----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

කෙනෙහිලිකම් කරනවයි කියලා මම චිත්‍රපට හදන එක නවත්වන්නෙ නැහැ.

Tuesday, June 26, 2012

කෙනෙහිලිකම් නොකළා නම් ‘අබා’ ගෙන් පසු තව චිත්‍රපටයක් හදනවා


ජස්ටින් බෙලගමගේ

ජස්ටින් බෙලගමගේ යන නම සිනමා ක්ෂේත්‍රය තුළ සනිටුහන් වූයේ ‘අබා’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙසය. වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයකු වන ඔහු කළමනාකරණ ක්ෂේත්‍රයේ විධායක පුහුණුකරුවකු හා උපදේශකවරයකු ලෙස ද කටයුතු කර ඇත. පසුගියදා එළිදුටු ’සංක්ෂිප්ත සිනමා විශ්වකෝෂය හා ඉංගී‍්‍රසි - සිංහල සිනමා ශබ්ද කෝෂය’ බෙලගමගේ ලියූ පළමු සිනමා ග්‍රන්ථයයි. මෙම පොත අරභයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙසේ කියා ඇත.
”මාගේ දැනීමේ හැටියට නම් සිනමාව සම්බන්ධ පාරිභාෂික වදන්, යෙදුම් මෙතරම් විස්තරාත්මකව ලියැවුණු පළමුවැනි ග්‍රන්ථය මෙයයි. සිංහල සිනමා සාහිත්‍යයේ මෙතෙක් පැවති හිඩැසක් අලුත් වදන්, යෙදුම් නිර්මාණය කිරීමෙන් කතුවරයා පුරවා ඇත. මාගේ පෞද්ගලික මතය නම් මෙම ග්‍රන්ථය සිනමා සාහිත්‍යයට උරුම කරන ලද ඓතිහාසික මෙහෙවරකි. එය සිනමා අධ්‍යයනයේ චිරස්ථායි ස්ථානයක් ලබාගත යුතු ග්‍රන්ථයකි.”
පහත යෙදෙන්නේ ජස්ටින් බෙලගමගේ සමඟ මෙම කෘතිය අළලා කරන්ට යෙදුණු විශේෂ කතාබහකි.

මේ වගේ සිනමා විශ්ව කෝෂයක් සම්පාදනය කරන්න ඔබට හිතුණේ ඇයි?
ඒකට කිසියම් පසුබිම් වූ කතාවක් තියෙනවා. සිංහලෙන් චිත්‍රපට තිරරචනයක් ලියන්න බැරි සිනමාවටම පමණක් ආවේණික වූ, එහි ශිල්ප විධි හැඟවෙන පදමාලාවක් තිබෙන බවත් ඒ පද සාර්ථක තිර නාටකයකට බෙහෙවින් වැහැරීමට සිදුවන බවත්ය කියලා ආචාර්ය තිස්ස අබේසේකර 1969 දි කියලා තියෙනවා. තිස්ස එහිලා දක්වන පද තමයි CUT, DISSOLVE, MIX, FADE IN, FADE OUT, SUPERIMPOSITION, MONTAGE, CAMERA PAN, DOLLY, TRACK, ZOOM යනාදිය. එතකොට ඔහුම ඊට අවුරුදු 37 කට පස්සේ (ඒ කියන්නේ 2006 දී) එම්.ඩී. මහින්දපාල පරිවර්තනය කරපු ‘සිනමාව හා ජනසමාජය’ කියන පොතට පෙරවදනක් ලියමින් කියා සිටිනවා, සිනමාව ගැඹුරින් විග්‍රහ කිරීමට අවශ්‍ය විචාර වදන් මාලාවක් තවමත් සිංහල සිනමා භාෂාව සතු නොවන බව. ඉතින් මගේ ප්‍රශ්නය මේකයි. මේ අවුරුදු 37 ට ඇයි තිස්සලා වගේ සිනමා විද්වතුන්ට බැරිවුණේ ඒ පාරිභාෂික වදන් මාලාවක් සම්පාදනය කරන්න. මොකද ඔවුන් සිනමාවෙන්ම කාපු, බීපු, නාපු අයනේ.
ඒ වගේම තිස්ස, මහින්දපාලගේ පරිවර්තන පොතේ පෙරවදනේ මෙහෙමත් කියනවා. ඔහු කියනවා තමා මෙහි මුල් ඉංගි‍්‍රසි පොත කියෙව්වේ මීට අවුරුදු 45 කට පෙරය කියලා. එහෙම නම් ඇයි තිස්ස වගේ අය මේ පොත සිංහලට පරිවර්තනය නොකළේ? මෙතැනදි මම මහින්දපාලට ගරු කරනවා. මොකද, ඔහු ඉංගි‍්‍රසි උස්තාද් කෙනෙක් නෙමෙයි. ඔහු බොහෝම අමාරුවෙන් තමන්ට පුළුවන් විදියට මේ පොත සිංහලට නැගුවා. අදටත් සිනමාව සම්බන්ධයෙන් ඇතැම් ඉංගි‍්‍රසි


වචනවලට සිංහල පාරිභාෂික පද නැහැ. ඔයා දන්නවද SHOT එකට කියන සිංහල වචනය?
බෙලගමගේ මහතා මගෙන් අසයි. ‘රූපරාමුව‘ යැයි මම දන්නා පරිද්දෙන් පිළිතුරු දුනිමි.
”නැහැ. ‘රූප රාමුව‘ කියන්නේ ’FRAME’ එකටනේ. ’SHOT’ එකට සිංහල වචනයක් නැහැ. මම හැදුවා ‘රූ ඛණ්ඩය’ කියලා.
’බ්‍රෙත්ලස්’ හැදුවේ කවුද?
බෙලගමගේ මහතා යළිත් මගෙන් ප්‍රශ්න කරයි.
’ශොන් ලූක් ගොඩා’
මම පිළිතුරු දෙමි.
”ඒ නම උච්චරණය කරන්නේ එහෙම නෙමෙයි. ‘යෝ ලික් ගුඩා’ යනුවෙන්. ඒක තමයි නිවැරදි ප්‍රංශ උච්චාරණය. ඉතින් මේවා තමයි මගේ පොතේ තියෙන්නේ. මේ පොතේ පාරිභාෂික වචන එක්දහස් එකසීයක් විතර තියෙනවා. එයින් හත්සීයක්, අටසීයක් මම ම හදපු වචන. මොකද, කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැත්නම් මට හිතුණා මම ම ඉදිරිපත් විය යුතුයි කියලා. මට හොඳ සිනමා පුස්තකාලයක් තියෙනවා. ඒ පොත් කියවලා ලබපු දැනුමෙන් තමයි මේක සම්පාදනය වුණේ.

ඔබේ පොතේ ව්‍යුහය කොයි වගෙද?
මෙය කොටස් පහකින් සමන්විතයි. (1) සංක්ෂිප්ත සිනමා විශ්ව කෝෂය (2) ඉංගි‍්‍රසි - සිංහල සිනමා ශබ්ද කෝෂය (3) උපග්‍රන්ථ 1 - සිනමා නාම සූචය (4) උප ග්‍රන්ථ – 2 පුද්ගල නාම උච්චාරණ පරිශිෂ්ටය (5) උපග්‍රන්ථ 3 – ආශි‍්‍රත ග්‍රන්ථ නාමාවලිය. මෙහිදි එක් කරුණක් මා විශේෂයෙන්ම කියන්න ඕනැ. මම මේ පොත සම්පාදනය කළේ පණ්ඩිතයන්ට, විද්වතුන්ට නෙමෙයි. අපි වගෙ පුංචි මිනිස්සුන්ට. ඒ වගේම සිනමාව හදාරණ සිසුන්ට. මම ඔවුන්ට සහනයක් වශයෙන් පොතේ මිලෙන් 25% ක් අඩුකරලා පොත ලබා දෙන්න සූදානම්. (ඒ සඳහා ජස්ටින් බෙලගමගේ පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයෙන් හෝ 0722256367 යන දුරකථන අංකයෙන් විමසිය හැකියි.)

පොතට මූලාශ්‍ර කරගත් කෘති මොනවද?
ඉංගි‍්‍රසි පොත් රැසක් මූලාශ්‍ර වුණා. ඒ වගේම ටැමිල් කියුබ් ඔන් ලයින් ඉංගී‍්‍රසි - සිංහල ශබ්ද කෝෂය, මධුරා ඔන්ලයින් ඉංගි‍්‍රසි - සිංහල ශබ්ද කෝෂය, මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සංහිඳ පාරිභාෂික ශබ්ද මාලාව මා මූලාශ්‍ර කරගත් අනිත් කෘති. මං මගේ පොතේ රිවිෂන්ස් 6 කට ගියා. අන්තිම රිවිෂන් එක තමයි මුද්‍රණයට දුන්නේ.

’අබා’ චිත්‍රපටයෙන් පස්සේ ඔබ තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ නැහැ. ඒ ඇයි? ඇත්තටම ගිය වියදමත් එක්ක බලද්දි චිත්‍රපටයෙන් ලාබද? පාඩුද?
මම ලාබ බලන්නේ රුපියල් සතවලින් නෙමෙයි. එහෙම බලනවා නම් පාඩුවක් නැහැ. හැබැයි ප්‍රදර්ශකවරුන් සාධාරණව කටයුතු කළා නම් සැලකිය යුතු ලාබයක් ලබන්න තිබුණා. ඔවුන් අපිට දුන්නේ 35% යි. මිලියන 99 ක් අවුරුදු දෙකකට බැංකුවේ දැම්ම නම් මිලියන 18 ක් ලබා ගන්න තිබුණා. බෙදාහරින සමාගම චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් සත පහක පෝස්ටරයක් ඇලෙව්වේ නැහැ. ඒකත් කළේ අපි. ඉතිං ඒ වගේ කෙනෙහිලිකම් නොතිබෙන්න ඇත්තටම ‘අබා’ ගෙන් පස්සේ මම තව චිත්‍රපටයක් හදන්න තිබුණා. හැබැයි මම ආයෙත් කියනවා, මම ලාබෙ මනින්නේ රුපියල් සතවලින් නෙමේ. ‘අබා’ චිත්‍රපටයෙන් මා ලබා ගත් කීර්තිය සල්ලිවලට ගන්න බැරි දෙයක්. මේ රටේ ජනතාව මගෙ නම දැනගත්තේ ‘අබා’ චිත්‍රපටයෙන්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් කරන රස්සාවල් නිදිමත රස්සා. ඒත් චිත්‍රපට කර්මාන්තය බොහෝම සුන්දර ක්ෂේත්‍රයක්. ඔයා මේ ටිකත් ලියන්න. මිනිස්සු කෙනෙහිලිකම් කරනවයි කියලා මම චිත්‍රපට හදන එක නවත්වන්නෙ නැහැ. මම ම ලියපු තිරනාටකයක් මගෙ ළඟ තියෙනවා. ඒක නිෂ්පාදනය කරන්න මම දැන් කල් මැන මැන ඉන්නවා.


READ MORE - කෙනෙහිලිකම් කරනවයි කියලා මම චිත්‍රපට හදන එක නවත්වන්නෙ නැහැ.

"ජනේලෙන් පනින්නද"

දනුෂිකා නයන කුමාරිගේ නිෂ්පාදන, අධ්‍යක්ෂණ දායකත්වයෙන් සහ තුමිදු දොඩන්තැන්නයන්ගේ තිරපිටපතකින් ශ්‍රී ලාංකීය වේදිකාව මත රග දැක්වෙන ජනේලෙන් පනින්නද වේදිකා නාට්‍ය 2011 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුමලදී. එහිදී හොදම දිගු නාට්‍ය අධ්‍යක්ෂණය හොදම දිගු නාට්‍ය නිෂ්පාදනය හොදම නිළිය හොදම පසුතල නිර්මාණය හොදම වේදිකා පරිපාලනය හොදම පිටපත (දෙවන) වූ සම්මාන 6ක් ලබාගන්න ලදී.
READ MORE - "ජනේලෙන් පනින්නද"

ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.

මින් ඉදිරියට ටෙලි නාට්‍ය කරන්නේ නැහැ

ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වන පරාක්‍රම නිරිඇල්ල සිය නිර්මාණාත්මක ශ්‍රමය මෑත භාගයේ සිට කැප කරමින් ඉන්නේ ‘ජන කරළිය’ වෙනුවෙන්.
දැන් ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.
ඇත්තටම අවුරුදු අටක් තිස්සේ ‘ජන කරළියත්’ සමඟයි මගේ ජීවිතේ ගෙවෙන්නේ. එක් පැත්තකින් විශාල තෘප්තියක් මට තියෙනවා. පසුගිය දශක තුන තුළ දැඩි ව්‍යසනයක අපේ රට තිබුණේ. ඒ තිබුණු ජනවාර්ගික අර්බුදයත් එක්ක එය සන්සිද්ධවන්න නාට්‍ය කලාව භාවිතා කරලා යමක් කරන්න වුවමනාවක් තිබුණා.
ඒ නිසා මෙය අත්හදා බැලීමක් විදිහටයි කළේ. ලංකාවේ සෑම තැනකින් ම සොයාගත් සිංහල දෙමළ අංකුර රංගන ශිල්පීන් එක්කර ඔවුන් පුහුණුකර නිර්මාණ කිරීමේ හැකියාව උදා වුණා. ඒ නිසා මේ ගොඩනැගුණු සුහදතාව මත ජාති භේදයකින් තොරව මේ වාර්ගික සුහදතාවයට අපිත් දායක වුණා කියලා මට හිතෙනවා.
හොඳයි මේ වාර්ගික සමගියට වගේ ම කලාවට ජන කරළිය ඔස්සේ බලපෑමක් කරන්න පුළුවන් වුණා කියලද ඔබ කියන්නේ.
පැහැදිලිවම ලොකු බලපෑමක් වෙලා තියෙනවා. අපි කණ්ඩායමක් විදිහට එකට එකතු වී මේ කළ නිර්මාණ විශේෂයෙන් උතුරු නැඟෙනහිර දෙමළ කලාකරුවන් අතර විශ්ව විද්‍යාල මට්ටමේත් ලොකු උනන්දුවක් ඇති කරන්න හැකියාව ලැබිලා තිබෙනවා.
උදාහරණයක් විදිහට ‘චරන්දාස්’ නාට්‍යය දෙමළෙන් පෙන්නුවාම බොහෝ දෙනෙක් කිව්වේ දෙමළ නාට්‍ය කලාවක් ගොඩනඟන්න පුළුවන් කියලයි. එවැනි දේ පවා ජන කරළිය නිසා විවර වුණා කියලයි මට හිතෙන්නේ.
මෙම ජංගම රඟහලත් සමඟ රට වටා යන ගමනේ ඔබට මෙය අභියෝගයක් වුණ අවස්ථාත් ඇති.
ඔව්. එවැනි අභියෝග ජයගත්තා කියලා මට හිතෙනවා. මුලදී මේ දෙමළ පිරිස සමඟ වැඩ කරද්දී බොහෝ අයට සැකයක් තිබුණා. නමුත් එවැනි දේවල් සිද්ධ වුණේ සමහර පිරිස් අතර තිබුණු කුහකකම නිසා. නමුත් යුද්ධය පැවැති සමයේ අපි අම්පාර, අනුරාධපුර, මොනරාගල වැනි පළාත්වල ගියා.
නමුත් කිසිම හිංසනයක් අපට සිදුවුණේ නැහැ. ලොකු පිළිගැනීමක් තිබුණා. ජනතාව එය පිළිඅරන් තිබුණා. ඒ වගේ ම මෙය ජංගම රඟහලක් නිසා මුල්කාලීනව යම් යම් පාරිසරික ගැටලු තිබුණා. වර්ෂාව නිසා ඒ බාධා එල්ල වුණත් දැන් අපි ඒ සියල්ල ජයගත්තා කියලා හිතෙනවා.
ජනකරළියෙන් සමුගෙන ගිය එච්.ඒ. පෙරේරා පිළිබඳ යමක් ඔබට කියන්න ඇති.
ඔහු ජීවිතයෙන් නික්මයාම ජනකරළියට පමණක් නෙමෙයි සමස්ත කලාවටම විශාල පාඩුවක්. එච්.ඒ. තමයි ගුරුවරු පුහුණුවීම්, රංගන ශිල්පී ක්‍රම පුහුණුවීම් කළේ. නමුත් දැන් ඔහු නැති වුණත් හැකි ආකාරයට අපි කරනවා. ඇත්තටම කිව්වොත් දෙන්නෙක් කරපු දේ එක්කෙනෙකුට කරන්න වෙලා තියෙනවා.
එහි ඔහුගෙන් ලැබුණු දායකත්වයත් එක්ක කෙටි නාට්‍ය විස්සක්, දිගු නාට්‍ය පහක් පමණ කරලා තියෙනවා. ඒ වාගේ ම දක්ෂ රංගන ශිල්පීන් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා.
දැන් ඔබේ ජීවිතේ ජනකරළියත් සමඟ පමණද? ඔබ ළඟ සිටි සිනමා හා ටෙලි නිර්මාණකරුවාට මොකද වුණේ.
මා ළඟ එයට තිබෙන්නේ දීර්ඝ පිළිතුරක්. ඇත්තම කිව්වොත් අද පවතින ටෙලිනාට්‍ය සංස්කෘතිය පිළිබඳ පැහැදීමක් මම ළ¼ඟ නැහැ. ඒ නිසා මින් ඉදිරියට ටෙලිනාට්‍ය කරන්න මගේ සූදානමක් නැහැ. නමුත් ‘සිරිමැදුර’ වගේ සිනමා කෘති කළ මා අතින් ඉදිරියේ දී සිනමා නිර්මාණ නම් බිහිවේවි.
සිනමා නිර්මාණයක් කරන්න සූදානමින් මම මේ දිනවල වැඩකටයුතු කරගෙන යන බව මම කියන්න ඕන. අද මගේ එකම බලාපොරොත්තුව මේ ජන කරළිය ජංගම රඟහල ස්ථාපිත කරන එකයි.
නැවතත් ඔබ ජන කරළියත් රැගෙන හෝමාගමට ඇවිත් ඉන්නවා.
මේ මස 23 සිට ජූලි 13 දක්වා හෝමාගම නගරයේ ජන කරළිය ස්ථාපනය වෙලා තියෙනවා. ඇත්තටම මෙවර ජන කරළිය නාට්‍ය උළෙලේ ජන කරළියෙන් පරිබාහිර නාට්‍යකරුවන්, රැසකගේ නාට්‍ය රඟ දැක්වෙනවා.
ඒ වගේ ම ළමා නාට්‍ය, කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය වැඩිම ප්‍රමාණයක් රඟ දක්වනු ලබන දීර්ඝතම නාට්‍ය උලෙළයි අපි රැගෙන එන්නේ. ඒ නිසා පාසල් ළමයින්ට වගේ ම සාමාන්‍ය ජනතාවට විවෘත ආරාධනාවක් මේ මොහොතේ මම කරන්න කැමැතියි.
හේතුව අපේ රටේ වර්ගවාදී යුද්ධය බිඳ දමමින් ජාති භේද ආගම් භේද නැති කලාකරුවන්ගෙන් නිර්මාණය වූ සජීවී නිර්මාණයක් විදිහටයි ජන කරළිය අපි දකින්නේ.

READ MORE - ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.

ජනකරළියෙන් සහජීවනාත්මක නාට්‍ය සංස්‌කෘතියක අත්දැකීම් ලැබුවා

පරාක්‍රම නිරිඇල්ල


70 දශකයේ නාට්‍ය වේදිකාවට පිවිසෙන පරාක්‍රම නිරිඇල්ල සම්මානනීය වේදිකා නාට්‍ය ශිල්පියෙකි. සිනමා අධ්‍යක්‍ෂවරයෙකි. රූපවාහිනී ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි. විකල්ප රංග භූමි අවකාශයක්‌ නිර්මාණය කරගැනීමේ ව්‍යායාමයක වර්තමානයේ ඔහු නියෑලී සිටි ඒ ජනකරළිය නාට්‍ය පර්ෂදය සමගිනි. වසර අටක පමණ දීර්ඝ වූ ඒ ගවේෂණ චාරිකාව පිළිබඳත් ඒ ඔස්‌සේ ජනකරළිය නාට්‍ය පර්ෂදය එක්‌රැස්‌ කරගත් අත්දැකීම් සම්භාරයත් වටමඬල හා බෙදා හදා ගැනීමටත් නිරිඇල්ලයෝ මෙසේ එක්‌වුහ.
"ජනකරළිය" නාට්‍ය සංකල්පයට ආභාසය ලැබෙන්නේ කෙසේද?

