----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?

Thursday, April 28, 2011

මම තැපැල්හලට යමින් සිටියෙමි.

දැරියක් බළල් පැටවකු අත දරා පාර අයිනේ සිටියා ය.

’අනේ මේ පැටිය අරං යන්ඩ!’ ඇය මඟ යන එන්නන්ගෙන් ඉල්ලා සිටියා ය.

කවුරුත් ඇය දෙස බලා, ඇගේ බස ගණන් නොගෙන ම තම ගමන යන්නට වූහ.

’අනේ මේ පැටිය අරං යන්ඩ!’

ඇය මගෙන් ද ඉල්ලීම කළා ය.

මම නැවති ඇගෙන් තොරතුරු විමසිමි.

’අනේ නැන්දෙ, මම පූස් පැටියන්ට හරිම ආදරෙයි. ඒ හින්දයි මං මේ පැටියව දුර ඉඳල ගෙදර අරං ආවෙ. ඒත් අම්ම කියනව, “එපා. උගෙ නැට්ට කැතයි” කියල. අනේ නැන්දෙ මේ සතාව ඔයා අරං යන්ඩ’

ඇය බළල් පැටවා මට දිගු කළා ය.

මම බළල් පැටවාගේ වල්ගය දෙස විමසිල්ලෙන් බැලීමි. කතාව ඇත්තකි. උගේ වල්ගය අගින් දෙකට බෙදී තිබේ. හරියට පියරු මලක් මෙනි.

අහිංසක දැරියගේ ඉල්ලීමට පිටු නොපෑ හැකිය. ඒ ඇරත්, බළල් පැටවාට මගේ හිත ගියේ ය.

එතැන් පටන් ඒ බළල් පැටවා අපේ ගෙදර සුරතලා බවට පත්වූයේ ය. කෙමෙන් ඌ ලොකු මහත් වූයේ සිත් අලවනසුලු සුන්දරත්වයක් උරුම කර ගනිමිනි.

තරුණ වියට එළඹි මේ හුරතලා දිනක් හිටිහැටියේ ම අතුරුදහන් වූයේ ය. සොයා බැලුව ද හමු නොවීය. මට දැනුණේ පාළුවකි. උගේ කෝප්පය හා පිඟාන නෙත ගැටෙන විට හිතට ශෝකයක් එන බැවින් මම ඒවා නොපෙනෙන තැනක සැඟවූයෙමි.

සති කිහිපයක් ගෙවී ගියේය.

රැයක බළල් හුරතලාගේ හඬ ඇසිණ. මම දොර හැරියෙමි. ඌ මා දෙපයේ ඇතිල්ලෙන්නට වූයේය. ඌ කියන කතාව මට නොතේරිණ.

කෝප්පය හා පිඟාන යළි එළියට ගන්නට කාලය ආවේය.

බළල් හුරතලා යාබද ගෙදරක බළල් හුරතලියක හා පෙමින් වෙළී ඇති බව මට වැටහිණ.

විටෙක ඌ වත්ත පහළට ගොස් යාබද නිවසෙහි වෙසෙන බළල් හුරතලිය අමතයි. එවිට ඇය ඔහු වෙත දිව එන්නීය. දෙදෙනා මුහුණට මුහුණ ළං කරගෙන මොන මොනවාදෝ කියා ගනිති.

බළල් හුරතලිය මවක වන ලකුණු පහළ වී ඇති බව පසුදිනෙකදී මට වැටහිණ.

දවසක් රෑ වැස්සේ ය. මම කුටියෙහි පියන් පතක් පමණක් විවර කොට පොතක් කියවමින් සිටියෙමි.

කළු පැහැති සතෙක් කටින් යමක් ඩැහැගෙන කවුළුවෙන් කුටියට වැදී යහන යට සැඟවෙනු මට පෙනිණ. මම විදුලි පන්දම ගෙන එල්ල කළෙමි. කාරණය මට පසක් විය. බළල් හුරතලිය මවක වී සිටී. ඇය පැටවා ද රැගෙන පියා ගේ නිවසට ම පැමිණ ඇත.

මම පරණ තුවායක් ගෙන තෙමී සිටි පැටවා ද මව ද පිසදැමීමි. අනතුරු ව කාඩ්බෝඩ් පෙට්ටියක් සොයාගෙනැ’විත් දෙදෙනාට සුව පහසුව සැලසීමි.

මම මවට කෑම ටිකක් දුනිමි. ඇය වගේ වගක් නැතිව අඩවන් දෑසින් බලා සිටියා ය. පැටවා ඇගේ කුසට පයින් අනිමින් කිරි උරා බොමින් සිටියේ ය. ඇය ඔහු තුරුලු කොටගෙන මවු සෙනෙහස විඳින්නීය. ඉතින් ඇයට මොන කෑමක් ද?

කෙටි කලක් ගතවිය.

බළල් පියා, මව සහ දියණිය සතුටින් විසූහ.

බළල් පියා දැන් ඉස්සර මෙන් පිඟානේ කෑම සියල්ල ගිල නොදමයි. ඌ කන්නේ බාගයකි. ඉන්පසු ඌ අමුතු හඬක් නංවයි.එවිට බළල් බිරිය පැමිණ සැමියා ඉතිරි කළ කොටස මහත් කැමැත්තකින් කා දමා තම මුහුණ සැමියාගේ මුහුණට ළං කරගෙන සිටින්නී ය.

විටෙක මට එදා බළල් පැටවා දුන් දැරිය සිහිපත් වෙයි. ඇය කොතැනක සිටිනවා දැයි නොදනිමි. ඇතැම් විට තැපැල් කන්තෝරු පාරේ දී ඇය අහම්බෙන් මුණගැසෙනු ඇති. එවිට මම ආරංචිය දෙමි.

’අනේ නැන්දෙ මටත් ආසයි බලන්ඩ! ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?’ ඇය එසේ කියනු ඇත.

ඇගේ මුහුණේ පිපෙන සතුට මට විඳගත හැකි ය.

සොබාදහම අපට කෙතරම් සුන්දර දේ දී තිබේ ද? විමසුම් ඇසත්, මැදිහත් සිතත්, අවබෝධයත් ඇත්නම් අපට ඒවායේ මිහිර විඳගත හැකිය.

Copy Rights - Silumina
READ MORE - ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?

සඳනි ගේ අලුත් පිම්ම

Adopted From Srilanka Mirror Web


නාලන් මෙන්ඩිස්ගේ ''වාසනාවේවා'' ටෙලි නාට්‍යයේ උත්තරාගේ චරිතය රඟපාමින් ඉහළ ප්‍රේක්‍ෂක ප‍්‍රතිචාරයක් සහ ජනප‍්‍රියත්වයක් දිනාගත් සඳනි සුලක්නා චරිත මවන අලුත්ම චිත‍්‍රපටය වන ”සුරංගනා ලොවින් ඇවිත්” චිත‍්‍රපටයේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කර තිබේ.

සීගිරිය, පාදුක්ක, අතුරැගිරිය, මීපේ හා බණ්ඩාරගම ආදී ප‍්‍රදේශ ගණනාවක මෙම චිත‍්‍රපටයේ රූග කිරීම් සිදු කිරීමට නියමිතය.

ඉසුරු ගේ ”කලර්” චිත‍්‍රපටයේ රඟපාලා රිදී තිරය කෙරෙහි පහන් සිතුවිල්ලකින් සිටි සදනිට මෙම චිත‍්‍රපටයෙන් ලැබුණු සුරංගනාවකගේ චරිතය අලුත් පිම්මක් බව ඇය ගේ අදහසයි.

දරුවන් හය දෙනෙකු සමඟ බැඳී තිබෙන එම චරිතයට තමා වඩාත් මනාප බවද ඇය පවසන්නීය.

සුරංගනා ලොවෙන් ඇවිත් සුනෙත් මාලිංග ලොකුහේවාගේ දෙවැනි සිනමා නිර්මාණය වේ.

මෙහි කතාවස්තුව ගෙතී ඇත්තේ නිවාස සංකීර්ණයක වෙසෙන පිරිමි දරැවන් තිදෙනෙකු හා ගැහැණු දරැවන් තිදෙනෙකු වටාය.

සුරලොවින් පැමිණෙන සුරංගනාවක් සමඟ මිතුරු වන දරුවන්ට දුටුගැමුණු මහරජු, වීර පුරන් අප්පු, ෂර්ලොක් හෝම්ස්, ඇලඩින් හා ඇලඩින්ගේ මුද්දේ සිටින භූතයා ඇතුළු සුවිශේෂී වූ චරිත කිහිපයක්ම දැන හදුනා ගැනීමට අවස්ථාව උදා වේ.

මෙම චි‍්‍රපටය හරහා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා දුටුගැමුණු චරිතය නිරූපණය කිරීම ද විශේෂ සිද්ධියකි.

වීපුරන්අප්පු ලෙස වසන්ත කුමාරවිලත් ඇලඩින් ලෙස මිහිරි සිරිතිලකත් භූතයා ලෙස ජනක රණසිංහත් ෂර්ලොක් හෝම්ස් ලෙස පුබුදු චතුරංගත් චරිත නිරෑපණය කරති.

READ MORE - සඳනි ගේ අලුත් පිම්ම

අපි නාට්‍ය හදන්නේ පණ්ඩිතයන්ට නොවේ

අපි නාට්‍ය හදන්නේ පණ්ඩිතයන්ට නොවේ

රෝහණ බැද්දගේ

න සංගීතය වර්තමාන පරම්පරාවට සමීප කිරීමෙහිලා සුවිශේෂ දායකත්වයක් දක්වා ඇති රෝහණ බැද්දගේ මහතා සිය ගුරු දිවිය තුළදී නර්තන ශිල්පය ලබාදී ඇති සිසු පිරිස දහස් ගණනකි. දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය රැසක නර්තන අධ්‍යක්ෂණය කර ඇති හෙතෙම බොහෝදෙනා නොදන්නේ වූවද රංගන ශිල්පියෙකුට අමතරව නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙස ද වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධව ඇත. ‘බළල් සාස්තරේ’ හා ‘ගල් වැලි’ නාට්‍ය ද්විත්වය ඒ අතරින් ප්‍රමුඛය. ඔහු ලියා අධ්‍යක්ෂණය කළ ‘රාළහාමි’ නාට්‍ය ඉදිරියේදී ප්‍රදර්ශනයට වීමට නියමිතය. මේ සාකච්ඡාව පළවන්නේ ඒ නිමිත්තෙනි.

* සම්ප්‍රදායික ජන රංගය නූතන වේදිකාවට ගෙන ආවේ කොහොමද ?

එදා මිනිස්සු ජන නාට්‍යය බැලුවේ කමතේ වටරවුමට ඉඳගෙන. අපි දැන් අලුත් වේදිකාවට මේ නාට්‍යය ගෙන එන කොට නූතන රංගාලෝක ක්‍රම නාට්‍යයට ගැලපෙන විදිහට සාදා ගන්න ඕන. නූතනයේ තාක්ෂණික වශයෙන් අපිට ලැබිලා තිබෙන වාසිය පාවිච්චි කරන්න ඕන. ඒකට පයින් ගහන්න බැහැ. ජන රංගය පැරණි සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් නූතන වේදිකාවට අවශ්‍ය විදිහට සකස් කර ගත යුතුයි. මම “රාළහාමි” නාට්‍යය නිෂ්පාදනය කිරීමේදී ඒ දේ කළා.

* ඔබේ නවතම නාට්‍ය නිෂ්පාදනය සඳහා ශෛලිගත නාට්‍යය සම්ප්‍රදාය යොදා ගත්තේ ඇයි ?

අපිට උරුම වුණු අපේකම තියෙන්නේ ගැමි රංගය තුළයි. ඒ අපේ දේ නැවත මිනිස්සුන්ට අදුන්නා දෙන්න සිද්ධ වෙලා. කන බොන දේ හිටන් දැන් හැම දේම වෙනස් වෙලා. අපේ කෑම බීම, ඇඳුම මොකක්ද කියල මිනිස්සුන්ට කියා දෙන්න සිද්ධ වෙලා. බෙහෙත් පැළෑටියක් වත් හඳුනන්නේ නැති තරමට අපේකම දැන් ඈත් වෙලා. ඒ නිසා නැවත මේවා හඳුන්වාදීම එක පැත්තකින් අපේ යුතුකමක්. කොයිතරම් සමාජ විපර්යාසයක් වෙලා තිබුණත් අපේ දෙය පෙන්වා දුන්නහම ඒක මිනිස්සු ඉවෙන් වගේ හඳුනාගෙන අගය කරන බවට මට විශ්වාසයක් තිබෙනවා.

* ශෛලිගත සම්ප්‍රදායෙන් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම අභියෝගයක් වන්නේ කෙසේද ?

ශෛලිගත සම්ප්‍රදාය ආශ්‍රයෙන් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම වර්තමානය වන විට කරුණු කිහිපයක් නිසා අභියෝගයක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ සිටින නළු නිළියන් බොහෝ දෙනෙක් ආභාෂය ලබන්නේ ටෙලි නාට්‍යයෙන්. ඔවුන්ට ගැමි නාට්‍යය කලාව පිළිබඳ කිසියම්ම හෝ අවබෝධයක් නැහැ. තාලයකට ඇවිදගෙන ඇවිත් රිද්මයකට දෙබසක් කියන්න ඔවුන් දන්නේ නැහැ. ඒ අභියෝගයට මුහුණ දීමට මටත් සිදු වුණා. පදයක් ගහලා අඩිය තියන හැටි කියලා දුන්න. නළු නිළියන් අතර ඔවුනොවුන්ගේ සංවාද පවත්වන හැටි ප්‍රේක්ෂකයන් නාට්‍යයට සම්බන්ධ කර ගන්න හැටි. මේ සේරම මම කරලා පෙන්නුවා. ඒ අනුසාරයෙන් තමන්ගේ චරිතය නිර්මාණය කරගන්න කිව්වා. ඒක මම කරපු දේ ආපහුකරන්න කියන එක නෙමෙයි. එහෙම නැතිව ජන නාට්‍යය කලාව උගන්වන්න බැහැ. නළුවන්ට ස්වාධීනව රංගනයක් කිරීමට ඉඩ දීම මේ නාට්‍යය කලාවට ගැලපෙන්නේ නැහැ. ඒක හොඳයි අලුත් නාට්‍යයවලට.

* ශෛලිගත නාට්‍යය සම්ප්‍රදායට එරෙහිව නැඟෙන ප්‍රබල චෝදනාවක් වන්නේ වර්තමාන සංකීර්ණ ජීවන අත්දැකීම් එමගින් ප්‍රකාශ නොවේය යන්නයි. මගේ නාට්‍යය තුළින් පවා කියවෙන්නේ දශක ගණනාවකට පෙර තිබුණු පරිසරයක් පිළිබඳවයි.

හැම යුගයකටම ආවේණිත ජීවන රිද්මයක් තිබෙනවා. හුඟක් පරිවර්තන ඇති වෙලා තිබෙන්නේ ඒ රිද්මයේ තිබෙන වෙනස නිසයි. අද තියෙන්නේ පාවිච්චි කරලා අයින් කරන සංස්කෘතියක්. බලන්න ලියන්න පාවිච්චි කරන බෝල්ට් පොයින්ට් පෑනක් වුණත් ලියලා විසි කරනවනේ. අධ්‍යාත්මික සංවර්ධනයට වඩා ලෝකස්වාදයට නැඹුරු වෙච්ච සමාජයක්නෙ තියෙන්නෙ. ගැමි නාට්‍යය තුළින් ගැඹුරු ජීවන යථාර්ථයක් කියැවෙනවා. විදග්ධයන් තුළ මතයක් තියෙනවා සරලව යමක් කරන්න බැහැ කියලා. අපි නාට්‍යය හදන්නේ විදග්ධ සමාජයට පමණක් නොවෙයි. මම නාට්‍යය හදන්නේ වියතුන්ටයි. ගැමියන්ට දෙගොල්ලන්ටම රස විඳින්නයි. වියතුන්ට විතරක් නාට්‍යය කිරීමෙන් පොදු ජනතාව නාට්‍ය කලාවෙන් ඈත් වෙනවා. ගැමි නාට්‍යය කලාව හරහා අපි උත්සාහ කරන්නේ මිනිසුන්ගේ පොදු මානුෂික ගුණාංග සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමටයි.

* ජන රංගයේ දක්නට ලැබෙන උපහාසය ඔබේ නාට්‍යයට ගෙනාවේ කොහොමද?

උපහාසය ගැමි නාට්‍යයෙන් වෙන් කර ගත නොහැකි අවියෝජනීය අංගයක්. එය හොඳින්ම දැනෙන තැනක් තමයි කෝලම් නාට්‍යය. එදා සමාජයේ තිබුණු ප්‍රභූ චරිත උපහාසයට ලක් කිරීමට ගැමි කලාකරුවන් යොදා ගත්තේ කෝලම් නාට්‍යයි. ඔවුන් එය කිරීමට කදිම අයුරින් වෙස් මුහුණු උපකාරී කළා. ඒනිසා හාස්‍යයට ලක් කරන්නා අන්‍යයන්ට හඳුනා ගත නොහැකි වුණා. ගැමි කලාකරුවා එදා සමාජයේ තිබුණු ප්‍රභූ චරිත විවේචනය කළේ සංයමයක් සහිතවයි. ඔවුන් උපහාසය මතු කළාට කිසි විටෙකත් අපහාසයක් කළේ නැහැ. “රාළහාමි” නාට්‍යයේදී මම උත්සාහ කළේ මේ චරිත ගර්හාවට ලක් නොකර ඔවුන් දෙස උපහාසයෙන් බැලීමටයි.

READ MORE - අපි නාට්‍ය හදන්නේ පණ්ඩිතයන්ට නොවේ

මහ ලොකු බලාපොරොත්තු මගේ ජීවිතයේ නැහැ

මහ ලොකු බලාපොරොත්තු මගේ ජීවිතයේ නැහැ

තිසුරි යුවනිකා

අද ‘සතුටු සාමීචියට’ එක්වන්නී තිසුරි යුවනිකාය. ඇය රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ එකම දියණියයි. තිසුරි දැන් භද්‍ර යෞවනයේ පසුවන සුන්දර යුවතියකි.

තිසුරි මවු කුස සිටියදීත් ඇයගේ මව රංගනයේ යෙදුණාය. එහෙයින් රංගනය ඇයට මවගෙන් උරුමවූවක් ලෙස පැවසීම නිවැරැදිය.

පසුගිය අවුරුද්දෙ ඔබ උසස් පෙළ විභාගයට පෙනී සිටිය නේද?

ඔව්; මම උසස් පෙළට කළේ ප්‍රංශ බස, සිංහල බස, තර්ක ශාස්ත්‍රය කියන විෂයන්. විභාගය සමත් වුණත් විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වගේ.

හැබැයි මගෙ අධ්‍යාපනික කටයුතු මම මඟ නවත්වන්නෙ නැහැ. කොහොම හරි ඉදිරියට ඒවා කරගෙන යනවා. මගෙ ආසම විෂය තර්ක ශාස්ත්‍රය. එයින් උපාධියක් කිරීමට මම උපරිම උත්සාහය ගන්නවා.

කලා කටයුතුවලට මේ දවස්වල මොන විදියට ද සම්බන්ධ වෙලා ඉන්නෙ..?

මම රංගනයෙන් දායක වුණු “සවීණා” ටෙලි නාට්‍යයත් “සඳ සඳ වගේ” ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවා. “සඳ සඳ වගේ” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් ඉවරයි. “සවීණා” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඉදිරියේදි මම රඟපාන ටෙලිනාට්‍ය කීපයකම වැඩ කටයුතු පටන්ගන්න නියමිතයි.

ඔබ රංගනයට පිවිසුණේ මව නිසා නේද?

ඇත්තෙන්ම ඔව්. මට රංගන ක්ෂේත්‍රයට එක්වෙන්න පාර කැපුණේ අම්ම නිසයි.

ඔබේ රංගන කටයුතුවලදී දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක් ද?

