----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ජනකරළිය නාට්‍ය මාලාව

Thursday, June 23, 2011

පුවත, බූන්දිගෙන්......
ජුනි මස 23 වන දා සිට ජුලි මස 13 දා දක්වා හෝමාගම දී, ජනකරළිය නාට්‍ය කණ්ඩායම මෙහෙයවන නාට්‍ය මාලාවේ, හෙන්රි ජයසේන ගේ හුණුවටයේ කතාව, සෝමලතා සුබසිංහ ගේ තොප්පි වෙළෙන්ඳා සහ පුංචි අපට දැන් තේරෙයි, පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව, මැටි කරත්තය, අන්දර මල්, ඉන්දික ගේ කලම්බෝ.. කලම්බෝ, ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය ආදී නාට්‍ය ගණනාවක් වේදිකාගත වේ.


Janakaraliya Drama Festival

From 23rd June to 13th July in the Janakaraliya Mobile Theatre

Installed on the New Urban Project Grounds – Homagama


Charandas

Adapted & Directed by

Parakrama Niriella

(Awarded Best Drama at the State Drama Festival 2006Winner of

09 award Represented International Drama Festival New Delhi 2008)

23rd Thursday 9.30am /6.30pm


Sekkuwa

(Oil Press)

Written & Directed by

Parakrama Niriella

(Most Outstanding Drama in State Drama Festivals 1976 & 2010

Winning 11 Awards for Sinhala and Tamil productions)

24th Friday 9.30am /6.30pm


Andara mal

(Andara Flowers)

Directed by Parakrama Niriella

('Andara mal' is one of the most performed popular Janakaraliya dramas)


Short Plays

Samanthara

(Parallel)

Directed by

Rathna Pushpa Kumari

Thavama

Merila ne

(Not Yet Dead)

By the drama group of Jaffna State Security Headquarters

25th Saturday 6.30pm


Short Plays

Thaniyek Visishtai

(A Loner is Great)

Written & Directed By

Aloka Sampath

Kochchiya Enkan

(Awaiting the Train)

Written & Directed by

Lasantha Francis

Dinosaur Premaya

(Dinosaur Love)

Written & Directed By

Nuwan Dharshana

(Three of the Best Short Plays Winning number of awards

at State Drama Festivals and Youth Drama Festivals 2003 through 2010)

26th Sunday 2.30pm/6.30pm


Metikaraththaya

('The Little Clay Cart' of Shudraka)

Directed By

Parakrama Niriella

(Adjudicated the best non original drama in

the State Drama Festival, 2010 winning 06 awards)

27th Monday 9.30am/ 6.30pm


Soru Evilla

(Thieves are Here)

And

Devlova Gamana

(Journey to Heaven)

Children’s plays created by Janakaraliya Drama Group

('Soru Evilla' Awarded ‘Best Children’s Drama’

at State Children’s Drama Festival 2001

-Written by Sumith Samarasinghe)

28th Tuesday 9.30am/6.30pm


Seethambarapata

(Heavenly Clothes)

and

Andara Mal

(Andara Flowers)

Directed by

Parakrama Niriella

(Two of the most performed popular Janakaraliya plays

– Heavenly Clothes written by Mangala Senanayake)

29th Wednesday 9.30am/6.30pm


Sekkuwa

(Oil Press)

Written & Directed by

Parakrama Niriella

(Most Outstanding Drama in State Drama Festivals 1976 & 2010

Winning 11 Awards for Sinhala and Tamil productions)

30th Thursday 9.30am/6.30pm


Charandas

Adapted & Direct red by

Parakrama Niriella

July 1st Friday 9.30am -6.30pm


Hunuwataye Kathawa

(Caucasian Chalk Circle

of Bertolt Brecht)

Adapted & Directed by

Henry Jayasena

(Most performed drama throughout more than 40 years

and a land mark in the history of the Sri Lankan drama.)

2nd Saturday 6.30pm


Short plays of Janakaraliya

Siththarage Sihinaya

(Artist’s Dream)

Andura Saha Eliya

(Gloom and the Light)

Madhura Jame

(Sweet times)

Thaham

(Thirst)

(A series of experimental short dramas and performances by Janakaraliya team)

Ape Kalaye Weerayek

(Hero of Our Time)

(Best Short Play Winning 6 awards at Youth Drama Festivals in 2010)

3rd Sunday 6.30pm


Eheth Ehemai

(There’ too like ‘Here)

By Sunil Chandrasiri

(An Adaptation of Nikolai Gogol’s Drama ‘Government Inspector’)

4thMonday 9.30am – 6.30pm


Metikaraththaya

('The Little Clay Cart' of Shudraka)

Directed By

Parakrama Niriella

5th Tuesday 9.30am – 6.30pm


Thoppi Welenda

(Hat Seller)

And

Punchi Apata Den Therai

(Little Us Know that Now)

Directed By

Somalatha Subasinghe

(These children’s plays have made representation at International Children’s Drama Festivals

in France, Korea, Australia and India. Two very popular and precedential Children's drams performing

for over 20 years by the ‘Children's & youth Theatre Foundation.’)

6th Wednesday 9.30am – 6.30pm


Colombo Colombo

Directed By Indika Fernando

(Adjudicated Best Drama at the State Drama Festival 2010 Winning 10 awards

Represented New Delhi Drama Festival on Asian Women – 2009

and International Drama Festival – Kathmandu, Nepal – 2010)

7th Thursday 9.30 -6.30pm


Bernadage Sipiri Ge

(House Bernada Alba)

Directed By

Priyantha Sirikumara

(Adaptation of French playwright Fredrico Gartia Loca's play)

9th Saturday 6.30pm


Sekkuwa

(Oil Press)

Written & Directed by

Parakrama Niriella

10th Sunday 6.30pm


Metikaraththaya

('The Little Clay Cart' of Shudraka)

Directed By

Parakrama Niriella

11th Monday 9.30am/6.30pm


Soru Evilla

(Thieves are Here)

and

Devlova Gamana

(Journey to Heaven)

Children’s plays created by Janakaraliya Drama Group

12th Tuesday 9.30am/6.30pm


Charandas

Adapted & Direct red by

Parakrama Niriella

13th Wednesday 9.30am/6.30pm
READ MORE - ජනකරළිය නාට්‍ය මාලාව

හෝමාගමට පිවිසෙන "ජන කරළිය"


වසර අටක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ක ගණනාවක සංචාරය කළ ජනකරළිය දැන් හෝමාගමට පැමිණ සිටියි. හෝමාගම නගරයේ හයිලෙවල් පාර අද්දර, නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියේ දැන් ජන කරළිය ජංගම රඟහල ස්‌ථාපනය කර තිබෙන අතර ජුනි 23 වැනිදා සිට ජූලි 13 වැනිදා දක්‌වා පාසල් ළමුන් සහ සාමාන්‍ය ජනතාව සඳහා එහි නාට්‍ය උළෙලක්‌ පැවැත්වේ.

මෙවර ජන කරළිය නාට්‍ය උළෙලේ විශේෂත්වය වන්නේ ජන කරළියෙන් පරිබාහිර නාට්‍යකරුවන් රැසක්‌ එම නාට්‍ය උළෙලේ තමන්ගේ නාට්‍ය රඟ දැක්‌වීමට ඉදිරිපත් වීමය. ළමා නාට්‍ය, කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය වැඩිම ප්‍රමාණයක්‌ රඟදක්‌වනු ලබන දීර්ඝතම ජනකරළිය නාට්‍ය උළෙල මෙයයි.

සිරිත් පරිදි "චරන්දාස්‌, සෙක්‌කුව, මැටිකරත්තය, සීතාම්බරපටය" (රචනය මංගල සේනානායක), "අන්දරමල්" යන ජන කරළිය නාට්‍ය නිෂ්පාදන සුපුරුදු පරිදි මෙවර රංගගත වන අතර හෙන්රි ජයසේනගේ "හුණුවටයේ කතාව", ඉන්දික µර්ඩිනැන්ඩුගේ "කොළම්බො කොලම්බෝ", සුනිල් චන්ද්‍රසිරිගේ "එහෙත් එහෙමයි", ප්‍රියන්ත සිරිකුමාරගේ "බෙර්නාදාගේ සිපිරි ගේ" යන නාට්‍ය හතරද ජනකරළිය නාට්‍ය උළෙලේ රඟ දැක්‌වේ. එමෙන්ම රත්නා පුෂ්පකුමාරිගේ "සමාන්තර", ආලෝක සම්පත්ගේ "තනියෙක්‌ විශිෂ්ටයි", ලසන්ත µ්‍රeන්සිස්‌ගේ "කෝච්චිය එනකං", නුවන් දර්ශනගේ "ඩයිනෝසර් ප්‍රේමය", යාපනය රාජ්‍ය ආරක්‍ෂක මූලස්‌ථාන නාට්‍ය කණ්‌ඩායමේ "තවම මැරිලා නෑ" යන ආරාධිත කෙටි නාට්‍ය සහ "සිත්තරාගේ සිහිනය", "අඳුර සහ එළිය, මධුර ජාමේ" සහ "තාහම්" යන ජනකරළිය කෙටි නාට්‍ය නිර්මාණද මෙම උළෙලේ රඟ දැක්‌වීමට නියමිතය.

කුඩා ළමුන් සඳහා "තොප්පි වෙළෙන්දා" සහ "පුංචි අපට දැන් තේරෙයි" යන සෝමලතා සුබසිංහගේ ළමා නාට්‍ය සහ "සොරු ඇවිල්ලා" සහ "දෙව්ලොව ගමන" යන ජනකරළිය ළමා නාට්‍ය මෙම උළෙලේ රඟ දැක්‌වේ.

ජුනි මස 23 වැනි බ්‍රහස්‌පතින්දා සවස 6.30 ට අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ සහ විශේෂ ආරාධිත කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. එදිනට නියමිත සුවිශේෂතම කාර්යය වන්නේ ශ්‍රී ලාංකේය නාට්‍ය ක්‍ෂේත්‍රයට නව පරපුරක්‌ හඳුන්වා දුන්නා වූද ළමා හා යොවුන් නාට්‍ය කලාව වෙනුවෙන් තම ශ්‍රමය හා කාලය කැප කළා වූද සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය අගයමින් ජනකරළිය ජංගම රඟහලේදී ඇයට විශේෂ ගෞරවයක්‌ පුද කිරීමයි.

"ජන කරළිය" නාට්‍ය හා රංග කලා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ පරාක්‍රම නිරිඇල්ල, අමිත්ත වීරසිංහ සහ දිලිප් රෝහණ විසිනි. නිශාන්ත කුලරත්න, පාලිත අබේලාල්, ජයන්ත මුතුතන්ත්‍රි, මුනියන්ඩි කාලිදාස්‌, සොක්‌කාලිංගම් ක්‍රිෂාන්තන්, අජන්තන් ශාන්ති කුමාර්, වර්නි තෙරේසා, අරෝෂා තරංගනී, රොනිකා චාමලී, සිනෙත් දේවින්ද, ත්‍යාගරාජා ශිවනේශන්, මංජුල රණසිංහ, රාසයියා ලෝහානන්දන්, සුමුදු මල්ලවාරච්චි, මලිති කුමාරි, සෙල්වරාඡ් ලීලාවතී, ඉනෝකා ලංකාපුර, චාන්දනී මල්කාන්ති, රංජිත් සුමිත් ප්‍රනාන්දු, දිනේෂ් ශ්‍රී ලිවේරා, සුනෙත් ශාන්තප්‍රිය, අසේල චතුරංග, බුද්ධික රත්නසේකර, සුරේෂ් අසංග, රුවිනි දිලන්ති, අමිල දිනේෂ්, සරත්කුමාර සහ දිනේෂ් කුමාර යන ජනකරළිය නාට්‍ය කණ්‌ඩායමේ සාමාජික සාමාජිකාවෝ මෙම වැඩසටහනට පූර්ණ දායකත්වය දක්‌වති.

සචිත්‍ර ඇල්වලගේ


Copy Rights - Divayina

READ MORE - හෝමාගමට පිවිසෙන "ජන කරළිය"

ජනප්‍රියත්වය බොරුවක්‌

ජනප්‍රියත්වය බොරුවක්‌
නදීශා යාපගේ

රංගන ශිල්පිනියක්‌ මුල්වරට සම්බන්ධ වුණු නිර්මාණයෙන්ම ජනප්‍රිය වෙන්න ලැබීම කොතරම් ලොකු වාසනාවක්‌ද? හැකියාව තුළින් ලද ඒ වාසනාව නිසාම නවක ශිල්පිනියන් අතර ඉහළම තලයක රැදීසිsටින්නට සමත් වූ ඇයව බොහෝ දෙනා හඳුනන්නේ අමන්දා හි කැතී නමින්. එලෙසින් දඟකාර කෙළිලොල් චරිතයකට පණ පොවන ඇය නමින් නදීශා යාපගේය.

නදීශා කියන්නද කැතී කියන්නද?

නදීශා කියන්න.

නමුත් ඔබව බොහෝ දෙනා හඳුනන්නේ කැතී නමින්?

කැතී කියන්නේ මම රඟපාන චරිතයක්‌. ගොඩක්‌ අය මට කැතී කියලා කතා කරනවා. චරිතයේ තියෙන දඟකාරකම නිසා වෙන්න ඇති ප්‍රේක්‍ෂකයා අතර කැතී ඉක්‌මණින්ම ජනප්‍රිය වෙන්න ඇත්තේ. කැතීට මම ගොඩක්‌ අදරය කරන්නෙ මේ චරිතය හරහා මට ප්‍රේක්‍ෂකයා පිනවන්න අවස්‌ථාව ලැබුණු නිසයි.

පළමු නාට්‍යයෙන්ම මෙවැනි ප්‍රතිචාරයක්‌ ලැබෙයි කියලා හිතුවද?

නැහැ. මම ජනප්‍රියත්වය හොයාගෙනවත් සල්ලි හම්බකරන්නවත් නෙමෙයි රංගනයට පිවිසුණේ. රඟපාන්න මගෙ හිතේ තිබුණු ආසාව නිසා තමයි ආවේ. මටත් පුදුමයි. ජනප්‍රියත්වය හොයාගෙන එන අය තාමත් එක තැන ඉද්දි මට ලැබෙන ජනතා ආදරය ගැන.

ඒ ජනප්‍රියත්වය දැනෙන්නේ කොයි විදිහටද?

කෙනෙකුගේ ආදරයක්‌ ලබන්න ගිය ආත්මෙක අපි පිං කරලා තියෙන්න ඕන. ඒ පින මගෙ වාසනාවකට මේ ආත්මෙ ලැබිලා තියෙනවා.

රංගනයට එක්‌වීම ගැන අද මොකද හිතෙන්නේ?

සතුටුයි. අවුලකට තියෙන්නේ ජනප්‍රියත්වය තමයි.

ජනප්‍රියත්වයට අකමැතිද?

අකමැත්තක්‌ නැත්තෙමත් නැහැ. එහෙම දෙයක්‌ ගැන බලාපොරොත්තු නොවුණු නිසා පුරුදු නැහැවගේ.

නමුත් නිළියකගේ පැවැත්ම තියෙන්නේ ජනප්‍රියත්වය මත නේද?

ඒ කතාව හරි. මම මගෙ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්‌. නමුත් ජනප්‍රියත්වය නිසා මාව හොයාගෙන ඇවිත් කතාකරන පිරිසක්‌ ඇති වෙලා තියෙනවා. ඒ පසුබිමට මම කැමති නැහැ. රංගනයට එන්න කලින් හිටියා වගේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්‌ හැටියට කතා බහ කරනවනම් තමයි මම කැමති. ජනප්‍රියත්වය නිසා නැති යාළුවොත් නැති නෑදෑයොත් ඇති වෙනවා. ඒ නිසා ජනප්‍රියත්වය බොරුවක්‌ කියලයි මට නම් හැඟෙන්නේ.