ජන කරළිය නාට්‍ය සංකල්පය අද ඊයෙ ඇතිවෙච්ච එකක්‌ නොවෙයි. හැත්තෑව දශකයේදී පමණ මෙහි මුල් බීජය ඇතිවෙන්නෙ. ඒ ආචාර්ය ගාමිණී හත්තොටුවේගමයන්ගේ වීදි නාට්‍ය කණ්‌ඩායමේ කටයුතු කරද්දී, හත්තොටුවේගමයන් මුල්වරට වීදි නාට්‍ය තුනක්‌ නිෂ්පාදනය කළා. මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද, බෝසත් කැපිල්ල, රජ දැක්‌ම මුල් වීදි නාට්‍ය තුන විවිධ අවකාශවල වේදිකාගත කළා. ශාලා වේදිකාවල, ප්‍රොසීනියම් වේදිකාවේ, කර්මාන්ත ශාලාවල එළිමහනෙ ගම්වල, කමත්වල, පන්සල්වල ආදී විවිධ තැන්වල වේදිකාගත කළා. මෙහිදී මා දුටු දෙයක්‌ එකම නාට්‍ය සමුච්චයක්‌ වේදිකාගත කිරීමට විවිධ තැන්වල රංග භූමියක්‌ සකසා ගැනීම. එහිදී මට නිරන්තරයෙන් ඇතිවුණු තර්කයක්‌ තිබුණා. ඒ රංග භූමිය තැනකට සීමා කළ හැකි එකක්‌ද? එය නම්‍යශීලීව වෙනස්‌ කරගත හැකි එකක්‌ නොවේද? යන්න. මා මේ අදහස හත්තොටුවේගමයන් සමගත් සාකච්ඡා කළා. අපි නාට්‍ය වැඩමුළු සඳහා පාසලකට ගිය අවස්‌ථාවලදී සිසුන්ගෙන් විමසා සිටි විට, නාට්‍ය පෙන්නන්නේ කෙසේද කියලා ඔවුන්ගෙන් ලැබෙන පිළිතුරු තමයි. "වේදිකාවේ" යන්න. එහෙත් සත්‍ය වශයෙන්ම නාට්‍ය පෙන්වන්නේ වේදිකාවේ නොවෙයි. රංග භූමියේයි. වේදිකාව රංග භූමියක්‌ බවට පත්කර ගැනීමයි, සිදුවෙන්නෙ. හත්තොටුවේගමයන් වීදි නාට්‍ය කණ්‌ඩායමක්‌ ගොඩනඟන්නෙම නාට්‍ය නරඹන්න අවස්‌ථාව නැති බොහෝ පිරිසක්‌ වෙත නාට්‍යය ගෙන යැම සඳහායි. ඒ සඳහායි විකල්ප රංග භූමි නිර්මාණය කර ගැනීම සිදු වුණේ. එහෙත් මට ඇතිවූ ගැටලුව විකල්ප රංග භූමි මත නාට්‍ය රඟදැක්‌වීමේදී එහි ගුණාත්මක බව කෙතෙක්‌ දුරට රැකෙනවාද යන්න. හැටේ - හැත්තෑවෙ දශකයේ සම්මත වේදිකාවේ වේදිකාගත වූ නාට්‍ය කලාත්මක අතින් ඉහළ ගුණයක්‌ රඳවා ගත් නාට්‍ය. ඒවායේ ලලිතකලාමය ගුණය, සෞන්දර්යාත්මක ගුණය, නාට්‍යමය ගුණය ඉහළ මට්‌ටමක පැවතුණා. එහෙත් අප රංගගත කළ වීදි නාට්‍ය තුළ ඒ ගුණය කෙතරම් දුරට පැවතුණාද? අප නාට්‍ය ප්‍රේක්‌ෂකයාට ගෙන යන්නේ කිසියම් දේශපාලන අත්දැකීමක්‌ පමණයි යන්නයි මගේ තර්කය වුණේ. මගේ "සෙක්‌කුව" නාට්‍ය කළේ මේ අභියෝගය ජය ගැනීමේ පර්යේෂණ වෑයමක්‌ ලෙස "සෙක්‌කුව" වීදි නාට්‍යයක්‌ ලෙස. රංගගත කරන්න ලැබුණෙ අවස්‌ථා පහයි. ප්‍රධානම ගැටලුව වුණේ රංග ශිල්පීන්ට, සංගීත ශිල්පීන්ට ගෙවීමක්‌ කිරීමට නොහැකි වීම, ඒ නිසා "සෙක්‌කුව" නාට්‍ය වීදි නාට්‍යයක්‌ ලෙස රංගගත කිරීම නවතා දමන්න සිදු වුණා. එහෙත් විකල්ප අවකාශ රංග භූමියක්‌ බවට පත්කර ගැනීම සාර්ථකයි කියන අදහස මට ඇතිවුණා. 1978 මගේ "සෙක්‌කුව" නාට්‍යය දැකලා ඉන්දියාවේ නාට්‍යකරුවකු වන හබීබ් තන්වීර් සංවිධානය කළ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වන්න මට අවස්‌ථාව ලැබුණා. ඉන්දියාවෙ රායිපූර්වල එය පැවැත්වුණේ. Asස්‌බ Cමකඑමර්ක Fදරමප දබ Deඩැකදචපැබඑ ආයතනය එය සංවිධානය කළේ. සෝමලතා සුබසිංහ, සිරිල් වික්‍රමගේ, කේ. එස්‌. ප්‍රනාන්දු වගේ ශිල්පීන් කිහිප දෙනෙක්‌ ලංකාවෙන් මාත් සමඟ සහභාගි වුණා. එහිදී මා දුටු දෙයක්‌ තමයි හබීබ් තන්වීර්¨ මා සොයන නාට්‍ය ආර පිළිබඳ විශාල අවබෝධයක්‌ සහිත පුද්ගලයෙක්‌ බව. ඔහු ජනනාට්‍යකරුවන් එකතුකරගෙන ඔවුන්ට වැඩමුළු පවත්වල ඔවුන් සම්බන්ධ කරගෙන නාට්‍ය නිර්මාණය කරනවා. ඔහුගේ ක්‍රමවේදය වූයේ ස්‌ථාවර පිටපතත් නොමැතිව අවස්‌ථාවෙන් අවස්‌ථාව පැහැදිලි කරමින් රංග ශිල්පීන් ලවා රංගනය ගොඩනැංවීම. පසුව එය පිරිපහදු කිරීම ඔහු අතින් සිදුකෙරුණා. ඔහු හැම විටම කියූ දෙයක්‌ තිබුණා. ඒá මට අවශ්‍ය නැහැ තවත් ජන නාට්‍යයක්‌ නිර්මාණය කරන්න. ජන නාට්‍ය සම්ප්‍රදායේ ශිල්පීන් යොදාගෙන සුසාධික නාට්‍ය නිර්මාණය කිරීමයි මට අවශ්‍ය. එවිට නිරායාසයෙන්ම ජන නාට්‍ය සම්ප්‍රදායේ ලක්‌ෂණ සහිත කලාත්මක නාට්‍ය නිෂ්පාදනය වේවි යන අදහසේa පිහිටායි ඔහු නාට්‍ය නිර්මාණය කළේ. එසේ නිර්මාණය කළ නාට්‍යයක්‌, "චරන්දාස්‌" එය එළිමහනේ බොහෝ විට රංගගත කළේ. ඒ ආකාරයට ජන නාට්‍ය ශිල්පීන් යොදා ගනිමින් ජන නාට්‍ය සම්ප්‍රදායේ ආභාසය ලබා ගනිමින් නිර්මාණය කළ "චරන්දාස්‌" නාට්‍යය 1983 එංගලන්තයේ "එඩින්බරෝ" නාට්‍ය උළෙලේ ඉහළම සම්මානය දිනා ගන්නවා. ඉන්දියාවේ එළිමහනෙ සකසාගත් රංග භූමි මත රංගගත කළ "චරන්දාස්‌" නාට්‍යය එඩින්බරෝ උළෙලේදී ප්‍රොසීනියම් වේදිකාවෙ රංග ගත කරලා ඉහළම සම්මානය දිනා ගන්නවා. එඩින්බරෝ වේදිකාවේදීත් චරන්දාස්‌ නාට්‍ය සඳහා විශේෂ රංග ආලෝක ප්‍රයෝග, වේදිකා සැලසුම් භාවිත නොකළ බව සඳහන් වෙනවා. මෙය මා සොයමින් සිටි "විකල්ප රංග භූමි" පර්යේෂණයට විශාල උත්තේජනයක්‌ සැපයුවා.

මෙම නාට්‍ය වැඩමුළුවට සම්බන්ධ වූ ජපන් නාට්‍ය ශිල්පීන් දෙදෙනෙක්‌ සිටියා. ඔවුන් ජපානයේ බ්ලැක්‌ ටෙන්ට්‌ (ඊක්‌ජන ඔeබඑ) නාට්‍ය කණ්‌ඩායමට අයත් ශිල්පීන්. ඔවුන්ගෙ ක්‍රමවේදය වුණේ කළු කූඩාරමක්‌ ආකාරයේ ජංගම ප්‍රොසීනියම් වේදිකාවත් උපයෝගි කරගෙන තැනින් තැනට සංචාරය කරමින් නාට්‍ය රංගගත කිරීම. මේ අත්දැකීම මම පුංචි කාලෙ අත්විඳපු "ටීටර් නාට්‍ය" සමඟ සම්බන්ධයි. මේ අත්දැකීම් දෙකත් සමඟ මට අවබෝධ වුණා මේ ආකෘතිය තමයි මා සොයමින් සිටින "විකල්ප රංග භූමි" ක්‍රමවේදය සමඟ කිට්‌ටුවෙන් සම්බන්ධ කරලා. පෙරළා ලංකාවට පැමිණි මම මේ පිළිබඳව වැඩිදුරටත් ගවේෂණය කරන්නට පටන් ගත්තා. ඒ ඔස්‌සේ මා තුළ වැඩෙමින් තිබූ "විකල්ප රංග භූමි" වැඩසටහනක්‌ 1999 ජාතික තරුණ සේවා සභාවට භාර දුන්නා. මම බලධාරීන්ට පැහැදිලිs කළා තරුණ සේවා සභාව යටතේ වෙනම තරුණ කණ්‌ඩායමක්‌ ලෙස කූඩාරම් වේදිකාවක්‌ භාරදී ඔවුන්ට එය පවත්වාගෙන යා හැකි බව. ආදායමක්‌ද උපයා ගනිමින් එය සංවර්ධනය කරගත හැකි ආකාරය. එහෙත් ඒ අවධියේ තරුණ සේවා සභාවේ අගහිඟකම් මත එය ක්‍රියාත්මක වූයේ නෑ. පසුව සංස්‌කෘතික අමාත්‍යංශයට ඉදිරිපත් කළා. යෝජනාවලියක්‌ ලෙස එවකට ඇමැතිව සිටි ලක්‍ෂ්මන් ජයකොඩි මහතා එය ඉතා ආශාවෙන් භාර ගත්තා. ඒ වගේම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා වෙන්වුණා. අවසාන මොහොතෙදි ඇමැතිවරයා වෙනස්‌ වීමෙන් එම ව්‍යාපෘතිය අහෝසි වුණා. පසුව ආරංචි වුණා ඊට වෙන්කරපු මුදල්වලින් අමාත්‍යංශයට බස්‌ රථයක්‌ සහ තවත් වාහන මිලදී ගත් බව.

රාජ්‍ය අනුග්‍රහය යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගත නොහැකි බව මේ සිදුවීම හරහා මට අවබෝධ වුණා. ඒත් මගේ උත්සාහය අත්හරින්න මගේ සිත කැමැති වුණේ නෑ. එහි වගකීම මා මතට පවරා ගනිමින් උදුල බණ්‌ඩාර අවුසදහාමි මහතා ලවා ජංගම රංග භූමියේ සැලැස්‌මක්‌ අන්දවා ගත්තා. මගේ අරමුණු පැහැදිලි කිරීමෙන් පසු ඔහු ඒ කාර්ය මැනවින් කර දුන්නා. පසුව ඹීAෂD ආයතනයට ව්‍යාපෘති යෝජනාවක්‌ ලෙස එය ඉදිරිපත් කළා. ඔවුන් මේ වේදිකාවත් ආලෝක උපකරණත්, ශබ්ද පරිපාලන උපකරණත් අපට ලබා දුන්නා. එය ද්‍රව්‍යමය ආධාරයක්‌ ලෙසයි ලබාදුන්නෙ. පසුව නෙදර්ලන්තෙ හීබෝස්‌ ආයතනයට ඉදිරිපත් කළ යෝජනාවක්‌ පිළිගනිමින් බහු වාර්ගික නාට්‍ය කණ්‌ඩායමක්‌ නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාදීමට අවශ්‍ය ආධාර ලබා දුන්නා. ඒ මූලික පහසුකම් යටතේ අපි "ජන කරළිය" නිර්මාණය කර ගත්තා. ඒ ඔස්‌සේ අපි මේ අටවෙනි අවුරුද්ද පහුකරමින් ඉන්නෙ. පසුගිය වසරේ දෙසැම්බර් වනවිට නාට්‍ය කණ්‌ඩායම පවත්වාගෙන යැම සඳහා ලැබුණු ආධාර නැවතුණා. අපිට ලැබුණු ආධාර මුදල් සියල්ලම වියදම් කළේ නැහැ. අපි දැනගෙන හිටියා කවදා හෝ ආධාර නවතින බව. ඒ නිසා ස්‌වයං පැවැත්මක්‌ ගොඩනගා ගැනීමට අවශ්‍ය ආදායම් උපයන මාර්ග ගණනාවක්‌ "ජන කරළිය" නාට්‍ය කණ්‌ඩායම ලෙස අප ආරම්භ කර තිබෙනවා. ප්‍රකාශන අංශය, වීඩියෝ නිෂ්පාදන අංශය ඒ අතරින් ප්‍රමුඛයි. ඒ නිසා තවත් කාලයක්‌ "ජන කරළිය" පවත්වාගෙන යන්න පුළුවන්.

වසර අටක පමණ කාලයක්‌ පුරා ප්‍රදේශ රැසක ජනකරළිය සමඟ ගතකළ දීර්ඝ නාට්‍ය චාරිකාවේදී ලාංකික නාට්‍ය ප්‍රේක්‍ෂක සංස්‌කෘතිය පිළිබඳ වෙනත් නාට්‍ය කරුවන්ට නොලැබුණු අද්දැකීම් සම්භාරයක්‌ ලැබෙන්න ඇති?

කෙටියෙන් කිව නොහැකි තරම් අද්දැකීම් සම්භාරයක්‌ ලැබුණා. එය කොතනින් පටන්ගෙන කොතනින් කියා නිමා කරන්නද සිතා ගත නොහැකි තරම්. මම කෙටියෙන් කියන්නම්. මූලිකව නාට්‍ය ශිල්පියා, ප්‍රේක්‍ෂකයා සහ සහජීවනාත්මක නාට්‍ය සංස්‌කෘතියක්‌ සම්බන්ධව අද්දැකීම් රැසක්‌ ලැබුණා. යුද්දෙන් පස්‌සෙ අපේ රට මුහුණදී සිටින ප්‍රධාන අභියෝගය වාර්ගික සහජීවනාත්මක සංස්‌කෘතියක්‌ ගොඩනගා ගන්නේ කෙසේද යන්න. එවන් සහජීවනාත්මක සංස්‌කෘතියක්‌ අත්‍යවශ්‍යයි. භෞතික දියුණුවක්‌ ලබාගන්න. එයට රුධිරය සපයන්නේ එවන් සංස්‌කෘතියක්‌ විසින්. එවන් සංස්‌කෘතියක්‌ නිර්මාණය කළ හැකිය යන්නට හොඳ උදාහරණයක්‌ ජන කරළිය.

වාර්ගික බෙදීම්වලට මුල්වූ භාෂා බාධකය ජය ගනිමින් සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම නාට්‍ය නිර්මාණය කරමින් ඒ ඔස්‌සේ භාෂා අවබෝධය හුවමාරු කරගත හැක්‌කේ කෙසේද යන්න ජන කරළිය යන්න අපිට අවබෝධ වුණා.

ජන කරළිය නාට්‍ය කණ්‌ඩායම තුළ විවිධ ප්‍රදේශවල ශිල්පීන් ඇතුළත් වෙනවා ඒ වගේම විවිධ ජන වර්ග ආගම් අදහන අය සිටිනවා. සමහර දෙමළ ශිල්පීන්ට ජන කරළියට සහභාගි වනවිට සිංහල වචන දෙක තුනකට වඩා වහරන්න පුළුවන් කමක්‌ තිබුණෙ නෑ. ඒවගේම සිංහල ශිල්පීන් බහුතරයක්‌ දෙමළ වචන කිහිපයකට වඩා දැන සිටියේ නැහැ. එහෙත් අද මේ දෙපිරිස භාෂා දෙකෙන්ම නාට්‍ය රංග ගත කරනවා. ඒ සඳහා අපි අනුගමනය කළේ සෘජුව භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදයක්‌ නොවෙයි. නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, රංග ක්‍රීඩා ආදිය ඔස්‌සේ භාෂා ඥනය හුවමාරු වීමයි සිදුවුණේ.

එකට ජීවත් වෙමින් එකම ක්‍රියාකාරකමක නිරත වෙමින් සිටින බව භාෂාව අෙන්‍යාන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමට සිදුවෙනවා. එය නිරායාසයෙන් සිදුවෙනවා.

අපි මුලින්ම නිර්මාණය කළේ "අන්දර මල්" නාට්‍ය එය දෙමළ බසින් රංග ගත කිරීම අභියෝගාත්මක කාර්යයක්‌ වුණා. එහෙත් සිංහල නාට්‍යයේ දෙමළ අයත් දෙමළ නාට්‍යයේ සිංහල අයත් රංග ශිල්පීන් ලෙස සහභාගිකර ගත්තා. එය සාර්ථක වුණා. පසුව චරන්දාස්‌ නාට්‍ය දෙමළ බසින් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඔවුන් තුළින්ම පැනනැගුණා. එහෙත් චරන්දාස්‌ දිගුනාට්‍ය නිසා එය අභියෝගාත්මක ක්‍රියාවක්‌ වුණා.

මා තරමක්‌ අවිශ්වාසයකින් සිටියේ. එහෙත් ජන කරළියේ ශිල්පීන් තුළින්ම චරන්දාස්‌ නාට්‍යය දෙමළ බසින් කරවූ කියන අදහස ඉදිරිපත් වුණේ. ඒ අභියෝගය ඔවුන් භාර ගත්තා. පසු දිනක මා උදේ පුහුණුවීම් කරන ස්‌ථානයට යනවිට දෙන්නා දෙන්නා එකතු වෙලා. (සිංහල ශිල්පීන් සහ දෙමළ ශිල්පීන්) අනෙක්‌ කෙනාට දෙබස්‌ උගන්වනවා. ඒ දර්ශනය මගෙ ජීවිතේ කිසිම දිනක අමතක නොවන දෙයක්‌. මගේ දැසට කඳුළු පිරුණා. වෙන දෙයක්‌ නිසා නොවෙයි මේ රටේ සිටින වාසනාවන්තම නාට්‍යකරුවා මමය කියන අදහස මට ඇතිවුණු නිසා. එය ඉතා ප්‍රියජනක උත්තේජනයක්‌ වුණා. එහි ප්‍රතිඵලය සිංහල චරන්දාස්‌ කෙනෙක්‌ වෙනුවට දෙමළ චරන්දාස්‌ කෙනෙක්‌ බිහිවීම, දෙමළ නළුවන් බිහිවුණා සිංහල නාට්‍යවල සිංහල නළුවන් බිහිවුණා දෙමළ නාට්‍යවල. එපමණක්‌ නොවෙයි පසුගිය වසරේ නාට්‍ය උළෙලේ මැටිකරත්තය නාට්‍ය සඳහා හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනනවා දෙමළ නළුවෙක්‌. දෙමළ නාට්‍යයක හොඳම සහය නළුවා ලෙස සම්මාන දිනනවා සිංහල නළුවෙක්‌. ජන කරළියෙ අංග රචන ශිල්පියා දෙමළ සහ සිංහල නාට්‍ය අංශ දෙකේම හොඳම අංග රචනා ශිල්පියා ලෙස සම්මාන දිනා ගන්නවා. මේ ලංකාවෙ නාට්‍ය ඉතිහාසයේ පළමු වතාවට.

නාට්‍ය ප්‍රේක්‍ෂක සංස්‌කෘතිය පිළිබඳ අපට ලැබුණු අවබෝධයත් සුවිශේෂයි. උදාහරණයක්‌ විදියට යාපනේ අප ගතකළ කාලය තුළ ලැබුණු අද්දැකීම් හරිම සුවිශේෂයි. අපි යාපනේදී ජනකරළිය දර්ශන වාර දෙකක්‌ පවත්වන්න සැලසුම් කරගෙන හිටියෙ. පාසල් දර්ශනය උදේ 9.30 ටත් මහජන දර්ශනය සවස 6.30 ට. එහෙත් ඒ ප්‍රදේශයේ නිලධාරීන් අපට පැවසුවේ අවුරුදු තිස්‌ ගණනක්‌ තිස්‌සේ යාපනේ වැසියන් සියලු කලා සංස්‌කෘතික කටයුතුවලට සම්බන්ධ වුණේ දවල් කාලයේ බව. ඒ යුද්ධය හේතුවෙන් රාත්‍රියේ, ආරක්‍ෂක තත්ත්වය මත. මට ලොකු විශ්වාසයක්‌ තිබුණා යුද්ධය අවසන් වී ඇති බැවින් සවස්‌ කාලයේ ඔවුන් සම්බන්ධ වේවි යන්න. අනෙක්‌ අතින් උදේ පාසල් දර්ශනයට සිසුන් පැමිණීමත් සමග ඔවුන් සවස්‌ කාලයේ වැඩිහිටියන්ට නාට්‍ය බැලීම සඳහා පෙළැඹුමක්‌ ඇති කරන බව. කෙසේ නමුත් අපි මහජන දර්ශනය සවස 6.30 ට පැවැත්වූවා. පළමු දිනයේ සෑහීමකට පත්විය හැකි ප්‍රේක්‌ෂක පිරිසක්‌ පැමිණියා. තුන්වැනි දවස වනවිට මහජන දර්ශන දෙකක්‌ පැවැත්වීමට අපට සිදුවුණා. හැන්දැවේ ජනකරළිය තිබුණු ක්‍රීඩා පිටියට පිවිසෙන ඔවුන් 6.30 දර්ශනය සඳහා සහභාගි වන්නට නොහැකි වූවිට අසළ වාඩිලාගෙන වඩේ කමින් ඊළඟ දර්ශනය ආරම්භ වනතුරු සිටියා. මා හිතන්නෙ වසර තිස්‌ ගණනකට පසු ඔවුන් රාත්‍රි කාලයේ අත්විඳි සංස්‌කෘතික කලා කටයුත්ත එය වන්න ඇති. ඒ බව ඔවුන් අප සමඟ පවසා සිටියා.

පුත්තලමේදී ජනකරළිය ගත කළ අවධියේ අපට ලැබුණු අත්දැකීම් හරිම සුවිශේෂයි. එම ප්‍රදේශයේ බහුතරයක්‌ මුස්‌ලිම් ජනයා ජීවත් වෙන්නෙ. ඔවුන් විනෝද කටයුතුවල නොයෙදෙන, නාට්‍ය නොබලන පිරිසක්‌ ලෙසයි පොදු සම්මතය. එහෙත් පුත්තලමේදී ජන කරළියේ වැඩිම ප්‍රේක්‌ෂක පිරිස වුණේ මුස්‌ලිම් ජනයා. ඔවුන් අතුරින් බොහෝ දෙනෙක්‌ ජීවිතේ කවදාවත් නාට්‍ය නොබලපු අය. අපට ඔවුන්ට නාට්‍ය බලන ආකාරය කියා දෙන්නත් සිද්ධ වුණා. ඔවුන් නාට්‍යයේ සිනා උපදවන අවස්‌ථාවක්‌ පසුවූ විට ඒ පිළිබඳව ඔවුනොවුන් සාකච්ඡා කරන්න පටන්ගන්නවා. එහිදී ප්‍රේක්‌ෂකාගාරය නොසන්සුන් වෙනවා. නාට්‍ය ශිල්පීන් අපහසුවට පත් වෙනවා. ඒ නිසා අපට ඔවුන්ව දැනුවත් කරන්න සිද්ධ වුණා. මුලින් නාට්‍ය නරඹන්න පසුව අපත් එකතුවී නාට්‍ය පිළිබඳව සාකච්ඡා කරමු කියා ඔවුන් නාට්‍ය අවසන් වී ඒ ගැන කතා කරමින් රැඳී සිටියා. මම හිතන්නෙ ජීවිතේ කවදාවත් නාට්‍ය නොබලපු පිරිසක්‌ එක්‌ අත්දැකීමකින් එතරම් උනන්දු ජනක සහෘදයින් පිරිසක්‌ බවට පත්වීම පුදුම උපදවන අත්දැකීමක්‌.

