----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

වර්තමානයේ නර්තන කලාව ජිම්නාස්ටික්කරණය වෙලා

Monday, February 21, 2022








ලොව ඇති පැරණිතම නර්තන සම්ප්‍රදාය ලෙස හැඳින්වෙන 'භරත නාට්‍යම්' දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආරම්භ වී ඇති බව සඳහන්.' භරත 'යන වචනය භාව, රාග සහ තාල යන පදවලින් සකස් වී ඇති අතර මෙය ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරන නර්තන සම්ප්‍රදායක් ලෙස සැලකෙනවා.ලංකාවේ ප්‍රථම භරත නාට්‍යම් ශිෂ්‍යයා සහ ගුරුවරයා ලෙස සැලකෙන්නේ ජයත කරුණාසේකරයි. බෙල්වුඩ් ගම්මානයෙන් බිහිවූ මුල්ම පරපුරේ නර්තන ශිල්පියකු වන ඔහු රබන් කරකැවීමේ සුවිශේෂී හැකියාවක් ඇත්තෙකි.

 

අපි මුලින් ම ඔහුගේ ළමා විය ගැන කතා කළා.

“ මං තුන වසරෙ ඉගෙනගන්න කාලෙ ප්‍රසංගයකට යන්න අයියල දෙන්නට නැටුමක් උගන්නකොට මාවත් පුරුදු කරන්න කියල ඇඬුවා. ඒ කාලෙ මගෙ පෙරැත්තය නිසාම පඩිවෙළ හෙළ කලායතනයට මාව යොමුකළේ උඩරට නර්තනය හදාරන්න. ඒ එඩ්වින් චාල්ස් ගුරුතුමා යටතේ. ඉන්පසුව මට ඕන වුණේ රබන් කරකවන්න. මුලින් ම ගෙදර තිබුණ තේ බන්දේසියක් කරකවල තමයි පුරුදු වුණේ. ඒ ගැන දැනගත්ත ප්‍රේමා විජිතසේන ගුරුතුමිය ඇය ළඟ තිබ්බ කැඩිච්ච රබානක් මට ලබා දුන්නා. කොහොම හරි දෙමව්පියන්ගේ එතරම් කැමැත්තක් නැතුව වුවත් මම පුංචි කාලෙ සිටම නර්තනයේ යෙදුණා.කුලියාපිටිය මහ විද්‍යාලයේ සිට උසස් පෙළ සඳහා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණායින් පසුවත් විද්‍යා විෂයයන් හදාරන අතරතුරේ වුණත් මගේ වැඩි කාලයක් වෙන් වුණේ නර්තනය සඳහායි.”

උසස් පෙළින් අනතුරුව තරුණ සේවා සභාවෙ බෙල්වුඩ් ආයතනයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වු 9000ක් පමණ පිරිසෙන් තෝරාගත් පිරිමි ළමුන් පස් දෙනා අතරට සුදුසුකම් ලැබීමට භාග්‍යවන්ත වූ ජයත කරුණාසේකර වසර පහක් බෙල්වුඩ් ආයතනයෙන් ලබාගත් දැනුමත් දේශීය සහ විදේශීය අත්දැකීම් ඔහුගේ නර්තන ලෝකය වර්ණවත් කරගැනීම පිණිස ඉවහල් කරගත්තා. දකුණු ඉන්දීය නර්තන සම්ප්‍රදාය අතර ලංකාවෙ වැඩිපුරම ප්‍රචලිත වී තිබෙන්නේ භරත නාට්‍යම් වන අතර කතක් , කතකලි සහ මණිපුරි සම්ප්‍රදායන් ද දකින්න පුළුවන්. පොළොන්නරුව යුගයේ පටන් ලංකාවේ භරත නාට්‍යයම් පැවති බවට සාක්ෂි සහිතව තහවුරු වී ඇති පසුබිමක භරත නාට්‍යම් කලාව වෙනුවෙන් ඔහුගේ කැපවීම අගය කළ යුතුයි.

"භරත නාට්‍යම් හි පළමු ශ්‍රී ලාංකේය ගුරුවරිය වන්නේ පද්මිණී දහනායකයි.පළමු පිරිමි නර්තන ශිල්පියා සහ ගුරුවරයා වන්න මට හැකියාව ලැබුණා.ලාෆීර් සහීර් කියන මුස්ලිම් ගුරුවරයාගෙන් මම භරත නාට්‍යයම් අත් පොත් තැබුවා.පසුව මහනුවර භරත ක්ෂේත්‍ර නාට්‍යාලයම් ආයතනයේත් ඉන්දියාවේ භරත චූඩාමණී ආයතන­‍ෙයදිත් වැඩිදුර හැදෑරීම් කළ පසුව 1991 වසරේ මහරගම යොවුන් රඟහලේ දී මගේ අරංගේත්‍රම් ප්‍රසංගය සිදු කළා. ඒ වගේ ම ලංකාවේ රබන් කැරකවීම තුළින් වාර්තාවක් පිහිටුවීමට මට හැකියාව ලැබුණා. ඒ 14 ක් වන වැඩිම රබන් ගණනක් කැරකවීමෙන්. රජයේ උඩරට නැටුම් ගුරු පත්වීමක් ලැබීමත් සමඟ පාසල් කීපයක රාජකාරී කළත් කාර්යබහුලත්වය මත මම ඊට සමුදුන් නමුත් නර්තන පන්ති පැවැත්වීම අඛණ්ඩව සිදු කළා.”

ඔහු පවත්වන​ නර්තන පන්ති පිළිබඳව විමසන්නත් අපි අමතක කළේ නැහැ.

“ලංකාවෙ ප්‍රවීණ කලාකරුවන් රැසක් නැටුම් ,සංගීතය සහ නාට්‍යය කලාව පිළිබඳව උගන්වන සරසවි පායේ නර්තන පන්ති දිගු නිහැඬියාවකින් පසුව ජනවාරි මස අග ආරම්භ කළා. මගේ කුලියාපිටිය නිවසේ පවත්වාගෙන එන ජයසංඛ රංග කලා පදනමට දැන් වසර තිස් පහක් සම්පූර්ණයි. දැනට කොළඹ, කුරුණෑගල, ගම්පහ, නුවර යන නගරයන්හිත් භරත නැටුම් පන්ති පැවැත් වෙනවා. ඉන්දියාවෙ ශාන්ති නිකේතනය වැනි ගුරු ගෙදර ක්‍රමවේදයේ අධ්‍යාපන ආයතනයක් අජන්තා නිකේතනය යන නමින් මා විසින් පවත්වාගෙන යනවා. එහි දී මාස තුනක් නේවාසිකව සිටිමින් නර්තනය හැදෑරිය හැකියි.”

මේ සුවිශේෂී කලාකරුවාගේ සේවාව අගයමින් වයඹ පළාත් සභාවෙන් භරත චූඩාමණී ගෞරව නාමයත් ඉන්දියාවෙන් නාට්‍ය කලා චූඩාමණී ගෞරව නාමයත් පුද කෙරුණා. ජයත කරුණසේකරගේ නර්තන දිවියට වසර 25ක් සපිරීම නිමිත්තෙන් 2015 වසරේ දී පැවැත්වූ ඉන්ද්‍රාභානී ප්‍රසංගයේ මතකය ඔහු ආවර්ජනය කළේ මෙලෙසයි.

”මෙහි දී අමරදේවයන්ගේ ගීත දොළහකට විවිධ ශෛලියේ නර්තන හා රංගනයන් ඉදිරිපත් කළා. ජනප්‍රිය නිළියන් වන උමයංගනා වික්‍රමසිංහ, දිලිනි ලක්මාලි, වොල්ගා කල්පනී යන තිදෙනාද මට සහය වුණා.”

ලෝකයේ පළමු වරට ශ්‍රව්‍යාබාධිත දැරිය අරංගේත්‍රම් ප්‍රසංගයක් කළ ජයත් ලංකාවේ වැඩිම භරත නාට්‍යම් අරංගේත්‍රම් ප්‍රමාණයක් සිදු කර ඇති නර්තන ගුරුවරයා ද වනවා. ඔහු දැන් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයටත් පිවිස තිබෙනවා. ඒ ‘ මහේසිකා ‘ ටෙලි නාට්‍යයෙන්.

ප්‍රියානන්ද විජේසුන්දරගෙ කතාවක් ඇසුරින් රත්නසිරි මුණසිංහ විසින් දසුන පත්තරේට ඇන්ද චිත්‍ර කතාවක හිටපු රබන් වාදනය කරන්නාගේ චරිතය එදා ඉඳන් මගෙ හිතේ කොනක හිටියා. ඒ කතාව තමයි දැන් මම අධ්‍යක්ෂවරයෙක් ලෙස ටෙලි නාට්‍යකරණයට පිවිසෙන්න යොදා ගත්තේ. තිර රචනයත්, රංග වස්ත්‍රාභරණත් මා විසින් ම නිර්මාණය කළා. එහි රබන්කරු ලෙස මමත් තාරුකා වන්නිආරච්චි, ක්ලීටස් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, මොරින් චාරුණී ,උමයංගනා වික්‍රමසිංහ මංජුල මොරගහ හා රිචඩ් මානමුදලි වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියනුත් රඟපානවා.

එම ටෙලි නාට්‍යය ඉදිරියේ දී රූපවාහිනියේ ප්‍රදර්ශනය කිරීම ඔහුගේ මීළඟ බලාපොරොත්තුවයි.

ටෙලි නාට්‍යයෙන් අනතුරුව නර්තනය සම්බන්ධ චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. මගේ අම්මාගේ ජීවිත කතාව 'මුතු මැණිකේ' නමින් එළි දක්වන්නත් කවි පොතක් ලියන්නත් බලාපොරොත්තු වෙනවා. මේ දිනවල මායා දමයන්ති යටතේ මම ගායනය හදාරනවා. කලා හැකියාව අපි හැමෝටම තිළිණ කළ මගේ පියාණන් වන නැසීගිය ඩී. එම්. කරුණාසේකරත් නැසීගිය මෑණියන්වත් සෙනෙහසින් සිහිපත් කරනවා. ඔවුන් දෙදෙනාගේ අවසන් කාලයේ ඔවුන් වෙනුවෙන් කාලය වැය කරන්න ලැබීම විශාල සතුටක්. චිත්‍ර ශිල්පී දීගොඩ කුමාර, මාධ්‍යවේදීන් වන තිස්ස කරුණාසේකර සහ සමන්ත කරුණාසේකර සොහොයුරන් ඇතුළු පවුලේ සියලු දෙනාත, මගේ ගුරුවරුන්වත් මං ඉතාම ගෞරවයෙන් මතක් කරන්න කැමතියි.


නිසංසලා-සංගීතා-සමරතුංග

Silumina 2022-02-19

READ MORE - වර්තමානයේ නර්තන කලාව ජිම්නාස්ටික්කරණය වෙලා

නාට්‍යවේදී විජේරත්න වරකාගොඩ සහ නිමල් ජයසිංහ

Saturday, August 17, 2019

READ MORE - නාට්‍යවේදී විජේරත්න වරකාගොඩ සහ නිමල් ජයසිංහ

සරසවි දෙව් ලොව සිට මා දයාබර දූ පුතුන්ට ලියන වග නම්...

