----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා

Friday, November 30, 2012

Sarasaviya

සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා
 

බුද්ධිමා මධුශානි ගේ කුළුඳුල් ගීතය
බුද්ධිමාගේ ගීතය:

* සිත මාගේ හඬවලා ඔබ ඈත දුර ගියා
මුළු ලොවම දන්නවා මං වැරදි නෑ කියා
පෙරදාක කී කතා මගෙ ළඟට වී ඔයා
ඔබෙ සුවඳ දැනෙනවා ළඟ නැතත් අද ඔයා
 
* ඒ කී කතා පිළිගන්න වුණ නිසා
ඔබ මා හැර ගියා
ඔබට මා කී කතා පිළිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා
 
* පෙරදාක සීත රෑ මට තුරුළු වී ඔයා
දුන් හාදු නෑ මෙදා පාළුවේ තනි වෙලා
මගෙ හිතට දැනෙනවා ඔබ එන්නේ නෑ කියා
ඔබ එන්නෙ නැති නිසා මගෙ හුස්ම නැවතුනා
ඒ කී කතා . . .
‘සිත මාගෙ හඬවලා ඔබ ඈත දුර ගියා
මුළු ලොවම දන්නවා මං වැරදි නෑ කියා’
වර්තමානයේ ගුවන් විදුලි නාළිකාවන්හී ප්‍රචාරය වන මෙම ගීතය ඔබ අසා ඇති. යොවුන් සිතට වඩාත් සමීප අර්ථයක් මුසුව ලියැවුණු ඒ පදමාලාවට හඬින් ජීවය ලබා දී තිබෙන්නේ බුද්ධිමා මධුශානි. ඇය සිරස සුපර් ස්ටාර් හතරවැනි අදියරෙන් එකොළොස් වෙනි තැනට පත් වූ තැනැත්තියයි.
මේ එළිදක්වා ඇත්තේ බුද්ධිමාගේ කුලුඳුල් ගීතයයි.
කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?
මේක විරහ ගීතයක්. ඒ වගේ ගීතයක් වැඩිපුර දැනෙන්නේ තරුණ තරුණියන්ට. ඒ අයගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. සමහරු කතා කරලම මට ඒක කියලා තියනවා.
ඇයි පළමු ගීතය විරහවට නිර්මාණය කළේ?
විශේෂයක් නැහැ. මේක මගේ අත්දැකීමක් එහෙම නෙවෙයි. මෙහි පද රචනය සහ සංගීත නිර්මාණය කළේ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියෙන් කලඑළියට ආ මා මිත්‍ර කසුන් මධුසංක. මෙහි වචන දුටු සැනින් මගේ හිතට තදින් දැනුණා. මෙම ගීතය සුපර් ස්ටාර් සහ ඩ්‍රීම් ස්ටාර් එකමුතුවෙන් නිර්මාණය වූ ගීතයක් කිව්වොත් නිවැරදියි.
බුද්ධිමාගේ සංගීත චාරිකාව ඇරැඹෙන්නේ සුපර් ස්ටාර් සමඟින්ද?
මෙහෙමයි, මං එයට කලින් තුරුණු ශක්ති,, හෙට පිපෙන මල් වැනි තරගවලට සහභාගි වුණා. රියැලටි තරගයක් කියලා පළමුව සහභාගී වූයේ සුපර් ස්ටාර්. ඒකෙනුයි මං වඩාත්ම ජනප්‍රිය වුණේ.
කාගේ ගීත ද එහිදී ගැයුවේ?
ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි මහත්මීන්ගේ පැරැණි ගීත තමයි වැඩිපුර ගැයුවේ.
බුද්ධිමාගේ පෞද්ගලික විස්තර ටිකක් කියමු?
මං පාසල් ගියේ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට. ගම මීගොඩ. පවුලේ මමයි නංගියි, අම්මයි, තාත්තයි. පුංචි කාලෙ ඉඳලම සංගීතයටයි වැඩිපුරම ආස කළේ.
ජීවිතයේ ඉදිරියත් ගෙවෙන්නේ සංගීතයත් එක්කද?
අනිවාර්යයෙන්ම මගේ වෘත්තීය සංගීතය. විශාරද උපාධියත් ලබන්නත් ලැහැස්තියි.


READ MORE - සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා

සෝමලතා සුබසිංහගේ නාට්‍ය උළෙල

සෝමලතා සුබසිංහගේ නාට්‍ය උළෙල
දෙසැම්බර් 5 වැනිදා සිට...
සෝමලතා සුබසිංහ ලංකා ළමා හා යොවන් රඟහල පදනමෙන් යෞවනයින් සඳහා නාට්‍ය උළෙලක් ලබන දෙසැම්බර් 05 වැනිදා සිට 09 වැනිදා දක්වා දිනපතා 3.30 සහ 6.45 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.
‘නාට්‍ය තුළින් මානසික සුවය’ නම් තේමාව යටතේ මෙවර උළෙලට විකෘති, කලුමාලි වැනි ජනප්‍රිය ස්වතන්ත්‍ර නාට්‍යයන් සහ දරුවන් උදෙසාම නිර්මාණය වූ හිම කුමරිය සංගීතමය නාට්‍යයත්, සඳ ළඟ මරණය, බර්නාඩාගේ සිපිරි ගෙය යන විශ්ව නාට්‍ය සාහිත්‍යයේ විශිෂ්ට කෘතීන් පදනම් කරගත් සිංහල නිෂ්පාදනයන් මෙයට ඇතුළත් වෙයි.
ඉහළ ගුණාත්මක බවින් යුතු නාට්‍ය ප්‍රචලිත කිරීමත් ප්‍රේක්ෂකයන්ගේ නාට්‍ය රසිකත්වය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගෙන පසුගිය වසර හය පුරා මෙම නාට්‍ය උළෙල පවත්වා ඇත.

READ MORE - සෝමලතා සුබසිංහගේ නාට්‍ය උළෙල

ඇත්තටම අපි අතරමං වෙලා

Sarasaviya

ඇත්තටම අපි අතරමං වෙලා

සනෝජා බිබිලේ කලකිරීමෙන් කියයි
සහන්, සනෝජා, සරත් එකමුතුවෙන් සද්කාර්යයක්
අවුරුදු දෙක තුනක්ම මම කලා ක්ෂේත්‍රයේ මුකුත් නොකර හිටියා. දැන් නැවතත් මම රංගනයට යොමු වෙලා ඉන්නේ.
ඊට අමතරව මම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි.
ඇය අසූව දශකයේ ජනප්‍රිය සිනමාවේ සුන්දර ප්‍රේමවන්තිය. කෙළිලොල් දඟකාර චරිත සමඟින් හමු වූ ඇය සිනමාවේ විතරක් නෙවෙයි පුංචි තිරය වගේම වේදිකාවත් අපූරුවට හැඩ කළා. ඇය ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ. රාජ්‍ය ආයතනයක වගකිව යුතු නිලධාරිණියක් වගේම ක්‍රීඩිකාවක්, චිත්‍ර ශිල්පිනියක් ලෙසත් විවිධ භූමිකා රැසකම දක්ෂතා පෙන්වන සනෝජාගේ අලුත්ම තොරතුරු සරසවිය විමසුවා.
සනෝජා අක්කේ, මොනවද මේ දිනවල අලුත්ම විස්තර?
රැකියා කටයුතු කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඊට අමතරව කලා කටයුතු කිහිපයකටත් දායක වෙලා ඉන්නවා. මේ දිනවල නෙට්බෝල් ජාතික හා කොළඹ දිස්ත්‍රික් තරගාවලි සඳහා දායකත්වය ලබා දෙනවා. මේ අතරේම මම ජනසන්නිවේදනය පිළිබඳ උපාධිය වෙනුවෙන් වන විභාග කටයුතු සඳහා සූදානම් වෙනවා. මේ හැම දෙයක්ම සමඟින් මම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
රංගන කටයුතුවලට දැන් වැඩි උනන්දුවක් නෑ වගේ නේද?
ඒ ගැන මම සතුටු වෙන්නේ නැහැ. පසුගිය කාලයේ මට චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය ගණනාවක්ම නැති වෙලා ගියා. හේතු කියන්න දන්නේ නැහැ. රංගනයට පය තබද්දී හිතේ රඟපෑමට ලොකු ආසාවක් වගේම අරමුණු තිබුණත් දැන් ඒවා බොඳ වෙලා. ආසාව නැති වෙලා. ක්ෂේත්‍රය ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි අතරමං වෙලා. අසූව දශකයේ අය තමයි මේ තත්ත්වයට ගොඩක් මුහුණ දීලා තියෙන්නේ.
කලාකරුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න ඔබ නිතරම පෙරමුණ ගන්නවා නේද?
ඔව්. අසූව දශකයේ චිත්‍රපට සඳහා දායක වුණ රංගන ශිල්පීන් එකතුව සුහද හමුවක් පවත්වන්නට සූදානම් වෙනවා. සහන් විජේසිංහ, සරත් දික්කුඹුර ඇතුළු අපි තුන් දෙනා තමයි මුල්වෙලා කටයුතු කරන්නේ. වාර්ෂිකව පවත්වන්නට බලාපොරොත්තුª වන මෙම සුහද හමුව තුළින් ආදර්ශමත් එකමුතුවක් බිහි කිරීම වගේම සේවයක් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මෙහිදී අසරණ තත්ත්වයේ ඉන්න කලාකරුවන්ට මුදල් පරිත්‍යාග කරන්නටත් කටයුතු යොදලා තියෙනවා.
මෑත යුගයේ බිහි වූ නවක පරපුර පිළිබඳ ඔබේ අදහස?
දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් අගය කළ යුතුයි. ක්ෂේත්‍රයේ ගොඩක් ඉදිරියට යන්න පුළුවන් අය ඒ අතර ඉන්නවා. ඔවුන්ට මම දෙන අවවාදය නම් කලාව ගැන ඉගෙන ගන්න කියලා. ඒ වගේම කිසිවෙක් ලැජ්ජාවට පත් නොකරන අන්දමේ හැසිරීම් රටාවක් සකසා ගත යුතුයි. ක්ෂේත්‍රයේ ගැඹුර තේරුම් ගෙන කටයුතු කරන්න වගේම ප්‍රසිද්ධිය ගැන විතරක් හිතලා ක්ෂේත්‍රයට එන්න එපා කියල කියන්න කැමැතියි. ප්‍රසිද්ධිය අද තියෙනවා, හෙට නැති වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ දක්ෂතාවය කවදාවත් නැති වෙන්නේ නැහැ. නළු නිළියන් කියන්නේ දෙවියන් මවපු අය. දෙවියන් විසින් අපට දුන් ඒ වරම අපි රැක ගත යුතුයි.
ඔබ චිත්‍රපට නිෂ්පාදනයට පවා කටයුතු කළ ප්‍රවීණ නිළියක්. ඒ අංශයෙන් ඔබට යමක් කළ හැකියි නේද?
මම අවුරුදු කීපයක්ම කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සඳහා දායක වුණේ නැහැ. දැන් යළිත් රංගනයට යොමු වුණත් ටෙලි නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදනය ගැන බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. චිත්‍රපට නිෂ්පාදනය කළ යුත්තේ සිනමාවේ පැවැත්ම උදෙසා. නමුත් අපට උදව් කරන්න කවුරුවත් නැහැ. චිත්‍රපටයක් නිෂ්පාදනය කළාට ප්‍රදර්ශනය කරන්න තමයි අපහසු. ටෙලි නාට්‍ය වුණත් එහෙමයි. අද ටෙලි නාට්‍ය විකාශය සඳහා වෙන් කරගන්න මුදල් අවශ්‍යයි. වෙන රටවල නම් නිෂ්පාදකයන් ඇති කරල රැක ගන්න වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ නිෂ්පාදකයන් නැති කරල දමන අන්දමේ පරිසරයක් තමයි තියෙන්නේ. ඇත්තටම ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තිබුණ ආසාව ගිලිහිලා ගිහින්. මීට වඩා සේවයක් අපෙන් රටට ලබා ගත යුතුව තිබුණා.
වගකිය යුතු රැකියාවක නිරතවීමත් රංගනයට බාධාවක් වුණාද?
කොහෙත්ම නැහැ. රැකියාව රංගනයටත්, රංගනය රැකියාවටත් බාධාවක් වුණේ නැහැ. මේ හැම දෙයක් ගැනම මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම හැම දෙයක් සඳහාම මම මනා ලෙස කාලය කළමනාකරණය කරන්න පුරුදු වෙලා ඉන්නේ. රාජකාරිය වගේම සිනමා ජීවිතයත් මම ලස්සනට සකසා ගත්තා. මහවැලි අධිකාරියේ කටයුතු මම අකුරටම කරගෙන යනවා.
ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතේ මම හරිම සතුටින් සැහැල්ලුවෙන් ගෙවනවා. කසාද නොබැඳපු එක කවදාවත් ප්‍රශ්නයක් කරගෙන නැහැ. ඒත් තවම මම විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ නැහැ.
ඉදිරියේදී අපට ඔබ දකින්න ලැබෙන්නේ?
අලුත් ටෙලි නාට්‍ය කිහිපයකටම දායකත්වය ලබා දෙනවා. මේ දිනවල කිහිපයක රූගත කිරීම් සිදු කෙරෙනවා. ඊට අමතරව සජීව මල්මාලආරච්චිගේ රොම්බ තෑන්ක්ස් සහ ආරියසේන ගමගේගේ ඉයස් සෑර් වේදිකා නාට්‍යවලටත් දායක වෙනවා.
අනාගත ලොකු බලාපොරොත්තුª එහෙමත් ඇති නේද?
අවුරුදු දෙක තුනක්ම මම කලා ක්ෂේත්‍රයේ මුකුත් නොකර හිටියා. දැන් නැවතත් මම රංගනයට යොමු වෙලා ඉන්නේ. ඊට අමතරව මම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි. ඒක මගේ විමෝදාංශය. කාලයක් තිස්සේ මම ඇඳපු චිත්‍රවලින් ප්‍රදර්ශනයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ඒ සඳහා මට අවස්ථාව ලැබුණේ නැහැ. ඉදිරියේදී අනිවාර්යයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනවා. ඊට අමතරව සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා.

READ MORE - ඇත්තටම අපි අතරමං වෙලා

මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්

අපේ විවාහය සිද්ද වුණේ 2012 ජනවාරි 31 වැනිදා

මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්

විචාරක සාක්කුවේ ඉන්න නිළියන් රඟපෑවොත් ඒවා සම්භාව්‍ය චිත්‍රපට
අවුරුදු එකොළහකට පසු ලංකාවට ආ සිංහල සිනමාවේ සරාගී නිළි රැජන සුමනා ගෝමස් සමඟ සරසවිය වෙනුවෙන්ම කළ විශේෂ කතාබහක්
දිනය ඉකුත් 21 වැනිදාය. වේලාව දහවල් දොළහට පමණ ඇත. ‘සරසවියේ’ දුරකථනය නාද විය. රිසීවරය එස වූ සැණින් අනෙක් පසින් කතා කළේ ‘රසඳුන’ පත්තරයේ කර්තෘ සුනිල් මිහිඳුකුලය.
‘ඔත්තුවක් දෙන්නයි කතා කළේ. සුමනා ගෝමස් ලංකාවට ඇවිත්. තවම ගුවන්තොටුපළේ. කොහොමද අපි ඈව සම්බන්ධ කර ගන්නේ. ඒක අභියෝගයක්. පුළුවන් නම් ඇයව හොයා ගන්න.’
සුනිල් රිසීවරය තැබීය. සුමනා වසර ගණනාවකට පසු ලංකාවට ඒම නිසා ඇය නවතින තැනක් ගැන සෙවීම අපහසු කටයුත්තකි. මම ඇයගේ සහෝදරියක් වන රූපා ගෝමස් ඇමතුවෙමි.
‘සුමනා ලංකාවට ආවා තමයි. ඒත් තවම ගෙදර ආවේ නෑ. කොහේ යයි ද කියන්න බෑ. මගේ ගෙදරට ආවොත් ඇය ස්ථිරවම නවතින තැනක් දැනගත හැකියි.’
එයිට වැඩි යමක් ඇගෙන් දැනගත නොහැකි විය. අපගේ උත්සාහය ද අත නොහැරියෙමු. පසුදා සවස නැවතත් ‘සරසවියේ’ දුරකථනය නාද විය. එහිදී කතා කළේ සන්ධ්‍යා කුමාරිගේ සැමියා වූ ශමල් අතපත්තුය. ‘පණිවිඩයක් කියන්නයි කතා කළේ. සුමනා ගෝමස් ඊයේ ලංකාවට ආවා. ඇය මාධ්‍යයට කතා කරන්න කැමැතියි. මා ළඟ ඇගේ දුරකථන අංකය තියනවා. කතා කරල බලන්න. මෙන්න අංකය. හනික අපි ඒ දුන් අංකයට ඇමතුමක් ගත්තෙමු. අනෙක් පසින් කතා කළේ වසර ගණනාවක් කතාබහක් නොකළ, තොරතුරක් නොදැන සිටි සුමනා ගෝමස්ය.
අපි සරසවිය පත්තරයෙන්. ඔබ ලංකාවට පැමිණියා කියා දැනගන්න ලැබුණා. අපිට හමුවන්න පුලුවන් ද? අද නම් බෑ, මම හික්කඩුවේ යනවා. හෙට උදේට නැවත මම කොළඹ එනවා. මම දැනට නැවතිලා ඉන්නේ මගේ අයියාගේ රත්මලානේ ගෙදර. එහාට එන්න. සුමනා අපිට ආරාධනය කළාය. මමත් ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහත් සුමනා දුන් හෝඩුවාව ඔස්සේ ඇය සොයා රත්මලානට ගියෙමු.
වසර එකොළහකටත් වැඩි කාලයක් ලංකාවෙන් බැහැරව සිටි සුමනා නම් මෙහෙ හිටියා වගේමය. ඇය තවත් සුන්දර වී සිටියි හැරෙන්න වෙනස්වීමක් නම් නොපෙනිණි. ඉතා ළෙන්ගතුව අපව පිළිගත් ඈ අපිට සුබ ආරංචියක් ද පවසා සිටියේ මේ ගමන ආවේ තනිව නම් නොවේ කියාය.
‘මම බැන්දේ සුදු ජාතිකයෙක්. ඔහුත් සමඟයි මම ලංකාවට ආවේ’.
ඇය තම ස්වාමියා අපට හඳුන්වා දුන්නේ බොහොම සතුටකිනි. සිය පෙම්බර සැමියාට තුරුලු වී පසෙකින් වාඩි වූ ඇය අපත් සමඟ පිළිසඳරට මුල පිරුවේ මේ සුබ ආරංචිය තමන්ගේ රසිකයන්ට මුල් වරට දැනගන්න කියන්නේ සරසවියට යැයි කියමිනි.
අවුරුදු කීයකට පස්සෙද ඔබ නැවත ලංකාවට ආවේ?
වසර එකොළහකටත් වැඩි කාලයකට පස්සේ.
ඔය කාලය තුළ නැවත ලංකාවට එන්න හිතුවේ නැද්ද?
මගේ වීසා ඉවර වුණා. වීසා හදාගෙන එහෙ ඉන්න පුළුවන්කම තිබුණා. යම් අයුරකින් මා නැවත ලංකාවට ආවා නම් ආයෙත් එහෙට යාමේ ගැටලුවක් තිබුණා. ඒ තත්ත්වය මඟ හැරෙනකම් මට එහෙට වෙලා ඉන්න සිද්ධ වුණා.
මෙවර හදිසියේම ලංකාවට එන්න හිතුවේ?
මම ගොඩක් මගේ මවට ආදරෙයි. මම ඇයව බලන්නේ නැතුව අවුරුදු එකොළහකට වැඩිය හිටියා. ඇයත් මාව දකින්න නැතුව හිටියේ බොහොම දුකින්. ස්කයිප් එකෙන් තමයි මා ඇයව ඔය කාලය තුළ කීප විටකත් දැක ගත්තේ. දුරකතථයේ ඇයත් සමඟ කතා කළා හැරෙන්න බලන්න එන්න හැකියාවක් තිබුණේ නෑ. මෙවර මම හදිසියේම ආවේ අම්මාව බලන්න.
ඔබ එන බව රහසක්ව තබා ගත්තේ ඇයි?
මම ලංකාවට එනවා කියල දැනගෙන හිටියේ අපේ පවුලේ කට්ටිය විතරයි. ඒ හැරෙන්න මගේ හොඳම මිතුරෙකු වූ ශමල් අතපත්තුත් මම ලංකාවට එන බව දැන සිටියා. ශමල් මට නිතරම කතා කරනවා. මම ලංකාවට එන බව පවුලේ අයගෙන් පිටට කියා තිබුණේ ෂමල්ට පමණයි.
දීර්ඝ කාලයකට පස්සේ ලංකාවට ආපු ඔබට මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?
මම ලංකාවෙන් යන කොට අපේ රට විශාල ත්‍රස්තවාදී යුද්ධයකට පැටලිලා හිටියේ. අද ඒ ත්ත්ත්වය නෑ. සාපරාධී යුද්ධය නිමා වෙලා දැන් රට වෙනස් වෙලා.
ගුවන් තොටුපළේදී ඔබට රසිකයන්ගේ ප්‍රතිචාරයන්ට මුහුණ දෙන්නත් සිදු වුණා නේද?
ප්ලේන් එකෙන් බැස්සට පස්සේ කටුනායකදී මට ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. 2001 වසරේ ගියාට පස්සේ මා නැවත ලංකාවට එන පළමු වතාව මෙය වීම නිසා මගේ පාස්පෝට් එකේ දින වකවානු ඉවර වී තිබුණා. කල් ඉකුත්ව ගොස් තිබුූ එම පාස්පෝට් එකෙන් නැවත පැමිණීම පිළිබඳ ගුවන් තොටුපළේ සිටි ආගමන විගමන නිලධාරීන්ට ගැටලුවක් වුණා. ඔවුන් කීප වතාවක්ම මා පිළිබඳ විමසිලිමත් වුණා මාව හරි හැටි හඳුනාගන්න. චිත්‍රපටවල රඟපෑ සුමනා ගෝමස්මද කියාත් ඇහුවා.
සුමනා ගෝමස් සැමියා ග්‍රෙගරි ටොරොටෝලියෝ සමඟ විවාහ වූදා

