----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label ජීවිත විත්ති. Show all posts
Showing posts with label ජීවිත විත්ති. Show all posts

හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා

Tuesday, March 26, 2013


හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා
2013 මාර්තු මස 10 14:55:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

පියාගේ ප‍්‍රතිභාපූර්ණ රංග කුසලතාවයද, මවගේ ශාස්ත‍්‍රීය සංගීත රිද්මයද  සිය ආත්මයෙන්ම සමීප කරගත් මේ පුතුන් දෙදෙනා ගැන හෝ ඒ මාපිය යුවළ ගැන  අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැත.  මුළු රටම ඔවුන් ගැන දන්නේය. ජැක්සන් ඇන්තනි - කුමාරි මුණසිංහ නමැති ඒ ප‍්‍රවීන කලාශිල්පී යුවළගේ මේ පුතුන් දෙදෙනා මෙන්ම දියණිය මාධවී යන ඒ පවුලම කලා අංශයේ ගසට - පොත්ත  මෙන් බැඳී සිටින පවුලකි. අද අප මේ කතා කිරීමට සූදානම් වන්නේ ඒ හැඩකාර - කලා  පවුලේ මේ විසේකාර පුතුන් දෙදෙනා  ගැනයි. විසේකාර කොල්ලන් යැයි කාට හෝ කියූ කළ බොහෝ දෙනා හිතන්නේ ඔවුන් මොකක් හෝ දඩබ්බර වැඩක් කර ඇතැයි කියා විය හැකිය. මේ කාලයේ  එවැනි දේ  බහුලව අසන්නට ද ලැබේ. නමුත් මේ දෙදෙනාගේ  විසේකාර  කම ඇත්තේ  කලාව වෙනුවෙනි. ඒ සෞන්දර්යාත්මක විසේකාරකම සමාජයට යහපතකි. ඒ නිසාම අප ඔවුන් දෙදෙනා මෙලෙස  සැඳැල්ලට කැඳවීමු.

‘‘ජැක්සන්-කුමාරි’’  යුවළගේ ලොකු පුතා හෙවත් පවුලේ දෙවැන්නා අඛිල ධනුද්ධරය. තුන්වැන්නා හෙවත් පවුලේ අන්තිමයා සජිත අනුත්තරය. ඔහු ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ, සෝමරත්න දිසානායකගේ සූරිය අරණ  චිත‍්‍රපටයේ වැදි පැටියාගේ චරිතය සමගය. එම චිත‍්‍රපටයේ රඟපාන  විට කොලූ පැංචෙකු  වූ සජිත  අද කඩවසම් නව යෞවනයෙකි. ශාන්ත ජෝෂප් සහ කොළඹ ආනන්ද  මහා විද්‍යාලයෙන්  අධ්‍යාපනය ලබා ඇති සජිත පසුගිය වසරේ උසස්  පෙළට  මුහුණ දී විශිෂ්ඨ සමාර්ථ ලබා ඇත. කලා අංශයෙන් ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ඇති ඔහු දැන් සූදානමින් සිටින්නේ සරසවි ප‍්‍රවේශය සඳහාය. එලෙසින් සරසවි වරම් ලබා සිටින සජිතගේ අරමුණ වන්නේ උපාධිය ලබා ගත් පසු  කලා අංශයේ විවිධ ඉසව් ඔස්සේ නිර්මාණාත්මක  ගමනක  යෙදීමටය. වයස  අවුරුදු 21 සපුරන සජිත කලා අංශය තෝරා ගැනීම ගැන පවසන්නේ මෙලෙසිනි.

‘‘කලාව අපේ පවුලෙන්ම ආ දෙයක්. හැබැයි සාමාන්‍ය පෙළ දක්වා  අම්මයි - අප්පච්චියි අපට මග පෙන්වීම හැර  බලපෑම්  කළේ  නැහැ. අපට කැමති විදියට විෂයයන් තෝරා ගන්න ඉඩ දුන්නා’’

ඒ  විදියට අධ්‍යාපනය ලද සජිත  කලා අංශය  තෝරා  ගත්තද,  අය්යා අඛිල  ධනුද්ධර කලා  අංශ ගැන හිතපු කෙනෙක් නම් නොවෙයි. කොළඹ ශාන්ත  ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අඛිලගේ වයස අවුරුදු 23කි. ඔහුගේ ආසාව තිබෙන්නේ වාණිජ  අංශයටය. එම අංශයෙන් ඩිප්ලෝමා සහතික ලබා ඇති ඔහු කලාවට සම්බන්ධ  වී ඇත්තේ අහම්බයකිනි.
‘‘ඇත්තෙන්ම  අය්යා කලාවට සම්බන්ධ වීම ගැන  මට අද පුදුමත් හිතෙනවා. එයාගෙ  වැඩිපුර  ආසාව තිබුණේ ව්‍යාපාර  අංශයට.”

සජිත මල්ලී  අය්යා ගැන අද පවසන්නේ  එලෙසිනි. අඛිල මුලින්ම තාරුණ්‍ය ස්පර්ශ කළේ රොමේෂ් සුගතපාලගෙ ‘‘දිගුදෑස දුටුවාම’’ ගීතයේ රූප රචනයට පෙනී සිටීමෙනි. ඉන්පසු එහි දෙවැනි ගීතය වූ දිගු දෑස දුටුවාම ගීතයට  පෙනී  සිටි අඛිල සිනමාවට පා තබන්නේ සෝමරත්න  දිසානායකයන්ගේ  ‘‘සිරිපැරකුම්’’  චිත‍්‍රපටය සමගය. එහි ප‍්‍රධාන  චරිතයට දායකව සිටින්නේ මේ අඛිලය. හෙට දින  තිරගත වීමට නියමිත සිරි පැරකුම්  චිත‍්‍රපටයේ  රඟපාන ඒ චරිතය සමග අඛිල ගැන බොහෝ දෙනා කතා කරනු ස්ථිරය. සජිත ගැන බොහෝ දෙනා අද  කතා කරන්නේ දෙරණ  සිටි ඔෆ්  ඩාන්ස් නිසාය. එහි ෂෂිකා ජෝන්ස්  සමග නර්තනයේ යෙදෙන්නේ  ඔහුය. සජිත එක්ක අතීතයට ගියොත්, මුලින්ම ඔහු ගැන කතා කර ඇත්තේ ශ්‍රී ලාංකීය රසිකයින් නොවේ.  යුරෝපයේ සිනමාලෝලී  රසිකයින්ය.  ඕෆ්රෝඞ් නමැති ජර්මානු චිත‍්‍රපටයක  රඟපෑම ඊට  හේතුවය.  සුමිත්  කුමාරගෙ  කුරුළු පිහාටු  සහ සජිතගෙ  අප්පච්චි කළ  අබා චිත‍්‍රපටවල  රඟපා ඇත්තේ  ඉන් පසුවය.
මේ විදියට විස්තර කියැවෙන   සජිත සහ අඛිල ඇතුළු පවුලේ කට්ටිය එකට එකතුවුනාම එතැන පුදුම සුන්දර  හමුවක්   නමුත්  ප‍්‍රශ්නය වනනේ මේ ඔක්කොම කාර්ය බහුල  අය නිසා එකට එකතුවීමට ලැබෙන කාලය ඉතා අල්ප වීම මේ ළඟදී දවසක මේ පවුලේ අය  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක යෙදුණා.
එහිදී කට්ටිය එකට එකතුවෙලා ගී - ගයමින් - රඟමින් ගත කළ මොහොත අතිශය සුන්දර  සිහිවටනයක් බව සජිත සිහිපත් කරයි. අම්මා ගායන  ශිල්පිණියක් නිසා එවැනි  අවස්ථාවලදී මේ අයට ඇයගෙන් සුන්දර ගීත අහන්නට ලැබෙයි. අක්කා  මාධවීට ඉතා  හොඳ  ගායන හැකියාවක් ඇත.  ඇය  වැඩිපුර ගයන්නේ චන්ද්‍රලේඛා සහ නිරෝෂාගේ ගීතය. අද මාධවි ගැන  වැඩිපුර කතා නොකරන්නේ ඇය විවාහ වූ නිසාම නොවෙයි.
ඇය උසස්  අධ්‍යාපන කටයුතුවල නියැලී  සිටින නිසයි. මේ වන විට  කැළණි සරසවියේ පුරාවිද්‍යා, අංශයේ උපාධිධාරිණියක වන්නීය. අනාගතයේදී  මහාචාර්යවරියක  ලෙස කටයුතු කරනු ඇතැයි  සජිත  මල්ලී අනුමාන කරයි.
‘‘ඇත්තෙන්ම අය්යටයි - මටයි ඉගෙන ගන්න ආසා හිතුණෙ  අක්කා නිසයි. අක්කා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින්ම සමත් වුණා. මට මේ උසස්  පෙළ ඉස්තරම්  විදියට පාස්වෙන්න  උදව් කළේ අක්කා.  අපේ අම්මා රජයේ රැකියාවක් කළේ. ඉතින් අම්මයි - අප්පච්චියි කාර්ය බහුල වුනාම ඉස්සර  අක්කා අපට උයලාත් දුන්නා. අපිව බලා ගත්තෙ එයා. අක්කා විවාහ වුණේ  වෛද්‍යවරයෙක් එක්ක. දැන් ඒ  අය්යත්  වැඩිපුර විදේශීය අධ්‍යාපනය ලබා මෙහි ඇවිත්. ඒ දෙන්නත් අපි එක්ක  සිටීම ගැන අපට ලොකු  සතුටක්  තියෙන්නෙ.’’

තම පවුලේ ශක්තිමත් බව සහ ඉස්තරම්  ආකාරයේ  සහෝදර  බැඳීම ගැන ඒ පවුලේ බඩ පිස්සා  ප‍්‍රකාශ කළේ එලෙසිනි. මේ අය්යා - මලෝ  දෙන්නා තම අම්මා - අප්පච්චි මෙන්ම  අක්කා ගැනද වඩාත් ආඩම්බර වෙයි. ඒ ආඩම්බරකමට හේතුවක් ඇත.  අරුත්බර බව ඊට හේතුවය. විසේකාර තාරුණ්‍යය සමාජයට හිතකර වී ඇත්තේ  ඔවුනට මේ පවුලෙන් ලැබුනු හරවත්  බව, මඟ පෙන්වීම නිසාම නොවේද? සජිත  සහ අඛිලගෙ හමුව අවසන අපට වටහාගත් දේ එයයි. රටට  ප‍්‍රකට වගේම ඔවුනගේ පවුලත් අරුත්බර යැයි සඳහන් කළ හැකිමය.

පසුතලය :  Cotton Collection - (ධර්මපාල මාවත) 

READ MORE - හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා

සේවයක්‌ කළා පෙරළා යමක්‌ උවමනා නෑ

Sunday, February 3, 2013

සේවයක්‌ කළා පෙරළා යමක්‌ උවමනා නෑ
- සරත් කුලාංග

සරත් කුලාංග... වේදිකාවේ සැරිසරන තිස්‌ හත්වැනි වසර... ඔහු මේ දක්‌වා රඟපා ඇති වේදිකා නාට්‍ය ගණන ටෙලිනාට්‍යය සංඛ්‍යාව, චිත්‍රපට ප්‍රමාණය,.. සියල්ලේ එකතුව පනහකට වැඩියි. යෙර්මා, ජසයා ලෙන්චිනා, මධුර ජවනිකා, නරිබෑණා, කපුවා කපෝති, මහාසාර, වේදිකා නාට්‍ය කීපයක්‌, තාරාදේවි, දූදරුවෝ, සෙනෙහෙවන්තයෝ, නෑදැයෝ ටෙලිනාට්‍ය අතරින් කීපයක්‌ ගුරුගෙදර, සරෝජා, බවදුක.... චිත්‍රපට අතරින් තුනක්‌ පමණයි. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයෙන්ද, සංගීත නිර්මාණයෙන්ද පසුගිය වසර තිස්‌හත පුරා කළ මෙහෙවර අගයමින් කුලාංග වෙනුවෙන් "මුතුවැලක්‌ සේ" ප්‍රසංගය ඉදිරිපත් කෙරේ.

තිස්‌හත් වසරක කලා දිවිය සපුරන සරත් කුලාංග අද රඟහල දොරකඩට පැමිණ සිටී. මුතුවැලක්‌ සේ "ප්‍රසංගය ගැන......?"

මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිස්‌ හතයි. 1976 තමයි පළමුව මම රංගනයට ආවේ. ඉතින් ඒ තිස්‌හත් වසර සමරන උත්සවයක්‌ තමයි "මුතුවැලක්‌ සේ". මගේ කලා ජීවිතයේ සංගීතාවලෝකනය ලෙසයි මෙය හඳුන්වන්නේ.

ර කොහොමද අවුරුදු තිස්‌හතකට කලින් ඔබ මේ ක්‍ෂේත්‍රයට ආවේ?

පාසල් වේදිකාවෙන්. මගේ පාසල හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය. උසස්‌ පෙළ කරද්දී නාට්‍ය තරග සඳහා ඉදිරිපත් වුණා. මගේ පාසලේම සමකාලීනයන් තමයි විනී වෙත්තසිංහ, රවීන්ද්‍ර යසස්‌. ඊට අමතරව හොරණ ශ්‍රීපාලියේ අපේම වයසේ ඉගෙන ගත්තා සද්ධා උත්පලකන්දගේ. විද්‍යාරත්නයේ ඉගෙන ගත්තා ජනක්‌ ප්‍රේමලාල්, අපි පාසල් තුනක ඉගෙන ගත්තත් නිතරම හවස්‌වරුවේ එකතුවෙනවා. නාට්‍ය ගැන කතා කරනවා. නාට්‍ය කරන්න පුරුදු වුණා.

ර නාට්‍යයක්‌ කළේ......

කොක්‌ සන්නිය නමින් ප්‍රේම්කුමාර කරුණාරත්න නාට්‍යයක්‌ කළා. එවිට මම පාසල් යනවා. ඒ හැත්තෑහයේදී මට එහි හොඳම සංගීතයට හිමි සම්මානය ලැබුණා. ඉන්aපස්‌සේත් ඔහුගේම "දිග අඬු කාරයෙක්‌" නාට්‍යයට සංගීතය සඳහා සම්මාන ලැබුණා. උසස්‌ පෙළ ඉවර වුණාට පස්‌සේ අපි නාට්‍යයක්‌ කරන්න තීරණය කළා. ජනක්‌ ප්‍රේමලාල්ගේ පියා සිරිසේන ප්‍රේමලාල් මහත්තයා "අබුද්දස්‌ස කෝළම" නමින් නාට්‍යයක්‌ ලියා තිබුණා. අපි අසූ හතරේදී ඒ නාට්‍යය කරමින් ප්‍රසිද්ධ වේදිකාවට ආවා.

ර ඔබ රංගනයට පෙර දස්‌කම් දැක්‌වූයේ සංගීතයට ?