නදීශාත් කැතී වගේ දඩබ්බර චරිතයක්‌ද?

කැතී තරම්ම ආවට ගියාට වැඩ කරන කතා කරන කෙනෙක්‌ නම් නෙමෙයි. මම හැම දේකදිම ටිකක්‌ හිතලා බලලා තමයි වැඩකරන්නේ.

අමන්දාගෙන් එහා ගිය නිර්මාණයකට එකතුවුණේ නැද්ද?

ආරාධනානම් කිහිපයක්‌ ලැබුණා. මගෙ බලාපොරොත්තුවක්‌ තියෙනවා වැඩිදුර අධ්‍යාපනයට. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට යොමු වුණොත් රංගනයට තිත නෙමෙයි ටික කාලෙකට කමාවක්‌ තියන්න සිද්ධ වෙයි.

වැඩිදුර අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන්නේ මොන විෂය පථයක්‌ ඔස්‌සේද?

වීඩියෝ එන්ජිනියරින් ගැන ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

රංගනයට යොමුවීම නිසා සංගීතය අමතක වෙලාද?

සංගීතයට තමයි මම පුංචි කාලේ ඉඳලම ආස කළේ. ඒවගේම තමයි කැතී චරිතය දඟකාර වුණත් බොක්‌ස්‌ ගිටාර් එක ප්ලේ කරන සංගීතයට ලැදියාවක්‌ දක්‌වන කෙනෙක්‌. ඒ නිසා රඟපෑම තුළත් සංගීතය බද්ධ වෙලා තිබුණා.

නදීශා අද ලංකාවේ ජීවත් වුණත් ඔබ ඉපදුණේ හැඳුණේ වැඩුණේ පිට රටක?

ඔව්. මම ඉපදුණේ ලෙබනන්වල බේරූට්‌ නගරයේ. මගෙ අම්මයි තාත්තයි ඒ රටේ තමයි රැකියා කළේ. මට ඉන්නේ අයියා විතරයි. අපි දෙන්නම ඉස්‌කෝලේ ගියේ එකට. අවුරුදු 15 දී තමයි මම ලංකාවට ආවේ.

ජීවිතේ අරමුණ වුණු ගමන් මාවතේද අද ඔබ ගමන් කරන්නේ?

කොහෙත්ම නැහැ. පොඩිකාලේ මම හරි ලැ-ජයි. ඒ තත්ත්වය තිබියදීත් අද මම රඟපානවා කිව්වහම පොඩිකාලේ මාත් එක්‌ක හිටපු කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ. මගෙ අරමුණ වුණේ ඔෆිස්‌ එකක කැරකෙන පුටුවක වාඩිවෙලා රැකියාවක්‌ කරන්න. නමුත් යන්න බලාපොරොත්තු වුණු පාරේ නෙමෙයි වෙනත් පාරක තමයි යන්න සිද්ධ වුණේ. නමුත් පාර වෙනස්‌ වුණාට වැරදුණේ නම් නැහැ.

ආගම දහමට තියෙන නැඹුරුවීම මොනවගේද?

මගෙ අම්මා තාත්තා දෙන්නම බෞද්ධ. නමුත් මම ඉගෙන ගත්තේ ලෙබනන්වල නිසා කතෝලික ආගම තමයි හදාරන්න සිද්ධ වුණේ. පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්ත නිසා කතෝලික ආගම තමයි අදහන්නේ. ඒකට පවුලේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ.

රංගන කටයුතුවල නිරත වුණොත් ටෙලිනිර්මාණ අතර පමණද රැඳෙන්න බලාපොරොත්තුව?

හැමදේම බදාගෙන කරන්න ඕන අදහස මට නැහැ. ඒ වගේම තමයි එකවගේ චරිත රඟපාන්නත් කැමැත්තක්‌ නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් නිතර නැති වුණත් කලාතුරකින් හෝ රැඳී ඉන්නවා.

වෘත්තිය කුමක්‌ වෙයිද?

තාම හිතාගන්න බැහැ. ගුවන් සේවිකාවක්‌ වෙන්නත් කැමැත්තක්‌ තිබුණු නිසා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නත් පුළුවන්.

රංගනයෙදි උස බාධාවක්‌ වුණේ නැද්ද?

නැහැ. මගෙ උස අඩි පහයි අගල් අටයි. සමහර තැන්වලදි පොඩි පොඩි ගැටලු මතුවුණත් පොදුවේ වාසියක්‌ වුණා. බාස්‌කට්‌ බෝල් ක්‍රීඩා කරපු නිසා වෙන්න ඇති මෙච්චර උස යන්න ඇත්තේ.

නමුත් විවාහයේ දී නම් උස ගැන වැඩි සැලකිලිමත් වෙන්න වෙයි නේද?

සමහර විට. උස අය දැකලනම් තියෙනවා. ඒත් මට හරියන කෙනෙක්‌ තාම හම්බ වුණේ නම් නැහැ. කොහොම වුණත් ඒ ගැන හිතන්න කලින් තව ගොඩක්‌ දේවල් තියෙනවා ඉෂ්ට කරගන්න.

දැන් ඔබ නිරූපිකාවක්‌ නොවේද?

රංගනයෙන් ඈත් වුණත් නිරූපණයෙන් නම් කවදාවත් ඈත්වෙන්නේ නැහැ. හැමදේටම වඩා මම ඒකට ආසකරන නිසා.


ලක්‌මිණි අතුකෝරල
ඡායා - සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

READ MORE - ජනප්‍රියත්වය බොරුවක්‌

එහෙම යෝජනා එනවා

ඔව් ඉතින් ...
එහෙම යෝජනා එනවා ඒත් මොනවා කරන්නද
සුපර් සික්‌ස්‌ තුළින් සිනමාවට එන මලීකා

සම්පූර්ණ නම - මලීකා සිරිසේනගේ
ගම - දෙහිවල
පාසල - ප්‍රෙස්‌බිටීරියන් කාන්තා විදුහල, දෙහිවල.
උපන් දිනය - 1984 නොවැම්බර් 16

හැඩකාර මලීකා වෘත්තියෙන් ගුවන් සේවිකාවක්‌. මේ අලුත් මුහුණ ගැන අද දවසේ කලා ක්‍ෂේත්‍රයේ බොහෝ පිරිස්‌ කතා බහට ලක්‌කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නුදුරේදීම තිරගතවීමට නියමිත සුපර් සික්‌ස්‌ චිත්‍රපටය හේතුවෙන්. ගුවනේ පියාඹන මලීකා සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද කියල වගේම ඇගේ පුද්ගලික විස්‌තර ටිකකුත් අපි ඔබට කියන්න අදහස්‌ කළා.

මලීකා කොහොමද ගුවන් සේවිකාවක්‌ වුණේ ?

පොඩි කාලේ ඉඳන්ම ආසාවක්‌ තිබුණා ගුවන් සේවිකාවක්‌ වෙන්න. ලොකු වෙලා කොහොම හරි ඒ ආසාව ඉටු කරගත්තා.

ගුවන් සේවිකාවක වීම සිහිනය සැබෑ වීමක්‌ කිව්වොත් ?

ඔව්. එයට සම්බන්ධ වෙන්න පෙර මම විදෙස්‌ගත වුණා වැඩිදුර අධ්‍යාපනයට. එහිදී කාලය ගත කරන්න අපහසු නිසා නැවත ලංකාවට ආවා. ඊට පසුව තමයි ගුවන් සේවිකාවක්‌ වුණේ.

ගුවන් සේවිකාවක්‌ වෙලා කොච්චර කල්ද?

අවුරුදු හයක්‌ විතර වෙනවා.

ගුවන් ගමන් අතරතුර සිදු වූ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේද?

අපේ රටේ යුද්ධය ජයග්‍රහණය කරලා කියලා ආරංචිය ලැබෙන කොට අපි හිටියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ජෝර්දානයේ. යුද්ධය ජයග්‍රහණය කළා කියලා ආරංචිය ලැබුණේ එහෙ ඉන්දෙද්දී. ඒ ආරංචියත් සමග අපි නැවත ලංකාවට ආවා. ඒ ගුවන් ගමන කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිතුමාගෙ ඉඳලා හැමෝම හිටියෙ පුදුමාකාර සතුටකින්.

මතුපිටින් දකින අය මේ ගුවන් සේවිකා රැකියාව ගැන විවිධ දේ කියනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ ?

එහෙම බොරු කතා කියන්නේ මේ අංශයට සම්බන්ධ වෙන්න බැරි අය. ගුවන් සේවිකාවක්‌ වෙන්න ලස්‌සන විතරක්‌ නෙවෙයි, හැම දෙයක්‌ම බලනවා. සමහර අයට සම්බන්ධ වෙන්න බැරි වුණහම එවැනි කතා කියනවා. මම තරුණියක්‌ විදිහට ඕනෑම තරුණියකට කියනවා තමන් දන්නවා නම් කොහෙද යන්නේ, මොනවාද කරන්නේ කියලා ගුවන් සේවිකාවක්‌ වෙන්න කියලා. ඒ වගේම ලංකාවේ තරුණියකට හොඳම රැකියාව තමයි ගුවන් සේවිකා වෘත්තිය.

සුපර් සික්‌ස්‌ චිත්‍රපටයේ රඟපාන්න ආරාධනා ලැබුණේ කොහොමද?

ඒ ආරාධනාව නම් ලැබුණේ මගේ පෙම්වතා මාර්ගයෙන්. එයාගෙ හොඳම යාළුවා තමයි සදෙෂ් කුමාර්. චිත්‍රපටයට කට්‌ටිය තෝරනවා බලන්න මමත් ගියා. එතැනදී මාව දැකල ඒ ගොල්ලො මගෙන් ඇහැව්වා කැමතිද රඟපාන්න කියලා. ඊට පස්‌සේ තමයි මම සම්බන්ධ වුණේ.

මුලින්ම රංගනයට එන්නේ සිනමාවෙන්. ඉතිං බය හිතුණේ නැතිද ?

ගොඩක්‌ බය හිතුණා. හැබැයි මට රොෂාන්, සාරංග, පබෝධා, අරුණි, හේමාල් වගේම හැමෝම උදව් කළා. ඇත්තටම මම රංගනය ගැන කිසිම දෙයක්‌ දැනගෙන හිටියේ නැහැ. ඒ සම්බන්ධව හදාරලත් නැහැ. මම ක්‍රීඩා අංශයට තමයි දක්‍ෂ.

මේ සමග රංගනයට නැවත ආරාධනා ලැබුණාද?

ආරාධනා නම් ලැබෙනවා. ඒත් භාරගන්න සූදානමක්‌ නැහැ.

රංගන ශිල්පිණියක්‌ වෙන්න කැමති නැතිද?

අපි කරන රස්‌සාවත් සමග රඟපාන්න අමාරුයි. රස්‌සාව කරන්නේ නැති කාලෙක රඟපාන්න බලමු.

මේ දේවල් ලැබීමට ඔබේ රූපය හේතුවුණා කියලා හිතනවද?

අනේ මන්දා. ඔවුන් බලපු විදිහ මම දන්නේ නැහැ. අධ්‍යක්‍ෂතුමාත්, නිෂ්පාදකතුමාත් මාව මේ චරිතයට තෝරාගත්තේ ඇයි කියන්න මම දන්නේ නැහැ.

මලීකා ගුවන් සේවිකාවක්‌ නිසා සිරුර ගැනත් හිතන්න වෙනවා නේද?

පැහැදිලිවම. මොකද අපේ බර ප්‍රශ්නය හරියට එනවා. ඒ වගේම උසත් බලපානවා. කොහොම වුණත් බර පිළිබඳ විශේෂ සැලකිල්ලක්‌ දක්‌වන්න වෙනවා.

රට රටවල යන නිසා කෑම පාලනය කරන්න අමාරු නැද්ද?

එහෙම නම් නැහැ. මම නම් තවම නෙට්‌බෝල්, බාස්‌කට්‌ බෝල් ක්‍රීඩා කරනවා. ඒ නිසා මම ඒ ගැන වැඩිපුර බලන්නේ නැහැ. හොඳට කන එක නම් කරනවා.

යුවතියක්‌ මොන විදිහේ චරිතයක්‌ විය යුතුයි කියලද හිතන්නේ ?

ලංකාවේ කාන්තාවක්‌ මොන විදිහට ජීවත් වුණත් මිනිස්‌සු කියන දේවල් නවත්වන්න බැහැ. තමන් හරිනම් කාටවත් බයවෙන්න වුවමනා නැහැ.

පවුලේ විස්‌තර කිව්වොත් ?

අම්මයි, තාත්තයි, අක්‌කයි. අක්‌කා විවාහකයි.

මලීකා ආදරය ගැන හිතන්නේ කොහොමද?

ආදරය හරිම සුන්දරයි. මටත් පෙම්වතෙක්‌ ඉන්නවා. ලබන අවුරුද්දේ විවාහ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. එයා මාව ගොඩක්‌ විශ්වාස කරනවා. නැතිනම් රඟපාන්න ලැබෙන්නේ නැහැනේ.

එය පළමු ආදරය කියලත් ආරංචියි?

ඔව්. උසස්‌ පෙළ කළාට පසුව තමයි ආදරය කරන්න පටන්ගත්තේ. නමුත් පොඩි කාලේ පටන් මම ඔහුව දන්නවා. කොහොම වුණත් අපේ ආදරයට අවුරුදු දහයක්‌ විතර වෙනවා.

ගෙදර අය මේ ගැන දන්නවාද?

අපොයි ඔව්.

ඒ වුණාට විවාහ යෝජනාත් එනවා ඇති නේ ?

ඔව්. ඉතිං එහෙම යෝජනා එනවා. මොනවා කරන්නද. එයත් එක්‌ක යද්දිත් එවැනි යෝජනා එනවා. ඒවා ඉතිං නවත්වන්න බැහැනේ.

දිනේෂ් විතාන
ඡායා - නදුන් බදුගේ


copy Rights - Divayina

READ MORE - එහෙම යෝජනා එනවා

වඩේ එකයි ප්ලේන් ටී යයි අපිට දිව්‍ය භෝජනයක්‌ !

වඩේ එකයි ප්ලේන් ටී යයි
අපිට දිව්‍ය භෝජනයක්‌ !
සුමින්ද සිරිසේන

රූපවාහිනිය අපට හඳුන්වා දුන් වකවානුවේ සිට මේ දක්‌වා තම රංගන හැකියාව එක ලෙස පවත්වාගෙන එන රංගන ශිල්පීන් ශේෂය අතරේ ප්‍රමුඛයා ලෙස ඔහු හැඳින්වීම සැබවින්ම යුක්‌තිසහගතය. යථාර්ථවාදී රංගනය, ප්‍රහසන මැනවින් හඳුනාගෙන වත්මන් පරපුරට තම හැකියාවෙන් ගුරුහරුකම් දීමට සූදානමින් සිටී. අප මේ හේතුපාඨ කියන්නේ අන් කවරෙක්‌ ගැනවත් නොවේ, සුමින්ද සිsරිසේන ගැනය.

වෙනස්‌ ආකාරයේ තේමාවක්‌ රැගත් නිර්මාණයකින් ඔබ කරළියට ඇවිත්ෘ ඒ ගැන කතා කරමුද?

සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණය කරන, ස්‌වර්ණවාහිනිය නිෂ්පාදනය කරන මොනරතැන්න මේ දිනවල විකාශය වෙනවා. පිටපත ලැබුණු විටම මට හිතුනා මේක වෙනස්‌ ආකාරයක නිර්මාණයක්‌ කියලා. මොකද එක අතකින් බැලුවාම මේක සත්‍ය හා අද්භූත භාවය අතර දිගහැරෙන කතාවක්‌. මං හිතනවා මේ නිර්මාණය ප්‍රේක්‍ෂකයන්ගේ අවධානය දිනාගැනීමට හැකි විදිහේ නිර්මාණයක්‌ වේවි කියලා. ඒ වගේම මම තෘප්තියකින් රඟපාපු චරිතයක්‌.

දැන් දැන් ප්‍රේක්‍ෂකයා වට්‌ටෝරු නිර්මාණවලින් බැහැරව, වෙනස්‌ මානයන්ගෙන් යුත් නිර්මාණවලට ඇලුම් කරන්න පටන් අරන් නේද?

ඔව්! ඇත්තටම ඒක පසුගිය කාලෙ පුරාවටම අපිට දකින්න ලැබුණා. ඒකාකාර නිර්මාණ නරඹලා ප්‍රේක්‍ෂකයෝ හෙම්බත් වෙලා ඉන්නෙ. නමුත් යම් පිරිසක්‌ ඉන්නවා සාමාන්‍ය නිර්මාණ පමණක්‌ම නරඹන සහ එවා වැළඳ ගන්න. ඒ වගේම තවත් පිරිසක්‌ ඉන්නවා අතීතයේ ඉඳන්ම අර්ථවත් නිර්මාණ පමණක්‌ රස විඳපු.

ඔවුන් පසුගිය කාලෙ පුරාවටම ලොකු පිපාසයකින් තමයි හිටියේ ඔවුන්ට නරඹන්න නිර්මාණ බිහි නොවීම නිසා. ඉතිං එවැනි ප්‍රේක්‌ෂකයන්ට මෙවැනි නිර්මාණ බිහිවීම සුබ ආරංචියක්‌ බවට පත්වෙයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් ඒකාකාර නිර්මාණවලින් බැහැරව නව මානයන්ගෙන් යුත් නිර්මාණ කෙරෙහි නිර්මාණ කරුවන්ගේ අවධානය යොමුවිය යුතුයි.

නමුත් එවැනි නිර්මාණ සඳහා ගුණාත්මක භාවයකින් යුත් පිටපත් බිහිවෙන්නේ නැහැ නේද?

මෙතන වෙලා තියෙන්නෙ දැන් ටෙලි නාට්‍ය කර්මාන්තයක්‌ බවට පත්වෙලාෘ මීට කලින් චිත්‍රපටවලත් ඔහොම වෙලා තිබුණා. චිත්‍රපට කර්මාන්තයක්‌ වෙලා තිබුණු කාලේ මොකක්‌ හරි පිටපතක්‌ හදාගෙන ඒකට ප්‍රේම ජවනිකා ටිකක්‌, නැටුම් ටිකක්‌, සටන් ටිකක්‌ දාලා, මොකක්‌ හරි කරන්න දාගත්තනේ. මේක කර්මාන්තයක්‌ වුණාම වෙන්නෙ යෑපෙන පිරිස වැඩි වෙනවා. ඒ වගේම මුදල් යොදා ලාභ ලබාගන්න උත්සාහ කරන පිරිසත් වැඩිවෙනවා. මෑත කාලෙ ටෙලි නාට්‍යවලටත් ඕක තමයි වුණේ. පිටපතක්‌ ලියනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවෙයි. ඒකෙ ගලායැමක්‌ තියෙන්න ඕන. ඝට්‌ඨනයක්‌ තියෙන්න ඕන. මිනිස්‌සුන්ට පිළිගන්න පුළුවන් චරිත නිරූපණ තියෙන්න ඕන. ඉතිං ලංකාවෙ හොඳ පිටපත් බිහිනොවෙන්න එක හේතුවක්‌ තමයි සාහිත්‍යය කියන දේ වළපල්ලට යැම. අද "සාහිත්‍යය" කියන විෂය ඇත්තෙම නෑ. ඉතිං සාහිත්‍ය ඇසුරු නොකරන පිරිසක්‌ බිහිවීම රටකට බොහොම නරක විදියට බලපානවා. මානසිකව යම් තලයකට යන පිරිසක්‌ නොමැතිවීම නිසා හොඳ පොතක්‌ ලියන කෙනෙක්‌, හොඳ ගීතයක්‌ ලියන කෙනෙක්‌, හොඳ නිර්මාණයක්‌ බිහිකරන කෙනෙක්‌ නැතිවෙලා යනවා. ඉතිං ඒවා තමයි විශේෂයෙන්ම බලපාල තියෙන්නෙ මේ ක්‍ෂේත්‍රයේ කඩාවැටීමට.

නමුත් වෙනත් රටවල කර්මාන්තයක්‌ හැටියට කලා ක්‍ෂේත්‍රය මීට වඩා ගුණාත්මකව පවතිනවා නේද?

ඒකට නං හේතු ගොඩක්‌ තියෙනවා. මේක ඉතිං වෙළඳ දැන්වීම් හා සම්බන්ධ කාරණාවක්‌නෙ. මේ ක්‍ෂේත්‍රය පවතින්නෙ විකිණෙන්නා වූ බඩු විකුණලා. මිනිස්‌සු බඩු විකුණුවොත් තමයි ඉන් පහළට මේක පවතින්නෙ. වෙළඳ දැන්වීම් ප්‍රචාරය සඳහා තමයි මේ සියල්ල සිදු කරන්නෙ. වෙළඳ දැන්වීම් නරඹන පිරිසක්‌ ඉන්නවා එක්‌තරා වයස්‌ මට්‌ටමක. ඔවුන් සඳහා තමයි බොහොමයක්‌ නිර්මාණ බිහිවෙන්නෙ. අද නිර්මාණ නිර්මාණය වෙන්නෙ ප්‍රේක්‍ෂකයා වෙනුවෙන් නොවෙයි ඉලක්‌ක පාරිභෝගිකයන් පිරිසක්‌ වෙනුවෙනුයි. බඩු මිලදී ගන්න පිරිස වෙනුවෙන් තමයි හැම දේම නිර්මාණය වෙන්නෙ. ඔවුන් සතුටු වන විදිහේ නිර්මාණ තමයි අද නිර්මාණය කරන්න වෙලා තියෙන්නෙ. වෙනත් රටවල පවතින ක්‍රමවේදයට වඩා වෙනස්‌ ක්‍රමවේදයක්‌ තමයි මෙහෙ භාවිත වෙන්නෙ.

ඔබ චරිතාංග රංගන ශිල්පියෙක්‌ සහ හාස්‌යෝaත්පාදක රංගන ශිල්පියෙක්‌ විදිහට අති සාර්ථකයි. කොහොමද මේ අන්ත දෙකම සමබරව පවත්වාගන්නෙ?

ඒක ඉතිං පළපුරුද්ද සහ කළ පුරුද්දෙන් තමයි එන්නෙ. ප්‍රහසනය ගත්තොත් ඒකත් ඉතිං අර රංගනයම තමයි. නමුත් එතනදී ප්‍රහසනය මතුවෙන්නෙ රංගන ශිල්පියා අනපේක්‍ෂිත ලෙස මුහුණ දෙන සිදුවීම් නිසා. කෙනෙක්‌ අස්‌වාභාවික සිදුවීමකට මුහුණදුන්නාම තමයි ඒක හාස්‍යයට ලක්‌වෙන්නෙ. ඒ වගේම ඉතිං තමා තුළත් හාස්‍ය මතු කිරීමේ කුසලතාවක්‌ තිබිය යුතුයි මොකද විකට නළුවෙක්‌ වීම හරි අමාරු දෙයක්‌.

ඔබගේ පරම්පරාවෙන් පසු මේ ක්‍ෂේත්‍රය භාරගන්න ඉන්න පිරිස ගැන ඔබට සතුටු විය හැකිද?

එහෙම සතුටු වෙන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. ඇත්තටම ඔවුන් ඉදිරි පරම්පරාව හැටියට හොඳ දේ කරාවි යෑයි හිතන්න පුළුවන්. නමුත් අර මං මුලිනුත් කිව්ව වගේ ඔවුන්ගේ දක්‍ෂතා මතුවෙන්න හොඳ නිර්මාණ බිහිවිය යුතුයි. ඔවුන් පොතපත සාහිත්‍ය ඇසුරු කළ යුතුයි. එවිට මං හිතනවා ප්‍රතිභාපූර්ණ පිsරිසක්‌ බිහිවෙයි කියලා.

නමුත් ඔබ පරම්පරාවට සාපේක්‌ෂව අලුත් පරම්පරාවට විශාල ලෙස විනය පිළිබඳව චෝදනා එල්ල වෙනවා නේද?

මෙහෙමයි අපි අපේ ගමන පටන් ගත්තෙ වේදිකාවෙන්. ඒ කාලෙ වඩේ එකයි ප්ලේන්ටියයි තමයි අපිට දිව්‍ය භෝජනය වුණේ. ඉතිං එහෙම දුක්‌ විඳල විඳලා බෙහොම අමාරුවෙන් තමයි මෙතනට ආවෙ. නමුත් අද අලුත් පරපුර එහෙම දුක්‌ විඳලා නොමෙයි මෙතනට එන්නෙ. පෞද්ගලික හේතුකාරණා මත ඔවුන් ක්‍ෂේත්‍රයට එනවා. මනා සූදානමක්‌ හෝ අත්දැකීම් අඩු නිසා විනය පිළිබඳව ගැටලු ඇතිවෙනවා.

ඔබේ රංගන පාසල අතරමග නැවතුනා නේද?

ඔව් පසුගිය කාලෙ ඒක නතරවෙලා තිබුණා. නමුත් අගෝස්‌තු මාසෙ නැවත ඒක ආරම්භ කරනවා. ඉතිං ඒකට සම්බන්ධ වෙන්න කැමැති අයට පුළුවන් මගේ දුරකථන අංකය 071-8030610 ට කතා කරලා විස්‌තර දැනගන්න.

මොනවද ඉදිරි වැඩ කටයුතු?

මේ දිනවල ස්‌වර්ණවාහිනියෙ මොනරතැන්න ටෙලිනාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව අජිත් ලොකුගේ අධ්‍යක්‍ෂණය කරන "පරණ ටවුම" ටෙලිනාට්‍යය විකාශය වෙන්න තියෙනවා. ඒකෙ ඉන්නෙ අපේ පරණ කට්‌ටියම තමයි. ඊට අමතරව ජාතික රූපවාහිනියේ වැඩ වගයකට කතා කරල තියෙනවා.


මාලක නන්දන


Copy Rights - Divayina

READ MORE - වඩේ එකයි ප්ලේන් ටී යයි අපිට දිව්‍ය භෝජනයක්‌ !

‘චතුරංග’ නමින් කෙටි නාට්‍ය 4k ජූලි 01ලූම්බිණි රගහලේදී

‘චතුරංග’ නමින් කෙටි නාට්‍ය හතරක් රැගත් නාට්‍ය උළෙලක් 2011 ජූලි මස 01 වෙනි දින සවස 6.30 ට කොළඹ හැව්ලොක් ටවුන් ලූම්බිණි රගහලේදී වේදිකා ගත කිරීමට නියමිතය

පහත සඳහන් නාට්‍ය 4 උළෙල නියෝජනය කරනු ලබයි.

01 ඕෂදී ගුණසේකර විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ‘සුභ උපන් දිනයක්’ කෙටි නාට්‍යයේ මංගල දර්ශනය මෙදින පැවැත්වෙන අතරල ඩිලූෂා නදීකමාලි අනුරාධ මල්ලවාරච්චි අරුනෝද් විජේසිංහ චරිත නිරූපණයෙහි යෙදෙති.

චින්තක ජයකොඩි සංගීතය නිර්මාණය කරනු ලබන අතර ආලෝක පාලනය රංග සමරකෝන් විසිනි. වේදිකා පසුතල නිර්මාණය චාමර ප‍්‍රසන්න සිදු කරනු ලබන අතර,
ඇඳුම් නිර්මාණය ඩිලූෂා නදීකමාලි ගෙනි.



02
ජෙහාන් ශී‍්‍රකාන්ත අප්පුහාමි විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද
‘සින්දු 5 යි Calls 5 යි’ කෙටි නාට්‍ය මෙදින වේදිකා ගත කෙරෙන අතරල ජෙහාන් ශී‍්‍රකාන්ත පාලිත අබේරත්න තුසිත ලක්නාත් ප‍්‍රසාදිනී අතපත්තු ලංකා බණ්ඩාරනායක මෙම නාට්‍යයෙහි චරිත නිරූපණයෙහි යෙදෙති.

සංගීතය නිර්මාණය පාලිත අබේරත්න ගෙනි. රංග සමරකෝන් ආලෝක පාලනය සිදු කරනු ලබන අතර ඇඳුම් නිර්මාණය ජෙහාන් ශී‍්‍රකාන්ත අප්පුහාමි විසිනි.


03
මහේෂ් උමගිලිය විසින් රංග වින්‍යාසය සිදු කරමින් අධ්‍යක්ෂණය කරන ලද
‘කඵ ලේ’ කෙටි මුද්‍රා නාට්‍යයද මෙම උළෙල නියෝජනය කරයි

දිනූෂා නදීකමාලි සුමින්ද නවරත්න දනුෂ්ක නුවන් අචලා උමයානි රංගනයෙහි යෙදෙන මෙම මුද්‍රා නාට්‍යයෙහි ආලෝක පාලනය සහ වේදිකා පසුතල නිර්මාණය මහේෂ් උමගිලිය විසින් සිදු කර ඇත.




04
‘එයත් එක්කත් යාඵ වෙන්න’ මෙම උළෙල නියෝජනය කරනු ලබන කෙටි ළමා නාට්‍යයි.

චූල දසනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම නාට්‍ය ජනක ප‍්‍රසාද් රචනා කොට ඇත

කවිශ්ක ධනංජය නිශාන්ත කමලිදු සුබෝධා චරිතපානි රංගනයෙහි යෙදෙන මෙම ළමා නාට්‍යයෙහි සංගීතය නිර්මාණය කර ඇත්තේ දිමුතු දේශපි‍්‍රය විසිනි.

ආලෝකකරණය රංග වස්ත‍්‍රාභරන නිර්මාණය චූල දසනායක විසින් සිදු කර ඇති අතර වේදිකා පසුතල නිර්මානය චාමික සංජීව ගෙනි.

‘එයත් එක්කත් යාඵ වෙන්න’ ළමා නාට්‍ය කුරුවිට රගමඩල සෞන්දර්යාශ‍්‍රමයේ නිෂ්පාදනයක්.
READ MORE - ‘චතුරංග’ නමින් කෙටි නාට්‍ය 4k ජූලි 01ලූම්බිණි රගහලේදී

ඒක මට සුළු කැප කිරීමක්.

Sunday, June 12, 2011

නම?

සුබෝධි ප්‍රියදර්ශනී.

ගම?

නුවර.

දැන් ඉන්නේ?

මහරගම, නාවින්නේ.

උපන් දිනය?

1989. 07. 04

පාසල?

මැද මහනුවර මධ්‍ය මහා විද්‍යාලය.

ලග්නය?

කටක.

වෘත්තීය?

රංගනය.

රඟපෑ නාට්‍යය?

සිහින සිතුවම්, අහස් පව්ව, හිරු දුටු පිනි, සත් රළ පෙළ, සුන්දර සුවාරිස්.

