ගැහැනු කයක් සහිතව ඉපදී
විවිධ අතවර විඳි අනෝමා
"අනෝමා ජනාදරී" ඔබට අලූතින් ම හඳුන්වා දිය යුතු තැනැත්තියක් නොවේ. ඇයගේ රංගනයන් සිනමාවෙන්, පුංචි තිරයෙන්, වේදිකාවෙන් ඔබ ඕනෑ තරම් දැක තිබෙනවා. අපි මේ කියන්නට යන්නේ ඇයගේ රංගනය ගැන නම් නොවෙයි. අනෝමා, අලූත් වැඩකට අත ගහලා, ඒ ඇගේ ජීවිත කතාව පොතක් ලෙසින් පළ කරන්නට. එහි පළවෙනි කොටස හෙට, මැයි මාසේ 03 දා ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනයේදී දොරට වඩිනවා.
"කුඩා ගැහැනු දරුවෙකු විදියට මම, මගේ ජීවිතයට මුහුණදෙන්නට සිදු වුණ කටුක අත්දැකීම් මැද්දේ කකුල් දෙක බිම ගහගෙන, ඉදිරියට ආවේ කොහොමද කියලා මං මේ පොතේ ලියලා තියෙනවා."
අනෝමා කතා බහ පටන්ගත්තේ එහෙමයි.
පුංචි දැරිවියකව සිටි අවදියේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය තෙක් වූ කාලසීමාව ඇය මෙම කෘතියට එකතු කරගෙන ඇත.
"මම මේ පොත නම් කරලා තියෙන්නේ "පුනරුක්ති" නමින්. මෙහි ඇතුළත් වෙන සියලූ දේ සත්‍යයයි. මගේ කුඩා කාලයේ සිටම මට දැනුන දෙයක් තමයි ගැහැනු කයක් සහිතව ඉපදීම නිසා මට විවිධ අතවරයන්ට මුහුණදීමට සිදු වූ බව. ශාරීරික පීඩාව ගැන විතරක් නෙමෙයි මං මේ කියන්නේ. ශාරිරික පීඩාව අභිභවා යන දෙයක් මානසික පීඩාව, ශාරීරික පීඩාව අමතක වෙනවා, ඉවරවෙනවා. ඒත් මානසික පීඩාව සදාකාලිකයි. ඉතිං කුඩා දරුවෙක් විදියට මං මේවාට මුහුණ දුන්නේ කොහොමද කියලා මං මේ පොතේ ලියලා තියෙනවා. පොතේ එක තැනකත් මං ලියලා තියෙනවා, "අම්මයි, තාත්තයි මාව සමාජයට විසි කළේ හරියට කුණු ගොඩකට කුණු වීසි කරනවා වගේ. මට ලේසියෙන් කුණු වෙලා යන්න තිබුණා. ඒත් ඒ හැම වෙලාවෙම මං පැළ වුණා. "මෙන්න මේ අත්දැකීම් කවදා හෝ පොතක් මගින් එළිදක්වන්න ඕන කියලා මං හිතාගන හිටියේ.
මගේ කුඩා කාලේ හරිම සුන්දරයි, නැවුම් ඒ දරුවාට සමාජයේ වැඩිහිටියන් සිද්ධ කරන දේ තමයි මං ලියලා තියෙන්නේ.
අම්මා, තාත්තා, නෑදෑයෝ , වැඩිහිටියන් හැම දෙනාටම නිල නොලත් බලයක් ලැබෙනවා. අර පුංචි දරුවාට අඩන්තේට්ටම් කරන්න. මේකට කියන්නේ හරියාකාරව සමාජගත කරනවා කියලා. නමුත් කරන්නේ මොකක්ද මානසිකව පීඩාවකට පත් කිරීමක්.