ඔව්. අපේ අයියට තිබුණා බටහිර සංගීත කණ්‌ඩායමක්‌. අනිල් භාරති, දයානන්ද පෙරේරා, වර්නන් පෙරේරා වැනි අය සම්බන්ධවී හිටියා. මමත් ඒ කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ වුණා. අයියත් වාදකයෙක්‌ ලෙස කටයුතු කළා. හොරණ ශ්‍රී පාලියෙන් තමයි මම විධිමත් ලෙස හින්දුස්‌ථාන් හා දේශීය සංගීතය හැදැරුවේ. මට සංගීතාචාර්ය සෝමා ගුණතිලක, රෝහණ බැද්දගේ වැනි අය මග පෙන්වූවා. ඒ කාලේදීම ලයනල් වෙන්ඩ්ට්‌ රංග ශිල්ප ශාලිකාවේ නාට්‍යකරණ වැඩමුළුවට එක්‌වුණා. ගාමිණි හත්aතොටුවේගම, ධම්ම ජාගොඩ වැනි ප්‍රවීණයන් ඇසුරට එක්‌වුණා. ඉන් පස්‌සේ හත්තොටුගම මහතාගේ විවෘත වීදිනාට්‍ය කණ්‌ඩායමට සම්බන්ධ වුණා.

ර ඔබේ මේ දීර්ඝ ගමන ආවර්ජනය කරන මුතුවැලක්‌ සේ ප්‍රසංගය ගැන යළි සඳහන් කළොත්...?

පානදුරේ තිබෙනවා මිත්‍රොaදය නමින් වෘත්තිකයන්ගේ සංගමයක්‌. විශ්‍රාමික විදුහල්පතිවරුද, උපදිසාපතිවරුද, පරිපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ අය ඇතුළු ප්‍රභූවරුන් විසි දෙනෙක්‌ පමණ මේ මිත්‍රොaදය සංගමය පවත්වාගෙන යනවා. මේ වසරේදී සංගමයට වසර දහයක්‌ පිරෙන නිසා පානදුරෙන් බිහිවූ කලාකරුවකුට උපහාර පිදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා තෝරා ගත්තේ මාව. මමත් කැමැති වුණා ප්‍රසංගයක්‌a පවත්වන්න... ඉන් ලැබෙන ආදායමින් ළමුන්ට ශිෂ්‍යත්ව අරමුදලක්‌ හදන්න මම යෝජනා කළා.

ර මේ ප්‍රසංගයට ඇතුළත් වන්නේ මොනවාද?

නාට්‍ය ගීත.. මම නිර්මාණය කළ නාට්‍යවල ගීත.. ළමා ගීත රඟමින් ගයනවා. දෙයියොත් දන්නේ නෑ, රූකඩ රාඡ්ඡේ, ජසයා සහ ලෙන්චිනා, ආටානාටිය, රාජකපුරු වගේ නාට්‍යවල ගීත. රඟපාන්නේ විජය නන්දසිරි, බන්දුල විඡේවීර, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සෙනෙවිරත්න, µර්නි රෝෂනි, සරත් චන්ද්‍රසිරි, ගාමිණි අම්බලන්ගොඩ, තාරක උපේන්ද්‍ර වගේම මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා. මේ ප්‍රසංගය නිදහස්‌ උළෙල දා.. ඒ කියන්නේ 04 වැනිදා හවස 6.30 ට පානදුර පුරහලේදී පැවැත්වෙනවා.

ර ගත වූ අවුරුදු තිස්‌හත තුළ ඔබෙන්a වේදිකාවටත්, වේදිකාවෙන් ඔබටත් ලැබුණු දේ ගැන තෘප්තිමත්ද?

කලාකරුවකු ලෙස අපි එක්‌තරා විදිහකට අපි ගැනත් හිතන්න ඕනෑ. මාගේ ඇඟ තුළ තිබෙන දේ, මට දැනෙන හැඟෙන දේ ප්‍රකාශ කිරීමයි මගෙන් විය යුත්තේ. මගේ හැඟීම් පොදු ජනතාවට කියන්න මාධ්‍යයක්‌ හොයාගත යුතුයි. මගෙන් ජනතාවට අනාගත පරම්පරාවට විය යුතු දේ ගැනයි මම හිතන්නේ. ඊළඟ පරපුරට යමක්‌ ලබාදීමයි මා කළ යුත්තේ. එතැනදී මම සමාජයෙන් පෙරළා යමක්‌ බලාපොරොත්තු වන්නේ නෑ.

අජිත් අලහකෝන්

Divayina
READ MORE - සේවයක්‌ කළා පෙරළා යමක්‌ උවමනා නෑ

ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ

Wednesday, January 2, 2013


ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ


  • jaya6මේවාට වගකිව යුතු වන්නේ කවුද?
  • ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ කතා කරයි
කලා ක්‍ෂේත්‍රය තුළ සිදුවන දික්කසාද වීම් අද වන විට සුලබව අහන්න ලැබෙනවා. මේ ප්‍රවණතාවයට හේතුව කුමක් වුවත් එය ටෙලි නාට්‍ය නිර්මාණ කාර්යයට කෙසේ බලපාවිද? ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වේවිද? මාධ්‍ය මගින් මේවා උලුප්පා හාරා අවුස්සා කතා කිරීම සුදුසුද?
අප මේ පිළිබඳව කතා කළා. ඒ කලා ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂී නමක් දිනූ ප්‍රවීණයකු සමග. ඔහු ජයලාල් රෝහණ.
* කලා ක්‍ෂේත්‍රය තුළ සිදුවන මේ සිදුවීම් දිහා බලා සිටින ඔබට මොනවද හිතෙන්නේ...? මොනවද හිතෙන්නේ කියන කාරණය තුළ කියන්න බොහෝ දේ තිබෙනවා. නමුත් මම මෙහෙම කියන්නම්. මේ විදිහට සිදුවීම තුළින් ප්‍රේක්ෂකයාත් අනාථ වෙනවා. කලාවත් අනාථ වෙනවා. රටත් අනාථ වෙනවා.

කලාකරුවා ඔහුට අයිති නැහැ. අයිති රටටයි. ඔහු හෝ ඇය පෞද්ගලික ජීවිතය තුළ ගන්නා වූ තීරණ පිළිබඳව රටට වගකිව යුතුයි. බුද්ධිමත් ප්‍රේක්ෂකයා කලාකරුවන්ව පිළිගන්නේ ඔහුට හෝ ඇයට අවශ්‍ය ජනප්‍රියත්වය ලබාදෙන්නේ රටට යහපත් දේ ලැබේවි කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය තුළ ඔවුන් ජීවත්විය යුතුයි.
නමුත් මට හිතෙනවා අද සිදුවන්නේ ඒ දේ නමෛයි කියලා. අද ජනප්‍රිය කලාකරුවන් දික් කසාදය සාමාන්‍ය දෙයක් කියන පණිවුඩය රටට දෙනවා. ගණිකා වෘත්තියේ  යෙදිලා තුට්ටු දෙකට රඟපාන ගමන් ආත්ම ගරුත්වය විනාශ කරගැනීම සාමාන්‍ය දෙයක් බව කියල තිබෙනවා. 
මම මේ කියන්නේ සමස්ත නළු නිළියන් ගැන නමෛයි. නළු නිළියන් මුවාවෙන් ඉන්න රුපියල් 500ට මූණ පෙන්නලා නිළියෝ කියලා නළුවෝ කියලා හිතාගෙන ඉන්න 'මෙගා කෙල්ලෝ කොල්ලන්ටයි'. ඒ අය නළු නිළියෝ නමෛයි. 'මෙගා කෙල්ලෝ, මෙගා කොල්ලෝ'
මේ පිරිසට මොළේ නැහැ. වැස්සකටවත් ඉස්කෝ‍ලේ ගිහින් නැහැ. මොළේ තිබුණත් පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒ නිසි අධ්‍යාපනක් නැතිකම. ඕ ලෙවල්, ඒ ලෙවල් පාස් වුණාට මොළේ ලැබෙන්නේ නැහැ.
අද මේ නිසාම සැබෑ නළු නිළියන්ට තිබෙන ගෞරවය පවා ප්‍රේක්ෂකයා තුළින් ඉවත්වෙලා.
ගාමිණී ෆොන්සේකා මහත්තයා හැබෑ රංගන ශිල්පියෙක් හැටියට මේ ක්‍ෂේත්‍රයට, නළු නිළියන්ට අතිවිශාල ගෞරවයක්, ගාම්භීරත්වයක් ලබාදෙන විදිහට වැඩකළා. මහ පාරේ බැහැලා යද්දී මිනිස්සු ඒ ගාම්භීරත්වයට ගෞරව කළා. සැලකුවා. ඒත් මේ මෙගා කෙල්ලෝ කොල්ලෝ ටික මොනවද කළේ...? මූණ ජනප්‍රිය කරගන්න ටෙලි නාට්‍යයකට ඔළුව දාගන්න දහ ජරා වැඩ සේරම කළා. සේරම තවදුරටත් කරනවා. මාධ්‍ය තුළ නළු නිළියෝ හැටියට ඔවුන්ව නම් කරලා කරන කියන සියලු දුරාචාර නොහොඹිනා වැඩ ප්‍රසිද්ධ කරනවා. 'ගණිකා මඩම වටලයි. මෙගා නිළිය දැ‍ලේ' කියලා.
මේකට මම ජනමාධ්‍යයට දොස් කියන්නේ නැහැ. මාධ්‍ය තුළින් නිතරම උත්සාහගන්නේ සූක්ෂ්ම ලෙස යමක් ඉස්මතුකොට පෙන්වන්නයි. තමන්ගේ ප්‍රවෘත්තියට ආකර්ෂණයක් ලබා දෙන්නයි.
නමුත් 'නිළිය' කිව්වහම අපේ ගෞරවනීය නිළියක් වන අයිරාංගනී සේරසිංහ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවන්ට සිදුවන්නේ කුමක්ද? ඔවුන් ගෞරවයෙන් ගොඩනගාගත් ක්‍ෂේත්‍රයට ඒ වෘත්තියට සිදුවන්නේ කුමක්ද?
* ඔබ කියන්නේ මේවා නිසා ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙනවා කියලද?
ජාතික රූපවාහිනිය අපේ රටට එන්න කලින්, අපේ රටේ ජනප්‍රිය වී තිබුණේ වේදිකා නාට්‍යයයි. මේ නාට්‍ය කලාව 1982 පසුව කඩා වැටුණා. ඒකට වක්‍රව බලපෑවේ ඒ නාට්‍ය කලාව තුළටත් අද මේ තියෙන රෝගය බෝවී තිබුණු නිසයි. අවසානයේදී ප්‍රේක්ෂකයා ඒ තුළින් ඈත් වුණා.
අද ඒ කාලයට වඩා මොළේ නැති මිනිස්සු, සල්ලි පස්සේ දුවන මිනිස්සු, හා ලිංගිකත්වයට බර මෙගා කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා මේ අය ජනප්‍රියවෙන්න විවිධ දේ කරනවා.
මම පුංචි උදාහරණයක් කියන්නම්. ඇමෙරිකාවේ හොලිවුඩ්වල එක්තරා නළුවෙක් හිටියා. ඔහු ගැන පත්තරවල මාධ්‍යවල එතරම් ප්‍රවෘත්ති පළ වුණේjaya5නැහැ. අන්තිමට ඔහු ප්‍රසිද්ධ නගරයක දෙනෝ දාහක් බලා සිටියදී වතුර මලක් ළඟ මුත්‍රා කළා.
අන්තිමට ඔහු ගැන හැම මාධ්‍යයකම තොරතුරු පළ වුණා. එදා ‍පොලිස් අත්අඩංගුවට පත් වූ ඔහු මෙහෙම කිව්වා. මා ගැන කිසිදු මාධ්‍යයක තොරතුරු පළවුණේ නැහැ. මම මේ දේ කළේ ඒ නැති ජනප්‍රියත්වය ගන්නයි කියලා.
මෙන්න මෙහෙම අය තමයි අද අපේ කේෂ්ත්‍රයේ වැඩිපුර ඉන්නේ. ඇතැමුන් ප්‍රසිද්ධියේ වැරදි කරනවා. ඇහැව්වහම නෑ කියනවා. ඒකටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේවා බොහොම බාල, ජරා වැඩ. ක්‍ෂේත්‍රයට ආදරෙයි නම් ප්‍රේක්ෂකයාට ආදරෙයි නම් මෙහෙම කරන්නේ නැහැ.
මේ නිසා බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය කලාවෙන් අයින් වෙනවා. ඔවුන් සැටලයිට් ටෙලිවිෂන් ඔස්සේ වෙනත් දේවල් බලන්න පුරුදු වෙනවා. කවුද එතකොට වැරදි. සැටලයිට් ටී.වී. වලට බැණලා හරියන්නේ නැහැ නේද?
දැන් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය ඉවරයි. 2013 අවුරුද්දෙන් පස්සේ ඉවරෙටම ඉවරයි. අද නිෂ්පාදක මහත්වරුන් යැයි කියා ගන්නා පිරිසක් ඉන්නවා. අධ්‍යක්ෂවරු යැයි කියා ගන්න පිරිසක් ඉන්නවා. ඔවුන් වැඩ කරන්න කැමති මෙගා කෙල්ලෝ කොල්ලෝ එක්ක. මොකද හැම පැත්තෙන්ම වාසියි. රුපියල් දවසට 500 විතර දීලා, මූණ පෙන්වන විදිහට චරිතයක් දුන්නහම කරනවා. ඒ අය මූණ පෙන්නලා වෙනත් මාර්ගවලින් සල්ලි හම්බ කර ගන්නවා. මොකද එතකොට මෙයාලා නිළියොනේ.
ඊට අමතරව අද කලා ක්‍ෂේත්‍රය තුළ ශීඝ්‍රයෙන් සමලිංගිකත්වයක් බිහිවෙලා ඉවරයි. අද වැඩ තියෙන්නේ ඒ අයටයි. එහෙම නම් මේ හැම දේකින්ම රටට දෙන පණිවුඩය මොකක්ද? විනාශය නේද?
අද තරුණ මෙගා කෙල්ලෝ කොල්ලෝ ලිංගිකත්වය පස්සේ දුවන්නේ පිස්සු හැදිලා වගේ. ක්‍ෂේත්‍රයට එන්නේ ඒවාට. මේක සුරංගනා ලෝකයක්නේ කියලා හිතලා. ඒ නිසාම අද ලොරි ගානට මෙගා කෙල්ලෝ කොල්ලෝ බිහිවෙලා. ඔවුන් කරන දහ ජරා වැඩ ඉවත් බවක් නැහැ. අන්තර් ජාලයට ගියාම ඒවා අපිට ලෙහෙසියෙන් පහසුවෙන් බලා ගන්න පුළුවන්. එදා  අපේ ප්‍රවීණ නළු නිළියන් කලා නිර්මාණය කුමක් හෝ වේවා කොන්දේසි ඇතිවයි වැඩ කරන්න ගියේ. අද එහෙම නැහැ. මෙගා කෙල්ලෝ කොල්ලන්ට වෙනත් අය කොන්දේසි දානවා. තත්ත්වය ඔහොමයි.
සමන් ප්‍රියංකර නම්මුනිගේ
Lakbima
READ MORE - ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ

පැට්රික් කෝ?


පැට්රික් කෝ?

