනැගුණු නිර්මාණවේදයක් ශී‍්‍ර ලංකාවේ දක්නට නොලැබීමයි. විශේෂයෙන් සවිස්තරාත්මක  අධ්‍යයනය (Descriptive studies)  මඟින් බිහි වූ කෘති දක්නට ලැබෙතත් බහුවිෂය විද්‍යාත්මක පදනමින් වන නිර්මාණකරණයක් හෝ ශාස්තී‍්‍රය අධ්‍යයන හෝ ව්‍යාප්ත ව දක්නට නොලැබේ.
එසේ ම සාම්ප‍්‍රදායික කලාවන් ජාතික උරුමයන් ලෙස නොව සීමිත කොටසගේ උරුමයක් ලෙස පැවතීම එම කලාවන් හි පැවැත් ම, දියුණුව ඇන සිටීමට බලපෑ  ප‍්‍රධාන හේතුවයි. සාම්ප‍්‍රදායික දේ හමස් පෙට්ටියේ ලා රැුකීම විනාශයට මුල වන අතර සම්ප‍්‍රදායික කලාවන් දීර්ඝකාලීන ව පවත්වා ගෙන යෑමට හේතු වන්නේ ඒවා පොදු කලාවන්ට විවෘත කිරීමෙනි. ජන කලාවන්ට ලොල්වීම හෝ තණ්හාවෙන් රැකීම හෝ මඟින් ඒවායෙහි ප‍්‍රබෝධය හෝ පැවැත්ම තහවුරු නොකරයි.
දේශීය යාතුකර්ම තුළ විශ්වීය නාට්‍ය ධර්මතා පවතී. ගී‍්‍රක නාට්‍යයට රංග භූමියක් තිබුණ ද යාතු කර්මයට රංග භූමියක් නොවුණි. ශී‍්‍ර ලංකාවේ යාතුකර්මය සිදු කරන භූමි ප‍්‍රදේශය ම රංග භූමියක් විය. එකී රංග භූමිය විශ්ව ආකෘතියකට හසු නොවුණු නිසා යාතු කර්ම ගැමි යාතුකර්ම ලෙස  ම පැවතුණි.
ගී‍්‍රක නාට්‍ය මූලධර්මයනට නොදෙවෙනි නාට්‍යමය දෘෂ්ටිවාදයක් යතුකර්ම තුළ පවතින අයුරු අප අධ්‍යයන ඔස්සේ වටහාගත යුතුය. විශේෂයෙන් යාතුකර්ම ආධ්‍යාත්මික, අධි මානසික, මනෝවිද්‍යාත්මක හා නිර්මාණාත්මක පදනමකින් ගොඩනැෙඟන්නකි. රංග ශිල්පියා හා පේ‍්‍රක්ෂකයා අතර සම්බන්ධතාව ඉතා ම සියුම් සන්නිවේදනාර්ථ සහිතය. අනෙක් අතින් නාට්‍යමය උපකරණ හා පසුතල භාවිතයන් බොහෝ ප‍්‍රකාශනාත්මකය. නිදසුනක් ලෙස සූනියම් විදීය පසුතලය ලොව කිසිදු රටක සාම්ප‍්‍රදායික කලාවක දක්නට නොමැති නාට්‍යමය පසුතලයක් ලෙස මම දකිමි.
වෙස්මුහුණු අධ්‍යයනය කරන විට පෙනී ගිය ප‍්‍රධාන කරුණක් වන්නේ මේවා ශී‍්‍ර ලංකාව තුළ ගැඹුරු මානව හෝ සංස්කෘතික අධ්‍යයනවලට හසු ව නොමැති බවයි. මුලින් සඳහන් කළ සවිස්තරාත්මක තොරතුරු දැක්වීම් දක්නට ලැබෙතත් එම තත්ත්වය ද වර්තමානය වන විට බොහෝ වෙනස් ව අධ්‍යයන ක්ෂේත‍්‍රයන්ගෙන්  දුරස් වෙමින් ද පවතී. වෙස්මුහුණුවල පවත්නා ප‍්‍රකාශන ශක්තිය අපගේ වේදිකා නාට්‍ය තුළ ප‍්‍රමාණවත් ලෙස අප උරගා නොමැත්තේ ය.
අපගේ සාම්ප‍්‍රදායික සාමුහික ගැමි කලාවන් නාගරීකරණයට ගොදුරු වීම. ඉතිහාසය තුළ මුහුණ දුන් ප‍්‍රධාන ගැටලූවකි. එ්වා නාගරිකරණයට (Urbanization) හසු වීමෙන් එ්වායෙහි ගැඹුරු මානව වටිනාකම් යටගිය අතර, ඇතැම්  කලා අංග හා භාවිත ද්‍රව්‍යමය භාවිතයන් ද විනාශ වී ගොස් ඉතුරු වූ දෙයට භෞතික අගයක් ලැබුණි. එ් අයුරින් නර්තනය උත්සව ප‍්‍රසංග කලා අංග බවට ද වෙස්මුහුණ සංස්කෘතික අලෙවි භාණ්ඩ බවට ද පත්විය. අපගේ සම්ප‍්‍රදායික කලාවන්ට සිදු වූ අනෙක් අනතුර නම් විධිමත් අධ්‍යාපනයට නිසි ලෙස බද්ධ නොවීමයි. සාම්ප‍්‍රදායික ශිල්පීන් සාම්ප‍්‍රදායික අයුරින් ම ඒවා අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඇතුළත් කළ අතර පර්යේෂණ, ගවේෂණ හා නව නිර්මාණ අධ්‍යයන යනාදියට එම පරිසරය ප‍්‍රමාණවත් ලෙස අවකාශ ලබා දුන්නේ නැත. ප පාරම්පරික අනුකරණය ප‍්‍රධාන අධ්‍යාපන ප‍්‍රවේශය විය.
සාම්ප‍්‍රදායික කලා අධ්‍ය්‍යනයේ දී මතු වන ගැටලූ රැසකි. සම්ප‍්‍රදායික කලාවන් සංස්කෘතිය තුළ සිට විශ්ලේෂණය කරන විට පළමුව ඒවායෙහි දෘශ්‍යමාන මතුපිට සංස්කෘතිය හසු වේ. එලෙස ඉතිහාසය, සාහිත්‍යය, පුරාණෝක්ති, නැටුම්, සංගීත, ඇඳුම් පැළඳුම් හා සිරිත් විරිත් යනාදිය තුළ භෞතික වශයෙන් හසුවන විඥාන දහරාව අංග සම්පූර්ණ හෝ පරිශුද්ධ හෝ නොවේ. සංස්කෘතික කලා අංගවල නොපෙනෙන අගයන්, ආකල්ප, හා හැඟීම් යනාදිය හඳුනා ගැනීම අසීරුවේ. එබැවින් සාම්ප‍්‍රදායික සමාජ වකවානුව හා නූතන වකවානුව අතර ඇති පරතරය අවම කිරීමේ කාල යාත‍්‍රාකරණය යන්නෙන් අදහස් කෙරෙන්නේ අතීතයේ මිනිසා සිතු ආකාරය හඳුනාගැනීම ය.
සාම්ප‍්‍රදායික කලා ක‍්‍රම උත්පාදනයට බලපෑ ප‍්‍රවීණත්ව කුසලතා විමසන විට ප‍්‍රධාන සීමාවන් කීපයක් හමු වේ. ඒ අතර දැනුවත්භාවය හා සම්මුතික විවිධත්වය පිළිබඳ (Acceptance of Differences) පිළිබ`ද අවබෝධය ඉතා වැදගත් වේ. විශේෂයෙන් ඒ ඒ කාල වකාවනු අනුව යමක් පිළිබඳ පවත්නා සම්මුති වෙනස් වේ. එබැවින් සම්මුතික විවිධත්වය කාලානුරූපව හැදෑරීම නොකොට ඒවායෙහි සැබෑ වටිනාකම් හඳුනාගත නොහැකිය. එසේ ම ඒ ඒ වකවානුවල නිර්මාණ ශිල්පීන්ගේ ස්වයං දැනුවත්භාවය (Self-awareness) මත ද නිර්මාණ අගයන් වෙනස් වේ. යාතුකර්මයක කි‍්‍රයාදාම ඒ ඒ ඇදුරාගේ ස්වයං දැනුවත්භාවය මත වෙනස් වේ.  අනෙක් අතින් එ් එ් කාලවකවානුවල ශිල්පියාගේ කුසලතා අනුවර්තනයට ද භාජන වේ. එම අනුවර්තනය ද විවිධත්වය ද අතිශයින් ගතික කි‍්‍රයාවලියකි.
සාම්ප‍්‍රදායික කලාවන් හෝ නිර්මාණ ශිල්පීන් බොහෝ විට වර්තමාන අධ්‍යයන අතරට එකතු වන්නේ එ්කාකෘතික (Stereotype) අයුරිනි. කණ්ඩායම් නිර්මාණ සාමාන්‍යකරණය කිරීම එ මඟින් සිදු විය. එනම් යාතුකර්ම ගුරු කුල තුළ විවිධතා පැවතුණි ද බොහෝ අර්ථ විග‍්‍රහයන් දැක්වෙන්නේ එම සියලූ ගුරුකුල සාමාන්‍යකරණය කරමිනි. අනෙක් අතට එකී විග‍්‍රහ ඉදිරියට පමුණුවන්නේ ද ධනාත්මක හා ඍණාත්මක වශයෙනි. සාම්ප‍්‍රදායික මතධාරීන්ට අනුව මෙලෙස ධනාත්මක හා ඍණාත්මක වශයෙන් ප‍්‍රධාන වර්ගීකරණ දෙකකින් දැක්වීම එම කලාවන්හි යථාර්ථය වසන් වීමට හේතු වේ.
සාම්ප‍්‍රදායික කලාවන් සම්බන්ධ වත්මන් සමාජයේ පවත්නා පූර්ව විනිශ්චයන් හානිකර විනිශ්චයන් ලෙස සමාජ භාවිතාය තුළ පැවති. එ්වායෙහි නිවැරැදිතා අපට නැවත අධ්‍යයනයෙන් හඳුනාගැනීමට සිදු වේ. එනම් ‘මිථ්‍යාවට වහල්වීම’, ‘මිථ්‍යාව නොවටිනා දෙයකි’, ‘පුරාණය සාම්ප‍්‍රදායිකය’, ‘ගතානුගතිකය’, ‘ගැමි කලාවන් නූතන නාට්‍යයට තරම් නො වේ’. ආදී වශයෙන් ඇති පූර්ව විනිශ්චයන් පශ්චාත් අධ්‍යයනයට හසු කළ යුතු ව ඇත.  
ඉපැරණි පුරාණෝක්ති ප‍්‍රමුඛ කලාවන් හි සාර්වති‍්‍රක ගුණය (Ubiquitous) වැඩිය. සමාන වූ කි‍්‍රයා ලෝකයේ සියලූ ම සංස්කෘතීන්ගේ ම සිදු ව ඇති බව එ්වා තුළින් පැහැදිලි වේ. එ්වායෙහි අරමුණු සමාන වන අතර, ඒ සඳහා භාවිත කි‍්‍රයාමාර්ග පමණක් වෙනස් වේ. එබැවින් සාම්ප‍්‍රදායික කලා අධ්‍යයනයන්හි පදනම විශ්වීය වන්නේ ය. ඒ ඒ  රටවල සම්ප‍්‍රදායන්  තුලනාත්මක ව ගෙන හැදෑරීමෙන් බොහෝ නිර්මාණ ප‍්‍රවේශ හඳුනාගත හැකි වේ. 
  
