----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ජීවිතය ලස්සනයි’ 21 දා සිට එම්. පී. අයි.මණ්ඩලයේ

Sunday, December 23, 2012


‘ජීවිතය ලස්සනයි’ 21 දා සිට එම්. පී. අයි.මණ්ඩලයේ

සුනිල් ටී නිෂ්පාදනයක්
සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් පණස් තුන්වැනි සිනමා නිෂ්පාදනය ‘ජීවිතය ලස්සනයි’ මෙම මස 21 වැනිදා එනම් හෙට සිට රිකී, රිට්ස් ඇතුළු එම්. පී. අයි මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීම ඇරැඹේ. මෙය සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි.
රොබින් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ, ඇන්ටන් ජූඩ්, විල්සන් ගුණරත්න, සහන් විජේසිංහ, ප්‍රේමදාස විතානගේ, වසන්ත කුමාරවිල, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, ටිරෝන් මයිකල්, චතුර පෙරේරා, විනෝජා නිලන්ති, කුසුම් පෙරේරා, කපිල සිගේරා, රුවන්ගි රත්නායක, මහේෂි මධුසංඛා, මේනකා මධුවන්ති, නෙතු ප්‍රියංගිකා, ඉමල්ශා මධුශානි ජීවිතය ලස්සනයි රංගනයෙන් හැඩ කරයි.
ගාමිණී මොරගොල්ලාගමගේ ගේ කැමරා අධ්‍යක්ෂණයකි. සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය කුමාරසිරි ද සිල්වාගෙනි. කලා අධ්‍යක්ෂණයෙන් ලසන්ත ද අල්විස් ද, අංග රචනයෙන් සරත් රණවීර ද, සටන් අධ්‍යක්ෂණයෙන් ටිරෝන් මයිකල් ද, ඇඳුම් නිර්මාණයෙන් භානු කරුණානායක ද, සංගීත අධ්‍යක්ෂණයෙන් අසේල ඉන්ද්‍රලාල් ද එක්වෙති.
සංඛ අබේසිංහ නැටුම් අධ්‍යක්ෂවරයා වේ.
READ MORE - ‘ජීවිතය ලස්සනයි’ 21 දා සිට එම්. පී. අයි.මණ්ඩලයේ

සුමනා ගෝමස්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය


කෙටි සංචාරයකට මෙරටට පැමිණි සුමනා ගෝමස් පසුගියදා නැවතත් අමෙරිකාව බලා පිටත්ව ගියේය. ඊට මත්තෙන් ඇය කලා සහෘදයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට අමතක නොකළාය. සුනිල් ටී. ප්‍රනාන්දුගේ පූර්ණ සංවිධානයෙන් යුතු වූ මෙය පැවැත් වූයේ රාජගිරිය සවරින් හෝටලයේදීයි.
මේ එහි අවස්ථා කිහිපයකි.
READ MORE - සුමනා ගෝමස්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය

මම හැමදාමත් ප්‍රවීණයන්ට ගරු කරනවා

Saturday, December 8, 2012

මම හැමදාමත් ප්‍රවීණයන්ට ගරු කරනවා

සිටු මැඳුරේ ක්‍රිෂානි සමඟ පිළිසඳරක්
මේනකා මධුවන්ති
ඇය සිය කලා ජීවිතය ආරම්භ කළේ නර්තන අංශයෙන්. කාලයත් සමඟ ඇයට දැන් රංගන ක්ෂේත්‍රයටත් පිවිසෙන්නට වරම් ලැබිලා. මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන සිටු මැදුර ටෙලි සිත්තමෙන් ක්‍රිෂාණි ලෙස ඔබ හමුවට එන ඇය මේනකා මධුවන්ති. මේ ඇයගේ කලා ජීවිතයේ ගමන් මඟ ගැන සරසවිය සමඟ කළ පිළිසඳරක්.
මේනකා ඔබේ කලා ජීවිතයේ ආරම්භය ගැන මුලින්ම කියමුද?
මගේ කලා ජීවිතයේ ආරම්භය නර්තනයයි. ශාන් පෙරේරා යටතේ මම නර්තනය හැදෑරුවා. ඒ අතරතුරේදී සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ සමඟ රංගනයටත් ආරාධනා ලැබුණා. මුලින්ම රංගනයෙන් එක් වුණේ රවීන්ද්‍ර විජේරත්නගේ රුවන් මාලිගා ටෙලි වෘත්තාන්තයේ චරිතයකින්.
කැමරාව ඉදිරියේ පළමු අත්දැකීම මොන වගේද?
නුහුරු නුපුරුදු බවක් නම් දැනුණේ නැහැ. සැහැල්ලුවෙන් ඒ අවස්ථාවට මුහුණ දුන්නා. කැමරාව ඉදිරියේ එම පළමු අත්දැකීමේදී හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ අත්දැකීම මේ දක්වා ඉදිරියට එන්න ශක්තියක් වුණා. ඒ ගැන හරිම සතුටුයි.
මේ දක්වා ඔබේ දායකත්වය ලද නිර්මාණ ගැනත් සඳහන් කරමු?
අනුර පත්තිනිගේ ගේ ‘ද හෝප්’ චිත්‍රපටය සහ සුදේශ් වසන්ත පීරිස්ගේ ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපට සඳහා එක් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතර ජීවිතය ලස්සනයි ළඟදීම තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම සුනෙත් මාලිංග ලොකුහේවාගේ චංචල රේඛා, තුන්වැනි ඇස ටෙලි නාට්‍ය සඳහාත් දායක වෙන්න අවස්ථා ලැබුණා. ඊට අමතරව තවත් ටෙලි නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. මේ දිනවල සිටු මැදුර ටෙලි වෘත්තාන්තය විකාශය වෙනවා.
රංගනයට පිවිසිමෙන් නර්තනයට තිත තැබුවාද?
නර්තනය තමයි මගේ ජිීවිතේ. නමුත් රංගනයට පිවිසීම සමඟ ඇති වූ කාර්යබහුලත්වය නර්තනයට තිබූ මඟ ඇහිරිලා ගියා. ඒ වුණාට නර්තනයට මම හැමදාම ආදරෙයි. පොඩි කාලේ පටන් නර්තනය හැදෑරුවා. ඒ වගේම රූපවාහිනී නාලිකාවල නර්තන වැඩසටහන් සඳහා ඉදිරිපත් වුණා. හිපොප්, ලතින් නර්තන අංශවලින් දකුණු ආසියානු තරඟවලදී ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.
මේ දක්වා ඔබට ලැබුණු චරිත වගේම ඉදිරියේදී ඔබ භාර ගන්නට කැමැති විශේෂ චරිත තියෙනවාද?
මගේ ප්‍රථම චිත්‍රපටය ද හෝප් හි ත්‍රස්තවාදී ද්‍රවිඩ තරුණියකගේ චරිතයක් නිරූපණය කළේ. ඒ මඟින් මට රංගනය පිළිබඳ ලොකු අත්දැකීමක් ලැබුණා. දෙවැනි චිත්‍රපටය ජීවිතය ලස්සනයි. දියණියන් සිව් දෙනෙක් සිටින පවුලක වැඩිමල් දුවගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඇය ආදරය වෙනුවෙන් පවුලේ අයගේ කැමැත්තට විරුද්ධව සිටින තරුණියක්. ඒ වගේමයි සිටු මැදුරේ ක්‍රිෂාණිටත් මේ දිනවල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විවිධ චරිත නිරූපණය කරමින් චරිතාංග නිළියක් වෙන්න මම කැමැතියි. ඒ මඟින් මට මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන්.
පුංචි කාලේ හීනය වුණෙත් රංගන ශිල්පිනියක් වෙන්නද?
මම වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලැබුවේ. බැංකු නිලධාරිණියක් වීමේ අරමුණ තිබුණා. නමුත් නර්තනයට තිබූ ආසාව මා කලාවට යොමු කළා. ඒ තුළින් රංගන ක්ෂේත්‍රයට එන්නට වරම් ලැබුණා. මේ ලැබීම ගැන මා ඉතාමත් තෘප්තිමත්.
රංගන ක්ෂේත්‍රයට පා තබද්දී ඔබ අනුකරණය කළ විශේෂ චරිතයක් හිතේ තිබුණද?
එහෙම විශේෂ චරිතයකට ඇලුම් කළේ නැහැ. ජ්‍යෙෂ්ඨයන්ට මම හැමදාමත් ගරු කරනවා. නමුත් අනුකරණය කරන්නේ නම් නැහැ. ප්‍රවීණයන්ගේ රංගනය දෙස බලමින් ඒවා අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය තුළින් මම මගේ රංගන හැකියාවන් තව දියුණු කරගන්න උත්සාහ කරනවා.
මේනකාගේ පාසල් කාලය ගැනත් කියමු?
මගේ ගම මත්තේගොඩ. මම පහ වසර වෙනකල් මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයෙන් පසු කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ දක්වා එහි අධ්‍යාපන කටයුතු හැදෑරුවා. ඒ කාලයේදීත් නර්තනයට විශේෂ උනන්දුවක් දැක්වූවා.
පවුලේ තොරතුරු?
මගේ පවුලේ තාත්තායි, අම්මායි, මමයි, නංගියි, මල්ලියි ඉන්නේ. තාත්තා නම් මුලින්ම මම රංගනයට යොමු වෙනවාට එතරම් කැමැත්තක් දැක් වූවේ නැහැ. දැන් පවුලේ හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඔවුන් සියලු දෙනා මා දිරිමත් කරනවා.
අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?
මට යම් දෙයක් කරන්න පුළුවන් තෙක් රංගන ක්ෂේත්‍රයේ රැඳිලා සිටින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට මම ඇඟලුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. එය තවත් දියුණු කරගන්න කටයුතු කරනවා. ඊට අමතරව කලා ක්ෂේත්‍රය තුළත් මගේම දෙයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ඒ කිව්වේ?
අනාගතයේදී ටෙලි නාට්‍යයක් හෝ චිත‍්‍රටයක් නිෂ්පාදනය කරන්න ආසාවක් තියෙනවා.
 
READ MORE - මම හැමදාමත් ප්‍රවීණයන්ට ගරු කරනවා

ජෑම් ඇඩ් එකකට ඉන්න ලැබුණා

රඟපාමු මගේ හීනය සැබෑ කළා

සරසවිය මඟ පෙන්වීමෙන් තිරයට ආ නෙත්මිගේ කතාව
නෙත්මි මිශේල් ‘සරසවිය’ පුවත්පත හරහා කලා ලෝකයට පා තැබූ ශිල්පිනියක්. මේ වන විට නිර්මාණ කිහිපයකටම දායක වෙන්න ඇයට ඉඩ ලැබුණේ සරසවිය නිසාමයි. ඒ ගැන ඇය අප හා මෙසේ කීවා.
‘සරසවිය පුවත්පත මගේ ජීවිතය වගේ. මම වාගේ අලුත් කෙනකුට සරසවිය ලබා දෙන මේ උදව් උපකාරවලට සරසවියට හුඟක් පින් කියලා කියන්න ඕනේ.
ඔබේ ආරම්භය ගැන කියමුකෝ?
අවුරුදු හතේදී මට ජෑම් ඇඩ් එකකට ඉන්න ලැබුණා. පසුව සුගත් රෝහන මහතාගේ’ අඹු දරුවෝ’ ටෙලි නාට්‍යයේ පුංචි චරිතයක් ලැබුණා. සරසවිය නළු නිළි බැංකුවේ මගේ ඡායාරූපයක් පළ වුණා. ඒ නිසා තමා කලා ලොවේ මට අවස්ථාව ලැබුණේ.
ලීල් ආනන්ද ගජනායක සර් ළඟ රංගනය හැදෑරුවා. එහිදී අමරසේන වඩුගේ සර් හමු වුණා. ඔහු මාව දයාරත්න රටගෙදර සර්ට හඳුන්වලා දුන්නා. ඒ අනුව තමා සිත නිවන කතා නාට්‍ය මාලාවේ ‘අවනඩුව’ කියන නාට්‍යයේ සැලකිය යුතු චරිතයක් ලැබුණේ.
නාලන් මෙන්ඩිස් මහතාගේ ‘සතුරු මිතුරු’ ටෙලි නාට්‍යයේත් මට රඟපාන්න අවස්ථාව ලැබුණා. සිරිතුංග පෙරේරාගේ හද රැඳි ගී වැඩ සටහනේ විෂුවල් එකකට පෙනී උන්නා. මේ දිනවල ‘අහංකාර ස්ත්‍රී’ කියන අලුත් ටෙලි නාට්‍යයක රඟපෑම් කටයුතුවල යෙදී ඉන්නවා. මෙයට අමතරව ‘මම මැරෙන්නෙ නෑ’ කියන වේදිකා නාට්‍යයේත් පුහුණුවීම් කරනවා.
2008 වසරේ කොහොඹ චමත්කාර ජයග්‍රාහී හත් දෙනා අතරට ආවා. මේ තමා මගේ කෙටිකාලීන රංගන චාරිකාව.
ඔබට උදවු කරපු අයත් මතක් කළොත්?
මුලින්ම සරසවිය තමා. සරසවිය මට උදවු නොකළා නම් මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නෑ. ලීල්ආනන්ද සර්, අමරසේන වඩුගේ, දයාරත්න රටගෙදර, මගේ පවුලේ අය සිහිපත් කළ යුතුයි.
මම පොලිස් කාන්තාවකගේ චරිතය රඟපාන්න ආසාවෙන් ඉන්නවා. මවක් දරුවකු බිහි කරනවා වාගේ සරසවිය අලුත් අය බිහි කරන්නේ. ඒ ගැන සතුටුයි.
READ MORE - ජෑම් ඇඩ් එකකට ඉන්න ලැබුණා

දස්කම් රැසක් සමඟ කරළියට ආ මධූෂා

දස්කම් රැසක් සමඟ කරළියට ආ මධූෂා

මධූෂා රාමසිංහ දක්ෂතා කිහිපයක්ම දෝත දරාගත් යොවුන් කලාකාරිණියකි. රංගනයෙන් ගායනයෙන් මෙන්ම ගී පද රචනයෙන් තම හැකියාවන් කලඑළිදැක් වූ ඇය රැල්ලෙන් මිදී නිර්මාණකරණයෙහි යෙදෙන්නියක් බව කිව හැකියි.
මධුෂා කොහොමද ඔබේ කලා දිවියේ මුලකුරු ලියවෙන්නේ?
මං ඉගෙන ගත්තෙ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලෙන්. ඒ කාලයේ ඉඳලා ගීත ලිව්වා. පසුව සැරිසර සංගීත ශාලිකාවේ සංගීතය හදාරන්නට යන්නේ මට ගායන හැකියාවකුත් තියෙන බව දැනගත්තට පස්සේ. මං එහිදී මගේ සංගීත ඥාණය තවත් ප්‍රගුණ කරගත්තා. ඒත් එක්කම මං අනෝජා වීරසිංහ මහත්මිය ගාව රංගනය ද හැදෑරුවා. එතකොට තමයි රඟපාන්න අවස්ථාව ලැබුණේ.
මොනවද එහෙම දායක වූ නිර්මාණ?
කාව්‍යා, කුල කුමරිය, දේදුනු පාලම, භූත වස්තුව. කාව්‍යහි පූර්ණිමා ලෙස කළ රංගනය ගොඩක් අයට අදටත් මතකයි.
රඟපාන්න පටන් ගත්තට පස්සේ ගායනය අත හැරියා. ඒත් මට දුකයි. මං විශ්වාස කරනවා මට ගායනය තමයි වඩාත්ම පුළුවන් කියලා. ඒක නිසා සංගීතය පටන් ගත්තා.
ඊට පසුව?
‘රතු රෝස යායට’ නම් වූ මගේ පළමු ගීතය නිකුත් කළා. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. එය ලිව්වෙත් මමමයි. දොන් ෂර්මන්ට (ඔබ ඉන්නවා නම්) සහ ඩීටැප් සංගීත කණ්ඩායමට (ඔය අත ගෙන)ගීත ලිව්වා.
මේ දවස්වලත් ඔබේ ගීතයක් ප්‍රචාරය වෙනවා නේද?
ඔව්. ඒක ‘කෙලෙස් මල දුරු කරන්’ එයින් කියවෙන්නේ ලෞකික සුවයෙන් මිදිලා ලෝකෝත්තර සුවයක් සොයා ගෙන යන්නට සාංඝික ජීවිතයට ඇතුළුවීමට මවගෙන් අවසර ඉල්ලන දියණියකගේ කතාවක්.
ඔබ උඩු ගං බලා යන නිර්මාණකාරිණියක් විදිහට මං හැඳීන්නුවා. ඒක නිවැරැදිද?
සත්‍ය වශයෙන්ම නිවැරැදියි. මන්ද යත් මටත් තිබුණා වෙනත් නව පරපුරේ ගායකයන් වගේ මාකට් වෙන්න සිංදුවක් හදන්න. මං එහෙම කළේ නැහැ. අනික බහු ජාතික සමාගම්වලට යට වෙන්නෙත් නැහැ මං. ඒක නිසා මෙවැන්නක් හොඳයි. ඉදිරියේදීත් කරන්නේ එවැනිම ගීතම තමයි.
ආයේ රඟපාන්නේ නැතිද?
ඒ ගැන තීරණය මෙන්න මෙහෙමයි. ආයෙත් රඟපානවා.
මධූෂාගේ දුරකතන අංකය - 0772080529
READ MORE - දස්කම් රැසක් සමඟ කරළියට ආ මධූෂා

යාය 4 ස්වර්ණවාහිනියට චාමර පීරිස් ගේ අලුත් නිර්මාණය

යාය 4 ස්වර්ණවාහිනියට චාමර පීරිස් ගේ අලුත් නිර්මාණය

චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වූ යාය 4 ටෙලි සිතුවම සෑම ඉරිදාවකම රාත්‍රී 9 ට ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වේ.
සදාහරිත රක්ෂිත පතන් වනාන්තරයක මායිම්ව පිහිටි අවට ලෝකයෙන් වෙන් වූ ගමක් තුළ ජීවත්වන පවුල් තුනක් වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙය විනිල් මැණික් ආයතනයේ නිෂ්පාදනයකි.
බිමල් ජයකොඩි , සාරංග දිසාසේකර, හිමාලි සිරිවර්ධන, මොරින් චාරුනී, එරංග ජීවන්තක, ඩිනක්ෂි ප්‍රියසාද්, තිමිල උඩලවත්ත, සංගීතා බස්නායක, චින්තක වාස්, ෂනුද්‍රි ප්‍රියසාද්, සඳනි නිමේෂිකා, පවිත්‍රා ෂක්‍රමසිංහ, අසේල සපුආරච්චි, පබසරා කාරියවසම් යාය 4 හි නළු නිළි පිරිවරයි.
කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ධම්මික හේවාදූවගේ කලා අධ්‍යක්ෂණයකි. සංජීව රත්නායක අංග රචනයෙන් එක් වෙයි.
උදය ප්‍රසන්න සහාය අධ්‍යක්ෂණයෙන් ද, චන්දන ශ්‍රී සුදාරක නිෂ්පාදන කළමනාකරණයෙන්ද රවි හාන්ස් වැටකෙපොත සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ලක්රුවන් සේරම් සංස්කරණයෙන් ද දායක වෙති.
යාය 4 චාමර පීරිස්, තිමර උඩවමත්ත සහ තුෂානී බුළුමුල්ගගේ තිර රචනයකි.