“පුළුන් වගේ සුදු රැවුල දිගයි”, ‘සිසිල් සුළං පාවී...’ වැනි ජනප්‍රිය නත්තල් ගීත ඇතුළු ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ ප්‍රතිභා පූර්ණ සංගීතඥයකු තමයි පැට්රික් දෙනිපිටිය කලාකරුවා.
ඔහු පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙන හැමවිටකදීම ඔහු දැන් කෝ? පැට්රික්ට මොකද වුණේ? යනුවෙන් විමසනු ලබයි. පැට්රික් ගේ පුතෙකු වන මහේෂ් දෙනිපිටිය තම පියා ගැන පසුගිය දා අපිත් එක්ක කතා බහ කළා.
“මගේ පියා දැන් පදිංචිව ඉන්නේ මගේ අම්මයි නංගියි සමඟ කැනඩාවේ. තාත්තා දැඩි ලෙස රෝගීව සිටි නිසා කැනඩාවේ දීර්ඝ කාලීන වෛද්‍ය සුරැකුම් මධ්‍යස්ථානයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තාත්තා මේ රටේ නැති නිසා ඔහුගේ නිර්මාණ බුද්ධිමය දේපළ අයිතීන් සමහරුන් කොල්ල කෑමේ නිරත වෙනවා.
දැනට ලංකාවේ ජීවත් වන මගේ වැඩිමහල් සහෝදරයා සමඟ මම පියාගේ බුද්ධිමය දේපළ, නිර්මාණ ආරක්ෂා කිරීම උදෙසා ඉදිරියේදී යම් පියවරක් ගැනීමට අපේක්ෂා කරනවා. ඒ ඔස්සේ පියාගේ අයිතිය සුරක්ෂිත කරනවා. එය මගේ යුතුකමක්”.

READ MORE - පැට්රික් කෝ?

අනුපමාගේ නිල් නුවන් පින්බරයි

Saturday, December 8, 2012

අනුපමාගේ නිල් නුවන් පින්බරයි

ඇය අනුපමා ගුණසේකර. රටම ඇය හඳුනාගන්නේ මෙරට රියැලිටිකරණයේ පූර්වාදර්ශය ගොඩනැඟු ‘සිරස’ සුපර් ස්ටාර් පළමු අදියරේ ජයග්‍රාහිකාවක් විදිහට. සංගීත පසුබිමක් හදාගනිමින් ක්ෂේත්‍රයට ආ අනුපමා වසර හයකට පසු සිය කුලුදුල් සංගීත වීඩියෝව ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතයත් සමඟ මේ දිනවල නැවතත් කරළියට ඇවිල්ලා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ කර්ණාටක සංගීත විෂයය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස අද ක්‍රියාකාරී අනුපමා හා පසුගිය දවසක කළ පිළිසඳරයි මේ.
ඔබේ සමාජගත වීම සිදුවුණු තැනින්ම මේ කතාබහ ඇරැඹුණොත් හොඳයි කියලා හිතෙනවා.
බොහෝ දෙනෙක් මාව දැන හඳුනාගත්තේ ‘සුපර් ස්ටාර්’ තරගය හරහා. විශේෂයෙන් ‘නිල් නුවන් පින්බරයි’ කියන වැලැන්ටයින් ගීතයත් එක්ක තවත් කතාබහ වැඩිවුණා. නමුත් දැන් මම ස්වාධීනව වැඩ කරන ගායිකාවක්. ඒ වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා.
ඇයි ඔබ එවැනි රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න හිතුවේ.
මම හිතන්නේ අපේ යෞවනය ආරම්භක කාලේ හැකියාව කියන දේ උරගා බලන්න ලොකු ඕනකමක් තිබුණා. නමුත් මම එය ගෙවා දමා අධ්‍යාපනය තුළ යම් සංයමයක් ගොඩනඟාගෙන ඉවරයි. ඒත් සුපර් ස්ටාර්කරණය පිළිබඳ කතා කරන්න මම කැමැති නැහැ.
ඇයි ඔබ කතා කරන්න අකැමැති. ඔබත් එහි ආරම්භක සාමාජිකයෙක්නේ.
ඒ ගැන තවදුරටත් කතා කරන එක ඵලදායක නැහැ කියලා මම හිතනවා. තරු කියන දේ රියැලිටි හරහා පායනවා ඇත්ත. ඒත් ඒ දිස්නේ කාලයක් පුරා රඳවා ගන්න හැකියාව ලැබෙන්නේ තමන්ගේ සංගීත භුමිකාව තුළ යම් අධ්‍යාපනික රාමුවක ඉන්න පුළුවන්නම් හැමදාම තරුවක් වගේ ඉන්න පුළුවන් කියලයි මම හිතන්නේ. එහෙම වුණොත් හොඳ රඳා පැවැත්මක් හදාගන්න පුළුවන්.
මම හිතන්නේ ඔබ යම් හිත් රිදීමකින්, පසුතැවීමකින් කතා කරනවා කියලයි.
නැහැ එහෙම පසුතැවීමක් දැන් නැහැ. මුල් කාලයේ තරු බිහිකරපු තැන්වලින් මදිපුංචිකම් නොතිබුණා නෙමෙයි. නමුත් දැන් ඒ ගැන හිතන්නේ නැහැ. මොකද මුළු රටම මාව දැනගත්තේ ඒ හරහා. විශේෂයෙන්ම මගේ හැකියාව දැන හඳුනාගත්තා. බොහෝ දෙනෙක් දැන හඳුනාගත්තා මට ඉහළ ස්වරවල ගයන්න පුළුවන් කියලා. අද ඒ හැකියාව ඔස්සේ මට පුළුවන් වෙලා තියෙනවා සමාජයට යමක් තිළිණ කරන්න.
හොඳයි අද බිහිවන තරු හෙට නිවිලා යන්න හේතුව මොකක්ද?
මම හිතන්නේ ඒකට එක හේතුවක් කියලා කියන්න අමාරුයි. බොහෝ දෙනෙකුට හැකියාව තිබුණට ජීවිතේ පිළිබඳ, සමාජය පිළිබඳ අත්දැකීම් අඩුයි. මේ තරගවලට වැඩි හරියක් එන්නේ ගම්බද ළමයි. ඒ නිසා හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි. අනෙක් දේ තරුවක් මොන තැනින් බිහිවුණත් ස්වාධීන වෙන්න ඕන. දෙරණෙන් හෝ ජාතික රූපවාහිනියෙන් හෝ සිරසෙන් බිහිවුණත් ඔහුට ඇයට රටම ආදරය කරනවා. ඒ නිසා ස්වාධීන වෙන්න ඕන වගේම රටටම ඔහු හෝ ඇය පොදු කලාකරුවෙක් වුණොත් පැවැත්මක් තියෙයි.
අද වෙලා තියෙන්නේ තමන්ට ස්වාධීනව ගොඩනැඟෙන්න බැරිවෙලා. උණුසුම් ප්‍රතිචාර ලැබෙනකොට, ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල වෙනකොට අලුත් දෙයක් කරන්න අමතක වෙනවා. ඒ නිසා අනන්‍යතාවක් ගොඩනඟාගන්න බැරුව අද මේ අය අතරමං වෙනවා.
අද වෙනකොට ඔබ කර්ණාටක සංගීතය හදාරන්න පෙලඹිලා. මොකක්ද ඒකට හේතුව.
ඉතාම හොඳ සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායක්. ඊට විශේෂ වුණු අනන්‍යතාවයක් තියෙනවා. ගායනා ක්‍රම, ශෛලි තියෙනවා. ස්වරනාම දාසයක් තියෙනවා. සංකීර්ණ සංගීත සම්ප්‍රදායක් වගේම විශේෂ වුණු වෙන සම්ප්‍රදායන්වල නැති අනන්‍ය ගුණාංග තියෙනවා කියන එක මම කියන්න ඕන. එය හදාරන්න මට අවශ්‍ය වුණේ හොඳ සංගීත කටහඬක් හදාගන්න මට ඕනකමක් තිබුණා. වසර හතරක් තිස්සේ මම ඒ ගැන හැදෑරීම් කළා. තමන්ගේ හැකියාව දියුණු කරගන්න ඕනෑම සංගීත සම්ප්‍රදායයක යෙදෙන්න ඕන. මට ඒ සඳහා ගුරුහරුකම් දුන්න කලාශූරි අරුන්දති ශ්‍රී රංගනාදන් වගේම අරුණපි‍්‍රය අරුරත් ගුරුවරුන් මතක් කරන්න ඕන.
වසර හයක් වගේ දිගු කාලයකට පස්සෙයි ඔබ ඔබේ පළමු ගීත වීඩියෝව කරන්නේ.
මෙතරම් කාලයක් මම කළේ අධ්‍යයනය කළ එක. දෙමළ ජන ගී සම්බන්ධව හැදෑරීම් කළා. විවිධ රටවල ජන ගී ගයන්න මම කැමැතියි. පසුගිය කාලයේ ලංකාවේ පැවැත්වුණා මහද්වීප පහක ජන ගී සංදර්ශන ප්‍රසංගයක්. එතැනදි අරාබි ජන ගීයක් මට අහන්න ලැබුණා. ඔහුත් සමඟ මම කතා කළා. ඒ අනුවයි ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතය නිර්මාණය වුණේ. තිළිණ රුහුණගේ සංගීතයට එය රඛිත වාකිෂ්ඨ පද රචනය කළේ. ඉදිරියේදී ලාංකේය රසිකයින්ට මෙවැනි ජන ගී මූලාශ්‍ර හරහා අපූරු සංගීත රසයක් ලබා දෙන්න වගේම අධ්‍යාපනයක් ලබා දෙන්නයි අද මගේ බලාපොරොත්තුව.
READ MORE - අනුපමාගේ නිල් නුවන් පින්බරයි

‘අංජන රංජන’

මොන දේ විඳ දරාගන්නත් මට ශක්තිය තියෙනවා

නාලක අංජන කුමාර
නාලක අංජන කුමාර ඉදිරිපත් කරන ‘අංජන රංජන’ ගී ප්‍රසංගය මෙම 14 වැනි සිකුරාදා පස්වරු 6.30ට කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. නාලක අංජන කුමාරගේ සුමියුරු නාද රටාවන්ගෙන් ඔපවත් වූ ගීත මෙහිදී ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, කරුණාරත්න දිවුල්ගනේ, නන්දා මාලිනී, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, ප්‍රදීපා ධර්මදාස, ඉන්දිකා උපමාලි, යමුනා විනෝදනී, ක්‍රිශාන්ත එරන්දක, අමල් පෙරේරා වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් විසින් ගායනා කරනු ලබයි. නාලක අංජන කුමාර හා මහින්ද බණ්ඩාර ඉදිරිපත් කරන ගිටාර් වාදනයකින් ප්‍රසංගය නිමා වෙයි.
ඔබට වරම් නැති මට ද වරම් නැති සෙනෙහස කොතැන ද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දිය වී ප්‍රථම පේ‍්‍රමයයි බොඳව ගියේ...!
(ගායනය - කරුණාරත්න දිවුල්ගනේ)
(පද - රංජිත් රූපසිංහ)
(සංගීතය - නාලක අංජන කුමාර)