Friday, November 11, 2016


පසුගිය නොවැම්බර් 3 වැනිදා මම පින් කෙත හෙළ රන් දෙරණෙන් සදහටම සමුගෙන අසූ අට වසරකට පෙර මා සිටි දෙව් ලොවටමැ පැමිණියෙමි. සකල කලාවටම අධිපතිනිය වූද, 1964 දී සරසවිය පුවත්පත වෙනුවෙන් මා ගැයූ ‘ජගන් මෝහිනී’ ගීතයෙන් අභිවන්දනයට පාත්‍ර කළා වූද සරස්වතී දෙවඟන ඇසුරට යළිදු පත්වීමේ භාග්‍යය අත්වින්ඳෙමි. පින්කෙත හෙළ රන් දෙරණත් එහි මට අනන්ත අපරිමිත ලෙස ආදරය කළ, සම්භාවනාවට ලක් කළ ප්‍රමාතෲ ජනතාව සදහටම හැර දමා පැමිණෙද්දී මසිත ශෝකයෙන් භරිත වූ බැව් අමුතුවෙන් කිව යුතු නැත. එපමණක් ද? අඩසියවසකටත් වැඩිකලක් පුරා මගේ සෙවණැල්ල මෙන් මා පසුපස සිටි, කුඩා දරුවකු පරිද්දෙන් මා රැකබලා ගෙන නිර්මාණ කාර්ය පයුරුපාසනයට මුළු සිතෙන්ම මුළු කයෙන්ම ඊට දැහැන්ගත වැ ව්‍යාවෘත වීමට දිරි දුන් විමලාවන් හැර දමා පැමිණි ශෝකය තවමත් තුරන් වී නොමැත. මා එකල ඕ වෙනුවෙන් ගෙතූ පෙම් කව සේම විමලාවන් මට මන නදන සවියක්මැ විය. එහෙත් මෙකී ශෝකී මමෝභාවය මා හට තුනී කොට ගත හැකි මිත්‍ර සන්ථවයක් මේ දෙව් ලොවදී මට යළිඳු සම්මුඛ විය. කිමද මේ ආශ්චර්ය. කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, චිත්‍රසේන, මහගම සේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, විමල් අභයසුන්දර, අරීසෙන් අහුබුදු, ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ඩී. බී. ධනපාල, එම්. ජේ. පෙරේරා, මා ගුරු මොහොමඩ් ගවුස් මාස්ටර් වැනි සරස්වතී දෙවඟනගේ ‘වරදායක හස්තයේ’ ආශීර්වාද ලැබූ, මට නිබඳවමැ සවියක් වූ උත්තම ගණයේ අප්‍රමාණ කලාකරුවන් දෙව්ලොවදී යළිත් හමුවීම කෙතරම් නම් ආහ්ලාදයක්ද? පුදුමයෙන් ඔවුන් දෙස මා බලා සිටිනු දුටු සරස්වතිය මෙසේ පැවසුවාය.
‘ඉමහත් වූ ඊප්සිතාර්ථයෙන් මනුලොවට යැවූ මේ මහා කලාකරුවන් මා නැවතත් දෙව්ලොවටමැ ගෙන්වා ගත්තේ ඔවුන් මා අපේක්ෂා කළ කාර්යභාරය මනුලොවදී අකුරටම ඉටු කළ නිසා. සාධුගුණෝපේතව බිහි කළ මේ උත්තම කලාව මොන හේතුවක් නිසාවත් ඔවුන් මනු ලොවදී කෙලෙසුවේ නැති නිසා. මගේ වරදායක හස්තයෙන් පින් ඇති සරසවි වරම් දුන් සියල්ලම එහි ගෞරවය දිවි හිමියෙන් රැක ගත යුතුයි. එය යන්තමින් හෝ කෙලෙසූ කිසිවකුට මේ දෙව් ලොවට පය තබන්නට වරම් නැහැ. ඊළඟ භවයේ කලාව උරුම කොට කලාකරුවකුව ඉපදෙන්ටත් එබන්දන්ට බැහැ. ඇයි මට සරසවිය කියන්නේ? සතරසවිය නිසා. මගේ අත් හතරේ මොනවද තියෙන්නේ. එක අතක වීණාව හෝ සිතාරය. උසස් රසඥතාව ඉන් කියැවෙන්නේ. තව අතක පුස්තකයක්. ඉන් කියවෙන්නේ බුද්ධිය, දැනුම, බහුශ්‍රැත බව. තවත් අතක ගිරවා. මෙයින් අදහස් වන්නේ ගිරවුන් ලෙස වාචාලව දෙඩවීම නම් නොවෙයි. ‘වශ්‍යවචෝභාවය’ ඒ කියන්නේ ස්ථාමෝචිත වදන් ඇති බව හා ඕනෑම මනෝභාවයක් නිරවුල්ව නිවැරදිව සන්නිවේදනය කළ හැකි භාෂා කුසලතාව, කථිකත්වය. මේ මොනවා තිබුණත් වැඩක් නැහැ, විනයානුකූල පැවැත්මක් ඇති සත් පුරුෂයෙක් නොවුණොත්. ඒ නිසයි මගේ තවත් අතක නවගුණ වැලක් තියෙන්නේ. මනු ලොව සමහරු සිතා සිටින්නේ කලාව සෙල්ලමක්, පිස්සුවක්, වෙළදාමක් කියලා. කලාවේ නාමයෙන් අයහපත් දෑ සිදු කරන, ජනතාවගේ මනස අවුල් කරන, රසය මොට කරන, ඔවුන්ට මිථ්‍යාව වපුරන ‘කලාවේශධාරීන්’ මරණින් මතු නිරයට යන වග බුදුන් වහන්සේ තාලපුට ගාමීණී නළුවා අමතා දෙසූ බව මේ දිව්‍ය සභාවේ කවුරුත් දන්නවා.’
සරස්වතී දෙවඟන පැවසූ මේ කතාව සත්‍යයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙහිම කලාකරුවා අසපුවක විරාජමාන වන මුනිවරයකු සදිසිය. මනුලොවදී මට හමු වූ සහෘද ජනතාව වගේම මා ද පුහුදුන් මිනිසෙකි. පුහුදුන් මිනිසුන් පරිපූර්ණ නොවේ. එහෙත් එහි ජීවත් වූ අවුරුදු අසූ අට වසරක මා ජීවන සමයේ සරස්වතිය කී ලෙසම කලාවේ ගෞරවය රැක ගනිමින් අසපුවක මුනිවරයකු සේ ජීවත් වීමට උත්සුක වූ බවට මනු ලොව සියලු ජනතාවෝ සාක්ෂි දරති. මේ වූ කලී කෘතපුණ්‍ය වාසනා මහිමයකි. දෙව්ලොව සිට මා මේ ලිපිය ලියනුයේ මගෙන් හා දෙව්ලොව සිටින සෙසු මහා කලාකරුවන්ගෙන් හිස් වූ රික්තයන් පුරවා ගැනීමට නව පරපුරේ දූ පුතුන්ට මඟ පෙන්වා දෙනු පිණිසය.
මා පියාණන්ගෙන් සංගීතයට ඇල්මත්, බුදු දහමත් මට උරුම විය. ලාංකික සභ්‍යත්වය, සංස්කෘතිය මුළුමනින්ම ගොඩනැඟු බෞද්ධ අධ්‍යාත්මය මම මැනවින් වටහා ගතිමි. විශිෂ්ට බුදු ගුණ ගී රාශියක් මා හට බිහි කළ හැකි වූයේ එබැවිනි. මගේ මවු මෙතෝදිස්ත ආගමික කාන්තාවකි. මේ දෙමුහුන් බව නිසා කිතුනු සමයට, කිතුනු ගීතයට ද මම ඇලුම් කළෙමි. කිතුනු ගී ආරෙන් ද ආභාසය ලැබ මම ගීත නිර්මාණය කළෙමි. මා දයාබර දූ පුතුනි, ඔබ ශ්‍රේෂ්ඨ කලාකරුවකු, කලාකාරියක වීමට සිතන්නේ නම් පළමුව තම මවු බස වන සිංහලය හොඳින් උගත යුතුය. කුමරතුඟු මුනිදසුන් ඇසුරෙන් මේ යථාර්ථය මම පසක් කොට ගතිමි. අප පළමුව සිතන්නේ මවු බසින් බැවින් එහි ධාරිතාව වර්ධනය වෙත්ම අපගේ නිර්මාණ කෞශල්‍යය, චින්තනය පෘථුල වේ. මෙකී භාෂා සංවේදීතාව නොමැති කිසිවකු හට උසස් ලාංකේය කලාකරුවකු විය නොහැකිය. ඉක්බිති පාලි, සංස්කෘත භාෂා භාෂාන්තර ඥානය ද පෙරදිග සාහිත්‍යයේ උත්තමාංග වටහා ගැනීමට මා හට ඉමහත් රුකුලක් විය. ඊට සමගාමීව මා ඉංගිරිසි බස ද මැනවින් උගත්තේ හීනමානයෙන් ආවේශිිතව වෙනම පන්තියක බමුණකු ලෙස වැජඹීමට නොවේ. ඉන් උකහා ගන්නා අන්තර්ජාතික ඥාන උල්පත්වලින් මගේ මවු දෙස, බස, රැස සුපෝෂණය කරනු පිණිසය. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, චිත්‍රසේන වැනි විශිෂ්ට කලාකරුවෝ ද මටත් ඉහත පෙන්වා දුන්නේ ඒ දහම නොවේද? පිරුණු කළයක දිය කිසිදා නොසැලෙන බව මම ළමා කල සිටම පසක් කොටගෙන සිටියෙමි.
මොහොමඩ් ගවුස් මාස්ටර් වචනයේ පරිසමාප්ත අරුතෙහිම ගුරු දෙවියෙකි. මා කෙදිනක හෝ එතුමාව අතික්‍රමණය කරන ශිෂ්‍යයකු වන බව ගුරු ගවුස් මාස්ටර් වටහා ගෙන සිටියේය. එහෙත් එතුමා හැකි සෑමවිටම මට මඟ පෙන්වා දිරි ගැන්වූවා මිස මා කපා දමන්නට මඟ අවුරන්නට උත්සුක නොවුයේය. එබඳු ගුරු දෙවිවරුන් මගේ දේශයට වාසනාවන්. සංසාරය නමැති විෂ රුකෙහි අමෘත ඵල ද්වයක් වූ උසස් කලා රස විඳුම හා සත් පුරුෂ ජනයා ඇසුරු කිරීමේ භාග්‍යය මම ලැබුවෙමි. මහාචාර්ය සරච්චන්ද්‍ර, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, චිත්‍රසේන, ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවෝ එකිනෙකාට ආවේණික වූ ස්වාධීන මහා පෞරුෂයකින් හා බහුශ්‍රැතබවකින් විරාජමාන වූහ. ඔවුහු එකිනෙකාට බිය නොවූහ. එකිනෙකා අබිබවා වැජඹීමට උත්සුක නොවූහ. අනෙකාට බිය වී කිසිවකු කපා කොටා දැමීමට උත්සුක වන්නෝ අල්පශ්‍රැතයෝය. මා හා සමකාලීනවමැ දේශීය සංගීත ආරක් සොයා ගිය එහෙත් මට වඩා දෙටු සුනිල් සාන්තයන් මා වැඩිදුර සංගීත අධ්‍යාපනය ලැබීමට භාරතයට යැවීම සඳහා පිහිට වූ ශිෂ්‍යත්ව අරමුදලට සක්‍රීය ලෙස දායක වීම කෙබඳු නම් ආශ්චර්යක්ද? බුදුන් වහන්සේ දෙසූ පරිදි අන් දක්ෂයකුගේ දියුණුවකදී සතුටු වීමේ ‘මුදිතාව‘ මෙයම නොවේද?
‘සන්නාලියනේ’ ගීතය මා නිර්මාණය කළේ චාරුකේශි රාගයෙනි. ‘ජගන් මෝහිනී’ බිහාග් රාගයෙනි. ‘රත්නදීප ජන්ම භූමි’ ගෞඩ සාරංග රාගයෙනි. ගීත නිර්මාණයේදී මා නිබඳවමැ උත්තර හෝ දක්ෂිණ භාරතීය රාග ඇසුරු කළාට මේවා ඉන්දියානු ගීත යැයි ඔබට කිව හැකිද? මේ ගීතාවලියෙන් උද්වහනය වූයේ සිංහල සභ්‍යත්වයෙහි ගුණ සුවඳ නොවේද? චිත්‍රසේනයන්ගේ නල දමයන්ති මුද්‍රා නාට්‍යයට මා නිර්මාණය කළ ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය සඳහා මා අනුප්‍රාණය ලැබුවේ අපරදිග සංධ්වනියෙනි. (SYMPHONY) දෙලොවක් අතර චිත්‍රපටයෙහි නෙවිල් ප්‍රනාන්දු ගැයූ ‘ගයන ගැයුම්’ ගීතය සඳහා ස්පාඤ්ඤ හා රොක් ඇන්ඩ් රෝල් සංගීතය මම සේවනය කළෙමි. එහෙත් ඒවා ඔබට ඇසුණේ බටහිර ගීත ලෙසින්ද? කොහෙත්ම නැත. මේවා සිංහල ගීත වේ. අප විවිධ සංගීත ප්‍රවණතා ඇසුරු කිරීමේදී ඒවාට යටපත් නොවිය යුතුය. විවිධ සංගීත රැලිවලින් යටපත් වන්නේ තමාට අනන්‍යතාවක්, උපන් දේශයෙහි සභ්‍යත්වය හා සම්ප්‍රදාය අරභයා නිවැරදි අවබෝධයක්, විඥානයක් නොමැති කල්හිය. මා දයාබර දූ පුතුන් සංගීත ලෝකයේ නව්‍ය අත්හදාබැලීම් සිදු කරන විට ප්‍රවේශම් විය යුත්තේ මෙතැනදීය. මහත්මා ගාන්ධිතුමා කළ ප්‍රකාශය ඔබට මතකද? ‘ඔබේ නිවසේ දොර කවුළු විවර කර තබන්න. එවිට ලොව නන් දෙසින් එන සුළං රැලි ඔබ පිස හමා යනු ඇත. එහෙත් ඒ කිසිවකින් ඔබ සෙලවීමට ඉඩ දෙනු එපා’.
මා රන්මුතු දූව චිත්‍රපටය සඳහා ‘පිපී පිපී රේණු නටන’ ගීතය නිර්මාණය කළේ බයිලා, බජව් ගීත ශෛලියෙනි. පෙරදිග සංගීතයට අනුව ඛෙම්ටෝ තාලයෙනි. අපරදිග සංගීිතයෙහි මෙය හැඳින්වෙන්නේ සික්ස් එයිට් රිද්මය ලෙසිනි. රන්වන් කරල් විත්ති කථා චිත්‍රපටයට මා තැනූ ‘ආලෙ බැන්ද මාගෙ පණේ’ මුළුමනින්ම රසනුසුන් බජව් ශෛලියේ ගීතයකි. එහෙත් මෙහි උත්තර භාරතීය පීලු රාගයෙහි ඡායාව තිබෙන බව ඔබ දන්නවාද? මේවා තරුණ දූ පුතුන්ට අවිචාරයෙන් නැටීමට හැදූ ‘චොකා බයිලා’ නොවුණේ එබැවිනි.අපරදිග සංගීතයෙන් යා හැකි උපරිමයට ගොස් මා එතැනින් නතර වූයේ අපරදිග සංගීතය ගැන මට අවබෝධයක් නැති නිසා යැයි අල්පශ්‍රැතයන්ට සිතෙනු ඇත. මා එසේ කළේ මන්ද? මේ සීමාව පැන ගියහොත් එය සිංහල නොඑසේ නම් ලාංකේය ගීතයක් නොවන නිසාය. නාදය (MELODY) ආත්ම කොට ගත් සංගීතය මනස දියුණු මිනිසුන් උදෙසාය. රිද්මය (RHYTHM) ආත්මය කොට ගත් මනසට පීඩා දෙන ඝෝෂාව මනස දියුණු නැති ප්‍රාථමික ජනකොටස් උදෙසා බව ඔබ සැම දත යුතුය. මධ්‍ය ලයෙන් මා බහුලව ගීත නිර්මාණය කළේ එය සාමාන්‍ය මිනිසකුගේ හෘද ස්පන්දනයට (විනාඩියට වාර 72 යි) සාම්‍යය නිසාවෙනි. මගේ ගීතවලින් මනස සුවපත්වීමේ රහස එය වේ.
මට ඉහත ශ්‍රේෂ්ඨ කලාකරුවෝ දෙදෙනෙක් ලාංකේය සංගීත සම්ප්‍රදායක් බිහි කිරීමට ප්‍රයත්න දැරූහ. ආනන්ද සමරකෝන් පළමුවැන්නාය. ඔහු බෙංගාල (වංග) සංගීතය හා දේශීය ජනනාද රටා මුසු කොට දේශීය සංගීත සම්ප්‍රදායක් ගොඩනඟනු පිණිස සාරවත් අත්හදා බැලීම් සිදු කළේය. සමරකෝනුන් අකාලයේ අපෙන් සමුගත් බැවින් ඒ ගමන අතරමඟ ඇනහිටිණ. දෙවැන්නා සුනිල් සාන්තය. ඔහු හෙළ ගී ආරෙන්, කතෝලික ගී ආරෙන් හා අපරදිග සංගීතය ඇසුරෙන් දේශීය සංගීත සම්ප්‍රදායක් බිහි කරලීමට අත්හදාබලමින් සුලකළ කුරු මියුරු ගී ඵල අපට ඉතිරි කළේය. ප්‍රතිපත්තිමය හේතුවක් මත ගුවන් විදුලියෙන් කලකිරී සුනිලුන් මේ සියල්ලෙන් දුරස්වීම පිරිමැසිය නොහැකි පාඩුවක් විය. මේ අනුව ලාංකේය සංගීතයක් බිහි කිරිමේ භාරදූර කාර්යය නිරායාසයෙන්ම හුදෙකලාවම මා අතට පත් විය. ලාංකේය අප ප්‍රාචීන හෙවත් පෙරදිග ජාතියකි. අපරදිග මහා සංගීත සම්ප්‍රදායට වඩා පෙරදිග මහා සංගීත සම්ප්‍රදාය මෙහිදි මා තෝරා ගත්තේ එබැවිනි. බුදු දහම ඇතුළු අප සභ්‍යත්වයේ සෑම අංගයක්ම වැඩුණේ භාරතයේ ආභාසයෙනි. දේශීය ජන සංගීතයෙහි යා හැකි උපරිම දුර දක්වා මම ගමන් කළෙමි. එය චූල සම්ප්‍රදායකි. මේ චූල සම්ප්‍රදායේ ස්වර පරාසයේ සීමා ජය ගනු වස් මම පෙරදිග උත්තර භාරතීය සංගීතය නමැති මහා සම්ප්‍රදායේ පිහිට ලැබුවෙමි. අපරදිග මියුස් දෙවියන්ට වඩා පෙරදිග සරස්වතී දෙවඟන අපට සමීපය. පෙරදිග අප ආධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් උපන් ජාතීන්ය. අපරදිග ජනයා මුල්තැන දුන්නේ භෞතික සංවර්ධනයටය. පෙර අපර දෙදිග අතර මිත්‍රසන්ථව තිබුණත් මේ දෙමඟට කිසිදා එක් විය නොහැකි විය. ‘WEST WILL NEVER MEET EAST’  යන කියුම බටහිර විචාරකයන් ද පිළිගෙන ඇත.
පෙරදිග පණ්ඩිත් රවි ශංකර් හා අපරදිග යෙහුඩි මෙනුහින් ද පෙරදිග පණ්ඩිත් රවි ශංකර් හා අපරදිග ද බීට්ල්ස් කණ්ඩායමේ ජෝර්ජ් හැරිසන් ද එක්ව වාද්‍ය ප්‍රසංග පැවැත්වීමෙන් වරෙක උත්සුක වූයේ පෙර අපර දෙදිග සංගීත සම්ප්‍රදායන් යා කළ හැකි දුර සෙවීමටය. එහිදී එක්තරා දුරකට පැමිණ මේ විශිෂ්ට කලාකරුවන්ට නතරවීමට සිදු විය. තිරස් පෙරදිග සංගීතය හා සිරස් අපරදිග සංගීතය කිසිදා යා නොවේ. ජෝසප් මැක්ලීස් ලියූ ‘THE ENJOYMENT OF MUSIC’ නමැති මාහැඟි ග්‍රන්ථය අවිචාරයෙන් අපරදිග සංගීත ප්‍රවණතාවලට ගොදුරු වී සිටින මා දයාබර දූ පුතුන් කියවා බැලිය යුත්තකි. එහිදී මේ දෙමඟේ වෙනස පිළිගෙන ඇත. අපරදිග සංගීතයේ ආත්මය ප්‍රසංවාදයයි. (HARMONY) පෙරදිග සංගීතයේ ආත්මය ප්‍රසංවාදය ප්‍රතික්ෂේප කළ රාග ස්වර සංගතියයි. මම අපරදිග සංගීත ඇසුර මේ සීමාව තෙක් ලැබුවෙමි.
පෙර සසරේ පටන්ම රැගෙන ආ ප්‍රතිභාවත් සරු නිසරු තැන් වෙන් කොට ගත හැකි ව්‍යුත්පත්තියත් සතතාභ්‍යාසයත් ඔස්සේ මෙබඳු කලා ප්‍රාතිහාර්යයක් පෑමට ඉවහල් වූයේ මා තුළ පැවැති නිරවද්‍ය චින්තනය හා දර්ශනය යැයි මට සිතේ. මා සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූදා සිට සමුගන්නා තෙක්ම එක ලෙස නොවෙනස්ව කිසිදු ව්‍යාජ සංගීත ප්‍රවාහයන්ට හසු නොවී සිටින්නට මා මෙහෙයවන ලද්දේ ලාංකේය අනන්‍යතාව මුල් කොට ගත් සංගීත චින්තනය විසිනි.
එදා පූජාවලිය නමැති ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියට දඹදෙණි යුගයේ පැරකුම්බා රජු පුද පූජා හරසර දැක්වූයේය. මෙරට ඉතිහාසය පුරා පහළ වූ මහා ගාන්ධර්වයාණන් ලෙස විද්වත් පර්ෂදයෙහි ඇගැයුම් මට ලැබිණ. මගේ ආදාහනය සිදු කෙරුණුදා පෙරවරුවේ සිට සවස් වනතුරු සොබා දහම වැසි නැමති කඳුළු සලමින් මා වෙනුවෙන් ශෝක වූ බව ඔබ දුටුවාද? එහෙත් සවස ආදාහනය සිදු කරන අවස්ථාවේ කා හටවත් හිරිහැරයක් නොවන්නට වැස්ස තුරල් විය. මගේ ආදාහනයෙන් පසුව රාත්‍රියේ යළිත් සොබා දහම හිතේ දුක නිවෙන තුරු වැසි වසමින් හැඬුවේය. ස්වභාව ධර්මය මෙලෙස කම්පා වනුයේ මේ ලක් මවට සැබෑවටම ආදරය කරන ශ්‍රේෂ්ඨ මිනිසුන් උදෙසා පමණක් බව ඔබ සැම දැන ගත යුතුය.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මගේ දේහයට ගෞරවය දැක් වූ ආකාරය මම දෙව්ලොව සිට බලා සිටියෙමි. මාතෘ භූමියෙහි රාජ්‍ය නායකයාගෙන් එබඳු ගෞරවයක් ලබන්නට තරම් භාග්‍යයක් ලැබුවේ ‘මාගේ දේශය අවදි කරන හඬ’ බවට මා පත් වූ බැවිනි.
පිලිපීනයේ රැමෝන් මැග්සේසයි සම්මානය එදා පිරිනැමුණේ මා අපරදිග හෝ ඉන්දියානු සංගීතයට මෙහෙයක් කළාට නොව ලාංකේය සංගීත ලකුණ අන්තර් ජාතික තලයට ගෙන ගිය බැවිනි. මා නිවැරැදිව කියවීමෙන්, හැදෑරීමෙන් මේ යථාර්ථය මගේ දූ දරුවන් වටහා ගනු ඇත.
මට මෙවන් පෙළහරක් පෑ හැකි වූයේ එකල ජන මාධ්‍ය යාන්ත්‍රණය ප්‍රශස්ත තලයක පිහිටා තිබූ බැවිනි. මාගේ අනාගතය දුරදක්නා නුවණින් දුටු එවකට ලංකාදීප පුවත්පතේ අග සකසු මහා පත්‍ර කලා ගුරු ඩී. බී. ධනපාල සූරීන් අමරදේව ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවා මා හට මුදල් රැස් කර දුන්නේය. ජනතාවගේ මුදලෙන් භාරතයට ගොස් සංගීතය උගෙන ඒ ණය ගෙවා දැමීමට යළි මෙරටට පැමිණි පසු මගේ සංගීත අත්හදා බැලීම්වලට ඉඩකඩ ලබා දුන්නේ එවකට ගුවන් විදුලිය මෙහෙය වූ පසුව ජාතික රූපවාහිනියේ ප්‍රථම සභාපතිවරයා වූ එම්. ජේ. පෙරේරා සූරීන්ය. ඔහු සිංහල, පාලි, සකු, ඉංග්‍රීසි විශාරදයෙකි. එබඳු මාධ්‍ය බලධාරීන් නොසිටියා නම් අමරදේව උපන් ගෙයිම මියැදෙන්නට ඉඩ තිබුණි. මෙකල හා මතු දින ඉපදීමට ඉඩ තිබෙන අමරදේවලා උපන් ගෙයි මියැදීමට ඉඩ නොතැබීම වත්මන් සියලු මාධ්‍ය යාන්ත්‍රණයෙහි වගකීමකි. රටක ජනමාධ්‍ය ක්‍රියාවලියට මොන තරම් විශිෂ්ට සේවාවක් ලබා දිය හැකිද? ධනපාල, එම්. ජේ. වැනි මහත්වරුන් දක්ෂ තරුණ පරපුරක් විවිධ කලා මාධ්‍යයන්ට හඳුන්වා දෙමින් නිහඬ මෙහෙවරක්, දේශීය සංස්කෘතික විප්ලවයක් සිදු කළ මාධ්‍ය ලෝකයේ පතාක යෝධයන්ය. නූතන ජන මාධ්‍ය යාන්ත්‍රණය ඔවුන්ගේ ආභාසය ලබත්වා!
මාගේ වියෝව පිළිබඳ ශෝක නොවන්න. මා පසක් කළේ ලොව නොවෙනස් ධර්මතාවයි. මගේ කාර්යභාරය මම ඉටු කොට අවසන් කළෙමි. දැන් පැමිණ ඇත්තේ දයාබර දූ පුතුන්ගේ කාර්යභාරය ඉටු කිරීමේ කාලය බැව් සිතමි. මට සිදු කරන විශාලම ගෞරවය නම් මා ඉමහත් පරිශ්‍රමයෙන් ඉදි කළ ලාංකේය අනන්‍යතාවයෙන් හෙබි සුභාවිත ගී මඟ දිවි හිමියෙන් සුරක්ෂිත කිරීමය.
මා මිය ගිය පසු ‘ආයෙත් එවැන්නෙක් පහළ වෙන්නේ නැහැ... නැහැ... නැහැ... කියා ප්‍රකාශ කිරීම, ඒ සෘණාත්මක සිතුවිල්ල කෙබඳු රටක වුව ද දියුණුවට අහිතකරය. අපෙන් පසු ඒ යෂ්ටිය අතට ගත හැකි දූ පුතුන් වඩාත් බිහි කිරීමට අවැසි සමාජ පසුබිම සාදා දීම ඊට වඩා උසස් නොවේද?
මා වැනිම මහා ගාන්ධර්වයන් මේ පින් කෙත හෙළ රන් දෙරණේ ඉදිරියටත් පහළ විය යුතුය. එහිලා අනුබලය සපයන කලාව, ජන මාධ්‍ය, අධ්‍යාපනය පිළිබඳ ජාතික රාජ්‍ය ප්‍රතිපත්තියක් ප්‍රමිතිකරණයක් ඉතා අවැසිය. ඉදිරියේ ඉදි කිරීමට යෝජිත අමරදේව සංගීත අසපුවෙහි පළමු කාර්ය එය වුවහොත් ඊටත් වඩා සන්තුෂ්ටියක් තවත් මට නැති. ඊට මගේ නිබඳ ආශීර්වාදය හිමි වේ.
දයාබර දූ පුතුන්ට දෙව් ලොව සිට ලියන මේ දීර්ඝ ලිපිය දැන් මම අවසන් කරමි. මනු ලොවදී මා කළ අවසන් ප්‍රකාශය අනුව මට දැන් අවැසි බුදු හිමි සෙවණේ සිහිල ලැබීමටය. එස්. මහින්ද හිමිගේ පබැඳුමක් සංගීතවත් කරමින් එදා මා ගැයූ මේ ගීත ඛණ්ඩය මගේ දූ දරු පිරිස යළි යළිත් සිහිපත් කරත්වා!
‘ජාතිය රන් විමනක් වේ
ආගම මිණිපහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ’
මීට
ශ්‍රී ලංකා මාතෘ භූමියට
සදා හිතැති
අමරදෙව්
සරසවි දෙව්ලොවින් මාතෘ භූමියට පතිත වූ මේ ලිපිය ඉමහත් ගෞරවයෙන් සියලු ජනී ජනයා වෙත ලියා දැක්වූයේ
ආචාර්ය නුවන් නයනජිත් කුමාර
සේයාරුව - සරත් පෙරේරා  