ඒ විතරක්‌ නොවෙයි වර්තමානයේa ජනකරළිය ස්‌ථානගතවූ හෝමාගම ප්‍රදේශයේදී අප ලද අත්දැකීම් විශේෂයි. ඒ මුල් දින එක දෙකේදි අඩු ප්‍රේක්‌ෂක සහභාගිත්වයක්‌ තිබුණද පසුව දර්ශනවාරයකට ඇතුළත් කළ නොහැකි පිරිසක්‌ පැමිණියා. මේ අය වෙනදා රූපවාහිනිය ඉදිරියේ හරසුන් මෙගා නාට්‍ය නරඹපු පිරිස නොවිය හැකිද? වෙනත් සංස්‌කෘතික සෞන්දර්යයාත්මක අත්දැකීමක්‌ විඳීමේ අකැමැත්තෙන් මෙගා නාට්‍යවලට ඇබ්බැහිවූ පිරිසක්‌ ලෙස ඔවුන් තේරුම් ගැනීම වැරදි බව අවබෝධ වුණා. විකල්ප හරවත් අවස්‌ථා නොදී ඔවුන් රූපවාහිනිය දෙසට තල්ලු කිරීමයි අද වෙන්නෙ. හෝමාගමට හොඳ තියටර් එකක්‌ නෑ. නාට්‍ය එන්නෙ නෑ. ඉතින් හෝමාගම ජනයා අතර නාට්‍ය සංස්‌කෘතියක්‌ නොමැතිවීම අසාධාරණද? ලංකාවෙ අනෙක්‌ ප්‍රදේශවල තත්ත්වයත් මීට නොදෙවෙනියි.

ලංකාවෙ වේදිකා නාට්‍ය සංස්‌කෘතිය පිළිබඳ ලැබුණු මේ අවබෝධයත් සමඟ "ජනකරළිය" නාට්‍ය පර්ෂදය ඉදිරියට තබන්නට අපේක්‌ෂා කරන පියවර කුමක්‌ද?

ජනකරළියේ මීළඟ අභිප්‍රාය "නාට්‍ය පර්යේෂණ ආයතනයක්‌" නිර්මාණය කර ගැනීම. ඒ සඳහා මූලික අඩිතාලම සකස්‌ කරගනිමිනුයි අපි ඉන්නෙ. ජනකරළිය සමඟ ගෙවපු අවුරුදු අටක කාලය තුළ මම පෞද්ගලිකවත් කණ්‌ඩායමක්‌ ලෙසත් ලත් අත්දැකීම් ප්‍රකාශයට පත් කිරීමේ අපේක්‌ෂාවක්‌ තිබෙනවා. එය අලුත් නාට්‍ය කරුවන් සඳහා ප්‍රයෝජනවත් වේවි කියා මා සිතනවා. ඒ නාට්‍ය ශාලිකාවක්‌ ගොඩනගා ගැනීමේ කටයුත්තටත් "ජනකරළිය" අතගසා තිබෙනවා. අනුරාධපුර නගර සභාවෙන් බද්දට ගත් ස්‌ථානයක ඒ කටයුත්ත සිදුකරන්න සැලසුම් කර තිබෙනවා. රංග භූමිය පමණක්‌ ස්‌ථාවර වූ එහි ප්‍රේක්‌ෂකාගාරය නාට්‍යයෙන් නාට්‍යයට අවශ්‍ය ආකාරයට වෙනස්‌ කරගත හැකි ආකාරයේ නම්‍යශීලී රංග ශාලිකාවක්‌.

60 දශකයේ පමණ නාට්‍ය වේදිකාවට පා තබමින්, ජනකරළියත් සමඟ දීර්ඝ නාට්‍ය චාරිකාවක නිමග්නවූ ඔබට ලංකාව තුළ සුසාදිත වේදිකා නාට්‍ය සංස්‌කෘතියක්‌ ගොඩනැංවීම සඳහා කළ හැකි යෝජනා මොනවාද?

නාලන්ද මෙන්ඩිස්‌ගෙ "නාට්‍ය උත්සව" කෘතිය පෙරළා බැලුවිට එහි 1959 සිට නාට්‍ය උත්සව පිළිබඳ විස්‌තර ඇතුළත් වෙනවා. ඒ හැම උත්සවයකදීම නාට්‍යකරුවො කළ යෝජනා ඇතුළත් වෙනවා. කිසිම දවසක කිසිම රජයකින් ඒ කිසිවක්‌ ලැබී නෑ. නාට්‍යකරුවෝ හෝ ප්‍රේක්‌ෂකයෝ විශ්වාස කරනවා නම් කවුරුන් හෝ අපට නාට්‍ය සංස්‌කෘතියක්‌ බිහිකර දෙයි කියා එය ලොකුම මුලාවක්‌. නාට්‍යකරුවන් සහ ප්‍රේක්‌ෂකයන් විසින් නාට්‍ය සංස්‌කෘතියක්‌ ගොඩ නගාගැනීම සිදු කළ යුතුයි. පළමුව නාට්‍යකරුවන්ට ඒ සඳහා උවමනාවක්‌, කැක්‌කුමක්‌ තිබිය යුතුයි. වේදිකාවෙන් ඉපදිලා තම ආත්මය විකුණන් කන අවස්‌ථාවාදීන් පිරිසක්‌ නාට්‍යකරුවන් වන තාක්‌ කල් නාට්‍ය කලාවට සෙතක්‌ වෙන්නෙ නෑ. මේ සඳහා අපට ඉන්දියාවෙන් ගත හැකි ආදර්ශ බොහෝමයි. 1962 ඉන්දියාවෙ සියලුම නාට්‍ය ශිල්පීන් ඒකරාශී වෙලා නවදිල්ලි නගරයේ "ජාතික නාට්‍ය පාසල" ආරම්භ වෙන්නෙ, එය විශ්වවිද්‍යාලයක්‌. එහි ඉගනගන්න පිරිස සියලුම ප්‍රාන්තවලට විසිරිලා ගිහිල්ලා ඒ ප්‍රාන්ත තුළ නාට්‍ය පාසල් බිහිකරනවා. ඒ ඔස්‌සේ තවත් සිය ගණනක්‌ නාට්‍ය ශිල්පීන් බිහිවෙනවා. ඔවුන් අතින් නාට්‍ය දහස්‌ ගණනක්‌ නිර්මාණය වෙනවා. ඔවුන් සියලු දෙනාම සෑම අවුරුද්දකම ජනවාරි මාසෙ නවදිල්ලි නුවර පවත්වන ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී මුණගැසෙනවා. නාට්‍ය ශිල්පීන් ඒකරාශීවීමෙන් පිහිටුවාගත් සංවිධානයකට ඒ තරම් දුරක්‌ යා හැකිය.


සංවාදය විචිත්‍ර වනිගනෙත්ති
Divayina
READ MORE - ජනකරළියෙන් සහජීවනාත්මක නාට්‍ය සංස්‌කෘතියක අත්දැකීම් ලැබුවා

‘මිස් වර්කින් ගර්ල්’

Thursday, June 21, 2012

කේතකීගේ හීනය වෛද්‍යවරියක්

ඉෂාරා සඳමිණි සමඟ සුහද කතාබහක්

මම කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ හතරවන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්.

පන්නිපිටිය මොරකැටිය හන්දියෙන් හැරී මඳ දුරක් ගිය තැන හමු වන්නේ වෙල් යායකි. අපි ඒ වෙල්යාය අවසානයේ හමුවන ගුරු පාරට හැරුණෙමු.
තරමක් ඈතට විහිද ගිය ගුරු පාරෙහි එහා ඉසව්වෙන් මතු වූයේ යුවතියකි. කහ පැහැති ගවුමක් ඇද කහ කිරිල්ලියකගේ විලස පෑ මේ යුවතිය කිරිල්ලියක් ඉඟිල යන්නා සේ යතුරු පැදියක නැඟී අප ඉදිරිපසට ඉඟිලුණාය.
ගත වූයේ නිමේෂයකි. ඇගේ ඉඟිල්ලීමට තිත තබමින් යතුරු පැදිය ගුරු පාරෙන් ඉවතට පැන නතර වූයේ එතැන තිබුණු බෝවිටියා පඳුරත් තලා දමමිනි. අපගේ දැක්මෙන් ලැජ්ජාවට පත් නිසාදෝ ඈ වැටුණු සැනින් නැඟී සිටියාය. අපි ඉක්මනින් ඈ අසලට ළං වීමු.
‘තාරුකා’
ඇමතුම ඇසුණු සැනින් ඕ අප දෙස විමසුම් බැල්මක් හෙළුවේ පුදුමය පිරි මදහසක් මුවඟට නඟමිනි.
‘මේ දවස් ටිකේම ඔය වගේ අකරතැබ්බ ගණනාවකටම මට මුහුණ දෙන්නට වුණා. බයිසිකලය තවම මට හොඳටම හුරු නැහැ.
‘සිහිනයකි ජීවිතේ’ ටෙලි නාට්‍යයේදිත් එක් රූගත කිරීමකදී මම නතර වුණේ පරේ තිබුණු තරමක් ගැඹුරු කානුවකට වැටිලයි.’
කණ්ඩියෙහි හැපී නතර වී ඇති බයිසිකලය පාරට ගනිමින් ඈ අප සමඟ කතාබහට පිවිසියේ කවුරුන්දැයි අප හඳුනා ගත් අටියෙනි. මේ දිනවල හිරු ටී. වී. හි රාත්‍රී 8.00 ට විකාශය වන ‘සිහිනයකි ජීවිතේ’ ටෙලි නාට්‍යයෙහි තාරුකාගේ චරිතයට පණ පොවන මේ සොඳුරු යුවතිය ඉෂාරා සඳමිණිය. අප කැන්දාගෙනම සිය නිවස වෙත ගිය ඕ ‘වාඩිවෙන්න මං ඉක්මනට එන්නම්’යැයි කියමින් අතුරුදහන් වූවාය.
‘පාර හොයා ගන්න අමාරු වුණේ නැහැ නේද?’
කුළුපග සිනාවක් මුවඟට නඟමින් ඉෂාරාගේ මව අපගෙන් විමසුවේ දියණියගේ ප්‍රමාදයට අලගු තබමිනි. එසැනින් මතු වූයේ ඇගේ රුවයි. මීට පෙර කහ කිරිල්ලියක් සේ සැරැසී උන් ඇගේ ගත වසා ගැනුණු ගවුම වෙනුවට ඈ මෙවර හැඳ සිටියේ නිල් පැහැති හීන් මල් වැටුණු චීත්ත ගවුමකි. මගේ මතකයට පැමිණියේ කේතකීගේ රුවයි.
‘සිහිනයකි ජීවිතේ’ ටෙලි නාට්‍යයේ තාරුකා කියන ප්‍රධාන චරිතය මට ලැබුණේ මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගේ හිත ගත්ත සිහින පියාපත් ටෙලි නාට්‍යයේ කේතකී නිසයි. කේතකීට කොයි තරම් ප්‍රේක්ෂකයෝදරය කරනවද කිව්වොත් බොහෝ දෙනෙක් මට කතා කරන්නේ කේතකී කියලයි. කේතකී කියන්නේ ඒ ටෙලි නාට්‍යයයේ ප්‍රධාන චරිතයක් නොවුණත් ඉන් ලැබුණු ප්‍රතිචාර මට වාසනාව ගෙනාවා. ‘ඉෂාරා සඳමිණි අබේවික්‍රම’ කතාබහට පිවිසියේ මගේ හිත හැඳින දෝ කියන සැකය මගේ සිතට පිවිසියේ ඉබේමයි.
‘රංගනයට පිවිසීම අහම්බයක්ද?’
නවක නිළියක් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය ඉෂරාට මගෙන් ප්‍රශ්නයකි.
‘ඒක සිද්ධ වෙන්නේ හරිම පුදුම විදියටයි. පුංචි කාලයේ මගේ එකම හීනය වුණේ වෛද්‍යවරියක් වීමයි. ඒ නිසාමයි ඒ ලෙවල් ජීව විද්‍යා අංශයෙන් කරන්න හිතුවේ. ඒ ලෙවල් ලියලා නිවසටම වෙලා ඉන්න කාලයේ නිතරම චිත්‍රපට බලන්නත් ටෙලි නාට්‍ය බලන්නත් මම අමතක කළේ නැහැ. මේ අතරදි තමයි මගේ අක්කා දෙරණ රූපවාහිනියේ තිබුණු ‘මිස් ශ්‍රීී ලංකා’ තරගයට අයැදුම්පතක් දමලා තිබුණේ. නිවෙසට වෙලා හිටිය මම මේ තරගයට ඉදිරිපත් වුණත් අවසානයේදී මට අන්තිම පස් දෙනා අතරට එන්න ලැබීමම එක්තරා ජයග්‍රහණයක්. ඊට පස්සේ 2009 දී සිංහ සමාජයෙන් කළ තරගයේදී ‘සිංහ කුමරිය’ වීමට තරම් මා වාසනාවන්තියක් වුණා. 2010 වසරේදී විශ්ව රූ රැජින තරගයට යන්න තෝරන තරගකාරියන් අතර මට හිමි වුණේ දෙවැනි ස්ථානයයි. එතැනින් නොනැවතුණු මම ස්වර්ණවාහිනියෙන් ඉදිරිපත් කළ රුවැත්තියන්ගේ තරගයේ ‘මිස් වර්කින් ගර්ල්’ වීමට හැකිවීමයි රංගනයට පිවිසෙන්නට මට වරම් උදා කර දෙන්නේ. නිල්වලා යතනයේ ලලිත් වසන්ත වගේමචාර්ය උපුල් ජයසිංහ කියන මහත්වරු ඔවුන්ගේ ටෙලි නාට්‍ය සඳහා සහභාගි වෙන්න කියලාරාධනා කරනවා. ඒ ලැබුණුරාධනාව අලුත් අත්දැකීමක් වුණත් අභියෝග බාර ගැනීමට මම කැමැති යුවතියක්. ඒ විදියටයි කේතකීගේ චරිතය ඔස්සේ මම ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ.’
‘ඉතිං ඇත්තටම කේතකී ඔබට අභියෝගයක් වුණාද?
මම දැන් පන්නිපිටියේ පදිංචි වෙලා සිටියත්, මගේ ගම මාතරයි. මාතර සුජාතා බාලිකා විද්‍යාලයට පාසල් ගිය මම ශිෂ්‍යත්වය පාස් වෙලා අකුරු කරන්නට එන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයටයි. පාසල් කාලයේ්දී ඉගෙනීම මූලික තැනක් දුන්න නිසා මම පාසලේ බාහිර කටයුතුවලට සම්බන්ධ වන්නේ අඩුවෙන්. පාසල් වේදිකාවේ විවිධ ඉදිරිපත් කිරීම් කරලා තිබුණත් කේතකීගේ චරිතය ඊට වඩා වෙනස්ම චරිතයක්. පිටපත කියවලා බලලා කේතකී අවබෝධ කර ගත්තා වගේම මට අධ්‍යක්ෂවරයාගේ හා සනත් සමරනායක අයියගෙන් ලැබුණු උපදෙස් කේතකී සාර්ථකව ඉදිරිපත් කිරීමට උදව් වුණා.’
‘දැන් ඉතින් දිගින් දිගටම රංගනයෙහි නියැලෙන්නද කල්පනාව?’
‘රංගනයට වගේම මමදරය කරන අනෙක් දේ තමයි වෛද්‍යවරියක් වීමේ සිහිනය. මේ වන විට මම කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ හතරවන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. වෛද්‍යවරියක් විදියට ජනතාවට සේවයක් සපයන අතරම ලැබෙන ඉඩහසර වෙන් කරන්නේ රංගනය වෙනුවෙන්.
මේ අතර ඔබ නිවේදිකාවක් ලෙස ස්වර්ණවාහිනියෙන් දකින්නට ලැබෙනවා. මේ හැම දෙයකටම සහභාගි වෙන්න කාල වේලාව හදා ගන්නේ කොහොමද?
‘ස්වර්ණවාහිනියේ ‘ගුඩ්ප්ටර් නූන් ශ්‍රී ලංකා’, ‘චැනල් ඩී’, ‘ජීවිතය ලස්සනයි’ වගේ වැඩසටහන් රාශියක නිවේදිකාවක් ලෙස කටයුතුª කරන්නට ලැබීම මට තවත් එක් අභියෝගයක්. විධායක අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර වගේමශා ලියනගේ මෙනෙවියගෙන් ලැබෙන සහයෝගයත් මෙහිදී මතක් කරන්නම ඕනෑ. රංගනය, අධ්‍යාපනය, නිවේදනය කියන අංශයන්හි නියැලීමේදී මම කටයුතු කරන්නේ කාල සටහනකට අනුවයි. මේ නිසා මම අද බොහොම කාර්යබහුල යුවතියක්. මම කොයි තරම් කාර්යබහුල වුණත් මේ හැම දෙයකම නියැලෙන්නේ බොහොම සතුටින්. වේදිකාවට වගේම සිනමාවටත් පිවිසීමට මම ඉන්නේශාවෙන්. යමක් කළ හැකි චරිතයක් ලැබුණොත් මම ඒ පිළිබඳත් සලකා බලන්න කැමැතියි. රංගනය පිළිබඳ හදාරන්නත් අවශ්‍යයි කියන හැඟීමෙන් තමයි මම ඉන්නේ. කොහොම වුණත් මේ සියල්ල ඉෂ්ට කර ගනිමින් කාලයෙන් උපරිම ප්‍රයේජන ගන්නයි මම නිතරම උත්සාහ ගන්නේ. මේ හැම දෙයකටම තාත්තා, අක්කා, අම්මගෙන් ලැබෙන සහයෝගයත් මෙහිදී මතක් කරන්නම ඕනෑ.’
බොහොම කාර්යබහුල යුවතියක් ලෙස දිවි ගෙවන ඉෂාරා සඳමිණිට දැන් තවත් එක් චරිතයක් සඳහා පිවිසෙන්නට කාලය ඇවිත්. ඈ මීළඟට සූදානම් වෙන්නේ නිවේදන භූමිකාවට පිවිසෙන්නයි.
READ MORE - ‘මිස් වර්කින් ගර්ල්’

ඉස්සරහට යනකොට නම් චුට්ටක් බය හිතුණා

සරසවිය මඟ පෙන්වීමෙන් තිරයට ආ සංසාරිගේ කතාව

රඟපාමු මගේ හීනය සැබැ කළා


වගකීමෙන් කටයුතු කරන කලා පුවත්පතක් විදිහට සරසවිය ඔබට හැමදාමත් ලෙංගතුයි. ඒ හින්දමයි අපි ඔබේ රංගන සිහිනය සැබෑ කර දෙන්න උත්සාහ ගන්නේ. ඒ රඟපාමු පිටුව තුළින්.
රඟපාමු පාඨකයන් අතරේ ගොඩාක් ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයට තියෙන හොඳම සාක්ෂිය තමා දිනපතා අපට ලැබෙන ඡායාරූපයි, තැපැල්පත් ප්‍රමාණයයි. ඒ ඡායාරූප අතරින් තමන්ගේ ඡායාරූපය තේරෙන්න වාසනාවක් තියෙන්න ඕනෑ. මේත් සරසවිය බිහි කරපු වාසනාවන්තයින් අතරේ ඉන්න තවත් වාසනාවන්තියක්. ඇය සංසාරි සමරවික්‍රම. එහෙම කීවට අපි දන්නවා මේ නම ඔබට හුරු පුරුදු නෑ කියලා. ඒ ඇය මේ කලා ගමන ආරම්භ කළාම විතරයි. ඇයට මේ ගමන අරඹන්න පාර කියා දුන්නේ සරසවිය. මේ අපි ඇයත් එක්ක කතා කළ මොහොත.
පොඩි කාලේ ඉඳන්ම මට ලොකු ආශාවක් තිබුණා රඟපාන්න. මගේ හීනේ සැබෑ කර ගන්න මට උදව් වුණේ සරසවිය. වගකීමෙන් කටයුතු කරන පුවත්පතක් විදිහට සරසවිය අපේ ළඟ හැමදාම ඉන්නවා. ඒ නිසාමයි සරසවියේ රඟපාමු පිටුවට මගේ ඡායාරූපයකුත් එව්වේ. නොහිතපු වෙලාවක මගේ හීනේ සැබෑ වුණාම මට ලොකු සතුටක් දැනුණේ. මම හැමදාමත් සරසවියට ගොඩාක් ආදරෙයි. සරසවිය ඡායාරූපය දැකලා තමයි මට රංගනයට අවස්ථාව උදා වුණේ.
ඉතිං මොනවද මේ දවස්වල කරන්නේ?
මේ දවස්වල ඉතිං ඊළඟ ටෙලි නාට්‍යටත් සුමිත් සුරංගයන්ගේ හත්වෙනි කාමරේ වේදිකා නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා.
ඔබ තාමත් පාසල් දැරියක්. කොහොමද අධ්‍යාපනයයි, රංගනයයි සමබර කර ගන්නේ?
අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න තමයි ගොඩාක් මහන්සි වෙන්නේ. ඒ නිසා ඒ වැඩ අතපසු කර ගන්නේ නෑ. ගෙදරින් මගේ අම්මයි, තාත්තයි, අත්තම්මයි ගොඩාක් උදව් කරනවා. ඒ නිසා අධ්‍යාපනයයි, රංගනයයි මට එකට කරගෙන යන්න පුළුවන්.
කලා ක්ෂේත්‍රය ඔබට අලුත් තැනක්. මොනවද හිතෙන්නේ?
ඉස්සරලම කැමරාව ඉස්සරහට යනකොට නම් චුට්ටක් බය හිතුණා. ඒත් ඉතිං හැමෝම මට උදව් කළා. වැරැදි කියලා දුන්නා. හොඳට හිටියොත් හැම කෙනෙක්ටම මේ ක්ෂේත්‍රය ඇතුළේ හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා.
මොන වගේ චරිතද රඟපාන්න කැමැත්තෙන් ඉන්නේ?
එහෙම කියලා නෑ. ගොඩාක් කැමැති ටෙලි නාට්‍ය චරිතවලට තමා. මට ගැලපෙන චරිත රඟපාන්න ගොඩාක් ආසයි.
ඔයාගේ හිතේ තිබුණ හීනයක් ඉටු වෙලා. මොනවද කියන්න තියෙන්නේ?
ආයෙමත් පාරක් සරසවියට ස්තූති කරනවා මට උදව් කළාට. කවදාවත් මට සරසවිය අමතක වෙන්නේ නෑ. ඒ වගේම හැම වෙලාවෙම මගේ ළඟින් ඉන්න අම්මයි, තාත්තටයි, අත්තම්මටයි, මල්ලිටයි ගොඩාක් ස්තුතියි. එයාලා නැත්නම් මම අද මෙතන නෑ.
මාව තෝරා ගත් අධ්‍යක්ෂවරුන්ටත් ස්තුතිවන්ත විය යුතුයි. අධ්‍යාපනයෙන් වගේම රංගනයෙනුත් දීර්ඝ ගමනක් යාමට ශක්තිය, ධෛර්ය, වාසනාව ඔබට ලැබේවා. සරසවිය අපේ පැතුම එයයි.