මගෙ අම්මා හොඳ රංගන ශිල්පිනියක් නිසා මේ ක්ෂේත්‍රය ගැන හොඳට දන්නවා. තාත්තත් කලාව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ දෙන්න මගෙ සෙවණැල්ල වගේ මගෙ ළඟින්ම ඉඳගෙන මට විශාල ශක්තියක් දෙනවා. මගෙ රංගන කටයුතුවල අඩුපාඩු පෙන්නල දෙන්නෙ මගෙ රංගනයන් අගය කරන්නෙ ඒ දෙන්න.

ඔබ රංගනයේ යෙදුණු වඩාත්ම කැමැති ටෙලි නාට්‍යය සහ චරිත කීපයක් සිහිපත් කළොත්...?

මාව කවුරුත් හඳුනගත්තෙ කුමාරසිරි අබේකෝන් අංකල්ගෙ “ඊස්වර සති” ටෙලි නාට්‍යයේ කළ රංගනයෙන්. ඒකෙ මම රඟපෑවෙ මගෙ අම්මගෙ දුව හැටියට. ඊට පසුව මම රඟපෑ සනත් අබේසේකර අංකල්ගෙ “දරුවන්ගේ අම්මලා” ටෙලි නාට්‍යයේ දෝනි කියන චරිතය ප්‍රේක්ෂකයින්ට ගොඩක් සමීප වුණා. රට ගිය අම්ම කෙනකුගෙ දුක් විඳින දරුවකුගෙ චරිතයක් ඒක.

ඒ ටෙලි නාට්‍යය විකාශය වන දවස්වල මහ පාරෙදි මාව දකින සමහර අම්මල මාව බදාගෙන අඬනවා. ඒ වගේම ප්‍රදීප් ධර්මදාස අයියගෙ “ඇහිපිල්ලමක් යට” ටෙලි නාට්‍යයේ මම කළ ද්විත්ව චරිතය ප්‍රේක්ෂකයින් ඉතාම කැමැත්තෙන් වැලඳගත්තා. ඒකත් මගෙ රංගන ජීවිතයේ අමතක නොවන රංගනයක්. සුදත් දේවපි‍්‍රය අංකල්ගෙ ‘උඩුගංයාමය’ චිත්‍රපටයේ මම කළ චරිතයටත් මම හරිම කැමැතියි.

පාසල් යන කාලෙ රඟපෑමට යොමුවීම අධ්‍යාපනයට බාධාවක් වුණාද?

නැහැ. මම රංගන කටයුතු බාරගත්තෙ පාසල් නිවාඩු කාලෙ. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වුණේ නෑ. අනෙක මගෙ පාසලේ (අනුලා විද්‍යාලය) ගුරු තුමියන් මට විශාල සහයෝගයක් ලබා දුන්නා.

ඔබ ආනන්ද අබේකෝන්ගේ ‘කන්දෙ ගෙදර’ ටෙලි නාට්‍යය නරඹල තියෙනවද?

ඔව්. ඒ ටෙලි නාට්‍යයේ මගෙ අම්ම රඟපෑවෙ අම්මට මාව ලැබෙන්න ඉන්න විට; ගර්භනී කාන්තාවක් හැටියට. පසු කාලෙක ඒ ටෙලි නාට්‍යය නරඹද්දි මට දැනුණෙ හරිම අමුතුම විදියෙ හැඟීමක්. ඒ ටෙලි නාට්‍යයෙ අම්මගෙ කුසේ ඉන්නෙ මම නේද කියල හිතනවිට මට දැනෙන්නෙ පුදුම විදියෙ හැඟීමක්. ආනන්ද අන්කල් දැනුත් මුනගැහුනම කියනව ඔයා මුලින්ම ඇට්කළේ මගෙ ‘කන්දෙ ගෙදර’ ටෙලි නාට්‍යයේ කියල.

මාව ලැබෙන්න ඉන්න විට අම්මගෙ මූණ ඉදිමිලා තිබුණු හැටි, අම්ම අමාරුවෙන් ඇවිද්ද හැටි හරිම ස්වභාවිකයි. ඒක රඟපෑමක් නෙමෙයි වාගෙ. අම්ම තමයි මට ඉන්න හොඳම යෙහෙළිය. අම්මගෙන් හංගන්න මට කිසිම දෙයක් නෑ.

රසික ප්‍රතිචාර ඔබට කරදරයක් කියල හිතනවද?

නැහැ කොහෙත්ම නැහැ. රසිකයින් නිසයි අපි මෙතන රැඳිල ඉන්නෙ. මම රඟපාන්නෙ ජනපි‍්‍රය වෙන්න නෙමෙයි. මම උත්සහ ගන්නෙ මම කරන චරිතයට සාධාරණයක් කරන්න. ඒකට ප්‍රතිචාර ලැබෙන විට අහිංසක සතුටක් මට දැනෙනවා. ඒක ආඩම්බරකමක් නෙමෙයි.

රංගනය හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවද?

අනිවාර්යෙන් ම අනාගතයේදි මම රංගනය ඉගෙන ගන්නවා. මම දැන් රඟපාන්නෙ අම්මගෙන් ලැබුණු දායාදයක් හැටියට. ඕනම දෙයක් හොඳින් ඉගෙන ගත්තොත් ඒක හොඳින්කරන්න පුළුවන් නිසා මම රංගනය ගැන ඉගෙන ගන්නව.

ජීවිතය සහ කලාව තුළ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගෙ ජීවිතයේ විශාල බලාපොරොත්තු නෑ. අධ්‍යාපන කටයුතු හොඳින් නිම කරල කාටවත් කරදරයක් නොවී සමාජයට බරක් නොවී ජීවත්වීමයි බලාපොරොත්තුව. මට ගැළපෙන, මට කළ හැකි හොඳ නිර්මාණවලට දායක වෙලා කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නයි මගෙ බලාපොරොත්තුව.

READ MORE - මහ ලොකු බලාපොරොත්තු මගේ ජීවිතයේ නැහැ

හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට

හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට ගැන ටයි මහත්තයා කියූ කතා

එය ටයිටස් තොටවත්ත ‘හඳයා’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවල නිරතව සිටි අවදිය බව මට මතකය.

පසුකලෙක ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු බවට පත් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුත් මාත් ටයි මහත්තයා හමුවන්ට බොරැල්ල කොටා පාරේ පිහිටි ඔහුගේ පාරම්පරික නිවෙසට ගියේ අප දෙදෙනා පළකිරීමට සැලසුම් කරගෙන සිටි සිනමා සඟරාවට ළමා සිනමාව අළලා ටයි මහතාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්ටය.

එය මා ටයිටස් තොටවත්තයන් සමඟ කළ මුල්ම සම්මුඛ සාකච්ඡාව වූවා පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සමඟ කළ ප්‍රථම පුවත්පත් සම්මුඛ සාකච්ඡාව ලෙස ද මට වැදගත්ය.

(ඒ වනවිට මම වෘත්තිමය වශයෙන් පුවත්පත් කලාවට සම්බන්ධව නොසිටියෙමි.)

එහෙත් නටපු තොවිලයකුත් නැත, ගහපු බෙරයකුත් නැතැයි කීවාක් සේ ක්‍රිස්ටිත් මාත් ළමා සිනමාව ගැන ලියපු ලිපියකුත් නැත. ගහපු සඟරාවකුත් නැත. සඟරාව පළ නොවුණේ ආරථික ප්‍රශ්න නිසාවෙනි.

පසුකලෙක මා සිනමා පුවත්පත් කලාවට අවතීර්ණ වීමෙන් ඉනික්බිතිව අවස්ථා කීපයකදීම මට ටයි මහත්තයා සමඟ සම්මුඛ සාකච්ඡා කොට ලිපි සකස් කිරීමේ භාග්‍යය ලැබිණි.

ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ සිනමා පුවත්පත වෙනුවෙන් මා ටයි මහත්තයා මුණගැසී කතාබහක යෙදුණු අවස්ථාවේ ඒ වන විට ප්‍රදර්ශනය වෙමින් පැවති චිත්‍රපට ගැන මම ඔහුගේ ආකල්පය කෙබඳුදැයි විමසීමි. ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙපරිදිය.

”දැන් තියෙන්නේ හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට යන දෙක විතරයි. හැදිච්ච මිනිහා හැදිච්ච චිත්‍රපට හදනවා. නැහැදිච්ච මිනිහා නැහැදිච්ච චිත්‍රපට හදනවා... ඒ ගොල්ලෝ බෑන්ඩ් ගහනවා. බලන අය චූන් වෙනවා. නියම බෑන්චූන්.”

එකල ‘නැව ගිලුනත් බෑන්චූන්’ නමින් සිංහල චිත්‍රපටයක් තිරගත වූ අයුරු මට මතකය.

1993 දී ටයිටස් තොටවත්තයන්ගේ කලා ජීවිතයට 50 වසරක් පිරුණි. ඒ නිමිත්තෙන් මම ඔහු සමඟ ‘ලක්දිව’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් කළෙමි. එහිදී මා ඇසූ මුල්ම ප්‍රශ්නය වූයේ මෙවැන්නකි.

”ඔබේ පනස් වසරක කලා ජීවිතය දිහා ආපහු හැරී බලන විට පෙනෙන්නේ කුමක්ද?

ටයි මහත්තයා සෝපාහාස සිනාවක් නඟා මෙසේ පිළිතුරු දුන්නේය.

”හැරිලා බැලුවොත් පේන්නෙ බං හොල්මන්නේ. මගේ ඔය ආපහු හැරිලා බැලිල්ලක් නෑනේ කොල්ලෝ. මම කවදත් බලන්නෙ ඉස්සරහ.”

මම ටයි මහත්තයාගෙන් තවත් ප්‍රශ්නයක් ඇසීමි.

”ඔබේ කලා ජීවිතයට පනස් වසරක් පිරී තිබුණත් අපේ විචාරකයන් තවමත් ඔබේ නිර්මාණ කෙරෙහි පෘථුල අවධානයක් යොමුකර නැහැ. ඒ ඇයි?

ඊට ටයි මහත්තයා පිළිතුරු දුන්නේ පැරණි ගීතයක් සිහියට නඟමිනි.

”පුතා දන්නෙ නැහැ පුතා. හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ තමයි කෙරෙන්නේ”

ඒ ගීතය කුමක්දැයි මතකයට නංවා ගැන්මට මම උත්සාහ දැරීමි. එය කිංස්ලි ජයසේකර හා ප්‍රසිලා ඕපාත ගැයූ ‘මොනවද අම්මේ අකුරු ජාතියක්’ නම් වූ ගීතය බව මට සිහිපත් විය. එකී ගීතය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ප්‍රබන්ධයකි.

මඳ වෙලාවකින් ටයි මහත්තයා මගෙන්ද ප්‍රශ්නයක් ඇසුවේය.

”උඹ දන්නවද පුතා අපේ රටේ සිනමාව වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් ලබපු මුල්ම චිත්‍රපටය මොකක්ද කියලා. කියපන් බලන්න”

මට දෙසැරයක් කල්පනා කරන්ට වුවමනාවක් නොවීය. මම ‘ගම්පෙරළිය’ යැයි කීමි.

’දවල් ද?”

සැමුවෙල් රුද්‍රිගු ‘විනෝද සමය’ වැඩසටහනක අසන්නාක් සේ ටයි මහත්තයා සමච්චල් සිනාවක් පාමින් මගෙන් අසයි.

ඔහුම මට පිළිතුරක් දෙයි.

”මගේ ‘හඳයා’. ඒක තමයි අපිට ලැබුණු මුල්ම අන්තර්ජාතික සිනමා සම්මානය.”

1963 නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ‘ගම්පෙරළිය’ චිත්‍රපටයට රන මයුර (Golden Peacock) සම්මානය ලැබුණත් ඒ වන විට එම චිත්‍රපට උළෙල අන්තර්ජාතික මට්ටමට පත්ව නොතිබිණි. මා ඒ දිනවල මේ කරුණ තහවුරු කරගත්තේ තවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ අමරනාත් ජයතිලක වෙතිනි.

1980 ඉතාලියේ සලානෝ (SALANO) ළමා හා යොවුන් චිත්‍රපට උළෙලේ දී ‘හඳයා’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකර ගත්තේය.

අර්නස්ට් වඩුගේ සංස්කරණය කළ ‘රස’ සිනමා පුවත්පතට මා ටයිටස් තොටවත්තයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ අවස්ථාවේ මෙසේ ඇසූ බවක් මතකයේ ඇත.

”ඔබේ චිත්‍රපටවල හා රූපවාහිනී වැඩසටහන්වල නිතරම දකින්න ලැබෙන්නේ අදියුරු, ඉසිඹුව, උපසිරැසි, හඬ දෙකැවීම් වගෙ වචන. ඒ මොකද?”

ඉන්පසු ටයි මහත්තයා ගත් කටටම:

”ඔන්න ඇහැව්වා ගොන් ප්‍රශ්නයක්. මේක තමයි නියම හෙළ බස. ඒක කොයි තරම් ලස්සන ද? හුඟ දෙනෙක් අද භාෂාව පාවිච්චි කරන්නේ වැරදියට. මං මේ ළඟදි දැක්කා එක වාක්‍යයක්.

”කුඩා කොණ්ඩය බැඳි මේසය මත නිදා සිටි මගේ මාමා”

”ඒක මාර වාක්‍යයක්. මට ඒකේ තේරුම හිතාගන්නටත් බැහැ. එතකොට කොණ්ඩෙ බැඳන් ඉඳලා තියෙන්නේ කවුද? මාමා ද? මේසේ ද? ඔන්න අපේ සිංහල”

අපේ අවාසනාවට ටයිටස් තොටවත්ත ලෙඩ ඇඳට වැටුණේය. අද ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීම අසීරු ක්‍රියාවකි. ඔහු නීරෝගීව සිටියා නම් ඉහත සම්මුඛ සාකච්ඡාවලදී මෙන් ඉතාම වටිනා අදහස් රැසක් පාඨක ඔබ වෙනුවෙන් ගොනු කළ හැකිව තිබුණා නොවේද?

පසුගියදා (අප්‍රේල් 17) 82 වැනි වියට පා තැබූ ටයිටස් තොටවත්ත මහා කලාකරුවාණෙනි: ඔබට දීර්ඝායු.

READ MORE - හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට

සිහින සිතුවම් ටෙලි සිතුවමේ නෙතුමිණී

Monday, April 25, 2011

සම්පූර්ණ නම ?

රශ්මි පුෂ්පිකා සුමනසේතර.

පදිංචිය?

ඉපදුණේ රත්නපුරේ. දැන් ඉන්නේ පන්නිපිටියේ.

පාසල ?

කිහිපයකට ගියා. රත්නපුර ජේසු බිලින්දාගේ කන්‍යාරාමය, බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකාව ඒ අතරින් විශේෂයි.

උපන් දිනය?

නොවැම්බර් 12.

උස? අඩි 5.4

රඟපෑ නාට්‍යය ? අග මෙහෙසිය, ඒ හීනයට අවසරයි, පාංබට්ටා, හිරුමලී, රැජන, සිතට වහල්වීමි, ගැහැනු ළමයි.

චිත්‍රපට?

කන්නි මරම්, වෙට්ට්‍රි කියලා දමිළ චිත්‍රපට දෙකක රඟපෑවා. කන්නි මරම් තිරගත වුණේ මන් යන නමින්. ඊට අමතරව ඇද්දා ලණුව දැම්මා කොඩිය, සෙනසුරු මාරුව, සක්විති දඩයම, විහඟ ලඳුන්.

විමෝදාංශ?

නිසඳැස් ලියනවා.

විවේක වෙලාවට?

නිදා ගන්නවා, චිත්‍රපට බලනවා.

පුංචි තිරයේ කී වතාවක් පෙම්වතියගේ චරිතය රඟපාලා තියනවාද?

හය වතාවක්.

සැබෑ ජීවිතයේ?

ඒක අතිශය පෞද්ගලික කාරණයක්. ඒක නිසා මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න නොහැකියි.

මේ වන විට ප්‍රේමවන්තියක්ද?

නැහැ.

ආදරය . . . ?

සුන්දරයි. විවිධ අවස්ථාව විවිධ විදිහට මට ආදරය ලැබෙනවා.

විවාහය?

විවාහ වෙන්න ඕනේ. සුදුසු කෙනා හමු වුණොත් පමණයි.

ප්‍රේමවන්තයෙක් නැතිව ජීවිතයට පාලුවක් දැනෙන්නේ නැතිද?

මගේ අම්මිලා නංගිලා ඒ පාලුව මකනවා. දැනට ඒ ඇති.

විලාසිතා?

මට ගැලපෙන අන්දමට විලාසිතා කරන්නයි මං කැමැති.

වැඩියෙන් තෝරා ගන්නේ් මොන පාට ඇඳුම්ද?

ඇඟට ගැලපෙන ඕනෑම පාටකින්.

කොටට අඳිනවද?

ඔව්. අවශ්‍ය තැන්වලදී.

කැමරාව ඉදිරියේ වුණත්?

මෙහෙමයි, ටෙලි නාට්‍ය රංගනයේදී කොටට අඳින්නේ නැහැ. නමුත් චිත්‍රපටයක දර්ශනයකට එවැනි ඇඳුම් අවශ්‍ය නම් එවැනි ඇඳුම් අඳිනවා.

රඟපාන්න කැමැති චරිත?

අභියෝගාත්මක චරිතයක් රඟන්න ආසයි.

නිළියකට අමතරව?

සාන්තුවරණය, ඒ හීනයට අවසරයි, සඳ නොදුටු සඳ වැනි නාට්‍යය සහය අධ්‍යක්ෂණ කළේ මමයි.

උයන්න පුළුවන්ද?

ඔව්.

මොනවාද?

ඕනෑම කෑමක්.

යාළුවෝ . . .?

ගොඩක් ඉන්නවා. ඔක්කොම පිරිමි ළමයි. ඉතාම පරිස්සමින් යාළුවො ඇසුරු කරන්නේ.

ක්ෂේත්‍රය?

හොඳයි. සුන්දරයි. ඒත් අපේම මිනිස්සු අපිටම ද්‍රෝහි වෙන කොට දුකයි.

ඔබේ විවේචකයන්?

අම්මා, නැන්දලා සහ ආච්චි අම්මා.

හීන මැව්වෙ නිළියක් වෙන්නද?

නැහැ. නිවේදිකාවක් වෙන්න.

කෝ ඒ නිවේදිකාව?

තවමත් ඒ හීනයේ මං ජීවත් වෙනවා. අවස්ථාවක් ලැබුණොත් ඒ නිවේදිකාව එළියට එයි.

නිළියක් වීම?

අද මං යම් ස්ථාවරයක ඉන්න නිසා නිළියක් වීම ගැන සතුටුයි.

ඉදිරි වැඩ කටයුතු?

නාට්‍යය දෙකකට කතා කරලා තියනවා. තවම ඒවා ස්ථීර නැහැ.

ඔබව කෙටියෙන් හැඳින්නුවොත්?

ඉක්මනින් කේන්ති යන, ඊටත් වඩා ඉක්මනින් කේන්තිය නිවෙන සංවේදී කෙනෙක්.

ලිපිනය?

6/34, පළමුවැනි පටුමග,

රණවක වත්ත පාර,

කලල්ගොඩ,

පන්නිපිටිය

READ MORE - සිහින සිතුවම් ටෙලි සිතුවමේ නෙතුමිණී

මැයි 11 - 12 - 13 - 14 වෙන වැඩ එපා

Thursday, April 21, 2011







අදහස - Admin - Lanka Art Diary
READ MORE - මැයි 11 - 12 - 13 - 14 වෙන වැඩ එපා

මිය ගිය උවැසිය මොනිකා කිවිඳිය

මිය ගිය උවැසිය මොනිකා කිවිඳිය


මිය ගිය උවැසිය- මොනිකා කිවිදිය

නවාතැන් පොළෙන් සමුගත් ළබදිය

නවාතැන් පොළේදි යළිත් හමුවිය...

කවියෙන් දුටුවෙමි ඇය හද රිද්මය....

