----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label ටෙලි නාට්‍ය. Show all posts
Showing posts with label ටෙලි නාට්‍ය. Show all posts

'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'

Tuesday, February 5, 2013


'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'
2013 පෙබරවාරි 12 වැනිදා ජනගත වේ


කලා විචාරක නුවන් නයනජිත් කුමාර විසින් විරචිත අභිනව ග්‍රන්ථය 'නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස්' 2013 පෙබරවාරි 12 වැනිදා පස්‌වරු 3.00 ට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් කොළඹ, බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඒ කමිටු ශාලාවේ දී ජනගත වේ.

මෙය ආචාර්ය ඩී. බී. නිහාල්සිංහගේ අපදානය සේම, ඔහුගේ කලා මෙහෙවර පර්යේෂණාත්මක හා විචාරාත්මක ප්‍රවේශයකින් අධ්‍යයනයට ලක්‌ කිරීමකි. ලාංකේය සිනමාවේ බිහි වූ ප්‍රශස්‌ත සිනමාකරුවන් අල්පයෙන් එක්‌ අයකු ලෙස ද මෙරට බිහි වූ අග්‍රගණ්‍ය සිනමා කැමරා ශිල්පියා ලෙස ද, අග්‍රගණ්‍ය සිනමා පරිපාලකවරයා ලෙස ද, ලාංකේය ටෙලි නළු කලාවේත්, සිනමා, රූපවාහිනිය හා සබැඳුණු නව්‍ය තාක්‍ෂණය හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද, සිනමාව හා රූපවාහිනිය අරභයා දෙස්‌ විදෙස්‌ හි නව විද්‍යාර්ථින් පරපුරක්‌ බිහි කළ ඇදුරුතුමකු ලෙස ද හමුවන, නිහාල් සිංහයන්ගේ පංචවිධ භූමිකා මෙහිදී නුවන් නයනජිත් කුමාරගේ විචාරාක්‍ෂියට හා පර්යේෂණාක්‍ෂියට හසුවේ.

එපමණකුදු නොව සිනමාස්‌කෝප් ක්‍රමවේදය ආසියාවට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද හස්‌තගත කැමරා ශෛලිය ආසියානු කලාපයේ භාවිත කළ දෙවැන්නා ලෙසද, දකුණු ආසියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වර්ණ රූපවාහිනි නිෂ්පාදන ප්‍රාසාංගික වර්ණ ටෙලි නාට්‍ය බිහි කළ නිර්මාණකරුවා ලෙස ද, නිහාල්සිංහ හා සබැඳුණු සියලු පුරෝගාමී කර්තව්‍යයන් මේ ග්‍රන්ථයෙන් පර්යේෂණාත්මකව තහවුරු කෙරේ.

නිහාල්සිංහගේ දෙමව්පියන් වූ මෙරට අග්‍රගණ්‍ය, අදීන පත්‍රකලාවේදියාණන්, මහා ගුරුවරයාණන් වූ ඩී. බී. ධනපාලයන්ගේ ද, සුප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පිනියක වූ රතී ධනපාලයන්ගේ ද, නිහාල්සිංහගේ සොහොයුරා නිසල රූ කලාවේ නව මං සෙවූ ඩී. බී. සුරනිමලයන්ගේ ද, අපදාන හා විචාරාත්මක අධ්‍යයන මේ ග්‍රන්ථයට ඇතුළත් වේ. මහාචාර්ය ෙ-. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ කැමරා ශිල්පී එච්. ඩී. මහින්දපාල, ප්‍රවීණ නළු ජැක්‌සන් ඇන්තනී මෙහිදී ග්‍රන්ථයට අදාළ කෙටි දෙසුම් පවත්වති. මේ හැරුණු විට ප්‍රවීණ කලාකරුවන් හා විද්වතුන් රාශියක්‌ ද මෙහි දී සන්දර්ශිත ලකුණු තැබීමට එක්‌වෙති. පූරක දායකත්වය වජිර ජයවර්ධන, සඳමාලි හේවානායක හා දිලිනි සංදීපිකා ගෙනි. උළෙලේ පිටපත උපුල් ගුරුගේ ගෙනි. Fast පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයක්‌ වන මෙහි A 4 ප්‍රමාණයේ පිටු 630 කි. දුර්ලභ ගණයේ ඡායාරූප 1000 කට අධිකය.
- සචිත්‍ර ඇල්වලගේ
 

READ MORE - 'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'

සේවයක්‌ කළා පෙරළා යමක්‌ උවමනා නෑ

Sunday, February 3, 2013

සේවයක්‌ කළා පෙරළා යමක්‌ උවමනා නෑ
- සරත් කුලාංග

සරත් කුලාංග... වේදිකාවේ සැරිසරන තිස්‌ හත්වැනි වසර... ඔහු මේ දක්‌වා රඟපා ඇති වේදිකා නාට්‍ය ගණන ටෙලිනාට්‍යය සංඛ්‍යාව, චිත්‍රපට ප්‍රමාණය,.. සියල්ලේ එකතුව පනහකට වැඩියි. යෙර්මා, ජසයා ලෙන්චිනා, මධුර ජවනිකා, නරිබෑණා, කපුවා කපෝති, මහාසාර, වේදිකා නාට්‍ය කීපයක්‌, තාරාදේවි, දූදරුවෝ, සෙනෙහෙවන්තයෝ, නෑදැයෝ ටෙලිනාට්‍ය අතරින් කීපයක්‌ ගුරුගෙදර, සරෝජා, බවදුක.... චිත්‍රපට අතරින් තුනක්‌ පමණයි. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයෙන්ද, සංගීත නිර්මාණයෙන්ද පසුගිය වසර තිස්‌හත පුරා කළ මෙහෙවර අගයමින් කුලාංග වෙනුවෙන් "මුතුවැලක්‌ සේ" ප්‍රසංගය ඉදිරිපත් කෙරේ.

තිස්‌හත් වසරක කලා දිවිය සපුරන සරත් කුලාංග අද රඟහල දොරකඩට පැමිණ සිටී. මුතුවැලක්‌ සේ "ප්‍රසංගය ගැන......?"

මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිස්‌ හතයි. 1976 තමයි පළමුව මම රංගනයට ආවේ. ඉතින් ඒ තිස්‌හත් වසර සමරන උත්සවයක්‌ තමයි "මුතුවැලක්‌ සේ". මගේ කලා ජීවිතයේ සංගීතාවලෝකනය ලෙසයි මෙය හඳුන්වන්නේ.

ර කොහොමද අවුරුදු තිස්‌හතකට කලින් ඔබ මේ ක්‍ෂේත්‍රයට ආවේ?

පාසල් වේදිකාවෙන්. මගේ පාසල හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය. උසස්‌ පෙළ කරද්දී නාට්‍ය තරග සඳහා ඉදිරිපත් වුණා. මගේ පාසලේම සමකාලීනයන් තමයි විනී වෙත්තසිංහ, රවීන්ද්‍ර යසස්‌. ඊට අමතරව හොරණ ශ්‍රීපාලියේ අපේම වයසේ ඉගෙන ගත්තා සද්ධා උත්පලකන්දගේ. විද්‍යාරත්නයේ ඉගෙන ගත්තා ජනක්‌ ප්‍රේමලාල්, අපි පාසල් තුනක ඉගෙන ගත්තත් නිතරම හවස්‌වරුවේ එකතුවෙනවා. නාට්‍ය ගැන කතා කරනවා. නාට්‍ය කරන්න පුරුදු වුණා.

ර නාට්‍යයක්‌ කළේ......

කොක්‌ සන්නිය නමින් ප්‍රේම්කුමාර කරුණාරත්න නාට්‍යයක්‌ කළා. එවිට මම පාසල් යනවා. ඒ හැත්තෑහයේදී මට එහි හොඳම සංගීතයට හිමි සම්මානය ලැබුණා. ඉන්aපස්‌සේත් ඔහුගේම "දිග අඬු කාරයෙක්‌" නාට්‍යයට සංගීතය සඳහා සම්මාන ලැබුණා. උසස්‌ පෙළ ඉවර වුණාට පස්‌සේ අපි නාට්‍යයක්‌ කරන්න තීරණය කළා. ජනක්‌ ප්‍රේමලාල්ගේ පියා සිරිසේන ප්‍රේමලාල් මහත්තයා "අබුද්දස්‌ස කෝළම" නමින් නාට්‍යයක්‌ ලියා තිබුණා. අපි අසූ හතරේදී ඒ නාට්‍යය කරමින් ප්‍රසිද්ධ වේදිකාවට ආවා.

ර ඔබ රංගනයට පෙර දස්‌කම් දැක්‌වූයේ සංගීතයට ?

ඔව්. අපේ අයියට තිබුණා බටහිර සංගීත කණ්‌ඩායමක්‌. අනිල් භාරති, දයානන්ද පෙරේරා, වර්නන් පෙරේරා වැනි අය සම්බන්ධවී හිටියා. මමත් ඒ කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ වුණා. අයියත් වාදකයෙක්‌ ලෙස කටයුතු කළා. හොරණ ශ්‍රී පාලියෙන් තමයි මම විධිමත් ලෙස හින්දුස්‌ථාන් හා දේශීය සංගීතය හැදැරුවේ. මට සංගීතාචාර්ය සෝමා ගුණතිලක, රෝහණ බැද්දගේ වැනි අය මග පෙන්වූවා. ඒ කාලේදීම ලයනල් වෙන්ඩ්ට්‌ රංග ශිල්ප ශාලිකාවේ නාට්‍යකරණ වැඩමුළුවට එක්‌වුණා. ගාමිණි හත්aතොටුවේගම, ධම්ම ජාගොඩ වැනි ප්‍රවීණයන් ඇසුරට එක්‌වුණා. ඉන් පස්‌සේ හත්තොටුගම මහතාගේ විවෘත වීදිනාට්‍ය කණ්‌ඩායමට සම්බන්ධ වුණා.

ර ඔබේ මේ දීර්ඝ ගමන ආවර්ජනය කරන මුතුවැලක්‌ සේ ප්‍රසංගය ගැන යළි සඳහන් කළොත්...?

පානදුරේ තිබෙනවා මිත්‍රොaදය නමින් වෘත්තිකයන්ගේ සංගමයක්‌. විශ්‍රාමික විදුහල්පතිවරුද, උපදිසාපතිවරුද, පරිපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ අය ඇතුළු ප්‍රභූවරුන් විසි දෙනෙක්‌ පමණ මේ මිත්‍රොaදය සංගමය පවත්වාගෙන යනවා. මේ වසරේදී සංගමයට වසර දහයක්‌ පිරෙන නිසා පානදුරෙන් බිහිවූ කලාකරුවකුට උපහාර පිදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා තෝරා ගත්තේ මාව. මමත් කැමැති වුණා ප්‍රසංගයක්‌a පවත්වන්න... ඉන් ලැබෙන ආදායමින් ළමුන්ට ශිෂ්‍යත්ව අරමුදලක්‌ හදන්න මම යෝජනා කළා.

ර මේ ප්‍රසංගයට ඇතුළත් වන්නේ මොනවාද?

නාට්‍ය ගීත.. මම නිර්මාණය කළ නාට්‍යවල ගීත.. ළමා ගීත රඟමින් ගයනවා. දෙයියොත් දන්නේ නෑ, රූකඩ රාඡ්ඡේ, ජසයා සහ ලෙන්චිනා, ආටානාටිය, රාජකපුරු වගේ නාට්‍යවල ගීත. රඟපාන්නේ විජය නන්දසිරි, බන්දුල විඡේවීර, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සෙනෙවිරත්න, µර්නි රෝෂනි, සරත් චන්ද්‍රසිරි, ගාමිණි අම්බලන්ගොඩ, තාරක උපේන්ද්‍ර වගේම මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා. මේ ප්‍රසංගය නිදහස්‌ උළෙල දා.. ඒ කියන්නේ 04 වැනිදා හවස 6.30 ට පානදුර පුරහලේදී පැවැත්වෙනවා.

ර ගත වූ අවුරුදු තිස්‌හත තුළ ඔබෙන්a වේදිකාවටත්, වේදිකාවෙන් ඔබටත් ලැබුණු දේ ගැන තෘප්තිමත්ද?

කලාකරුවකු ලෙස අපි එක්‌තරා විදිහකට අපි ගැනත් හිතන්න ඕනෑ. මාගේ ඇඟ තුළ තිබෙන දේ, මට දැනෙන හැඟෙන දේ ප්‍රකාශ කිරීමයි මගෙන් විය යුත්තේ. මගේ හැඟීම් පොදු ජනතාවට කියන්න මාධ්‍යයක්‌ හොයාගත යුතුයි. මගෙන් ජනතාවට අනාගත පරම්පරාවට විය යුතු දේ ගැනයි මම හිතන්නේ. ඊළඟ පරපුරට යමක්‌ ලබාදීමයි මා කළ යුත්තේ. එතැනදී මම සමාජයෙන් පෙරළා යමක්‌ බලාපොරොත්තු වන්නේ නෑ.