සේයාරූ - මාලන් කරුණාරත්න
sarasaviya
READ MORE - ඉස්සරහට යනකොට නම් චුට්ටක් බය හිතුණා

ලින්ඩ්සේ ලොහාන් වැඩ වරද්දා ගනීද?

ලින්ඩ්සේ ලොහාන් වැඩ වරද්දා ගනීද?

පසුගිය කාලය ලින්ඩ්සේ ලොහාන්ට එතරම් සුබ නොවුණේ ඇයට නිතරම පොලීසි හා උසාවි ගානේ යන්න සිදුවීම නිසයි.
ඒ ඇයට එල්ල වූ නොයෙක් බීමත්කම් හා රථ වාහන වැරැදි හේතුවෙන්. මෙවරත් පොලීසිය ඇවිත් ඇගෙන් කට උත්තර ගත්තේ ඇය රෝහලේ ඇඳක් මත සිටියදීය. ඒ ඇය අධිවේගි මාර්ගයක ගමන් කරද්දී රථය පෙරළී උඩු යටිකුරු වී තුවාල ලබා රෝහල් ගත කිරීම නිසයි.
පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය ප්‍රකාශ කළේ ඇගේ සහායක ඒ මොහොතේ රථය පැද වූ බවයි. නමුත් සහායකගේ ප්‍රකාශයෙන් කියැ වුණේ ඒ මොහොතේ සුක්කානම තිබුණේ ඇය අත බවයි. මේ පරස්පර විරෝධී ප්‍රකාශ නිසා පොලීසිය යළිත් ලින්ඩ්සේගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සැරසෙනවා.
මන්ද ඇයගේ බීමත්කම මෙයට හේතු වූවාදැයි ඇති වූ සැකය නිසාවෙනි. කෙසේ වෙතත් පොලීසිය නොමඟ ඇරීම නිසා ලින්ඩ්සේ ගේ ඉරණම කුමක් වේදැයි වාර්තා කිරීමට හොළිවුඩය දැන්මම උනන්දු නැති බවයි පෙනෙන්න තිබෙන්නේ.
 
sarasaviya
READ MORE - ලින්ඩ්සේ ලොහාන් වැඩ වරද්දා ගනීද?

ජන කරළිය නාට්‍ය උළෙල

ජන කරළිය නාට්‍ය උළෙල


ජන කරලිය නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන නාට්‍ය උළෙල මෙම 27 වැනිදා සිට ජූලි 06 වැනිදා දක්වා පුත්තලමේ ශාන්ත මේරි විද්‍යාල ක්‍රීඩා පිටියේ සැකසුණු ජන කරළිය රඟහලේදී වේදිකා ගතවේ.
එහිදී පරාක්‍රම නිරිඇල්ලගේ ‘අන්දර මල්’, අජන්තන් ශාන්ත කුමාර්ගේ ‘පරස්තාව’, හෙන්රි ජයසේනගේ ‘හුණුවටයේ කතාව‘, විජිත බණ්ඩාරගේ ‘වාදකයා වහල උඩ’, නලින් ලුසේනාගේ ‘ආරාජිකයා මරා’, මූ. දූ. රංජිත්ගේ ‘නරිවාදන්’, ‘තමරවිල’ සහ ‘මලකෝලං’, එම් සෆීර්ගේ ‘කේජ්’, නදීකා තරංගනීගේ ‘පොම්පීනියා’, ආලෝක සම්පත්ගේ ‘තනියෙක් විශිෂ්ටයි’, ලසන්ත ෆ‍්‍රැන්සිස්ගේ ‘කෝච්චිය එනකං’, නුවන් දර්ශනගේ ‘ඩයිනෝසර් ප්‍රේමය’, සෝමලතා සුබසිංහගේ ‘තොප්පි වෙළෙන්දා’ සහ ‘පුංචි අපට දැන් තේරෙයි’ වේදිකා ගත වේ.
READ MORE - ජන කරළිය නාට්‍ය උළෙල

ඩෝප් ලයිස්තුව

ජස්ටින් බෙලගමගේ ගෙන් අසමු

ඩෝප් ෂීට් නැතහොත් ඩෝප් ලැයිස්තුව යනු කවරෙක්දැයි මා ඔබෙන් ඇසූ විට එය නොඅනුමානවම බේබද්දන් රැලක් පිළිබඳ සම්බන්ධ වචනයක්යැයි ඔබට සිතෙනු ඇත. මෙරට සිනමාවට සම්බන්ධ කාර්මික ශිල්පියෙක්ගෙන් මේ පිළිබඳ විමසද්දී ඔහු මට කැට තියා පැවසුවේ එකත් එකටම බේබදු කම නිසා ඇති වන රෝග ලක්ෂණයක් බවය.
එහෙත් අබා චිත්‍රපටය නිපද වා මෙරට සිනමාවේ අලුත් රැල්ලක් තැනූ නිෂ්පාදක ජස්ටින් බෙලගමගේ පැවසුවේ වෙනස්ම උත්තරයකි.ඒ උත්තරයට අනුව ඩෝප් ෂීට් නැතහොත් ඩෝප් ලැයිස්තුව යනු රූප ගත කොට අවසන් දර්ශන ලැයිස්තුව හෝ නිරාවරණය කරන ලද සේයා පට රීලයක ඇතුළත් දේ පිළිබඳ ලැයිස්තුව යන්නයි.නිවැරදි ඩෝප් ලැයිස්තුවක් තබා ගැනීමේ වගකීම දරන්නේ සහාය කැමරා ශිල්පියාය යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසන්නේය.
ජස්ටින් බෙලගමගේ මේ බව දන්වනුයේ මෙරට සිනමා විද්‍යාර්ථින් අරබයා ඔහු අතින් ලැබුණ අනගි තෑග්ගක් බඳු සංක්ෂිප්ත සිනමා විශ්වකෝෂය හා ඉංග්‍රීසි -සිංහල සිනමා ශබ්දකෝෂය ග්‍රන්ථයේය. ජස්ටින් බෙලගමගේ පොත පිළිබඳ හඳුන්වා දෙන්න කලින් ඔහු පිළිබඳ වග විභාග කිරීම යුතුකමක්යැයි කල්පනා කළෙමි.
මේ රටේ චිත්‍රපට නිෂ්පාදනයට බහින බහුතරය කතරගම වන්දනාවේ යන ගමන් සංඛපාල පැත්තෙන් කොට්ට අරන් එන ජාතියේ පිරිසකැයි මා හිතන්නේ බොහෝ කලක සිටය. එයට හේතුව කතරගම වන්දනාවේ යන පිරිසගේ මුල් අරමුණ කතරගම වන්දනාව විනා ආපසු එන විට කොට්ට අරන් ඒම නොවන බැවිණි.
කොට්ට අරන් එන්නේ මග එන විට ඒවා විකුනන්නට දමා තිබෙන බැවිණි.නිදන්නට ගිය විට සේ කොට්ටය හොඳ එකක්දැයි නැතහොත් එය පැත්තකට දමන්නට එකක්දැයි වටහා ගත් හැක්කේය. හොඳ කොට්ටයක් ලැබුණහොත් ඊළඟ වතාවේ ද එබඳු කොට්ටයක් ගෙන එන්නට වග බලා ගන්නා අතර දන්නා හඳුනන අයට ද හොඳ තොට්ටයක් පිළිබඳ කියා දෙන්නට ද වග බලා ගනිති.
එහෙත් වැරදුනහොත් කොට්ට වෙළෙන්දාගේ සිට එතැන රථය නතර කළ වාහනයේ බ්‍රේක් පද්ධතිය හැදූ එකා දක්වා වැරදිය.චිත්‍රපට නිපදවන බොහොමයක් ද චිත්‍රපට නිපදවන්නේ ඒ පිළිබඳ අරමුණෙන් නොවන බැවිනි.හරිගියොත් නැවත චිත්‍රපට කරනවා පමනක් නොව අනිත් අයට ද උපදෙස් දෙන්නට ද සමත්ය. වැරදුනොත් චිත්‍රපට ලෝකයට දායාද කළ ලුමියෙර්ලා ගේ සිටම වැරදිය.එහෙත් ජස්ටින් බෙලගමගේ මේ ගොන්නේ ලා සැලකිය නොහැක.ඔහුත් ඔහුගේ බිරින්දෑ රජින්ද්‍රා ත් අනතුරුව කුස පබා චිත්‍රපටය නිපදවීමෙහි ලා ද දායක විය.
ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකි.එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයයේ උපාධිධරයෙකි.දෙස් විදෙස් බැංකු රැසක සෙවය කළ හෙතෙම කළමණාකරණ ක්ෂේත්‍රයේ උපදේශකවරයෙකු ද විය.මෙර බොහෝ පුවත්පත් වලට ඉංග්‍රීසියෙන් කළමණාකරණ විෂය පිළිබඳ ලියූ හෙතෙම ව්‍යාපාරිකයකු ද විය.ඔහු අබා චිත්‍රපටය නිපද වනුයේ එයින් පසුවය.
ජැක්සන් ඇන්තනි නම් විශිෂ්ට නිර්මාණකරුවා දුටු සිනමා සිහිනය මල් පළ ගැන්වුනේ ජස්ටින් සහ රජින්ද්‍රා ගේ ආයෝජනය නිසාය.එය මෙරට සිනමාවේ අලුත්ම රැල්ලකට හේතු වූයේය.කෙසේ වෙතත් ජස්ටින් බෙලගමගේ මේ නිෂ්පාදනයෙන් බැහැරව අත ගැසූ අලුත් කාර්යය මෙරට සිනමාවේ දැනුම සම්බන්ධව කළ මහත් මෙහෙයක් බැව් නොකියාම බැරිය.
අප රටේ විෂයන් සිංහලෙන් ඉගැන්විය යුතුයැයි ඇදහූ එදවස බොහෝ විෂයන් හා සම්බන්ධව බොහෝ පොත පත ලියැවුනද සිනමාව හා කලා විෂයන් සම්බන්ධව එබඳු පොත පත නොලියූ තරම්ය.නැතහොත් කලා විෂයන් යනු එලෙස හදාරන්නට තරම් වැදගත් කමක් ඇති එකක්යැයි එකල සිටි ඇතැම්හු කල්පනා කළා වන්නට ඇත.
එහෙත් වර්තමාන තරුණ පිරිසේ බහුතරය රූපයෙන් කළ හැකි මහත් විස්කම් පිළිබඳ ස්වයං අධ්‍යයනයක යෙදී ඇතැයි සිතිය හැක්කේය.එහෙත් මෙරට සිනමාව සම්බන්ධව ඇති බරපතල අඩුවක් ව පවතින සිනමා විශ්වකොෂයක් යනු එක් රැයකින් කළ හැක්කක් නොවේ.මෙරට සිනමාව අරබයා ලියැවුණ නුවන් නයනජිත් කුමාර ලියූ ශ්‍රී ලාංකික සිනමා වංශය නම් විශ්වකෝෂය වසර ගණනාවක මහන්සියක ප්‍රතිඵලයකි.
ජස්ටින් බෙලගමගේ සිය සිනමා විශ්ව කෝෂය හරහා අවධානය යොමු කරනුයේ මුළු මහත් සිනමාවේ ඇති ඉතිහාසය,කාර්මික අංශය සිනමාව විධි ක්‍රම ,රංග වින්‍යාසයන් ආදි බොහෝ කරුණු කෙරෙහිය.ඔහු එයට අමතරව එහි එන පාරිභාෂික වදන් මාලාවක් ද සිංහලට පරිවර්තනය කරනු ලබයි.
මේ කටයුත්ත සිනමාව පිළිබඳ අදහස් දැක්වීමක දී අප බොහෝ දෙනා අමාරුවේ වැටීමකින් ගලවා ගැනීමක් මෙහිදී ජස්ටින් බෙලගමගේ සිය විශ්වකෝෂය හරහා අදාල කරුණු සාක්ෂාත් කිරීම සඳහා උදාහරණ සපයන්නේ එම චිත්‍රපට සොයා ගෙන නැවත නැරඹිය යුතුය යන අලුත් මානයකට අප යොමු කරවමිනි.ඔහු රංගනයේ සත්ව චර්යා ග්‍රහණය සඳහා උදාහරණ කොට ගන්නේ මාලන් බ්‍රැන්ඩෝ ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ රංගනයේ ඇතැම් අවස්ථා උදාහරණ කොට ගනිමිනි.
එමෙන්ම රූප රචනයේ ලා උදාහරණ කොට ගන්නේ ටැක්සි ඩ්‍රැයිවර් චිත්‍රපටයේ දී රොබට් ඩි නීරෝ රූපය මත ස්ථාන ගත කළ අන්දම හරහා මනාව පහදමිනි. සිනමාව යනු දිනෙන් දින යාවත් කාලින වන විෂයකි.සිනමාව ආරම්භයේ දී එහි නිර්මාතෘවරුන් විසින් දුටු සිනමාව කාර්මික මෙන්ම වෘතාන්ත ශෛලීන්ගේ හැඩ තල අතින් ද වෙනස් ව ඇත්තේය.
කලකට ඉහත මම ළමා වියේ දී සිනමාහලේ අඳුරු ගැබ දෙබෑ කරන ආලෝක කදම්බයත් එහි නලියන දූවිලි විසින් කෙලවර මවන රූප සටහන් දෙසත් විමතියෙන් බලා සිටියෙමි. එහෙත් අද මුල් වරට සිනමාහලට ගොඩ වදින දරුවෙක් එ දෙස බලනුයේ ගෙදර ඇති ටෙලිවිෂනයට වඩා ලොකු ටෙලිවිෂනයක් සහිත ශාලාවක් හැටියටය. මෙම තත්කාලීන වෙනස පිළිබඳ අවබෝදයෙන් තොරවීම බරපතල හානිදායකය.
එහෙත් ජස්ට්න් බෙලගමගේ සිනමාව විෂය යාවත්කාලින වන අයුරුත් ඒ අනුව එහි වාග් කෝෂය ඒ අනුව පුළුල් වන අයුරුත් වහා වටහා ගත් වග මේ ග්‍රන්ථය පරිශීලනය කරන්නකුට පෙනී යයි. එමෙන්ම ඔහු මෙහිදී බොහෝ නම් ගම් විමසීමේදී ඒවායේ ඇති සැබෑ ස්වරූපය ඉස්මතු කරන්නට උත්සාහ කළ වගක් පෙනී යයි. මෙතුවක් අප විසින් සඳහන් කළ මහා සිනමාකරුවන් වූ ඉංග්මාර් බර්ග්මාන් යන්න නිවැරදි ස්වීඩන් උච්චාරණයේ පරිදි ඉංමා බෙයර්මන් වන අතර ශාන් රෙනෝවා ප්‍රංශ වහර අනුව ෂෝ එන්වාර් වන්නේය.
සංක්ෂ්පිත සිනමා විශ්ව කෝෂය මෙරට සිනමාවේ අභිවෘද්ධිය පතන්නන් අත මෙන්ම සිනමාව හදාරන්නන්ගේ ද අත් පොතක් යැයි මගේ අදහසයි.එය ලියන්නට ජස්ටින් බෙලගමගේ සිය කාලය බෙහෙවින් වැය කළ වගක් පෙනී යයි. එමෙන්ම ඔහු ඒ සඳහා භාවිතා කරන බස සරලය. නිරවුල්ය.
එබැවින්ම එය විෂය හැදෑරිමෙන් බාහිරව කිය විය හැක්කේය.සිනමාකරණය පිළිබඳ ඔහු සතු සාමාන්‍ය දැනුම පුළුල් එක්කව ඇත්තේ නිරන්තරයෙන් චිත්‍රපට නැරඹීමටත් ඒපිළිබඳ කියවන්නටත් ඔහු කාලය වැය කරණ බැව් පෙනී යන හෙයිනි. එම දැනුම රටට වැඩක් වන්නට නම් එලෙස ග්‍රන්ථාරූඩ කිරීමේ කැපවීම වඩා වැදගත්ය.
හේතුව එබඳු පොතකට මෙරට ඇති වෙළඳ පොල සීමාසහිත එකක් බැව් පෙනෙද්දීය. ඒ පොත ගෙන කියවද්දීම ඒ පිළිබඳ ලියවිය යුතුයැයි මට හැඟුනේ මගේ නිරන්තර සිනමාලෝලිත්වය මේ කෘතිය හරහා වැඩි වූ හෙයිනි.
READ MORE - ඩෝප් ලයිස්තුව

විජය කුවේණී උපහාර උළෙල 25 දා

විජය කුවේණී උපහාර උළෙල 25 දා

ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මැද දින 50 සපුරන විජය කුවේණී චිත්‍රපටය සඳහා විශිෂ්ට ගමනක් වෙනුවෙන් සහයෝගය ලබා දුන් සිනමා ශාලා 46 සඳහා උපහාර පිදීමේ උත්සවයක් ලබන 25 වැනි සඳුදා පස්වරු 4.00 ට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී පැවැත්වේ.
රොජර් සෙනෙවිරත්න, දුලානි අනුරාධා, ක්ලීටස් මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය මහා වංශයේ කියවෙන විජයාවතරණය පිළිබඳ කතා පුවත ආශ්‍රයෙන් නිර්මාණය වී ඇත.
පාසල් දර්ශන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ද ලබා ඇති විජය-කුවේණී සිනමා නිර්මාණය සුගත් සමරකෝන් ගේ අධ්‍යක්ෂණයක් සහ ගයාන් රණධීර ගේ නිෂ්පාදනයකි.

READ MORE - විජය කුවේණී උපහාර උළෙල 25 දා

අමිල ශිරෝෂි පෙම්වතුන් වෙයි

පිනි වැස්සක් ඇරැඹෙයි


ශිරෝෂි රොමේෂිකා දිගු කාලයකට පසු නැවතත් රංගනයට අවතීර්ණ වී තිබේ. ඒ පිනි වැස්සක් ටෙලි සිතුවම සමඟිනි.
ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වන එහි ශිරෝෂි රඟනුයේ වෙනුරි නම් වූ නර්තන ශිල්පිනියකගේ චරිතයකි. අමිල අබේසේකර ඇගේ පෙම්වතා ලෙස රංගනයේ යෙදෙයි. ඒ අනුව අමිල සහ ශිරෝෂි ප්‍රථම වතාවට පෙම්වතුන් වන්නේ පිනි වැස්සක් හරහාය.
රෙක්ස් කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල, සාරංග දිසාසේකර, ගිරිරාජ් කෞශල්‍ය, මිහිර සිරිතිලක, ගයනා සුදර්ශනී, හෂිනිකා කරළියැද්ද, සුසන්තා චන්ද්‍රමාලි, උදයන්ති කුලතුංග, සම්පත් ජයවීර පිනි වැස්සක් හැඩ කරන නළු නිළි කණ්ඩයමයි.
මෙය චින්තක පීරිස්ගේ තිර රචනයකි. පී. නන්දසේන කැමරා අධ්‍යක්ෂවරයාය. තිසර සමන්ත බණ්ඩාර මෙය සංස්කරණය කරයි. ශෙහාන් ඉද්දමල්ගොඩ සහය අධ්‍යක්ෂවරයාය. දිනේෂ් ජයයශාන්ත කලා අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. සමීර දිනේෂ් කුමාරගේ අංග රචනයක් වේ.
ගී පදමාලා කැළුම් ශ්‍රීමාල්ගෙන් වන අතර අමල් පෙරේරා ගායනයෙන් දායක වෙති.
පිනි වැස්සක් කුෂාන් ටෙලි ෆිල්ම්ස් ආයතනයේ නිෂ්පාදනයකි.

ජූඩ් සිහි කරන්න

sarasaviya
READ MORE - අමිල ශිරෝෂි පෙම්වතුන් වෙයි

◄ කැපවීම ►

http://low3thna.blogspot.com/

වෘත්තිය ලෙස නිවාස තැනීම සිදුකල ඔහු තම සැඳෑ කාලය ලඟාවත්ම රැකියාවෙන් ඉවත් වී නිදහස් මිනිසෙකු ලෙස ජීවිතය ගත කිරීමට තීරණය කලේ කාලයක සිටය. ඔහු ඒ බව තම ආයතන අයිතිකරුට දැනුම් දුනි.

''හොඳයි, ඒත් ඔබ රැකියාවෙන් ඉවත් වෙන්න කලින් ඔබට පුලුවන්නම් අපිට තවත් එකම එක නිවසක් නිම කර දෙන්න, ඒක අපිට ලොකු සතුටක් වේවි.''

සිත යටින් ඒ ඉල්ලීමට අකමැති වුවත් ඔහුට තම ආයතන ප්‍රධානියාට ඒ බව පැවසීම කිසි සේත් කල හැක්කක් නොවීය. ඒ නිසාම ඔහු ඒ නිවසේ වැඩ කටයුතුද ආරම්භ කරන ලදී. එම ආයතනය වෙනුවෙන් ඔහු නිර්මාණය කරන ලද නිවාස කාගේත් සිත් ගන්නට සමත් විය. කෙනෙකුට නෙත් අයා බලා සිටිය හැකි තරම් ඒ නිවාස සියල්ලක්ම අලංකාරව ඔහු අතින් නිර්මාණය කර තිබිණි.

නමුත් පෙර තිබූ සතුට, උද්යෝගීමත් බව මේ අවසන් නිවස තැනීමේදී ඔහුගෙන් දක්නට නොලැබිණි. වෙනදා ඔහු ඉතා පරිස්සමින්, සීරුවෙන් නිර්මාණ කරනයේ යෙදුනද මේ නිවස ඔහුට ඉක්මනින් වැඩ නිමවනු දැකීමට අවශ්‍යය විය. ඉස්තරම් දෑ යොදා ගැනීම වෙනුවට පහසුවෙන් සොයාගත හැකි ද්‍රව්‍ය යොදා ඔහු නිවස තැනීම සිදු කරන ලදී. ඔහුගේ එකම කැමැත්ත වූයේ ඉක්මනින් තම කුඩා නිවසට වී දිවියේ සැඳෑ සමය හුදෙකලාව ජීවත් වීමටය. නිවස තනා අවසන් විය. ඒ නිවස ඔහු අතින් නිමවූ අවලස්සනම නිවස බව ඔහුට පවා වැටහිණ. කෙසේ හෝ ඔහු ආයතන ප්‍රධානියා හමුවීමට ගියේ නිවසේ වැඩ නිමවූ බව පැවසීමටය. ඔහු නිවසේ යතුර බාරදුනි. සිදුවූයේ ඔහු කිසිලෙසකත් නොසිතූ දෙයකි.

