----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රුහුණු විස්කම් ජුලි 14 සිට 16 දක්වා

Sunday, July 4, 2010

දකුණු පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ශිල්ප සභාව එක්ව දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව පවත්වන ‘රුහුණු විස්කම්’ කර්මාන්ත ප්‍රදර්ශනය හා අලෙවි පොළ ජූලි මස 14 සිට 16 දක්වා ගාල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ලී කැටයම්, බීරළු, රේන්ද, ස්වර්ණාභරණ, පැච්වර්ක්, පන් පැදුරු, පිත්තල භාණ්ඩ, වේවැල් නිර්මාණ හා පොල් ගස ආශි‍්‍රත නිර්මාණ ආදී හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට ආදාළ නිර්මාණ දැන් භාර ගැනේ.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළ නිර්මාණ ජූලි මස 06 හා 07 යන දිනවල දී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, මානජ්ජාව, ලයිම හංදිය, හම්බන්තොට යන ස්ථානයේ දී පෙ.ව. 9.00 සිට ප.ව 4.00 දක්වා භාර ගැනේ. එම දිනවලදීම පෙ. ව. 9.00 සිට ප. ව. 4.00 දක්වා මාතර දිස්ත්‍රික්කයට අදාළ නිර්මාණ සහකාර කර්මාන්ත ලේකම් කාර්යාලය, වැල්ලමඩම, මාතර ස්ථානයේ දී භාර ගැනේ.

ගාල්ල දිස්ත්‍රික්කයට අදාළ නිර්මාණ ජාතික ශිල්ප සභාව, දකුණු පළාත් කාර්යාලය, බාලදක්ෂ මාවත, ගාල්ල ස්ථානයේ දී ජුලි 05 සිට 09 වැනි දින දක්වා පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා භාර ගැනීම් සිදු කෙරේ.

‘ශිල්ප’ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ දී ජයග්‍රාහි නිර්මාණකරුවන්ට ජාතික මට්ටමේ සම්මාන රැසක් දිනාගැනීමට අවස්ථාව ඇත.

0 comments:

Post a Comment