අජිත් අලහකෝන්

Divayina
READ MORE - සේවයක්‌ කළා පෙරළා යමක්‌ උවමනා නෑ

මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා

Saturday, January 26, 2013


මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා

චතුරිකා පීරිස්

චතුරිකා පීරිස් පසුගිය සති කීපයේ මාධ්‍යයන්හි වඩාත් ම කතාබහට ලක්වුණු තැනැත්තියක බවට පත්වූවාය. ඒ චතුරිකාගේත් රොෂාන්ගේත් වෙන්වීම පිළිබඳ ලියැවුණු ප්‍රවෘත්ති නිසාය. චතුරිකා අපට සිටින දක්ෂතම රංගන ශිල්පිනියකි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සම්මාන ගණනාවක් ම හිමිකර ගැනීමට චතුරිකාට මේ වනවිට හැකියාව ලැබී ඇත. එසේම ඇය කිව යුතුදේ ඍජුවම කියන තැනැත්තියකි. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වන්නේ චතුරිකා සමඟ කළ කතාබහ වෙනුවෙනි.
චතුරිකා කොහොමද මේ දිනවල ඔබේ කාලය ගෙවෙන්නේ?
මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නව. එකක් හිරු ඊ.ඍනාළිකාවේ “හිරු තනිවෙලා” ටෙලිනාට්‍යය. අනෙක ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට නියමිත ‘බිඳුණු සිත්’ ටෙලිනාට්‍යය. එය පෙබරවාරි මාසයේ ඉඳල විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම මාර්තු මාසයේ සිට සිරස නාළිකාවෙන් විකාශය වීමට නියමිත “ශාන්ති” ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් වලටත් මේ දිනවල සම්බන්ධවෙලා ඉන්නව. ඊට අමතරව මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ “මහ සමයම” වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වල මේ දිනවල නිරතවෙලා ඉන්නව.
මහාචාර්ය ඇතුගලයන්ගේ “මහ සමයම” වේදිකා නාට්‍යයට සම්බන්ධ වීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?
මේ මගේ පළමු වේදිකා නාට්‍ය රංගනය. මෙහි රඟපෑම මට යම් පමණක අභියෝගයක් වුණා. මෙය ‘ඔපෙරා ශෛලියේ වේදිකා නාට්‍යයක්. මෙහි රංගනය පමණක් නෙමෙයි නර්තනයත් ගායනයත් තිබෙනවා. මම නිරූපණය කරන්නෙ විෂ්ණු දෙවඟනගෙ භූමිකාව. මාත් එක්ක ඊශ්වර දෙවියන්ගේ චරිතය රඟපාන්නෙ චන්න විජේවර්ධන. ඒ වගේ ම බස්මාසුර චරිතය රඟපාන්නෙ ප්‍රවීණ නර්තන ශිල්පී රවිබන්ධු විද්‍යාපති. ඒ වගේම මේ වේදිකා නාට්‍යයේ ශි‍්‍රයන්ත අයියා, ජැක්සන් අයියා, දිද්දෙණිය අයියා වැනි ප්‍රවීණයින් රඟපානවා. ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමමත් භාග්‍යයක්.
”හිරු තනිවෙලා” ටෙලිනාට්‍යයේ ඔබේ රඟපෑමට ලැබෙන ප්‍රතිචාර..?
මෙය ඉතාම ජනපි‍්‍රය කතාවක්. මම හිතුවටත් වැඩිය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
රොෂාන්ගේත් ඔබේත් වෙන්වීම ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. ඒ සිදුවීම ගැන දැන් මොනවද ඔබට හිතෙන්නේ?
ඒ ප්‍රශ්නය ඇතිවුණු දවස්වල මාධ්‍යයට අදහස් දැක්වූවේ අපරාදේ කියල දැන් මට හිතෙනව. ඒ අවස්ථාවේ මා වටා හිටිය පිරිස මට වැඩිය කලබල වුණා. මම ඒ දවස්වල සිටියේ රූපගත කිරීමක. පත්තරයක් බලන්නවත් මට නිදහසක් තිබුණේ නෑ. ඉතින් මා වටා සිටි සමහර අය මෙහෙම කියන්න, මෙහෙම කරන්න කියල මට කිව්ව. ඒ විදියට ඒ ප්‍රශ්නය ගොඩක් දුරදිග ගියා. මට දැන් හිතෙනව ඒ වෙලාවෙ මාධ්‍යයට වචනයක්වත් ඒ ගැන නොකිය සිටිය නම් හොඳයි කියල. කවුරු මොනව කිව්වත් මොනව හිතුවත් මට තිබුනෙ සත්‍ය එළිවෙනකල් නිහඬව ඉන්නයි කියල දැන් මට හිතෙනව.
ජීවිතය ගැන ඔබට මොනවද හිතෙන්නෙ?
ජීවිතය කියන්නෙ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙමෙයි. ජීවිතය විඳින්නේ නැතිනම් ජීවත්වෙලා වැඩක් නෑ. ජීවිතේ තමුන්ට කොහේදි හරි වැරැද්දක් වෙලා තියෙනවා නම් එය නිවැරැදි කරගන්න පුළුවනි. නමුත් “මට මෙහෙම වැරැද්දක් වුණා. දැන් මම මෙහෙම කළොත් සමාජය මොනව කියයිද” කියල ඒ වැරැද්ද අස්සෙ ඉඳගෙන විඳව විඳවා ඉන්න එකේ තේරුමක් නෑ. ඊට වැඩිය හොඳයි සිය දිවි හානි කරගන්න එක. මම නම් හිතන්නෙ මේ ජීවත්වෙන පුංචි කාලෙදි අපි ජීවිතය විඳවන්නෙ නැතිව ජීවිතය විඳිය යුතුයි කියලයි; ජීවිතය විඳවන්න වෙන දෙයින් ඈත් විය යුතුයි කියලයි.
මේ අවුරුද්ද ඔබ කොහොමද සැලසුම් කරල තියෙන්නෙ?
අපේ නිෂ්පාදන ආයතනයට ලැබී තිබෙන චිත්‍රපට දෙකේ වැඩ හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අවුරුද්දෙ විදෙස් සංචාර දෙකකට ආරාධනා ලැබිල තියෙනව. ඒ වැඩ සාර්ථකව නිම කරගන්න තමයි බලාපොරොත්තුව.
පසුගිය කාලේ ඇතිවුණු ගැටලුවලදි පවුලේ අය ඔබත් සමඟ සිටියද?
ඇත්තටම ඔව්. අම්ම තාත්ත ඇතුළු සියලුම දෙනා මා සමඟ සිටියා. නමුත් මම කාගෙන්වත් උදව් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ මොකද තවත් කෙනෙකුට උදව් කරන්න කාටවත් බැරි නිසා. මගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න ඕන කොහොමද? වැටුණු තැනින් නැගිටල ඉදිරියට යන්නෙ කොහොමද කියල තීරණය කරන්න ඕන මම. මගෙ හිත දන්නව මම කිසිම වැරැද්දක් කළේ නැහැ කියල. ඒ වගේම මම කුමක් හෝ දෙයක් කළා නම් එයින් කාට හෝ හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ. මම අද හෙට මැරුණේ නැතිනම් හැමෝටම දැනගන්න ලැබේවි සත්‍ය මොකක්ද කියල. බුද්ධිමත්ව සිතුවොත් ප්‍රශ්න විසඳගන්න ලේසියි. සම්ප්‍රදායිකව බැලුවොත් ප්‍රශ්න විසඳගන්න අමාරුයි.
කලා ලෝකයේ දැන් වෙන්වීම් බහුලයි නේද?
කලා ලෝකයේ පමණක් නෙමෙයි හැම තැනකම එහෙම ඇති. බැංකුවලත් තියෙනව. වෙනත් ආයතනවලත් තියෙනව. පාර්ලිමේන්තුවේත් වෙන්වීම් තියෙනවනේ. නමුත් කලා ලෝකයේ දෙයක් සිදුවුණාමයි මිනිසුන් ඒ ගැන සොයන්නේ. ඒ හැටි. මම හිතන්නේ ජීවිතේ විඳවන්නේ නැතිව ඉන්න ටික කාලෙ හරි ජීවිතේ විඳල මැරිලා යනවා නම්, ලබන ආත්මේ හරි සතුටින් ඉන්න ලැබේවි කියලයි.
ඔබ පුවත් මවන්නියක්ද?
නැහැ මට පුවත් මවන්න වුවමනාවක් නෑ. මා ගැන ලොකුවටම කතාවුණු ප්‍රවෘත්ති තමයි පසුගිය කාලේ පළවුණේ. ඊට කලින් එහෙම දෙයක් වෙලා නෑ. කලා ලෝකයේ ඉන්න සමහරු ජනපි‍්‍රය වෙන්න ප්‍රවෘත්ති මැව්වාට මට එහෙම වුවමනාවක් නෑ.

silumina
READ MORE - මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා

වත්සලාගේ දෙකම සමබරයි

Wednesday, January 2, 2013


වත්සලාගේ දෙකම සමබරයි

ටෙලිනාට්‍ය නිළියක ලෙස ජනප්‍රියත්වයට පත් වූ රුවැත්තියක් තමයි වත්සලා දියලගොඩ. වත්සලා මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම චරිත මවනවා. ඒ විතරක් නෙමෙයි ඇය ‘මනාලී’ වැඩසටහන හරහා නිවේදිකාවක ලෙසත් අපිට සමීප වෙනවා.
ඇය නිවේදනයටත් දක්වන්නේ දක්ෂතාවයක්. මේ නිසා ම වත්සලාට තවත් වැඩසටහන් දෙකක නිවේදන කටයුතු කිරීමට ආරාධනා ලැබිලා. ඉදිරියේදී වත්සලා අපට වැඩි වැඩියෙන් දැක ගන්නට ලැබෙන්නේ නිවේදිකාවක ලෙස ද නැතිනම් නිළියක ලෙස ද කියලා අපිට හිතුණා. එනිසා වත්සලාගෙන් අපි ඒ ගැන විමසුවා.
“ඇත්තටම රංගනය කියන දේ ඉතා ම හොඳයි. රංගනයට වගේ ම නිවේදනයටත් මා තුළ දක්ෂතාවයක් තිබෙනවා. මේවා සමබරව කරගෙන ඉදිරියට යෑම තමයි මගේ බලාපොරොත්තුව.
Silumina

Wathsala_Diyalagoda-srilankanmodels.net-29.jpg (620×720)
READ MORE - වත්සලාගේ දෙකම සමබරයි

ධර්මප්‍රියට අහිංසක චරිතයක්


ධර්මප්‍රියට අහිංසක චරිතයක්

ධර්මප්‍රිය ඩයස් වැඩි සද්දයක් බද්දයක් නැති කලාකරුවෙක්. ඔහු රඟපෑ ‘මචං’ චිත්‍රපටය තවමත් අපේ සිත්හි රැඳී පවතිනවා. ඒ වගේ ම පසුගිය දවස්වල ධර්මප්‍රියව අපි දුටුවේ බොහෝ සෙයින් ම සැර පරුෂ චරිත ඔස්සේ.
කාලෙකට පස්සේ ධර්මප්‍රිය අහිංසක තරුණ කොලු ගැටයකුගේ චරිතයකින් අපි හමුවට එන්නට සූදානම් වෙන පුවතක් අපිට දැනගන්නට ලැබුණා.
ජයලත් මනෝරත්න ගේ ‘තාත්තේ අපි ආවා’ ටෙලිනාට්‍යයේ ත්‍රිවිල් එකක් එළවන අහිංසක තරුණයකුගේ චරිතය මම රඟපානවා. එවැනි චරිතයක් හුඟ කාලෙකට පස්සේ තමයි මම රඟපාන්නේ. මොකද මට වැඩි වශයෙන් ලැබෙන්නේ සැර පරුෂ චරිත.
එනිසා මේ චරිතය මම ආසාවෙන් රඟපානවා. ඒ වගේ ම වේදිකා නාට්‍ය කිහිපයක ම මම චරිත නිරූපණය කරනවා. මගේ ම වේදිකා නාට්‍ය නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නත් මම හිතාගෙන ඉන්නවා. ඒ නිසා මේ දවස්වල මං කාර්ය බහුලයි.”
Silumina
READ MORE - ධර්මප්‍රියට අහිංසක චරිතයක්

උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි


උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි

උදාරි වර්ණකුලසූරිය කියූ සැණින් අපේ මතකයට නැඟෙන්නේ ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ ‘සංසලා’ චරිතය.
එතරම්ම ආදරණීය මතකයක් ප්‍රේක්ෂකයන් තුළ ‘සංසලා’ ඔස්සේ උදාරි තබා ගියා. දැන් මාස කිහිපයක සිට ම උදාරි ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ.
ඇය දැනට හරියට ම මාස පහකට පෙරාතුව ජීවිතයේ ලැබිය හැකි ඉහළම සම්මානයෙන් පිදුම් ලැබුවා ඔබට මතක ඇති. ඒ උතුම් වූ මව් පදවිය. දැන් උදාරිගේ පුංචි සුරතල් දියණියට හරියටම මාස පහක් වෙනවා.
උදාරිගේ සැමියා සුජිත් සිංගප්පූරුවෙ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. ඒ නිසාම උදාරිත් පුංචි දියණියත් ජීවත් වන්නේ සිංගප්පූරුවේමයි.
ඒ නිසා උදාරිගේ කලා කටයුතු තරමක් දුරට සීමා වෙලා. නමුත් උදාරි නැවතත් රංගනයට එක්වීමට සූදානම් වන බව අපිට පසුගිය දිනෙක දැනගන්නට ලැබුණා. ඒ ගැන ඇය අපිත් එක්ක කතාබහ කළේ මේ විදිහට. “එළැඹෙන නව වසරේ ජනවාරි සිට ස්ථිරවම පදිංචි වෙන්න යළිත් ලංකාවට මම එනවා. දැන් දුවට මාස පහක් නිසා මගේ සුපුරුදු කලා කටයුතුවල නියැළෙන්නට මට අවස්ථාව ලැබී තිබෙනවා. දැනටමත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා.

READ MORE - උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි

දස්කම් රැසක් සමඟ කරළියට ආ මධූෂා

Saturday, December 8, 2012

දස්කම් රැසක් සමඟ කරළියට ආ මධූෂා

මධූෂා රාමසිංහ දක්ෂතා කිහිපයක්ම දෝත දරාගත් යොවුන් කලාකාරිණියකි. රංගනයෙන් ගායනයෙන් මෙන්ම ගී පද රචනයෙන් තම හැකියාවන් කලඑළිදැක් වූ ඇය රැල්ලෙන් මිදී නිර්මාණකරණයෙහි යෙදෙන්නියක් බව කිව හැකියි.
මධුෂා කොහොමද ඔබේ කලා දිවියේ මුලකුරු ලියවෙන්නේ?
මං ඉගෙන ගත්තෙ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලෙන්. ඒ කාලයේ ඉඳලා ගීත ලිව්වා. පසුව සැරිසර සංගීත ශාලිකාවේ සංගීතය හදාරන්නට යන්නේ මට ගායන හැකියාවකුත් තියෙන බව දැනගත්තට පස්සේ. මං එහිදී මගේ සංගීත ඥාණය තවත් ප්‍රගුණ කරගත්තා. ඒත් එක්කම මං අනෝජා වීරසිංහ මහත්මිය ගාව රංගනය ද හැදෑරුවා. එතකොට තමයි රඟපාන්න අවස්ථාව ලැබුණේ.
මොනවද එහෙම දායක වූ නිර්මාණ?
කාව්‍යා, කුල කුමරිය, දේදුනු පාලම, භූත වස්තුව. කාව්‍යහි පූර්ණිමා ලෙස කළ රංගනය ගොඩක් අයට අදටත් මතකයි.
රඟපාන්න පටන් ගත්තට පස්සේ ගායනය අත හැරියා. ඒත් මට දුකයි. මං විශ්වාස කරනවා මට ගායනය තමයි වඩාත්ම පුළුවන් කියලා. ඒක නිසා සංගීතය පටන් ගත්තා.
ඊට පසුව?
‘රතු රෝස යායට’ නම් වූ මගේ පළමු ගීතය නිකුත් කළා. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. එය ලිව්වෙත් මමමයි. දොන් ෂර්මන්ට (ඔබ ඉන්නවා නම්) සහ ඩීටැප් සංගීත කණ්ඩායමට (ඔය අත ගෙන)ගීත ලිව්වා.
මේ දවස්වලත් ඔබේ ගීතයක් ප්‍රචාරය වෙනවා නේද?
ඔව්. ඒක ‘කෙලෙස් මල දුරු කරන්’ එයින් කියවෙන්නේ ලෞකික සුවයෙන් මිදිලා ලෝකෝත්තර සුවයක් සොයා ගෙන යන්නට සාංඝික ජීවිතයට ඇතුළුවීමට මවගෙන් අවසර ඉල්ලන දියණියකගේ කතාවක්.
ඔබ උඩු ගං බලා යන නිර්මාණකාරිණියක් විදිහට මං හැඳීන්නුවා. ඒක නිවැරැදිද?
සත්‍ය වශයෙන්ම නිවැරැදියි. මන්ද යත් මටත් තිබුණා වෙනත් නව පරපුරේ ගායකයන් වගේ මාකට් වෙන්න සිංදුවක් හදන්න. මං එහෙම කළේ නැහැ. අනික බහු ජාතික සමාගම්වලට යට වෙන්නෙත් නැහැ මං. ඒක නිසා මෙවැන්නක් හොඳයි. ඉදිරියේදීත් කරන්නේ එවැනිම ගීතම තමයි.
ආයේ රඟපාන්නේ නැතිද?
ඒ ගැන තීරණය මෙන්න මෙහෙමයි. ආයෙත් රඟපානවා.
මධූෂාගේ දුරකතන අංකය - 0772080529
READ MORE - දස්කම් රැසක් සමඟ කරළියට ආ මධූෂා

යාය 4 ස්වර්ණවාහිනියට චාමර පීරිස් ගේ අලුත් නිර්මාණය

යාය 4 ස්වර්ණවාහිනියට චාමර පීරිස් ගේ අලුත් නිර්මාණය

චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වූ යාය 4 ටෙලි සිතුවම සෑම ඉරිදාවකම රාත්‍රී 9 ට ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වේ.
සදාහරිත රක්ෂිත පතන් වනාන්තරයක මායිම්ව පිහිටි අවට ලෝකයෙන් වෙන් වූ ගමක් තුළ ජීවත්වන පවුල් තුනක් වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙය විනිල් මැණික් ආයතනයේ නිෂ්පාදනයකි.
බිමල් ජයකොඩි , සාරංග දිසාසේකර, හිමාලි සිරිවර්ධන, මොරින් චාරුනී, එරංග ජීවන්තක, ඩිනක්ෂි ප්‍රියසාද්, තිමිල උඩලවත්ත, සංගීතා බස්නායක, චින්තක වාස්, ෂනුද්‍රි ප්‍රියසාද්, සඳනි නිමේෂිකා, පවිත්‍රා ෂක්‍රමසිංහ, අසේල සපුආරච්චි, පබසරා කාරියවසම් යාය 4 හි නළු නිළි පිරිවරයි.
කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ධම්මික හේවාදූවගේ කලා අධ්‍යක්ෂණයකි. සංජීව රත්නායක අංග රචනයෙන් එක් වෙයි.
උදය ප්‍රසන්න සහාය අධ්‍යක්ෂණයෙන් ද, චන්දන ශ්‍රී සුදාරක නිෂ්පාදන කළමනාකරණයෙන්ද රවි හාන්ස් වැටකෙපොත සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ලක්රුවන් සේරම් සංස්කරණයෙන් ද දායක වෙති.
යාය 4 චාමර පීරිස්, තිමර උඩවමත්ත සහ තුෂානී බුළුමුල්ගගේ තිර රචනයකි.