මම යන දවස්වල තිබුණට වඩා අද වෙන කොට පාස්පෝට් එක වුණත් පරිගණක ගත කරලා. මේ ගැටලුවේදී මට ආගමන විගමන නිලධාරීන් කීප දෙනෙකු ළඟටම යන්නත් සිදු වුණා. ඔවුන් මට කිව්වා ගොඩක් මම වෙනස් වෙලා කියලා. එහෙම කියන කොට මට ලැජ්ජත් හිතුණා. පොඩි ප්‍රමාදයක් ඇති වුණත් ඔවුන්ට මම කිව්වේ ඉක්මනින්ම ගෙදර යනවා කියලයි. ගැටලුව නිරාකරණය වී මම එළියට එන කොට පිට වෙන දොර දක්වාම ආගමන විගමන නිලධාරීන් පෝලිමට දෙපසට වෙලා බලා ඉන්නවා. අන්තිම තැනට ආපු මම ආපසු හැරිල ඒ අයට කිව්වා කොහොම හරි මාව හඳුන ගත්තා නේද කියලා.
වාහනයට නගින්න යන කොටත් කීප දෙනෙක්ම ඇවිත් කතා කළා. ඔවුන් මාව හඳුනගෙන ළඟටම ඇවිත් සුමනා ගෝමස් නේද කියලත් ඇහුවා. මට ඒ වෙලාවේ ලොකු සතුටක් ඇති වුණා අවුරුදු එකොළහකටත් පස්සේ මම එදා වගේම මිනිස්සු හඳුනන එක ගැන.
අද ඔබේ ජීවිතයේ වෙනසක් වෙලා. විවාහය ගැනත් කතා කරමු.
අපේ විවාහය සිද්ද වුණේ 2012 ජනවාරි 31 වැනිදා.
කවුද ඔබේ සැමියා?
ග්‍රෙගරි ටොරොටෝලියෝ. ඔහු ඉතාලි ජාතිකයෙක්. ස්ටැටන් අයිලන්ඩ්වල බේලී සීමන් රෝහලේ ප්‍රධාන සුපවේදියා ලෙස ගෙගරි රැකියාව කරනවා.
ඔබට කොහොමද ග්‍රෙගරි හම්බ වුණේ?
මගේ මිතුරියක් මාර්ගයෙන්. ඉන්දියානු ජාතික මිතුරියක වූ මයුරි මාර්ගයෙන් මට ග්‍රෙගරි හඳුනා ගන්න ලැබුණා. දවසක් මයුරි මට කිව්වා ආසියාතික කාන්තාවක් විවාහ කරගන්න ඇය දන්න මිතුරෙක් කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒ අනුව ඇය මට බල කළා මේ මිතුරා බලන්න යන්න. දවසක් මයුරිත් මමත් ඔහුගේ නිවෙසට ගියා. අපි දෙන්නාට ඉහළම තත්ත්වයේ භෝජන සංග්‍රහයක් ග්‍රෙගරි සූදානම් කරල තිබුණා. කෑම මේසය හරිම විචිත්‍රවත්.
ඒ හමුවේදී තමයි මම ග්‍රෙගරිව මුල්වරට දැක්කේ. ඊට පස්සේ අපි කීප වතාවක්ම මගේ මිතුරිය සමඟ ගොස් ඔහුව හමුවුණා. ඔහුත් සමඟ ප්‍රිය සම්භාෂණ කීපයකට සහභාගි වුණා. පසුව මා ඔහුව තනිවම හමු වුණා. මා පිළිබඳ තමා තුළ තියෙන කැමැත්ත ග්‍රෙගරි මට කිව්වා. මම ලංකාවේ කෙනෙක් කියල දැනගත්තාම ගොඩක් සතුටු වුණා. එයාගේ පවුලේ අයටත් මාව හඳුන්වලා දුන්නා. අපි දෙන්නට දෙන්නා හොඳට ගැළපුණා. අදහස් පවා එක වගෙයි. ග්‍රෙගරිටත් ඕනෑ කළා වැඩිකල් නොගොස් විවාහ වෙන්න. සාමාන්‍යයෙන් එහෙ හඳුනාගෙන ආශ්‍රය කළත් විවාහ වෙන්නෙ වසර දෙක තුනක් යනවා. ඒත් අපි දෙන්නා හඳුනාගෙන මාසෙකින් විතර විවාහ වුණා. 2011 දෙසැම්බර් මාසයේ නත්තල් දා ග්‍රෙගරි මා ගැන අදහස මට කිව්වා.
විවාහය වෙනුවෙන් ඔබට කවුද උදවු කළේ?
ලංකාවේ සිට එහෙ ගිහින් ඉන්න යාළුවෝ ගොඩක් උදවු කළා. නිව්යෝර්ක්වල ජනවාරි තිස් වැනිදා අපේ විවාහය නිමිත්තෙන් යාළුවෝ හැමෝටම ටී පාටියක් අපි දෙන්නා ලෑස්ති කළා. පෙබරවාරි පළවැනිදා අපි දෙන්නා ෆ්ලොරිඩා ගියා හනිමුන් එකට.
ඔබ ජීවිතයේ බලාපොරොත්තු වූ සහකරුවාම ලැබුණාද?
මම අදහන දෙයියො බුදුන් මට නියම කෙනා හොයල දුන්නා. ජීවිතේ හරිම පුදුමාකාරයි. මම ප්‍රාර්ථනය කළ කෙනාම මට ලැබුණා. ග්‍රෙගරි හරිම හොඳයි. හරිම කරුණාවන්තයි. ඒ වගේම හරිම සංවේදීයි. එයාගේ හිත හරි ඉක්මනට උණු වෙනවා. මට තියෙන්නේ පුදුම ආදරයක්. මගේ සිතුම් පැතුම්ම තමයි එයාටත් තියෙන්නේ.
නිව්යෝර්ක්වල ජීවිතය කොහොමද?
හරිම කාර්යබහුලයි. වියදමත් සැරයි. විවේකය අඩුයි. රස්සාවක් නැතුව එහෙ ජීවත් වෙන්න බැරි තරම්. විවේකය ගැන හිතන් නැතුව වැඩ කරන්න ඕනේ. මම ඉන්න ගෙට විතරක් ඩොලර් 1012 ක් ගෙවනවා.
හදිසිය්ම ලංකාවෙන් යන්න වූ හේතුව මොකක්ද?
මේ රටේ සමාජ සංස්කෘතික හැදියාවට ගරු කරන කෙනෙක් මම. ඒක නිසාම මම විදේශගත වී පදිංචිවීමට අදහස් කළා. මගේ අයියාගේ බිරියගේ මව වූ විජේසේකර ඇන්ටි මට කිව්ව දෙයක් තමා සුමනා ඔයාගේ තියෙන ගතිගුණවල හැටියට පිටරට කෙනෙක්ව බඳින එක තමයි හොඳ කියලා. ඒ වගේම මට නොයෙක් අයුරින් රඟපෑම ගැන සමහරු අපවාද නඟන්න වුණා. මෙවැනි දේ නිසාම මම රටෙන් යන්න සිතුවා.
අමෙරිකාවේ ඔබ නැවතුණේ කොහොමද?
මම රඟපෑ ‘චෙරියෝ සාජන්’ නාට්‍යය එහි රැගෙන ගියා පෙන්වන්න. ඒ රටේ කට්ටියක් තමයි නාට්‍යය සංවිධානය කළේ. මගේ යාළුවෙක් එහෙ හිටියා. ඇය කිව්වා මට රස්සාවක් හොයලා දෙන්නම් එහෙ නවතින්න කියලා. ඒ අනුව මම එහෙ නතර වුණා. අනෙක් පිරිස ආපසු ආවා. මගේ යාළුවා පාරෙ යන හැටි කියලා දුන්නා. කෝච්චියේ යන හැටි කියලා දුන්නා.
එහෙ ඔබ කරන රැකියාව මොකක්ද?
වයසක වැඩිහිටියෙක් බලා ගැනීම. උපස්ථායක රැකියාව, මට ඉහටත් උඩින්. ඒ රටේ දෙමාපියන් බලා ගැනීම දරුවන්ට අපහසු කටයුත්තක්. රැකියාව මත තිබෙන අවිවේකී බව නිසාම තම දෙමාපියන් රැක බලා ගැනීම සඳහා ඔවුන් උපස්ථායක කෙනකුගේ සේවය අපේක්ෂා කරනවා. මේ සඳහා බිහි වූ විවිධ ආයතන තිබෙනවා. ඒ වගේම පෞද්ගලිකවත් යොමුවෙන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයක් තියලා එයින් සමත් විය යුතු වෙනවා. තමන්ට මේ සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් ආදිය විශේෂයෙන් වැදගත් වෙනවා. ඔවුන්ව රැක බලා ගැනීම ආදිය පිළිබඳ ලබා තිබෙන පුහුණුව පිළිබඳ විශේෂ අවසර පත්‍රයක් පවා ලබා ගත යුතු වෙනවා. මේ රැකියාවේ තියෙන භාරධූර කාර්ය වගේම තිබෙන වගකීමත් ඉතා ඉහළයි.
අද ඔබ ලංකාවට පැමිණියාම ඒ කාර්ය කවුරුන් අතින් ද සිද්ධ වෙන්නේ?
රැකියාවේ තියෙන වගකීම අනුව අපිට ඕනෑ වෙලාවට යන්නත් ඒක දාල එන්නත් බෑ. දාලා ආවොත් දාලා ආවමයි. ආයෙ අපි එනකන් බලා ඉන්නේ නෑ. ඒ නිසා මම නැවත එනකන් මම හොඳීන් හඳුනන මෙවැනි දේ පිළිබඳ දැනුමක් තියෙන සිංහල කාන්තාවක් මා නැවත පැමිණෙන තුරු යොමු කරලයි ආවේ.
ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද?
මගේ සැමියාගේ පවුලේ අය, අම්මා, නංගි, අක්කා, තාත්තා මට ගොඩක් ආදරෙයි. ඒ අය මට නිතර කියන්නේ එයාලත් එක්කම ඉන්න කියලා. මගේ අම්මට මම ගොඩක් ආදරෙයි. අදටත් ඇයව මගේ සහෝදර සහෝදරියන් හොඳට බලා ගන්නවා. ඒත් මම කැමැතියි අම්මවත් එහාට ගෙන්නා ගන්න. මගේ කියල තියෙන දෙයක් විකුණලා දාලා ස්ථිර පදිංචියට මම එහේ තෝරා ගන්න හිතා ඉන්නවා.
ආයෙත් ඔබ ලංකාවෙන් යන්නේ?
දෙසැම්බර් දහ වැනිදා මම යළිත් අමෙරිකාවට යනවා.
අමෙරිකාවේදී රඟපෑමට යොමු වුණේ නැද්ද?
එහෙදි මම විවිධ රැකියා හයක් විතර කළා. වෙළෙඳ දැන්වීම් දෙකකට රඟපෑවා. ඒ රටේ රූපවාහිනිවල මගේ දැන්වීම් ප්‍රචාරය වුණා. එයින් මට මුදලකුත් ලැබුණා.
ලංකාවේ ගත කරන කෙටි කාලය තුළ කවුරුන් හෝ රඟපෑමකට ආරාධනා කළොත්?
රඟපාන්න නම් සතුටුයි. ඒත් මේ කෙටි කාලයට මට තිබෙන වැඩ ප්‍රමාණය අධිකයි. සැමියාට වුණත් අපේ භාෂාව රට තොට නුහුරුයි. ඔහු වුණත් මුල්වරට තමයි මේ ආසියාතික රටකට ඇවිත් තියෙන්නේ. මේ දින කීපයේදී මම උත්සාහ කරන්නේ සැමියාට අපේ රටේ තියෙන සුන්දරත්වය අත්විඳින්න එක්කන් යන්න. එයා හරිම ආසයි අලි බලන්න. මම එන්නත් කලින්ම කිව්වා පින්නවල එක්කන් යන්නම් අලි බලන්න කියලත්.
සැමියා ඔබව නිළියක් විදියට ද සාමාන්‍ය බිරිඳක් විදියට ද දකින්න කැමැති?
දෙවිදියටම ඔහු කැමැතියි. මම රඟපානවට වුණත් ඔහු කැමැතියි. මම කැමැති නම් රඟපාන්න වුණත් ඔහු මට අවසර දීලයි තියෙන්නේ.
දීර්ඝ කාලයක් කලාවෙන් බැහැර වීම නිසා අද ඔබෙන් රසිකයෝ ඈත්වෙලා ඇති නේද?
මම රඟපෑ චිත්‍රපට අදත් හෝල්වල පෙන්වනවා. රූපවාහිනියේ විකාශය වෙනවා. මේවා නරඹපු ප්‍රේක්ෂකයෝ මට කතා කරලා තියනවා. ඒක මට ලොකු ආඩම්බරයක් මාව අගය කරන එක ගැන. හුඟක් රසිකයෝ මාව ෆේස් බුක් එකෙන් හමු වෙනවා. මම මුලින්ම ෆේස් බුක් එකට ඇතුළත් වුණේ මාජි ෆනෑන්ඩු නමින්. මගේ පින්තූර දැක්ක රසිකයෝ මගෙන් අහලා එවල තිබුණා ඔයා සුමනා ගෝමස් නේද කියලා. ඒ තරමටම මාව හඳුන ගත්තු මගේ රසිකයෝ පිරිසක් අදත් මට ඉන්නවා.
නැවතත් ලංකාවට එනවා නම් මේ වගේ දීර්ඝ කාලයකට පස්සේද එන්න අදහස් කරන්නේ?
සමහර විට මෙහෙ තියෙන වැඩ නිරාකරණය කරගන්න සැමියා නැතත් මම හරි සමහර විට ඇවිත් යන්න එන්න පුළුවන්. නිව්යෝර්ක්වල ඉඳල ලංකාවට එන්න ඩිරෙක් ෆ්ලයිට් නෑ. ඩුබායිවලට ඇවිත් එතනින් තමයි ලංකාවට එන්න ඕනෑ. ගමනට විතරක් පැය දහනමයක් විතර යනවා. එක දිගට ඒමත් හරිම කර්කෂයි.
දීර්ඝ කාලයකට පස්සේ මව බැලීමේ පරමාර්ථයෙන් ආ මේ ගමනේදී අම්මා ඔබ යළිත් විදේශ ගතවෙනවාට කැමැතිද?
ගුවන් තොටුපළේ සිදු වූ ප්‍රමාදය නිසා දහවල් වී තමයි මට අම්මාගේ ගෙදරට එන්න පුළුවන් වුණේ. මම දන්නා හිමි නමකට පවසා පිරිත් කියා නූල් බැඳ තෙරුවන්ගේ ආශිර්වාදයත් ලබාගෙන තමයි අම්ම බලන්න ගියේ. මගේ ගමනේ මුල්ම කටයුත්ත වුණේ අම්මා බැලීම. බුලත් අතක් අරගෙන අපි දෙන්නා අම්මා ළඟට ගිහින් වැඳලා මගේ සැමියාත් හඳුන්වලා දුන්නා. අම්මට සතුටුයි වගේම දුකත් තිබුණා. අපි දෙන්නට දෙන්නා හොඳටම ඇඬුවා. මම කිව්වා අම්මා මාව මේ ලෝකෙට බිහිකළ නිසා තමයි මම මේ වගේ ජනප්‍රියත්වයක් ලැබුවේ. මේ වගේ හොඳ ගති ගුණ තියෙන සැමියෙක් මට ලබන්න වැසනාව ලැබුණේ කියා. අපි දෙන්නාගේ වෙඩින් ෆොටෝ එකත් අම්මා අතට දුන්නා.
ඔබෙත් සැමියාගෙත් දවස ගෙවෙන්නේ කොහොමද?
අපි දෙන්නම කාර්යබහුලයි. ග්‍රෙගරිත් මමත් උදේම වෝක් කරන්න යනවා. ඊට පස්සේ අපි දෙන්නා වැඩට යනවා. මට කලින් එයා ගෙදර එනවා. එයා තමයි ගෙදර උයන්නේ. හරි රසට ග්‍රෙගරිට උයන්න පුළුවන්. අවුරුදු නමයක් විතර ඉඳල ඔහු සුපවේදියෙක් ලෙස වැඩ කරනවා. මම කලින් ආපු දවසට නිවාඩු දවස්වලට මම අතින්ම තමයි කෑම සැකසෙන්නේ, අපේ සිංහල ක්‍රමයට. මම හදන කෑම රස බලන්න ඔහු ගොඩක් කැමැතියි.
විදේශ ගතවුණාට පස්සේ අපේ චිත්‍රපට, ටෙලි නාට්‍ය එහෙම ඔබට නරඹන්න අවස්ථාවක් නොලැබෙන්න ඇති නේද?
ඕනෑම සිංහල චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් එහෙදි බලන්න පුළුවන්. මම රඟපාපු චිත්‍රපටත් වෙළෙඳ පොළේ ඩී වී ඩී හැටියට තියෙනවා. මම ඉන්ටනෙට් එකෙන් සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍යය නරඹනවා.
සිංහල සිනමාවේ ඔබ කළ කැප කිරීම ගැන අද පසුතැවීමක් නැද්ද?
මම කලාවට ගොඩක් ආදරෙයි. පුංචි කාලෙ මම ආශා කළේ හෙදියක් වෙන්න. ටිකෙන් ටික ලොකු මහත්වෙන කොට ආශා කළේ පොලිස් කාන්තාවක් වෙන්න. ඊටත් පස්සේ ආශා කළේ නිළියක් වෙන්න. දහසක් දෙනාගේ ඇනුම් පද විවේචන මධ්‍යයේ මම ඉදිරියට ආවා. ඒ ගමන එන්න මගේ රසිකයෝ මාව දිරිමත් කළා. රසිකයන් හා මා අතර තියෙන ඒ නොබිෙඳන බැඳීම නිසා තමයි අදත් මට රසිකයෝ ගරු කරන්නේ. කොහේ ගියත් මට ආදරය දක්වන්නේ. ඔවුන් මට දක්වන ආදරය නිසාම මා ජීවිතයේ කළ කැප කිරීම ගැන මට තියෙන්නේ සතුටක්.
නිළියක් විදියට ඔබ තෘප්තිමත්ද?
‘හිත හොඳ සූරයෝ’ චිත්‍රපටයෙන් තමයි මට මුල් වරට ප්‍රධාන චරිතයක් ලැබුණේ. ඊට පෙර මා එක්තරා රාමුවක කොටු වෙලා රඟපෑවා. සුනිල් ටී. චිත්‍රපට සමාගම මාව ප්‍රධාන චරිත සඳහා යොදා ගනිමින් චිත්‍රපට කළා. ඒ හැම චිත්‍රපටයක්ම ආදායම් වාර්තා තබමින් සාර්ථක වුණා. මට තියෙන ඉල්ලුම වැඩි වුණා. වේදිකාවෙන් සිනමාවට ආපු නිළියක් ලෙස ජනප්‍රියත්වය ලබාගන්න මම චිත්‍රපටවල රඟපෑවේ නෑ. චිත්‍රපට නිෂ්පාදනය කියන්නේ බිස්නස් එකක්. ඒ බිස්නස් එකේදී නිළියෝ විදියට අපි කවුරුත් විකිණෙනවා.
ලිංගික ප්‍රවණතාව නියෝජනය කළ චිත්‍රපටවල ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් අනුරාගී චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔබ අනුගමනය කළේ ඇඟේ ඇඳුම් අඩුවන ප්‍රතිපත්තියක් නේද?
මම කළේ රඟපෑමක් විතරයි. නිළියක් විදියට චරිතයට අවශ්‍ය ලෙස මා අඩ නිරුවත් චරිතයක් රඟපෑවත් නිරුවත් චරිත මා කිසි විටෙකත් රඟපෑවේ නෑ. නිරුවත් චරිත රඟපාන්නෙත් නෑ. ආශාවට අඩ නිරුවත ප්‍රදර්ශනය කරන්න තරම් මානසිකත්වයක හිටිය නිළියකුත් නොවෙයි මම. වැඩිහිටියන්ට පමණයි ලේබලයේ ආ රැල්ලට මටත් විශාල ඉල්ලුමක් ආවා. මට ආදරය කළ සිනමා පේ‍්‍රක්ෂකයෝ මගෙන් බලාපොරොත්තු වුණේ ඇඳුම් වැඩියෙන් නොවෙයි, අඩුවෙන්. ඒ බලාපොරොත්තුව සුන් කරන්න මම කැමැති වුණේ නෑ. මගේ රඟපෑම දැකලා ඒ අය තෘප්තියක් ලැබුව නම් ඒක තමයි මගේ සතුට, තෘප්තිය.
සිංහල සිනමාවේ කිරුළක් දරන නිළියක් නේද ඔබ?
මම රඟපෑවොත් ඒවා නිල් චිත්‍රපට. විචාරකයන්ගේ සාක්කුවේ සිටි නිළියෝ රඟපෑවොත් ඒවා සම්භාව්‍ය චිත්‍රපට. එහෙම මතයක් ගොඩ නැගුණු යුගයක මටත් කිරුළක් හිමි වුණා. අපේ සිනමාවට සක්විතිලා එක්කෙනයි. ආයෙ එහෙම වෙන කවුරුවත් නෑ. නිළි රැජනත් එක්කෙනයි. ඒ තැන කාටවත් ගන්නත් බෑ. මගේ සිනමා ගමනේ මට හිමි වෙලා තියෙන සරාගී නිළි රැජන නාමයත් මට විතරයි. සිංහල රිදී තිරයේ ගිනිසිළුව ලෙස මා හැඳින්වීම ගැන මට පසුතැවීමක් නෑ, සතුටක් මිසක්. එය මා ලැබූ නම්බු නාමයක් ලෙසයි මා සලකන්නේ.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මට අවලාද නැගුවත් මම කාටවත් අවලාද නැගුවේ නෑ. මට කියන්න තියෙන දේ මම සෘජුවම කිව්වා. ඒ මගේ හැටි. ජීවිතය හරි පුදුමයි. කල් යල් ගිහින් මට ජීවිතයේ හිමිකාරයා ලැබුණා. ඔහුත් සමඟ මැරෙන තුරු සතුටින් ජීවත්වීම මගේ එකම පැතුම වගේම අන් ගැහැනියක් සේම මාත් මවක් වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනයත් මා අදහන දෙවියෝ, බුදුන් මට ඒකාන්තයෙන්ම ලබා දෙයි.