මොනිකා රුවන් පතිරණ කිවිදිය දිවයින ඉරිදා පත්‍රයට ලියූ "නවාතැන් පොළේ"නමැති ලිපි පෙළ කෘතියක්‌ ලෙස පළවී තිබෙනු, කියවීමි. ඇය එය රචනා කොට ඇත්තේ තම සමාජ මෙහෙවර සඳහා නැවති සිටිය තැන්වල මානව දයාවෙන් පිරිපුන් ඇගේ හද සසල කළ අවස්‌ථා හා සිද්ධි ඇසුරෙනි. එහෙත් මේ ලියන්නේ _විත නවාතැන් පොළ හැර දැමූ මේ උදාර ගැහැනියගේ අසීමිත මානව ප්‍රේමයේ කවි කෘතිය පිළිබඳවයි. ඇය මිනිසුන් වෙනුවෙන් විමසූ, කැපවුණු ගැහැනියකි. ගැහැනුන් නොදුටු දේ ගැහැනු නෙතින් උරාගත් ඇය නවාතැන්පොළ ලිපි පෙළ හරහා මවන්නී ඒ අදහස්‌ය. ගැහැනියක ලෙස ඉපිද ගැහැනියක නිසාම විඳින වද වේදනා සියෑසින් පසක්‌ කරන්නී නවාතැන්පොළ හරහා අනුවේදනීය දිසාමානයන් කරා පාඨකයා ගෙනයන්නීය.



ආශ්චර්යයක්‌ කරා යන ගමනේ ශ්‍රී ලංකාවේ දුක්‌ විඳින ජනතාව හා එම දුක හිසින් ගෙන, හෙට ලොවක නැවුම් සිහින ගෙන අගුපිළේ රෑ සිහින දකින ගැහැනුන් දුටු පතිරණ කිවිදිය කරුණා පිරුණු උවැසියක සේ සෝකවන්නීය. ඒ සෝකය ඇයගේ හදවත තුළ නොරැඳී පිටාර ගැලුවේය. ප්‍රේමයත්, එයින් ගෘහණියක වන ගැහැනියත් බොහෝවිට, සැබෑවටම ලාංකීය සමාජය තුළ කැටයක්‌ බවට පත්වෙයි. මෑතකදී රක්‍ෂණයක්‌ වෙනුවෙන් ස්‌වාමියා අතින් මිය ගිය කාන්තාවක කියා පෑවේද උක්‌ත දුර්භාග්‍යයේ තරමයි. මොනිකා කිවිදිය මෙබඳු පැතිකඩ විනිවිද දකියි. වරක්‌ ඇය දුටු ගැමි නව යොවුන් තරුණියක සිය අතේ අත්ල අහිමි වූ එකියකි. ඒ µeක්‌ටේරියේ වැඩට ගොස්‌ සිදුවුණු අකරතැබ්බයකි. එහෙත් ඇයගේ මව ඊට කිසිදු මුදලක්‌ නොගත්දි ඉල්ලා තිබුණේ තම දියණියගේ අත නැවත දීමට හැකි නම් එයයි. මොනිකා කිවිදිය සිය කවි වැගුරුවේ මෙසේය, ඇය වෙනුවෙන්.

ඇගේ ඇඟිලි සොරු අරගෙන ගියෝයා

එකී ඇඟිලි මුදලට සම නැතෝයා

කාසි දහසක්‌ ගනු කෙසේයා

ඇගිලි නොම ලදොත් මගෙ දිවි නැසේයා



මේ කුඩා දැරියත්, ඇයගේ මවත් ළතවෙන අයුරුය. තව වරක්‌ ඇය බංගලාදේශයේ සංචාරය කරත්දී දුටු දෙයින් හද ස්‌වර ප්‍රකම්පිත විය. අවුරුදු දොළසක දැරියක්‌ අවුරුදු හතළිස්‌ ගණනක්‌ වයසැති අයකුට විවාහ කරදී ඇය ගෙන යාමට පැමිණ විට එම දැරිය දුව යන දසුනකි ඒ. තම දෙමාපියන්ගේ උණුසුම ලැබිය යුතු මේ දැරිය පිරිමියකු අතපත්ව කුමන පිපතක්‌ ඉවසන්නට සමත්වෙයිද? මේ කුඩා දැරිය බිල්ලක්‌ බවට එම සමාජ සංස්‌කෘතිය තුළ පත්ව ඇත්තේ ගැහැනිය පිළිබඳ වත්මන් සෑම සමාජයකම පාහේ දැකිsය හැකි පරිභෝජන භාණ්‌ඩයක්‌ පමණක්‌ වීම පෙන්වාලමිනි. එහෙත් කවියකුට කළ හැක්‌කේ කුමක්‌ද? එම කඳුළු කතා කඳුළු අකුරින් අමුණා පාඨක නෙතග තෙත් කිරීමට තැත් දැරීම පමණි. මේ බංගලාදේශ බොළදිය වෙනුවෙන් අප කිවිදිය ඇමුණූ කවි කඳුළුය.

බොළද ළමා සිතිවිල්ලේ සරන්නියේ

අණසක බිඳින්නට නොහැකිව හඬන්නියේ

දෙවියකු පිහිට වේදැයි මග බලන්නියේ

අවසන කොතැන වෙද නොමදැන දුවන්නියේ



නොපිපුණු කැකුළ බිල්ලට පුද කරන්නිද

නොවැඩුණු උකුළ තුළ කළලය වඩන්නිද

නොවැඩුණු ළැමෙන් බිළි¹ට කිරි පොවන්නිද

නොපැසුණු සිත කයින් ගැහැනියක වන්නිද



කවා පොවා දරු සතපා ළඟින් හි`ද

ගෙවතු මල් වාවා යළි ගේ දොර ඇමද

සිරි යහනේ මොහොතක්‌ නිදි ලබන සඳ

මිය ගිය ළමා ළොව සිහිනෙන් පෙනේවිද



මෙසේ මිය යන මල් කැකළු එක්‌ දේශයකට හෝ කාලයකට අයත් නොවෙයි. මොනිකා කිවිඳිය උවැසියක සේ මේ සියල්ල දකියි. අපට කියයි. එසේ කියන්නී ඇය මිය ගියද අනාගත මී මුනුබුරු මිනිබිරියන්ට හෝ මේ ආච්ර්ණකල්පික මතයන්ගෙන් මිදී නව ලොවක නව අරුණලු දකින්නට වෙර දරන ලෙස පැවසීමටයි. අනාගතයේ ඇය දුටු මෙම අවිනිශ්චිත ස්‌වභාවය අද අපට පසක්‌ වෙමින් පවතියි. ඇය මෙන් අපටද මෙම නවාතැන් පොළෙන් හැකි ඉක්‌මනින් සමුගන්නට ඇත්නම් කදිම යයි අපට සිතෙන්නේ එබැවිනි.

වැව් ගොඩවී තාවුල්ලේ අවන්හල්ද සැදීලා

පුරන් කුඹුරුවල දුම්කොළ ගහකින් උක්‌ වැවිලා

දඬුමොණරෙන් රජ මැතිවරු අහසෙන් එති වැඩලා

නිලමේවරු පැජරෝවෙන් යති දුහුවිලි පිඹලා



ගම්මානෙන් පෙකිනිය සිඳ විශ්වය ගැන උගෙනා

මුණුපුරුවරු දසතේ යති අත සහතික රැගෙනා

මෙරටෙහි සළු පිලි වියමින් රට තෙල් ළිං පිහිනා

මිණිපිරියන් එවන කාසි හඬ ගම්දොර ඇසෙනා



මෙවිපත් හඳුනන කිසිවකු පහළ වෙන බැවිනා

පින්වත් දියසෙන් කුමරකු මැවිය යුතුය ඉතිනා

වස්‌ පණහක්‌ ගිය තැන දැඩි සොවින් ලියා තබනා

මී මුනුපුරු මිණිපිරියනි තොපටයි මේ වදනා



ඇය අවසන අපගෙන් අසන්නේ තවමත් නොවිසඳී, එහෙත් අප හදවත් තුළම වහා විසඳිය යුතු පැනයකි. ඒ පැනය අපේ අම්මා වෙනුවෙනි. නංගී වෙනුවෙනි. අක්‌කා වෙනුවෙනි. සොයුරිය වෙනුවෙනි. ඇයගේa කිවි සිත මානව දයාව පිරිපුන් දුකම දැක සංතාපයට පත්ව, එවුන්ගේ දුක නිවීමේ පැතුමම කේන්ද්‍ර කරගත් එකක්‌ බවට මේ පැනයම දෙස්‌ දෙයි.

ඇතැම් චිත්‍රපට ටෙලි නාට්‍ය හා විවිධ කලා මාධ්‍ය හරහා මැවෙන හාණ්‌ඩ ගැහැණියගේ සිතුවමට අනුගත වෙනු වෙනුවට ජීවිතයට මුහුණ දෙන ගැහැණියකගේ ප්‍රතිරූපය වර්ධනයට කාලය එළඹී නොමැත්තේද?

මොනිකා කිවිඳි උවැසිය මා මුලින්ම හද තුළ රඳවා ගත්තේ උසස්‌ පෙළ ලෙච්චමීගේ සිතුවිල්ලෙනි. එහෙත් ඇය හමුවීමට තරම් මා පින් කොට නොතිබිණි. මරණය ගැන ලියූ එයින් ජීවිතය ගැන කියූ මේ සොඳුරු සිතැත්තිය අප හැර ගොසිනි. එහෙත් ඇය ලියූ කවි ඇය මිය ගිය බව අපෙන් වසන් කරයි. ඒවා දකින කියවන මොහොතක්‌ පාසා කවියක්‌ කරන හදියක තරම දැනෙයි. ඉන් හද කම්පා වෙයි. මානවීය ආස්‌ථානයන් සකස්‌කරවීමෙහි කවියෙහි වගකීම ඇය මනාව අවබෝධ කරගෙන සිටියාය. නැවතත් සොඳුරු නවාතැන් පොළකදී ඇය හමුවේ නම්.... එවිටද ඇය අහිංසක මිනිසුන්ගේ දුකම ගැන දොඩනු අරුමයක්‌ නොවනු ඇත.


තෙඹුකැටියේ ධම්මානන්ද හිමි
සහාය කථිකාචාර්ය
සිංහල අධ්‍යයනාංශ්‍යය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය


© Copy Rights - Divayina "Watamadala"

READ MORE - මිය ගිය උවැසිය මොනිකා කිවිඳිය

අද නිරෝගී ප්‍රබන්ධ කලාවක්‌ ඕනෑකර තිබේ

අද නිරෝගී ප්‍රබන්ධ කලාවක්‌
ඕනෑකර තිබේ


20 සියවසේ ආරම්භයත් සමඟ අපගේ නවකතා කෙටිකතා ප්‍රබන්ධ කලාව වැඩුණේ එම රචකයන් බටහිර නව සාහිත්‍යාංගයන්ගෙන් ලද සුහද ආභාසයෙන්ය. ඩබ්ලිව්. ඒ. සිල්වා, හේමපාල මුනිදාස, පියදාස සිරිසේන, සයිමන් ද සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ආදී එම පුරෝගාමී ප්‍රබන්ධකරුවන්ගේ මුල් නිර්මාණයන් විමසන කල්හි පෙනී යන මූලික ලක්‍ෂණය වන්නේ ඔවුන් බටහිර සාහිත්‍යයේ දුර්වල අනුකාරකයන් නොව කිසියම් ස්‌වාධීන ප්‍රකෘතියක්‌ සියක්‌ ලකුණක්‌ ඇත්තවුන් පිරිසක්‌ බවය.

ඓතිහාසික චරිත, වැඩවසම් සමාජ චරිත හා නැගී ආ වෙළෙඳ සමාජයේ චරිත සිතුවම් කරමින් දේශීය ආඛ්‍යාන රටාවකින් පළල් පාඨක සමාජයක්‌ දිනා ගන්නට ඔවුහු සමත් වූහ. එඩ්ගා ඇලන් පෝ මෝපසාන් වැනි යුරෝපීය නවීන කතාකාරයන්ගේ චරිතාවේක්‍ෂණයන්ගෙන් නුවණක්‌ ලැබූ ඔවුන් තමා අවටැති සමාජයේ සුහද චරිතයන් නිරූපණය කිරීම පාඨක සම්භාවනාවට හේතුවිය. මිතුරන් දෙදෙනකු ධනාශාවෙන් මැණික්‌ ගලකට ලොබ බැඳීමෙන් එකිනෙකා, විනාශයට පත්වන සැටි ඩබ්ලිව්. ඒ. සිල්වාගේ "වෛරෝඩිය" කෙටි කතාවෙන් නිරූපණය විය. හේමපාල මුනිදාස "ගනුදෙනුව" කෙටි කතාවෙන් සිතුවම් කරන්නේද ඉඩමකට හා ගෙයකට සම්බන්ධ ගනුදෙනුවකින් උපරිම වාසිය ලැබීමට වයස්‌ගත මුදලාලියකු හා ප්‍රභූ කාන්තාවක ඔවුනොවුන්ගේ මරණය පතන සැටිය. ටී, ජී. ඩබ්ලිව්. සිල්වා "නම්බු පිස්‌සුව" කෙටි කතාවෙන් පින්තූරගත කරන්නේ ව්‍යාජ බුද්ධියෙන් හිස උදුම්මාගත් ඇමතියකු හා පුතෙකුගේ චරිතයන්ය. ජනහිතකාමී ගැමි වෙදරාළ කෙනෙකුගේ අපූරු චරිතයක්‌ සිල්වාගේ "පුරුද්ද" කතාවෙන් හමුවෙයි. මෙසේ අප පය ගැසූ සමාජයේ විවිධාකාර ජන චරිතයන් අපූර්වත්වයෙන් නිරූපණය කිරීමට ඔවුන් සමත්වූයේ නිරෝගී කතා කලාවකට පදනම් දමමින්ය. කියවන සාහිත්‍ය සමාජයක්‌ බිහිවූයේ එසේය.

එහෙත් අපගේ නවකතා - කෙටිකතා ප්‍රබන්ධ කලාවේ දෙවැනි භාගය වන විට සාහිත්‍යකරුවන් බටහිර නව සාහිත්‍ය ප්‍රවණතාවල වහලුන් වී සියක්‌ බව නසා ගත් සැටි අද අපට පරීක්‍ෂා කළ හැකිය. මෙයින් සිදුවූයේ පාඨකයා නව සාහිත්‍ය භූමියෙන් එපිටට පළවා හරිනු ලැබීමයි. විශිෂ්ට බටහිර නවකතාකරුවකු චින්තකයකු ජීන් පෝල් සාත්‍රේ මේ නිර්මාණ ප්‍රවේශය හඳුන්වා ඇත්තේ "නිෂ්ක්‍රීය පාඨක භාවිතය යන සංකල්පයෙන්ය. එහිදී තවදුරටත් පාඨකයා හෝ ඔහුගේ ආස්‌වාදය වැදගත් නොවේ. ලේඛකයා පුද්ගලවාදීව තමා උදෙසා ම ලියයි. සමාජ සත්තාවෙන් දුරස්‌ථ වූ මේ රෝගාතුර ලිවීමෙන් කල්පනා ලෝක සාහිත්‍යයක්‌ බිහිවූ සැටි අපි දනිමු. ආරම්භයේදී ප්‍රකට සාහිත්‍යකරුවෝ පවා මේ රෝගී ලිවීමට ගොදුරු වූහ.

සමාජයෙන් විශාලත වූ අන්තර්ගතික තරුණයකු කුහුඹුවන් නිරීක්‍ෂණයට යොමුවන සැටිත්, කුහුඹුවන් විනාශ කළ පසු ඔහු කුහුඹුවන්ගේ ප්‍රහාරයක්‌ මායා දර්ශනයකින් අත්විඳින සැටිත් මඩවල රත්නායකගේ "කුහුඹුවෝ" කෙටි කතාවෙන් දැක්‌වේ. විවාහ වී දැවුරුද්දක්‌ ගෙවෙනු පෙර විවාහක ස්‌ත්‍රිය උඩුමහලෙන් පැන දිවි තොර කරගත්තේ කිසිදු නිශ්චිත හේතුවක්‌ නැතිව බව කේ. ජයතිලක "අතීරණ" කතාවෙන් දක්‌වයි. නැටුම් ඉගෙනීමට යන බිරිඳ කෙරේ පුරුෂයා ඇතුලු සිතින් මවා ගන්නා දරුණු සැක සංකා අවසානයේදී පදනම් විරහිත බව ඔහුට ම පසක්‌ වන ආකාරයයි සරච්චන්ද්‍ර මුද්‍රd නාටකය" කෙටි කතාවට නගා ඇත්තේ, මොවුන් සියලු දෙනා ප්‍රොයිඩ්ගේ මනෝ විග්‍රහයේ අඳුරු සෙවණැලි තුළ ලගිමින් පුද්ගල විඥානයේ මනෝභ්‍රම - මනෝaභ්‍රාන්ති මවා පාමින් පාඨකයා කෙප්ප ලෝකයකට තල්ලු කළහ. අද බොහෝ නවීන රචකයින් වෑයම් කරනුයේද නූතනයාගේ මානසික තත්ත්වයන් - ආවේශයන් වඩාත් සියුම් ව කියා පාමින් "මනෝ විද්‍යාත්මක" සාහිත්‍යකරණයක්‌ නිපදවීමටය. මෙවැනි ව්‍යාජ ප්‍රවණතාවකින් ආධ්‍යාත්මික රීතියෙන් ලියෑවෙන මානව හිතවාදය පතුරුවන සාහිත්‍ය කලාවක්‌ ගොඩනැගිය නොහැකි බව අද බිහිවන අංගවිකල නිර්මාණයන්ගෙන් වටහා ගැනීම උගහට නොවේ.

මා මේ ප්‍රවේශය ගත්තේ, ගියනුගියාවෙන් මිදී තමාගේම නිදහස්‌ රීතියකින් ලියන නව කෙටි කතාකරුවකුගේ ලිවීම විමැසුමකට හසුකරන අදහසින්ය. දූලාගේ තාත්තා" නමින් සිය පළමු කෙටිකතා සංග්‍රහය රචනා කළ සුනිල් ගුණවර්ධන දැන් "රේස්‌ ආච්චි" නමින් අලුත් කතා පොතක්‌ ලියා ඇත. මේ කතා අභ්‍යන්තරයෙහි සංකීර්ණ දිවි ගැටුම් නොවේ. සූක්‍ෂම මානසික අවස්‌ථා නොවේ. එබඳු කතා අභ්‍යන්තරයක්‌ ද නැත. ඇති වැදගත් දේ කුමක්‌ද? ඒ අන් කිසිත් නොව අප හා ජීවත් වන එහෙත් අප හොඳින් හඳුනාගෙන නැති ස්‌ත්‍රී පුරුෂයන්ගේ අපූර්ව ජීවන චරිතයන්ය. මෙහිදී කතාකාරයා අද සාහිත්‍ය මේසයට නොවරදවා ම එන යන කථාංගයන් - රීතීන් - රචනොපක්‍රමයන් සිතාමතා වැඩට නොගනී. ඔහුගේ කතා තාක්‍ෂණයෙහි, කතුරු මුවාත්කාරයකු ගේ තාක්‍ෂණයට වැඩි ගැඹුරක්‌ නැත්තකැයි මට වරෙක සිතේ. එය මිහිරි පානයක්‌ නොව වැලි පිස හැර අමුවෙන් කෑ හැකි ධාන්‍යයක්‌ මෙන්ය. නූතන ආසාදනයන්ට ගොදුරු නොවීමට ඔහුගේ වටිනාකමක්‌ සේ ගත යුතුය.

..... ඇගේ නම ශෝබාය. එය අතිශයින්ම ඇයට ගැලපෙන නාමයකි.

...... රේස්‌ සීයා හා රේස්‌ ආච්චි අපේ ලෝකයේ වීරයෝ වූහ.

.......... පෙරේරා නෝනා නුගේගොඩ ජම්බුගස්‌මුල්ල ග්‍රාමයෙහි උපන් තැනැත්තියකි.

......... මේ සියල්ලෝ එකම තැනක ගෙවල් තුනක වෙසෙන දරුදැරියෝය.