''මේ නිවසේ යතුර ඔබ ගාවම තියා ගන්න, ඒ නිවස අවුරුදු 30ක් පුරාවට මෙතෙක් අප ආයතනය වෙනුවෙන් ඔබ වූ කැපවීමට අප ආයතනයෙන් දෙන පුංචි තෑග්ගක්''

තමා කල ක්‍රියාව ගැන ඔහුට එවිට ඇතිවූයේ පසුතැවීමකි. එය තමා වෙනුවෙන් බව දැන සිටියා නම් ඔහු අතින් එම නිවස ඊට වඩා හාත්පසින්ම වෙනස් අයුරකින් නිමවෙන බව ඔහුට සිහිවිය. නමුත් එවිට ඔහු ප්‍රමාධ වැඩිය.

...පරිවර්තනයකි...
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ඔබ ඒ නිවෙස් තනන්නා නම්, ඔබ ගසන සෑම ඇණයක් පාසා ඔබ බිත්තියක් හැඩ කරාවි, නැතිනම් බිත්තියක් පළුදු කරාවි. ඔබගේ ආකල්ප ඔබගේ ජීවිතය නැමති නිවස ලස්සන කරාවි. එම නිසා කුමක් කරත් ඒ දේ ගැන ආසාවෙන්, කැපවීමෙන් කරන්න. එවිට ජීවිතය සුන්ඳර වේවි.
READ MORE - ◄ කැපවීම ►

”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි”

Tuesday, June 19, 2012

චරිත හතක් සමග එකවර ආලින්දයට එන මේනක කියයි
2012 ජූනි මස 15 13:09:39 | ලංකාදීප
  නළුවකුට කලාතුරකින් පමණක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඔහු ලබා සිටී. එයනම් විකාශය වන ටෙලි නාට්‍ය හතක චරිත නිරූපනය කිරීමය. සිටුමැදුර (දේවින්ද), සංසාර සක්මන (මේනක), ආදරය අහස තරම් (සරෝජ්), සිහින පියාපත් (පූර්ණ), උපුලි (රන්දීව්), තරුපිරි අහසක්,  භාර්්‍යාවෝ (කසුන්) යන චරිත සමග අපේ ආලින්දයට එන ඔහු මේනක රාජපක්ෂයි.
ඒ චරිත සහ සැබෑ ජීවිතයේ ඔහුට සමගාමී වූ කතා බහකට එක්කර ගැනීමට මෙය මොහොතක් කර ගනිමු.
මේනක ලංකාවේ ටෙලි නාට්‍ය නළුවකු එකම අවස්ථාවේ චරිත 7 ක් රඟපාන පළමු අවස්ථාව මෙයද?
හරියටම කියන්න දන්නෙ නැහැ. නමුත් මේ අවස්ථාව ලැබීම ඇත්තටම මම ලබන ලොකු සතුටක්. ඒ වගේම මෙම චරිත අතරේ ”මේනක” කියන මගේ නමින්ම චරිතයක් රඟපාන්න ලැබීම මම ලබන ලොකු සතුටක්.
ඇයි නළුවකුට තමුන්ගේ සැබෑ නමින්ම චරිතයක් රඟපෑම එවැනි සතුටකට හේතුවක් වෙන්නෙ?
රඟපෑමේදී බොහෝ විට චරිත ගොඩනැගෙන්නෙ ඒ චරිතවලට ලැබෙන නම් අනුවයි. පේ‍්‍රක්ෂකයින් අපව වැඩි වශයෙන් දැනගන්නෙත් ඒ චරිත සමගයි. පුංචි තිරයේ ස්වභාවය එයයි. නමුත් සංසාර සක්මන සඳහා එහි නිෂ්පාදිකා තුෂාරි අබේසේකර මගේ නම යොදාගන්න ඇත්තෙ පේ‍්‍රක්ෂකයින් අතරට එය ගෙන යාමේ අරමුණ ඇතිව වෙන්න ඇති.
මේ චරිත සියල්ල අතරේ මේනක වඩා සමාන වන්නේ මොන චරිතයටද?
මේ සියලූ චරිතවල ඇති ගතිගුණ වලින් යම් යම් දේවල් මේනක රාජපක්ෂ සතුවත් ඇති.
කොහොම වුණත් මේ වගේ චරිත කීපයක එකවර රඟපාන්න ඔබට අවස්ථා ලැබෙන්න ඇත්තෙ ඇයි කියලද ඔබ හිතන්නෙ?
ප‍්‍රධානවම බලපාන්නෙ මගේ ඇති දක්ෂතාවයත්, නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු මා කෙරෙහි තබා ඇති විශ්වාසය වෙන්න පුළුවන්. ඒ වගේම හැමෝටම දක්වන ගරුත්වය ආදී අපේ බාහිර ගුණාංග නිසා වැඩ කරන්න පහසුයි කියලත් හිතෙනවා ඇති.
පසුගිය කාලයේ සමහරු ඔබේ පුද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පීම් ගැන කතා වුණා. ඒ සියල්ල වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් උත්තර සහ කියන්න තියෙන දේවල් මොනවද?
මේ සමාජයේ කවුරු කාට හෝ ප‍්‍රශ්න එන්න පුළුවනි. නමුත් ප‍්‍රශ්නය තියෙන්නෙ නළුවකුට හෝ නිළියකට යමක් සිදුවුනොත් ඒ ගැන ඇත්ත නැත්ත නොසොයා කතා කිරීමයි. සමාජයේ ජනප‍්‍රිය චරිතවීම නිසා ඒ ලූහුබැඳීම තියෙන්න පුළුවනි. නමුත් අපිත් මනුස්සයෝ කියන දේ මොහොතකට හෝ හිතන්න වෙනවා.
අපි ජනප‍්‍රිය නිසා අපිට චෝදනා එල්ලවීම වැඩියි. සමහර වෙලාවට ඒවායෙහි කිසිම ඇත්තක් නැහැ. මොන තරම් වෙබ් අඩවි හෝ මාධ්‍ය ඔස්සේ මොන දේ ප‍්‍රචාරය වුණත්, කවුරු මොනවා කීවත් මේනක රාජපක්ෂ මානසිකව වට්ටන්න කාටවත් බැහැ. මම මගේ ගමන යනවා.
මගේ හෘද සාක්ෂියට එකඟව එය හරිද? වැරදිද? කියලා හරියටම දන්නෙ මමයි. මිනිහෙකුට වැදගත්ම දේ වෙන්නෙ එයයි.
මොකක්ද?
හෘද සාක්ෂිය.
ඒ හෘද සාක්ෂියට එකඟව ඔබ හරිද? වැරදිද?
මම නිතරම කටයුතු කරලා තියෙන්නෙ නිවැරදිව කියලා තමයි මගේ හෘද සාක්ෂිය කියන්නෙ.
ජීවිතේ ආපසු හැරී බලද්දී සියල්ල කළේ හෘද සාක්ෂියට එකඟවම කියලද ඔබ කියන්නෙ?
මම  ඕනෑම දෙයක් කරන්නෙ හොඳට හිතලා බලලයි. ඒත් මාත් සාමාන්‍ය මිනිහෙක් නිසා මටත් වැරදුණ තැන් තිබුණා. ඒවා හදාගෙන ජීවිතේ දුක - සැප, නින්දා - ප‍්‍රශංසා සියල්ලට උපේක්ෂාවෙන් මුහුණ දී ඉදිරියට යාම තමයි අරමුණ.
මේනක කිව්වාම හරියටම මොනවගේ කෙනෙක් කියලද හිතෙන්නෙ?
අර කලින් කිව්ව විදියට රංගනයට අමතරව බොහොම සරලව ජීවත්වන චරිතයක්. රටට ලෝකයට ප‍්‍රකාශ කරමින්, පේන්න ජීවත්වන චරිතයකට වඩා කාටත් තියෙන කවුරුත් කැමති පුද්ගලිකත්වය රැකගෙන ජීවත්වෙන්න කැමතියි. රඟපෑම කරන්නෙ කැමරාව ඉදිරියේ විතරයි.
චරිත තෝරා ගැනීමේදී සහාය නිළි චරිතය සඳහා ඔබේ විශේෂ තේරීමක් තියෙනවද?
මට ගැලපෙන කෙනා කවුද කියලා තීරණය කරන්නෙ අධ්‍යක්ෂවරයායි. එහෙම නැතිව මගේ තේරීමක් නැහැ. නළුවකුට හෝ නිළියකට එහෙම තේරීම් කරන්නත් බැහැ.
නමුත් නෙහාරා සහ ඔබගෙ සුසංයෝගය ගැන කවුරුත් කතා වෙන්නෙ ඇයි?
අපේ සිංහල සිනමාවෙත් කාලයෙන් කාලයට එවැනි ගැලපීම් තිබුනාණෙ. මුතුකිරිල්ලි නිසා පුංචි තිරයේදී ආ මේ ගැලපීම ගැන බොහෝදෙනා දිගටම කතා කළා. නමුත් අතීතයටත් වඩා අද මාධ්‍ය බහුල වෙලා. ඒ නිසා මිනිස්සු තොරතුරු දැනගන්න විදිය හරි වෙනස්.
සමහර විට ඔබ ගැන අසත්‍ය ප‍්‍රචාර කරන විට, ඔබට ඇතිවන හැඟීම මොනවාගේද?
එක අතකට කලකිරීමක් තමයි. ඒත් කවුරු නැතත්, කවුරුහරි මගෙන් විස්තර අහන්නෙ නැතිව හෝ මා ගැන කතා කිරීම ගැන සහ තොරතුරු පළකිරීම ගැන සතුටු වෙනවා.
සටහන/ඡායාරූප : සඳුන් ගමගේ
READ MORE - ”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි”

අපි හොඳ උදවිය නම් සොබාදහම අපව රැක ගනිවි


2012 ජූනි මස 17 14:42:22 | ලංකාදීප

රන්සමනළිය අසනීපයෙන්...

පුංචි තිරයට සොඳුරු රුවක් වූ ඇය ගැන පසුගියදා බොහෝ දෙනා විමසන්නට වුණා. ආශා එදිරිසිංහ කෝ? බොහෝ දෙනා කුතුහලයෙන් යුතුව ඇය ගැන සොයන්නට හේතු වුණේ ඇය පෙනෙන්නට දකින්නට හිටියෙ නැති නිසයි. ඇත්තටම ආශාට මොකද වුණේ? පුංචි තිරයේ  මේ රුවැත්තිය පසුගිය දිනවල තදබල ලෙස රෝගාතුරව සිටි නිසා තමයි දකින්නට නොලැබුණේ. මේ නිසා කලා ක්‍ෂේත‍්‍රයේ කටයුතුවලින් මොහොතකට ඈත් වී සිටිමට සිදුවූ බව ආශා අපට කිව්වා. කෙසේ වෙතත් සුවය ලබමින් සිටින අතරේ සැඳැල්ල ‘‘කතා බහට’’ අහදස් දැක්වීමට ඇය මැලි වුණේ නැහැ.



ආශා මොකද වුණේ?
අසනීප වෙලා රෝහල් ගතව ඉඳලා දැන් තමයි ටිකෙන් - ටික සුවය ලබමින් ඉන්නෙ.

මොකක්ද අසනීපය?
මුලින්ම හිතුවෙ නිකම්ම උණ රෝගයක් කියලයි. නමුත් පසුව බලද්දි තමයි දැන ගත්තේ ඩෙංගු කියලා. ඇත්තටම මම මේ වෙලාවෙ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. උණ රෝග ලක්‍ෂණ දිගටම තිබුනාම එය ගාණනකට නොගෙන ඉන්න එපා. ඒ ගැන උනන්දු වෙන්න කියලා මොකද ඩෙංගු රෝග ලක්‍ෂණ එක් එක්කෙනාට මතුවෙන්නෙ එක එක විදියටයි.

දැන් කොහොමද?
දැන් නම් සුවය ලබමින් ඉන්නෙ.

ආශා අපි කැමතියි ඔබගෙ පවුලේ විස්තර සැඳැල්ලට කියනවා නම්.?
මාපියන්ට අමතරව මට ඉන්නෙ අයියා විතරයි. එයා පශුවෛද්‍යවරයෙක්.

ඔබට හිතුණේ නැද්ද වෛද්‍ය අංශයෙන් ඉගෙන ගන්න?
නැත්තෙමත් නැහැ. විභාග කරන කාලයේදී හැමෝටම වගේ මටත් ඒ වගේ අදහස් තිබුණා. ඒත් මොන හේතුවකටද මන්ද මම උසස් පෙළට තෝරා ගත්තෙ කලා විෂයයන්. නමුත් ගෙදර අයගෙ පෙරැත්ත නිසා වාණිජ අංශය තෝරා ගන්න සිද්ධ වුණා. පසුව කැළණි සරසවියෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය ලබාගත්තා.

උපාධිධාරිණියක් වෙලත් රැකියාවක් නොකරන්නේ?
මොන දේ කලත් ජීවිතය වුණේ කලාවයි. ව්‍යාපාර අංශයේ මගේම දෙයක් කරන්න  ඕනෑ වුණා. ඒ නිසා තමයි Adsinity (ඇඞ්සිනිටි) කියන අපේම ආයතනය පටන් ගත්තෙ. රූපවාහිනි දැන්වීම්, ප‍්‍රචාරණ කටයුතු මෙන්ම ප‍්‍රවර්ධන කටයුතු ආදී බොහෝ දේ ඒ ආයතනය මගින් සිදුවෙනවා. ”සුළඟ” ටෙලි නාට්‍යය පවා නිෂ්පාදනය කළේ ඒ ආයතනයයි.

අද ඔබ ගැන වැඩිපුර කතා වෙන්නෙ?
ඇත්තටම රන් සමනළයෝ නාට්‍යයේ කළ සමනලීගේ චරිතය නිසයි. රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටියදී පවා බොහෝ දෙනා කතා කළේ සමනලී කියලයි.

ක්ක්‍ෂ්ත‍්‍රයේ අය ආවද ඔබ බලන්න?
ඇත්තටම ගොඩාක් අයට කිව්වෙ නැහැ. මොකද හැකිතරම් විවේකීව ඉන්න කියලා වෛද්‍යවරු කිව්වා. නමුත් ‘‘හීන හතක්’’ වැඩ සටහන කරන්න තියෙන නිසා අයි.ටී.එන්. එකටත්, ලක්හඬ ගුවන්විදුලිය ගෙන එන ‘‘මා පැතූ සේ ආදරේ’’ නාට්‍යයට යන්න තියෙන නිසාත් ඒ ආයතනවලට දැනුම් දුන්නා.

මේ විදියට ජීවිතේ අනපේක්‍ෂිත දේවලට මුහුණ දෙන්න වුණාම ජීවිතේ ගැන ඔබට දැනෙන්නෙ කොහොමද?
ඇත්තටම ජීවිතේ කියන්නෙ මේක තමයි. දුක-සැප-සතුට මේ සියල්ලට අපි මුහුණ දෙන්න  ඕනෑ. එහිදී අපි හොඳ මිනිස්සු නම්, යහපත්ව ජීවත්වෙන අයනම් ස්වභාවධර්මය විසින් අපිව රැුක ගනීවි. ඒ ගැන මට තියෙන්නෙ ලොකු විශ්වාසයක්. ස්වභාවධර්මයට මම ඉහළින්ම ගරු කරන කෙනෙක්. ඒ නිසා සමාජයෙන් වුණත් උදව් හරි ලැබෙන බව විශ්වාසයි.

ආශා ඇත්තටම ඔබ කොහොම කෙනෙක්ද?
බොහොම සරලව ජීවත්වෙන කෙනෙක්. මේක්අප් දාලාවත් එළියට යන්න අකමැතියි. සමහර මගේ යාළුවො අහන්නෙ ඇයි එහෙම යන්නෙ කියලයි. ඒකට හේතුව සරල බවට ආසා කිරීම නිසයි.

ජීවිතයේ අරමුණ මොකක්ද?
කාටවත් කරදරයක් නොවී යහපත්ව ජීවත් වීමයි. කලාව සම්බන්ධ කරගෙන ජීවිතය ගෙවන්න කැමතියි. එහිදී වඩාත් වෙනස් හොඳ නිර්මාණ කිරීම තමයි අරමුණ. ඉදිරියේදී ඒ වගේ නිර්මාණ කිරීමට දැනටමත් අත්තිවාරම දාලයි තියෙන්නෙ.

කොහොම වුනත්! ක්‍ෂේත‍්‍රයේ අය එක්ක ඔබ එතරම් කුළුපග චරිතයක් නොවෙයි නේද?
හැමෝම මිත‍්‍රශීලියි. ඒත් ගොඩක් දුරට ඇසුරක් නැහැ. හැබැයි නිර්මාණයකට සහභාගි වන විට හැමෝම එක්ක බොහෝම සුහදශීලිව තමයි කටයුතු කරන්නෙ. මම හිතන්නෙ මම කාගෙවත් හිත් රිදවලා නැහැ.

අද මොන තරම් හොඳට හිටියත් කටකතා කියන දේ අහන්න ලැබෙන දෙයක්. ඔබ කොහොමද ඔබගෙ හොඳ නම
රැකගෙන සිටින්නේ?
කෙනෙක් ජීවත්වන විදිය සහ කරන කියන සියල්ල අනුව තව කෙනෙකුට තීරණය කරන්න පුළුවනි. ඒත් සමහර විට කෙනෙකුගේ දියුණුව ඉවසන්න බැරි වුණාම සමහර උදවිය බොරු දේවල්, අසත්‍ය දේවල් ප‍්‍රචාරය කරන්න පුළුවනි. ඒනිසා අසන කෙනා ඒවා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. කොහොම වුණත් හොඳට ජීවත් වෙනවා නම් ස්වාභාවධර්මය විසින් රැක ගනීවි. ඒක ඒකාන්තයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
READ MORE - අපි හොඳ උදවිය නම් සොබාදහම අපව රැක ගනිවි

ප්‍රංශ සිනමා උළෙල

ප්‍රංශ සිනමා උළෙල

16 – 24. B. M.I.C.H. හි

බොන්ෂුවා, ප්‍රංශ භාෂිත රටවල සිනමා උළෙල මෙම මස 16 – 24 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ බී. සී. අයි. එස්. ශාලාවේදී පැවැත්වේ. ප්‍රංශය, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය යන රටවල් හි සංස්කෘතිය සහ සමාජීය පසුබිම අළලා නිර්මාණය වූ චිත්‍රපට මෙහිදී ප්‍රදර්ශනය වේ.
මේ එම උළෙලෙහි චිත්‍රපට තිරගත වන පිළිවලයි.

16 වැනිදා
උදෑසන 11 ට මැක්ස් ඇන්ඩ් කම්පැණි – බෙල්ජියම සවස 2 ට ඔන්
යුවර් බයික් - බෙල්ජියම සවස 4 ට ලුයිස්
මයිකල් - බෙල්ජියම සවස 6 ට චත්‍රක් – ප්‍රංශ , ඉන්දීය – විමුක්ති ජයසුන්දරගේ අධ්‍යක්ෂණය

17 වැනිදා
උදෑසන 11 ට මියා ඇන්ඩ් මිගෝ - ප්‍රංශය
සවස 2 ට හෑන්ඩ්ස් අප් - ප්‍රංශය
සවස 4 ට ඔන් යුවර් බයික්
සවස 6 ට ද හෙයර්

18 වැනිදා
වස 4 ට ඩු නොට් පැනික් - ස්විට්සර්ලන්තය
සවස 6 ට ද ප්‍රින්සස් ඔෆ් මොන්ටිපනිසියර් – ප්‍රංශය

19 වැනිදා
සවස 4 ට ද හේයර්
සවස 6 ට හැන්ස් අප්

21 වැනිදා
සවස 4 ට ලුයිස් ඇන්ඩ් මයිකල්
සවස 6 ට ඩුනොට් පැනික්

22 වැනිදා
සවස 4 ට ද ප්‍රින්සස් ඔෆ් මොන්ටි පෙන්සියර්
සවස 6 ට ඔන් යුවර් බයික්

23 වැනිදා
උදෑසන 11 ට මැක්ස් ඇන්ඩ් කම්පැණි – සවස 2 ට මියා ඇන්ඩ් මිගෝ
සවස 4 ට ඩු නොට් පැනික්
සවස 6 ට ලුයිස් මිචෙල්
24 වැනිදා උදෑසන 9 සිට සවස 4.30 දක්වා අශෝක හඳගම මෙහෙයවනු ලබන සිනමා වැඩ මුලුවක් ද පැවැත්වේ.