READ MORE - මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්

ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක සිරිල් ඒ. සීලවිමල ගුණ සැමරේ

ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක සිරිල් ඒ. සීලවිමල ගුණ සැමරේ

කීර්තිමත් පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනකාන්ත ගීත රැසක් ලියූ ප්‍රවීණ ගීත රචකයකු වූ සිරිල් ඒ. සීලවිමල මිය ගොස් දෙසැම්බර් 04 වැනි දිනට වසර දෙකක් සපිරේ. මේ නිමිත්තෙන් ලබන දෙසැම්බර් පළමුවැනිදා රාත්‍රී සුමධුර දම් දෙසුමක් සහ පසු දින සංඝගත දක්ෂිණාවක් අනුරාධපුර ඔහුගේ වැඩිමල් පුතුගේ නිවසේදී පැවැත්වේ.
නව පරපුරට ආදර්ශමත් පුවත්පත් කලාවේදියකු ලෙස රිවිරැස සහ දවස පුවත්පත්වල කර්තෘත්වය දරමින් ඉතාමත් අනගි සේවයක් ඉටු කළ හෙතෙම මෙරට අතිශය ජනාදරයට පත් ගීත රැසක පද හිමිකරුවා ද වෙයි. වික්ටර් රත්නායක ගැයූ ‘මෝහෙන් මුලා වෙලා’, මොරිස් දහනායක ගායනා කළ ‘මෙත් මල් පිබිදේවා’, සුදෝ පොඩ්ඩක් හඬන්න’, එච්. ආර්. ජෝතිපාල ගැයූ ‘විෂ්ණු දෙවිඳේ’, එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සමඟින් ගැයූ ‘හොඳ සිරියාවයි ආකාසේ’, ‘දෝතින් දෝතයි’, ‘හදවත මාගේ තටු සලා’, ‘හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක සමඟ ගායනා කළ ‘ආනන්ද මේ රෑ’ වැනි ජනප්‍රිය චිත්‍රපට ගී රැසක් ඔහු විසින් රචනා කර තිබේ.
ප්‍රසිද්ධිය පසුපස හඹා නොගිය සීලවිමල මහතා ගීත ලොවටත්, පුවත්පත් කලාවටත් අමිල මෙහෙයක් කළ අයෙකි. කලාව මෙන්ම සාර්ථක දිවි පෙවෙතක් ගත කළ සීලවිමල මහතා පුතුන් දෙදෙනකු සහ දියණියන් දෙදෙනකුගේ පියෙක් වශයෙන් සිය යුතුකම් ඉටු කළ දයාබර පීතෘවරයෙකි. සීලවිමල මහතාගේ ජීවිතයට සවියක් වෙමින් ඔහුගේ ළඟින්ම සිටි දයාබර බිරිය අනුලා සීලවිමල මහත්මිය ඔහුගේ ගුණ සුවඳ සමඟ අදටත් හදවතින් බැඳී සිටිමින් එතුමා වෙනුවෙන් මෙම පිංකම සිදු කිරීමට මූලිකත්වය ගෙන සිටින්නීය.


READ MORE - ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක සිරිල් ඒ. සීලවිමල ගුණ සැමරේ

යුරෝපා චිත්‍රපට උළෙල 01 වැනිදා සිට තරංගනී ශාලාවේදී

යුරෝපා චිත්‍රපට උළෙල 01 වැනිදා සිට තරංගනී ශාලාවේදී

යුරෝපා සංගමය සහ යුරෝපා රටවල් 8 ක එකමුතුවෙන් සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙල මෙම මස 01 දා සිට 07 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවැත්වේ. මේ දිනයන්හී දර්ශන වාර දෙකක් යටතේ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, මෝර්වේ යන රටවල්හී චිත්‍රපටයන් දහ හතරක් නොමිලයේ ප්‍රදර්ශනය වනු ඇත.
චිත්‍රපට උළෙලේ කාල සටහන මෙසේය.
01 වැනිදා
සවස 3.30 ට බ්ලැක් වීනස් (ප්‍රංශය)
6.30 ට ස්ච්ලැකාන්හෙයිට් (ජර්මන්)
02 වැනිදා
සවස 3.30 ට 80 මිලියන්ස් (පෝලන්ත)
6.30 ට ඩීප් බ්ලු සී (එංගලන්ත)
03 වැනිදා
සවස 3.30 ට බොන් වොයේජ් (නෙදර්ලන්ත)
6.30 ට මේරි ඇන්ඩ් ජොනී ( ස්විට්සර්ලන්ත)
04 වැනිදා
සවස 3.30 ට ද කවුටකිනෝ රිබිලිෂන් (නෝර්වේ)
6.30 ට සොනී බෝයි (නෙදර්ලන්ත)
05 වැනිදා
සවස 3.30 ට මයි වර්ඩ්, මයි ලයිෆ් මයි ලව් (ස්විට්සර්ලන්ත)
6.30 ට ලිම්බෝ
06 වැනිදා
සවස 3.30 සල්මන් ෆිෂිං ඉන් ද යේමන් (එංගලන්ත)
6.30 ට ටු ඩේස් ඉන් පැරිස් (ප්‍රංශය)
07 වැනිදා
සවස 3.30 ට නො ඩේස් ඉන් මේ (ජර්මන්)
6.30 ඉන්ටො පැරඩිස්කෝ (ඉතාලි)
උළෙලෙහි සම්බන්ධීකරණය ඇජන්ඩා 14 වෙනුවෙන් අනෝමා රාජකරුණාගෙනි.

Sarasaviya

READ MORE - යුරෝපා චිත්‍රපට උළෙල 01 වැනිදා සිට තරංගනී ශාලාවේදී

ඔබ නැතුව ඔබ සමග චිත්‍රපටය ගෝ‍වේ හි දී


















ප්‍රසන්න විතාන‍ගේ නිර්මාණය කළ ඔබ නැතුව ඔබ සමග චිත්‍රපටය හෙට එනම් 29 වැනි දින සවස 5.30 ට ‍‍මේ දිනවල ‍ගෝ‍වේ නගර‍යේ පැවැත් ‍වෙන 43 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උ‍ළෙ‍ලේ තරගකාරී අංශ‍යේ තිරගත වීමට නියමිතය.
‍මෙම චිත්‍රපටය තිර ගත කරනු ලබනු‍යේ ‍ගෝ‍වේ සිනමා උ‍ළෙ‍ලේ විශාලතම සිනමා හල වූ කලා ඇකඩමි ශාලා‍වේය. එහි ආසන සංඛ්‍යාව 950 කි.‍මේ වන විටත් සිනමා ‍ලෝලීන් අතර කතා බහට ලක්වී ඇති චිත්‍රපටයක් වන ඔබ නැතිව ඔබ සමග චිත්‍රපට‍යේ ප්‍රධාන නිළි අංජලී පටිල් විධායක නිෂ්පාදක සුනිල් ‍‍ෆොන්‍සේකා සහ අධ්‍යක්ෂක ප්‍රසන්න ‍ගෝ‍වේ සිනමා උ‍ළෙලට සහභාගි ‍වීමට පැමිණ සිටිති.
රටවල් 72 කින් ‍තෝරා ගත් චිත්‍රපට 172 ක් අතරින් සම්මාන සදහා තරග වදින චිත්‍රපට ‍ගොන්නට ඔබ නැතුව ඔබ සමග අයත්ය.‍ ලොව ඉහලම සිනමා සම්මානයක් වන ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උ‍ළෙ‍‍ලේ සම්මාන ප්‍රදානය ‍හෙට 30 වැනි දින පැවැත්වීමට නියමිතය.

සුනිල් ටී ෆිල්ම්ස් අනුග්‍රහ‍යෙනි



READ MORE - ඔබ නැතුව ඔබ සමග චිත්‍රපටය ගෝ‍වේ හි දී

විකුම්සිහ වත අධ්‍යාපනික ප්‍රදර්ශනය

Tuesday, November 27, 2012


කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයනාංශය මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරනු ලබන "විකුම්සිහ වත" හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණය 2012 නොවැම්බර් 28 බදදා සහ නොවැම්බර් 29 බ්‍රහස්පතින්දා යන දෙදින තුළ කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත් වේ.

2012 නොවැම්බර් 28 බදාදා

පෙ.ව 09.00 : සමාරම්භක උළෙල[ K2-003 ශාලාව]


පෙ.ව 10.00 : මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ සාහිත්‍ය මෙහෙවර" මැයෙන් අනුස්මරණ දේශනය - දේශක කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය දර්ශන රත්නායක මහතා [K2-003 ශාලාව]

ප.ව 2.30 : විරාගය චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම. [K3-001 ශාලාව]

2012 නොවැම්බර් 29 බ්‍රහස්පතින්දා

පෙරවරු 8.30 : ගම්පෙරළිය චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම. [K3-001 ශාලාව]

පෙරවරු 10.30 : කලියුගය චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම. [K3-001 ශාලාව]

ප.ව 2.30 : යුගාන්තය චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම. [K3-001 ශාලාව]


[මෙම සියලුම චිත්‍රපටි නොමිලේ නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවේ]

පුස්තකාල හා විඥාපන විද්‍යා ශිෂ්‍ය සංගමය මේ සඳහා ඔබට සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටී.

වැඩි විස්තර සඳහා 011-2917712 දුරකතන අංකයෙන් විමසන්න.
READ MORE - විකුම්සිහ වත අධ්‍යාපනික ප්‍රදර්ශනය

නිදි යහන කැළඹෙයි සමඟ තිරයට එන නිෂානි


මෑත කාලයේ සින්මාහල් වලට පැමිනි චිත්‍රපට අතර බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනු නිර්මානය වන්නේ නිදි යහන කැලඹෙයි චිත්‍රපටය පිලිබදවයි.වැඩිහිටියන්ට පමනක් සීමාවූ මෙම චිත්‍රපටය මේ දිනවල බාධක විවේචන මැදින් ගලායන චිත්‍රපටයකි.ප්‍රවීන නලු නිලියන්ට අමතරව නවක නිලියක්ද මෙහි ප්‍රධාන චරිතයට පන පොවමින් රංගනයට ප්‍රවිශ්ට වනවා.ඇය නිෂානි ගමගේය.මේ සරසවිය පුවත්පතට ඇය ලබාදුන් ලිපියයි.