රචකයා මෙසේ ලියන්නේ නූතනවාදී ආඛ්‍යාත රටා ගණන් නොගන්නා සැටියකින්ය. ඔහු ලියන්නේ තමාගේම වචනවලින්ය. අද බොහෝ දෙනා ලියන්නේ අනුන්ගේ වචනවලින්ය. ඔහු මේ කතා ලියා ඇත්තේ සමාජ පදිකයෙහි යන එන මිනිසුන් ගැහැනුන් අතරෙහි වෙනස්‌ මුහුණුවර වෙනස්‌ ගති පැහැ ඇත්තවුන්ගේ චරිත වර්ගයක්‌ ගැනය. ඔවුන්ගේ ප්‍රකෘති චරිත ලක්‍ෂණයන් පාඨකයන්ගේ කුහුල් සිතට හසුවන්නේමය.

පාසල් චාරිකාවකට සහභාගී වන්නට වරම් නොලද සිසුවා පාඨකයාගේ චරිත තුළට නැද්ද?

මිසිලින් නම් සරාගී වින්නඹුව තරුණ ගැටවුන්ගේ "රියෑදුරු පාසල" ලෙස හැඳින්වුවද ගමේ එවුන්ගේ තුවාලවලට ගෙදරදීත් බේත් දමන්නේ ඇයමය.

පෙරේරා නෝනා ඇගේ නුගේගොඩ මායිම්වත්තේ ගෙවල් පේළිය කුලියට දෙන්නේ මුලදී එක බඩවැල කඩාගත්තවුන් සේ ඇසුරු කරමින්ය. අවශ්‍ය වූ විට නිවැසියන් ඉක්‌මනින් යවා ගෙවල් නිදහස්‌ කර ගන්නා කලාව ද ඇය දනී.

එයාගෙ ඔක්‌කොම කෙරුවාවල් එළිවුනාට පස්‌සෙ මං එයාව නීතියට කොටු කරල දුන්නෙ. පොලිසියට ගෙනහිල්ල හිරේ විලංගුවෙ වැටිච්චාවේ මං මේ සේරම කළේ කොහොමද? මනමාලයකුට හසු වූ පද්මිනී නම් ස්‌ත්‍රියකටය ඔබ මේ සවන් දෙන්නේෘ

පුතෙකු තාත්තාව දකින්නේ පුදුමාකාර සුකුමාර චරිතයක්‌ ලෙසටය. මේ තාත්තාට ඕනෑ වූ විට ඇඳුම් පැළදුම් අරන් දෙන්නේ මවය. කමිසය සාප්පුවේදී තෝරා දී ඇඳුම් මසන්නා ළඟට එක්‌ක යයි. ඇඳුම් මසන්නා ඔහුට කලිසම මසන්නේ අවුරුදු ගණනක සිට පොතේ ලියා ඇති මිමිවලටය. අලුත් ඇඳුම් ඇන්ද දවසකට මේ තාත්තා නුගේගොඩ ගිහින් එන්නේ සිතේ සතුටටය.

මසකට වරක්‌ නඩු තීන්දුව ප්‍රකාර විහාරස්‌ථානයට යන ස්‌ත්‍රිය නීතියෙන් වෙන් වූ පුරුෂයාට පැය කීපයකට පොඩි පුතාට බාරදී බලා සිටින සැටි කියන කතාවක්‌ පාඨකයාගේ සිත අවුලන්නේ නැද්ද?

මේ කෙටිකතාවල ජීවත්වෙන මේ මිනිස්‌සු ගැහැණු බොහෝ කල් ජීවත්වෙති. ඔවුන් ඒ අර්බුදවලින්ම මිය යන්නේ නැත. කතුවරයා ද කෘතිය තුළ මිය යන්නේ නැත. හේතුව ඔහු චරිතයන්ට අප්‍රමාණ මානව දයාවක්‌ හිමිකරදෙන නිසාය. තමා මවන ඒ චරිතයන්ට වග කියන නිසාය. ඔහු තුළ මිනිස්‌ චරිතවලට සත්කාරක අරමුණක්‌ ඇති නිසාය. සුනිල් ගුණවර්ධනගේ කෙටිකතා මිනිස්‌ චරිතයන් දැකිය හැකි නැරඹුම් සඳැල්ලකැයි මා කියන්නේ ව්‍යාජෝක්‌තියක්‌ ලෙස නොවේ.

කොළඹ වීථි දිගේ ඇවිද යන මහල්ලෙකි. සිහි විකල් ඔහු එකම වචන කිය කියා අයාලේ ඇවිදී. අයියෝ මනුස්‌ස ජීවිත... මරදානෙදි මිනිස්‌සු මැරුව. බෝධිය ළඟදි මිනිස්‌සු මැරුව. අයියෝ මනුස්‌ස ජීවිත. මේ ත්‍රස්‌තයෙන් කම්පිත පුරවැසි මනසය.

.... සිරිතුංග විවාහ වූයේ අම්මාගේ බලේටය. විවාහයෙන් පසුවද ඔහු වැඩිපුර නිදා ගත්තේ අම්මාට ලංවය. මේ වගෙ මනුස්‌සයෙක්‌ මේ ලෝකෙ කාටවත්ම ලැබෙන්නේ නැහැ. මට සැමියා වුනේ මගෙ පෙර පිනකට... සිරිතුංගගේ බිරිඳ කියයි. අම්මා මියගියදා ම ඔහුද කෑගසාගෙන බිම පතිත විය.. අනේ මගෙ අම්මේ මාත් එනවා.

..... ධර්මසේන බිරිඳට වද හිංසා දෙන නිසා දෙමුපියෝ කරුණාවතීව නිවසේ රඳවා ගිනිති. උඹට දෙන්න මෙහෙ ගෑණු නැහැ. කාලකන්නි ජඩය බිරිඳ එක්‌ක යැමට ආ ඔහුට මවුපියෝ බැණ වදිති. එහෙත් කරුණාවතී ඔහු සමඟම යයි... දැන් තාත්තලට මාව අයිති නැහැ. ගැහැව්වත් බැන්නත් මං එයා එක්‌ක යනවා.

යථාර්ථයෙන් ජීවය කැවුණු මේ කතා අධිකරණ සාලාවක ඇසෙන ජීවන සංසිද්ධීන් හා සාමානයෑයි මට සිතේ. සුනිල් ගුණවර්ධන ගේ මේ ලිවීමේ යටි පෙළ චර්යා ධර්ම පද්ධතියක්‌ හා තරව පිහිටියකි. මහා ධාරානිපාතයකදී අගුපිලක්‌ නොලැබ පැටවුන් වැදූ බළල් අම්මා වතුරේ ගසාගෙන යන ඇස්‌ නෑරිය පැටවුන් කටින්වත් ඩැහැගෙන යා නොහැකිව කම්පාවෙන් බලා සිටී. කෙටිකතාකරු ඇය දකින්නේ නූතන පටාචාරාවක ලෙසටය. නව සාහිත්‍යයෙහි ඇතුළත් විය යුත්තේ චර්යා ධාර්මික අගයකැයි අයින්ස්‌ටයින් පවසයි. බටහිර සාහිත්‍යකලා ආධ්‍යාත්මයෙන් පිරිහුණේ ඒවා මානවීය සාර දහමින් වියෝ වූ නිසාය. ෂේක්‌ස්‌පියර් ගේ හා ඩොස්‌ටවුස්‌කිගේ උත්තම සාහිත්‍යයට මූලික වූයේ එම නාටක - නවකතාවල සිටින මිනිස්‌ චරිතයන් සාර දහම්වල සළු පැළඳ සිටින නිසායෑයි ඔවුන් උදාර මානවීයත්වයක්‌ පිළිබිඹු කරන නිසායෑයි සාත්‍රේ ප්‍රකාශ කළේය.

සුනිල් ගුණවර්ධනගේ "හැන්ඩලීන් මහත්තයා" කෙටි කතාවේ විෂය චරිතය වන්නේ නුගේගොඩ දෙල්ගහවත්තේ කුලී නිවැසියකු වූ බර්ගර් ජාතිකයාය. කොම්පැනියක ලිපිකරුවකු වූ ඔහුගේ ජීවිතයේ විනෝදකාමී ජීවන රටාව හා පවුලේ ගැටුම් වැටුම්ද හෙළිකොට ඇත්තේ ව්‍යාජ රචනා විලාසයකින් නොව ජන චරිත පොතක්‌ පෙරළා දක්‌වන සමාජ විත්ති ගවේශකයකු ලෙසටය. ජනගහනයෙන් බිංදුවකැයි මෙරට බහුජනයා විසින් නොසලකා හරිනු ලබන මෙරට විශේෂ ප්‍රජා කොටසක්‌ වූ බර්ගර් සමාජය නියෝජනය කරන කාල්මලර් නම් ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි ලේඛකයා පිළිබඳ දීප්තිමත් හෙළිදරව්වක්‌ අඩංගුව ඇත්තේ අපේ විශිෂ්ටතම තීරු ලේඛකයා වූ නීල් විෙ-රත්නයන් ළඟදී පළකළ "දෙබසේ දෙබස" නම් ලිපි සංග්‍රහයේය. කන්ද උඩරට මුල්ගම්පොළ ගෙදර නිහඬ ලිවීමක යෙදෙන කාල් මලර් ඔහුගේ තුන් ඈඳුතු නවකතාවෙන් ශ්‍රී ලාංකික බර්ගර් ජන ශ්‍රේණිය ප්‍රතිරූපණය කොට ඇත්තේ අව්‍යාජ දේශීය කතා රටාවකින් යෑයි නීල් විඡේරත්න පවසයි. ආයතනික ලේඛකත්ව පුහුණුවක්‌ නැති කාල්මලර්ගේ ලිවීමද අව්‍යාජත්වයෙන් පිරිපුන් බව පවසයි. බර්ගර් ජනයා ජීවිතයේ උපරිම සතුට විඳින ජීවන ශෛලියක්‌ ඇති ජන කොටසක්‌ බව කාල්මලර් ලියන විට, මට සෝමරත්න බාලසූරියගේ "සිහිනෙන් අවදිවීම" නම් කෙටි කතාවද සිහිවේ. පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු වූ ගුණරත්න මහතා, බිරිඳ හා දරුවන් පෝදා පන්සල් ගිය සන්ධ්‍යාවක නිවසේ කොන්ක්‍රීට්‌ වහල් තලයට වී දෙවන මහල සාදාගන්නට බැරිවීම ගැන කෙඳිරිලි සිතකින් පසු වෙද්දී ඔහු සොයා එන අසල්වැසි බර්ගර් ජාතිකයා එක මධුවිතක්‌ ඔහුගෙන් ඉල්ලා සිටී..... සර් මට සමාවෙන්න මම සර්ගෙ නේබර්. තියෙනව නම් එක පොඩි අඩියක්‌ දෙන්න. මම ගත්ත යන්න ගියා. සර්ට කරදරයක්‌ කරන්නෙ නැහැ.....

සුනිල් ගුණවර්ධනගේ "හැන්ඩලින්" මහත්තයා මෙම බර්ගර් ජන වර්ගයා වෙත දයාර්ලූ බැල්මකි. බර්ගර් ජාතිකයෝ සිංහල දෙමළ දෙජාතීන් සමඟ මිත්‍රශීලිව වෙසෙති. කිසි කලෙක සමාජ ගැටුම්වලට නොගියහ. ඔවුන් කිතු දහමින් ලද මානව භක්‌තිය ඊට හේතු වන්නට ඇත. වැඩිපුර නූගත් ඔවුහු වැඩිදෙනා සමාගම්වල සේවයෙහි නියුක්‌තයෝය. පුද්ගලික පාසල්වලදී සිංහල දරුවන් ඉංග්‍රීසි කතාව උගත්තේ ලන්සි දරුවන්ගෙන්ය. බටහිර සංස්‌කෘතියේ විනෝදකාමීත්වය ඔවුන්ගේ ජීවන ස්‌වරූපයකි. කෙටිකතාකරු මේ දිවි තතු සංවේදීව චිත්‍රනය කරන්නේ නාටකීය ලෙසිනි.

.......... හැන්ඩලීන් මහත්තයා කලබලයකින් තොරව වාසය කරයි. ඊට හේතුව ගෙවල් හිමියා ද ඔහුට ආදරය කිරීමයි. "අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි. නිතර පවසන ඔහු මධුqවිතක්‌ ගෙන දරු මල්ලන් හා කා බී නටා විනෝද වෙයි. වියෝලේ මා සනසන වියෝලේ...... හැන්ඩලින් මහතාව දමා ගිය බිරිඳ ඔහුගේ පඩි දවසට ගෙදර එයි. රස මසවුළු සාදා දෙයි. මුදල් ඉල්ලයි. ගෙදර කෝලාහල ද ඇතිවේ.... අයියෝ ඩැඩා මමීට ගහන්න එපා. ඇය පිටව ගොස්‌ ඊළඟ පඩි දවසට නැවත එයි.... සියල්ල අවසන් වූ පසු කිසිවක්‌ සිදුනොවූ සේ හැන්ඩලින් මහත්තයා සුපුරුදු පරිදි උදැසන සේවයට පිටව යයි කියා කතාව අවසන් කොට ඇත. මේ අපේ ජීවිතවලට කතා කරන කෙටිකතා නොවේද? ඒවා පශ්චාත් නූතන බහුබූත නොවේ.

සුනිල් ගුණවර්ධනගේ "රේස්‌ ආච්චි" කෙටි කතාවෙන් අපට හමු වන්නේද එදා දේශීය වෙළෙඳ පන්තියේ නැගීමත් සමඟ පොහොසත් වූ කඩයක්‌ හෝටලයක්‌ හා ගෙවල් පේළියක්‌ හිමි වයස්‌ගත යුවලකි. දරු මල්ලන් නැති ඔවුහු දුප්පත් නෑ. මිතුරන්ට උදව් කරති. මේ දෙදෙනා එදා ජනප්‍රියව පැවැති රේස්‌ ඔට්‌ටු ඇල්ලීමෙන්ද ධනය ලැබීමට වාසනාවන්ත වෙති. ධනය ඉපැයීමෙන් මෙන්ම ධන දානයෙන්ද එකවර සතුට ලබන මේ දෙපළගේ චරිත කතාකරු විදහා පාන්නේ ඒ ආධ්‍යාත්ම සංකීර්ණය ඒ ධර්මතාව වටහා ගත් අන්තර්ඥානයකින්ය. මහලු වයසේදී මේ දෙදෙනා කුලීකරුවන් වූ නිවැසියන්ටම සහන මිලකට ගෙවල් අයිතිකර ගන්නට ඉඩ ලබා දෙති. හෝටලය ව්‍යාපාරය ගොඩනැගු ඥාති පුතුන්ටම දෙති. ගෙය හිතවත්ම නෑයාට දෙති. දෙන්නා මහලු නිවාසයකට ගොස්‌ ජීවිත සන්ධ්‍යාව තුටින් ගත කරති. කථකයා පසු කලෙකදී මේ මිනිසුන් වාසය කළ ගෙවල් දොරවල් බැලීමට යයි. එවැන්නක්‌ සොයා ගත නොහැකිය. කාලය හා මුදල් ලෝකය කෙතරම් වෙනස්‌ කර ඇද්ද යන අවසන් වැකිය කතාකරුගේ හදින් නැගි සෝ සුසුමක්‌ වැන්න.

ධනේශ්වර මඩ ගොහොරුවේ ගිලුණු බටහිර සමාජ භූමියෙන් මතුවූ පශ්චාත් නූතනවාදී සාහිත්‍ය ප්‍රවණතා මිනිසා පා රඳවා ගෙන සිටින මානව දහම් - සාර දහම් පදනම්වලින් ගැලවී විසිවූ බවත්, එම අධියථාර්ථවාදය වැනි මතවාදයන් භාෂාවට හා සාහිත්‍යයට මහත් විනාශයක්‌ කළ බවත් ජීන් පෝල් සාත්‍රේගේ තියුණු විචාරයට හසුවිය. එම විචාර පත පොත මෙහි ව්‍යාප්ත වී නම් ඉකුත් සමයෙහි බොරු ගොස නැගූ අනුකාරකයින්ට අල්පායුෂයක්‌වත් නොලැබෙනු ඇත. විදග්ධ සළු පිළිවලින් තොර, සුනිල් ලියා ඇති මේ චාම් සරල චරිත කතා අපේ සමාජ සත්තාව ඇත්ත කරන දේශීය ලකුණින් යුත් ප්‍රබන්ධ සාහිත්‍යයක්‌ බව අද දවසේ රසිකයාට හොඳින් අවබෝධ වනු ඇත. නිර්මාණකරුට අරමුණක්‌ නැත. අරමුණ කෘතියමය. සාරධර්ම, පණිවුඩ,මතවාද නැත. ශ්‍රී ලංකාවේ ආර්ට්‌ නැත..." ආදී ව්‍යාජ නූතනත්වයට ගොදුරුවීමෙන් සාහිත්‍ය කලාව නොසෙවුනා කැඩපතක්‌ වී යෑයි අමරසේකර නැගූ හඬ තේරුම් ගැනීමට දැනටමත් ප්‍රමාද වැඩිය. අද නිරෝගී ප්‍රබන්ධ කලාවක්‌ ඕනෑ කර තිබේ.


පරාක්‍රම කොඩිතුවක්‌කු


© Copy Rights - Divayina "Watamadala"

READ MORE - අද නිරෝගී ප්‍රබන්ධ කලාවක්‌ ඕනෑකර තිබේ

පශ්චාත් නූතනය හැදැරීමයි පශ්චාත් නූතනවාදීන් වීමයි දෙකක්‌

පශ්චාත් නූතනය හැදැරීමයි
පශ්චාත් නූතනවාදීන් වීමයි දෙකක්‌

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය සන්නිවේදන අධ්‍යයනාංශයේ අධිපති
රංජිත් ධර්මතිලක


පුරාතන ලෝකයේ මතවාදයේ න්‍යෂ්ටිය වූයේ පුරෝණොක්‌තිය. මධ්‍යතන යුගයේදී මතවාදයේ න්‍යෂ්ටිය බවට ආගම පත්වූ අතර නූතන යුගයේදී එය හිමිවූයේ විද්‍යාවටය. වර්තමාන පශ්චාත් නූතන යුගයෙහි මතවාදය පාලනය කරනුයේ ජනමාධ්‍යය මගිනි. එහෙයින් ජනමාධ්‍යයත් පශ්චාත් නූතනත්වයත් අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවකි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය සන්නිවේදන සැලසුම් අධ්‍යයනාංශය මේ සබඳතාව මැනවින් වටහාගෙන ඇති බව පෙනී යන්නේ පශ්චාත් නූතනය හා සමකාලීන දෘශය සන්නිවේදන සැලසුම් කලා යනුවෙන් නව විෂය ක්‍ෂේත්‍රයක්‌ හඳුන්වා දී ඇති හෙයිනි. අභිනවයෙන් හඳුන්වා දුන් මේ ක්‍ෂේත්‍රය ද ඇතුළත් දෘශ්‍ය සන්නිවේදන අධ්‍යයනාංශයේ අධිපති රංජිත් ධර්මතිලක මහතාගේ අදහස පශ්චාත්නූතනවාදය හඳුන්වා දීමේ අරමුණ නව දැනුම පද්ධතියකින් විද්‍යාර්ථියා පෝෂණය කරවීම බවයි. පශ්චාත් නූතනවාදයට බැනවදිමින් සිටිනවා වෙනුවට එහි හොඳ ලක්‍ෂණ අවශෝෂණයටත් අයහපත් ලක්‍ෂණ බැහැර කිරීමටත් කටයුතු යෙදිය යුතු බව ඔහුගේ අදහසයි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය යන සවනත වැකි විගස කෙනෙකුගේ සිතෙහි මැවෙන්නෙ බොහොම සම්ප්‍රදායික ස්‌ථානයක්‌නෙ. එහෙම තැනක කොහොමද මේ වගේ සාම්ප්‍රදායික නොවන විෂයයක්‌ උගැන්වීම කෙරෙන්නෙ. ඒක ලොකු අභියෝගයක්‌ නේද?