සොඳුරු රිද්ම රටා මවන්නට ඔහු සතුව ඇති ප්‍රතිභාව ඒ එකම ගීතයෙන් වුවද අපට හඳුනා ගත හැකි ය. අපේ සංගීත ක්ෂේත්‍රයේ අභියෝගාත්මක ගිටාර් වාදන ශිල්පියා ද වන ඔහු දක්ෂ සංගීතඥයෙකු මෙන්ම “ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් ද වේ. වෘත්තියෙන් ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පාලකවරයා ය. මෙම උඳුවප් මහේ සිසිලසට සිය නාද වියමනෙන් එනම් “අංජන රංජන” ගී මියැසියෙන් මිහිර මුසු කරන්නට සැරසෙන ඔහු නාලක අංජන කුමාරය.
මේ නාලකගේ හෘද්‍යාංගම සිතුවිලිය.
“මේ දවස් වල උදේ ඉඳලා රෑ වනතුරු මගේ වැඩේ දුවන එක තමයි. ‘අංජන රංජන’ ප්‍රසංගයේ කටයුතු වගේම එහිදී එළිදක්වන මගේ ගිටාර් වාදන ඇතුළත්ධ්ඵධතචබඥඤ ජ්ඪදඨඥපඵ සංයුක්ත තැටියේ කටයුතුත් අතරමැද කාර්ය බහුලයි. හැබැයි ඒ සේරමත් හරි, මට දරාගන්න අමාරු මගේ ප්‍රසංගයට මේ රටේ කිසිම අනුග්‍රාහකයෙකු මට තවම සොයා ගන්න බැරි වීම හින්දායි. (වේදනාත්මක ස්වරයෙන්) ඇත්තටම ‘මම මේ රටේ කලාකරුවෙක් ද’ කියලා දැන් මට හිතන්න වෙලා. ඒත් පටන් ගත්ත වැඩේ මං කොහොම හරි කරන්න ඕනේ. පොලියකට ණයක් වෙලා හරි මං මේ ප්‍රසංගය කරනවා.”
අප රටේ ප්‍රසිද්ධ ආයතන රැසක්ම නිතර කලාකරුවන්ගේ ප්‍රසංග සඳහා අනුග්‍රහ ලබා දෙනවානේ. ඔබ එම ආයතනවලට ගියේ නැද්ද...?
“ඔව්, මම ගියා. ඒ හැමෝම කිව්වේ ‘මේ වර්ෂය සඳහා වෙන් කළ මුදල් ඉවරයි’ කියලා පමණයි. ඉතින් තවත් එතැනින් එහාට මොන අනුග්‍රහයක් ද.
ඒ ගැන මට දුකයි. මම විශ්වාස කරගෙන උන්නු ආයතන සහ පුද්ගලයින් උන්නා මම වැඩක් කරද්දි මට අනුග්‍රහය ලබා දෙයි කියා. ඒත් ඒ සියල්ල මායාවක් පමණයි. මං මේ ක්ෂේත්‍රයේ යථාර්ථය තේරුම් ගත්තා. ඒ වගේම ‘මම මේ රටේ කලාකරුවෙක් ද’ යන වග නැවත නැවතත් සිතා බලන්න ඔවුන් මාව පෙලඹුවා. මොන දේ වුණත් මට ශක්තිය තියෙනවා විඳ දරා ගන්න. මගේ අම්මා මට කිව්වේ ‘පුතේ හොඳ මිනිහෙක් වෙයන්’ කියලයි. අම්මාගේ ඒ වචන මම මේ වෙලාවේ මට ශක්තියක් කරගන්නවා.
ඇත්තමයි, මං හොඳ මිනිහෙක් තමයි. අව්‍යාජ පෞරුෂයක් නැති මිනිහෙකුට සැබෑ කලාකරුවෙකු වෙන්න බැහැ. අපේ සංගීත ක්ෂේත්‍රයේ එවැනි අව්‍යාජ පෞරුෂයෙන් හෙබි අමරදේවයන් වැනි සැබෑ කලාකරුවන්ගේ ඇසුර මා හට ලැබී තිබීම පිළිබඳව මේ අවස්ථාවේ දී මං සතුටු වෙනවා.
ඔබ සේවය කරන ආයතනයෙන් හෝ සහෝදර මාධ්‍ය ආයතනවලින් වත් ඔබගේ ප්‍රසංගයට මාධ්‍ය අනුග්‍රහයක් නොලැබේ ද...?
“මා සේවය කරන ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ්. එම්. සේවයෙන් සහ මෑතදී බිහි වූ හිරු ටී. වී. ආයතනයෙන් මාධ්‍ය ආවරණය ලැබෙනවා. ඔවුන්ට ඒ ගැන මා ස්තුතිවන්ත වෙනවා. මට හිතාගන්න බැරි මා කැපවීම් කළ ජාතික රූපවාහිනියෙන් මගේ ප්‍රසංගයට කිසිදු දායකත්වයක් නොලැබීම පිළිබඳවයි. කමක් නැහැ, කෙසේ හෝ මම මේ ප්‍රසංගය කරනවා.
මම මේ ගමන ආවේ සෝමදාස ඇල්විටිගල, පේ‍්‍රමසිරි කේමදාස, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් වැනි ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ විඳලා. රජරටින් ස්වාධීනව තනිව ගමනක් මං ආවේ. ක්ෂේත්‍රයේ අකටයුතුවලින් සසල වී ඒවාට එරෙහිව සටන් කරන්න යනවා වෙනුවට ඉවසීමෙන් හා හික්මීමෙන් මීළඟ පරම්පරාවට මා ලද දැනුම බෙදා දෙමින් මේ ගමන බාධා පීඩා අතරමැදින් වුවද යන්න මං වෑයම් කරනවා. ඒ සඳහා අමරදේවයන් වැනි ප්‍රවීණයන්ගෙන් මා හොඳ ආදර්ශ ලබාගෙන තිබෙනවා.”
ඔබේ කලා දිවියේ සුවිශේෂ වූ කටයුතු කිහිපයක් මතකයට නඟමු ද...?
“ඕනෑම ගීතයක ස්වර මාලාව කිසදු සංගීත භාණ්ඩයක් නොමැතිව ක්ෂණිකව අධි වේගයෙන් පවසන්න පුළුවන් සුවිශේෂ හැකියාවක් මට තියෙනවා. (නාලක ක්ෂණිකවම “කුරුටු ගෑ ගී පොතේ” ගීතයේ ස්වර මාලාව ගයමින් ඔහුගේ දක්ෂතාවයේ අපූර්වත්වය විඳගන්නට අපට අවස්ථාව සලසා දෙමින්...) මම විතරයි ඔය හැකියාව ඇති ශිල්පියෙකුට මේ රටේ ඉන්නේ. එහෙව් මම තමයි අද මෙහෙම විඳ වන්නේ. ජාතික රූපවාහිනියෙන් විකාශය කළ ගිටාර් හතකින් සංගීතවත් කළ අභියෝගාත්මක සම්භාව්‍ය ගීත වැඩ සටහනේ සංගීත අධ්‍යක්ෂණය කළේ මමයි. ‘රජ්ජුමාලා’ චිත්‍රපටයේ මෙන්ම ‘ජීවිතය සුන්දරයි’ රූපවාහිනී නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයත් මගෙයි.
‘බව දුක සහ බව කර්ම’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයේ දී ගුණදාස කපුගේ ශූරින්ගේ සහාය අධ්‍යක්ෂවරයා වූවේ මම. එසේම ‘කම්පන’ ප්‍රසංගයේ ගිටාර් වාදනයත්, සංගීත අධ්‍යක්ෂණයත් මා කළ සුවිශේෂ කටයුත්තක්. එමෙන්ම අමරදේව ගාන්ධර්වයාණන්ගේ ප්‍රසංගයන් වලදී මම ගිටාර් වාදනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ සමූහ ගී ගායනයෙන් දායක වී තිබෙනවා. ශ්‍රාවකයින්ගේ රස වින්දනය පිණිස ගී තනු නිර්මාණය කර තිබෙනවා. මගේම හඬින් ගීත ගායනා කර තිබෙනවා.
ඔබ ගැයූගී තවම ජනපි‍්‍රය නොවුණේ ඇයි...?
“ජනපි‍්‍රය වෙන්න නම් විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රචාරය වී අපේ ගීත ජනතාවට ඇහෙන්න ඕනේ. මොකද ගීත ජනපි‍්‍රය වෙන්න ඕනෙත් ජනයාට පි‍්‍රය වීමෙන්නේ. ඔවුන්ට නෑසෙනවා නම් එම ගීත ජනපි‍්‍රය වෙන්නේ කොහොම ද? මා ගැයූ ගීත ප්‍රචාරය නොවන හින්දා ඒවා ජනපි‍්‍රය වීම කෙසේ වෙතත් මා ගීත ගයා තිබෙන බවවත් ගීත ශ්‍රාවකයින් දන්නේ නැතුව ඇති.”
ජෝජ් රොබ්සන් ද සිල්වා

Silumina
READ MORE - ‘අංජන රංජන’

පණ්ඩිත් අමරදේව සමරු සංගීත ප්‍රසංගය 5 වැනිදා

Sunday, December 2, 2012

පණ්ඩිත් අමරදේව සමරු සංගීත ප්‍රසංගය 5 වැනිදා

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වැනි ජන්ම දිනය යෙදෙන දෙසැම්බර් 05 වැනිදාට එතුමන් අගය කිරීම සඳහා සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කටයුතු සංවිධානය කොට තිබේ.
එදිනට අමරදේවයන් විසින් සංගීත සපයන ලද හා ගායනා කරන ලද ගීත නන්දා මාලනී, වික්ටර් රත්නායක, නිරෝෂා විරාජිනී යන ගායක ගායිකාවන් විසින්, ගායනා කරනු ලබන අතර එහිදී සංගීතය සපයනු ලබන්නේ රෝහණ වීරසිංහයන් විසිනි.
නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන මේ සංගීත ප්‍රසංගයට සමගාමීව ශ්‍රී ලංකා කලා මණ්ඩලය මඟින් අමරදේවයන්ට උපහාර කිරීම සඳහා ‘අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය’ නමින් ග්‍රන්ථයක් එළිදැක්වීමට ද කටයුතු යොදා තිබේ.
මේ ග්‍රන්ථයේ ප්‍රාමාණික විද්වතුන් 35 දෙනෙක් අමරදේවයන් පිළිබඳ සිය අදහස් ගොනු කර තිබේ. මේ ග්‍රන්ථය මහාචාර්ය සමන්ත හේරත් සහ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් සංස්කරණය කරන ලද්දකි.
silumina
READ MORE - පණ්ඩිත් අමරදේව සමරු සංගීත ප්‍රසංගය 5 වැනිදා

ඇත්තටම අපි අතරමං වෙලා

Friday, November 30, 2012

Sarasaviya

ඇත්තටම අපි අතරමං වෙලා

සනෝජා බිබිලේ කලකිරීමෙන් කියයි
සහන්, සනෝජා, සරත් එකමුතුවෙන් සද්කාර්යයක්
අවුරුදු දෙක තුනක්ම මම කලා ක්ෂේත්‍රයේ මුකුත් නොකර හිටියා. දැන් නැවතත් මම රංගනයට යොමු වෙලා ඉන්නේ.
ඊට අමතරව මම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි.
ඇය අසූව දශකයේ ජනප්‍රිය සිනමාවේ සුන්දර ප්‍රේමවන්තිය. කෙළිලොල් දඟකාර චරිත සමඟින් හමු වූ ඇය සිනමාවේ විතරක් නෙවෙයි පුංචි තිරය වගේම වේදිකාවත් අපූරුවට හැඩ කළා. ඇය ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ. රාජ්‍ය ආයතනයක වගකිව යුතු නිලධාරිණියක් වගේම ක්‍රීඩිකාවක්, චිත්‍ර ශිල්පිනියක් ලෙසත් විවිධ භූමිකා රැසකම දක්ෂතා පෙන්වන සනෝජාගේ අලුත්ම තොරතුරු සරසවිය විමසුවා.
සනෝජා අක්කේ, මොනවද මේ දිනවල අලුත්ම විස්තර?
රැකියා කටයුතු කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඊට අමතරව කලා කටයුතු කිහිපයකටත් දායක වෙලා ඉන්නවා. මේ දිනවල නෙට්බෝල් ජාතික හා කොළඹ දිස්ත්‍රික් තරගාවලි සඳහා දායකත්වය ලබා දෙනවා. මේ අතරේම මම ජනසන්නිවේදනය පිළිබඳ උපාධිය වෙනුවෙන් වන විභාග කටයුතු සඳහා සූදානම් වෙනවා. මේ හැම දෙයක්ම සමඟින් මම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
රංගන කටයුතුවලට දැන් වැඩි උනන්දුවක් නෑ වගේ නේද?
ඒ ගැන මම සතුටු වෙන්නේ නැහැ. පසුගිය කාලයේ මට චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය ගණනාවක්ම නැති වෙලා ගියා. හේතු කියන්න දන්නේ නැහැ. රංගනයට පය තබද්දී හිතේ රඟපෑමට ලොකු ආසාවක් වගේම අරමුණු තිබුණත් දැන් ඒවා බොඳ වෙලා. ආසාව නැති වෙලා. ක්ෂේත්‍රය ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි අතරමං වෙලා. අසූව දශකයේ අය තමයි මේ තත්ත්වයට ගොඩක් මුහුණ දීලා තියෙන්නේ.
කලාකරුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න ඔබ නිතරම පෙරමුණ ගන්නවා නේද?
ඔව්. අසූව දශකයේ චිත්‍රපට සඳහා දායක වුණ රංගන ශිල්පීන් එකතුව සුහද හමුවක් පවත්වන්නට සූදානම් වෙනවා. සහන් විජේසිංහ, සරත් දික්කුඹුර ඇතුළු අපි තුන් දෙනා තමයි මුල්වෙලා කටයුතු කරන්නේ. වාර්ෂිකව පවත්වන්නට බලාපොරොත්තුª වන මෙම සුහද හමුව තුළින් ආදර්ශමත් එකමුතුවක් බිහි කිරීම වගේම සේවයක් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මෙහිදී අසරණ තත්ත්වයේ ඉන්න කලාකරුවන්ට මුදල් පරිත්‍යාග කරන්නටත් කටයුතු යොදලා තියෙනවා.
මෑත යුගයේ බිහි වූ නවක පරපුර පිළිබඳ ඔබේ අදහස?
දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් අගය කළ යුතුයි. ක්ෂේත්‍රයේ ගොඩක් ඉදිරියට යන්න පුළුවන් අය ඒ අතර ඉන්නවා. ඔවුන්ට මම දෙන අවවාදය නම් කලාව ගැන ඉගෙන ගන්න කියලා. ඒ වගේම කිසිවෙක් ලැජ්ජාවට පත් නොකරන අන්දමේ හැසිරීම් රටාවක් සකසා ගත යුතුයි. ක්ෂේත්‍රයේ ගැඹුර තේරුම් ගෙන කටයුතු කරන්න වගේම ප්‍රසිද්ධිය ගැන විතරක් හිතලා ක්ෂේත්‍රයට එන්න එපා කියල කියන්න කැමැතියි. ප්‍රසිද්ධිය අද තියෙනවා, හෙට නැති වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ දක්ෂතාවය කවදාවත් නැති වෙන්නේ නැහැ. නළු නිළියන් කියන්නේ දෙවියන් මවපු අය. දෙවියන් විසින් අපට දුන් ඒ වරම අපි රැක ගත යුතුයි.
ඔබ චිත්‍රපට නිෂ්පාදනයට පවා කටයුතු කළ ප්‍රවීණ නිළියක්. ඒ අංශයෙන් ඔබට යමක් කළ හැකියි නේද?
මම අවුරුදු කීපයක්ම කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සඳහා දායක වුණේ නැහැ. දැන් යළිත් රංගනයට යොමු වුණත් ටෙලි නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදනය ගැන බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. චිත්‍රපට නිෂ්පාදනය කළ යුත්තේ සිනමාවේ පැවැත්ම උදෙසා. නමුත් අපට උදව් කරන්න කවුරුවත් නැහැ. චිත්‍රපටයක් නිෂ්පාදනය කළාට ප්‍රදර්ශනය කරන්න තමයි අපහසු. ටෙලි නාට්‍ය වුණත් එහෙමයි. අද ටෙලි නාට්‍ය විකාශය සඳහා වෙන් කරගන්න මුදල් අවශ්‍යයි. වෙන රටවල නම් නිෂ්පාදකයන් ඇති කරල රැක ගන්න වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ නිෂ්පාදකයන් නැති කරල දමන අන්දමේ පරිසරයක් තමයි තියෙන්නේ. ඇත්තටම ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තිබුණ ආසාව ගිලිහිලා ගිහින්. මීට වඩා සේවයක් අපෙන් රටට ලබා ගත යුතුව තිබුණා.
වගකිය යුතු රැකියාවක නිරතවීමත් රංගනයට බාධාවක් වුණාද?
කොහෙත්ම නැහැ. රැකියාව රංගනයටත්, රංගනය රැකියාවටත් බාධාවක් වුණේ නැහැ. මේ හැම දෙයක් ගැනම මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම හැම දෙයක් සඳහාම මම මනා ලෙස කාලය කළමනාකරණය කරන්න පුරුදු වෙලා ඉන්නේ. රාජකාරිය වගේම සිනමා ජීවිතයත් මම ලස්සනට සකසා ගත්තා. මහවැලි අධිකාරියේ කටයුතු මම අකුරටම කරගෙන යනවා.
ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතේ මම හරිම සතුටින් සැහැල්ලුවෙන් ගෙවනවා. කසාද නොබැඳපු එක කවදාවත් ප්‍රශ්නයක් කරගෙන නැහැ. ඒත් තවම මම විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ නැහැ.
ඉදිරියේදී අපට ඔබ දකින්න ලැබෙන්නේ?
අලුත් ටෙලි නාට්‍ය කිහිපයකටම දායකත්වය ලබා දෙනවා. මේ දිනවල කිහිපයක රූගත කිරීම් සිදු කෙරෙනවා. ඊට අමතරව සජීව මල්මාලආරච්චිගේ රොම්බ තෑන්ක්ස් සහ ආරියසේන ගමගේගේ ඉයස් සෑර් වේදිකා නාට්‍යවලටත් දායක වෙනවා.
අනාගත ලොකු බලාපොරොත්තුª එහෙමත් ඇති නේද?
අවුරුදු දෙක තුනක්ම මම කලා ක්ෂේත්‍රයේ මුකුත් නොකර හිටියා. දැන් නැවතත් මම රංගනයට යොමු වෙලා ඉන්නේ. ඊට අමතරව මම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි. ඒක මගේ විමෝදාංශය. කාලයක් තිස්සේ මම ඇඳපු චිත්‍රවලින් ප්‍රදර්ශනයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ඒ සඳහා මට අවස්ථාව ලැබුණේ නැහැ. ඉදිරියේදී අනිවාර්යයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනවා. ඊට අමතරව සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා.