ඉහළින් යන්න අපට බැහැ

නිදි යහන කැළඹෙයි සමඟ තිරයට එන නිෂානි ගමගේ



මේ කතබහ අප සිනමා නිම්නයට සපැමිණි අලුත්ම කතා නායිකාව සමඟිනි. ඇය නිදි යහන කැළඹෙයි සිනමා පටයේ නිරාෂා නැමැති ප්‍රධාන භූමිකාව රඟන්නීය.
සිනමාවට ආගන්තුක තැනැත්තියක් වුවද අපේ කතා නායිකාව පුංචි තිරයට හුරුය, සුපුරුදුය. එමෙන්ම වේදිකාවට ද ඇය සමීපය. තමා රඟපෑ මංගල චිත්‍රපටය තිරගතවීමත් සමඟම මේ දිනවල ඈ කාගේත් අවධානයට පාත්‍රව සිටින්නීය. ඇගේ සුරූපී බවත් මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි ලේබලයේ වීමත් එම කතාබහට හේතු වී තිබේ.
නිෂානි ගමගේ. . .
දැන් ඒ සොඳුරු සිත සමඟ මොහොතක් කතා කරමු.
නිෂානි කොහොමද? මොනවද අලුත් තොරතුරු?
හොඳයි. මේ දිනවල ටෙලි නාට්‍ය තුනක රඟපානවා. ඒ නිසා තරමක් කාර්යය බහුලයි. කප් සුවහස් කල්, නිල් දිය රළ, දියතක සෙනෙහස නම් වූ ඒ නිර්මාණයන්හි මං රඟපාන්නේ එකිනෙකට වෙනස් චරිත තුනක්. දර්ශන තල තුනක ගෙවෙන ජීවිතය ගොඩක් සුන්දරයි. තව නිර්මාණ කිහිපයකට ඇරැයුම් ලැබිලා තියනවා. කාල වේලාව අනුව ඒවාට හිත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
නිෂානි නිළියක වුණු අතීතයට යමු ආයෙමත්.
ඒක හරිම අහඹු සිදුවීමක්. දවසක් මගේ හිතවතෙකු සමඟ නාට්‍යයක මුහුරත් උළෙලකට සහභාගි වුණා. එතැනට ඇවිත් හිටියා ජයසේකර අපොන්සු මහතා. අපොන්සු අයියා මාව දැකලා සුහදව කතා බහ කළා. ඒ කතාව අවසන් වුණේ මා එතුමාගේ රංගන පාසලේ ශිෂ්‍යයකු බවට පත්වෙමින්.
මං ඉස්සෙල්ලාම නිළියක ලෙස කලඑළියට එන්නේ අපොන්සු අයියාගේ ‘කිරා’ වේදිකා නාට්‍යයෙන්. ඒකෙ ‘ටයිනි’ නැමැති ප්‍රධාන භූමිකාව මට හිමි වීම අදටත් මට අදහාගන්න අපහසුයි. දෙනෝ දාහක් සෙනඟ ගොඩක් මැද සජීවීව ටයිනි වුණු මුල්ම අවස්ථාව කෙදිනකවත් මගේ සිතින් බැහැර නොවේවි.
මගේ දෙවැනි වේදිකා නාට්‍ය වුණේ අපොන්සු අයියාගේම ‘භාෂා’. ඒක පාසල් නාට්‍යක්. එහි මං ද්විත්ව චරිත රංගනයක යෙදුනා. ඒ අතර රංගනය ගැන හදාරන්නත් අමතක කළේ නැහැ.
වේදිකාවෙන් පුංචි තිරයට පැමිණි අයුරු මතක් කළොත්?
මොහාන් නියාස් මහතාගේ ලොක්කයියා හි රඟමින් මං ටෙලි නාට්‍යවලට පිවිසෙන්නේ. ඒ කාලයේදීම රෝස කටු නාට්‍යයෙත් සැලකිය යුතු චරිතයක් නිරූපණය කළා. ඒ ධනුෂ්ක රත්නායකගේ පෙම්වතිය හැටියට. මේ නාට්‍ය යුගළ මාව සමාජයේ ජනප්‍රිය චරිතයක් කළා. වැඩි පිරිසකට මගේ මුහුණ හුරු වුණා.
මා දැන් නවතින්නේ නිදි යහන කැළඹෙයි සිනමා සිතුවම ළඟ.
නිදි යන කැළඹෙයි සිනමා පටයේ තිර පිටපත වරක් දෙවරක් නෙවෙයි, කිහිප වාරයක්ම මං ඉතාම ඕනෑකමින් කියෙව්වා. එය හරිම ආදර්ශවත් කතාවක්. ඉන් සමාජයට වැදගත් පණිවුඩයක් ලබා දෙනවා.
මා එහි රඟපාන්නේ නිරාෂා නම් වූ ප්‍රධාන නිළි චරිතය. නිරාෂා බොහොම අවිහිංසක, තම ස්වාමියාට පණ මෙන් ආදරය කරන කෙනෙක්. එහෙත් සිය සැමියාට එක්තරා රෝගයක් වැළඳීමත් සමඟ නිරාෂාගේ පවුල් ජීවිතය උඩු යටිකුරු වෙනවා. චිත්‍රපටය දිව යන්නේ එවැනි කතාවක් ඔස්සේ. මේ වන විට නිරාෂාට ලැබෙන ප්‍රතිචාර යහපත්. මේ වෙලාවේ එහි අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස්වත් මතක් කළ යුතුමයි.
නිෂානි ඇයි වැඩිහිටියන්ට පමණක් වෙන් වූ චිත්‍රපටයකින් රිදී තිරියේ රංගන චාරිකාව ඇරැඹීමට තීරණය කළේ? ඉක්මනින් ජනප්‍රියත්වය ළඟා කර ගන්නද?
නැහැ, කොහෙත්ම නැහැ. ඉක්මනින් ජනප්‍රිය වෙන්න වුවමනාවක් මගේ තුන් හිතකවත් නැහැ. මට අවශ්‍යතාවය තිබුණේ හොඳ නිර්මාණයකට දායක වෙන්න පමණයි.
අනික ඒ චිත්‍රපටය වැඩිහිටියන්ට සීමා වූ පරිද්දෙන් තිරගත කළ යුතු බවට තීරණය කෙරුවෙ රැඟුම් පාලක මණ්ඩලයයි. ඒ අයට ඉහළින් අපට යන්න බැහැනේ.
ඒත් තිර පටපත කියවද්දී මං හීනෙකින්වත් හිතුවෙ නැහැ මෙය වැඩිහිටියන්ට පමණයි පාඨය යටතේ තිරගත වෙයි කියලා.
වැඩිහිටියන්ට පමණයි ලේබලයේ චිත්‍රපටයක රගපෑ යොවුන් නිළියක් දෙස සමාජයේ ඇතැම් අය බලන්නේ වැරදි කෝණයකින්. නිෂානිට මොනවද ඒ පිළිබඳ කියන්න තියෙන්නේ?
රංගන ජීවිතයයි, පෞද්ගලික ජීවිතයයි කියන්නේ එකක් නෙවෙයි, දෙකක්. ඒ නිසා නිදි යහන කැළඹෙයි සිනමා පටයේ ඉන්නේ මම නෙවෙයි, නිරාෂා. එහෙයින් කවුරුවත් මගේ් දිහා බලන කෝණය මට අදාල නැහැ. සැබෑ ජීවිතයේ මං මොන වගේ කෙනෙක් ද කියලා මාව ඇසුරු කරන හැමෝම දන්නවා. සමාජය වෙනස් කරන්න මට බැහැනේ. කවුරු මොනවා කිව්වත් මං ගැන මට විශ්වාසයි.
අනික ඔය වැරදි කෝණයෙන් බලන අය කතා කරන්නේ චිත්‍රපටයේ තිබුණු තත්පර කිහිපයක දර්ශන ගැන පමණයි. ඉතිරි පැය ගණනක අපි කළ කැප කිරීම ඒ අයට අමතකයි. ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්.
පෙම්වතා අකැමැති නැද්ද ඔබ මෙවැනි චිත්‍රපටවල රඟපානවට?
ඔහු මාව හොඳීන් තේරුම් ගත් අයෙක්. කලා කටයුතු සඳහා මාව දිරිමත් කරන්නේද ඔහුයි. එවැනි පෙම්වතකුගේ ආදරය ලබන්න තරම් මා වාසනාවන්තයි. ඔහු සැබෑ නිශානිව හොඳින් තේරුම් ගත්ත හොඳ ආදරවන්තයෙක්.
පවුලේ තෙරතුරු ගැනත් කියමු?
මගේ ගම මාතර අකුරැස්ස. දනට පදිංචිය කොළඹ.
අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි, නංගියි, මල්ලිලා දෙන්නෙකුයි මගේ පවුලේ ඉන්නවා. කලා ලොවෙහි දිගු ගමනකට ඔවුන්ගෙන් ලැබෙන ශක්තිය මට මහ මෙරක් වගෙයි.
නිළියක් වීම පිළිබඳ දැන් ඔබට සතුටුද?
ඇත්තෙන්ම ඔව්. මේ වන විට මගේ වෘත්තීය රඟපෑම වෙලා තියනවා. ඒත් කවදා හරි මං විවාහ වූ දවසට නිළි වෘත්තිය බාධාවක් වුණොත් දෙවතාවක් සිතන්නෛ නැහැ රංගනයට සමු දෙනවා.
ආයේ රඟපාන්නේ තෝරා බේරා ගෙනද?
අනිවාර්යයෙන්ම. නිදි යහන කැළඹෙයි චිත්‍රපටය නිසා මං ක්ෂේත්‍රය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. පුද්ගලයින් හඳුනා ගත්තා. ආයෙත් කුමන හෝ නිර්මාණයකට, විශේෂයෙන් සිනමාපටයකට දායක වෙනවා නම් ඊට සම්බන්ධ වන සියලුම පුද්ගලයන් ගැන විමසීමක් කරලයි එහි රඟපාන්නේ.
එක පාරටම හොඳ අධ්‍යක්ෂවරු, නළු නිළියෝ බිහි වන්නේ නැහැ. බහුතරයකගේ පළමු නිර්මාණය හොඳම එකක් වන්නෙත් නැහැ. දැන් මා ක්ෂේත්‍රය ගැන තරමක් දන්නවා. එහෙයින් ආයෙත් තෝර බේරා ගෙන රංගනයේ යෙදෙනවා මිසක ආවට ගියාට නිර්මාණවලට දායක වන්නේ නැහැ.


READ MORE - නිදි යහන කැළඹෙයි සමඟ තිරයට එන නිෂානි

ගණිකාවො හිටියෙ නැත්තං ලංකාවෙ මිනිස්සුන්ට පිස්සු හැදිල තියෙයි

සාකච්ඡාව -දිනේශ් විතාන
පැපරාසි නිවුස් ලංකාපැපරාසි නිවුස් ලංකා - ගණිකාවන් නැතිනම් ලංකාවෙ පිරිමින්ට පිස්සු හැදෙතැයි කී ආන්දෝලනාත්මක ප්‍රකාශයට නදීශා පිළිතුරු බඳී
ප්‍රකට ටෙලි නාට්‍ය නිළි නදීශා හේමමාලි පසුගිය දෙසැම්බර් මාසයේ ස්වර්ණවාහිනියේ සති අන්ත වැඩසටහනකට එක්වෙමින් කියා තිබුනේ ලංකාවේ ගණිකාවන් නොසිටින්නට මිනිසුන්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවත් එබැවින් ගණිකා වෘත්තියට ගරු කළ යුතු බවත්ය.

මෙම ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය අඩංගු වීඩියෝ කොටස අන්තර්ජාලය ඔස්සේ රැව්පිළිරැව්දුන් පසු නදීශා ඒ ගැන කිසිම තැනක ප්‍රසිද්ධියේ කතා කර තිබුනේ නැත එම වැඩසටහනේදීම තමා ඉන්ටර්නෙට් එකේ යන ඒවා බලන්නේ නැති බවටත් ඒ ගැන දන්නේ නැති බවටත් කියා සිටි නිසා මේ ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශයත් ඇය ගණනකට නොගන්නට ඇතැයි බොහෝ අයට ඒත්තු ගොස් තිබුණි

නමුත් මේ කතාවෙන් පසු නදීශාට එතරම් හොඳ ප්‍රතිචාර ලැබී නැති බව අද ඇය දිවයින පුවත්පතේ මීවිත අතිරේකයට ලබාදී තිඛෙන සම්මුඛ සාකච්ඡාවක් කියවන විට පෙනී යයි

ඇය මේ සම්බන්ධව දොස් පවරන්නේ මාධ්‍යයටය
එහිදී ඇයගෙන් ඒ ගැන විමසන විට දුන් පිළිතුරු පහත පරිදිය

ගණිකාවන් සම්බන්ධව ඔබ ආන්දෝලනයට තුඩුදිය හැකි ප්‍රකාශයක් මාධ්‍යට පවසා තිබුණා. ඇයි එහෙම දෙයක් කිව්වේ ?


මිනිස්සු සම්පූර්ණ කතාව අහන්නේ නැතිව විනාඩි දහයක දෙයක් විනාඩියකට කෙටි කරලා පළ කරහම අර්ථකථනයන් වෙනස්කරන්න පුළුවන් වගේම සංස්කරණය හරහා ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් එතැන සිදුවුණේ. මම කැමැති නැහැ වැඩිය ඒ ගැන කතා කරන්න.

නමුත් එය එතරම් හොඳ ප්‍රකාශයක් නෙමෙයි නේ ?


මිනිස්සුන්ට කරන්න වැඩක් නැහැනේ. නිකරුණේ කාලය ගත කරන මිනිස්සු ජනප්‍රිය අය ගැන කතා කරන්න කැමැතියි. ගමක ඉන්න සිරිපාල ගැන කතා කරන්න කැමැති නැහැනේ. දන්න කියන කෙනෙක් ගැනනේ කතා කරන්න කැමැති. හැම වෙලේම පුවත් මවන්න තමයි ඉන්නේ. ඇත්තටම මේක මාධ්‍යයේ ලොකු වරදක්. හරි හමන් දේවල් දන්නේ නැතුව ප්‍රකාශ කරන එක. විශේෂයෙන් ඒ වගකීම ගන්න ඕනෑ මාධ්‍යය
වැරදි පුවත් මාධ්‍යයේ පළ කරනවා කියලද කියන්නේ ?


ඔව්. මාධ්‍ය වැරදි පුවත් ගොඩක් වෙලාවට මවනවා. මාධ්‍යයට ඕනෑ මුදල් උපයන්න. නිව්ස් දෙන්න ගිහින් වැරදි දේවල් ගොඩනගනවා. හරියට සත්‍ය හොයන්නේ නැතිව. ඒක මම පෞද්ගලිකව දන්න දෙයක්. මේක ඕනෑම ක්ෂේත්‍රයකට පොදුයි.

ඔබට මාධ්‍යයෙන් අසාධාරණයක් වෙලා තියෙනවාද?


මට විතරක් නොමෙයි හැම කෙනකුටම සමහර වෙලාවට මාධ්‍යයෙන් අසාධාරණකම් සිද්ධ වෙනවා.

මොනවාද ඔබ කියන අසාධාරණකම් ?

ප්‍රජාතන්ත්‍රවාදී රටක මනුස්සයකුගේ පෞද්ගලිකත්වයට හානිවන අයුරින් ඇත්ත හොයන්නේ නැතිව ප්‍රවෘත්ති පළ කරන එකම අසාධාරණයක් නොවේද?

මාධ්‍යයෙන් මේ දේවල් කරනවා කියලද කියන්නේ?


කුණු අවුස්සන්නේ මාධ්‍යයෙන්.

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ ?


ගමේ ඉන්න මනුස්සයෙක්ගේ තොරතුරු මාධ්‍ය ප්‍රකාශ කරන්න කොහෙත්ම කැමැති වෙන්නේ නැහැ. ඒක මිනිස්සුන්ටත් වැඩක් නැහැනේ. මොකක් හරි තොරතුරක් දැනගන්න දෙයක් ගැන තමයි කතා කරන්නේ. කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය කෙනකුගේ තොරතුරු හරි ඉක්මනින් ජනතාව අතරට යනවා. ඒක මාධ්‍ය මගින් පළ කරහම ඒ මාධ්‍යයත් ජනප්‍රිය වෙනවා. සමහර වෙලාවට ඔය වගේ තැන්වලදී වැරදි පුවත් පළ කරන්නත් බැරිකමක් නැහැ.

නළු නිළියෝ හරහා මාධ්‍ය ගමනක් යනවා කියලද කියන්නේ ?

නළු නිළියන් හරහා මාධ්‍යයට ලොකු සේවයක් වෙලා තියෙනවානේ. නිළියෝ පුවත් මවන්නියන් වෙලා තියෙනවා. නළුවෝ පුවත් මවන්නෝ වෙලා තියෙනවානේ. පත්තරයක් ගත්තහම බලන්න කලාව වෙනුවෙන් වෙන්වූ පිටුවක් තියෙනවානේ. අපි ගැන දැනගන්න අකමැති නම් පළ කරන්නේ නැහැනේ ඔයවගේ දේවල්. අපි ගැන කතා කරන්න කැමැති නිසා පුවත් මවනවා.

ඔබලාගේ හරි තොරතුරු මාධ්‍ය දෙන්නේ නැහැ කියලද කියන්නේ ?


සමහර වෙලාවකදී පුවත්පත් සාකච්ඡාවකදී අපි කියන දේවල් නෙවෙයි පළ කරන්නේ. අපගෙන් ලබාගන්නා සාකච්ඡාවේ තොරතුරු විකෘති කරලා පළ කරලා තියෙනවා. මටත් එහෙම දේවල් වෙලා තියෙනවා.

සාසාකච්ඡාව -දිනේශ් විතාන
පැපරාසි නිවුස් ලංකා





READ MORE - ගණිකාවො හිටියෙ නැත්තං ලංකාවෙ මිනිස්සුන්ට පිස්සු හැදිල තියෙයි

නදීශා - රීල් ඇන්ඞ් ට‍්‍රැක්

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීශා හේමමාලි පසුගිය කාලයේදී තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරූ බව පවසන්නීය.සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව පවසා තිබිනි.නදීෂාට තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරීමට අවස්ථාව උදාවී ඇත්තේ ඇයට තෙලිඟු විත‍්‍රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී. උයද කුමාර් නැමැති ජනපි‍්‍රය හින්දි අධ්‍යක්‍ෂවරයෙකුගේ චිත‍්‍රපටයක් සඳහාය.
ඉදිරි කාලයේදී එම චිත‍්‍රපටය ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ සිනමාහල්වල තිරතවීමට නියමිතය.එසේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහාද අත ගසා ඇතැයි පැවසේ.නදීෂා විසින් නිෂ්පාදනය කරනු ලබන සිය කුළුදුල් ටෙලි නාට්‍යයේ ඇය විසින් ගැටඹි හා මලිති යන ද්විත්ව චරිත නිරූපනයක් සිදු කිරීම ද විශේෂිතය.

මෙම ටෙලි නාට්‍ය ඇත්කඳලිහිණි යනු වෙන් නම් කර තිබේ.නදීශාට රීල් ඇන්ඞ් ට‍්‍රැක් නමින් නිෂ්පාදන හා අලෙවිකරණ ආයතනයක් ද ඇත.එම ආයතනය තුළ පසුගිය කාලයේදී ටේ‍්‍රන් ටු කැන්ඩි නමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට චිත‍්‍රපටයක් නිෂ්පාදනය වූ බවත්, දුන්හිඳ අද්දර ටෙලිනාට්‍ය පිටපත ඞී.වී.ඞී. තැටියක් කළ බවත්, ඇය පවසන්නී

READ MORE - නදීශා - රීල් ඇන්ඞ් ට‍්‍රැක්

නදීශා හේමමාලි රඟපෑ තෙළිඟු චිත‍්‍රපටිය

ආර්.වී. උදයකුමාර් යන ඉන්දියානු අධ්‍යක්‍ෂකවරයා යටතේ රඟපෑමට ලැබීම ඇගේ රංගන ජීවිතයේ ලද වටිනා අවස්ථාවක් බවයි.