සංස්කෘතිය හා ස්වභාව ධර්මය අතර සම්බන්ධතාවන්ගෙන් නිර්මාණාත්මක මානව ප‍්‍රකාශන හටගනී. එ් අනුව එක සංස්කෘතියක වටිනාකම්වලට වඩා අන්තර් සංස්කෘතික වටිනාකම් බලසම්පන්න වේ.  විශේෂයෙන් මනෝ විද්‍යාව බිහිවන්නටත් පෙර නූතන මනෝ විද්‍යාවටත් හසු නොවන පරා මනෝවිද්‍යාත්මක (Parapsychology) සංකල්ප හා න්‍යාය ධර්මයන්හි සිට කලාකරුවා කටයුතු කළ ආකාරය සම්ප‍්‍රදායික කලාවන් ඔස්සේ වටහා ගත හැකි ය. පරචිත්තඥානය (Telepathy) ඔස්සේ අන්‍ය මනසක්, කියැවීම යනාදියට තිබූ හැකියාව පැරණි සමාජ තුළ පැවැති කලාවන්ගෙන් දැකිය හැකිය. සාමාන්‍ය දැනුමට එහා ගිය ඉදිරි සිදුවීම් දැකීමේ දිවැස් (Clairvoyance) හැකියාව හා සිතෙහි බලයෙන් දුර ඇති වස්තූන් සෙලවීමේ හැකියාව (Telekinesis) වැනි දේ සාම්ප‍්‍රදායික යාතුකර්ම හා වෙස්මුහුණු විෂය තුළ දැකිය හැකියි. එබැවින් සාම්ප‍්‍රදායික දේ හුදු කලා ශිල්ප ක‍්‍රම පමණක් නොවන බව ද වටහා ගත යුතු ව ඇත.
බොහෝ සාම්ප‍්‍රදායික උගතුන්ගේ සාම්ප‍්‍රදායික විශ්ලේෂණයන් ආටෝප විද්‍යාත්මකය. කලා ක‍්‍රමයන් හි පවත්නා ගැඹුරු මනෝ විද්‍යාත්මක, මානව විද්‍යාත්මක හෝ සන්නිවේදන විද්‍යාත්මක තත්ත්ව අපේ දේ, රැකගත යුතු දේ, ලෙස ලගු කොට ඒවා සමඟ ජිවත් වූ ගුරු ඇදුරන්ගේ ගුණ වර්ණනා කරමින් ඔවුන්ගේ දේ භාවිත කිරීම හැරුණු කොට මේවායෙහි විද්‍යාත්මක පදනම් අධ්‍යයනය නොකිරීම පර්යේෂණ ක්ෂේත‍්‍රයේ ඇති බරපතළ තත්ත්වයකි.  
පුරාණෝක්තිගත ජන නාට්‍ය සම්ප‍්‍රදායට නූතන වේදිකාවට ආරාධනා කරනු වස් නිර්මාණ කෙරෙන ”මහසමයම” වේදිකා නාට්‍යය ශී‍්‍ර ලාංකේය නාට්‍ය වංශයට අලූත් පරිච්ෙඡ්දයක් එකතු කරනු ඇත. විශේෂයෙන් දේශීය පූජාකර්ම වන ශාන්ති කර්ම හා යාතුකර්මවල එන නාට්‍ය ලක්ෂණ මෙම නාට්‍ය තුළ පර්යේෂණාත්මක ව භාවිත කෙරේ. ඊට අමතර ව ඉන්දියානු මිථ්‍යාලෝකයේ පුරාවෘත ආභාසයන් ද අන්තර් සංස්කෘතික විඥාන සම්බන්ධතා විෂය කර ගැනීම මෙහි දී සිදු කෙරුණි. මානව හා මනෝවිද්‍යාත්මක, ආධ්‍යාත්මික හා භූතාපසරණ ප‍්‍රවේශයන් ඔස්සේ  නාට්‍ය තුළ ”වෙස්මුහුණු” භාවිත වන අතර, නූතන වේදිකාවට නිර්මාණාත්මක ප‍්‍රවේශයක් ලෙස වඩාත් අවධානය යොමු කොට නාට්‍යමය ලෙස භාවිත කෙරේ.
මහසමයම නාට්‍යයේ දී ඉන්දීය පුරාණෝක්ති අතර ප‍්‍රධාන ව එන බ‍්‍රහ්ම, විෂ්ණු හා ඊශ්වර ති‍්‍රමුර්තිය හා බැඳුණු විශ්වයේ උපත පිළිබඳ ව පුවත පාදක කර ගැනීමෙන් අග්නිදිග ආසියානු අතීත ජනයාගේ චින්තන දහරාවන් හා ඒවා අපට බලපෑ ආකාරයත් නිර්මාණාත්මක ප‍්‍රවේශයන් ඔස්සේ විශ්වය හා මානව සම්බන්ධතා විශ්ලේෂණය කළ ආකාරයත් පිළිබඳ නිරීක්ෂණයක නිරත වේ. අනතුරු ව විදේශීය මිථ්‍යාවන් හා බලවේග අපගේ ආධ්‍යාත්මයන් යටත්විජිතකරණයට හසුකරණ ආකාරයත් එ් තුළ බලය කි‍්‍රයාත්මක වන ආකාරයත් ප‍්‍රශ්න කෙරේ.  අද අප මුහුණ දෙන සමාජ දේශපාලනික, සංස්කෘතික ප‍්‍රශ්න විසඳා ගැනීමට හෝ වටහා ගැනීමට අවශ්‍ය විශාල තීක්ෂණ බුද්ධිය ගොඩනඟා ගන්නේ කෙසේ ද ? අපට බලපෑම් කරන ආධ්‍යාත්මය අප විසින් ම පෙරළා දැමීමට උත්සාහ කළ යුතු නොවේ ද ? යනාදිය මෙම ප‍්‍රස්තුතයට හසු වේ.
මහාචාර්ය ආරියරත්න ඇතුගල
READ MORE - මහ සමයම

‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා


‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා

සිතාරා පවිත්‍රානී
ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සුජාත දියණිය’ ටෙලිවෘත්තාන්තය මෙතරම්ම ජනපි‍්‍රය වීමට බලපා ඇති හේතු අතර එක් ප්‍රධාන හේතුවකි; එය සිංහල බසින් හඬකවා තිබීම. මෙහි චංගුමී චරිතයට කටහඬින් පණදෙන ශිල්පිනිය හඳුනා ගැනීමට ඔබ කැමැති ඇතිවාට සැක නැත. කොරියානු චංගුමී සිංහල චංගුමී කෙනෙකු බවට පත්කළ ඒ කටහඬේ හිමිකාරිය සිතාරා පවිත්‍රානි ය. ඇය වසර 20 කට ආසන්න කාලයක් හඬ කැවීමේ ක්‍ෂේත්‍රයේ නියැළී ඇත. චංගුමී ගැන කියන්න සිතාරාට නම් බොහෝ දේ තිබුණි.
”චංගුමී වගේ චරිතයකට එක්වීමට මගේ හිතේ ලොකු හීනයක් තිබුණා. ඒ හීනය සැබෑවුණේ මම නොහිතූ මොහොතක. මම ජාතික රූපවාහිනියේ හඬකැවීම් අංශයේ නිර්මාණවලට දායක වීමට පටන් ගත්තේ 1994 දී. ඒ ‘රාමායනය’ කතාවේ සීතාගේ චරිතයට එක්වෙමින්. ඒ කාලේ ඉඳලාම මම මේ ක්ෂේත්‍රයේ ගොඩාක් අත්දැකීම් ලබාගත්තා.
මට මේ වැඩසටහනට දායක වෙන්න කතා කළේ දුරකතනයෙන්. මම මැදිරියට යනකන්ම දැනගන හිටියේ නෑ චරිතය මොකක්ද කියලවත්, දෙබස් කියනකොට අනිත් අය කිව්වා “ආ ඔයාද චංගුමී චරිතය කරන්නේ ඒක තමයි කතාවේ ප්‍රධාන චරිතය කියලා. ඒ වනවිට චංගුමීගේ ළමා කාලයේ දෙබස් පටිගත කරලත් ඉවරයි.”
’සුජාත දියණිය’ සාර්ථක වීමට ප්‍රධානම හේතුව ජාතික රූපවාහිනී හඬකැවීම් අංශයේ ඇති පසුබිමයි. ඒ අංශයේ නියමුවා ලෙස කටයුතු කරන අතුල රන්සිරිලාල්ගේ නායකත්වය මඟ පෙන්වීම මෙන්ම මෙහෙයවීම පිළිබඳ සිතාරා සිහිපත් කළේ හැඟීම්බරවය.
”අපි හඬකැවීම් සිදු කරන්නේ ඒ චරිතයේ ජීවත් වෙමින්. අප ඉදිරියේ ඇති තිරයේ නාට්‍යය දැක්වෙනවා. කොරියානු බසින් කියන දෙබස් යාන්තමට ඇසුණත් මගේ අවධානය මුළුමනින්ම යොමුවන්නේ පිටපතටයි. පිටපත දෙස බලමින් රූපය (ටෙලිනාට්‍ය) දෙස බලමින් මම දෙබස් කියනවා. ඒ වෙලාවට මට මාව මොහොතකට අමතක වෙනවා. මට දැනෙන්නේ ඒ තරම් දුක් කරදර වෙන්නේ මටමදැයි කියලා. දෙබස් නැති තැනකට වුණත් සුසුමක්, හැඬුමක් එකතු කරන්න ලැබෙන්නේ ඒ විදිහට රඟපෑමේ යෙදෙන විටයි.”
වෘත්තීය හඬකැවීම් ශිල්පිනියක ලෙස සිතාරා චරිත ගණනාවකටම සිය කටහ¼ඩින් පණදී තිබෙනවා. ඒ අතර කාටුන් චරිතත් තිබෙනවා. කූබිච්චී, ස්කුබිඩුහී වෙල්මා වැනි චරිත ඒ අතර වඩා ජනපි‍්‍රය වී තිබේ.
මෙතෙක් තමා රඟපා ඇති චරිත අතරින් වැඩිම ප්‍රතිචාර ලැබුණු චරිතය ‘චංගුමී’ බවයි සිතාරා පවසන්නේ.
”චංගුමී වගේ චරිතයකට දායකවීමට ලැබීම මට විශාල සතුටක්. හඬකැවීම් ශිල්පිනියක් විදිහට මම මෙයින් විශාල තෘප්තියක් ලැබුවා. ප්‍රේක්‍ෂකයන් බොහෝදෙනෙක් මගේ දුරකතන අංකය සොයාගෙන කතා කරනවා. කාලෙකින් හොඳ නිර්මාණයකට දායකවීමට ලැබීම පිළිබඳ මම හැබෑවටම සතුටු වෙනවා.”
READ MORE - ‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා

මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා


මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා

චතුරිකා පීරිස්

චතුරිකා පීරිස් පසුගිය සති කීපයේ මාධ්‍යයන්හි වඩාත් ම කතාබහට ලක්වුණු තැනැත්තියක බවට පත්වූවාය. ඒ චතුරිකාගේත් රොෂාන්ගේත් වෙන්වීම පිළිබඳ ලියැවුණු ප්‍රවෘත්ති නිසාය. චතුරිකා අපට සිටින දක්ෂතම රංගන ශිල්පිනියකි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සම්මාන ගණනාවක් ම හිමිකර ගැනීමට චතුරිකාට මේ වනවිට හැකියාව ලැබී ඇත. එසේම ඇය කිව යුතුදේ ඍජුවම කියන තැනැත්තියකි. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වන්නේ චතුරිකා සමඟ කළ කතාබහ වෙනුවෙනි.
චතුරිකා කොහොමද මේ දිනවල ඔබේ කාලය ගෙවෙන්නේ?
මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නව. එකක් හිරු ඊ.ඍනාළිකාවේ “හිරු තනිවෙලා” ටෙලිනාට්‍යය. අනෙක ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට නියමිත ‘බිඳුණු සිත්’ ටෙලිනාට්‍යය. එය පෙබරවාරි මාසයේ ඉඳල විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම මාර්තු මාසයේ සිට සිරස නාළිකාවෙන් විකාශය වීමට නියමිත “ශාන්ති” ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් වලටත් මේ දිනවල සම්බන්ධවෙලා ඉන්නව. ඊට අමතරව මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ “මහ සමයම” වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වල මේ දිනවල නිරතවෙලා ඉන්නව.
මහාචාර්ය ඇතුගලයන්ගේ “මහ සමයම” වේදිකා නාට්‍යයට සම්බන්ධ වීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?
මේ මගේ පළමු වේදිකා නාට්‍ය රංගනය. මෙහි රඟපෑම මට යම් පමණක අභියෝගයක් වුණා. මෙය ‘ඔපෙරා ශෛලියේ වේදිකා නාට්‍යයක්. මෙහි රංගනය පමණක් නෙමෙයි නර්තනයත් ගායනයත් තිබෙනවා. මම නිරූපණය කරන්නෙ විෂ්ණු දෙවඟනගෙ භූමිකාව. මාත් එක්ක ඊශ්වර දෙවියන්ගේ චරිතය රඟපාන්නෙ චන්න විජේවර්ධන. ඒ වගේ ම බස්මාසුර චරිතය රඟපාන්නෙ ප්‍රවීණ නර්තන ශිල්පී රවිබන්ධු විද්‍යාපති. ඒ වගේම මේ වේදිකා නාට්‍යයේ ශි‍්‍රයන්ත අයියා, ජැක්සන් අයියා, දිද්දෙණිය අයියා වැනි ප්‍රවීණයින් රඟපානවා. ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමමත් භාග්‍යයක්.
”හිරු තනිවෙලා” ටෙලිනාට්‍යයේ ඔබේ රඟපෑමට ලැබෙන ප්‍රතිචාර..?
මෙය ඉතාම ජනපි‍්‍රය කතාවක්. මම හිතුවටත් වැඩිය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
රොෂාන්ගේත් ඔබේත් වෙන්වීම ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. ඒ සිදුවීම ගැන දැන් මොනවද ඔබට හිතෙන්නේ?
ඒ ප්‍රශ්නය ඇතිවුණු දවස්වල මාධ්‍යයට අදහස් දැක්වූවේ අපරාදේ කියල දැන් මට හිතෙනව. ඒ අවස්ථාවේ මා වටා හිටිය පිරිස මට වැඩිය කලබල වුණා. මම ඒ දවස්වල සිටියේ රූපගත කිරීමක. පත්තරයක් බලන්නවත් මට නිදහසක් තිබුණේ නෑ. ඉතින් මා වටා සිටි සමහර අය මෙහෙම කියන්න, මෙහෙම කරන්න කියල මට කිව්ව. ඒ විදියට ඒ ප්‍රශ්නය ගොඩක් දුරදිග ගියා. මට දැන් හිතෙනව ඒ වෙලාවෙ මාධ්‍යයට වචනයක්වත් ඒ ගැන නොකිය සිටිය නම් හොඳයි කියල. කවුරු මොනව කිව්වත් මොනව හිතුවත් මට තිබුනෙ සත්‍ය එළිවෙනකල් නිහඬව ඉන්නයි කියල දැන් මට හිතෙනව.
ජීවිතය ගැන ඔබට මොනවද හිතෙන්නෙ?
ජීවිතය කියන්නෙ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙමෙයි. ජීවිතය විඳින්නේ නැතිනම් ජීවත්වෙලා වැඩක් නෑ. ජීවිතේ තමුන්ට කොහේදි හරි වැරැද්දක් වෙලා තියෙනවා නම් එය නිවැරැදි කරගන්න පුළුවනි. නමුත් “මට මෙහෙම වැරැද්දක් වුණා. දැන් මම මෙහෙම කළොත් සමාජය මොනව කියයිද” කියල ඒ වැරැද්ද අස්සෙ ඉඳගෙන විඳව විඳවා ඉන්න එකේ තේරුමක් නෑ. ඊට වැඩිය හොඳයි සිය දිවි හානි කරගන්න එක. මම නම් හිතන්නෙ මේ ජීවත්වෙන පුංචි කාලෙදි අපි ජීවිතය විඳවන්නෙ නැතිව ජීවිතය විඳිය යුතුයි කියලයි; ජීවිතය විඳවන්න වෙන දෙයින් ඈත් විය යුතුයි කියලයි.
මේ අවුරුද්ද ඔබ කොහොමද සැලසුම් කරල තියෙන්නෙ?
අපේ නිෂ්පාදන ආයතනයට ලැබී තිබෙන චිත්‍රපට දෙකේ වැඩ හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අවුරුද්දෙ විදෙස් සංචාර දෙකකට ආරාධනා ලැබිල තියෙනව. ඒ වැඩ සාර්ථකව නිම කරගන්න තමයි බලාපොරොත්තුව.
පසුගිය කාලේ ඇතිවුණු ගැටලුවලදි පවුලේ අය ඔබත් සමඟ සිටියද?
ඇත්තටම ඔව්. අම්ම තාත්ත ඇතුළු සියලුම දෙනා මා සමඟ සිටියා. නමුත් මම කාගෙන්වත් උදව් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ මොකද තවත් කෙනෙකුට උදව් කරන්න කාටවත් බැරි නිසා. මගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න ඕන කොහොමද? වැටුණු තැනින් නැගිටල ඉදිරියට යන්නෙ කොහොමද කියල තීරණය කරන්න ඕන මම. මගෙ හිත දන්නව මම කිසිම වැරැද්දක් කළේ නැහැ කියල. ඒ වගේම මම කුමක් හෝ දෙයක් කළා නම් එයින් කාට හෝ හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ. මම අද හෙට මැරුණේ නැතිනම් හැමෝටම දැනගන්න ලැබේවි සත්‍ය මොකක්ද කියල. බුද්ධිමත්ව සිතුවොත් ප්‍රශ්න විසඳගන්න ලේසියි. සම්ප්‍රදායිකව බැලුවොත් ප්‍රශ්න විසඳගන්න අමාරුයි.
කලා ලෝකයේ දැන් වෙන්වීම් බහුලයි නේද?
කලා ලෝකයේ පමණක් නෙමෙයි හැම තැනකම එහෙම ඇති. බැංකුවලත් තියෙනව. වෙනත් ආයතනවලත් තියෙනව. පාර්ලිමේන්තුවේත් වෙන්වීම් තියෙනවනේ. නමුත් කලා ලෝකයේ දෙයක් සිදුවුණාමයි මිනිසුන් ඒ ගැන සොයන්නේ. ඒ හැටි. මම හිතන්නේ ජීවිතේ විඳවන්නේ නැතිව ඉන්න ටික කාලෙ හරි ජීවිතේ විඳල මැරිලා යනවා නම්, ලබන ආත්මේ හරි සතුටින් ඉන්න ලැබේවි කියලයි.
ඔබ පුවත් මවන්නියක්ද?
නැහැ මට පුවත් මවන්න වුවමනාවක් නෑ. මා ගැන ලොකුවටම කතාවුණු ප්‍රවෘත්ති තමයි පසුගිය කාලේ පළවුණේ. ඊට කලින් එහෙම දෙයක් වෙලා නෑ. කලා ලෝකයේ ඉන්න සමහරු ජනපි‍්‍රය වෙන්න ප්‍රවෘත්ති මැව්වාට මට එහෙම වුවමනාවක් නෑ.