READ MORE - ඇත්තටම අපි අතරමං වෙලා

මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්

අපේ විවාහය සිද්ද වුණේ 2012 ජනවාරි 31 වැනිදා

මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්

විචාරක සාක්කුවේ ඉන්න නිළියන් රඟපෑවොත් ඒවා සම්භාව්‍ය චිත්‍රපට
අවුරුදු එකොළහකට පසු ලංකාවට ආ සිංහල සිනමාවේ සරාගී නිළි රැජන සුමනා ගෝමස් සමඟ සරසවිය වෙනුවෙන්ම කළ විශේෂ කතාබහක්
දිනය ඉකුත් 21 වැනිදාය. වේලාව දහවල් දොළහට පමණ ඇත. ‘සරසවියේ’ දුරකථනය නාද විය. රිසීවරය එස වූ සැණින් අනෙක් පසින් කතා කළේ ‘රසඳුන’ පත්තරයේ කර්තෘ සුනිල් මිහිඳුකුලය.
‘ඔත්තුවක් දෙන්නයි කතා කළේ. සුමනා ගෝමස් ලංකාවට ඇවිත්. තවම ගුවන්තොටුපළේ. කොහොමද අපි ඈව සම්බන්ධ කර ගන්නේ. ඒක අභියෝගයක්. පුළුවන් නම් ඇයව හොයා ගන්න.’
සුනිල් රිසීවරය තැබීය. සුමනා වසර ගණනාවකට පසු ලංකාවට ඒම නිසා ඇය නවතින තැනක් ගැන සෙවීම අපහසු කටයුත්තකි. මම ඇයගේ සහෝදරියක් වන රූපා ගෝමස් ඇමතුවෙමි.
‘සුමනා ලංකාවට ආවා තමයි. ඒත් තවම ගෙදර ආවේ නෑ. කොහේ යයි ද කියන්න බෑ. මගේ ගෙදරට ආවොත් ඇය ස්ථිරවම නවතින තැනක් දැනගත හැකියි.’
එයිට වැඩි යමක් ඇගෙන් දැනගත නොහැකි විය. අපගේ උත්සාහය ද අත නොහැරියෙමු. පසුදා සවස නැවතත් ‘සරසවියේ’ දුරකථනය නාද විය. එහිදී කතා කළේ සන්ධ්‍යා කුමාරිගේ සැමියා වූ ශමල් අතපත්තුය. ‘පණිවිඩයක් කියන්නයි කතා කළේ. සුමනා ගෝමස් ඊයේ ලංකාවට ආවා. ඇය මාධ්‍යයට කතා කරන්න කැමැතියි. මා ළඟ ඇගේ දුරකථන අංකය තියනවා. කතා කරල බලන්න. මෙන්න අංකය. හනික අපි ඒ දුන් අංකයට ඇමතුමක් ගත්තෙමු. අනෙක් පසින් කතා කළේ වසර ගණනාවක් කතාබහක් නොකළ, තොරතුරක් නොදැන සිටි සුමනා ගෝමස්ය.
අපි සරසවිය පත්තරයෙන්. ඔබ ලංකාවට පැමිණියා කියා දැනගන්න ලැබුණා. අපිට හමුවන්න පුලුවන් ද? අද නම් බෑ, මම හික්කඩුවේ යනවා. හෙට උදේට නැවත මම කොළඹ එනවා. මම දැනට නැවතිලා ඉන්නේ මගේ අයියාගේ රත්මලානේ ගෙදර. එහාට එන්න. සුමනා අපිට ආරාධනය කළාය. මමත් ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහත් සුමනා දුන් හෝඩුවාව ඔස්සේ ඇය සොයා රත්මලානට ගියෙමු.
වසර එකොළහකටත් වැඩි කාලයක් ලංකාවෙන් බැහැරව සිටි සුමනා නම් මෙහෙ හිටියා වගේමය. ඇය තවත් සුන්දර වී සිටියි හැරෙන්න වෙනස්වීමක් නම් නොපෙනිණි. ඉතා ළෙන්ගතුව අපව පිළිගත් ඈ අපිට සුබ ආරංචියක් ද පවසා සිටියේ මේ ගමන ආවේ තනිව නම් නොවේ කියාය.
‘මම බැන්දේ සුදු ජාතිකයෙක්. ඔහුත් සමඟයි මම ලංකාවට ආවේ’.
ඇය තම ස්වාමියා අපට හඳුන්වා දුන්නේ බොහොම සතුටකිනි. සිය පෙම්බර සැමියාට තුරුලු වී පසෙකින් වාඩි වූ ඇය අපත් සමඟ පිළිසඳරට මුල පිරුවේ මේ සුබ ආරංචිය තමන්ගේ රසිකයන්ට මුල් වරට දැනගන්න කියන්නේ සරසවියට යැයි කියමිනි.
අවුරුදු කීයකට පස්සෙද ඔබ නැවත ලංකාවට ආවේ?
වසර එකොළහකටත් වැඩි කාලයකට පස්සේ.
ඔය කාලය තුළ නැවත ලංකාවට එන්න හිතුවේ නැද්ද?
මගේ වීසා ඉවර වුණා. වීසා හදාගෙන එහෙ ඉන්න පුළුවන්කම තිබුණා. යම් අයුරකින් මා නැවත ලංකාවට ආවා නම් ආයෙත් එහෙට යාමේ ගැටලුවක් තිබුණා. ඒ තත්ත්වය මඟ හැරෙනකම් මට එහෙට වෙලා ඉන්න සිද්ධ වුණා.
මෙවර හදිසියේම ලංකාවට එන්න හිතුවේ?
මම ගොඩක් මගේ මවට ආදරෙයි. මම ඇයව බලන්නේ නැතුව අවුරුදු එකොළහකට වැඩිය හිටියා. ඇයත් මාව දකින්න නැතුව හිටියේ බොහොම දුකින්. ස්කයිප් එකෙන් තමයි මා ඇයව ඔය කාලය තුළ කීප විටකත් දැක ගත්තේ. දුරකතථයේ ඇයත් සමඟ කතා කළා හැරෙන්න බලන්න එන්න හැකියාවක් තිබුණේ නෑ. මෙවර මම හදිසියේම ආවේ අම්මාව බලන්න.
ඔබ එන බව රහසක්ව තබා ගත්තේ ඇයි?
මම ලංකාවට එනවා කියල දැනගෙන හිටියේ අපේ පවුලේ කට්ටිය විතරයි. ඒ හැරෙන්න මගේ හොඳම මිතුරෙකු වූ ශමල් අතපත්තුත් මම ලංකාවට එන බව දැන සිටියා. ශමල් මට නිතරම කතා කරනවා. මම ලංකාවට එන බව පවුලේ අයගෙන් පිටට කියා තිබුණේ ෂමල්ට පමණයි.
දීර්ඝ කාලයකට පස්සේ ලංකාවට ආපු ඔබට මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?
මම ලංකාවෙන් යන කොට අපේ රට විශාල ත්‍රස්තවාදී යුද්ධයකට පැටලිලා හිටියේ. අද ඒ ත්ත්ත්වය නෑ. සාපරාධී යුද්ධය නිමා වෙලා දැන් රට වෙනස් වෙලා.
ගුවන් තොටුපළේදී ඔබට රසිකයන්ගේ ප්‍රතිචාරයන්ට මුහුණ දෙන්නත් සිදු වුණා නේද?
ප්ලේන් එකෙන් බැස්සට පස්සේ කටුනායකදී මට ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. 2001 වසරේ ගියාට පස්සේ මා නැවත ලංකාවට එන පළමු වතාව මෙය වීම නිසා මගේ පාස්පෝට් එකේ දින වකවානු ඉවර වී තිබුණා. කල් ඉකුත්ව ගොස් තිබුූ එම පාස්පෝට් එකෙන් නැවත පැමිණීම පිළිබඳ ගුවන් තොටුපළේ සිටි ආගමන විගමන නිලධාරීන්ට ගැටලුවක් වුණා. ඔවුන් කීප වතාවක්ම මා පිළිබඳ විමසිලිමත් වුණා මාව හරි හැටි හඳුනාගන්න. චිත්‍රපටවල රඟපෑ සුමනා ගෝමස්මද කියාත් ඇහුවා.
සුමනා ගෝමස් සැමියා ග්‍රෙගරි ටොරොටෝලියෝ සමඟ විවාහ වූදා