අනගාරික ධර්මපාලතුමන්ගේ ආභාසය ලැබ යූස්ටස් රෙජිනෝල්ඩ් එදිරිවීර සරච්චන්ද්‍ර බවටත් මොරිස් ඩයස් චිත්‍රසේන බවටත්, ජෝර්ජ් විල්ෆ්‍රඩ් ආනන්ද සමරකෝන් බවටත් ජෝසප් ජෝන් සුනිල් සාන්ත බවටත් පත් වෙද්දී සරච්චන්ද්‍රයෝ මා හට සදුපදේස ලබා දෙමින් ඉන්දියාවට යෑමට පෙර මගේ ‘ඇල්බට්’ නාමය වෙනුවට ‘අමරදේව‘ නම තැබූහ. ශ්‍රේෂ්ඨ කලාකරුවා අන්තර් ජාතික තලයට පිවිසිය යුත්තේ මාතෘ භූමියේ අනන්‍යතාව, ප්‍රෞඪත්වය විදහාපාමින් බව සරච්චන්ද්‍රයෝ මට කියා දුන්හ. දේශීය අක්මුල් නොහඳුනන කළු සුද්දන්ට ලංකාවේ කළ හැකි විප්ලවයක් නොමැත. මා දිවි හිමියෙන් සුරැකි මේ දහම මගේ දයාබර දූ පුතුන් වටහාගෙන තිබේද? නොතිබේ නම් අද සිට හෝ වටහා ගත යුතුය. උපන් පොළවේ ශක්තිමත් ලෙස සවි වූ දෙපාවලින් යුතුව මම විශ්වය දෙස හිස ඔසවා බැලීමි. කුඩා සිරුරකින් හෙබි මා පතාක යෝධයකු ලෙස ලාංකේය ජනතාවට පෙනෙන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය. තමා උපන් පොළවේ සම්ප්‍රදාය, සභ්‍යත්වය සාකල්‍යයෙන් වටහා නොගෙන කිසිදා යෞවනයකුට සැබෑ නූතනවාදියකු විය නොහැකිය. සම්ප්‍රදායට, සභ්‍යත්වයට හානි සිදු නොකර එය කාලානුරූපව වෙනස් කොට ගත හැකි වන්නේ සම්ප්‍රදාය මහත් පරිශ්‍රමයෙන් හදාළ නූතනවාදියකුට පමණි. ගීතය ගේය කාව්‍ය රචනය, ස්වර සංරචනය හා සුගායනය ඈ අංගත්‍රයෙන් සුසැදුණු වෙසෙස් කලා මාධ්‍යයකි. එනම් ගීතය සාහිත්‍යයේත්, සංගීතයේත් මනා සංසර්ගයෙන් උපන් සුජාත ප්‍රත්‍රයෙකි. ගේය කාව්‍ය රචනයෙන් ගීතයේ භාෂාත්මක අනන්‍යතාව සුරැකේ. සිංහල භාෂාවෙන් පබැඳුණේ නම් එය සිංහල ගීතයකි. මේ බස සංකර කිරීමෙන් ගීිතයෙහි අනන්‍යතාව පලුදු වන බැව් මා අමුතුවෙන් කිව යුතුද? අනන්‍යතාවක් නැති ගීතය විකෘතියකි. සංගීතය විශ්ව භාෂාවක් බව සැබවි. එනම් භාෂා භේදයකින් තොරව මමෝභාවයන් ජනිත කරවන ඉසියුම් කලාවකි. එහෙත් මේ උසස් සංගීත භාවිතාවෙහි දිස් වන අනන්‍යතාව ද ස්වරූප ද්වයකින් සමලංකෘත වේ. සංගීතවේදියා උපන් දේශයෙහි අනන්‍යතාව ඉන් එකකි. දෙවැන්න ලොව මිනිසුන් යා කෙරෙන අනන්‍යතාව වේ. මා සියලු ගීත නිර්මාණය කළේ මෙකී ද්විවිධ අනන්‍යතාවන් සුගෝපිත කිරීමෙන් බව දයාබර දූ පුතුන්ට නොපෙනේද?

READ MORE - සරසවි දෙව් ලොව සිට මා දයාබර දූ පුතුන්ට ලියන වග නම්...

ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි

Saturday, September 6, 2014

විතය නැවත පටන් ගනිමු

ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි
ඇ න්ඩෘ ජයමාන්නයන් ගැන මා අසා තිබුණේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේදී. ටයිටස් තොටවත්තයන්ගේ ‘හාරලක්ෂය’ සහ ‘තෙවත’ කෙටි චිත්‍රපට තුන නිසා ඇන්ඩෘ ජයමාන්නයන්ගේ කැමරා අධ්‍යක්ෂණය ගැන අපි පාසල් යද්දී කතා කරන්නට පෙළඹුණා. අපි ඊට කලින් කැමරා අධ්‍යක්ෂණය කියලා සිනමාවේ විශේෂිත ක්ෂේත්‍රයක් ගැන කතා කරන්නට පෙළඹිලා හිටියේ නැහැ. හාරලක්ෂයේ වාහන දෙකක් ලුහු බැඳීමේ ජවනිකාවත්, එක් වාහනයක් රික්ෂෝ රථයක ගැටීමත් පිළිඹිබු කෙරෙන ජවනිකාව මේ චිත්‍රපටය නැරඹූ හැම සිනමා රසිකයෙක්ගේම මතක සටහන් අතර අදත් රැඳී පවතිනවා. සිනමා අධ්‍යක්ෂවරයාගේ අදහස කැමරා ශිල්පියාගේ රූප සටහනෙන් අර්ථ ගැන්වූ ප්‍රබල සිහිවටනයක් ලෙසින් එම ජවනිකාව විචාරක ප්‍රසාදයට පාත්‍ර වුණා. ටයිටස් තොටවත්තයන්ගේ නිර්මාණශීලිත්වයේ ආනුභාවයෙන් කළ එලි බැස්ස අති දක්ෂ චිත්‍රපට කැමරා ශිල්පියෙක් ලෙසින් ඇන්ඩෘ සම්මානයට පාත්‍ර වුණා. ඊට පස්සෙ ටයි මහත්තයගේ ‘හඳයා’ දක්වාම චිත්‍රපට හැම එකකම පාහේ කැමරා ශිල්පියා බවට පත් වුණේ ඇන්ඩෘ ජයමාන්නයන්.
චිත්‍රපටයක් බලන කොට ඒකෙ කැමරාව මෙහෙයවන්නේ කවුද කියන එකත් රසිකයන් දැන ගන්න උනන්දු වුණේ හැටේ සහ හැත්තෑවේ දශකයේදි. චිත්‍රපටය ගැන ප්‍රචාරණයෙදි ඒ නමත් පෝස්ටරයට ඇතුල් කරන්න චිත්‍රපටකරුවන් පෙළඹෙන කාරණාවක් බවට ඒ ක්ෂේත්‍රය පත් වුණා.
‘බක්මහ දීගේ’ මගේ සිනමා රංගන ජීවිතයේ අමරණීය පළමු චිත්‍රපටයයි. එදා මගේ රංගනය සිනමා කැමරාවෙන් සටහන් තැබුවේ ගම්පෙරළියේ කැමරා ශිල්පි විලී බ්ලේක් වීම මට අමරණීය මතකයක්. ඒ මතකයට නො දෙවෙනි මතකයක් ‘පළගැටියෝ’ වසන්ත ඔබේසේකරයන් වසර දහයකට පසුව මාව යළිත් සිනමා රංගනයට යොමු කළා. ‘පළගැටියෝ’ කැමරාකරණයට වසන්ත තෝරා ගෙන තිබුණේ ඇන්ඩෘ ජයමාන්න වීම නිසා එයත් මට ලොකු සතුටක් වුණා. මොකද හාරලක්ෂයත්, ඉන් පසු තවත් චිත්‍රපට ගණනාවකත් ඔහුගේ සිනමා ඡායාරූපකරණය මම ප්‍රිය කළ නිසා. බක්මහ දීගෙන් පස්සේ කැමරා ඇහෙන් මා දෙස බැලුවේ ඇන්ඩෘ ජයමාන්නයි.
ඒ තමයි මට ඇන්ඩෘ හමුවුණු පළමු දවස වසන්තගේ ගෙදරදී 1978 දී. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මට ගැලපෙන නවක රංග ශිල්පිනියක් සොයා ගන්න වසන්තට පිහිට වුණෙත් ඇන්ඩෘ. සමහරවිට ඇන්ඩෘ වසන්තට දම්මි මුණ නොගැස්සුවා නම්, පළගැටියෝ චරිතය මට අහිමි වෙන්නත් ඉඩ තිබුණා. පළගැටියෝ කරද්දි අධ්‍යක්ෂක වසන්ත තම රූපමය භාවිත අවශ්‍යතාවය ඇන්ඩෘට පවසද්දී, එම ජවනිකාව කැමරා ගත කිරීම උදෙසා ඔහු දක්වන උද්යෝගය, රංගන ශිල්පියෙක් ලෙසින් මට ලොකු අධ්‍යාපනයක් වුණා. එක් අවස්ථාවක මාත්, දම්මිත් බෑග් කරපින්නාගෙන ලෑලි ගැසූ තරප්පු පේලියක් දිගේ උඩට නගින ජවනිකාව ඇන්ඩෘ රූප ගත කළේ ගෝණියක් මත හිඳගෙන කඹයකින් එය ඉදිරියට ඇද ගෙන යන්නට කිහිප දෙනෙක් යොදවමින්. ඒ ජවනිකාව දකින ඕනෑම කෙනෙක් සිතන්නේ එය කැමරා ඩොලියක් යොදා ගෙන සිදු කළ රූප ගත කිරීමක් ලෙසිනුයි. කෘතහස්ත කැමරා භාවිතයක් පළගැටියෝ චිත්‍රපටයේ බොහෝ තැන්වලදි පෙනුණා.
කැමරා ශිල්පියාට අතිරේකව වෙනත් වෘත්තියකුත් ඇන්ඩෘ ‘පළගැටියෝ’ කරද්දි සිදු කළා. ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරුගේ වැඩ කොටසයි. ඔහු ඒ අතිරේක කටයුත්ත නිෂ්පාදකගේ අවශ්‍යතා මත මැනවින් ඉටු කළා. වාර්ෂික සිනමා උත්සව කිහිපයකින් සුදුකළු ඡායාරූපකරණයට හිමි හොඳම කැමරාකරණය උදෙසා ඇන්ඩෘ සම්මානයෙන් පිදුම් ලැබුවා.
1979 ‘හංස විලක්’ චිත්‍රපටය හදන්නට නිෂ්පාදකයෙක් මට මුණ ගැහෙන කොට ඇන්ඩෘ ජයමාන්න කැමරාකරණය සඳහා එක්කර ගන්නට මට සිදුවුණා. ‘පළගැටියෝ’ කරද්දි අප අතර ඇතිවුණු හැඳුනුම්කම හා අවබෝධය මට හංසවිලක් කරද්දි වඩ වඩාත් ප්‍රයෝජනවත් වුණා. ඔහුගේ තාක්ෂණික දැනුම තුළින් පරිනතවීමේ අභ්‍යාසයක් ඒ තුළදි සිදුවුණා. ඒ වන විටත් ඇන්ඩෘ, කොළඹ මල්වත්ත පාරේ, ශාන්ත පාවුළු මධ්‍යස්ථානයේ පිහිටි කතෝලික සිනමා පර්ෂදයේ සිනමා අභ්‍යාස පාඨමාලාව මාසිකව පවත්වාගෙන ගියා අර්නස්ට් පෝරුතොට පියනමගෙ සහ සුසන්ත තිසේරාගේ මෙහෙයවීම යටතේ. එම සිනමා පාඨමාලාවට මම සහභාගි නොවුණත් වසන්ත සමග ඇන්ඩෘ පළගැටියෝ කරපු කාල පරිච්ඡේදම මට පාඨමාලාවක් වුණා. පසුකලෙක ඇන්ඩෘ පැවැත්වූ මෙම පාඨමාලාවට වීඩියෝ කැමරාකරණය හා තාක්ෂණයද එකතු වුණා.
ලංකාවේ එවැනි පාඨමාලාවක පුරෝගාමියා ලෙසින් ඇන්ඩෘ හැඳින්වීම ඔහුට කරන ගෞරවයක් කියා මම හිතනවා, අද හතලිස් විය පසු කරන බොහෝ රූපවාහිනි මාධ්‍යවේදීන් වැඩි දෙනෙක් ඔහුගේ ගෝලයේ කියා කීවාට හිත් රිදෙන එක්ක නැහැ. විවිධ අමාත්‍යංශයන්හි මාධ්‍ය ඒකකයන් ඇන්ඩෘගෙන් දැනුම ලබා ගන්නට ඔහුට ආරාධනා කළා. ශ්‍රී ලංකාවේ පොලීසිය, යුද හා නාවික හමුදාව, රහස් පොලිසිය වැනි ආයතන ගත මාධ්‍ය ඒකකයන්ද ඇන්ඩෘගෙන් දැනුම ලැබුවා. ඔහු ඉන්දියාව, ජපානය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, සිංගප්පූරුව සහ එංගලන්තය වැනි රටවලට ගොස් සිනමා හා රූපවාහිනි මාධ්‍යයේ නව දැනුම සොයා ගත්තා. ලංකාවට පැමිණ තමා දන්නා දේ කෙලෙස හෝ තම සිසුවෙකුට අවබෝධ කර දීමට ඔහු දැරූ වෙහෙස බොහෝ ගුරුවරුන් තුළ දකින්නට නැහැ. ඇන්ඩෘ යටතේ ඉගෙන ගත්ත හැම කෙනෙක්ම පාහේ ඔහුට ගෞරවය පුදන අයුරු මා හැම තැනකදිම දැක තිබෙනවා. ලංකාව පුරා හැම වාර්ගිකත්වයකම ශිෂ්‍යයන් ඔහුගෙන් ඉගෙන ගත්තා. එමෙන්ම විදේශිය මාධ්‍යකරුවන් අප්‍රමාණ පිරිසක් ඔහුගේ සහායෙන් විවිධ වාර්ථාකරණ නිර්මාණය කළා. බීබීසී මාධ්‍යකරුවන් පවා ඒ අතර සිටියා.
‘හංසවිලක්’ චිත්‍රපටය 1979 දී බටහිර ජර්මනියේ මෑන්හයිම් සිනමා උළෙල නියෝජනය කරන්නට අයදුම් පත් යැවුවේ අර්නස්ට් පෝරුතොට පියනම විසින්. ඇන්ඩෘ ඒ සඳහා සිදුකළ මෙහෙවර කියා නිම කළ නොහැකියි. ‘හංසවිලක්’ කැමරාකරණය තම සිසුන්ට අත් පොතක් ලෙස කියා පහදා දෙන්නට ඇන්ඩෘ දැරූ උත්සාහය අප්‍රමාණයි. අර්නස්ට් පෝරුතොට පියනම, නීල් අයි පෙරේරා, සිරිල් බී පෙරේරා, ලෙස්ලි බෝතේජු, විමල් රංජිත් ප්‍රනාන්දු, විජය අබේදේව, රැලෙක්ස් රණසිංහ, බෙනඩික්ට් ජෝශප් පියනම ඇතුළු විද්වතුන් විශාල පිරිසක් මා හඳුනා ගත්තේ ඇන්ඩෘ නිසයි.
ඉන් පසුව මා තැනූ ‘කාන්තාරයේ සිහිනය’ කෙටි චිත්‍රපටයේ කැමරා ශිල්පියාත් ඇන්ඩෘ ජයමාන්නයි. මෙය සිනමාස්කොප් කැමරා භාවිතයෙන් පටිගත කළ චිත්‍රපටයක්. පොයින්ට් පේදුරුවලින් සැතපුම් 18 ක් පමණ ඈතින් පිහිටි මනල්කාඩු නම් වැලි කතරක් සහිත ප්‍රදේශයක අපි මේ චිත්‍රපටය පටිගත කළා. අවාසනාවකට වගේ අද ඒ චිත්‍රපටය ආගිය අතක් නැහැ. ඒක තිබුණා නම් ඔහුගේ පුළුල් තිර කැමරා කෝණ නිර්මාණකරණය ගැන ඔහුගේ සිසුන් දැනුවත් කරන්නට යොදා ගන්නට ඔහුට ඉඩ තිබුණා. ඒ කෙටි චිත්‍රපටයේ නිර්මාණකරණ අත්දැකීම අදත් මෙනෙහි කර බලන විට ඒක මහා දුෂ්කරක්‍රියාවක්.
1980 දී නිෂ්පාදනය කළ ‘තුන්වෙනි යාමය’ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සියයට සියය ණය සහනාධාරයට ශ්‍රේණිගත චිත්‍රපටයේ කැමරාකරණය සහ නිෂ්පාදන කළමනාකරණය මා පැවරුවේ ඇන්ඩෘට. චිත්‍රපටයේ ප්‍රථම රූපාවලියට අඩි 400 ක මැගසින් එකක් යොදා පටිගත කරන්නට සිදු වුණා. පුහුණුවීම් ගණනාවකින් පසු එක්වරින්ම එය පටිගත කරන්නට ඇන්ඩෘ සිනමා ඡායාරූපකරණයේ දැඩ්වූ පරිනත භාවය අදත් ඔබට ඒ චිත්‍රපටය හරහා අවබෝධ කර ගන්නට පිළිවන් වෙනවා. මුළු චිත්‍රපටය පුරාම අඳුර සහ අලෝකය චරිතයන්ගේ ආත්ම ගත ක්‍රියාවලිය හා සමපාත කරන්නට ඔහු දැරූ වෑයම සිනමා අභ්‍යාසකරණයේ යෙදෙන්නන්ට අත් පොතක් වනු නොඅනුමානයි. ආලෝක පාලනය සියුම් ඒකාග්‍රතාවයකින් යුතුව සමස්ත චිත්‍රපටය පුරාම පවත්වාගෙන යාමෙන් ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටයේ සිනමානුරූපී ආත්මය ඔහු දැහැන් ගත කළා.
1982 දී ‘සුද්දිලාගේ කතාව’ පටිගත කරද්දී මා කැමරාකරණය සඳහා පරාක්‍රම ද සිල්වා යොදා ගත්තද මට ඔහු සමග පටිගත කළ හැකි වුයේ චිත්‍රපටයේ අඩක් පමණයි. ඉතිරි අඩක කොටස පටිගත කරන්නට මට උපකාර කළේ ඇන්ඩෘ ජයමාන්නයි. සමහර විට එම චිත්‍රපටයට ඔහු යොදා නොගැනීම පිළිබඳව හිතේ අමාරුවක් ඔහු තුළ තිබෙන්නට පුළුවන් වුණත් ඔහු එම අවස්ථාවේ මා සමග එක් වුණේ මා අවබෝධ කර ගත් හිතෛෂී මිතුරෙකු ලෙසින් පමණයි. මා අධ්‍යක්ෂණය කල ‘හංසවිලක්’, ‘තුන්වෙනි යාමය’ කළු සුදු වර්ණ චිත්‍රපට දෙකක්. ඒ චිත්‍රපට දෙක සඳහාම ඇන්ඩෘ ජයමාන්නයන් නියමිත වර්ෂයන්හිදී හොඳම කැමරාකරණය උදෙසා පිදෙන සම්මානයෙන් පිදුම් ලැබුවා. අඩක් පටිගත කරමින් සහාය ලබා දුන් ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේදීත් ඇන්ඩෘ සමග පරාක්‍රමත් වසරේ හොඳම කැමරා ශිල්පීන් ලෙසින් සම්මානයට පාත්‍ර වුණා.
පසු කලෙක මම ඇන්ඩෘ සමග වීඩියෝ මාධ්‍යයෙන් වාර්තා චිත්‍රපට දහයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළා. ඉන් පසු නිර්මාණකරණයේදී අප හමු නොවුණත් අපගේ මිත්‍රත්වයේ සලකුණු මැකී ගියේ නැහැ.
2005 දී මම මාස තුනක පමණ කාලයක් රෝගීව රෝහල් ගතව හිටියා. එතැන් සිට පියෙකු මෙන් මා රැක බලා ගත් අය අතර සිටි මගේ එකම පියා ඇන්ඩෘ ජයමාන්නයි. ‘ජීවිතය නැවත පටන් ගම්මු ධර්මේ! ඔයාට අපි ඉන්නවා!’ ඒ ඇන්ඩෘගේ හඬයි.
විටින් විට මා දකින්නට, ඔහු මගේ ත්‍රිකෝණියට ගොඩ වැදුණා. තනියෙම ගතකරන ජීවිතයේ වේදනාවන් ඔහු මා හා බෙදා හදා ගත්තා. මා හා නතර වී හිඳින ලෙසින් මා ඔහුගෙන් ඉල්ලා සිටියත්, අන්තිමට ‘ධර්මෙ මම ගිහිං එන්නම්’ කියා ඔහු මීගමු ගියා. මීගමුවේ ඔහු නිතර දකින යාළු මිත්‍රයින්ගේ හා පියතුමන්ලාගේ ප්‍රිය ඇසුර ඔහුගෙ තනිව ගෙවුනු ජීවිතයට ආලෝකයක් ලබා දුන්නා කියා මා හිතනවා. විදෙස් ගතව සිටින දරුවන් හා අවසාන කාල පරිච්ඡේදය ප්‍රීතියෙන් ගෙවන ලෙස මා ඇන්ඩෘගෙන් ඉල්ලා සිටි වාර බොහෝයි. ඒත් වැඩ කරන්නට, නැවත පන්ති පවත්වන්නට ඔහු ආශා කළා. කවුරු හරි ඇවිත් ඔහුට එහෙම යෝජනා කරාවි කියලා ඔහු බලා සිටියා.
කියා ගන්නට බැරි තනිකමකින් හා කළකිරීමකින් ඔහු දවසක මා හමුවන්නට ආවා. ‘ධර්මේ මම ඉතාලියේ පුතාලා ළඟට ගිහින් නතර වෙන්න තීරණය කළා’ කියලා මට කිව්වා. මම එහෙම යෝජනා කළත් එහෙම කිව්වහම මට ඒක දරා ගන්නට බැරි වුණා. ‘ඒක කියල යන්නයි මම ආවෙ’. ටිකක් ඉඳලා කෑම ටිකක් කාලා යන්න කියල මම කිව්වත්, ඉක්මනින් බස් එකක් අල්ලගෙන මීගමු යන්න ඕනෑ කියලා මගෙන් සමු ගෙන ඇන්ඩෘ ඈතට ගමන් කරනවා පාරට බැහැලා මම බලා ගෙන හිටියා.
ත්‍රිකෝණියේ තාප්පය විටින් විට අල්ලමින් පාරට යන තෙක් තිබුණු හැම තාප්පයකටම වාරුවෙමින් ඇන්ඩෘ පාර්ලිමේන්තු පාරට ගිහින් නොපෙනී ගියා.
ලංකාවෙන් යන්න කලින් මේ උතුම් මනුස්සයාට උපහාරයක් දක්වමු. ඇන්ඩෘගේ ගෝලයින් හා මිතුරන් කිහිප දෙනෙක් මගේ මේ යෝජනාවට සහාය දැක්වූවා. ඇන්ඩෘට නොදන්වා අපි මේ උපහාර උළෙල සංවිධානය කළා. 2012 මාර්තු මාසේ 12 වෙනිදා රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ අපි උත්සවය පැවැත්වූවා. දෙසුම් කිහිපයක් අවසානයේ අපි ‘හාරලක්ෂය’ තිරගත කළා. එදා ඇන්ඩෘට අපේ මිත්‍රත්වයේ සෙනෙහස හොඳින් දැනුනා. දරුවන් අතට සතුටෙන් පිය නගන පියෙක් අපි ගොඩ නැගුවා කියලා අපිත් සතුටු වුණා. ඇන්ඩෘ එදා රැයේ හුඟක් සතුටු වුණා.
ලංකාවෙන් පිටව යන පැයේ කටුනායක ඉඳන් මට එවූ අවසාන එස්. එම්. එස්. එකේ ලියා තිබුණේ ‘ධර්මේ තනියෙම ඉන්න එපා කියලයි’. ජීවිතය ගැන කෝටියක් දේවල් ඒ එස්. එම්. එස්. එක ඇතුළේ ලියැවී තිබුණා.
ඉතාලියේ ඉඳන් එවපු හැම ඊමේල් පණිවිඩයකම වගේ අපි නොදුටු ඡායාරූප, විහිළු තහළු, චිත්‍රපට විස්තර, අපිට දකින්නට ලැබුණා. මා වටා සිටි බොහෝ පි‍්‍රයයන් පසු ගිය වසරේ සිට පිළිකා රෝගයෙන් පෙළෙන බව මා ඇන්ඩෘට දන්වා යැව්වා. ඇතැම් අය ජීවිතයෙන් සමු ගත් විටත් ඒ බව ඔහුට දන්වා යැව්වා. ස්වර්ණාගේ අසනීප තත්ත්වය ගැනත් ඔහු නිතර විපරම් කළා. ඇය නැවත චිත්‍රපටයක් කරනවා කියා ඇසූ විට ඇන්ඩෘ අතිශයින් සතුටු වුණා. සුනිලා මිය ගිය බව අසා ඔහු මගෙන් ඇසුවේ ඇයි මෙහෙම වෙන්නේ කියලයි. සුනිලාගේ පුතා සංජයගේ මරණය ගැන අහලත් ඔහු කම්පා වුණා.
මේ වසරේ ජූලි මාසයේ දිනෙක දුරකථනයෙන් මා ඇමතූ ඇන්ඩෘගේ බාල පුතා ‘අන්කල් අපේ තාත්තාට කැන්සර් එකක්. කාටවත් කියන්න එපා’ කියලා ඉකි ගසා හැඬුවා. ඒ පණිවිඩය තවත් කිහිප දෙනෙකුට මට කියන්නට සිදු වුණේ මටත් එය දරා ගැනීමට නොහැකි වූ නිසයි.
ඔහුගේ හිත හැදෙන්නට මම ලිපි කිහිපයක්ම ලිව්වා. ‘ඔබ බැරි දේවල් කරන්න ගිය මිනිහෙක් නෙමෙයි ඇන්ඩෘ. දන්න දේ හොඳින් කරපු මිනිහෙක්. ඒ ටික හොඳටම ඇති ඇන්ඩෘ. කොයි තරම් අපි නොදන්නා දේවල් ජීවිත ඇතුළේ සඟවගෙන අපි මැරිලා යනවද?’
2014 ජූලි මාසයේ 19 වෙනිදා ඇන්ඩෘ ඔහුගේ අවසාන ඊමේල් පණිවිඩය මට එවා තිබුණෙත් එය කාටවත් පෙන්වන්න එපා කියලයි. දරුවන් අතර ඔහු සතුටෙන් ඉන්න බවත් ඉතාලියෙ වෛද්‍ය පහසුකම් ගැනත්, තමා බලන්න එන වෛද්‍යවරයා සහ සාත්තු සේවිකාවගේ උතුම් මනුස්සකම ගැනත්, ප්‍රතිකාර ලබා මාස හයක් තව ජීවත් වෙන්න පුළුවන් වුණත්, ප්‍රතිකාර නොලබා මාස තුනක් පමණක් ජීවත් වීමට තීරණය කළ බවත් ඇන්ඩෘ අවසාන ලිපියේ ලියා තිබුණා. ඔහු මියගිය පුවත ඇසූ සැණෙන් මට හිතුණා ඔහු මට එවාපු ඒ ඊමේල් පණිවිඩය ජීවිතය ගැන කියවන්නට නොදන්නා මිනිසුන් වෙනුවෙන් මුදා හරින්නට. මම මේ වෙනකොට බොහෝ අය වෙත එය මුදා හැරියා For your eyes only  ලෙසින්ම.
හැම දෙනාගේම ජීවිත දෙස, ඉරියව් දෙස කැමරා කාචයෙන් එබී බැලූ ඇන්ඩෘ, ඔබ බලා සිටියා නේද යහපත් මිනිසුන් ඔබ හමුවට ඇවිත් ඇන්ඩෘ සර් අපි අලුතෙන් පන්තියක් පටන් ගම්මු කියලා කියනකන්? හමු වුණේ නැහැ නේද අපට එවන් මිනිසුන්?
මට තනියෙන් ඉන්න එපා කියලා කියපු ඇන්ඩෘ, ඔබත් දැන් හිටියේ නැහැ නේද, ඔබත් අපව අතහැරලා යන කොට එතනදි සිදුවෙන මේ තනිවීම කාටවත් කොහොමවත් නවත්වන්න පුළුවන් එකක් නෙවෙයි කියලා.