චිත්‍රපට?

ඩෙන්සිල් ජයවීරගේ වස්සානයේ සෙනෙහස.

මුලින්ම කැමරාව ඉදිරියේ පෙනී සිටින්න අවස්ථාව දුන්නේ?

සුරේෂ් කුමාරසිංහ.

මුල්ම රංගන අත්දැකීම මතකද?

ඔව්, මට තිබුණේ පාසල් ළමයකුගේ චරිතයක්

කොහොමද ඒකට මුහුණ දුන්නේ?

ඒ චරිතය අමුතුවෙන් රඟපෑවේ නැහැ. ඒ දවස්වලනේ පාසලෙන් අයින් වුණේ.

ඇයි නිළියක් වුණේ?

ආසාවට.

රඟපානවාට ගෙදර අය මොනවද කියන්නේ?

අඩුපාඩු පෙන්වා දෙනවා. ඒ අය කැමැතියි මං නිළියක් විදියට ඉදිරියට යනවට.

එතකොට ඔබේ ප්‍රේමවන්තයා?

එහෙම කෙනකු නැහැ කියලා තමා කියන්න වෙන්නේ.

කොහොමද ක්ෂේත්‍රය?

හොඳයි.

අවස්ථාවාදීන් වැඩියි නේද?

ඒක නම් එහෙම තමයි. අවස්ථාවාදීන් මටත් හමු වෙලා තියනවා. මං ඒ අයව ගණන් ගන්නවා අඩුයි.

පොත පත කියවනවද?

ඔව්.

වැඩියෙන්ම කියවන්නේ?

මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ පොත්.

රංගනය හදාරනවාද?

ඔව්.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගැන දන්නේ මොනවාද?

එතුමා අපට සිටන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්.

රුක්මණී දේවිය ගැන?

ඇය නිළියක්.

යළි යළිත් නරඹන්න කැමැති සිංහල චිත්‍රපටය?

තුෂාරා.

ඔබ රඟපෑවා නම් හොඳයි කියලා හිතෙන ගීතමය ජවනිකාව?

ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපටයේ දිය කිඳුරිය සේ සාගරේ ගීතය.

විවාහ වන දවසේ අඳින්න හිතාගෙන ඉන්නේ?

උඩරට මනාලියක් විදිහට.

කොයි කාලෙද විවාහ වන්නේ?

තවම තීරණයක් නැහැ.

විවාහයෙන් පසුව රඟපානවාද?

ඔව්.

සහකරුවා රඟපාන්න එපා කිව්වොත්?

මං බඳින්නේ මාව තේරුම් ගත්ත කෙනෙක්ව පමණයි.

සමහර නිළියන්ගේ විවාහ ජීවිත බිඳී යන්නේ ඇයි?

තමන් හරියාකාරව තේරුම් නොගත් අයකු හා විවාහ නොවූ හින්දා වෙන්න ඇති.

පෞද්ගලික ජීවිතයට වඩා මුල් තැන දෙන්නේ රංගනයටද?

දෙකම සමබරව ගෙනි යන්නයි අදහස.

රඟපාන දර්ශන තලයක ඔබ අකැමැති කෙනෙකු සිටියොත්?

මොනවා කරන්නද, එයා ගැන හිතන්නේ නැතිව මගේ රංගන කටයුතු දිගටම කරගෙන යනවා.

රඟපාන්න ප්‍රිය කරන චරිතයක් තිබේද?

ඔව්. මං මෙහෙණින් වහන්සේ කෙනෙකු විදිහට රඟපාන්න ආසයි.

එතකොට කොණ්ඩය කපන්න වෙනවනේ?

ඒක මට සුළු කැප කිරීමක්.

ඔබ අගය කරන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් නම් කළොත්?

නාලන් මෙන්ඩිස්

ජනක චමින්ද

රන්ජන් ප්‍රසන්න

දවස පටන් ගන්නේ?

ව්‍යායාම කරලා.

ගෙදර ඉන්න කොට?

ටී. වී. බලනවා.

කම්මැලි හිතුනම?

පංසල් යනවා.

නිළියක් වීම ගැන?

සතුටුයි.

දවසේ හොඳම වෙලාව?

රෑ.

පවුලේ තොරතුරු?

අම්මයි, අප්පච්චියි, අක්කලා දෙන්නයි.

ඔබ ගැන කෙටියෙන් හැඳින්වූවොත්?

අධිෂ්ඨනශීලි කෙනෙක්.

ලිපිනය?

02, උඩතැන්න,
මැද මහනුවර.

Copy Rights - Sarasaviya
READ MORE - ඒක මට සුළු කැප කිරීමක්.

ජැකලයින්ට වැඩ ගොඩක්

ජැකලයින් ෆර්නැන්ඩස්ගේ සිනමා ජීවිතයට තවමත් ඇත්තේ අඩු ආයු කාලයකි. 2009 දී හා හා පුරා කියා රැඟූ ‘ඇලඩින්’ සිනමා පටයත්, 2010 තිරගත වූ ‘ජානේ කාහාන් සෙ ආයි හයි’ සිනමා පටයත් ඇය තරුවක් කිරීමට සමත් නො වුණි.

බොලිවුඩයේ තම රංගන වාසනාව උරගාමින් සිටි අපේ රටේ ජැකී, (ජැකලයින්), දැන් බලාගෙන සිටින්නේ ‘මර්ඩර් 2’ තිරගත කෙරෙන තුරුයි. ‘මර්ඩර් 2’ ජූලි අට වැනිදා තිරගත කිරීමට නියමිතයි. සිනමා පටය පිළිබඳ අහස උසට බලාපොරොත්තු පොදි බඳිමින් සිටින ජැකීට, සිනමා පටය ළඟ ළඟම තිරගත වීමට නියමිතව තිබීම සතුටට කරුණකි. එහෙත් සිනමා පටය තිරගත වන දිනය සම්බන්ධයෙන් ඇය විශාල අකරතැබ්බයකට මුහුණ පා සිටින්නීය.

ජැකලයින් ෆර්නැන්ඩස්, සජිඩ් ඛාන්ගේ ‘හවුස්ෆුල් 2’ සඳහා ද තෝරා ගෙන ඇති අතර සිනමා පටයේ රූගත කිරීම් සඳහා දින හතළිහක කාලයක් එංගලන්තයේ නතර වී සිටීමට සිදු වී තිබේ. මේ නිසා ‘මර්ඩර් 2’ ප්‍රවර්ධන කටයුතුවලට සහභාගි වීමට ඇයට සිදු නො වෙයි.

‘මාව ලෝක අමාරුවක වැටිලා. එක අතකින් ‘මර්ඩර් 2’. අනිත් අතින් ‘හවුස්ෆුල් 2’. ‘මර්ඩර් 2’ ප්‍රවර්ධන කටයුතුවලට සහභාගි වීමට ‘හවුස්ෆුල් 2’ රූගත කිරීම් නිසා ඉඩක් ලැබෙන්නේ නැති පාටයි.

‘හවුස්ෆුල් 2’ හි රඟපාන්න ලැබීම අදහා ගන්න බැරි අත්දැකීමක්. අක්ෂේ කුමාර් කියන්නෙ විකට රජෙක්. ජෝන් ඒබ්‍රහම්, අක්ෂේ කුමාර් සමඟ වැඩ කරන්න ලැබීම හරිම සතුටක්.

‘රූගත කරන දින සහ ප්‍රවර්ධන කටයුතු සම්බන්ධව යම් සහනයක් ගන්න අධ්‍යක්ෂවරුන් සමඟ මේ දිනවල කතාබහ කරමින් සිටිනවා.’

ජැකී පැවසුවේ යම් සහනයක් ලැබේවි යන බලාපොරොත්තුව දෑස්හි දල්වාගෙනයි.

හවුස්ෆුල් පළමු සිනමා පටයේ ජැකලයින් පෙනී සිටියේ කෙටි ගීතමය ජවනිකාවකට පමණයි. ඒ නිසා රංගන ශිල්පිනියක ලෙස ඇයට හා හා පුරා කියා විකට චරිතයක් නිරූපණය කිරීමට ලැබෙනුයේ හවුස්ෆුල් දෙවැනි සිනමා පටයේයි.

ජැකලින් මෙහි ප්‍රථම වරට ජෝන් ඒබ්‍රහම්ගේ පෙම්වතිය බවට පත් වන්නීය.

‘මර්ඩර් 2’ හි ජැකලයින් ෆර්නැන්ඩස්ගේ රංගනය කවුරුත් බලා සිටින රංගනයකි. මල්ලිකා ෂෙරාවත්ගේ අනුරාගී රංගනයට නො දෙවෙනි රංගනයක් ජැකලයින්ගෙන් රසිකයන් බලාපොරොත්තුවෙන් සිටී.

2004 දී තිරගත වූ ‘මර්ඩර්’ පළමු සිනමා පටය මඟින් මල්ලිකා ෂෙරාවත් දිදුලන තාරකාවක බවට පත් වූවාය. ජැකී ‘මර්ඩර් 2’ හි රඟන්නේ එයට ඉතා වෙනස් චරිතයකි. එහෙත් එය සරාගී චරිතයකි.

‘මල්ලිකාවත් මාවත් සසඳන්න වැඩි දෙනෙක් උත්සාහ කරනවා. මං මර්ඩර් බැලුවා. ඇත්තෙන්ම මල්ලිකා එහි අපූරු රංගනයක් ඉදිරිපත් කරනවා.’

සහෝදර නිළියගේ රංගනය ගැන ජැකලයින් දරන්නේ එවන් අදහසකි. විසිපස් හැවිරිදි ජැකී, ප්‍රධාන නළු ඉම්රාන් හෂ්මි සමඟ ‘මර්ඩර් 2’ හි රැඟුවේ ප්‍රථම වරටය. එහෙත් දෙදෙනාගේ සරාගී දර්ශන බලන කාටවත්, මේ නම් නන්නාඳුනන යුවළක් නො වෙයි කියා කීයටවත් සිතෙන්නේ නැත. එයට හේතුව දෙදෙනා අනුරාගී දසුන් රූ ගත කිරීමට පෙර එකිනෙකා ගැන හොඳින් දැනුවත් වීමයි. සිනමා පටය රූගත කිරීමට පෙර දෙදෙනා එකිනෙකා සිප වැළඳ ගන්නා දර්ශන කිහිපයකට පෙනී සිටි බවට ද ආරංචියි.

හවුස්ෆුල් 2 තිරගත කෙරෙන්නේ ලබන වසරේදීයි. මේ වසරේ ඇයගේ බලාපොරොත්තුව ‘මර්ඩර් 2’ යි.

‘මං දැන් චිත්‍රපට මාලා රැජනක් බවට පත් වෙලා’ ජැකී සතුටින් කියන්නීය. ඇයට මාලා රැජනක ලෙසින් හෝ බොලිවුඩ් තාරකාවක ලෙස ස්ථාවර වී, ජය කෙහෙලි නංවන්න ලැබුණොත් එය ලාංකික අපට ද ආඩම්බරයක් ගෙන දෙයි.

ලංකාවේ බස්නාහිර පලාතේ, මැලේසියානු මවකගේ දියණියක වී ඉපදුණු ජැකලයින් තම රුවින්, ලෝකයේ මුලින්ම නමක් තැබුවේ 2006 දීයි. ශී‍්‍ර ලංකා රූ රැජන ලෙසිනි. දැන් ඇය තම හැඩකාර රුවින් බොලිවුඩයේ දිගු ගමනක් යාමට මුල පුරා ඇත. ඒ තමන් හැකියාවක් ඇති සුරූපිනියක බව ද ලොවට පෙන්වමිනි. පසුගිය අයිෆා සිනමා සම්මාන උළෙලේත්, ස්ටාර්ඩස්ට් සම්මාන උළෙලේත් හොඳම නවක නිළිය වූයේ අපේ ‘ජැකී’ ය.

අන්තර් ජාලයෙනි

READ MORE - ජැකලයින්ට වැඩ ගොඩක්

ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණයෙක්‌ නොවෙයි

ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණයෙක්‌ නොවෙයි
රොෂාන් රණවන

හිරිපොද වැස්‌සත් රැගෙන අපේ සිනමාවට පා තැබූ අලුත්ම තාරකාව හිරිමල් යෞවන හදවත් තුළ එදා මෙන්ම අදත් ලැගුම් ගෙන සිටී... සැණෙකින් පායා ක්‍ෂණිකව නිවී යන තාරකා ඇතත් මේ තරුව අවුරුදු පහක්‌ තිස්‌සේ මෙරට සිනමා අඹරට ප්‍රභාව එක්‌කරමින් දීප්තිමත්ව දිදුලන්නේ කවර හේතුවක්‌ නිසාද... ඉවසීම, නිහතමානිකම... කැපවීම රංගන ශිල්පියෙකුට අත්‍යවශ්‍ය අංග වලින් සම්පූර්ණ වීම නිසාය.

මේ අන් කිසිවකු නොව තාරුණ්‍යයේ ආදරය දිනා සිටින රොෂාන්ය... රොෂාන් රණවනය. රොෂාන් මේ දිනවල අලුත් කටයුත්තකට සූදානම් වෙමින් සිටී. ලද විවේකය 'මීවිත' සමග එක්‌වන්නටද හේ අමතක නොකළේය.

ඔබ මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහයි.... හිතනවාද මේ කාලය තුළ ඔබ නළුවෙක්‌ ලෙස ස්‌ථාවරයි කියලා?

නළුවෙක්‌ විදිහට... ඔව්.... මම හිතනවා ජනප්‍රියත්වය පැත්තෙන් මම ජනතාව අතර ඉන්නවා කියලා... ඒත් නළුවෙක්‌ විදිහට මම තවම ප්‍රවීණත්වයට පත්වෙලා නැහැ. ඒ සඳහා හොඳ චරිත රඟපෑමට අවස්‌ථාව ලබා ගත යුතුයි. මම මේ වනවිට රඟපාලා තියෙන්නේ චිත්‍රපට දහයකයි. ඒ එන්න තියෙන සුපර් සික්‌ස්‌ සමග. ඉතින් චිත්‍රපට දහයක රඟපෑ පමණින් ප්‍රවීණයෙක්‌ වෙන්න බැහැ.... මට තව යන්න බොහෝ දුරක්‌ තියෙනවා. කොටින්ම කිව්වොත් ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණ නැහැ.

හොඳයි ටෙලියක, චිත්‍රපටයක රඟපෑ පමණින් සමහරු අධ්‍යක්‍ෂවරු බවට පත්වෙනවා... චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌ වෙන්න ඔබට අදහසක්‌ නැද්ද?

අපෝ නැහැ... තවම එහෙම අදහසක්‌ නැහැ... මට තියෙන්නේ හොඳ චරිත සෙයා යැමේ පිපාසාවක්‌... කොතරම් චරිත කළත් හොඳ නිර්මාණවලට වැඩි වැඩියෙන් දායක වෙලා නළුවෙකු කියන තැනට ආ යුතුයි. 'මහින්දාගමනයේ' මා කළ චරිත වැනි චරිත තව තවත් කළ යුතුයි. නළුවෙකු මෙහෙයවන්න කලින් නළුකම නිවැරැදි ලෙස දැනගත යුතුයි. අන්න ඒ දැනුම ලබා ගන්න නම් චිත්‍රපට දහයක රඟපෑම ප්‍රමාණවත් නැහැ.

එක රැයින් ජනප්‍රිය වෙන්න තමයි අද බොහෝ දෙනෙක්‌ රඟපාන්න එන්නේ. මේ අය ඔබ දකින්නේ කෙලෙසකද?

මේ රංගන වෘත්තිය අපි නිවැරදිව හඳුනාගත යුතුයි. වැරදි අදහසකින් මේ ක්‍ෂේත්‍රයට පා තැබුවාම වරදිනවා... සමහරු එන හැම චරිතයක්‌ම භාර ගන්නවා. කාලය පිළිබඳ කළමනාකරණයක්‌ නැහැ. තමන්ට වුවමනා දේ තෝරාගත යුතුයි. නිවැරැදි වැටහීමක්‌ නොමැතිනම් මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න අමාරුයි.

ඔබ නළුවෙක්‌... නර්තන ශිල්පියෙක්‌. ඒ හැරෙන්නට දැන් ඔබ ගායකයෙක්‌... රොෂාන් රණවන නමැති ගායකයා ඉස්‌මතු වෙන්න මෙතරම් කල් ගතවුණේ ඇයි?

මම කලින් කීවා වගේම අපි පළමුව තෝරාගැනීමක්‌ කළ යුතුයි... මම මුලින්ම රංගන ශිල්පියෙක්‌ වුණා... එය හරිහැටි කරන්න උත්සාහ කළා. ඒ උත්සාහය සාර්ථකයි කියා මම හිතනවා. ඉන්පසු නර්තනයට ආවා. නමුත් මම කුඩාකල පටන් දස්‌කම් දැක්‌වූයේ ගායනයට. නළුවෙක්‌ වෙන්න කිසිම අදහසක්‌ තිබුණේ නැහැ. මම පාසලේ ගායනා තරගවලින් ජයගත්තා. ගායකයෙක්‌ විදිහට හැකියාවන් පෙන්වන්න මැදිහත් වුණේ සහෝදර ශිල්පි ජීවන් හඳුන්නෙත්ති. මම රන් සමනළයෙක්‌... ගීය පළමුව ගැයුවා. දෙවනුව "නීල නෙත්" ගීය ගැයුවා. zආදරේ නාමෙන්Z චිත්‍රපටයේ මා එක්‌ක රඟපෑ ප්‍රෂාන් එක්‌ක ගීයක්‌ ගැයුවා. තව සිංදු ටිකක්‌ කරලා ඇලබම් එකක්‌ නිකුත් කරන්න තමයි ඉන්නේ...

මේ දිනවල තිරගතවන "මහින්දාගමනය" චිත්‍රපටයේ මෙතෙක්‌ රඟ නොපෑ ආකාරයේ චරිතයක්‌ ඔබ රඟපානවා. එය ඔබට දැනුණේ කොහොමද?

ඇත්තටම මට මතක්‌ වෙනවා පළමුවැනි දර්ශනය රූගත කරද්දී දෙබස්‌ හරිම අමුතුයි. ඒ වෙද්දි මම පෙම්වතෙක්‌ විදිහට තමයි චිත්‍රපටවල දෙබස්‌ උච්චාරණය කරලා තිබුණේ. දැන් මහින්දාගමනය දෙබස්‌ කියද්දී මට අමුත්තක්‌ දැනුණා.... මම හරියට කියනවද... දන්නේ නැහැ කියා මටම හිතුණා. මම හැම වෙලාවෙම අධ්‍යක්‍ෂ සනත් අබේසේකරගෙන් ඇහුවා හරි නේද... ෂුවර් නේද... කියලා... මේක ඓතිහාසික සැබෑ චරිතයක්‌.... චකිතයක්‌ ඇති වුණා. හුඟාක්‌ අමාරු වුණා දෙබස්‌ කියන එක. ඒත් මම හිතනවා මම ඒ චරිතයට සාධාරණය කරලා ඇති කියලා. හොඳ ප්‍රතිචාර ප්‍රේක්‍ෂකයාගෙන් ලැබෙමින් තිබෙනවා...

ඔබ නැවතත් පුංචි තිරයේ දකින්න ලැබෙනවා....?

ඔව්... "රන් සමනළයෝ" ටෙලි නාට්‍යය සඳරුවන් ජයවික්‍රම ස්‌වාධීන රූපවාහිනියට නිර්මාණය කරන්නේ... මේක කොටස්‌ එකසිය පනහක මෙගා නාට්‍යයක්‌.

ඔබ වඩාත් ජනප්‍රිය වුණේ නිතර නිතර ප්‍රේක්‍ෂකයාට මුහුණ පෙන්වලා නොවේ.... දැන් සතියේ දින පහක්‌ එකදිගට දකින්න ලැබුණාම කරමළෙත් සුදට පෙනෙනවා කියා හිතන්නේ නැද්ද?

නැහැ... මෙහෙමයි.... මම කලින් කිව්වා වගේ මම ටෙලි නාට්‍යයකින් එන්නේ කලකට පස්‌සේ. අනෙක මේක විකාශනය වෙන්නේත් ටික කාලයයි. අඩුම ගානේ කොටස්‌ 150 ක්‌ හෝ 200 ක්‌. මම රඟපාන්නෙත් මේ ටෙලි නාට්‍යයේ විතරයි. එනිසා මට හිතෙනවා ප්‍රශ්නයක්‌ නැහැ කියලා.... හරි හෝ වැරදි හෝ වේවා මම මේ අවදානම භාරගත්තා... මම හිතනවා මෙය මට හානියක්‌ වෙන එකක්‌ නැහැ කියලා.

නළුවෙකුට හෝ නිළියකට වෙබ් අඩවියක්‌ (web site) අවශ්‍යමද?

ඒක ඉතින් එක එක්‌කෙනාගේ හැටියට. වෘත්තීයමය නළුවෙක්‌ නම වෙබ් එකක්‌ අවශ්‍යයි. ඒක ඔහුගේ නිර්මාණ ජීවිතයට උපකාරි වෙනවා. ජාත්‍යන්තරවත් එය වැදගත්. අනෙක වෙබ් එකක අදාළ නළුවාගේ සෑම ජීව දත්තයක්‌ම අඩංගු වෙනවා. ඒක චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකුට විශාල උදව්වක්‌ වෙනවා ඒ නළුවා ගැන සොයා බලන්නට. අනෙක අද අපේ රටෙත් බොහෝ දෙනෙක්‌ නව තාක්‍ෂණය එක්‌ක සම්බන්ධයිනේ... ඉතින් රසික රසිකාවියන් වුණත් කැමැතියි වෙබ් එක හරහා තමන් ආදරය කරන ශිල්පියාගේ තොරතුරු දැනගන්න. මම හිතනවා නළුවෙකුට සීයට අනූවක්‌ විතර වෙබ් එක ප්‍රයෝජනවත්.

ඒකද ඔබත් දැන් වෙබ් අඩවියක්‌ නිර්මාණය කරන්නේ?

ඔව්... කලක ඉඳලා එවැන්නක අවශ්‍යතාව දැනුණා. කාලය එළැඹෙන තරු බලාහිටියා. මම හිතුවා දැන් ඒ සඳහා කාලය කියලා. මගේ වෙබ් සයිට්‌ එක මෙම 22 වැනිදා සිට අන්තර්ජාලයට මුදාහරිනවා... ඕනෑම කෙනකුට ඒ ඔස්‌සේ මා ගැන විස්‌තර දැනගන්න පුළුවන් වේවි. වෙබ් එකට පිවිසෙන අයුරු 22 වැනිදාට කියන්නම්.

විවාහය කෙනකුගේ ජීවිතයේ වැදගත්ම අවස්‌ථාවක්‌. මේ වැදගත් මොහොතට ඔබ තවම සූදානම් නැද්ද?

ඇත්තම කිව්වොත් ඇත්තටම නැහැ. වයස හරි කියලා හිතුවත් විවාහය සඳහා මනසින් සූදානම් විය යුතුයි. විවාහය කියන්නේ කාර් එකක්‌ ගන්නවා වගේ වැඩක්‌ කියලා සමහරු හිතනවා. කෑම කනවා වගේ කරන්න ඕන නිසාම කළ යුත්තේ කියලත් ඇතැමුන් හිතනවා. ඒත් විවාහය කියන්නේ වගකීමක්‌.... අපි කරන හැම කාර්යයකටම වඩා වැදගත් දෙයක්‌. කෙනකුගේ විවාහය නිසා ඔහුගේ ජීවිතය ඇතිවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එම නිසා මම තවම මේ වගකීම භාරගන්න සූදානමක්‌ නැහැ. නළුවෙකු විදිහට මම තව දුර යායුතුයි.

විවාහය නිසා ඔබට ඔබේ රසික රසිකාවියෝ අහිමි වේයි කියා හිතනවද?

නැහැ... මම එහෙම හිතන්නේ නැහැ... දැන් බලන්න ඉන්දියාවේ ඉහළින්ම ඉන්න නළු නිළියෝ. ඒ අය ඔක්‌කොම කසාද බැඳලා... ඒ වුණාට මම තවම විවාහයක්‌ ගැන හිතන්නේ නැහැ.


අජිත් අලහකෝන්
ඡායා - දිනේෂ් ගමගේ

Copy Rights - Divayina

READ MORE - ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණයෙක්‌ නොවෙයි

ගින්නක් නැතිව නඟින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා

ගින්නක් නැතිව නඟින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා

ජැක්සන් ඇන්තනී

අන්තර්ජාලය කියන්නේ වර්තමාන ලෝක සන්නිවේදනයේ ඉහළම තාක්ෂණික දියුණුවයි. මේ සුපිරි තාක්ෂණය හසුරුවන්න ඕනැත් සුපිරි ජනමාධ්‍ය දැනුමක් ඇති පළපුරුදු වෘත්තිය මාධ්‍ය කරුවන්මයි. ලෝකයේ එහෙම වෙනවා ඇති.

අපේ රටේ එහෙම වෙනවද කියලා සැක සහිතයි. ගම්මැද්දේ ගහක එල්ලා තිබුණු කැලෑ පත්තරයත් සන්නිවේදන මාධ්‍යයක් තමයි. හැබැයි ඒක ජන සන්නිවේදනය නොවෙයි. ජන සන්නිවේදන ශිල්පියාට කැලෑ පත්තර කාරයාට වඩා සමාජ මානව වගකීමක් තියෙනවා.

හැබැයි අපේ රටේ මේ සුපිරි අන්තර්ජාල සන්නිවේදනයේ කැලෑ පත්තරෙන් එහාට නොගිය පහත් සන්නිවේදනත් තියෙනවා. ප්‍රවෘත්තියක් පළ කරන කොට එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ වගකීමක් තියෙන්නේ වගකීම් සහිත ජන සන්නිවේදකයාටයි. කැලෑ පත්තර කාරයාට ඒ වගකීම නෑ.

ප්‍රතිරූප වලට ගල් ගැසීම හෙවත් ‘ඵල ඇති රුකට වවුල්ලු වැහීම’, ‘කිරි ගස් වලට හෙණ ගැහීම’ අද අන්තර්ජාලයේ අලුත් ම මෝස්තරය වෙලා. ගින්නක් නැතිව නගින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා. ‘බොරුව‘ සහ ‘අමූලික බොරුව‘ අතර තියෙන වෙනසවත් මේ අය දන්නේ නෑ. කාට හෝ අනියත චෝදනාවකින් මඩ ගසා තමන්ගේ වෙබ් පිටුව ප්‍රසිද්ධ කර ගැනීමේ මෝස්තරය හරි අනුවණයි.

මේ අය දන්නෙ නෑ ‘ප්‍රසිද්ධිය’ සහ ‘ජනප්‍රියත්වය’ කියන වචන දෙකේ වෙනස. පාර මැද්දෙ හෙලුවැල්ලෙන් හිට ගත්තහම ජනපි‍්‍රය වෙන්නෙ නෑ. හැබැයි ප්‍රසිද්ධ වෙනවා. ‘හිට්ලර් ජනප්‍රිය නෑ. හැබැයි ප්‍රසිද්ධයි.

මතක තියාගන්න ඕනෙ මේ සයිබර් අවකාශයේ ඉතාමත් ප්‍රයෝජනවත් තොරතුරු තියෙනවා. ලංකාවේ ඉන්න වෙබ් මාධ්‍ය කරුවන් හැමෝටම මේ චෝදනාව එල්ල කිරීම වැරදියි. මා පවා පෞද්ගලිකව වෙබ් පිටු වලින් අධ්‍යාපන ලබනවා. විද්‍යුතයට ගැළපෙන දියුණු වූ මාධ්‍ය අවබෝධයෙන් යුතු නිවැරදි මාධ්‍ය කරුවන් අතරින් මේ නිර්නාමික කැලෑ පත්තර කාරයා වෙන් කොට හඳුනා ගත යුතු වෙනවා.

මේ මාධ්‍ය විරෝධී මඩ ව්‍යාපාරවලින් සයිබර් අවකාශය බේරා ගන්න වෙනවා. මේ නිර්නාමික විද්‍යුත් කැලෑ පත්තර වලින් හානි වෙන්නෙ ලංකාවේ ජනමාධ්‍ය කලාවයි. සියලුම ජනමාධ්‍ය ප්‍රාමාණිකයින්, වගකිව යුත්තන් මේවාට විරුද්ධව ප්‍රතිපත්තිමය ලෙස නැගී සිටීමක අවශ්‍යතාව පෙනෙනවා. නැත්නම් මේ රටේ අනාගත පරම්පරාවත් විනාශයි, මාධ්‍ය ප්‍රජාවත් විනාශයි, සයිබර් අවකාශයත් විනාශයි.


Copy Rights - Silumina

READ MORE - ගින්නක් නැතිව නඟින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා

අපි කරන හොඳ දේවල් වෙබ් අඩවිවල යන්නේ නෑ

අපි කරන හොඳ දේවල් වෙබ් අඩවිවල යන්නේ නෑ

අයෝමි ශානිකා

මම හිතන විදිහට මේ වගේ වෙබ් අඩවි පවත්වා ගෙන යන පුද්ගලයන්ට උපරිම දඬුවම් දෙන්න ඕන.

එක් කෙනකුට දඬුවමක් දුන්නට පස්සෙ නැවතත් මේ අය මේ වගේ වැඩ කරන්නේ නැහැ.

මම දැනුවත්ව නරක විදිහට මගේ නම කැත කරන ප්‍රවෘත්ති අන්තර් ජාලයේ පළ නොවුණත් මගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වෙලා මම වගේ පෙනී සිටිමින් මගේ රසිකයන් මුලා කරපු පිරිසක් හිටියා.

ඇත්තටම ඒ වගේ නරක නීති විරෝධී වැඩ අන්තර්ජාලය හරහා සිදුවෙනවා. අපි කරන හොඳ දේවල් මේ වෙබ් අඩවිවල යන්නේ නැහැ.

ඉතාම බොරු ගොතමින් අපේ නම කැත වෙන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ප්‍රචලිත කිරීම සිදුවෙනවා.

මේ අයට දඬුවම් කරන්න කටයුතු කළ යුතුයි කියා මම සිතනවා.


Copy Rights - Silumina


READ MORE - අපි කරන හොඳ දේවල් වෙබ් අඩවිවල යන්නේ නෑ

මේ කැත වැඩවලට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන

මේ කැත වැඩවලට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන

උදයන්ති කුලතුංග

මගේ නමට මේ දවස්වල ඇති කරල තියෙන කැළල නම් හරිම දරුණුයි. හරිම කැත විදිහට මමත් සංගීත අංශයේ ප්‍රවීණයකුත් සම්බන්ධ කරලා. ඉතාම අශෝබන අන්දමේ ඕපාදූපයක් වෙබ් අඩවියක ප්‍රචලිත කරලා තියෙනවා.

ඇත්තටම මේ වෙබ් අඩවි පවත්වාගෙන යන අසීලාචාර මිනිසුන් ගැන මට නම් තියෙන්නේ හරිම කනගාටුවක්. මම මේ දේවල් මට කලා කියලා මානසික අතින් වැටෙන කෙනෙක් නෙමෙයි.

ඇත්තටම මේ දේ සාමාන්‍ය ගැහැනියකට වුණා නම් ඇය ගෙල වැළලා ගන්නවා. හැමෝම මේ ගැන දුරකතනයෙන් මගෙන් විමසනවා. ඇත්තටම එය හරිම දුකක්. මේ වගේ වෙබ් අඩවි පවත්වා ගෙන යන මිනිසුන්ට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන.

මම නං කැමැති ඒ වගේ කැත මිනිසුන්ව එල්ලලා මරනව නම් මගේ ජනප්‍රියත්වය, හැකියාව, ක්ෂේත්‍රයේ ඉහළට යන එක දැක ගන්න බැරිව, දරාගන්න බැරිවයි මේ වගේ වැඩ කරන්නේ.

මම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා හිටිනවා මේ වගේ ඉතාම අමානුෂික බොරු ප්‍රචාර ගෙන යන මිනිසුන්ව හොයලා ඒ අයට විරුද්ධව කටයුතු කරන්න කියලා. අද මට වුණු දේ මේ ක්ෂේත්‍රයේ ඉන්න වෙන කලා ශිල්පිණියකට හෙට වෙනවා දකින්න මම කැමැති නැහැ.


Copy Rights - Silumina

READ MORE - මේ කැත වැඩවලට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන

මම ඔය ඕපාදූපවලින් සැලෙන කෙනෙක් නෙමෙයි

මම ඔය ඕපාදූපවලින් සැලෙන කෙනෙක් නෙමෙයි

උදාරි වර්ණකුලසූරිය

මේ දවස්වල වෙබ් අඩවිවල මගේ නමට වැඩි ඉඩකඩක් දීලා තියෙනවා, අපහාස කිරීම් වලින්ම. හැම මාසයකම ‘උදාරි වර්ණකුලසූරිය’ කියන නමට නම් මොනවා හරි අපහාස කිරීමක් නම් අනිවාර්යයි.

ඇත්තටම වෙබ් අඩවි වල ඕපාදූප යන්න ඕන. නමුත් ඉතාම කැත විදිහට අපිට කෙනකුගෙ මූණ බලන්න බැරි වෙන විදිහට තමයි මේ වෙබ් අඩවිවල විවිධ ප්‍රවෘත්තී අපේ නම අළලා පළ වෙන්නේ.

මෙය ඇත්තටම නවත්තන්න ඕන. ඇයි අපිට මේ විදිහට අපහාස කරන්නේ. එක දවසක ඇමැති කෙනෙක් ගෙ නමක් එක්ක මගේ නම ඈදල ප්‍රවෘත්ති පළ කරනවා. තවත් දවසක රටේ ජනප්‍රිය පුද්ගලයකු එක්ක ගියා කියල ඕපාදූප කතන්දර හදනවා.

ඇත්තටම අපේ ජනප්‍රියත්වය උහුලගන්න බැරි අය තමයි මේ වැඩ කරන්නේ. ඒ අයට අපි ඉහළට යනව දකින්න අපහසුයි. මම හිතන්නේ පල ඇති රුකටනේ ගල් ගහන්නේ.

මම මේ දේවල්වලින් සැලෙන කෙනෙක් නෙමෙයි. මම හැමදේම ධනාත්මකව හිතන කෙනෙක්. මගේ ගමන මේ වගේ බොළඳ පහත් දේවල්වලින් නවත්වන්න කිසිවෙකුට බැහැ. ඇත්තටම මගේ නම විකුණලා තමන්ගේ ලාභය තකා තමන්ගේ වෙබ් අඩවි ප්‍රචලිත කරගන්න හදන ඒ අශීලාචාර මිනිසුන්ට මම අනුකම්පා කරනවා

Copy Rights - Silumina
READ MORE - මම ඔය ඕපාදූපවලින් සැලෙන කෙනෙක් නෙමෙයි

යෞවන ප්‍රේමය ඔබට තවමත් ආගන්තුකද?

Saturday, June 11, 2011

මම ආදරය කරනවා ඒ වගේම ආදරය ලබනවා

ආශා එදිරිසිංහ

අද ‘සතුටු සාමීචිය’ට එක්වන කලා ශිල්පිනිය ආශා එදිරිසිංහ. ආශා රූපවාහිනී නිවේදිකාවක ලෙසත් ටෙලිනාට්‍ය රංග ශිල්පිනියක ලෙසත් ප්‍රේක්ෂකයින් අතර ප්‍රසාදයට ලක්වී ඇති සුරූපී යෞවනියකි. ‘නිල් නෙතු’, ‘සුළඟ’ වැනි ටෙලිනාට්‍ය ආශාගේ රංගන හැකියාව පිළිබඳව සාක්ෂි දරයි. ආශා කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක ද වන්නීය.

ඔබ කලාවට එක්වුණේ පුංචි අවධියේදීම නේද?

ඔව්. මට වයස අවුරුදු 11දී තමයි මම ටෙලිනාට්‍ය රංගනයට දායක වුණේ. ඒ; සතිස්චන්ද්‍ර එදිරිසිංහ සර්ගෙ “ගිරිකුළ අන්දරය” ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින්. උසස් පෙළ හදාරන විටයි විශ්වවිද්‍යාලයේ මුල් අවුරුද්දෙ ඉගෙන ගන්නා විටයි කලා කටයුතුවලට එක්වුණේ නෑ. පසුව ‘සසඳරා’, ‘යශෝ මන්දිර’ වැනි ටෙලිනාට්‍යවලට දායකවෙන්න අවස්ථාව ලැබුණා.

ඒ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නා කාලෙදිමයි. පසුව අධ්‍යාපන කටයුතු නිසා රංගන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වුණා. විශ්වවිද්‍යාලයෙන් පිටවුණාට පස්සෙ නිවේදිකාවක් හැටියට ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණා. ඒ වගේම ගීතවල රූප රචනාවලට රංගනයෙන් දායක වුණා.

ඒ අතරේ තමයි මහේෂ් සත්සර අයියගෙයි එරංග සේනාරත්න අයියගෙයි ආරාධනයට ‘නිල් නෙතු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. මම ඉතාම ආශාවෙන් ‘නිල් නෙතු’ ටෙලිනාට්‍යයේ වැඩ කළා. ඉන්පසුව තමයි ‘සුළඟ’ ටෙලිනාට්‍යය කළේ.

’සුළඟ’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ ඔබද?

නැහැ. මගෙ තාත්ත තමයි එය කළේ.

’සුළඟ’ කළේ ඔබට රඟපාන්නද?

ඇත්තටම නෑ. මටත් තාත්තටත් ලොකු ආශාවක් තිබුණා හොඳ ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න හොඳ ලස්සන රූපරාමු තියෙන. සඳරුවන් අයිය තමයි ‘සුළඟ’ අධ්‍යක්ෂණය කළේ. ඒකෙ හොඳ චරිතයක් මටත් ලැබුණා. එහෙම නැතිව මට රඟපාන්න ‘සුළඟ’ නිර්මාණය කළේ නෑ.

ඔබ රූපවාහිනී නිවේදිකාවක් ලෙස කටයුතු කරන වැඩසටහන් ගැන කතා කළොත්..?

බොහොමයක් රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතරට යන්න මට අවස්ථාව ලැබුණේ “හීන හතක්” රූපවාහිනී වැඩසටහන නිසා. මුලපටන්ම මම ඉතාම ආශාවෙන් කළ වැඩසටහනක් ඒක. ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න සිදුවුණොත් ඒකට දින වෙන් කරගත්තෙ ‘හීන හතක්’ වැඩසටහනට බාධාවක් නොවන විදියට. ඒ තරම්ම මම ‘හීත හතක්’ වැඩසටහනට ආදරෙයි. ‘හීන හතක්’ ස්වාධීන රූපවාහිනියේ සංගීත වැඩසටහනක්. මම ඉතාම ආශාවෙන් කළ තවත් වැඩසටහනක් තමයි ස්වාධීන රූපවාහිනියෙන්ම විකාශය වන”ඉබභඤඪධ-01” සංගීතමය වැඩසටහන. ඒක උසස් රසවින්දනයකට මඟ කියාදෙන වැඩසටහනක්.

ඔබ වඩාත් කැමැති නිවේදන කටයුතුවලට ද, රංගනයටද?

මට හිතෙන විදියට නිවේදන කටයුතුවලට මා තුළ ලොකු හැකියාවක් නෑ. ඒත් ගොඩක් දෙනෙක් මට කියනව “ඔයා වැඩසටහන් ඉදිරිපත් කරන හැටි හොඳයි සරලයි” කියල. ඒත් මට හිතෙනව නිවේදන කටයුතුවලට වඩා පුංචි හෝ හැකියාවක් රංගනයට තියෙනව කියල. ඒ නිසා මම රංගනයට වැඩියෙන් කැමැතියි.

ඔබ රංගනයෙන් දායකවී ඇති ඉදිරියේ දී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍ය මොනවාද?

මම රංගනයෙන් දායකවුණු ’රන් සමනළයෝ’ ටෙලිනාට්‍යය ළඟදීම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. එය ආදරය ගැන කියවෙන ලස්සන ටෙලිනාට්‍යයක්.

රංගනයේදී ඔබ ඔබටම සීමා පනවාගන්නවාද?

ඇත්තෙන්ම ඔව්. නමුත් ඒක ලොකුකමකට කරන දෙයක් නෙමෙයි. රංගනයේ මම දීර්ඝ කාලයක් යෙදෙන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් මම කැමැතියි මගෙ සීමා, මගෙ ප්‍රතිපත්ති ඇතුළෙ මම කරන දේ හරියට කරන්න. ටෙලිනාට්‍යයකට මට ආරාධනා ලැබුණු විට අධ්‍යක්ෂවරයා එක්ක කතාකරල මට ඒ චරිතය හොඳින් කරන්න පුළුවන් කියල හැඟුණොත් මම ඒ චරිතය අනිවාර්යයෙන්ම බාරගන්නවා.

චිත්‍රපට සඳහා තවම ඔබට ආරාධනා ලැබී නැතිද?

චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. ඒත් ඒවා බාරගන්න මට හැකියාවක් තිබුණේ නෑ. ඒකට හේතුව තමයි එම චිත්‍රපටවල තේමා මට නොගැළපීම. ඒ වගේම ඇතැම් චිත්‍රපට විදෙස් රටවල රූගත කිරීම් තිබු ඒවා. මගෙ අම්ම හෝ තාත්ත හෝ සමඟ ඒවාට සහභාගි වෙන්න ලැබුණ නම් මම සහභාගි වෙනවා. ඉදිරියේදී හොඳ චිත්‍රපටයකට ආරාධනයක් ලැබුණොත් ඒ ආරාධනය බාරගන්න මම සුදානම්.

ඔබ උපාධිය ලබාගත්තෙ කුමන විෂයයෙන්ද?

මම ලබාගෙන තියෙන්නෙ කළමනාකරණ වාණිජවේදී විශේෂ උපාධියක්.

ඔබ උසස් අධ්‍යාපනය ලද ක්ෂේත්‍රයෙන් රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැතිද?

මම ගොඩක් කැමැතියි මානව සම්පත් කළමනාකරණය කියන විෂයෙන් රැකියාවක් කරන්න. විශේෂයෙන්ම එය රජයේ රැකියාවක් වුණොත් වඩාත් කැමැතියි.

ඔබේ පවුලේ තොරතුරු?

අම්ම, තාත්ත, අයිය, අක්කා, මම තමයි අපේ පවුල. අපි හරිම සතුටින් ඉන්නවා.

යෞවන ප්‍රේමය ඔබට තවමත් ආගන්තුකද?

නැහැ. මම ආදරය කරනව. ආදරය ලබනව.

ජීවිතයේ මොනවගේ අරමුණු ද බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ?

’සුළඟ’ ටෙලිනාට්‍යයට එහා ගිය හොඳ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීම එක් බලාපොරොත්තුවක්. ඒ වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳව හොඳ හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ළඟදීම ඉටුකරගත හැකි බලාපොරොත්තුවක් නෙමෙයි. ඒකට තව අවුරුදු ගණනාවක්ම යාවි. කවදාහරි හොඳ නිර්මාණයක් කිරීමයි මගේ අරමුණ. ඒ වගේම ජීවිතයට සාර්ථකව මුහුණදීමයි මගේ ප්‍රධානම අරමුණ.

READ MORE - යෞවන ප්‍රේමය ඔබට තවමත් ආගන්තුකද?

මාලී රුවන්මාලි.... මගේ ජීවිතය වෙනසකට ලක්‌කළා

Friday, June 10, 2011

මාලී රුවන්මාලි.... මගේ ජීවිතය වෙනසකට ලක්‌කළා
- ක්‍රිස්‌ටීන් ගුණවර්ධන

ක්‍රිස්‌ටීන් - එදා සුමනා අමරසිංහ සහ නීටා ප්‍රනාන්දු සමඟ විමලදාස පෙරේරාගේ "සමනළ කුමරියෝ" චිත්‍රපටයේ රඟපෑ අවස්‌ථාවකි.

ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ ක්‍රිස්‌ටීන් ගුණවර්ධන ගැයූ ජනප්‍රිය ගීත සමුච්චයක්‌ රැගත් "ආරාධනා 2" සංයුක්‌ත තැටිය ඉකුත්දා එළිදැක්‌විණි. "ආරාධනා, මා ඉපදුන රට, මාලි, නෑ වාසනා, පෙම් රජදහනේ මගේ ශ්‍රී ලංකා, ලස්‌සන දවසක්‌, පොල්කිචි කිරිල්ලියේ, ඡේසු බිළිඳා ඔබයි, මංගල මහ තරු වේ, නත්තල් ජයශ්‍රී ආදී ගී එහි ඇතුළත්ය. මේ ක්‍රිස්‌ටින් සමග කළ පිළිසඳරකි.

කණ්‌ඩායම් සංගීතය අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයට අලුත් අත්දැකීමක්‌ එක්‌ කළේය. ඒ මීට දශක තුනහතරකට පමණ පෙරය. එදා වෙනස්‌ ආකාරයේ අත්දැකීමක්‌ වුවත් කල්ගත වෙද්දී කණ්‌ඩායම් සංගීතය අප හදවත්වල ප්‍රබෝධයක්‌ ඇති කරවන්නට සමත් ගීත ශෛලියක්‌ විය. අද ද එය ඒ තරමටම ජනප්‍රියය.

ඉඳුනිල් මිණි කැට පරදවන
ඇගෙ නෙත් යුවළින් කැළුම් විහිදුන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
ඒ තොල් නාදළු පරදවන
මාලී..... රුවන් මාලි...... මාලී රුවන් මාලී....

මේ කණ්‌ඩායම් සංගීතය නිසා මීට දශක හතරකට පමණ පෙර අපට දායාද වූ ගීයකි. පරම්පරා ගණනාවක්‌ ඉතා කැමැත්තෙන් මිමිණු ගීයකි. මෙතරම් ජනප්‍රිය වූ මේ ගීය ගයන්නේ ක්‍රිස්‌ටීන් ගුණවර්ධනය. ඕ මාධ්‍ය ඔස්‌සේ වැඩිපුර කතාබහට ලක්‌ නොවූ චරිතයකි. එය ඇගේ වරදක්‌ද මාධ්‍යයේ වරදක්‌ද යන්න සොයා බැලීම පසෙකලා අපි ඇය හමුවූයේ ඒ ගීයට හා ගී හඬට ආදරය කරන රසික සමූහයා වෙනුවෙනි. සැබවින්ම ඕ ප්‍රචාරය ඉල්ලා මාධ්‍ය පසුපස හඹා යන්නියක්‌ නොවූවාය.

මගේ පියා ක්‍රිස්‌ටෝපර් ප්‍රනාන්දු. හොඳ වයලීන වාදකයෙක්‌. අපේ ගෙදර නිතරම සංගීත නාදයෙන් පිරිලා. මට පුංචි කාලෙ ඉඳලාම සංගීතය හුරු වුණා. තාත්තා සමහර අවස්‌ථාවල විවිධ සංගීත ප්‍රසංග බලන්න මාවත් කැඳවාගෙන ගියා. මගේ දස්‌කම් පෙන්වීම ආරම්භ කළේ පාසලේදී. මෝදර ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ කන්‍යා සොයුරියන් හැම ගායනා තරගයකටම මාව යොමු කළා. ඒ තරගවලින් ජය ගත්තා.

ක්‍රිස්‌ටීන්ගේ ගම මෝදරය. ප්‍රවීණ නළු ටෝනි රණසිංහ, ග්‍රැන්විල් රුද්‍රිගු, හයසින්ත් විජේරත්න, වොලී බැස්‌ටියන් ආදී ශිල්පීන් ගණනාවක්‌ම මෝදර ග්‍රාමයෙන් කලා ලොවට දායාද කළ අයය.

මාලී ගීය මුල්වරට මම ගැයුවේ පාසල් යද්දී. මම ප්‍රසංගවලට ගී ගයද්දී ලා සිලනියස්‌ සංගීත කණ්‌ඩායම මාලී ගීය ගයන්න ගායිකාවක්‌ සොයමින් සිටියා. ඒ වෙද්දී මම ලාබම්බාස්‌ කණ්‌ඩායමටත් ගී ගයමින් සිටියා. පසුව එය තැටිගත කළා. මම මේ ගීතය ගයද්දී මිල්ටන් මල්ලවාරච්චි ප්‍රසිද්ධියට පත්වෙලා නැහැ. "මාලි රුවන් මාලී" කියන කෝරස්‌ එකට මිල්ටනුත් සම්බන්ධ වුණා. ගුවන් විදුලියට මම පළමුවරට තැටිගත කළේත් මේ ගීය. "ලාබම්බාස්‌" සමගත් මම ගීත හතරක්‌ තැටිගත කළා.

ක්‍රිස්‌ටීන් චිත්‍රපට රංගනයට ද සම්බන්ධ වූවාය. හැත්තෑව දශකය අපේ ගීතයේත්, සිනමාවේත් ස්‌වර්ණමය යුගයයි. එවන් යුගයක සිනමාවට ආ ඕ.... ඒ ගැනද ඉතා අභිමානයෙන් යුක්‌තව සිහිපත් කළාය.

මම ලස්‌සන මුහුණු තරගයට සහභාගි වුණා. ඒ තරගයෙන් ජයග්‍රහණය කරන තුන්දෙනකුට විමලදාස පෙරේරාගේ "සමනල කුමරියෝ. චිත්‍රපටයේ රඟපාන්න අවස්‌ථාවක්‌ ලබා දුන්නා. මේ තරගයෙන් මමත්, සුමනා අමරසිංහත් නීටා ප්‍රනාන්දුත් තේරුණා. අපි තුන්දෙනාම සමනල කුමරියෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. ඉන් පස්‌සේ ධර්ම ශ්‍රී කල්දේරාගේ, මී මැස්‌සෝ චිත්‍රපටයට මාව තෝරා ගත්තා. සෝනියා දිසානායක සහ ගාමිණී ෙµdන්සේකා සමග මම ඒ චිත්‍රපටයේ රඟපෑවා.

ඒත් මම වඩාත් කැමති වුණේ ගීත ගයන්න..... රුක්‌මණී දේවියගේ ගීත තමයි මම වැඩිපුරම ගායනා කළේ. එඩී ජයමාන්න මහතා මගේ අම්මාගේ පැත්තෙන් නෑයෙක්‌ වෙනවා. සඳක්‌ නැගී, මල්බර හිමිදිරියේ වැනි ගීත මම ගායනා කළා. ඒත් විවාහවීමත් සමග මට වැඩිපුර ගත කරන්න වුණේ විදේශවල. ඒ නිසා කලා ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙන්න සිදු වුණා.

ක්‍රිස්‌ටීන් පවුලේ තොරතුරු අප හමුවේ හෙළිකළා. ඒ මේ ආකාරයටයි.

මගේ මහත්තයා ඇනස්‌ලි ගුණවර්ධන රබර් කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරිකයෙක්‌. මාලී ගීය ලස්‌සන දියණියක ගැන කියෑවෙන ගීයක්‌. ඒ නිසාම මම අපේ දුවටත් මාලි කියන නම තැබුවා.

මගේ පුතා මාලන් ගුණවර්ධන. මට වගේම ඒ තුන්දෙනාටත් ගීත ගයන්න පුලුවන්. පුතා නම් ලස්‌සනට ගී ගයනවා. මා සමග රූපවාහිනි වැඩසටහන්වලත් පුතා ගීත ගැයුවා. මාලන් එංගලන්තයේත්, ඕස්‌ටේ්‍රලියාවේත් ඉංජිනේරු තාක්‌ෂණය පිළිබඳ විශේෂ උපාධියක්‌ ලබාගත් කෙනෙක්‌. ඒත් පුතා නියෑලී ඉන්නේ සංගීත ක්‍ෂේත්‍රයේ. පුතා දක්‍ෂ ගීත ගයන අය සහ සංගීත කණ්‌ඩායම් තෝරාගෙන ගීත නිර්මාණය කරදී ඔවුන් ජාත්‍යන්තර තලයට ගෙන යැමේ කටයුත්තක නියෑලී ඉන්නවා. පුතාටම අයත් ලේබලයක්‌ තියෙනවා. මාලින් රෙකෝඩින් කියලා. පුතා මේ වන විටත් නිව්යෝර්ක්‌, එංගලන්තය සහ ඕස්‌ටේ්‍රලියාවේ ප්‍රසිද්ධ නමක්‌ දිනාගෙන ඉන්නවා. ඕස්‌ටේ්‍රලියාවේදී පුතාගේ නිර්මාණයකට සම්මානයක්‌ ලැබුණා. ඒ අවස්‌ථාවේ ඒ රටේ ටී. වී. එකේ පෙන්වද්දී ගුණවර්ධන කියන නම නිසා එරට පදිංචි ශ්‍රී ලාංකිකයන් මේ ලංකාවේ කෙනෙක්‌ කියලා දැනගෙන සුබ පතන්න පටන් ගත්තා. එය මට අමතක නොවන සිද්ධියක්‌. මා ජීවත්ව සිටියදීම මගේ පුතාට මෙවැනි ප්‍රසාදයක්‌ ලැබීම මගේ රටටත් ගෞරවයක්‌.

මාලී...... ගීය ක්‍රිස්‌ටීන් වඩාත් ආදරය කරන ගීයක්‌. ඒ බව අපට දැනුණේ ඇය කතා කළ සෑම අවස්‌ථාවකදීම මාලී ගීය ගැනද සඳහන් කිරීම නිසාය. මම මාලි ගීතය නිසා වඩාත් ජනප්‍රිය වුණේ රූපවාහිනි වැඩසටහන්වලට. ඒ ගීය ගැයීම නිසා ප්‍රේක්‍ෂකයන් මාව හඳුනා ගත්තා. හැත්තෑව දශකයේ පටන් අද දක්‌වාම වාදක කණ්‌ඩායම් වැඩිම වාර ගණනාවක්‌ ගායනා කළ ගීය "මාලී" වෙන්න ඇති. මගේ මේ ගීතය තවත් අය ගායනා කිරිම ඇත්තෙන්ම මට පුදුමාකාර සතුටක්‌. එහෙම ගයද්දී මුල් ගායකයා හෝ ගායිකාව ගැනත් සඳහනක්‌ කරනවා නම් ...... හොඳ දෙයක්‌.

ඕනෑම සාදයකදී මගේ ගීයක්‌ තව කෙනෙක්‌ ගයනවාට මම විරුද්ධ නැහැ. ඒත් කෙනෙක්‌ට අයිති ගීයක්‌ තවත් කෙනකු විසින් තැටිගත කරනවාට මම විරුද්ධයි. සුපිරි තරු තෝරන ගායනා තරගවලදී මගේ ගීත තරුණ ළමයින් ගයනවා. ඒ අවස්‌ථාවලදී මට ඒ විනිශ්චය මණ්‌ඩලවලත් ඉන්න ලැබිලා තියෙනවා. ඉතින් මා ඉදිරියේ මගේ ගීයක්‌ තරුණ දරුවෙක්‌ ගායනා කරද්දී දැනෙන හැඟීම හරිම හැඟුම්බරයි. මේ තරුණ අය හරිම දක්‍ෂයි. මා ජීවත්ව සිටියදීම මේ දක්‍ෂ ළමයින් මගේ ගීතයක්‌ ගැයීම.... කියන්න බැහැ ඒ සතුට......

ක්‍රිස්‌ටීන්......නිහතමානී ගති ගුණ ඇති නව පරපුර පිළිබඳ ද්වේෂයක්‌ හෝ ඊර්ෂ්‍යාවක්‌ නොමැත්තියක බව ඈ හා කතා බහ කරද්දී වැටහේ.

මට ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. මේ ප්‍රසංගවලට මගේ සහෝදර ශිල්පීන් සමග සහභාගිවෙද්දී හරිම සුන්දර අත්දැකීම් ලබනවා. මා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවැති හා බුත්තල පැවැති දැයට කිරුළ ප්‍රසංගවල දහස්‌ ගණනක්‌ ඉදිරියේ ගීත ගැයුවා. දහස්‌ ගණනකගේ අත්පොළසන් නාදයෙන් මට ප්‍රතිචාර එද්දී ඇතිවුණ හැඟීම වචනයෙන් විස්‌තර කරන්න බැහැ.

ක්‍රිස්‌ටීන් පසුගියදා ආරාධනා නමින් තැටියක්‌ වෙළෙඳපොළට නිකුත් කළාය. ඒ තැටියේ ගීත කිහිපයකම පදමාලා සහ තනු නිර්මාණ ක්‍රිස්‌ටීන්ගේය.

සංගීත ක්‍ෂේත්‍රයේ ඉන්න දක්‍ෂතම වාදක ශිල්පීන් යොදාගෙනයි මම මේ තැටිය කළේ. මට ඕනෑ වුණේ හොඳ දෙයක්‌ කරන්න. ටොරානා සහ කීල්ස්‌ වෙළෙඳ සල්වලින් මේ තැටිය ලබා ගන්න පුලුවන්.

ව්‍යාජ තැටිවලට රැවටෙන්න එපා කියලා මම මගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ තැටිය නිෂ්පාදනය කළේ මගේම ශබ්දාගාරයේ. මගේ සැමියා මට ලෝකයේ විශිෂ්ටතම ශබ්දාගාරයක්‌ තෑගි කළා. මේ ශබ්දාගාරයේ උපකරණ ශ්‍රී ලංකාවේ කිසිම තැනක නැති බව මම වගකීමෙන් කියනවා. මම කැමතියි හොඳ නිර්මාණ කරන්න කැමැති අපේ සහෝදර ශිල්පීන්ගේත්, නව පරපුරේත් ගීත නිෂ්පාදනය කිරීමට මගේ මේ ශබ්දාගාරයට එන්න කියා ආරාධනා කරන්න. අපි අපේ නිර්මාණ කළ යුත්තේ ජාත්‍යන්තරයට ගැළපෙන ලෙසයි. මම ඒ සඳහා සූදානම්.

ක්‍රිස්‌ටීන් දශක පහකට ආසන්න කාලයක පටන් තමන් සමග සිටින රසික රසිකාවියන්ටද ස්‌තූතිය පුද කළාය..... ඇගේ ගීත රස විඳ ඒ පිළිබඳ ගුණදොස්‌ බලාපොරොත්තුවෙන් ක්‍රිස්‌ටීන් පසුවන්නීය. මගේ දුරකථන අංකය 0773744998 ඕනෑම වෙලාවක කතා කරන්න නැත්නම් 110/17, ලේක්‌ ඩ්‍රයිව් කොළඹ 08 ලිපිනයට ලියන්න. මම සෑම විටකම මගේ රසිකයන්ගේ අදහස්‌ උදහස්‌ වලට කරුණාවෙන් යුතුව ඇහුම්කන් දෙනවා.

අජිත් අලහකෝන්


Copy Rights - Divayina

READ MORE - මාලී රුවන්මාලි.... මගේ ජීවිතය වෙනසකට ලක්‌කළා

හායි බේබි හායි *****************

Monday, June 6, 2011

හායි බේබි හායි ඉතින් මතකද?

මීට වසර කිහිපයකට ඉහත දී තිරගත වූ සුනිල් සෝම පීරිස්ගේ ‘හායි බේබි හායි’ සිනමා සිත්තම ඔබට මතකද? එහි සිඟිති සහ මල්ලිකා ලෙසින් ද්විත්ව චරිත සඳහා පණ පෙවූ පුංචි රංගන ශිල්පිනිය ගැනයි මේ තතු.

ඇය නමින් තක්ෂිලා මදුභානී වන්නීය. දැන් ඇය අ. පො. ස. සාමාන්‍ය පෙළත් කළ යොවුන් දියණියකි. නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන ඇය ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත කලා ආයතනයෙන් නර්තනය හදාරා තිබේ. එමෙන්ම ප්‍රදීපා ආරියවංශ යටතේ් භරත නර්තනය ද කුෂාණි වීරක්කොඩි මහත්මිය යටතේ බටහිර නර්තනය ද හදාරමින් සිටියි.

තම ප්‍රථම චිත්‍රපටය වූ ‘හායි බේබි හායි’ ඔස්සේ ළමා ප්‍රතිචාර ඇතුළු බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ තක්ෂිලා ඒ ගැන අපට කීවේ මෙසේයි.

සුනිල් සෝම අංකල්ගෙ චිත්‍රපටයකට මුලින්ම සම්බන්ධ වීම මා ලැබූ භාග්‍යයක්.

ඒ වගේම එහි ප්‍රධාන චරිතයට පණ පෙවීමට සිදුවීම මගේ රංගනයට හිමි වූ අපූරු සිහිවටනයක්.

ඒ විතරක්ම නෙවේ, එහිම ද්විත්ව චරිත නිරූපණය කිරීම තවත් සුවිශේෂීත්වයක්.

ඇය ඉන් පසුව ‘හිත හොඳ පිස්සෝ’, ‘අන්ඩර් ව’ල්ඩ්’ යන චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී ඇත. ඉදිරියේ දී තිරගත වීමට නියමිත ලලිත් පන්නිපිටිය ගේ ‘සංගිලි’ චිත්‍රපටයෙහි ද ඇයට උප ප්‍රධාන චරිතයක් හිමිව තිබේ. සිනමාපට රංගනයට අමතරව ඇය ටෙලි නාට්‍ය කිහිපයක් සඳහා ද එක් වූවාය. ඒ අතර ජැක්සන් ඇන්තනී සත්‍ය කතා ඇසුරින් නිර්මාණය කළ ‘යෙහෙළීී’ හි කොටස් කිහිපයක් සඳහා ද දායක වී තිබේ.

වෙළෙඳ දැන්වීම් කලාවට ද එක සේ ඇලුම් කරන තක්ෂිලා නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා ද එක්ව ඇත.