silumina
READ MORE - මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා

මෙන්න වැඩක් - “රඟහල“


http://rangahala.lk/




රඟහල වෙබ් අඩවිය වනාහී වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් මෙතෙක් පැවති අඩුපාඩුවක් සපුරාලීම වෙනුවෙන්ම ආරම්භ කළ බව මෙහිදී ඉතා නිහතමානීව දැනුම් දෙමි. අනෙක් ජනප්‍රිය කලා අංශයන් බොහොමයක් වෙත වත්මන් සමාජයේ සැලකිලි ලැබුණත් වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් ලැබෙන සැලකිල්ල ඊට සාපේක්ෂව ඉතා මඳ බව මගේ හැඟීමයි. ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන වේදිකා නාට්‍ය කලාව තවදුරටත් මිනිසාට ඉතා සමීප කලා මාධ්‍යක් ලෙසින් ඔසවා තැබීම මෙහි අරමුණයි. වේදිකා නාට්‍ය කලාවේ නියැලෙන රංගන ශිල්පීන් සහ ඊට සම්බන්ධ අනෙකුත් නිර්මාණකරුවන් ඒකරාශී කිරීමත් මෙහි අරමුණු අතර වේ. ඔවුනටද හොඳ සමාජ පසුබිමක් ඇතිකරලීමටද මෙම උත්සාහය මහෝපකාරීවනු ඇතැයි බලාපොරොත්තු වෙමි. “රඟහල“ වේදිකා නාට්‍ය කලාවේ යෙදෙන ඔබේ නවාතැන ලෙසින් සලකන්න. ඔබ වේදිකා නාට්‍ය කලාවේ කුමන අංශයකට සම්බන්ධ අයෙක් වුවත් අප හා එක්වන්න. “රඟහල“ ඉදිරියටත් ඉතා විධිමත්ව කරගෙන යාමට ඔබේ අදහස් උදහස් අප වෙත දන්වන්න. ස්තුතියි.!

- ජානක

If you would like to receive further information about Rangahala, you can contact us by filling out the online form below.
Address : No.17/2, 3rd Lane, President College Road, Rajagiriya, Sri Lanka.
Mobile number : 0 71 8 60 5991
Email : info@rangahala.lk
READ MORE - මෙන්න වැඩක් - “රඟහල“

මාස්ටර් ගැන අහන්න, 23 රාත‍්‍රී 8ට බස් Radio අහන්න

Tuesday, January 22, 2013



READ MORE - මාස්ටර් ගැන අහන්න, 23 රාත‍්‍රී 8ට බස් Radio අහන්න

විශිෂ්ටයි (ඔබ වන් පියෙකු ලද කැලණිය)

Wednesday, January 2, 2013


කැලණිය විශ්ව විද්‍යාලයේ  
දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද‍්‍රයේ 
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී 
නලින්ද ධර්මරත්න මහතා 
එහි අධ්‍යයන සිසු සිසුවියන්ගේ විභාග ගැටලු වලට 
පියෙකු මෙන් දයාබරව කඩිනම් පිලියම් යොදමින් 
කටයුතු කරනු අහම්බෙන් දුටිමි.

අප ඇස් පින් කල බව හගිමි.
ඔබ වන් පියෙකු ලද කැලණිය රමණීය වන බව සපථ විනි.
බොහෝ දෙනාගේ දැනගැනුම් පිණිස ලියා තැබුවෙමි.

READ MORE - විශිෂ්ටයි (ඔබ වන් පියෙකු ලද කැලණිය)

අපටත් ප්‍රශ්නයක්


අංජනට මේ හැකියාව ආවේ කොහොමද කියන එක අපටත් ප්‍රශ්නයක්

PDFPrintE-mail
a3-1පොඩ්ඩන්ට පුළුවන් වැඩ සටහනේදී දක්ෂතා දැක්වූ දරුවෙක් යන හැකියාවන්ගෙන් යුක්ත දරුවන් අතරේ සිරස ‍පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ පුංචි තරුවක් වූයේ අංජන යසීරු ජයවර්ධන පුතයි. අංජනට බෙග් මාස්ටර්ගේ වගේම අමරදේව මහත්මයගේ ගීතත් ඉතාමත් ලස්සනට ගායනා කරන්න පුළුවන් වුණ නිසා හැමෝගෙම අවධානය ඔහුට ලැබුණා. විනිසුරු මඩුල්ල පවා අංජනගේ දක්ෂතාවයන් ගැන පසුගිය කා‍ලේ බොහොම ඉහළින් වර්ණනා කළේ සංගීතය පිළිබඳ ගැඹුරින් හදාරන්නේ නැතිව කුඩා වයසේ දී ගීත ගායනා කරන්නට හැකිවුණ නිසයි. අංජන දැනට ඉගෙන ගන්නේ හොරණ අශෝක විද්‍යාලයේ පහේ පන්තියේ. එයාගෙ ගම හොරණ ‍පෝරුවදණ්ඩ. හැබැයි අංජන තාමත් සංගීතය විෂයක් හැටියට හදාරන දරුවෙක් නමෛයි. පුතාට සංගීතය පිළිබඳ තිබුණ දැනුම ගැන අපට ඇත්තටම පුදුමයි. මම රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කරන කෙනෙක්. එයාගේ අම්මා ගේ දොර වැඩ කටයුතු කරන අතරේ දරුවන්ට උගන්වන්න වෙහෙසෙනවා. අපේ පවු‍ලේ දරුවෝ දෙන්නයි ඉන්නේ. අංජන කියන්නෙ බාල පුතා. එයාට වැඩිමල් තව එක පුතෙක් ඉන්නවා. පවුල් පසුබිම දිහා බැලුවොත් අපේ පවු‍ලේ අංජනට ඇර කාටවත් ගීත ගායනා කිරීමේ හැකියාව නැහැ. අංජන ගේ තාත්තා අපට කිව්වා. අංජන මුලින්ම කැමැත්තක් දක්වලා තියෙන්නේ ගී ගායනාවට නමෛයි. වාදනයටයි. ඒ ගැන අංජනගේ තාත්තා කිව්වේ මේ විදියටයි. ලොකු පුතා පුංචි කා‍ලේ අපි බොහොම ‍පොඩි ගාණකට ඕගන් එකක් අරගෙන දුන්නා. අපි හිතුවා එයා ඕගන් වාදනය ඉගෙන ගනීවි කියලා. ඒත් එයා මාසයක් විතර ඕගන් වාදනය කරන්න පුරුදු වෙලා ඒක පැත්තකටම දැම්මා. ඉන් පස්සේ ඕගන් එක තිබුණේ පැත්තක. ‍පොඩි පුතාට අවුරුදු තුන හමාරක් විතර වෙද්දී එයා ඕගන් එක අතපත ගාන්න පටන් ගත්තා. වැඩි දවසක් යන්නෙ නැතිව ටී.වී. එකේ යන සිංදු අහගෙන ඉඳලා ඒ ගීත වාදනය කරන්න පටන් ගත්තා. ඒක දැක්කහම අපටත් පුදුම හිතුණා. කිසිම හුරුවක් නැතිව කොහොමද ඕගන් එක වාදනය කරන්නේ කියලා. ඇත්තටම ගිය ආත්මෙ තිබුණ දක්ෂතාවක් නිසා මෙහෙම වෙනවා ඇති කියලයි අංජනගේ අම්මත් මාත් හිතුවේ. මොකද සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ස්වර ප්‍රස්ථාර තිබුණත් බොහෝ දෙනෙකුට අමාරුයි. ඒත් පුතා ඒ කිසිම දෙයක් නැතිව කනට ඇහෙන ගීත බොහොම හොඳට වාදනය කළා. ගායනය පැත්ත කෙසේ වෙතත් එයා කවදා හරි දවසක වාදනයෙන් තැනකට යාවි කියන විශ්වාසය අපට තිබුණා.a3-2ඒ එයා වාදනයට වගේම ගායනයටත් පස්සෙ කාලෙක දක්ෂතා දැක්වූ නිසා. අංජන දෙකේ පන්තියේ ඉඳිද්දී පාසලෙන් ගුවන් විදුලි සංස්ථාවට එක්කරගෙන ගිහින් තියෙනවා. ඒ අවස්ථාවේදී අංජන ගීත දෙකක් බොහොම හොඳට ගායනා කරලා තියෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ ඉන්න මාමලා, නැන්දලා පවා අංජනගේ දක්ෂතාවයන් අගය කළා විතරක් නෙවේ ඒ ගීත ගුවන් විදුලියේ විකාශනය කරලත් තියෙනවා. ඊට අමතරව සිරස ගුවන් විදුලි නාලිකාවේ විකාශනය වන සමනල සිරස වැඩසටහනටත් අංජන පුංචි කා‍ලේ ඉඳලා සහභාගිවෙලා තියෙනවා. අංජනගේ මේ දක්ෂතාවයන් දැකලා තමයි අංජනගේ අම්මා සිරස නාලිකාවේ විකාශනය වෙන්න තියෙන ‍පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනට අයැදුම්පත් යොමු කරලා තියෙන්නේ. අජනට ‍පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ දී පළවැනි හෝ දෙවැනි ස්ථානය දිනා ගැනීමට නොහැකි වුණා. ඒ ගැන මොනවද හිතෙන්නේ? අපි අංජනගෙ තාත්තගෙන් ඇහුවා. 'පුතා තරගයේ දී එයාට පුළුවන් උපරිමයෙන් ගීත ගායනා කළා. ඒ වගේම එයාට ගොඩක් එස්.එම්.එස්. ලැබෙන්න ඇති කියලා හිතෙනවා. මඟ තොටේ දී හමුවෙන අපි නොදන්න අය පවා කියනවා අපේ පුතාට එස්.එම්.එස්. එව්වා කියලා. ඒ වගේම අපි දන්න හැම කෙනෙක්ම වගේ පුතාට එස්.එම්. එස්. එව්වා කිව්වා. ‍පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ දී අංජන ගීත ගායනා කරන්න පුරුදුවෙලා තියෙන්නේ රේඩියෝවෙන් ගීත අහලා. දෙමළ මාධ්‍යයේ ගීත ගායනා කරන්න එයාට වෙනත් සර් කෙනෙක් ඇවිත් පුරුදු කරලා තියෙනවා. එහෙම නැතිවුණා නම් තරගකාරිත්වයට මුහුණ දෙන්න අමාරුයි කියලා තමයි එයා හිතාගෙන ඉන්නෙ. ඉදිරියේ දී අංජනගේ ගීත කිහිපයක් කරන්න එයාගෙ දෙමාපියෝ බලා‍පොරොත්තු වෙනවා. මේ වෙද්දී එයාට චිත්‍රපටයකට ගීත ගායනා කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. දිනේෂ් ප්‍රියශාද්ගෙ චිත්‍රපටයේ ගීත දෙකක්ම ගායනා කරලා තියෙන්නෙ අංජන, ඉදිරියේ දී මේ පුංචි පුතාගේ ගීත ඔබටත් අහන්න ලැබේවි.
දීපිකා නැන්දා 
Lakbima
READ MORE - අපටත් ප්‍රශ්නයක්

ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ


ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ


  • jaya6මේවාට වගකිව යුතු වන්නේ කවුද?
  • ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ කතා කරයි
කලා ක්‍ෂේත්‍රය තුළ සිදුවන දික්කසාද වීම් අද වන විට සුලබව අහන්න ලැබෙනවා. මේ ප්‍රවණතාවයට හේතුව කුමක් වුවත් එය ටෙලි නාට්‍ය නිර්මාණ කාර්යයට කෙසේ බලපාවිද? ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වේවිද? මාධ්‍ය මගින් මේවා උලුප්පා හාරා අවුස්සා කතා කිරීම සුදුසුද?
අප මේ පිළිබඳව කතා කළා. ඒ කලා ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂී නමක් දිනූ ප්‍රවීණයකු සමග. ඔහු ජයලාල් රෝහණ.
* කලා ක්‍ෂේත්‍රය තුළ සිදුවන මේ සිදුවීම් දිහා බලා සිටින ඔබට මොනවද හිතෙන්නේ...? මොනවද හිතෙන්නේ කියන කාරණය තුළ කියන්න බොහෝ දේ තිබෙනවා. නමුත් මම මෙහෙම කියන්නම්. මේ විදිහට සිදුවීම තුළින් ප්‍රේක්ෂකයාත් අනාථ වෙනවා. කලාවත් අනාථ වෙනවා. රටත් අනාථ වෙනවා.

කලාකරුවා ඔහුට අයිති නැහැ. අයිති රටටයි. ඔහු හෝ ඇය පෞද්ගලික ජීවිතය තුළ ගන්නා වූ තීරණ පිළිබඳව රටට වගකිව යුතුයි. බුද්ධිමත් ප්‍රේක්ෂකයා කලාකරුවන්ව පිළිගන්නේ ඔහුට හෝ ඇයට අවශ්‍ය ජනප්‍රියත්වය ලබාදෙන්නේ රටට යහපත් දේ ලැබේවි කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය තුළ ඔවුන් ජීවත්විය යුතුයි.
නමුත් මට හිතෙනවා අද සිදුවන්නේ ඒ දේ නමෛයි කියලා. අද ජනප්‍රිය කලාකරුවන් දික් කසාදය සාමාන්‍ය දෙයක් කියන පණිවුඩය රටට දෙනවා. ගණිකා වෘත්තියේ  යෙදිලා තුට්ටු දෙකට රඟපාන ගමන් ආත්ම ගරුත්වය විනාශ කරගැනීම සාමාන්‍ය දෙයක් බව කියල තිබෙනවා. 
මම මේ කියන්නේ සමස්ත නළු නිළියන් ගැන නමෛයි. නළු නිළියන් මුවාවෙන් ඉන්න රුපියල් 500ට මූණ පෙන්නලා නිළියෝ කියලා නළුවෝ කියලා හිතාගෙන ඉන්න 'මෙගා කෙල්ලෝ කොල්ලන්ටයි'. ඒ අය නළු නිළියෝ නමෛයි. 'මෙගා කෙල්ලෝ, මෙගා කොල්ලෝ'
මේ පිරිසට මොළේ නැහැ. වැස්සකටවත් ඉස්කෝ‍ලේ ගිහින් නැහැ. මොළේ තිබුණත් පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒ නිසි අධ්‍යාපනක් නැතිකම. ඕ ලෙවල්, ඒ ලෙවල් පාස් වුණාට මොළේ ලැබෙන්නේ නැහැ.
අද මේ නිසාම සැබෑ නළු නිළියන්ට තිබෙන ගෞරවය පවා ප්‍රේක්ෂකයා තුළින් ඉවත්වෙලා.
ගාමිණී ෆොන්සේකා මහත්තයා හැබෑ රංගන ශිල්පියෙක් හැටියට මේ ක්‍ෂේත්‍රයට, නළු නිළියන්ට අතිවිශාල ගෞරවයක්, ගාම්භීරත්වයක් ලබාදෙන විදිහට වැඩකළා. මහ පාරේ බැහැලා යද්දී මිනිස්සු ඒ ගාම්භීරත්වයට ගෞරව කළා. සැලකුවා. ඒත් මේ මෙගා කෙල්ලෝ කොල්ලෝ ටික මොනවද කළේ...? මූණ ජනප්‍රිය කරගන්න ටෙලි නාට්‍යයකට ඔළුව දාගන්න දහ ජරා වැඩ සේරම කළා. සේරම තවදුරටත් කරනවා. මාධ්‍ය තුළ නළු නිළියෝ හැටියට ඔවුන්ව නම් කරලා කරන කියන සියලු දුරාචාර නොහොඹිනා වැඩ ප්‍රසිද්ධ කරනවා. 'ගණිකා මඩම වටලයි. මෙගා නිළිය දැ‍ලේ' කියලා.
මේකට මම ජනමාධ්‍යයට දොස් කියන්නේ නැහැ. මාධ්‍ය තුළින් නිතරම උත්සාහගන්නේ සූක්ෂ්ම ලෙස යමක් ඉස්මතුකොට පෙන්වන්නයි. තමන්ගේ ප්‍රවෘත්තියට ආකර්ෂණයක් ලබා දෙන්නයි.
නමුත් 'නිළිය' කිව්වහම අපේ ගෞරවනීය නිළියක් වන අයිරාංගනී සේරසිංහ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවන්ට සිදුවන්නේ කුමක්ද? ඔවුන් ගෞරවයෙන් ගොඩනගාගත් ක්‍ෂේත්‍රයට ඒ වෘත්තියට සිදුවන්නේ කුමක්ද?
* ඔබ කියන්නේ මේවා නිසා ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙනවා කියලද?
ජාතික රූපවාහිනිය අපේ රටට එන්න කලින්, අපේ රටේ ජනප්‍රිය වී තිබුණේ වේදිකා නාට්‍යයයි. මේ නාට්‍ය කලාව 1982 පසුව කඩා වැටුණා. ඒකට වක්‍රව බලපෑවේ ඒ නාට්‍ය කලාව තුළටත් අද මේ තියෙන රෝගය බෝවී තිබුණු නිසයි. අවසානයේදී ප්‍රේක්ෂකයා ඒ තුළින් ඈත් වුණා.
අද ඒ කාලයට වඩා මොළේ නැති මිනිස්සු, සල්ලි පස්සේ දුවන මිනිස්සු, හා ලිංගිකත්වයට බර මෙගා කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා මේ අය ජනප්‍රියවෙන්න විවිධ දේ කරනවා.
මම පුංචි උදාහරණයක් කියන්නම්. ඇමෙරිකාවේ හොලිවුඩ්වල එක්තරා නළුවෙක් හිටියා. ඔහු ගැන පත්තරවල මාධ්‍යවල එතරම් ප්‍රවෘත්ති පළ වුණේjaya5නැහැ. අන්තිමට ඔහු ප්‍රසිද්ධ නගරයක දෙනෝ දාහක් බලා සිටියදී වතුර මලක් ළඟ මුත්‍රා කළා.
අන්තිමට ඔහු ගැන හැම මාධ්‍යයකම තොරතුරු පළ වුණා. එදා ‍පොලිස් අත්අඩංගුවට පත් වූ ඔහු මෙහෙම කිව්වා. මා ගැන කිසිදු මාධ්‍යයක තොරතුරු පළවුණේ නැහැ. මම මේ දේ කළේ ඒ නැති ජනප්‍රියත්වය ගන්නයි කියලා.
මෙන්න මෙහෙම අය තමයි අද අපේ කේෂ්ත්‍රයේ වැඩිපුර ඉන්නේ. ඇතැමුන් ප්‍රසිද්ධියේ වැරදි කරනවා. ඇහැව්වහම නෑ කියනවා. ඒකටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේවා බොහොම බාල, ජරා වැඩ. ක්‍ෂේත්‍රයට ආදරෙයි නම් ප්‍රේක්ෂකයාට ආදරෙයි නම් මෙහෙම කරන්නේ නැහැ.
මේ නිසා බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය කලාවෙන් අයින් වෙනවා. ඔවුන් සැටලයිට් ටෙලිවිෂන් ඔස්සේ වෙනත් දේවල් බලන්න පුරුදු වෙනවා. කවුද එතකොට වැරදි. සැටලයිට් ටී.වී. වලට බැණලා හරියන්නේ නැහැ නේද?
දැන් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය ඉවරයි. 2013 අවුරුද්දෙන් පස්සේ ඉවරෙටම ඉවරයි. අද නිෂ්පාදක මහත්වරුන් යැයි කියා ගන්නා පිරිසක් ඉන්නවා. අධ්‍යක්ෂවරු යැයි කියා ගන්න පිරිසක් ඉන්නවා. ඔවුන් වැඩ කරන්න කැමති මෙගා කෙල්ලෝ කොල්ලෝ එක්ක. මොකද හැම පැත්තෙන්ම වාසියි. රුපියල් දවසට 500 විතර දීලා, මූණ පෙන්වන විදිහට චරිතයක් දුන්නහම කරනවා. ඒ අය මූණ පෙන්නලා වෙනත් මාර්ගවලින් සල්ලි හම්බ කර ගන්නවා. මොකද එතකොට මෙයාලා නිළියොනේ.
ඊට අමතරව අද කලා ක්‍ෂේත්‍රය තුළ ශීඝ්‍රයෙන් සමලිංගිකත්වයක් බිහිවෙලා ඉවරයි. අද වැඩ තියෙන්නේ ඒ අයටයි. එහෙම නම් මේ හැම දේකින්ම රටට දෙන පණිවුඩය මොකක්ද? විනාශය නේද?
අද තරුණ මෙගා කෙල්ලෝ කොල්ලෝ ලිංගිකත්වය පස්සේ දුවන්නේ පිස්සු හැදිලා වගේ. ක්‍ෂේත්‍රයට එන්නේ ඒවාට. මේක සුරංගනා ලෝකයක්නේ කියලා හිතලා. ඒ නිසාම අද ලොරි ගානට මෙගා කෙල්ලෝ කොල්ලෝ බිහිවෙලා. ඔවුන් කරන දහ ජරා වැඩ ඉවත් බවක් නැහැ. අන්තර් ජාලයට ගියාම ඒවා අපිට ලෙහෙසියෙන් පහසුවෙන් බලා ගන්න පුළුවන්. එදා  අපේ ප්‍රවීණ නළු නිළියන් කලා නිර්මාණය කුමක් හෝ වේවා කොන්දේසි ඇතිවයි වැඩ කරන්න ගියේ. අද එහෙම නැහැ. මෙගා කෙල්ලෝ කොල්ලන්ට වෙනත් අය කොන්දේසි දානවා. තත්ත්වය ඔහොමයි.
සමන් ප්‍රියංකර නම්මුනිගේ
Lakbima
READ MORE - ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ

තිබුණා ඒත් දැන් නැහැ


පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා ඒත් දැන් නැහැ

මේනකා මධුවන්ති
මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වන ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ ලොකු දුව ඇයයි. එසේම ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘සිටුමැදුර’ ටෙලි නාට්‍යයේ කිෂානි ද ඇයයි. ඇය මේනකා මධුවන්ති.මේනකා දක්ෂ නර්තන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසියේ නර්තන ශිල්පිනියක් ලෙසිනි. මේ වන විට මේනකා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කීපයකින්ම තම රංගන හැකියාව ද මනාව ඔප්පු කොට ඇත. අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගය වෙන්වන්නේ මේනකා මධුවන්ති සමඟ කළ කතාබහ වෙනුවෙනි.
* මුලින්ම ඔබ කලාවට සම්බන්ධ වුණු ආකාරය සිහිපත් කරන්න...
මුලින්ම මම නර්තන ශිල්පිනියක්. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම ශාන් පෙරේරා මහතාගෙන් නර්තනය ඉගෙන ගත්තා. ඒ කාලයේ තමයි ‘සිරස’ ඩාන්සින් ස්ටාර් තරගයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ තමයි මගේ කලා ජීවිතයේ ආරම්භය.
* එතකොට ඔබ රංගනයට යොමු වුණේ කොහොම ද?
මුලින්ම මට රඟපාන්න අවස්ථාව ලැබුණේ රවින්ද්‍ර විජේරත්න ගේ ‘රුවන් මාළිගා’ ටෙලි නාට්‍යයේ. එය ප්‍රධාන චරිතයක් නෙමෙයි. ඒ මගේ පළමු රංගන අත්දැකීම. මුලින්ම කැමරාවට මුහුණ දුන් දවසේ මට ලොකු බයක් දැනුණා. නමුත් අධ්‍යක්ෂවරයාගෙන් සහ එතැන සිටි ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය නිසා මට ඒ රංගනය හොඳින් කරගන්න හැකිවුණා.
* ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ මොනවා ද?
‘රුවන් මාළිගා’ ටෙලි නාට්‍යයෙන් පසුව මට The Hope චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එය අරුණ පත්තිනිගේ ගේ චිත්‍රපටයක්. ඉන් පසුව ක්‍රිස්ටි ෂෙල්ටන් ගේ “සිටු මැදුර” ටෙලි නාට්‍යයටත්, සුනෙත් මාලිංග ගේ “චංචල රේඛා”, “තුන්වැනි ඇස” කියන ටෙලි නාට්‍යවලටත් සුදේශ් පීරිස් ගේ “ජීවිතේ ලස්සනයි” කියන චිත්‍රපටියටත් නිල්වලා ආයතනයේ “ඡායා” ටෙලි නාට්‍යයටත් දායක වෙන්න මට මේ වන විට අවස්ථාව ලැබිල තියෙනවා. මේ ඇතැම් නිර්මාණ තවම පේ‍්‍රක්ෂකයින් අතරට ඇවිත් නෑ.
* බේ ගම් පළාත කොහෙද? පාසල් ගියේ...?
මගේ ගම මත්තේගොඩ. මත්තෙගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයටත් කෝට්ටේ ආනන්ද බාලිකා විදුහලටත් තමයි මම පාසල් ගියේ.
* කලා ශිල්පිනියක් වීම ඔබට තිබුණු හීනයක් ද?
පුංචි කාලෙ ඉඳලම මම හීන මැව්වෙ නර්තන ශිල්පිනියක් වෙන්න. ඒ සඳහා මම ගොඩක් හැදෑරීම් කළා. නර්තනයෙන් ඉදිරියට එන්න තිබුණු ආශාව නිසාමයි රූපවාහිනී නර්තන වැඩ සටහන් කීපයකටම සහභාගි වුණේ.
* නර්තනයෙන් ඔබ කෙතරම් ඉදිරියට ඇවිත් තියෙනවා ද?
2011 අවුරුද්දේ දී මට හිපොප් සහ “ලයින් ඩාන්ස්” අංශයෙන් දකුණු ආසියාවෙන් පළමු ස්ථානය ලබාගන්න හැකි වුණා. උඩරට නර්තනය, පහතරට නර්තනය, බටහිර නර්තන වැනි නර්තන ප්‍රභේද ගණනාවක්ම මම හදාරල තියෙනව.
* ඔබ මෙතෙක් වැඩියෙන්ම රඟපාල තියෙන්නෙ නපුරු චරිත කියල කිව්වොත්...?
ඒ කතාව තරමක් දුරට හරි. නමුත් මම කැමැතියි විවිධාකාරයේ චරිත රඟපාමින් චරිතාංග නිළියක් ලෙස ඉදිරියට යන්න.
* ඇත්තටම ඔබ නපුරු ද?
නැහැ. මම හැබෑ ජීවිතයේදී නපුරු කෙනෙක් නෙමෙයි. ඒක මම ළඟින් ඇසුරු කරන අය හොඳින්ම දන්නව.
* ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටය ඔබට සුවිශේෂයි නේද?
ඇත්තෙන්ම ඔව්. එහි රඟපාන්න වගේම නටන්නත් තියෙනවා. මම හිතනව මේ චිත්‍රපටයෙන් මගේ හැකියාවන් පෙන්වන්න මට අවස්ථාව ලැබුණා කියලා. එහි වැඩ කරන විට අධ්‍යක්ෂවරයාගෙන් වගේම රන්ජන් රාමනායක අයියගෙනුත්, ටෙනිසන් කුරේ අයියගෙනුත් අනෙක් ප්‍රවීණ අයගෙනුත් විශාල සහයෝගයක් ලැබුණා.
* රංගනය දැන් ඔබේ වෘත්තිය ද?
මම රඟපෑමට ඇවිත් වැඩි කාලයක් නෑ. මම නර්තනයෙන් ඉදිරියට ආව කෙනෙක්. නමුත් දැන් මම රංගන ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන ඉන්නව. කලා කටයුතුවලට අමතරව මම ඇඳුම්වලට සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.
* රංගන කටයුතු නිසා දැන් ඔබ නර්තන කටයුතුවලින් දුරස් වෙලා ද?
නැහැ. නර්තනය තමයි මගේ ජීවිතේ. කලක් මම නර්තනය ඉගැන්නුවා. නමුත් රංගනයට වැඩි වේලාවක් වෙන් කළ යුතු වුණු නිසා නර්තන කටයුතු තරමක් අතපසු වුණා. නමුත් මම කවදාවත්ම නර්තනය අතහරින්නේ නෑ.
* ඔබේ පවුලේ විස්තර සඳහන් කළොත්...?
අම්මයි තාත්තයි නංගියි මල්ලියි මමයි තමයි අපේ පවුල. මම වැඩිමහල් දරුවා. මගේ තාත්තා මම කලාවට එන විට මුලදී කැමැති වුණේ නෑ. නමුත් දැන් තාත්තත් පවුලේ අනෙක් සියලුම දෙනාත් මට ගොඩක් උදව් කරනවා.
* යෞවනියක් විදියට යෞවන පේ‍්‍රමයත් ඔබ විඳිනව ඇති...?
මීට කලකට පෙර මට පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා. නමුත් දැන් එවැනි සම්බන්ධයක් නෑ. මම දැන් මුල් තැන දෙන්නේ කලාව තුළ හොඳ ගමනක් යන්න. නමුත් මට ගැළපෙන සුදුසු කෙනෙක් මුණගැසුණොත් මම ඔහුට සමීප වේවි.
* ඔබේ පෙම්වතා මොන වගේ කෙනෙක් විය යුතුයි කියා ද ඔබ සිතන්නේ...?
මම බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි අවංකකම. ඒ වගේම මට මගේ පවුලේ අයට ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්නම ඕන. මම දැන් නීතිරීතිවලට යටත් වෙලා ජීවත්වෙන්න කැමැති කෙනෙක් නෙමෙයි. ඒ මොකද, මම කිසිම විටෙක වැරදි තීරණයක් නොගන්නා නිසා.
READ MORE - තිබුණා ඒත් දැන් නැහැ