http://sarasaviya.lk/2014/09/04/?fn=sa14090447
READ MORE - ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි

මකුළු දැල්

මුද්‍රා පුහුණුවීම්

මහාචාර්ය ආරියරත්න කළුආරච්චි
මේ දවස්වල අලුත් කෘති දෙකක් එළිදක්වන කටයුතු සූදානම් කරමින් සිටිනවා. සරච්චන්ද්‍ර පදනම සමඟ ලබන මාසයේ පවත්වන නාට්‍ය උළෙල වෙනුවෙන් සූදානම් වෙනවා. මම එහි නාට්‍ය දෙකකට රංගනයෙනුත් දායක වෙන්න තියෙනවා. ඒ වගේම මම නිර්මාණය කළ මුද්‍රා නාට්‍යයේ පුහුණුවීම් කටයුතුª මේ දවස්වල යොදා ගෙන තියෙනවා.
මගේ අලුත්ම ගීත දෙක වෙනුවෙන් රූප රචනා කර එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණාම මම රංගනයෙන් දායක වූ මකුළු දැල් ටෙලි නාට්‍යත් මේ දවස්වල විකාශය වෙනවා. එයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

READ MORE - මකුළු දැල්

මල් වඩම් අනවශ්‍යයි බලන්න ආ රසිකාවට සිහිය නැතිවුණා


පි‍්‍රයන්ත රංජන්
පි‍්‍රයන්ත රංජන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘මල්වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය මේ මස 04 වැනිදා බදුල්ල නගර ශාලාවේදී වේදිකා ගතවෙයි. කාලයක පටන් වේදිකා නාට්‍ය සංවිධායකවරයෙක් හා නිෂ්පාදකවරයෙක් ලෙස ප්‍රේක්ෂක හමුවට පැමිණි ප්‍රියන්ත රංජන්ගේ කලා ආගමනයත්, ‘මල් වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය පිළිබඳත් ඔහු ‘සරසවිය‘ට මෙසේ සඳහනක යෙදුණේය.
වේදිකා නාට්‍ය සංවිධායක කටයුතු හා නිෂ්පාදක කටයුතු අමතක කරල ද ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ
හැමදාම එකම භූමිකාවක සිටිය යුතුයි කියලා මා අදහස් කරන්නේ නැහැ. ඒ නිසා මා සංවිධායක කටයුතු වගේම නිෂ්පාදන කටයුතුවල නියැළෙන අතරතුරදිම අධ්‍යක්ෂණයටත් අත්පොත් තිබ්බා. කාලයක පටන් පුරුදු පුහුණු කරගෙන පැමිණි අධ්‍යක්ෂණය කියන අංශයට යොමුවීමේ හොඳම කාලය ලෙස මා දැක්කේ මේ කාලයයි. මේ නිසා මා ඊට පිවිසුණා. ඊට පෙරත් ‘රූකඩ රාජ්ජේ ’, ‘කෝළම් පුරේ’ වගේ වේදිකා නාට්‍ය සඳහා පූර්ණ වශයෙන් අධ්‍යක්ෂණයෙන් දායක නොවුණත් එහි බොහෝ වෙනස්කම් සිදු කිරීමට මට හැකිවුණා. කොහොම නමුත් මට ලැබුණු පිටපත් කිහිපයක් අතරෙන් මා මේ පිටපත තෝරා ගත්තා.
“මල්වඩම් අනවශ්‍යයි” වේදිකා නාට්‍යයෙහි පිටපතෙහි තිබෙන විශේෂත්වය කුමක්ද?
ක්ලයිව් මාට්ස් කියන පිටපත් රචකයා මට මුණ ගැසෙන්නේ මීට කාලයකට පෙරයි. ඔහු මීට වසරකට පෙර ගෙනත් දෙන ඒ පිටපතයි මා මෙලෙස වේදිකා නාට්‍යයකට රැගෙන එන්නේ. ඔහු මේ වනවිට ජීවතුන් අතර නැති වුණත් එය බොහොම අපූරු පිටපතක් ලෙස මා දුටුවා. නවීකරණය වුණු මිනීපෙට්ටි සාප්පුවක් මූලික කර ගනිමින් ජීවිතයේ ස්වභාවය ගැනයි මේ කතාවේ කියන්නේ. යටි පෙළෙන් දිවෙන හාස්‍ය මුසු කර ගනිමින් නාට්‍යය වේදිකා ගත වෙනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් බොහොම හොඳ මට්ටමක තිබෙන්නේ.
දිගින් දිගටම හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍ය රැසක් වේදිකා ගතවන සමයක ඇයි ඔබත් එවැනි නාට්‍යයකට සිත යොමු කළේ නැත්තේ?
අනෙක් අය හාස්‍ය මුසු වේදිකා නාට්‍ය කළ නිසා ඒ වගේම නාට්‍යයක් කළ යුතුය කියන මතයේ ඉන්න මට උවමනා වුණේ නැහැ. මා කළේ මට ලැබුණු පිටපත්වලින් තිබුණු හොඳම පිටපත තෝරා ගැනීම පමණයි. ඒ ඔස්සේ වෙනස්ම නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න මට උවමනා වුණා. මේ වේදිකා නාට්‍ය බලලා ජීවිතයේ අනිත්‍ය වගේම මේ කියන්නේ අපි ගැන නේද කියලා හිනාවෙන්නත් ප්‍රේක්ෂකයන්ට පුළුවන්.
ප්‍රවීණ රංගන ශිල්පීන් සහභාගි කර ගැනීම නිසා නාට්‍යය වේදිකාගත කිරීමට යම් ගැටලුවක් නිර්මාණය නොවුණාද?
විජය නන්දසිරි, සරත් කුලාංග, කුමාර තිරිමාදුර, සුරංගි, වසන්ත විට්ටච්චි ආදී රංගන ශිල්පීන් රැසක් මෙහි රඟපාන බව ඇත්තයි. ඔවුන්ගෙන් සමහරු දැනට වේදිකා ගතවන වේදිකා නාට්‍යවල වගේම ටෙලි නාට්‍යවලත් රඟපානවා. නමුත් ඒ සියලු දෙනාම කොයිතරම් කාර්යබහුල ශිල්පීන් වුණත් එකිනෙක නිර්මාණ පටලවා ගන්නේ නැතිව සහයෝගය දැක්වීම නිසා මෙතෙක් කිසිදු ප්‍රශ්නයක් පැන නැඟී නැහැ. ඒත් සමඟම ඔවුන්ගේ රංගනය පිළිබඳ දෙවරක් සිතන්නත් අවශ්‍ය වන්නේ නැහැ.
ඒ චරිතය පිළිබඳ ඔවුන් සතු අවබෝධයත් ඒවගේමයි. ඒ වගේම ඔවුන්ට ඕනෑම කට්ටක් කන්නත් පුළුවන් කියන මේ සියලු කාරණා සම්පූර්ණ වීම නිසා මට ඔවුන් සමඟ කටයුතු කිරීම පහසුයි.
අද නාට්‍ය සංවිධායකරුවන්ට විවිධ චෝදනා නැගෙනවා. ඔබටත් මේක පොදු කාරණයක්.
චෝදනා නැත්තේ කාටද? වැඩක් කරන මිනිස්සුන්ටයි නිතරම චෝදනා නැගෙන්නේ. අපිටත් ඒ වගේයි. ඒ චෝදනාවලට බයවෙලා වැඩ නොකර සිටියොත් අපියි මෝඩයෝ වෙන්නේ. ඒ වගේම නාට්‍ය සංවිධාකයෙක් වීමට කලිනුයි මා රඟපෑවේ.
ඒ කියන්නේ කලාවට පිවිසිමේ මූලාරම්භය සිදුවන්නේ නාට්‍ය සංවිධායකවරයෙක් වීමට පෙරද?
මම රංගන කටයුතුවලට සහභාගි වෙන්නේ කුඩා කාලයේ පටන්මයි. කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය මගේ ගුරුතුමා වෙන්නේ ලයනල් රන්වලයන්. ඔහුගේ මාර්ගයෙන් තමයි මා රඟපෑමට යොමු වෙන්නේ. ඒ කාලයේ පාසලේ තිබුණු සාහිත්‍ය සංගම්, නාට්‍ය සංගම්වල ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට මම ගොඩක් දේවල් කළා. එදා සිටිය ගුරුවරු “කාලගෝල” කතාව පුරුදු කරලා එය පාසල්වලට අරගෙන ගිහින් පෙන්නුවා. මෙහිදී මම කාලගෝලටත් රඟපාලා තියෙනවා. ඊට අමතරව බහු භූතයන්ටත් රඟපෑවා. එහි රඟ පෑ කිසිම නළුවෙක්ට ස්ථිර චරිතයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි සියලුදෙනාම සෑම චරිතයක් කළ යුතු වුණා.
ඊට පස්සේ අපි කිහිපදෙනෙක් ජී.ඩී.එල් පෙරේරාත් සමඟ චිත්‍රපටයක් කළා. එහිදී ලයිට් අල්ලන කටයුත්තේ පටන් සියල්ලම කරන්න වුණේ අපටමයි. චිත්‍රපටයේ නම වුණේ ‘හොරා පොළිස්’. ඊට පස්සේ ඒක ඊ.ඒ.පී. එකෙන් අරගෙන ‘චක්‍රායුධ’ කියලා තිරගත කළා. එකේ පළමුව කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල් කරුණාරත්න. පසුව ඔහු චිත්‍රපටය අතහැරලා ගියාට පස්සේ අපේ කණ්ඩායමේ සිටිය කෙනෙක් තමයි කැමරා අධ්‍යක්ෂණය කළේ. ඒ චිත්‍රපටයේ සනත් ගුණතිලක අශෝක පීරිස්, දෙනවක හාමිනේ, කාන්ති ලංකා, නෙල්සන් දිවිතුරුගම, සඳුන් විජේසිරිත් රඟපෑවා බව මට මතකයි. ඒත් එක්කම අපේ කණ්ඩායමේ සිටිය අයගෙන් කලාව පැත්තට යොමු වුණේ මා පමණයි.”
‘මල්වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය සම්බන්ධයෙන් සිදුවුණු විශේෂ සිදුවීම් තිබෙනවාද?
අපි නුවර කළ ෂෝ එකකදී අපූරු සිදුවීමක් වුණා. විජේ අයියාගේ රසිකාවක් විජය අයියාව සොයා ගෙන නේපත්‍යාගාරයට ආවා. ඒ එනකොට මිනී පෙට්ටි දෙක උඩ මිනී වගේ ඩමි තියලයි තිබුණේ. එක දැක්ක අර රසිකාව සිහිය නැතිව වැටුණා.
මේ වනවිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේද?
මේ වනවිට වේදිකා ගත කරලා තියෙන්නේ සීමිත දර්ශන කිහිපයක් වුණත් ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර නම් හොඳයි. අවසාන වශයෙන් මට ප්‍රේක්ෂකයන්ට කියන්න තිබෙන්නේ ‘මල්වඩම් අනවශ්‍යයි’ කියන්නේ සර්ව කාලයමට ඔබින නාට්‍යයක් කියලා. ඒ සර්ව කාලයටම ඔබින ඔබ පිළිබඳ කියැවෙන මේ නාට්‍යය බලන්න එන්න කියලා මා ප්‍රේක්ෂකයන්ට අවසාන වශයෙන් ආරාධනා කරනවා.
READ MORE - මල් වඩම් අනවශ්‍යයි බලන්න ආ රසිකාවට සිහිය නැතිවුණා