අභියෝගයක්‌ නැතුවාම නොවෙයි. හැබැයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හුදෙක්‌ පැරණි දේ පමණක්‌ ගැන කියාදෙන තැනක්‌ විදිහට ඔබ හිතනවා නම් එය වැරදියි. බොහෝ ඈත යුගයක ඒ තත්ත්වය පැවතියා. මෙය ආරම්භ වුණේ එක්‌දහස්‌ අටසිය අනූතුනේදී රජයේ ලලිත කලා විද්‍යාලය විදිහට. ලලිත කලා විද්‍යාලය 1952 දී රජයේ ලලිත කලායතනය බවට පත්වුණා. 1974 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය යටතේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය නමින් විශ්වවිද්‍යාලයීය ආයතනයක්‌ බවට පත්වුණා. අපි පූර්ණ විශ්වවිද්‍යාලයක්‌ බවට පත්වුණේ 2005 දී. ඉතිං විශ්වවිද්‍යාලයක්‌ බවට පත්වුණාට පස්‌සෙ පරණ දේටම යොමුවෙලා හිටියා කියන චෝදනාව කොහොමත් එල්ල කරන්න බැහැ. වර්තමාන උපකුලපති මහාචාර්ය ජයසේන කෝට්‌ටෙගොඩ මහතාත් දෘශ්‍ය කලා පීඨාධිපතිවරයාත් නව දැනුම ශිෂ්‍යයන්ට ලබාදීමේ වැදගත්කම දන්නවා. එතුමන්ලාගේ සහය අපට ලැබෙන නිසා අභියෝග ජයගැනීම අසීරු නැහැ.

පශ්චාත් නූතනවාදය උගන්වන්න හොඳ දෙයක්‌ද? ඒක හරි නරකයි නේද? වැනි කතා සමහරු කියන්න ඉඩ තියෙනවා. එහෙත් බුද්ධිමතුන් විදිහට අපි එහෙම පටු විදිහට කල්පනා කළ යුතු නැහැ.

මං කලින් අදහස්‌ කළා වගේ අභියෝග නැතුවාම නොවෙයි. අලුත් විෂය ඒකකයක්‌ සැලසුම් කරන විට ප්‍රශ්න මතුවෙනවා. මොන වගේ දේවල්ද විෂය නිර්දේශයට ඇතුළත් කළයුතු වෙන්නෙ. මොන මට්‌ටමට ද ඉගැන්විය යුතු වන්නේ. මොන වගේ අයද මීට සම්බන්ධ කරගන්නෙ. කොහොමද මීට අවශ්‍ය භෞතික හා මානව සම්පත් හොයාගන්නෙ කියන ප්‍රශ්න පවතිනවා. ඒත් අපට අපගේ උපකුලපතිතුමාගේ පීඨාධිපතිතුමාගේ සහයත් ආදරණීය ශිෂ්‍ය පරපුරකගේ ශක්‌තියත් තිබෙන නිසා ඒ අභියෝග එතරම් ගණන් ගත්තේ නැහැ.

මොනවගේ දේවල්ද පශ්චාත් නූතන සැලසුම් විදිහට උගන්වන්නේ?

මේ විෂය ඉගැන්වීමේ අරමුණ වන්නේ පශ්චාත් නූතනය තුළ නිර්මාණය වන සමකාලීන දෘශ්‍ය සන්නිවේදන සැලසුම්හි ආකෘතිය හා අන්තර්ගතය හඳුනාගැනීමයි. සමාජයට ඉන් ඇතිවන බලපෑම ද හදාරනවා. මීට ඇතුළත් වනවා ප්‍රධාන කොටස්‌ පහක්‌. පළමු කොටසේදී රූපවාහිනි වැඩසටහන්වලට අදාළව පශ්චාත්නූතනය ක්‍රියාත්මක වන්නේ කෙළෙසද කියා හදාරනවා. ශිල්පීය උපක්‍රම හා තාක්‍ෂණය ගැන අවබෝධයක්‌ එහිදී ලබාදෙනවා. දෙවැනි කොටස සමන්විත වන්නේ වෙළඳ ප්‍රචාරණය සම්බන්ධ ඒකකයකින්. පශ්චාත් නුතනවාදී ක්‍රමෝපායයන් වෙළෙඳ ප්‍රචාරණයේදී බහුලව භාවිත වනවානෙ. දේශීය වෙළඳ ප්‍රචාරණයේ වර්තමාන ස්‌වරූපය සහ දෘශ්‍ය කලාවේ දායකත්වය පිළිබඳ හොඳ දැනුමක්‌ මෙහිදී අප ලබාදෙනවා. තුන්වනුව සලකා බලන්නේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳ මුද්‍රිත සැලසුම් නිදර්ශන අක්‍ෂරකරණය හා සැලසුම් සැකසීම හා ඉදිරිපත් කිරීම ගැන අවබෝධය ලබාදෙනවා. සිව්වෙනි කොටසේදී හදාරන්නේ සිනමාව ගැන. ලෝකයේ උසස්‌ අධ්‍යාපන ආයතනවල අද පශ්චාත් නූතන සිනමා නිර්මාණ ගැන කතා වෙනවා. ඒ දැනුම අපි අපේ දරුවන්ට දෙන්න ඕනෙ. බ්ලූවෙල්වට්‌, අයිස්‌ වයිට්‌ ෂට්‌, බ්ලේඩ් රගර්, හූ ප්‍රේම්ඩ් රොජර් රැබිට්‌, ලොලිටා මයිඕන් ප්‍රයිවට්‌ ඉදහෝ, වෝටර් හෝ චොලකට්‌ වැනි පශ්චාත් නූතන චිත්‍රපට රසවිඳින්නට අපි අපේ ශිෂ්‍යයන්ට ඉඩ ලබා දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ බිහි වූ පශ්චාත් නූතන සිනමා නිර්මාණ දෙකක්‌ ගැනත් අපි කතාබහ කරනවා. පස්‌වැනිව අප සමකාලීන වෙනත් කලා මාධ්‍යයන්ට අදාළව පශ්චාත් නුතන භාවිතයන් හඳුනා ගන්නවා. සංගීතය, චිත්‍රය, නර්තනය, ගුවන්විදුලිය වැනි දෙයට අදාළව පශ්චාත් නුතනය ගැන එහිදී කතා කරනව.

සමහරුන් කියන්නෙ පශ්චාත් නූතනවාදය ආර්ථික දේශපාලන හා සාහිත්යික ක්‍රියාදාමයක්‌ විතරයි කියල නෙ. එහෙම තත්ත්වයකදී ඔබ කොහොමද චිත්‍ර කලාව, සංගීතය, නර්තනය වැනි දෙයට පශ්චාත් නූQතනවාදය බද්ධ කරන්නෙ?

පශ්චාත් නූතනවාදය එහෙම කොටස්‌ දෙකකට තුනකට සීමා කරන්නේ එම විෂයය පිළිබඳ නිවැරැදි අවබෝධයක්‌ නොමැති අය.

පශ්චාත් නූතනවාදය කියන්නේ නූQතනවාදයට එරෙහිව සාහිත්‍ය, කලා, විද්‍යා, සමාජ විද්‍යා ආදී ක්‍ෂේත්‍ර ගණනාවක පැනනැගුණ නව ප්‍රවණතාවක්‌.

පශ්චාත් නූතනවාදය විෂය රාශියක්‌ සමඟ සම්බන්ධයි.

සාහිත්‍යය, ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර කලාව, සංගීතය, නර්තනය, මෝස්‌තර නිරූපණය, සමාජ විද්‍යාව, ග්‍රැµsක්‌ කලාව, දේශපාලනය, දැන්වීම්කරණය, සිනමාව, ජනසන්නිවේදනය පමණක්‌ නොව ක්‌වන්ටම් භෞතිකය සමඟත් එය බැඳෙනව. බොහෝ දෙනෙක්‌ හිතන්නෙ මේක මේ සාහිත්‍යයට දේශපාලනයට විතරක්‌ සම්බන්ධ දෙයක්‌ කියල. ඇත්තෙන්ම පශ්චාත් නූතන අදහස්‌ ඇමරිකාව තුළ මුලින්ම වර්ධනය වූයේ සාහිත්‍යය ඔස්‌සේ නොව ගෘහ නිර්මාණ ශිල්පිය ඔස්‌සේයි. දෘශ්‍ය කලාව සමඟ පශ්චාත් නුතනවාදයට ලොකු බැඳීමක්‌ තිබෙනවා.

ඔබ දන්නවාද පශ්චාත් නූතන නම් යෙදුමට අදාළ ඉංග්‍රීසි වදනය වන ඡදිඑපදාeරබ යන්න පළමුව භාවිත වූයේ මොන විෂයකට අදාළවද කියා.

චිත්‍ර ශිල්පය ගැන පුළුල්ව හැදෑරූ කෙනෙක්‌ නිසා මා ඒ ගැන දන්නවා. ලැබී ඇති සාක්‍ෂය අනුව නම් පළමුවෙන්ම පශ්චාත් නූතන යන යෙදුම දක්‌නට ලැබෙන්නේ 1870 දී එනම් මීට අවුරුදු 140 කටත් කලින් ජෝන් වොට්‌කිරස්‌ නමැති ඉංග්‍රීසි චිත්‍ර ශිල්පියා පළ කළ ලිපියක. එහිදී වැප්මන් පශ්චාත් නූතන සිතුවම් ගැන කතා කරනවා. ඔහු ප්‍රංශ චිත්‍ර කලාව හා ඉංග්‍රීසි චිත්‍ර කතාව සසඳමින් ඉංගී්‍රසි ක්‍රමය වඩාත් නූතන බව සඳහන් කරනව. ඔහු පශ්චාත් නුතන යන යෙදුම භාවිත කළේ වඩාත් නූතන යන අදහසෙන්. සාහිත්‍යයට අදාළව පෝස්‌ට්‌මොඩන් යන යෙදුම භාවිත වුණේ මීට දශක දෙක තුනකට පසුව.

ඒ නිසා පශ්චාත් නූතනවාදය චිත්‍ර කලාවට සංගීතයට නර්තනයට සිනමාව මූර්තියට බැඳිල නැහැ කියනව නම් එය විහිළුවක්‌.

පශ්චාත් නුතනය හැදෑරීමෙන් උපාධිලාභියකුට විශේෂ ප්‍රයෝජනයක්‌ ලැබෙතැයි ඔබ විශ්වාස කරනවාද?

ඔබගේ ප්‍රශ්නයෙන් ප්‍රකාශිත ප්‍රයෝජන යන වදන විච්ඡේදනය කිරීමට හා කැමැතියි. ඔබ ප්‍රයෝජන කියා අදහස්‌ කළේ භෞතික ප්‍රයෝජන නම් ඒ ගැන මා පළමුව කතා කරන්නම්.

මේ විෂය ක්‍ෂේත්‍රය තුළදී කෙරෙන්නෙ පශ්චාත් නූතනවාදය කියන්නෙ කුමක්‌දැයි කීම පමණක්‌ නොවෙයි. පශ්චාත් නූතන සැලසුම් කලා ප්‍රායෝගිකව උගන්වනව. සිද්ධාන්ත වශයෙන් කියාදෙනව. මේ ඥනය රැකියා අවස්‌ථා සඳහා ඉතා වැදගත්. ජාත්‍යන්තර වගේම දේශීය ආයතන මේ තම දැනුමෙන් සන්නද්ධ පුද්ගලයන් වහාම රැකියාවලට බඳවාගන්න සූදානමෙන් ඉන්නෙ. මේ රටේ ප්‍රධානතම ප්‍රචාරක ආයතන, වෙබ් සැලසුම් ආයතන, රාජ්‍ය ආයතන රැසකට හැම වසරකම අපේ සිසුන් රැකියාවලට යනව.

මා ඉතා වගකීමෙන් කියන්නේ අපේ අංශයෙන් උපාධිය ලබාගත් එක සිසුවෙක්‌ සිසුවියෙක්‌වත් නැහැ රැකියා වියුක්‌තිය තුළ. හැම දෙනාටම සුදුසු රැකියා තිබෙනව. මේ අංශයෙන් ඉගෙනගත් අයට රූපවාහිsනියෙ, පුවත්පත්වල, ප්‍රඩක්‌ෂන් හවුස්‌වල රැකියා වැහි වැහැල. මේ පශ්චාත් නූතන දැනුම දෙන්නටත් පෙර තත්ත්වයයි ඒ. ඉතිං මට හොඳටම විශ්වාසයි මේ තම දැනුම ලබාගත් අයට රැකියා අවස්‌ථා සුලබ වන බව. ඊට අමතරව විශාල සංකේතීය වටිනාකමක්‌ මේ විෂය හදාරන අයට ලැබෙනවා. ඉදිරියේදී අනෙක්‌ බොහෝ දෙයට වඩා දැනුම අත්පත් කර ගැනීමයි වැදගත් වන්නේ. මේ විදිහට බැලූවිට මේ විෂය හැදෑරීමෙන් භෞතික හා අභෞතික ප්‍රයෝජන ලැබෙනවා.

පශ්චාත් නූතන විෂය හැදෑරීමට ළමයින්ගෙ උනන්දුව කොහොමද?

අලුත් විෂයයක්‌ නිසා විශාල ප්‍රමාණයක්‌ තවම යොමුවී නෑ. නමුත් සම්බන්ධ වී සිටින විද්‍යාර්ථීන් ඉතා උනන්දුවෙන් ආසාවෙන් කටයුතු කරනවා. ක්‍රමයෙන් මේ විෂය ක්‍ෂෙත්‍රය වර්ධනය වන බව මගේ හැඟීමයි.

පශ්චාත් නූතනවාදය බියකරු වෛරයක්‌ය කියන මතය සමාජය තුළ තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?

එහෙම කියන්නේ මේ විෂය පිළිබඳ ඇකඩමික ඥනයෙන් තොර අයනෙ. මෙය ප්‍රවණතාවක්‌ ලෙස ගත් විට යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. ඕනම දෙයක හොඳ නරක තියෙනවනෙ. ඒත් විෂයයක්‌ ලෙස හදාරන විට අපි එහෙම හොඳ නරක විදිහට වර්ග කරන්නෙ නැහැ.

අනෙක පශ්චාත් නූතනවාදයේ මුල් බීජ වපුරා ඇත්තේ මහාචාර්ය විල්හෙල්ම් ෙµඩි්‍රක්‌ නිට්‌නේ, මහාචාර්ය හයිඩෙගර් වැනි මහා විද්වතුන්.

මේ සංකල්ප ඉදිරියට ගෙන ගියෙත් ජැක්‌ ඩෙරිඩා, ජින්ප්‍රාඥව, ලියොටාඩ්, ජින් බවුද්රිලාද්, ජැක්‌ ලැකාන්, මිදෙල් ෂූරකා, ගිලෙතස්‌ ගුටාරි, µ්‍රeන්සිස්‌ µqකුයම, චාල්ස්‌වේන්ක්‌ස්‌ වැනි මහා බුද්ධිමත් ඔය මා කී හැම දෙනාම පශ්චාත් නුතනවාදය විවිධ අංශවලින් පෝෂණය කළ සිද්ධාන්තවේදීන්. ඔවුන් හැමදෙනාම විශ්වවිද්‍යාල මහාචාර්යවරු. මා දන්නා තරමින් පශ්චාත් නූතන සිද්ධාන්ත වර්ධනය කළ සියලු දෙනා විශ්වවිද්‍යාල මහාචාර්යවරු හෝ තම විෂය ක්‍ෂෙත්‍රය තුළ මහා විප්ලවයක්‌ කළ කීර්තිධර මිනිසුන්. ඒ මිස ගමේ ගොඩේ ඕපාදූප කියමින් ඇවිදින්නන් හෝ නූගතුන් නොවෙයි. එවැනි බුද්ධිමතුන් පිරිසක්‌ ඔය කියන තරම් බියකරු හානිකර දෙයක්‌ නිර්මාණය කරයිද කියන ප්‍රශ්නය මට තියෙනව. මං හිතන්නේ පශ්චාත් නූතන දැනුම වැරදි විදිහට ග්‍රහණය කර ගත් විට තමයි එය වෛරසයක්‌ වන්නෙ. ඒක ඉතිං පශ්චාත් නුතනවාදයට සීමාවූ දෙයක්‌ නොවෙයි. ආගමක්‌ වුවත් වැරදි විදිහට ග්‍රහණය කර ගත්තොත් හානිවිය හැකියි. සමහර විට ඔය චෝදනාව නගන්නේ අපේ රටේ පශ්චාත් නුතනය නමින් ක්‍රියාත්මක වූ දේ ගැන දැකල වෙන්න ඇති.

පශ්චාත් නූQතනය යෑයි කියමින්a රට සාරධර්ම රික්‌තයක්‌ වෙත ගෙනයැමට කවුරුන් හෝ ක්‍රියාකරනවා නම් එහිදී ඔබේ ප්‍රතිචාරය කුමක්‌ද?

අනිවාර්යයෙන් විරුද්ධයි. අපේ සාරධර්ම විනාශ වන දෙයක්‌ කරන්න අප ඉඩ දෙන්නෙ නෑ. මේ විෂය හඳුන්වාදීම මගින් කෙරෙන්නේ තම දැනුම දෙන ඥනයක්‌. ඒ මිස ශිෂ්‍ය ශිෂ්‍යායන් පශ්චාත් නූතනවාදීන් කිරීම නොමෙයි. පශ්චාත් නුතනය හැදෑරීමයි පශ්චාත් නූතනවාදීන් වීමයි කියන්නෙ දෙකක්‌නෙ. මං දන්න හැටියට නම් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බුද්ධිමත්. ඒ අය මේ දැනුම නිසි විදිහට භාවිත කරයි. සුසමාදර්ශ විතැන්වීමක සේයා සමාජයේ පවතිද්දී ඒ ගැන දැනුවත්වීම අවශ්‍යයි. පර්යේෂණාගාරයේදී ඔබ ආසනික්‌ හඳුනාගත්තා කියා එය කන්නෙ නැහැනෙ.

ඔබ පරිපාලකයෙක්‌ වගේම ගුරුවරයෙක්‌. ඒ වගේම කලාකරුවෙක්‌. කලාකරුවෙක්‌ විදිහට කලාව වර්ගීකරණය කොට මෙය පරිහරණය කළ යුතුයි මෙය නොයකැයි කියා ඔබ ශිෂ්‍යයන්ට උපදෙස්‌ දෙනවද?

මා ඔබගේ මේ ප්‍රශ්නයට වෙනත් විදිහකින් උත්තරය දෙන්නම්. දැන් අපේ සමහරු මාත් එක්‌ක කියනව. අහවල් රූපවාහිනිය බලන්න එපා. එය නරකයි කියා මා උගන්වන විෂය තුළ එවැනි හොඳ නරක ඉරකින් ගහල බෙදන්න බැහැ. එනිසා මා ඒ අය කියන ඔය නාලිකාව බලනවා විතරක්‌ නෙමෙයි එයින් යමක්‌ ඉගෙනගැනීමත් කරනව. මගේ ශිෂ්‍යයන්ට මේ නාලිකාව බලන්න මේ නාලිකා නොබලන්න කියා කවදාවත් උපදෙස්‌ දෙන්නෙ නැහැ.

මං මෑතකදී ඇසයිමන්ට්‌ එකක්‌ කළා පශ්චාත් නූතනය හා චිත්‍ර ශිල්පය කියා. එහිදී මා දුටුවා අපේ ළමයි හුඟක්‌ දුරට හිතන බව. විවිධ මාධ්‍ය පරිහරණය නිසා ළමයින්ගේ දැනුම වැඩි වෙනවා.


සංවාදය
මනෝඡ් ප්‍රශාන් රත්නායක


© Copy Rights - Divayina "Watamadala"

READ MORE - පශ්චාත් නූතනය හැදැරීමයි පශ්චාත් නූතනවාදීන් වීමයි දෙකක්‌

අවංකකමේ හා අව්‍යාජත්වයේ නාට්‍යයක්‌ (ජනේලයෙන් පනින්නද?)