ප්‍රියන්ත පතිරගේ අධ්‍යක්ෂණයට

ප්‍රියන්ත පතිරගේ ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘පුංචි අපිත් බය නැහැ දැන්’ ළමා චිත්‍රපටය ලබන 08 වැනිදා කිතුල්ගල අවට ප්‍රදේශයේ රූගත කිරීමට නියමිතය.
ගිරිරාජ් කෞෂල්‍ය, රාජිත චාමිකර (පිංපොං), ජයනි සේනානායක, මහින්ද පතිරගේ, සුසන්තා චන්ද්‍රමාලි, තිස්ස බණ්ඩාරනායක, සීතා කුමාරි, කැලුම් නිරෝෂන්, රන්ජන් ගලගෙදර, ප්‍රියංකර ජනක කුමාර, සන්දීප සන්රාජ් ඇතුළු නළු නිළි පිරිසක් මේ සඳහා රංගනයෙන් සහභාගි වෙති. ප්‍රධාන ළමා චරිත සඳහා පණ පොවන්නේ සචින් චතුරංග, දිල්කි නෙත්මිණි, සන්තුෂ් දිල්හාර විසිනි.
කැමරාකරණයෙන් ගාමිණි චමින්ද, කලා අධ්‍යක්ෂණයෙන් සුමති කුඩලිගම, සහය අධ්‍යක්ෂණයෙන් ඩබ්. රවීන්ද්‍ර, අංග රචනයෙන් ශ්‍රී ලාල් හේමන්ත, නිෂ්පාදන කළමනාකරණයෙන් පුබුදු රණසිංහ හා නිෂ්පාදන විධායක ලෙස එස්. සුභසිංහ දායකත්වය සපයයි.
නිමි රූ චිත්‍රපට වෙනුවෙන් රෝසි මැනුවෙල්, සන්දීප් සන්රාජ් හා රන්ජන් ගලගෙදර ‘පුංචි අපිත් බය නැහැ දැන්’ ළමා චිත්‍රපටය නිෂ්පාදනය කෙරේ. චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතුª කළ ප්‍රියන්ත පතිරගේ ‘බීරළු කොට්ට්ය’, ‘සුභා මා ඔබේමයි’ වැනි ටෙලි නාට්‍යයන්හි අධ්‍යක්ෂවරයා ද වේ.
READ MORE - යාය 4 ස්වර්ණවාහිනියට චාමර පීරිස් ගේ අලුත් නිර්මාණය

‘උමා’ ගැන ගයේෂා උදම් වෙයි


රූ රැජිනක යොවුන් ටෙලිනාට්‍ය නිළියක ලෙස නමක් දිනූ ගයේෂා පෙරේරා මේ දවස්වල අපූරු ටෙලි නාට්‍ය චරිතයකට පණපොවන බව අපට දැනගන්නට ලැබුණා. “සිහින සිත්තරා වී” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන ‘උමා’ චරිතයට දායක වන්නේ ඇයයි. මේ ගැන ගයේෂා අපිත් එක්ක කතා කළා.
“උමා කියන්නේ නාගරික පන්නයේ ගැහැනු ළමයෙක්. ඇය ආදරයට ආදරය කරන, ආදරය නිසා ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඇතිකර ගන්නා යුවතියක්. උමා චරිතය මගේ ටෙලි නාට්‍ය රංගන ගමන්මඟ වෙනසකට ලක්කරන මා ගැන වෙනදාටත් වඩා පේ‍්‍රක්ෂක කතාබහට බඳුන් වන චරිතයක් වේවි කියලා මම හිතනවා.”
ඉදිරියේ පැවැත්වෙන රූ රැජින තරගාවලී කීපයකටම ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නට මා අදහස් කරනවා. ඒ වගේම ලබන වසරෙන් පසුව මම යළිත් රූ රැජන තරගාවලීන් සඳහා ඉදිරිපත් නොවන්නත් පුළුවන්. ඒ නිසා ඉදිරි වසරේ දී ලැබෙන තරගවලින් මගේ උපරීම දක්ෂතාව ඉදිරිපත් කරන්නට මම උත්සාහ ගන්නවා.
READ MORE - ‘උමා’ ගැන ගයේෂා උදම් වෙයි

කොහොමද පබෝධා

හොඳීන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා

පබෝධා සංදීපනී
කොහොමද පබෝධා ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ‘පිංකි’ ට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරෙයි නේද?
ඇත්තටම ඔව්. ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය පටන්ගත්ත දවසේ ඉඳලම ඉතාම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. සමාජයේ විවිධ වයස් මට්ටම්වල විවිධ තරාතිරම්වල උදවිය මේ ටෙලිනාට්‍යය නරඹන බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පේනවා. මේ ටෙලිනාට්‍යය මේ තරම් සමාජයේ ජනපි‍්‍රය වුණේ එහි පිටපතේ තිබෙන උසස් බව සහ අධ්‍යක්‍ෂවරයගේ දක්ෂතාව නිසයි.
ඒ වගේ ම ලංකාවේ ඉන්න දක්ෂම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම මේ ටෙලිනාට්‍යයට දායක වෙලා තියෙනව. ඒකත් ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය සාර්ථක වෙන්න එක හේතුවක්.
’බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ‘පිංකි’ තමන්ගේ ජීවිතයේ ගන්නා යම් යම් තීරණ පබෝධා හැටියට ඔබත් ඔබගේ ජීවිතයේදී ගනීවි කියල හිතනවද?
නිවාර්යෙන්ම ගන්න පුළුවනි. පිංකි කියන්නෙ ඉතාම ධනවත් පවුලක තරුණියක්. එයා ආදරය කරල විවාහ වෙන්නෙ දුප්පත් පවුලක කොල්ලෙක් සමඟ. ජීවිතය ගොඩනඟා ගන්න පිංකි තම සැමියට ලොකු සහයෝගයක් දෙනව. පිංකි තමන්ගෙ තාත්තටත් හරිම ආදරෙයි.
ඇය හිතනව තමාගෙන් තාත්තට වැරැද්දක් වුණු බව. දෙමවුපියො හැම තිස්සෙම හිතන්නෙ දරුවන්ගෙ යහපතනෙ. තාත්තගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වීම ගැන පිංකි දුක් වෙනව. නමුත් පිංකි තමන්ගේ තාත්ත සමඟත් සැමියා සමඟත් සමබරව කටයුතු කරනවා.
මේ ටෙලිනාට්‍යයේ රඟන ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ වැඩ කිරීම ඔබට හොඳ අත්දැකීමක් වෙන්න ඇති?
ඇත්තටම ඒක හරිම අපූරු අත්දැකීමක් වුණා. එවැනි ප්‍රවීණයින් සමඟ වැඩ කරන විට අපිට අපේ පැත්ත හදාගන්න විශාල උදව්වක් ලැබෙනව. අපේ රටේ රංගනය ඉගෙන ගන්න පාසල් නැහැ. අපට ඒ ගැන යමක් ඉගෙනගන්න වෙන්නෙ ප්‍රවීණ ශිල්පීන්ගෙන්.
රංගනය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන, ඒකට ගරුත්වයක් තියෙන ප්‍රවීණයින් සමඟ වැඩකරන විට අපිවත් ‘පොලිෂ්’ වෙනවා. ඒක හරියට වටිනවා. ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ මගේ රංගනය කැපිල පෙනෙන්නේ එවැනි ප්‍රවීණයන් පිරිසක් සමඟ රඟපාන්න ලැබිම නිසයි.
මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල සනත් අබේසේකරගේ “මීදුම වගේ ඇවිදින්” ටෙලිනාට්‍යයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මම රංගනයෙන් දායක වුණු ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ නවතම චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනව.
කොහොමද ඉතින් අලුත් ජීවිතේ?
හොඳින් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව. මම විවාහවෙලා තවම මාස කීපයයිනෙ. මගෙ සැමියා ව්‍යාපාරික කටයුතුවල යෙදිල ඉන්නව.
විවාහයෙන් පසුව රඟපානවට ඔබේ සැමියා කැමැතිද?
මගේ රංගන කටයුතුවලට දැන් ලොකුම දිරි ගැන්වීම ලැබෙන්නෙ එයාගෙන්. හැබැයි මම හිතුවෙ නෑ මට මේ වගේ සහයෝගයක් ලැබෙයි කියල. එයා මට හැමතිස්සෙම කියන්නෙ හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න නිර්මාණයක් ලැබුණොත් ඒක බාර අරගෙන හොඳින් කරන්න කියල. එයා කලා පවුලකින් එන කෙනෙක් නෙමෙයි. නමුත් කලාව ගැන හොඳ අවබෝධයක් එයාට තියෙනව.
ඒ වගේ ම මගේ හැකියාවන්ට එයා ගරු කරනව. ඒක ඉතාම වටිනා දෙයක්. මගේ සැමියා වගේ ම එයාගෙ අම්මයි තාත්තයි මගේ වැඩ වලට ගොඩක් උදව් කරනවා. මගේ දෙමවුපියන් වගේම මා ගැන සොයා බලනවා.
ලංකාවේ පැවැත්වෙන සිනමා සහ ටෙලිනාට්‍ය උලෙළ ගැන ඔබ මොනවද හිතන්නෙ?
ඕනෑම විනිශ්චය මණ්ඩලයක ඉන්නෙ මිනිස්සු. ඔවුන් ගේ තියෙන්නෙ විවිධ රසඥතාවයන්. ඉතින් ඔවුන් තීරණ ගන්නේ ඔවුන්ගේ ඒ රසඥතාව අනුවයි. ඒක කාටත් පොදුයි. මම එවැනි ජූරියකට ගියත් මමත් එහෙමමයි. ඉතින් විනිශ්චය පිළිබඳ විවේචනය කරන එක වැරදියි. විනිශ්චය මණ්ඩලයේ තීරණය අපි බාරගන්න ඕන.
රංගනයට රූපය කෙතරම් වැදගත් කියල ද ඔබ හිතන්නේ?
හොඳ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට රූපය එතරම් වැදගත් නෑ. අපේ රටේ සහ ඉන්දියාවේ තමයි රංගනයේදී රූපයට වැඩි තැනක් දෙන්නේ. හොඳ නිර්මාණ කරන බොහොමයක් රටවල රංගනයේදී සලකා බලන්නේ එම ශිල්පීන් තුළ තිබෙන රංග පෞරෂයයි.
නමුත් ලස්සන තරුණියක් ගැන කියවෙන කතාවකට රූපය අවශ්‍යයි. නමුත් හොඳ රංගනයකට රූපය වැදගත් නොවන බවයි මගේ හැඟීම.
පබෝදා සංදීපනී කලා පවුලකින් පැවත එන දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “බොරලු පාර” ටෙලිනාට්‍යයේ ඇය පිංකි ලෙස අගනා රංගනයක නියැළෙන්නීය. පබෝධා මේ වන විට චිත්‍රපට කීපයකටත් ටෙලිනාට්‍ය ගණනාවකටත් රංගනයෙන් දායක වී ඇත. පබෝධා යුග දිවියට පිවිසියේ මීට මාස කීපයකට පෙරදීය.
සිනමාව තුළ දැනෙන රංගනයක් ඉදිරිපත් කරන්න තවමත් අවස්ථාව ලැබුණේ නැහැ නේද?
”වෑ කන්ද වළව්ව“ චිත්‍රපටයේ මම හොඳ රංගනයක් කළා කියල මම හිතනව. නමුත් ප්‍රේක්ෂකයින්ට හොඳින් දැනෙන අන්දමේ චරිතයක් රඟපාන්න තවම අවස්ථාවක් ලැබිල නෑ තමයි.
රසික රසිකාවියන් දක්වන ආදරය ඔබට ගැටලුවක් වුණු අවස්ථා තිබෙනවාද?
නැහැ. මම කලා පවුලක කෙනෙක්. පුංචි කාලෙ ඉඳලම මම කලාවට සම්බන්ධයි. රසික රසිකාවියන්ට සිනහවකින් වචනයකින් සංග්‍රහ කරන එක මට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ නිසා රසික රසිකාවියන්ගේ ආදරය මට ගැටලුවක් වෙලා නෑ,,
කලාව තුළ සහ ජීවිතය තුළ ඔබට තිබෙන බලාපොරොත්තු පිළිබඳවත් සඳහන් කළොත්...?
කලාව කියන්නෙ මගේ ජීවිතයේම කොටසක්. මම කලාව එක්කයි ඉපදුණේ. ඒක මං සංසාරෙන් සංසාරෙට අරගෙන යන දෙයක්. ඒ නිසා දිගටම කලාවේ ඉන්නත් හොඳ නිර්මාණවලට දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම සැමියට හොඳ බිරිඳක් වෙන්නත් මගේ සහ මගේ සැමියගේ දෙමවුපියන්ට හොඳ දියණියක් විදියට ඉඳීමත් තමයි බලාපොරොත්තුව. ඒ වගේම මවක් වීමේ වටිනා බලාපොරොත්තුවත් දැන් මා ළඟ තියෙනවා.
READ MORE - කොහොමද පබෝධා