වත්සලාගේ දෙකම සමබරයි


වත්සලාගේ දෙකම සමබරයි

ටෙලිනාට්‍ය නිළියක ලෙස ජනප්‍රියත්වයට පත් වූ රුවැත්තියක් තමයි වත්සලා දියලගොඩ. වත්සලා මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම චරිත මවනවා. ඒ විතරක් නෙමෙයි ඇය ‘මනාලී’ වැඩසටහන හරහා නිවේදිකාවක ලෙසත් අපිට සමීප වෙනවා.
ඇය නිවේදනයටත් දක්වන්නේ දක්ෂතාවයක්. මේ නිසා ම වත්සලාට තවත් වැඩසටහන් දෙකක නිවේදන කටයුතු කිරීමට ආරාධනා ලැබිලා. ඉදිරියේදී වත්සලා අපට වැඩි වැඩියෙන් දැක ගන්නට ලැබෙන්නේ නිවේදිකාවක ලෙස ද නැතිනම් නිළියක ලෙස ද කියලා අපිට හිතුණා. එනිසා වත්සලාගෙන් අපි ඒ ගැන විමසුවා.
“ඇත්තටම රංගනය කියන දේ ඉතා ම හොඳයි. රංගනයට වගේ ම නිවේදනයටත් මා තුළ දක්ෂතාවයක් තිබෙනවා. මේවා සමබරව කරගෙන ඉදිරියට යෑම තමයි මගේ බලාපොරොත්තුව.
Silumina

Wathsala_Diyalagoda-srilankanmodels.net-29.jpg (620×720)
READ MORE - වත්සලාගේ දෙකම සමබරයි

ධර්මප්‍රියට අහිංසක චරිතයක්


ධර්මප්‍රියට අහිංසක චරිතයක්

ධර්මප්‍රිය ඩයස් වැඩි සද්දයක් බද්දයක් නැති කලාකරුවෙක්. ඔහු රඟපෑ ‘මචං’ චිත්‍රපටය තවමත් අපේ සිත්හි රැඳී පවතිනවා. ඒ වගේ ම පසුගිය දවස්වල ධර්මප්‍රියව අපි දුටුවේ බොහෝ සෙයින් ම සැර පරුෂ චරිත ඔස්සේ.
කාලෙකට පස්සේ ධර්මප්‍රිය අහිංසක තරුණ කොලු ගැටයකුගේ චරිතයකින් අපි හමුවට එන්නට සූදානම් වෙන පුවතක් අපිට දැනගන්නට ලැබුණා.
ජයලත් මනෝරත්න ගේ ‘තාත්තේ අපි ආවා’ ටෙලිනාට්‍යයේ ත්‍රිවිල් එකක් එළවන අහිංසක තරුණයකුගේ චරිතය මම රඟපානවා. එවැනි චරිතයක් හුඟ කාලෙකට පස්සේ තමයි මම රඟපාන්නේ. මොකද මට වැඩි වශයෙන් ලැබෙන්නේ සැර පරුෂ චරිත.
එනිසා මේ චරිතය මම ආසාවෙන් රඟපානවා. ඒ වගේ ම වේදිකා නාට්‍ය කිහිපයක ම මම චරිත නිරූපණය කරනවා. මගේ ම වේදිකා නාට්‍ය නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නත් මම හිතාගෙන ඉන්නවා. ඒ නිසා මේ දවස්වල මං කාර්ය බහුලයි.”
Silumina
READ MORE - ධර්මප්‍රියට අහිංසක චරිතයක්

පැට්රික් කෝ?


පැට්රික් කෝ?

“පුළුන් වගේ සුදු රැවුල දිගයි”, ‘සිසිල් සුළං පාවී...’ වැනි ජනප්‍රිය නත්තල් ගීත ඇතුළු ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ ප්‍රතිභා පූර්ණ සංගීතඥයකු තමයි පැට්රික් දෙනිපිටිය කලාකරුවා.
ඔහු පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙන හැමවිටකදීම ඔහු දැන් කෝ? පැට්රික්ට මොකද වුණේ? යනුවෙන් විමසනු ලබයි. පැට්රික් ගේ පුතෙකු වන මහේෂ් දෙනිපිටිය තම පියා ගැන පසුගිය දා අපිත් එක්ක කතා බහ කළා.
“මගේ පියා දැන් පදිංචිව ඉන්නේ මගේ අම්මයි නංගියි සමඟ කැනඩාවේ. තාත්තා දැඩි ලෙස රෝගීව සිටි නිසා කැනඩාවේ දීර්ඝ කාලීන වෛද්‍ය සුරැකුම් මධ්‍යස්ථානයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තාත්තා මේ රටේ නැති නිසා ඔහුගේ නිර්මාණ බුද්ධිමය දේපළ අයිතීන් සමහරුන් කොල්ල කෑමේ නිරත වෙනවා.
දැනට ලංකාවේ ජීවත් වන මගේ වැඩිමහල් සහෝදරයා සමඟ මම පියාගේ බුද්ධිමය දේපළ, නිර්මාණ ආරක්ෂා කිරීම උදෙසා ඉදිරියේදී යම් පියවරක් ගැනීමට අපේක්ෂා කරනවා. ඒ ඔස්සේ පියාගේ අයිතිය සුරක්ෂිත කරනවා. එය මගේ යුතුකමක්”.

READ MORE - පැට්රික් කෝ?

උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි


උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි

උදාරි වර්ණකුලසූරිය කියූ සැණින් අපේ මතකයට නැඟෙන්නේ ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ ‘සංසලා’ චරිතය.
එතරම්ම ආදරණීය මතකයක් ප්‍රේක්ෂකයන් තුළ ‘සංසලා’ ඔස්සේ උදාරි තබා ගියා. දැන් මාස කිහිපයක සිට ම උදාරි ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ.
ඇය දැනට හරියට ම මාස පහකට පෙරාතුව ජීවිතයේ ලැබිය හැකි ඉහළම සම්මානයෙන් පිදුම් ලැබුවා ඔබට මතක ඇති. ඒ උතුම් වූ මව් පදවිය. දැන් උදාරිගේ පුංචි සුරතල් දියණියට හරියටම මාස පහක් වෙනවා.
උදාරිගේ සැමියා සුජිත් සිංගප්පූරුවෙ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. ඒ නිසාම උදාරිත් පුංචි දියණියත් ජීවත් වන්නේ සිංගප්පූරුවේමයි.
ඒ නිසා උදාරිගේ කලා කටයුතු තරමක් දුරට සීමා වෙලා. නමුත් උදාරි නැවතත් රංගනයට එක්වීමට සූදානම් වන බව අපිට පසුගිය දිනෙක දැනගන්නට ලැබුණා. ඒ ගැන ඇය අපිත් එක්ක කතාබහ කළේ මේ විදිහට. “එළැඹෙන නව වසරේ ජනවාරි සිට ස්ථිරවම පදිංචි වෙන්න යළිත් ලංකාවට මම එනවා. දැන් දුවට මාස පහක් නිසා මගේ සුපුරුදු කලා කටයුතුවල නියැළෙන්නට මට අවස්ථාව ලැබී තිබෙනවා. දැනටමත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා.