තක්ෂිලා ‘දුර්ගා නර්තන’ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසින් ද කටයුතු කරයි. තමන්ට කලා ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමට දිරි දෙන ආදරණීය අම්මා, තාත්තා වගේම රංගනයේ ඇගයීම් හා විවේචන දෙන දයාබර නංගි, මල්ලීවත්, පාසලේ යාළුවොත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඇය අමතක කළේ නෑ.

මේ පුංචි කලාකාරිනිය හමුවීමට ඔබටත් පුළුවනි. ඒ 0755981067 යන දුරකථන අංකය ඇමතීමෙනි.

READ MORE - හායි බේබි හායි *****************

ඒ ඇඳුම්වල අඟපසග පේනවා වැඩියිද?

නම?

අරුණි මෙන්ඩිස්.

ගම?

මීගමුව.

උපන් දිනය ?

1989. 09. 20

ඉගෙන ගත්තෙ?

මීගමුව නිව්ස්ටඩ් බාලිකාවෙන්.

වෘත්තිය?

රංගනය, නිවේදනය.

රඟපෑ නාට්‍යය?

හිරුමලී, සරා, හිතට වහල් වීමි, වස්සාන සිහිනය, ස්වයංජාත, සිහින සිතුවම්, ගැහැනු ළමයි, මිලා.

නිවේදනය කරන්නේ?

ජාතික රූපවාහිනියේ ලොතරැයි වැඩසටහන.

කලාවට එන්න හිතාගෙන හිටියද?

ඇත්තටම ඒක මගේ හිතේ තිබුණ සිහිනයක්.

රඟපෑම හදාරනවාද?

ඔව්.

ඔබ අනුගමනය කරන නිළියක් ඉන්නවද?

එහෙම විශේෂ කෙනෙක් නැහැ. ඒත් නවකයකුගෙන් හෝ වේවා ඉගෙන ගන්න යමක් ඇත්නම් ඉගෙන ගන්නවා.

අතීතයේ දවසකට යන්න අවස්ථාවක් ලබා දුන්නොත්?

පාසලේ උසස් පෙළ පංතියේ අන්තිම දවසට යන්න කැමැතියි.

සුබදායී ගමනක් යන්නට පෙරමගට බසිද්දී බාධාවක් ආවොත්?

ගණන් ගන්නේ නැහැ.

ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයකු ඔබට විවාහ යෝජනාවක් ගෙනාවොත්?

ප්‍රතික්ෂේප කරනවා.

ඒ ආදරවන්තයෙක් ඉන්න නිසාද?

ඔව්.

ඔහුගේ නම?

ඉදිරියේදී හෙළි කරන්නම්.

ලැබුණු චරිත ප්‍රතික්ෂේප කරලා තියනවද?

එක් චරිතයක් ප්‍රතික්ෂේප කළා. ඒ ඇඳුම් ප්‍රශ්නයක් නිසා.

ඒ ඇඳුම්වල අඟපසග පේනවා වැඩියිද?

ඒ චරිතයට ඒ ඇඳුම් ගැළපෙන්නේ නැහැ.

ඔබ බැනුම් අහන්නේ?

මං බැනුම් අහන්නේ නැති තරම්.

රඟපෑ චිත්‍රපට?

නැහැ.

සම්බන්ධ වෙන්න කැමැති මොන වගේ චිත්‍රපටයකටද?

ආදර කතාවකට.

ඔබ ජනප්‍රියද?

නැහැ.

රඟපාන්නේ ජනප්‍රිය වෙන්නද?

ඒත් නැහැ.

චිත්‍රපට නරඹනවාද?

ඔව්.

ඔබ දුටු අසාර්ථකම චිත්‍රපටය?

අසාර්ථකත්වය තුළිනුත් මං දකින්නේ හොඳක්. ඒ නිසා අසාර්ථක චිත්‍රපටයක් නම් කරන්න අමාරුයි.

ඔබේ සිතේ දුකක් තියෙනවාද?

පාසලෙන් ඉවත් වූ පසු මට එහි පැවැත් වූ එකම ආදි ශිෂ්‍ය දිනයකටවත් මට යන්න බැරි වුණා ෂූටිං නිසා. ඒ ගැන මට දුකයි.

ප්‍රිය කරන අධ්‍යක්ෂවරු තිදෙනෙක්?

ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සෝමරත්න දිසානායක.

ක්ෂේත්‍රය ගැන ඔබේ ප්‍රාර්ථනාව?

හැකිතාක් හොඳ නිර්මාණ බිහි වේවා!

ඔබව වැඩිපුරම වර්ණනා කරන්නේ?

මගේ නැන්දා.

නිතර අහන්න කැමැති ගීතය?

වික්ටර් රත්නායක මහත්මයා ගයන සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ.

අසාධාරණයකදී මොකද කරන්නේ?

මට කතා කරන්න පුළුවන් තැනකදී නම් කතා කරනවා.

කවුරු හරි ඔබට වෛර කරනවා නම්?

මං ඔහුට පුළුවන් අයුරින් සුහද වෙනවා.

උපන් දිනය දවසට?

පන්සල් යනවා.

වැඩිපුරම විශ්වාස කරන්නේ පිරිමි පාර්ශවයද? ගැහැනු පාර්ශවයද?

විශ්වාස කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුව විශ්වාස කරනවා.

ක්ෂේත්‍රයේ ඔබේ සමීපතමයා?

භද්‍රා නන්දනී ගුණරත්න.

උදව් කළ අය?

ජානක සිරිවර්ධන, ජී. නන්දසේන, සුදත් රෝහණ, නාලක වෙදමුල්ල, මොහාන් නියාස්, දිලුක ප්‍රසාද්, බර්ට්‍රම් නිහාල්, සුරේෂ් කුමාරසිංහ, රෙජිනෝල්ඩ් ජයමාන්න.

ජීවිතයේ ආදර්ශ පාඨය?

ඔව්, මට පුළුවන්.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

චුට්ටක් කටකාර කෙනෙක්.

ලිපිනය :
572/1,
පිටිපන,
මීගමුව.

READ MORE - ඒ ඇඳුම්වල අඟපසග පේනවා වැඩියිද?

කිලිං මී සොන්ට්‌ලි.'''''''''''''''''

Sunday, June 5, 2011

ආදරය තියෙන්නෙ කොතනද කියල හොයන්න වෙලා...
චංචලා වර්ණසූරිය

මේ දිනවල වේදිකාවට මෙන්ම පුංචි තිරයට ද හුරු පුරුදු නිළියක්‌...... "සාජන්ට්‌ගේ නැන්දම්මා" වේදිකා නාට්‍යයේ ද ප්‍රධාන චරිතයක්‌ රඟන චංචලා ටෙලිනාට්‍ය කිහිපයක ද මේ වනවිට රඟපා ඇත.

චංචලා කවුද, ආවේ කොහේ ඉඳලාද...... රසිකයන් නඟන ප්‍රශ්නයක්‌ ..................

චංචලා නදී වර්ණසූරිය ආවේ දකුණින්. තාත්තා ව්‍යාපාරිකයෙක්‌.... මම කුඩා කාලෙදීම මියගිහින්. අම්මා තේජා...... මල්ලි දිලික්‍ෂ ........... නංගි ඒ කියන්නේ මල්ලීගේ බිරිය ස¹.... ලංකාවේ වගේම ප්‍රංශයේත් ඉගෙන ගත්තා... හක්‌මන දෙනගම රාලහාමි මගේ සීයා... දෙනගම පරපුරේ එකම දියණිය තමයි චංචලා......

ඔබ කලා ක්‍ෂේත්‍රයට එකවරම කඩාපාත් වූ කෙනෙක්‌ කියා සමහරු කියනවා.

සාමාන්‍යයෙන් කලාවට එන ක්‍රම දෙකක්‌ තියෙනවා... එකක්‌ තමයි දුක විඳගෙන එන එක..... අනෙක නම් මට කියන්න බැහැ........ ඔබත් ඒ ක්‍රමය දන්නවා....... ඒත් මම කලාවට ආවේ මේ ක්‍රම දෙකම යටතේ නොවේ. කලාකරුවෙක්‌ වීම වාසනාවක්‌....... ඒ වාසනාව මට ඉතාම පහසුවෙන් ලැබුණා. ලෝකයේ හැමකෙනෙක්‌ම කැමතියි ප්‍රසිද්ධ වෙන්න......... ඒත් කලාකරුවකු ලෙස ප්‍රසිද්ධ වීම ලොකු වාසනාවක්‌. අනෙක මම මේ ක්‍ෂේත්‍රයට ආවේ කිසිම කෙනෙක්‌ හඳුනාගෙන නොවේ. ලක්‍ෂ්මන් ගුණතිලක සොහොයුරා මගේ ඡායාරූප ගත්තා. ඉන්පසු රූපවාහිනී දැන්වීම් හතක ප්‍රධාන චරිත ලැබුණා. ඒ ඔස්‌සේ මොහාන් නියාස්‌ "සිතාම්බර සළු" ටෙලි නාට්‍යයට මාව තෝරාගත්තා.

වේදිකාවට ඇල්මක්‌ ඇති වුණේ කොහොමද?

ලංකාවේ රංගන කලාව ඉගෙන ගන්න තැනක්‌ නැහැ. හොඳම තැන තමයි වේදිකාව.... ඒත් ලංකාවේ නොසිටීම නිසා මට වේදිකා නාට්‍ය කරන්න අවස්‌ථාව ලැබුණේ නැහැ. ඒත් මෙවර මම ලංකාවේ දිගු කලක්‌ ඉන්න නිසා "සාජන්ට්‌ගේ නැන්දම්මා" වේදිකා නාට්‍යයේ මානිගේ චරිතය කරන්න කැමති වුණා. ඒක අභියෝගයක්‌. සිතාම්බර සළු කරද්දී හෙමින් කතා කළ මම දැන් තුන්දහසකට හාරදහසකට මයික්‍රොෆොනයක්‌ නැතිව කතා කරන්න පුළුවන්. ඒ වේදිකාවෙන් ලද පුහුණුව, සැන්ඩෝ හැරිස්‌ මහතා මට හුඟක්‌ උදව් කළා. වේදිකාවට හරියන නිළියක්‌ ලෙස මාව හැදුවේ ඔහු. සාජන්ට්‌ගේ නැන්දම්මා. නිෂ්පාදනය මගේ. අධ්‍යක්‍ෂණය සැන්ඩෝ හැරිස්‌ගේ. මානි විකට චරිතයක්‌......

ඔබ කැමතිද එවන් චරිතයක්‌ කරන්න.

අපේ ජනතාව ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. ඉතින් නාට්‍යයකින් තවත් හිතන්න දේ දෙනවාට වඩා සතුටින් තැබීම පිනක්‌. කෙනෙක්‌ හඬවන්න ලේසියි. සිනහ ගන්වන්න අමාරුයි.

සහෝදර ශිල්පීන් ඔබට උදව් කරනවාද?

හුඟක්‌ අය කියනවා මේ ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවා කියලා. මට නම් එහෙම නැහැ. මාව කපලා දැම්මොත් මමම නාට්‍යයක්‌ හෝ චිත්‍රපටයක්‌ නිපදවමින් ඉදිරියට එන බව හුඟක්‌ අය දන්නවා. මම ඇවිත් ඉන්නේ කලාවෙන් හම්බ කරන්න නොවේ. යමක්‌ කලාවට කරන්නයි.......

චංචලා තරුණ නිළියක්‌........ ආදරය ගැන හිතන්නේ කොහොමද?

ආදරය....... කියන වචනය අද ව්‍යාපාරයක්‌ බවට පත්වෙලා. ආදරය තියෙන්නේ කොතැනද කියා හොයන්න අමාරුයි. මුදල් අත ගැවසෙන තරුණියක්‌ හෝ තරුණයෙක්‌ දෙස ඇස ගසාගෙන ඉන්නවා හූරා ගන්න. ඒක ආදරය නොවෙයි. හුඟක්‌ අය ආදරය කරන්නේ පර්ස්‌ එක දිහා බලලා.... කෙනෙක්‌ කෙනකුට ගරු කරනවා නම්, රැකවරණය දෙනවා නම්, අගය කරනවා නම් විශ්වාස කරනවා නම් ආදරය තියෙන්නේ එතැනයි.

ඔබේ පර්ස්‌ එකට ආදරය කළ අය ඔබට හමුවෙලා තියෙනවාද?

නෑ...... මම කියන්නේ මං ගැන නොවේ.......... ලංකාවේදී එවැනි බොහෝදෙනෙක්‌ මම දුටුවා. ඒ දකින දේ සමඟ මට දැනුණා ආදරය හුඟ දෙනෙක්‌ ව්‍යාපාරයක්‌ කරගෙන ඉන්නා බව. වැටිලා ඉඳිද්දී වතුර උගුරක්‌ දුන්නු මිනිහාව සමහරුන්ට අමතක වෙනවා ශැම්පේන් බොන්න පුළුවන් වුණ දවසට..........

ඔබට ලැබී තිබෙන්නේ කිනම් ආකාරයේ ආදරයක්‌ද?

හා ....... හා....... ඒ ගැන පස්‌සේ කතා කරමු. පසුවට කල් තබමු.

ඔබ බලාපොරොත්තු සමඟ ද ජීවත්වන්නේ....?

කිසිවකුට කරදරයක්‌ නොවී, නූල් පොටකින්වත් කෙනකුට ණය කාරයෙක්‌ නොවී මැරෙන්න ඇත්නම්...... ඒක තමයි මගේ බලාපොරොත්තුව. මම මේ ජීවිතයේදී විශ්වාස කරන්නේ මගේ අම්මා, මල්ලී, නංගි සහ මරණය කියන හතර පමණයි.

ඔබ කලකිරීමකින්ද ඉන්නේ?

නැහැ. කලකිරීමක්‌ නෑ. අපි මේ ජීවිතයේදී වැටුණොත් ..... ඉන් ලබන අත්දැකීම හොඳ පාඩමක්‌ වෙනවා. ගැහැනිය පිරිමියාට වඩා දුර්වල නැහැ. හැම අභියෝගයකටම මුහුණ දෙන්න ගැහැනිsයකට පුළුවන්. එක වැටීමකින් අඩි ගණනක්‌ ඉදිරියට යා හැකියි. යමක්‌ කරද්දී එය මට සුදුසු නෑ කියලා හිතුණොත් හිත රිදවගෙන හෝ මම ඉන් ඉවත් වෙනවා. මට කිසිවෙක්‌ අපහාස කළොත් ......... මම වචනයකින්වත් ඒ පුද්ගලයාට දොස්‌ කියන්නේ නැහැ. ඒක ඔහුගේ උගත්කමේ ප්‍රශ්නයක්‌ කියා හිතනවා.

ඔබ ගායිකාවක්‌.......

ඔව්..... එඩුවා සෙවෙල් කියන ප්‍රංශ ගායකයාගේ ඇල්බමයක ගීයක්‌ ගයන්න මට ආරාධනා කළා.......... "කිලිං මී සොන්ට්‌ලි." කියන ගීය ප්‍රංශ භාෂාවෙන් මට ගායනා කරන්න කීවේ. ඒත් මම ඔහුගෙන් ඉල්ලීමක්‌ කළා.... මම සිංහලෙන් එය ගායනා කළ යුතුයි කියා. ඔහු අවසරය දුන්නා......... ඒ ගීතය සහ ඇල්බමය අද ලොව පුරා ප්‍රචාරය වෙනවා.


පැතුම්
ඡායා - සමන් අබේසිරිවර්ධන

Copy Rights - Divayina

READ MORE - කිලිං මී සොන්ට්‌ලි.'''''''''''''''''