Sarasaviya
READ MORE - ප්‍රංශ සිනමා උළෙල

මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ්

මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ්





කඳුළ, සුසුම පිරි මිනිස් පුරේ ඔහු වඩාත් හාදකම් පැවැත් වූයේ සිනහව සමගිනි.
රැගුමෙන් මෙන්ම ගැයුමෙන් ද ඔහු ඒ සිනහව අපට බෙදා දුන්නේය.
සිය ආදරණීය පියාණන් වූ ෆෙ‍්‍රඩී සිල්වා නාමය තවත් පරපුරකට ජීවමාන කළ ජනේෂ් සිල්වා කලාකරුවා ස්වකීය මෙහෙවර නිමා කොට හීන් සීරුවේ ජීවන රග මඬලින් නික්ම ගියේය.
ජනේෂ් ගේ මරණය අහම්බයකින් වූවක් නොවේ.
තමා ඉක්මණින්ම මෙලොව හැර යන බව ඔහුගේ යටි සිතේ පැළපැදියම් වී තිබිණ.
එහෙත් ඔහු කිසිවකු ඉදිරියේ ජීවිතය ඉල්ලා හඬා වැටුණේ නැත.
මරාන්තික පිළිකා රෝගය තම සිරුර වසා පැතිර ඇති බව දැන දැනත් ඔහු ජීවිතයට දිරියෙන් මුහුණ දුන්නේය.
ජීවිතය බදා ගත යුතු දෙයක් නොව බෙදා ගත යුතු දෙයකැයි ඔහු විශ්වාස කළේය.
‘ඉන්න ටිකේ කාල, බීලා ජොලියේ ඉදිමු මචං’ කියා ඔහු තම මිතුරන් හමුවේ නොයෙක් වර ප්‍රකාශ කළේ එහෙයින් විය යුතුය. ජනේෂ් හොඳට කෑවේය. බිව්වේය. ජොලි කළේය. එහෙත් ඔහු ජීවන ගමන් මග වරද්දාගෙන ඉබාගාතේ ගියේ නැත. සුඛෝපභෝගී දෙමහල් නිවසක සිය ආදරණීය ප්‍රියම්බිකාව වූ ලක්ෂ්මී සමඟින් සාර්ථක කුටුම්භ දිවියක් ගත කළේය. හොඳ සැමියකු මෙන්ම එකම පුතු ජනිත්ට ඔහු දයාබර පියකු වූයේය.
ජනේෂ් ගේ බිරිය මෙන්ම මව ද අවසන් මොහොත තෙක්ම ඔහු ළඟ රැඳී සිටියහ. පුතු සහ ලේලිය ද ජනේෂ්ගේ සෑම ඕනෑ එපාකමක්ම ඉටු කර දෙන්නට නිබඳවම වෙහෙස වූහ.
ඥාතීන්, හිත මිතුරක් බෝධි පූජා පවත්වමින් ජනේෂ්ගේ ජීවිතයට සෙත, ශාන්තිය පැතූවත් ඒ සියලු බලාපොරොත්තු, ප්‍රාර්ථනාවන් උඩු සුළෙඟ් විසර ගියේ ‘මරණය’ කාටත් පොදු නියත දහමක්ය යන්න යළිත් වරක් අපට සනාථ කරමිනි.
ජනේෂ්, මිය යන විට දිවි මගේ අඩ සිය වසරක් සපුරා තිබිණ. ඔහු මෙලොව එළිය දුටුවේ 1962 වසරේ ජනවාරි 26 වැනිදාවකය.
කොළඹ කේරි විදුහලේ සිප් සතර හැදෑරූ ජනේෂ් පාසල් වියේ සිටම කලා කටයුතුවලට යොමු වූයේ පිය ආභාෂයත් සමඟිනි.
1997 වසරේ තිරගත වූ ‘ඇගේ වෛරය 02’ චිත්‍රටයෙන් සිනමාව පිවිසි ජනේෂ් රැජන මමයි’, ‘ජය පිට ජය’, ‘බහු බූතයෝ’, ‘වැඩ බැරි ටාසන්’, ‘වන්ෂොට්’, ‘ලීඩර්’, ‘සීත රෑ’, ‘කවුද බොලේ ඇලිස්’, ‘හායි බේබි හායි’, ‘දිය යට ගින්දර’, ‘පිස්සූ පුසෝ’, ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයා සිනහා සයුරේ ගිල්වීය.
මේ දිනවල තිරගත වන ‘සුපර් සික්ස්’ හා ඉදිරියේදී තිරගත වීමට නියමිත ඔහු අවසන් වරට රඟපෑ ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ චිත්‍රපට තුළින් ද ජනේෂ් ගේ රඟපෑම් ප්‍රේක්ෂකයාට දැක බලා ගත හැකිය.
‘සරසවිය’ අද ජනේෂ් වෙනුවෙන් මේ කෙටි සටහන තබන්නේ ජීවත්ව සිටි කාලයේද ඔහු වෙනුවෙන් යුතුකම් ඉටු කළ පුවත්පතක් වශයෙනි.
මීට මසකට පමණ පෙර මමත්, ටෙනිසන් එදිරිසිංහ සොයුරාත් ජනේෂ් බැහැ දැකීමට පිළියන්දල සිද්ධමුල්ලේ ඔහුගේ නිවහනට ගොඩ වැදුනෙමු.
අපේ හමුව සූදානම් කළේ ජනප්‍රිය සිනමා නළු හා ජනේෂ්ගේ සමීපතම මිතුරකු වූ මොහාන් හෙට්ටිආරච්චිය. එදින අපි බොහෝ දෑ කතා කළෙමු. ඔහු අප සමඟ හොඳ හැටි හිනැහුණි. ඔහු ඒ හෝරා කිහිපය අප හා ගත කළේ සියලු දුක්, දොම්නස් පුළුන් රොදක් සේ සැහැල්ලුවෙන් පා කර හරිමිනි.
‘මගේ බර දැන් කිලෝ අටකින් අඩු වෙලා. ප්‍රෙෂර්, කොලෙස්ටරොල් මේ සේරම තියෙනවා දෙයියන්ගේ පිහිටෙන්. මම ෆුල් ඔප්ෂන් පොරක්’.
ජනේෂ් වරෙක පැවසුවේ අප සිනා සයුරේ ගිල්වමිනි. ඔහු ද අප හා හරි හරියට හිනැහුණේ පුංචි එකකු මෙනි.
ඒ ජනේෂ්ගේ හැටිය. මරණය පෙනි පෙනීත් ඔහු සිනහව අත්හැර නොගියේය. සිනහව ද ජනේෂ් අතහැර ගියේ නැත.
අනුනට සිනහ වෙන ලොවක අනුන් සිනහා ගැන් වූ ආදරණීය සහෘදයාණෙනි,
ඔබට මොක්සුව.

READ MORE - මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ්

ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා.

පියවි ගැන චාමර පීරිස් කියන කතාව

අයාල් ටෙලි වෘත්තාන්තයෙන් වෙනස් ගමනක් ඇරැඹි චාමර ජනරාජ් පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන පියවි වෙනත් ඉසව්වක් සොයනා ප්‍රේක්ෂකයා නැවත ටෙලිවිෂනය ඉදිරියේ හිඳුවීමට සමත් වූ වෙනම මාවතක දිවෙන ටෙලි වෘත්තාන්තයකි.
පළමු ටෙලි වෘත්තාන්තයෙන් සම්මානනීය වූ චාමර පියවි හරහා කතාබහට ලක් කරන්නේ ජීවිතය හා ජීවත් වීම යන එකින් එකට බද්ධ මාතෘකා ද්විත්වයකි.
ගෘහ නිර්මාණ ශිල්පියකු, පරිපාලන නිලධාරියකු හා කැමරා ශිල්පියකු, සංස්කරණ ශිල්පියකු ලෙස බහු චරිත දරන චාමර සමඟ පියවි ගැනත් සිය නිර්මාණ ජීවිතය ගැනත් කළ කතාවකි මේ.
චාමර පළමුවෙන්ම පියවි ගැන කතා කරමු?
තමන්ට ලැබුණු ජීවිතය හොඳින් ගෙවන්න කියල තමයි කියන්න ඕනේ. ඉදිරියට වෙන්නෙ මොනවද? අපි නැවත ඉපදෙන්නෙ කොහොමද, ඉපදිලා හිටියෙ කොහෙද මේ වගේ දේවල් හොයන්න යෑමෙන් අපේ ජීවිතය ජීවත් කරවන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ලැබුණු ජීවිතය අර්ථවත් ලෙස ජීවත් කරවන්න කියන දේ තමයි මේ කතාවෙන් කියන්න උත්සාහ ගත්තේ. ගෘහ නිිර්මාණය පිළිබඳ උගන්වන ආයතනයක දෙවන වසරේ ඉගෙනුම ලබනා ශිෂ්‍යයකු වටා ගෙතුනු කතාවක්.
මොහු බොක්සිං ක්‍රීඬාවට බොහෝ ඇලුම් කරන්නෙක්. මොහුගේ මනසේ ඇතිවන වෙනස්කමක් නිසා ඔහුගේ ජීවිතය පිළිබඳ ගවේෂණයක යෙදෙනවා. එතැනදි ඔහුට සිදු වන දේ පිළිබඳව තමයි පියවි ඔස්සේ ඔබ දකින්නේ. වෙන්නෙ මොනවද කියල පියවි නාට්‍යය නරඹලාම බලා ගන්නකෝ. මේ කතාව කොටස් 32 කින් යුක්තයි. සෑම ඉරු දිනකම රාත්‍රී 9.00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ නැරැඹීමට පුලුවන්.
ඔබ නිරතුරුවම තෝරා ගන්නේ වෙනස්ම මාතෘකා?
ඔව්. මම එහෙම හිතල කරන්නේ නැහැ. සමාජයේ තියෙන දේ විකෘති නොකර වෙනත් ආකාරයට දැකීමට සැලැස්සීම පමණයි මම කරන්නේ. හැබැයි ප්‍රේක්ෂකයින් කියනවා මම වෙනස් මගක යන කෙනෙක් කියලා.
ඔබේ වෙනස් ගමන සාර්ථකද?
සාර්ථකයි. එයට අයාල් ටෙලි නාට්‍යයට මට ලැබුණු ප්‍රශස්ත විශේෂ ඇගයීමේ සම්මානය, වසරේ හොඳම කැමරාකරණයට ප්‍රදීප් බුලත්සිංහලට සම්මානය ලැබීම, වසරේ හොඳම ටෙලි නාට්‍යය සංස්කරණයට ලක් රුවන් ද සේරම්ට සම්මානය හිමි වීම, රයිගම් සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට රවී හාන්ස් වැටකේපොතට සම්මාන හිමි වුණා. අනෙක තමයි මේ සම්මාන උළෙල දෙකේදීම අංග රචනය, කලා අධ්‍යක්ෂණය, නැගී එන නළුවා, ගීත රචකයා වගේ කුසලතා සම්මාන 17 ක් සඳහා නිර්දේශ වුණා. ඒ තුළින් පේනව නේද සාර්ථකත්වයක් තියේ ද නැද්ද කියලා.
ඔබ නිර්මාණ ශිල්පියෙක්. ඒ අතර ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස ඔබ හොඳ මවන්නෙක්. ගෘහ නිර්මාණ කලාව ඔබේ ටෙලි නිර්මාණ ජීවිතයට බලපෑමක් ඇති කළා ද?
ඔව්. ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස මා ලැබූ පුහුණුව නිසා ගොඩනැගිල්ලක් හා එහි වට පිටාවේ අලංකරණය අවසන් කිරීමට පෙර එහි නිම වූවාට පසු එහි ආකෘතිය ත්‍රිමානව හිතෙන් මවා ගැනීමේ ශක්තිය මට තිබෙනවා. ඒ ඔස්සේ ඒ ගොඩනැගිල්ල තුළ ඇවිද යන්නට මට පුලුවන්. මෙන්න මේ නිර්මාණ ශක්තිය ටෙලි නාට්‍යයක් කරන විට ද මට බොහෝ උපයෝගි වුණා. කැමරාව හැසිර විය යුත්තේ මොන ආකාරයට ද, වෙනස් කළ යුත්තේ මොනවාද කියා දෙයක් කරන්න ප්‍රථමයෙන් සිතන්න පුලුවන්. මම කියන්නේ අනෙක් අධ්‍යක්ෂකවරුන්ට මේ ශක්තිය නැහැ කියල නොවෙයි. මට මේ ශක්තිය ලැබුණේ ගෘහ නිර්මාණ ශිල්පය නිසා කියලයි මම කියන්නේ.
චාමර ඔබ සංස්කරණය පිළිබඳ හැදෑරීමක් කළ අයෙක් ද?
ඔව්. ලේක්හවුස් ආයතනයට ස්තුති කළ යුතුයි ප්‍රථමයෙන්ම. මොකද මාව සංස්කරණ පාඨමාලාවකට යොමු කළේ ලේක්හවුස් ආයතනය නිසා. ලංකාවේ ප්‍රථම රේඛීය නොවන සංස්කරණ පාඨමාලාව හදාරන්න රාජ්‍ය මුද්‍රණාලයට මාවයි තව ලේක්හවුස් ආයතනනයේ කෙනෙකුටයි සහභාගි වෙන්න අවස්ථාව ලබා දුන්නා. අපට මෙහිදී සුදත් මහදිවුල්වැව, රවීන්ද්‍ර ගුරුගේ වගේ ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න ලැබුණා. මේ ලැබූ මාස 6 ක පුුහුණුව මගේ නිර්මාණවලට බෙහෙවින් උපයෝගි වුණා.
පියවි නාට්‍යයේ බොහෝ චරිත මවන්නන් අතර වෙනත් වෘත්තීන්වල යෙදෙන බොහෝ අය සිටිනවා නේද?
වෘත්තීය මට්ටමින් ඉතා ඉහළින් ඉන්න බොහෝ අය රඟපානවා. ඒ තමයි කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත්‍ර කලා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ අංශාධිපති මහාචාර්ය අජන්තා හපුආරච්චි, සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජගත් පල්ලියගුරු, ජාතික මට්ටමේ බොක්සිං ක්‍රීඩක ලහිරු, ජමල්ඩීන් වැනි ක්‍රීඩකයින්, කතරගම ප්‍රදේශයේ පාසල් ගුරුවරු, ව්‍යාපාරිකයන් මේ නාට්‍යය සාර්ථක කර ගැනීමට බොහෝ දායක වුණා. මේ අයට විශේෂයෙන් ස්තුති කළ යුතුයි.
‘පියවි’ ටෙලි නාට්‍යය රූ ගැන්වීමේදී අමතක නොවන අවස්ථා ඇති.ඒ ගැන මතක් කළොත්?
1988, 89 වකවානුවේ මෙරට භීෂණ කාලය පිළිබඳ රූගත කළේ කතරගම ප්‍රදේශයේ. හමුදා ඇඳුම් ඇඳ ගත් පිිරිස් ගමක තරුණයන් අල්ලා ගෙන යන දර්ශනයක් රූගත කළා. හමුදාව තරුණයෙක්ව අල්ලා ගෙන යනවා. ඊට පසුපස ගම්මු දුවගෙන යන දර්ශනය රූගත කරද්දී නාට්‍යයේ ප්‍රධාන නළුවා වන එරංග ජීවන්තගේ සරම කඩා වැටුණා. එතන සිටි ගම්මු හූ තිබ්බා. මමත් හූ තිබ්බා. දර්ශනය කරනවා කියල අමතක වුණා. එයින් සිදු වුණේ නැවත ඒ දර්ශනය රූගත කරන්න වුණ එකයි.
අනෙක් අවස්ථාව තමයි එරංග සහ ජමල්ඩීන් අතර බොක්සිං තරගය. එහිදී ජමල්ඩීන් එරංගට ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා. නාට්‍යයේදී ඔබ දකින්නේ ඒ සැබෑ දර්ශනයයි.
ස්තුති කළ යුතු අය ගැනත් යමක් කියමු නේද?
විනිල් මැණික් කහවත්ත අධිපති ඩබ්ලිව්. විනිල් මහතා, පුෂ්පකුමාර රාජගුරු, චන්ද දේශපි‍්‍රය, ශාන් කුමාර රත්නායක, ජනදාස පීරිස්, ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ රෝහිතට, තුෂානි බුළුමුල්ල, ලක් රුවන් ද සේරම්, ප්‍රවීණ රංගන ශිල්පීන් හා ආධුනික ශිල්පින්, පික්ස් ඇන්ඩ් වර්ඩ් සංස්කරණ මැදිරියේ සියලු තාක්ෂණ ශිල්පීන්ට මගේ නාට්‍යය සාර්ථක කර ගැනීමට දායක වූ සැමට ස්තුති කරන්න කැමැතියි.
ඉදිරි ගමන ගැන කතා බහ කරමු?
ප්‍රේ්ක්ෂකයෝ කියන විදිහට නම් මේ නාට්‍යය දෙකටම වැඩිය අමුතුම තාලේ කතාවක් ළඟදීම කරන්න බලාපොරොත්තු වෙනවා. රටවල් දෙකක් අතර චිත්‍රපටයක් කරන්න කටයුතු කරමින් ඉන්නේ. මෙයට හොඳ නිෂ්පාදකවරයකු සිටියොත් වැඩේ පහසු වෙනවා.

READ MORE - ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා.

Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි - [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර]

පරපුරක් තනනු වස්
පරපුරක් බිම හෙළා
මුලින් උදුරාලූවෙ ‘ලු’
කුවණ්ණා..

හිරු සඳු ම පමණක් ම
දෙස් දිදී වළදැමුව
අතීතය කිසිවෙකුත් නො දන්නා
ඒ රහස ගුගුරපන් කුවණ්ණා


(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ කාව්‍ය සංකල්පනාවකින්)

ඉතිහාසයේ අන් කවරදාටත් වැඩියෙන් මේ දිනවල දිනපතා පුවත්පත් හා පුවත් වෙබ් අඩවි කෙරෙහි අවධානය යොමු කළ විට ‘ඉතිහාසය සොරකම් කිරීමේ’ සිදුවීම් වලට අදාළව බොහෝ උණුසුම් පුවත් දිග හැරෙනු දැකිය හැකිය. රට වටා නිධන් සොරකම්, කිසිවෙකුගේ හෝ ඕනෑ එපාකම් මත ආරක්ෂක අංශ නිධන් හාරන බවට සාධාරණ සැක සංකා සහිත සිදුවීම්, ජාතික කෞතුකාගාරයෙන් ඓතිහාසික වටිනාකමකින් යුතු කඩු සොරාගැනීම, ආණ්ඩුව විසින් නිධන් හෑරීම කළ යුතු බවට ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රද්ධියේ පිළිගැනීම, පුරාවස්තු කොල්ලකන්නන් අත්අඩංගුවට ගැනීමට නොහැකි ආණ්ඩුවක ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය විසින් ‘පුරා වස්තු පිළිබඳ නීති’ සංශෝධනය කිරීම, නීති සංශෝධනය වුවත් දඬුවම් ලබන්නට කිසිවෙකුත් නැති නිසා බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ගෙන්වන ලද යන්ත්‍ර නිධන් හෑරීම සඳහා යොදාගැනීම දක්වාම මෙම මෙම වැඩපිළිවෙළ කූටප්‍රාප්තියට පත්ව තිබේ.

බලය ඇති පිරිස් පවත්නා බලය තවදුරටත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මිථ්‍යාදෘෂ්ටික ඇදහීම් ඓතිහාසික වටිනාකම් සමග ඈඳාගැනීම නිසාත්, බලය නැති පිරිස් එකී බලය අත්පත් කර ගැනීම උදෙසා දිගින් දිගටම සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවල එල්බගෙන කටයුතු කිරීම නිසාත්, මේ දෙපාර්ශවය ද ඇතුළත්ව අඩු වැඩි වශයෙන් අතරමැදියන් හුදු ආර්ථික වාසි අරභයාද ඉතිහාසය සොරකම් කිරීමේ නිරතව සිටිති. බැලූ බැල්මට නීති විරෝධී ලෙස පෙනෙන හා ඒ බව නීති පොත්වල ලියා ඇති මුත් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙයි. මෙම නීති විරෝධී කටයුත්තේ නො යෙදන උදවිය පවා පවත්නා දැවෙන ආර්ථික ප්‍රශ්න හමුවේ කොහේ කොතනකින් හෝ නිධානයක් හෝ මතුවී තමාට වාසනාව ගෙන එනු ඇතැයි යටි සිතින් ආශාකරමින් සිටිති. මෙම ක්‍රියාවලියට සංස්කෘතික සමපාතිත්වය මේ මොහොතේ ප්‍රධාන ධාරාවේ සිනමාව විසින් නොපැකිළිව සපුරාලමින් තිබේ.


ඓතිහාසික සිදුවීම්, පුරාණෝක්ති, සාම්ප්‍රදායික කතන්දර දැවැන්ත සිනමා නිර්මාණයන් ලෙස කරළියට නැගෙමින් ඇත. එමගින් බරපතළ සමාජ- දේශපාලනික විරෝධයක් මතු නොකෙරෙන නිසාත්, පාලකයින්ගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළට ඓතිහාසික යුක්තියුක්ත භාවයක් ලබාදීම නිසාත් බලය ඇති පිරිස් මෙම සිනමාවට කැමතිය. පවත්නා තත්ත්වය අර්ථ දක්වා ගන්නට දැනුමක් හෝ තත්ත්වය වෙනස් කිරීමට වැඩපිළිවෙළක් හෝ නැති , සාම්ප්‍රදායික, වැඩවසම් හා මිථ්‍යාදෘෂ්ටික ඇදහීම්, විශ්වාසයන් තවදුරටත් කරපින්නාගෙන වේලාව එනතුරු බලා සිටීමේ කාංසාව මෙමගින් තාවකාලිකව සමනය කරන නිසාම බලය නැති පිරිස් ද මම සිනමාවට කැමතිය. මෙම දෙපාර්ශවම ඇතුළත් විය හැකි හා ඇතැම්විට සෘජු සබඳතාවක් නොදක්වන සිනමාකරුවන් යයි කියා ගන්නා අතරමැදි වෙළෙඳුන් හුදු ආර්ථික ලාභය පමණක් පෙරදැරිකරගෙන දිගින් දිගටම සිය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් සිටිති.

මින් පළමු ගණයේ පිරිස් තමන් කරන්නේ නීති විරෝධී හා සදාචාර විරෝධී කටයුත්තක් බව දැන දැන තමන් කෙරෙහි වූ වරදකාරී හැඟීමෙන් යුතු වූවන් වන අතර ඒ නිසාම ඇතැම්විට රාජ්‍ය බලයද තවත් විටෙක දේශපාලන බලයද උපයෝගී කරගනිමින් නීතියෙන්ද, තමන් කෙරෙහි එල්ලවිය හැකි චෝදනා වලින්ද ඇඟ බේරා ගැනීම සඳහා උත්සාහයක් ගනිමින් සිටිති. එකී උත්සාහයන් අතැම්විට වඩ වඩාත් තමාව ම හෙළිදරව් කරමින් හත්පොළේ ගාගන්නා සිදුවීම්ද විය හැකිය. ඒවා බොහෝවිට කිසියම් කෙනකු විසින් මහවිලච්චියේ විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදා නිධන් හෑරීමෙන් පසු විටෙක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද, තවත් විටෙක පොලිස්පතිවරයාද විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන වලට සමාන විය හැකි අවස්ථා වැඩිය.

එහෙත් දෙවෙනි ඝණයේ ඊනියා සිනමාකරුවන්ට හෘද සාක්ෂියක් නොමැති නිසා වරදකාරී හැඟීමක් දැනවීමක් සිදුනොවන අතර තමන් තවදුරටත් ජාතියේ දේශයේ යුග මෙහෙවරක් ඉටුකරනු ලබන දේශප්‍රේමීන් ලෙස පෙනීසිටීමට හැකියාව ලැබෙනු ඇත.

වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ තමාට කළ කී හැකි දෙයක් නැතිවා වුවද ඊනියා පොදු ජනයාට පළමු ගණයේ පිරිස් අපරාධකරුවන් යයි කියනු හැකි මුත්(එල්ලාවල මේධානන්ද හිමි හැරුණු විට) දෙවෙනි ගණයේ පිරිස් විසින් සිදුකරනු ලබන මංකොල්ලය කිසිසේත්ම වටහාගනු නොහැකිය. ඒ නිසාම මොවුන්ට ජාතක කතා පොත, පුරාණෝක්ති, බුදු දහම, ඇදහිලි හා විශ්වාස, පත එකට සිඳ මිලි. මීටර් 35 පටල පටයේ අතුරා රිසි සේ අනුභව කළ හැකිය. එය කෙතරම් ලාභදායි කළු කඩ ව්‍යාපාරයක් වී ඇත්ද යත් එක් චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට හෝ මත්තෙන් ඊළඟ කෘතිය ආරම්භ කළ හැකිය. සුගත් සමරකෝන්ගේ ‘විජය කුවේණි’ තිරගත වන්නට පෙර ‘රාවණා පුවත’වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරන්නට නිෂ්පාදකයා ඉදිරිපත්වීම එක් නිදසුනක් පමණි. සිනමා කර්මාන්තය කඩාවැටී ඇති බවට අවලාද නැගෙන රටක එය සැනසිලිදායක පුවතක් වනු ඇති වුවත් එය විසින් පසක් කරනු ලබන කෲර යථාර්ථය වැඩියෙන් භයානක බැව් බොහෝ දෙනකුට නොවැටහෙයි.

විජය කුවේණි පුරාවෘත්තය

ඇතැමුන් අභූත චෝදනා එල්ල කළද සුගත් සමරකෝන් විසින් ලාංකේය ඉතිහාසය විකෘති කර ඇතැයි අපි නොකියමු. මන්දයත් ලාංකේය ඉතිහාසය යනුම විකෘතියක් බැවින් එහි කිසිවෙකුටත් අමුතුවෙන් විකෘති කිරීමට තරම් දෙයක් ඉතිරිව නොමැති බැවිනි.

වසර 2500 ටත් වැඩි නිර්මල සංස්කෘතියක්, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇතැයි කියන දේශප්‍රේමීන් විසින් නිතර දෙවේලේ කරතබාගෙන යන ‘මහාවංශයට’ අනුව විජය යනු විෂමාචාර ගති ගුණවලින් හෙබි විකෘති අදහස් ඇති අයෙකි.

‘විජයෝ විසමාචරෝ ආසි තම්පරිසා පිච
සහසාකි අනෙකාසි දුස්සහානි කාරිම සුතේ’


මෙම පාලි යෙදුමට අනුව විසමාචරෝ ආසි යනු ‘විකෘති අදහස් ඇත්තෝ’ යන්නයි. තම්පරිසාපිච යනු ‘ඔහුගේ පිරිසද විකෘති අදහස් ඇත්තෝය ’ යන්නයි. සහසාර්කි යනු ‘ස්ත්‍රී දූෂණ, මං පැහැරීම, ගම්පැහැරීම වැනි සැහැසිකම් කරන්නෝය’ යන්නයි. විජය තම්බපණ්ණියට ගොඩබසින විට මෙහි ‘නසන්ති මනුජා ඵත්ථ’(මෙහි මිනිසුන් නැත) යි මහාවංශ කතුවරයා ලියා ඇත. මෙහි වාසය කර ඇත්තේ යක්ෂණියන්ය. වලාහස්ස ජාතකයට අනුව තම්බපණ්ණි දිවයිනේ විසූ යකින්නන් නැව් බිඳ විපතට පත්වූ වෙළෙන්දන් මරා ඔවුන්ගේ මස් අනුභව කොට ඇත. (ජාතකට්ඨ කතා පිටු-92-93). සිංහලයේ ආරම්භය ගැන කියන බෞද්ධ සංස්කෘත කෘතියක් වන ‘දිව්‍යදානය’ යෙහි සිංහ කේශරී නම් රජුට හමුවන්නේ රාක්ෂියකි. රටේ ඉපැරණිම වංශ කතාව වන දීපවංශයට අනුව විජය ලක්දිවට ගොඩබැසීමේ කතා පුවත සඳහන් වුවද එහි යක්ෂණියන් හමුවූ බවක සඳහන් නොවේ.


ඒ අනුව විජයට කුවේණිය හමුවීමේ කතාව හෝ ඔහු පඩු රජ දූ කුමරියක් විවාහ කර ගැනීමක් පිළිබඳ දීපවංශයේ නැත. තතු මෙසේ තිබියදී ආචාර්ය ශිරාන් දැරණියගල පෙන්වා දුන් පරිදි විජයාගමනයට වසර 300 ට පෙර මෙරට දියුණු ගම්මානයක්, ශිෂ්ටාචාරයක් පැවතී ඇත. එහෙත් ආචාර්ය ජී. සී මෙන්ඩිස්ට අනුව විජයාගමනය හා බැඳුණු ඓතිහාසික පුවත් හුදු කථාන්දරයක් පමණි. හෙතෙම මෙසේ ලියයි.

‘විජය පුරාවෘත්තයෙන් සැබෑ සිද්ධීන් කිසිවක් ගැන සාක්ෂි නො ලැබෙන බවත්, එය එක් කෙනකු හෝ ඊට වැඩිදෙනකු හෝ විසින් රචනා කරන ලද මනඃකල්පිත කථාන්දරයක් බවත්, එහි රචකයන් තත්කාලීන ඉන්දියාවත් ලංකාවත් ගැන දැන සිටි කරුණු අනුව ගලපා ඒ කතා පුවත සකස්කර ඇති බවත්, මිනිස් ගති හා මිනිස් කටයුතු ගැන ඔවුන් පිළිගෙන සිටි අදහස් හා විශ්වාසයන් ඒ කථාන්දර කෙරෙහි බලපා ඇති බවත් අපට නිගමනය කළ හැකිය. ’
(ලංකා ඉතිහාසයේ ගැටලු/පිටුව.58)

මේ අනුව ලාංකේය ඉතිහාසය තුළ විජය සෙවීමේදී අප විශ්වාසය තැබිය යුත්තේ දීපවංශ කතුවරයා කෙරෙහිද, මහාවංශ කතුවරයා කෙරෙහිද, ජාතක කතාකරුවා කෙරෙහිද, දිව්‍යදාන කතුවරයා කෙරෙහිද, ශිරාන් දැරණියගල කෙරෙහිද, ජී. සී මෙන්ඩිස් කෙරෙහිද යන්න පැහැදිලි නොවේ. එහෙත් එක් දෙයක් පැහැදිලිය. මේ මොහොතේ අප පය ගසා සිටින නිශ්චිත දේශපාලන, සමාජීය කාරණාවන්ට අදාළව අප විසින් අතීතය දෙස ප්‍රිස්මයකින් බලනා බවය. වෙනත් අයුරකින් සඳහන් කරතොත් අපේ අතීතය අපට රිසි අයුරින් කපා කොටා කිරා මැන ආඛ්‍යානයක් ලෙස ගොඩනගන බවය. සැබවින්ම එය ඓතිහාසික ක්‍රියාවලියක් නොව කාලීන අවශ්‍යතාව මත සිදුකරනු ලබන තක්කඩි ක්‍රියාවකි.

මේ මොහොතේ අප ගෙවාදමමින් සිටින්නේ 21 වන සියවසයි. ලාංකේය භූ දේශපාලන සිතියම තුළ කප්කෙළක් ගැටලු හා අර්බුදවලට හේතුව ලෙස දකුණේ ජන සමාජයට පිළිගන්නට බලකරනු ලැබූ උතුරේ ප්‍රභාකරන් හා ඔහුගේ අනුගාමිකයින්ගේ ක්‍රමවිරෝධී දේශපාලනය නන්දිකඩාල් කළපුවෙන් හමුවූ ප්‍රභාකරන්ගේ හිස් කබලත් සමගින් අවසාන වූ යුගයක ය. යුද්ධය නිමාවී තෙවසරක් ඉක්ම ගොස් ඇතත් ලාංකේය සමාජයේ ඔඩුදුවා ඇති අර්බුද විසඳීමට තබා හඳුනාගන්නට හෝ සමත්භාවයක් නොදක්වන පාලකයින් මෙන්ම අනුගාමිකයින් ප්‍රභාකරන් නොමැති කාංසාවෙන් පෙලෙමින් සියලු අර්බුදවලට හේතු ආරෝපණය කිරීම සඳහා මහා සතුරෙක් සොයමින් සිටින යුගයකය. එකී සතුරා විටෙක අල්ලපු වැටේ අන්‍යාගමිකයා විය හැකිය. මුන්නේශ්වරම කාලි කෝවිලට එරෙහි හඬ, දඹුල්ල පුද බිමේ ඉස්ලාමීය ඉදිකිරීම් වලට එරෙහි හඬ එහි දෘෂ්ටිවාදී ප්‍රකාශනයන්වලට මෑත කාලීන නිදසුන්ය. එසේම අමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදයද මේ මොහොතේ වඩා ඔසවා තැබිය හැකි හොඳම ගණයේ සතුරෙකි. මෙම සතුරන්ට මුහුණදීම හෙවත් තමාගේ බාධාව හෝ නොහැකියාව අනුන්ට ආරෝපණය කොට පාලනයේ ඒකමිතිකභාවය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා අනාගත දැක්මක් නොමැති පාලකයින්ටත් ජාතියකටත් කළ හැක්කේ පැරණි හමස් පෙට්ටිවල බහා ඇති පුරාණෝක්ති, මිථ්‍යා ඇදහීම්, විඤ්ඤාණවාදී භාවිතාවන් කෙරෙහි පසුබැසීමය. ඒවා මහාර්ඝ වස්තුන් හා ජාතික උරුමයන් සේ උලුප්පා දැක්වීමය. එහෙත් එහිදී ඒවා තවදුරටත් පැරණි සංදර්භයන්හි පැරණිම අර්ථයෙන් , පැරණි මාධ්‍යයක ඔස්සේම ගෙනහැර පෑ නොහැකිය. මන්දයත් අප 21 වන සියවසේ පුරවැසියන්ය. එබැවින් කළ යුත්තේ පුස්කොල පොත්වල පන්හි‍ඳෙන් කුරුටු ගා කළුමැද කියවූ කතන්දර අලංකාර පිටකවර සහිත මුද්‍රිත අකුරු බවට පත්කිරීමය. අන්තර්ජාල ගත කිරීමය. අතීතයේ පිරිසක් මැද මහ හඬින් කියවූ , රඟ දැක්වූ ජාතක කතා හෝ පුරාණෝක්ති මි. මි 35 සෙලියුලොයිඞ් පටලපට ඔස්සේ සිනමාශාලාවකට ගෙන ඒමය. එහිදී ඇතැම් පුරාණෝක්ති, කතන්දරවල අන්තර්ගයෙන් මේ මොහොතට අවාසිදායක කොටස් හළා වාසිදායක කොටස් එකතුකර ගැනීමත්, ඒවාට නව අර්ථකථන දීමත් නිතැතින් සිදුවෙයි. එවිට අතීතයේ කෙඳිරිගෑම් වර්මානයේ මහා හඬක් බවට පත් කළ හැකිය. මේ මොහොතේ සිදුවෙමින් පවත්නේ එයයි. සුගත් සමරකෝන් ට ‘විජය කුවේණි’ගෙන ඒමේදී ‘මහාවංශය නොකී අපේ වංශයේ රැජිනකගේ කතාව’ යනුවෙන් එහි තේමා පාඨය සටහන් කරන්නට සිදුවීමේ රහස එයයි. ‘මුන්නේශ්වරම් කාලි කොවිලේ වාර්ෂික පුද පූජා සඳහා රැගෙන ගිය එළුවන් කුකුළන් දේවාල භූමියේ මරාදැමීම බලාසිටීම සිංහල- බෞද්ධ අපට තරම් නොවේ’ යයි කියා එකී සතුන් මස් කඩයට දැක්කීම සඳහා තම හිතවතුන්ට ලබාදුන් ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයා ‘විජය කුවේණි’ චිත්‍රපටයට නොමිලේම රංගන දායකත්වය ලබාදීමේ අරුමය එයයි. එබැවින් වඩා වැදගත් වනු ඇත්තේ මහාවංශය කරතියාගෙන ගියවුන්ම එය බිමින් තැබූ තැන කොතනද යන්න පිරික්සීමයි.

විජය කුවේණි සිනමා සිත්තම හා කාලීන අවශ්‍යතාව

වසර 2500 ටත් වඩා ඉපැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇතැයි කියනා සිංහල ජාතිය විජය නමැති දාමරිකයෙකුගෙන් පැවත එන්නේයයි විශ්වාස කිරීම දැන් දැන් හිතට මදිය.

විජය යනු එසේ මෙසේ දාමරිකයෙකු නොව කළ සැහැසිකම් ඉවසනු නොහැකිව මහජනයා විසින් කරන ලද උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙස පිය රජු විසින් එළවා දැමූ එකෙකු බව පිළිගැනීම බොහෝ වේදනාකාරිය. අනෙක් අතට විජයගේ පියා වන සිංහබාහු තිරිසනෙකුට(සිංහයෙකුට) දාව උපන් විකෘතියකි. (ප්‍රකෘතිය තිරිසනෙකු ම විය හැකිව තිබිණි.) එසේම සිංහබාහු සහේට ගනු ලැබුවේ තමාගේම සොහොයුරිය වූ සිංහ සීවලී කුමරියයි. කුවේණි ආච්චිය ද තමන්ට මදන කුලප්පුව සෑදීම නිසා සනුහරේම කඩුගෑම සඳහා විජය වෙනුවෙන් මහන්සි වී ඔහුටම හාන්සි වූවාය. එබැවින් එකී ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ ම අශිෂ්ට හා පාවාදීමේ ක්‍රියාදාමයකිනි. අපරාධ වැලකිනි. රජමාළිගයෙන් එළවාදැමූ දරු දෙදෙනා වන ජීවහත්ථ හා දිසාලා යන අයිය නගෝද එකට පවුල් කෑමෙන් වැදි ජනයා පැවත එන බව කියැවෙයි. මෙකී කතන්දර සියල්ල මේ මොහොතේ සිංහල- බෞද්ධ අභිමානයට කැළලකි. අල්ලපු වැටේ අන්‍යාගමිකයා සමග රණ්ඩු අල්ලද්දී එය අවාසියකි. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් පාඨ කියද්දී ශිෂ්ටත්වයට තරම් නොවන සිදුවීම් නිසා වචන ගොත ගැසෙන්නට ඉඩතිබේ. ඉදින් මෙම පුරාණෝක්ති, ලියැවිලි වහ වහා වෙනස් කළ යුතුය.


ජැක්සන් ඇන්තනීගේ ‘අබා’ගෙන් ඇරඹි ‘මහින්දාගමනය’ , ‘කුසපබා’ ආදී රැල්ල පිළිබඳ ඔදවැඞී සිටින අප පරපුරේ සිනමා විචාරකයෙකු වන නුවන් නයනජිත් ‘විජය කුවේණි’ සලරුවේ වැදගත්කම හා නිර්මාණශීලිත්වය පිළිබඳ කදිම අටුවාවක් ලියයි. එහි තැනක මෙසේ සඳහන් ය.

‘තරුණ පෙළත්, මතු පරම්පරාවත් මේ ව්‍යසනයෙන් රැකගනු පිණිස සියලූ ප්‍රඥාවන්තයන් ඒකරාශීව ධර්ම- විනය සංඝායනාවක්, භාෂා සංඝායනාවක් හා ඉතිහාස සංඝායනාවක් සිදුකිරීම කාලීන වශයෙන් අතිශයින් ඖචිත්‍ය වේ. මන්ද යත් අපේ සැබෑ ඉතිහාසය භාරතීයයන්ගෙන් මතුනොව විවිධ බටහිර ජාතීන්ගෙන් හා නව යටත් විජිතවාදය වපුරන්නන්ගෙන් විකෘති වී ඇති බැවිනි. ’
(සිළුමිණ/පුන්කලස/27-05-2012 )

නුවන් පෙන්වාදෙන පරිදි භාරතීයයන් හා නව යටත්විජිතවාදය වපුරන්නන් නිසා විකෘතිවී ඇති ඉතිහාසය පරවන කෘති කිරීම උදෙසා සුගත් සමරකෝන් දක්වා ඇති උත්සාහය කෙටියෙන් හෝ විමසා බැලිය යුතුය.

‘ විජය කුවේණි’ කතාව චිත්‍රපටය ආරම්භයේ කුවේණිය විජය සමග ද්වන්ධ සටනක් කරයි. වෙනත් අයුරකින් කිවහොත් ඉපැරණි ඉතිහාසයේ ලාංකේය ස්ත්‍රිය පිරිමියාට අභියෝග කරයි. ඔහු සමග කරට කර සටනක් දෙයි. බටහිර ස්ත්‍රීවාදි කතිකාව ගොඩනැගෙන්නටත් මත්තෙන් අපේ රටේ ස්ත්‍රිය පිරිමියා සමග කරට කරට සිටි බව එයින් ගම්‍ය කෙරෙයි. එය සුද්දන්ට චණ්ඩි පාට් එකක් දැමිය හැකි තරමේ ආඩම්බර විය හැකි කරුණකි. එහෙත් හිටි අඩියේම ඇඳට ගොඩවෙන්නට මත්තෙන් පිරිමියාට වැඳ නමස්කාර කරයි. රැජිනක් වුවද රජෙකුට යටත්ව සිටිය යුතු බව සුගත්ගේ වැඩවසම් පිරිමි මනස ආඛ්‍යානයට කරදර කරයි.

‘තිගේ නම කුමක්ද.. ? ’

‘ක්වේණි’

‘ක්වීන් ’කියන්නේ රැජිනක් කියන අර්ථය. ඒ කියන්නේ ඔබ රැජිනක්’

විජය රජු නොපැකිළිව කියා සිටියි.

බටහිර අධිරාජ්‍යවාදීන් පෙරදිගට කඩාවදින්නට ප්‍රථම විජය රජු ඉංග්‍රීසි දැන සිටි බව එයින් පසක්වෙයි. ඒ නිසාම මෙම සිනමා ප්‍රවණතාව තවත් ඉදිරියට යද්දී ‘සුද්දන්ට ඉංග්‍රීසි උගන්වා ඇත්තේ ද අපිම ය’ යන්න පෙන්වා දෙන්නට හැකි වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ.

දිව්‍යදානයට අනුව ලක්දිව රාක්ෂයින් සිටි බව පැවසීම, මහාවංශයට අනුව යක්ෂයින් සිටි බව පැවසීම, රටේ ආදිතමයන් රාවණ යුගයේ මිනී මස් වැළඳූ බව රාමායණයේ සටහන්ව තිබීම, සිංහලයින් විජය නම් දාමරික පිටස්තරයාගෙන් පැවත ඒම මේ යුගයේ දේශප්‍රේමයට මරුපහරක් නිසාම සුගත් ඒ පිළිබඳ සවිඥානික වෙයි.

ඒ අනුව විජය පැමිණෙන විට තම්බපණ්ණියේ පාලකයෙකුගේ විවාහ මංගල්‍යයකි. එය යක්ෂද්වීපයද, හෙළදීපයද යනුවෙන් විටෙන් විට හඳුන්වාදෙන භූමියේ පාලක පක්ෂයේ ප්‍රධානියෙකු(මර්වින් සිල්වා) නව යුවළට ආශිර්වාද කොට අවසානයේ පවසන්නේද මෙවැන්නකි.

‘මේ යක්ෂද්වීපයේ හෙළ භූමියේ හෙළදරුවන් දහස් ගණන් බිහිවේවා.. ’

ඒ අනුව විජය පැමිණෙන විටත් මේ රටේ සිටියේ සිංහලයින් යයි පැවසීම මේ මොහොතේ වඩා වැදගත්ය. ඔවුන් ව්‍යවවහාර කරන්නේද පැහැදිලි සිංහලය. ‘සිංහල සාහිත්‍යයේ නැගීම’ කෘතියේ හෙළයේ මහා ගත්කතුවරයා වූ මාර්ටින් වික්‍රමසිංහ ‘විජය කුමාරයාට පෙර ලක්දිව විසූවන්ගේ භාෂාව හෝ විජය කුමාරයාගේ ඔහුගේ පිරිසගේ භාෂාව හෝ කුමක්විය හැකිදැයි නිශ්චය කළ හැකි නොවේ. ’ යයි පැවසීම වැරදිය. සිංහලයාට මදි පුංචි කමකි. ඒ නිසාම මහා ගත් කතුවරයාට වැරදුණු තැන නිවරදි කරමින් සුගත් සමරකෝන් හෙළදිව සිටියවුන් ද, මෙරටට ගොඩ බසිනවුන් ද පිරිසිදු සිංහල කතා කළ බව ‘විජය කුවේණි’ සිනමා කෘතියෙන් පෙන්වාදෙයි.

අනෙක් අතට මහා වංශයද, රාමායණයද දක්වන පරිදි මෙරට ආදිතමයන් ම්ලේච්ඡ මිනී මස් බුදින්නන් බවට ගෙනහැර පාන තොරතුරු වෙනුවට නිරන්තරයෙන් පලතුරු අනුභව කරන පිරිසක් අපට මුණගැස්වීමට තරම් චිත්‍රපටය පැරණි පුරාණෝක්තීන්වලට වඩා ඉදිරිගාමීවෙයි. පලතුරු ආහාරයට ගන්නා උදවිය මස් මාංශ ආහාරයට ගන්නා උදවියට වඩා අහිංසකය. තම ස්වාමිදුවට ආහාරපාන ගෙන එන කුවේණියගේ සහායිකාව හෙවත් සිස්සපටිකාගේ පලතුරු කූඩයේ තිබී අවසාන මොහොතේ මිනිස් අතක කොටසක් බිම වැටුණද එය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විනා සැබවින්ම ඔවුන් මිනී මස් බුදින්නන් නොවන බව සිනමාකරුවා අපට ඒ වන විටත් ඒත්තු ගන්වා අවසන් ය. ඒ නිසාම ඇය ප්‍රේක්ෂකයාගේ අනුකම්පාවට පාත්‍ර වෙනවා මිසක වෛරයට පාත්‍ර නොවේ.

‘අපේ හෙළ භූමිය ආක්‍රමණය කළ පාහරයෝ’ විජයගේ සේනාවේ ග්‍රහණයට නතුවූ පුරාණ හෙළයෝ කෑ ගසා කියති.

‘මා අසා තියෙනවා තා සතෙකුගේ පුතෙකු බව’ විජයට එරෙහිව අවසන් සටනට නායකත්වය දුන්නු හෙළයා සමුරායි වරයෙකු සේ සිය අතින් පිහියෙන් ඇණ ගෙන මිය යන්නට මොහොතකට පෙර විජයට කියා සිටියි. එය කිව යුතුව තිබුණේ විජයගේ පියාට වුවද, පුතු විසින් එකී පණිවිඩය පිය රජු කරා ගෙනයාවි යයි සිතූ නිසා හෝ පිය පුතු මාරුවීම නිසා හෝ එසේ කියවනු ලබයි.