READ MORE - උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි

‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා


‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා

‘ප්‍රතිරූ’ නිෂ්පාදක වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල
නවක නිෂ්පාදකවරයකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල මේ දිනවල තිරගත වන ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයායි. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. තිරකතා රචකයෙක්, නිෂ්පාදකවරයෙක් ලෙස කලා ලොව නමක් දිනු වෛද්‍ය යකන්දාවල බොහෝ කාලයක සිට මාධ්‍ය, කලාව තුළ නියැළෙන්නෙකි. තිරගත වන ‘ප්‍රතිරූ’ චිත්‍රපටය පිළිබඳවත් වෛද්‍ය යකන්දාවල ගේ කලා නිර්මාණ දිවිය පිළිබඳවත් සැකසෙන මේ කතා බහ ඒ වෙනුවෙනි.
* ‘ප්‍රතිරූ’ වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ඔබ අදහස් කළේ ඇයි?
මේ චිත්‍රපටයේ නිර්මාපකයා මගේ ඥාතියෙක්. ඥාතිත්වය ඉක්මවා ගිය මිත්‍රත්වයක් අප අතර තිබෙනවා. කාලයක් තිස්සේ ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කපිල සූරියආරච්චිත් මමත් සාකච්ඡා කළා චිත්‍රපටයක් නිර්මාණය කරන්න.
ඒ අනුව අපි තිර රචනා කීපයක්ම බැලුවා. ඒත් එක්කම කපිලම ලියු ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ තිර රචනාවත් අපි කියෙව්වා.
ඒ තිර රචනය බලන කොට මට හිතුණා මේ තුළ යම්කිසි වටිනාකමක් තිබෙනවා. ඒ නිසා එය නිර්මාණය කරන්න ඕන කියලා. ඒ අනුව තමයි ‘ප්‍රතිරූ’ නිෂ්පාදනයට මම දායක වන්නේ.
* ඔබ කලාව, මාධ්‍ය සමඟ ඉතාම කිට්ටුවන්තයි ඒ ගැන කතා කළොත්?
ඇත්තටම මම වෘත්තිය වෛද්‍යවරයෙක්. නමුත් මම මාධ්‍යයට හුඟාක් කිට්ටුයි. මොකද මම වසර 15 ක් පමණ වැඩ කළේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ. ඒ ඔස්සේ විවිධ ලෙඩ රෝග ගැන ජනතාව දැනුම්වත් කරන්න මම විවිධ නිර්මාණ කළා.
ඒ නිර්මාණත් එක්ක මම මාධ්‍යයට සම්බන්ධ වුණා. ඒ ඇසුර නිසාම මම 2000 වසරේ දී ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව කළා. එය මගේ වෘත්තිය ජීවිතයට ඉතාම ප්‍රයෝජනවත් වුණා. ඒත් එක්කම මම මාධ්‍ය හරහා හුඟාක් දේ සමාජයට ලබා දෙන්න කටයුතු කළා.
තිර රචනා, සංස්කරණය වැනි දේ දැන සිටි නිසාම කලාවට යොමු වුණා. ටෙලි නාට්‍ය දෙකක් නිර්මාණය කළා. ‘සුන්දරයි පේ‍්‍රමය’ කියන ටෙලි නාට්‍යය කොටස් 86 කින් යුතුව සිරස ටී. වී. එකෙන් විකාශය වුණා. හුඟාක් හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබුණා. මා නිර්මාණය කළ දෙවන ටෙලි නාට්‍යයට ඉතාම අභාග්‍ය සම්පන්න සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.
* වර්තමානයේ නිෂ්පාදකවරයෙක් විදිහට කලා ක්ෂේත්‍රයට පිවිසීම අවදානම් බව ඔබට සිතුණේ නැද්ද?
චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට වර්තමානයේ මුදල් යොදවන එක තමයි ලෝකෙ තිබෙන අවදානම්ම වැඩේ. විශේෂයෙන් ලංකාව වගේ රටක. මොකද අපි දන්නෙ නැහැ මෙයට සල්ලි යෙදෙව්වට පස්සේ ඒ වියදම් කළ මුදල නැවත ලැබෙයි ද කියලා.
අපි සල්ලිකාරයො නෙමෙයි. නමුත් අපි උපයපු දේවල් අපේ දරුවන් වෙනුවෙන් ඉතිරි කරල තිබුණු දේවල් තමයි මෙයට යෙදෙව්වේ. ඒ අවදානම ගත්තේ කලා නිර්මාණයක් කිරීමට තිබෙන කැමැත්ත, කලාවට තිබෙන ආදරය, ගෞරවය නිසා.
ඇත්තටම ඒ නිර්මාණය කරන කොට මම මුදල් යෙදෙව්වේ මුදල් ඉපැයීමේ චේතනාවෙන් නෙමෙයි. දැන් අවුරුදු පහකට වැඩිය නිර්මාණයක් කරලා පෝලිමේ තිබෙනවා. ඒ නිර්මාණයට යොදවපු මුදල මට කවදාවත් ඒ හරහා යළි උපයන්න ලැබෙන්නේ නැහැ.
හුඟාක් වේලාවට නිෂ්පාදකයා කියන කෙනා දිහා මිනිස්සු බලන්නේ මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් මුදල් යොදවන්නෙක් ලෙසයි. මම එයට විරුද්ධයි. මම හිතන්නේ නිෂ්පාදකවරයා කියන්නෙත් කලාකරුවෙක්.
දැන් බලන්න අපේ රටේ ඉන්න ලොකු ලොකු සල්ලි කාරයො චිත්‍රපට හදන්නෙ නැහැනෙ. කලාවට යම්කිසි කැමැත්තක් තිබෙන කෙනෙක් තමයි ටෙලි නාට්‍යයකට හෝ වෙනත් කලා නිර්මාණයකට මුදල් යොදවන්නේ. එහෙම නැතිනම් නිකම්ම පුද්ගලයෙක් කරන්නේ නැහැ. ඒ නිසා මම හිතනව නිෂ්පාදකයා කියන පුද්ගලයන් කලාකරුවන් ගොන්නට එක්කාසු විය යුතුයි කියලා.
* ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ඔබට හිතෙන්නේ කුමක් ද?
මේ චිත්‍රපටය නරඹපු ඕනැම කෙනෙකුට පෙනෙන දෙයක්තමයි තමන්ගේ මවට සහ මව්බිමට කොපමණ වටිනාකමක් මෙහි අන්තර්ගත කර තිබෙනවා ද කියන කරුණ. ඒ වගේම සොල්දාදුවා ගැන කවුරුත් කතා නොකරන වේලාවක මේ චිත්‍රපටය ඔස්සේ සොල්දාදුවා ඉතාම ඉහළ තැනකට රැගෙන තිබෙනවා.
මේ චිත්‍රපටය පවුලේ සැමට එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. දරුවන්ට පෙන්විය යුතුම චිත්‍රපටයක්. තම පවුලේ වටිනාකම, මවගේ වටිනාකම ඒ අතර තිබෙන සම්බන්ධ මේ ඔස්සේ මනාව සියුම්ව විග්‍රහ කරනවා. මම දකින විදිහට මේ චිත්‍රපටය තුළ හැම කෙනෙකුගෙම අම්මා ඉන්නවා.
සමහර අවස්ථාවල චිත්‍රපටයේ අවසානය වෙන කොට අපිට පේ‍්‍රක්ෂකාගාරයෙන් ඇහෙන්නේ ඉකි ගහන හඬ. අඬන හඬ. ඒ අඬන්නේ වෙන මුකුත් නිසා නොවෙයි තමන්ගේ අම්මා මේ චිත්‍රපටයේ අන්තර්ගතයේ ඉන්න නිසා.
ඇය කොතන හරි තැනක ඉන්නවා. මං දකිනවා මගේ අම්මා ඒ චිත්‍රපටයේ බොහෝ තැන්වල ඉන්නවා. මගේ අම්මගේ තිබුණු ගතිගුණ. අම්මා මං වෙනුවෙන් මං එනකල් බලාගෙන ඉන්න හැටි ඒ විදිහටම මේ චිත්‍රපටය තුළ තිබෙනවා. මෙය මට විතරක් නෙමෙයි බලන හැම කෙනාටම තමන්ගේ මවගේ ගති පැවතුම් මතක් කර දෙන චිත්‍රපටයක්.
READ MORE - ‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා

සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා


සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

ආචාර්ය වික්ටර් රත්නායක,විශාරද අමරසිරි පීරිස්, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ගී ගයන ‘සුගීතා’ ස්වර දැහැන ජනවාරි මස 05 වැනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කැලණිය විශ්ව විද්‍යාලයීය 78 – 82 වාණිජවේදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙය සංවිධානය කරයි.
 Silumina
READ MORE - සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

පරා...පරා...


පරා...පරා...

පරාක්‍රම නිරිඇල්ල වේදිකාව - පුංචි තිරය - සහ සිනමාව කියන මාධ්‍ය තුනේම දස්කම් දැක්වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්.
වේදිකාවේ ‘ගැලීලියෝ’, පුංචි තිරයේ ‘යශෝරාවය’, සිනමාවේ ‘සිරිමැදුර’ කියන නිර්මාණ ත්‍රිත්වය පමණක් වුවත් ඔහු ඒ ඒ විෂය ක්‍ෂේත්‍රයන්හි දැක්වූ ප්‍රතිභාව දක්වන නිර්මාණ ලෙස නිදසුන් කොට දක්වන්නට පුළුවන්.
ඉමහත් කැපවීමකින් ගොඩනඟා ගත් දැවැන්ත ජංගම කූඩාරමක් උපයෝගී කර ගනිමින් ‘ජනකරළිය’ නමින් සුවිශේෂ නාට්‍ය ව්‍යාපෘතියක් බිහිකළ නිරිඇල්ල එයටම ඇරුණු නාට්‍ය කණ්ඩායමක් සමඟ ඒ සඳහා ම නිර්මාණය වූ සිංහල සහ දෙමළ නාට්‍ය රැසක් සමඟ දැන් රටවටා යනවා. ‘ජන කරළිය’ ඉතා සාර්ථක, එමෙන්ම ජනප්‍රිය නාට්‍ය ව්‍යාපෘතියක්.

’ජනකරළිය’ සඳහා මූලික සැලසුම් සකස් වෙමින් පැවති අවධියේ දී එහි අවශ්‍යතාවයක් සඳහා යාමට දවසක් දා උදෑසන නිරිඇල්ල ලහි ලහියේ සුදානම් වෙමින් සිටියා. හදිසියේම තම නිවෙසේ ගේට්ටුව අසල කවුදෝ කෙනෙක් ‘පරා..පරා..’ කියමින් තමාට කතාකරනවා කාමරයක කැඩපත ඉදිරිපිට ලැහැස්ති වෙමින් සිටි ඔහුට ඇසුණා. ඔහු තම බිරියට කතා කළා.
’රුක්මණි, කවුරු හරි මාව හම්බ වෙන්ඩ ඇවිල්ලා වගෙ. මම මෙහෙ අඳිනවා. ඔයා පොඩ්ඩක් බලන්ඩ ඒ කවුද කියලා.”
”අනේ පරා... මම මේ නයිටිය පිටින්, තේ හදනවා. මම කොහොමද මෙහෙම ඉස්සරහට යන්නෙ? ඔයා බලන්ඩකො”
බිරිඳ කියනවා ඇහුණාම ඔහු කලිසමේ බොත්තම් පියවමින් ම සාලය හරහා ගේ ඉස්සරහට ගියා. පැමිණි අමුත්තා පිළිගන්නට ඉදිරිපස දොර හැරලා ඔහු ගේට්ටුව දිහා බැලුවා. පිහියකුත් අතේ තියාගෙන, මාළු පෙට්ටිය බැඳි බයිසිකලයට හේත්තු වෙලා මාළු වෙළෙන්දෙක් පරාක්‍රම දිහා බලලා හිනාවෙලා මෙහෙම ඇහැව්වා.
”මහත්තයා, හොඳ පරා මාළු තියෙනවා. ගන්නවද?”
READ MORE - පරා...පරා...