අවංකකමේ හා අව්‍යාජත්වයේ නාට්‍යයක්‌
ජනේලයෙන් පනින්නද?


අව්‍යාජත්වය හා අවංකකම තරම් සාහිත්‍ය නිර්මාණයක සාර්ථකත්වයට හේතු වන අන් දෙයක්‌ නැත. තමා හොඳින් දන්නා විෂයයක්‌ හෝ ලෝකයක්‌ පිළිබඳ කරන අවංක ගවේෂණය යම් සාහිත්‍ය නිර්මාණයක්‌ විශිෂ්ටත්වයට පත් කරන්නට හේතු වෙයි. මෙවර යෞවන සම්මාන ලත් නාට්‍යයක්‌ වන ජනේලයෙන් පනින්නද? නාට්‍යය පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ ඉමහත් ප්‍රේක්‌ෂක ප්‍රසාදය විඳිමින් රඟ දැක්‌විණ. බොහෝ සෙයින්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් සැදි ප්‍රේක්‌ෂාගාරය මෙම නාට්‍යය සමග බැඳෙන්නට හේතුව එහි අව්‍යාජත්වයයි. කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක වන ධනුෂිකා නයන කුමාරි විසින් අධ්‍යක්‌ෂණය කරන ලද තුමිඳු දොඩන්තැන්නගේ රචනයක්‌ වන මෙම නාට්‍යය මගින් ගවේෂණය කෙරෙන්නේ වර්තමාන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ ජීවිතයයි. එය රචකයා සහ අධ්‍යක්‌ෂිකාව හොඳින්ම දන්නා ජීවිතයයි. කලාකරුවාගේ අව්‍යාජත්වය යනු තමා හොඳින් දන්නා ලෝකය පිළිබඳ අවංක ගවේෂණය මගින් එම ලෝකය සෘජුව නොදන්නා අයටත් විඳගත හැකි අනුභූතිමය ලෝකයක්‌ බවට පෙරලීමය. හැකි නම් එම ලෝකය ඒ ලෝකයෙන් එහා ගිය අර්ථ විහිදවන රූපකමය අවකාශයක්‌ බවට පෙරලීමය.

මේ නාට්‍යය ඒ ප්‍රථම කාර්ය ඉතා හොඳින් කරයි. දෙවැනි කාර්ය, එනම් වස්‌තු විෂයෙහි ලෝකයෙන් එපිටට අරුත් විහිදුවන රූපකමය අවකාශයක්‌ බවට වස්‌තු විෂය පෙරලීමේ හැකියාව මේ නාට්‍යය කණ්‌ඩායමට ලැබෙනු ඇතැයි අපේක්‌ෂා කළ හැකිය. ඔවුන් ප්‍රතිභාසම්පන්න පිරිසක්‌ බැවිනි. වස්‌තු විෂය පිළිබඳ නිර්මාණකරුවාගේ භාවමය-බුද්ධිමය අරගලය සංදර්භයෙන් සංදර්භයට ගමන් කළ හැකි තේමාත්මක අර්ථ මතු කරන දෙයක්‌ බවට වස්‌තු විෂය පරිවර්තනය කරයි. නිදර්ශනයක්‌ ලෙස සුභ සහ යස ගනිමු. එය හුදෙක්‌ යසලාලක තිස්‌සගේ චරිත කතාව නොවේ. සයිමන් නවගත්තේගමගේ විශිෂ්ට රචනය මගින් කෙරෙන්නේ යසලාලක කතාව දේශපාලන බල ව්‍යුහ ස්‌වභාවය පිළිබඳ අදටත් අදාළ තේමාත්මක අර්ථ මතුකරන පරිවර්තයක්‌ බවට පෙරලීමයි. රාජ්‍යත්වය නව ව්‍යුහය සකස්‌ කර ඇති ව්‍යුහමය ස්‌වභාවය නිසාම එක්‌ හිත හොඳ මිනිසකු එම ව්‍යුහය වෙත අලුතින් පැමිණීමෙන් ව්‍යුහය වෙනස්‌ නොවේ. ව්‍යුහය විසින් මිනිසා අවසාන වශයෙන් ගිලගනු ලබයි. ජනේලයෙන් පනින්නද නාට්‍යය එහි වස්‌තු විෂය එහි නෛසර්ගික සංදර්භයෙන් එපිටට විහිදුවන තේමාත්මක අරුත් විහිදුවීම අලුතින් එතරම් ප්‍රබල නොවුවද තමා තෝරාගත් ක්‌ෂේත්‍රය පිළිබඳ අවංක ගවේෂණය හා නිරූපණය නිසා හෘදයංගම ස්‌වභාවයක්‌ අත් කර ගනියි. ඒ නිසා මේ තරුණ පිරිස පණගන්වනු ලැබිය යුතුය.

තමා හොඳින් දන්නා ලෝකය ගවේෂණය

නාට්‍යය ආරම්භ වන්නේ දැවැන්ත දේශපාලන සටන් පාඨ, දැවැන්ත දේශපාලන ගැටුම් ආදී මහා මාතෘකාවකින්ම නොවේ. ආරම්භක දර්ශනය සමන්විත වන්නේ සරසවි ශිෂ්‍යාවන් තිදෙනකුගේ බෝඩිං කාමරයකිනි. දක්‌ෂ තරුණ නිළියන් විසින් ළගන්නා ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ මෙම අතිශය සාමාන්‍යය සරසවි සිසු බෝඩිං ජීවිතයයි. එහෙත් අපි එහි වන අව්‍යජත්වය හා වහා බැඳෙමු. මෙහි ලොමු දැහැගැන්වෙන රංගන උපක්‍රම කිසිවක්‌ නැත. විස්‌ම ගන්වන ශබ්ද ප්‍රයෝග කිසිවක්‌ නැත. මහා රැඩිකල් දෙබස්‌ මුකුත් නැත. අව්‍යාජත්වය හා සියුම් රංගනය අප ආකර්ෂණය කරන ප්‍රධානම හේතුවයි. රාජිත සේනානායකගේ නාට්‍යවල යොදා ගැනෙන සියුම් රංග විධි ක්‍රමය හා ප්‍රියංකර රත්නායකගේ ඇන්áගනී නාට්‍යයෙහි විශ්වජිත් ගුණසේකර වැනි අය භාවිත කරන සියුම් රංගනය මේ තරුණ පිරිස විසින් භාරිත කෙරෙනු පෙනේ. හුදෙකලා කාමරයක්‌ වුව ඔවුන්ගේ චරිත හුදෙකලා නැත. ජනේලයෙන් හා සෙලියුලර් දුරකථනයෙන් ඔවුන්ගේ කාමරය වෙත බාහිර ලෝකය ගලා එයි. ජනේලයෙන් හා සෙලියුලරයෙන් ඔවුන්ගේ කාමරයට එන්නේ බෝඩිමේ ඇන්ටි විසින් අවසර නොදෙන දේවල්ය. දේශපාලනය, ආදරය, ලිංගිකත්වය ඒවාය. ඩෙනිම් කලිසම් හැඳ සෙලියුලර් අතින් ගත් මේ කෙල්ලන්ගේ චරිතය ඒ ඇඳුමෙන් පැළඳුමෙන් ඇඟවෙන අන්දමේ නිදහසක්‌ තාමත් ලබා නැති බව පෙනේ. තාමත් ඔවුන්ගේ ජීවිතය හන්තානේ කතාවෙන් නිරූපිත විශ්ව විද්‍යාල චරිතයෙන් තීරණාත්මකව වෙනස්‌ නැත. ඔවුහු තවමත් අපේ කෙල්ලෝ වෙති. වර්තමාන තරුණ ජීවිතය වෙත ආදරය ඇති කිර්ම මේ නාට්‍යයට ඇති හැකියාව අපූරුය. ඒ නාට්‍යය එය කරන්නේ අපට ආදරය කරන්නැයි කෑ ගසා කීමෙන් නොවේ. ඔවුන් ජීවත් වන සැටි හා එහි අහිංසකත්වය සුහද ලෙස නිරූපණයෙනි.

"ඩෙනිම ගහනZ" අපේ කෙල්ලන් ජාතිෙද්‍රdaහි සංස්‌කෘතික විනාශකයන් නොවන බව පෙන්නා ඔවුන් වෙත සානුකම්පාව ඇති කිරීම මේ නාට්‍යයෙන් කෙරෙන අමතර සංඥාර්ථවේදීමය කාර්යකි. ඇතැම් සරසවි නරුමයෝ දිග කලිසමට වඩා අඟල් කීපයක්‌ කොට ත්‍රී ක්‌වාටර් අඳින කෙල්ලන්ට පහර දෙති. ඒ නිසා නාට්‍යයේ කෙල්ලන් ත්‍රී ක්‌වාටර් ඇන්දා නම් අර කී සංඥාර්ථවේදීමය මානය තවත් තීව්‍ර වන්නට තිබිණ පේරාදෙණි ---වලේZ නාට්‍ය බැලූ කොල්ලෝ කෙල්ලන්ට හූ නොකියා ඩෙනිමෙන් ටීෂටයෙන් මතුවී පෙනුණ නාරි රූද රූමත් නිළියන්ගේ නිතඹ ලෙළවිලිද ආසාවෙන් උරුවම් බාමින් බැලූහ. ඒ නිසා ඒ අය යළිත් දවසක කලිසම් අඳින කෙල්ලන්ට මානසික, කායික හිංසා කරන්නට කලින් මේ නාට්‍යය ගැන සිහි කරනු ඇත.

සෙලියුලර් තාරුණ්‍යය

සෙලියුලර් දුරකථනය අපේ චරිතය ආක්‍රමණය කර ඇති ආකාරයද සෙලියුලරය විසින් ඉටු කරනුලබන විවිධ කාර්යන් මේ නාට්‍යය තුළ ඉතා නිර්මාණශීලීව භාවිත වෙයි. සෙලියුලරය නාට්‍යයේ කතා වින්‍යාසයේම කොටසකි. සෙලියුලර් දුරකතනයක්‌ කතා වින්‍යාසමය අංගයක්‌ ලෙස භාවිත වනූ බටහිර සිනමා කෘතිවල නිතර දකින්නට පුළුවන. ඩේවිඩ් ආර්. එලිස්‌ අධ්‍යක්‌ෂණය කළ ද සෙලියුලර් නම් ත්‍රාසජනක චිත්‍රපටය එක්‌ ප්‍රධාන නිදසුනකි. මේ නාට්‍යයේ සෙලියුලරය කතා වින්‍යාසමය අංගයක්‌ ලෙස අපූරුවට භාවිත වුවද සෙලියුලරය විසින් සරසවි කෙල්ලන් යටත් කරනු ලැබ තිබෙන සැටි තවදුරටත් ගවේෂණය කරන්නට තිබිණ. නාට්‍යයේ එන හැටියට සෙලියුලරය යනු ස්‌ත්‍රීන් රැවටීමේ හා වඩා හොඳින් යටත් කර තබා ගැනීමේ උපරකණයක්‌ද? සාමාන්‍ය ටෙලිෆොaනයට වඩා පෞද්ගලිකත්වයට හා රහසිගත බවට ඉඩ සලසයි. මේ ස්‌වභාවය පිරිමින් විසින් භාවිත කෙරෙන්නේ ස්‌ත්‍රීන් රැවටීමටය. වැඩිහිටි මහාචාර්යවරයෙකු මේ එක ශිෂ්‍යාවක සමග අනියම් ඇසුරක්‌ පවත්වන්නේ සෙලියුලරයෙනි. තවත් ශිෂ්‍යයාවක තම පෙම්වතාට හොරෙන් අනියම් හා තාවකාලික ප්‍රේම ගනුදෙනු හා ලිංගික ගනුදෙනු සඳහා භාවිත කරන්නේ සෙලියුලරයයි.

සෙලියුලර් යුගයට පෙර සරසවි චරිත ගත කළ, සෙලියුලරයට පෙර පෙම්වතියන් ඇසුරු කළ අපගේ පරම්පරාවට තේරුම් ගත නොහැකි තරම් අලුත් පරම්පරාවේ සෙලියුලර්කරණය අධික බව පෙනේ. එහෙත් ශිෂ්‍ය නායකයකුට පෙම් කරන කෙල්ලක විසින් ඉතා ලෙහෙසියෙන් විවාහක පිරිමියෙකු විසින් රවටනු ලබන්නේ කෙසේද? එසේ රවටනු ලබන කෙල්ල ඉතා ඉක්‌මනින් පෙම්වතුන් මාරු කරන්නේ ඇයි? ඒ මානසික චංචලතාවේ සමාජමය හෝ මනෝමය හේතු මොනවාද යන ප්‍රශ්න මේ නාට්‍ය නරඹද්දී අප තුළ ඇති වෙයි. එහෙත් පාර දිගේ සිනමා කෘතිය නැරඹූ විට එහි නිරූපිත තරුණ චරිතය ගැන ඇති වන්නාක්‌ වැනි ආදරයක්‌ මේ තරුණ චරිත ගැන අපට ඇති වෙයි. එයම ජයග්‍රහණයකි. ඊට ඉඩ ලැබී ඇත්තේ මා මුලින් කී අවංකකම හා අව්‍යාජත්වය නිසාය. මේ නූතන ස්‌ත්‍රියගේ චරිතය සුහද ලෙස නිරූපණය කරන නිසාම නාට්‍යය අපට දැනෙන්නේ උණුසුම් ස්‌ත්‍රීවාදී සටන් පාඨ නැති එහෙත් අව්‍යාජ ස්‌ත්‍රිවාදයක්‌ ලෙසයි.

නාට්‍යයේ තාක්‌ෂණික ඇමුණුමZ කිරීමෙහි දක්‌ෂතා පෙන්වන රචකයා හා අධ්‍යයක්‌ෂවරියට මේ පිරිසගේ චරිතයෙහි තවත් පැතිමාන ගවේෂණය කරන්නට තිබිණ. දුරකථන ජාලය යනු අප පැටලෙන දැලක්‌ද? ඒ දැල සමාජයක දේශපාලන ආධිපත්‍ය දරණ අයගේ පාලනයට නතු දැලක්‌ද? මේ දුරකථන ජාලය යනු අවසාන වශයෙන් දේශපාලන බලවතුන් දෘෂ්ටිවාදාත්මක බලවතුන් පිටින් ආවේ ස්‌ත්‍රීන්ට සාපේක්‌ෂව බලවත් අය විසින් උපක්‍රමකව භාවිත වන ජාලයක්‌ද? මෙම නාට්‍යයේ එන දේශපාලනිකව සවිඥානක ශිෂ්‍යයන් යෙදී සිටින්නේ පශ්චාත්-යුද්ධ ලංකාව තුළ දකුණේ ශිෂ්‍යයන් උතුරු-නැගෙනහිර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අරගලයක යෙදීමයි. ඒ අරගලය අවුරා සිටින ජාලයෙන් එකක්‌ නම් යුද්ධයෙන් පසු උතුරු-නැගෙනහිරටද වැඩිවැඩියෙන් පැතිරෙන දුරකථන ජාලයම වීම උත්ප්‍රාසාත්මකය. මෙය නවකතාවක්‌ වැනි සරිස්‌තර පඨිතයකි නම් තවදුරටත් ගවේෂණය කළ හැකි මානයකි.

සිංහල සාහිත්‍ය ක්‌ෂේත්‍රයේ සේම නාට්‍යය ක්‌ෂේත්‍රයේද ඇති උවදුරක්‌ නම් එක නාට්‍ය කණ්‌ඩායම හොඳ නිර්මාණ උණුසුම් හදවතින් අගය කරන්නට තවත් කණ්‌ඩායමකට ඇති නොහැකියාවයි. විවිධ නාට්‍ය කල්ලි විසින් බයිට්‌ එකට ගැනෙන්නේ අනික්‌ නාට්‍ය කල්ලි බව මම අත්දැකීමෙන් දනිමි. තම විෂය පිළිබඳ විවිධ එළැඹුම් ගැනීමේ නිර්මාණශීලී රෝගයක්‌Z පැවතීම හොඳය. එහෙත් අනෙකාගේ නිර්මාණ ඒවායේ ස්‌වභාවයට නිසි ගෞරවය දෙමින් අගය නොකිරීම අනිකකි. අප නිර්මාණකරුවන් යනු එකිනෙකා සමග ගැටුමක යෙදී සිටින අය නොව අප කාටත් පොදු මනුෂ්‍ය කොන්දේසිය සමග ගැටෙන පිරිසකි. මේ උවදුරට හසු වූ අයට ප්‍රසිද්ධිය ලැබුණද ශේ්‍රෂ්ඨත්වය නම් අත්කර ගත නොහැකිය. සිංහල වේදිකා නාට්‍යයෙහි කාලයක සිට පැවති ගැටලුවක්‌ වන අධිරංගනය අත්හැර දමන තරුණ නළුනිළි පිරිසක්‌ මතු වෙමින් සිටීම සතුටට කරුණකි. සිංහල නාට්‍යය ඉතිහාසයෙහි විශිෂ්ට කෘතියක්‌ වන සුභ සහ යස නරඹද්දී පවා යස චරිත නිරූපණයට දයාදේව එදිරිසිංහගේ හෝ විශ්වනාත් ගුණසේකරගේ සියුම් රංගනය එක්‌ වුණි නම් කෙතරම් අපූරුදැයි අපට සිතිණ. ජනේලයෙන් පනින්නද නාට්‍යයේ තුමිඳු දොඩන්තැන්න හා සමාධි ලක්‌මාලි ප්‍රමුඛ තරුණ නළුනිළියන් කරන රඟපෑම ප්‍රියංකර රත්නායක කැලණියෙහි පැල කරන බීජවල පලදාව යෑයි මම සිතමි.


ලියනගේ අමරකීර්ති


© Copy Rights - Divayina "Watamadala"

READ MORE - අවංකකමේ හා අව්‍යාජත්වයේ නාට්‍යයක්‌ (ජනේලයෙන් පනින්නද?)

කැලණිය නාට්‍ය උළෙලට පසු වදනක්‌



මේ ලිපියේ කොටස්‌ දෙකකි. ප්‍රථම කොටස නාට්‍යවල දේශපාලන වැදගත්කම කැලණිය සරසවියට බලපාන ආකාරය ගැන කියයි. දෙවන කොටස නාට්‍යය උළෙලේ නාට්‍ය දෙකක්‌ පිළිබඳ කෙටි විවේචනයක්‌ කරයි.

කැලණි නාට්‍යය උළෙලේ දේශපාලන වැදගත්කම කුමක්‌ද?

අන්තගාමි හා බොළඳ දේශපාලන කටයුතුවල බරින් හෙම්බත් වීම මෙරට සරසවිවල පොදු තත්ත්වයකි. ගුරු සිසු දෙපිරිසම අධ්‍යයන කටයුතුවලින් හා පර්යේෂණවලින් ඉවත් කරන දීර්ඝ ප්‍රචණ්‌ඩ නිවාඩු මෙම හෙම්බත් වීමේ ප්‍රතිඵලයකි. කැලණිය මෙහිදී විශේෂ ස්‌ථානයකි. කණ්‌ඩායම් දෙකක්‌ පොර ඇනගත්ත ද මේ දෙකෙහිම චින්තනයේ කේන්ද්‍රීය අක්‌ෂය අන්තගාමී ජාතික චින්තනයයි. ව්‍යාජ දේශීය හර පද්ධතියයි. ජාත්‍යන්තර දැනුමෙන් පෝෂණය වීමට ඇති මාරාන්තික භයයි. අනෙක්‌ අවාසනාව වන්නේ මෙයට ප්‍රතිපක්‌ෂව මතුවන නග්න පශ්චාත් නූතනවාදයයි. එය නිර්මානුෂික ව්‍යාධියකි. ජනප්‍රිය සංස්‌කෘතියට කිරුළු පළන්දවන බරසාර හර පද්ධතියකින් තොර එදිනෙදා විනෝදාංශ බහුල මතවාදයකි. මේ දෙකට අතරමැද චින්තනමය බලපෑමක්‌ මතුකළ හැකි දේශපාලන, සංස්‌කාතික මැදිහත්වීමකට ප්‍රබල අවශ්‍යතාවක්‌ මතුවෙමින් පවතියි. එවැන්නක ඡායාමාත්‍ර පසුගිය සතියේ කැලණිය සරසවියේ ඇකඩමික්‌ ප්ලේයර්ස්‌ලා විසින් පැවැත්වූ නාට්‍යය උළෙලේ ගැබ් විය. එය විශ්ව විද්‍යාලය තුළ නැවතත් ප්‍රබුද්ධතාව පිළිබඳ බලාපොරොත්තු අවුලුවාලන සුළු වැදගත් සිදුවීමකි.

ඇන්ටන් චෙකොෆ්ගේ නාට්‍ය දෙකක්‌ නිෂ්පාදනය සඳහා තෝරා ගැනීම, රංජිත් ධර්මකීර්ති අශෝක හඳගම හා ආරියවංශ රණවීර යන කලාකරුවන්ට බුහුමන් දැක්‌වීම මෙන්ම ඇකඩමික්‌ ප්ලේයර්ස්‌ සංගමයේ පුරෝගාමියා සහ ප්‍රකට තරුණ නළුවකු වන තුමිදු දොඩංතැන්නට සම්මානයක්‌ පිරිනැමීම මේ උළෙලේදී සිදු කෙරුණු ප්‍රධාන කටයුතු තුනකි. මේවායේ මතුපිට අර්ථවලට ඔබ්බෙන් ඇඟවෙන වටිනා දේශපාලන අර්ථ දැකීමට තැත්කළ යුතුය. මෙබඳු කාලයක එම වටිනාකම් සුළුපටු නොවේ.

ප්‍රථමයෙන් චෙකොෆ්ව නැවත නිෂ්පාදනය කිරීමට දැරූ තැත විමසා බලමු. සිංහල නාට්‍යය වර්තමානයේ මුහුණදෙන එක්‌ ප්‍රධාන ෙ€දවාචකයක්‌ වන්නේ උසස්‌ ස්‌වතන්ත්‍ර නිර්මාණය නොවීමයි. එහි අනෙක්‌ පක්‌ෂය වන්නේ උසස්‌ සාහිත්‍යය ගුණාංගවලින් තොර පිරිවර්තන නාට්‍ය රැසක්‌ දිගින් දිගටම වේදිකාවට පැමිණීමයි. එබඳු සංදර්භයක චෙකොෆ් වැනි නාට්‍යකරුවකු වෙත අවධානය යොමු කිරීම අතිශයින්ම රැඩිකල් නූතනවාදී පියවර මන්දයත් මෙබඳු යුගයක්‌ තුළ නැවතත් මිනිස්‌ ජීවිතයේ ගැඹුරු අර්ථය මතුකර ලීම සඳහා රුසියන් සාහිත්‍යය තෝරාගැනීමේ අත්‍යාවශ්‍යය ඥානාන්විත පියවර ගැනීම පමා නොකළ යුතු බැවිනි. දෙවනුව හඳගම ධර්මකීර්ති හා රණවීර යන කලාකරුවන් යම් ගෞරවයකට පාත්‍රකිරීම වැදගත් තීන්දුවකි. මන්දයත් මෙරට විශ්වවිද්‍යාල වර්තමානයේ බොහෝ උගතුන් ඉදිරියේ බියෙන් සැඟවී යන තත්ත්වයක්‌ උද්ගත වී ඇති නිසායි. අද විශ්වවිද්‍යාලයට වඩා බාහිර උගතුන් අතින් ශාස්‌ත්‍රිය සේවයක්‌ කෙරෙන බව විධිමත්ව අධ්‍යයනයේ නිරතවන කවුරුත් පිළිගන්නා පොදු සත්‍යයකි. එය පිළිගනිමින් එම උගතුන්ට ගරුබුහුමන් කිරීමට කැලණිය සරසවියේ නාට්‍ය හා රංග කලා අංශය ගත් තීන්දුව පැසසිය යුතුය. එසේ මෙම ක්‍රියාව සෙසු අධ්‍යයන අංශවලින්ද ආදර්ශයට ගත යුතුය.

රණවීර, ධර්මකීර්ති හා හඳගම යන තිදෙන පිළිබඳ අප කාටත් විවිධ අදහස්‌ තිබේ. විවිධ විවේචන තිබේ. එහෙත් ඒ සියල්ල මධ්‍යයේ නොබිය එක්‌ දෙයක්‌ පැවසිය හැකිය. එනම් ඒ තිදෙනාගෙන් නාට්‍ය කලාවට තීරණාත්මක මෙහෙවරක්‌ සිදු වූ බවයි. මේ මෙහෙවර එක්‌ වැකියකින් සංක්‌ෂේපකොට පවසන්නේ නම් සිංහල නාට්‍යය වෙත ජාත්‍යන්තර අත්‍යාවශ්‍ය ය දැනුම සම්පාදනය කිරීමේ මෙහෙවර ලෙස හඳුන්වාලිය හැකිය. එම නිසා මෙම තිදෙනාට ගරුබුහුමන් දැක්‌වීම යන්නෙන් හැඟවෙන්නේ ව්‍යාජ ජාතික කලා චින්තනයට සාධාරණ අභියෝගයක්‌ එල්ල කිරීමයි.

තෙවනුව තුමිදු දොඩංතැන්නට පිදුණු සම්මානය දෙස බලමු. මෙහි වැදගත්කම පවතින්නේ එක්‌ පුද්ගලයකු හෝ නළුවකු සම්මානයකින් පිදීම තුළ නොවේ. මන්දයත් මෙබඳු යුගයක නළුවන් මෙන්ම සම්මානද අතිශය නොවැදගත් බහුල දේවල් වන බැවිනි. තුමිදු වසර හත අටකට පෙර පුරෝගාමි වූ වැදගත් කාර්යයක්‌ වර්තමානයේ පල දරා ඇති බැවිනි. ඒ කාර්යය නම් ඇකඩැමික්‌ ප්ලේයර්ස්‌ සංවිධානය නිර්මාණය කිරීමයි. ඒ යුගයේද කැලණිය තුළ අද මෙන්ම ව්‍යාජ, දේශපාලන තත්ත්වයක්‌ පැවතුණි. ඉතාමත්ම බිහිසුණු ශිෂ්‍ය ගැටුම් පැවතුණි. මේවායේ බුද්ධිමය පදනමක්‌ නොවීය. බොහෝ ශිෂ්‍යයෝ කිසිදු දේශපාලන මතවාදයක්‌ නැතත් දෙපිරිසකට බෙදී විනෝදාංශයක්‌ වශයෙන් ගහමරා ගත්හ. ව්‍යාජ වීර චරිත ලෙස මතුවීමට තැත් කළහ. තුමිඳු එබඳු අවකාශයක සුවිසල් කාර්යයකට පදනම දෙමින් මේ දෙපිරිස සමඟම සුහදත්වයෙන් කටයුතු කරමින් රංග කලාව සංවර්ධනය කිරීමට වෙහෙසුණේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බැට කෑවේය. අපහාසයට ලක්‌විය. එහෙත් තම වැයම අත්නොහලේය. වර්තමානයේ සරසවිවල ප්‍රචණ්‌ඩත්වය පිළිබඳ බොහෝ අය කථා කරති. සැලසුම්, යෝජනා, න්‍යාය, ප්‍රතිසංස්‌කරණ ගෙන එති. එහෙත් ඒ සියල්ල තේ පානයකින් නිමාකොට විසිර යති. නැවත නැවත ප්‍රචණ්‌ඩක්‌වය හිස ඔසවන විට පමණක්‌ රැස්‌ වෙති. වඳුරන් ගෙවල් තැනීමේ ක්‍රියාවලියට මෙය සමාන කළ හැකිය. තුමිඳු එවැනි කටින් බතල කොළ හිටවීමේ නොයෙඳුණු මැදිහත් කරුවෙකි. අරගල භූමියේ ගින්දර මැද ප්‍රායෝගික බරසාර කාර්යයකට පදනම දැමීය. පසමිතුරු බලවේග සියල්ල සමඟම ගනුදෙනුව මධ්‍යස්‌ථව දියුණු කළේය. දක්‌ෂයන් හඳුනාගත්තේය. අද මල් ඵල දරා ඇත්තේ ඒ දුෂ්කර කාර්යයි. මේ ක්‍රියාවලිය සංවර්ධනය කිරීමේදී බොහෝ අයගේ සහය ලැබීය. ප්‍රියංකර රත්නායක වැනි ආචාර්යවරු බැට කමින් එහි බර අදිති. මේ සියල්ලම සෙසු විශ්වවිද්‍යාලවලට පමණක්‌ නොව කැලණිය සරසවියටද මහඟු අදර්ශයකි.

අද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළම ගැටලුව අන්තගාමී දේශපාලනය හා ප්‍රචණ්‌ඩත්වය නවතා ගැනීමයි. ඒ සඳහා ආචාර්යවරුන් හා සිසුන් ශාස්‌ත්‍රිය අරමුණු පෙරදැරිකොට ගනිමින් විධිමත්ව හා සාමූහිකව කටයුතු කළ යුතුය. ඇකඩමික්‌ ප්ලේයර්ස්‌ලාගේ දේශපාලන වැදගත්කම එයයි.

උසස්‌ අධ්‍යාපන ඇමැතිට හා අදාළ බලධාරීන්ට වචනයක්‌

ඇමතිතුමනි, උසස්‌ අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ දැමීමට ඔබලා නිතර කථා කරති. ප්‍රචණ්‌ඩත්වයට එරෙහිවීමේ වැදගත්කම මතුකරති. එම ක්‍රියාමාර්ග ප්‍රායෝගික තත්ත්වයට ගෙන ඒම සඳහා අගනා අවකාශයක්‌ ඔබට පෙන්වමි. ඒ කැලණියේ අකැඩමික්‌ ප්ලේයර්ස්‌ලාට හොඳ රඟහලක්‌ නිර්මාණය කර දීමයි. එය පමා නොකළ යුතු හදිසි වැදගත් පියවරකි. අනාගත විශ්වවිද්‍යාල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය පියවරකි. දැනට නාට්‍ය පෙන්වන්නේ දේශන පැවැත්වෙන ප්‍රදාන ශාලාව වන ධර්මාලෝක ශාලාවේය. මෙය රංග ශාලාවක්‌ නොවන අතර, මෙම සරසවියේ ප්‍රධාන ශාලාවයි. මෙය රංග ශාලාවක්‌ බවට පරිවර්තනය කළ හැකිය. එවිට ප්‍රධාන ශාලාවක අවශ්‍යතාව පැනනගියි. දැනට නාට්‍ය පෙන්වීමේදී මෙන්ම වෙනත් ප්‍රසාංගික කටයුත්තක්‌ සිදු කිරීමේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවේ. එනම්, මෙහි පැවැත්වෙන දේශන වෙනත් ශාලාවලට මාරු කිරීමයි. එය අධ්‍යයන මානසිකත්වය බිඳ වට්‌ටන බහුතරයකට හිරිහැර කරන විධික්‍රමයකි. එ නිසා රඟහලක්‌ තැනීම පමා කළ යුතු නොවේ.

ඇකඩමික්‌ ප්ලේයර්ස්‌ලා නිර්මාණය වූ ආයතනයකි. එය සොයාගෙන දක්‌ෂයෝ කැලණියට පැමිණෙති. ජාතික නාට්‍ය රංගකලාව පෝෂණයට අත්‍යවශ්‍ය සාධකයක්‌ බවට මෙය පත්වී ඇත. එ නිසා මෙම ආයතනය ජාත්‍යන්තර මට්‌ටමට දියුණු කළ යුතුය. ඒ සඳහා චින්තනය සම්පාදනය කිරීමට අපි යුහුසුළු වෙමු. සෙසු පහසුකම් ලබාදීම පමානොකළ යුතුය.

"චෙරිඋයන" සහ "මුහුදු ලිහිණියා"

මෙම නාට්‍ය උළෙලේ නාට්‍ය හතරක්‌ රඟ දැක්‌වුනි. මෙයින් ජනේලයෙන් පනින්නද නාට්‍ය පිළිබඳ ප්‍රාමාණික විවරණයක්‌ දැනටමත් ලියෑවි ඇත. අනෙක ප්‍රවීණ නාට්‍යකරුවකුගේ නිර්මාණයකි. එය ආරාධිත එකක්‌ වන නිසා මෙම විචාරයට අදාළ කර නොගනිමු.

"චෙරි උයන" සහ "මුහුදු ලිහිණියා" හි වැදගත් කම විශ්ව සාහිත්‍යයේ ඉහළ තලය සමඟ ගනුදෙනුවක්‌ ඇරඹීමයි. රුසියන් සාහිත්‍යය කවරදාකටත් වඩා මේ යුගයේදී අපට සමීපය, අත්‍යවශ්‍යය, සාහිත්‍යයට මෙන්ම වේදිකාවටද එහි අවශ්‍යතාව එකබඳුය. චෙරි උයන මෙරට දශක ගණනාවක සිට විවිධාකාරයෙන් හැඩගැසුණු නාට්‍යයකි. මෙහි සිංහල පරිවර්තනම දෙකකි. එකක්‌ මැන්දිස්‌ රෝහණදීරගේය. අනෙක රංජිත් ධර්මකීර්තිගේය. ධර්මකීර්ති මහ ගෙදර යන නමින් චෙරි උයන නිෂ්පාදනය කළ අතර, චෙකොෆ් හා ස්‌ටැනිස්‌ලොවුස්‌කි පිළිබඳ වටිනා පතපොත ද පළ කළේය. ධර්මකීර්තිගේ මහගෙදර මම නොබැලුවෙමි. එහෙත් සෝමලතා සුබසිංහ රඟපෑ පසු කාලීන නිෂ්පාදනයක්‌ බැලුවෙමි. එම නිෂ්පාදනය සමඟ සසඳන විට කැලණියේ නිෂ්පාදනය හොඳ තත්ත්වයක තිබුණි. ආදුනිකයන් හා විෂය පිළිබඳ අඩු පහසුකම් සහිත පිරිසක්‌ වශයෙන් සලකතොත් මේ හොඳ තත්ත්වය ඉතාම හොඳ පදනමක්‌ බව අවංකවම කිව යුතුය. සියලුම නළුවන්ගේ දක්‌ෂතා සමාන තලයක නොතිබුණ ද, දුර්වල නළු නිළියන් නොසිටීම මෙම නිෂ්පාදනයේ භාග්‍යයකි. යම් යම් දුර්වලතා මතු වුවද ඊළඟ ජවනිකාවේ ප්‍රබලකමින් එය මඟහැරී යන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබුණි. රැනවෙස්‌කයා ආර්යාවගේ චරිතය ඉතාම හොඳින් රඟ පෑ අතර, පසුගිය නිෂ්පාදන සමඟ බලන විට එය එක්‌තරා ජයග්‍රහණයකි. චෙකොෆ්ගේ නාට්‍යය ජීවමාන කළ ස්‌ටැනිස්‌ලොවුස්‌කි ගේ රංග රීතිය මත පිහිටා බැලීමේ ලොපකින්, ට්‍රෙෆ්මොෆ්, දුන්යාචා, ෆයර්ස්‌, යාෂා ආදීන්ගේ තත්ත්වය කැපි පෙනුණි. ෆයර්ස්‌ මෙහිදී විශේෂ හැකියාවකින් මතු වූ අතර ෆයෙෆ් හා සෙසු අයද, කැපී පෙනුනි. රංග වින්‍යාසය, වේදිකා පරිපාලනය යන ආදිය හොඳින් තිබුණි. සෝමලතා සුබසිංහගේ නිෂ්පාදනයට සාපේක්‍ෂව සෑම අංගයක්‌ම ඉදිරියෙන් තිබුණි.

"මුහුදු ලිහිණියා" අසාර්ථක නොවු නමුත් "චෙරි උයන" තරම් පුරුදු කළ දිගු කාලින අභ්‍යාසයක්‌ පළ නොකරයි. නළුනිළි කණ්‌ඩායම දක්‌ෂ නමුත් වේදිකා පරිපාලනය, රංග වින්‍යාසය දෙබස්‌ පැවසීම යන තැන්වලින් දුබලතා මතු වෙයි. ඇතැම් දෙබස්‌ අමතකව වෙනත් දෙබස්‌ ආදේශ වන බව බුද්ධිමත් ප්‍රේක්‌ෂකයාට වැටහේ. "චෙරි උයන" චෙකොෆ්ගේ වඩා ප්‍රකට නාට්‍යය වුව ද "මුහුදු ලිහිණියා" වඩාත් සංකීර්ණ සංකේත භාවිතයක්‌ වෙත ගමන් කරන නාට්‍යයකි. නිවාඩු නිකේතනවලට ගොස්‌ ග්‍රාමීය පරිසරයේ නිවාඩු ගත කිරීම චෙකොෆ්ගේ ඇතැම් කෙටිකතාවලටද වස්‌තු විෂය වන ප්‍රකට පුවතකි. එහි බැරෑරුම් රුසියන් යථාර්ථයක්‌ මෙන්ම සර්වරාත්‍රික හා සර්වකාලීන මිනිස්‌ පැවැත්මේ ෙ€දවාකය ද ගැබ්වේ. මෙබඳු නාට්‍ය රඟපෑමේදී නළු නිළි කණ්‌ඩායම මෙම චෙකෝපියානු තත්ත්වය ගැඹුරින් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. නිෂ්පාදකයා තවත් ප්‍රාමාණිකයන් සමඟ දීර්ඝ සාකච්ඡා තුළින් මේ පිළිබඳ ගැටලු විසඳා ගත යුතුය. ඉන් පසු නැවත නිෂ්පාදනයකට යා යුතුය. මන්ද යත් මුහුදු ලිහිණියා අතිශයින්ම වැදගත් තීරණාත්මක නාට්‍යයක්‌ නිසාය.

මුහුදු ලිහිණියාහි නළුනිළි කණ්‌ඩායම ප්‍රතිසංස්‌කරණය කළ යුතුය. ඔවුන් අතර චෙකොෆ් පිළිබඳ පුළුල් ශාස්‌ත්‍රිය සාකච්ඡාවක්‌ ගොඩනැගීම මෙහිදී අත්‍යාවශ්‍ය පියවරකි.

චෙකොෆ්ගේ මුහුදු ලිහිණියා ද ප්‍රථම නිෂ්පාදනයේදීම අසාර්ථක වූ බවත්. පසුව විශිෂ්ට ලෙස නිර්මාණය වූ බවත් මෙහිදී අමතක නොකළ යුතුය. දෙවැනි නිෂ්පාදනයේදී ඒ සඳහා ගැනුණු ප්‍රයත්න නැවත අපගේ අවධානයට ලක්‌විය යුතුව පවතියි.

හමාරකිරීම

බොහෝ විශිෂ්ට ප්‍රවීණයින් හාස්‍යය හා වාණිජ්‍යය වෙත ගමන් කරන යුගයක තරුණ සාමුහික නිෂ්පාදන සඳහා චොකොෆ්ව තෝරා ගැනීම අතිශයින්ම අගය කළ යුතුය. එහෙත් ඇකඩමික්‌ ප්ලේයර්ස්‌ නාට්‍ය කලාවේ සීමාව වන්නේ නාට්‍යය කායික හරඹයකට ලඝූ කිරීමයි. විශ්වවිද්‍යාලයක්‌ තුළ නාට්‍ය කලාව අත්‍යවශ්‍යයෙන්ම බුද්ධිමය හරඹයක්‌ ද විය යුතුය. ඒ සඳහා නාට්‍ය සාහිත්‍යය හා විචාර කතිකාව වෙත දක්‌වන අවධානය විශාල විය යුතුය . අඛණ්‌ඩ විය යුතුය.