මට මතකයි මං වැඩිවියට පත්වෙලා ගේ ඇතුළේ ඉද්දී මට දුන් අවවාද. මං අහන්නේ මේ දේවල් ඒ ගොල්ලෝ පිළිපැද්ද ද? මං පොඩි කාලෙත් මේවා ප්‍රශ්න කළා. එයාලට කරන්න බැරි වුන දේ අනෙක් අය ලවා කරවන්න උත්සාහ කරනවා. මට දෙයක් එපා කිව්ව නම්, මං ඒ දේ කළා. මට කලිසමක් අඳින්න දුන්නේ නෑ. බයිසිකලයක් පදින්න දුන්නේ නෑ. ඒ ගෑනු ළමයෙක් නිසා. මගේ අයියාට දීපු පහසුකම් මට දුන්නේ නෑ. එයාට පුළුවන් තරම් පහසුකම් සපයන අතරේ, මට ගෙදර වැඩ, රෙදි සෝදන්න, අනෙකුත් වැඩ. ඒ වුනත් අයියාට බලය තිබුණා මට ගහන්න. අඩන්තේට්ටම් කරන්න. ඒ පිරිමියෙක් නිසා. මං අහන්නේ කොහොමද එහෙම බලයක් දෙන්නේ. මටත් පුලූවන් එයාට ගහන්න. මං එයාගේ ඔළුව පැළුවා..
ළමයි කවුරුත් ළමයි. ගැහැනු පිරිමි කියලා බේදයක් තියෙන්න බෑ. හැමෝම සමානයි. මෙන්න මේ ගෑනු පිරිමි වෙනස ගෙදරදීම හදන නිසා තමයි ළමයි සමාජගත වන විටත් වෙනස්කම් ඇතිව සමාජගත වෙන්නේ. ඊට පස්සේ ගෙදර ඉන්න කාන්තාවට සලකන්න ඕන කොහොමද කියලා පිරිමියා දන්නේ නෑ. සමාජයේ අනිත් කාන්තාවන්ට සලකන්න දන්නේ නෑ. මේ නිසා තමයි තමන්ගේ ශරීරය සංතෘප්ත කරගෙන ගෑනිට පිහියෙන් ඇනලා මරලා දාන්නේ. දරුවෝ අතවරයට පත් කරන්නේ.
ඉතිං, මට ඕන වුනේ කාන්තා පරපුරට විශේෂයෙන්, හෙට කාන්තා පරපුරට මෙන්න මේ දේ දැනුම් දෙන්නයි. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් , තාත්තා කෙනෙක් මේ පොත කියවන්න කියලා මං ඉල්ලා සිටිනවා. තමන්ගේ ගැහැනු දරුවාට වෙනස්කම් නොකර මානසික, පීඩාවකට ලක්නොකර හදා ගන්න එය උදව්වක් වේවි.
මම දන්නවා, මේ පොතේ තියෙන්නේ මගේ කතාව වුනත්, මේක බහුතරයකගේ කතාව. ඒත් ඔවුන් තමන් මුහුණ දුන් අසාධාරණය හෙළි කරන්නේ නෑ. නමුත් මම ඒ දේ කළා." අපි මේවා සඟවාගෙන සිටීමෙන් සිදුවන්නේ මේ අසාධාරණකම් දිගින් දිගටම සිදුවීම පමණයි.
චාමරි බණ්ඩාර
ඡායාරූප - සුජාතා ජයරත්න
Nawaliya
අද විශේෂ - Today Special
Archives
-
▼
2011
(205)
-
▼
May
(20)
- ස්නේහා...............................................
- ඔවුහු එකිනෙකා හඳුනා ගත්හ.
- ඔව්. ඒත් මම වැඩිය මේකප් කරනවා අඩුයි.
- තවම වයස අවුරුදු 19
- කෝකටත් ඇඟට ගුණයි දැන්මම නම හෙළි නොකර ඉන්න එක.
- මේ ඔක්කොම වෙන්නේ පාවා දෙන්නන් හින්දයි
- සිසිර ඉන්ද්‍රාණි යුග දිවියට පනස් වසරක්
- නම ? ලෝචනා ඉමාෂි.
- මම මිස් ශ්‍රී ලංකා වුණේ පොළොන්නරුවෙ ඉඳන් ඇවිත්
- අනේ මට රංසි දාලා යන්න බෑ
- කැලණියෙන් පැමිණි කැරලිකාර ග්‍රීක යුවතිය "ඇන්ටිගනි"...
- රූපමය කලාවේ අසිරිය විඳින්න එන්න
- ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය
- සුදු නංගි රියැලිටි නැත්තේ ඇයි ?
- ස්වර ගමන තීරණය වන්නේ ජාතියක කතා ලීලාව අනුවයි
- අද තියෙන්නේ ප්‍රේක්ෂකයා නොව සංවිධායකයා ආධිපත්‍ය ද...
