----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නාට්‍ය තරගයට අයැදුම්පත් කැඳවයි

Sunday, July 4, 2010

ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශ සහ ටවර් හෝල් පදනම එක්ව වාර්ෂිකව සංවිධානය කරන ‘සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය 2010’ සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ දිනවල දී සිදු කෙරේ.

එහිදී කෙටි නාට්‍ය, දිගු නාට්‍ය හා නූර්ති ගීත ජවනිකා යන අංශ 03 යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා ඕනෑම පාසලකට සහභාගීවීමට හැකියි. මෙම නාට්‍ය තරගය සඳහා අයැදුම්පත් ඔබේ ලිපිනය ලියා මුද්දර ඇල වූ දිග ලියුම් කවරයක වම් පස ඉහළ කෙළවර “සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය - 2010” යනුවෙන් සටහන් කර අධ්‍යක්ෂ ජනරාල්, ටවර් හෝල් පදනම, සව්සිරිපාය, අංක 123, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කිරීමෙන් හෝ එම ස්ථානයට පැමිණීමෙන් ලබා ගත හැකියි. අයදුම්පත් භාර ගැනීම ජූලි මස 16 වැනිදායින් අවසන්වේ.

0 comments:

Post a Comment