ඒ අනුව අප විජය නමැති පිටස්තර ආක්‍රමණිකයාගෙන් පැවත එන්නන් නොවේ. මෙරට සිංහලයාගේ ඉතිහාසය විජයාගමනයට පෙර සිටන් පැවත එන බව අධ්‍යක්ෂවරයා අපට එයින් ගම්‍ය කරවයි. අනෙක් අතට චිත්‍රපටය තුළ අවසන් වතාවටත් විජයගේ මාළිගාවට ස්වදේශිකයන් විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයට මත්තෙන් ඊට නායකත්වය දුන් ජුතින්දර විසින් බලා කියා ගත් දරුවන්ට කියන්නේ ‘හෙට දවසේ ඉර බැසගෙන යන්නට මත්තෙන් අප යළි නො පැමිණියහොත් උඹලා අර ඈත පෙනෙන සිරිපාද අඩවිය දෙසට ගිහින් ජීවත් වෙයල්ලා’ කියාය. ඒ නිසාම ‘විජය කුවේණි’ චිත්‍රපටය තුළ මෙරට ස්වදේශීය ජාතිකයන් සියල්ල සමූල ඝාතනය නොවී කුඩා දරුවන් පිරිසක් ඉතිරිවන බව පසක් කරවයි. එනම් ‘පුලින්දයන්’ බවට පත්වූ ජීවහත්ථ- දිසාලාට අමතරව පැරණි සිංහල පරපුර අඛණ්ඩව පවතින බව සුගත් සමරකෝන් අපට උගන්වයි. එබැවින් විජයගෙන් පැවත එන්නේ යයි කියනු ලබන නිසා මේ මොහොතේ කිසිවෙකුට යම් අවනම්බුවක් වීනම් විජය කුවේණි චිත්‍රපටය තුළින් එකී වරදකාරී හැඟීම සමනය කරගන්නට අවස්ථාව උදාවේ.

විජය කුමරු ලංකාවට ගොඩ බසින විට කුවේණිය කපු කටිමින් සිටි බවට මහා වංශයේ සඳහන් වුවද, චිත්‍රපටය තුළ කුවේණියගේ ඇඳුම් සිල්ක් රෙද්දෙන් නිමවා තිබීමෙන් හා ඇයගේ රෝස පැහැති යට ඇඳුම පවා පැහැදිලිව පෙන්වීමෙන් රෙදි කර්මාන්තයෙන් හා සංස්කෘතිමය වශයෙන් අප මහා වංශයට වඩා ඉදිරියෙන් සිටි බව පෙන්වා දෙයි. එබැවින් මෙම චිත්‍රපටය සැබවින්ම අපට පෙර නොවූ විරූ අභිමානයක් දනවයි.

දැරූ වියදම සලරුවේ පිළිබිඹු වේද.. ?

විජය කුවේණි චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර පවසන පරිදි චිත්‍රපටය සඳහා වැය වී ඇති මුදල මිලියන 50 කි. (සරසවිය/03-05-2012) එහෙත් චිත්‍රපටයේ රූප රාමු දෙස බැලීමෙන් එවැනි පිරිවැයක් දරා ඇති බවක් නොපෙනෙයි. එබැවින් නිෂ්පාදකවරයාට කොකා පෙන්වා සැබෑ අයවැයට පිටින් මිලියන ගණනින් තමාගේ සාක්කුවට දා ගන්නට සුගත් සමරකෝන්ට හැකිවීදැයි සැක සිතෙයි. ජනප්‍රවාදයේ පැවත එන මනස්ගාතයක් වුවද වඩා නිර්මාණාත්මකව කාලය හා අවකාශය පිළිබඳ නිවරදි තක්සේරුවකින් යුතුව මේ සා මුදලක් ආයෝජනය කොට ඉදිරිපත් කළේ නම් ස්වදේශිකයන්ගේ ආගමික ප්‍රතිමා හා ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ ආගමික ප්‍රතිමා සමාන ලක්ෂණ පෙන්නුම් නොකරනු ඇත. ඔවුනොවුන් එකම භාෂාවක් කතා නො කරනු ඇත. ලී පතුරු ගසා සාදා තිබුණු කුවේණියගේ මාලිගාවට නවීන ලී බඩු නොපැමිණෙනු ඇත. කුවේණිය, විජය සමග නිදිවැදුණු දාට පහුවෙනිදා සිට ලී පතුරු මාලිගය වෙනුවට නවීන මාලිගාවක් ඉදිවන්නේ නැත. (ඉදිවුණු අයුරක්- ඒ සඳහා කාලයක් ප්‍රේක්ෂකයාට නොපෙන්වයි) කුවේණියගේ ඇඳුම් සිල්ක් වනු නැත. කුවේණිය සහ දරු දෙදෙනාගේ රාජාභරණ සියල්ල රුපියල් 1000 ටත් අඩු මුදලකට පිටකොටුව පදික වේදිකාවෙන් ලබා නොගනු ඇත. මෑත කාලයේ වෙළඳ පොළට පැමිණි සුළං සීනු(Wind Chimes) මාළිගාවේ එල්ලෙන්නේ ද නැත. කෙසේ හෝ අවාසනාවකට ඒ සියල්ලත් තවත් බොහෝ විහිළු සහගත අඩුම කුඩුම ද සමගින් විජය කුවේණි නිමවා ඇත.

ජනප්‍රවාදයේද, වංශකතාකරුවන් විසින් ලිවීමෙන්ද නිර්මිත විජය- කුවේණි ප්‍රබන්ධය පිළිබඳ පසුකාලීනව පැවත ආ කාංසාවන්ට හේතු භූත වූ කරුණු දෙකක් තිබුණි. පළමුවැන්න නම් විජය, කිසිදු කෙලෙහිගුණයක් නොදක්වා තමාට රටේ නායකත්වය අරන් දුන්නු කුවේණිය එළවා දැමීමයි. දෙවැන්න නම් මදන කුලප්පුව හේතුවෙන් තම වර්ගයා පාවා දුන් බවට කුවේණියට එල්ලවන චෝදනාවයි. චිත්‍රපටය තුළ මෙම කාරණාවන් දෙකට ද පැහැදිලි පිළිතුරක් ගොනු කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා තිබේ.

‘කුවේණිය හෝ මාගේ දරු දෙදෙනා මේ මාළිගයෙන් පිටමං කරනා කිසිදු තීරණයකට මං ඉඩතියන්නේ නෑ. තොපි කැමති වෙන්නත් එපා .. ’
විජය රජු වරෙක රාජ සභාවේදී කියා සිටියි.

‘මාගේ අතින්ම මාගේ වර්ගයා වූ තොපි නසන්නට මට කඩුව දෙන්නට ඉඩසැලැස්සුවේ තොපි’
කුවේණිය තම වරදකාරී හැඟීම එසේ සමනය කරගනියි.

චිත්‍රපටය තුළ කුවේණිය එළවාදැමීමේත්, මදුරාපුරයෙන් කුමාරියක් කැන්දාගෙන ඒමේත් කුමන්ත්‍රණය දියත් කරනු ලබන්නේ උපතිස්ස මහ පඬි පුමුඛ අමාත්‍යවරුන් ය. තමාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත්වන බව දන්නා කුවේණිය පිටුපා යන උපතිස්ස පඬිට කෙළගසයි. අවසාන මොහොතේ තමා මාළිගයෙන් පිටවෙන මොහොතේද ඇය වැළපෙන්නේද, ශාප කරන්නේද විජය රජුට නොව තමා හා විජය බිඳ වූ අමාත්‍යවරුන්ටය. උපදේශකවරුන්ටය. කුවේණිය එළවාදැමූ පසු ඇය ඈතින් ඈතට යනු දකින විජය බෙහෙවින් කැළඹීමට පත්වෙයි. මේ අනුව ‘පාලකයා වැරදි නැත. වැරදිවලට පොළඹවන්නේ වටේ සිටින එවුන්ය’ යනුවෙන් අද දවසේ ඇසෙන කතාවට මෙම සිනමා කෘතිය සමපාතවෙයි.

‘ආයෙත් මේ රටට යුද්ධ ඕන නෑ.. මට ඕන සියලුම දෙනා සමග සාමදානයෙන් මේ රට ගොඩනගන්නටයි’ ඒකාධිපති රාජාණ්ඩු පාලකයෙකු වූ විජය රජු විටෙක කියයි. එහෙත් එය ක්‍රියාවට නංවන්නට සිදු නොවෙයි.

හෙන්රි ජයසේනයන්ගේ ‘කුවේණි’ නාටකයේ තිරය වැසී යන්නේ පොතේ ගුරුගේ පහත වාක්‍ය ඛණ්ඩයත් සමගිනි. එබැවින් තිරය වැසී ගියද ප්‍රේක්ෂකයාට සිතන්නට බොහෝ දේ ඉතිරි කර තබා යන්නට හෙන්රි කල්පනා කළේය.

'බොහෝ දේ සිදුවූ අතීතේ- වැළලිලා ඇත අන්ධකාරේ
පොළෝ පස් යට උනුන් කඳුළැලි
ලෙයත් දහඩිය එකට මුසුවී..'


මහා වංශය නොකී කතාවක් කියන බව පැවසූ සුගත් සමරකෝන් ‘විජය කුවේණි’ චිත්‍රපටය අවසන් කරනු ලබන්නේ ‘වසර 28 ක් රජ කළ විජය රජු දරුවන් නො ලබාම අවසානයේ ජීවිතක්ෂයට පත්විය’යනුවෙන් මහා වංශ කතුවරයා කියන කතා පුවත ම වාක්‍ය ඛණ්ඩයක් ලෙස තිරය මත ප්‍රක්ෂේපණය කිරීමෙනි. මිය යන්නට මොහොතකට පෙර ද විජය රජුට කුවේණිය සහ දරු දෙදෙනා සිහිපත්වීමෙන් තමා පසුතැවෙන බවක් ප්‍රේක්ෂකයාට ගම්‍ය කෙරෙයි. වටේ සිටින්නවුන්ගේ වැරදි උපදේශයන් හා නොමග යැවීම් නිසා හෝ වැරදි කළ පාලකයින් අවසාන මොහොතේ ද විඳවනු ඇතැයි උපකල්පනය කොට ‘එරෙහිවීම’ වෙනුවට ‘හිත හදාගැනීම’ සඳහා මෙම සිනමා කෘතිය බෙහෙවින්ම අගනේ ය.

‘කන්න ඕනෑ වුණු විට කබරගොයාද තලගොයා කරගන්නවා’ යනුවෙන් පුරාණ ගැමි කියමනක් ඇත. අතීතයේ වැරදි නිවරදි කිරීම මේ මොහොතේ යුග අවශ්‍යතාවක් බව වගකිවයුත්තන් පුන පුනා ප්‍රකාශ කරන බැවින් එකී කියමන මෙසේ නිවැරදි කළ හැකිය.

‘කන්න ඕනෑ වුණු විට මහා වංශයද තලගොයා කරගන්නවා’ යනුවෙනි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
READ MORE - Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි - [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර]

රහස් උදවිය වේදිකාවට

Sunday, June 17, 2012

අද දේශපාලනයේ ඉන්ද්‍රජාලිය ගති පෙන්වනවා
පියල් කාරියවසම්

මේ ශෛලියට හැඩගැහෙන්න අමාරු වුණා
කෞශල්‍යා ප්‍රනාන්දු

සමාජ ගැටලු සංකීර්ණ ලෙස කතා කරනවා
අනුෂියා සුබසිංහ

අප දුටු නාට්‍යවලට වඩා තරමක්‌ වෙනස්‌
ගිහාන් ප්‍රනාන්දු

අලුත් නාට්‍යයක්‌.. පියල් කාරියවසම් අවුරුදු පහකට පමණ පසුව වේදිකාවට ඇවිත්... ඒ රහස්‌ උදවිය සමග පියල් මීට කලින් "කොන්තරාත්තුව" කළා. ඉන් පසු "මාස්‌ටර් බිල්ඩර්" ඒ දෙකම පරිවර්තන. භීෂණය පදනම් කරගෙන ඔහු "මට එරෙහිව මම" වේදිකාවට ගෙන ආවා. එය ස්‌වතන්ත්‍රයක්‌. දැන් පියල් ආයෙත් ස්‌වතන්ත්‍ර නාට්‍යයක්‌ කරනවා. පියල් රඟහල දොරකොඩට පිවිසුණේ රහස්‌ උදවිය සමගින්.

රහස්‌ උදවිය කෙබඳු කතාවක්‌ද?

මෑතකාලීන නාගරික මධ්‍යම පාන්තික ජීවිතවල හැලහැප්පීම් ගැනයි කියන්නේ. ප්‍රධාන ලෙසම කාන්තාවන් තිදෙනෙක්‌ ඉන්නවා. ඔවුන්ගේ ජීවිත සහ එක්‌ පිරිමි චරිතයක්‌ වටා මේ නාට්‍යයේ ගැටුම ඇරඹෙනවා. මේක සමාජ දේශපාලන යථාර්ථය විවරණය කරන්න දරන උත්සාහයක්‌. චරිත හතරයි තියෙන්නේ. සංවාද වගේම සාම්ප්‍රදායික ගායනයන් පාවිච්චි කරනවා. ජනකතා, ජනකවි, දින සටහන්, හැන්සාඩ් වාර්තා උපයෝගී කර ගන්නවා.

ඒ කියන්නේ මේ නාට්‍යයේ ආකෘතිය වෙනස්‌?

ඔව්. කතාකරන ගමන්ම සමාජ දේශපාලනික යථාර්ථය හා රංගනය තුළින් නාටකීය සෞන්දර්යවේදයත් යොදා ගන්නවා. ඒ සඳහා එක්‌තරා ආකාරයක ඉන්ද්‍රජාලිය ස්‌වභාවයක්‌, කාලය හා අවකාශය ඉක්‌මවා යන ඉන්ද්‍රජාලික ස්‌වභාවයක්‌ කාලය හා අවකාශය ඉක්‌මවා යන ඉන්ද්‍රජාලික ස්‌වභාවයන් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා.

මොකද්ද මෙහි තිබෙන අමුත්ත?

වේදිකාවේ විවිධ හඬවල් ඒ කියන්නේ කෙනෙක්‌ගේ ඇස්‌ දෙක ගැන විස්‌තර කරද්දී තවත් කෙනෙක්‌ ඒ ඇස්‌ දෙක තුළ හැම්ලට්‌, මැක්‌බත් වැනි චරිත දකිනවා. අද දවසේ දේශපාලන යථාර්ථය ඉස්‌මතු කරන්නයි එය යොදා ගන්නේ.

මේ නාට්‍යය තුළින් දේශපාලනික පණිවිඩයක්‌ද ගෙන එන්නේ?

ඔව්. අපේ රටේ ගතවන මොහොත මේ තුළින් සාකච්ඡා කරනවා.

අපේ රටේ දේශපාලනයත් ඉන්ද්‍රජාලිකයි කියාද ඔබ කියන්නේ?

ඔව්. අද දවසේ දේශපාලනික තත්ත්වය ඉන්ද්‍රජාලිකයි. සතුරා මිතුරා වෙන්කර ගන්න බැරි තත්ත්වයක්‌ පවතින්නේ. අපේම ඝාතකයා එක්‌ක පාවා දෙන්නා එක්‌ක එකට ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙනවා. මේ කරුණ මම නාට්‍යයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා.

මේ ඔබේ නාට්‍යයක්‌ එන්නේ අවුරුදු පහකට පසුව. ඇයි මේ කාල පරතරය?

නවකතාව, කෙටිකතාව තුළින් මගේ ප්‍රකාශන මාධ්‍යය කරනවා. මූල්‍යමය ලෙස දුෂ්කරයි නාට්‍යයක්‌ කරන්න. පුහුණු කරන්න ශාලා නැහැ. උපකරණ තබාගන්න තැනක්‌ නැහැ. නළු නිළියෝ වෘත්තීයමය ලෙස ටෙලිනාට්‍යවල රඟපානවා. ඔවුනුත් ජීවත්විය යුතුයි. ඒ නිසා නිෂ්පාදනයක්‌ කරන එක මඟහැරුණා.

දැන් මේ තත්ත්වය මඟහැරිලද?

නෑ. ඒ තත්ත්වය එහෙමම තියෙද්දී නොකර බැරි නිසායි නාට්‍යයක්‌ කරන්නේ.

නළුනිළියන් රඳවා ගැනීම අභියෝගයක්‌?

ඔව්. විශාල අභියෝගයක්‌. රෑ නවයේ ඉඳලා දොළහ වෙනතුරු අපි පුහුණුවීම් කරනවා. ඒ අයත් ජීවත් විය යුතුයි නේ. එනිසා අපිට දොස්‌ කියන්න බැහැ. නළුනිළියන් රඳවා ගැනීම වගේම නාට්‍යයක්‌ පවත්වාගෙන යැමත් හරිම වෙහෙසකරයි. මේ බාධක සමග තමයි අපි මේ නාට්‍යය කරන්නේ. මේක වේදනාකාරී අත්දැකීමක්‌.

මම මේ පියල් සමග කරන තුන්වැනි නාට්‍යය. ඉතාමත් කැමැත්තෙන් වැඩ කරන අධ්‍යක්‍ෂවරයෙක්‌. සමාජයේ ඇති ගැටලු, දේශපාලනික වටපිටාව මත තමයි පියල්ගේ නාට්‍ය පිහිටන්නේ. නාට්‍යකරුවන් ලෙස දේශපාලනය, සමාජ අඩුලුහුඬුකම් ගැන අපට කතාකරන්න බැහැ. ඉතින් එවන් කරුණු කතාකරන අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ එවැනි චරිත රඟපාන්න ලැබීම ලොකු දෙයක්‌. මේ නාට්‍යය මට හරිම වැදගත්.

පියල්ගේ නාට්‍යයක රඟපාන්න මම හුඟකලක ඉඳලා කැමැත්තකින් හිටියේ. මේ මම ඔහුගේ නාට්‍යයක රඟන පළමු අවස්‌ථාව. මීට කලින් පියල් කළ නාට්‍යවලට වඩා මේ නාට්‍යයේ රචනය, නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටිනවා. මේ ශෛලියට හැඩගැහෙන්න මට අපහසු වුණා. ඒත් දැන් කරගෙන යනවා. අපේ නාට්‍ය කලාවට මේ ශෛලියෙන් වෙනසක්‌ වෙයි කියා හිතනවා. අපි රඟපාන්නේ අහවල් චරිතයයි කියලා කියන්න බැහැ. එය එක එක්‌කෙනා දකින හැටි වෙනස්‌.

මේ නාට්‍යයෙන් සංකීර්ණ දේවල් ටිකක්‌ ගවේෂණය කරනවා. සමාජයේ ගැටලු සංකීර්ණ ලෙස කතා කරනවා. අපේ සමාජ දේශපාලනික අදහස්‌ ප්‍රකාශ කරන්න තියෙන හොඳ මාධ්‍යයක්‌ තමයි නාට්‍ය. නළු නිළියන් ලෙස අපි දේශපාලනය කරන්නේ කෙළින්ම නොවේ. අපේ අදහස්‌ එන්නේ වේදිකාව තුළින්. මම මේ සමාජ දේශපාලනික තත්ත්වය ගැන දරන මතය හෘදයසාක්‍ෂියක්‌ ඇතිව මේ නාට්‍ය තුළින් ඉදිරිපත් කරන්න පුළුවන්. නිද්‍රdශීලී සමාජයක්‌ සමග සිටිද්දී අපි යන්ත්‍ර බවට පත්වෙලා එකම ස්‌ත්‍රියකගේ කාල වකවානු තුනක්‌ ස්‌ත්‍රී චරිත තුනකින් ඉදිරිපත් කරනවා කියලත් කියන්න පුළුවන්.

මේ මොහොතේ අපේ රටේ තිබෙන දේශපාලනය, ජනවාර්ගික ප්‍රශ්න ගැන ස්‌වීය රචනා නොවන තරම්. පවතින ක්‍රමය යටතේ ස්‌වීය රචනාවක්‌ ලියුවොත් වාරණය වේවි කියන බිය තියෙනවා. ඉතින් "රහස්‌ උදවිය" විවිධ චරිත නිරූපණය කරන නාට්‍යයකට වඩා මේ මොහොතේ ඇති සමාජ අර්බුද ගැනයි කතා කරන්නේ. වෙනත් නාට්‍යවල වගේ සියුම් චරිත මතුකරනවාට වඩා නාට්‍යමය ස්‌වරූපයෙන් ප්‍රකාශනයන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක අපිට අභියෝගයක්‌. මෑත කාලයේ කළ නාට්‍යවලට වඩා තරමක්‌ වෙනස්‌ නාට්‍යයක්‌... පහසු නැහැ.


අජිත් අලහකෝන්

Divayina
READ MORE - රහස් උදවිය වේදිකාවට

ලංකා ආට් ඩයරියට රෙඩියෝ මොකටද...?

Saturday, June 16, 2012


READ MORE - ලංකා ආට් ඩයරියට රෙඩියෝ මොකටද...?

දෙයියෝ........ කරන දෙයක් පරිස්සමින්.....


READ MORE - දෙයියෝ........ කරන දෙයක් පරිස්සමින්.....

සමනළියක් තනිවෙලා.....

‘භාග්‍යා’ ජූනි කලාපය නිකුත් වේ!


නැවුම් සඟරාමය ආස්වාදයක් පාඨකයාට ලබා දෙනු පිණිස පළවන ‘භාග්‍යා’ මාසික සඟරාවේ අලුත්ම කලාපය දැන් නිකුත් වී ඇත. දක්ෂ ලේඛක ලේඛිකාවන් වන තරංගා දිසානායක (ප්‍රාර්ථනා සිහිනේ), ඇන්ටන් ප්‍රසාද් සමරනායක (කළු නැට්ටුක්කාරි), ජෝජ් රොබ්සන් ද සිල්වා (සමනළියක් තනිවෙලා), සංජීවනී අටුළුගම (සඳක් සේ පායා) ලියන රසබර නවකතා ‘භාග්‍යා’ සඟරාවට ඇතුළත් වෙයි.


READ MORE - සමනළියක් තනිවෙලා.....

‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී


‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී

මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් සිංහල නාට්‍ය ඉතිහාසය (1867 සිට 1911 දක්වා) අළලා ලියන ලද ‘සිංහල නාට්‍යයේ විකාශනය’ නම් වූ ග්‍රන්ථයේ තෙවැනි මුද්‍රණය පසුගියදා එළිදුටුවේය. මහාචාර්ය කාරියවසම් සිංහල නාට්‍ය ඉතිහාසය අළලා මෙහි ඉතිරි කොටස් දෙක ද මීට ඉහත ලියා ඇත. ‘විසි වසරක නාට්‍ය හා රංග කලාව‘ (1911 – 1931), ‘විසිපස් වසරක නාට්‍ය හා රංග කලාව‘ (1932 – 1956) එම කෘති දෙකය. මේ සියලු ග්‍රන්ථ මරදානේ එස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන වන්නේය.
READ MORE - ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී