----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label නැටුම්. Show all posts
Showing posts with label නැටුම්. Show all posts

පුංචි කාලෙ ඉඳලම මම කළ යුතු දේ, නොකළ යුතු දේ තීරණය කළේ මමමයි.

Saturday, June 4, 2011

කලා කටයුතුවලින් ඈත්වීම ගැන පුංචි දුකක් හිතේ තියෙනවා

අයේෂා සඳමාලි

ඔබ කලා ක්ෂේත්‍රයට පැමිණි ආකාරය සිහිපත් කළොත්...?

2000 වසරේ පැවැත්වුණු ’මිස් වීනස්’ තරගයේ දෙවැනි ස්ථානයත්, 2002 වසරේ ”කැප්රි ක්වීන්” තරගයේ පළමු වැනි ස්ථානයත් මට හිමි වුණා. ඉන්පසුව මම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණා. මගෙ ගුරුවරයා, ප්‍රේමසිරි හේවාවසම් මහතා තමයි මට කලා ක්ෂේතය‍්‍රට එන්න උදව් කළේ’ රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසත් මම කලක් වැඩ කළා. ඉන්පසුව මම ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසත් වැඩ කළා.

“රස සරණිය”, “හලෝ ශ්‍රී ලංකා” මම සජීවීව ඉදිරිපත් කළ වැඩසටහන් දෙකක්. නර්තනයෙන් මගෙ හැකියාව පෙන්වන්න සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනින් අවස්ථාව උදා වුණා. ඒ තරගයේ අවසන් හතර දෙනා අතරට මම ආවා. මේ හැම දෙයක්ම මම කළේ ඒ පිළිබඳව හොඳින් හදාරල. මේ විදියට මම අවුරුදු 10 ක් විතර කලා ක්ෂේත්‍රයේ රැඳී සිටියා. ඒ වගේම “සක් විත්තෝ”, “ලොක්කයියා” කියන ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්නත් මට අවස්ථාව ලැබුණා.

මොනවද ඔබ මේ දවස්වල නිරතවෙලා ඉන්න කලා කටයුතු?

මම කලා කටයුතුවලින් ඉවත් වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒ කාලය තුළ ටෙලි නාට්‍ය රංගනයටත්, මෝස්තර නිරූපණයටත් දායක වුණේ නෑ. නිවේදන කටයුතු වලින් තරමක් දුරස් වුණා. මම දැන් පෞද්ගලික ආයතනයක අධ්‍යක්‍ෂවරියක් ලෙස රැකියාව කරනව. රැකියාවේ කටයුතු එක්ක මම ටිකක් කාර්ය බහුල වුණා. එහෙම ඉන්න විට තමයි “රණවිරු රියල් ස්ටාර්” වැඩසටහනට ආරාධනයක් ලැබුණේ. මම ඒ අවස්ථාව ඉතාම සතුටින් බාරගත්තා. ”රණවිරු රියල් ස්ටාර්” වැඩසටහනට තමයි පසුගිය දවස්වල මගෙ කාලයෙන් වැඩි කොටසක් වැය කළේ.

”රණවිරු රියල් ස්ටාර්” වැඩසටහනට දායක වෙන්න ලැබීම ගැන ඔබට මොනවද හිතෙන්නෙ.

ඇත්තෙන්ම මේ වැඩසටහන ඉදිරිපත් කරන්න මටත් දායක වෙන්න ලැබීම මගෙ ජීවිතේ ලබපු විශාල භාග්‍යයක්. ඒ ගැන මට හරිම ආඩම්බරයක් දැනෙනව. අවසන් ‘විරු තරු’ විසිහතර දෙනා තරගයට ආවට පසුවයි මම මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. මේ වැඩසටහන ඉදිරිපත් කළේ කංචන කොඩිතුවක්කුත්, උමයංගනා වික්‍රමසිංහත් මමත්.

අපි ඉතාම සතුටින් සහ සහයෝගයෙන් ඒ වැඩේ කළා. අපේ රට බේරාගත් රණවිරුවන් අතර හොඳ කලාකරුවන් පිරිසක් ඉන්නව. මේ වැඩසටහන මුළු රටම ඉතාම ආශාවෙන් නැරඹූ වැඩසටහනක්. පසුගිය කාලෙ තිබුණු රියැලිටි වැඩසටහන් අතරින් ජනපි‍්‍රයම වැඩසටහන වුණේ “රණවිරු රියල් ස්ටාර්” වැඩසටහන. සෑම වයසකම, සෑම තරා තිරමකම රූපවාහිනී ප්‍රේක්ෂකයින් මේ වැඩසටහන නරඹල රණවිරුවන්ගේ හැකියාව අගය කළා.

මෝස්තර නිරූපණයට අපේ රටේ තිබෙන පිළිගැනීම ගැන ඔබට තිබෙන්නෙ මොන විදියේ අදහසක් ද?

මෝස්තර නිරූපණයට ලෝකයේ තිබෙන්නේ ඉහළ තැනක්. ඒ මට්ටම දැන් ලංකාව තුළත් තිබෙනවා. මම ඒ ක්ෂේත්‍රයේ නියැලුණේ මගේ සීමා හොඳින් හැඳිනගෙන. නිරූපණ ශිල්පිනියන්ට අද සමාජයේ විශාල වටිනාකමක් ගෞරවයක් තියෙනවා. ඒ වගේම කලා ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ හැකියාවට හොඳ ඉල්ලුමක් තියෙනවා. අපේ රටේ මිනිස්සු ඉතා විවෘත මනසකින් මේ ක්ෂේත්‍ර පිළිබඳව හිතනවා. අනෙක ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්වුණු නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් අපේ රටේ ඉන්නව. ඒ නිසා මම හිතනව දැන් ලංකාව තුළ මෝස්තර නිරූපණය හොඳ රැකියාවක් කියල.

කලාවෙන් ඈත් වෙන්න කියල ඔබට කිව්වෙ ඔබේ සැමියද?

නැහැ කොහෙත්ම නෑ. කලාවෙන් ඈත් වෙන්න කියල මට කවුරුවත් ම කියල නෑ. මගෙ සැමියා මාවත් මගෙ හැකියාවනුත් හොඳින් තේරුම් ගත් කෙනෙක්. මගෙ හැම වැඩකටම උදව් කරමින් ඔහු මා ළඟින්ම ඉන්නව. “මෙගා ස්ටාර්” තරගාවලියට මට ඉදිරිපත් වෙන්න කිව්වෙ ඔහු. පුංචි කාලෙ ඉඳලම මම කළ යුතු දේ, නොකළ යුතු දේ තීරණය කළේ මමමයි.

කලාවෙන් ඈත්වීම ගැන දුකක් නැතිද?

පුංචි දුකක් තියෙනව. කලාව මගේ ඇඟේ තියෙන දෙයක්. කලා ක්ෂේත්‍රය තුළ විශාල ගමනක් නොගියත් මට සතුටු විය හැකි ගමනක් යන්න අවස්ථාව ලැබීම ගැන මට සතුටුයි. විවාහයෙන් පසුව මම වැඩි අවධානයක් යොමු කළේ මගෙ පවුල් ජීවිතයට. ඒ නිසයි මම රංගනයෙනුත්, මෝස්තර නිරූපණයෙනුත් ඉවත් වුණේ.

නමුත් රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණොත් මම ඒක බාර ගන්නව. ඒ වගේම ඉදිරියේදී දරුවන් හදල දරුවන් ටිකක් ලොකු මහත් වුණාම, සුදුසු පරිසරයක් තිබුණොත් කලාවට නැවත එක් වෙන්න සූදානම්.

කොහොමද පවුල් ජීවිතය...?

ඉතාම සතුටින් අපි පවුල් ජීවිතය ගෙවනව. අපි හඳුනාගන්නෙ 2000 වසරේ. 2006 දී විවාහ වුණා. මගෙ සැමියා ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. මගෙ වැඩ කටයුතුවලට ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබෙනව. මම හිතන්නෙ මම දැන් මවක් වෙන්න සුදුසු කාලය කියල. ඒ ගැන ළඟදීම හිතනව.

මොන වගේ බලාපොරොත්තු ද ජීවිතේ තියෙන්නෙ...?

මගෙ ජීවිතේ විශාල බලාපොරොත්තු නෑ. මගෙ රැකියාවට හොඳ සාධාරණයක් ඉටු කිරීමත්, හොඳ බිරිඳක්, මවක් වීමත් තමයි මගෙ ලොකුම බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු හැම ගැහැනියකටම පොදු ඒවා.

READ MORE - පුංචි කාලෙ ඉඳලම මම කළ යුතු දේ, නොකළ යුතු දේ තීරණය කළේ මමමයි.

ඈ කවුදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ

Saturday, April 16, 2011

නදිනි - මධුර පති කුළයට පිවිසි දා ටෙනිසන් එදිරිසිංහගේ කැමරා ඇසට හසුවූ අයුරු

ඈ කවුදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ කාටවත්ම. ඒ තරමටම නදිනි අපේ රටේ ජනපි‍්‍රය චරිතයක්. සිරස සුපිරි තරු ගොන්න වර්ණවත් කළ දීප්තිමත් තාරකාවක වූ මේ යොවුන් රුවැත්තිය අපේ ගායන ලොවේ අපූර්ව පෙරළියක් සිදුකළ දක්ෂ ගායිකාවක් කිව්වොත් නිවැරැදියි.

ඇගේ මියුරු හඬ, ගායන ලාලිත්‍ය සේම සොඳුරු රූ සපුවද රසික සිත්වලට එක්කළේ නොමැකෙන මතකයක්. මේ තරම් දුරට ඇයට කලා ලොවේ පියමං කරන්නට සැබෑ ශක්තියක් සහ ආශිර්වාදයක් වුණේ ඒ රසික ප්‍රසාදය.

ගායන දිවියේ එසේ සාර්ථකත්වයට පත් වූ ඈ සිය දිවිමං කලාවේ තවත් සොඳුරු ඉසව්වකට පා තැබූවේ විකසිත පෙම් පැතුම් හදවතේ පුරෝගෙන.. බක්මහේ අසිරිය මැද මේ සුවඳ සුකුමළිය, සිය පෙම්බරයාගේ අතිනත ගෙන ඔවුන්ගේම ලෝකයට පිය නැඟුවේ කාගේත් උණුසුම් සුබපැතුම් හා ආශිර්වාදය මැද්දේ. සිය දයාබර මවුපියන්ගේ සහ ළබැදි සොයුරිය ගේ සෙවනින් මිදී ඒ අලුත් ලෝකයට පාර සොයා ගෙන යන මොහොතේ ඇගේ සිතේ තෙරපුණ කඳුළු දෑස් කෙවෙහි මතින් එක සීරුවට ගාලා හැලුණේ නොහිම් සෙනෙහසක මතකය අවධි කරමින්.

නදිනි ගෙ මවුපියන්ගේත්, සොයුරියගේත් ඇස්වල කඳුළු වෙන්ව යාමේ සංතාපය හදවතට රිදුම් දුන්නත් ඒ ඇස්වලින් ගළා හැළුණේ සතුටු කඳුළුම වෙන්නැති.

මවුපියන්, සොහොයුරිය, නෑදෑ හිතවතුන්, සම්භාවනීය අමුත්තන් කලාකරුවන් හැමෝම පසුගිය අපේ‍්‍රල් 08 වැනිදා බත්තරමුල්ල “වොටර්ස් එජ්” හි “බෝල් රූම්” ශාලාවට එක්වුණේ නදිනිගේ ඒ වාසනාවන්ත දිනයට තමන්ගේ හෘදයාංගම සුභාශිංසනය එක් කරන්න.

දෑ කුල සිරිතට මුල්තැන දෙමින් පැවැති මේ අභිමානවත් මංගල උළෙලට නදිනි සැරසී සිටියේ රන් පැහැයෙන් වැඩ දැමූ සුදෝ සුදු සාරියකින්. “නදිනිගේ සැබෑම ලස්සන දැක්කේ අදනේ” ඈ වටකරගත් මිතුරු මිතුරියන් එසේ පවසද්දී ඈ පියකරු සිනාවකින් ඒ හැමෝටම ප්‍රතිචාර දැක්කුවේ ඉතාමත් නිහතමානීව.

නදිනිගේ අතගත් ඒ වාසනාවන්තයා මධුර අබේසිංහ. ඔහුත් ඉතාම කඩවසම් යෞවනයෙක්. “ෂ.. නියෙමට කැපෙන ජෝඩුව“ ඔය වගේ කතාත් එහෙන් මෙහෙන් ඇහුණා. මුවින් නොකිව්වත් එතනට ආපු හැමෝටම එහෙම හිතෙන්න නම් ඇති. මතුපිටෙන් තියෙන ඒ ගැළපීම ඔවුන්ගේ හදවත්වලත් ඇති බව අපට විශ්වාසයි.

ඉතින් නදිනි... මධුර...

හැමෝමත් එක්ක එකතුවෙලා දේශයේ කලා පුවත්පත “සරසවිය”ත් මේ වෙලාවේ ඔයාලට සුබ පැතුම් එක් කරනවා. මේ සංසාර ගිරි දුර්ගයේ රළු ගල් බොරළු මැඩගෙන සුසිනිඳු මල් ඇති රූ මාවතක සෙනෙහසින් අත්වැල් බැඳ යන්න ඔයාලට හැකිවේවා...

වාසනාවන්...වාසනාවන්... ඔබේ දිවිමග වාසනාවන්...

* දියණියේ නුඹට ආසිරි . . .
මව වේල් පට පළඳවමින්

මල් කළඹ පිළිගන්වමින්

විවාහ සාක්ෂියට අත්සන් තැබූ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

සනත් - මල්කාන්ති යුවළගේ ආශිර්වාදය

නදිනිගේ පවුලේ ආශිර්වාදය

මධුර ගේ පවුලේ ආශිර්වාදය

කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ’ නදිනිගේ
හැඟුම්බර ගායනය

අමිලා නදීෂානි, සිය පුතු සමඟින්. නයනා කුමාරි හා ගයනි මධූෂා පසෙක

විශාරද නන්දා මාලිනිය – ඇන්ජලින් ගුණතිලක මංගල උළෙලට සැපැමිණ

නදිනි සමඟ ‘සුපිරි තරු’ මාවත හැඩ ගැන් වූ ගාමිනී සුසිරිවර්ධන සහ මංජුලා නිවන්ත




© Copy Rights - Sarasaviya
READ MORE - ඈ කවුදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ

මම නිකම්ම නිකන් ඩාන්සින් ස්ටාර් කෙනෙක් නෙමේයි

වේදිකාවෙන් ටෙලිවිෂනයට පැමිණි සම්මානනීය නාට්‍යකාරිය

අයේෂා දිසානායක

ඇය මඳ සුළඟේ පාවී යන දුහුළු මලක් සේ ආකර්ෂණීයය. සුරූපී වත මඬලේ සිතුවම් කර ගත් අපූරු සිනහව අව්‍යාජත්වයේ සැබෑම සංකේතයකි. ඊට එක් වූ අප්‍රතිහත කලා හැකියාවෙන් ඈ රටක් වසඟ කළාය.

මේ දිනවල පූජා ටෙලි සිතුවමේ ෂැකී වෙමින් රඟන ඈ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වැඩසටහන ඒකාලෝක කළේ නර්තනයෙනි.

ඇය වේදිකාවටද හුරු පුරුදුකාරියක් බවද පැවසිය යුතුමය.

අයේෂා දිසානායක.

මේ ඇගේ කතාවයි.

අතීතයෙන් මේ කතාව අරඹමු.

මගේ ගෙවල් බදුල්ලෙ. ඉගෙන ගත්තෙ බදුල්ල විශාකා බාලිකා විද්‍යාලයෙන්. පාසල් යන කාලයේ සෞන්දර්ය විෂයක් විදිහට හැදෑරුවෙ නැටුම්. රංගනයට ආසාවක් තිබුණෙම නැහැ. උසස් පෙළ විභාගයෙන් සමත් වූ මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා ගත්තා මේ කාලේ. ඒ 2002 අවුරුද්දේ. ඒ අතරතුරදී ටවර් හෝල් පදනමේ නාට්‍ය පාඨමාලාවක්ද හැදෑරුවා.

විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේදීම මට අහඹු අවස්ථාවක් උදා වුණා කේ. බී. හේරත් මහතාගේ යශෝධරා වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න. පසුව මට දිගටම වේදිකා නාට්‍ය රැසකම රඟපාන්න ආරාධනා ලැබුණා. ජනතාව පරාදයි, අම්මා, හෙඩා ගාබ්ලර්, උපන්දා මරණය, සුරඟනක් ඇවිත්, වෙස් මුහුණු ඉන් කිහිපයක්.

ඔබ සම්මානනීය වේදිකා නාට්‍යය නිර්මාණකාරිණියක බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්.

මා නිර්මානය කළ ගෙන්දගම් උයන වේදිකා නාට්‍යය පසුගිය වසරේ පැවති යෞවන සම්මාන උළෙලේ සම්මාන දහයක්ම දිනා ගත්තා. ගෙන්දගම් උයන වෙනුවෙන් අපි හැමෝම මහන්සි වුණා. එහෙයින් ඒ නාට්‍යයට සම්බන්ධ වූ හැමෝටම තුති පිදිය යුතුයි.

එතකොට පුංචි තිරයට දොරගුළු විවර වන්නේ?

මා රඟපෑ වේදිකා නාට්‍යයක් නරඹා තිබුණා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රේමකුමාර ජයවර්ධන මහතාත් සුමිත්‍රා රාහුබද්ධ මහත්මියත්. ඔවුන් මට ඇරැයුම් කළා පිපි පියුම් නාට්‍යයේ රඟපාන්න. ඒක තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. උඩුවියන්, කම්පිත විල්, පිණි බිංදු, සසර බැඳි බැමි, මායා රූ, අහස සේ නුඹ අනන්තයි මා රඟපෑ ටෙලි නාට්‍යය කිහිපයක්.

මා දැන් එන්නේ ඩාන්සින් ස්ටාර් ඩාන්ස් තරගයට? ඔබ ඉන් පසුගියදා ඉවත් වුණා?

ඩාන්ස් ස්ටාර් ඩාන්ස් කියන්නේ මට ස්වර්ණවාහිනියෙන් ලැබුණු හොඳ අවස්ථාවක්. මා උගත් දෙයින් මට පුළුවන් විදිහට නර්තන අංග ඉදිරිපත් කළා. මෙහිදී මම අන් තරගකරුවන්ට වඩා වෙනස් යමක් ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නයි උත්සාහ කළේ. ඒත් විනිශ්චය මණ්ඩලයේ අයට මගේ නර්තන අංග තේරුණාද කියන එක මට සැකයි. එතැන සිටි සමහර අය කියපු දේවල් මං කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒ තීරණයන් පිළිබඳ කලකිරීමෙන් ඉන්නේ. තරගයෙන් ඉවත් වුණාට නම් කොහෙත්ම දුකක් නැහැ.

මේ තරගය නිසා ඔබේ ජනප්‍රියත්වයට හානියක් වුණා කියලා හිතනවාද?

ම් . . . ම් . . .ම් නැහැ. ඒත් මගේ රංගන කටයුතුª සෑහෙන්න මඟ හැරුණා.

අයේෂා දැන් කොහෙද පදිංචිය?

රාජගිරියේ.

කවුද ඔබේ කලා කටයුතුවලට උදව් කරන්නේ?

දුරින් හිටියත් අම්මා තාත්තගේ ආශිර්වාදය මට ලැබෙනවා. මගේ යාළුවෝ නිතරම මාත් එක්ක ඉන්නවා.

ඊට අමතරව විශේෂ කෙනෙක් ඉන්නව කියලා මට ආරාංචි වුණා?

ඔය අහන්නේ මගේ ආදරවන්තයා ගැන වෙන්න ඇති. එහෙම කෙනෙක් හිටියා. ඒත් දැන් නැහැ. මං හිතපු තරම් සහයක් ඔහුගෙන් ලැබුණෙණ් නැහැ. එහෙයින් අපි සුහදව වෙන් වුණා. මං මේ දිනවල උත්සාහ ගන්නේ ඔහුව යහළුවකු විදිහට ඇසුරු කරන්න.

බිදුණු ප්‍රේමයේ හිත් වේදනාව තවමත් ඇති?

මට එච්චර දුක හිතෙන කෙනෙක් නෙවෙයි. ඒක නිසා ගාණක් නැහැ. අපි දෙන්නගේ ආදර සම්බන්ධතාවය අවුරුදු දෙකක් විතර තිබුණා. ඒ කාලයේදී මගේ සමකාලීන අය මාව පසු කරගෙන බොහෝ දුර ගියා. ඒ අවුරුදු දෙක තුළ මං හිටියේ ආදරයෙන් අන්ධ වෙලා කියලා දැන් හිතෙනවා. ඒත් මං ඒ කාලයේ ගැහැනියක් රකින්න ඕන නීති ඔක්කොම පිළිපැද්දා.

මොනවද මේ දිනවල අයේෂාගේ කලා කටයුතු?

තරු අහසට ආදරෙයි සහ හිරු දුටු පිණිබිඳු කියලා ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට සහභාගී වෙනවා. රෝමය ගිනි ගනී II,බ්‍රේකිං නිව්ස් කියන වේදිකා නාටය ද්විත්වයටත් රංගනයෙන් මා මේ දිනවල දායක වී සිටිනවා.

කොහොමද අයේෂාගේ ඉදිරි ජිවිතය ගෙවෙන්නේ?

අයේ කතා දෙකක් නැහැ. නිළියක විදිහටම ජීවිතය ඉදිරියට ගලා යාවි. හැකිතාක් කල් රඟපානවා. හැකිතාක් කල් කලා ලොවේම රැඳී සිටිනවා.

ඒ වගේම මට අත දුන් මංගල සේනානායක, ඉන්දික ෆර්නැන්ඩො, ප්‍රසන්නජිත් අබේසූරිය, ධර්මසේන පතිරාජ, ජානක සිරිවර්ධන, ගිහාන් ප්‍රනාන්දු, දෙමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ව අනිවාර්යයෙන්ම මතක් කරන්න කැමැතියි.