රඟපාන්න ආවේ සල්ලි හොයන්න නෙමෙයි

Tuesday, November 27, 2012

චංචලා වර්ණසූරිය
කලා ක්‍ෂේත්‍රයේ වැඩ කටයුතු නිසා මේ දිනවල ඔබ කාර්ය බහුලද?
ඔව්. තරමක් කාර්ය බහුලයි. මොහාන් නියාස්ගේ ‘ඉසුරු විමන’ටෙලි නාට්‍යයේත්, චන්දන ධර්මප්‍රිය සහ නාලකගේ ‘දිය මත අඳිමි’ ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම්වලට දායක වෙනවා.
ඔබ රංගනයෙන් දායක වී ඇති, මේ වන විට වැඩ නිමවී ඇති නිර්මාණ පිළිබඳවත් සඳහන් කරන්න....
මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය 6ක් පමණ තියෙනව. ඒ වගේම ජයසේකර අපොන්සුගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේත්, මොහාන් නියාස්ගේ ‘අපි මැරෙන්නේ නෑ’ චිත්‍රපටයේත් වැඩ මේ වන විට අවසන්. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම චිත්‍රටපටය වන ‘සමනල දනව්ව‘ චිත්‍රපටයේ මම ආරාධිත රංගනයක් ඉදිරිපත් කරනවා. ජයන්ත චන්ද්‍රසිරි වැනි නිර්මාණකරුවකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම සතුටක්.
ඔබ හිතන විදියට අපේ රටේ ප්‍රේක්ෂකයින් ඔබව හඳුනාගත්තේ කුමන නිර්මාණයෙන්ද?
මම හිතන විදියට ‘ගුරු ගීතය’ ටෙලි නාට්‍යයේ මේධාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයින් අතරට යන්න මට අවස්ථාව ලැබුණ කියල මම විශ්වාස කරනවා. මඟතොටේදි මට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ඒ බව හොඳින් පැහැදිලි වුණා.
එසේ වුවත් මගේ පළමු ටෙලිනාට්‍යය වන “සීතාම්බර සළු” ටෙලිනාට්‍යයට තමයි මම තවමත් කැමැති. ඒක මොහාන් නියාස්ගේ අධ්‍යක්ෂණයක්. මම ඒ ටෙලි නාට්‍යයට වඩාත් කැමැති ඒක මගේ පළමු ටෙලි රංගනය නිසාම නෙමෙයි. ගොඩක් දෙනෙක් ‘සීතාම්බර සළු’ ටෙලි නාට්‍යයේ බිනරිගේ චරිතය මට කරන්න බැරිවෙයි කියල කියද්දි එහි අධ්‍යක්ෂවරයාත් මමත් ඒ චරිතය මට හොඳින් කරන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරල ඒක කර පෙන්වු නිසයි. ඒ වගේම ‘සීතාම්බර සළු’ ටෙලි නාට්‍යයට මම ආශා කළ තවත් හේතුවක් තිබුණා. ඒ තමයි රවීන්ද්‍ර රන්දෙනිය, සුවිනීතා වීරසිංහ, සංගීතා වීරරත්න වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ මගේ පළමු රංගනය ඉදිරිපත් කරන්න ලැබීම.
ඔබ රඟපාන්න කැමැත්තෙන් සිටින චරිතයක් එහෙම තියෙනවද?
කලාකාරිනියකගේ චරිතයක් නිරූපණය කරන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ. මීට පෙර අවස්ථා තුනකදී මට කලාකාරිනියකගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබිල තියෙනව. නමුත් එම රංගන තුළින් මට ඕන කරන දේ කියාගන්න අවස්ථාවක් මට තවම ලැබිලා නෑ.
මොකක්ද ඔබට කියන්න ඕන දේ?
කලා ශිල්පිනියන් දෙස වැරදි කෝණයකින් බලන්න අද සමාජයේ ඇතැම් දෙනා පෙලඹිලා තියෙනවා. මම දන්නෙ නෑ ඒක අපේ රට වගේ තුන්වැනි ලෝකයේ රටවල ලක්ෂණයක්ද කියල. නමුත් දියුණු රටවල මෙහෙම නෑ. මම ඉපදුණේ ප්‍රංශයේ. ඒ රටේ කලා ශිල්පිනියන්ට සමාජයේ විශාල ගෞරවයක් තියෙනවා. කලාශිල්පිනියන් ගෙන් පමණක් නෙමෙයි සමාජයේ ඕනෑම මට්ටමක ඉන්න අයකුගෙන් වැරදි සිදුවෙන්න පුළුවනි. ඒක මනුෂ්‍ය ස්වභාවය. නමුත් හිතාමතා වැරදි නොකරන කලා ශිල්පිනියන් ඕනෑ තරම් මේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න බවයි මට කියන්න ඕන. ඒ චරිතය රඟපාන්න ලැබුණු දවසට මම ගොඩාක් සතුටු වෙනවා.
රංගනය ඔබේ වෘත්තියද?
නැහැ. රඟපෑම මගේ වෘත්තිය නෙමෙයි. නමුත් මම වෘත්තීය මට්ටමින් රංගනයේ යෙදෙනවා. මම මේ ක්‍ෂේත්‍රයට ආවෙ සල්ලි හොයන්න නෙමෙයි. රංගනයට ඇති ආශාව නිසාමයි. රංගන හැකියාව මට උපතින් ලද දෙයක් නිසා. අපේ පවුලට හිමි ව්‍යාපාරවලට මමත් සම්බන්ධයි. එයයි මගේ වෘත්තිය.
රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටු වෙනවද?
ඇත්තෙන්ම සතුටුයි. කලාවට සම්බන්ධ වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒ අවස්ථාව මට ලැබිල තියෙනව. ඒ වගේම සමාජය සුවපත් කිරීමේ විශාල හැකියාවක් කලාකරුවකුට තියෙනව.
රඟපෑම ලෙහෙසි දෙයක්ද?
නෑ කොහෙත්ම නෑ. ඕනෑම කතාවක ලියවෙන චරිතයක් කාගේ හරි ජීවිතයේ කතාවක්. තවත් කෙනකුගේ චරිතයක් නිරූපණය කරන විට ඒ චරිතය හොඳින් තේරුම් අරගෙන ඒ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම ලෙහෙසි වැඩක් නෙමෙයි. හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න නම් අපි ඒ චරිතයට ආරූඪ වෙන්න ඕන. එහෙම නොවුණොත් ඒ රංගනය සාර්ථක නෑ. ඒ නිසා රඟපෑම ලේසි දෙයක් කියල මම හිතන්නේ නෑ.
“දිය මත අඳිමි” ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය මොනවගේ චරිතයක්ද?
මේ කතාව සුධර්මා නෙත්තිකුමාරගේ කතාවක්. මේ කතාව ගෙතිල තියෙන්නෙ පසුගිය කාලෙ අපේ රට වෙලාගෙන තිබුණු යුද්ධය වටා. මෙහි මම නිරූපණය කරන්නේ ගුවන් නියමුවකුගේ බිරියගේ චරිතය. යුද්ධයේ දී මෙම ගුවන් නියමුවා අතුරුදන් වෙනවා. තම ගුවන් නියමු සැමියා කවදාහරි ගෙදර එයි කියලා ඒ බිරිය මඟ බලාගෙන ඉන්නවා. මගේ ජීවිතයේ මම නිරූපණය කළ ඉතාම සංවේදී චරිතයක් ඒක.
ඔබ ආගම දහමට ලැදි කෙනෙක් ද?
ඔව් මම බුදු දහමට අනුව ජීවත්වෙන්න සැමවිටම උත්සහ කරන කෙනෙක්. මම බුදු දහමට ගරු කරන්නෙ එය විශ්වාස කරන්නෙ දිව්‍ය ලෝකයත් අපායත් මිහිපිටම දැකගන්න පුලුවන් නිසා.
ඔබේ ගායන හැකියාවට ඉඩක් ලබාදෙන්න කැමැති නැතිද?
Killing me Softly ගීතය තව ආරකින් ගායනා කරල මුලු ලෝකයම ජයගන්න මට හැකිවුණා. ඒ නව ගීතයේ අයිතිය දැන් මගේ. මගේම කියල සිංහල ගීත එකතුවක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
ඔබ දැන් වේදිකා නාට්‍යවලින් දුරස්වෙලාද?
මම වේදිකා නාට්‍යවලට හරිම කැමැතියි. නමුත් වේදිකා නාට්‍ය සමඟ රටවටා යන්න තරම් කාලයක් මට නෑ. ඒ නිසා මම වේදිකාවෙන් තරමක් දුරස් වුණා.
ඔබේ පෙම්වතා පිළිබඳවත් කියන්න කැමැතිද?
ඒ ගැන වෙන දවසක කියන්නම්.
එතකොට ඔබ ආදරය ප්‍රේමය දකින්නේ මොන විදියටද?
කෙනෙක් තව කෙනකුට ගරු කරනවා නම්, එයාව විශ්වාස කරනවා නම්, ආරක්ෂා කරනවා නම්, අගය කරනවා නම්, මඟපෙන්වනවා නම් එතැන නියම ආදරය තියෙනවා කියල මම හිතනව.
ඔබ ඇස්වලට කාච පලඳිනවද?
නැහැ. මේ මගේ ස්වභාවික ඇස්. ගොඩක් දෙනෙක් හිතන්නෙ මම ඇස්වලට කාච දාල කියල.
READ MORE - රඟපාන්න ආවේ සල්ලි හොයන්න නෙමෙයි

මාව වැරැදියට තේරුම් ගන්න එපා

Monday, November 19, 2012

‘පිපිමල්’ හි සමාධිගේ ජීවන තොරතුරු

මුතු වරුසා සහ පිපිමල් හී ඈ මල් නෙලන්නීය. තව නොබෝ දිනකින් රූ ගැන්වෙන සුජීව ප්‍රසන්න ආරච්චිගේ ජනප්‍රිය නවකතාවක් වූ ‘චායා’ ඇසුරෙන් තැනෙන ‘චායා’ ටෙලි සිතුවමේ ‘චායා’ වී මේ සුරූපිනිය අප හමුවට පැමිණීමට නියමිතය. ඉතාම කෙටි කලකින් පුංචි තිරයේ ප්‍රේක්ෂකයින් වසඟයට ගත් ඇය මහේෂී මධුසංඛාය.
ඇය අපේ කලා නිම්නයට පායා ආ අලුත්ම ටෙලිවිෂන් කතා නායිකාව වන්නීය.
මහේෂි මේ දවස්වල හරි ජනප්‍රියයි නේද?
ඇත්තම කිව්වොත් මං මේ වගේ ජනප්‍රියත්වයක් ලබන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මුතුªවරුසා සහ පිපිමල් යන නාට්‍යයන් මට ලැබුණේ හිතුවෙවත් නැති වෙලාවක.
ඔබ රඟපාන්න ආසාවකින් නෙවෙයිද හිටියේ?
මං ඕමානයේ වසර ගණනාවක් හිටි කෙනෙක්. කාලයක් ලංකාවේ හිටියා. වැඩිදුර අධ්‍යාපනයටයි විදෙස් ගත වුණේ. නිවාඩුවකට ලංකාවට ආපු වෙලාවක තමයි රංගනයට ආරාධනාවක් ලැබුණේ. ඒ සුදේශ් වසන්ත පීරිස් කියන මගේ හිතවතාගෙන්. ඔහුගේ ජීවිතය ලස්සනයි චිත්‍රපටයෙයි මං මුලින්ම රඟපෑවේ. ඒක නම් තවම තිරගත වුණේ නැහැ. චිත්‍රපටය රූගත කරද්දී හැදුණු සබඳතා මතයි මුතුවරුසා සහ පිපිමල් නාට්‍යන්ට යොමු වුණේ.
ඒවාහි ඔබ රඟන්නේ එකම විදිහේ චරිත යුගළක් යැයි මං කිව්වොත්?
මුතුවරුසා ඇතුළේ මං ද්විත්ව චරිතයන් රඟනවා අයෝධ්‍යා හා තාරුකා කියලා. පිපිමල් හී සමාධි. සමාධි මල් නෙලනවා. හැබැයි විකුණන්නේ නැහැ. තාරුකා මල් විකුණනවා. එමෙන්ම ඇය දියුණුව සොයා යන්නියක්. සමාධි සහ තාරුකා අතර යම් යම් සමානකම් තියනවා. ඒවා අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත මං වෙනස් කර ගත්තා. අයෝධ්‍යා පිටරටක හැදුණ වැඩුණ කෙනෙක්. හරියට මං වගේ.
ඔබ සැබෑ ජීවිතයේ හරිම සංවේදී චරිතයක් කියන්නේ ඇත්තද?
ඔව්. සමහර දර්ශනවලදී ඇත්තටමයි අඬන්නේ.
ඒ වුණත් මහේෂි දුරකතනයට පිළිතුරු දෙන්නේ බෙහොම සැරෙන් යැයි බොහෝ දෙනෙක් කියලා තියනවා?
ඒ මගේ හැටි. සැරෙන් වගේ තමයි පුංචි කාලේ ඉඳලා කතා කරන්නේ. මං ඒ ගති ගුණය හදා ගන්න උත්සාහ කරනවා. අනේ ඒක නිසා දුරකතනයෙන් කතා කරලා කාගෙ හරි හිත රිදුනා නම් සමාව ඉල්ලනවා. මාව වැරැදියට තේරුම් ගන්න එපා යැයි ඉල්ලීමක් ද කරනවා. අපිට වැඩිපුරම ෆෝන්වලට ආන්ස්වර් කරන්න සිදු වන්නේ ෂූටිං අතරතුර. සීන් එකට කතා කළාම ටක් ගාලා යන්න ඕනේ. ෆෝන් එකේ කවුරු හරි හිටිය නම් ඒක විසන්ධි කරන්න සිදු වෙනවා.
දිගින් දිගටම කාර්යබහුල වුණාම ඔබට ප්‍රේක්ෂකයන්ව අමතක වේවි ද දන්නේ නැහැ?
අනේ එහෙම කියන්න එපා. මං හැමදාම මේ වගෙයි.
මහේෂිගේ ගම කොහෙද?
නුවර. වර්තමාන පදිංචිය නම් මහරගම.
එතකොට ඉගෙන ගත්තේ?
ස්වර්ණපාලි බාලිකා විදුහලෙන් සහ ඕමාන් පොලි ග්ලොට් එකෙන්.
ලග්නය මොකක්ද?
වෘෂ්චික.
උපන් දිනය?
1992. 10. 27
සුරතල් නාමය?
මාෂි.
කවුද සමීපතමයෝ?
අයෝමි ශානිකා අක්කා, බුවනි.
රූගත කිරීම්වලදී අම්මාව ගෙනි යන්නේ ඇයි?
ආරක්ෂාවට.
ඕමානයද, ලංකාව ද හොඳ?
ලංකාව. ඕමානයේ ඇති කලාවක් නැහැ. තියෙන්නෙත් එක ටී. වී. චැනල් එකයි.
ආයේ ඕමානයට යන්නෙ නැති පාටයි?
මට තවත් නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒවා දාලා එහෙ යන්න ලෝබයි.
හිටපු ආදරවන්තයා කෝ?
මාව දාලා ගියා.
ආයේ ආදරයක් ගැන හිතන්නේ නැතිද?
හිතනවා. ඒ වුණත් කෝ ක්ෂේත්‍රය තේරුම් ගත් ආදරවන්තයෝ.
ඔබ හොයන්නේ මොන වගේ සහකරුවෙක්ද?
සල්ලිවක්, ලස්සනවත්, දේපල ඉඩකඩම් මුකුත් ඕන නැහැ. මාව තේරුම් ගත් අයෙක්ව.
මහේෂි මොන ආගමේද?
බුද්ධාගමේ.
අන්තිම වතාවට පන්සල් ගියේ කවදාද?
ගිය පෝයට.
ඔබ ගැන කෙනෙකු කියපු වටිනාම වාක්‍ය මොකක්ද?
‘මහේෂි’ කවදා හරි ලංකාවේ දක්ෂ නිළියක් වෙනවා කිව්වේ ප්‍රසන්නජිත් අබේසූරිය.
මුතුවරුසා නාට්‍යයේ රංගනයේ යෙදෙන අතරතුර මුහුණ දුන් අමතක නොවන අත්දැකීම මොකක්ද?
මාව ඇක්සිඩන් වෙන සීන් එකක් තිබුණා. නිෂ්පාදන අංශයේ කෙනෙක් වාහනය පැදෙව්වේ. මං ඒකට යට වෙනවා. මාව ඇත්තටම වාහනයේ වැදුණා. අත පය තුවාල වුණා. එද නම් හිතුණේ මං ඇත්තටම මැරුණා කියලා.
ක්ෂේත්‍රය කොහොමද? හොඳ ද?
අයුතු යෝජනා කරන අය තමයි ගොඩක් ඉන්නේ. ඒ අය නැතිනම් ක්ෂේත්‍රය හොඳයි.
‘චායා’ ගැන මොනවද කියන්න තියෙන්නේ?
ඇය ආදරණිය පෙම්වතියක්. ඒ චරිතයට මමත් ආදරෙයි. මං හිතනවා ප්‍රේක්ෂකයෝ අතර මං වඩාත් ජනප්‍රිය වේවි කියලා ‘චායා’ නිසා.
මේවාට අමතරව මහේෂි දායක වන්නට ඇති ඉදිරි නිර්මාණ මොනවාද?
සනත් අබේසේකරගේ මීදුම වගේ ඇවිදින් නාට්‍ය තියනවා. ඒ වගේම තවත් චිත්‍රපට දෙකකට කතා කළා.
උදවු කරපු අයට තුති පුදන්න දැන් අවස්ථාව . . .
සුදේශ් වසන්ත පීරිස්, ලක්ෂ්මන් පුෂ්ප කුමාර, රෝහණ සමරදිවාකර, සඳුන් රාජකරුණා, අමිල අබේසේකර, ධනංජය සිරිවර්ධන යන මගේ හිතාදරයින්ව ආදරයෙන් මතක් කරනවා.
ඔබගේ දුරකතන අංකය ජනප්‍රිය ගායකයකුගේ නම යටතේ සඳහන් වෙලා පසුගිය දිනවල දිගටම කෝල් ආවා නේද?
උපන් දින තීරයේදීයි එහෙම වුණේ. මං හිතන්නේ ඒක පොඩි වැරදීමක්. මට කතා කර කර ඒ ගායකයා ඉන්නවද කියල අහනවා. මං මේ අංකය එයගෙ නෙවෙයි කිව්වාම, ඔයා එයාගේ වයිෆ් නේද, ඇයි ෆෝන් එක එයාට දෙන්නේ නැත්තේ කියලා සැර කරනවා. මේක දැක්කමවත් ඒ තත්ත්වය අඩු වේවි.

READ MORE - මාව වැරැදියට තේරුම් ගන්න එපා

ජපානයේ ‘ඔෂින්’ ට පසු කොරියාවෙන් ‘සුජාත දියණියක්’

Saturday, October 20, 2012


ජපානයේ ‘ඔෂින්’ ට පසු කොරියාවෙන් ‘සුජාත දියණියක්’

‘චංගුමී අනාථ දැරියක වූයේ කුඩා කාලයේ දී දෙමවුපියන් අහිමිවීම නිසා. කොරියානු රජ මාලිගයේ මුළුතැන්ගෙයි සේවිකාවක බවට පත්වන චංගුමි එහි චාරිත්‍ර වාරිත්‍ර අනුව හැඩ ගැසෙනුයේ මහත් අධිෂ්ඨානයකිනි. විවිධ හැලහැප්පීම් හමුවේ නොසැලී සිටින ඇය අවසානයේ රජ මාලිගයේ රාජකීය වෛද්‍යවරිය බවට ද පත්වන්නීය.
කොරියානු රජයෙන් මෙරටට ලැබෙන තිළිණයක් ලෙස එරට තානාපති කාර්යාලයෙන් ලබාදී ඇති ‘සුජාත දියණි’ මාලා නාටකය කොරියානු සංස්කෘතිය මෙන් ම කොරියානු ගැහැනිය පිළිබඳව කියැවෙන අපූරු කතාවකින් යුතු ය. කුමන සංස්කෘතියකදී වුව සාර්ථකත්වයට පත්වන ගැහැනිය සියල්ල අබිබවා යන අන්දමේ දිරියකින් යුතු තැනැත්තියකම බව මෙයින් ඉස්මතු වන තවත් අරුතකි.
‘සුජාත දියණී’ ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ සිංහලෙන් හඬ කැවූ ටෙලිනාට්‍යයක් ලෙසිනි. මෙහිදී හමුවන චරිත ප්‍රමාණය විශාල නිසා ම හඬ කැවීම සඳහා ශිල්පීන් 200 ක පමණ පිරිසකගේ දායකත්වය ලබාගැනීමට සිදුවිණැයි ජාතික රූපවාහිනියේ හඬ කැවීම් ඒකකයේ ප්‍රධානී අතුල රන්සිරිලාල් සඳහන් කරයි.
‘සුජාත දියණි’ හඬ කැවීම සඳහා නිමැයුම් මෙහෙයුම උපදෙස් ලබාදී ඇත්තේ ද අතුල රන්සිරිලාල් ය. මෙහි දෙබස් පිටපත සකස්කර ඇත්තේ නන්දා ජයමාන්න, බන්දුල විතානගේ සහ බුද්ධිමා කරුණාරත්න ය.
මෙහි හඬ කැවීම් පිළිබඳ ප්‍රවීණ ශිල්පිනියක් වන කුසුම් පීරිස් තම අදහස් පළ කරන්නේ මෙසේයි.
මම ඉතා කැමැත්තෙන් මෙයට සහභාගි වුණා. මෙය කාන්තාවන් නැරඹිය යුතු ඉතා හොඳ ටෙලිනාට්‍යයක් බව මගේ හැඟීමයි.” “දීර්ඝ කාලයක් හඬ කැවීම් ක්ෂේත්‍රයේ රැඳී සිටින්නෙක් ලෙස මට මෙම ‘සුජාත දියණි’ ටෙලිනාට්‍යයේ ‘ඩුක්කු’ ගේ චරිතය විශේෂයි.
මෙය ප්‍රේක්ෂකයාගේ මතකයේ රැදෙන චරිතයක් වේවි යයි මා සිතනවා” යනුවෙන් පවසන්නේ ‘සුජාත දියණී’ හි ඩුක්කුගේ චරිතය සඳහා හඬ කැවීමට දායක වන ප්‍රවීණ හඬ රංගවේදී පරාක්‍රම පෙරේරායි.
මර්සි එදිරිසිංහ ‘සුජාත දියණි’ පිළිබඳ පවසන්නේ “මෙම ටෙලිනාට්‍යයේ තේමාව බවට පත්වී ඇත්තේ නොසැලෙන දිරිය දියණියන් පිළිබඳවයි. මෙය කාන්තා පරපුරටම ආදර්ශයක් වේ යැයි මා සිතනවා.”
‘සුජාත දියණි’ විකාශය වීමට නියමිතව ඇත්තේ සතියේ දිනවල සවස 6.30 සිට 7.30 දක්වා ය. දැනට විකාශය වන ‘ඔෂීන්’ ටෙලිනාට්‍යය නිමාවීමෙන් අනතුරුව මෙය විකශය වීමට නියමිත ය.
READ MORE - ජපානයේ ‘ඔෂින්’ ට පසු කොරියාවෙන් ‘සුජාත දියණියක්’

ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා.

Sunday, October 14, 2012


මම ආසයි මෙහෙණියකගේ චරිතයක් රඟපාන්න

r5-1උත්පලා මධුෂානි සමඟ කතාබහක්
පසුගියදා විකාශනය වී නිම වූ සඳ සිත්තම් ටෙලි නාට්‍යයේ පින්තූර ගනිමින් නිතරම නුවර වැව වටේ යන ‘මතී’ ව ඔබට මතකද? සතියේ දිනවල සිරස ටී.වී. ඔස්සේ විකාශය වන යශෝධරා ටෙලි නාට්‍යයේ යශෝධරාගේ දුව “අංජලීත්” මේ “මතී” ම තමයි. මේ දවස්වල ඇය සෑහෙන්න කාර්ය බහුලයි.මතී, එහෙමත් නැත්නම් අංජලී හැටියට අපේ හිත්වල ලියවුණාට ඇගෙ හැබෑ නම උත්පලා මධුෂානි. මේ උත්පලා ‘රිද්ම’ ඔබ වෙනුවෙන් කතාබහකට එක් වූ අයුරුයි.

ඳ මුලින්ම ඔබ ගැන විස්තර ටිකක් කියමු.
මම උත්පලා මධුෂානි. මට මල්ලි කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා. මගේ තාත්තයි අයියයි විදේශයක රැකියාව කරන්නේ. මම අධ්‍යාපනය ලැබුවේ “කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ
r5-3
උත්පලාට කලා ක්‍ෂේත්‍රයට එන්න මග පෑදුනේ කොහොමද?
සිරස කුමරිය 2007 තරගයට මම ඉදිරිපත් පත්වුණා. ඒ තරගයට තරග කාරියන්     6000 ක් විතර ඇවිත් හිටියා ඒකෙන් මම අන්තිම හැටදෙනා අතරට තේරුණා. අවසානයේ මම ඒ තරගයේ ‘ඡවි’ කල්‍යානි විදිහට තේරුණා. ඒකෙන් පස්සෙ තමයි මට කලා ක්‍ෂේත්‍රයට පය තියන්න ලැබුණෙ.
ඔබගේ ප්‍රථම රංගනය ගැන සිහිපත් කළොත්
සිරස රූපවාහිනිය ඔස්සේ විකාශනය වුණ “පතිනි” ටෙලි නාට්‍ය මගේ ප්‍රථම ටෙලි නාට්‍ය කිව්වොත් නිවැරදියි. එම ටෙලි නාට්‍යයේ “පවනි” කියන චරිතය තමයි මං මුලින්ම රඟපෑවෙ.
ඉන්පස්සෙ
ඉන්පස්සෙ ඉසිවර රණකෙලි, ආදරණීය පූර්ණිමා සඳසිත්තම්, ආදරෙයි අහස තරම් , යශෝධරා නාට්‍ය වල රඟපෑවා. දැනට රඟපා තිබෙන ටෙලි නාට්‍ය අතුරින් වඩාත්ම කැමති චරිත දෙකක් තිබෙනවා. ආදරණීය පූර්ණිමා ටෙලි නාට්‍යයේ “සඳුනි” චරිතය වගේම සඳසිත්තම් ටෙලි නාට්‍යයේ “මතී” ගේ චරිතයටත් මම ගොඩාක් කැමතියි.
ඔබ නිවේදිකාවක් හැටියටත් කටයුතු කළා නේද?
ඔව්. මම සිරස ‘පතිනි’ ටෙලිනාට්‍යයේ රඟපෑවට පස්සෙ ස්වර්ණවාහිනියේ “රසලිය” කියන වැඩසටහනේ වසර දෙකක් නිවේදන කටයුතු කළා.
උත්පලා නිවේදන කටයුතුවලටද රඟපෑමටද වඩාත් කැමැති?
මට දැන්නම් නිවේදන කටයුතුවලට යෙදෙන්න වෙලාවක් නැතිතරම්. මම මගේ වැඩි කාලයක් යොදවන්නේ ටෙලිනාට්‍ය සඳහායි. මම වඩාත් කැමතියි රංගන කටයුතුවලින් ඉදිරියට යන්න. හැබැයි කාලය ලැබෙන විදියට නිවේදන කටයුතුවල යෙදෙන්නත් කැමතියි. 
මේ වකවානුවේ තිබෙන බොහෝ ටෙලි නාට්‍ය තුළ ඒකාකාරීභාවයක් දක්නට ලැබෙනවා. ඔයා මොකද ඒ ගැන කියන්නේ?
ඇත්තටම මම තවම නිර්මාණ කිහිපයකට පමණයි මගේ දායකත්වය ලබාදිලා තියෙන්නේ. ඉතින් ඒ නිර්මාණ එකිනෙකට වෙනස් චරිත වලින් යුක්තයි. අනික මම තවම මේ ක්ෂේත්‍රයට ආධුනික නිසා මට නම් ඒ පිළිබඳව ඒකාකාරි බවක් දැනෙන්නේ නැහැ. මට ලැබෙන හැම චරිතයක් පිළිබඳවම මම තෘප්තිමත්. ඒ හැම චරිතයකටම මම මගේ උපරිම දායකත්වය ලබා දී තිබෙනවා.
උත්පලා මේ වන විට පෙම්වතියක් ද?
ඒ දවස්වල නම් පෙම්වතියක්වෙලා හිටියා. නමුත් දැන්නම් මම පෙම්වතියක් නමෛයි. අපි දෙන්නාගේ අදහස්වල නොගැළපීම් නිසා අපි සුහදව වෙන්වුණා.
මේ දිනවල මොනවද රඟපාන අලුත් නිර්මාණ?
මෙගා ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායකත්වය සපයනවා. ඊට අමතරව ඉදිරියේදී හොඳ නිර්මාණ ලැබුණොත් චිත්‍රපටවල රඟපෑමට බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.
උත්පලා ආශාවෙන් රඟපෑමට බලා‍පොරොත්තු වන චරිතයක් එහෙම තිබෙනවාද?
මම ආසයි මෙහෙණියකගේ චරිතයක් රඟපාන්න ලැබෙනව නම්.
මේ ක්‍ෂේත්‍රයට එන නවක නිළියන්ගේ චෝදනාවක් තිබෙනවා කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් නවකයන්ට “කැපිල්ල” දානවා කියලා ඔයාටත් එවැනි අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවී තිබෙනවාද?
“මම තවම ලොකු පිරිසක් සමග රංගනයේ යෙදී නැහැ. දැනට මම කළ හැම ටෙලි නාට්‍යයකම ප්‍රවීණයින් වගේම නවකයිනුත් මට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඒ හැමෝම එක්ක මම සහයෝගයෙන් වැඩ කරනවා. අනික ප්‍රවීණයින්ගෙන් මට එහෙම දෙයක් වුණත් මම ඒ අය සමග ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැහැ.
r5-2උත්පලා ඔයා නිළියක් නොවුණානම් මොනවගේ ක්‍ෂේත්‍රයක් තෝරා ගනීවිද?
මම පාසල් යන කාලෙ ඉඳලම නර්තනයට වැඩි කැමැත්තක් දැක්වුවා. ඒ වගේම නර්තනය පිළිබඳ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මම රඟපෑම තෝරා ගත්තෙ නැත්නම් නැටුම් ගුරුවරියක් විදියට මගේ වෘත්තීය කරගෙන යාවී.
රූගතකිරීම් අතර තුර අමතක නොවන සිද්ධිවලටත් උත්පලා මූණදීලා තියෙනවා. මේ එවන් එක සිදුවීමක්.
උත්පලාට ආදරණීය පූර්ණිමා ටෙලිනාට්‍ය රූපගත කිරීමට ගිය වෙලාවක අකරතැබ්බයකට මුහුණ පාන්නත් සිදුවුණාලු. සාමාන්‍යයෙන් ඇය හැම ටෙලිනාට්‍යයකම සෑම රූපගත කිරීමකටම යන්නේ තම මවත් එක්ක. මේ කියන ටෙලිනාට්‍ය රූපගත කරන්නත් ඇය මව සමග ගොස් ඔවුන්ට වෙන්කර තිබෙන කාමරයක නවාතැන් ගෙන තිබෙනවා. සෑම දිනකම උදෑසන 4.30 වෙනකොට ටෙලිනාට්‍ය කණ්ඩායමටම උදේ තේ එක ගෙනත් කාමරේ දොරට තට්ටු කරනවලු. ඒ වෙලාවට ඒ කට්ටිය කාමරේ දොර ඇරලා තම තමන්ගේ තේ කෝප්ප ගන්නවලු. එදත් උදේ පාන්දරම උත්පලාගෙ මව මූණ හෝදමින් ඉඳලා තිබෙනවා. සුපුරුදු පරිදිම අඩ අඳුරේ කාමරේ දොරට තට්ටු කරන හඬ ඇහිලා වෙනදා අම්මා ගිහින් ගන්න තේ එක එදා උත්පලා තමයි ගන්න ගිහින් තියෙන්නේ. දොර අරිනවත් එක්කම අඩ අඳුරේ “ලෙන්චිනා වගේ” ඇඳගත් කෙනෙක් හිටගෙන හිටියලු. මේක දැක්ක උත්පලා  යටිගිරියෙන් කෑ ගහගෙන වැටිලා ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා. දවස් දෙකක් යනකම් උත්පලාට කිසිම දෙයක් කරගන්න බැරිව ඉඳලා.
උත්පලාව මේ විදිහට බය කරන්න ඇවිත් තියෙන්නේ හිතවත් කලාකරුවෙක්. රූපගත කිරීම් කරන්න ආව කට්ටිය කතාවෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
ඔබේ රසිකයන්ට කියන්න යමක් ඔබට තියෙනවාද? 
“මට මගේ රසිකයන්ට වගේම මගේ හිත මිතුරන්ටත් කියන්න දෙයක් තිබෙනවා. මගේ නමින් අන්තර් ජාලයේ ජ්චජඥ ඡධධඬ ගිණුමක් විවෘත කරලා තියෙනවා කියලා මට ගොඩාක් අය කිව්වා. නමුත් මම එහෙම අන්තර්ජාලයේ කාත් එක්කවත් සම්බන්ධ වෙන්නෙ නැහැ. මගේ නම විකුණගෙන වෙන කවුරුහරි කෙනෙක් මේක කරන්නෙ. මම මගේ රසිකයන්ට කියන්නේ ඒ වට අහුවෙන්න එපා කියලයි.
ඡායාරූප : ජානක කඳනාරච්චි
ශිරෝනි ග්‍රේරෝ 
READ MORE - ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා.

