----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

හත්තොටුවේගම සමග වීදි බැසීම| ජූලි 26 | Streets Ahead with Haththotuwegama

Tuesday, July 24, 2012

අභාවප්‍රාප්ත නාට්‍යවේදී ආචාර්ය ගාමිණී හත්තොටුවේගමගේ විචාර ලිපි, දේශන, පද්‍ය, නාට්‍ය හා සම්මුඛ සාකච්ඡා සංග්‍රහ කෙරුණු අනුස්මරණ වෙළුම "Streets Ahead with Haththotuwegama හත්තොටුවේගම සමග වීදි බැසීම” ජූලි 26 බ්‍රහස්පතින්දා සවස 4ට කොළඹ බෞද්ධාලෝක මාවතේ සුදර්ශි හි දී (BMICH ඉදිරිපිට) දොරට වඞී. 1961 පටන් 2009 වර්ෂය අග දක්වා දීර්ඝ කාල පරාසයකට අයත් දුර්ලභ ලිපි ලේඛන සමුදායක් මේ කෘතියට අන්තර්ගත වන අතර සිංහබාහු නාට්‍යය මුල් වරට වේදිකාගත කළ සමයෙහි මනමේ සහ සිංහබාහු පිළිබඳ ලියැවුණු තුලනාත්මක විචාරයක් මෙන් ම 2009 වසර අග කෙරුණු හත්තොටුවේගම මහතාගේ අවසන් සම්මුඛ සාකච්ඡාව ද ඒ අතර වේ. මීට අමතර ව හත්තොටුවේගම සූරීන් පිළිබඳ විචාරකයන් හා සහෘද කලාකරුවන් විසින් රචිත විචාරාත්මක ලිපි, පද්‍ය හා සමරු සටහන් ද ඇතුළත් මේ කෘතිය කංචුකා ධර්මසිරි, ලොහාන් ගුණවීර සහ නිකෝල් කැලැන්ඩ්‍රාගේ සංස්කරණයකි. රාවය ප්‍රකාශනයකි.

කෘතිය දොරට වැඞීම නිමිත්තෙන් නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල, ආචාර්ය සිවමෝහන් සුමදි, රංගන ශිල්පිනී දීපානි සිල්වා සහ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු කෙටි දෙසුම් පවත්වන අතර විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය දැක්මක් ද පැවැත්වේ.

මෙය රසික රසිකාවන් සැමට විවෘත උළෙලකි, නාට්‍ය දැක්මකි.




A book launch

This book is the first attempt to bring together a 
selection of Haththotuwegama’s seminal articles on 
theatre and cinema in a single volume. It includes 
articles that Haththotuwegama wrote from 1961 to 
speeches he delivered in 2009. The book also contains 
critical essays about Haththotuwegama's work and his 
final interview.  Streets Ahead with Haththotuwegama is 
edited by Kanchuka Dharmasiri, Lohan Gunaweera 
and Nicole Calandra. It is a Ravaya publication.


Speeches
   Chair: Mr. Parakrama Niriella
   Dr. Sivamohan Sumathy
   Ms. Deepani Silva
   Dr. Michael Fernando
A theatre performance
   Wayside and Open Theatre
On the 26th of July from 4 pm to 6 pm
at Sudarshi (opposite BMICH)
375, Bauddhaloka Mawatha,
Colombo 7
We cordially invite you to join us


Links
READ MORE - හත්තොටුවේගම සමග වීදි බැසීම| ජූලි 26 | Streets Ahead with Haththotuwegama

ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ


ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ

-සම්පත් ජයවීර
වේදිකාව හරහා පුංචි තිරයටත් සිනමාවටත් එක්වුණු මෑත කාලීන රංගන ශිල්පියකු විදිහටයි ’සම්පත් චානක ජයවීර’ අපට මුණ ගැහෙන්නේ. හුදු නළුවා කියන ප්‍රතිරූපයෙන් බැහැරව පොළවේ පයගසා ජීවත්වන රංගන ශිල්පියෙකු ලෙස ද සම්පත් හඳුනාගන්න පුළුවන්. පසුගිය දිනවල තිරගතවුණු ‘ගාමණි’ චිත්‍රපටයෙන් සිනමාවට එක්වුණු සම්පත් මේ දිනවල පුංචි තිරේ ටෙලිනාට්‍ය කිහිපයකින්ම ඔබව මුණ ගැහෙනවා. පසුගිය දවසක සම්පත් හා කළ පිළිසඳර මෙවර ‘යෞවනයේ අපි’ විශේෂාංගයට එක්කරන්න අපි හිතුවා.
සම්පත් මේ ගෙන්දගම් පොළවට ආගන්තුකයෙක් වෙන්න ඕන.
පැහැදිලිවම ඔව්. මගේ ගම්පළාත අවිස්සාවේල්ලෙන් එහා අමිතිරිගල මහදෙණිය. එතැනින් ආව ගමන තමයි අද මම රංගන ශිල්පියෙක් කළේ.
කොහොමද මේ ගමන ඔබ පටන් ගත්තේ?
මෙහෙමයි 1998 අවුරුද්දේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව හදාරන්න මට පුළුවන් වුණා. ඒ තමයි මගේ ආරම්භයට පන්නරය ලැබුණු තැන. මාත් සමඟ රොෂාන් රවින්ද්‍ර, සුමිත් රත්නායක ඇතුළු සමකාලීනයින් හිටියේ. ඊට පසුව මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාඨමාලාවටත් සම්බන්ධ වෙලා රංගනය පිළිබඳ වැඩිදුර හදාරන්න පුළුවන් වුණා.
ඒ කියන්නේ කුඩා කාලයේ තිබුණු ආශාවක් ද මේ ඉටුකරගත්තේ?
ඔව්. මට තේරෙන අවධියේ ඉඳලම ලොකු කැමැත්තක් තිබුණේ නළුවෙක් වෙන්න.
වෙන රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
නැහැ පුළුවන්තාක් කල් රඟපාන එක කරනවා. ඇත්ත. මේ දෙයින්ම යැපෙන්න අමාරු තමයි. ඒත් කොහොමහරි කරගෙන යනවා.
ඒ කියන්නේ රංගනයෙන් ජීවත්වෙන්න පුළුවන් පසුබිමක් අද නිර්මාණය වෙලා තියෙනවා කියලද කියන්නේ?
අර්බුද නැතුවාම නෙමෙයි. එහෙමයි කියලා ඒ ගැන හිත හිතා ඉන්න එක හරිද? මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න අර්බුද තියෙනවා. නමුත් ඉතිං ඒවට විසඳුම් තියෙන්නේ වෙන අය ළඟ.
සම්පත් රංගනයට එන්නේ වේදිකාව හරහාද?
ඔව්. වේදිකාව තමයි මගේ ආරම්භය.
වේදිකාවෙන් එන රංගන ශිල්පීන්ට අද පැවැත්මක් තියෙනවා කියලා මතයක් තියෙනවා.
ඔව්. ඒක මටත් අහන්න ලැබුණු දෙයක්. වේදිකාවෙන් හොඳ රංගන ශිල්පීන් බිහිවෙනවා කියලා කියනවා. ඒක වේදිකාවේ ඉන්න අයත් කියන දෙයක්. අද සියලු දෙනාම කාලයක් තිස්සේ ඉල්ලන්නේ රංග කලා පාසලක්. සිනමා පාසලක්. නමුත් ටෙලිනාට්‍යයක් ගත්තොත් රංගනය ගැන ඉගෙනගන්න අභ්‍යාසයක් කරන්න කාලයක් නැහැ. රංගන ශිල්පීන් කෘත්‍රිම වෙලා. සිනමාවේ වුණත් එහෙමයි. අභ්‍යාස ගතවෙන්න තියෙන තැන වේදිකාව. රංගන ශිල්පියෙකුට වේදිකාව හොඳ අභ්‍යාසයක්.
අද නළුවා, නිළිය කියන ප්‍රතිරූපය ගැන මොකද හිතන්නේ?
මම හිතන්නේ අද පවතින සමාජ මතය දේශපාලනිකයි. ඔය ඛේදවාචකය නළු නිළියන්ට පමණක් නෙමෙයි ටෙලිනාට්‍යයටත් වෙලා තියෙන්නේ.
මොකක්ද ඔබ එයින් අදහස් කරන්නේ?
මෙහෙමයි. අද නළුවා නිළියට යම් ප්‍රතිරූප ගත හානියක් තියෙනවා. ඒකට මූලික හේතුව මේ සඳහා වෘත්තීය මට්ටමක් නොමැතිකම. පාරක් පාරක් ගානේ ටෙලිනාට්‍ය හදනවා. මේ සියලු දේ ප්‍රමිතියක් ඇතුව කෙරෙනවා නම් එවැනි ප්‍රශ්න සමාජයෙන් එන්නේ නැතිවෙයි.
අද සමහරු කියන්නේ විනෝදාංශයට රඟපානවා කියලනේ?
අන්න ඕක තමයි මේ ඛේදවාචකය. දොස්තර කෙනෙක් විනෝදාංශයට බෙහෙත් කරන්නේ නැහැනේ. ඩ්‍රයිවර් කෙනෙක් විනෝදාංශයට ඩ්‍රයිව් කරනවද? ඔය වගේ දේවල් තමයි මේ ක්ෂේත්‍රයට හානියක් වෙලා තියෙන්නේ. රංගනය කියන්නේ විනෝදාංශයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ගැඹුරු විෂයයක්. අධ්‍යනය කරන්න ඕන විෂයයක්. ලෝකයේ හැමදේම අප්ඩේට් වෙනවා වගේ මේ විෂයයත් අප්ඩේට් වෙනවා. ඒක හදාරන්නයි ඕන.
සම්පත් ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන ශිල්පියෙක්ද?
අනිවාර්යයෙන්ම. රංගනයේ මට හදාගන්න සීමා බාධක කිසිම දෙයක් නැහැ. මේ මගේ වෘත්තිය. එතැනදි ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ. එතැනදි මට රංගනයෙන් යමක් කරන්න පුළුවන්ද කියන දේ විතරයි වැදගත්.
හොඳයි සම්පත් අපි පවුලේ තොරතුරු ටිකක් කතා කරමු.
ඔව් මට මගේ අම්මයි තාත්තයි මල්ලියි ඉන්නේ. තාත්තා නම් විදේශ ගතවෙලා. ඒ වගේම මම විවාහ ගිවිසගෙන ඉන්නේ. නොබෝ දිනකින්ම විවාහ මංගල කටයුතු සිදුකරන්නයි බලාපොරොත්තුව. තවත් දෙයක් අද මම කලාවට ආවාට මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ.
අවසන් වශයෙන් මේ දිනවල ඔබේ කාලය ගෙවෙන විදිහ ගැන දැනගන්න කැමැතියි.
මේ දවස්වල වේදිකා නාට්‍ය කිහිපයකටම මම දායක වෙලා ඉන්නවා. රාජිත දිසානායකගේ ‘බකමූණා වීදි බසී’, ‘වීරයා මැරිලා’, වේදිකා නාට්‍ය වගේම ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘පිනි වැස්සත්’ ටෙලිනාට්‍යයටත් සාරංග මෙන්ඩිස්ගේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
READ MORE - ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ

පෙම්වතා ඉන්නෙ පිටරට


ගයත්‍රි රාජපක්ෂ
තුෂාරි තම ප්‍රේමය පිදුවේ ප්‍රවීන්ටය. එහෙත් හදිසියේම ප්‍රවීන්ගේ ආදරයට සමුදෙන්නට තුෂාරිට සිදුවෙයි. පසුව තුෂාරිට සිදුවන්නේ ගයාන් සමඟ විවාහ වන්නටය. ඉන්පසුව තුෂාරිට කරදර රැසකට මුහුණ පෑමට සිදුවෙයි. මේ කතා පුවත දිගහැරෙන්නේ සතියේ දිනවල රාත්‍රි 9.00ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සඳට අහස ආදරෙයි’ ටෙලි නාට්‍යයෙහිය.
මෙම ටෙලිනාට්‍යයේ තුෂාරිගේ චරිතය නිරූපණය කරන සුන්දර යුවතිය ගයාත්‍රි රාජපක්ෂය.
ගයාත්‍රි ‘සඳට අහස ආදරෙයි’ ටෙලිනාට්‍යයේ තුෂාරිගේ චරිතයට ඔබට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති..?
ඇත්තනේම ඔව්. තුෂාරිගේ චරිතයට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරය කරනවා. මඟතොටේදී හමුවන ගොඩක් දෙනෙක් මගේ රංගනය ගැන ආදරයෙන් කතාකරනවා. ගොඩක් දෙනෙක් “තුෂාරිට මොකද වෙන්නෙ” කියලත් අහනව. ඒ ප්‍රතිචාර ගැන මට හරිම සතුටුයි. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.
තුෂාරිගේ චරිතය මෙතරම් ජනප්‍රිය වෙයි කියල හිතුවද?
තුෂාරිට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියල නොසිතුවත් පිටපත කියවන විට මේ චරිතය සහ මේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳගනියි කියන විශ්වාසය මට තිබුණා. එහි ගෞරවය හිමිවෙන්න ඕන ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර මහතාට.
තුෂාරිගේ චරිතය ගයත්‍රිගේ චරිතයට සමානද?
තුෂාරි කියන්නෙ ගමක ඉන්න අහිංසක යුවතියක්. ඇයගේ ඇතැම් ගතිගුණ මගේ ගතිගුණවලට සමානයි. තුෂාරිගේ ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. තුෂාරි මුහුණ දෙන දේවල්වලටට මුහුණ දෙන්න මට නම් බැහැ.
”සඳට අහස ආදරෙයි’ ටෙලිනාට්‍ය රූපගත කිරීම් කළ කාලය සුන්දරයිද?
මේ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් කළේ සුන්දර හන්තාන ප්‍රදේශයේ. ඒ කාලය හරිම සුන්දරයි. මෙහි රේල්පාරේ සිදුවන රූපගත කිරීම් කීපයක් තිබුණා. ඒ ඇතැම් සිදුවීම් රූපගත කළ ආකාරය මතක් වන විට දැනුත් බය හිතෙනවා. නමුත් අපි සියලුම දෙනා ඉතාම සතුටින් තමයි රූපගත කිරීම්වලට සහභාගි වුණේ. මීට දින කීපයකට ඉස්සර තමයි මේ ටෙලි නාට්‍යයේ සම්පූර්ණ රූපගත කිරීම් අවසන් වුණේ.
මේ දවස්වල ඔබ මොකද කරන්නෙ?
සිරස නාළිකාව නිපදවන ‘යශෝධරා’ ටෙලිනාට්‍යයේත්, චන්ද්‍රරත්න මාපිටිගමගේ අලුත්ම ටෙලිනාට්‍යයේත්, පියල් යටවරගේ අලුත්ම ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම්වලට මේ දිනවල සහභාගි වෙනවා.
ඔබ රඟපාන්න ආශාවෙන් සිටි කෙනෙක්ද?
නැහැ. මගෙ හිතේ කොතනකවත් රඟපාන්න අදහසක් තිබුණේ නැහැ. මම පාසල් ගියෙ ශාන්ත මරියා, වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය කියන පාසල්වලට. පාසල් යන කාලයේ මම රංගන කටයුතුවලට සම්බන්ධ නොවුණත් සාමාන්‍ය පෙළ දක්වා මම නර්තනය විෂයක් ලෙස හැදෑරුවා. උසස් පෙළට මම කළේ ගණිතය විෂයයන්. මට මුලින්ම ආරාධනයක් ලැබුණේ රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න. එය කළාට පසුව වෙළෙඳ දැන්වීම් කීපයකටම සහභාගි වෙන්න මට හැකිවුණා.
එතකොට ඔබ රංගනයට පිවිසියේ...?
මම මුලින්ම රඟපෑවේ ‘වසූදා’ ටෙලි නාට්‍යයේ. ඉන්පසුව ටෙලිනාට්‍ය කීපයකම රඟපෑමේ අවස්ථාව මට හිමිවුණා. හැබැයි ඒ උප ප්‍රධාන චරිත. ප්‍රධාන චරිතයක් කරන්න මට මුලින් අවස්ථාව ලැබුණේ ‘සඳට අහස ආදරෙයි’ ටෙලිනාට්‍යයේ. මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මට ආරාධනා කළාම මට ලොකු සතුටක් දැනුණා.
චිත්‍රපටවලට ඔබට ආරාධනයක් ලැබී නැතිද?
ලැබුණා. ඉන් එකක් විදෙස් රටක රූපගත කිරීම් කරන එකක්. ඒ නිසා ඒ ආරාධනය මම බාරගත්තේ නෑ. නමුත් චිත්‍රපටයක මට කළ හැකි හොඳ චරිතයක් ලැබුණොත් මම සතුටින් බාරගන්නවා.
ඔබේ පවුලේ තොරතුරුත් සඳහන් කරමු..?
මගෙ තාත්ත පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. අම්මා ගෘහණියක්. මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි.
සුන්දර යුවතියක් වන ඔබට පෙම්වතෙක් නොඉන්න බැහැනෙ?
ඔව් ඉන්නවා. ඔහු රැකියාව කරන්නේ විදෙස් රටක.
ඔබගේ විවාහය ළඟදී සිදුවේවිද?
ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ අපේ විවාහය සිදුවේවි.
විවාහයෙන් පසුවත් ඔබ දිගටම රඟපානවද?
මම රඟපාන්න ආසයි. මම හිතනව රඟපාන්න මට කිසියම් හැකියාවක් තියෙනව කියල. ඒ නිසා මට පුළුවන් තරම් කාලයක් රඟපෑමේ යෙදී ඉන්නව. මගේ පෙම්වතාගෙන් මගේ රඟපෑම් කටයුතුවලට බාධාවක් නෑ. එයාට මා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනව. සමහර වෙලාවට මගේ රඟපෑම් ගැන ඔහු හොඳ නරක පෙන්වා දෙනව. ඒ නිසා මම දිගටම රංගනයේ යෙදී ඉන්නව.
READ MORE - පෙම්වතා ඉන්නෙ පිටරට

දුවගේ ආරක්ෂාවට

READ MORE - දුවගේ ආරක්ෂාවට

මහාචාර්ය සරත් අමුණුගම කැළණියට


මහාචාර්ය සරත් අමුණුගම මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස නැවත පත්කර තිබේ. ප්‍රංශයේ සෝබෝන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරා ඇති  අමුණුගම මහතා
2009 වසරේ සිට කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියි. මෙම පත්කිරීම යළිත් සිදුකර ඇත්තේ ජූලි මස 23 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදිය.
z_p10-Challenges1.jpg (305×303)
READ MORE - මහාචාර්ය සරත් අමුණුගම කැළණියට