ප්‍රියන්ත පතිරගේ අධ්‍යක්ෂණයට

ප්‍රියන්ත පතිරගේ ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘පුංචි අපිත් බය නැහැ දැන්’ ළමා චිත්‍රපටය ලබන 08 වැනිදා කිතුල්ගල අවට ප්‍රදේශයේ රූගත කිරීමට නියමිතය.
ගිරිරාජ් කෞෂල්‍ය, රාජිත චාමිකර (පිංපොං), ජයනි සේනානායක, මහින්ද පතිරගේ, සුසන්තා චන්ද්‍රමාලි, තිස්ස බණ්ඩාරනායක, සීතා කුමාරි, කැලුම් නිරෝෂන්, රන්ජන් ගලගෙදර, ප්‍රියංකර ජනක කුමාර, සන්දීප සන්රාජ් ඇතුළු නළු නිළි පිරිසක් මේ සඳහා රංගනයෙන් සහභාගි වෙති. ප්‍රධාන ළමා චරිත සඳහා පණ පොවන්නේ සචින් චතුරංග, දිල්කි නෙත්මිණි, සන්තුෂ් දිල්හාර විසිනි.
කැමරාකරණයෙන් ගාමිණි චමින්ද, කලා අධ්‍යක්ෂණයෙන් සුමති කුඩලිගම, සහය අධ්‍යක්ෂණයෙන් ඩබ්. රවීන්ද්‍ර, අංග රචනයෙන් ශ්‍රී ලාල් හේමන්ත, නිෂ්පාදන කළමනාකරණයෙන් පුබුදු රණසිංහ හා නිෂ්පාදන විධායක ලෙස එස්. සුභසිංහ දායකත්වය සපයයි.
නිමි රූ චිත්‍රපට වෙනුවෙන් රෝසි මැනුවෙල්, සන්දීප් සන්රාජ් හා රන්ජන් ගලගෙදර ‘පුංචි අපිත් බය නැහැ දැන්’ ළමා චිත්‍රපටය නිෂ්පාදනය කෙරේ. චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතුª කළ ප්‍රියන්ත පතිරගේ ‘බීරළු කොට්ට්ය’, ‘සුභා මා ඔබේමයි’ වැනි ටෙලි නාට්‍යයන්හි අධ්‍යක්ෂවරයා ද වේ.
READ MORE - යාය 4 ස්වර්ණවාහිනියට චාමර පීරිස් ගේ අලුත් නිර්මාණය

අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට

අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට
 

පුංචි තිරේ කීරා සරසවියට කියයි
මං ගහපු ගොම පාර හරියටම ඔහුට වැදුණා. එවලේ ටිකක් බය වුණා.
මලහත්ඉලව්වක් වෙලෝ ...
නියදවිල ගම්මානය දෙවනත් වෙන්න ඔහු මොර දෙන්නේ අන්න එහෙම. ගමේ හැමෝම මන්ද මානසික ඔහුට කතා කරන්නේ ‘කීරා’ කියලා. සේපාළිකා ටෙලි සිතුවම නරඹන බොහෝ දෙනෙක් පුල පුලා බලා සිටින්නේ ඔහුගේ දර්ශනයක් විකාශය වනතුරු. ඒ කීරාගේ ක්‍රියාකාරකම්, තෙපළන වචන විඳලා හොඳට හිනා වෙන්න.
කවුද මේ කීරා?
ඔහුගේ ඇත්ත නම ලක්ෂ්මන් අමරසේකර. ලක්ෂ්මන් මීට ප්‍රථම අපට හමු වූයේ වැස්ස නුඹ වගේ ටෙලි සිතුවමේ අලිඩොං හැටයට.
එදා අලිඩොං, අද කීරා? එහෙම නේද?
පුංචි තිරයේ මං මේ වන විට මං හිටි නාට්‍ය දෙකයි විකාශය වූයේ. ඒ වැස්ස නුඹ වගේ සහ සේපාළිකා. ඒ දෙකම මාව හිතුවටත් වඩා රසිකයන් අතරට ගෙනිච්චා. අලිඩොංට වඩා කීරාගෙ ස්වරූපය වෙනස්. කල් ක්‍රියාව ද වෙනස්. හැබැයි දෙකම හාස්‍යට බරයි.
ඇයි මිනිස්සු හිනස්සවන්න පුළුවන් චරිත ඔබට ලැබෙන්නේ?
මගේ ස්වරූපය නිසා වෙන්න ඇති. මොහාන් නියාස් මහත්මාගේ අලුත්ම ටෙලි නාට්‍ය වන ඉසුරු විමානෙත් මං රඟපාන්නේ එවැනි චරිතයක්. හැබැයි මේවා විවිධ ශෛලීන් යටතේයි මං රඟපෑවේ.
කොහොමද ඔබට කීරාව හිමි වුණේ?
අලිඩොංව ලබා දුන් අපේ නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහත්තයම තමයි කීරගෙ චරිතයට මට ඇරැයුම් කළේ. ඔහු මට කීරගේ ස්වරූපය කිව්වා. ඊට පසුව මං කොණ්ඩෙ කපලා රැවුල වවලා වෙනස් වුණා. සේපාළිකා අධ්‍යක්ෂ ජනක චමින්ද මහත්මා චරිතය දියුණු කළා. විශ්වනාත් විජේසූරිය වේශ නිරූපණය කොට කීරාව තවත් අපූර්වත්වයක් එක් කළා. සේපාළිකා පටන් ගත් දින සිට මේ දක්වා කීරා ඉන්නවා. ඉහත මහත්වරුන්ටත් අපේ ඇඳුම් නිර්මාණ ශිල්පී චාමින්ද වාස් සොයුරාටත් තුති පුදනවා කීරාව මේ තත්ත්වයට ගේන්න උදවු කළාට.
කීරාව නිරූපණය කරද්දී හරි අපූරු සිදුවීම් රැසකට මුහුණ දුන්නා කියලා ආරංචියි?
එක සීන් එකක් තිබුණා මාව ගැටගහලා කපිල සිගේරා ගිනි පෙළෙල්ලක් අරගෙන මගෙ මුණට ළං කර කර මාව බය කරන. කුස්සියේ මාව ගැට ගැහැව්වා. සීන් එක පටන් ගත්තා. ඔය අතරවාරයේ ගිණි පෙළෙල්ලේ පුංචි අඟුරු කෑල්ලක් මගේ සරමට වැටුණා. කවුරුවත් ඒක දැක්කේ නැහැ. දැන් මට තේරෙනවා ශරීරයේ යට කොටසින් දුම් දානවා. බොලේ සරම ඇවිලෙනවා. දඩි බිඩි දාලා කට්ටියට කියලා මං ලිහාගෙන වතුර වලකට පැන්නා. නැතිනම් මගේ ශරීරයේ භාගයයි ඉතුරු වෙන්නේ.
තව දවසක් මුදලාලි හැටියට රඟන දයාසිරි හෙට්ටිආරච්චිට ගොමවලින් ගහන්න තිබුණා. මං ගහපු ගොම පාර හරියටම ඔහුට වැදුණා. එවලේ ටිකක් බය වුණා.
අනුලා කරුණාතිලක මහත්මිය හැඳී මිටකින් ගහන සීන් එක මතකද? එදා මම ඇයගෙන් ඇතිවෙන්න ගුටි කෑවා.
හොඳම කතන්දරේ ඒක නෙවෙයි. මෙන්න මේක. මට අමුඩයක් ඇඳගෙන මඩ නාගෙන දුව ගොස් සුරාජ් මාපව බදාගන්න සීන් එකක් කරන්න වුණා. එදා මුලු ගමම එතැන. මට හරි ලැජ්ජයි. ජනක කිව්වා බය නැතුව සීන් එක කරමු කියලා. මුලින්ම තිබ්බේ මඩ නාගන්න. හොඳටම මඩ නාල වැව් බැම්ම දිගේ දුවලා දුවලා ගිහින් සුරාජ්ව බදා ගත්තා. පිටපතට අනුව ඔහු මාව තල්ලු කරන්න ඕනේ. මාව වැටුණේ බොරළු ගොඩකට. නිකමට හිතලා බලන්නකෝ අමුඩෙකුත් ඇඳගෙන බොරළු ගොඩකට වැටුණම කොච්චර ශෝක්ද කියලා.
සැබෑ ජීවිතයේදී අපහසුතාවයන්ට ලක්වෙලා නැතිද?
තියනවා තියනවා. මං ඉස්සර ඉඳලා ‘අතුල මාමා’ නමින් පෙර පාසල් ආශ්‍රිතව ප්‍රසංගයක් පවත්වනවා. දිනක් ඒ වගේ ප්‍රසංගයක් කරන්න ගිය වෙලාවක පිස්සෙක් පිස්සෙක් කියලා මාව ඇතුළට ගත්තේ නැහැ. වෙලාවට එතැන හඳුනන කෙනෙකු ඉඳලා කතා කළා. මගේ ගම කෑගල්ලේ. උදේ හවස යන්නෙ එන්නෙ කෝච්චියේ. කීරා වගේ නෙවෙයි මං ඩෙනිමයි ටී ෂර්ට් එකයි අඳින්නේ. එතකොට කෝච්චියේ මං දන්න අයවත් මාව දන්නෙ නැහැ වගේ ඉන්නවා.
දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ?
ඔව්. දැන් මගේ ක්ෂේත්‍රය මේක. හැකි පරිදි ලැබෙන චරිතයකට සාධාරණයක් ඉටු කරමින් රඟපානවා.
මේවාට අමතරව ඔබේ අලුත් වැඩ කටයුතු මොනවාද?
ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. මට ගැයීමේ හැකියාවකුත් තියනවා. ඒක ගැන දැනගෙන රන්සිළු ආයතනයේ අප නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහතාගේ මැදිහත් වීමෙන් කැසට් එකක් නිකුත් කළා. ඒකෙ නම ‘කළු කූඹියෝ තෙල් කූඹියෝ’.
READ MORE - අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට

රිදම් F.M. අද අලුත් වාර්තාවකට මුල පුරයි....

රිදම් F.M. අද අලුත් වාර්තාවකට මුල පුරයි....

‘රිදම් නයිට්’ මියුරු ගී ගඟුළ නොනැවතී පැය හැත්තෑ පහක් පුරා....
අද රිදම් ගුවන් විදුලිය තවත් ඓතිහාසික වාර්තාවක ආරම්භය සනිටුහන් කරන දිනයයි. ඔවුන් මීට ප්‍රථම 2009 වසරේ නාළිකාවේ පළමු සංවත්සරය වෙනුවෙන් සංගීත කණ්ඩායම් පණහක් සහ ගායක ගායිකාවන් එකසිය පණස් දෙනකු සමඟ නොනවත්වා පැය පණහක සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරමින් ගුවන් විදුලි ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් තබන ලදී. මෙවර ඔවුන් අර අඳින්නේ එවැනිම වූ අංගයකටය. තව දුරටත් කිව්වහොත් එම වාර්තාව ඔවුන් විසින්ම අලුත් කරනු ඇත.
මේ එය පිළිබඳ හා රිදම් නාලිකාවෙහි වත්මන් තත්ත්වය ගැන තතු විත්ති දැන ගැනීමේ අටියෙන් රිදම් නාළිකාවෙහි සහකාර වැඩසටහන් අධ්‍යක්‍ෂ චමිල ලොකුනාරංගොඩ සමඟ කළ සාකච්චාවකි.
චමිල, අද රිදම් නාලිකාවට සුවිශේෂී වූ රාත්‍රියක් නේද උදාවන්නේ?
රිදම් F.M. පටන් අරන් අවුරුදු හතරයි.අඩු කාලයක් තුළ දී වැඩිම අසන්නන් ප්‍රමාණයක් අපි එකතුකර ගත්තා. ඔවුන් අපෙන් වැඩිපුරම ඉල්ලන්නේ බෑන්ඩ්වල ලයිව් ප්ලේ කරපු සිංදු. ඒ වගේම අපේ බෑන්ඩ් ෂෝ එකටත් පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. ඒක නිසා අපි හිතුව ඔබ සඳහන් කළ පරිදි ෂෝ එකක් නැවතත් කරන්න. එදාට වඩා කාලය දික් කළා. පැය හැත්තෑ පහක් හෝ ඊට වඩා වැඩි කාලයක් මෙය පැවැත්වෙනවා. අද රාත්‍රී අටට ෂෝ එක පටන් ගත්තට පසුව හමාරවන්නේ 9 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රියත් පහුවුණාම. අද රෑ ඉඳන් එක දිගට ඉරිදා වෙනකම් අපේ ශ්‍රාවකයන්ට රිදම් නයිට් අහන්න පුළුවන්.
ඔබලා කරන්න හදන්නේ හරිම අභියෝගාත්මක වැඩක්?
ඒක ඇත්ත. අපට පෙර අත්දැකීම් තියනවා. නමුත් මෙවර කාලය දිගු නිසා වගකීමත් වැඩියිනේ. අප ප්ලෑන් කරලා තියනවා අපේ නිවේදක නිවේදිකාවො හැමෝම වැඩසටහන මෙහෙය වන්න. මෙහිදී තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ අපේ ෂෝ එකට එන ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් ගැන. ඔවුන් දිවා රෑ බලන්නේ නැතුව අපි බෙදා වෙන් කරලා දුන්නු වෙලාවට එන්නම් කිව්වා. ඒක අපට මේවගේ අවස්ථාවන්ට මහත් ශක්තියක්.
රිදම් ජ්.ර් හි සැමවිටම මෙවන් වූ සංගීත සංදර්ශනවලින් වෙන්කරගත් ගීත ප්‍රචාරය වන්නේ ඇයි?
රිදම් අහන්නේ වැඩ කරන ජනතාව. අප ඒක විශ්වාස කරනවා. ඒක නිසයි ටිකක් පන්ච් එකක් ඇති සිංදු ප්‍රචාරය කරන්නේ.
ඒ කියන්නේ ස්ලෝ සිංදුවලට රිදම් එකේ ඉඩක් නැහැ?
එහෙම කියන්න අමාරුයි. මොකද ඕනෑතරම් ස්ලෝ සිංදු රිදම් හි ප්‍රචාරය වෙනවා. සමහරක් ඒවායේ අපි අලුත් බීට් එක්ක ගහලා ප්ලේ කරනවා. රිදම් නාලිකාව හැමෝටම විවෘතයි.
කියනවා වගේ රිදම් නාලිකාවෙන් දවසට සිංදු තුන්සීයක් ප්‍රචාරය වෙනවාද?
ඔව්, ඒක තමයි රිදම් නාලිකාවෙ අනන්‍යතාවය. වෙනත් නාලිකා කොච්චර සිංදු දෙනවා කිව්වත් අපේ තරම් සිංදු දෙන්නෙ නැහැ. මං ඒක ඉතාම වගකීමෙන් කියන්නේ.
රිදම් වාර්තාගත ප්‍රසංගයේ ගායන ශිල්පියො විතරද ගයන්නේ?
නහැ, නළු නිළියොත් එනවා. හැබැයි සිංදු කියන්න පුළුවන් අය විතරයි.
ශ්‍රාවකයන්ට රිදම් අහනවා වගේම මේ දවස් පුරා රිදම් නරඹන්නත් හැකියි නේද?
95.6, 95.8 මේක තමයි රිදම් හි සංඛ්‍යානය. www.rhythem.me මෙම වෙබ් පිටුව ඔස්සේ මුළු ෂෝ එකම බලන්න පුළුවන්.
රිදම් කණ්ඩායමේ පිරිස ගැනත් මතක් කරමු?
ධාරක අබේවික්‍රම අධ්‍යක්‍ෂ අලෙවි, සුදත් වන්නිආරච්චි සමස්ත පරිපාලන කළමනාකරු, නිවේදක නිවේදිකාවෝ, ගනේෂ්, අජේ, සිතූ, ජානක, ලහිරු, ස්නේහා, නිෂි, මීෂා, අනූ, ටාෂි, ප්‍රවර්ධන කළමනාකරු සංජීව මනුරංග, නවීන්, පසන්, උදයංග ඒ අංශයේ. නිෂ්පාදන අංශයේ කළමනාකරු තාරක තරංග, තාරක අධිකාරි එම අංශයේ සහාය.
READ MORE - රිදම් F.M. අද අලුත් වාර්තාවකට මුල පුරයි....

වැදූ මවත් ඔබ දිනූ බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ

වැදූ මවත් ඔබ දිනූ බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ

‘ප්‍රතිරූ’ සමඟ සිනමාකරණයට පිවිසි වෛද්‍ය කපිල සූරියආරච්චි කියයි
පසුගිය 23 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹි ‘ප්‍රතිරූ’ චිත්‍රපටයත් සමඟින් තවත් අධ්‍යක්ෂවරයකු අපේ සිනමාවට එක් විය.
ඉකුත් කාල සමයේ නවක සිනමාකරුවන්ගේ ආගමනය බහුලව සිදු වුව ද ‘ප්‍රතිරූ’ හි අධ්‍යක්ෂවරයා වෘත්තියෙන් වෛද්‍යවරයකු වීම විශේෂත්වයකි.
ඔහු කපිල සූරියආරච්චිය.
ප්‍රථම වරට චිත්‍රපටයක් තැනූ අධ්‍යක්ෂවරයා ලෙස අපේ සිනමා ඉතිහාසයට එක්වන කපිල, කුඩා කල සිටම සිනමාවට, කලාවට සෙනෙහස පෑ ඒ කෙරෙහි ආසක්ත වූ රසික සහෘදයෙකි.
කුරිරු යුද්ධයෙන් පීඩා විඳි මායිම් ගම්මානයක විසූ ධීර මවක හා වීර පුතකු වටා ගෙතුණු අතිශය සංවේදී කතා පුවතක් ‘ප්‍රතිරූ’ චිත්‍රපටයට පාදක වී තිබේ.
මේ ‘ප්‍රතිරූ’ කේන්ද්‍ර කොට ගනිමින් අධ්‍යක්ෂවරයා හා කළ කතාබහකි.
ඔබ වෘත්තීය වෛද්‍යවරයකු වීමටත් පෙරයි සිනමාව පිළිබඳ සොඳුරු සිහින දකින්නකු වෙන්නේ. මේ කතාබහ අපි එතනින් ආරම්භ කළොත්?
ඔව්, ඇත්තටම කවදා හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියන සිතිවිල්ල මගේ සිතට එන්නේ අවුරුදු දහයේදී විතර. මගේ මහ ගෙදර ඇල්පිටියේ. ‘රේඛා’ කියලා සිනමා ශාලාවක් තිබුණා අපේ ගේ ඉස්සරහ. දැන් ඒක නැහැ. ඒ සිනමාහලේ ස්පීකර්ස් එහෙම පිටතට සවි කරලා තිබුණේ. ඉතිං චිත්‍රපටයේ දෙබස්, ගීත අර ශබ්ද උපකරණවලින් අපට ඇසෙනවා. සතියන් යනකොට මුළු චිත්‍රපටයේම දෙබස්, ගීත මට කට පාඩම්. ඒ කාලේ ලස්සන චිත්‍රපට. 70 දසකයේදී වගේ මම මේ කියන්නේ.
ඒ කියන්නේ චිත්‍රපට බලනවා වෙනුවට අහලයි ඔබ සිනමා රසිකයකු වෙන්නේ?
මුලින් එහෙමයි. ඊට පස්සේ සිනමාහලේ අයත් එක්ක මම මිතුරු වුණා. ආසනයකට වෙලා චිත්‍රපට නරඹන්න නෙවේ මම පුරුදු වුණේ, සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටරය තිබුණ කැබින් එකට වෙලා ඒ ක්‍රියාකාරකම් දැක බලා ගනිමින් චිත්‍රපට නරඹන්න. අර ස්ලයිඩ්ස් දාන කවුළුවෙන් හිටගෙන තමයි චිත්‍රපට බැලුවේ. එතනට උස නැති නිසා ඒ අය මට පොඩි බංකුවකුත් එතැන වෙන්කරලා තිබුණා. අර කපලා ඉවත දමන සැලෝලයිඩ් පටි මම යනකොට ගෙදර අරන් යනවා.
මමත් ගෙදර පොඩි ප්‍රොජෙක්ටර් එකක් හදාගෙන තිබුණා. මට මතකයි අපූරු සිදුවීමක්. සාමාන්‍යයෙන් ලොකු රීල් කෑල්ලක් පැත්තකට දාලා තිබුණා දවසක් හෝල් එකේ. මේක විසි කරපු එකක් කියලා හිතලා වෙනදා වගේම මම ගෙදර ගෙනිච්චා. පහුවදා ඒ අයියා කෙනෙක් මගෙන් ඇහුවා ‘මල්ලි මෙතන තිබිලා රීල් කෑල්ලක් ගෙනිච්චද’ කියලා. මම ‘ඔව්’ කිව්වා. ‘මල්ලි ඒක ගෙනත් දෙන්න පුළුවන් ද? ඒ ‘සුහද පැතුමේ’ විවේකය කියලා ඔහු කිව්වා. ඊට පස්සේ ලයිට් ඇජෙස් කරන්න වගේ දේවල්වලට හුරු වුණා. පුංචි කාලේ ඉඳන්ම ටෙක්නිකල් සයිඩ් එක දැනගන්න මගේ ලොකු ආසාවක් තිබුණා.
සිනමාකරුවකු වීමේ සිහිනයත් එක්කයි ඒ යුගය ගෙවී ගියේ?
ඒ සිහිනය ආපස්සට ගිහින් නිවේදකයකු වීමේ බලවත් ආශාවක් මගේ සිතේ පැන නැඟුණා. ඒක වුණේ මම ඇල්පිටියේ ගමේ ඉඳන් කොළඹට ආවාට පස්සේ.
ඇයි කොළඹ ආවේ?
කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ අධ්‍යාපනය ලැබීමට මට වාසනාව උදා වුණා. බුලර්ස් රෝඩ් එකේ මගේ මාමා කෙනෙකුගේ නිවසේ ඉඳන් තමයි මම පාසල් ගියේ. කොළඹ ආවට පස්සේ මම නාට්‍යය, සංගීතය පැත්තට වැඩිපුර යොමු වුණා. යෞවන සම්මාන උළෙලවලදී සම්මාන පවා හිමි කර ගත්තා. හැබැයි අම්මයි, තාත්තයි මේ වැඩේට කැමැති වුණේ නැහැ. ඇයි ට්‍රැක් එකෙන් පිටනේ මම දැන් යන්නේ.
එතකොට නිවේදකයකු වීමේ සිහිනය?
ගුවන් විදුලිියේ ‘තක්සලාව‘ ළමා පීඨයට එක්වෙන්න ඔය අතරේ මට අවස්ථාව උදා වුණා. ප්‍රවීණ නිවේදකයකු හා ගීත රචකයකු වූ කරුණාරත්න අබේසේකරයන් තමයි මගේ ගුරුතුමා. අවුරුදු දෙකක කාලයක් එතුමා එක්ක මම ‘තක්සලාවේ’ වැඩ කළා. නිවේදන කලාව වගේම දැනුම, විනය පිළිබඳ එතුමාගෙන් ලබා ගත් දේ බොහොමයි.
ඩිසිප්ලින් කියන එක හරියටම ඉගෙන ගත්තා. අදටත් මම පාවහන් දමාගෙන ස්ටුඩියෝ එකක් ඇතුළට යන්නේ නැහැ. ඊට පස්සේ 1982 දී විතර මම ජාතික රූපවාහිනියේ ‘මුතුහර’ ළමා වැඩ සටහනට නිවේදකයකු ලෙසින් එක් වුණා. පස්සේ කාලෙක ‘ඉරිදා ආයුබෝවන්’ වැඩ සටහනේ වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. පසුව ඔවුන්ගේ ආරාධනාවෙන් මම වසර දෙකක් පුරා ‘ශනිදා ආයුබෝවන්’ වැඩ සටහන ඉදිරිපත් කළා.
වෛද්‍ය වෘත්තිය හදාරන්න රුසියාවට ගිහින් රඟපෑමත් ඉගෙන ගෙනයි ආපහු ලංකාවට ආවේ?
83 ජූලි කලබල එක්ක අම්මලා කැමති වුණේ නෑ මාව ලංකාවේ තියාගන්න. අගෝස්තු මාසයේ මාව සෝවියට් රුසියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත් කළා. මම ඇතුළත් වුණේ වෛද්‍ය පීඨයට. එතනදි අපේ පීඨාධිපතිවරයා මගේ කලා දස්කම් දැකලා මට යෝජනා කළා ‘නාට්‍ය හා රංග කලාව’ හදාරන්න කියලා. ඉන් පස්සේ ‘ගෝර්කි’ රංග කලා ආයතනයෙන් නාට්‍ය හා රංග කලාව අවුරුදු තුනක් ඉගෙන ගත්තා. අධ්‍යක්ෂවරයා රංගනය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඔහුට නළු, නිළියන් හැසිරවීම පහසුයි. ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේදී මට ඒ වාසිය අත්වුණා.
වෛද්‍ය වෘත්තිය නිසා ඔබ ලත් අත්දැකීම් ඔස්සේ තමයි ‘ප්‍රතිරූ’ බිහි වන්නේ. ඒ යටගියාව පිළිබඳ සිහිපත් කළොත්?
යුද්ධ කාලේ අවුරුදු අටක් විතර මම උතුරු, නැගෙනහිර සේවය කළා. මායිම් ගම්මානවල වැඩ කරද්දී මිනිසුන්ගේ දුක, කඳුල, සංතාපය මම අත් වින්දා. ඒ සේවයෙන් ඉවත් වුණේ වැලිසර ළය රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ලෙස පත් වුණ නිසා.
එතනින් ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරයට සම්බන්ධ වුණා. මෙතනදි මට අවස්ථාව ලැබුණා මිනිසුන් දැනුවත් කරමින් විවිධ වැඩ සටහන් කරන්න. ඔන්න ඔතනදි තමයි මම සෝෂල් මා(ර්)කටිං, එහෙම නැතිනම් සමාජ අලෙවිකරණය කියන එක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මාර්කට් කරන්න පටන් ගත්තේ. ක්ෂය රෝගය පිළිබඳ අර සමනලයා ඉගිල යන රූපවාහිනී වෙළෙඳ දැන්වීම නිර්මාණය කළේත් මම. ඒක ජනප්‍රිය වුණා වගේම මට අලුත් නිර්මාණ කරන්න ඇති තරම් අවස්ථාව ලැබුණා. මේ වන විට එබඳු නිර්මාණ හාරසිය පනහක් විතර නිර්මාණය කර තිබෙනවා. ඒවාට දෙස්, විදෙස් සම්මාන පවා ලැබුණා.
ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණයටත් ඒ හරහා යම් උත්තේජනයක් ලැබුණා?
ඇත්තෙන්ම ඔව්. මගේ වෘත්තීය ජීවිතයේ තිබූ දැඩි කාර්ය බහුලත්වය නිසා අර කලාවට, සිනමාවට තිබූ ඇල්ම, උනන්දුව, හීන වී ගොස් තිබුණා. නමුත් මේ නිර්මාණශීලී වැඩ සටහන් කරද්දී මට දැනුණා මම ඇතුලේ හිටපු අර සිනමාකරුවා අවදි වේවි එන හැඩ. මම ලෝක සිනමාවේ විශිෂ්ට චිත්‍රපට නරඹන්න පටන් ගත්තා. අපේ හොඳ චිත්‍රපට නැරඹුවා. එතකොට මට දැනුණා අර මම අවුරුදු දහයේ දැකපු සිහිනය ආයෙත් ‘ටච්’ වෙනවා කියලා.
මේ වෙනකොට මම ගොඩක් දේවලින් සන්නද්ධ වෙලා හිටියේ. පහුගිය අවුරුදු දෙකේ මට ටෙලි නාට්‍යයක් දෙන කොට යම් රෝගයක් පිළිබඳ නිර්මාණය කරන්න මම ඒකෙන් ටෙලි චිත්‍රපටයක් කළා. හැමෝම කැමැතියිනේ එතකොට. මම ගන්න හැම රූප රාමුවක්ම සිනමාත්මකයි. ඩිජිටල් කැමරා භාවිත කළාට මගේ කැමරා කෝණ හැම එකක්ම සිනමාරූපී විදිහටයි මම යොදා ගත්තේ. මම එහෙම එක්ස්පෙරිමන්ට්ස් කළා. එතනින් තමයි මම මේ චිත්‍රපටය තනන මංපෙත් විවර කර ගත්තේ.
‘ප්‍රතිරූ’ ඔබ හඳුන්වන්නේ ‘ධීර’ මවක් හා ‘වීර’ පුතෙක් පිළිබඳ තැනුණු චිත්‍රපටයක් විදිහට?
මම හිතන්නේ වීරයා කියලා කියන්නේ අපේ මවුබිමට අවංකව සේවය කරන කෙනා. ඒ පුද්ගලයා හමුදා නිලධාරියකු, හමුදා සෙබළෙකුම වෙන්න ඕනෑ නෑ. මේ කතාව කියන්නට වික්‍රම නමැති සොල්දාදුවාගේ චරිතය මම යොදා ගත්තේ සංකේත රූපයක් හැටියට පමණයි.
එතකොට මේ වීරයා බිහි කරන්න මුල් වෙන්නේ අම්මා. දුටුගැමුණු රජතුමා පිටුපස්සේ හිටියේ විහාර මහා දේවි. එතකොට මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ නවකතාවත් එහෙමයි. මව් ගුණය මේ විශ්වයේ හැම තැනම තියෙනවා. අප ජීවත් වෙන්නේ හිරුගේ රැස්වලින් හා මවගේ කිරිවලින් කියා මැක්සිම් ගෝර්කි, ‘අම්මා’ නවකතාවේදී කිව්වේ ඒ නිසයි.
ඒ ‘අම්මා’ උපන් මව්බිමට සමානයි කියා ඔබ ‘ප්‍රතිරූ’ හරහා අවධාරණය කරනවා?
මම කියන්නේ මේ මහ පොළව සිප ගැනීම තමන්ගේ මවට වඳිනවා වගේ උතුම් කාර්යයක් කියන එකයි. ඒ පණිවිඩය හා ආදර්ශයයි ‘ප්‍රතිරූ’ චිත්‍රපටයෙන් මම රටට දෙන්න උත්සාහ කළේ.
‘ප්‍රතිරූ’ යුද්ධය තේමා කරගත් චිත්‍රපටයක් වුණත් ඔබ කිසිම තැනක යුද්ධය පෙන්වන්නේ නෑ. නමුත් ‘ගාමණී’, ‘සෙල්වම් ’ , ‘මාතා’ වැනි චිත්‍රපටවල ප්‍රේක්ෂකයා යුද බිමට රැගෙන ගියා?
මට එතැනට යාමට අවශ්‍ය වුණේ නෑ. මොකද පසුගිය කාලේ අපි රූපවාහිනියෙන් යුද්ධය ඕනෑ තරම් දැක්කා. ඒවා නැවත පෙන්වමින් මිනිස්සු පීඩාවට පත් කරන්න මට ඕනෑ නෑ. නමුත් මායිම් ගමක සිදු වූ එක්තරා සත්‍යය සිදුවීමක් මම මේ චිත්‍රපටයට පාදක කර ගත්තා.
ඒ ගම්මානයට කඩා පැනපු කොටි ත්‍රස්තවාදී අහිංසක ජීවිත ගණනාවක් විනාශ කරල තිබුණා. බෝනික්කො තුරුලු කරගෙන හිටපු පුංචි ළමයි උන් මරලා දාලා තිබුණේ බෙලි කපලා. සිද්ධිය වෙලා විනාඩි ගණනකින් මම ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් එතනට ගියා. ඔය අතරෙ මම දැක්කා ත්‍රස්තවාදියෝ දෙදෙනකුවත් කපලා කොටලා මරලා දාලා තියෙනවා. හොයල බලපුවම අවුරුදු පනස් දෙකක අම්මා කෙනෙක් තමයි උන්ව කැත්තෙන් කපලා මරලා තියෙන්නේ. මම ඇයත් එක්ක කතා කළා. ‘මෙහෙම වෙන කොට කොහොමද නිකං ඉන්නේ’ කියා ඈ කිව්වා. මම ඒ ඩයලොග් එක මේ චිත්‍රපටයට ඇතුළත් කළා.
ඔබේ ප්‍රථම චිත්‍රපටයෙන්ම අපේ නිළි රැජන මෙහෙයවීමේ අනගි අවස්ථාව ඔබට ලැබුණා?
ඔව්’ ඇත්තෙන්ම එය මා ලැබූ විශාල භාග්‍යයක්. ඒ විතරක් නෙවේ අපේ සිනමාවේ විශිෂ්ට රංගනවේදියකුව සිටි ජෝ අබේවික්‍රම වගේම විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය වැනි ප්‍රවීණයන් වගේම ජගත් බෙනරගම, ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, හිමාලි සයුරංගි වැනි අලුත් පරපුරේ නළු, නිළියන්වත් මෙහෙයවන්න මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මාලිනී ෆොන්සේකා මේ චරිතය වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. චිත්‍රපටයේ ඒ අම්මා අංශභාගය හැදුන කෙනෙක්. ඇවිදින්න බෑ. මාලිනී ෆොන්සේකා මේ චිත්‍රපටයේ වැඩිම කාලයක් රඟපාන්නේ පස්සා පැත්තෙන් බිම දිගේ ඇදි ඇදී යමින්. ඇත්තටම එය අසීරු රංගනයක්. නමුත් ඇය ඉතා විශිෂ්ට විදිහට ඒ රංගනය ඉදිරිපත් කළා.
පරම්පරා තුනක නළු, නිළියන් ඔබේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. ඔබ මෙහි වික්‍රම නැමැති ප්‍රධාන චරිතය සඳහා තෝරා ගන්නේ සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නගාගත් නළුවකු නොවේ. එය අභියෝගයක් වුණේ නැතිද?
මේ චිත්‍රපටයේදී මම අභියෝග කීපයක්ම බාර ගත්තා. පළමු කොටම මම මටම අභියෝගයක් එල්ල කර ගත්තා. මම කැමැති වුණේ නෑ මේ චිත්‍රපටය ඩිජිටල් කැමරාවකින් කරන්න. මට හිතුණා සෙලෝලයිඩ් පටයෙන් තමයි මේ චිත්‍රපටය මම කරන්නේ කියලා. ඒ සුවඳ පුංචි සන්දියේ ඉඳලාම මගේ නහරගත වෙලා තියෙන දෙයක්. රීල් එක දුවන ඩක, ඩක සද්දෙට මම ආසයි. ඒ තමයි මට දැනෙන දේ. ඒ නිසයි මම මි මී. 35 කැමරාවෙන් මේ චිත්‍රපටය කළේ. දෙවැනි අභියෝගය තමයි කැමරමන්.
‘ප්‍රතිරූ’ ඔහුගේ පළමුවැනි චිත්‍රපටය. නමුත් මම ටෙලි ෆිල්ම්ස්වලදී ඔහුත් එක්ක වැඩ කර තිබෙනවා. ගොඩක් අයට ප්‍රශ්නයක් වුණේ මගෙත් ෆස්ට් ෆිල්ම් එක නිසා ඇයි කැමරාකරණයට ප්‍රවීණයකු යොදා නොගත්තේ කියලා. අද වෙන කොට චන්දනට හොලිවුඩ් චිත්‍රපටයක කැමරාව මෙහෙයවන්න අවස්ථාව ලැබිලා. ලංකාවේ පළමුවැනි හොලිවුඩ් කැමරාමන්. බෙන් කිංස්ලි රඟපාන ‘කොමන් මෑන්’ චිත්‍රපටයේ තමයි ඔහු වැඩ කරන්නේ. ඔබ ඇසූ පැනයට පිළිතුරු දුන්නොත් ඇත්තටම ජගත් බෙනරගම මෙහි ප්‍ර‍්‍රධාන චරිතයට මම යොදා ගත්තේ ඔහු සුවිශේෂී රංගන ශිල්පියකු නිසයි.
නමුත් සමහරෙක් කැමැති වුණේ නෑ නේද ජගත් මෙහි ප්‍රධාන චරිතයට යොදා ගන්නවාට?
මම මේක කියන එක හරි ද දන්නෙත් නෑ. සමහරු මට කෝල් කරලා කිව්වා ඔහුව ගන්න එපා කියලා. මම ජගත් එක්ක ටෙලි ෆිල්ම් හතරක විතර ඉඳලා තියෙනවා. එයාගේ පුදුම සුවිශේෂී හැකියාවක් මම දැක්කා. ඒක එක් කරුණක්. අනෙක මම මේ ස්ක්‍රිප්ට් එක ලියන්න ගත්ත වෙලේ ඉඳලම මගේ ඔළුවේ මේ චරිතයට හිටියේ ජගත්. මම අවුරුදු අටක් විතර උතුරු නැගෙනහිර සේවය කළානේ.
මම දැකපු සෝල්ජර්ස්ලා සියයට අනූවක්ම බෙනරගම වගේ. ඇඟපතේ ප්‍රමාණය, ෆිට්නස් එක මේවා ගොඩක් සමානයි. මේ රටේ යුද්ධය කළේ මහා දැවැන්තයෝ නෙවෙයි. හයිය තිබුණේ හිතේ. මගේ ස්ක්‍රිප්ට් එකේ සියයට අනූවක් ජගත් වටා ගෙතී තියෙන්නේ. අපි දවස් විසි එකක් ෂූට් කළා. ජගත් මා සමඟ ඉතා සුහදව, සහයෝගයෙන් විශිෂ්ට විදිහට ඒ චරිතය නිරූපණය කළා.
ප්‍රේක්ෂකයන්ට මොකද කියන්නේ?
මේ චිත්‍රපටය මම හඳුන්වා දෙන්නේ ‘අතිශයින්ම මව් බිමට ආදරය කරන්නවුන්ට පමණයි’ කියලා. එහෙම නොවන අය මේ චිත්‍රපටය නොබැලුවාට මට ප්‍රශ්නයකුත් නෑ. මව්බිමට ආදරය කරන්න කියලයි මම මේ චිත්‍රපටයෙන් කියන්නේ. ඒ විතරක් නොවේ උපන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකමත් ඉටු කරන්න. වීරයෙක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. එහෙම වීරයෙක් වෙන්න යුද්ධ කරන්නම ඕනේ නෑ. දැන් ගාන්ධි, නේරු වීරයෝ වුණේ යුද්ධ කරලා නෙවෙයිනේ. වීරයෝ වෙන්නේ තමන්ගේ මව්බිමට අවංකව සේවය කරන කෙනා.
READ MORE - වැදූ මවත් ඔබ දිනූ බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ

සුමති ටෙලි සම්මාන උළෙලේ සම්මාන

සුමති ටෙලි සම්මාන උළෙලේ සම්මාන

පසුගිය ඉරු දින කොළඹ සිිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේ පැවති දහහත්වන සුමති සම්මාන උළෙලේ ප්‍රතිඵල සටහන. මෙහිදී ජනප්‍රියම ටෙලි සිතුවම ලෙස සිහින පියාපත් පත් වූ අතර ධනංජය සිරිවර්ධන ජනප්‍රිය නළුවා වූ අතර නදීශා හේමමාලි ජනප්‍රියම නිළිය වශයෙන් අභිසෙස් ලැබීය. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විය.
හොඳම ටෙලි නාට්‍යය
ස්වයංජාත (බන්දුල ඒකනායක, එච්. ඩී. ප්‍රේමසිරි, චන්න ප්‍රනාන්දු, බණ්ඩාර ඇහැලියගොඩ)
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
සුදත් රෝහණ (ස්වයංජාත)
දෙවන තැන (සුනිල් කොස්තා (පින්සර දොස්තර) තෙවැනි තැන සරත් ධර්මසිරි (ඇත්කඳලිහිණියා)
හොඳම නළුවා
ජගත් චමිල (ස්වයංජාත)
හොඳම නිළිය
සමාධි ලක්සිරි (කඩදොර)
හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය
සංක්‍රාන්ති (ආනන්ද අබේනායක)
හොඳම තිර රචනය
සරත් ධර්මසිරි (ස්වයංජාත)
හොඳම සහය නළුවා
අතුල පතිරණ (ස්වයංජාත)
හොඳම සහය නිළිය
චතුරිකා පීරිස් (ස්වයංජාත)
හොඳම කැමරා අධ්‍යක්ෂණය
චින්තක සෝමකීර්ති (පින්සර දොස්තර)
හොඳම සංස්කරණය
රංගන සිංහාරගේ (කඩදොර)
හොඳම කලා අධ්‍යක්ෂණය
දීප්ති මංගලසෝම (ස්වයංජාත)
හොඳම අංගරචනය
ගයනි සතරසිංහ (පින්සර දොස්තර)
හොඳම සංගීත අධ්‍යක්ෂ
දිනේෂ් සුබසිංහ (පින්සර දොස්තර)
හොඳම ගීත රචනය
සුරම්‍යා මාපිටිය (බිනරි) සහසක් ලන්දු
හොඳම ගායනය
කරුණාරත්න දිවුල්ගනේ (බිනරි) සහසක් ලන්දු
හොඳම සංගීත වැඩසටහන
සංහිඳ - ධර්මදාස වල්පොල පිළිබඳ වැඩසටහන (උදය කුමාර තෙන්නකෝන්)
හොඳම කාලීන වැඩසටහන
( සිත් ගිමන් හල)
හොඳම වාර්තා වැඩසටහන
සොයිලියස් (නාමල් ප්‍රසන්න)
හොඳම නවක නළුවා
මලින්ද පෙරේරා (ඇත්කඳ ලිහිනියා)
හොඳම නවක නිළිය
ඩිනක්ෂි ප්‍රියසාද් (සඳගිරිපව්ව)
හොඳම සඟරාමය වැඩසටහන
වෙනස (රුවන්තිකා රණතුංග, අංජන ජයතුංග, මංජුල ඇතුගල)
හොඳම අධ්‍යාපන වැඩසටහන
නාට්‍ය හා රංග කලාව (ජයලත් චන්ද්‍රසිරි)
හොඳම ක්‍රීඩා වැඩසටහන
ආසියානු මලල ක්‍රීඩා (කුමාරි මානෙල්)
හොඳම ළමා වැඩසටහන
පැහැසරණිය (ගාමිණී ජයන්ත අබේරත්න)
හොඳම පූරක
ඉන්ද්‍රසිරි සුරවීර
හොඳම නිවේදක
නදීක කරුණානායක
සඳමාලි හේවානායක
වසන්ත නානායක්කාර
හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය
ජාතික රූපවාහිනිය
ස්වාධීන රූපවාහිනිය
හොඳම කාලීන ප්‍රවෘත්ති වැඩසටහන
අද දෙරණ
ලයිව් @ 8
හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය ගීතය
කම්මැලියා (ධනුෂ්ක ලක්මාල්)
ළබැඳියේ (අයේෂ් විජේරත්න)
සිහින මනමාලි (සුරේෂ් ගමගේ, ශාන් පෙරේරා)
කුසලතා සම්මාන
රයන් වැන්රෝයන්
සංජීව බාලසූරිය
කුමාර තිරිමාදුර
බින්ද්‍යා ආශ්වර්යා
සේමිණී ඉද්දමල්ගොඩ
ප්‍රශස්ථ ඇගයීම්
දයාරත්න රටගෙදර
පටීභා වැඩ සටහන
රජීව් ආනන්ද
යූ. ඩබ්ලිව්. අනුස්මරණ සම්මානය
– වික්ටර් රත්නායක හ සිරිල් වික්‍රමගේ

 
හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය සුදත් රෝහණ සහ හොඳම නිළියට හිමි සම්මානය සමාධි ලක්සිරි ජනාධිපති ආර්යාව අතින් ලබාගත් මොහොත

ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානය ලබද්දී ජගත්ගේ පුංචි පුතු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියට ආචාර කළ අයුරු.
පසෙකින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ සුමති කළමණාකර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහත්වරු



මිලීනා සුමතිපාල මහත්මිය අතින් සිරිල් වික්‍රමගේ,
වික්ටර් රත්නායක මේ ලබන්නේ ජීවිතයට වරක් පමණක් ලැබෙන
යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයයි.
 

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය සිහින පියාපත් සඳහා හිමි සම්මානය එහි අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා සහ නිෂ්පාදක උපුල් ජයසිංහ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා අතින් ලබා ගනී.
 
හොඳම ගායනය වෙනුවෙන් කරුණාරත්න දිවුල්ගනේ සහ හොඳම තිර රචකයා ලෙස සරත් ධර්මසිරි
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතින් සම්මාන ලබා ගත් මොහොත.
 

නදීෂා - ධනංජය

 Sarasaviya
READ MORE - සුමති ටෙලි සම්මාන උළෙලේ සම්මාන

අනුපමාගේ නිල් නුවන් පින්බරයි

අනුපමාගේ නිල් නුවන් පින්බරයි

ඇය අනුපමා ගුණසේකර. රටම ඇය හඳුනාගන්නේ මෙරට රියැලිටිකරණයේ පූර්වාදර්ශය ගොඩනැඟු ‘සිරස’ සුපර් ස්ටාර් පළමු අදියරේ ජයග්‍රාහිකාවක් විදිහට. සංගීත පසුබිමක් හදාගනිමින් ක්ෂේත්‍රයට ආ අනුපමා වසර හයකට පසු සිය කුලුදුල් සංගීත වීඩියෝව ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතයත් සමඟ මේ දිනවල නැවතත් කරළියට ඇවිල්ලා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ කර්ණාටක සංගීත විෂයය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස අද ක්‍රියාකාරී අනුපමා හා පසුගිය දවසක කළ පිළිසඳරයි මේ.
ඔබේ සමාජගත වීම සිදුවුණු තැනින්ම මේ කතාබහ ඇරැඹුණොත් හොඳයි කියලා හිතෙනවා.
බොහෝ දෙනෙක් මාව දැන හඳුනාගත්තේ ‘සුපර් ස්ටාර්’ තරගය හරහා. විශේෂයෙන් ‘නිල් නුවන් පින්බරයි’ කියන වැලැන්ටයින් ගීතයත් එක්ක තවත් කතාබහ වැඩිවුණා. නමුත් දැන් මම ස්වාධීනව වැඩ කරන ගායිකාවක්. ඒ වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා.
ඇයි ඔබ එවැනි රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න හිතුවේ.
මම හිතන්නේ අපේ යෞවනය ආරම්භක කාලේ හැකියාව කියන දේ උරගා බලන්න ලොකු ඕනකමක් තිබුණා. නමුත් මම එය ගෙවා දමා අධ්‍යාපනය තුළ යම් සංයමයක් ගොඩනඟාගෙන ඉවරයි. ඒත් සුපර් ස්ටාර්කරණය පිළිබඳ කතා කරන්න මම කැමැති නැහැ.
ඇයි ඔබ කතා කරන්න අකැමැති. ඔබත් එහි ආරම්භක සාමාජිකයෙක්නේ.
ඒ ගැන තවදුරටත් කතා කරන එක ඵලදායක නැහැ කියලා මම හිතනවා. තරු කියන දේ රියැලිටි හරහා පායනවා ඇත්ත. ඒත් ඒ දිස්නේ කාලයක් පුරා රඳවා ගන්න හැකියාව ලැබෙන්නේ තමන්ගේ සංගීත භුමිකාව තුළ යම් අධ්‍යාපනික රාමුවක ඉන්න පුළුවන්නම් හැමදාම තරුවක් වගේ ඉන්න පුළුවන් කියලයි මම හිතන්නේ. එහෙම වුණොත් හොඳ රඳා පැවැත්මක් හදාගන්න පුළුවන්.
මම හිතන්නේ ඔබ යම් හිත් රිදීමකින්, පසුතැවීමකින් කතා කරනවා කියලයි.
නැහැ එහෙම පසුතැවීමක් දැන් නැහැ. මුල් කාලයේ තරු බිහිකරපු තැන්වලින් මදිපුංචිකම් නොතිබුණා නෙමෙයි. නමුත් දැන් ඒ ගැන හිතන්නේ නැහැ. මොකද මුළු රටම මාව දැනගත්තේ ඒ හරහා. විශේෂයෙන්ම මගේ හැකියාව දැන හඳුනාගත්තා. බොහෝ දෙනෙක් දැන හඳුනාගත්තා මට ඉහළ ස්වරවල ගයන්න පුළුවන් කියලා. අද ඒ හැකියාව ඔස්සේ මට පුළුවන් වෙලා තියෙනවා සමාජයට යමක් තිළිණ කරන්න.
හොඳයි අද බිහිවන තරු හෙට නිවිලා යන්න හේතුව මොකක්ද?
මම හිතන්නේ ඒකට එක හේතුවක් කියලා කියන්න අමාරුයි. බොහෝ දෙනෙකුට හැකියාව තිබුණට ජීවිතේ පිළිබඳ, සමාජය පිළිබඳ අත්දැකීම් අඩුයි. මේ තරගවලට වැඩි හරියක් එන්නේ ගම්බද ළමයි. ඒ නිසා හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි. අනෙක් දේ තරුවක් මොන තැනින් බිහිවුණත් ස්වාධීන වෙන්න ඕන. දෙරණෙන් හෝ ජාතික රූපවාහිනියෙන් හෝ සිරසෙන් බිහිවුණත් ඔහුට ඇයට රටම ආදරය කරනවා. ඒ නිසා ස්වාධීන වෙන්න ඕන වගේම රටටම ඔහු හෝ ඇය පොදු කලාකරුවෙක් වුණොත් පැවැත්මක් තියෙයි.
අද වෙලා තියෙන්නේ තමන්ට ස්වාධීනව ගොඩනැඟෙන්න බැරිවෙලා. උණුසුම් ප්‍රතිචාර ලැබෙනකොට, ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල වෙනකොට අලුත් දෙයක් කරන්න අමතක වෙනවා. ඒ නිසා අනන්‍යතාවක් ගොඩනඟාගන්න බැරුව අද මේ අය අතරමං වෙනවා.
අද වෙනකොට ඔබ කර්ණාටක සංගීතය හදාරන්න පෙලඹිලා. මොකක්ද ඒකට හේතුව.
ඉතාම හොඳ සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායක්. ඊට විශේෂ වුණු අනන්‍යතාවයක් තියෙනවා. ගායනා ක්‍රම, ශෛලි තියෙනවා. ස්වරනාම දාසයක් තියෙනවා. සංකීර්ණ සංගීත සම්ප්‍රදායක් වගේම විශේෂ වුණු වෙන සම්ප්‍රදායන්වල නැති අනන්‍ය ගුණාංග තියෙනවා කියන එක මම කියන්න ඕන. එය හදාරන්න මට අවශ්‍ය වුණේ හොඳ සංගීත කටහඬක් හදාගන්න මට ඕනකමක් තිබුණා. වසර හතරක් තිස්සේ මම ඒ ගැන හැදෑරීම් කළා. තමන්ගේ හැකියාව දියුණු කරගන්න ඕනෑම සංගීත සම්ප්‍රදායයක යෙදෙන්න ඕන. මට ඒ සඳහා ගුරුහරුකම් දුන්න කලාශූරි අරුන්දති ශ්‍රී රංගනාදන් වගේම අරුණපි‍්‍රය අරුරත් ගුරුවරුන් මතක් කරන්න ඕන.
වසර හයක් වගේ දිගු කාලයකට පස්සෙයි ඔබ ඔබේ පළමු ගීත වීඩියෝව කරන්නේ.
මෙතරම් කාලයක් මම කළේ අධ්‍යයනය කළ එක. දෙමළ ජන ගී සම්බන්ධව හැදෑරීම් කළා. විවිධ රටවල ජන ගී ගයන්න මම කැමැතියි. පසුගිය කාලයේ ලංකාවේ පැවැත්වුණා මහද්වීප පහක ජන ගී සංදර්ශන ප්‍රසංගයක්. එතැනදි අරාබි ජන ගීයක් මට අහන්න ලැබුණා. ඔහුත් සමඟ මම කතා කළා. ඒ අනුවයි ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතය නිර්මාණය වුණේ. තිළිණ රුහුණගේ සංගීතයට එය රඛිත වාකිෂ්ඨ පද රචනය කළේ. ඉදිරියේදී ලාංකේය රසිකයින්ට මෙවැනි ජන ගී මූලාශ්‍ර හරහා අපූරු සංගීත රසයක් ලබා දෙන්න වගේම අධ්‍යාපනයක් ලබා දෙන්නයි අද මගේ බලාපොරොත්තුව.
READ MORE - අනුපමාගේ නිල් නුවන් පින්බරයි

රොනල්ඩෝගේ රුසියානු පෙම්වතිය

රොනල්ඩෝගේ රුසියානු පෙම්වතිය

වත්මන් ක්‍රීඩා ලෝකයේ ජනප්‍රියතම පාපන්දු තරුව වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ අලුත්ම පෙම්වතිය වන්නේ සුරූපී මෝස්තර නිරූපණ ශිල්පිනි අයිරිනා ෂයික්. ඇය රුසියානු ජාතික තරුණියක්.
26 හැවිරිදි අයිරිනා මේ වනවිට ලෝකයේ ඉහළම මට්ටමේ වෙළෙඳ දැන්වීම් ගණනාවකට එක්වී සිටිනවා. පසුගියදා ඇගේ අනුග්‍රහකත්වයෙන් රුසියාවේ හොඳම මෝස්තර නිරූපණ ශිල්පිනිය තේරිමේ රියැලිටි වැඩ සටහන් මාලාවේ දෙවැනි අදියර ක්‍රියාත්මක වුණා.
‘මේ හැමදේම පස්සෙන් ඉන්නේ එයා‘ එහි දී ඇය මාධ්‍ය හමුවේ එසේ කීවේ රොනල්ඩෝ ගැනලු.
ලොව පුරා සුරූපි කාන්තාවන්ගේ ආකර්ශනය දිනාගත් රොනල්ඩෝට මීට කලින් තවත් පෙම්වතියන් රැසක් හිටියා. ඔහුගේ අසීමිත ජනප්‍රියත්වය කෙසේද යත් ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ මිලයන 50ක අනුගාමිකයන් සතුකරගත් පළමු ක්‍රීඩකයා වීමටත් සමත්වුණා.
සුප්‍රකට ‘පීපල්’ සඟරාව මගින් තේරූ මේ වසරේ වැඩිම ලිංගික ආකර්ශනයක් ඇති ක්‍රීඩකයා සම්මානයත් හිමිවුණේ රොනල්ඩෝටයි.
Silumina
READ MORE - රොනල්ඩෝගේ රුසියානු පෙම්වතිය

සෙරීනාගේ සැඟවුණු ප්‍රේමය

සෙරීනාගේ සැඟවුණු ප්‍රේමය

අමෙරිකාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සහ ඇගේ පුහුණුකරු පැට්‍රික් මොරටොග්ලෝගේ ප්‍රේමය පසුගියදා අනාවරණය වුණා. මේ වසරේ දී විම්බල්ඩන්, ඔලිම්පික් සහ අමෙරිකා විවෘත ටෙනිස් ශූරතා දිනු සෙරීනාට සිය පුහුණුකරුගේ සහාය නොඅඩුව ලැබී තිබුණා.
තරමක දීර්ඝ ඉතිහාසයක් තිබෙන දෙදෙනාගේ අප්‍රකට ප්‍රේම කතාව කරළියට ආවේ පසුගියදා නිවාඩුවක් ගත කිරීමට හදිසියේ ම මේ දෙන්නා ප්‍රංශයට ආවට පස්සෙයි. සෙරීනා සහ ඇගේ පුහුණුකරුගේ ප්‍රේම කතාව පැපරාසි ඡායාරූප ශිල්පීන්ට නම් හංගන්න බැරිවුණා.
අතිනත අල්ලාගෙන දෙදෙනා ඇවිදින ඡායාරූප වාගෙම වෙනත් ඡායාරූපත් ඔවුන් ප්‍රසිද්ධියට පත්කළා. මේවා සාමාන්‍ය පින්තුර කියලා ඇතැමුන් ඒවා ප්‍රතික්ෂේප කළත් පින්තූරවලින් මුළු කතාවම කියැවෙන්නේ නෑනේ කියලයි පැපරාසී ජායාරූප ශිල්පීන් නම් කියන්නේ.

  Silumina
READ MORE - සෙරීනාගේ සැඟවුණු ප්‍රේමය

දෙන්නටම ළමයි

දෙන්නටම ළමයි

හැත්තෑ හැවිරිදි වික්‍රමාරච්චි, අහම්බෙන් තමාට හමුවූ විසි හැවිරිදි රුවැති තරුණියක හා විවාහ වූවේය. විවාහයෙන් දෙසතියකට පමණ පසු ඔහු තම හිතවතෙකු වන දොස්තර අමරසිංහ මුණගැසුණේය.
”මං ළඟදි බැන්දනෙ ඩොක්ටර්. මම ආවේ පොඩි චෙක්අප් එකකට.” වික්‍රමාරච්චි සිනාසී කීවේය.
”මනමාලිගෙ වයස කීයද?” වික්‍රමාරච්චිව හොඳින් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇසීය.
”අවුරුදු 20යි.” වික්‍රමාරච්චි ආඩම්බරයෙන් පිළිතුරු දුන්නේය.
”හොඳයි. එහෙමනං මිස්ටර් වික්‍රමාරච්චි කවුරු හරි තරුණ කෙනෙක්ව ගෙදර නවත්තා ගන්න එක කෝකටත් හොඳයි” උපදෙසක් ලබා දෙමින් වෛද්‍යවරයා කීවේය.
නැවත වික්‍රමාරච්චි හට වෛද්‍ය අමරසිංහ මුණගැසුණේ මාස කීපයක ඇවෑමෙන් එක්තරා සම්භාෂණයකදීය.
”ආ.. මිස්ටර් වික්‍රමාරච්චි, මොකෝ මේ තනියම? කොහොමද මිසිස් වික්‍රමාරච්චිට හෙම?” වෛද්‍යවරයා සිනාසෙමින් ඇසීය.
”එයාට මේ දවස්වල බබෙක් ලැබෙන්න ඉන්නවා ඩොක්ටර්” වික්‍රමාරච්චි කීවේ තරමක ලැජ්ජාවකිනි.
”ඇත්තට! එතකොට කොහොමද අර ගෙදර නවත්ත ගත්ත එක්කෙනා? එයා තවම ගෙදර ඉන්නවද?”
”අපොයි ඔව් ඩොක්ටර්. එයාටත් දැන් බබෙක් ලැබෙන්න ඉන්නවා” වික්‍රමාරච්චි කීවේය.
READ MORE - දෙන්නටම ළමයි

කොහොම එන්ඩද?



තම වාට්ටුවේ සිටින සිරකරුවන් බැලීම සඳහා ඔවුන්ගේ ඥාතීන් හට අවකාශ ලබා දෙන කාලසීමාව තුළ එහි සිටි සිරකරුවකු වන වික්ටර් බැලීම සඳහා කිසිවකු හෝ නොපැමිණෙන බැව් දුටු ජේලර් තැන වික්ටර් ගෙන් මෙසේ ඇසීය.
”ඇයි තමුසෙ බලන්න විතරක් කවුරුවත්ම මෙහෙ එන්නෙ නැත්තෙ? තමුසෙට නෑදෑයෝ, යාළුවෝ කවුරුවත්ම නැද්ද?”
”මොකෝ නැත්තෙ සර්. යාළුවෝ, නෑදෑයෝ ගොඩක්ම ඉන්නවා. ඒත් ඒ ඔක්කොම ඉන්නෙ මෙහෙනෙ.” වික්ටර් පිළිතුරු දුන්නේය.
READ MORE - කොහොම එන්ඩද?

මුදල් වෙනුවට

මුදල් වෙනුවට

’මොකෝ බං මේ මූඩ් ගහලා? හවස ෆිල්ම් එකක් බලලා පොඩි ජොලියක් හෙම දාලා එමු.’ අල්ලපු කාමරේ සිටින රොෂාන් තම විශ්වවිද්‍යාල සගයා වන චමිල දෙස බලා කීවේය.
”උඹ මේ බණ කතාකරනවා. ෆිල්ම් එකක් බලනවා වගෙ දේකට වත් සල්ලි නැති හින්දා මම ගෙදරට ලියලා ඇරියා, ‘හොඳට එළිය තියෙන ලාම්පුවක් පාඩම් කරද්දි ඕනෑ වෙනවනේ, ඒක ගන්ඩ සල්ලි එවන්ඩය’ කියල” මුහුණ එල්ලා ගත් චමිල කීවේය.
”ඉතින්” මොකද වුණේ?” රොෂාන් ඇසුවේ කුතුහලයෙනි.
“ගෙදරින් ලාම්පුවක් එවලා තිබුණ බං” චමිල ශෝකයෙන් කීවේය.
READ MORE - මුදල් වෙනුවට

‘අංජන රංජන’

මොන දේ විඳ දරාගන්නත් මට ශක්තිය තියෙනවා

නාලක අංජන කුමාර
නාලක අංජන කුමාර ඉදිරිපත් කරන ‘අංජන රංජන’ ගී ප්‍රසංගය මෙම 14 වැනි සිකුරාදා පස්වරු 6.30ට කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. නාලක අංජන කුමාරගේ සුමියුරු නාද රටාවන්ගෙන් ඔපවත් වූ ගීත මෙහිදී ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, කරුණාරත්න දිවුල්ගනේ, නන්දා මාලිනී, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, ප්‍රදීපා ධර්මදාස, ඉන්දිකා උපමාලි, යමුනා විනෝදනී, ක්‍රිශාන්ත එරන්දක, අමල් පෙරේරා වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් විසින් ගායනා කරනු ලබයි. නාලක අංජන කුමාර හා මහින්ද බණ්ඩාර ඉදිරිපත් කරන ගිටාර් වාදනයකින් ප්‍රසංගය නිමා වෙයි.
ඔබට වරම් නැති මට ද වරම් නැති සෙනෙහස කොතැන ද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දිය වී ප්‍රථම පේ‍්‍රමයයි බොඳව ගියේ...!
(ගායනය - කරුණාරත්න දිවුල්ගනේ)
(පද - රංජිත් රූපසිංහ)
(සංගීතය - නාලක අංජන කුමාර)

සොඳුරු රිද්ම රටා මවන්නට ඔහු සතුව ඇති ප්‍රතිභාව ඒ එකම ගීතයෙන් වුවද අපට හඳුනා ගත හැකි ය. අපේ සංගීත ක්ෂේත්‍රයේ අභියෝගාත්මක ගිටාර් වාදන ශිල්පියා ද වන ඔහු දක්ෂ සංගීතඥයෙකු මෙන්ම “ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් ද වේ. වෘත්තියෙන් ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පාලකවරයා ය. මෙම උඳුවප් මහේ සිසිලසට සිය නාද වියමනෙන් එනම් “අංජන රංජන” ගී මියැසියෙන් මිහිර මුසු කරන්නට සැරසෙන ඔහු නාලක අංජන කුමාරය.
මේ නාලකගේ හෘද්‍යාංගම සිතුවිලිය.
“මේ දවස් වල උදේ ඉඳලා රෑ වනතුරු මගේ වැඩේ දුවන එක තමයි. ‘අංජන රංජන’ ප්‍රසංගයේ කටයුතු වගේම එහිදී එළිදක්වන මගේ ගිටාර් වාදන ඇතුළත්ධ්ඵධතචබඥඤ ජ්ඪදඨඥපඵ සංයුක්ත තැටියේ කටයුතුත් අතරමැද කාර්ය බහුලයි. හැබැයි ඒ සේරමත් හරි, මට දරාගන්න අමාරු මගේ ප්‍රසංගයට මේ රටේ කිසිම අනුග්‍රාහකයෙකු මට තවම සොයා ගන්න බැරි වීම හින්දායි. (වේදනාත්මක ස්වරයෙන්) ඇත්තටම ‘මම මේ රටේ කලාකරුවෙක් ද’ කියලා දැන් මට හිතන්න වෙලා. ඒත් පටන් ගත්ත වැඩේ මං කොහොම හරි කරන්න ඕනේ. පොලියකට ණයක් වෙලා හරි මං මේ ප්‍රසංගය කරනවා.”
අප රටේ ප්‍රසිද්ධ ආයතන රැසක්ම නිතර කලාකරුවන්ගේ ප්‍රසංග සඳහා අනුග්‍රහ ලබා දෙනවානේ. ඔබ එම ආයතනවලට ගියේ නැද්ද...?
“ඔව්, මම ගියා. ඒ හැමෝම කිව්වේ ‘මේ වර්ෂය සඳහා වෙන් කළ මුදල් ඉවරයි’ කියලා පමණයි. ඉතින් තවත් එතැනින් එහාට මොන අනුග්‍රහයක් ද.
ඒ ගැන මට දුකයි. මම විශ්වාස කරගෙන උන්නු ආයතන සහ පුද්ගලයින් උන්නා මම වැඩක් කරද්දි මට අනුග්‍රහය ලබා දෙයි කියා. ඒත් ඒ සියල්ල මායාවක් පමණයි. මං මේ ක්ෂේත්‍රයේ යථාර්ථය තේරුම් ගත්තා. ඒ වගේම ‘මම මේ රටේ කලාකරුවෙක් ද’ යන වග නැවත නැවතත් සිතා බලන්න ඔවුන් මාව පෙලඹුවා. මොන දේ වුණත් මට ශක්තිය තියෙනවා විඳ දරා ගන්න. මගේ අම්මා මට කිව්වේ ‘පුතේ හොඳ මිනිහෙක් වෙයන්’ කියලයි. අම්මාගේ ඒ වචන මම මේ වෙලාවේ මට ශක්තියක් කරගන්නවා.
ඇත්තමයි, මං හොඳ මිනිහෙක් තමයි. අව්‍යාජ පෞරුෂයක් නැති මිනිහෙකුට සැබෑ කලාකරුවෙකු වෙන්න බැහැ. අපේ සංගීත ක්ෂේත්‍රයේ එවැනි අව්‍යාජ පෞරුෂයෙන් හෙබි අමරදේවයන් වැනි සැබෑ කලාකරුවන්ගේ ඇසුර මා හට ලැබී තිබීම පිළිබඳව මේ අවස්ථාවේ දී මං සතුටු වෙනවා.
ඔබ සේවය කරන ආයතනයෙන් හෝ සහෝදර මාධ්‍ය ආයතනවලින් වත් ඔබගේ ප්‍රසංගයට මාධ්‍ය අනුග්‍රහයක් නොලැබේ ද...?
“මා සේවය කරන ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ්. එම්. සේවයෙන් සහ මෑතදී බිහි වූ හිරු ටී. වී. ආයතනයෙන් මාධ්‍ය ආවරණය ලැබෙනවා. ඔවුන්ට ඒ ගැන මා ස්තුතිවන්ත වෙනවා. මට හිතාගන්න බැරි මා කැපවීම් කළ ජාතික රූපවාහිනියෙන් මගේ ප්‍රසංගයට කිසිදු දායකත්වයක් නොලැබීම පිළිබඳවයි. කමක් නැහැ, කෙසේ හෝ මම මේ ප්‍රසංගය කරනවා.
මම මේ ගමන ආවේ සෝමදාස ඇල්විටිගල, පේ‍්‍රමසිරි කේමදාස, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් වැනි ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ විඳලා. රජරටින් ස්වාධීනව තනිව ගමනක් මං ආවේ. ක්ෂේත්‍රයේ අකටයුතුවලින් සසල වී ඒවාට එරෙහිව සටන් කරන්න යනවා වෙනුවට ඉවසීමෙන් හා හික්මීමෙන් මීළඟ පරම්පරාවට මා ලද දැනුම බෙදා දෙමින් මේ ගමන බාධා පීඩා අතරමැදින් වුවද යන්න මං වෑයම් කරනවා. ඒ සඳහා අමරදේවයන් වැනි ප්‍රවීණයන්ගෙන් මා හොඳ ආදර්ශ ලබාගෙන තිබෙනවා.”
ඔබේ කලා දිවියේ සුවිශේෂ වූ කටයුතු කිහිපයක් මතකයට නඟමු ද...?
“ඕනෑම ගීතයක ස්වර මාලාව කිසදු සංගීත භාණ්ඩයක් නොමැතිව ක්ෂණිකව අධි වේගයෙන් පවසන්න පුළුවන් සුවිශේෂ හැකියාවක් මට තියෙනවා. (නාලක ක්ෂණිකවම “කුරුටු ගෑ ගී පොතේ” ගීතයේ ස්වර මාලාව ගයමින් ඔහුගේ දක්ෂතාවයේ අපූර්වත්වය විඳගන්නට අපට අවස්ථාව සලසා දෙමින්...) මම විතරයි ඔය හැකියාව ඇති ශිල්පියෙකුට මේ රටේ ඉන්නේ. එහෙව් මම තමයි අද මෙහෙම විඳ වන්නේ. ජාතික රූපවාහිනියෙන් විකාශය කළ ගිටාර් හතකින් සංගීතවත් කළ අභියෝගාත්මක සම්භාව්‍ය ගීත වැඩ සටහනේ සංගීත අධ්‍යක්ෂණය කළේ මමයි. ‘රජ්ජුමාලා’ චිත්‍රපටයේ මෙන්ම ‘ජීවිතය සුන්දරයි’ රූපවාහිනී නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයත් මගෙයි.
‘බව දුක සහ බව කර්ම’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයේ දී ගුණදාස කපුගේ ශූරින්ගේ සහාය අධ්‍යක්ෂවරයා වූවේ මම. එසේම ‘කම්පන’ ප්‍රසංගයේ ගිටාර් වාදනයත්, සංගීත අධ්‍යක්ෂණයත් මා කළ සුවිශේෂ කටයුත්තක්. එමෙන්ම අමරදේව ගාන්ධර්වයාණන්ගේ ප්‍රසංගයන් වලදී මම ගිටාර් වාදනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ සමූහ ගී ගායනයෙන් දායක වී තිබෙනවා. ශ්‍රාවකයින්ගේ රස වින්දනය පිණිස ගී තනු නිර්මාණය කර තිබෙනවා. මගේම හඬින් ගීත ගායනා කර තිබෙනවා.
ඔබ ගැයූගී තවම ජනපි‍්‍රය නොවුණේ ඇයි...?
“ජනපි‍්‍රය වෙන්න නම් විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රචාරය වී අපේ ගීත ජනතාවට ඇහෙන්න ඕනේ. මොකද ගීත ජනපි‍්‍රය වෙන්න ඕනෙත් ජනයාට පි‍්‍රය වීමෙන්නේ. ඔවුන්ට නෑසෙනවා නම් එම ගීත ජනපි‍්‍රය වෙන්නේ කොහොම ද? මා ගැයූ ගීත ප්‍රචාරය නොවන හින්දා ඒවා ජනපි‍්‍රය වීම කෙසේ වෙතත් මා ගීත ගයා තිබෙන බවවත් ගීත ශ්‍රාවකයින් දන්නේ නැතුව ඇති.”
ජෝජ් රොබ්සන් ද සිල්වා

Silumina
READ MORE - ‘අංජන රංජන’

මලට බඹරෙකු සේ සිතට එන ක්ලැරන්ස්

මලට බඹරෙකු සේ සිතට එන

ක්ලැරන්ස්
සුමියුරු සත්සර රාවයට මුසුව ඔහුගේ ගී හඬ ගුවන් තලයේ පාවී ඇවිත් අදත් ගීතලෝලී සිත් ස්පර්ශ කොට අමන්දානන්දයට පත් කරන අයුරු අපූර්ව ය. වියෝ වී වසර දාසයකට පසුව අද ද ඔහු සිය සහෘද සිත් සමීපයේ හිඳිමින් ගී ගයනු වැනිය.
ගායන ශිල්පියෙකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණකරුවෙකු, වාදකයෙකු සහ සංගීතඥයෙකු ලෙස සිය ප්‍රතිභාවෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් ඉටු කළ ඔහු ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධනය. කවුරුත් දන්නා නමින් නම් ක්ලැරන්ස් විජේවර්ධනය.
1943 අගෝස්තු තුන්වැනිදා හපුතලේ දී මෙලොව එළිය දුටු ක්ලැරන්ස් සහෝදර සහෝදරියන් සිවු දෙනෙකුගේ පවුලේ වැඩිමලා වූවේ ය. පාසල් වියේ දී සංගීතයට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් විනෝද ගමන් යාමටත් බෙහෙවින් පි‍්‍රය කළ ක්ලැරන්ස් ගිටාරයක් දකින්න සිත තුළ පැවති ආසාවට මිතුරෙකුගේ ඇඳුම් සෝදා දුන් අයුරු 1980 වසරේ දී ඔහු වෙනුවෙන් පළ කළ “මල්පියලි” සඟරාවේ විශේෂ කලාපයට අප සමඟ පැවසුවේ නිහතමානී හසරැල්ලකින් මුව සරසා ගෙනය.
සැබැවින්ම ඔහු නිහතමානි, සරල මිනිසෙකු වූවේ යයි අපි සිතමු. වයස අවුරුදු එකොළහේ දී පළමු වරට ගිටාරයක් වාදනය කළ ක්ලැරන්ස් 1996 දෙසැම්බර් 13 වැනිදා ජීවිතයෙන් සමුගෙන යනතුරු ගිටාරයට පෙම් කළේය. සුමියුරු ගී තනු දහස් ගණනක් මවන්න ගිටාරය ඔහු සහාය කර ගත්තේය.
අද මේ වන විට ක්ලැරන්ස් පරිහරණය කළ ගිටාරය මේ රටේ නැතත් (එය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා සහ දියණිය අමිලා ළඟ ය.) ඔහු නිර්මාණය කළ තුන්දහසක් පමණ වූ රසබර ගීතාවලියෙන් ගීත දහසකට වඩා ප්‍රමාණයක් අපගේ රස වින්දනය පිණිස ඉතිරිව ඇත. “සංගීත කණ්ඩායම්” කුලයේ පුරෝගාමියා වූ නෙවිල් ප්‍රනාන්දුගෙන් ඇරඹි බවට සැලකිය හැකි බටහිර ජනපි‍්‍රය සංගීත කලාවට දේශීයත්වය මුසු කිරීමේ දී ක්ලැරන්ස්ගේ නිර්මාණ දායකත්වය සුවිශේෂය.
සංගීත කණ්ඩායම්, චිත්‍රපට රූපවාහිනී නාට්‍ය, පටි සහ තැටි සඳහා ක්ලැරන්ස් ගී පද රචනය, තනු නිර්මාණය සහ ගායනය යන ත්‍රිවිධාකාරයෙන් කර ඇති දායකත්වය පිළිබඳව තොරතුරු බිඳක් මෙම සමරු සටහනේ මෙලෙස අකුරු කිරීම වටී යයි සිතමු.
හැටේ දශකයෙන් ඇරඹෙන ඔහුගේ ප්‍රසිද්ධ සංගීත චාරිකාවේ මුලින්ම “මුන්ස්ටෝන්” කණ්ඩායම සමඟ කළ නිර්මාණ ද ඉන්පසු “ගෝල්ඩන් චයිම්ස්” - “සුපර් ගෝල්ඩන් චයිම්ස්” සහ “මදාරා” කණ්ඩායම් සමඟ කළ නිර්මාණ ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රයත්වයට පත්විය. එම ගී අතර “වන දෙව් ලිය තුරුලේ” - “කාගෙද ගොන් වස්සා” - “මම එදා ගොසින්” - “දිල්හානි දුවනී” - මංගෝ කළු නැන්දේ” - “රුවන්පුරය” - කිම ද නාවේ” - “ගමෙන් ලියුමක් ඇවිල්ලා” - “උඩරට නිළිය හැඩ වගේ” - “මා ආදරෙයි නංගියේ” වැනි ගී මුතු සිය ගණනකි.
ක්ලැරන්ස්ගේ කණ්ඩායම් සංගීත දිවියේ ස්වර්ණමය යුගය වූ හැත්තෑව දශකයේ දී ඔහුගේ විවාහය ද (1972 මැයි 15 වැනි දා ශීලා රම්‍යදාස සමඟ) සිදු වූ අතර චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට එක් වීම ද සිදු විය. ඒ 1975 දී “සිකුරුලියා” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වෙමින්ය. එම චිත්‍රපටයට ජේ. ඒ. මිල්ටන් පෙරේරා “කොමල ලියා සිකුරුලියා” ගීතය අද ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රය ගීතයක් වන අතර “අපේක්ෂා” (1978) - “හලෝ ශ්‍යාමා” (1982) - “චලිත රංගාලි” (1985) වැනි චිත්‍රපට සඳහා ද ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේය. ඔහුගේ සිතැඟි සත්සරින් රිද්ම ගත වූ ක්ලැරන්ස්ම ගැයූ “සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි” ගීතය මෙන්ම “සඳ තනිවෙලා” සහ “කලක් ඇවෑමෙන් පෙරුම් පුරා” (මිල්ටන් මල්ලවආරච්චි සමඟ ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක) - “ඔකඳ වෙලා සිත” (ඇන්ජලින්) - “සොඳුරු ලොවට මල් වැහැලා” (එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක) - “වසන්තයේ මල් කැකුළයි” (ඉන්ද්‍රානි පෙරේරා) වැනි ගීත ද තවමත් රසික ආදරය දිනාගෙන ඇති සුමියුරු චිත්‍රපට ගීත වේ.
කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත “දිලීප පොඩි පුතු” ගීතය ගයමින් ඒකල (තනි) ගීත ගායනයට එක් වූ ක්ලැරන්ස් “මලට බඹරෙකු සේ” - “මුව හසරැලි සාගරේ” - “හද විලේ ඔබ පිපුණා” - “සිහින ලොවක් දුටුවා මතකයි” - “රන් දුනුකේ මල” - “රන් සමනලයින් ඉගිලෙනු දැක මට” - “දුව මා වගේදෝ” - “හිරු පිබිදෙන විට” (මාලිනියේ) - “හින්දි වදන් මියුරු සරින්” - “දිනෙක මේ නදී තීරේ” වැනි රසබර ගීතාවලියක් සිය හඬින් ගීතවත් කළේ ය. ඔහු ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතය “ජනක හා මංජු” චිත්‍රපටය සඳහා ලතා වල්පොල සමඟ ගැයූ “ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕනෑ වේ” ගීතය සහ තනිව ගැයූ “සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා” ගීතය ද ගීතලෝලීන්ගේ සිත්ගත් ගීතය.
“සුසීමා” සහ “නිදිකුම්බා මල්” ටෙලි නාට්‍ය සඳහා ද සංගීත නිර්මාණයෙන් දායක වූවේ ක්ලැරන්ස් ය. මෙම ටෙලි නාට්‍යයේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සිය ගීතය ගැයීමෙන් පසුව වැනි ප්‍රතිභාසම්පන්නයෙකුගේ තනුවකට ගීතයක් ගයන්න ලැබීම පිළිබඳව මහත් සතුටින් කළ ඇගයීම තමාට චිත්ත පී‍්‍රතියක් වූ වග එකල ක්ලැරන්ස් අප සමඟ නිහතමානීව ප්‍රකාශ කළේ ය. “සුසීමා” ටෙලි නාට්‍ය සඳහා ක්ලැරන්ස් නිර්මාණය කළ “දේවතාවන් සිතන දේවල්” (ක්ලැරන්ස්) - “සිතේ සුසුම් නිවනා ගායනා” (ක්ලැරන්ස් සමඟ ජැක්සන් ඇන්තනී) - “රෑ තාරකාවෝ මුමුණා කියයි” (ජැක්සන් සමඟ ජෝර්ජ් සේනානායක) සහ “දෑස පියා ගත් කල මැවෙන්නෙ ඔබෙ රුව“ (ජැක්සන් සහ ජෝර්ජ්) ටෙලි නාට්‍ය ගීත ක්ෂේත්‍රයේ අමතක කළ නොහැකි රසබර ගී නිර්මාණය.
ගුවන් විදුලිය, කැසට් පට සහ තැටි සඳහා ද ක්ලැරන්ස් කළ නිර්මාණ දහස් ගණනකි. ;මහි දී සිය සහෝදර ගායක ගායිකාවන් වෙනුවෙන් ගී පද රචනයෙන් මෙන්ම ස්වර (තනු) රචනයෙන් ද නොමසුරුව දායකත්වය සපයා ඇති ක්ලැරන්ස් සිය නිර්මාණ ප්‍රතිභාව මෙන්ම සිය අනන්‍යතාව ද එම නිර්මාණවලින් පෙන්වා තිබීම විශේෂය. “විකසිත වත කමලේ” (මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි) - “සීත රෑ වසන්තේ” (සනත් සමඟ මල්කාන්ති) - “සීගිරි ළඳුනේ” - “රුවට රුවේ සකුරා ඉවුරේ” (ටී. එම්. ජයරත්න) -”රටකින් එහා ඉගිලී” - “ඈත රන් විමන්” - “පැතුම් පිරීලා” - “හිරු ද මුවා වී” (පි‍්‍රයා සූරියසේන) - “මල් පිබිදෙන එක වසන්ත සමයක” - “උමයංගනියෝ” (එච්. ආර්. ජෝතිපාල) - “තනි වී සිටින්නයි” - “අවසර නැත මට” - “සුළඟේ පාවී” - “කෙසේ කියන්න ද” - “මට මෙන් ඔහුට ද” (මිල්ටන් මල්ලවආරච්චි) - “පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය” - “මා පෙර සසරේ” (ඇන්ජලින්) - “මතකය ඇසුරින්” - “එදා තරම් මගේ සිතේ” - “එක දවසක් මා දුටුවා” (ඉන්ද්‍රානි පෙරේරා) - “කඩුපුල් මලක් පිපිලා” - “රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ” (වර්නන් පෙරේරා) - “උතුමාණෙනි” සහ “කැලේ සිංහයා” (නිහාල් නෙල්සන්) - “බෙත්ලෙහෙම් පුරේ” (අනිල් භාරතී) - “යොවුන් සිහින ලෝකේ” (මරියසෙල් ගුණතිලක) - “වේදිකාව ජීවිතේ අපේ” (අතුල අධිකාරි) - “මී විත පුරවා” (මර්වින් මිහිඳුකුල) වැනි ජනපි‍්‍රය ගීත දහස් ගණනක් එම නිර්මාණ අතර වේ.
වර්තමානයේ දී ක්ලැරන්ස් නිර්මාණය කළ ගීත සම්බන්ධව පැන නැඟී ඇති සිද්ධි කිහිපයක් ද වේ. ගායන ශිල්පී ඇනස්ලි මාලේවන අධිකරණ නඩුවේ නඩු විභාගයකට මුහුණ දී සිටින අතර ගායන ශිල්පී රජිව් සෙබස්තියන් අධිකරණ නියෝගයක් අනුව ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බුද්ධිමය දේපළ වෙනුවෙන් විජේවර්ධන පාර්ශ්වයට වන්දි මුදලක් ගෙවමින් සිටියි. එමෙන්ම “ටොරානා” ආයතනයට එරෙහිව කෝටියක වන්දි මුදලක් අය කර ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද ක්ලැරන්ස් විජේවර්ධන පාර්ශ්වය කටයුතු යොදා ඇත. මේ අතර ලාංකිකා පෙරේරා, අනිල් භාරතී, පි‍්‍රයා සූරියසේන සහ “මේරියන්ස්” නලීන් පෙරේරාට ද ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ භාවිතය පිළිබඳව එන්තරවාසි යවා තිබේ.
මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් ද ඇත. එනම් වර්තමානයේ ක්‍රියාත්මක වන “බුද්ධිමය දේපළ පනත” පණ ගැන්වීමට අතීතයේ දී ක්ලැරන්ස් ද දායක වූ වගයි. එහෙත් තවමත් අප රටේ සංගීත ක්ෂේත්‍රයේ නියැළෙන ගායක ගායිකාවන්, ගී පද රචකයින් සහ සංගීතඥයින් බුද්ධිමය දේපළ පනත පිළිබඳ නිසියාකාර හැදෑරීමක් කර හෝ වැටහීමක් ලබා නොමැති හෙයින් එදා ක්ලැරන්ස් කළ එම යහපත් දායකත්වය පිළිබඳ ඇගැයීමක් මෙතෙක් කෙරී නොමැත. එහෙයින් අවම වශයෙන් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතින් සලසා ඇති ප්‍රතිපාදන පිළිබඳ පමණක්වත් දැන සිටීම සංගීත ක්ෂේත්‍රයේ නියුතු සැමට යහපත් වේ යැයි අපි යෝජනා කරමු.
ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් පැන නැගී ඇති තවත් ප්‍රධාන සිද්ධියක් වී ඇත්තේ ඔහුගේ නිර්මාණ නව පරපුරේ ගායක ගායිකාවන් ගායනය කිරීම ය. මේ වන විට “කඳු පාර ඈත අයිනේ” (සංඛ දිනෙත්) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ගීත විද්‍යුත් මාධ්‍ය මෙන්ම දුරකථන රිංගින් ටෝන්ස් මඟින් ද නිතර ශ්‍රවණය කළ හැකිව තිබේ. එමෙන්ම මෙම 15 වැනි දා පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී එළිදැක්වීමට නියමිත “ක්ලැරන්ස් නිර්මාණ” (අංක - 1) ගීත ඇල්බමයෙන් ද ක්ලැරන්ස් නිර්මාණය කළ “මැණිකේ සුදු මැණිකේ” (සමන් ද සිල්වා) - “ඔබෙන් පමණි මා දුටුවේ” (අතුල අධිකාරි) - “සිහිල් නුවන් තුළ” (ඉසුරු ජයරත්න) - “විකසිත වත කමලේ” (උදේශ් ඉන්දුල) - “නිරංජලා කාටදෝ” (සුරේන්ද්‍ර සමඟ අමිලා) - “එක දවසක් මා දුටුවා” (ගයනි මධුෂානි) - “සුළඟේ පාවී” සහ “මී විත පුරවා” (උදේශ් නිලංග) - “මා ආදරෙයි නංගියෙ” (සන්තුෂ් සමඟ උමාරියා) - “පැතුම් පිරීලා” (අජිත් බණ්ඩාර) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ජනපි‍්‍රය ගීත 14 ක් ඉදිරිපත් කෙරුනු ඇත.
ක්ලැරන්ස්
ගීතෝපහාර ප්‍රසංගය
15 වැනිදා
මියුසියස් විද්‍යාලයීය
ශ්‍රවණාගාරයේ දී!
මෙම ගීත ඇල්බමයේ ඇතුළත් සියලුම ගී තනු නිර්මාණ සහ ඇතැම් පද රචනා ක්ලැරන්ස්ගේම වන අතර ඔහු පද රචනය නොකළ ගීත කිහිපයට අදාළ ගී පද රචකයින්ගේ අවසරය ලබා ගෙන මෙම ගීත ඇල්බමය නිෂ්පාදනය කර ඇත. මෙම “ක්ලැරන්ස් නිර්මාණ” ගී ඇල්බමය සංගීතවත් කර ඇත්තේ නව පරපුරේ සංගීතඥයෙකු වන නඳුන් රත්නායකය.
විජේවර්ධන පවුලේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් මෙම 15 වැනිදා සවස 7 ට මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනයට ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක, ටී. එම්. ජයරත්න, සමන් ද සිල්වා, වර්නන් පෙරේරා, රනිල් මල්ලවආරච්චි, චාන්දනී හෙට්ටිආරච්චි, අතුල අධිකාරී, ශ්‍යාම් ෆොන්සේකා, වින්ස්ලෝ සික්ස්, සමන් රත්නවීර සහ දමයන්ත කුරුප්පු ඇතුළු නව පරපුරේ ජනපි‍්‍රය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද එක්වන අතර ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ “විෂන්” විසින් ය. කථනය කැළුම් ශ්‍රීමාල් විසින් කරනු ලබන මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධන බුද්ධිමය දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස කටයුතු කරන සිරි හෙට්ටිආරච්චි විසින්ය.

එයාට ලෝකෙන්ම වටින්නේ දුව තමයි!

- ක්ලැරන්ස් බිරිඳ ශීලා විජේවර්ධන
”ක්ලැරන්ස්ගේ දාසය වැනි අනුස්මරණය නිමිත්තෙන් පවත්වන ‘ක්ලැරන්ස් ගීතෝපහාර’ ප්‍රසංගය හා එයාගේ ගීත සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සිදු වී ඇති නිසයි මං මෙවර ලංකාවට ආවේ. අමාලි දුවත් එක්ක මම දැන් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. ක්ලැරන්ස්ගේ ගිටාරය වගේම එයා ගී ලියූ පොත්පත්, පින්තුර හැමදේම දැන් දුව ළඟයි තියෙන්නේ. කොහේ හිටියත් අපිට ක්ලැරන්ස්ව නිතරම මතක් වෙනවා. එතකොට ගොඩක් දුකයි.”
”ක්ලැරන්ස් මුලින්ම සින්දු ලියන්න ගත්තේ මටයි. ඒ කාලේ එයා පදිංචි වෙලා උන්නේ අපේම ගෙදරකයි. අපි දෙන්නා අතරේ ආදරයක් ඇතිවුණා. ‘කිමද නාවේ’, ‘සිහින් සිනාවයි’, ‘සුදු මැණිකේ’ වගේ ගීත එයා මට ලියූ ගීතවලින් සමහරක්. මා වෙනුවෙන් එයා අන්තිමට ලියූ ගීතය ‘මගෙ සිරියාවතී’ ගීතය යි. ‘ක්ලැරන්ස් සිහිවටන’ (2) ඇල්බමයට එයා ඒ ගීතය ගායනා කළා වගේ මට මතකයි. ඒ වගේම අමාලි දුව වෙනුවෙන් ක්ලැරන්ස් ‘දුවනී’ – ‘අමිලා දුවේ’ – ‘ඔබ පරදා’ වැනි ගීත කිහිපයක්ම ලියා ගායනා කළා. ඔය එක සින්දුවකදී ක්ලැරන්ස් දුවට තිබුණු එයාගේ ආදරය හෙළි කරනවා. “ලෝකෙන්ම වටින්නේ දුව තමයි” කියලා.
”ක්ලැරන්ස් ගේ බුද්ධිමය දේපළ පිළිබඳව පැන නඟින ගැටලුවලට මුහුණ දීමට මමත් අමාලි දුවත් මේ රටේ නැති නිසා අපි දෙදෙනා වෙනුවෙන් ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි සිරි හෙට්ටිආරච්චි ඇටෝර්නි බලකරු ලෙස පත්කර තිබෙනවා. ඔහු ඉතා හොඳීන් එම කටයුතු කරගෙන යමින් ක්ලැරන්ස්ගේ අයිතිවාසිකම් සුරකිනවා.”

ක්ලැරන්ස්ගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක්

-ක්ලැරන්ස් ගේ නිර්මාණ පිළිබඳව ඇටෝර්නි බලකරු සහ ” ක්ලැරන්ස් ගීතෝපහාර”
ප්‍රසංගයේ සංවිධායක
සිරි හෙට්ටිආරච්චි
” ක්ලැරන්ස්ගේ නිර්මාණ යුගයෙන් යුගයට පැවතිය යුතුයි. ඒ නිසයි ඔහුගේ ගී නිර්මාණ නව පරපුරේ දක්ෂ ගායක ගායිකාවන් ලවා ගායනය කරවන්නේ. සමහරු මෙය ක්ලැරන්ස්ගේ හඬ නැති කිරීමක්, ක්ලැරන්ස්ගේ සින්දු කා දැමීමක් හෝ ක්ලැරන්ස්ට අවමන් කිරීමක් ආදී වශයෙන් අර්ථ දක්වනවා විය හැකියි.
එහෙත් එම අදහස් නිවැරැදි නැහැ. නව පරපුරේ දක්ෂයින් ලවා ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනය කරවීම හේතුවෙන් ඔහුගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක් සිදු වෙනවා. එම නිසා ක්ලැරන්ස් ගේ නිර්මාණයන්ට සාර්ථක පැවැත්මක් තිබෙනවා.”
”බුද්ධිමය දේපළ පනතෙන් සලසා දී තිබෙන ප්‍රතිපාදන යටතේ ක්ලැරන්ස් ගේ නිර්මාණ නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ දී සහ විකෘති කිරීම් සිදුවන අයුරු නැවත පටිගත කිරීම් ආදිය කර භාවිත කිරීමේ දී සියලුම ගායක ගායිකාවන්ට සහ ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
දැනට ‘ටොරානා’ ආයතනයට එරෙහිව පැවරූ නඩුව අප ජයග්‍රහණය කර තිබෙනවා. අප කළ ඉල්ලීම් දාහතෙන් දාසයක්ම අපට ලබාදීමට මහාධිකරණය නියෝග කර ඇති අතර ළඟදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම රජීව් සෙබස්තියන් හට ක්ලැරන්ස් ගේ ගී නොගයන ලෙස අධිකරණය මඟින් නියෝග කර ඇති අතර ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, ප්‍රියා සූරියසේන, අනිල් භාරතී, ලංකිකා පෙරේරා, නලින් පෙරේරා වැනි ගායක ගායිකාවන්ටත් නීතිඥයින් මඟින් දැනුම් දී තිබෙනවා ක්ලැරන්ස් ගේ ගී ගායනා නොකරන ලෙස, මේ සියලුම කටයුතු අප කරගෙන යන්නේ ක්ලැරන්ස් ගේ නිර්මාණ අයිතීන් ඔහුගේ හිමිකරුවන්ට ලබා දීම උදෙසා සහ එම ගීත මතු පරම්පරාවට දායාද කර දීමේ යහපත් චේතනාවෙනුයි.”

ක්ලැරන්ස් ගී තනු හැදුවේ රසවත් ශෛලියකටයි!

ඇන්ජලින්ද ලැනරෝල් ගුණතිලක
“ක්ලැරන්ස් පළමුවෙන්ම නිහතමානී ගුණ යහපත් පුද්ගලයෙක්. ඒ වගේම හොඳ ගායකයෙක්. අමුතුම රසවත් ශෛලියකින් තනු නිර්මාණය කළ සංගීතඥයෙක්. ගී පද රචනයටත් ක්ලැරන්ස්ට හොඳ හැකියාවක් තිබුණා.
ක්ෂණිකව ස්වර මාරු වීම ක්ලැරන්ස්ගේ තනුවල මා දුටු සුවිශේෂ ලක්ෂණයක්. එම නිසා ඔහුගේ තනු එකවර වටහාගන්න අමාරුයි.”
“ක්ලැරන්ස්ගේ සංගීතයට ‘අපේක්ෂා’ චිත්‍රපටයේ ‘සඳ තනිවෙලා’ - ‘කලක් ඇවෑමෙන්’ සහ ‘රෑ සීතලයි’ වැනි ගී ගැයීමට ලැබීම නිසා එදා මම හරි සතුටට පත්වුණා.
ක්ලැරන්ස් මට ගයන්න නිර්මාණය කර දුන්නු ‘පුංචි පුතා මගෙ ඉස්කෝලේ’ - ‘මාලී මනමාලී’ - ‘මා පෙර සසරේ’ - ‘ඔකඳ වෙලා සිත’ සහ ‘ඉමල් පුතා’ ඇතුළු හැම ගීතයකටමත් මම ආසයි.”

අංක එක ක්ලැරන්ස්

සමන් ද සිල්වා
“ක්ලැරන්ස් කණ්ඩායම් සංගීතයේ පුරෝගාමී නිර්මාණකරුවෙකු වගේම පොප් සංගීතයේ පීතෘවරයා යි. තවත් අයුරකින් කියනවා නම් මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාරයා ක්ලැරන්ස්.
ගී පද රචනය, තනු නිර්මාණය, ගායනය, සංගීත අධ්‍යක්ෂණය මෙන්ම ගිටාර් වාදනයටත් ක්ලැරන්ස් සතුව තිබුණු දක්ෂතාව සම කරන්න වෙන කවුද ඉන්නෙ...? ක්ලැරන්ස් විතරමයි. ක්ලැරන්ස් නොම්මර එක. ඉන්පසු අංකයක් තමයි වෙනින් කාට වුණත් හිමි වෙන්නේ.”
“මගේ ගායන ජීවිතයට සම්පූර්ණ අතහිත ලැබුණේ ක්ලැරන්ස්ගෙනුයි. මගේ සමහර ගීත පටිගත කරද්දී ක්ලැරන්ස් ආවේ එතුමාගේ වියදමිනුයි.
එතුමා නැති වීම ලොකු පාඩුවක්. එම පාඩුව පෞද්ගලිකව මට දැනෙනවා වගේම අද අපේ සංගීත ක්ෂේත්‍රයටත් දැනිලා තිබෙන බව පැහැදිලිව හැඟෙනවා.”

සුවිශේෂ අනන්‍යතාවක් ක්ලැරන්ස්ට තිබුණා!

ටී.එම්.ජයරත්න
“ක්ලැරන්ස් ආශ්‍රය කරන්න හොඳ අපේ සංගීත ක්ෂේත්‍රයේ උන්නු සහෘදයෙක්. එතුමා මට ගීත හතලිස් එකක් නිර්මාණ කර දී තිබෙනවා. එතුමාටම ආවේණික වූ, සහෘද හදවත් වලට සමීප නිර්මාණ ශෛලියක් තිබුණු නිර්මාණ ශිල්පියෙකු ලෙස මා එතුමාව සලකන්නේ. සරල, හිස උදුම්මා නොගත් නිහතමානි පුද්ගලයෙකු ලෙස එතුමා මගේ මතකයේ රැඳී සිටිනවා.
එවැනි මා පි‍්‍රය කළ තවත් දෙදෙනෙකු තමයි ස්ටැන්ලි පීරිස් සහ සරත් දසනායක. ක්ලැරන්ස්, ස්ටැන්ලි සහ සරත් යන තිදෙනා එක මල් කිනිත්තක් කියලයි මට හැඟෙන්නේ.”
“පේ‍්‍රමසිරි කේමදාස, රෝහණ වීරසිංහ, ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක වැනි අපේ ප්‍රතිභාපූර්ණ සංගීතඥයින් සැමටම වෙන වෙනම අනන්‍යතා තිබුණා. නිර්මාණයක් ඇහෙද්දීම අපට කියන්න පුළුවන් එම නිර්මාණය ඔවුන් අතරින් කා විසින් නිර්මාණය කරන ලද්දක් ද කියන වග. ක්ලැරන්ස් විජේවර්ධනයනුත් සිය අනන්‍යතාව නිර්මාණය තුළ සලකුණු කර තබන්නට සමර්ථ වුණා.
මොනතරම් ප්‍රතිභාවක් තිබුණත් තමන්ට අවිනිශ්චිත හෝ නොදන්නා යමක් වේ නම් දන්නා අයෙකුගෙන් විමසා දැනගන්න තරම් නිරහංකාර මහත්මා ගතිගුණ එතුමාගේ පැවති බව මා පෞද්ගලිකව අත්දැක තිබෙනවා.
එතුමා මට නිර්මාණය කර දුන් හැම නිර්මාණයකටම මං කැමැතියි. එතුමා ගැයූ ගී අතරින් ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා’ ගීතය මං ආසාම ගීතයක්. මමත් එතුමා වෙනුවෙන් පැවැත්වෙන ‘ක්ලැරන්ස් ගීතෝපහාර’ ප්‍රසංගයට සහභාගි වෙනවා.”

‘සන්ෆ්ලවර්’ නම දුන්නේ ක්ලැරන්ස්

අතුල අධිකාරි
“ක්ලැරන්ස් අයියාව මට මුලින්ම හමුවුණේ මගේ වයස අවුරුදු පහළොවේදීයි. ඒ මමයි නීලූයි (නීල් වර්ණකුලසූරිය) සංගීත ප්‍රසංගයක් සඳහා ගායක ගායිකාවන් ගෙන්වා ගැනීමට ක්ලැරන්ස් අයියාව හමුවීමට ගිය දවසකදීයි. එදා සිට සංගීත ක්ෂේත්‍රයේ මං ගොඩක් පි‍්‍රය කරපු පුද්ගලයෙකු වුණා ක්ලැරන්ස් අයියා.
ඊට පෙර මා ඔහුට පි‍්‍රය කළේ කලාකරුවෙකු ලෙස පමණයිනේ. මුණ ගැහිලා කතාබහ කළාට පස්සේ ඔහු මගේ පි‍්‍රයතම පුද්ගලයෙකු ද වුණා. ක්ලැරන්ස් අයියා තමයි අපේ සංගීත කණ්ඩායමට ‘සන්ෆ්ලවර්’ නම දුන්නෙත්.
කාලයක් අපි ක්ලැරන්ස් අයියා සමඟ එකට වැඩ කළා. ඒ අපේ කණ්ඩායමට වැඩ නොතිබුණු අවස්ථාවල දී. ඉන්පසු අපේ දැන හැඳුනුම්කම දිගටම තිබුණත් මට ක්ලැරන්ස් අයියාගෙන් කරගන්න ලැබුණේ එකම එක ගීතයක් (වේදිකාව ජීවිතේ අපේ”) විතරමයි.”
“ක්ලැරන්ස් අයියා අපේ සංගීත ක්ෂේත්‍රයට එතෙක් නොපැවති නැවුම් සංගීත ශෛලියක් ගෙන ආවා. ඔහු කරපු හැම නිර්මාණයක්ම වාගේ ජනපි‍්‍රය වීම සුවිශේෂයි.
ක්ලැරන්ස් අයියා ඔහුට නිර්මාණය කර ගත් ගීත පමණක් නෙමේ වෙනත් ගායක ගායිකාවන්ට නිර්මාණය කළ ගීතත් ඉහළම ජනපි‍්‍රයත්වයකට පත් වුණා. මේ තරම් ජනපි‍්‍රය ගීත ප්‍රමාණයක් නිර්මාණය කළ ක්ලැරන්ස් අයියා වගේ වෙන කෙනෙකු නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.”

ක්ලැරන්ස්ගේ නිර්මාණයන්ට නව සංගීතයෙන් දායක වීමට ලැබීම භාග්‍යයක්!

සංගීත අධ්‍යක්ෂ නඳුන් රත්නායක
“ක්ලැරන්ස් විජේවර්ධන අපට උන්නු ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක්. ඔහු නිර්මාණය කළ ගීතවල සදාකාලික වටිනාකමක් තියෙනවා.
එවැනි නිර්මාණ එකතුවක (“ක්ලැරන්ස් නිර්මාණ” අංක - 1 ගීත ඇල්බමයේ) සංගීතය සපයන්න මා හට අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් ;ලස මා සලකනවා.
මුලින්ම මට මේ භාග්‍ය උදාකර දුන් ශීලා විජේවර්ධනටත්සිරි හෙට්ටිආරච්චිටත් මං ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මට කීවේ මුල් නිර්මාණ විකෘති නොකර නව සංගීතය සපයන්නයි. මම ඉතාම පරිස්සමින් මුල් නිර්මාණවල රසය රැකගෙන වර්තමාන පරම්පරාවට ගැළපෙන අයුරින් මේ ඇල්බමයේ ගීත සංගීතවත් කළා.
පරම්පරාවෙන් පරම්පරාවට පැවතීමට සුදුසු සර්වකාලීන වටිනාකමක් ක්ලැරන්ස්ගේ නිර්මාණවල ඇති බවයි මගේ හැඟීම.”
READ MORE - මලට බඹරෙකු සේ සිතට එන ක්ලැරන්ස්

‘ප්‍රතිරූ’

‘ප්‍රතිරූ’

මවුබිමට ආදරය කරන පුද්ගලයන් ගැන කියැවෙන සිනමා නිර්මාණයක්

වෛද්‍ය කපිල සූරියආරච්චි
‘ප්‍රතිරූ’ අපූර්ව චිත්‍රපටයකි. එය යුද්ධය පිළිබඳව නිපදවන ලද වාර්තා චිත්‍රපටයක් හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් හෝ නොවේ. එය තම මාතෘභූමියට ආදරය කරන්නවුන් පිළිබඳව කියවෙන යුද්ධය පසුබිම් කරගත් චිත්‍රපටයකි. ‘ප්‍රතිරූ’ චිත්‍රපටය සඳහා 2011 වසරේදී හොඳම පළමු අධ්‍යක්ෂණයට හිමි ‘හුස්ටන්’ සම්මානය හිමිවිය.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය කපිල සූරියආරච්චිය. තම පළමු සිනමා නිර්මාණයෙන්ම ඔහු දක්ෂ සිනමා කරුවකුගේ පෙරමඟ සලකුණු පෙන්වා ඇත. ප්‍රතිරූ චිත්‍රපටයට පසුබිම් වූ තොරතුරු සහ එහි අන්තර්ගතය පිළිබඳව විමසීමට පසුගිය දිනෙක අපි වෛද්‍ය කපිල සූරියආරච්චි හමුවීමු.
’ප්‍රතිරූ’ චිත්‍රපටයේ වස්තුබීජය ඔබේ සිතේ පහළ වුණේ කොහොමද?
මෙහි වස්තුබීජය පහළ වුණේ ”මගේ මාතෘ භූමිය වෙනුවෙන් මම යමක් කළ යුතුයි” කියන හැඟීම මගේ හිතේ පැළපදියම් වෙලා තිබුණු නිසයි. ’ප්‍රතිරූ’ මම නිර්මාණය කරන්න සූදානම් වුණු පළමු චිත්‍රපටය නෙමෙයි. ප්‍රතිරූ චිත්‍රපටය පිළිබඳ සංකල්පය මගේ හිතට ආවට පසුව චිත්‍රපටයකට ඊට පෙර මගේ හිතේ තිබුණු වස්තුබීජය මගේ හිතෙන් ඉවත් වුණා. ’ප්‍රතිරූ’ පිළිබඳව අදහස මගේ හිතේ මුලින්ම ඇතිවුණු වෙලාවේ ඒ අදහසින් මට හිතුණේ ගීතයක් ලියන්න.
ඒ අනුවයි මගේ “සල නිසල” සංගීත චිකිත්සක වැඩසටහන අමරසිරි පීරිස් මහතාට ගායනා කිරීම සඳහා “අම්මාවරු නොමැකෙන ප්‍රතිරූ” නම් ගීතය ලිව්වේ. ඊට පසුව මම ඒ සංකල්පයෙන් කෙටිකතාවක් ලිව්වා. ඊටත් පසුව මම තීරණය කළා ඒ සංකල්පයෙන්ම සිනමා නිර්මාණයක් කරන්න. එහි ප්‍රතිඵලයයි ’ප්‍රතිරූ’ චිත්‍රපටය.
සිනමා කෘතියක් නිර්මාණයට විශාල මුදලක් වැය කළ යුතු යුගයක ඔබ මෙවැනි තේමාවක් තෝරාගැනීම අවදානම් සහගත වැඩක් කියා සිතුණේ නැතිද?
ඇත්තෙන්ම මෙය අවදානම් සහගත වැඩක් බව සිතුණා. නමුත් කලාත්මක ආකාරයට සිත් ඇදගන්නා ආකාරයට මෙම සංකල්පයෙන් චිත්‍රපටයක් නිර්මාණය කළොත් ප්‍රේක්ෂකයින් එය ඉතාම ආදරයෙන් වැළඳගනීවි යන විශ්වාසය මට තිබුණා. ඒ නිසයි මම මේ තේමාවෙන් චිත්‍රපටයක් නිර්මාණය කළේ. ඕනෑම පුද්ගලයෙක් තමන් උපන් භූමියට ආදරය කරනවා. බොහෝ දෙනෙක් ඉන්නෙ මේ හැඟීම හංගාගෙනයි. සමහරු “මවුබිමට ආදරය කරනවා” කියල කියන්න ලැජ්ජයි.
ඔවුන් හිතන්නෙ ඒක සමච්චලයට ලක්වෙන වැඩක් කියල. තවත් සමහරු හිතනව මාතෘභූමියට ආදරය කිරීම ආණ්ඩුවෙ වැඩක් කියල. නැහැ. ඒක එහෙම නෙමෙයි. තමන් උපන් භූමියට මිනිහෙක් ආදරය කරන්නෙ හදවතින්ම එන හැඟීමකින්. රටවල් ගණනාවක සංචාරය කළ කෙනකුට එහෙම නැතිනම් ටික කාලයක් හෝ මවුබිමෙන් බැහැරව සිටි කෙනකුට තම මවුබිමට ඇති ආදරය වැඩියෙන් දැනෙනවා.
මවුබිමට ආදරය කිරීම කියන තේමාව සිනමාවට නැඟීමට ඔබ පසුබිම් කරගත්තේ පසුගිය කාලයේ අපේ රට වෙළාගෙන සිටි යුද්ධය. ඒ ඇයි?
තම මවුබිමට ආදරය කළ විරුවන් ගැන කියවෙන අපට ඉතාම සමීපතම අත්දැකීම තමයි පසුගිය කාලෙ නිමාවුණු යුද්ධය. මෙම යුද්ධය නිසා මවුබිමට ආදරය කළ විශාල පිරිසක් තම අත පය, දෑස් වැනි ශරීර අවයව වගේම තම ජීවිතත් අහිමි කරගත්තා.
රට වෙනුවෙන් යුද කළ විරුවන් ගැන බොහෝ තැන්වල බොහෝවිට කියවුණා. නමුත් මේ රණවිරුවන්ගේ පිටුපසින් සිටි අම්මල තාත්තල බිරින්දෑවරු ගැන අපි කතා කළා මදියි කියලයි මම හිතන්නෙ.
මවුබිමට ආදරය කරන පුද්ගලයින් මවුබිමේ නිදහස වෙනුවෙන් සටන් වදින පුද්ගලයින් වීරයින් වෙනවා. ඒ වීරයින් නිර්මාණය කරන්නේ මවක්. එතැනිනුයි මගේ හිතට
අදහසක් ආවෙ මවුබිමට ආදරය කරන පුද්ගලයින් ගැන කියවෙන සිනමා නිර්මාණයක් කරන්න.”
මෙම චිත්‍රපටයේ දී ඔබ ‘අම්මා’ ඉස්මතු කරන්න උත්සාහ කළේ ඇයි?
ලෝක ඉතිහාසයේ ඉතාම ඈත අතීතයේ පටන් ම සෑම නිදහස් සටනකම ඒ වගේම සෑම සාර්ථක මිනිසකු පිටුපසම කාන්තාවක් ඉඳල තියෙනව. ඒ කාන්තාව අම්මා වුණු අවස්ථා බොහොමයි. මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ චරිතය ගත්තත්, අපේ විහාර මහා දේවියගේ චරිතය ගත්තත් ඉහත කියමන සත්‍ය බව පේනවා.
අපේ රටේ පසුගිය කාලෙ පැවැති යුද්ධය තුළත් තම මවුබිම බේරාගන්ඩ තම දරුවන් කැප කළ මවුවරු ඕනෑතරම් සිටියා.
ඒ අම්මාවරු ගැන අපි කතා කළා මදි කියල මට හිතුණා. ඒ වගේම තම මවත් මාතෘ භූමියත් අතරේ වෙනසක් නෑ කියල දනවන්න මට ඕනෑ කළා. ඒ වගේම හැංගිලා මාතෘ භූමියට ආදරය කරන පුද්ගලයින්ව කතා කරවන්න, ඔවුන්ව එළියට ගන්න මට ඕනෑ කළා. ඒ නිසයි මට මේ චිත්‍රපටයේ තේමා පාඨය ලෙස “උත්තරීතර මාතෘභූමිය වෙනුවෙන් පිදෙන සිනමාත්මක උපහාරය” කියල නම් කළේ.
මම ලෝකයේ රටවල් 35ක විතර සංචාරය කරල තියෙනවා. ඒ හැම රටකදීම මට හමුවුණු අම්මල එක සමානයි.
ඒ මවුගුණය පෙන්වන්නයි මට ඕන කළේ. මා දැක්ක අම්මලා සතුව තිබුණු සෑම ගුණයක් ම ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ ලීලාවතී කියන චරිතයට ආරූඪ කරන්න මම උත්සාහ කළා. ඒ සඳහා මම තෝරා ගත්තේ අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා. ඇය ඉතාම සාර්ථකව මගේ හිතේ තිබුණු ලීලාවතී අම්මව නිර්මාණය කළා.
ලීලාවතී කියන අම්මා තමන්ගේ දරුවට ආදරය කරනව. ඒ වගේම අනුන්ගේ දරුවන්ටත් ආදරය කරනවා. ඊට අමතරව ඒ අම්මා මවුබිමටත් ආදරය කරනවා. මාතෘභූමියට ආදරය කරන ලීලාවතී අම්මා අතින් නිර්මාණය වෙන්නෙ රටට ආදරය කරන වටිනා දරුවෙක්. ලීලාවතී අම්මා ඒ තමන්ගේ දරුවට රටට ආදරය කරන්න කියා දෙනවා. ඒ නිසයි ‘ලීලාවතී’ අම්ම කියන්නෙ “පුතේ මමයි මවුබිමයි අතරේ වෙනසක් නෑ. උඹට මට ආදරය කරන්න ඕන නම් මවුබිමට ආදරය කරපන්, මාව සිපගන්න ඕන නම් මවුබිම සිපගනිං, මා දිහා බලන්න ඕන නම් මහපොළොව දිහා බලාපං” කියල.
එතකොට මේ ’ප්‍රතිරූ’ චිත්‍රපටය පසුගිය යුද සමය ගැන කියවෙන චිත්‍රපටයක් නෙවෙයිද?
නැහැ. මෙය යුද්ධය පිළිබඳව කළ චිත්‍රපටයක් නෙමෙයි. මාතෘභූමියට ආදරය කළ සහ ආදරය කරන පුද්ගලයින් ගැන කියන්න පසුබිමක් ලෙසයි එම යුද්ධය කියන සංකල්පය යොදාගත්තේ. අපේ රටේ මිනිසුන්ට ඉතාම සමීප මෑත කාලීන අත්දැකීම තමයි යුද්ධය. ඒ නිසයි මගේ මූලික තේමාවේ පසුබිම් කතාව ලෙස යුද්ධය තෝරාගත්තේ. මෙහිදී මම එක වෙඩි උණ්ඩයක්වත් පත්තු වෙනව පෙන්වන්න උත්සාහ ගත්තේ නැහැ. ඒ අත්දැකීම විඳල විඳල දැකල දැකල අපේ මිනිසුන්ට යුද්ධය හොඳටම එපා වෙලා. ඒ නිසයි මම මේ චිත්‍රපටයේ කිසිම තැනක යුද්ධය නොපෙන්නුවේ.
යුද්ධය හා බැඳුණු මේ චිත්‍රපටයේ එන ඇතැම් සිදුවීම් සහ ඒ චරිත ඔබට සත්‍ය ලෙසට සමීප සිදුවීම් ද සමීප චරිත ද?
ඇත්තෙන්ම ඔව්, මම යුද්ධයට සම්බන්ධ වෙලා සිටි කෙනෙක්. ඒ; තුවක්කුව අරගෙන යුද බිමට යාමෙන් නෙමෙයි. යුද බිමේදී තුවාල ලබන සොල්දාදුවන් සුවපත් කරන වෛද්‍යවරයෙක් හැටියට. වෛද්‍යවරයෙක් හැටියට මට මුල්ම පත්වීම ලැබුණේ පොළොන්නරුවට. ඒ යුද්ධය උග්‍රවට තිබුණු කාලෙ. මම අවුරුදු අටක් පොළොන්නරුව රෝහලේ සේවය කළා. යුද්ධය ආශ්‍රිතව මට ලැබුණු අත්දැකීම් අනන්තයි. යුද සෙබළුන්ගේ වගේම ඒ ප්‍රදේශවල ජීවත්වුණා මිනිසුන්ගේ දුක වේදනාව හොඳින් අත්විඳි කෙනෙක් මම.
යුද්ධයට සම්බන්ධව සිටි සෙබළුන්ගේ ගැටලු ගැනත් ඔවුන්ගේ මානසික තත්ත්වයන් ගැනත් හොඳ අවබෝධයක් මට තිබුණා. මේ සියලු ආකාරයට ලැබුණු අත්දැකීම් මම ‘ප්‍රතිරූ’ චිත්‍රපටය නිර්මාණය කිරීමට යොදාගත්තා.
දිනක් මම අමතක නොවන අත්දැකීමක් ලැබුවා. එදා ඉතා බරපතළ ලෙස තුවාල ලැබූ සෙබළෙකුට ප්‍රතිකාර කරන්න මට සිදුවුණා. ඔහුගේ ජීවිතය බේරාගන්න ඉතාම සුළු කාලයක් තුළ රුධිරය ලබා දී සැත්කමක් කළ යුතුව තිබුණා. මම ඒ අවස්ථාවේදී සෘජු පාරවිලයනයෙන් කෙළින්ම ඒ සෙබළාට තවත් අයකුගේ රුධිරය ලබා දුන්නා. ඒ සෙබළාගේ ජීවිතය බේරුණා.
මේ සිදුවීම දැනගත් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා මාව හමුවෙන්න පොළොන්නරුව රෝහලට ආවා. “ඔබ කළ ක්‍රියාවට කොළඹ ඉඳල දුරකථනයෙන් හරි ලිපියකින් හරි ඔබට ස්තුති කරන්න මට පුළුවන් වුණත් ඔබ හමුවන්නට මම පොළොන්නරුවට ආවෙ ඔබට ඇති ආදරය නිසයි” කියල ජෙනරාල් කොබ්බෑකඩුව මගේ අත අල්ලගෙන කිව්වා.
ඒ වගේ තවත් සිදුවීමක් මට මතක් වෙනවා. පොලොන්නරුව රෝහලේ දවසක් මම වැඩ කරන විට වෙඩි වැදිල රෝහලට ගෙනාව සෙබළෙක් මගෙන් ඇහුව “ඩොක්ටර් මම මැරෙයිද?” කියල. ඒ වෙලාවෙ මම කිව්ව “ඔයා මැරෙන්නෙත් නෑ. අපි ඔයාට මැරෙන්න දෙන්නෙත් නෑ” කියල. එතකොට ඒ සොල්දාදුව කිව්ව “නෑ ඩොක්ටර් මම මැරෙන්න බය නෑ. ඒත් මට ඉක්මනට යුද්ධෙට යන්න ඕන” කියල. ඒක මම අත්විඳපු සත්‍ය සිදුවීමක්. ඒ සිදුවීම සහ ඒ සෙබළා කියූ වචන මම ඒ විදියටම “ප්‍රතිරූ” චිත්‍රපටයට යොදා ගත්තා.
ඒ වගේම පොළොන්නරුව රෝහලේ ඒ සිදුවීමට භාජනය වුණු සෙබළා සිටි ඇඳම ඒ ස්ථානයම තෝරාගෙන මම ඒ දර්ශනය ’ප්‍රතිරූ’ චිත්‍රපටයට රූපගත කළා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. ගැහැනු ළමයකුට ලීලාවතී අම්ම බත් කවන එක යුද්ධය තිබුණු පළාතෙ සිංහල අම්ම කෙනෙක් කළ දෙයක්. ඒ වගේම ගමකට කොටි ගහපු වෙලාවක ගෙදර තිබුණු කැත්තකින් ගහල ත්‍රස්තවාදීන් දෙදෙනෙක් මරා දමන්න එක අම්ම කෙනකුට හැකිවුණා. ඒ සිදුවීමත් මම ‘ප්‍රතිරූ’ චිත්‍රපටයට යොදාගත්තා.
’ප්‍රතිරූ’ චිත්‍රපටයේ ලීලාවතී අම්ම එළියට එන්නෙ කැත්තත් අරගෙන. ඒ අම්මා තමයි හිනාවෙන්නෙ; ඒ අම්මම තමයි අඬන්නෙ. මම ලීලාවතී අම්මව නිර්මාණය කළේ අම්මල සිය ගණනකගේ ගුණ එකතු කරල. මේ විදියට පොලොන්නරුවේ සේවය කරන විට මා ලැබූ අත්දැකීම් මම ’ප්‍රතිරූ’ චිත්‍රපටයට යොදාගත්තා.
වෛද්‍යවරයෙක් වෙන්න අවුරුදු ගණනක් ඉගෙනගෙන අවුරුදු ගණනක් ඒ වෘත්තියෙත් යෙදිල ඔබ සිනමාකරුවෙක් වෙන්න හිතුවේ ඇයි?
මේ චිත්‍රපයේ මම පෙන්වන්න හදන ඉස්මතු කරන්න හදන අම්මා පොලොන්නරුවේ මගේ සායනවලට ඇවිත් තියෙනව. ඒ වගේ අම්මල බොහෝ දෙනෙක් එක්ක මම කතාකරල තියෙනව. මට මතකයි එක අම්ම කෙනෙක් ගැන හොඳටම. ඒ අම්මා මම පවත්වපු ක්ෂයරෝග ක්ලිනික් එකට බෙහෙත් ගන්න එනව. ඒ අම්ම ක්ලිනික් එකට එන්න මඟවියදම හොයාගන්නෙ ගොටුකොළ මිටි කීපයක් විකුණල. සමහර දවස්වලට ඒ අම්මට ආපසු යන්න බස් එකට සල්ලි දුන්නෙ මම. කොච්චර දුෂ්කරතා තිබුණත් එකදිගට බෙහෙත් අරගෙන ඒ අම්ම ක්ෂයරෝගය නිට්ටාවට සුව කරගත්තා.
අන්තිම දවසේ මම ඒ අම්මට කිව්ව “අම්මෙ දැන් අම්මට හොඳයි. කාල බීල සතුටින් ඉන්න” කියල. එතකොට ඒ අම්ම මට පින් දීල මෙන්න මෙහෙම කිව්ව. “මහත්තය මගේ ලෙඩේ හොඳ කළ නිසා දැන් මට සතුටින් ඉන්න පුළුවනි; ඒ වගේම මහත්තයො අපේ ගමට කොටි ගහනකොට අනිත් මිනිස්සුත් එක්ක කැලේට ගිහින් හැංගෙන්නත් දැන් මට පුළුවන්” කියල ඒ අම්ම කිව්ව. ඒ අම්මට ක්ෂයරෝග කැස්ස තියෙන හින්ද කොටි ත්‍රස්තවාදීන් ගමට පහර දෙන විට කැලේ හැංගෙන්න කවුරුත් ඒ අම්මව එක්කගෙන ගිහිල්ල නෑ.
කැස්ස නිසා කොටින්ට අහුවෙයි කියල. මේවාගෙ අත්දැකීම් තමයි ’ප්‍රතිරූ’ නිර්මාණය කරන්න මාව පෙලඹුවේ. මේ චිත්‍රපටය නැරඹූ ගොඩක් දෙනෙකුගේ දෑස්වලට චිත්‍රපටයේ කුමන හෝ සිදුවීමක්, දෙබසක් නිසා හෝ කඳුළක් උනල තියෙනව. ඒ තම මවට මාතෘභූමියට බොහෝ දෙනෙක් ආදරය කරන නිසයි. ඒ ආදරය හංගාගෙන ඉන්න බැහැ. ඒ හැඟීම නොදැනීම පිටවෙනවා. මම මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වුණේ අන්න ඒ දේයි.
’ප්‍රතිරූ’ අධ්‍යක්ෂණය කරන විට ජෝ අබේවික්‍රම රංගනවේදියාව අධ්‍යක්ෂණය කරන්න ලැබීම ඔබට දැනුණේ කොහොමද?
මීට පෙර ටෙලි නාට්‍යයකදී මට ජෝ මහත්තයව අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. එහිදී මම විශාල අපහසුතාවකට පත්වුණා. නමුත් එහිදී ජෝ මහත්තයා මට ගොඩක් උපදෙස් දුන්න මගේ වැඩේ හරියට කරන්න. ’ප්‍රතිරූ’ හදන විට ජෝ මහත්තයගෙන් ලැබුණු සහයෝගය නම් ඉතා ඉහළයි. ඔහුව අධ්‍යක්ෂණය කිරීම හරිම පහසුයි.
ඔහු රංගනය පිළිබඳ විශ්වවිද්‍යාලයක් වගෙයි. ජෝ මහත්තයගෙ රංගන ’ප්‍රතිරූ’ චිත්‍රපටයට ආලෝකයක්. මට හිතෙනව ජෝ මහත්තය කොහේ හරි ඉඳල ’ප්‍රතිරූ’ චිත්‍රපටයට ආශිර්වාද කරනව කියල.
READ MORE - ‘ප්‍රතිරූ’

‘උමා’ ගැන ගයේෂා උදම් වෙයි


රූ රැජිනක යොවුන් ටෙලිනාට්‍ය නිළියක ලෙස නමක් දිනූ ගයේෂා පෙරේරා මේ දවස්වල අපූරු ටෙලි නාට්‍ය චරිතයකට පණපොවන බව අපට දැනගන්නට ලැබුණා. “සිහින සිත්තරා වී” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන ‘උමා’ චරිතයට දායක වන්නේ ඇයයි. මේ ගැන ගයේෂා අපිත් එක්ක කතා කළා.
“උමා කියන්නේ නාගරික පන්නයේ ගැහැනු ළමයෙක්. ඇය ආදරයට ආදරය කරන, ආදරය නිසා ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඇතිකර ගන්නා යුවතියක්. උමා චරිතය මගේ ටෙලි නාට්‍ය රංගන ගමන්මඟ වෙනසකට ලක්කරන මා ගැන වෙනදාටත් වඩා පේ‍්‍රක්ෂක කතාබහට බඳුන් වන චරිතයක් වේවි කියලා මම හිතනවා.”
ඉදිරියේ පැවැත්වෙන රූ රැජින තරගාවලී කීපයකටම ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නට මා අදහස් කරනවා. ඒ වගේම ලබන වසරෙන් පසුව මම යළිත් රූ රැජන තරගාවලීන් සඳහා ඉදිරිපත් නොවන්නත් පුළුවන්. ඒ නිසා ඉදිරි වසරේ දී ලැබෙන තරගවලින් මගේ උපරීම දක්ෂතාව ඉදිරිපත් කරන්නට මම උත්සාහ ගන්නවා.
READ MORE - ‘උමා’ ගැන ගයේෂා උදම් වෙයි

කොහොමද පබෝධා

හොඳීන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා

පබෝධා සංදීපනී
කොහොමද පබෝධා ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ‘පිංකි’ ට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරෙයි නේද?
ඇත්තටම ඔව්. ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය පටන්ගත්ත දවසේ ඉඳලම ඉතාම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. සමාජයේ විවිධ වයස් මට්ටම්වල විවිධ තරාතිරම්වල උදවිය මේ ටෙලිනාට්‍යය නරඹන බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පේනවා. මේ ටෙලිනාට්‍යය මේ තරම් සමාජයේ ජනපි‍්‍රය වුණේ එහි පිටපතේ තිබෙන උසස් බව සහ අධ්‍යක්‍ෂවරයගේ දක්ෂතාව නිසයි.
ඒ වගේ ම ලංකාවේ ඉන්න දක්ෂම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම මේ ටෙලිනාට්‍යයට දායක වෙලා තියෙනව. ඒකත් ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය සාර්ථක වෙන්න එක හේතුවක්.
’බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ‘පිංකි’ තමන්ගේ ජීවිතයේ ගන්නා යම් යම් තීරණ පබෝධා හැටියට ඔබත් ඔබගේ ජීවිතයේදී ගනීවි කියල හිතනවද?
නිවාර්යෙන්ම ගන්න පුළුවනි. පිංකි කියන්නෙ ඉතාම ධනවත් පවුලක තරුණියක්. එයා ආදරය කරල විවාහ වෙන්නෙ දුප්පත් පවුලක කොල්ලෙක් සමඟ. ජීවිතය ගොඩනඟා ගන්න පිංකි තම සැමියට ලොකු සහයෝගයක් දෙනව. පිංකි තමන්ගෙ තාත්තටත් හරිම ආදරෙයි.
ඇය හිතනව තමාගෙන් තාත්තට වැරැද්දක් වුණු බව. දෙමවුපියො හැම තිස්සෙම හිතන්නෙ දරුවන්ගෙ යහපතනෙ. තාත්තගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වීම ගැන පිංකි දුක් වෙනව. නමුත් පිංකි තමන්ගේ තාත්ත සමඟත් සැමියා සමඟත් සමබරව කටයුතු කරනවා.
මේ ටෙලිනාට්‍යයේ රඟන ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ වැඩ කිරීම ඔබට හොඳ අත්දැකීමක් වෙන්න ඇති?
ඇත්තටම ඒක හරිම අපූරු අත්දැකීමක් වුණා. එවැනි ප්‍රවීණයින් සමඟ වැඩ කරන විට අපිට අපේ පැත්ත හදාගන්න විශාල උදව්වක් ලැබෙනව. අපේ රටේ රංගනය ඉගෙන ගන්න පාසල් නැහැ. අපට ඒ ගැන යමක් ඉගෙනගන්න වෙන්නෙ ප්‍රවීණ ශිල්පීන්ගෙන්.
රංගනය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන, ඒකට ගරුත්වයක් තියෙන ප්‍රවීණයින් සමඟ වැඩකරන විට අපිවත් ‘පොලිෂ්’ වෙනවා. ඒක හරියට වටිනවා. ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ මගේ රංගනය කැපිල පෙනෙන්නේ එවැනි ප්‍රවීණයන් පිරිසක් සමඟ රඟපාන්න ලැබිම නිසයි.
මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල සනත් අබේසේකරගේ “මීදුම වගේ ඇවිදින්” ටෙලිනාට්‍යයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මම රංගනයෙන් දායක වුණු ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ නවතම චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනව.
කොහොමද ඉතින් අලුත් ජීවිතේ?
හොඳින් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව. මම විවාහවෙලා තවම මාස කීපයයිනෙ. මගෙ සැමියා ව්‍යාපාරික කටයුතුවල යෙදිල ඉන්නව.
විවාහයෙන් පසුව රඟපානවට ඔබේ සැමියා කැමැතිද?
මගේ රංගන කටයුතුවලට දැන් ලොකුම දිරි ගැන්වීම ලැබෙන්නෙ එයාගෙන්. හැබැයි මම හිතුවෙ නෑ මට මේ වගේ සහයෝගයක් ලැබෙයි කියල. එයා මට හැමතිස්සෙම කියන්නෙ හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න නිර්මාණයක් ලැබුණොත් ඒක බාර අරගෙන හොඳින් කරන්න කියල. එයා කලා පවුලකින් එන කෙනෙක් නෙමෙයි. නමුත් කලාව ගැන හොඳ අවබෝධයක් එයාට තියෙනව.
ඒ වගේ ම මගේ හැකියාවන්ට එයා ගරු කරනව. ඒක ඉතාම වටිනා දෙයක්. මගේ සැමියා වගේ ම එයාගෙ අම්මයි තාත්තයි මගේ වැඩ වලට ගොඩක් උදව් කරනවා. මගේ දෙමවුපියන් වගේම මා ගැන සොයා බලනවා.
ලංකාවේ පැවැත්වෙන සිනමා සහ ටෙලිනාට්‍ය උලෙළ ගැන ඔබ මොනවද හිතන්නෙ?
ඕනෑම විනිශ්චය මණ්ඩලයක ඉන්නෙ මිනිස්සු. ඔවුන් ගේ තියෙන්නෙ විවිධ රසඥතාවයන්. ඉතින් ඔවුන් තීරණ ගන්නේ ඔවුන්ගේ ඒ රසඥතාව අනුවයි. ඒක කාටත් පොදුයි. මම එවැනි ජූරියකට ගියත් මමත් එහෙමමයි. ඉතින් විනිශ්චය පිළිබඳ විවේචනය කරන එක වැරදියි. විනිශ්චය මණ්ඩලයේ තීරණය අපි බාරගන්න ඕන.
රංගනයට රූපය කෙතරම් වැදගත් කියල ද ඔබ හිතන්නේ?
හොඳ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට රූපය එතරම් වැදගත් නෑ. අපේ රටේ සහ ඉන්දියාවේ තමයි රංගනයේදී රූපයට වැඩි තැනක් දෙන්නේ. හොඳ නිර්මාණ කරන බොහොමයක් රටවල රංගනයේදී සලකා බලන්නේ එම ශිල්පීන් තුළ තිබෙන රංග පෞරෂයයි.
නමුත් ලස්සන තරුණියක් ගැන කියවෙන කතාවකට රූපය අවශ්‍යයි. නමුත් හොඳ රංගනයකට රූපය වැදගත් නොවන බවයි මගේ හැඟීම.
පබෝදා සංදීපනී කලා පවුලකින් පැවත එන දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “බොරලු පාර” ටෙලිනාට්‍යයේ ඇය පිංකි ලෙස අගනා රංගනයක නියැළෙන්නීය. පබෝධා මේ වන විට චිත්‍රපට කීපයකටත් ටෙලිනාට්‍ය ගණනාවකටත් රංගනයෙන් දායක වී ඇත. පබෝධා යුග දිවියට පිවිසියේ මීට මාස කීපයකට පෙරදීය.
සිනමාව තුළ දැනෙන රංගනයක් ඉදිරිපත් කරන්න තවමත් අවස්ථාව ලැබුණේ නැහැ නේද?
”වෑ කන්ද වළව්ව“ චිත්‍රපටයේ මම හොඳ රංගනයක් කළා කියල මම හිතනව. නමුත් ප්‍රේක්ෂකයින්ට හොඳින් දැනෙන අන්දමේ චරිතයක් රඟපාන්න තවම අවස්ථාවක් ලැබිල නෑ තමයි.
රසික රසිකාවියන් දක්වන ආදරය ඔබට ගැටලුවක් වුණු අවස්ථා තිබෙනවාද?
නැහැ. මම කලා පවුලක කෙනෙක්. පුංචි කාලෙ ඉඳලම මම කලාවට සම්බන්ධයි. රසික රසිකාවියන්ට සිනහවකින් වචනයකින් සංග්‍රහ කරන එක මට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ නිසා රසික රසිකාවියන්ගේ ආදරය මට ගැටලුවක් වෙලා නෑ,,
කලාව තුළ සහ ජීවිතය තුළ ඔබට තිබෙන බලාපොරොත්තු පිළිබඳවත් සඳහන් කළොත්...?
කලාව කියන්නෙ මගේ ජීවිතයේම කොටසක්. මම කලාව එක්කයි ඉපදුණේ. ඒක මං සංසාරෙන් සංසාරෙට අරගෙන යන දෙයක්. ඒ නිසා දිගටම කලාවේ ඉන්නත් හොඳ නිර්මාණවලට දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම සැමියට හොඳ බිරිඳක් වෙන්නත් මගේ සහ මගේ සැමියගේ දෙමවුපියන්ට හොඳ දියණියක් විදියට ඉඳීමත් තමයි බලාපොරොත්තුව. ඒ වගේම මවක් වීමේ වටිනා බලාපොරොත්තුවත් දැන් මා ළඟ තියෙනවා.
READ MORE - කොහොමද පබෝධා

බැලුම්ගල

Sunday, December 2, 2012

තර්ජන තිබුණට ගුටි කාලා නැහැ

සමාජයේ සිදුවන වංචා, හොර මැරකම් පිළිබඳව මහජනතාවට පැමිණිලි කිරීමට පොලිසිය ඇත්තේය. එසේ වුවත් මිනිසුන් මානසික වශයෙන් කෙරෙන රැවටීම් ආදිය පිළිබඳව කාට නම් පැමිණිලි කරන්නද? කෙනෙකුට විටෙක එසේ සිතෙන්නට පුළුවන. අද වන විට සමාජයේ සිදුවන වංචා, රැවටීම් ආදී වූ කූට දේ පිළිබඳව බොහෝ විට තොරතුරු දැනගත් පමණින් කෙනකුට මතක් වන්නේ ‘බැලුම්ගලය’.
”ආ ඕක කියන්න තියෙන්නේ බැලුම්ගලට”.
”බැලුම්ගලට කිව්වා නම් ඔක්කොම හරි”
මේ අද සමාජයේ පවතින මතයකි.
’නෙත්. එෆ්. එම්. ගුවන්විදුලි සේවාවේ බැලුම්ගල පිළිබඳව බොහෝ ජනතා ප්‍රසාදයක් ඇත්තේය. ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේ ඉදිරියෙන් සිටින බැලුම්ගල මේ වන විට ඉහළ ශ්‍රාවක ප්‍රතිචාරයක් දිනාගෙන ඇත්තේය. කුමක්ද මේ බැලුම්ගල?
කුලසිරි කාරියවසම්

’නෙත් එෆ්.එම්.’ රේඩියෝවේ ‘බැලුම්ගල’ පටන් ගත්තේ දෙදහස් හයේදී විතර. මම බැලුම්ගලට සම්බන්ධ වෙලා අවුරුදු තුනක් විතර වෙනවා මේ වන විට. ‘බැලුම්ගල’ හි මූලික අරමුණ තමයි ජනතාවගේ ගැටලු මේකයි කියනවට වඩා ඒ ගැටලුව හඳුනාගෙන ඊට විසඳුම් ලබාදීමට කටයුතු කිරීම.
මම බැලුම්ගලට සම්බන්ධ වුණේ නෙත්. එෆ්.එම්. රේඩියෝවේ කාලීන සිදුවීම් අංශයේ කළමනාකරු නිලූප සංජීව මහතාගේ ආරාධනාවකට අනුව.
මේ වන විට ‘බැලුම්ගල’ ඉදිරිපත් කිරීමේ දී නිලූප, චම්ලි, රංගන චාමික, සංජය, දිනිතා හා මම සිටිනවා. මේ තමයි ‘බැලුම්ගල’ අහන අය හඳුනන චරිත. නමුත් ‘බැලුම්ගල’ කණ්ඩායම ඊට වඩා වැඩියි. ඒක සංඛ්‍යාව වශයෙන් කියන්න බැරි තරම්. අපිට කියන්න බැරි තරම් පිරිසක් අප වටා ඉන්නවා. ඒගොල්ලෝ කවුද කියලා අපි හඳුන්වා දෙන්නෙත් නැහැ.
යම් සිද්ධියක් පිළිබඳව දැනගන්න ලැබුණාම අපි තොරතුරු ලබාගන්නේ මේ අයගෙන්. යම් සිද්ධියක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කෙරුවට පස්සෙත් ඊට සම්බන්ධ අයගෙන් අපට තර්ජන ගර්ජන එනවිට ජනතාව අපත් සමඟ සිටීම අපට ධෛර්යයක්”.
ගුවන්විදුලි මාධ්‍ය ක්‍ෂේත්‍රයේ මෙන්ම පුවත්පත් ක්‍ෂේත්‍රයේ ද කලක් කටයුතු කළ ප්‍රවෘත්ති වාර්තාකරණය, සංස්කරණය ආදිය පිළිබඳව අත්දැකීම් ඇති වර්තමානයේ ‘බැලුම්ගල’ හි කැපී පෙනෙන චරිතයක් වන චරිත් සුද්දත්චාරි ‘බැලුම්ගල’ පිළිබඳව එසේ අදහස් දැක්වීය.
‘බැලුම්ගල’ වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව ‘නෙත් එෆ් එම්’ හි ප්‍රධාන විධායක නිලධාරි අසංග ජයසූරිය මහතා පවසන්නේ මෙවැනි අදහසක්.
අසංග ජයසූරිය

”අපිට ඕන වුණේ මොනවා හරි කියලා උදේ වරුව ගෙවලා දාන්න නෙමෙයි. මේ සමාජයේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. රාජ්‍ය ආයතනයකට වැඩක් කරගන්න ගියාම එතැන ප්‍රශ්න තියෙනවා. රස්තියාදු වෙන්න වෙනවා. ඒ වගේම මිථ්‍යාව සමඟ ප්‍රශ්න තියෙනවා.
ඇතැම් විට මිනිසුන් මේ දේවල් නිසා මුලාවෙනවා. ඒ වගේම ආගමට මුවා වී මිනිසුන් විකෘති දේ කරනවා. මේ දේවල් නිසා මිනිසුන් ආර්ථිකමය වශයෙන් අමාරුවේ වැටෙනවා. අපිට ඕන කළේ මෙන්න මේ දේවල් පිළිබඳව ජනතාව තුළ හරි අවබෝධයක් ඇති කිරීමට, ඇත්ත නැත්ත ගැන කෙළින් කතාකරන්න, ඊට සම්බන්ධ අයගෙන්ම තොරතුරු ලබාගන්න.
අද වෙනකොට අපේ අරමුණ සාර්ථක වෙලා තියෙනවා.
ජනතාව යම් ප්‍රමාණයකට අවබෝධයෙන් ජීවත් වෙනවා. ඒ වගේම සමාජයේ තිබෙන එවැනි පුහු දේවල් වංචනික දේවල් පිළිබඳව අපේ අසන්නන්ම අපව දැනුවත් කරනවා. ඔවුන් අපට තොරතුරු ලබාදෙනවා”
‘බැලුම්ගල’ යනු එක් කණ්ඩායමකි. මේ කණ්ඩායම කටයුතු කරන්නේ සමාජ වගකීමකින් යුතුවය. බැලුම්ගලේ සාමාජිකයෝ පිළිබඳව ‘නෙත්. එෆ්. එම්.’ හි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කුලසිරි කාරියවසම් මහතා පවසන්නේ මෙවැනි අදහසකි.
”බැලුම්ගල කණ්ඩායම ඉතාම වගකීමක් ඇතුව කටයුතු කරන අය ඉන්නේ. ඔවුන් තුළ මනා කැපවීමක් තියෙනවා. මෙය පැය අටේ රාජකාරියක් නොවෙයි. හැමවිටම අවදියෙන් ඉන්න ඕන රාජකාරියක්. අපේ කණ්ඩායමේ තිබෙන එකමුතුකම, සහයෝගිතාව, කැපවීම, ආදියත් කරන දේ නිවැරැදිව කිරීමත් නිසා තමයි බැලුම්ගල මේ තරමටම ජනතාවට සමීප වෙලා තියෙන්නේ.
ඒ වගේම මම මෙහිදී අපේ ආදරණීය අසන්නන් ගැනත් වචනයක් කිව යුතුයි. බොහෝ අවස්ථාවල බැලුම්ගලින් අපි හැප්පෙන්නේ නිල බලය, ධන බලය, තියෙන අය සමඟ. එහෙම බැලුවම අපිට කිසිම බලයක් නැහැ. නමුත් ඕනෑම අභියෝගයකට අද අපිට මුහුණ දීමට පුළුවන් වෙලා තිබෙන්නේ අපේ අසන්නන් නිසා. ‘බැලුම්ගල’ අපට තිබෙන එකම ශක්තිය අපේ ආදරණීය අසන්නන්” ‘බැලුම්ගල’ බොහෝ වංචා දූෂණ පිළිබඳව මෙන්ම මිථ්‍යා මත වැපුරූ ස්ථාන, මිනිසුන්ගෙන් අසාධාරණ ලෙස සහ වංචනිකව මුදල් ගැරූ ගුරුන්නාන්සේලා, චීවරධාරීන් පිළිබඳව ද සැබෑ තොරතුරු සමාජයට අනාවරණය කළේය. අවිස්සාවේල්ලේ හොර සාස්තර මධ්‍යස්ථානය, පෙට්ට්‍රල්, ඩීසල් ආදියට භූමිතෙල් කලවම් කිරීම ආදී සිදුවීම් බොහෝමයක් බැලුම්ගලින් සමාජයට අනාවරණය කෙරිණි.
ඇතැම් සිදුවීම් අනාවරණය කිරීමේදී එහි අදාළ පාර්ශ්ව බැලුම්ගලේ සාමාජිකයන්ට දෙස් දෙවොල් තැබූහ. මරණීය තර්ජන පවා කළහ.
එහෙත් මේ සියල්ල හමුවේ අභීතව තම සමාජ මෙහෙය ඉටු කරන ‘බැලුම්ගල’ කණ්ඩායම වෙනුවෙන් චරිත් පවසන්නේ, ”ඇත්ත අපිට තර්ජන තියෙනවා. නමුත් අපි මේ වනතුරු ගුටි කාලා නැහැ. අපි කරන කටයුත්තේ හොර බොරු කරන මධ්‍යස්ථානවලින් අවට ජනතාව ගලවා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. මිනිස්සු ඉන්නේ අපි දිහා ඇස් ඇරගෙන. අපිට රටට සමාජයට වැදි බණ කියන්න බැහැ.
ඒ නිසා අපි හැම විටම වැරැදි නොකරන්න වගබලාගෙන ඉන්නේ.
අද අපිට පෞද්ගලික ජීවිතයක් කියලා දෙයක් නැහැ. අපි බැලුම්ගල කරන්නේ පැය අටේ රාජකාරියක් හැටියට නොවෙයි. එවැනි තත්ත්වයක් යටතේ ආයතනය අපිත් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.
‘නෙත් එෆ්.එම්’ ආයතනයේ තනතුරු තිබුණට ලොක්කෝ නැහැ. අපි ඔක්කෝම එක පවුලක්.
එක ගෙදරක සාමාජිකයෝ වගේ කටයුතු කරන්නේ. ආයතනය හැම විටම අපි ගැන හිතනවා. අපිට පුහුණුවීම් ලබාදෙනවා. බැලුම්ගලේ ඉන්නේ පුහුණුව ලබපු කට්ටියක්.
ඒ නිසා කෙතරම් බැරෑරුම් වුණත් අපි මේ ගමන සැහැල්ලුවෙන් යනවා.”
චරිත් මේ වන විට ‘නෙත් එෆ්.එම්. බැලුම්ගලින් හෙළි කළ රහස් 01’ නමින් කෘතියක් ද ලියා පළකර තිබෙනවා. මේ පොත පසුගියදා පිටවුණා.
”මේ පොත ආරම්භයක් පමණයි. ඉදිරියේ දී තවත් තොරතුරු ඇතුළත්ව පොත් කීපයක් පළකෙරෙනවා.
අපි ‘බැලුම්ගල’ ජනතාවට බලෙන් අස්සවන්නේ නැහැ.
මුල් කාලේට වඩා දැන් ‘බැලුම්ගල’ ජනතාව අතර ප්‍රසිද්ධයි. ඒ වගේම අපේ අසන්නන්ගේ ආශිර්වාදය, සමාජයේ ඉන්න වැඩිහිටියන්ගේ ආශිර්වාදය අපට තිබෙනවා කියලා අපි දැන් හොඳින්ම දන්නවා.

READ MORE - බැලුම්ගල