----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මට මගේ නොවන මගේම ආදරයක්

Tuesday, November 26, 2013


මට මගේ නොවන මගේම ආදරයක්

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිළෙනවා
නින්දෙන් ඇහැරී
කළු‍වරේම යළි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක්
නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා
මට මගේම නොවන
මගේම ආදරයක් තිබුණා
 
* පද රචනය - අමිල තේනුවර
* සංගීතය - දර්ශන රුවන් දිසානායක
* ගායනය - විශාරද අමරසිරි පීරිස්
“මේ ගීතය ජයන්ත අයියා (ජයන්ත චන්ද්‍රසිරි) ගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ තේමා ගීතය. මේ චිත්‍රපටයෙන් වගේම ගීතයෙනුත් කියැවෙන්නේ තමන්ගේ නොවන තමන්ගේම ආදරයක් පිළිබඳවයි. අපි කාගේත් ජීවිත තුළ එවැනි ආදර අත්දැකීම් තියෙනවා. ජීවත් වෙන හැම මනුස්සයෙකුටම ඒක පොදුයි. මටත් එහෙම වුණා. මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුණා. ඒත් මේ සමාජ සංස්කෘතික රටාව තුළ මම වගේම පරිසමාප්තව කිසිම කෙනෙකු ඒ ආදරය විඳලා නැහැ. වින්ඳා නම් කවදාවත් මෙහෙම ලියන්න බැහැ. සමහර මිනිස්සු ඒ ආදරය හංගාගෙන තියාගෙන ජීවිත කාලයම විඳවලා මියැදෙනවා. මට ඕනෑ වුණේ ඒ ආදරය පිළිබඳ අත්දැකීමත් එක්ක මගේ තිබුණු ගනුදෙනුව අත්හැර දමා ඉන් මිදෙන්නයි.”
ගී පද රචක අමිල තේනුවර මෙවර “ගී මිහිර” ගෙනෙන්නට අප සමඟ එක්වෙමින් එලෙස හෙළිදරව් කළේ මේ දිනවල තිරගත වන “සමනල සංධ්වනිය” චිත්‍රපටයේ ඇතුළත් ගීත ශ්‍රාවකයින්ගේ සිත් ගත් “ඉකි ගසා හඬන අතීතයක” ගීතය නිර්මාණය වූ ඔහුගේ සිතුවිලි සමුදායේ පසුබිම් පිළිබඳවයි. තරුණ ගී පද රචක පරම්පරාවේ පළපුරුදු නිර්මාණකරුවෙකු වී සිටින අමිලට තවදුරටත් මෙම ගීතය නිර්මාණය වූ පසුබිම් කතාව පවසන්නට දැන් අපි ඉඩ දෙමු.
“මට වයස අවුරුදු 17 හෝ 18 පමණ සාමාන්‍ය පෙළ කරලා උන්න සංක්‍රාන්ති කාලයේ එක්තරා ගැහැනු ළමයෙක් මුණ ගැහුණා අහම්බෙන් වගේ. මට ඕනෑ වුණා ඇයට ආදරය කරන්න. ඒත් කවදාවත්ම මට බැරි වුණා මගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්න. ඇත්තම කියනවා නම් අමරසිරි පීරිස් ගයන ‘අතින් වත් අත ඇල්ලුවේ නෑ’ ගීතයේ සංකල්පනාවටත් මුල් වුණෙත් ඒ අත්දැකීමම තමයි. ඒ කාලයේ මමම ලියා කවියකින් හෝ ගීතයකින් මගේ අදහස් ප්‍රකාශ කරන්න වත් මට පුළුවන් වුණේ නැහැ. ඉතින් මම කළේ මහගමසේකර, රත්න ශ්‍රී විජේසිංහ වැනි කවියන්ගේ කවි පොත් ඇයට දෙන එකයි.”
“තාමත් මට මතකයි, සේකරගේ ‘නොකියන ආදරේ’ කවි පන්තියේ තියෙනවා ‘නොකී මුත් වචනයෙන් - දරා ඉන්න නමුත් හිත යට - දරා ගන්න බැරිය එය මට - දෙනෙත දෙනෙතින් ගැටී ගිය විට’ යනුවෙන්. ඒ වගේ තැන්වල යටින් ඉරි ගහලා තමයි මම ඇයට ඒ කවි පොත් දුන්නේ. හැබැයි ඉරි ගැහැව්වේ කවකටුවකින්. අති සියුම් ඇහැක් තියෙන්න ඕනේ එය පෙනෙන්න නම්. ඇයට මා බලාපොරොත්තු වූ ඒ සියුම් ඇහැ තිබුණේ නැති හින්දා ප්‍රකාශයට පත් වුණේ නැහැ මගේ ආදරේ. ඉන්පසු ආදරණීය ප්‍රේම ගී ඇතුළත් කැසට් පට දුන්නා ඇයට අහන්න. ඒත් මගේ ආදරේ ප්‍රකාශයට පත් වුණේ නැහැ.”
“අවුරුදු දහයක් පමණ කාලයක් ඔය අත්දැකීම මගේ හදවතේ නිද්‍රාවට පත්වෙලා තිබුණා. මම කොහොමත් කවියක් ගීතයක් නිර්මාණය කරන්න ඉක්මන් වෙන්නේ නැහැ. විලිරුදාව හැදිලා නිර්මාණය බිහිවෙන තුරු ඉඳීම තමයි මගේ පුරුද්ද. සීසර් සැත්කම් වලින් නිර්මාණ බිහි කරන්න මං කැමැති නැහැ. මං හිතනවා තමන් විඳවලා කරන නිර්මාණ තමයි සාර්ථක වෙන්නේ කියලා. අවුරුදු දහයකට විතර පස්සේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටය වෙනුවෙන් මේ ගී සංකල්පනාව අපූරුවට ගැලපුණේ ඒ නිසයි. මගේ හැම නිර්මාණයක් වගේම මම බෞද්ධ දර්ශනය තුළ ඉඳගෙන තමයි මේ නිර්මාණයත් කළේ. විශේ‍ෂයෙන් ‘අත් ඇරීම’ කියන සංකල්පය මත සිට තමයි මම මේ ගීතයේ පද බැන්දේ.
‘මට මගේ නොවන ආදරයක් තිබුණා’ යන මතුපිට අර්ථය (භෞතික අර්ථය) හැමෝම අල්ලා ගත්තත් ඊට එහා ආධ්‍යාත්මික වූ දෙයක් මට කියන්න ඕන වුණා. මම මගේම ආදරයයි, මගේම නොවන ආදරයයි දෙක එකට තියලා දිය කර හැරියාම ඉතිරි කිසිවක් නැහැ. ශුන්‍යයි. ආධ්‍යාත්මික අර්ථය එයයි. ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ කථා නායකයාත් කුඩා කල අතහැරුණු ප්‍රේමය නිසා තමයි ශුන්‍යත්වයේ ඇරියස් එකකින් කෘතහස්ත කලාකරුවෙකු වෙන්නේ. නැති දේ තමයි අපිට වටින්නේ. ඒ නිසා තමයි මේ ගීතය මිනිස්සුන්ට මේ තරම්ම දැනුණේ.”
READ MORE - මට මගේ නොවන මගේම ආදරයක්