ප්‍රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන

 ප්‍රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන

ප්‍රවෘත්ති නිවේදිකා චේතනා ලියනගේ
වාසනාව කියන දේ කොයි ආකාරයකින් උදා වේ දැයි කාටවත් කියන්න අපහසුයි. එවැනි අනපේක්ෂිත මොහොතක තම වාසනාව දෝත පුරාම හිමි වූ පුංචි කෙළි පැංචියන් හිටියේ නුගේගොඩ අනුලා විද්‍යලෙයේ. කෙල්ල උපතින්ම කටකාරයි. ඒ වගේම හැඩකාරයි. මේ දෙකටම වඩා ඇය ඉගෙනුමටත් දක්ෂයි. මේ කෙලි පොඩිත්තිට එකවරම අවස්ථා තුනක් හිමි වෙනවා. එයින් එක් අවස්ථාවක් තමයි ඇය උසස් පෙළ සමත්ව සරසවි වරම් ලැබීම. ඒ සමඟම ඇයට බැංකුවක රැකියාවකුත් හිමි වෙනවා. මේ දෙකටම වඩා ඇය ආසාම කරන නිවේදන ක්ෂේත්‍රයේ MTV  ආයතනයෙන් ස්ථිර නිවේදක තනතුර සඳහා ආරාධනයකුත් ලැබෙන්නෙත් මේ අතරතුරදිමයි. මේ අවස්ථා තුනෙන්ම තෝරා ගැනීම කුමක්ද? ඇයට ඒ ගැන ගැඹුරින් සිතන්න සිදුවෙනවා... ඇගේ නිවේදක සිහිනය දෙපා ළඟටම ඇවිත්... බැංකුවේ රස්සාවක් කියන්නේ හොඳ වැටුපක්. මේ දෙකටම වඩා උගතමනා ශිල්පයමයි කියන සරසවි වරමත් වටිනවා.
ඇය ජීවිතයේ බුද්ධිමත්ම තීරණයක් ගන්නවා. ඇය තීරණය කරනවා තම උපාධියේ කටයුතු සමඟම නිවේදික ක්ෂේත්‍රයට එක් වීමට. මේ සඳහා ඇයට MTV  ආයතනයෙන් අවස්ථාව හිමි වෙනවා. මෙසේ තෝරා ගත් ඉරණම් සමඟ ඇය ඇවිත් දැන් වසර 18 ක්. ඇය ඒ ගමන් මඟ දෙස ආපසු හැරී බලනවා.
චේතනා මනෝරම්‍යා ලියනගේ... අද ඇය නිවේදිකාවක්ම පමණක් නොවෙයි. කැපිටල් මහරාජ, සමාගමේ පුහුණු හා සංවර්ධන කළමනාකාරිනියක්.
ඉතිං චේතනා මොකද හිතෙන්නේ ඔබ ආපු දිගු ගමන ගැන...
ඇත්තටම එදා මම ගත්තු තීරණය නිවැරැදියි කියලා මට අද හිතෙනවා. ඒත් කවුරුවත් හිතාන්න නැතුව ඇති ප්‍රවෘත්ති කියවීමත් සමඟ උපාධියත් කර ගන්න තරම් මට හැකියාවක් තිබෙයි කියලා. ඒ සියලු දේ මට හිමිවුණේ මට උපතින්ම ලැබුණු හැකියාව හා පවුල් පසුබිමයි. මෙවැනි සාර්ථක ගමනක් එන්නට මට මගේ ආයතනයෙන් ලැබුණු සහයෝගත් බෙහෙවින්ම බලපෑවා.
ඔබ සඳහන් කළා ඔබේ මේ දිගු ගමනට පවුල් පසුබිම බලපෑවා කියලා. ඒ කතාව මොකක්ද?
මම උපතින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලකයි උපත ලැබුවේ. ගුණදාස ලියනගේ කියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියාගේ දියණිය වීමේ වාසනාව මට හිමිවුණා. හැබැයි මම නිවේදිකාවක් වුණේ කවදාවත්ම තාත්තා නිසා නම් නෙවෙයි. මම මුලින්ම පාසල් ගියේ කොළඹ සංඝමිත්තා විද්‍යාලයට. ඊට පසුව ගෝතමී විද්‍යාලයය ආවා. වැඩි කාලයක් හිටියේ අනුලා විද්‍යාලයේ. මුලින්ම මම අනුලා විද්‍යාලයේ වානිජ දිනවල, උත්සවවල නිවේදන කටයුතු කළා. පසුව ආනන්ද, නාලන්ද, රාජකීය විද්‍යාලවලත් වානිජ දිනවල ප්‍රවෘත්ති කටයුතු සඳහා මට ආරාධනා ලැබුණා. නිවේදන කටයුතුවලට තිබුණු ආසාවට මම මුලින්ම උසස් පෙළ කරලා ඊව්ඹ්ආයතනයට නිවේදන කටයුතු සඳහා ඉල්ලුම් කළා. ශාන් වික්‍රමසිංහ මහතා තමයි මුලින්ම මාව තෝරා ගත්තේ. පළමු දවසේ ඉජපඥඥද ඊඥයබ එකක් තිබුණා. ඔයාට නිවේදන හැකියාවක් තියෙනවනේ. ඒ නිසා පහුවදා වැඩට එන්න කිව්වා. පසුදාම මාව සජීවි ප්‍රවෘත්ති නිවේදනයට දැම්මා. අපේ අයියා ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ඒ කාලේ නිවේදන කටයුතු කරනවා. ඒ නිසා ප්‍රවෘත්ති කීම ඒ තරම් මට අභියෝගයක් වුණේ නැහැ.
මෙහෙම ඉන්න අතරේ තමයි මට MTV  එකේ ආරාධනයක් ලැබුණේ. ඊට පස්සේ සම්පුර්ණයෙන්ම එම ආයතනයේ වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කාලේ මට සතියේ දවස් පහේම ප්‍රවෘත්ති කියන්න තිබුණා. ඊට අමතරව ප්‍රවෘත්ති සාකච්ඡා, කැබනට් සාකච්ඡා ආවරණය කරන්නත් යන්න තිබුණා. මම ප්‍රවෘත්ති මැදිරියේම අවුරුදු 10 ක කාලයක් වැඩ කළා. දවස් පහම එක දිගට ප්‍රධාන ප්‍රවෘත්ති කියන්න සිදු වුණේ මට නැත්නම් යසරත්ට. එය මම හිතන්නේ වාර්තාවක්.
ඔය වගේ දිගු කාලයක් ප්‍රවෘත්ති කියන විට ලැබුණු අමතක නොවන අත්දැකීම් ඇති නේද?
ගහමරා ගන්න, ළමයි දාලා යන, මිනීමැරුම් වැනි සිදුවීම්වලට මම හරිම සංවේදීයි. ඇත්තටම ඒ වගේ දර්ශනයක් දැක්කොත් මගේ දෑස්වලට කඳුළු එනවා. ඊළඟ දර්ශනයට මම යන්නේ පුදුම අසීරුවෙන්. මට ඉතාම සංවේදී සිද්ධියක් මතකයි. පුංචි දරුවෝ දෙන්නෙක් අම්මයි, තාත්තයි මේ දරුවෝ පාරේ දාලා ගිහින් පොලීසියට ගෙනත් තිබුණා. ළමයි දෙන්නගේ දර්ශන පෙන්නනවා. මේ ළමයි දෙන්නා පොලීසියේ මිදුලේ කොටු ගහගෙන බට්ටෝ පනිනවා. මට ඊළඟ ප්‍රවෘත්තියට යන්න විඳිහක් නැහැ ඇඩෙනවා. පුංචි දරුවෝ දෙන්නෙක්. අවුරුදු තුනක, පහක ළමයි. ප්‍රවෘත්ති නිවේදිකාවක් විඳිහට අඩමින් ඒ විදිහට අපට ඒ වෙලාවේ සංවේදී වෙන්න බැහැනේ... නමුත් මම ඊළඟ ප්‍රවෘත්තියට එනවිට ඇඩෙනවා. ඒත් මොනවා කරන්නද විශාල ආයසයක් ඇරගෙන ප්‍රවෘත්තිය කියනවා. සමහර විට ඒවගේ සිදුවීම් දර්ශන තලයේ යනවිට මම බලන්නේ නැතුව කට හඬට විතරක් සවන්දීගෙන ප්‍රවෘත්ති කියන අවස්ථා තියෙනවා.
සමහර අවස්ථාවලදී අපට මැදදී ප්‍රවෘත්ති ගෙනත් දෙනවා. මම දවසක් සජීවි මැදිරියේ ඉන්නකොට තමයි දෙහිවල බෝම්බය ගැන ගෙනත් දුන්නේ. කොලේ මේසේ යටින් ගෙනත් දුන්නා. දෙහිවලට අපේ ගේ ආසන්නයිනේ. අක්කලා, අයියලා කොහෙ හිඟින් ද කියලා දන්නේ නැහැ. මෙච්චර මැරලා, මෙච්චර තුවාලයි කියලා මම මුළු රටටම කිව්වත්. ඒ වගේ වෙලාවකට අපේ ගෙදරට මොකද වෙලා තියෙන්නේ කියලා කාටවත් කියන්න බැහැනේ.
මට මතකයි ඒ කාලේම අපි නන්දා මාලනී මහත්මියගේ සාකච්ජාවකට ගියා. ඒ යන වෙලාවේ තමයි මහ බැංකු බෝම්බය ගැන දැන ගත්තේ. මම ගියේ සම්පුර්ණ ර්චඬඥ - උන එකක් දාලා. කෝට් එකක් ඇඳලා. අපිව හරවලා යැව්වේ ජාතික රෝහලට. මගේ ඇඳුම එතනට ගැළපෙන්නේ නැහැ. එතනට මීනි ගේනවා. ඉවරයක් නැහැ. ඒ අතර මගේ ඇඳුම හරිම අපහසුයි. මම ක්ෂේත්‍රයට ආපු අලුත.පුරුදුත් නැහැ. හරි බයෙන් හිටියේ. ඒ නිසාම මිනී ගෙන්නේ නැහැ කියලා හිතන තැනකට වෙලා හිටියේ. එක පාරටම එතනට පොලීසියයි, වෛද්‍යවරුයි ඇවිත් එතන තිබුණු ඉටි රෙදි ටික ඉවත් කළා. මට හිතාගන්න බැහැ මගේ කකුල් දෙක ළඟ ඉඳින් මීටර් ගානක් අතපය නැති මිනිසුන්ගේ මිනී. මාව කැරකෙන්න ගත්තා... හිතාගන්න මේ ලේ දැක්කහම මට දරා ගන්න බැරි වුණා.
ඔබගේ පවුල මාධ්‍ය ක්ෂේත්‍රයේ කවුරුත් දන්නවා. ගෙදර පසුබිම කොහොමද?
අපි පුංචිම කාලේ හරි රසවත් දෙයක් සිද්ධ වුණා. අපේ ගෙදර තිබුණා අකුරු අමුණන Press එකක්. තාත්තාගේ  Press එක මෙහා පැත්තේ තමයි මම සෙල්ලම් බත් උයන්නේ. මම උයන්න දෙයක් නැති වුණාම කරන්නේ අර  Press එකේ තියන පෙට්ටිවල පුංචි ඊයම් බරු ගෙනත් මුට්ටියට දානවා. ඒ කාලේ මම දන්නේ නෑ මේ අකුරු බව. දවසක් මම මේ කෑලී දාලා සෙල්ලම් බත් උයනවා. මට Press එක ඇතුළේ ඇහෙනවා අකුරු නැහැ. සමහර අකුරු අඩුයි... කියලා මිනිස්සු කෑ ගහනවා. ඔය අතරේ අපේ තාත්තා ඔතනින් යන ගමන් වළං ටික අරින්න කිව්වා. ඇරලා බැලුවාම මගේ මුට්ටිවල තියෙන්නේ අකුරු. තාත්තා කෑ ගැහැව්වා ඔහේ කොහේ අකුරු අමුණන්ද මෙයා ඔක්කොම අකුරු ටික උයනවා කියලා. මැල්ලුන් උයන්න, බත් උයන්න ඔක්කොටම මම ඇරගෙන තියෙන්නේ තාත්තාගේ  Press එකේ අකුරු.
අපේ තාත්තාගේ ගම බුලත්සිංහල ගමට යද්දී තාත්තා වෙලාවට වැඩ. ගෙදරින් හතට යනවා. කිව්වොත් හතට ලැහැස්ති අය දාගෙන යනවා. නැත්නම් නැහැ. අම්මා වුණත් වෙලාවට නැත්නම් තාත්තා යනවා. ඒ වෙලාවට ලැහැස්ති නැතත් බ්‍රෂ් එක, ටුවුත් පේස්ට් එක බෑග් එකේ දාගෙන ඇවිත් වෙලාවට කාර් එකට නඟින්නේ මම විතරයි. හුඟක් වේලාවට තාත්තා එක්ක යන්න ඉතුරු වෙන්නේ මම විතරයි.
අපේ අම්මත් ඒ කාලේ පොත් ලියනවා. තාත්තාත් ජනපි‍්‍රයයි. ගුරුවරු පවා අම්මාගේ ගොලයෝ. ඒ නිසා පොඩි කාලේ ඒක තරමක වදයක් වුණා. අපි අම්මාගේ තාත්තාගේ තත්ත්වය තියාන්නත් ඕනේ. දවසක් ගුරුවරියක් කවියක තේරුමක් මගෙන් අහලා මට බැරි වුණා. ඊට පස්සේ අහවල් මාධ්‍යවේදියාගේ... අම්මා ගැන කියලා ඕක දන්නේ නැද්ද කියලා ඇහුව්වා. මම කිව්වා අපේ ගෙදර කතා කරන්නේ සංස්කෘත නෙමෙයි සිංහල කියලා. ඒ තරමට ඒක වදයක් වුණා.
මම ක්ෂේත්‍රයට ආපුම කාලේ තාත්තා දවසක් කඩේට ගිහින් තියනවා. ඒ කාලේ තාත්තාත් ටීවී වැඩසටහනක් කරනවා. කවුද ඇවිත් එක පාරටම අහලා තියනවා චේතනා ලියනගේගේ තාත්තා නේද ඔයා කියලා. ඒකට තාත්තාට කේන්ති ගිහින් එයා කියලා තියනවා නැහැ මම ගුණදාස ලියනගේ කියලා. පස්සේ තාත්තා ගෙදර ඇවිත් කියනවා දැන් ළමයින්ගේ නම්වලින් තමයි මිනිස්සු අපට කතා කරන්නේ කියලා. නමුත් ඔහුට සතුටුයි.
චේතනාගේ මාධ්‍ය ජීවිතයේ රසවත් සිදුවීම් එහෙමත් ඇතිනේ...
එක් වතාවක් අපේ ස්ටුඩියෝ එක ගිනි ගත්තු කාලේ තාවකාලික තැනක අටවාගෙන වාගේ ප්‍රවෘත්ති කිව්වා. ඒ වෙලාවේ හරි විදියකට ප්‍රවෘත්තියක් නිවේදකයාගේ අතට දෙන්න ක්‍රමයක් එහෙම තිබුණේ නැහැ. මම එතන ප්‍රවෘත්කි කියපු පළමු දවසේ මම හිටපු මෙසේ ළඟට දණ ගහගෙන බඩගාගෙන අපේ ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ලොක්කෙක් ආවා. ඇවිත් කොළයක් දික් කරගෙන මම ළඟ දණ ගහගෙන ඉන්නවා. මට මේක දැකලා හරිම හිනාත් යනවා. පස්සේ තමයි දැක්කේ කොළයක් දෙන්න තමයි ඇවිත් කියෙන්නේ. ඒක දීලා යන්නටත් ඉස්සුනොත් තීරයට පෙනවා. ප්‍රවෘත්ති ඉවරවෙනකම්ම ලොක්කා මා ගාව දණ ගහගෙන හිටියා.
ඔයාගේ පවුල් ජීවිතේ කොහොමද?
මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නවා. සැමියා පීපල්ස් ලීසින් ආයතනයේ සේවය කරනවා. ලොකු දුව මියුසියස් විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ, පොඩි දුව ළදරු පාසලට යනවා. මගේ සැමියාගෙන් මගේ ක්ෂේත්‍රයට විශාල සහයෝගයක් ලැබෙනවා. කොයි තරම් ජීවිතේ කාර්යය බහුල වුණත් පවුල් ජීවිතේ සමබරව ගිනියන්න සෑහෙන වෙහෙසක් ගන්නවා. රෑට නිදියන කාලය තමයි ඒකට කැප කරන්නේ. පාන්දර ප්‍රවෘත්ති කියන්න සමහර විට උදේ පහට විතර එන්න වෙන්නේ. ඒ එනකොට සැමියාගේ කෑම දරුවන්ගේ කෑම ඒ හැමදේම සකස් කරලා තමයි ගෙදරින් එන්නේ. රෑට දරුවන්ගේ ගෙදර වැඩ ටික කරනවා. විවේක කාලය සම්පුර්ණයෙන්ම පවුල වෙනුවෙන් කැප කරලා මම ඉගෙන ගන්න තියන කාලය දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලා දැන් ති;යන්නේ.
චේතනා ඔබේ Email ලිපිනය අපේ පාඨකයන්ට මතක් කළොත්
READ MORE - ප්‍රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන

* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත්

Tuesday, August 19, 2014

විනූ සිරිවර්ධන “ඇහැළේපොළ කුමාරිහාමි” අත්දැකීම් සමඟ...
අවසානයේදී පුස්වැල්ල කුමාරිහාමිගේ දියණිය ද ඇහැළේපොළ කුමාරිහාමි සමඟ දියේ ගිල්වා මරා දැමීමට තීන්දුව ලැබිණ. සුරුපී බවින් අග තැන්පත් ඈ විවාහ වන්නට සිටියේ මාම්පිටිය කුමාරයා සමඟිනි. මෙරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම මිනිස් ඝාතනයේ කොටස්කාරියක වන්නට ඇයට සිදු විය.
ඇහැළේපොළ කුමාරිහාමි සිනමා සිතුවම නැරැඹූ ඔබට පුස්වැල්ල කුමාරිහාමිගේ දියණියව හොඳ හැටි මතක ඇත. ඒ කවුරුන්දැයි මම ඔබෙන් විමසමි.
ආ . . . ඒ තරුමලීනේ. එයා තමයි පුස්වැල්ල කුමාරිහාමිගේ දුව විදිහට රඟපාන්නේ.
ඒ ඔබ ඇයව හඳුනන ආකාරයයි. තරුමලී විලස ජනප්‍රියත්වය හිමි කර ගත් මේ තාරකාව විනු සිරිවර්ධන නම් වන්නීය. ඇහැළේපොළ කුමාරිහාමි ඇගේ රිදී තිරයට පිවිසීමේ මුවදොර විය.
* විනූ මම කියු දේ හරි නේද?
ඔව්. ඇහැළේපොළ කුමාරිහාමි තමයි මගේ පළමු චිත්‍රපට රංගනය.
* හා හාපුරා කියා සිනමාවට පිවිසියේ ඓතිහාසික චිත්‍රපටයකින්. මොකද හිතෙන්නේ?
මම හිතන්නේ මේක රංගන ශිල්පිනියකට ලැබෙන ඉතාම විරල අවස්ථාවක්. මට එවන් චරිතයක් රඟපාන්න ලැබුණ නේද කියලා හිතත්දිත් පුදුමාකාර සතුටක් දැණෙනවා. අනික එයා ලංකාවේ ඇත්තටම ජීවත් වූ තැනැත්තියක්නේ. ඒක හින්දා ඒ කාලේ විදිහට දෙබස් උච්ඡාරණය කරන්න සිදු වුණා. මේ මොහොතේ මම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතාට ස්තුති වෙනවා මෙවන් වූ චරිතයකට මට ආරාධනා කිරීම පිළිබඳ.
* මෙහි විනූගේ රංගනය හරිම දුර්වලයි කියලා චිත්‍රපටය නරඹපු කිහිප දෙනෙක් මා සමඟ කිව්වා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?
ඇත්තටම මිනිස්සු එහෙම කිව්වද?
* ඔව්.
ඒත් මගේත් එක්ක කවුරුවත් ඔය විදිහෙ කතාවක් කියලා නැහැනේ.
* සමහර විට විනූ තරහා වෙයි කියලා ඔබේ හොඳ විතරක් ඇතැම් අය මූණට කියනවා ඇති?
හරි. මම අර කතාවට මෙහෙම උත්තරයක් දෙන්නම්කො. මේ චරිතය මට සුදුසු නිසානේ අධ්‍යක්ෂවරයා මට කතා කළේ. මම ඊට හැකි අයුරින් උපරිමයෙන් සාධාරණය ඉෂ්ට කළා. මගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මෙය මගේ පළමු චිත්‍රපට රංගයනේ. ඊළඟ චිත්‍රපටයේ මම මීට වඩා හොඳින් රඟපාවි.
* ඇහැළේපොල කුමාරිහාමිහි මාම්පිටිය කුමාරයා ලෙස රඟපෑ අරවින්ද දොඹගහවත්ත සහ ඔබ අතර ඇත්තටම ආදර සම්බන්ධයක් තියෙනවා කියලා කට කතාවක් තියෙනවා?
මොනවා . . . කවුද අප්පේ ඔය වගේ කතා හදන්නේ. මට නම් හරි හිනා.
* සතුටට ද හිනා වෙන්නේ?
අපෝ නැහැ. ඒ වගේ විහිළු කතාවකට හිනා නොවී කොහොමද?
* අරවින්ද ඔබේ පෞද්ගලික මිත්‍රයෙක්ද?
නැහැ. අපි හඳුනගත්තේ ඇහැළේපොළ චිත්‍රපටයෙහි දර්ශන තලයට ආවට පස්සේ.
* ඔබ වරෙක මාධ්‍යයන්ට පවසලා තිබුණා බඳින්න ඉන්න කෙනා විදෙස් ගත වෙලා ඉන්නවා කියලා. අරවින්දත් කාලයක් විදෙස් ගත වෙල හිටියා?
ඔහු එහෙම රට හිටියද කියන්න මම දන්නේ නැහැ. විදෙස් ගත වෙලා ඉන්න කෙනෙකුගෙන් මට විවාහ යෝජනාවක් ආවා තමයි. හැබැයි තවම ඒක ස්ථිර නැහැ.
* ඒත් ඔබ පුන පුනා කියා සිටියා නේද ඔබේ පෙම්වතා විදෙස් ගත වෙලා ඉන්න කෙනෙක් කියලා?
දැනට ඒක ස්ථිර නැහැ. ඒ ගැන වැඩිදුර විස්තර දැනට කියන්න අපහසුයි.
* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත් මොනවද කරන්නේ?
ඒ කතාව ගැන හොයලා බලනවා.
* ඔබ පිළිබඳ මට ලැබුණු නරක ආරංචියක් කියන්නද බලන්න?
හා.
* විනූට හරියට මුල අමතක වෙනවලු?
මම ආසයි ඒ වගේ දේවල් මගේ මුහුණට අහනවා නම්.
* ඒ කිව්වේ?
මට මුල අමතක නැහැ කියලා මම දන්නවා. ඒ හින්දා ඔය වගේ කතා හදන අයටයි මම මේ කියන්නේ. තැන් තැන්වල ඔය වගේ කතා පතුරන්නේ නැතුව කෙළින්ම මගෙන් අහන්න. මම ඒවාට නියමෙට පිළිතුරු දෙන්නම්.
* ඔබ මේ දවස්වල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඉගෙන ගන්නවා. ඒ ගැනත් කියමු?
මම ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා.
* එහි අවසාන අරමුණ මාධ්‍ය ආයතනයක් හා සම්බන්ධ වීමද?
ඔව්.
* එතකොට රංගනය?
ජනමාධ්‍ය කියන්නේ කලාවේම කොටසක්නේ. ඒක කරන ගමන් මේකත් කරනවා.
* තරුමලී නිසා ඔබේ ඇත්ත නම දැන් බෙහෙවින් යටපත් වෙලා?
කමක් නැහැ. අමතක වෙලා ගියාදෙන්. තරුමලී කියන නම හොඳයි. අපේ පන්තියේ දේශන සඳහා එඩ්වින් ආරියදාස මහත්මයා ආව පළමු දවසේ මාව දැකලා ‘ආ . . . මේ අපේ තරුමලිත් පන්තියේ ඉන්නවනේ’ කියලයි දේශනය ආරම්භ කළේ.
* විනූගේ ඉදිරි නිර්මාණ මොනවද තියෙන්නේ?
නාට්‍ය තුනක් විකාශය වෙන්නට නියමිතයි. ඒවා එනකම් මමත් බලාගෙන ඉන්නවා.
* විනූ, අපි ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ ඔබ අසීරුවෙන්ම රඟපෑ දර්ශනය ගැන කතා කරමින් මේ සංවාදය අවසන් කරමු?
දියේ ගිල්වා මරණ දර්ශනයට මම හරිම බයෙන් මුහුණ දුන්නේ. දඹුල්ල පැත්තේ වැවක තමයි ෂූටිං තිබුණේ. අධ්‍යක්ෂවරයා දහයේ ඉඳලා එකට ගැන්නා. එක කියද්දී වධකයා මාව වැවට දැම්මා. අත් දෙකම ගැට ගහලයි තිබුණේ. ඇත්තටම එදා මට මරණ බය දැනුණා.
READ MORE - * ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත්

මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ

මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ

http://www.rivira.lk/
පුංචි තිරයෙන් නිතරම දකින රුවක් නොවුණත් අනුරුද්ධිකා පාදුක්කගේ කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්. කලකට පසුව ඇයව ‘රිවිසරසි’ කතාබහකට එකතු කරගන්න අපි කල්පනා කළා.
අනුරුද්ධිකා මේ දවස්වල නිදහසේ කාලය ගතකරනවාද?
දරුවගේ වැඩකටයුතු එක්ක නිදහසේ කාලය ගත කරන්න නම් වේලාවක් නැහැ. පුතාගේ වයස දැන් අවුරුදු දෙකයි මාස හතයි. එයාගේ නම පෘථිවි. දැන් දඟයි. දරුවා ලැබුණට පස්සේ වැඩිපුරම එයා එක්ක කාලය ගතකරනවා.

අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් සන්තුස ලියනගේ ගේ ටෙලි චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. තාත්තා සහ පුනරාගමනය කියන නිර්මාණ දෙකට. ඒ නිර්මාණ දෙකේම ලස්සන කතා තේමාවක් තියෙනවා. නිර්මාණාත්මකයි. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. තෝරා බේරාගෙන ඒවාටත් සම්බන්ධ වෙනවා.

නිතරම නොදකින්න හේතුව විවාහය කියන සංකීර්ණ බැඳීමේ සීමා මායිම් ද?
අනේ නැහැ. මගේ හස්බන්ඩ් නාලක විජේවර්ධන ශ්‍රීපාලි විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයෙක්. මගේ මහත්තයා මට නීතිරීති දාන්නේ නැහැ. ඉස්සර ඉඳලම මම සම්බන්ධ වුණේ ගුණාත්මක නිර්මණවලට විතරයි. මට හුඟක් ඇරයුම් එන්නේ හොඳ නිර්මාණවලට. ඒ නිසා ඒ වගේ ගැටලු තවම මතුවෙලා නම් නැහැ.

රූපවාහිනී තිරයේ නිතරම නොදැකීම ජනප්‍රියත්වය අඩුවෙන්න හේතුවක් කියලා හිතෙන්නේ නැද්ද?
නිතරම නොදැක්කොත් ජනප්‍රියත්වයේ අඩුවීමක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. අවුරුදු පහකට වතාවක් හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණත් ඇති. ඒ චරිතය හා නිර්මාණය මිනිසුන්ගේ හදවතට දැනෙනවා නම් රඟපෑවත් නැතත් මිනිස්සුන්ට නම කිව්ව ගමන් මතක් වෙනවා මේ අහවලා කියලා. එහෙම නිර්මාණ එකකට දෙකකට සම්බන්ධ වුණ අදටත් ජනප්‍රිය ප්‍රවීණ කලාකරුවෝ ඕනතරම් ඉන්නවා. ඒ නිසා මට ඒක ගැටලුවක් නැහැ. මාව ප්‍රේක්ෂකයින්ට අමතකයි කියලා මම හිතන්නෙත් නැහැ.

වේදිකා නාට්‍ය රඟපෑමෙන් ඈත්වෙලාද ඉන්නේ?
ඈත්වෙලා නම් නැහැ. ඒත් ලොකු කාලයක් ඒ සඳහා වැය කරන්න ඕන. හොඳ නිර්මාණයක් නම් කාලය කැප කරන්න බැරිකමකුත් නැහැ. ඒත් දැනට වේදිකාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ දරුවගේ වැඩ නිසයි.

අනුරුද්ධිකා පාදුක්කගේ මෙගා නාට්‍ය විරෝධියෙක් ද?
විරෝධයක් නැහැ. ඒත් මම අද වනතුරුම මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ. මෙගා කියන්නේ වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය වන ඒවා. මම මුදල් මත යැපෙන නිළියක් නමෛයි. මම වටිනාකම හා මගේ කාලය දෙන්නේ ගුණාත්මක නිර්මාණවලට විතරයි.

අනුරුද්ධිකාට චෝදනාවක් තියෙනවා සම්මාන බලා‍පොරොත්තුවෙන් රඟන නිළියක් කියලා. ඒක ඇත්තක්ද?
මම නම් සම්මාන බලාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය චෝදනාව මට අදාළ නැහැ. නමුත් මම සම්බන්ධ වුණ බොහෝ නිර්මාණ සම්මාන සඳහා නිර්දේශ වුණා. සමහරක් ඒවාට සම්මාන ලැබුණා. මට ඒ ගැන සතුටුයි. සම්මානය ලැබුණත් නැතත් නිර්දේශ වීමම වටිනවා.