Henry Jayasena

Friday, July 20, 2012

Legacy of a prodigious thespian

Dr Henry Jayasena is no stranger to these pages of Artscope. He penned the ‘Henry Jayasena Column’ when R S Karunaratne was editor of this supplement. He made his mark in local culture scene with his gifted flair on stage as a playwright, director as well as a performer. Born on July 6, Henry would have been 81 if he did not pass away in 2009. Two posthumous works of Jayasena: ‘Lazarus’ a translation by Vijitha Fernando (Foreword by Dr Lakshmi de Silva) and ‘Sudu Seeyage Kavi Sindu’, a collection of children’s poetry, were recently launched by his son Sudaraka Jayasena. Sudaraka recalled life and times of his father for ‘Encounter of the Week’.
* Dr Lakshmi de Silva on ‘Lazarus’
It is lively in its vivid realistic rendering of time and place. The portrayal of a childhood of isolation and loss is terse, yet moving, while the delineation of sexual stirrings and relationships is not only frank and mature but has unusual perceptiveness, touching sometimes on the sad borderline between ludicrousness and loneliness with compassion and sensitivity, at others on sensuous vitality. Henry Jayasena has been unusually fortunate, where, all too often, a translator’s wry consolation is the reflection that half a loaf is better than nothing, Vijitha Fernando gives full value. The skill that won her the State Literary Award for Women Writing.
Dr Henry Jayasena
Q: You had the privilege to share father’s celebrity status since early childhood. You were the child in ‘Hunuwataye Kathava’. Any special reasons for you to be chosen?
I do not think father gave it serious thought. I was only five. Unlike adult characters, the child characters have to change on stage over a few years. I was chosen to perform as the small child, I think, because he could not find anyone else.
I was the fifth actor. That was no big deal, as there were no dialogues involved. I was too small to understand anything he must have taught me.
Q: How was his influence on your adult life?
In the 1960s father did a lot of stage plays. They had a warm response. So he decided to stage his ‘Janelaya’, which was already staged a few years, once again. I took part in the play. I could learn a lot of things then. It’s interesting to see how he teaches certain things. He taught some lessons non-verbally.
There is a particular way of standing on stage. You have to learn how to say or pronounce certain things too. If you are a director, you must learn how to manage the cast. I used to observe my father handling all this with interest. I was in my twenties then.
Q: What’s his source of theatrical knowledge?
Unlike today, there had been no teachers at the time. When he was quite small, he had seen a play with Rukmani Devi in Negombo. The play was produced by Minerva group. The little child he was, he didn’t even know it’s a stage play. Some were singing, some dancing – all that had enthralled the little artiste in him.
He was 12 years, when this happened.
Dr Henry Jayasena hands over a copy of ‘Play is the Thing’, a collection of columns which appeared in Artscope, to his son Sudaraka Jayasena and grandsons. Dr Lakshmi de Silva looks on. Picture by Palitha Gunasena
He sent a letter to the Minerva group without the knowledge of his elders. He knew Minerva was based in Negombo. But he had no cash for a stamp. That way he came a long way. He had a long tough journey. There were people to appreciate his skills, luckily.
Q: Your father’s starting point was stage. He gradually entered cinema and television. Towards later stages, he started writing in English in addition to Sinhala. Which interested him most?
Stage, of course. Even when he had quit stage, he did not stop going to watch stage plays. Whenever there is a good play, he would want me to join him too.
Q: But why did he quit the stage?
That’s because he had more commitments in cinema and television.
Q: He was Deputy Director General of Sri Lanka Rupavahini Corporation in its infant stages. It must have been a challenge for him.
Definitely it must have been a challenge. Luckily he had experience of visual medium behind him. He had already taken part on stage and in cinema. He had been on foreign trips too.
He pioneered in introducing Oshin to Rupavahini, because he had watched the teledrama in Japan. So Rupavahini bought the copyrights to show it in Sri Lanka. As everyone knows, it became quite popular. The Japanese representatives were impressed by the ratings, and they sent the second instalment free of charge.
Teledramas like ‘Paligu Menike’ were also telecast during his period.
Q: Had he ever persuaded you to follow his footsteps?
He had never done that. True, he took me to act. But he never asked me to follow arts. If you have to follow something, you got to have intuition for that. I feel my father didn’t see that intuition in me. So he didn’t persuade me to take up arts.
He never forced me into anything. He always advised me to become a good citizen. He also emphasized the need of a secure job. That must have persuaded me to take up a job at the Hatton National Bank. I got that offer following my ‘Golu Hadawatha’ performance. I performed the lead role and it won me fame.
Q: Like most artistes, you father too did not depend only on artiste’s income. He was a government employee. How did he manage to engage in various art activities amid government employment regulations?
The environment. As he gradually became popular or established in the field, his senior officials understood his worth. They too admired him.
They made things easier as much as possible for him. At the Highway Department, he was posted in record room. He had liberty to entertain his visitors. He had liberty to go on with his work. Later in life he received positions linked to his field of interest.
Stage plays
1951: Janaki
1953: Manamalayo
1954: Vedagatkama
1959: Pavukarayo
1962: Janelaya and Kuveni
1964: Tavat Udesanak
1965: Manavarjana Vedavarjana
1966: Ahas Maliga
1967: Hunuvataye Kathava
1968: Apata Puthe Magak Nethe
1972: Diriya Mava saha Ege Daruwo
1973: Makara
1975: Sarana Siyoth se Puthun Hamba Yana
1978: Siri Sangab
1983: Jayathu Lanka

Novels
Minisun Voo Daruvo
Lazarus
Niliyakage Kathavak

Self portrayals
Karaliyaka Kathavak
Nim Nethi katahavak I, II
Balha Gilano

Children’s books
Hithata Hithena Kavi sindu
Kathandare Hengila
Sudu Seeyakge Kavi Sindu

Poetry
Rev Pilirev
Miscellaneous
Play is the Thing
The Story of a Cancer Patient
Q: He dedicated most of his later stages in life for writing books.
I think he was a writer anyway. He had been already in the industry, as almost every play was scripted into a book. But true, he was more interested in writing books following theatre and teledrama. He penned many original works. They were mostly self-portrayals, as his health was failing.
Dr Jayasena in his heyday
As Piyal in ‘Gamperaliya’
Q: Your father was inclined to Buddhism during the period when his health was failing.
It was not a sudden transformation. He already had some command of Pali, and had deciphered some obscure Pali stanzas for me and my children. He was not a fanatic, but occasionally would suggest going to temple.
He led a religious life, I knew. But the sickness came as a shock, and he was a little down. His religious life helped him a lot.
Q: Your mother was also into arts. How did you see your parents’ relationship as artistes?
Father did not take any decision without consulting mother first. They both had the habit of consulting each other before taking any decision. Not that they did not have any issues.
They had conflicts, but my parents were skilled enough to negotiate those conflicts.
Q: How was your father’s attitude towards young generation’s plays?
Wherever something deserves appreciation, father didn’t hesitate to do so. He watched most stage plays of young dramatists and used to go offstage and congratulate them. He pointed out the plus as well as minus points. He was happy with most young dramatists’ plays.
Q: Your father used English as his medium of expression mostly during his last years. He wrote originals in Sinhala and translated them into English too. Why did he choose ‘Lazarus’ to be an exception?
At first he wanted to translate his Sinhala book. But later he wanted either Vijitha Fernando or Dr Lakshmi de Silva to translate it. They were the translators he had faith in among English translators. Vijitha Fernando completed the project in one month, and father liked it very much. All this happened when father was on his last lap. Then he passed away, and the manuscript lay somewhere. I had completely forgotten it, until Dr de Silva rang me one day and reminded. It’s my fault, as I was occupied with other commitments. When I asked Sarasavi publishers to undertake the publication, they also reminded of another book by father called ‘Sudu Seeyage Kavi Sindu’. It was even printed, but had not come out of press. So we launched both books.

Daily News - ARTSCOPE
http://www.dailynews.lk/2012/07/18/fea20.asp
READ MORE - Henry Jayasena

Tribute to the maestro

‘Gandharvaabhinandana 2012’ , a classical musical event featuring Amarasiri Peiris, one of the most prominent maestros in local classical music will unfold for the second time on July 20, 6pm onwards at Nawaragahala, Royal College. The show is organized for the second time by Direct Intake of Molecular Biology and Biochemistry students of University of Colombo in hands with ChemSoc and Department of Chemistry (University of Colombo).
Amarasiri Peiris
“The first show was staged in March 2010 with Sunil Edirisinghe one of the most popular singers of Sri Lankan classical music. This is an annual event of the university. Our objective is to appreciate someone who has done a valuable service to our culture. Even though there are musical awards there is no platform that appreciate great personalities,” said Vajira Weerasekara, lecturer, Molecular Biology.
“This is not a musical show which merely entertains people. We will be inviting the lyricist, music director and have a discussion on the song and its theme. Professsor Sarath Wijesooriya will be the compeer of the evening. This will help the audience to appreciate the song. We want to inculcate this value in our university students,” he added.
While appreciating Amarasiri Peiris who has made a vast contribution to the field of music, the event will be a fundraiser to upgrade the Biotechnology Laboratory of Department of Chemistry, University of Colombo to meet the modern state-of-art facilities for Life Science research.w
“More than 100 research students including both undergraduates and graduates would benefit each year through this project. We believe that it is our responsibility to stabilize the institute. Thus we create molecular biology products such as Recombinant proteins, Enzymes, DNA extraction kit, RNA extraction kits which we sell to hospitals and other universities,” Weerasekara said.
Commenting on why science students are involved in organizing a musical event, Weerasekara says a scientist is a person who can appreciate arts and literature. “You can not separate arts and science. Even science students should learn to appreciate literary works,” he added.
Meanwhile, the veteran singer feels fortunate to participate at this event. “Most of my life I have been a violinist although I had the talent for singing. When the opportunity came my way to sing I grasped it eagerly as I love singing. There onwards I have made a lot of contributions to this field. I was a playback singer for many films and teledramas and have won several awards. However I feel my work is not adequately appreciated. Media does not talk of my works in an appreciative manner. Amidst such a situation I feel privileged to be invited to sing at a mega musical event of this nature. It is a great opportunity and am looking forward for it. I will present few songs from my latest album Ganga Gala Yaden to the audience,” he said.
Chief Organiser of the event, Gayan Parakrama thanked Dr. N. V. Chandrasekharan, Professor K. R. R. Mahanama and all the students for their tremendous support rendered to him in organising the event.
“Nalaka Anjana Kumara and the crew will provide music for the evening. This is bound to be a unique experience for the audience,” he said.
Daily News is the official media partner of the event. Tickets can be obtained at Sarasavi Bookshop (Nugegoda and Dehiwala), Sadeepa Bookshop Borella, Godage Book Emporium Maradana and Salaka Senkada.

Daily News - ARTSCOPE
READ MORE - Tribute to the maestro

මකරන්ද සාහිත්‍ය උළෙල 2012

මකරන්ද සාහිත්‍ය උළෙල 2012

මකරන්ද ලේඛක රසික හවුල විසින් සංවිධානය කරනු ලබන සත් වැනි සාහිත්‍ය උළෙල 2012 ජුලි 28 දා පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්‌වා බොල්ගොඩ පෙන්ත්හවුස්‌ රිසෝට්‌ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි. මෙවර වැඩසටහනෙහි විශේෂත්වය වනුයේ ප්‍රකට විදෙස්‌ කවි කිවිඳියන් කිහිපදෙනකු ද මීට සහභගිවීමයි.

ආචාර්ය මමතා ජී. සාගර් (දකුණු ඉන්දියානු කිවිඳියකි), මහාචාර්ය පොන්පේන් හන්ට්‍රකුල් (තායිලන්ත කිවිඳියකි) සහ රීඩා කේ. ලියම්සි (ඉන්දුනීසියානු කවියෙකි) යන අයගේත් ආරියවංශ රණවීර සහ රන්න ශ්‍රී විෙ-සිංහ යන ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ කිවිවරුන්ගේත් සහභාගිත්වයෙන් මෙවර කවිය පිළිබඳ නව කතිකාවතකට මඟ විවර කෙරෙනු ඇත.

මේ උළෙල නිමිත්තෙන් කෘති කිහිපයක්‌ ජනගත කෙරේ. ඒ මෙසේය. එතෙර රොන්සුණු (කාව්‍ය පරිවර්තන), සාහිත්‍ය විචාර සංහිතා (මකරන්ද සාහිත්‍ය විචාර තරගයේ ජයග්‍රාහී ලිපි), මකරන්ද කවි සරණිය iii වෙළුම.

මූලික දේශනවලට අමතරව "මගේ නිර්මාණ ජීවිතය හා සාහිත්‍ය මැයෙන්" පැවැත්වෙන විවෘත කතා බහ සඳහා පහත නම් සඳහන් විද්වත්හු සහභාගි වෙති. නන්දන වීරසිංහ, ජයන්ත චන්ද්‍රසිරි, නිලාර් එන්. කාසිම්, චන්ද්‍රගුප්ත තේනුවර, අශෝක හඳගම, ආචාර්ය ලියනගේ අමරකීර්ති, අනෝමා රාජකාරුණා, විපුලි නිරෝෂණී හෙට්‌ටිආරච්චි, බුද්ධදාස ගලප්පත්ති, මාලින්ද සෙනෙවිරත්න, මහාචාර්ය සමන්ත හේරත්, නීල් විෙ-රත්න.

මකරන්ද සිසු නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය, සාහිත්‍ය විචාර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය, සිංහල කාව්‍යකරණයේ දියුණුව උදෙසා කැපවෙමින් ප්‍රවීන හා නවක ලේඛක ලේකාවන් විශාල පිරිසකගේ කාව්‍ය ග්‍රන්ථ පළකරමින් මහඟු මෙහෙවරක්‌ ඉටු කළ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා ඇගයීමට ලක්‌ කිරීම, ඇතුළු අංග ගණනාවක්‌ මේ වැඩසටහනට ඇතුළත් වේ. එමෙන්ම රාජ්‍ය සංගීත කණ්‌ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන සංස්‌කෘතිකාංග කිහිපයක්‌ද වැඩසටහනට ඇතුළත්ය. ඉහත කවීන්ගේ නිර්මාණ ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම ප්‍රවීන සංගීතවේදී නවරත්න ගමගේ විසිනි. එදින කවි සමුළුවට සහභාගි වන්නන්ගේ නව නිර්මාණ සඳහා කවි කැටපත්පවුර විවෘත කෙරේ.

28 දා දවස පුරා පැවැත්වෙන මේ උළෙලට සමගාමීව 29 දා පෙ.ව. 1.00 ට විදෙස්‌ හා දේශීය සාහිත්‍යකරුවන්ගේ සහභාගිත්වයෙන් කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයේදී සාහිත්‍ය හමුවක්‌ පැවැත්වේ. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ සාහිත්‍ය සේවය ගැන කෙටි පිළිසඳරක්‌ද, එම ලේඛකයාගේ ජීවන තොරතුරු ඇතුළත් වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම ද මේ වැඩසටහනට ඇතුළත්ය. දකුණු පළාතේ ප්‍රකට සාහිත්‍යධරයන් රැසක්‌ සහභාගි වන ගාල්ල ගල්ලෑල්ලේ අය විසින් මේ කැඳවීම සිදු කරනු ලබයි.

30 දා පෙ.ව.10.00 සිට ප.ව. 1.00 දක්‌වා කටියාව යාය 6 දුටුගැමුණු විදුහලේදී සාහිත්‍ය උළෙලක්‌ සංවිධානය කර ඇත. ප්‍රකට ලේකා ශාන්ති දිසානායක මූලික අධ්‍යාපනය ලැබුවේ මේ විදුහලේය. එදින ඇගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඇගයීමක්‌ද සිදු කෙරේ. එමෙන්ම මකරන්ද සාහිත්‍ය උළෙල 2012 නිමිත්තෙන් සංවිධානය කරන ලද සිසු නිර්මාණ තරගයෙහි ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමද, විදුහලේ පුස්‌තකාලයට අවශ්‍ය උපකරණ හා පොත් ප්‍රදානය කිරීමද එදින සිදු කෙරේ. මේ උළෙල සඳහා ද දෙස්‌ විදෙස්‌ සාහිත්‍යකරුවන් රැසක්‌ සහභාගි වීමට නියමිතය.

28 දා පැවැත්වෙන උළෙල සඳහා සහභාගිවීමට කැමැති අය 0773527337, 0725022970, 0718202542 දුරකථන අංකයට කතාකර පැමිණීම තහවුරු කිරීමට කාරුණික වන්න.
READ MORE - මකරන්ද සාහිත්‍ය උළෙල 2012

රාජේශ් ඛන්නා නික්‌ම ගිය වග....


රාජේශ් ඛන්නා නික්‌ම ගිය වග....


ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්‌ෂකයන්ටද කවදාවත් අමතක නොවන බොලිවුඩ් සිනමාවේ රාජේශ් ඛන්නා නමැති සුපිරි නළුවා පසුගිය බදාදා ජීවිතයට සමු දුන්නේය. 1970 දශකයේ දී ඔහු රඟපෑ ආරාධනා, ආනන්ද්, සාති මෙරේ සාති ඇතුළු චිත්‍රපට රැසක්‌ මෙරට තිරගත විය. රාඡේශ්ගේ චිත්‍රපට එකල මෙරට සිනමා රසික රසිකාවියෝ මහත් ආදරයෙන් පිළිගත්තේය. ඔහු රඟපෑ චිත්‍රපටවල ගීත පවා සිංහල වචනවලින් සකස්‌ වී මෙරටදී ප්‍රචාරය විය. හින්දි සිනමාවේ ස්‌වර්ණමය යුගයේ ප්‍රකට නළුවකු වූ රාජේශ් ඛන්නා මියයන විට හැටඅට හැවිරිදි වියේ පසුවිය.




ඔහු වෙනුවෙන් කිශෝර් කුමාර් සහ මුකේශ් ගීත ගායනා කළේය.

පසුගියදා ෂම්මි කපූර් හා දේවානන්ද වැනි නළුවන්ද මියගියේය. ඔවුන් හා සම තත්ත්වයේ පසුවූ රාජේශ් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කලක්‌ ක්‍රියා කළත් ඔහුට එරෙහිව ජනතාවගේ චෝදනා එල්ල වූයේ නැත.

යමකු අමරණීය වන්නේ මියගියාට පසුව යයි රෙලි නමැති කවියා කීවේය.

රාජේශ් ඛන්නා නමැති ප්‍රේමාන්විත නළුවා ගැනද කිව හැක්‌කේ එයයි.

- කීර්ති වර්ණකුලසූරිය

 Divaina
READ MORE - රාජේශ් ඛන්නා නික්‌ම ගිය වග....

"ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....


"ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....
"අපි ඔක්‌කොම රජවරු...
ඔක්‌කොම වැසියෝ...
තුන් සිංහලයම නෑදෑයෝ...."




නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ පැවැත්වුණු වික්‌ටර් රත්නායකයන්ගේ "ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ද පෙරේදා පැමිණියේය. එම සොඳුරු මොහොත හා ප්‍රසංගයේ තවත් අවස්‌ථාවක්‌ද මෙහි දැක්‌වේ.

Divaina
READ MORE - "ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....

සවන පිනවන ගැයුමට ප්‍රණාමය....!

ප්‍රවීණ ගායන ශිල්පී වික්‌ටර් රත් නායකයන්ගේ "ස" ප්‍රසංගයට සමුදීමේ සමාප්ති  ප්‍රසංගයක්‌ නෙළුම් පොකුණ මහින්ද රාජ පක්‍ෂ රඟහලේදී පෙරේදා (18) පැවැති අවස්‌ථාවේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා, වික්‌ටර් රත්නායකයන්ට සිය හෘදයාංගම ප්‍රණාමය පළ කළ අයුරු.

Divaina
READ MORE - සවන පිනවන ගැයුමට ප්‍රණාමය....!

නාට්‍යවලටත් බද්දක් ඕනෑ

නාට්‍යවලටත් බද්දක් ඕනෑ

පාලිත සිල්වා
* කලක් ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය හා කාර්ය බහුල නළුවෙක් වූ ඔබ පසුගිය කාලයේ නිර්මාණයන් හි දකින්න නොලැබුණේ ඇයි?
මට හැමදාම රාත්‍රියට සියලුම රූපවාහිනි නාලිකාවල මුහුණ දාගන්න වුවමනාවක් නැහැ. පසුගිය කාලයේ දී මට බොහෝ නිර්මාණයන්ට ආරාධනා ලැබුණා. නමුත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ආර්ථිකය ගොඩ නඟා ගැනීම සඳහා නිර්මාණ පසුපස හඹා යාම පමණක් ප්‍රමාණවත් නැහැ. රංගන ශිල්පියා ලෝකය හොඳින් වටහා ගන්නා චරිතයක් බවට පත්විය යුතුයි. හොඳ රංගන ශිල්පියෙක් බිහිවෙන්න වසර ගණනාවක් යන්නේ ඒකයි.
* පසුගිය කාලයේ දී ඔබගේ නිර්මාණ දායකත්වය ලැබුණේ කුමන ක්ෂේත්‍රයන්ට ද?
බ්‍රිතාන්‍ය කවුන්සිලය වෙනුවෙන්කළ “හොට්ස් ප්‍රිජ්” නාට්‍යයෙන් පසු මම නාට්‍යයක් කළේ නැහැ. නමුත් නිර්මාණ කිහිපයකට දේශීය සගයෙක් හැටියට සම්බන්ධව තිබෙනවා. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ හැට වන සංවත්සරය වෙනුවෙන් කළ ත්‍රෛභාෂා නිෂ්පාදනය මගේ දායකත්වය ලැබුණු එවැනි නිර්මාණයක්.
මම පසුගිය කාලයේ දී වැඩිපුරම කළේ වැඩමුළු පැවැත්වීම යි. අගනුවර පාසල් කිහිපයක වගේම ත්‍රිකුණාමලය වැනි දුර බැහැර ප්‍රදේශවලත් වැඩමුළු පැවැත් වුවා.
* ඔබ ගේ මංගල චිත්‍රපටය වූ ‘මල්වර අඩවිය’ අතරමඟ නැවතුණේ ඇයි?
චිත්‍රපට සංස්ථාව ආරම්භ කළ නවක සිනමාකරුවන්ට ණය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ යටතේ ජයන්ත චන්ද්‍රසිරි, ඉනෝකා සත්‍යාංගනී, ලින්ටන් සේමගේ, සත්‍යජිත් මාඉටිපේ වැනි නිර්මාණකරුවන් රැසකට සිනමාවට පිවිසීමට හැකි වුණා. මගේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහාත් අවස්ථාව උදා වූයේ එම වැඩපිළිවෙළ අනුවයි. සංස්ථාව 2002 න් පසු එම වැඩපිළිවෙළ නවතා දැමුවා. ඔවුන් ඒ වන විට මුදල් ගෙවා චිත්‍රපටයේ අයිතිය පවරා ගෙන තිබුණා. ඒ නිසා මට එය වෙනත් නිෂ්පාදකයන්ට ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් එය නිෂ්පාදනය කරන්නෙත් නැහැ. ඒ නිසා චිත්‍රපටයේ කටයුතු ඉදිරියට ගියේ නැහැ. නමුත් ණය පියවන්න කියලා ලියුම් නම් එවනවා. මම ඔවුන්ට කිව්වා චිත්‍රපටයේ අයිතිය නැවත මට දෙන්න මම ණය පියවන්නම් කියලා. දැන් අවුරුදු දහයක් ගියා මට කිසිම උත්තරයක් නැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ සිනමාව ගැන කුමන කතා ද?
* සිනමාවට පිවිසෙන්න ඒ පිළිබඳ අධ්‍යයනයක් අවශ්‍ය ද?
අද චිත්‍රපට හැදෙන විදිහ අනුව මටත් එහෙම හිතෙනවා. නළු නිළියන් පෙළ ගැස්වීම පිළිබඳ ක්‍රමවේදයන් වේදිකාවෙ වගේම සිනමාවේත් තිබෙනවා. වෙනත් රටවල සිනමාකරුවෙක් වීමට තිබෙන ප්‍රබලම සුදුසුකම තමයි නාට්‍ය හා සිනමා පාසලක ඉගෙන ගෙන තිබීම. ඊට අමතරව ඔවුන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට පෙර අවම වශයෙන් නාට්‍යයක් හෝ කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබිය යුතුයි. ඩැනි ඩොයිල් ‘ස්ලම් ඩෝග් මිලියන්’ චිත්‍රපටය හැදුවේ දීර්ඝ කාලයක් වේදිකාවෙන් ආභාෂය ලැබීමෙන් පසුවයි. අපේ රටේ එවැනි දැවැන්ත නිෂ්පාදනයන්ට පිවිසෙන අධ්‍යක්‍ෂවරුන්ට මේ කොතැනකින් වත් ලබාගත් පරිචයක් නැහැ.
සිනමාව ගැන හදාරා කර්මාන්තයට පිවිසෙන්න හදන විට ආරම්භයේ දීම සියලු දේවල් අහිමි කර පැත්තකට කර තිබෙනවා. නමුත් කැමරාව තියන්නේ කොතැන කියලාවත් දන්නේ නැති සමහරු අද ජයට ම චිත්‍රපට කරනවා. මේක තමයි යථාර්ථය.
* ‘සර්කස් කාරයෝ’ හරහා ඔබ අපගේ අවධානය යොමු කරන්නේ කුමක් වෙතද?
නූතන මිනිසාගේ වෙනස්වීම ගැන කතා කිරීම මෙම නිර්මාණයේ අරමුණයි. වටපිටාවේ සිදුවන දේවල්වලට ඔවුන් මුහුණ දෙන ආකාරය එක්තරා සිද්ධියක් ආශ්‍රයෙන් හෙළිදරව් කෙරෙනවා.
* නාට්‍ය ඉදිරියට ගලාගෙන යන්නේ ප්‍රශ්න කිරීමක ස්වරූපයෙන්. එවැනි ආකෘතියක් තෝරා ගැනීමට හේතුව කුමක් ද?
නාට්‍යයේ කේන්ද්‍රිය සිදුවීම වන්නේ සර්කස් කණ්ඩායමකින් හමුවන බෝම්බයක් ගැන ඔවුන්ගෙන් කරන ප්‍රශ්න කිරීමක්. නිලධාරියා සර්කස්කරුවන් ගෙන් කරන ප්‍රශ්න කිරීම එක්තරා විදිහකින් ඉතිහාසය පුරාම මෙම පන්තිය අපෙන් කරන ප්‍රශ්න කිරීම සිහි ගන්වනවා. සංවාද ආකෘතියට යොදා ගැනීම නිසා ප්‍රශ්න කිරීම මඟින් ඔවුන් දැන ගැනීමට උත්සාහ කරන දෙයක් ගැන පූර්ව ඉඟියක් ලැබෙනවා. නමුත් අවසානයේ ඔවුන් හෙළිදරව් කරගන්නේ තමුන් බලාපොරොත්තු වන දෙය නොවෙයි. සත්‍ය යැයි අපි වටහා ගන්නා දෙය සාපේක්‍ෂයි. මෙම ස්වභාවය ගැන කියන්න වගේම ප්‍රශ්න කිරීමෙන් අනුන් වගේම තමනුත් හෙළිදරව් වෙන බව දක්වන්න වඩා ප්‍රබල සංවාද ආකෘතිය යි.
* නාට්‍ය කලාවට ශක්තිමත් පදනමක් ඇති කිරීමට විදෙස් අත්දැකීම් අනුව ඔබේ යෝජනා මොනවා ද?
නාට්‍ය කලාව තුළ නර්තනය, සාහිත්‍ය, චිත්‍ර කලාව, සංගීතය වැනි සෑම කලා මාධ්‍යයක්ම අනුෂාංගිකව පවතිනවා. ඒ නිසා නාට්‍ය රැකගත හැකි නම් අනෙකුත් කලාවන් ආරක්‍ෂාවේ යැයි මතයක් පවතිනවා. ජර්මනිය වැනි රටක භාණ්ඩ කිහිපයක් මත පනවන බද්ධ පෙරලා යෙදවෙන්නේ නාට්‍ය කලාවේ දියුණුව සඳහායි. අමෙරිකාවත් එවැනි ක්‍රමයක් පවත්වාගෙන යනවා.
මේක අපිට නුපුරුදු අදහසක් නෙමෙයි. ආරෝග්‍ය ශාලා ලොතරැයිය ආරම්භ කළ කාලයේ එහි ආදායම වෙන් වූයේ රෝහල් දියුණු කිරීම සඳහා යි. එවැනි ක්‍රමයක් නාට්‍ය කලාව වෙනුවෙන් ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් රට බීම සඳහා අය කරන බද්දෙන් සුළු ප්‍රතිශතයක් වේදිකාව නඟා සිටුවන්න වෙන් කළ හැකි නම් නාට්‍ය කලාව පමණක් නෙවෙයි සමස්ත කලාවම නඟා සිටුවන්න පුළුවන්.
නාට්‍ය පාසල් පවත්වාගෙන යාම තරුණ නාට්‍යකරුවන්ට නාට්‍ය නිෂ්පාදනය සඳහා උදව් කිරීම, අත්දැකීම් බහුල ශිල්පීන්ට ඔවුන්ගේ දැනුම බෙදා හදා ගත හැකි තැනක් ඇති කිරීම අලුත් රඟහලවල් ඉදිකිරීම වැනි කටයුතු සඳහා එවැනි අරමුදලකට ලැබෙන මුදල් යෙදවිය හැකියි. එපමණක් නෙවෙයි අසරණ වන කලාකරුවන්ට උදව් කිරීම වැනි වැඩ රාශියක් මෙවැනි වැඩපිළිවෙළක් මඟින් ඇති කළ හැකියි.
* අනාගත පැවැත්ම ගැන සලකන විට ගැටලු තිබෙන්නේ යටිතල පහසුකම් වර්ධනය නොවීමේ දිශාවේ පමණ ද?
ශක්තිමත් වැඩපිළිවෙළක් නොතිබීම නිසා නාට්‍ය කලාව හැදෑරීම සඳහා පැමිණෙන තරුණ ශිල්පීන් තවදුරටත් මේ මාධ්‍යයේ රැඳෙන්නේ නැහැ. ඔවුන් වෙළඳ ප්‍රචාරණය වැනි වෙනත් ක්ෂේත්‍රයන්ට යනවා. කලාවේ දිගටම එල්බගෙන සිටීම හා එහි පවතින අස්ථිරභාවය කලාකරුවන්ගේ ජීවිත වලට ඉමහත් බලපෑමක් කරනවා. එය අවාසනාවන්ත තත්ත්වයක්. මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙනව නම් දැවැන්ත නිර්මාණ කරන්න පුළුවන්.
අධ්‍යාපනයකින් තොරව කිසිවක් කරන්න බැහැ. මේ වන විට ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ පුහුණු අධ්‍යක්‍ෂවරු හා නළුවන්. නමුත් ලංකාවේ ඒකේ අනිත් පැත්ත. චරිතයක් නිර්මාණශීලිව ගොඩනඟන්නේ කොහොම ද කියලා ඉරි ගහලා පෙන්වන්න බැහැ. නමුත් දැන් වෙන්නේ නිර්මාණශීලිත්වය අහලකින් වත් ගියේ නැති අය නිර්මාණ කිරීමයි.
.
Dinamina
READ MORE - නාට්‍යවලටත් බද්දක් ඕනෑ

මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී

Thursday, July 19, 2012


මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී
උමාලී තිලකරත්න
2012 ජූලි මස 09 13:10:11 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

ඒ චිත‍්‍රපටයේ රඟපෑම සඳහා ගොස් දැන් ඇය සිටින්නේ ජපානයේය. එහි සිටින උමාලි සමග විශේෂිත හමුවක යෙදීමට සැඳැල්ලේ අපට හැකිවුණා.
ජපන් සිනමාවට ලෝකයේ කවදත් ලැබුණේ හොඳ වටිනාකමක්. සිනමාත්මක ප‍්‍රකාශ සහ හරය රැකගෙන සිනමාව එදා සිටම පවත්වාගෙන යාම ඊට හේතුවයි. අකිර කුරසෝවා වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් ලෝකයට දායාද කළ ජපන් සිනමාවේ නිර්මාණයකට දායකවීම  ඕනෑම නළුවකු හෝ නිළියක ලබන එක්තරා දුර්ලභ වරප‍්‍රසාදයක් ලෙස හඳුන්වන්න පුළුවනි. මේ සුවිශේෂි වරම ශ්‍රීලාංකීය යොවුන් රංඟන ශිල්පිනී උමාලි තිලකරත්න හට  පසුගියදා හිමිවුණා.
අයි එම්  ඕ කියන ජපන් නියෝජිත ආයතනයේ සාමාජිකාවක ලෙස මා ලියාපදිංචි වී සිටිනවා. ඒ අවස්ථාව ලැබුණෙ අපේ තාත්තාගෙ මිතුරකු වන ජපන් ජාතික මහත්මයකු නිසයි. එතුමා තමයි අයි එම්  ඕ නියෝජිත ආයතනයේ ප‍්‍රධන විධායකට මාව හඳුන්වා දුන්නෙ. මම මගේ උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යෑමට අදහස් කරමින් සිටි කාලයේදී තමයි මේ ජපාන ජාතික මහතා හඳුනා ගැනීමට ලැබුණෙ. මෙහි කලාවට දායකව මම කරන කියන දේවල් ඔහුට දැක ගැනීමට ලැබී තිබෙනවා.  එදා ඔහු මේ අවස්ථාව සඳහා ආයතනයට හඳුන්වා දෙන බවට පොරොන්දු වී සිටියා. ඒ පොරොන්දුව සැබෑවක්ම  වුණා. එම නියෝජිත ආයතනයට හඳුන්වාදීමෙන් පසුව ඔවුන් මාව මෙම චිත‍්‍රපටයේ යෝග්‍යතා පරීක්‍ෂණය සඳහා යොමුකළා. ඊට පස්සේ මෙහි රඟපෑම සඳහා වාසනාව, අවස්ථාව මට ලැබුණා.
”මුලින්ම මට ජපානයට යන්න ලැබුණේ 1995 දී විතර. එදා කෙටි සංචාරකයක් සඳහා පවුලේ අය එක්ක ගියේ. ඉන්පසු කීප වතාවකදීම ජපානයට යාමට අවසථාව ලැබුණා. තානාපති සබඳතා යටතේ පැවැත්වෙන සමරු උත්සවයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ සංස්කෘතික උළෙල නියෝජනය කිරීමටද මට අවස්ථාව ලැබුණා. පසුව 2004 දී ජපන් බස ඉගෙන ගැනීම සඳහා එරටට ගියා. ගිහින් 2005 නැවත ආවා. දැන් මම මගේ උසස් අධ්‍යාපනය සඳහා එරටට ගොස් සිටිනවා. ඒ වෙනුවෙන් මම ජපානයට ආවේ 2010 අපේ‍්‍රල් මාසයේදීයි.

මේ චිත‍්‍රපටය වැඩ කටයුතු සිදුකෙරෙන විදිය ගැනත් සඳහනක් කළොත්.
මෙහි රඟපෑමේ කටයුතු වෙනුවෙන් මාස හයක පමණ කාලයක් මට මිඩංගු කරන්න සිදුවුණා. පෙර සහ පසු නිෂ්පාදන කටයුතු සියල්ල වෙනුවෙන් එලෙස කාලය වෙන්වුණා. මෙහි රූගත කිරීම් ප‍්‍රධානව සිදුවුණේ විශාල ප‍්‍රදේශයක් වන ෆුකුෂිමා (පසුගියදා මහා සුනාමි කම්පාව ඇතිවූ ප‍්‍රදේශයේ) වලදීයි. ඊට අමතරව ජපානයේ බොහෝ තැන් යොදාගෙන තිබුණා. ජපානයේ අතිශය කාර්ය බහුල නගර වන ටෝකියෝ සහ ෂිබුයා වැනි ප‍්‍රදේශවලදීත් රූගත කිරීම් කළා. විවෘත දර්ශන තලයේදී 700කට වැඩි අමතර නළු නිළියන් පිරිසක් සමග රඟපෑමේ අවස්ථාද තිබුණා. මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නේ ජපානයේ ආගමික සංවිධානයක් විසිනුයි.  එහි බෙදාහැරීම් කටයුතු සිදු කරන්නේ නික්කට්ෂු සංස්ථාව විසිනුයි. මෙහි සමහර නිර්මාණ කටයුතු සඳහා පරිගණක ග‍්‍රැෆික්කරණය ඉතා විශිෂ්ඨ ලෙස යොදා ගෙන තිබෙනවා. මගේ පුද්ගලික මතය අනුව මට එය අදහාගත නොහැකි තරම් දෙයක්. එතරම්ම එය විශිෂ්ඨයි. නරඹන්නන් ඇද - බැඳ තබා ගන්නා වඩාත් චිත්තාකර්ශණීය දෙයක් වේවි. මේ සියල්ල වගේම, චිත‍්‍රපටය නිපදවීම සඳහා අති විශාල ධනස්කන්ධයක් වැයකර තිබෙනවා.

මේ චිත‍්‍රපටයේ රඟපෑමේදී ලද අත්දැකීම්?
මුල සිටම අවසන දක්වා මා ලද අත්දැකීම් නම් අති විශාලයි. විටෙක එය වචනයට පෙරළීමට නොහැකි තරම්. ප‍්‍රධාන නළු නිළියන් සහ අමතර  අය සමඟ පෙර පුහුණුවීම් කළා. රූගත කිරීම් පටන්ගත්තෙ ශීත සෘතුවේදියි. ආහ්...එය උසුලාගත නොහැකි දරුණු ශීත සමයක්. එවැනි කාලගුණික තත්ත්වයක් යටතේ එළිමහනේ රූගත කිරීම් පවා සිදු කෙරුණා. හිතන්න පුළුවන්ද එවැනි ශීතලක් දරා ගත්තෙ කොහොමද කියලා? කොහොම වුනත් ශීත කාලයක් නැති ගාණට අපි රූගත කිරීම් වලට මුහුණ දුන්නා. මේ සියල්ල දෙබස් සහිතව එකවර රූගත කරන අවස්ථා වුණා. එය මගේ රංගන ජීවිතයේ ලද පළමු අත්දැකීම නිසා මට ගොඩක් සතුටුයි.මම මගේ චරිතය වීරවරියක් සේ ගොඩනගා ගැනීමට මේ සියලූ අත්දැකීම් උපයෝගී  වුණා. ඉතින් මට මේ සියල්ල නිසා ඉගෙනීමට ලැබුණු දේ වගේම ලැබූ අත්දැකීම් බොහොමයි. මෙහිදී මට අමතකම නොවන දේ හැටියට සඳහන් කළ හැකි වන්නේ විශාල ජනකායක් ඉදිරියේ ලද උණුසුම් ප‍්‍රතිචාරයයි.
එහිදී ශ්‍රී ලංකාවේ වගේ චිත‍්‍රපටයක මංගල දර්ශනය පැවැත්වෙන්නේ නැහැ. ඒ වෙනුවට රඟපෑමට දායක වූ ප‍්‍රධාන නළු නිලියන්ට උපහාර පිදීමේ - ගෞරව කිරීමේ උළෙලක් පැවැත්වෙනවා. නරඹන්නන් 1600කට වැඩි පිරිසක් ඉදිරියේ මා ලද ඒ ප‍්‍රතිචාරය සහතිකෙන්ම සදාදරණීයයි. උපාධි අපේක්‍ෂිකාවක ලෙස කටයුතු කිරීම නිසා ඒ සියලූ වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීමට මෙම නියෝජිත ආයතනයේ කළමනාකාර වරයා සියල්ල වෙනුවෙන් මට සැලසුමක් හදා දුන්නා. ප‍්‍රධාන රූගත කිරීම් වලට පෙර මාස දෙකහමාරක් පමණ පෙරපුහුණුව ලබා දුන්නා. මේ සියල්ල හරි ආශ්චර්යවත් දේවල්.

මේ ආශ්චර්යවත් දේ සමග ජපන් බස හැසිරවීම කළේ කොහොමද?
මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ජපන් භාෂාව ප‍්‍රගුණ කිරීමට තිබෙනවා. ඒ නිසා ජපන් බස ඉගෙන ගන්නා ආරම්බක සිසුවියක ලෙස මට එය එතරම්ම දුෂ්කර වුණේ නැහැ. ජපානයේ ශිල්පීන් රංග කාර්යයේදී දෙබස් කීම සහ ප‍්‍රකාශනයන් ඉදිරිපත් කිරීම හරි වෙනස්. නමුත් ඒ දුෂ්කරතා බිඳහැර ජපන් භාෂාවට අගෞරවයක් නොවන පරිදි මටම සියල්ල උච්චරණය කිරීමට ලැබීම සතුටටම කරුණක්. මට මා වෙනුවෙන් දෙබස් කවන ශිල්පීනියක අවශ්‍ය වුණේ නැහැ. කොහොම වුණත් මම ජපන් බස සහ වචන වලින් කියැවෙන අරුත නිවැරදිව ප‍්‍රකාශ කරන හැටි යම්තාක් දුරකට ඉගෙන ගත්තා. රූගත කිරීම් කරන අවස්ථාවේදී ජපාන ජාතිකයින් සමග අදහස් හුවමාරු කර ගැනීම නිසා එය තවත් පහසුවක් වුණා.

මෙහි නළු - නිළියන් කොහොමද ඔබට සැළකුවේ?  ඔවුන් වඩා මිත‍්‍රශීලිද?
සහතිකෙන්ම ඒ අය මට උණුසුම්
පිළිගැනීමක් ලබා දුන්නෙ. එයාලා එකිනෙකාට හරියට ගරුකරගන්නවා. ප‍්‍රවීන ශිල්පීන් තමුන්ගේ ඊලඟ දර්ශන වාර වලට පෙර සූදානම් වීම සඳහා කරන පුහුණුවීම අපමණයි. ඔවුන් වෙතින් මා දුටු හොඳම දේ එයයි. මේ බොහොමයක් අය වේදිකාවේ අති දක්‍ෂ ශිල්පීන්. ආගන්තුක ශිල්පිනියක ලෙස එයාලා මාව සමච්චලයට ලක් කළේ නැහැ. එය හරියට අපේ ශ්‍රී ලාංකික ශිල්පීන් - ශිලිපිනියන් අනෙක් ආගන්තුක අයට දක්වන සත්කාරයේ තරමටම වඩාත් මිත‍්‍රශීලියි. ගෞරවණීයයි.
මෙහිදී මට අමතකම නොවන දේවල් නම් බොහෝමයි. වෙරළ තීරයේදී රූගත කිරීම් සිදුවෙමින් තිබූ එක්තරා අවස්ථාවකදී මාව ගිලෙන්නට ගියා. මේ නිසා රූගත කිරීම නතර කරන්න සිදුවුණා. මෙහි චරිතයේ හැටියට මට වේගයෙන් ගමන් කරන, දුවන අවස්ථා තියෙනවා. මෙහිදී ලිස්සා වැටුණු වාර එමටයි. ශීතල දරාගන්න බැරිව උණ පවා හැදුණා. මේ දේවල් චරිතයේ හැඟීම් ප‍්‍රකාශනයට බාධාවක් තමයි. ඒත් ඒ සියල්ල මැඩගෙන අපි අපේ අවසාන අරමුන කරා ගියා. විටෙක මට ජපන් ජාතික කාන්තාවන්ගේ සම්ප‍්‍රදායික ඇඳුම වන කිමෝනාව ඇඳගෙන ඉහත කී ආකාරයට ජපානයේ විශාලතම රංග ශාලාව වන ෂින්ජුකු මිලානෝහි රඟහල් අත්දැකීම් ලබාගත හැකිවුණ. එදා සෙනග දෙදහසකට ආසන්න පිරිසක් අතරට මැදිවී ජපන් බසින් වචන කීපයක් කියන්නට ලැබීම ඇත්තෙන්ම මට අමරණීයය මොහොතක් වුණා. එහි ප‍්‍රකට නළු නිලියන් වන මියුර කෝතා, කයිකු කෙන් වගේම ප‍්‍රවීන ශිල්පී ටමුර රිය්‍යූ මෙන්ම දුෂ්ඨයා ලෙස වඩා ප‍්‍රකට නළු ෂිෂිදෝ ජෝ සමග රඟපෑමට ලැබීම භාග්‍යයක්. මෙහි අධ්‍යක්‍ෂවරයා මෂාකි හමමෝටෝ මෙන්ම ෂොහේයි තනකාවා මෙන්ම තිර රචක මිනාමි හිසාතෝ ගැන සඳහන් කළ යුතුමයි.
මේ අපූරු චිත‍්‍රපටය වන ”පයිනල් ජජ්මන්ට්” ශ්‍රී ලංකාවේදීද තිරගතවීම බොහෝවිට සිදුවේවි. අපි ඒ අවස්ථාව ලැබෙන තෙක් උමාලිට සමුදෙමු.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

READ MORE - මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී

මේ හැඩය පවත්වා ගැනීමේ රහස කුමක්ද?


කාලෙකට පස්සේ ලංකාවට ලැබුණු මේ ඔටුන්න ගැන මට ආඩම්බරයි..
2012 ජූලි මස 08 15:02:11 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

2012 ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට ගෙනා  ශ්‍රීමාලි කුමාරි

පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවති ආසියානු තලයේ ජගත් විවාහක රූ රැජින 2012 තරඟාවලියේදී ප‍්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවේ ඇය විසිනි. රෝසි සේනානායක ජගත් විවාහක රූ රැජින වීමෙන් අනතුරුව වසර 27 ක් දක්වා එවැනි තරගයකින් කිසිවෙකුට ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට නොහැකිවිය. ඒ දිගු නිහඬතාවය බිඳ දමමින් ආසියානු කලාපයේ ජගත් විවාහක රූ රැජින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙනා ඇය ශ්‍රීමාලි කුමාරි ෆොන්සේකාය. ඇයගේ හැඩරුව සමග වතගොත අද අපි දැන ගනිමු.
ශ්‍රී මාලි කුමාරි ෆොන්සේකා වන ඇය උපන්නේ මොරටුවේදීය. මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති ශ්‍රීමාලි වෙසෙන්නේද මීගමුවේය. දෙමව්පියන් හැර, අයියලා දෙදෙනා සහ මල්ලී ඇයගේ පවුලේ උදවියයි. තිස් දෙහැවිරිදි වියේ පසුවන ශ්‍රීමාලි එක්දරු මවකි. ඇයගේ දියණියට වයස අවුරුදු අටකි. ඇගේ හඬ අවදි වන්නේ මෙලෙසිනි.
‘‘මම ඉගෙන ගත්තේ ගුවන් සේවිකාවක වීමේ අරමුණින්. ඒත් ලාබාල වයසේදීම විවාහ වූ නිසා ඒ අදහස අත්හරින්න සිදුවුණා. මීට කලින් රූපරාජිණී තරග වලට සම්බන්ධ වෙල නැහැ. මම සේවය කරන ආයතනය වෙනුවෙන් විලාසිතා කර තිබුණාට ලොකුවට ඒ අංශයෙන් අත් දැකීම් නැහැ. මේ වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සිංහල අවුරුදු දිනවල විකාශය වූ දැන්වීමකට පෙනී සිටියා. ඊට අමතරව කීල්ස් දැන්වීමකටත්, ටෙලිකොම් හි දැන්වීමක ඡායාරූපයකට පෙනී හිටියා. මේ අවස්ථාව, එනම් විවාහක රූ රැජිණ තරගයක් ලංකාවේ පැවැත්වෙනකල් මම ඇඟිලි ගැන ගැන හිටියෙ. වාසනාවට වාසනා දන්තනාරායන මහත්මිය මුලින්ම දැන්වීමක් පළ කරලා තිබුණා. මෙවැනි තරගයක් පැවැත්වෙන බවට. සම්මුඛ පරීක්ෂණයට ගියාම අන්තිම දහ දෙනට මාවත් තේරුණා. එය පැවැත් වුනේ හිල්ටන් හෝටලයේදී. එදා අංශ හතරකින් සම්මාන ලබමින් අන්තිමට විවාහක රූ රැජින ලෙස මට කිරුළ හිමි වුණා. ඉන්පසුව තමයි මේ ආසියානු ජාත්‍යන්තර තරගාවලියට මාව ඇතුළත් වුණේ.

මේ තරඟාවලියේදී ඔබට ජය ලැබේවි කියලා හිතුවද?
ආසියානු කලාපයේ රටවල් 24 ක තරඟකාරියන් මේ තරගය සඳහා ඉදිරිපත් වුණා. මේ තරගයෙන් මට ජය ලැබේවි කියලා කොහෙත්ම හිතුවෙ නැහැ. ලොකු තරගයක් තිබුණෙ. තරගකාරියන් සියලූ දෙනාම එකවගේ දක්ෂ වුණා. නමුත් ජයග‍්‍රහණය ලංකාවට අරගෙනම එනවා කියන සිතිවිල්ල ඇතිව තමයි ගියේ. ශ්‍රී ලංකාවට කාලයකට පසුව ලැබුණු මේ ඔටුන්න ගැන මට හරි ආඩම්බරයි.

ශ්‍රීමාලිගේ මීළඟ ප‍්‍රයත්නය වන්නේ ලෝක විවාහක රූ රැජින තරගයකට හෝ එවැනි තරගයක් සඳහා ඉදිරිපත් වී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමය. මේ ඔටුන්නට, ත්‍යාග වලට වඩා රටට කීර්තිය ලබා දීමට කටයුතු කිරීම ඇගේ ඒකායන පරමාර්ථයයි. කාන්තාවක් ලෙස රෝසි සේනානායකගේ චරිතයට වඩා ඇලූම් කරන ඇය මේ තරගාවලිය පැවැත්වූ හැටි සඳහන් කළේ මෙලෙසිනි.
ආසියානු කලාපයේ නිසා සංවිධායකයින් තරගකාරීයන්ට සිරුර නිරාවරණය වන අන්දමේ විලාසිතා කරන්න බල කළේ නැහැ. කැමති අයට විතරක් එය කරන්න ඉඩ දුන්නා. ඒ සියල්ලට වඩා ඔවුන් බැලූවේ තරගකාරීයන් සතු දක්ෂතාවයන්. මම නර්තනයට බොහෝ දක්ෂ වුණා. මොණරකු ලෙස හැඩ වී ශ්‍රී ලාංකීය රංගනයක්  කිරීම නිසා බොහෝ දෙනාගේ ප‍්‍රතිචාර මට ලැබුණා මේ විදියට හැකියාවන් බොහොමයක් පෙන්නුවා.

මෙතැනින් එහාට ඔබේ බලාපොරොත්තුව මොකක්ද?
ලොකු අරමුණු නැහැ. නමුත් රඟපෑම සඳහා ආරාධනා ලැබුණොත් හොඳ චරිතයක් නම් එය බාර ගන්න ඉඩ තියෙනවා. මගේ ප‍්‍රධාන අභිප‍්‍රාය සමාජයට වඩාත් වැඩදායි වන සමාජ මෙහෙවරක නියැලීමයි.

විවාහක කාන්තාවක් වූවද ශ්‍රීමාලිගේ සිරුරේ හැඩය සහ පෙනුම අවිවාහක තරුණියකටත් වඩා රිද්මයානුකූලබව බොහෝ දෙනාගේ අදහසයි. අපි ඒ ගැනත් ඇයගෙන් විමසීමු. මේ හැඩය පවත්වා ගැනීමේ රහස කුමක්ද?
‘‘ඒ වෙනුවෙන් කියා මම අමුතුවෙන් යමක් කරන්නෙ නැහැ. කවදාවත් ව්‍යායාම කරන්න ජිම් එකකටවත් ගිහින් නැහැ. නමුත් මම සේවය කරන්නෙ කොළඹ, මීගමුව සිට හැමදාම කොළම එන එකත් හොඳ ව්‍යායාමයක් තමයි. ඒ වගේම මගේ ජීවිතය සංකීර්ණ නැහැ. සරලව කටයුතු කරන කෙනෙක්. මම හිතන්නෙ විවාහ වුණා කියා ගෙදරට වෙලා ඉන්නෙ නැතිව කාන්තාවන් ලෙස අපි අපේ හැකියාවන් හඳුනාගෙන ලෝකයට යන එක වඩා හොඳයි. කාන්තාවක් ලෙස නැගී සිටීම නිසා රටට කීර්තියක් ගෙනදීම වගේම නිහතමානී චරිතයක් ලෙස රටට වැඩදායි වීමත් වඩා වැදගත් බව මගේ අදහසයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



READ MORE - මේ හැඩය පවත්වා ගැනීමේ රහස කුමක්ද?

කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක්


කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක්
2012 ජූලි මස 15 15:16:50 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

දුවට මවක මිස යැයි කියූව ද දියණියක් වඩාත් සමීප පියෙකුට බව බොහෝ දෙනා පවසන දෙයකි. ඒ දියණිය දීගෙක යන දින රත්තරං දුවේ මගේ රත්තරං දුවේ ඔබයි දිවිය අර්ථවත් කළේ.... කියා පිය සෙනෙහස දෝරේ ගලන අවස්ථාවක් තවත් නැති තරමටම පියෙකුගේ සෙනෙහස ගලා යයි. කදුළු නොහෙලා හැඟීම්බරව ඔහු එදෙස බලාසිටී, මේ පියාණන්ද දැන් ඒ අවස්ථාව ස්පර්ශ කිරීමට සූදානම් වන මොහොතකි.
දුව දීගෙක යනදා තාත්තා ලියූ සෙනෙහසේ ලිපිය....
අපට ඔහු ශ‍්‍රියන්ත මෙන්ඩිස් නම් වූ ප‍්‍රවීන සහ ප‍්‍රකට රංග ශිල්පියාණන් වුවද නිපුණි පේ‍්‍රක්ෂා දියනියට ඇය සදාදරණීය පියාණන්ය. ඒ සෙනෙහස ඇය උපන්දා සිටම අත්විඳි දෙයකි. ශ‍්‍රියන්තගේ ලොකු දියණිය හෙවත් ඔහු ආමන්ත‍්‍රනය කරන විදියට ලොකුපුතා දීගෙක යාමට සූදානම් වන්නේ මෙම 20 වැනිදාය. මේ දියණිය උපන්දා මේ පියා අපූරු කවක් ඇය වෙනුවෙන් ලිවීය. අද ඇය වෙනුවෙන් ඔහු ලියන්නේ ලිපියකි. තම ලොකු දුව දීගෙක යන මොහොතේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් නමැති ඒ පියාණන් ලියූ ලිපියේ හැඩ ගලා යන්නේ මෙලෙසිනි.
ගල්කිස්ස, කලාපුරයේ
අම්මත්, මමත් තනාගත්
සුන්දර කැදැල්ලේ
සඳළු තලාවේ සිට
සදාදරණීය ලොකු පුතා වෙත ලියමි,
ලොකු පුතේ අම්මාගෙත් මගෙත් ජීවන තක්සලාව වුණේ වේදිකාවයි. අපි දෙන්නාම මුණගැහුණේ වේදිකාවෙදි. එතැනට අපි ආවේ මල් මාවතක් ඔස්සේ නොවෙයි. අතිශයින් දුෂ්කර මාර්ගයක. අම්මා මට හමු වූ දින සිට මම රංග කාර්යයට වෙන කැපවීමේ තරමටම අවංකවම ඇයට පේ‍්‍රම කරන්න පටන් ගත්තා. සතයක්වත් නැතිව කොළඹ ආපු ඒ ගමනට අපි පේ‍්‍රමය බාධාවක් කර ගත්තෙ නැහැ. මට සදාදරණීය කුසුම් වූ ඔයාලගෙ අම්මා පුදුම ධෛර්යවන්ත කාන්තාවක්. අපි ටිකෙන් ටික අපේ ලෝකය තනන්න පටන් ගත්තා. ඔන්න ඔය අතරෙදි තමයි 1987 ජූලි 20 වැනිදා උඹ උපන්නේ. ඒ වන විට මෙරට වේදිකාවේ පේ‍්‍රක්ෂකාගාරය අපට තනාදුන් ගෞරවය ඉමහත්. ඒ නිසාම ඒ පේ‍්‍රක්ෂකාගාරයට ගෞරවනීය වූ හේතුවෙන් අපි උඹට නම දැම්මේ නිපුණි පේ‍්‍රක්ෂා ලෙසයි. වැඩිමහල් දියණිය ලෙස උඹ පවුලට ගෙන දුන්නේ ලොකු හයියක්. ඒ හයියට හිටපු උඹ දැන් සූදානම් වන්නෙ නුඹගෙ කැදැල්ල තනන්නයි. ජීවිතයේ ස්වභාවය එය නිසා කවදත් ස්වභාවධර්මයට ගරු කළ අප දෙන්නා ඊට මුහුණ දෙන්නෙ ලොකු ආත්ම ශක්තියකින්. ඔයාගෙ අම්මා හෙවත් මගේ කුසුම් සහ මම බොහෝ දෙනා දකින්නෙ තවමත් තරුණ විදියටයි. අපි දෙන්නගෙ හිත හොඳකම ඒකට ප‍්‍රධාන හේතුව වෙන්න ඇති. ඒ තාරුණ්‍යයේ ස්වරූපය රැක ගන්න අපට අපේ හෘද සාක්ෂිය වැදගත් වුණා. අපි දෙන්නා ලෝකය දෙස බැලූවේ බොහොම ආදරයෙන්, ගෞරවයෙන්. ඒ වගේම ජීවිතය දිහා බැලූවේ ධනාත්මකව. අපි දෙන්නම ලෝකයට සැබෑ ලෙසම ආදරය කළා. උඹ වගේම නංගි තාරුකී අමායාටත් අපි  ඉගෙන්නුවේ ඒ දහමයි. නුඹල දෙන්නා එය අවංකවම ස්පර්ශ කර ඇති බව මට දැනෙනවා. හැෙඟනවා.
එදා නංගි උපදින මොහොතේ මම ලංකා පොළවේ හිටියෙ නැහැ. විදේශ සංචාරයකට යමින් ගුවන් යානයේ සිටියෙ. මායාවක් නොවූ තාරකාව යන අරුත දනවන්නයි නංගීට තාරුකී අමායා කියලා නම දැම්මේ. උඹ වගේම නංගිත් දැනටමත් විවාහයට තීන්දු වෙලා හමාරයි.
දන්නවද ලොකු පුතේ? අම්මටයි මටයි හැමදාම හවසට ඇතිවෙන ප‍්‍රශ්නය? ඒ උඹලා දෙන්නා විවාහ වෙලා ගියාම අපි තනිවෙනවා නේද? කියන සිතිවිල්ලට එහා ගිය මොකක්දෝ පුදුම සිතිවිල්ලක්. කොහොම වුනත්, පියෙකුට මේ මොහොත වචනයට පෙරළිය නොහැකියි. නුඹ දීගෙට යන මේ දින එළැඹෙන විට මොකක්දෝ  අමුතු හැඟීම් පෙළක් හිතේ ඉපදිලා. නුඹ උපන්දා, මල්වර වූදා, මේ හැගීම මට ඇතිවුණා. අපේ කැදැල්ලෙන් ඈත්වෙලා නුඹලාගෙ කැදැල්ල තැනිය යුතු තමයි. ඒත් මේ වෙලාවේ මහාචාර්ය කාලෝ රචිත ගීය මට සිහි ගන්වනවා.
පියඹලා ගොසින් තනපු
කූඩුවත් අරන්
නැවත එන්න සුදු දුවේ
මගෙ හිත ඒ විදියට මුමුණනවා පුතේ. මං දන්නවා අමන්ද පුතා නොහොත්  ඔයාගෙ ආදරණීය සැමියා ඔයාව ආදරයෙන් බලා ගනීවි. එකත් අතකට දැන් අපේ පවුල තවත් ලොකු වෙලා. අමන්ද පුතා වගේම තාරුකී ගිවිස සිටින පුතාත් දැන් අපට අපේම දරුවෝ.  ඉංජිනේරුවකු ලෙස අමන්ද පුතා එංගලන්තයේ රැකියාව කරන බව ඇත්ත. නුඹත් එහි ගොසින් වැඩිදුර හදාරා විලාසිතා නිර්මාණ ශිල්පිණියක ලෙස සේවය කළ බවත් ඇත්ත. දැන් විවාහයෙන් පසුව නුඹලා ආර්ථිකය ගොඩනගා ගන්න ස්ථාවර වෙන්න එංගලන්තයට යන බවත් ඇත්ත.
ඒත් ලොකු පුතේ මතකනෙ මම හැමදාම කිව්ව දේ? මේ රටෙන් ඉගෙන ගෙන මේ රටට සේවය කරන්න. මට විශ්වාසයි ඔයා  එය කරන බව. ඊයේ මගේ ආදරණීය කුසුම්ට පෙම්වතා වූ මම ඊළගට නුඹලා නිසා තාත්තා වුණා. ඊළඟට සීයා කෙනෙක් වේවි. ජීවිතේ හරි පුදුමයි. ඒ පුදුම ජීවිතේ අම්මයි මායි අරුත්බර කළා කියලා හිතෙනවා. දුප්පත් අපි දෙන්නා රළු පරළු ගමනක් එමින් මහ ලොකු අත්දැකීම් සම්භාරයක් එකතු කර ගත්තා. ඒ සුන්දර මතකය තිත්ත කුසලාන අමෘතය වගෙයි අපි පානය කළේ. අපට ජීවිතයේ බොහෝ දේ දුන්නු වේදිකාව මම හඳුන්වන්නෙ ”පේ‍්‍රමණීය දැව පලස” කියලයි. ලොකු පුතේ ඒ පේ‍්‍රමණීය දැව පලසේ සිට ආදරයෙන් හමු වූ අම්මයි මායි උඹලට ගෞරවය  ඇතිවන විදියට ජීවත් වුනා වගේම එකිනෙකාට අපිරිමිතව ගරුකර ගත්තා.
මේ නිසාම කලාකරුවන් බොහොමයකගෙ පවුල් අවුල් කියන දේ මිත්‍යාවක් කරන්න අපට පුළුවන්වුනා. බිරිඳ සැමියාට ශක්තියක් වගේම සැමියාත් බිරිඳට ශක්තියක් වුණා. අපට විශ්වාසයි නුඹත් ජීවිතය ඒ ලෙසින් ගත කරාවී. නුඹටත් අමන්ද පුතාටත් මට දෙන්න තියෙන ලොකුම දේ ඒ අපිරිමිත වූ මනුස්සකමයි. රත්තරං දුවේ මම නවතින්නම්.
මේ සදාදරණීය තාත්තා
ශ‍්‍රියන්ත මෙන්ඩිස්.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

READ MORE - කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක්

රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙලදි දී විදුලිය පබා


රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙලදි දී විදුලිය පබා
2012 ජූලි මස 19 16:10:19 | . , සුන්ල් ආනන්ද

යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරිය  සුනන්දා කුරුප්පු මහත්මිය මොවුන් පුහුණු කළාය.
උඩරට නර්ථනයේ කඩඉම් රැසක් සම්පූර්ණ කළ ශිෂ්‍යාවන් 46 දෙනකු හට පායිම්පත පැළඳවීම පසුගියදා  අත්තන ගල්ල රජමහා විහාරස්ථානයේදි උත්සවාකාරයෙන් පැවැත්විණි.
READ MORE - රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙලදි දී විදුලිය පබා

මහනුවර මහ උළෙලට මුල පුරයි



2012 ජූලි මස 19 18:30:24 | ලලිත් වලිසුන්දර

තෙවරක් ප‍්‍රදක්ෂිණා කැර පහන් දල්වා සුවඳ දුම් ඇල්ලීමෙන් පසු දේවාලයේ ප‍්‍රධාන කපුරාල කප සිටුවයි.
ලබන 23 සිට 2 දක්වා පැවැත්වෙන මහනුවර ඇසල පෙරහර වෙනුවෙන් විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි සිව් දේවාලයන්හි කප් අද සිටැවිනි.

READ MORE - මහනුවර මහ උළෙලට මුල පුරයි