යාළුවා දුන් xxx චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ

යාළුවා දුන් නිල් චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ

දහ අට හැවිරිදි අසංක කහවත්ත ප්‍රදේශයේ කුඩා පාසලක උසස් පෙළ හදාරමින් සිටි ශිෂ්‍යයෙකි. ඔහු ගුරු භවතුන්ගේ හොඳ හිත දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක්ද වූවේය. 

ඔහුගේ දක්ෂතාවත්, හැකියාවත් නිසාම ටික දිනකින්ම අසංක පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වූයේය. 

ඒ මොහොත අසංකගේ හැදූ වැඩූ මවුපියන්ගේ දෙනෙතට රැගෙන ආවේ තුටු කඳුළකි. අසංකගේ අම්මා රංජනී කප්පරක් උසට අසංක පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටියාය. පවුලේ බඩපිස්සා වූ අසංක කෙරෙහි තාත්තා වූ රත්නායක දැක්වූවේද අපමණ සෙනෙහසකි.

අසංකගේ පවුලේ සාමාජිකයන් අසංකද ඇතුළුව සිවු දෙනෙකි. අසංකගේ වැඩිමල් සොයුරා විවාහකයකු වූ අතර ඔහු වෙනම නිවෙසක පදිංචි වී සිටියේය. 


අනෙක් පිරිමි සහෝදරයා උපතින්ම කථනාබාධිතයෙක් වූ අතර එකම සොයුරිය ඇඟලුම් සේවිකාවක වශයෙන් සේවය කළාය. ඔවුන් සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ අසංක පමණි.

"පුතේ හොඳට ඉගෙන ගනින්, විභාගෙ පාස් වෙලා විශ්විද්‍යාලෙ පලයන්, ඊට පස්සෙ හොඳ රස්සාවක් කරපන්" අම්මා නිරන්තරයෙන් එය මන්තරයක් සේ මතුළාය.

"බලාපන් මේ අත්වල තියෙන කරගැට, උඹ මේ වගේ දුක් විඳින්න ඕන නෑ පුතේ..." උදේ හවා තේ කෑල්ලේ තේ ගස් හා ඔට්ටු වී විඩාවට පත් රත්නායක තමාගේ දෑත විදහා පාමින් අසංකට පෙන්වූයේය. "මම කොහොමහරි විභාගෙ පාස් වෙලා කැම්පස් යනවා අම්මෙ"

අසංක අධිෂ්ඨානය ඇතිව වෙනදාටත් වඩා වැඩියෙන් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මහන්සි වූවේය. ඒ නිසාම මිතුරු සංගම් කෙරෙහි තිබූ ආශ්‍රයද කෙමෙන් ඔහුගෙන් දුරස් වී ගියේය.

"යාළුවෝ නැතිවට කමක් නැහැ, ඔයා පාඩම් කරන්න. විභාගෙන් පස්සෙ පුළුවන් යාළුවෝ ආශ්‍රය කරන්න. අනික ඔය යාළුවන්ගෙන් ඇති වැඩක් නැහැ"

රංජනී නිරන්තරයෙන් අසංකට අවවාද අනුශාසනා ලබා දුන්නාය. අම්මාගේ සිත රිදවීමට අකැමැති වූ නිසාම අසංක යටි සිතෙහි මිතුරන් කෙරෙහි තිබූ බැඳීමද සඟවා ගත්තේය. මවුපියන්ගේ සිත රිදවීමට අකැමැති වූ නිසාම අසංකද නිරන්තරයෙන් මවුපියන් කියන දේ පමණක් කිරීමට බැඳී සිටියේය. 


අසංක උපකාරක පන්තියකට සහභාගි වුවත් යහළුවන් සමඟ රස්තියාදු නොගසා පන්තිය නිමවූ සැණින්ම නිවෙසට සේන්දු වූවේය. යහළුවන් සමඟ නිරපරාදේ කාලය කා දමනවාට අම්මා කිසිසේත්ම මනාප නොවන බව අසංක දැන සිටියේය. 

එනිසාම අසංක අම්මාගේ බසට අකීකරු වීම ඇයට කරන නිගරුවක් සේ සැලකුවේය. "යහළුවන් කෙතරම් විහිළු තහළු සරදම්වලට අසංකව ලක් කළද ඒවා සිනහ සිතින් විඳ දරා ගත් අසංක ඔවුන්ගේ හොඳ හිතද ඉතිරි කොට ගෙන ඉක්මනින් නිවෙස කරා පැමිණියේය.

පන්ති නිමවී පැමිණි පසුවත් අසංකට රූපවාහිනි නැරඹීම ආදී විනෝදාංශවලට ඉඩක් වෙන් කරගත නොහැකි විය. උසස්පෙළ ඒ තුනේ සිහිනය වෙනුවෙන් ඔහු තම හිරිමල් යෞවනයේ සිහින සියල්ල ඉවසීමෙන් යුතුව කැප කළේය.

"මොනාද බං තවමත් කෙල්ලෙක් නැද්ද?" යාළුවෝ අසංකට සරදම් කළහ. අසංකගේ සමීපතම මිත්‍රයන් ඒ වන විට ප්‍රේමවන්තයන් බවට පත් වී සිටියහ. ඔවුන් සති අන්තයේ උපකාරක පන්ති මඟහැර පෙම්වතියන් සමඟ කල් ගෙවූ ආකාරය රස කරමින් අසංක ඉදිරියේ දිග හරිද්දී අසංක 'සද්ධර්මරත්නාවලියේ" පාඩමකට සමවැදී සිටියේය. 


අසංක පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ භූමිකාවටද කිසිදු අසාධාරණයක් නොකිරීමට වග බලා ගත්තේය. තමා ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්වී පාසලේ සිසුවියක් හා පෙම් සබඳතාවක් පැවැත්වීම මෙන්ම පාසල් අධ්‍යාපන කටයුතු අතපසු කර ගනිමින් මිතුරු මිතුරියන් හා කල්ලි ගැසීමද එම තනතුරට කරන අපකීර්තියක් බවට ඔහු ඇදහුවේය.

දිගින් දිගටම පොතපතටම ඇලීම නිසා අසංකට කායිකව හා මානසිකව දැඩි වෙහෙසක් දැනෙන්නට වූවේය. "චිත්‍රපටියක්වත් බලන්න තිබුණා නම්" අසංක යටි සිතෙහි මතුවූ ආශාවකට ඉඩ ලබා දෙන්නට සිතුවේය. එහෙත් අම්මා ඊට එරෙහි වන බව ඔහු සක්සුදක් සේ පැහැදිලිව දැන සිටියේය.

"අම්මාගෙන් අහලා නම් මට ෆිල්ම් බලන්න වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදර කවුරුවත් නැති වෙලේවත් බලනවා" අසංක සිතුවේය.

පාසලේ සමීපතම මිතුරකු හමුවූ අසංක තමාගේ සිතෙහි ඇති ආශාව දිග හැරියේය. "අපෝ ෆිල්ම්ස්ද මං ගාව ඕන තරම් තියෙනවා. මං හැමදාම ෆිල්ම්ස් බලනවානේ. උඹට ඕන මොන වගේ එකක්ද. මම ළඟ ඕන ජාතියක ඒවා තියෙනවා" යහළුවා සරදම් සිනහවක්ද නඟමින් පැවැසුවේය.

යහළුවා අදහස් කළ දෙය වටහාගත් අසංක "මට ඕනා එහෙම ෆිල්ම් එකක් නෙමෙයි පවුලේ හැමෝටම බලන්න පුළුවන් එකක්" යැයි තම මිතුරාට පැවැසුවේය. අසංකගේ ඉල්ලීම පරිදි පසුදා උදෑසනම ඩී.වී.ඩී. පටයක් අසංක අතේ තැබූ මිතුරා "ඕක මරු ෆිල්ම් එකක්. බලලා මටත් කියපන්කෝ" කියමින් අසංකගෙන් සමු ගත්තේය.

ඩී.වී.ඩී. පටය තම පාසල් පොත් අතර සඟවා ගත් අසංක හීන් සීරුවේ නිවෙසට ඇතුළු වූවේය. අම්මාත් තාත්තාත් වත්තට දලු කැඩීමට ගොස්ය. අක්කාත් වැඩට ගොස් ඇත. පුංචි අයියා පමණක් කාමරයට වී නිදාගෙන සිටියේය.

"මේ තමයි හොඳම වේලාව" යැයි සිතූ අසංක ඩීවිඩී ප්ලේයරය අසලට ගොස් ඩීවීඩී පටය එතුළට දමා ක්‍රියාත්මක කළේය.

එහි දසුන් නැරඹූ අසංකට උන්හිටි තැන් අමතක වූවේය. එය තමා සෙවූ වර්ගයේ 'පවුලේ සැමට නැඹීමට හැකි චිත්‍රපටයක් නොවන බව අසංකට 

පසක් වූයේය. සැබැවින්ම එය වැඩිහිටියන්ට පමණක් සුදුසු එකක් විය.

චිත්‍රපටය නරඹද්දී ඇතිවූ කුතුහලය නිසා එය වසා දැම්මේ නැත. ඔහුටත් නොදැනීම එතෙක් කල් සඟවාගෙන සිටි යටි සිතේ තිබූ සියලු ආශාවන් රැලි සරැලි නඟමින් කැරලි ගසන්නට විය. එනිසාම අවසානයේ ඔහු එය බැලීමට තීරණය කළේය.

අම්මා එන්නට කලින් බලනවායි සිතූ අසංක හරි බරි ගැසී අසුනකට බර වූවේය. එහෙත් සිදුවූයේ අනෙකකි. චිත්‍රපටයට තිබූ උනන්දුව නිසාම ඔහු තමා අසලට අම්මා එන බවක් දුටුවේ නැත.

"මොනවද උඹ මේ කරන්නෙ" අම්මාගේ කෝප මිශි්‍රත බෙරිහන්දීමට බියවූ අසංක පුටුවෙන් නැඟිට්ටා නොව ඉබේටම නැඟිට්ටුණේය. තොල කට වේළී ගිය අසංක දියෙන් ගොඩ දැමූ මසෙකු මෙන් වෙව්ලන්නට වූයේය.

අම්මා ඉදිරියේ තමා නිරුවත් වූවා වැනි හැඟීමක් අසංකට ඇතිවූයේය. "උඹ මේවද පාඩම් කරනවා කියලා හැමදාම කළේ. මං හෙටම ඉස්කෝලෙ ප්‍රින්සිපල්ව හම්බවෙලා සේරම කියනවා. උඹ අපිට ලැජ්ජා කළා" රංජනී මාරාවේශයෙන් මෙන් බෙරිහන් දෙන්නට වූවාය.

"අනේ අම්මේ මේක මගේ යාළුවෙක් දුන්නේ. ගෙදර ගේනකන් මං දන්නෙ නෑ මේකෙ තියෙන දේවල්" අසංක ඉකිබිඳිමින් අම්මා ඉදිරියෙහි බැගෑපත් වූවේය. එහෙත් රංජනී එය බිඳක්වත් විශ්වාස කළේ නැත. නිවෙසට පැමිණි රත්නායකටත්, සොයුරියටත් සියල්ල හෙළි කළ රංජනී දිගින් දිගටම අසංකට දෝෂාරෝපණය කරන්නට වූවාය.

අම්මා අසංකගේ මුහුණ බැලුවේ නැත. තාත්තාගේ මුහුණෙහිද සිනහ රැල්ලක් හෝ තිබුණේ නැත. අක්කාද වැඩි කතා බහක් නැත. රාත්‍රි බත් පිඟාන බෙදා මේසය මත තැබූ අම්මා වෙනදා මෙන් කන්න පුතේ යැයි නොකීවාය. දින දෙකක් ගෙදර කිසිවකුත් ඔහු හා ‍ෙදාඩමලු වූවේ නැත. නිවෙස අසංකට මිහිපිට අපායක් බවට පත් විය. 


පොත් පත් පසෙකට විසිකොට දැමූ අසංක කාමරයට වී දින දෙකක් ගත කළේය. පසුදා උදෑසන වන විට අම්මා පාසලට ගොස් සියල්ල හෙළි කරනු ඇත. ඉන්පසු තමාගේ ශිෂ්‍ය නායක තනතුර ගැලවී යනු ඇත. තමා සල්ලාලයකුයැයි මිතුරන් සමච්චල් කරනු ඇත.

සෑම සිතිවිල්ලක්ම අසංකගේ සිතට ගෙන ආවේ දැඩි කලකිරීමකි. අවසානයේ සියල්ල අත්හැරීම ලැජ්ජාවෙනවාට වඩා හොඳ යැයි තීරණය කළ අසංක කුස්සියේ මුල්ලක තබා තිබූ තාත්තා තේ වත්තට ගැසීමට ගෙනා කෘමි නාශක බෝතලය අතට ගෙන සියලුම බැඳීම්වලට නැවතීමේ තිත තබමියි සිතා එය එක හුස්මට හිස් කොට දැම්මේය. 


එපමණක් නොව අසල තිබූ අසමෝදගම් ස්ප්‍රීතු බෝතලයද උගුරට දෙකට හමාර කර අසංක නැවත කාමරයට වැදුණේය. ටික වේලාවක් යන විට අසංකට දැඩි වේදනාවක් දැනෙන්නට විය. ඔහු වේදනාව ඉවසා ගත නොහැකිව කෑ ගසන්නට වූවේය. අසංකගේ කෑ ගැසීම අසා පවුලේ සියලු දෙනා කාමරයට ඇතුළු වූහ. 

බිම වැටී මරු විකලයෙන් දඟලන අසංකව දුටු රංජනී විලාප නඟන්නට වූවාය. වාහනයක් සොයාගෙන ආ අසංකගේ පියා ඔහුව කහවත්ත රෝහල වෙත රැගෙන ගියේය. එහෙත් අතරමඟදීම අසංක මෙලොව හැර ගොස් තිබිණි.

අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නැත. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගත නොහැකිය. අසංකගේ අම්මාට ඔබ එසේ පවසනු ඇත. එහෙත් ඇගේ දෑසින් රූරා වැටෙන කඳුළුවලට අපට එසේ සරදම් කළ නොහැක. ඇගේ නූගත්කමට හැඳි මිටේ නුවණ යැයි කියමින් ගර්හා කළ නොහැක. 

මන්දයත් ඇය අසංකව මෙලොවට ජාතක කළ අම්මාය. ලේ කිරි කර පොවා කර දඬු උස්මහත් වනතුරු හැදූ වැඩූ අම්මාය. එහෙත් සියල්ල අවසානයේ "අනේ තව මොහොතක් ඇය ඉවසුවා නම් අසංක තවමත් අපි අතරේ" නේදැයි ඔබ තුළ සිතිවිල්ලක් හට ගන්නටද ඉඩ ඇත.

http://exhotandfastnews.blogspot.com/2013/09/blog-post_9855.html
READ MORE - යාළුවා දුන් xxx චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ)


නිරුවත්ද ද නැද්ද 
කියන එක මට 
අදාළ නෑ..

මගේ වගකීම 
මම ඉටු කළා...

සිරස රූපවාහිනියේ ‘රෙඞ් කාපට්’ වැඩ සටහන හා එක්වෙමින් ගයේෂා කියා සිටියේ තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ නිරුවතින් රඟපෑ කතාව ඇත්ත බවයි.

වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස චරිත බාරගැනීමේ අවධානම හා ඒ ඒචරිත වලට සාධාරණය ඉටු කිරීමේ අභියෝගය හා අයිතිය තමන්වගකීමෙන් යුතුව ඉටු කර ඇති බව රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසනවා. 

තව දුරටත් ඇය කියා සිටියේ රංගන ශිල්පිනියක් හැටියට චරිතය නිරුවත්ද ද නැද්ද නොවැදගත් බවත් චරිතයකට සාධාරණයක් ඉටු කරන්න හැකි නම් ඒ චරිතය බාරගැනීම සෑම රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ට ඇති වගකීමක් බවත්ය.
http://www.hotandfastnews.com/2013/10/blog-post_9928.html

READ MORE - ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි

පොඩ්ඩෙන් මිස් වෙලා

READ MORE - පොඩ්ඩෙන් මිස් වෙලා

සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය

Sunday, November 17, 2013

චොගම් සමුළුවෙන් පස්සේ
2013 නොවැම්බර් මස 16 15:20:49 | දීපා අධිකාරී

මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ  කිරුළ සඳහා තරග වදින   අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන්  තිස්තුන් දෙනෙකු  අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. 
මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ‍්‍රාන්ස් කිරුළ හිමිකරගත්  මැරීන් ලෝෆෙලීන් මෙනවියද  වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.
මිස් ෆ‍්‍රාන්ස් රූ රැජින තරගාවලියේ මුලික වටයේ තෝරා ගැනීම්  ප‍්‍රංශයේ පැරිස් නුවර ආශී‍්‍රතව සිදු කර ඇති අතර  ප‍්‍රංශයේ කලාප 33 කින් පැමිණි  වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී  යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ‍්‍රී ලංකා සංචාරය හිමි විය.
සිනමන් හෝටල් කාර්‍යමන්ඩලය සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්‍යමණ්ඩලය  විසින්  ගුවන්තොටුපොළ සේද මාවතේදී මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.
මෙම  සංචාරයේ ප‍්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි අතර එරට ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද  මෙරටට පැමිණියහ.
 යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප‍්‍රචාරන ප‍්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ්1  ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ‍්‍රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමටද නියමිතය.
මීට පෙර තායිලන්තය, මාලදිවයින, මෙක්සිකෝව හා මුරුසි වැනි රටවල් කරා මිස් ෆ‍්‍රාන්ස් හි වැඩසටහන් ගමන් කර ඇතත්  මිස් ෆ‍්‍රාන්ස් තරගාවලි ඉතිහාසයේ පළමු වරට එහි අවසන් වටයේ තරගකාරිනියන් ශ‍්‍රී ලංකාවට පැමිනි  අවස්ථාව මෙය වෙයි.
ප‍්‍රංශ යුවතියන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය සඳහා නිල චාරිකා  සහකරු ලෙස ශ‍්‍රී ලංකන් ගුවන්සේවයද, නිල සත්කාරක සේවා සහකරු ලෙස සිනමන් හෝටල් හා රෙසෝට්ස් ජාලය කටයුතු කරයි.
මෙම සංචාරයේදී සිනමන් ලොජ් හබරණ හා සිනමන් බේ බේරුවල යන සිනමන් හෝටල්හි මෙම පිරිස නවතැන් ගැන්මට අපේක්ෂිතය. විශේෂයෙන් සංස්කෘතික ත‍්‍රිකෝණයට හා වනජීවී උද්‍යාන වලට මධ්‍යගතව පිහිටා ඇති සිනමන් ලොජ් හබරන ඔස්සේ අතිශය සුන්දර සංස්කෘතික විවිධත්වය හා වනජීවී සුන්්දරත්වය සංචාරයට එක්කරන අතර සිනමන් බේ බේරුවල හරහා රන් පැහැ වෙරළ තිරයක විවේකී සුන්දරත්වය ලගා කරමින්  සුර්්‍යාලෝකය විඳිමින්  මුහුද හා වෙරළ හරහා මොවුන් යොමු කිරීමට කටයුතු කර ඇත.
2014 වසරේ මිස් ෆ‍්‍රාන්ස් කිරුළ දිනාගන්නා ජයග‍්‍රාහිකාව මෙම සංචාරයෙන් පසු නැවත මෙරටට පැමිනෙන අතර එහිදි සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරමින් මෙරටදි මෙන්ම ප‍්‍රංශයේදී ද විවිද වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය.
සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම අලෙවි ප‍්‍රධානී හා උප සභාපති දිලිප් මුද්දෙනිය මහතා පැවසූවේ මෙම උත්කර්ශවත් අන්තර්ජාතික ඉසව්ව සඳහා නිල සත්කාරන සේවා සැපයුම්කරු ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් වන බවයි.
2014 මිස් ෆ‍්‍රාන්ස් තරගාවලිය ඔස්සේ   ශ‍්‍රී ලංකාව උසස් තත්වයේ ගමනාන්තයක්  ලෙස ගෝලීය වශයෙන් අවධානයට පත්  වන බවත් ඔහු පැවසීය.
මෙරට සුන්දර දර්ශන තල ආශ‍්‍රීතව සිදුකෙරෙන රූප ගත කිරීම් හරහා මෙරට සුන්දරත්වය පිළිබිඹු කරන අතරේදීම මෙරට සතු අද්විතීය සංස්කෘතිය හා උනුසුම් ආගන්තුක සත්කාරශීලිත්වය තරගාවලිය නරමන්නන් කරා ගෙන යා හැකි වන බවත් කීය.
 තමන් ඇතුළු සමස්ත සිනමන් කාර්‍ය මණ්ඩලයම මෙම සුන්දර යුවතියන් පිළිගෙන ඔවුන්ට හරවත් අත්දැකීමක් සමීප කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් කීවේය.












READ MORE - සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය

‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’

‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’
2013 නොවැම්බර් මස 03 14:37:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 

”කසුන් මම මුලින්ම දැක්කෙ මාලනි ඇන්ටිගෙ ෆියුනර්ල් එක දවසෙයි. ඒ කියන්නෙ කසුන්ගෙ අම්මා මාලනි බුලත්සිංහලගේ අවසන් කටයුතු දවසෙයි. එදා අවමගුල් උත්සවයට පැමිණ සිටි සියල්ලන්ටම කසුන් ආචාර කළා. මා ළඟටත් ඇවිත් අත්දෙක එක්කාසු කරලා ආචාර කළා. වචනයක්වත් කතා කරන්න තරම්, ශක්තියක් ඔහුට තිබුණෙ නැහැ. එය ඇත්තෙන්ම අතිශය දුක්බර මොහොතක් වුණා. ඒ වන විට කසුන් සංගීත ක්ෂේත‍්‍රයට ඇවිල්ලා හිටියෙ නැහැ. පස්සෙ කාලෙක එයා දක්ෂතා ඇති කෙනෙක් කියලා ආරංචි වුණා.”

වත්මනෙහි සංගීත ක්ෂේත‍්‍රයේ අපට හමුවන රත්තරන් හඬක් වන කසුන් කල්හාර ගැන, මිහිරිතම හඬක් ඇති ගී කෝකිලාවක වන බුන්කා සම්මානයෙන් පිදුම්ලද උරේෂා පවසන්නෙ ඒ විදියටයි. අද මගේ ඇසින් විශේෂාංගයට කසුන් ගැන උරේෂා තවත් කියන්නෙ මොනවද බලමු.

 උරේෂා කසුන් එක්ක මුලින්ම ගීතයක් ගැයුවෙ මොන අවස්ථාවකදී ද?
”ආදරණීය වස්සානය” චිත‍්‍රපටයෙ යුග ගීත සඳහා තමයි මුලින්ම මට කසුන් එක්ක ගීතයක් ගයන්න ලැබුණෙ.


 එදා ඒ ගීතය නිර්මාණය කරද්දී මොනවද වෙච්ච සිදුවීම්?
දයානන්ද පෙරේරා මහතාගේ ශබ්දාගාරයේදී තමයි පටිගත කිරීම් සිදුවුණේ. සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහත්තයත් හිටියා. ගීතය වෙනුවෙන් අපි පෙර පුහුණුවක් කළා. ගීතය විකාශය වන කාලය විනාඩි දෙක තුනක් වුණාට හැඟීම්බර ගායනයක් නිසා ඒ හැඟීම් දැනවීම ගැන අපි දෙන්නම හිතුවා. ඒ නිසා අපට ඊට උපරිම සාධාරණය කරන්න පුළුවන් වුණා. ඒ ගීතයෙන් මතුවන ආදරණීය හැඟීම උපරිමයෙන් දෙන්න පුළුවන් වුණේ, සංගීතය සහ ඒ හැඟීම් ගායනය නිසයි.


 ඔහු මොන වගේ කෙනෙක්ද? කා එක්කවත් හිනාවෙන්නෙ නැති ආඩම්බරකාරයෙක් කියලත් සමහරු කියනව නේද?
මට සිටින හොඳම යාළුවෙක්. ඇත්තටම කසුන් කියන්නෙ හරි නිවිච්ච තැන්පත් චරිතයක්. වැඩිය කතා නැහැ. කතාකරන්නෙ අවශ්‍ය තැනට, අවශ්‍ය දේට විතරයි.  




 ඔබ කියන්නෙ ඔහු ආඩම්බර නැහැ කියලද?
ඔහු හරි සරල පුද්ගලයෙක්. ආඩම්බරයි කියලා හිතෙනවා ඇත්තෙ ඔහු අර ඉස්සෙල්ලා කිව්ව විදියට හැසිරෙන නිසා වෙන්න ඇති. ක්ෂේත‍්‍රයේදී කිසිම ආඩම්බරකමක් නැතිව උදව් කරන කෙනෙක්. මොකක් හරි ප‍්‍රසංගයක් පවත්වන්නට පෙර ඒ ගැන කතා බහ කරලා ඊට හොඳට පෙර සූදානම් වන කෙනෙක්.


 ආධුනිකයින්ට උදව් කරනවද?
ආධුනික ප‍්‍රවීන කියලා භේදයක් නැහැ. එයා කා එක්කත් සුහද හොඳ පුද්ගලයෙක්. එයාගෙන් ආධුනිකයින්ට වගේම සමහර පළපුරුදු අයටත් ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි.


 ඒ මොනවගේ දේවල්ද?
කසුන් ප‍්‍රසංගයකට එන්නෙ ලැහැස්ති පිටයි. තමුන්ගෙ ගායනය ගැන ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්. ඒත් මතුපිටින් දැක්කාම එහෙම නෙවෙයි කියලා හිතෙන්න පුළුවනි. ගායන ක්ෂේත‍්‍රයේ සමහර අය තමා ආටිස්ට් කියලා කැපී පේන්න කරන දේවල් තියෙනවා. සමහර විට කන බොන විදිය පවා වෙනසක් කරන්න හදනවා. ඒත් කසුන්ට ඒ ”ස්ටාර්” හෙවත් තරු සංකල්පය නැහැ. ඇඳුම පවා අඳින්නෙ තමුන්ගෙ පහසුවටයි. එයා ගායනයෙන් කැපී පේන්න මිසක් බාහිර අලංකරණ ආටෝප වලින් කැපී පේන්න හදන කෙනෙක් නෙවෙයි. ගායනය ඉස්මතු කරන කෙනෙක්.


 ඔහුගෙ ගායනය ඔබ දකින්නෙ කොහොමද?
අතිශයින්ම හැඟීම්බර ගායකයෙක්. හැඟීම් ගයන්න හැමෝටම බැහැ. කසුන් විශේෂිත වෙන්නෙ ඒ හින්ඳමයි.


 ඔහුගෙ ඔබ කැමතිම ගීතය මොකක්ද?
ඔක්කෝම ගීත එක වගේ ලස්සනයි. ඒත් ”ආදරණීය වස්සානේ” ගීතයට ගොඩාක් කැමතියි.


 බොහෝ දෙනා කියන්නෙ ඔබගෙ හඬට යුග ගී ගයන්න සුදුසුම හඬ කසුන්ගෙ කියලයි. ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ?
ඇත්තටම ඒක හරි. අපි දෙන්නට ගීත පවා ලැබෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.


 ඔබ හැර තව කා එක්ක යුග ගී ගයන්න කසුන්ගෙ හඬ ගැලපෙනවද?
ඒක එක එක්කෙනාගෙ දැක්ම අනුව වෙනස් වෙන්න පුළුවනි. කොහොම වුනත් නිරෝෂා විරාජිණී අක්කගෙ හඬත් කසුන්ගෙ හඬට වඩාත් ළඟ බව මට හැෙඟනවා.


 ගැයුම සහ සංගීත අධ්‍යක්ෂණයට හැර කසුන් වෙන මොනවට දක්ෂයි කියලද ඔබ හිතන්නෙ?
එයාගෙ දෙමාපියන්ගෙන් ලද සංගීත ඥානය එක්ක කසුන්ගෙ මුළු ආත්මයම දක්ෂ සංගීතයටයි. ඒ හැර වෙන මොනවට ද දක්ෂ කියලා මම දන්නෙ නැහැ.


 කසුන්ට වඩාත් ගැලපෙන්නෙ මොනවගේ ඇඳුමක් කියලද හිතන්නෙ?
මම හිතන්නෙ එයා මේ අඳින විදිය වඩාත් හොඳයි.

READ MORE - ‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’