“දිය මත ලියමි” මුහුරත් උළෙල දා


“දිය මත ලියමි” මුහුරත් උළෙල දා

රණවිරු රියල් ස්ටාර් අයෝමි ශානිකා ටෙලි නාට්‍ය තේමා ගී ගායනයට
ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින්
ගඟ අද්දර සහ භාර්යාවෝ නිෂ්පාදනය කළ සුධර්මා නෙත්තිකුමාරගේ නවතම ටෙලි සිත්තම ‘දිය මත ලියමි’ හි මුහුරත් උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණි.
ජාතික ආරක්‍ෂව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ල, ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුම, ගාමිණී නෙත්තිකුමාර සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන, නිළි රැජන මාලිනී ෆොන්සේකා, සිනමා නිළි සබීතා පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
කලා ලෝකයේ ඉහළ තලයකට ගමන් කිරීමේ අරමුණැතිව සුන්දර ගම්මානයක පී‍්‍රතිමත් දිවියක් ගත කරන සුලක්‍ෂණා නම් නර්තන ගුරුවරියක වටා දිය මත ලියමි කතා පුවත ලියැවී ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා සහ නිළි රැජන
මාලිනී ෆොන්සේකා, සුබ මොහොතින් පහන්සිළු දල්වමින්
ශලනි තාරකා, රොජර් සෙනවිරත්න, නීටා ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, චමිලා පීරිස්, පි‍්‍රයන්ත විජේකෝන්, පියුමි බොතේජු, සහන් රන්වල, හේමන්ත ඊරියගම, සෝමවීර ගමගේ, ශිරෝමිකා ප්‍රනාන්දු, රූපා ගෝමස්, නිල්මිණි කෝට්ටෙගොඩ, ජනක රණසිංහ, සමන් අල්මේදා, නදී චංචලා, ගිවන්ත අර්ථසාද්, සුදර්ශන බණ්ඩාර, තිරාශා ප්‍රනාන්දු, මල්ෂාණි ප්‍රනාන්දු, ඉෂාන් මෙන්ඩිස්, ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
චන්දන ධර්මප්‍රිය හා නාලක තලගලගේ අධ්‍යක්‍ෂණයක් වන මෙහි තිර රචනය හේමන්ත ප්‍රසාද් විසිනි. චන්දන ඉරුගල් බණ්ඩාර සහාය අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන අතර සංස්කරණය සමන් සමරවික්‍රම විසිනි. කලා අධ්‍යක්‍ෂණය වජිර ප්‍රියශාන්ත සහ අංග රචනයෙන් පි‍්‍රයංක තිලක් සම්බන්ධ වේ.
රණවිරු රියල් ස්ටාර් දෙවන අදියරේ කිරුළ හිමි අයෝමි ශානිකා දිය මත ලියමි ටෙලි නට්‍යයෙන් ටෙලි නාට්‍ය තේමා ගී ගායනයට ද පිවිසේ.
මෙම ටෙලි නිර්මාණයේ සංගීතය සමන්ත පෙරේරා විසින් වන අතර තේමා ගීතය ගායනය සමන්ත පෙරේරා හා අයෝමි ශානිකා පෙරේරාගේ හඬින් ඔපවත් වේ. ‘දිය මත ලියමි’ හි රූගත කිරීම් පසුගිය 05 වැනිදා ආරම්භ කරන ලදී.
READ MORE - “දිය මත ලියමි” මුහුරත් උළෙල දා

ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ,

Thursday, October 11, 2012


හදවතින්ම ආදරය කළොත් ඒ ආදරය හැමදා පවතිනවා

පසුගියදා නිමාවුණු පළමු දෙරණ සිනමා සම්මාන උලෙළේ වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය හිමි වූයේ දක්‍ෂ යොවුන් රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගටය. ඒ ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රංගනය උදෙසාය. උදයන්ති අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය කෙළින් කතා කරන කා සමඟත් සුහදව සිටින නිළියක ලෙස ද ප්‍රකටය. උදයන්ති අපගේ සිනමා ක්ෂේත්‍රයට පායා එන තරුවක් වැනිය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වන්නේ උදයන්ති සමඟ කළ කතාබහ වෙනුවෙනි.
දෙරණ සිනමා සම්මානය ලැබුණු මොහොතේ ඔබට මොකද හිතුණේ කියල මුලින්ම කියන්න...?
මේ වනවිට මම රඟපාලා තියෙන්නෙ සිනමා නිර්මාණ කීපයක පමණයි. ‘සිංහාවලෝකනය’, ‘මහින්දාගමනය’, ‘කලර්’, ‘භවතරණය’ ඒ සිනමා නිර්මාණ. ‘භව තරණය’ චිත්‍රපටයේ වැඩ අවසන් වුණේ ළඟදි. දෙරණ සිනමා උලෙළේදි මට ලැබුණේ මගේ පළමු සිනමා සම්මානය. ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ, මට සම්මානයක් ඇති කියලා. ඒ සම්මානය ගන්න වේදිකාවට යද්දී මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේ ම මීටත් වඩා හොඳම, කැපවීමකින් රංගන කටයුතුවල යෙදෙන්න ඕන කියන හැඟීම මට ඒ වෙලාවෙ ඇති වුණා. ඒ සම්මානය මගේ රංගන ජීවිතයට ලොකු ආලෝකයක්.
මේ දවස්වල ඔබ දායක වී සිටින නිර්මාණ මොනවාද?
මේ දවස්වල ‘පබලු පාලම’, ‘යර්ස් මැඩම්’, පිනි වැස්සක්’ යන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.
ඔබ රංගනයෙන් දායක වුණු “කලර්” චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. කොහොමද හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවද එහි රංගනයට?
’කලර්’ චිත්‍රපටයේ චරිතවල නම් නෑ. මම නිරූපණය කරන චරිතය උපතින් තරමක් දිළිඳු චරිතයක්. ඇය පොහොසත් තරුණයකුට ආදරය කරනවා. ඒ තරුණයාත් ඇයට ගොඩක් ආදරය කරනවා. තරුණ වියේදී හදවතින්ම ආදරය කරලා ඔවුන් එක් නොවුණත් ඔවුන් අතරේ තිබුණු ආදරය මැරෙන තෙක් ම අමතක වෙන්නේ නෑ. වයසට ගියත් ඒ ආදරය අමතක කරන්න බෑ. මගේ චරිතය තම පෙම්වතාට හදවතින්ම ආදරය කරන චරිතයක්. සමාජයේ මුල්බැසගෙන තිබෙන දෙයක් තමයි සල්ලි තිබෙන පුද්ගලයින්ගේ සිත් තුළ අවංක ආදරයක් නැතැයි කියන එක. ඒක එසේ නොවන බව ‘කලර්’ චිත්‍රපටයේ මගේ සහ මගේ පෙම්වතාගෙ චරිතවලින් පැහැදිලි වෙනවා. මගේ පෞද්ගලික අදහසත් ඒකයි. අවංක ආදරයට මුදල් හදල්, බලය කිසිම බලපෑමක් නොකරන බවයි මම හිතන්නෙ. ‘කලර්’ චිත්‍රපටයේ මගේ රංගනය ගැන ගොඩක් දෙනෙක් මට හොඳ කිව්වා. ඒ ගැන මට සතුටුයි.
පසුගිය දවස්වල ඔබ එකදිගටම රූපගත කිරීම්වල සිටියා නේද?
ඔව්. ඒ දේවින්ද කෝන්ගහගේ කියන තරුණ දක්ෂ නර්මාණකරුවාගේ චිත්‍රපටයේ සහ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට. ඒ ‘භව තරණය’ චිත්‍රපටය සහ ‘භව සිද්ධාන්ත’ ටෙලිනාට්‍යය. මේ තමයි එකම පසුතලයක එකවර නිර්මාණය වුණු පළමු චිත්‍රපටය සහ ටෙලිනාට්‍යය. මම හිතනව මේ නිර්මාණවලට දායක වෙන්න ලැබීම මගේ රංගන ජීවිතයේ සුවිශේසී අවස්ථාවක් කියලා. මේ චිත්‍රපටයට සහ ටෙලිනාට්‍යයට තේමාව වෙලා තියෙන්නෙ එකම කතාවක්. එය එක්දහස් අටසිය ගණන්වල ඉඳල දිගහැරෙන කතාවක්. මෙම එක් එක් නිර්මාණයක චරිත 4 ක් නිරූපණය කරනවා. මේවා බෞද්ධ දර්ශනය තේමා කර ගනිමින් නිර්මාණය වුණු නිර්මාණ. මාස 8 ක් පමණ නුවර, මාතලේ, අනුරාධපුරය, කොළඹ කියන ප්‍රදේශවල එහි රූපගත කිරීම් සිදුකළා.
ඒ කාලය තුළ ඔබ වෙනත් නිර්මාණයකට ගියේ නැතිද?
ඔව්. කිසිම නිර්මාණයක් මම ඒ කාලය තුළ බාර ගත්තේ නෑ. එසේ සම්පූර්ණ අවධානය යොමු කළේ ඒ නිර්මාණයට. මගේ ෆෝන් එක පවා මම නවාතැනේ දාලයි ගියේ. මේ කාලයේ නිර්මාණය වන බිස්නස් ටෙලිනාට්‍ය අතරේ ‘භවතරණය’ වැනි නිර්මාණ කෙරෙනවා අඩුයි. ඉතින් එවැනි චරිතයක් ලැබුණාම මම ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා.
පසුගිය කාලය තුළ ඔබ ඓතිහාසික වගේම මීට අවුරුදු ගණනාවකට ඉස්සර කාලය පසුබිම් කරගෙන කළ නිර්මාණ කීපයකටම දායක වුණා නේද?
ඔව්. මම ඉතාම කැමැත්තෙන් ඒ නිර්මාණවලට දායක වුණේ. එහෙම චරිත ලේසියෙන් රඟපාන්න බෑ. ඒ යුග පිළිබඳ, ඒ යුගවල තිබුණු භාෂා පිළිබඳව අවබෝධයක්, හැදෑරීමක් ඒ සඳහා අවශ්‍යයි. එවැනි චරිත කීපයක්ම මට ලැබුණා. මම ඒවා සතුටින් බාරගත්තා.
දැන් එකදිගට හැදෙන ටෙලිනාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද?
දැන් හැදෙන බොහොමයක් ටෙලිනාට්‍ය නිර්මාණ නෙමෙයි. මමත් පසුගිය කාලෙ ඔයවගේ ටෙලිනාට්‍යල රඟපෑවා. නමුත් ආපසු හැරි බලද්දි කනගාටු හිතෙනව. හැබැයි සල්ලි නම් හම්බ වුණා. මේ ටෙලිනාට්‍යවලින් අලුත් පිරිසකට අවස්ථා ලැබෙනවා. ඒක හොඳයි. නමුත් මේ ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ශිල්පීන්ටවත් ඒවා බැලීමෙන් ප්‍රේක්ෂකයින්ටවත් ඇති වැඩක් නෑ. මම හිතන්නෙ ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරයක් ගොඩනඟාගත් ශිල්පීන් මේවාට නොයා යුතුයි. ඒ වගේ ම මම හිතනව ප්‍රේක්ෂකයින් ළඟදීම මේ ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරයි කියලා.
ඔබට ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැතිද?
මම කළොත් කරන්නෙ හොඳ නිර්මාණයක්. අද තියෙන බාල ටෙලිනාට්‍ය රැල්ල නිසා නාළිකාවල හොඳ නිර්මාණයකට ඉඩ ලබාගැනීම අමාරුයි. ඒ නිසා දැන්ම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නෑ.
කලාව තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු?
අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි වැනි නිර්මාණකරුවන්ගේ කෘතින්වලට දායකවීමේ ආශාවක් මට තියෙනවා. ඒ වගේම මිනිසුන්ට දැනෙන රංගනයන් ඉදිරිපත් කරමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නයි බලාපාරොත්තුව.
ජීවිතය තුළ ඔබට බලාපොරොත්තු ඉලක්ක ගොඩක් ඇති නේද?
නැහැ. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ. අද දවස පටන් ගත්තාම ඒ දවස ඇතුළත කරන්න තියෙන දේවල් හොඳින් කරනව. හෙට මොනව වෙයිද කියල මම දන්නෙ නෑ. මැරෙනතෙක් මම මගේ ජීවිතයට අත්දැකීම් එකතු කරනවා. අද මැරුණත් මම හරිම සතුටින් ඉන්නෙ.
READ MORE - ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ,

නැහැ දැනට එහෙම කෙනෙක් නෑ.