විකාශය වීමට නියමිත නිර්මාණ හුඟක් තියෙනවා නේද?
චිත්‍රපට කිහිපයක් තියෙනවා. තේජා, කරදිය, අපරාධය හා දඬුවම නවකතාවේ අනුවර්තනයක්, ඩස්ට්, මායා කියන නිර්මාණවලින් ඉදිරියේ දී දකින්න පුළුවන්.

අනුරුද්ධිකා රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා රාවයක් පැතිරෙනවා?
මට කරන්න පුළුවන් හොඳම රැකියාව රඟපෑම. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම රඟපෑමෙන් දැන්ම ඉවත් වෙන්නේ නැහැ. ඉස්සර වගේම අදටත් රඟපාන්න මම ආසයි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - චමිල කරුණාරත්න
http://www.rivira.lk/online/images/2014/08/17/anuruddhika%20padukkage%202.jpg
http://www.rivira.lk/online/images/2014/08/17/anuruddhika%20padukkage%203.jpg
http://www.rivira.lk/online/images/2014/08/17/anuruddhika%20padukkage%204.jpg
http://www.rivira.lk/online/images/2014/08/17/anuruddhika%20padukkage%205.jpg
READ MORE - මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ

තව නූලෙන් ජීවිතය ඉවරයි

Monday, August 18, 2014


අයිරින් ලියනගේ ගේ රස මතක අහුර
සත්සරණී 17 වැනිදා ටවර් රඟහලේදී
අයිරින් ලියනගේ මියුරු ස්වරයෙන් ගැයෙන “සත්සරණී” සංගීත ප්‍රසංගය මේ මස 17 වැනිදා පස්වරු 6.00ට මරදාන ටවර් රඟහලේදී පැවැත් වෙනවා. ඒ පැවැත්වෙන්නේ අයිරින්ගේ කලා දිවියේ වසර පනස් පහක කලා සමරමින්. රංජිත් ඩයස් ප්‍රමුඛ මවුන්ට් චයිම්ස් වාදක මඩුල්ල සංගීතය සපයන මේ සුන්දර අවස්ථාවට ඈ ඇගේ ගීත වගේම නිළි රැජින රුක්මණී දේවියගේ, ගීත කෝකිලාවිය ලතා වල්පොලගේ වගේම සුජාතා අත්තනායකගේත් ගීත ගයන්න සිතාගෙනයි ඉන්නේ.
ඉෂාක් බෙග්, සූරිය කුමාර මුත්තලගේ, වජිර එදිරිමාන්ත, චානක ඉලුක් කුඹුර, පුෂ්පකුමාර කියන පිරිස ඇය සමඟ සම්බන්ධ වෙන්නේ යුග ගායනයෙන්. වසර හතරහමාරකට ඉහත ඇගේ සැමියා සුදත් ජයසූරිය කරන්න සිටිය මේ ප්‍රසංගය කල් ගියේ ඔහුගේ අභාවය නිසා. ඊට පස්සේ එහෙම ප්‍රසංගයක් කරන්න අයිරින්ගේ සිතේ බලාපොරොත්තුවක් නැතිවුණත් ඒකට ඈව උනන්දු කළේ ඇගේ රසිකයෝ. රසිකයන්ගේ ආරාධනාවෙන් පැවැත්වෙන මේ සංගීත ප්‍රසංගයේ කථනය රංජිත් එදිරිසිංහගෙන්. වේදිකාව සුන්දර කරන නර්තනය අමාලි විත් සුපර් ස්ටාර් ඩාන්සින් කණ්ඩායමෙන්.
අයිරින් ගායනයට පිවිසියේ සත් හැවිරිදි වියේ. ඒ ගුවන් විදුලියෙන්. ඇගේම කියලා ගීත කිහිපයක් තිබුණත්, ඈ වැඩිපුරම ගැයුවේ රුක්මනී දේවිගේ, ලතා වල්පොලගේ ගීතයි. ප්‍රසංගවලට ගියාට පස්සේ රසිකයන්ගෙන් ඇයට ආරාධනා ලැබුණේ ඒ ගීත ගයන්නයි. කොහොම වුණත් ඊට පස්සේ අයට අපූරු නමක් පට බැඳුනා. ඒ පුංචි රුක්මනී. හැමෝම ඈව ඇමතුවේ අයිරින් කියලා නොවෙයි, පුංචි රුක්මනී කියලා. මේ පුංචි රුක්මනීගේ ගෙවී ගිය කලා ගමන් මගේ සිදුවුණු සිදුවීම් ඇය අප සමඟ පැවසුවේ ඒ අතීතය සොයා යමින්.
මේක සිද්ධ වුණේ යුද්ධය තිබෙන කාලේ. එදා සංගීත ප්‍රසංගය තිබුණේ අනුරාධපුරයේ. අයිරින්ටත් ඒකට ආරාධනා කරලා තිබුණා. හැමෝම ගියේ බස් එකේ. මාලිගාවත්තෙන් ලතා අක්කව ගත්ත පිරිස ඊළඟට ගත්තේ බර්ටි අයියව. උදෑසන කොළඹින් පිටත් වුණු බස් රථය කරදරයක් නැතිව අනුරාධපුරයට ළඟා වුණේ සවස් යාමයේ. ඒත් අනුරාධපුරයේ කලබලයක්.
“මෙතනින්” එහාට යන්න දෙන්න බෑ”අයිරින්ලාගේ වාහනය නතර කළේ පොලිස් නිලධාරියෙක්. බිමට බැස්ස බර්ටි අයියා පොලිසියේ රාළහාමිට අනුරාධපුරයට ආව කාරණය කිව්වේ මේ අතරදි.
“මම නම් හිතන්නේ නෑ අද ප්‍රසංගය තියෙනවා කියලා”
පොලිස් නිලධාරියා කිව්වේ බස් රථයේ හිටිය ලතා අක්කා ඇතුළු හැමෝමත් එක්ක සිනහවෙන ගමන්. අනුරාධපුර නගරයට පිවිසෙන්න ගත්ත වරමත් එක්ක අපි මුළින්ම ගියේ නවාතැනට. ඊට පස්සේ මේ ඛේදවාචකය සිද්ධ වුණු ෂෙඩ් එක ළඟට.
“ෂෙඩ් එකේ තෙල් බවුසරයක් පුපුරවලා”
බර්ටි අයියා, කිව්වේ බොහොම දුකෙන්. ෂෙඩ් එක ළඟ සිටිය බොහෝදෙනා ඒ වනවිටත් දරකොට වගේ. ඒක නම් පුදුම ඛේදවාචකයක්. හැමෝගේම සිතේ තිබුණේ ඒ වගේ අදහසක්. ඔවුන් සියලු දෙනාම කොළඹ එන්නට පිටත් වුණේ ඊට පසුවදා.
එදා අපි ගියේ ගම්පොළ සංගීත ප්‍රසංගයකට. රථයේ හිටියේ අයිරින් වගේම සුදත්. වාහනය පැදෙව්වේ අයිරින්ගේ සහෝදරියගේ පුතා. ප්‍රසංගය අවසාන වනවිට උදෑසන දෙක විතර වෙලා. තුන්දෙනත් එක්කම වාහනයට නැග්ගේ කොළඹ එන්න සිතාගෙන. පේරාදෙණියට ආව විතරයි. එකපාරටම අයිරින්ලගේ වාහනේ හැප්පුවේ සීනි ලොරියක්. වාහනේ කුඩේ කුඩු. අවට පිරිස රැස්වෙලා අයිරින්ව එළියට ගන්නවා විතරක් අයිරින්ට මතක. දවස් හතකට පස්සේ ඈට සිහිය එනවිට ඈ සිටියේ රෝහලේ වාට්ටුවේ ඇඳක් උඩ. ඒ වනවිට සිද්ධ වෙන්න ඕන දේවල් ඔක්කොම සිද්ධ වෙලා. සහෝදරියගේ පුතාගේ මෘත ශරීරය කොළඹට යවලා. සුදත්වත්, අයිරින්වත් නවලෝකයට මාරු කළා. අයිරින්ගේ කකුල කැඩිලා. ඒ අතරතුරෙන් කාලයක් අයිරින් සිටියේ එක්තැන් වෙලා.
අනතුර වනවිටත් අයිරින් සිටියේ විදේශ සංගීත ප්‍රසංගයකට දින දීලා. කොහොම වුණත් කමක් නෑ කියලා ඈ ඩුබායිවල මේ ප්‍රසංගයට ගියේ රෝද පුටුවේ ඉඳන්. ඒ ප්‍රසංගයට ඉෂාන් බෙග් වගේම අනිල් භාරතීත් සිටිය වග ඈට අදටත් මතකයි. ප්‍රසංගය කළේ මාලනී,ෂෙරීන් කියන දෙන්නා. ඔවුන් අයිරින්ව ඒ කාලයේ බලාගත්තේ බොහොම ආදරයෙන්. ප්‍රසංගයකට සහභාගීවුණාට
පස්සේ අයිරින්ව ඔවුන්ගේ නවාතැනට අරගෙන ආවා. තට්ටු ගණනක් උස තට්ටු නිවාසයක ඉහළම ඉන්න විට අයිරින්ට දැනුණේ බියක්. අනිල් භාරතී හොඳටම නිදි. ඈ අනිල් භාරතීට කතා කළා.
“අනේ අයියේ මට හරි බයයි. සාලයට එන්නකෝ”
නිදිමරගාතේ සිටිය අනිල් භාරතී සාලයේ සෙටියේ ඉඳ ගත්තා. ටික වෙලාවයි ගියේ මෙන්න ඔහු ගොරව ගොරව නිදි. අනේ ඉතිං මොනව කරන්නද? කකුල් දෙක කැඩුණාට පස්සෙයි අයිරින්ට ඒකේ අගේ කොයිතරම්ද කියලා සිතුණේ.
මේ සිද්ධිය වුණේ අයිරින්ට අවුරුදු දොළහක් තරම් වයසේදී. එදා ඔවුන් ගියේ පමුණුගමට. එහේ සිටිය ආරච්චි කෙනෙකුගේ දුවකගේ මංගල සාදයකට. කොළොම් පුරවරයෙන් බොහෝ දුරක තිබුණු මේ සාදයට බොහෝ දෙනෙකුට ආරාධනා ලැබිලා තිබුණා. පමුණුගමට යන්න තිබුණේ වංගු රැසකින් හැරිලා.
“අයිරින් සිංදුවක් කියන්නකෝ”
අනෙක් ශිල්පීන්ගෙන් ලැබුණු ආරාධනයෙන් පුංචි අයිරින් තැනට ඔබින විදියට ගීතයක් ගැයුවා. ඒ “ජීවන මේ ගමන සංසාරේ....” කියන ගීතය. වංගුවකින් හැරෙන විටම රථයේ රියැදුරා “සැඩ සුළං” චිත්‍රපටයේ වගේ හෝන් එක තුන්වරක් ශබ්ද කරන්නේ හැමෝගෙම සිනාහඬ අතරෙන්. වැඩි වේලාවක් ගියේ නැහැ. රථය ඉදිරියට පැන්නේ කුකුළු නාම්බෙක්.
“ඉක්මනට යන්, මේක පිට ගමක්”
රථය එකපාරටම කුකුළු නාම්බගේ ඇඟ උඩින් ගියා කියලා සිතුව හැමෝම රියැදුරාට කෑගැසුවේ ඉක්මනින්. රියැදුරාත් අතෑරියේ නැහැ. හැටට හැටේ පෑගුවා. එකපාරටම ඔක්කොම එකම ගොඩකට වැටුණේ රියැදුරා ගැහුව බ්‍රේක් පාරෙන්.
“මොකක්ද ඒ කළේ?”
හැමෝම ඇසුවේ එකපාරට තරහෙන්. රථයෙන් බැහැලා බැලුවමයි වැටහුණේ.
“වාහනය තව චුට්ටෙන් මුහුදේ”
හැමෝගෙම කසු කුසුව නැවතුණේ දෙවියන්ට පිං දෙමින්. ඊළඟටයි ඔවුන්ට රියැදුරාව මතක් වුණේ. තිබුණු කලබලයට වාහනය පැදවූවත් ඒ පදවලා තිබුණේ ඔවුන් යා යුතු පාරේ නොවෙයි. එතැනින් එහා තිබුණේ ප්‍රපාතයක්. රියැදුරාගේ බ්‍රේක්පාර නිසා හොඳට ගියා.
මේ සංගීත ප්‍රසංගය තිබුණේ සාජාවල. ප්‍රසංගය අවසාන වෙලා අපි හැමෝම සාප්පු සවාරි ගියා. කීර්ති පැස්කුවල්, වෝල්ටර් ප්‍රනාන්දු , බේබි ශානිකා, පුන්සිරි සොයිසා, ඒ සවාරියේ සාමාජිකයෝ. සාප්පු ගණනකට ගිහින් අවසානයේ අයිරින්ගේ හිත තැවතුණ සාප්පුවෙන් බඩු ගත්තා. අනික් පිරිස සිටියේ සාප්පුවේ එළියේ. සාප්පු සවාරිය අවසාන කරන්න සිතාගෙන අයිරින් සාප්පුවෙන් එළියට ආවා.
“අක්කේ අර උඩ බලන්නකෝ”
හැමෝම කිව්වේ එකපාරටම.
“ උඩ බලනවද නැද්ද”
අයිරින් සිටියේ මොකද කරන්නේ කියන අවිනිශ්චිත බවෙන්. “කමක් නෑ” කියලා අයිරින් උඩ බැලුවේ ඒත් එකකම වගේ.
“බුදු අම්මෝ, සර්පයෝ”
ඈ කෑගහගෙනම එළියට පැන්නා.
“අක්කේ පනින්න එපා”
සාප්පු සවාරි සාමාජිකයෝ කෑ ගැසුවා. එවිටමත් ඈ එළියට පැනලා අවසන්.
“තව චුට්ටෙන් ලංකාවට ගේන්න වෙන්නේ අයිරින්ගේ බොඩි එක තමයි.”
වෝල්ටර් කිව්වේ බය බිරන්ත වෙලා ඉන්න අයිරින් දැක්කට පස්සේ. සාප්පුව අසලින්ම තමයි වාහන ගමන් කරමින් තිබුණේ. ඔළුව උඩින් සිටිය සර්පයෝ තොගය දැක්කම අයිරින්ට උන්හිටි තැන් අමතක වුණේ ඉබේටම. කිසිම දෙයක් ගැන සිතුවේ නැති ඈ සිටිය තැනෙන් ඉවතට පැන්නා. කොහොමත් අයිරින්ට කැරපොත්තෝ, හූනෝ,වගේම සර්පයෝත් පේන්න බැහැ. ඇගේ සිතේ උන්ට තිබුණේ පුදුම බයක්. බය කරන්න සිතාගෙන කළ ඒ විහිළුව නිසා ඇගේ ජීවිතය බේරුණේ අනූනවයෙන්. ජීවිතයට අමතක නොවන ඒ සිදුවීම අයිරින්ට අපූරු පාඩමක්.
“මේ ප්‍රසංගය බලන්න ඇවිත් ගීත අහලා රස විඳින්න.”
අතීත කතාබහ නතර කරලා ඈ ඈට ආදරය කරන රසිකයන්ට ආරාධනා කළා. ඒත් එක්කම ඈ මතකයට නැගුවේ තමන්ගේ දයාබර සැමියාව.
“ඔහු සිටියනම් ප්‍රසංගය දවසට කොයි තරම් සතුටු වේවිද?”
ඈ අවසානයට කිව්වේ කඳුළු පොකුරක් නෙත් අතර හිරකරගෙන.
READ MORE - තව නූලෙන් ජීවිතය ඉවරයි