READ MORE - මම නිකම්ම නිකන් ඩාන්සින් ස්ටාර් කෙනෙක් නෙමේයි

ප්‍රසාංගික කලාවට දුන් විශ්වකර්ම තෑග්ග

Wednesday, April 13, 2011

කොළඹ 7 ජෝන් ද සිල්වා සමරු රඟහල හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට මායිම්ව නොමැඩ්ස් පිට්ටනියේ ඉදිවන අමුතු ගොඩනැගිල්ල පිළිබඳව එතනින් යන එන කාගේත් ඇස් යොමු වෙයි.

අපේ රටට ආගන්තුක ගෘහ නිර්මාණ ශිල්පි ක්‍රමයකට අනුව ඉදිවන මේ ගොඩනැගිල්ල ලංකාවේ ඉදිවන ලොකුම රඟහල බව කීවොත් ඔබ පුදුම වනු ඇත.

එය තමයි ජාතික ප්‍රාසාංග කලා රඟහල. එය ඉදිවන්නේ කොළඹ නොමැඩ්ස් පිටියේ අක්කර 5.5 පුරා ප්‍රදේශයකය. සංස්කෘතික අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් චීන රජයේ සහාය ඇතිව චීන ඉංජිනේරුවන්ම හා චීන සේවකයන් ඉදිකරන ලද මේ යෝධ ගොඩනැගිල්ලට චීන රජය සම්පූර්ණ ප්‍රතිපාදන ලබා දෙයි.

ජාතික ප්‍රාසාංග කලා රඟහල හෙක්ටයාර් 2.17 ක භූමි ප්‍රදේශයක ඉදිවේ. එහි මහල් 4 කි. ගොඩනැගිල්ලේ මුළු වර්ග ප්‍රමාණය වර්ග මීටර් 14000 ක් බව ඉංජිනේරු උපදේශක ගැමුණු සිල්වා මහතා කියයි.

මෙම ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් චීන ඉංජිනේරුවරුන්ගේ මෙහෙයවීමෙන් සිදුවන අයුරු එහි ගිය අපට දැකගත හැකි විය. ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කරන්නේ චීන ජාතික වෑං ගෝ සෙං මහතායි. චීන ඉංජිනේරුවරු 15 ක් හා චීන ජාතිකයෝ සියයක් පමණ එහි ඉදිකිරීම් වැඩට දායක වී සිටිති.

ඉංජිනේරු වෑං හෝ සෙං මහතා පවසන පරිදි ඔහු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අවසන් ඉදිකිරීම් සඳහා ද මෙරටට පැමිණ සිටි අයෙකි.

“මේ රටේ ජනතාවට චීනයෙන් ලැබෙන තවත් තෑග්ගක් ලෙස මෙය හැඳින්විය හැකිය. සියලු ඉදිකිරීම් තව සති කිහිපයකින් අවසන් කරනවා. වැස්ස අපේ වැඩේට බොහෝ බාධා කළා. ඉංජිනේරු වෑං හෝ සෙං පැවසුවේ ඒ බාධා නොතිබුණා නම් ඉදිකිරීම් මීට පෙර අවසන් කිරීමට තිබු බව පෙන්වා දෙමිනි.

මේ ප්‍රාසාංග කලා රඟහල සඳහා සම්පූර්ණ වියදම රුපියල් කෝටි 243 කි. ඉන් සියයට 40 ක් ත්‍යාගයක් ලෙස චීනය ලබා දෙයි. ඉතිරි සියයට 60 සහන පොලිය මත ණය මුදලක් ලෙස ලබා දෙන බව මධ්‍යම සංස්තෘතික අරමුදල පවසයි.

ඈත අතීතයේ සිටම අපේ රටේ දුවා දරුවන් පවා නාට්‍ය හදති. මේ නාට්‍ය ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ජාතික මට්ටමින් ජය ගෙන අන්තර්ජාතික නාට්‍ය තරගාවලි සඳහා තේරුණු අවස්ථා ද නැතිවා නොවේ.

එමෙන්ම ලොව ප්‍රධාන නාට්‍ය සඳහා ද ශ්‍රී ලංකාවේ හරිහැටි රඟහලක් නොමැත. මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම රඟහල දැන් මෙසේ ඉදිවිය.

ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ අවසන් අදියරට පැමිණ තිබේ. ඉහළින් බැලු විට පෙනෙන්නේ පොලොන්නරුව පුරා විද්‍යා ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි නෙළුම් පොකුණේ හැඩය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකාර සමරපාල විතානගේ මහතා පවසයි.

සිවු මහලක් ඇතිව ඉදිවී ඇති මේ ගොඩනැගිල්ල මීටර් 41 ක් උසය. එහි පොළොව යට ද කොටසක් ඉදිවී තිබේ. ඒ කොටස මීටර් 11 කි. පොළොවෙන් ඉහළ මීටර් 30 ක් ඉදිවේ.

මෙතෙක් කල් තම නාට්‍යය වැඩි පිරිසකට පෙන්වා ගැනීමට අවස්ථාවක් නොලැබුණු අයට මේ නව රඟහල මඟින් අවස්ථාව ලැබේ. එමෙන්ම පිටරට සම්භාව්‍ය නාට්‍ය මෙහි රඟ දැක්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි ප්‍රධාන රංග ශාලාව ආසන 1320 කින් සමන්විතය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෙතරම් ආසන ගණනක් නැති බව ද ඉංජිනේරුවෝ පවසති. රංග ශාලාව මහල් 3 කි. එහි වේදිකාව ඉහළ පහළ යන අයුරින් සැකසී තිබේ.

ගොඩනැගිල්ලේ බිම් මහල තනිකරම වාහන නැවතුම් පළක් ලෙසින් ඉදිවී තිබේ. එහි වාහන 360 ක් නවත්වා තැබීමට පුළුවන.

වායු සමීකරණය ඇති ප්‍රධාන රංග ශාලාව නවීනතම ශබ්දවාහිනි පද්ධති, ආලෝක කිරණ පද්ධති ඉහළ පහළ යන වේදිකා, රූපවාහිනි හා ශබ්ද පටිගත කිරීම්වලට වෙනම නවීන තාක්ෂණ ක්‍රමවලින් සමන්විතය. ලෝකයේ ඉහළම ගණයේ රංග ශාලාවලට සමාන ලෙස ජගත් ප්‍රමිතියට අනුව මෙය ඉදිවන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ සමරපාල විතානගේ මහතා පෙන්වා දෙයි.

මේ ගොඩනැගිල්ලේ වටේ ඇති කණු වලින් දැනටම පොලොන්නරුවේ නෙළුම් විලේ හැඩය ලබාගෙන තිබේ. ඒ නෙළුම් විලේ හැඩය සහිත යකඩ සැකිල්ලට ඉහළින් වහලයක් ඉදිකරනු නොලැබේ. ඒ අනුව ඉහළින් බැලු විට පොලොන්නරුවේ නෙළුම් පොකුණේ හැඩය මනාව පෙනෙන බව ඉංජිනේරු උපදේශක ගැමුණු සිල්වා මහතා පවසයි.

ප්‍රධාන රංග ශාලාවට අමතරව මෙහි රංග ශාලා 4 කි. ඊට අමතරව ඉදිරිපස ඇති යෝධ වහලය යට ද තවත් විවෘත රඟහලක් ලෙස පාවිච්චි කළ හැකිය. පිටුපස තවත් රඟහලක් තිබේ. සම්පූර්ණ ගොඩනැගිල්ලම වායු සමීකරණය කර ඇත.

මීට අමතරව පුහුණුවීම් ශාලා 10 ක් පුහුණුවන අයට අවශ්‍ය නවීන නාන කාමර පද්ධති, නැවතීමේ පහසුකම්, තරු පහේ හෝටලයකට අනුබද්ධ ආපන ශාලාවක්, සංචාරක හෝටලයක් පුහුණු වීම්වලට ඉහළම මට්ටමේ ශබ්ද විකාශන පද්ධතියක්, රූපවාහිනි වීඩියෝ ගතකිරීමේ උපකරණ ආදිය හා ඒවා සංස්කරණය කිරීමේ මැදිරි පවා මෙහි අන්තර්ගත වෙන බව එහි ගිය අපට දැනගන්නට ලැබිණි.

මේ මහා ඉදිකිරීමට අවශ්‍ය පස්, ගල්, වැලි හැර අන් සියලු දේ චීනයෙන් ගෙන්වනු ලැබීය. ඒ අනුව කම්බි විදුලි උපකරණ සිවිලිම් තහඩු ලී ආදිය ගෙන්වා ඇත්තේ ද චීනයෙනි. ප්‍රධාන පිවිසුමට අමතරව සුවිශේෂි ආරාධිත අමුත්තන් සඳහා ද පිවිසුම් 2 ක් ඉදිකර තිබේ. ඊට අමතරව තවත් පිවිසුම් 4 ක් ද අවශේෂ අය වෙනුවෙන් හා සැපයීම් වෙනුවෙන් ඉදිකර තිබේ.

රඟහලේ මහල් තුනකින් යුත් ප්‍රධාන නෘත්‍ය ශාලාව

හිටපු සංස්කෘතික ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාත් හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් සංස්කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතාත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා බලවත් උනන්දුවෙන් කටයුතු කළහ.

මෙරට සංස්කෘතික කලා කටයුතුවලට කවදත් උනන්දු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නියමිත ප්‍රමිතියට කළ යුතු බවට ද උපදෙස් ලබා දී ඇත.

දෙස් විදෙස් නාට්‍ය ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇතිකරන විශේෂයෙන් සාර්ක් කලාපයේ ඉදිවන නවීනතම පහසුකම් ඇති මේ මහ රඟහල තව නොබෝ දිනකින් ලොව සම්භාව්‍ය නාට්‍ය රඟ දැක්වීමට මෙන්ම අපේ කලාකරුවන්ගේ නාට්‍ය රඟ දැක්වීමට ද විවෘත වනු ඇත.

සේයාරූ - විමල් කරුණාතිලක සහ මධ්‍යම සංස්කෘතික අරමුදල

Copy Rights - Silumina
READ MORE - ප්‍රසාංගික කලාවට දුන් විශ්වකර්ම තෑග්ග

පිරිමිකමට සමු දුන් නැට්ටුක්කාරී

පිරිමිකමට සමු දුන් නැට්ටුක්කාරී

ඇය නැට්ටුක්කාරියකි. නිකම්ම නැට්ටුක්කාරියක් නොවේ. මුළු චීනයම රසවත් කළ මුද්‍රා නාට්‍ය ශිල්පිනියකි. එහෙත් ඇය මුලින්ම පිරිමියකු බව කීවොත් කවුරුත් පුදුම වේවි.

ජින් ක්ෂින් නම් වූ 27 හැවිරිදි හමුදා කර්නල්වරයා යුද හමුදාවේ සිටියදී ද දක්ෂ නැටුම් ශිල්පියකු විය. ඔහුගේ දක්ෂ නැටුම්වලින් යුද හමුදාව පමණක් නොව මහජනතාව පවා ප්‍රසංගවලදී කුල්මත් වූහ.

ඔහුට ලිංග විපර්යාසයකින් කාන්තාවක වන්නට අවශ්‍ය වූයේ වයස අවුරුදු 27 දීය. ඒ අනුව ඇය චීනයේ රෝහලකට ඇතුළු වුණේ චීන හිරු අවුරුදු මංගල්‍යය කිට්ටුව දීය. හදිසියේම ඔහුගේ පියා රෝහල් කාමරයට ඇතුළු විය. ඔහු ද හමුදා නිලධාරියෙකි.

මේ මොකද, මොකක්ද ඔයාට වුණේ” කියා ඇසීය. ඒ ගැන ජින් ම පවසන්නේ මෙවැන්නකි. “තාත්තා මගේ ඇඳ වටා කැරකුණා. මං කෙළින්ම කිව්ව මට කිසි අසනීපයක් නැහැ. මං ආවෙ ලිංග විපර්යාස සැත්කමකටයි. හෙටයි සැත්කම කියල. තාත්තා නළලෙ අත තියාගත්තා.”

“මං දන්නව ඕක වෙයි කියල උඹ ඉතින් ගෑනි වගෙනෙ හිටියේ. උඹ වැරැදිලයි පිරිමියකු වෙලා ඉපදිලා තියෙන්නෙ.”

ල ිංග විපර්යාසයකට පත්වූ පසු ඇය ජින් ක්ෂින් චීනයේ ඉහළ පෙළේ මුද්‍රා නාට්‍ය ශිල්පිනියක් වූවාය.

“ඇය ලෝකයේ මං දැකල තියෙන හොඳම ඉහළ ගණයේ නිළියක්” ඇගේ රඟපෑම් දුටු බටහිර තානාපති නිලධාරියෙක් වරක් කීවේය.

එහෙත් තාමත් චීන ජාතිකයන් ඇය දෙස බලන්නේ චකිතයෙනි. මේ වන විට වයස අවුරුදු 43 ක් වන ඇය චීනයේ නිදහස් නැටුම් ශිල්පිනියකි.

ජින් ක්ෂින් හා ඇගේ සැමියා හා ඇගේ හදාගත් දරුවන් තිදෙනා සමග

ඇය තමන් වෘත්තිමය වශයෙන් පිළිගැනීමට ලක්කර ගැනීමට දිගු සටනක් ගෙන ගියාය. දැඩි කැපවීමකින් ගෙන ගිය ඒ සටන ඇගේ පෞද්ගලික සටනක් පමණක් නොවීය. එය චීන සමාජයේ දේශපාලන වශයෙන් බැඳී සිටින තත්ත්වයන් සමඟ ගෙන ගිය එකක් විය. එහෙත් චීනයේ කලාව හා සංස්කෘතිය උදෙසා ඇය ඒ සටන දිනුවේ බොහෝ බටහිර රටවල් බලාපොරොත්තු වූවාටත් වඩා සුබදායක ලෙසිනි.

අද ඇය සිය රටේ ප්‍රධාන පෙළේ නාට්‍ය ශිල්පිනියකි. විවාහකය. හදාගත් දරුවන් තිදෙනකුගේ මවකි. ඇය සිය කතාව මාධ්‍යයට පැවසුවේ බෙයිජිං නගරයේ තේපැන් සලක වාඩි වී ඉතා සැහැල්ලුවෙනි. සිය දිගු කෙස් වැටිය අතින් පස්සට දමමින් ඇය සිනාසෙමින් සිය කතාව කියද්දී ඇගේ හදාගත් දරුවෝ අසලට වී සෙල්ලම් කරමින් සිටියහ.

වයස අවුරුදු හතේදී ඔහුගේ වැඩිමල් සොයුරිය මෙන් ම නැටුම් පිළිබඳ චිත්‍රපටියක් නරඹමින් සිටි ඔහු සිය දෙමවුපියන්ගෙන් මුද්‍රා නාට්‍ය ඇඳුම් කට්ටලයක් ඉල්ලා සිටියේය. ක්‍රම ක්‍රමයෙන් තරුණ වියට පත් ඔහු මහජන විමුක්ති හමුදාවට බැඳුණේය. ඒ 1970 දශකයේ මහජන විමුක්ති හමුදාව රඟපෑමට ආශා කළ නාට්‍ය ශිල්පියෙකුට හොඳ තෝතැන්නක් වූ බැවිනි. එහෙත් හමුදා පුහුණුව ඔහුගේ හැකියාව හෝ ගමනාන්තය නොවීය.

හමුදා පුහුණුවේ දී සිය ඇඟිලිවලින් බෝම්බයක් ගිලිහී යද්දි ඉහළ හමුදා නිලධාරියකුගෙන් ඔහුට පහරකෑමට සිදුවිය. එහෙත් නිලධාරියාගේ පහර අභියෝගයට ලක් කරමින් ඔහු සිය රඟපෑම් දිගටම කරගෙන ගියේය. එහිදී නාට්‍ය ශිෂ්‍යත්වයක් දිනු ඔහුට පිටරට යාමට අවස්ථාව සැලසිණි. 1987 සිට 1991 දී ඔහු ජීවත්වූයේ නිව්යෝර්ක් නගරයේ ය. එහිදී ඇමෙරිකන් ගොපළු කොල්ලකු සමඟ සමීප මිත්‍ර සබඳතාවක් පැවැත්වීය. එහෙත් ටික කලකින් නිව්යෝර්ක් නගරයට ආයුබෝවන් කී ඔහු නැටුම් ශිල්පය තවදුරටත් හැදෑරීම පිණිස රෝමයට ගියේය. එහිදී නැටුම් ඉගෙන ගත්තා පමණක් නොව උගන්වන්නට ද පටන්ගත් ඔහු යළිත් චීනයට පැමිණියේය.

ඔහුට සිය ලිංගික විපර්යාසය පිළිබඳ අදහස ආවේ මේ අවස්ථාවේදීය.

කාන්තාවක වන්නට තීරණය කළ ඔහු අනතුරුව රූපලාවන්‍ය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරියක වන යැංග් පෙයියිංග් මුණ ගැසෙන්නට ගියේය.

මෙය චීනයේ ප්‍රථම ලිංග විපර්යාස සැත්කම විය හැකි බව සිතූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය යැංග් සිය සහායකයන් සමඟ ඊට අවශ්‍ය මනෝ චිකිත්සක පසුබිම සකස් කරන්නට පටන්ගත්තාය. කාන්තාවක වන්නට නම් සිරුරෙන් පමණක් නොව මනසින් ද එසේ විය යුතුය.

“මා ඇගේ පරීක්ෂණවලට කැමති වුණා. දැන් ඒ ශල්‍ය වෛද්‍යවරිය විශ්‍රාම අරගෙන. ඇය කීවේ මෙය ඓතිහාසික අවස්ථාවක් කියා.”

ජින් නිව්ස්වීක් සඟරාවට පැවසුවාය. මුලින් චීන බලධාරිහු ඇයගේ සැත්කමට ඉඩ දුන්න ද ඇය ප්‍රසිද්ධ වීමෙන් වැළැක්වූහ.

“විදේශීය නැටුම් ශිල්පීන් මා ගැන විමසු විට ඔවුන් කීයේ ඇය මෙහෙ නැහැ. දැන් අපට ඇය සොයාගන්නට බැහැ. සමහරවිට ඇය යුරෝපයේ ඇති” යනුවෙනුයි. කෙසේ වෙතත් නාට්‍ය ශිල්පිනියක වශයෙන් ඇය රජයේ පිළිගැනීම ලැබුවේ 2006 දීය.

“පසුගිය වසරේ සිට චීන රජය මා සංස්කෘතික නායිකාවක වශයෙන් පිළිගෙන රජයේ අරමුදල් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ලෙස මට දැනුම් දුන්නා.” එහෙත් රජයේ අරමුදල් ලබාගැනීමට ඇය අකමැති වූවාය. ඒ එයින් ඇගේ කලා නිදහසට බාධාවක් වෙතැයි සිතාය. විශාල වශයෙන් පිළිගැනීමක් ඇති කලා කණ්ඩායම් ඇති රටක ඒවා තවමත් බොහෝ විට පාලනය වන්නේ රජය මඟිනි. ඇය කළේ සිය පෞද්ගලික ධනයෙන් පාලනය වන නැටුම් සමාගමක් ආරම්භ කිරීමය. “ජින් ක්ෂින් නැටුම් රංග ශාලාව“ යනුවෙන් ඇරැඹි ඇගේ රංග පාසල සඳහා ඇය සතුව තිබු ෂැංහයිහි මන්දිරය විකුණන්නට ද සිදුවිය. ඇය එමඟින් ස්වාධීන නැටුම් උත්සවයක් ද පැවැත්වුවාය.

“මං රජයට කියා හිටියා මං හිඟන්නියක් නොවන බව“ අනතුරුව ෂැංහයි සිට බෙයිජිං කරා ආ ඇය ඇගේ ප්‍රථම දරුවා හදාගන්නට ගත්තාය. දැනට දස හැවිරිදි වියේ පසුවන ඔහු ලියෝ ය. ලියෝ දැන් සිය මවට උදව් කරයි. ඊළඟට ඇය හදාගන්නට ගත් විවියන් හා ජුලියන් මේ වන විට පිළිවෙළින් 8 හා 7 හැවිරිදිය.

“දරුවන් ඉක්මනින්ම මා වටා රොක් වුණා. දශකයක් ඇතුළත අප පවුලක් වශයෙන් හැදුණා. මා තනිකඩ මවක් ලෙස ජීවිතයට මුහුණ දුන්නා.” ඇය කියන්නීය. එහෙත් ඇගේ තනිකඩ බව 2004 දී අවසන්කරන්නට සිදුවූයේ හදිසියේමය.

දිනක් ගුවන් ගමනකදී ඇය තමා ළඟට ඇවිත් සිටි ජර්මන් ව්‍යාපාරිකයකු වූ හාන්ස් ගර්ඩ් ඔයිඩ්ට්වාන් සමඟ කතාවට වැටුණාය.

දැන් ඔහු ඇගේ සැමියාය. මුලින් ඔහුට තමා පිළිබඳව යථාර්ථය හඳුන්වා දෙන්නට ඇයට උවමනා විය. ඔහු සමඟ ගත කරන්නට යොදාගත් මුල් දිනයේම ඇය ගියේ ඇගේ කුඩාම දරුවා සමඟය. ඔයිඩ්ට්වාන් මුලින්ම තරමක් තැති ගැනුණ ද ඇය සමඟ ටික වේලාවක් ගත කිරීමෙන් පසු ඇයට වඩාත් ළංවිය.

“මට ජින් ක්ෂින් ඕනැ යැයි ඇයට කියන්නට ඕනැ කළා” ඔහු නිව්ස්වීක් සඟරාවට ප්‍රකාශ කළේය.

දැන් ජින් හා ඇගේ නැටුම් සමාගම ක්‍රියාත්මක වෙයි. පසුගිය වසර අවසානයේ ඇය නිව්යෝර්ක් නගරය කරා ගියේ තමාගේ නැටුම් පුහුණුව පටන්ගත්තේ එතැනින් නිසාය.

එහෙත් ඇගේ ක්‍රියාකාරිත්වය මිත්‍ර කොමියුනිස්ට් රජය සමඟ තරමකට ගැටෙන්නට විය. චීන රජය කියා සිටියේ හමුදා කර්නල් වරයකුට ලිංග විපර්යාස සැත්කමක් කරගැනීමට තමන් ඉඩ දුන් බැවින් රජයේ මතයන්ට අවනත විය යුතු බවය. එහෙත් තමා රජයේ රූකඩයක් නොවන බව ඇය කියන්නීය.

එහෙත් ඇය දැන් නිදහස්. නැටුම් ශිල්පිනියක වශයෙන් චීන මුද්‍රා නාට්‍ය ලොව නව මාවතකට ගෙනයන්නට කැපවී සිටින්නීය. ඇය වටා ඇගේ දරුවන් මෙන්ම චීන දරු දැරියන් විශාල වශයෙන් රොක් වී සිටින්නේ ඇගෙන් නැටුම් ශිල්පය හදාරන්නටය. ඇගේ රූපවාහිනි වැඩසටහන් චීනයේ ජනපි‍්‍රයය. ඇය දැන් චීනයේ අංක එකේ නාට්‍ය ශිල්පිනියයි. අන්තර්ජාතික වශයෙන්ද ඇයට ඇති පිළිගැනීම අතිමහත්ය.

“මටම අවංක වෙන්නයි මට ඕනෑ. මං ලිංගික විපර්යාසයක් කළත් මගේ මනස වෙනස් වුණේ නැහැ. සිතුම් පැතුම් වෙනස් වුණේ නැහැ. මට කවදාහරි ඕනැ නිදහසේ කතා කරන්නයි” ඇය කියන්නීය.

නිව්ස්වීක් සඟරාවෙනි
දයා ඩී. ෆොන්සේකා

Copy Rights - Silumina
READ MORE - පිරිමිකමට සමු දුන් නැට්ටුක්කාරී

නොනවතින රිද්මයක තාල රටාව ‘සළඹ’

Tuesday, April 12, 2011

ශ්‍රී ලාංකේය නර්තන කලාකෙත අස්වද්දන්නට නර්තන ක්ෂේත්‍රයට පහළ වූ තවත් එක් සුවිශේෂී තරුවක් ලෙසින් ඔහුව හැඳින්වීම නිවැරැදිය. දේශීයත්වය අගයමින් ජාතිකත්වය සුරැකමින්, අපේ කම අපේ අනන්‍යතාවය ජාත්‍යන්තරය කරා රැගෙන ගිය ඔහුගෙන් ගුරු හරුකම් ලැබූ පිරිස අප්‍රමාණය. නර්තන රටා රැල්ලේ දේශීය සලකුණ සොයා නව ශෛලීන්ද හඳුන්වාදෙමින් එහෙත් සම්ප්‍රදායට ගරු කරමින් රසවත් බවත්, නිර්මාණශීලීත්වයත් එකට සුසංයෝග කළ ඔහු නමින් චන්දන වික්‍රමසිංහයන් ය.

ර්තන ක්ෂේත්‍රයෙහි සුවිශේෂී පරපුරක් වූ බුදවත්තයන්ගෙන් පළමු ගුරු හරුකම් ලබාගත් චන්දන වික්‍රමසිංහයන් එහිදී නර්තන කලාවේ වෘත්තීය මට්ටම හඳුනාගත්තේය. ඉන්ඉක්බිති අන්‍ය ලක්‍ෂණ සොයා ශාන්ති නිකේතනයෙන් අධ්‍යාපනය ලබන්නට විදෙස් ගත වන ඔහු නර්තන කලාවේ නවමු යුගයක් සොයා නිර්මාණකරණයට පෙළඹෙයි. මයුර සංදේශය, රාමායනය, ශාකුන්තලය ආදී විශ්ව සම්භාව්‍යයන් නර්තනයෙන් ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු තම අපූර්වත්වය මනාව යොදාගනී. දිය කිඳුරියකගේත් මුහුදු අශ්වයෙකුගේත් ලාලිත්‍යය සේම, ගින්නෙහි ලාලිත්‍ය උණුසුම දෙපාර්ශවයට එකට කැටිව නර්තනයෙන් විදහා පාන්නට සමත් වූ ඔහුට අවැසි වූයේ නිරතුරුව ජාත්‍යන්තරය අතික්‍රමණය කරන්නටය. ශ්‍රී ලාංකේය නර්තන කලාව දසත පතුරාලන්නටය. නවමු සම්ප්‍රදායකින්, සාම්ප්‍රදායකත්වය කැටිවූ නර්තනයේ ඊළඟ යුගය සොයා යන්නටය. යුග පෙරළියක අබිමන් දකින්නටය.

එදා “රිවර් ඩාන්ස් ඔපෙරා” “එම්පරර් ඔෆ් ද මොන්සුන්”, “අන්ඩර් ද ස්ටාර්” සමගින් ඉන්දීය නර්තන ලෝලී පේ‍්‍රක්ෂකයින්ට සමීප වූ ඔහු අතික්‍රමණය කළේ ආසියාව පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ රංග රටා සමගින් ක්වේට් දේශයද නර්තනයෙන් කැලඹූ ඔහු මේ වන විට විදෙස් රටවල් 55 ක ස්වකීය නර්තන රටා ප්‍රදර්ශනය කර තිබේ. තරු දිලෙන රැයක් ප්‍රසංගය තුළ නර්තන පුහුණුකරුවෙකු ලෙසින් නැවුම් අත්දැකීමක් ලාංකීය ප්‍රේක්‍ෂකයාට ළඟා කරවන්නට අවැසි ශක්තිය, ධෛර්යද අපූර්ව නිර්මාණ ප්‍රතිභාවද ඔහු සතුවිය. ඒ නිසාවෙන් දෝ ලාංකිකයින් නව ආරක නර්තන සම්ප්‍රදායකට ඇලුම් කරන්නට විය. ඒ ඔහුගේ පෙළඹවීමෙනි. දේශීය සම්ප්‍රදායට නව ආරක ලක්ෂණ එක්කරනු වස් වරින්වර විදේශීය ආභාෂයන් අත්හදා බලන්නටද ඔහුට ඇවැසි විය. සන්තූර් වාදන ශිල්පී තරුන් භට්ටාචාර්ය, බටනලා ශිල්පී හරිප්‍රසාද් චෞරසියා ආදී වූ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් සමඟ එක් වී ඔහු සෙව්වේ ඒ නූතනත්වයයි.

නර්තන අනුමණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරන ඔහු පිළිබඳ යළිදු කතිකාවතකට මුල පිරෙන්නේ “සළඹ” ප්‍රසංගයත් සමගිනි. අප්‍රේල් මස දෙවනදා (02) කැනඩාවේ ටොරොන්ටෝ හිදීත්, තෙවෙනිදා (03) කැනඩාවේ ඔටාවාහිදීත් “සළඹ” හි සැබෑ අරුත, දකින්නට කැනඩාවාසින් වාසනාවන්ත වූයේ, ජාත්‍යන්තර ය තුළ ශ්‍රී ලාංකික අභිමානය තවත් උසුලා තබමිනි. විවිධ වකවානුවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬක් නැගූ ප්‍රබල කැනේඩියානු මාධ්‍යයන් වූ “වොයිෂ් ඔෆ් ලංකා” හි විසි වන සංවත්සරය වෙනුවෙන්, චන්දන වික්‍රමසිංහයන්ගේ “සළඹ” ට ඇරයුම් ලැබෙන්නේ ඔවුන් කළ මෙහෙවරට උපහාරයක් පුදකරන්නට, අගයන්නට ලාංකිකයින් වෙනුවෙන් අවස්ථාවක් ලබා දෙමිනි. විශේෂත්වය වනුයේ චන්දන වික්‍රමසිංහයන්ගේ “සළඹ” සියලුළු නර්තන කණ්ඩායම් අතරින් අන් අයට සේම ඔවුනට ද සුවිශේෂී වීමය.

චන්දන වික්‍රමසිංහයන් හා ඔහුගේ නර්තන කණ්ඩායමේ එකතුවක් ලෙසින් නිර්මාණය වූ “සළඹ” නර්තන අංග 26 කින් යුතු නොනවතින රිද්මයක නාද රටා මැවෙන ප්‍රාසාංගික අත්දැකීමකි. සම්ප්‍රදායික නර්තනයන්, ජන නැටුම්, විනෝදාස්වාද නර්තන, සහ නිර්මානාත්මක නර්තනය යනාදී වූ නර්තන විශේෂයෙන් හේ මනා සංකලනයකින් “සළඹ” සුසැදිය. එපමණක් නොව අපේ අන්‍යතාවය ලොවට කියාපෑ හැකි ආගමික විශ්වාස, හුදු මිථ්‍යා මතවලට පමණක් නොව ප්‍රායෝගික ලෝකයේ ද දක්නට ලැබෙන බලි තොවිල් ආදී යාතු කර්ම ආශි‍්‍රත වූ සම්ප්‍රදායික ජන නර්තනයන් ද බටහිර ශෛලින්ට අනුගත වූ ද බොලිවුඩ් සිනමා නර්තනයන්ට නෑකම් කියන්නා වූ ද අංගයන්ගෙන් “සළඹ” පරිපූර්ණ වේ.

වොයිෂ් ඔෆ් ලංකා හි සභාපති ධූරන්දර රංජිත් වික්‍රමසිංහයන් ගේ හා මාලනී ජයතුංගයන්ගේ ඇරයුම චන්දන වික්‍රමසිංහයන්ගේ ‘සළඹ” වෙනුවෙන් ලැබෙන්නේ ඒ වූ සුවිශේෂීත්වය ඔවුන් ට සුවිශේෂී වූ හෙයිනි. චන්දන වික්‍රමසිංහ වූ කලී එක් අතකින් රසකාමියෙකි. තවත් අතකින් නර්තන කලාවේ නවතාවයන් වරින්වර නිර්මාණය කරමින් අලුත් යමක් අලුත් ලෙස කළ අයෙකි. එපමණක් නොව සාහිත්‍ය ඇසුරු කරමින් සියලු විෂය පථයන්ගෙන් යම් යම් දෑ උකහා ගනිමින් එයද අපූර්ව ලෙස නිර්මාණකරණයෙහි ලා භාවිතා කළ අයෙකි. චන්දන වික්‍රමසිංහයන්ගේ “සළඹ” ප්‍රසංගය මේ වන විටත් රටවල් රාශියක් ආවරණය කරමින් විදෙස් ජන ප්‍රසාදයද හිමිකරගත්තකි.

වොයිෂ් ඔෆ් ලංකා ආයතනය “සළඹ” හරහා සිදුකිරීමට සූදානම් වන්නේ තවත් එක් ආකාරයකට ඒකාකාරීබවෙන් මිදුණු නර්තන රටා සම්ප්‍රදායක් විඳින්නට අවස්ථාව සලසාදීමයි. මෙය එක් අතකින් අවධානය යොමුකිරීමේදී ලාංකික නර්තනය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. එපමණක් නොව එය ලාංකීය නර්තන ශිල්පන් ලැබූ සුවිශේෂී වරමකි. හොඳ අවස්ථාවකි. ලංකාවේ නර්තන කලාවේ නවතාවයන් හඳුනාගත්, ඒවා තාල රටා සමගින් හැඩ බවට පත් කර නර්තන රටා මැවූ චන්දන වික්‍රමසිංහ නම් වූ ඔහු, ස්වකීය නර්තන කණ්ඩායමේ දක්‍ෂතා මේ වන විට ලෝකය පුරා ප්‍රේක්ෂකයින්ට විඳින්නට අවස්ථාව ලබාදී තිබෙන්නේ ඉතා කෙටි කාලයක් තුළදීය. නර්තන කලාවට පැමිණ දශකයක් ඉක්මවුවද , ලැබූ ජනපි‍්‍රයත්වය, ජාත්‍යන්තර තුළ ලාංකේය නාමය ඔසවා තබන්නට ඔහුට හැකිවීම ඉතා නිහතමානී ලෙසින් අත්විඳින ඔහු සැබැවින්ම අපට අභිමනකි.

READ MORE - නොනවතින රිද්මයක තාල රටාව ‘සළඹ’

නදිනිගේ නැටුම් ඉවරයි

Wednesday, April 6, 2011

Copy Rights - SRI LANKA MIRROR

සිරස සුපර්ස්ටාර් දෙවැනි අදියරේදී ගායිකාවක ලෙසින් ජනපි‍්‍රයත්වයට පත් නදිනි පේ‍්‍රමදාස ලබන Aprial 08 වැනිදා විවාහ වීමට නියමිතය.

නදිනිගේ අත ගන්නේ කලාවට සම්බන්ධ අයෙක් නොවෙන අතර, ඔහු ව්‍යාපාරිකයෙකි.

ඔහු නමින් මනෝජ්ය.

ඇගේ විවාහ මංගල්‍ය උත්සවය බත්තර මුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වීමට නියමිතය.

නදිනිගේ නෑදෑ හිතවතු්න්ට හා හිතමිතුරන්ට එහිදී දිවා ආහාරයක් පිළියෙල කෙරෙන බවත් පැවසේ.

නදිනිට මනොජ් හමුවී ඇත්තේ ඇගේ යෙහෙළියකගේ නිවසකදීය.

මුලින් යහළුවෙකු ලෙස ඇසුරු කළ මනෝජ් පසුව තමාගේ ජීවිතේට ළං කර ගැනීමට තිරණය කළේ ඔහුට දෙමාපිය ආශිර්වාදයත් හිමිවූ නිසා බව නදිගේ අදහසයි.

කෙසේවුවද මේවන විට සෞන්දර්්‍ය විශ්ව විදයාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන නදිනි පසුගිය කාලයේදී වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘ගජමන් නෝනා‘ ගීතය හරහාය.

නදිනි, අඅඅගබ්ාසබසකසඩැගජදප නමින් වෙබ් අඩවියක්ද පවත්ගෙන යනු ලබයි.

ඇය මේවන විට නිවේදිකාවක් ලෙසත් පෙරට පැමිණ සිටින අතර රූපවාහිනියේ හා ගුවන් විදුලියේත් නිවේදන කටයුතු කරනු ලබයි.

Srilankan hot female singer Nadini Premadasa pictures, Srilankan teen singer sexy Nadini Premadasa celebrity photos Poster

Srilankan hot female singer Nadini Premadasa pictures, Srilankan teen singer sexy Nadini Premadasa celebrity photos Srilankan hot female singer Nadini Premadasa pictures, Srilankan teen singer sexy Nadini Premadasa celebrity photos

Srilankan hot female singer Nadini Premadasa pictures, Srilankan teen singer sexy Nadini Premadasa celebrity photos

Srilankan hot female singer Nadini Premadasa pictures, Srilankan teen singer sexy Nadini Premadasa celebrity photos

Srilankan hot female singer Nadini Premadasa pictures, Srilankan teen singer sexy Nadini Premadasa celebrity photos




Copy Rights - SRI LANKA MIRROR
READ MORE - නදිනිගේ නැටුම් ඉවරයි