Thursday, September 6, 2012



අනූෂා රාජපක්ෂ
ඇය අනූෂා රාජපක්ෂ. අනූෂා දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිනියකි. මෝස්තර නිරූපණය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට කලා ක්ෂේත්‍රය තුළ ද සාර්ථක ගමනක් පැමිණ ඇත. ඇය රංගනයෙන් දායක වී ඇති ටෙලි නාට්‍ය කිහිපයක්ම රූපවාහිනී නාලිකා කිහිපයකම මේ දිනවල විකාශය වේ. කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන අනූෂා මේ වන විට සිනමා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය ලබා දී ඇත. අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගය වෙන් වන්නේ අනුෂා සමඟ කළ කතාබහ වෙනුවෙනි.
ඉතින් කොහොමද අනුෂා. කොහොමද මේ දවස්වල ඔබේ කාලය ගත වෙන්නෙ?
ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම් වලට සහභාගි වෙනව මේ දවස්වල. ඒ; ස්වර්ණවාහිනියෙන් විකාශය වන “ඉටිමල්” ටෙලි නාට්‍යය, සිරසෙන් විකාශය වන “සඳ හිරු තරු” ටෙලි නාට්‍යය සහ ඒ වගේම සිරසෙන් විකාශය වන “සත්‍ය” ටෙලි නාට්‍යය. මේවා දීර්ඝ ටෙලි නාට්‍ය.
ඊට අමතරව මෝස්තර නිරූපණ කටයුතුවලත් යෙදෙනව ද?
රංගනයට එන්න කලින් මම මෝස්තර නිරූපණයේ යෙදුණු කෙනෙක්. හැබැයි මම රංගනයට හරිම ආසයි. පසුගිය කාලෙ රංගන කටයුතුවලට වැඩියෙන් යොමු වුණු නිසා මෝස්තර නිරූපණ කටයුතු තරමක් මඟ හැරුණා.
“ඉටිමල්” ටෙලි නාට්‍යයේ රංගනය ගැන පේ‍්‍රක්ෂකයින් ඔබට මොනවද කියන්නෙ?
හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. එහි මම නිරූපණය කරන්නේ වෙරෝනිකා කියන චරිතය. එය ප්‍රධාන චරිතයක්. වෙරෝනිකා කාර්යාලයක සේවිකාවක්. ඇය හැසිරෙන්නෙ කොල්ලෙක් වගේ. මම හරිම ආශාවෙන් ඒ චරිතය නිරූපණය කළේ.
කොහෙද ගම් පළාත; එතකොට...... පාසල් ගියේ...?
මගේ ගම නිට්ටඹුවේ කලගෙඩිහේන. පාසල් ගියේ කලගෙඩිහේන මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් යන කාලෙ කලා කටයුතුවලට සම්බන්ධ වුණා.
මෝස්තර නිරූපණයට යොමු වුණේ අහම්බෙන් ද?
2001 අවුරුද්දෙ මිස් ශ්‍රී ලංකා තරගයට මම ඉදිරිපත් වුණා. එහිදී මම Miss Photo genic ලෙසත් 3rd runner-up ලෙසත් තෙරුණා. ඉන් පසුවයි මම මෝස්තර නිරූපණයට යොමු වුණේ.
ඔබ රඟපෑ පළමු ටෙලි නාට්‍යය කුමක් ද?
ටෙලි නාට්‍යවල රඟපාන්න කලින් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනි හිටින්න මට අවස්ථාව ලැබුණා. වී. සිවදාසන් ගේ ටෙලි නාට්‍යයක තමයි මම මුලින්ම රඟපෑවේ. නමුත් මම පේ‍්‍රක්ෂකයින් අතරට මුලින්ම ගියේ ජානක සහ ප්‍රදීප් නිර්මාණය කළ “රන්මසු වැස්ස” ටෙලි නාට්‍යයෙන්. ඉන් පසුව ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු “නයිට් ලර්නර්ස්” ටෙලි නාට්‍යය ඉන් විශේෂයි.
සිනමාවට ඔබේ දායකත්වය...?
“ස්වීට් ඒන්ජල්”, “සුවඳ දැනුණා ජීවිතේ”, “ද ලාස්ට් චාන්ස්” කියන චිත්‍රපටවලට මම රංගනයෙන් දායක වෙලා තියෙනව. හැබැයි ඒවා ප්‍රධාන චරිත නෙමෙයි. මෑත දී මම රංගනයෙන් දායක වුණු නීටා ප්‍රනාන්දු මහත්මියගේ “ස්වර” චිත්‍රපටය මට ඉතාම සුවිශේෂයි. එය ළඟදී තිරගත වේවි.
“ස්වර” චිත්‍රපටයට සම්බන්ධ වීම ගැන ඔබට මොනවද හිතෙන්නෙ?
මගේ කලා ජීවිතයේ මට ලැබුණු හොඳ අවස්ථාවක් විදියට මම ‘ස්වර’ චිත්‍රපටය හඳුන්වන්න කැමැතියි. ‘ස්වර’ ඒඩ්ස් රෝගය මුල්කරගෙන නිර්මාණය වුණු ලස්සන චිත්‍රපටයක්. එහි මම රඟපාන්නෙ ‘විහාරා’ කියන මෝස්තර නිරූපිකාවකගේ චරිතය. දවසක් නීටා ප්‍රනාන්දු මහත්මියත් සංජය නිර්මාල් අයියත් ඇවිත් මට මේ චිත්‍රපටය ගැන කිව්ව. කතාව ඇහුවාම මට තරමක බයක් දැනුණා. ඒ මේක ඒඩ්ස් රෝගය ගැන කියැවෙන චිත්‍රපටයක් නිසා. මෙහි මගේ චරිතය වටා තමයි ප්‍රධාන කතාව ගොඩනැඟෙන්නේ. “විහාරා” ඒඩ්ස් රෝගයට ගොදුරු වෙනවා. ඇගේ ජීවිතය විනාශ වෙන්නෙ ඒඩ්ස් නිසා. මේ චිත්‍රපටය නැරඹුවාට පසුව පේ‍්‍රක්ෂකයින් මොන කෝණයකින් මගේ රංගනය දිහා බලයි ද කියල මම මුලින් ටිකක් බය වුණා. නමුත් නීටා අක්කා, සංජය නිර්මාල් අයිය මට මේ චරිතයේ ඇති වටිනාකම පහදල දුන්නා. එතැනදි මට හිතුණා අපේ කලා ලොවේ නීටා ප්‍රනාන්දු කියන දැවැන්ත චරිතය හොඳ දෙයක් මිස නරක දෙයක් සමාජයට නොකරන නිසා මේ චරිතය බාරගන්න ඕන කියල. ඒ විදියටයි මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රාශියක්ම මෙහි රඟපානව. ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමත් භාග්‍යයක්.

රංගන ක්ෂේත්‍රය තුළ මොන වගේ බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ...?
මට මෙතෙක් රඟපාන්න ලැබිල තියෙන්නේ බටහිර පන්නයට බර චරිත. එහෙම නැතිව වෙනස් චරිත රඟපාන්න මම කැමැතියි. මම දන්නව විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව මට තිබෙන බව.
කලාවට එකතු වීම ඔබේ පැතුමක් ඉටුවීමක් ද?
පුංචි කාලෙ ඉඳලම මම කලාවට ළැදියි. ජනපි‍්‍රය රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන හිටියෙ අපේ ගෙවල් ළඟ. ඇය රඟපාපු ටෙලි නාට්‍ය චිත්‍රපට නරඹනකොට මටත් ඒ දවස්වල හිතුණා රඟපාන්න ඇත්නම් හොඳයි කියලා. ඇය ඒ දවස්වල සහභාගි වුණු රූපගත කිරීම්වලට මාවත් එකකගෙන ගියා. ඒ විදියටයි රංගනයට මගෙ හිත ගියේ. ඒ ආභාසයයි මාව නිළියක් කළේ.
ඔබේ පවුලේ කවුද ඉන්නෙ?
අම්මයි තාත්තයි මල්ලියි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ. මල්ලි විවාහකයි.
ඔබටත් පෙම්වතෙක් ඇතිනෙ ඔහු පිළිබඳවත් සඳහන් කරන්න?
නැහැ දැනට එහෙම කෙනෙක් නෑ.
ඇඳුම් සැපයීම Twinza designs බොරලැස්ගමුව 

Silumina
READ MORE - නැහැ දැනට එහෙම කෙනෙක් නෑ.

තලේ තනියම අද පිලානේ

Saturday, August 18, 2012


තලේ තනියම අද පිලානේ

දිමුතු මුතු රූ ගැන් වූ එම්. වී. හේමපාල රෝගී වෙයි
මිනිසා විසින් තාක්ෂණය හැසිර වූ යුගයක් විය. එකල විශිෂ්ට ගණයෙහි නිර්මාණකරුවන් අතින් නිර්මාණාත්මක කලා කෘති බිහි විය. සිංහල සිනමාවෙහි එක් යුගයක අතීත මතක සමරද්දී සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙයක් කැපවීමෙන් කළ කැමරා ශිල්පියකු හමුවේ.
ඒ මාවැල්ල විතානගේ හේමපාල හෙවත් තලේය. ගාල්ලේ පිලාන තක්ෂිලාවෙන් අකුරු කළ හේමපාල දෙහිවල මාමාගේ කඩයේ රැකියාවට ගියේය. එතැන බෝඩින්කාරයකු විය. ඒ සුගතපාල ද සිල්වා නම් අග්‍රගන්‍ය නාට්‍යකරුවාය. ඔහු හමුවීමට නිතර පැමිණි දේහධාරියාට නිතර පිළිවදන් දුන් හේමපාල කිසි දිනක ඔහු අතින් සිනමා කර්මාන්තය හෝ කැමරාකරණය හැදෑරීමට සිහිනෙකින්වත් සිතුවේ නැත. ඒත් නොසිතූ දෙයම සිදු වී හේමපාල කැමරා ශිල්පීන් අතර ජනප්‍රිය දක්ෂ පුද්ගලයෙක් විය. ඒ ඩී. බී. නිහාල්්සිංහයන්ගෙන් සිනමාව හැඳින ගැනීමෙනි.
‘මගේ ගුරුන්නාන්සේ ඩී. බී. නිහාල්සිංහ මහත්තයා’ යැයි පවසද්දී එම්. වී. හේමපාලගේ දෑසේ කඳුළු පටලයක් ඇඳී ගියේය. වයෝවෘද්ධව රෝගී සයනයේ සිටින හේමපාල හෙවත් තලේ අයියා සෙමෙන් කටහඬ අවදි කළේය.
‘මට නිහාල්සිංහ මහත්තයා හමු වුණේ සුගතපාල ද සිල්වා මහත්තයගේ බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල් නාට්‍ය පුහුණුවීම් බලන්න ගිහිල්ලායි. ඒ අතර ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ හේමන්ත වර්ණකුල නිෂ්පාදනය කළ ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක, වික්‍රම බෝගොඩ රඟපෑ සමනලයෝ චිත්‍රපටයේ රූගත කිරීම් නැරැඹීමට අවස්ථාව ලැබුණා.
ඒ ගමන හේමපාලගේ දිවි ගමන වෙනස් කළේය. නිහාල්සිංහයන්ගේ සිත් ගත් තරුණ හේමපාලට ‘සත් සමුදුර’ චිත්‍රපටයට සම්බන්ධ වීමට ඉන් පසු ඉඩ හසර ලැබිණි. ඒ 1962 වසරයි.
‘බෝඩ් ලෑලි හතරයි කැමරාවයි අරගෙන කේ. ඩී. දයානන්දයි හපුගොඩ මහත්තයයි මමයි මීගමු ගියා. කැමරාගත කරන්නේ මේ විදිහට, කැමරා කෝණ සකසා ගන්නේ මේ විදිහට කියලා මගේ ගුරුන්නාන්සේ මට කියලා දුන්නා.’
ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රායෝගික පාසලේ කැමරාකරණය හැදෑරූ තලේ අයියා හෙවත් හේමපාල තම බිඳුණු හඬින් අතීතය සිහි කරයි. වයෝවෘද්ධ බව කාටත් පොදු ධර්මතාවක් වුව ද රෝගී බව සමඟ හේමපාල මහතා අසරණව දුර්මුඛව සිටියි.
දිගු කලක් තිස්සේ ඩී. බී. නිහාල්සිංහයන් සමඟ කටයුතු කිරීම හේතුවෙන් සිනමාපට 150 ක පමණ සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කිරීමට එම්. වී. හේමපාල මහතාට ඉඩකඩ ලැබී ඇත. ටයිටස් තොටවත්ත, ඇන්ඩෘ ජයමාන්න, වාමදේවන්, ඩොනල්ඩ් කරුණාරත්න, ලෙනින් මොරායස්, සුමිත්ත අමරසිංහ වැනි ලංකාවේ ප්‍රවීණ කැමරා ශිල්පීන්ගේ සහය කැමරා ශිල්පියා වීමේ ප්‍රබල කාර්යභාරයට උර දීමට එම්. වී. හේමපාල සමත් වී ඇත.
එම්. වී. හේමපාල පළමුවරට ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේ ජෝ මයිකල් අධ්‍යක්ෂණය කළ සිරිල් මල්ලී චිත්‍රපටයෙහිය. ගාමිණී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, ශ්‍රියානි අමරසේන එහි රඟපෑ අතර ගාමිණී ෆොන්සේකාගේ නොමඳ සහාය සහ ගෞරවය එහිදී හේමපාලට ලැබිණි. එබැවින්ම සැණකෙළිය, චණ්ඩි පුතා, සාවිත්‍රිගේ රාත්‍රිය වැනි චිත්‍රපට රැසක කැමරා ශිල්පියා ලෙස කටයුතුª කිරීමේ අවස්ථාව හේමපාල ට හිමි විය.
ඔහුගේ පළමු වර්ණ චිත්‍රපටය වූ ගිම්හානේ ගී නාදේ (ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය) හොඳම වර්ණ කැමරා ශිල්පියා ලෙස එම්. වී හේමපාල 1986 වසර සඳහා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
1991 දී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ කෙළිමඬල චිත්‍රපටය සඳහා හොඳම වර්ණ කැමරා ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට ද ඔහු සමත් විය. කැමරා අධ්‍යක්ෂණයෙන් සිනමා ක්ෂේත්‍රයට දායක දැක්වූවන් අතර එම්. වී. හේමපාල නම ප්‍රකටය.
එම්. වී. හේමපාල 1971 දී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ වැලිකතර චිත්‍රපටයෙන් (පුළුල් තිරයේ) සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේය.
අනතුරුව ටෙලි සිනේ ආයතනය හා සම්බන්ධව ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වූ දිමුතු මුතු හි කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ අතර රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වෙළඳ දැන්වීම් රාශියකට කැමරා ශිල්පියා ලෙස දායක විය.
පසුකාලීනව වැඩ සටහන් අධ්‍යක්ෂ එච්. ඩී. ප්‍රේමරත්නගේ ඉල්ලීම මත ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනයේ පළමු කැමරා ශිල්පියා ලෙස සම්බන්ධ වූ හේමපාල මහතා එහි වසර 13 කට ආසන්න කාලයක් සේවය කළේය.
ශල්‍යකර්මයකට ද භාජනය වී ඉතා දුකසේ රෝගීව වෙසෙන හේමපාල මහතා ඔහුගේ දිගු අතීතය ආවර්ජනය කරමින් සතුටට පත් විය. ඒ අතර ඔහු අලුත් අදහසක් ඉදිරිපත් කළේය. සිනමාවේ දැවැන්තම කාර්ය කරන්නේ සහය කැමරා ශිල්පියා. රීල් එක ලෝඩ් කරන එක හැම දෙනාටම කරන්න බැහැ. ඒක සහය කැමරා ශිල්පියාගේ කාර්යභාරය.
ඉස්සර ඩාක්රූම් නැති කාලේ අපි ඉතා වගකීමෙන් ඒ කාර්ය කළා. ඒත් අද වනතුරුත් සිනමා සම්මාන උළෙලකදී සහාය කැමරා ශිල්පියාට සම්මානයක් හිමි නැහැ. ඒක කනගාටුවක්. ඉදිරි කාලයේදීවත් එහෙම සම්මානයක් පිරිනැමෙනවා නම් ඉතා හොඳයි.
සිංහල සිනමාවේ ද රූපවාහිනියේ ද කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් දහස් ගණනකගේ නෙත සිත සනසාලූ එම්. වී. හේමපාල පවසන්නේ ලෝකෙ ලස්සනටම පෙනෙන්නේ කැමරාවෙන් බවයි.
ඔහු කැමරා නෙතින් දුටුච ලෝකය ප්‍රේක්ෂකයා ඉදිරියේ මවාලුවේය. එදා ඔහුගේ ඇසින් අපි දුටිමු. ඉන් සැනසීමු. ඒත් අද ඔහු අසරණව ගාල්ල පිලානේ තලහිටියාව ගමේ කවුරුත් නොදන්නා ගැමියකුව ඉතා අසරණව ගිලන් යහනක වැතිර අතීතයේ රස ස්මරණය කරමින් සිටියි.
READ MORE - තලේ තනියම අද පිලානේ