මීට අමතරව, ‘‘ඇත්කඳ ලිහිණ”නම් ටෙලිනාට්‍යයේ ඇය ද්විත්ව චරිතයක් නිරූපණය කිරීමට නියමිත බවද වාර්තා වේ.

READ MORE - නදීශා හේමමාලි රඟපෑ තෙළිඟු චිත‍්‍රපටිය

ආදරණීය තාත්තේ මම තවම ඔබව සොයමි . . .

Sarasaviya

ආදරණීය තාත්තේ මම තවම ඔබව සොයමි . . .

සහන් රන්වලගේ උතුරා පිටාර ගලනා පිය සෙනෙහස
ලයනල් රන්වලගේ ජන්ම දිනය දා රන් සලකුණ ආනන්ද විද්‍යාලයීයකුලරත්න ශාලාවේ...
27 දා ජන සංගීතයේ සැබෑ රස විඳින්න එන්න

ලයනල් රන්වල ජන සංගීතයේ රිද්මයයි. මීට දස වසරකට පෙර ලෝ දහමට අනුව සිය ජීවිතය අතැර ගියේය. ඒ ඔහුට ආදරය කළ පුතුන් දෙදෙනා, දයාබර බිරිඳ පමණක්ම නොව මුළු ලාංකේය ජනතාවම හඬවමිනි. එදා ඒ ඇසුණු ජන සංගීතයේ රිද්මය අද ද අප සවනත ගැටෙන්නේ පෙරටත් වඩා අගැයීමට ලක් වෙමිනි. නාද මාලාවන් සමඟ ඇහෙනා ඔබේ ස්වරය අද පරපුරට ද ආඩම්බරයකි. ඔබ අප අතරින් සමුගෙන ගියද ඔබගේම ලෙයින් ජනිත සහන් රන්වල පුතු ඒ මඟට පිවිස සිටියි. ඒ මතු පරපුරෙහි හදවත් හි ජන නාද මාලාවන් රෝපණය කරන්නටය. දයාබර පියකුගේ සෙනෙහස අහිමි වී ගිය කල්හි හදවත නැගෙනා දයාබර පුතකුගේ සංවේදී සිතුවිලි මෙසේ අප හා පැවසූයේ දෙනෙතට නැගුණු කඳුළු අතරිනි.
ආදරණීය තාත්තේ,
ඔබ අප අතැර ගොස් මේ ගත වී යන්නේ දසවැනි වසරයි. වසර දහයක් යනු දිගු කාලයක් වුවද ඒ දිගු කාලය මට දැනෙන්නේ අසුරු සැනක් මෙනි. එදා ඔබගේ දෙණ අසල දණ බිම ඔබා ඔබ දෙසම බලා උන් අයුරු මගේ සිහියට නැඟේ. එවේලෙහි ඔබගේ මුහුණෙහි රැඳුණු සිතුවිල්ල කුමක්දැයි සොයන්නට මම වෙහෙස ගත් අයුරු මගේ මතකයට පිවිසෙයි.
ඒ ශෝචනීය මතකය අතරින් මගේ සිත දිව යන්නේ අපේ සොඳුරු ළමා වියටයි. වසර විසි හතරක්ම පවුලෙහි බඩපිස්සා ලෙස ඔබගේ රාජ්‍යයේ ආදර කිරුළ පළන් මා කෙළිදෙලෙන් ගත කල ඒ සොඳුරු ජීවිතයේ සුන්දරත්වය මට අද ද සිහියට නැඟෙයි. කුඩා කල මා ඔබගේ සුළැඟිල්ලෙහි එල්ලී තාලයට පා තැබූ අයුරින්, මම අද ද තාලයට පා තබමි.
මිහිතලය වසා පැතිරුණු නුග රුකක සෙවණ හා සිසිලස බෙදන්නේ යම් සේද ඔබත් මට එැවැනිම නුග රුකක් බඳුමය. මට මෙන්ම අයියාටද ඔබ පෑ සෙනෙහස, ඔබගේ ගුණ කඳ කියන්නට අපට හෝඩියේ අකුරු මද බව කිව යුතුමය. ඒ පෑ සෙනෙහස තරමටම ඔබ ජන සංගීතයට, ජන ගීයට ආදරය කළ බව මම දනිමි. උඩැක්කිය අතට ගෙන තාල තබමින් නිවෙසෙහි එහාටත් මෙහාටත් තාල ගමනක යෙදුනේ අලුත් වාලක්කමක් තනන්නටය. නැවුම් ගීයක උපත සොයන්නටය.
‘සහන් පුතා මේ තාලේ හොඳ ද?’
ඒ අසලක මා සිටින මොහොතක ඔබ මා අමතන්නේ සැබෑ සෙනෙහසිනි. එවන් එක් දිනෙක සොඳුරු මතකය නිමේෂයකින් මගේ මතකයේ ඇඳී නෑඳී යයි. ඒ ජන සංගීතයේ නාද රටාවක් ඇසුරින් නවමු ජන ගීතයක් ඔබගේ හදවතට පිවිසි මොහොතයි. ඔබ කොපමණ සතුටකින් පසුවීද යත් මුළුතැන්ගෙහි සිය කාර්යභාරය අතර සිර වී සිටින අම්මාට ඇසෙන්නට ඒ ගීතය ගායනා කළ අයුරු මට මැවි මැවී පෙනේ.
‘අපි අපේ පැරැණි දේ ආරක්ෂා කර ගන්න ඕන. ඒ පැරැණි දේවලින් අලුත් අලුත් නිර්මාණ කරන්නට ඕන තමයි. අලුත් දේත් මුසු කර ගත යුතු තමයි. ඒ අපේ හද ගැහෙනා රිද්මය අවබෝධ කරගෙන. අපේකමට ආදරය කරනා ගමන් මම නැති දවසක මේ කරුණු කාරණා ඔයාට ප්‍රයෝජනවත් වේවි.’
අනතුරුව ඔබ මා අසලට පැමිණ කීවේ සොඳුරු අනාගත පැතුමක් හදවත පුරවාගෙන බව මම දනිමි.
ඔබත්, මමත් අතර වූ වයස් පරතරය දුර වුවද ඔබ හදවතෙහි රැඳුණු තාරුණ්‍යයට, ජවයට අපට ළං විය හැකිදැයි මා සිතට උපදින්නේ සැකයකි. එපමණක් නොව එකල ඔබ දැරූ නැවුම් අදහස් පිළිබඳ ජීවිතයෙහි ආපස්සට හැරී විමසද්දී ඒවා කෙතරම් අපගේ ජීවිතයට අදාළ කරගත හැකිදැයි මගේ සිතට දැනෙන්නේ පුදුමයකි. ඒ පිළිබඳ සිතුවිල්ලෙන් පසුවන මේ මොහොතෙහි වරෙක ඔබ හමුවට පැමිණි ඔබගේ ශිෂ්‍යාවක් ඉදිරිපත් කළ ගැටලුවකදී ක්‍රියා කළ ආකාරයේ නැවුම් මතකයන් මා අභිමුව දිස්වේ.
‘සර් මගේ ප්‍රේම සම්බන්ධයට අපේ ගෙදරින් කැමැති නෑ.’
ඒ ශිෂ්‍යාව ඔබට පවසන්නේ සැබෑම පශ්චත්තාපයෙනි. ඇගේ ගැටලුව ඔබගේ ගැටලුවක් කර ගනිමින් ඇගේ හදවත සොරා ගත් ඔහු ඇයට සුදුසු නම් එකම කැදැල්ලකට එක් කිරීමේ වගකීම භාර ගැනීමට තරම් ඔබ සැලකිලිමත් වේ. නොගැළපෙන හාදකමකදී එය මුහුණටම කියන්නට ද ඔබ පසුබට නොවන වග අමුතුවෙන් කිව යුතු නොවේ. ආදරයට ඔබ කෙතරම් ආදරය කලේ ද යත් මේ සිදුවීම සිදු වූයේ සන්ධ්‍යාවකදී ඔබ රූපවාහිනිය නැරැඹූ මොහොතකය. එදින එහි වාදයකට බඳුන් වූයේ විහාර මහාදේවි උද්‍යානයට පිවිසෙන ආදරවන්තයින් පිළිබඳ බව මට මතකය.
‘පෙම්වතුන් එලෙස හමුවීම ප්‍රේමයෙන් බැඳීම වරදක්දැයි’
එක්වරම අසුනින් නැගි ඔබ දුරකථනය අතට ගෙන විමසුවේ අප ද පුදුමයට පත් කරමිනි. ඒ ඔබ ආදරයට ආදරය කළ බැවිනි.
නොසැලෙන ගුණයෙන් යුක්ත වු සොඳුරු හදවතක් හිමි ඔබගේ හදවතෙහි වූ සොඳුරු සිතුවිලි නිවෙසෙහි කොතැන සැඟ වී ඇත්දැයි මම තවමත් සොයමි. ඒ සොඳුරු සිතුවිලි ඔබ හදවතෙහි රජ කළ නිසාමදෝ ඔබට මිනිසුන්ගේ ආදරය නොඅඩුව ලැබිණි. පාසලෙහි විදුහල්පතිවරයාගේ පටන් මාවත අමදින්නාට ද ඔබ සිතෙහි වූ ගෞරවය, සුහද බව මා හදවත පුරා අරක් ගත්තේ ඔබ නිසා බව කියමි.
‘උස් තැන් දැන හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ’
ඒ කියුම ජීවිතයට බොහොම වැදගත් කියමනක් පුතා’
ඔබ දිනෙක කීවේ මම ද උගත යුතු පාඩමක් යැයි පවසමිනි. ඒ කියූ වදන මේ මොහොතෙහි ද ඔබ පැමිණ මගේ දෙසවනට මුමුණන්නේ යැයි මට සිතේ. නිහතමානී බව පිරුණු, කුලුණුබර හදවතකට හිමිකම් කී පියාණෙනි, ඔබගේ ජීවිතයෙන් දායාද වූ බොහෝ දේ පියකු ලෙස අභිසෙස් ලබා සිටිනා මෙවන් මොහොතක මට කෙතරම් සොඳුරුදැයි සිතෙන්නේ ඉබේමය.
ඒ සිතුම මත්තේ සිතුවිලි අතර සැරිසරමින් මා මේ සූදානම් වන්නේ ඔබගේ හැත්තෑ තුන්වැනි ජන්ම දිනය සමරන්නටය. ඔබගේ මතකය ආවර්ජනය කරමින් ‘රන් සලකුණ’ නම් ජන සංගීතමය අත්දැකීම් ඔබ නමට පුදන්නටය. ඔබ ඉපදී හැදී වැඩුණු කළුබෝවිල ග්‍රාමයේ සිට ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔබගේ මියුරු ස්වරයෙන් ලද පන්නරය කරළියට රැගෙන එන්නයි. මීට දස වසරකට පෙර ඔබ ගැයූ ගීතයක මියුරු ස්වරය පළමුවරට ජනගත කරන්නටයි. ඒ මේ ඉල් මාසයේ 27 වැනිදා සැන්දෑවේ රාත්‍රී 6.30 ට ආනන්ද කුලරත්න ශාලාවේදීය. ඒ සොඳුරු මොහොතට ඔබ නොපැමිණිය ද ඔබට ආදරය කරනා බොහෝ දෙනා පැමිණීමට නියමිතය. එහෙත් ඒ අසිරිමත් මොහොතේ ගලන ජන ගඟ අතර ඔබ ඇත්දැයි මම සොයමි. ඔබ නොපැමිණිය ද එදින ඔබගේ සුවඳින් මුළු කරළියම සුවඳවත් වන වග මට රහසක් නොවේ. ඔබගේ සුවඳ මා අසල සැරිසරන බව මට පුදුමයක් නොවේ.
මීට, ආදරණීය පුතු සහන් රන්වල  


READ MORE - ආදරණීය තාත්තේ මම තවම ඔබව සොයමි . . .

කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයි

Sarasaviya

කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයි

අනූෂා සොනාලි වේදනාවෙන් කියන කතාව
බන්ධනාගාර කැරැල්ලට අනූෂා ගේ නම ගෑවිලා?
මෑත වකවානුවේ කලා කටයුතුවලින් තොරව පුවත් මවන්නන් අතර නළු නිළියන්ට හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයකි. පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල සමඟ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය නිළියක සම්බන්ධ වීම මීට නුදුරුම උදාහරණයයි.
බන්ධනාගාරයේ කැරැල්ලේ ප්‍රධානියකු වූ මාලන් නමැත්තකුගේ බිරිය ලෙස අනූෂා සොනාලි සම්බන්ධ කර පළ වූ ප්‍රවෘත්ති පසුගියදා අපට අසන්නට මෙන්ම දකින්නට ලැබුණි. විද්‍යුත් මාධ්‍යයේ, මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම අන්තර් ජාලයේ වෙබ් අඩවි හරහා ද මෙම ප්‍රවෘත්තිය ඉතා උණසුම් ලෙස පළ වී තිබුණි.
මේ ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත කුමක්ද යන්න සෙවීමට අනූෂා සෙනාලි සමඟ කළ කතාබහක් මේ.
* පසුගියදා මාධ්‍ය තුළින් ඔබට අතිශය පුළුල් ප්‍රචාරයක් ලැබුණා. මාලන් නමැත්තා ඔබේ සැමියා ලෙස එහි සඳහන්ව තිබුණා.
ඔව් . . . මේ ප්‍රවෘත්තිය මට මුලින්ම කිව්වේ මගේ මිතුරෙක්. පුවත්පත්වල, රේඩියෝවල, රූපවාහිනිවල වගේම වෙබ් අඩවිවලත් මේ ප්‍රවෘත්තිය පළ වී තිබෙනු දැක මං අතිශය කණගාටුවට පත් වුණා.
මගෙයි මාලන් කියන පුද්ගලයාගෙයි සබඳතාවය නැතිවෙලා දැන් ගොඩාක් කල්. මේ පුද්ගලයාගේ උප්පැන්න සහතිකේ නම් දෙකක් තිබෙනවා. එකක් තමයි මලින්ද නිලේන්ද්‍ර පැල්පොල. අනෙක් නම මාලන් මේනක පැල්පොල. වෙනත් නම් කියන තීරුව යටතේ තමයි මාලන් මේනක පැල්පොල කියන නම සඳහන් වෙලා තිබෙන්නේ. මම කසාද බැන්දේ මාලන් මේනක පැල්පොල. ඒත් ඊට ඉස්සර වෙලා ඔහු අනෙක් නමෙන් විවාහ වෙලා ඉඳල තිබෙනවා. ඒ අනුව බලද්දී මගේ විවාහය නීත්‍යානුකූල එකක් නෙවෙයි.
වසර කිහිපයක ඉඳල අපි අතරේ කිසිම සබඳතාවයක් තිබුණේ නැහැ. ඔය පුද්ගලයා බන්ධනාගාර ගතවෙලා ඉන්න කොට මම කවදාවත් ගිහිං නැහැ. බන්ධනාගාර පොත්පත්වලින් ඒක පරීක්ෂා කරල බලන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඒත් මාධ්‍ය මේ සිද්ධිය සඳහන් කරලා තිබුණේ තවමත් මේ පුද්ගලයා මගේ සැමියා විදියට.
මගෙන් අයින් වෙලා මේ පුද්ගලයා තවත් පවුල් ජීවිතයක් ගත කළා. ඒ පවුලට ළමයෙකුත් ඉන්නවා. ඉතිං ඇයි මාධ්‍ය මේ පුද්ගලයාගේ නියම බිරිඳ ගැන සඳහන් නොකර මාව සම්බන්ධ කර ගත්තේ කියන එක මට ප්‍රශ්නයක්. මේ සිද්ධියට මම අදාල නැහැ. කෙටියෙන්ම කියන්න තියෙන්නේ එච්චරයි.
හැබැයි මේ වගේ සිද්ධිවලින් මගේ හිත දැන් තදින්ම රිදිල තියෙන්නේ. කොයි වෙලාවක හරි බැරිම තැන මං සියදිවි හානි කර ගත්තොත් මේ මට මඩ ගහපු මාධ්‍ය ඊට සෘජුවම වගකිව යුතුමයි.
මම හිතන්නේ මේ ලියන අයට මේ සිද්ධිය ගැන මිට වඩා හොයන්න තිබුණා. සිද්ධියට අදාල කෙනාගේ පෞද්ගලික ජීවිතය ගැන හොයල ලියුවනම් බිරිඳ ලෙසට සඳහන් විය යුත්තේ දැන් ඉන්න බිරිඳගෙ නම මිසක් මගේ නම නෙවෙයි. මේක තමයි ඇත්ත කතාව.
ඔබ පසුගිය කාලේ නිර්මාණවලට දායක වුණේම නැහැ. කලකිරීමකින් ද ඉන්නේ?
මං කවදත් පස්සෙන් ගිහිං නිර්මාණ ඉල්ලගෙන සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ ප්‍රතිපත්තිය අදටත් එහෙමමයි. පහුගිය කාලේ සංගිලි චිත්‍රපටයට ආරාධනා ලැබුණා. ඒක කළා. කුපාඩියා චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ආරාධනා ලැබුණු වැඩවලට සම්බන්ධ වෙලා වෙනදා වගේ සතුටින් වැඩ කළා.
ඒ ඇරෙන්න නිර්මාණ හොයා ගෙන ගිහිං රඟපාන්න මට උවමනාවක් නැහැ. අනෙක දවස් කුලියටයි දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ. දවසට ගෙවල සතියක වැඩ ගන්න විදියට තමයි දැන් හැදිලා තියෙන්නේ. එහෙම නිර්මාණ කරනවට වඩා හොදයි මං දරුවත් එක්ක ගෙදරට වෙලා ඉන්නවා.
* කාලෙන් කාලට ඔබේ නම උඩට එනවා නේද?
ඔව් . . . කිසිම වැඩක් නැති කාලකන්නි කාට හරි මොනව හරි කරන්න හොය හොයා ඉන්නවා. පහුගිය කාලේ ෆේස් බුක් එකේ මගේ නමට තුන්හතර දෙනෙක් හිටියා. ඒ අතර ඇත්ත නමින් මමත් හිටියා. බොරු නම්වලින් හිටපු කාලකන්නි ෆේස් බුක් හරහා මගේ නම වනසන්න කටයුතු කළා. මේ වැඩ කරන පිරිස් දන්නේ නෑ ඒ අයත් මේ ලෝකෙට බිහි වුණේ අම්ම කෙනෙකුගෙන් බව. තමන්ගේ අම්මත් ගෑනියෙක් කියල. ඒ නිසා අහුවෙන අහුවෙන බොරු දේවලින් අපිව වනසල දාන එක තමයි උන්ගේ රාජකාරිය.
ඊට ඉස්සර වෙලා මගේ නමට සමාන නිළියක් කියන කෙනෙකුගේ අයුතු ක්‍රියා කලාපයක් සම්බන්ධව මගේ නම පැටලුණා. මේ වෙලාවල්වලදී කවුරුත් මේ කතා ගැන හොයල බැලුවේ නෑ. නිකම්ම ලිව්වා.
මට නොතේරෙන්නේ ඇයි මේ කිසිම හොයා බැලීමකින් තොරව මේව ලියන්නේ, ප්‍රසිද්ධ කරන්නේ කියන එක.
* මේ කළකිරීම් එක්ක නිර්මාණ ජීවිතෙන් ඈත් වෙන්න තීරණය කරලද ඔබ ඉන්නේ?
අපෝ නැහැ. හොඳ නිර්මාණයකට මගේ වටිනාකමට කතා කළොත් මං සම්බන්ධ වෙනවා. ඒ ඇරෙන්න හොය හොයා නිර්මාණ කරන්න මට උවමනා නැහැ.
අවසානයේ ඔබට මොනවද කියන්න තියෙන්නේ?
ඇත්තටම මේ සිද්ධියට මාව සම්බන්ධ කර ගැනීම වැරැදි ක්‍රියාවක්. ඒ නිසා මේක නිවැරැදි විය යුතුයි. මීට පස්සෙවත් මේ වගේ ප්‍රචාර කරන කොට හොයල බලල හරි දේ ප්‍රචාරය කළොත් හොඳයි.


READ MORE - කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයි

මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා

Sarasaviya

මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා

තේවිස් ගුරුගේ ධර්මශ්‍රී ට කියා දුන් පාඩම
ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ඔහු දැවැන්තයෙක්. හඬ ඇසූ පමණින් ඔබට ඔහු හඳුනා ගන්නට අපහසු නැහැ. පියවරෙන් පියවර අත්දැකීම් සමඟින් නිවේදන ක්ෂේත්‍රයේ ඔහු පැමිණි දුර බොහෝයි. ගුවන් විදුලිය පමණක් නොව රූපවාහිනියේ ද ඔහු ඔබට ලෙංගතු මිතුරෙක්. ඔහු ධර්මශ්‍රී වික්‍රමසිංහ. මේ ඔහු අඩ සියවසකට ආසන්නව පැමිණි ඒ ගමනේ තොරතුරු බිඳක්.
මේ ගමනේ ආරම්භය සිදු වූයේ ගුවන් විදුලියේ සහන නිවේදකයෙක් ලෙසයි. 1967 වසරේදී සහන නිවේදකයෙක් ලෙස ගුවන් විදුලියට එක්වන විට මම වරාය සංයුක්ත මණ්ඩලයේ අනියම් ලිපිකරුවෙක්. නමුත් හැමදාම මගේ සිහිනය වුනේ ගුවන් විදුලි නිවේදකයෙක් වෙන එකයි. දැන් වගේ නෙවෙයි එදා අද වගේ ගුවන් විදුලි නාලිකා රාශියක් තිබුණේ නැහැ. ලංකා ගුවන් විදුලි සංස්ථාව විතරයි තිබුණේ. ඉතිං මේකට ඇතුල් වෙන එක හරිම අමාරු දෙයක්.
කොහොම වුණත් ඒ වන විට කරුණාරත්න අබේසේකර මහතා අඳුරගන්න මට අවස්ථාව ලැබුණා. එතුමන් විසින් කළ සරස්වතී මණ්ඩපය වැඩසටහනට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වුණත් එහි දිගටම ඉන්න බැහැනේ. ඒක ළමා වැඩසටහනක්. වයස අවුරුදු 19 වෙනකල් විතරයි එයට සහභාගි වෙන්න පුළුවන්. එහි වැඩසටහන් රැසකට සම්බන්ධ වුණා. නිතර ආවා ගියා. කොහොම හරි නිවේදන ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා කියන උනන්දුවෙන් තමයි වැඩ කළේ. හැම දෙයකින්ම මම මගේ නිවේදන දිවියට අත්දැකීම් එකතු කර ගත්තා.
කාලයත් සමඟ මම 1971 වසරේදී දෙවන ශ්‍රේණියේ ස්ථිර නිවේදකයකු බවටත් 1978 වසරේදී පළමු ශ්‍රේණිියේ නිවේදකයකු බවටත් පත් වුණා. මේ කාලය තුළ මා ලැබූ අත්දැකීම් සියල්ල මම ගුවන් විදුලියේ ඕල් රවුන්ඩර් කෙනෙක් බවට පත් කළා කිව්වොත් නිවැරදියි. ප්‍රවෘත්ති නිවේදකයකු, වෙළෙඳ නිවේදකයකු, විස්තර ප්‍රචාරකයකු, සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නකු ලෙසත් ඉහළ ප්‍රසිද්ධියක් මට ලැබුණා. එක්තරා කාලයකදී මට සතියකට වෙළෙඳ වැඩසටහන් 17 ක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ මාසෙකට 68 ක්. ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශත් සිදු කළ යුතුª වූ නිසා මා නිරතුරුවම සිටියේ ගුවන් විදුලි සංස්ථාව තුළමයි.
උදේ 3.30 ට විතර එන මම ආපසු ගෙදර ගියේ රාත්‍රී 10.00 ට විතර. ඒ සමඟම රූපවාහිනියේ පැමිණීමත් සමඟ එයට දායක වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ දැන් වගේ නෙවෙයි වැඩසටහන් සුළු ප්‍රමාණයක් තිබුණේ. නමුත් ඒ අතුරින් වැඩසටහන් දහයක පමණ මම හිටියා. එක දවසක් ස්වාධීන රූපවාහිනී සේවයේ තේවිස් ගුරුගේ මහතා හිනා වෙලා මට කිව්වා ‘ධර්ම ශ්‍රී දැන් ඔයා හරි ජනප්‍රියයි නේද? මොන වැඩසටහන දැම්මත් ඉන්නෙ තමුසෙ’. ඉතිං මමත් හිනා වෙලා ඔළුව වැනුවා. එවිට එතුමා කිව්වා ‘මිනිස්සුන්ට තමන්ව ඉක්මනින්ම එපා වෙන්නත් හේතුව ඕකම වෙයි. මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා. සල්ලි ඕන නම් යාහළුවන්ගෙන් ටිප් එකක් ඉල්ල ගන්නවා’ කියලා. ඒ වෙලාවේ තමයි මට තේරුණේ මිනිස්සු හැම වෙලේම දකින්න කැමැති අලුත් දෙයක් කියලා.
සමහර දවස්වලට මම උදේ 6.00 දහවල් 12.45 හවස 6.00 රාත්‍රී 9.00 ප්‍රවෘත්ති විකාශන සියල්ලම කළ අවස්ථාත් තියෙනවා. මට මතකයි හැත්තෑ ගණන්වල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති නොබැඳි සමුළුව දවස්වල පැය භාගයකටත් වැඩිය එක දිගට ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්න සිදු වුණා. ප්‍රවෘත්ති කියන අතරතුරදිත් තවත් ප්‍රවෘත්ති ලැබෙනවා. ඒවායේ වැරැදි නිවැරැදි බලා පෙර සූදානමක්වත් නැතුවයි සිදු කළේ. එදා වතුර බිබී එක දිගට මට ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්න සිදු වුණා. අද වගේ නාලිකා රැසක්වත් නිවේදක නිවේදිකාවන් රැසක් හිටියෙත් නැහැ. ශ්‍රාවකයන්ට අපේ හඬ හරිම ලෙංගතුයි. තමන්ටම කියල අනන්‍යතාවක් එදා අපිට තිබුණා. එදා අසන්නන්ට හඬෙන් පමණක් අප හඳුනා ගැනීමේ හැකියාව තිබුණා.
එදා අද වගේ අපට මේ පිළිබඳ ඉගෙන ගන්න තැන් තිබුණේ නැහැ. ප්‍රවීණයන් දෙස බලන් ඉඳලා තමයි හැම දේම ඉගෙන ගත්තේ. මගේ ගුරුතුමා වන කරුණාරත්න අබේසේකර, සිරිල් රාජපක්ෂ, අමරබන්දු රූපසිංහ වැනි ප්‍රවීනයන් දෙස මම මැදිරියෙන් පිටත සිට බලාගෙන හිටියා. ඔවුන් ප්‍රවෘත්ති කියන විදිය, කොළයක් පසෙකින් තියන ආකාරය, ඒ අතරතුර හුස්ම පිට කරන විදිය මම එයින් ඉගෙන ගත්තා. අද වගේ නෙවෙයි එදා මේ ක්ෂේත්‍රයේ පරිසරය ගොඩක් වෙනස්. එදා කතා විලාසය හරිම සරලයි. අද වගේ විකාර භාෂා විලාශයක් එදා තිබුණේ නැහැ. අද තියෙන්නේ හායි හූයි කියල කෑගහන භාෂා ශෛලියක්.
එදා බිහි වූ නිවේදක නිවේදිකාවන්ට ලොකු පිළිගැනීමක් තිබුණා. ඒ නම් අදටත් එහෙමමයි. අද වගේ නෙවෙයි එදා අපට ලොකු මුදලක් ලැබුණේ නැහැ. අපි කවදාවත් මුදල් බලාගෙන වැඩ කළේ නැහැ. 1995 වසරේදී පැවැති ගුවන් විදුලි ජනාධිපති සම්මාන උළෙලේදී ජනප්‍රියම නිවේදකයා ලෙස සම්මාන ලැබීම සහ 98 වසරේ පැවැති මෙරට මුල්ම සංගීත සම්මාන උළෙල වන රස සංගීත සම්මාන උළෙලේදී ජනප්‍රියම නිවේදකයා ලෙස සම්මාන ලැබීම මගේ නිවේදන ජීවිතයේ සුවිශේෂ අවස්ථා දෙකක්.
දැන් ගෙවන්නේ එහි 45 වැනි වසරයි. මේ කාලය අතරතුර මා එරන්දි, සතුටය කිරුළ අපේ සහ නදීශානි නම් නවකතා ත්‍රිත්වය රචනා කළා. ඊට අමතරව මගේ නිවේදන වෘත්තියේ 38 වසරක අත්දැකීම් කැටි කර ‘ජය ශ්‍රී මා ධර්ම ශ්‍රී’ නම් කෘතියත් නිවේදන ක්ෂේත්‍රයට පැමිණෙන දරුවන් වෙනුවෙන් ‘නිවේදන සිහිනය සැබෑ කර ගන්නේ කෙසේ ද’ යන කෘතියත් රචනා කළා. මගේ අලුත්ම නවකතාව ‘සඳ වියන යට’ මේ වන විටත් මුද්‍රණයේ තියෙන්නේ. ඒ වගේම චිත්‍රපට නිෂ්පාදනයට මා යොමු වුණත් එහි සාර්ථකත්වයක් ලැබුණේ නම් නැහැ.
නමුත් ඉදිරියේදී ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. සඳ වියන යට රචනා කළෙත් ඒ අදහස හිතේ තියාගෙන. ඊට අමතරව මා සිත්ගත් තවත් දෙයක් වුණේ ගීත රචනා කිරීමයි. ආසාවට ඒ දේ කලත් ඒ කාලේ තහංචියක් ආවා ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන්ට ගීත රචනා කිරීම තහනම් කියලා. අද නම් ගීත නිබන්ධනය කරන්නෙත් සල්ලි බලාගෙන නේ.
එදා මා ලියූ ගී අතර අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් ලියූ ‘සිහිවටනය සේ’, ‘නදීශානි’, ඉන්ද්‍රාණි පෙරේරා ගයන ‘වසර ගණනක් ඇසුරේ හිටියත්’, මර්වින් පෙරේරා ගැයූ ‘මා දුර ඈතක යතැයි සිතා’ වැනි ගීත ජනප්‍රිය වුණා. හැමදාමත් මගේ හොඳම විවේචකයා වුණේ මගේ බිරිඳ චන්ද්‍රා. වැඩසටහන් වගේම නවකතාවලත් හොඳම විචාරය ලැබෙන්නේ ඇයගෙන්. ඒ වගේමයි දුව උරේෂාත් පුතා නවෝද් නිරතුරුවම මා දිරිමත් කරනවා. පුතා නවෝද් තමයි නවකතා ලියන්න මා උනන්දු කරන්නේ. මා පැමිණි මේ ගමන පිළිබඳ ලොකුªªª තෘප්තියක් මට දැනෙනවා. මේ දේවල් අනාගත දරුවන්ට ලබාදීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මම ඩී ශ්‍රී ගුවන් විදුලි නිවේදන පුහුණු ආයතනය ආරම්භ කළා. ගුවන් විදුලි කලාව, ඉතිහාසය, භාෂාව සමඟ සියලු නිවේදක ගුණාංග පිළිබඳ මනා අවබෝධයක් ලාබ දීම තමයි මෙහි අරමුණ. අද වන විට මගේ සිසුන් ක්ෂේත්‍රයේ ඉතා හොඳ තැන්වල සිටිනවා. ඒ ගැන මම සෑහීමකට පත් වෙනවා. ඒ වගේමයි මේ දරුවන්ට මම කියන්න කැමැතියි නිවේදන වෘත්තිය ආභරණයක් කර නොගෙන කැපවීමෙන් වැඩ කරන්න කියලා. වේදිකාවක සිංදු කියල බැහැල යනවා වගේ නෙවයි නිවේදනය කියන්නේ. නිවේදනය එයට වඩා වගකීමෙන් කළ යුතු දෙයක්. ජනප්‍රියතාවය පමණක් සළකා නිවේදනයට එන්න එපා කියලා මම විශේෂයෙන් කියන්න කැමැතියි.

READ MORE - මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා

මං අත දුන් කවුරුත් මට අත දුන්නේ නෑ

මං අත දුන් කවුරුත් මට අත දුන්නේ නෑ

රක්තා හැදූ ගාමිණී හේවාවිතාරණ උපහාර උළෙල 24 දා
අද දක්ෂයෝ රැසයි
ඒකාකාරී නිර්මාණ ගොඩයි
විජයට ඇක්ෂන් කියන්න මට බය හිතුණා
සිනමා කර්මාන්තයට ලොබ බැඳගත් තරුණයකි. ඔහුට කේ. විජේරත්න, රත්නවීර ද සිල්වා සහ ෂර්ලි සිල්වා නම් වූ අඹ යහළුවන් තිදෙනෙකු සිටියේය. ඔවුන් ද ඉහත කී තැනැත්තාට දෙවැනි නැත. මුවින් එලියට පැමිණෙන වචනයන්ගෙන් සියයට අනූනවයක්ම සිනමාව ගැනය. කෙටියෙන්ම කිව්වොත් මේ සිවු පුද්ගලයින්ට තිබුණේ පුදුමාකාර බයිස්කෝප් පිස්සුවකි.
මෙහෙම ඉඳලා හරි යන්නෙ නැහැ. ඕන බම්බුවක් වෙන්න කියලා ෆිල්ම් එකක් කරමු.
අයකු පවසයි.
කොහෙන්ද බං අපිට සල්ලි?
ගෙවල්වලින් ඉල්ලා ගනිමු. පස්සෙ දෙනවා කියමු.
ඒ යෝජනාව සම්මතය.
ඇත්ත පැවසුවොත් ගෙදරින් සල්ලි ලැබෙනවා බොරුය, එහෙයින් ඔවුන් නානා ප්‍රකාර මුසාවක් දොඩා නිවෙස්වලින් මුදල් ඉල්ලා ගත්තේය. දැන් පිටපත ද සූදානම්ය.
වැඩ ටික නම් ගානට කෙරුණා.
කවුද මේක ඩිරෙක්ට් කරන්නේ?
පිරිසට ප්‍රහේළිකාවකි. අවසන කෙනෙකු තීරණය විය. ඒ මා පළමුව නමක් නොදන්වා හඳුන්වා දුන් තැනැත්තාය. නම ගාමිණී හේවාවිතාරණය. අද ඔහු පරිණත පුද්ගලයෙකි.
ගාමිණී අයියේ ඊට පස්සේ මොකද වුණේ?

ඔබ ඔය සටහන් කරගෙන ආ සිදුවීම වුණේ 1977 අවුරුද්දේ. ඇත්තටම අපි කට්ටිය මීට කලින් චිත්‍රපටවල වැඩ කරලා තිබුණෙත් නැහැ. කොහොම හරි අන්තිිමේදී මට ඩිරෙක්ට් කරන්න සිදු වුණා. චිත්‍රපටයේ නම හරි යන කොට ඔහොම තමයි. කිව්වට විශ්වාස කරන්න චිත්‍රපටය පටන් ගත්තේ රු: 3000 කින්.
පළමුව ‘ඇක්ෂන්’ කිව්වේ කාටද?
වෙන කාටවත් නෙවෙයි අසහාය නළු විජය කුමාරතුංගට. ඔහු එතකොට දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නගා ගත් නළුවෙක්. මගේ මුවින් පළමුව ‘ඇක්ෂන්’ යන හඬ පිට වුණෙත් නැහැ. විජය අයියා ඒක තේරුම් අරගෙන එතැන් පටන් පුදුම සහයක් මට දුන්නේ. චිත්‍රපටය අන්තිම හරියෙදි නියම වැඩක් වුණා.
ඒ මොකක්ද?
අපිට සල්ලි මදි වුණානෙ. නිෂ්පාදකවරයකු හම්බ වුණා. ඒත් ක්ෂේත්‍රයේම අයකු ඔහුට කියලා අලුත් අයට සල්ලි දෙන්න එපා, ඔවුනට වැඩ බැහැ කියලා. අන්තිමේදී අපිට බැංකු ණය මුදලක් ගන්න පුළුවන් වුණා. චිත්‍රපටයෙහි වැඩ නිම කළා. ඒක දින හැත්තෑ පහක් දිව්වා. හොඳට ලාබත් ලැබුවා.
එයින් පසුව?
හරි යන කොට ඔහොම තමයි චිත්‍රපටයෙන් අපිට ලැබුණා මහත් ශක්තියක්. මගේ ඊළඟ චිත්‍රපටයේ වැඩ කටයුතු පටන් ගත්තා. ඒකෙ නම රක්තා. එය දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් තැනුණේ. අනතුරුව මැණික් මාලිගා, දූ දරුවෝ, සාරංගා වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ඊට පසුව වසර විසිපහක් පමණ නිහඬව ඉන්නට සිදු වුණා.
හේතුව?
මගේ වයිෆ් කැමැති වුණේ නැහැ මේ ක්ෂේත්‍රයට. ඒක නිසා ඉවත්ව සිටියා. ඒ කාලයදී මං පුංචි පුංචි ව්‍යාපාර කටයුතු කළා.
එතකොට ඔබ තුළ ජීවත්වන කලාකරුවා?
ඔහු තවමත් එහෙම්මම සිටිනවා. මං ව්‍යාපාර කළත් ඒ පැත්තටම යොමු වූයේ නැහැ. මොකද මං දක්ෂ ව්‍යාපාරිකයකු නෙවෙයි. අවස්ථා කිහිපයකදීම පාඩු ලැබුවා. මොන දේ කළත් කලාකරුවාගේ හිත නිතරම නවතින්නේ කලාව ළඟ. ඒකයි කොයි ලෝකවල්වල රවුම් ගැහැව්වත් ආයෙත් චිත්‍රපට කරන්න ක්ෂේත්‍රයට ආවේ.
අලුත් වැඩ කටයුත්තකට මේ වන විට අත ගහලද තියෙන්නේ?
ඔව්. චිත්‍රපට දෙකක්ම නිර්මාණය කරන්නට සූදානම්. එකක් කොමඩියක්. අනික කැලෑවක් සම්බන්ධ රහස් පරීක්ෂක කතාවක්.
නිහඬව සිටි කාලය ගැන පුංචි හෝ දුකක් නැතිද?
ඒ කාලය අතීතයට ගියාවේ. හැබැයි සක්‍රීයව මං සිටියා නම් අද වන විට චිත්‍රපට විස්සක් විතර කරපු අධ්‍යක්ෂවරයෙක්. නමුත් මක් කරන්නද?
ගාමිණි අයියා චිත්‍රපට සඳහා යොදා ගත්තේ නවකයින්ව. අද ඔවුන් බොහොම ප්‍රවීණයි. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
මට අදටත් වුවමනා නවකයින් සමඟ වැඩ කරන්න. මගේ අලුත් චිත්‍රපටවලටත් වැඩිපුර යොදා ගන්නේ අලුත් අය. විමලරත්න අධිකාරි, දයාරත්න රටගෙදර, හේමසිරි ලියනගේ, වික්ටර් දළුගම, ප්‍රියා සූරියසේන, පුන්සිරි සොයිසා කළ එළියට ආවේ මගේ චිත්‍රපටවලින්. අද ඔවුන් ද ප්‍රවීණයි. ඒ ගැන වචනවලින් විස්තර කළ නොහැකි සතුටක් මගේ සිිතේ තියෙනවා.
ඔබේ දුක සැප සෙව්ව අය කවුද ඉන්නේ?
මේ ඇත්තමයි කියන්නේ. කිසිම කෙනෙක් මං උන්නද මලා ද කියලා බැලුවේ නැහැ. ඒකට කමක් නැහැ. කවුරුවත් ගැන සිතේ කහටක් නැහැ.
මෙම මස 24 වැනිදා විශේෂ කටයුත්තක් වෙනවා නේද ඔබ වෙනුවෙන්?

එය මං වෙනුවෙන් සංවිධානය කළ උපහාර උළෙලක්. සේම් සංවිධානය මගිනුයි එය සිදු වන්නේ. සවස 2.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේදී උත්සවය ආරම්භ වෙනවා. මගෙත් එක්ක වැඩ කළ ගොඩක් මිත්‍රයින් එදාට හමුවේ යැයි මං විශ්වාස කරනවා.
රසික රසිකාවන්ටත් ආරාධනාවක් තිබෙනවාද?
ඔව්. මගේ චිත්‍රපට නරඹපු හැමෝටම එන්න කියලා මං ආරාධනා කරනවා.
ඔබේ චිත්‍රපට අතරින් වඩාත් ජනප්‍රිය වූයේ ‘රක්තා’ යැයි කිව්වොත්?
ඒක නිවැරදියි. මන්දයත් එම චිත්‍ර කතාව අතිශය ජනප්‍රියයි. ඒ වගේම සාරංගත් ජනප්‍රිය වුණා. එහි ඩග්ලස් සමඟ අනෝජා කළ රංගනය අදටත් මිනිස්සුන්ට මතකයි.
චිත්‍රපට ජීවිතයේ අනන්තවත් සුන්දර මතක සටහන් එහෙමත් ඇති?
නැත්තන්. රක්තා රූගත කරද්දී සෝනියා, මර්වින් ජයතුංග, විමල් කුමාර ද කොස්තා සහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඔරුවක යන සීන් එකක් තිබුණා. ත්‍රිකුණාමලයේ ආන්දම්කුලම් වැවෙයි එම දර්ශනය ගත්තේ. වැව මැද්දෙදි ඔරුව පෙරලුණා. කට්ටිය පැනලා බොහොම අමාරුවෙන් ගොඩ ගත්තේ. මර්වින් ජයතුංග රක්තාහි රඟන්නේ ගෝරාසිං නම් චරිතය.
ඔහුව මම තමයි ලොකු චරිතයකින් මිනිස්සු අතරට ගෙන ගියේ. ඔහු මගේ නිවසට ඇවිත් ඔහු හඳුන්වා දුන් හැටි අද වගේ මතකයි. පසුකාලීනව ඔහු සිනමාවේ දැවැන්ත දුෂ්ඨ නළුවකු වුණා. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විදිහට නමක් හදා ගත් පසු රටේ ජනප්‍රිය නිළියෝ මාව හොයාගෙන එන්න පටන් ගත්තා චරිත ඉල්ලගෙන. පස්සේ පස්සේ මේක හරි වදයක් වුණා. මොලේ කල්පනා කරලා වැඩ කළා. මට අද ඒක මතක් වෙද්දි හිනා.
වර්තමානයේ ක්ෂේත්‍රය ගැන කියන්න තියෙන්නේ මොනවාද?
දක්ෂයෝ රැසයි. ඒත් ඒකකාරී නිර්මාණ ගොඩයි. දක්ෂයින්ගෙන් වැඩක් ගන්නේ නැහැ. අනික ඉන්දීය නිළියො අපිට අනවශ්‍යයි. මොන චරිතයට වුවත් ලංකාවෙ ගැළපෙන අය ඉන්නවා. ටිකක් මහන්සි වුණා නම් හොයා ගත හැකියි.
එතකොට චිත්‍රපට ටෙලි නාට්‍ය බවට පත් කිරීම?
අන්තිම නරකයි. මුල් කෘතිය විනාශවීමක් සිදු වන්නේ. මගේ චිත්‍රපට නම් ටෙලි නාට්‍ය කරන්න දෙන්නේ නැහැ.
ටෙලි නාට්‍යක් කරන්න අදහසක් නැතිද?
මගේ මාධ්‍ය සිනමාව. ඉන් පරිබාහිර ක්ෂේත්‍රයක් ගැන හිතන්න අමාරුයි.
අනගි සිනමාපට රැසක් ක්ෂේත්‍රයට දායාද කළ අධ්‍යක්ෂවරයකු හැටියට තෘප්තිමත් මනසකින් ද ඔබ ඉන්නේ?
මොකද නැත්තේ. මගේ චිත්‍රපටවලින් බොහෝ දෙනෙකු හඳුන්වා දුන්නා. විමල් කුමාර ද කොස්තා වැනි අයව වාණිජ සිනමාව පැත්තෙන් ඉදිරියට ගෙනිච්ච. මං තමයි වාද බයිලා චිත්‍රපටවලට ගෙනාවේ. ඒ වගේම පාපන්දු තරගයක් චිත්‍රපටයකට ඇතුළත් කළ පළමුවැන්නා මං. මෙවැනි බොහෝ දේ මං කළා. ඒ ගැන සෑහීමකට පත් වෙනවා. යළිත් එවන් ප්‍රබෝධමත් වැඩක් කරන්නයි මේ ලැහැස්තිය.
ගාමිණීට කතා කරන්න 0786026535.


READ MORE - මං අත දුන් කවුරුත් මට අත දුන්නේ නෑ

BMICH X'Mas 2012 - Life Style Shopping Expo

Few More Trade Stalls still Available
Contact  Immediately - INOKA - 0713672672




Who wants to shop for all your needs under one roof, this Christmas?...

We are ready with over 200 stalls with both Local and International products and services to meet with your needs...






READ MORE - BMICH X'Mas 2012 - Life Style Shopping Expo

17 වැනි සුමති සම්මාන උළෙල


දෙසැම්බර් 02 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ
 

සම්මාන උළෙලෙහි නාමයෝජනා සුමති කෝට් හි එළිදැක්වූදා සුමති සම්මාන උළෙලේ සභාපති තිලංග සුමතිපාල, අධ්‍යක්ෂ ඒ. ඩී. රංජිත් කුමාර ඇතුළු ප්‍රධාන අනුග්‍රාහක භවතුන් අදහස් දක්වමින්.
සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
පුංචි තිරයේ මහා කලා මංගල්‍යය හෙවත් 17 වැනි සුමති සම්මාන උළෙල මෙවරද අති උත්කර්ශවත් අන්දමින් එලඹෙන දෙසැම්බර් දෙවැනිදා සවස සිරමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
පසුගිය වසරේ විකාශය වූ ටෙලි නාට්‍ය, වෙළෙද දැන්වීම්, ගීතමය රූපරචනා ආදී නිර්මාණ ගණාවක් මෙහිදී සම්මානයට පාත්‍රවනු ඇත. තම ජීවිත කාලය පුරාම කලා ක්ෂේත්‍රයට මාහැඟි දායකත්වයක් සැපයූ ප්‍රවීණයන් උදෙසා සාම්ප්‍රදායික වශයෙන් යූ. ඩබ්ලිව්. සුමතිපාල සම්මානය ද ඒවාට අමතරව පිරිනැමෙයි.
නිර්දේශිත නාම
හොඳම ටෙලි නාට්‍යය (ප්‍රසාංගික)

කඩදොර – රොෂාන් රවීන්ද්‍ර/ දීපාල් පෙරේරා
ස්වයංජාත – බන්දුල ඒකනායක / එච්. ඩී.
ප්‍රේමසිරි / චන්න ප්‍රනාන්දු / බණ්ඩාර ඇහැලියගොඩ
පින්සර දොස්තර – විජේරත්න ගමගේ
හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක
සරත් ධර්මසිරි (ඇත්කඳ ලිහිණියා)
සුදත් රෝහණ (ස්වංජාත)
සුනිල් කොස්තා (පින්සර දොස්තර)
රජීව් ආනන්ද (කඩදොර)
හොඳම ටෙලි නාට්‍යය නළුවා
ටෝනි රණසිංහ (පින්සර දොස්තර)
රොෂාන් රවීන්ද්‍ර (කඩදොර)
ජගත් චමිල (ස්වයංජාත)
හොඳම ටෙලි නාට්‍යය නිළිය
සමාධි ලක්සිරි (කඩදොර)
සේමිනි ඉද්දමල්ගොඩ (ස්වයංජාත)
නදීෂා හේමමාලි (ඇත්කද ලිහිණියා)
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය
දෙගොඩ තලා (දමයන්ති ෆොන්සේකා)
සංක්‍රාන්ති සමය (ආනන්ද අබේනායක)
බලාපොරොත්තුව (රංග බණ්ඩාරනායක)
හොඳම ටෙලි නාට්‍යය තිර නාටක රචක
සරත් ධර්මසිරි (ස්වයංජාත)
රජීව් ආනන්ද (කඩදොර)
සමන් වීරමන් (පින්සර දොස්තර)
හොඳම ටෙලි නාට්‍යය සහාය නළුවා
අතුල පතිරණ (ස්වයංජාත)
නලින් ප්‍රදීප් උඩුවෙල (කඩදොර)
නිමල් පල්ලෙවත්ත (පින්සර දොස්තර)
හොඳම ටෙලි නාට්‍යය සහාය නිළිය
චතුරිකා පීරිස් (ස්වයංජාත)
ජයනි සේනානායක (අහස් ගංගා)
ශ්‍රියානි මහවත්ත (ස්වයංජාත)
හොඳම ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ
චින්තක සෝමකීර්ති (පින්සර දොස්තර)
චින්තක සෝමකීර්ති (කඩදොර)
ගාමානි චාමින්ද (රන්තලිය වලව්ව)
හොඳම ටෙලි නාට්‍යය සංස්කරණය
එල්මෝ හැලිඩේ (සඳගිරි පව්ව)
රංගන සිංහාරගේ (කඩදොර)
චම්පික ඩයස් (පින්සර දොස්තර)
හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂ
සුනිල් විජේරත්න (පින්සර දොස්තර)
දීප්ති මංගල (ස්වයංජාත)
පැට්රික් ඩේවිඩ් (බොරළු වැස්ස)
හොඳම ටෙලි නාට්‍යය වේශ නිරූපණය
වසන්ත පූර්ණවංශ (කඩදොර)
ගයනි සතරසිංහ (පින්සර දොස්තර)
නලින් ප්‍රේමතිලක / පූජිත සන්දාදුර (ස්වයංජාත)
හොඳම ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂ
දේශක සම්පත් (කඩදොර)
දිනේෂ් සුබසිංහ (පින්සර දොස්තර)
නවරත්න ගමගේ (ස්වයංජාත)
හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය
බණ්ඩාර ඇහැලියගොඩ (ස්වයංජාත) ‘පාරමි දම් පුරා’
සුරම්‍යා මාපිටිය (බිනරි) ‘සහසක් ලන්දු’
සරත් ධර්මසිරි (ඇත්කද ලිහිණියා) ‘කිතුල කපලා’
හොඳම ටෙලි නාට්‍යය ගායනය
නන්දා මාලිනී / සුනිල් එදිරිසිංහ (ස්වයංජාත) ‘පාරමි දම් පුරා’
කරුණාරත්න දිවුල්ගනේ (බිනරි) ‘සහසක් ලන්දු’
සමන්ත පෙරේරා / සමන් ලෙනින් (ඇත්කද ලිහිණියා) ‘කිතුල කපා’
හොඳම රූපවාහිනී සංගීත වැඩ සටහන
සඳ රෑ සුවිසර (උදය තෙන්නකෝන්)
කේමදාස රාවය (එරින් ජයසේකර)
සංහිඳ – ධර්මදාස වල්පොල (උදය තෙන්නකෝන්)
හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන
අමා දහර (නුවන් ශ්‍රී ජයවික්‍රම)
සිත් ගිමන් හල (ප්‍රසාද් කොමසාරු)
සියඹලාණ්ඩුව ඇතා (සමන් රාමවික්‍රම)
හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන
ශ්‍රී ලාංකේය මහා ප්‍රාඥයා (විනීතා කරුණාරත්න සොයිලියස් (නාමල් ප්‍රසන්න)
මහ සඟ වස්තු (රන්ජීවනී බැද්දෙවිතාන)
හොඳම ටෙලි නාට්‍ය නවක නළුවා
උද්දික ප්‍රේමරත්න (ස්වයංජාත)
මලින්ද පෙරේරා (ඇත්කඳ ලිහිණියා)
අචල වල්පොල (බිනරි)
හොඳම ටෙලි නාට්‍යය නවක නිළිය
තමාලි නදීෂා (ස්වයංජාත)
තනුජා දිල්හානි (බිනරි)
ඩිනක්ෂි ප්‍රියසාද් (සඳගිරි පව්ව)
හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන
අටපට්ටම (හසන්ත හෙට්ටිආරච්චි)
වෙනස (රුවන්තිකා රණතුංග / අංජන ජයතුංග / මංජුල ඇතුගල / තිමිල වීරහන්දි)
සිංහල සිනමාවේ පුරෝගාමියා (විනීතා කරුණාරත්න)
හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන
අඩසිය වසක මනමේ සිංහබාහු (නලින් මාපිටිය)
නාට්‍ය හා රංග කලාව (ජයලත් චන්ද්‍රසිරි)
අමිල භෂ්ම හා ලවණ (නිලුෆා මොහොට්ටි)
හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන
Sports World (කපිල ලියනගේ)
ආසියානු මලල ක්‍රීඩා (කුමාරි මානෙල්)
Story of Sri Lanka One DayCricket
(ආමන්ත විජේසූරිය)
හොඳම රූපවාහිනි ළමා වැඩසටහන
සිහින හතක් (හසිත චන්ද්‍රකුමාර)
පැහැසරණිය (ගාමිණී ජයන්ත අබේවික්‍රම)


READ MORE - 17 වැනි සුමති සම්මාන උළෙල

ක්‍රිස් - 3 නිසා රිතික් අනතුරක

රිතික් රොෂාන් යනු ග්‍රීක ප්‍රතිමාවක් බඳු කඩවසම් රුවක් හිමි තිරයේ ප්‍රේමවන්තයෙකි. එහෙත් ඒ රුව ක්‍රියාදාම වීරයකුට ද ගැළපෙන බව ඔහු ඔප්පු කළේ වරක් දෙවරක් නොවෙයි. ඒ සෑම අවස්ථාවකම කිසියම් තුවාලවීමකින් වීරත්වය වඩාත් ඉස්මතු වුණි.
මේ දිනවල රිතික් ‘ක්‍රිෂ් 3’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නේය. ඔහු එහි විවේක් ඔබරෝයි සමඟ දකුණු මූම්බායිහී රූගත කිරීමක යෙදී සිටියදී දරුණු ලෙස තුවාල ලැබුවේය. තමන් සැබෑ වෘත්තීය නළුවකු බව ඔප්පු කරමින් ඔහු තුවාලය නොතකා දිගටම රූගත කිරීම්වල යෙදී තිබේ.
වැරැදි කාල නිර්ණයක් නිසා සටන් ජවනිකාවේදී රිතික්ගේ අතෙහි ඇති වූ විශාල කැපුමට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. ඒ වන විටත් අධික ලෙස රුධිරය වහනය වෙමින් පැවති බව කියවෙයි. වෙළුම් පටි යෙදූ අතත් සමඟ ඔහු රූගත කිරීම් දිගටම කළේ තමන් සැබෑ සටන් නළුවකු බව පෙන්වමිනි.
තුවාලවීම් පිළිබඳ හොඳ ඉතිහාසයක් රිතික්ට තිබේ. පසුගිය වසරේ කරන් ජොහාර්ගේ ‘අග්නීපාත්’ රූගත කරද්දී ඔහුගේ පිට කොන්දට දරුණු ලෙස තුවාල විය. පසුව දණහිස් ආබාධයක් නිසා ද ඔහු මාස ගණනක් වේදනා වින්දේය.
‘ක්‍රිස්’ සිනමාපට මාලවේ තුන්වැන්න වන ‘ක්‍රිස් 3’ නිපදවන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ ඔහුගේ පියා රාකේෂ් රොෂාන්ය.
2013 දීවාලි සමයේදී ‘ක්‍රිෂ් 3’ තිරගතවීමට නියමිතයි.
රූගත කිරීම්වලදී සිදු වූ අනතුරු නිසා සදාකාලික රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ අමිතාබ්, ෂාරුක් නාමාවලියට රිතික්ගේ නම එක් නොවේවා කියා රසිකයන් පතන බව නම් නිසැකයි.
අන්තර් ජාලයෙනි
READ MORE - ක්‍රිස් - 3 නිසා රිතික් අනතුරක

පොඩි පොඩි හැඟීම් තියෙන්න ඇති. ඒත් මට දැනිච්ච ආදරය තමයි මේ

කාවිංගයි, ආක්ෂායි හාද වෙලා යන ගමන..
2012 නොවැම්බර් මස 19 16:47:09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
කාවිංග සහ ආක්ෂා ගැන අද ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා කතා කරනවා. ටෙලි තිරයේදී විවිධ පෙම්වතියන්ගෙ පෙම්වතා වූ කාවිංග සමග මේ සිටින්නේ ඔහුගේ සැබෑම පෙම්වතිය වීම ඊට හේතුවයි. ආක්ෂා සුදාරි කියන ඇය ගැන බොහෝදෙනා කතා කිරීමට පටන් ගත්තෙ ස්වර්ණවාහිනිය නිසයි. ස්වර්ණවාහිනි ඩාන්ස් ස්ටාර් සහ ෆ්‍රෙන්ඞ්ස් නාට්‍ය සමග කලා ක්ෂේත‍්‍රයට ආ ආක්ෂා ගැන අපට වඩා දැන් නම් කතා කරන්නෙ දමිළ සිනමාව හෙවත් කොලිවුඩයේ අයයි. ඇය කොලිවුඞ් සිනමාවට පිවිස සිටීම ඊට හේතුවයි. ඉතින් අද අපි මේ පේ‍්‍රමාන්විත යුවල සමග පිළිසඳරකට එක්වුණා.

කාවිංග නිළියොත් එක්ක රඟපානකොට මට ඊර්ෂ්‍යා හිතෙනවා - ආක්ෂා-


කාවිංග ඔබ ගැන මේ දිනවල වැඩිපුර කතාබහ වන්නෙ?
සේපාලිකා නාට්‍යයේ පැතුම් සහ පියවි (අකලංක), දම්සාරි (විසල්) යන චරිත සහ රූපවාහිනී නිවේදන කටයුතු නිසා කියලා කියන්න පුළුවනි. මීට අමතරව මේ දිනවල වැහිලිහිණි සහ සතුරු මිතුරු, සඳුපමා යන නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා.

ආක්ෂා ඔබ ගැන කොහොමද කියන්න පුළුවන්?
මා ගැන කතා කළොත්, ස්වර්ණවාහිනිය නිසා තමයි මා ගැන වැඩිදෙනා හඳුනා ගත්තෙ. එහි ඩාන්ස් ස්ටාර් සහ ෆ්‍රෙන්ඞ්ස් කියන නාට්‍ය වෙතින් තමයි ක්ෂේත‍්‍රයට ආවේ.

කාවිංග ඔබ ක්ෂේත‍්‍රයට ආවෙත් නාලිකාවක් හරහා නේද?
අනිවාර්යයෙන්ම ඔව්. ජනක රාමනායක මහතා තමයි මැක්ස් ටී.වී. හරහා මාව ක්ෂේත‍්‍රයට හඳුන්වා දුන්නෙ. චමුදිත සමරවික‍්‍රම, ධනුක රාමනායක සහ කෝසල පීරිස්, ශක්ති හෙට්ටිආරච්චි මෙන්ම මහින්ද රාමනායක මහත්වරු තමයි මාව ක්ෂේත‍්‍රයට ගෙනාවෙ. පසුව සන්ධ්‍යා මෙන්ඩිස්, තරංග දිසානායක සහ රවීන්ද්‍ර විජේරත්න නිසා මට පුංචි තිරයට එන්න අවකාශය ලැබුණා. ඒ ආ ගමන තමයි මේ.

ආක්ෂා අද ලංකාවේ අයට වඩා ඔබ ගැන කතා වෙන්නෙ දමිළ සිනමාවේ අය නේද?
ඇත්තටම කුඩා කාලයේ මට ඉන්දියාවේ ගත කිරීමට ඉඩ කඩ ලැබුණා. නමුත් පසුව ඉන්දීය සිනමාවේ දායකත්වය ලැබේවි කියලා නම් හිතුවෙ නැහැ. ෆ්‍රෙන්ඞ්ස් නාට්‍යය රූගත කළේ ඉන්දියාවේ. එහිදී එහි සිටින අධ්‍යක්ෂවරයකු නිසා දමිළ සිනමාවේ දොර විවර වුණා කිව්වොත් හරි. ඇත්තටම මේ සියල්ලට ස්තුතිවන්ත වෙන්න  ඕනෑ ස්වර්ණවාහිනියටයි. දමිළ සිනමාවේ විශාල මුදලක් වැය කොට තනන චිත‍්‍රපටයක විශේෂිත ගීතමය ජවනිකා පෙළක් සඳහා මට ආරාධනා ලැබී තිබෙනවා. එය විශේෂිත අවස්ථාවක්. ඒ එක්කම දමිළ සිනමාවේ සහ ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත‍්‍රයට සම්බන්ධව මම බොහෝ දේ කරාවි.

කාවිංග ඔබ රඟපෑම සහ නිවේදනය කියන දේ අහම්බයකින් තෝරාගත් දෙයක්ද? නැතිනම් අරමුණක් ඇතිව ආ ගමනක්ද?
ඇත්තටම මගේ හීනය වුනේ ගුවන් නියමුවකු වීමයි. ඒ හීනය තවමත් මගේ හිතේ තියෙනවා. පාසැල් ජීවිතයෙන් පසුව වැඩිදුර හදාරා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවරයකුවීමේ අරමුණ තිබුණේ. ඒත් අම්මා අප්පච්චි ඒ කාලයේ ඒකට කැමති වුණේ නැහැ.

ආක්ෂා ඔබගේ අරමුණ වුනේ?
ඇත්තටම මගේ ප‍්‍රධාන අරමුණ මොන දේ කළත් හොඳ ව්‍යාපාරික කාන්තාවක් ලෙස මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමටයි.

කාවිංග සමහරු ඔබ දිහා බලන්නෙ තරමක් සැර පරුෂ චරිතයක් ලෙස නේද?
මුලින්ම මාව දකිද්දී එහෙම වුනාට, දන්නා අය දන්නවා මම එහෙම නැහැ කියලා.

ආක්ෂා රඟපාන්න ඉන්දියා ගියාට මට තහංචි දාන්න බෑ -කාවිංග-


ආක්ෂා ඔබට කොහොමද කාවිංග ගැන හිතෙන්නෙ?
ඇත්තටම එයා හරි අහිංසක චරිතයක්. නිහතමානී චරිතයක්. ඒත් ඒ වුනාට ඒ අහිංසකකම ඇතුළෙ බොහෝ දේ තියෙනවා (හිනා)

කාවිංග මේ ඔබගෙ අවංක ආදරයද? ඊට පෙර පෙම්වතියන් ඉඳලා නැද්ද?
අවංකව ආදරය කරලා තියෙනවා. පැරදිලත් තියෙනවා. නමුත් පෙම්වතියන් මාරු කරලා නැහැ. දැන් තමයි මට හරිම පෙම්වතිය ලැබිලා තියෙන්නෙ. ආක්ෂා මට බොහෝ දේ වටහලා දෙනවා. බොහෝ දේ ගැන කියා දෙනවා.

ආක්ෂා ඔබට ආදරය ගැන ඇති අත්දැකීම් මොන වගේද?
පොඩි පොඩි හැඟීම් තියෙන්න ඇති. ඒත් මට දැනිච්ච ආදරය තමයි මේ. කාවිංග අහිංසක විදියට ඇවිත් මගේ හිත දිනා ගත්තා.

කාවිංග ඔබගෙ පෙම්වතිය ආක්ෂා ඉන්දියාවේ ගිහින් රඟපානවට කැමතිද?
චූටි දුකක් තියෙනවා. ඒත් ඇය කරන්නෙ වෘත්තියක්. ඒ නිසා මට තහංචි දාන්න බැහැ. මම අදහන ආගම, දහම, දෙවියන් වගේම ඇය ගැනත් විශ්වාසය තිබෙනවා. ඇයත් මාව තේරුම් අරන් බව මගේ හැඟීමයි.

ආක්ෂා, කාවිංගට රංගනයේදී විවිධ නිළියන් එක්ක රඟපාන්න සිද්ධ වෙනවා. ඔබ ඒකට කැමතිද?
ම්ම්.....ම්.... ඇත්තටම මට වෙලාවකට ඊර්ෂ්‍යා හිතෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. සමහර වෙලාවට ඒ නිසා අපි පුංචි පුංචි රණ්ඩු කරගෙනත් තියෙනවා. ආදරයේ හැටි එහෙම තමයි.

වත්මන් තරුණ පරපුර ගැන කාවිංග ඔබ කොහොමද හිතන්නෙ? වත්මන් නව පරපුරට කරන්න දෙයක් තියෙනවද?
මම පුද්ගලිකව හිතන විදියට රඟපෑම හෝ නිෂ්පාදනය කියන්නෙ දෙබස් මතකයේ තබාගෙන කැමරාව ඉදරියේ පෙනී සිටින දෙයක් නොවෙයි.  ඕනෑම දෙයක් හරියට කළොත්,  ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වේවි. ඒ හැරත් සියල්ල බදාගෙන කළ යුතු නැහැ. එවිට අසාර්ථක වෙන්න පුළුවනි. තමුන්ට කළ හැකි දේ වටහාගෙන කළොත් අනාගතය පැහැදිලියි.

ආක්ෂා ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ?
ඇත්තටම රඟපෑම කියන්නෙ මොහොතින් මොහොත ඉගෙන ගන්න, හදාරන්න තියෙන දෙයක්. ඒ හැදෑරීම ජීවිතයටත් ආලෝකයක්. රංගනය එතරම්ම සංකීර්ණ විෂයයක්.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ


READ MORE - පොඩි පොඩි හැඟීම් තියෙන්න ඇති. ඒත් මට දැනිච්ච ආදරය තමයි මේ

සරලා කවුද

‘යකඩ දෝලි’ ටෙලිනාට්‍යයෙන් මගේ රඟපෑම් ආයෙත් දැකගන්න පුළුවන්
2012 නොවැම්බර් මස 25 16:37:06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
සරලා කවුද කියන වග ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න  ඕන නැහැ. ශ්‍රී ලංකාව විතරක් නොවෙයි බොලිවුඩය මෙන්ම හොලිවුඩය ඇතුළු අන්තර්ජාතික සිනමාවටත් ඇය අමුත්තියක් නොවෙයි. ඒ හඳුනා ගැනීම සිදුවුණෙත් දීපා මේතා අධ්‍යක්‍ෂණය කළ ‘වෝටර්’ චිත‍්‍රපටයේ රඟපෑම නිසයි. මේ චිත‍්‍රපටියේ රඟපෑම නිසා සරලාට ඇමරිකාවේ පැවැති අන්තර්ජාතික සිනමා උළෙලක දී සම්මානයක් ද ලැබුණා. හැබැයි ඒ සියල්ල සිදුවුණේ මීට වසර කීපයකට පෙරදීයි. එතකොට සරලාගෙ වයස අවුරුදු 8ක් විතර ඇති. දැන්නම් එයා භද්‍ර යෞවනයේ පසුවන යෞවනියක්. ඒත් දැන් ඇය ගැන කතා කරන්නට හේතුව, නැවතත් රඟපෑමට එක්ව සිටීමයි.
වෝටර් චිත‍්‍රපටියට එදා ඔබ තෝරා ගත්තෙ කොහොම ද?
ගාල්ල සංඝමිත්තා බාලිකාවේ ඉගෙන ගනිද්දි, පාසලේ කලා අංශයේ විවිධ වැඩසටහන්වලට දායක වුණා. ඒ සියල්ලෙහි වීඩියෝ ක්ලිප් එකක් හදලා තිබුණා. කලින් ඔය වීඩියෝ ක්ලිප් එකක් දැකලා තියෙන්න ඇති. පසුව දීපා මේතා ඇන්ටි හමුවෙන්න ගියාම, පවුලේ කෙනෙක් මැරිලා කියලා හිතාගෙන අඬන්න කීවා. මම අඬලා පෙන්නුවා. වෝටර් චිත‍්‍රපටයට තෝරා ගත්තෙ ඒ විදියටයි.

එදා ඔබ එහි රඟපෑවේ ළමා වැන්දඹුවක ලෙසයි. මේ නිසා සම්පූර්ණයෙන්ම හිස බූ ගාන්න සිද්ධ වුණා. ඒ කොණ්ඩය වැවෙන්න කොච්චර කල් ගියා ද?
ඇත්තටම එදා කොණ්ඩය කපන්න එපා කියලා අම්මා කිව්වා. පාසල් යන නිසා මාත් කැමති වුණේ නැහැ. ඒත් ‘වෝටර්’ චිත‍්‍රපටයට එය අත්‍යවශ්‍ය වූ නිසා කරන්නම වුණා. හැබැයි ඉක්මනට කොණ්ඩය වැවුණා.

එදා ඒ චිත‍්‍රපටයට සම්බන්ධ වූ නළු නිළියන් අදටත් ඔබ එක්ක කතා බහේ යෙදෙනව ද?
ජෝන් ඊබ‍්‍රහිම් මහතා විශේෂිත අවස්ථාවක දී සුබ පතන්නට එහෙම කතා කරනවා. දීපා ආන්ටි ළඟ දී ආවා. එයා පුදුම වුණා. මාව බදාගෙන ගොඩක් වෙලා හිටියා. එදා හිටපු ඒ පොඩි කෙල්ල ද මේ කියලා එයා පුදුමයෙන් වගේ මා දිහා බලාගෙන හිටියා. ආයෙත් කවදාහරි වැඩක් කරමු කියලා කිව්වා. ලීසාරේ මහත්මිය රෝගාතුරව හිටියා කියලා ආරංචියි.

‘වෝටර්’ චිත‍්‍රපටයෙන් පසුව කළ දේවල් මොනවා ද?
අධ්‍යාපන කටයුතු නිසා රඟපෑම ගැන හිතුවෙ නැහැ. ඒත් සිරස ‘පුංචි පැංචි’ සහ ‘අබා’ චිත‍්‍රපටයේ පුංචි කොටසකට දායක වුණා. මෑතක දී තමයි යළිත් රඟපෑමට සම්බන්ධ වුණේ. තුසිත ද සිල්වා මහතාගේ ‘‘යකඩ දෝලි’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. එය වසන්ති චතුරානි ඇන්ටිගෙ නිෂ්පාදනයක්. ‘හිරුණි’ කියන චරිතය තමයි මම රඟපාන්නෙ.

දැන් පාසල් වැඩ කටයුතු එහෙම කොහොම ද?
ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙළ කළා. දැන් ලන්ඩන් ඒ ලෙවල් විභාගය කරන අතරේ අන්තර්ජාතික ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධිය සඳහා හදාරනවා.

අම්මා කාලයකට ඉහත දී ඔබගෙ හඳහන බැලූවාම, හාමුදුරුනමක් ඔබ ලෝක ප‍්‍රකට වෙනවා කියලා අනාවැකි පළ කළාලූ නේද? ඇත්ත ද?
අම්ම එහෙම කියලා තියෙනවා තමයි. ඒත් මම දැන ගත්තෙ පස්සේ දවසකයි.

‘‘යකඩ දෝලි’’ සමග දැන් දිගටම රඟපාන්න ද කල්පනාව?
හොඳ චරිත ලැබුණොත් බාර අරගෙන කරනවා.

සරලා දැන් නව යෞවනියක්නෙ. අද ඔබට ඔබ ගැන හිතන්නේ කොහොම ද?
‘සරලා’ හරිම සරල කෙනෙක්.  ඕනෑවට වැඩිය කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. දෙමාපියන්ගෙ කීමට අවනතව ජීවත්වන කෙනෙක්.

ඔබගෙ අරමුණ බොලිවුඩයේ රංගන ශිල්පිනියක් වීමට ද? හොලිවුඩයේ රංගන ශිල්පිනියක් වීමට ද?
බොලිවුඩයට යන්න දීපා මේතා ඇන්ටි නිසා පුළුවන් වුණා. ඒක වාසනාවක්. ඇත්තටම හොලිවුඩයට යන්න ආසයි. එදා වෝටර් රඟපාලා ඉවර වුණු හැටියෙ හොලිවුඞ් චිත‍්‍රපටයක රඟපෑමේ අවස්ථාවක් ලැබුණා. ඒත් තාත්තා කිව්වේ අධ්‍යාපන වැඩ නිසා ඒක බාර ගන්න එපා කියලයි. ඉදිරියේ දී ඒ අවස්ථාව ලැබුණොත් බාර ගන්නවා.

පවුලේ අය ගැන විස්තර කිව්වොත්?
තාත්තා ක්ෂද්‍රජීවී අංශයේ විද්‍යාඥයෙක් ලෙස කාලයක් සවුදි අරාබියේ සේවය කළා. තාත්තා සහ අයියා උපාධි දක්වා ඉගෙන ගෙන රැකියාවල නිරත වෙනවා. අම්මා අපි ඔක්කෝටම සහයෝගය ලබා දෙනවා.

අද ඔබ දකින අය හඳුනා ගන්නව ද මේ ‘සරලා’ කියලා?
මම හිතන්නේ එක පාරටම හඳුනා ගන්නෙ නැහැ. එදා පොඩියට හිටපු මම දැන් ලොකුයිනෙ.

තවත් මොනවද සරලාට කියන්න තියෙන්නෙ?
මට එදා ඉඳලා මේ දක්වා උදව් කළ හැමෝටම ස්තුතියි කියලා කියන්න කැමතියි.

සරලාගෙ පිළිසඳර අවසන එයා මොන වගේ කෙනෙක් ද කියලා අපි එයාගෙ අම්මාගෙන් ඇහුවා.
‘‘සරලා හරිම සාධාරණ නීතිගරුක කෙනෙක්. එක පාරටම තීරණ ගන්නෙ නැහැ. ගත්ත තීරණ හරි නිවැරදි බව පෙනෙනවා. ඒ වගේම ඒවා හරි සාධාරණ බව පෙනෙනවා.

හැඩගැන්වීම (සැලෝන් ගයාත‍්‍රි)

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ


සම්පූර්ණ නම:- ජයනි සරලා කාරියවසම්
ගම:- ගාල්ල උණවටුන
වයස:- අවුරුදු 17යි.
පාසල:- සංඝමිත්තා බාලිකා (ගාල්ල)
උස:- 5’ 4’’ යි
ලග්නය:- වෘශ්චික
පවුලේ විස්තර:- අම්මා, තාත්තා, අක්කා, අයියා

අදහස්(3) බැලූවෝ (3560)

READ MORE - සරලා කවුද