කැලණිය නාට්‍ය උදෙසා සරු තෝතැන්නක්‌ කිරීම සඳහා එම සාධක සපුරාලීම අත්‍යවශ්‍ය වේ. එසේ නැතහොත් සිදුවන්නේ කැලණියෙන් උපන් නාට්‍ය සම්පත් අගනුවර වේදිකාව විසින් උරාගනු ලැබීම පමණයි. අගනුවර නාට්‍ය ලෝලින් කැලණියට ඇදගැනීමේ ශක්‌තිමත් නාට්‍ය සම්ප්‍රදායක්‌ කැලණියේ ගොඩනැගිය යුතුය. එසේ වුවහොත් ඇකඩමික්‌ ප්ලේයර්ස්‌ලාගේ සුවිසල් ශ්‍රමය ශක්‌තිමත් අනාගත ආයෝජනයක්‌ බවට පත්වේ. මේ සියලු අභියෝග අප ඉදිරියේ පවතියි. ඒවා සාමුහිකව ජය ගනිමු.


චින්තක රණසිංහ

© Copy Rights - Divayina "Watamadala"
READ MORE - කැලණිය නාට්‍ය උළෙලට පසු වදනක්‌

තිසර තන නැත අද









මාගේ හංසධේනුව
ශක්‌තික සත්කුමාර


කැලණි විහාරය දෙසින්

සැඳෑ අඳුර ගාටන විට සරසවියට

ගල් බංකුවේ වාඩි කරවාගෙන නුඹ

කාටත් නොපෙනෙන්න කෙනිත්තු

තිසර තන නැත අද



දුකක්‌ දැනී මා කඳුළු සලන විට

පෙම්බස්‌ දොඩා නිරතුරු

මවක ලෙස මා ළයේ හොවා

දාහක්‌ ගින්දර නිවූ

පිනැති උස්‌ ළය නැත අද



අපේ මංගල රාත්‍රියේදී

රමණ සුවයෙන් ඔකඳව

තුරුලට ගත් විට නුඹව

ඉගිළෙන්න තැත් දැරූ

හංස ජෝඩුව නැත අද



කිරි ඉල්ලා පුතු හඬන විට

දිවියම පසෙක දා දුවවිත්

උකුළේ හොවාගෙන පුතුව

බඩගිනි නිවා ඔහු සැනසූ

කිරි දුන් පියයුරු නැත අද



රෝහලට යන විට

මහත් වේදනාවක්‌ නුඹට දී

මස්‌ වැදලි දෙකක්‌ ලෙස වෙන් ව ගිය

ඒ පිළිකා පියයුරු නැතත්

සදා කල් නුඹ මගේ හංස
ධේනුව




ශක්‌තික සත්කුමාර නව සාහිත්‍ය නිර්මාණ පරපුර නියෝජනය කරන අංකුර නිර්මාණකරුවෙකි. කවියකු, කෙටිකතාකරුවකු ලෙස මෙන්ම විචාරකයකු ලෙසද ඔහු සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ සරනු දක්‌නට හැකිය. වෙඩි වැදුණ පන්හිඳ, අඳුර යන කාව්‍ය සංග්‍රහ හා කළු මකරා නමින් පළකරන ලද කෙටිකතා සංග්‍රහය තුළින්, නිර්මාණකරණයේ ඔහු සතු හැකියාවන් හඳුනාගැනීමට අවස්‌ථාව ලැබේ. ශක්‌තික සත්කුමාර විසින්, බෞද්ධ කෘති කිහිපයක්‌ද විචාර කෘතියක්‌ ද පළකොට තිබෙන බව, ඔහුගේ ග්‍රන්ථ නාමාවලියෙහි සඳහන් වේ. නිර්මාණකරණයේදී ඔහු විසින් දැනටමත් කාව්‍ය සංග්‍රහ දෙකක්‌ පළකොට තිබීමෙන්ද, නිරන්තරව ඔහුගේ කාව්‍ය නිර්මාණ පුවත්පත් කවි පිටු අතර දක්‌නට ලැබීමෙන්ද ඔහු තම ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය ලෙස කවිය තෝරාගෙන ඇතැයි අපට අනුමාන කරන්නට හැකිය. මෙවර කවි මිහිර සඳහා මා විසින් තෝරා ගන්නා ලද මාගේ හංස
ධේනුව නම් නිර්මාණය උපුටා ගන්නා ලද්දේ 2011 ජනවාරියේදී ඔහු විසින් නිර්මාණය කොට, සදීප ප්‍රකාශනයක්‌ ලෙස කාව්‍ය ක්‍ෂේත්‍රයට එක්‌ව ඇති අඳුර නම් කාව්‍ය එකතුවෙනි. හංසධේනුව නම් වූ නිර්මාණය ඔස්‌සේ කාන්තාවකගේ පියයුරු යුවළක්‌ පිළිබඳ සාමාන්‍යයෙන් පාඨකයනට කියවීමට නොලැබෙන අපූරු අත්දැකීමක්‌ කරා අප සිත් යොමු කරවීමට කවියා උත්සාහ ගෙන ඇති බව පෙනේ.

කාන්තාවකගේ ළැම, පියයුරු, දෙතන පිළිබඳ රචනාකරන ලද බොහෝ නිර්මාණ අපට හමුවේ. කවි සමයේදී බොහෝ අවස්‌ථාවල කාන්තාවකගේ පියයුරු හංසයන්ට උපමා කිරීම සිදුවී ඇති බව සංදේශ කාව්‍ය විමසන කල පෙනේ. සිරිරහල් හිමියන්ට අනුව, කාන්තාවක්‌ සතුවන්නේ තිසර තනයි. (නිසි පුළුලුකුල රියසක වැනි තිසර තන... යනුවෙන් සැලළිහිණි සංදේශයේදී කියෑවේ.) ජනකවියාද ස්‌ත්‍රියකගේ පියයුරු පිළිබඳ අභිරුචියකින් වර්ණනා කළ බවට බොහෝ නිදසුන් හමුවේ. එක්‌ නෙළුම් කවියකදී කවියා කාන්තා පියයුරු දකින්නේ ඝනරන් කුඹුදෙකක්‌ ලෙසයි. "නුහුරු ලියේ නුඹෙ ඝනරන් කුඹුදෙක - ළමැද පුරා නටතෙයි තාලා.... යනුවෙනි. තවත් නෙළුම් කවියකදී, ජනකවියා කාන්තා පියයුරු තිසර උපමාව හා සම්බන්ධ කොටගනී. "කැකුළු තිසරු ඔසරියෙන් වසාගෙන, රුකුළු වළලු දැතේ නද දීගෙන" යනුවෙන් ජනකවියා සෘජුවම පියයුරු තිසරුන්ට උපමා කරයි. සංදේශ කවීන්, ජනකවීන් මෙන්ම චිරන්තන සම්භාව්‍ය කවීන්ද කාන්තා පියයුරු වර්ණනා කොට ඇති අන්දම පිළිබඳ කව්සිළුමිණෙහි සැඳෑ නිසා වැණුම් සමඟ ප්‍රිය ප්‍රියාවන්ගේ මධුපාන උත්සවය පැවැති අයුරු නිරූපිත හයවන සර්ගයේ ඇතැම් කවියක්‌ සාක්‌ෂි දරයි. "කෙනකන ගී නඟමිනි පෙද නඟමිනි නැමෙත් - පියවුරු ළඟාය වුවන් සමඟාය තෙපියුම් වන්..." සමහර කතුන් ගීත ගායනා කරමින්, පන්දු ගසමින් නැමෙනවිට ඔවුන්ගේ පියයුරු යුවළට ළං වූ මුහුණද සමඟ පියුම් තුනක්‌ මෙන් දිස්‌විණැයි කව්සිළුමිණි කවියා පවසයි. එහෙත් ශක්‌තික සත්කුමාර කවියාට මේ පියයුරු පෙනෙන්නේ කෙසේද?

මගේ හංස
ධේනුවකවියාගේ පෙම්වතියයි. බිරිඳයි. ඔහුගේ දරුවන්ට කිරි පෙවූ මවයි. මේ හංස ධේනුවට අද සිදුවී ඇත්තේ කුමක්‌ද? කවියාට ඈ හංසෙධේනුවක්‌ සේ පෙනෙන්නේ ඈ තම ළමැදෙහි හංසයින් දරාසිටි බැවින් බව පාඨක අපට වැටහේ. කවියා ඉතා අපූරුවට තම අත්දැකීම අවස්‌ථා කිහිපයකින් නිරූපණය කිරීමට ගත් උත්සාහය සැබැවින්ම, ප්‍රස්‌තුත විෂය සමඟ මනාව බද්ධ වේ. පෙම්වතිය සමයේ දී ඔහුට ඇගේ පියයුරු තිසර තනය. සරසවි පෙම්වතියක්‌ව සිටි අවධියේදී කවියා ඇගේ ළමැද කොනිත්තන්නේ රහසිනි. කැලණි විහාරය දෙසින් සරසවියට අඳුර ගාටන විට යයි ඔහු පවසයි. එම තිසර තනම ඔහු දුකට පත්වූ මොහොතක, එහුගේ හිස රඳවා දුක්‌ ගින්දර නිවයි. කවියා එහිදී ඇගේ තිසර තන දකින්නේ පිනැති උස්‌ ළය ලෙසයි. ඔවුන්ගේ ප්‍රේමයේ කූටප්‍රාප්ත අවස්‌ථාව වන විවාහ රාත්‍රියේදී ඔහු විසින් ඈ තුරුලට ගත් කල, හංසයින් බඳු දෙපියයුරු ඉගිලෙන්න තැත් දැරූ බව පවයි. පෙම්වතිය මවක්‌ වූ පසු, කිරිඉල්ලා හඬන පුතුගේ පවස නිවන්නට, ඔහු උකුළේ හොවා ගෙන ඈ කිරි දී ඇත්තේ කිරි පිරි පියයුරිනි. එහෙත් අද ඈ සතු වූ මේ දෙපියයුරම ඇයට අහිමි වී තිබේ. එහෙත් පියයුරු නොවූ පමණින්, තම ප්‍රේම පුරාවෘත්තාන්තයේ කතා නායිකාව වූ ඇය වෙත ඔහු තුලා වූ ආදරය ඔහු වෙතින් පළා ගොසින්ද? ආදරය බැඳී රදා පවත්නේ මසැසට හසුවන සිරුරක කිසියම් වූ අංගයක්‌ සමඟද නැත්නම් මසැසට මෙන්ම මනසටද හසුවන උත්තරීතර ආදර සංකේතයක්‌ සමඟද යන්නට කවියා අපූරු පිළිතුරක්‌ දෙයි.

"රෝහලට යන විට

මහත් වේදනාවක්‌ නුඹට දී

මස්‌ වැදලි දෙකක්‌ ලෙස වෙන්ව ගිය

ඒ පිළිකා පියයුරු නැතත්

සදා කල් නුඹ මගේ හංස
ධේනුව..."

පෙම්වතුන් ලෙස ජීවිතය ගෙවූ අවධියේදී හොරෙන් රහසින් පහස සොයන්නට උත්සාහ ගත් ළමැදම, දුක්‌ තැවුල් නිවන්නට, මුහුණ හොවා ගන්නට ඉඩ සැලසූ ළමැදම, ප්‍රථම රාත්‍රියේදී තුරුලට ගෙන සිප සනහන්නට සිතූ කල, ඉගිලෙන්නට තැත් කළ හංස යුවළම, පසු කලෙක තම පුතුගේ පවස නිවන්නට, උත්තරීතර මාතෘත්වයෙන් කිරි දුන් දෙපියයුරුම, ඔහුට දැන් අහිමි විය. එපමණකින්, ඔහුගේ ආදරය නිමාවට පත්වීද? සුබා තෙරණියගේ දැසට ලොබ බැඳි පුරුෂයාට ඈ තම දැස උදුරා දුන් පසු ඔහුට ඒ දැසෙහි වටිනාකමක්‌ වීද? ගැහැනියකගේ ළමැදට පියයුරු ආභරණයක්‌ සේ ආලෝකයක්‌ ගෙන දුන්නද, පුරුෂ ආකර්ෂණයට ලක්‌වුවද පියයුරු පමණක්‌ වෙන්කොට ගත් කල එහි කිනම් සුන්දරත්වයක්‌ අගයක්‌ වේද? රෝගී තත්ත්වයට පත්වී දෙපියයුරු ඉවත්කරන ලද්දේ මුත් කවියාගේ ආදරය ඉන් අවසාන නොවන බව පැවසීමෙන්, ඔවුනගේ ආදරයේ සැබෑ උත්තරීතර ගති සොබාව මතුවී පෙනේ. පෙම්වතියක ,බිරිඳක, මවක ලෙස ඔහු ඈ වෙත බැඳ සිටියේ, ඈ සතු වූ පියයුරු යුවළ නිසා පමණක්‌ විය නොහැකිය. ඈ ඔහුගේ ජීවිතයේ පංගුකාරියයි. කොටස්‌කාරියයි. ඔහු පුතුගේ මවයි. පියයුරු යුවළ ඈ සතු එක්‌ බාහිර කායික වස්‌තුවක්‌ පමණි. එහෙත් ඊට යටින් ඇති ඇගේ හදවත දෙපියයුරු සමඟ ඉවත් වී ගොස්‌ නොමැත. හදවත මසැසට හසු නොවනාමුත් මනසට හසුවේ. සැබෑ ආදරය එයයි. ඔහුට ඈ තවමත් පෙර පුරුදු හංස ධේනුවමයි. සාම්ප්‍රදායික කාව්‍ය නිර්මාණ අතර බොහෝ කල හමුවන වස්‌තුවක්‌ මුඛ්‍ය කොට ගෙන ජීවිතයේ අනිත්‍ය ස්‌වභාවය මෙන්ම ආදරයේ උත්තරීතර බවද නිර්මාණය කිරීමට ශක්‌තික සත්කුමාර කවියා විසින් ගන්නා ලද සාර්ථක උත්සාහයක්‌ ලෙස මෙම නිර්මාණය දකිමි.

බුද්ධදාස ගලප්පත්ති


© Copy Rights - Divayina "Watamadala"

READ MORE - තිසර තන නැත අද

"තුන් වැනි සීනුවට පෙර"

"හයිකු" කවියට නෑකම් කියන
"තුන් වැනි සීනුවට පෙර"


ශ්‍රී ලාංකික සාහිත්‍ය භූමිකාවේ ගජමන් නෝනාගේ සුලකුණ අතික්‍රමණය කිරීමට තබා ඊට සමීපවීමටවත් ශක්‍යතා සහිත කිවිවරියක නොපහළවීම ජාතියේ අභාග්‍යයක්‌ බව කිවමනා ය. පවත්නා වූ ආර්ථික හා දේශපාලන හේඩාවෙන් ඔත්පල වූ සමාජයක සාහිත්‍යයේ පවතින යථා රූපීත්වයෙන් පවත්නා සමාජයට කළ හැකි මෙහෙය යම් ප්‍රමාණයකින් වටහාගෙන තිබුණේ මොනිකා රුවන්පතිරණ පමණි. කැපවීම සත්‍යාභ්‍යාසය බඳු ගුණාංග වර්ධනය කරගන්නේ නම් එබඳු පින් ඇත්තියකගේ කෘතියක්‌ රස විඳීමට මෑතදී මා වෙත භාග්‍යයක්‌ උදා විය. ඒ "තුන්වෙනි සීනුවට පෙර" නම් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය මෑතදී අප වෙත තිළිණ කළ උපුලා රත්නායක නම් ප්‍රතිභාවන්තියයි.

ඇගේ කාව්‍යය නිර්මාණ චාරිකාවේ වඩා නිර්මාණශීලිත්වයෙන් දීප්ත අංශයවනුයේ "හයිකු" කාව්‍යය සම්ප්‍රදාය බව පෙනේ. නූතන පුවත් පත් කවි පිටු අතර ඇගේ නම දක්‌නට නොලැබුණ ද ඇය සිංහල හයිකු කවියේ එකම කිවිඳිය ලෙස නම් කරන්නට මේ කවි පොතෙහි කවි ප්‍රමාණවත් වෙයි. ශුභාරංචිය, රසඥතාව, දඩබිමේ දී, විකෘති, කටුස්‌සා, දැක්‌ම, විග්‍රහය, බෙරය, බැමි, රැල්ල, කැස්‌බෑවා සහ කිකිළිය, බඳු නිර්මාණ විමසීමේ දී ඈ සතු හයිකු නිර්මාණ කුසලතාවය මොනවට පැහැදිළි වෙයි,

දඩබිමේ දී

නොවන්නට දඩයමක්‌

වන්න දඩයක්‌කරුවෙක්‌

ජපන් කාව්‍යය සම්ප්‍රදායෙහි මේ හැඩය එක්‌ කාෙව්‍යාaත්තියක හැඩයක්‌ පමණක්‌ අරා සංක්‍ෂිප්ත ගුණයෙන් පෝෂණය ව මහරුත් නංවන්නකි,

රසඥතාව

දිවි ඇති තුරාවට

වළඳෙ බැස සිටියද

කිසිදු රසයක්‌

නොහඳුනයි

හැන්ද

උදුලා කිවිඳිය ගේ ඉහත නිර්මාණ දෙක ඇය මේ කාව්‍යය ඇඳුමෙහි සන්නාලි ගුණයෙහි කෙතරම් නිපුණ ද යන්න පසක්‌ කරවන්නකි.

ඇගේ බොහෝ නිර්මාණ කවි ලකුණුවලට ද වඩා ගීත ලකුණු කෙරෙහි නෑ කමක්‌ දක්‌වයි. නාට්‍ය හා රංග කලාව විෂයයෙහි ප්‍රායෝගික ක්‍රියා කාරිත්වයෙහි ලද ආභාසය මීට බලපාන්නට ඇතැයි සිතිය හැකිය. තමා විසින් පාසල් පන්ති කාමර තුළ ද එකී ක්‍ෂේත්‍රයේ විවිධ තරගවලට ද ඉදිරිපත් කළ නාට්‍යයන්හි ගීත ද මේ කාව්‍යය සංග්‍රමය තුළ අන්තර් ගතවේ.



සොරා ගෙන සුව නින්ද සැනසුම

නිරා දුක්‌ ගෙන දුන් දිනේ

මරා දැම්මේ මසිත් පව්වෙන්

හෙළා සොරෙකුට බැඳි සෙනේ



එසේම "කදීර්" යනුවෙන් නම් කර ඇති පහත සඳහන් කාව්‍යය කොටස ඇතුළත් නිර්මාණය ද ඇගේ නිර්මාණ ප්‍රභාව මනාව ස්‌ථුව කරවන්නකි



සොළොස්‌ කලාවෙන් සපිරුණු

පුන් සඳවන් පුතුනේ

සහස්‌වරක්‌ යෑයි උපදිනු

සිරිලක්‌ රන් දෙරණේ



මෑත ඉතිහාසය තුළ අනභිභවනීය සැබෑ දේශමාමකයකු ලෙස දේශප්‍රේමි ජනතාවගේ සිත් සතන් තුළ පැළපදියම් විය යුතු ලක්‍ෂමන් කදිරගාමර් නම් සැබෑ ශ්‍රී ලාංකික පුත්‍රයා පිළිබඳ ඇගේ සිත කම්පා වන ආකාරය ඉන් විෂද වේ.

එසේම විශාරද ගුණදාස කපුගේ නම් සොඳුරු ගාන්ධාර්වවේදියා පිළිබඳ ලියෑවුණු "කොවුලාණෙනි" අප සැමගේ අවධානයට යොමු විය යුතු නිර්මාණයකි.

මෙසේ සිය ප්‍රථම නිර්මාණ සංග්‍රහයෙන් ම නවකයකුට ඔබ්බෙන් අනාගතය පිළිබඳ මහත් බලාපොරොත්තු අප හද තුළ නංවන ඇය මේ නිර්මාණ සමුච්චය තුළ දී ලීනා අයිරින් සපුතන්ත්‍රී කිවිඳිය සිය අකල් වියෝවෙන් විරාමය තැබූ නිර්ධන පාංතික දේශපාලන සීනු නාදය ද මෙහි සෑම පද්‍යය පන්තියක්‌ ඇසුරෙහි රැව් පිළිරැව් දීම ද ඇගේ සුවිශේෂී අනන්‍යතාවක්‌ වග මෙහි ලා සනිටුහන් කරනු කැමැත්තෙමි.

රණතුංග මල්ලවආරච්චි


© Copy Rights - Divayina "Watamadala"


READ MORE - "තුන් වැනි සීනුවට පෙර"