‘කෝ මාක් නෝ මාක්’

Friday, August 10, 2012


රඟපෑම වෘත්තියක් කියල හිතන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව විතරයි

- මිහිර සිරිතිලක
මේ දිනවල පුංචි තිරෙත්, සිනමාවෙත්, වේදිකාවෙත් සිය රංග පරාසය මුදාහරින අපේ කාලයේ රංගන ශිල්පියකු විදිහටයි මිහිර සිරිතිලක අපට මුණගැහෙන්නේ. ලැබෙන ඕනෑම චරිතයකට සිය සාධාරණය ඉටු කරන රංගන ශිල්පීන් අතර සිටින මිහිර හුදු නළුවා කියන ප්‍රතිරූපයෙන් බැහැරව පොළවේ පය ගසා ජීවත්වන රංගන ශිල්පියකු ලෙස අපට මුණ ගැහෙනවා.
චරිතාංග රංගන ශිල්පියකු වීමේ සිහින දකින මිහිර පසුගිය දවසක ‘යෞවනයේ අපි’ විශේෂාංගයට කතා කළා.
මිහිර කොහොමද මේ දවස්වල ජීවිතේ...?
මේ දවස්වල ‘කෝ මාක් නෝ මාක්’ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරනවා. සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ඒ චිත්‍රපටයත් ‘මායා’ නම් තවත් චිත්‍රපටයක් රූගත කිරීම් සිද්ධ වෙනවා. ඒ වගේ ම සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලිනාට්‍යයෙත් රූගත කිරීම් වලට සම්බන්ධ වී සිටිනවා.
මිහිර, ඔය ගමන පටන්ගත්තේ කොහේ ඉඳල ද?
මගේ ගම් පළාත අගුණුකොළපැලැස්ස. ඉතිං උසස් පෙළ කරලා ඉවරවෙලා මට පුළුවන් වුණා, ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා වැඩමුළුවට එකතු වෙන්න. එතැනින් තමයි මේ චාරිකාව පටන්ගත්තේ.
ඇයි මේ ක්ෂේත්‍රයම තෝරාගන්නේ.
උසස් පෙළ කරලා ඉවර වුණාට පස්සේ අපි හිටියේ ආර්ථික අර්බුද කියන තැන හිරවෙලා. මෙතැනින් එහාට මොකක්ද කරන්නේ කියලා හිත හිතා ඉන්න අතරෙදියි තරුණ සේවා සභාවට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක මගේ ජීවිතයේ ‘ටර්නින් පොයින්ට්’ එකක්. කොහොමත් මගේ ඩ්‍රීම් එක වුණේ වේදිකාව. පසුකාලීනව ටෙලිනාට්‍යයට, සිනමාවට ඇදිලා ගියත් මගේ සිහිනය වුණේ වේදිකාව.
ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලම රංගන ශිල්පියෙකු වෙන්න හීන මැව්වා.
නැහැ එහෙම දෙයක් කවදාවත් හිතලා නැහැ. නමුත් ජීවත්වෙන්න ඕන කියන තැනදියි මේ පාත් එක මතුවෙන්නේ.
හොඳයි ඔය පාත් එකත් අහුවුණේ නැත්නම්?
එහෙම නම් අනිවාර්යයෙන් ම මම චිත්‍ර ශිල්පියෙක් වෙලා මතුවෙයි. අදටත් රංගනයෙන් ඈත් වුණ දවසක මම චිත්‍ර අඳියි.
අද ඔබ කොමඩි නළුවා කියන තැන හිර කරල ද හිරවෙලාද කියලා මම ඇහැව්වොත්.
ඒ ගැන මගේ හිතේ අහිතක් නෑ. මොකද ප්‍රහසන නළුවා කියන එක හෝ රංගනයේ යෙදෙන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. නමුත් මගේ ඉලක්කය වෙලා තියෙන්නේ චරිතාංග නළුවෙක් වෙන එක. ඒ නිසා මම දැනටත් උත්සාහ කරනවා වෙනසක් හොයා යන්න. තවත් දෙයක් මට හිතෙනවා. අධ්‍යක්ෂවරුන්ට අත්හදා බැලීම් කරන්න තියෙන අවස්ථා අඩුයි. ඉතිං මොකක් හරි ප්‍රහසන චරිතයක් දැක්ක ගමන් ඔන්න කතා කරනවා.
ඒ කියන්නේ ලැබෙන ඕනෑම චරිතයක් ඔබට ප්‍රශ්නයක් නැහැ.
එහෙම ප්‍රශ්නයක් වෙන්න බැහැනේ. මොකද මම රංගන ශිල්පියෙක්. දැන් මම ප්‍රහසන චරිත පමණක් ම කරලා නැහැ. ‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයේ ‘බච්චා’ කියන්නේ වෙනස් ම චරිතයක්. ‘මොනරතැන්න’ ටෙලිනාට්‍යයේ ‘අන්දිරිස් නිලමේ’ වෙනස් ම චරිතයක්. අද කවුරුත් දන්නෑ ඒ චරිතය කරන්නේ මම ද කියලවත්. මම උත්සාහ කරන්නේ මගේ මුහුණ පෙන්නගෙන නම ප්‍රසිද්ධ කරගන්න නෙමෙයි රංගනයෙන් යමක් කරන්නයි මට ඕන.
අගුණකොළපැලැස්සේ ඉඳලා මේ ගෙන්දගම් පොළවේ පයගහන්න කාපු කට්ට ගැන අද මොකද හිතෙන්නේ.
ලෙහෙසි පහසුවෙන් ලැබෙන දේවල්වල කිසිම අගයක් නැහැ. මේ ටික ලබාගන්න ලොකු සටනක් කළා. ඒක විශ්වවිද්‍යාලයක් විදිහටයි මම දකින්නේ. මම බිංදුවේ ඉඳලා ආව ගමනක් තියෙන්නේ. බෑග් එකක රෙදි ටිකක් දාගෙන තරුණ සේවා සභාවේ හැංගිලා නිදාගෙන, පන්සල්වල නිදාගෙන එහෙම ආව ජීවිතයක් තිබුණා. අද අවුරුදු 14 ක් තිස්සේ මම පිළිවෙළක් වෙලා මටම කියලා ගෙන්දගම් පොළවේ ගේ පොඩ්ඩක් හදාගෙන යම් කිසි දියුණුවකට එන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ගැන ලොකු ආත්ම තෘප්තියක් මට තියෙන්නේ.
වර්තමානයේ තරුණ පරම්පරාව ගැන තරුණයකු විදිහට මොකක්ද ඔබේ තක්සේරුව.
අද තරුණයා තුළ තියෙන්නේ අතරමං වුණ ජීවිත. අද තරුණයාට මාවත හඳුන ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. අද තාරුණ්‍යය පේෂ්බුක් ලයිෆ් එකට වැටිලා ඉන්නේ. සමාජමය වශයෙන් එකතු වෙලා හෝ තරුණයින්ට ඉලක්ක ලබාදිය යුතු වෙලාවක් මේ.
ජනප්‍රියත්වය කියන කාරණාව මිහිර කොහොමද දකින්නේ.
මෙහෙම හිතමුකෝ. පිටකොටුව බෝධිය හැමවෙලේම ටී.වී. එකේ පෙන්වනකොට ඒක බොහෝම ජනප්‍රියයි. කළුගලක් වුණත් එහෙමයි. මම කියන්නේ සරල ජනප්‍රියත්වය කියන කාරණාවෙන් එහා ගිය ගෞරවනීය ජනප්‍රියත්වයක් අවශ්‍යයි. ටෙලිනාට්‍යයක් විකාශය වෙන කාලේ ජනප්‍රිය වෙලා ඒක ඉවරවෙනකොට මිනිසුන්ට මතක නැත්නම් ඒ මොන ජනප්‍රියකමක් ද? අද අපි යැපෙන්නේ තවත් පිරිසකගේ මතනේ. මා ගොඩනගන්න හදන ලෝකය හදන්න වෙලා තියෙන්නේ වෙනත් පිට්ටනිවලනේ. එහෙම එකේ ජනප්‍රියත්වය කියන දේ සරල කාරණයක් විතරයි.
රඟපෑම අද ඔබේ වෘත්තීය ද
රඟපාන එක කරනවා. නමුත් ඒත වෘත්තියක් ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම බැංකුවකට යනවා වැඩ කටයුත්තකට. හැබැයි මේක ආදායමක් ලබන වෘත්තියක් බවට පිළිගන්නේ නැහැ. මේක ආදයමක් ලබන වෘත්තියක් කියලා අපිව පිළිගන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව විතරයි. ඉතින් එක්තරා මොහොතක අපි සමහර තැන්වල අසරණ වෙනවා.
READ MORE - ‘කෝ මාක් නෝ මාක්’

මගෙ හිත සොයන මම ලබන්න කැමැති ආදරය මට හමුවුණොත්


මං නොහිතපු විදියට ඒ හීනය මට ළංවුණා

සමාධි අරුණඡායා
සුමිත්‍රා පීරිස් වැනි කෘතහස්ත චිත්‍රපට අධ්‍යක්ෂවරියකගේ නිර්මාණයකින් තම චිත්‍රපට රංගන දිවිය ආරම්භ කිරීමට ලැබේනම් එය කෙතරම් භාග්‍යයක් ද? එම වාසනාව ලද යෞවන රංගන ශිල්පිනියකි, සමාධි අරුණඡායා. ඇයගේ නම සමාධි වුවත් බොහෝ දෙනෙක් ඇය හඳුනන්නේ “මලී” ලෙසින්. ඒ; දෙරණ නාළිකාවෙන් මේ දිනවල විකාශය වන “මලී” ටෙලි නාට්‍යයේ මලීගේ චරිතය ඇය නිරූපණය කරන නිසයි. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද අප සමාධිව කැඳවා ගත්තේ ඇයගේ පළමු චිත්‍රපට රංගනය පිළිබඳවත් “මලී” පිළිබඳවත් තොරතුරු දැන ගැනීමේ අදහසින්.
සමාධි ‘මලී’ වුණේ කොහොම ද?
2010 අවුරුද්දෙ ජාතික රූපවාහිනිය පවත්වපු සිංහල අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය වුණේ මම. ඉන් පසුව දෙරණ නාළිකාවේ සභාපති තුමා සහ ‘මලී’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ තුමා ‘මලී’ ටෙලි නාට්‍යයට මට කතා කළා. මම ‘මලී’ වුණේ එහෙමයි. දැන් අවුරුදු එකහමාරක් විතර තිස්සේ මම මේ ටෙලි නාට්‍යයේ රඟපානවා. ‘මලී’ තමයි මාව රංගන ශිල්පිනියක් කළේ. ඒ නිසා ‘මලී’ට මම ගොඩක් ආදරෙයි.
රංගනයට එන්න ඔබ සිහින මැවූ කෙනෙක් ද?
පුංචි කාලෙ ඉඳල මගෙ හිතේ තිබුණු එක හීනයක් තමයි ඒක. හැබැයි ඒ හීනය හැබෑ කරගන්න පුළුවන් තරමේ දුරක නෙමෙයි තිබුණේ. ඒත් මම නොසිතූ විදියට ඒ හීනය මට ළංවුණා. මෙච්චර ඉක්මනට ඒ හීනය හැබෑ කරගන්න පුළුවන් වෙයි කියල නම් මම හිතුවේ නෑ.
‘මලී’ නිසා සමාධිට ගොඩක් දෙනෙක් ආදරය කරනවා ඇති...?
ඇත්තෙන්ම ඔව්. ඒක හරිම පුදුම දෙයක්. මට ගොඩක් දෙනෙක් කතා කරන්නෙ ‘මලී’ කියලා. බාල තරුණ මහලු හැම දෙනාම මලීට ආදරෙයි. මගතොටේදී හමුවෙන ගොඩක් දෙනෙක් මලී චරිතය ගැන හොඳ කියනව. සමහරු අපේ ගෙදර තාප්පයෙන් එබිල බලනව මම ගෙදර ඉන්නව ද කියල. ඒ ‘මලී’ ආදරේ නිසානෙ.
පේ‍්‍රක්ෂකයින් දක්වන ඒ ආදරය ගෞරවය ඔබට කරදරයක් කියල ද ඔබ හිතන්නෙ?
අපෝ නෑ. සමාජයේ ගොඩක් දෙනකුගේ ආදරයට, ගෞරවයට පාත්‍රවෙන්න වාසනාවක් තියෙන්න ඕන. ඒ නිසා පේ‍්‍රක්ෂකයින්ගේ ආදරය කරදරයක් කියල මම කවදාවත්ම හිතන්නෙ නෑ.
‘මලී’ මෙතරම් ජනපි‍්‍රය වෙයි කියල ඔබ සිතුව ද?
‘මලී’ මගේ මුල්ම රංගනය. ගොඩක් අඩුපාඩුකම් නොදැනුවත්කම් එක්කයි මම ‘මලී’ට සම්බන්ධ වුණේ. නමුත් ටෙලි නාට්‍යයට සම්බන්ධ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ මෙන්ම අධ්‍යක්ෂතුමාගේත් මඟ පෙන්වීම මත මම මේ චරිතය හොඳින් ගොඩනඟා ගත්තා. මම සැම විටම මම කරන වැඩේට උපරීම දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මේ පිටපතේ තිබෙන ලස්සන බවත් නිසා තමයි මලී මෙතරම් ජනපි‍්‍රය වුණේ.
ඔබ මෑත දී දායක වුණු චිත්‍රපටය ගැනත් කතා කරමු...
සුමිත්‍රා පීරිස් වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරියක් යටතේ මුලින්ම චිත්‍රපටයක රඟපාන්න ලැබීමත් වාසනාවක්. මේ චිත්‍රපටය ‘වෛෂ්ණාවි’. එහි මගේ චරිතයේ නම රුචිරා. යශෝධා අක්කයි, තුමිඳු දොඩන්තැන්න අයියයි එක්ක තමයි මම මෙහි රඟපාන්නෙ. මේක හරිම ලස්සන චිත්‍රපටයක්.
ඔබේ පවුලේ කවුද ඉන්නෙ?
අම්මයි තාත්තයි මමයි මල්ලියි තමයි පවුලේ ඉන්නෙ.
ඔවුන් ඔබේ කලා කටයුතුවලට සහාය දෙනවා ද?
ඇත්තෙන්ම ඔව්. ඒ අයගෙ උදව්ව නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ.
එතකොට ඔබේ ගම...?
මගේ ගම තිස්සමහාරාමය. නමුත් දැන් අපි පදිංචි වෙලා ඉන්නේ පන්නිපිටියේ. අපේ ගම හරිම සුන්දරයි. ගමේ සුන්දරත්වය මම උපරීම විදියට විඳල තියෙනවා.
යෞවන පේ‍්‍රමය ඔබ තවම විඳ නැති ද?
නැහැ. තවම නැහැ. නමුත් මම යෞවන පේ‍්‍රමය ඉතාම සුන්දර විදියට දකින කෙනෙක්. අද බොහෝ දෙනෙක් තුළ තියෙන හැඟීම නියම ආදරයයි කියල මට හිතෙන්නෙ නෑ. මගෙ හිත සොයන මම ලබන්න කැමැති ආදරය මට හමුවුණොත් එය විඳින්න මම කැමැතියි.
READ MORE - මගෙ හිත සොයන මම ලබන්න කැමැති ආදරය මට හමුවුණොත්