- ගුරුවරියක් ඔය ඇඳුම් අඳින්නේ නැහැ
- අඟර දඟර චිත්‍රපටයේ දඟකාර නපුරී
- ලා නිල් තමයි මගේ ආසම පාට..........
- ගැහැනු කයක් සහිතව ඉපදී විවිධ අතවර විඳි අනෝමා
-
▼
May
(20)
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
යුධ බිමේ ගීතය - *නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967) ගායනය - මානෙල් ජයසේන* යුධ බිමේ ගීතය පෙම්වතුන් යත යුධයට පෙම්වතිය යයි පසුපස හඬා වැලපී මෙසේ කියමින් අහෝ පෙම්වත...2 days ago
-
Gratiaen Prize has ‘leavened Sri Lanka’s cultural scene’ - Gratiaen Prize has ‘leavened Sri Lanka’s cultural scene’ [image: article_image] Text of the address by Dr. Jayantha Dhanapala, chairman of the panel of ju...5 days ago
-
-
සිතිවිලි කොත්තුවක්!! - මට මේ දවස් වල හිතෙන එක එක දේවල් ඔක්කොම මෙතන එක දිගට ලියන්න හිතුණා. ඒ නිසා මම මේ පෝස්ට් එකට සිතිවිලි කොත්තුවක් කියලා කෙටි නමක් තිබ්බා.. ඔයාටත් දැනෙනවා ඇත...3 weeks ago
-
2013 ලෝක නර්තන දින සැමරුම් උළෙල අප්‍රේල් 29වනදා - (කොළඹ, ලංකාපුවත්) –මෙවර "2013 ලෝක නර්තන දින සැමරුම් උළෙල" අප්‍රේල් මස 29 වන දින පෙ. ව. 9.30 ට කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සංස්කෘතික හා කලා කට...3 weeks ago
-
රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල2013සදහා නිර්මාණ දැන් බාරගැනේ - (කොළඹ, ලංකාපුවත්) –රූපවාහිනී නිර්මාණවල ගුණාත්මක වර්ධනයක් ඇතිකිරීම හා නිර්මාණකරුවන් අගය කිරීමේ අරමුණෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ...4 weeks ago
-
2012 යොවුන් නාට්‍ය උළලේ කෙටි නාට්‍ය කිහිපයක් පිළිබඳව විමංසාවක් - යොවුන් නාට්‍යකරුවා යනු නිර්මාණශීලීත්වය සම`ග යෙදෙමින් අලූත් දේ සොයා යන්නෙකි. සම්මතය හා අසම්මතය තුල රැුෙ`දමින් සම්ප්‍රධායන් වෙනස් කරන්...2 months ago
-
-
Wehi Pabalu Seli – Surendra Perera - Wehi Pabalu Seli – Surendra Perera Tags: Sinhala Music Video The post Wehi Pabalu Seli – Surendra Perera appeared first on Sandeshaya dedicated to Sri La...4 months ago
-
නීල අහසේ සැඳෑ වලා - *නීල අහසේ සැඳෑ වලා ඇදෙනා යාමේ සිහිලේ ළංවී ගංගා තීරේ ඉඳිමූ තනිවී ආදර සෙනෙහේ සුවේ මවා සීත සෙවනේ මුවා වෙලා ආදර දෑසේ සිනා සලා බැඳිලා වෙළිලා මාගේ දෑතේ කොඳුරා ර...5 months ago
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen10 months ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...1 year ago
-
Trojan Kanthavo at the University of Sri Jayawardenepura - A show of the play Makarakshaya was organized at the University of Sri Jayawardenepura on 22nd February 2012. The show was presented by the TrikonE Cult...1 year ago
-
රේණුකා නඩයක් සමග ඉන්දියාවේ ? - Srilankamirror - කුස පබා චිත්‍රපටයේ පිටපත් රැගෙනඒමට එහි නිෂ්පාදන හවුල්කාරියක වන රේණුකා බාලසූරිය ප්රමුඛ නඩයක් ඉන්දියාවට යාමට සූදානම්වීම සම්බන්ධයෙන් මේ ...1 year ago
-
Photography සිංහලෙන් is Closing Down - යම් යම් තාක්ෂණික ගැටළු නිසා, නොවැළැක්විය හැකි හේතු මත “Photography සිංහලෙන්” අඩවිය ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන්ම නවතා දමනු ලැබේ. නමුත් අප පාඨක ඔබ සඳහා මේ වෙන...1 year ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...1 year ago
-
-
-
What awaits our drama culture? - ** *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in...2 years ago
-
ජගත් මානව හිමිකම් දිනය අදයි................| Internatinal Human Rights Day | Part 2 - ලෝක ජනතාව නියම මානව අයිතිවාසිකම් භුක්ති විදිමක් සිදු වුයේ වර්ෂ 1945 න් පසුව ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු සාමය ඇති කරගැනීම පිණිස මානව අයිතිවාසිකම් කොන්දේසියක්...2 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...2 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...2 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.2 years ago
-
-
Labels
- English (15)
- Gossip (145)
- Radio (1)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (54)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (138)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (2)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (202)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (147)
- වේදිකාව (206)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Iraj Weeraratne Wedding Photos - Iraj Weeraratne Engagement Photos. Iraj Weeraratne Wedding Photos The post Iraj Weeraratne Wedding Photos appeared first on LionLK.com.17 minutes ago
-
මොකද්ද මේ 35? - චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රමාණවත් තරම් සිනමා ශාලා නොමැති වීම මෙරට සිනමා කර්මාන්තය තුළ දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රශ්ණයක්.මේ ප්‍රශ්ණය මුල්කර පසුගිය කාල වකවානු...1 hour ago
-
තරුණයන්ට ආදරය පෙන්වා රූගත කිරීම් අවසන් කරන නිළිය. - තරුණයෙක් ආදරය ඉල්ලා පිහියක් දික් කරලා... උදයන්ති මේ දිනවල වඩාත් ජනප්‍රිය සුනිල් කොස්තා විසින1 hour ago
-
වර්ජන හා තර්ජන හා ගර්ජන - දැනට පෙනෙන්නට ඇති හැටියටනම් සහභාගිත්වය අතින් අද දින වර්ජනය එතරම් සාර්ථක නැත. එහෙත් අනික් අතට ඊයේ සවස් වන විටම වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම සාර්ථකය.ඒ ඔවුන් කොත...3 hours ago
-
Da Vinci’s Demons [S01 E06] | යක්ෂයා [සිංහල උපසිරැසි සමඟ] [බයිස්කෝප් සිංහලෙන්] - 7cd098247da63523dcfa17118d051e66d20f8fef d7ea478668def415471beb02c26d2f269350c43a 13654b02c6f266abb672bf591502f34458ad7e11 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරය...6 hours ago
-
What things do I perform to have my fitness back? - I have been at all times fanatic about being healthy till just the once in my life when I thought I lost mind. I had a big change when I had to move to ano...1 year ago
-
අද තමයි දවස - ශ්‍රී ලංකා ප්රජාටාන්ත්රික සමාජවාදී ජන රජයේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරමින් :)) කඩින්කඩ පවත්වනු ලබන පලාත් පාලන මැතිවරන්යේ අවසාන අදියරයි අද දින පැවැත්වෙන්න...1 year ago
-
Silver Showcase Blogger Template - Template Name : Silver Showcase Blogger TemplateTemplate Author : Goomelar / goomelar.blogspot.com Designer : GoomelarBasic Instructions : How...2 years ago
-
India Vs West Indies – World Cup 2011 – Watch Online - To Watch full Screen WRITE CLICK on the video and choose "Toggle Fullscreen"2 years ago
-
-
Blogs of the Month
-
-
හතරකට පසුව උතුරු සටහන්,,,2 days ago
-
ඔයාලට කියන්න මෙයාලා...6 days ago
-
-
නෙතූගේ අලුත්ම කතාව...1 week ago
-
වස්සානයේ දවසක2 weeks ago
-
සිතිවිලි කොත්තුවක්!!3 weeks ago
-
-
ආදරය විදින්න..........2 months ago
-
ගැහැණු ලොවක සිරකරු... 12 කොටස3 months ago
-
අපේ ලෝකය....7 months ago
-
පුතු නුඹ10 months ago
ගැහැනු කයක් සහිතව ඉපදී විවිධ අතවර විඳි අනෝමා
Tuesday, May 3, 2011
Subscribe to:
Post Comments (Atom)






0 comments:
Post a Comment