මම යන දවස්වල තිබුණට වඩා අද වෙන කොට පාස්පෝට් එක වුණත් පරිගණක ගත කරලා. මේ ගැටලුවේදී මට ආගමන විගමන නිලධාරීන් කීප දෙනෙකු ළඟටම යන්නත් සිදු වුණා. ඔවුන් මට කිව්වා ගොඩක් මම වෙනස් වෙලා කියලා. එහෙම කියන කොට මට ලැජ්ජත් හිතුණා. පොඩි ප්‍රමාදයක් ඇති වුණත් ඔවුන්ට මම කිව්වේ ඉක්මනින්ම ගෙදර යනවා කියලයි. ගැටලුව නිරාකරණය වී මම එළියට එන කොට පිට වෙන දොර දක්වාම ආගමන විගමන නිලධාරීන් පෝලිමට දෙපසට වෙලා බලා ඉන්නවා. අන්තිම තැනට ආපු මම ආපසු හැරිල ඒ අයට කිව්වා කොහොම හරි මාව හඳුන ගත්තා නේද කියලා.
වාහනයට නගින්න යන කොටත් කීප දෙනෙක්ම ඇවිත් කතා කළා. ඔවුන් මාව හඳුනගෙන ළඟටම ඇවිත් සුමනා ගෝමස් නේද කියලත් ඇහුවා. මට ඒ වෙලාවේ ලොකු සතුටක් ඇති වුණා අවුරුදු එකොළහකටත් පස්සේ මම එදා වගේම මිනිස්සු හඳුනන එක ගැන.
අද ඔබේ ජීවිතයේ වෙනසක් වෙලා. විවාහය ගැනත් කතා කරමු.
අපේ විවාහය සිද්ද වුණේ 2012 ජනවාරි 31 වැනිදා.
කවුද ඔබේ සැමියා?
ග්‍රෙගරි ටොරොටෝලියෝ. ඔහු ඉතාලි ජාතිකයෙක්. ස්ටැටන් අයිලන්ඩ්වල බේලී සීමන් රෝහලේ ප්‍රධාන සුපවේදියා ලෙස ගෙගරි රැකියාව කරනවා.
ඔබට කොහොමද ග්‍රෙගරි හම්බ වුණේ?
මගේ මිතුරියක් මාර්ගයෙන්. ඉන්දියානු ජාතික මිතුරියක වූ මයුරි මාර්ගයෙන් මට ග්‍රෙගරි හඳුනා ගන්න ලැබුණා. දවසක් මයුරි මට කිව්වා ආසියාතික කාන්තාවක් විවාහ කරගන්න ඇය දන්න මිතුරෙක් කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒ අනුව ඇය මට බල කළා මේ මිතුරා බලන්න යන්න. දවසක් මයුරිත් මමත් ඔහුගේ නිවෙසට ගියා. අපි දෙන්නාට ඉහළම තත්ත්වයේ භෝජන සංග්‍රහයක් ග්‍රෙගරි සූදානම් කරල තිබුණා. කෑම මේසය හරිම විචිත්‍රවත්.
ඒ හමුවේදී තමයි මම ග්‍රෙගරිව මුල්වරට දැක්කේ. ඊට පස්සේ අපි කීප වතාවක්ම මගේ මිතුරිය සමඟ ගොස් ඔහුව හමුවුණා. ඔහුත් සමඟ ප්‍රිය සම්භාෂණ කීපයකට සහභාගි වුණා. පසුව මා ඔහුව තනිවම හමු වුණා. මා පිළිබඳ තමා තුළ තියෙන කැමැත්ත ග්‍රෙගරි මට කිව්වා. මම ලංකාවේ කෙනෙක් කියල දැනගත්තාම ගොඩක් සතුටු වුණා. එයාගේ පවුලේ අයටත් මාව හඳුන්වලා දුන්නා. අපි දෙන්නට දෙන්නා හොඳට ගැළපුණා. අදහස් පවා එක වගෙයි. ග්‍රෙගරිටත් ඕනෑ කළා වැඩිකල් නොගොස් විවාහ වෙන්න. සාමාන්‍යයෙන් එහෙ හඳුනාගෙන ආශ්‍රය කළත් විවාහ වෙන්නෙ වසර දෙක තුනක් යනවා. ඒත් අපි දෙන්නා හඳුනාගෙන මාසෙකින් විතර විවාහ වුණා. 2011 දෙසැම්බර් මාසයේ නත්තල් දා ග්‍රෙගරි මා ගැන අදහස මට කිව්වා.
විවාහය වෙනුවෙන් ඔබට කවුද උදවු කළේ?
ලංකාවේ සිට එහෙ ගිහින් ඉන්න යාළුවෝ ගොඩක් උදවු කළා. නිව්යෝර්ක්වල ජනවාරි තිස් වැනිදා අපේ විවාහය නිමිත්තෙන් යාළුවෝ හැමෝටම ටී පාටියක් අපි දෙන්නා ලෑස්ති කළා. පෙබරවාරි පළවැනිදා අපි දෙන්නා ෆ්ලොරිඩා ගියා හනිමුන් එකට.
ඔබ ජීවිතයේ බලාපොරොත්තු වූ සහකරුවාම ලැබුණාද?
මම අදහන දෙයියො බුදුන් මට නියම කෙනා හොයල දුන්නා. ජීවිතේ හරිම පුදුමාකාරයි. මම ප්‍රාර්ථනය කළ කෙනාම මට ලැබුණා. ග්‍රෙගරි හරිම හොඳයි. හරිම කරුණාවන්තයි. ඒ වගේම හරිම සංවේදීයි. එයාගේ හිත හරි ඉක්මනට උණු වෙනවා. මට තියෙන්නේ පුදුම ආදරයක්. මගේ සිතුම් පැතුම්ම තමයි එයාටත් තියෙන්නේ.
නිව්යෝර්ක්වල ජීවිතය කොහොමද?
හරිම කාර්යබහුලයි. වියදමත් සැරයි. විවේකය අඩුයි. රස්සාවක් නැතුව එහෙ ජීවත් වෙන්න බැරි තරම්. විවේකය ගැන හිතන් නැතුව වැඩ කරන්න ඕනේ. මම ඉන්න ගෙට විතරක් ඩොලර් 1012 ක් ගෙවනවා.
හදිසිය්ම ලංකාවෙන් යන්න වූ හේතුව මොකක්ද?
මේ රටේ සමාජ සංස්කෘතික හැදියාවට ගරු කරන කෙනෙක් මම. ඒක නිසාම මම විදේශගත වී පදිංචිවීමට අදහස් කළා. මගේ අයියාගේ බිරියගේ මව වූ විජේසේකර ඇන්ටි මට කිව්ව දෙයක් තමා සුමනා ඔයාගේ තියෙන ගතිගුණවල හැටියට පිටරට කෙනෙක්ව බඳින එක තමයි හොඳ කියලා. ඒ වගේම මට නොයෙක් අයුරින් රඟපෑම ගැන සමහරු අපවාද නඟන්න වුණා. මෙවැනි දේ නිසාම මම රටෙන් යන්න සිතුවා.
අමෙරිකාවේ ඔබ නැවතුණේ කොහොමද?
මම රඟපෑ ‘චෙරියෝ සාජන්’ නාට්‍යය එහි රැගෙන ගියා පෙන්වන්න. ඒ රටේ කට්ටියක් තමයි නාට්‍යය සංවිධානය කළේ. මගේ යාළුවෙක් එහෙ හිටියා. ඇය කිව්වා මට රස්සාවක් හොයලා දෙන්නම් එහෙ නවතින්න කියලා. ඒ අනුව මම එහෙ නතර වුණා. අනෙක් පිරිස ආපසු ආවා. මගේ යාළුවා පාරෙ යන හැටි කියලා දුන්නා. කෝච්චියේ යන හැටි කියලා දුන්නා.
එහෙ ඔබ කරන රැකියාව මොකක්ද?
වයසක වැඩිහිටියෙක් බලා ගැනීම. උපස්ථායක රැකියාව, මට ඉහටත් උඩින්. ඒ රටේ දෙමාපියන් බලා ගැනීම දරුවන්ට අපහසු කටයුත්තක්. රැකියාව මත තිබෙන අවිවේකී බව නිසාම තම දෙමාපියන් රැක බලා ගැනීම සඳහා ඔවුන් උපස්ථායක කෙනකුගේ සේවය අපේක්ෂා කරනවා. මේ සඳහා බිහි වූ විවිධ ආයතන තිබෙනවා. ඒ වගේම පෞද්ගලිකවත් යොමුවෙන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයක් තියලා එයින් සමත් විය යුතු වෙනවා. තමන්ට මේ සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් ආදිය විශේෂයෙන් වැදගත් වෙනවා. ඔවුන්ව රැක බලා ගැනීම ආදිය පිළිබඳ ලබා තිබෙන පුහුණුව පිළිබඳ විශේෂ අවසර පත්‍රයක් පවා ලබා ගත යුතු වෙනවා. මේ රැකියාවේ තියෙන භාරධූර කාර්ය වගේම තිබෙන වගකීමත් ඉතා ඉහළයි.
අද ඔබ ලංකාවට පැමිණියාම ඒ කාර්ය කවුරුන් අතින් ද සිද්ධ වෙන්නේ?
රැකියාවේ තියෙන වගකීම අනුව අපිට ඕනෑ වෙලාවට යන්නත් ඒක දාල එන්නත් බෑ. දාලා ආවොත් දාලා ආවමයි. ආයෙ අපි එනකන් බලා ඉන්නේ නෑ. ඒ නිසා මම නැවත එනකන් මම හොඳීන් හඳුනන මෙවැනි දේ පිළිබඳ දැනුමක් තියෙන සිංහල කාන්තාවක් මා නැවත පැමිණෙන තුරු යොමු කරලයි ආවේ.
ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද?
මගේ සැමියාගේ පවුලේ අය, අම්මා, නංගි, අක්කා, තාත්තා මට ගොඩක් ආදරෙයි. ඒ අය මට නිතර කියන්නේ එයාලත් එක්කම ඉන්න කියලා. මගේ අම්මට මම ගොඩක් ආදරෙයි. අදටත් ඇයව මගේ සහෝදර සහෝදරියන් හොඳට බලා ගන්නවා. ඒත් මම කැමැතියි අම්මවත් එහාට ගෙන්නා ගන්න. මගේ කියල තියෙන දෙයක් විකුණලා දාලා ස්ථිර පදිංචියට මම එහේ තෝරා ගන්න හිතා ඉන්නවා.
ආයෙත් ඔබ ලංකාවෙන් යන්නේ?
දෙසැම්බර් දහ වැනිදා මම යළිත් අමෙරිකාවට යනවා.
අමෙරිකාවේදී රඟපෑමට යොමු වුණේ නැද්ද?
එහෙදි මම විවිධ රැකියා හයක් විතර කළා. වෙළෙඳ දැන්වීම් දෙකකට රඟපෑවා. ඒ රටේ රූපවාහිනිවල මගේ දැන්වීම් ප්‍රචාරය වුණා. එයින් මට මුදලකුත් ලැබුණා.
ලංකාවේ ගත කරන කෙටි කාලය තුළ කවුරුන් හෝ රඟපෑමකට ආරාධනා කළොත්?
රඟපාන්න නම් සතුටුයි. ඒත් මේ කෙටි කාලයට මට තිබෙන වැඩ ප්‍රමාණය අධිකයි. සැමියාට වුණත් අපේ භාෂාව රට තොට නුහුරුයි. ඔහු වුණත් මුල්වරට තමයි මේ ආසියාතික රටකට ඇවිත් තියෙන්නේ. මේ දින කීපයේදී මම උත්සාහ කරන්නේ සැමියාට අපේ රටේ තියෙන සුන්දරත්වය අත්විඳින්න එක්කන් යන්න. එයා හරිම ආසයි අලි බලන්න. මම එන්නත් කලින්ම කිව්වා පින්නවල එක්කන් යන්නම් අලි බලන්න කියලත්.
සැමියා ඔබව නිළියක් විදියට ද සාමාන්‍ය බිරිඳක් විදියට ද දකින්න කැමැති?
දෙවිදියටම ඔහු කැමැතියි. මම රඟපානවට වුණත් ඔහු කැමැතියි. මම කැමැති නම් රඟපාන්න වුණත් ඔහු මට අවසර දීලයි තියෙන්නේ.
දීර්ඝ කාලයක් කලාවෙන් බැහැර වීම නිසා අද ඔබෙන් රසිකයෝ ඈත්වෙලා ඇති නේද?
මම රඟපෑ චිත්‍රපට අදත් හෝල්වල පෙන්වනවා. රූපවාහිනියේ විකාශය වෙනවා. මේවා නරඹපු ප්‍රේක්ෂකයෝ මට කතා කරලා තියනවා. ඒක මට ලොකු ආඩම්බරයක් මාව අගය කරන එක ගැන. හුඟක් රසිකයෝ මාව ෆේස් බුක් එකෙන් හමු වෙනවා. මම මුලින්ම ෆේස් බුක් එකට ඇතුළත් වුණේ මාජි ෆනෑන්ඩු නමින්. මගේ පින්තූර දැක්ක රසිකයෝ මගෙන් අහලා එවල තිබුණා ඔයා සුමනා ගෝමස් නේද කියලා. ඒ තරමටම මාව හඳුන ගත්තු මගේ රසිකයෝ පිරිසක් අදත් මට ඉන්නවා.
නැවතත් ලංකාවට එනවා නම් මේ වගේ දීර්ඝ කාලයකට පස්සේද එන්න අදහස් කරන්නේ?
සමහර විට මෙහෙ තියෙන වැඩ නිරාකරණය කරගන්න සැමියා නැතත් මම හරි සමහර විට ඇවිත් යන්න එන්න පුළුවන්. නිව්යෝර්ක්වල ඉඳල ලංකාවට එන්න ඩිරෙක් ෆ්ලයිට් නෑ. ඩුබායිවලට ඇවිත් එතනින් තමයි ලංකාවට එන්න ඕනෑ. ගමනට විතරක් පැය දහනමයක් විතර යනවා. එක දිගට ඒමත් හරිම කර්කෂයි.
දීර්ඝ කාලයකට පස්සේ මව බැලීමේ පරමාර්ථයෙන් ආ මේ ගමනේදී අම්මා ඔබ යළිත් විදේශ ගතවෙනවාට කැමැතිද?
ගුවන් තොටුපළේ සිදු වූ ප්‍රමාදය නිසා දහවල් වී තමයි මට අම්මාගේ ගෙදරට එන්න පුළුවන් වුණේ. මම දන්නා හිමි නමකට පවසා පිරිත් කියා නූල් බැඳ තෙරුවන්ගේ ආශිර්වාදයත් ලබාගෙන තමයි අම්ම බලන්න ගියේ. මගේ ගමනේ මුල්ම කටයුත්ත වුණේ අම්මා බැලීම. බුලත් අතක් අරගෙන අපි දෙන්නා අම්මා ළඟට ගිහින් වැඳලා මගේ සැමියාත් හඳුන්වලා දුන්නා. අම්මට සතුටුයි වගේම දුකත් තිබුණා. අපි දෙන්නට දෙන්නා හොඳටම ඇඬුවා. මම කිව්වා අම්මා මාව මේ ලෝකෙට බිහිකළ නිසා තමයි මම මේ වගේ ජනප්‍රියත්වයක් ලැබුවේ. මේ වගේ හොඳ ගති ගුණ තියෙන සැමියෙක් මට ලබන්න වැසනාව ලැබුණේ කියා. අපි දෙන්නාගේ වෙඩින් ෆොටෝ එකත් අම්මා අතට දුන්නා.
ඔබෙත් සැමියාගෙත් දවස ගෙවෙන්නේ කොහොමද?
අපි දෙන්නම කාර්යබහුලයි. ග්‍රෙගරිත් මමත් උදේම වෝක් කරන්න යනවා. ඊට පස්සේ අපි දෙන්නා වැඩට යනවා. මට කලින් එයා ගෙදර එනවා. එයා තමයි ගෙදර උයන්නේ. හරි රසට ග්‍රෙගරිට උයන්න පුළුවන්. අවුරුදු නමයක් විතර ඉඳල ඔහු සුපවේදියෙක් ලෙස වැඩ කරනවා. මම කලින් ආපු දවසට නිවාඩු දවස්වලට මම අතින්ම තමයි කෑම සැකසෙන්නේ, අපේ සිංහල ක්‍රමයට. මම හදන කෑම රස බලන්න ඔහු ගොඩක් කැමැතියි.
විදේශ ගතවුණාට පස්සේ අපේ චිත්‍රපට, ටෙලි නාට්‍ය එහෙම ඔබට නරඹන්න අවස්ථාවක් නොලැබෙන්න ඇති නේද?
ඕනෑම සිංහල චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් එහෙදි බලන්න පුළුවන්. මම රඟපාපු චිත්‍රපටත් වෙළෙඳ පොළේ ඩී වී ඩී හැටියට තියෙනවා. මම ඉන්ටනෙට් එකෙන් සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍යය නරඹනවා.
සිංහල සිනමාවේ ඔබ කළ කැප කිරීම ගැන අද පසුතැවීමක් නැද්ද?
මම කලාවට ගොඩක් ආදරෙයි. පුංචි කාලෙ මම ආශා කළේ හෙදියක් වෙන්න. ටිකෙන් ටික ලොකු මහත්වෙන කොට ආශා කළේ පොලිස් කාන්තාවක් වෙන්න. ඊටත් පස්සේ ආශා කළේ නිළියක් වෙන්න. දහසක් දෙනාගේ ඇනුම් පද විවේචන මධ්‍යයේ මම ඉදිරියට ආවා. ඒ ගමන එන්න මගේ රසිකයෝ මාව දිරිමත් කළා. රසිකයන් හා මා අතර තියෙන ඒ නොබිෙඳන බැඳීම නිසා තමයි අදත් මට රසිකයෝ ගරු කරන්නේ. කොහේ ගියත් මට ආදරය දක්වන්නේ. ඔවුන් මට දක්වන ආදරය නිසාම මා ජීවිතයේ කළ කැප කිරීම ගැන මට තියෙන්නේ සතුටක්.
නිළියක් විදියට ඔබ තෘප්තිමත්ද?
‘හිත හොඳ සූරයෝ’ චිත්‍රපටයෙන් තමයි මට මුල් වරට ප්‍රධාන චරිතයක් ලැබුණේ. ඊට පෙර මා එක්තරා රාමුවක කොටු වෙලා රඟපෑවා. සුනිල් ටී. චිත්‍රපට සමාගම මාව ප්‍රධාන චරිත සඳහා යොදා ගනිමින් චිත්‍රපට කළා. ඒ හැම චිත්‍රපටයක්ම ආදායම් වාර්තා තබමින් සාර්ථක වුණා. මට තියෙන ඉල්ලුම වැඩි වුණා. වේදිකාවෙන් සිනමාවට ආපු නිළියක් ලෙස ජනප්‍රියත්වය ලබාගන්න මම චිත්‍රපටවල රඟපෑවේ නෑ. චිත්‍රපට නිෂ්පාදනය කියන්නේ බිස්නස් එකක්. ඒ බිස්නස් එකේදී නිළියෝ විදියට අපි කවුරුත් විකිණෙනවා.
ලිංගික ප්‍රවණතාව නියෝජනය කළ චිත්‍රපටවල ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් අනුරාගී චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔබ අනුගමනය කළේ ඇඟේ ඇඳුම් අඩුවන ප්‍රතිපත්තියක් නේද?
මම කළේ රඟපෑමක් විතරයි. නිළියක් විදියට චරිතයට අවශ්‍ය ලෙස මා අඩ නිරුවත් චරිතයක් රඟපෑවත් නිරුවත් චරිත මා කිසි විටෙකත් රඟපෑවේ නෑ. නිරුවත් චරිත රඟපාන්නෙත් නෑ. ආශාවට අඩ නිරුවත ප්‍රදර්ශනය කරන්න තරම් මානසිකත්වයක හිටිය නිළියකුත් නොවෙයි මම. වැඩිහිටියන්ට පමණයි ලේබලයේ ආ රැල්ලට මටත් විශාල ඉල්ලුමක් ආවා. මට ආදරය කළ සිනමා පේ‍්‍රක්ෂකයෝ මගෙන් බලාපොරොත්තු වුණේ ඇඳුම් වැඩියෙන් නොවෙයි, අඩුවෙන්. ඒ බලාපොරොත්තුව සුන් කරන්න මම කැමැති වුණේ නෑ. මගේ රඟපෑම දැකලා ඒ අය තෘප්තියක් ලැබුව නම් ඒක තමයි මගේ සතුට, තෘප්තිය.
සිංහල සිනමාවේ කිරුළක් දරන නිළියක් නේද ඔබ?
මම රඟපෑවොත් ඒවා නිල් චිත්‍රපට. විචාරකයන්ගේ සාක්කුවේ සිටි නිළියෝ රඟපෑවොත් ඒවා සම්භාව්‍ය චිත්‍රපට. එහෙම මතයක් ගොඩ නැගුණු යුගයක මටත් කිරුළක් හිමි වුණා. අපේ සිනමාවට සක්විතිලා එක්කෙනයි. ආයෙ එහෙම වෙන කවුරුවත් නෑ. නිළි රැජනත් එක්කෙනයි. ඒ තැන කාටවත් ගන්නත් බෑ. මගේ සිනමා ගමනේ මට හිමි වෙලා තියෙන සරාගී නිළි රැජන නාමයත් මට විතරයි. සිංහල රිදී තිරයේ ගිනිසිළුව ලෙස මා හැඳින්වීම ගැන මට පසුතැවීමක් නෑ, සතුටක් මිසක්. එය මා ලැබූ නම්බු නාමයක් ලෙසයි මා සලකන්නේ.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මට අවලාද නැගුවත් මම කාටවත් අවලාද නැගුවේ නෑ. මට කියන්න තියෙන දේ මම සෘජුවම කිව්වා. ඒ මගේ හැටි. ජීවිතය හරි පුදුමයි. කල් යල් ගිහින් මට ජීවිතයේ හිමිකාරයා ලැබුණා. ඔහුත් සමඟ මැරෙන තුරු සතුටින් ජීවත්වීම මගේ එකම පැතුම වගේම අන් ගැහැනියක් සේම මාත් මවක් වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනයත් මා අදහන දෙවියෝ, බුදුන් මට ඒකාන්තයෙන්ම ලබා දෙයි.

READ MORE - මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්

කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයි

Tuesday, November 27, 2012

Sarasaviya

කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයි

අනූෂා සොනාලි වේදනාවෙන් කියන කතාව
බන්ධනාගාර කැරැල්ලට අනූෂා ගේ නම ගෑවිලා?
මෑත වකවානුවේ කලා කටයුතුවලින් තොරව පුවත් මවන්නන් අතර නළු නිළියන්ට හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයකි. පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල සමඟ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය නිළියක සම්බන්ධ වීම මීට නුදුරුම උදාහරණයයි.
බන්ධනාගාරයේ කැරැල්ලේ ප්‍රධානියකු වූ මාලන් නමැත්තකුගේ බිරිය ලෙස අනූෂා සොනාලි සම්බන්ධ කර පළ වූ ප්‍රවෘත්ති පසුගියදා අපට අසන්නට මෙන්ම දකින්නට ලැබුණි. විද්‍යුත් මාධ්‍යයේ, මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම අන්තර් ජාලයේ වෙබ් අඩවි හරහා ද මෙම ප්‍රවෘත්තිය ඉතා උණසුම් ලෙස පළ වී තිබුණි.
මේ ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත කුමක්ද යන්න සෙවීමට අනූෂා සෙනාලි සමඟ කළ කතාබහක් මේ.
* පසුගියදා මාධ්‍ය තුළින් ඔබට අතිශය පුළුල් ප්‍රචාරයක් ලැබුණා. මාලන් නමැත්තා ඔබේ සැමියා ලෙස එහි සඳහන්ව තිබුණා.
ඔව් . . . මේ ප්‍රවෘත්තිය මට මුලින්ම කිව්වේ මගේ මිතුරෙක්. පුවත්පත්වල, රේඩියෝවල, රූපවාහිනිවල වගේම වෙබ් අඩවිවලත් මේ ප්‍රවෘත්තිය පළ වී තිබෙනු දැක මං අතිශය කණගාටුවට පත් වුණා.
මගෙයි මාලන් කියන පුද්ගලයාගෙයි සබඳතාවය නැතිවෙලා දැන් ගොඩාක් කල්. මේ පුද්ගලයාගේ උප්පැන්න සහතිකේ නම් දෙකක් තිබෙනවා. එකක් තමයි මලින්ද නිලේන්ද්‍ර පැල්පොල. අනෙක් නම මාලන් මේනක පැල්පොල. වෙනත් නම් කියන තීරුව යටතේ තමයි මාලන් මේනක පැල්පොල කියන නම සඳහන් වෙලා තිබෙන්නේ. මම කසාද බැන්දේ මාලන් මේනක පැල්පොල. ඒත් ඊට ඉස්සර වෙලා ඔහු අනෙක් නමෙන් විවාහ වෙලා ඉඳල තිබෙනවා. ඒ අනුව බලද්දී මගේ විවාහය නීත්‍යානුකූල එකක් නෙවෙයි.
වසර කිහිපයක ඉඳල අපි අතරේ කිසිම සබඳතාවයක් තිබුණේ නැහැ. ඔය පුද්ගලයා බන්ධනාගාර ගතවෙලා ඉන්න කොට මම කවදාවත් ගිහිං නැහැ. බන්ධනාගාර පොත්පත්වලින් ඒක පරීක්ෂා කරල බලන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඒත් මාධ්‍ය මේ සිද්ධිය සඳහන් කරලා තිබුණේ තවමත් මේ පුද්ගලයා මගේ සැමියා විදියට.
මගෙන් අයින් වෙලා මේ පුද්ගලයා තවත් පවුල් ජීවිතයක් ගත කළා. ඒ පවුලට ළමයෙකුත් ඉන්නවා. ඉතිං ඇයි මාධ්‍ය මේ පුද්ගලයාගේ නියම බිරිඳ ගැන සඳහන් නොකර මාව සම්බන්ධ කර ගත්තේ කියන එක මට ප්‍රශ්නයක්. මේ සිද්ධියට මම අදාල නැහැ. කෙටියෙන්ම කියන්න තියෙන්නේ එච්චරයි.
හැබැයි මේ වගේ සිද්ධිවලින් මගේ හිත දැන් තදින්ම රිදිල තියෙන්නේ. කොයි වෙලාවක හරි බැරිම තැන මං සියදිවි හානි කර ගත්තොත් මේ මට මඩ ගහපු මාධ්‍ය ඊට සෘජුවම වගකිව යුතුමයි.
මම හිතන්නේ මේ ලියන අයට මේ සිද්ධිය ගැන මිට වඩා හොයන්න තිබුණා. සිද්ධියට අදාල කෙනාගේ පෞද්ගලික ජීවිතය ගැන හොයල ලියුවනම් බිරිඳ ලෙසට සඳහන් විය යුත්තේ දැන් ඉන්න බිරිඳගෙ නම මිසක් මගේ නම නෙවෙයි. මේක තමයි ඇත්ත කතාව.
ඔබ පසුගිය කාලේ නිර්මාණවලට දායක වුණේම නැහැ. කලකිරීමකින් ද ඉන්නේ?
මං කවදත් පස්සෙන් ගිහිං නිර්මාණ ඉල්ලගෙන සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ ප්‍රතිපත්තිය අදටත් එහෙමමයි. පහුගිය කාලේ සංගිලි චිත්‍රපටයට ආරාධනා ලැබුණා. ඒක කළා. කුපාඩියා චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ආරාධනා ලැබුණු වැඩවලට සම්බන්ධ වෙලා වෙනදා වගේ සතුටින් වැඩ කළා.
ඒ ඇරෙන්න නිර්මාණ හොයා ගෙන ගිහිං රඟපාන්න මට උවමනාවක් නැහැ. අනෙක දවස් කුලියටයි දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ. දවසට ගෙවල සතියක වැඩ ගන්න විදියට තමයි දැන් හැදිලා තියෙන්නේ. එහෙම නිර්මාණ කරනවට වඩා හොදයි මං දරුවත් එක්ක ගෙදරට වෙලා ඉන්නවා.
* කාලෙන් කාලට ඔබේ නම උඩට එනවා නේද?
ඔව් . . . කිසිම වැඩක් නැති කාලකන්නි කාට හරි මොනව හරි කරන්න හොය හොයා ඉන්නවා. පහුගිය කාලේ ෆේස් බුක් එකේ මගේ නමට තුන්හතර දෙනෙක් හිටියා. ඒ අතර ඇත්ත නමින් මමත් හිටියා. බොරු නම්වලින් හිටපු කාලකන්නි ෆේස් බුක් හරහා මගේ නම වනසන්න කටයුතු කළා. මේ වැඩ කරන පිරිස් දන්නේ නෑ ඒ අයත් මේ ලෝකෙට බිහි වුණේ අම්ම කෙනෙකුගෙන් බව. තමන්ගේ අම්මත් ගෑනියෙක් කියල. ඒ නිසා අහුවෙන අහුවෙන බොරු දේවලින් අපිව වනසල දාන එක තමයි උන්ගේ රාජකාරිය.
ඊට ඉස්සර වෙලා මගේ නමට සමාන නිළියක් කියන කෙනෙකුගේ අයුතු ක්‍රියා කලාපයක් සම්බන්ධව මගේ නම පැටලුණා. මේ වෙලාවල්වලදී කවුරුත් මේ කතා ගැන හොයල බැලුවේ නෑ. නිකම්ම ලිව්වා.
මට නොතේරෙන්නේ ඇයි මේ කිසිම හොයා බැලීමකින් තොරව මේව ලියන්නේ, ප්‍රසිද්ධ කරන්නේ කියන එක.
* මේ කළකිරීම් එක්ක නිර්මාණ ජීවිතෙන් ඈත් වෙන්න තීරණය කරලද ඔබ ඉන්නේ?
අපෝ නැහැ. හොඳ නිර්මාණයකට මගේ වටිනාකමට කතා කළොත් මං සම්බන්ධ වෙනවා. ඒ ඇරෙන්න හොය හොයා නිර්මාණ කරන්න මට උවමනා නැහැ.
අවසානයේ ඔබට මොනවද කියන්න තියෙන්නේ?
ඇත්තටම මේ සිද්ධියට මාව සම්බන්ධ කර ගැනීම වැරැදි ක්‍රියාවක්. ඒ නිසා මේක නිවැරැදි විය යුතුයි. මීට පස්සෙවත් මේ වගේ ප්‍රචාර කරන කොට හොයල බලල හරි දේ ප්‍රචාරය කළොත් හොඳයි.


READ MORE - කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයි

දේපළ හරිහම්බ නොකළාට සැනසිල්ලේ ජීවත් වෙනවා

80 පිරුණු අයිවෝ ඩෙනිස් කියයි

ඔබට දැන් අවුරුදු 80 ක්...
ඔව්. මං උපන්නේ 1932 මැයි 28 දා. අසූව පිරිලත් ටිකක් කල්. හරියටම කිව්වොත් ප්‍රසංගය පැවැත්වෙන්නෙ අවුරුදු අසූවකුත් හය මාසයක් පිරෙන දවසෙ.
ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ...
ළතැවිල්ලක් නැහැ. වස්තුව දේපළ හරි හම්බ නොකළට මං සැනසිල්ලෙ ජීවත් වෙනවා. ආවෙ හෙමින් ගමනක්. වෙනස් ගමනක්. මිල මුදල් මත්තේ හඹා යන්න මං සංගීතය අවිචාරවත් ලෙස පාවිච්චි කළේ නැහැ. ඒ නිසාම තවමත් ගෙවන්නෙ අල්පේච්ඡ - සරල ජීවිතයක්. ඒ තුළ සැනසීම තියෙනවා.
ඒ කියන්නෙ ඔබේ ගුරු සුනිල් සාන්තයන් සේම ඔබත් සංගීතයෙන් හැදුණ කෙනෙක් නෙවෙයි...
ඔව්. මං ඒ ජීවන පාඩම ඉගෙන ගත්තෙ ඒ උත්තම ගුරුතුමාගෙන්.
ඇයි මේ ප්‍රසංගය, ‘කුරුලු පාරාදීසයේ..’ ලෙස නම් කළේ.
ඒ තමයි මං මුලින්ම ගැයූ ගීතය. 1956 වසරේ සංගීත වැඩසටහනකට. ඒ අනීතාවර්ජනය නිසයි ප්‍රසංගයට මේ නම යොදා ගැනුණෙ.
ඔබේ සංගීත ජීවිතය සහ සුනිල් සාන්තයන් යනු ගසට පොත්ත මෙන් බද්ධ වූ අතීතයක්...
ඔව්. එතුමා සමඟ මගේ ඇසුර පටන් ගැනෙන්නේ 1946 වසරෙන්. එතුමා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේ 46 අවුරුද්දේ. ගුවන් විදුලියේ සංගීත වැඩසටහන් කරන ගමන් සංගීත ගුරුවරයෙක් ලෙසත් වැඩ කළා. ඔය කාලේ තමයි මම, ‘ආධුනික පැය’ වැඩසටහනට සුනිල්, සාන්තයන්ගෙ ‘වරෙන් හීන් සැරේ රිදී වලාවේ...’ ගීතය ගායනා කළේ. මේ ගීතය අහපුවම එතුමා මා ගැන හොයලා. පැටි‍්‍රක් දෙනිපිටියත් එතකොට ඔහුගේ සංගීත පන්තියේ ගෝලයෙක්. පැට්‍රික් මාව දන්නවා කිව්වම ‘බලන්න ආසයි ඒ ළමයා එක්ක එන්න...’ යි කියලා. ඒ හමුවීම තමයි, එතුමා මියෙන තෙක්ම අප අතර දැඩි බැඳීමක් ඇති කළේ.
මම ඔහුගේ ගෝලයෙක් වුණා. ඒ මඟ ගියා.
ඊට ඔබේ දෙමව්පියෝ කැමැති වුණාද...
මීගමුව මාරිස්ටෙලා සහ ලොයෙලා කොලේජ් එකේ ඉගෙන ගත් මම, දැඩි ආගමික පසුබිමක හැදුණු කෙනෙක්. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ මම වගේම මගේ තාත්තත් හිටියා. නමුත් සුනිල් සාන්තයන් මට ආරාධනා කළාම සංගීත අංශයෙන් ගමනක් යනවට අම්මා - තාත්තා දෙන්නම විරුද්ධ වුණා.
නමුත් සුනිලුන්ගේ සංගීතයේ ඇති සුවිශේෂී බව, වෙනස් ආර වටහා දී අමාරුවෙන් කැමැත්ත ගත්තා. ඔහු තනු නිර්මාණය කළ රන් වලාව, පංච මධුර, සීගිරි ගී, මධුර මධූ වැනි සංගීත වැඩසටහන් සියල්ලෙහිම ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගී සිය ගණනින් අදත් ගුවන් විදුලියේ තැටි ගබඩාවේ ඇති. සමහරවිට අප මැරිච්ච දාට ඒවා එළියට එයි. අසන්නට ලැබෙයි.
ගුවන් විදුලියේ ඔබේ ගීතවලට කෙනහිලිකම් සිදුවන හැඩයි...
මම කිව්වේ සිදුවන දේ. අප වැනි පෙර පරපුර ගායනා කළ, එකල අතිශය ජනපි‍්‍රය වූ ගීත මොනතරම් ප්‍රමාණයක් ගුවන් විදුලිය සතුව තිබෙනවද... නමුත් ඒවා ප්‍රචාරය කරන්නේ නැහැ. මේවා ඉතින් සදහටම නෑසුණු ගී බවට පත්වෙයි.
සුනිලුන්ගේ ගී ආර මොන තරම් මනරම්ද... මා වශීකෘත වූයේ කලබලයක් නැති ඔහුගේ ඒ විරල – අපූරු ප්‍ර‍්‍රභාවත් ගී හඬට.
ඔබටත් ඒ හඬ එසේම පිහිටලා...
ඒ ගැන මට තිබෙන්නේ ආඩම්බරයක්. සතුටක්. එය මා හිතා මතා අනුකරණය කරන හඬක් නොවේ. මා ඔහුව දැකවත් නැති ළාබාල තුරුණු වියේ පටන්මයි ඒ ගී ආරට පෙම් බැන්දේ. දෛවය ඒ හඬටම සමාන හඬක් මට ලබා දුන්නා. අද ප්‍රසංගයකට ගියත් මාධ්‍යයට ගීයක් ඇරැයුම් ලැබෙන්නෙම සුනිල් සාන්තයන්ගේ ගීත ගායනාවට. ගුරුතුමාගේ හඬ ජීවමානව අහන්නට කැමැති සහෘද ජනතාව වෙනුවෙන්, ගෝලයකුට එසේ ගායනා කරන්න ලැබීමත් වරමක්. මං ඒ ගැන හරි සතුටුයි.
කලෙකින් ඔබ මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නේ...
මෙය මා විසින් කරන දෙයක් නෙවෙයි. සුනිල් සාන්ත සමාජය සමග සිරස නාළිකාව තමයි මේ ප්‍රසංගය සහ උපහාර උලෙළ සංවිධානය කරන්නේ. ගායනාවෙන් තවම පොහොසත් වුණාට මෙවැනි දෙයක් කරන්න තරම් ආර්ථිකයක් මා සතුව නැහැ. ‘පැන්ෂන් ගුරු පඩිය’ අප ජීවත් කළාට එවැනි දේ පැන්ෂන් එකකින් හිතන්නත් අමාරුයි.
ඒත්, හොඳ වෙලාවට ඔබ ගුරු වෘත්තියේ යෙදුණේ...
ඒක ඇත්ත. 1959 පටන් තිස් පස් වසරක් මම සංගීත ගුරුවරයකු සේ කටයුතු කළා. විශ්‍රාම ගියේ වත්තල ශාන්තා ආනා විදුහලින්.
වෘත්තියෙන් ගුරුවරයෙක් නොවුණා නම් අද මේ පැන්ෂන් එකත් නැහැ. මගේ බිරියත් මමත් කාටවත් බරක් නොවී ලද දෙයින් සතුටු වන අය.
ඒත් ජනාධිපතිතුමා ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට සලකනවා. ඔබ යමක් නොඉල්ලුවෙ...
ඔව්. මමත් දැක්කා හරූන් ලන්ත්‍රාට ගෙයක් එහෙම ලැබුණා කියල පත්තරේ දාලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට තෑගි බෝග එහෙමත් දුන් බව දැක්කා. මේවා ඉතින් හොඳ වැඩ.
අද ඔබේ කල දවස ගෙවෙන්නේ...
ඉස්සර වගේම පාන්දර හතරහමාරට නැඟිටිනවා. කුස්සියට ගිහින් තේ හදනවා. රස්සාවට යන දූට කෑම හදන්න උදව් වෙනවා. පල්ලියේ ගීතිකා කණ්ඩායම් පුහුණු කරනවා. විද්‍යුත් මාධ්‍යයේ ආරාධනා ලදොත් ගායනා කරනවා.
මේ ප්‍රසංගයේ ඔබ සමඟ මිණිබිරියත් ගායනා කරන බව කීවා...
ඔව්. මගේ දූ ගේ දූ. අවුරුදු හතහමාරයි එයාට. මේ ප්‍රසංගයේ එන රේඛාව චිත්‍රපටයේ මා ගැයූ, මර්සලීන් ජයකොඩි පියතුමා ලියූ, ‘අනුරාධපුර - පොළොන්නරුව සීගිරි මන බන්ධනීය කුලුනු පිළිම, බිතු සිතුවම් නෙක සිතුවිලි රංජනීය’ කියන විරිදු ආරේ ගීය ඈ මා සමඟ ගායනා කරනවා. මගේ දූ, ගීතා නිමාලි සහ පුතු තුසිත පින්සිරි දෙන්නම සංගීතයේත් ගායනාවේත් දක්‍ෂයි. නමුත් ඒ දෙන්නම සංගීතයට යොමු වනවාට මා කැමැති වුණේ නැහැ. දූ විවාහ වෙලා, පුතා තවම අවිවාහකයි.
මෙහි ඔබ සමඟ ගයන්නේ...
ගීත 22 ක් ගායනා කරනවා. මා ගීත 12 ක් තනිව ගායනා කරනවා. ඒවා මගේ සහ සුනිල් සාන්තයන්ගේ ගීත. ටී.එම්, එඩ්වඩ්, නෙලූ අධිකාරි, සුනිල් සාන්තයන්ගේ සෙසු ගීත ගායනා කරනවා. නවරත්න ගමගේ තමයි සංගීතය මෙහෙයවන්නේ. මේ දවස්වල අපි හැමෝම පුහුණුවීම්වල. බොහොම සුරම්‍ය රාත්‍රියක් ප්‍රේක්‍ෂකයාට විඳින්න සැලැස්වීමයි මගේ එකම බලාපොරොත්තුව.
ඉතින්, ඔබට දීර්ඝායු...
කවදාවත් නොමියෙන සුනිල්ගෙ හඬට පෙම් බඳින සුවහසක් රසිකයින් කරන ඒ ප්‍රාර්ථනාව, තව තවත් අපට දිරි දෙනවා. එයට පින්!
Silumina
READ MORE - දේපළ හරිහම්බ නොකළාට සැනසිල්ලේ ජීවත් වෙනවා

ශිහාන් උත්තර බඳී

Friday, November 16, 2012

සිරස සුපර්ස්ටාර්ස් වේදිකාවේ ගී ගැයූ ඔබ එහි පස්වැනි අදියරේ දී විනිශ්චයකරුවෙකු බවට පත්වෙලා. මොකක්ද මේ වෙනස.
සිරස සුපර් ස්ටාර්ස් විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මට බොහොම සතුටුයි ඒ ගැන. මම ආධුනිකයෙක් විදියට ඒ වේදිකාවේ ගායනා ඉදිරිපත් කළා. දැන් ඊට අවුරුදු අටකට පසුව ඒ වැඩසටහනේම විනිශ්චය මණ්ඩලයේ ඉන්න ලැබෙන එක ලොකු ආඩම්බරයක්. සිරස මා ගැන ලොකු විශ්වාසයක් තැබිම ගැන මම ස්තූතිවන්ත  වෙනවා.  අනෙක් කාරණය තමයි , නිරෝෂා විරාජිනි කියන්නේ මම ගීත ගායනා කරද්දී මාව විනිශ්චය කරපු කෙනෙක්.
ඒ නිසා ඒ වගේ ප්‍රවීණයොත් එක්ක එකම තලයක ඉඳගන්න ලැබිමත් ලොකු වාසනාවක් විදියටයි මම සලකන්නේ.
ඔබේ නිර්මාණ කටයුතු වල අලුත්ම තත්ත්වය ගැන ඇහුවොත්
මගේ තුන්වැනි ගීත ඇල්බමයේ වැඩ කටයුතු මේ වන විට අවසන්. මේ වසරේ  දෙසැම්බර් මාසේ අවසානයේ දී හෝ ජනවාරි මාසේ මුල් භාගයේ දී එය එළිදැක්වනවා. ඒ ඇල්බමයට මගේ ගීත 16 ක් ඇතුළත්.  උපේඛා නිර්මාණි සමග ගායනා කළ යුග ගීතයකුත්  ඊට ඇතුළත් වෙනවා.  මගේ තාත්තා සංගීතවත් කරපු එක ගීතයකුත් , ජිප්සීස් සංගීත කණ්ඩායමේ දුෂාන් ජයතිලක සංගීතවත් කළ ගීත දෙකකුත්, මේරියන්ස් සංගීත
අධ්‍යක්ෂණය කළ ගීත එකොළහකුත් ඒ අතර තිබෙනවා.  මගේම ශබ්දාගාරයක්  ආරම්භ කරන්නත් මේ වන විට සැලසුම් කරලා තියනවා. මේ දිනවල එහි වැඩ කටයුතු වලත් යෙදෙනවා.
රියැලිටි ගායන තරග සඳහා අපේ රටේ ප්‍රේක්ෂක අවධානය දැන් පහළ මට්ටමකට වැටිලා නේද?
මම සහභාගි වුණ “සුපර් ස්ටාර්ස්” පළමුවැනි අදියර හැමදෙනාටම අලුත් අත්දැකීමක් වුණා. ඊට ලැබුණු ප්‍රසාදය ජනප්‍රියත්වය ඉතා ඉහළයි. ඒ නිසා ඒ පළමුවැනි අදියරට සහභාගි වෙන්න ලැබිම අපට යම් වාසියක් වුණා. දෙවැනි අදියරටත් යම් පමණකට ඉහළ රසික  ප්‍රතිචාර ලැබුණා. නමුත්, ඉන්පසුව හැම නාලිකාවක්ම පාහේ රියැලිටි තරග පවත්වන්න පටන් ගත්තා. ඒ නිසා කාටත් වුවමනා වුණේ තරුවක් වෙන්නයි. ඒ නිසා ලංකාවේ ඉන්න කුඩා ජනගහනයෙන් 50 ක් විතර ඒ තරග වලට යොමු වෙද්දි, ඒවා නරඹන්න ඉන්න රසිකයෝ පිරිස අඩුවුණා. ඒ කාරණය නිසායි අද එවැනි තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ. එහෙම නැතිව එය ඒ වැඩසටහන් වල වරදක් නමෛයි.
ඔබ මීට පෙර  නාමල් උඩුගම සහ රෝයි පීරිස් යන ගායන ශිල්පින්ගේ ගීත දෙකක් නව සංගීතය මුසු කොට ගායනා කළා. ඔබ ගායනා කරන, ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ “සඳරේණු වෑහෙනා” ගීතයත් මෑතක සිට මාධ්‍යවලින් ප්‍රචාරය වෙනවා. මේ නිසා වෙනත් ගායකයන්ගේ ගීත ගායනා කරන බවට චෝදනාවක් ඔබට එල්ල වෙනවා නේද?
Shihan1චෝදනා එල්ල කරන්න හේතුවක් නැහැ. මොකද අයිතිකාරයෝ දැන ගෙනනේ, මම ඒ ගීත ගායනා කරන්නේ. ඒ ගීතවල අයිතිකරුවන්ගේ ඉල්ලීම්  තමයි මම ඉෂ්ට කරන්නේ.
ඒ සියලු ගීත ඔබ ගායනා කළේ අවසර ඇතිවද?
නාමල් උඩුගම, රෝයි පීරිස් , ප්‍රින්ස් උදය ප්‍රියන්ත මේ සියලු දෙනාගේ ඒ ගීතවල අයිතීන්, යම්කිසි ආයතනයකට පවරලා තිබෙනවා, ඕනෑම ගායකයකු ලවා ඒ ගීත ගායනා කරවන්න කියලා. ඒ ආයතනය තමයි මට ආරාධනා කළේ ඒ ගීත ගායනා කරන්න. ඒවාට අදාළ සියලුම නීතිමය ලියකියවිලි මා සතුව තබාගෙනයි මම මේ කතාකරන්නේ. එහිදී නාමල් උඩුගම පෞද්ගලිකවම මට කතා කරලා තමයි මම ඔහුගේ ගීතය ගායනා කළේ. ඒ අයගේ වුවමනාවට තමයි, මගේ හ¾ඩින් ඒ ගීත ගායනා කරවා ගන්නේ. නමුත් ප්‍රචාරය යන්නේ, මම ඒ ගීත අරගෙන ගායනා කරනවා කියලා. ඒ ගොල්ලන්ට තමයි ඕකෙ ආදායම ලැබෙන්නේ. මට මුලින් යම් ගෙවීමක් කළාම, මම ඒවා ගායනා කරනවා විතරයි.
නමුත් ඔබට චෝදනා එල්ලවන්නේ රිගින් ටෝන් සඳහා ලබාදීමේ අරමුණින් ඔබ ඒ ගීත ගායනා කරන බවටයි.
ප්‍රවීණයෝ ඇත්ත කාරණය කියන්න කැමති නැහැනේ. ඒ නිසා පහත් තැනින් වතුර ගලා යනවා වගේ මගේ කරපිටින් තමයි ඔක්කොම යන්නේ. ඔය රිගින් ටෝන්ස්වලට ගීත දාන්නේ මම නමෛයිනේ. වුවමනානම් හොයලා බලන්න “රෑ සිහිනෙන්” ගීතයේ සල්ලි යන්නෙ කාටද කියලා. ඒවා යන්නේ නාමල් උඩුගම, පද රචකයා ඇතුළු ඒ කණ්ඩායමට. ඒකෙන් මට රුපියලක් වත් ලැබෙන්නේ නැහැ. ඒ ගොල්ලො ප්‍රවීණයො හන්දා, ඒ බව කියන්න කැමැති නැහැ.
රෝයි පීරිස්ගේ “මා දෑසෙ වේදනා” ගීතය ඔබ ගායනා කළෙත් ඔහුගේ අනුදැනුම ඇතිවද?
ගායකයාට නමෛයිනේ ගීතය අයිති. යම් ආයතනයකට ගීතයක් විකුණලා තියනවා නම් ඒ ආයතනයට පුළුවන් ඒ ගීතය ගායනා කිරීමේ අවස්ථාව වෙනත් ගායකයෙකුට ලබාදෙන්න.  මගේ පළමුවැනි ඇල්බම් එක පවා එහෙමයි. මම මහරාජා ආයතනයට ඒක විකුණලයි මුදල් ගත්තේ. ඒ ආයතනයට ඕන නම් කවද හරි වෙනත් ගායකයකුට කියලා ඒ ගීතය ගායනා කරවා ගන්න පුළුවන්. ඊට පස්සේ මට කාලයක් ගිහිල්ලා කියන්න බැහැ, මගේ සිංදුව අරයා කියනවා, මෙයා කියනවා කියලා. මම ඔය ගීත තුනම ගායනා කරලා තියෙන්නේ ඔය සියලු දෙනා මට පවරලා  දීපු ලිපි ‍ලේඛන මගේ අතේ තියාගෙනයි. ගායකයෙක් විදියට මට පෞද්ගලිකවම කතා කරලා ගීතය පැවරුවේ නාමල් උඩුගම විතරයි. තුන් වැනි ගීතය ප්‍රින්ස් උදය ප්‍රියන්ත නිල්වලා ආයතනයට පවරලා තිබුණා. රෝයි පීරිස්ගේ ගීතයේ අයිතිය තියෙන්නේ, ඔහුගේම ගුරුවරයාට. එතුමා විසින් ඒ ගීතය යම් ආයතනයකට විකුණුවායින් පසුව තමයි, ඒ ආයතනය මගේ හඬ මිලදී ගත්තේ.
ඒ කටයුත්ත ගැන අඩුම තරමේ ඔහුව දැනුවත් කළේ වත් නැහැ කියලා රෝයි පීරිස් ඔබට චෝදනා කළා?
එයා ඒක ඒ ගීතය අයිති කෙනාත් එක්කයි කතා කර ගන්න ඕන. මාත් එක්ක කතා කරලා වැඩක් නැහැ. මගේ පළවෙනි ඇල්බම් එකේ “අද තනියෙන් මා”, “සෙව්වන්දියේ” වගේ ගීත කිසිවක් ගැන මහරාජා ආයතනය  මගෙන් අහන්න වුවමනා නැහැ, වෙනත් කෙනකු ලවා ගායනා කරනවා ගන්න. මොකද, ඒවා මම විකුණලා ඉවරයිනේ. නමුත් ඒක අහල කිරීමේ සදාචාරාත්මක බවක් නම් තිබෙනවා.
දැනටත් ගොඩාක්  ප්‍රවීණ ගායක ගායිකාවන් ඒ ගොල්ලන්ගේ ගීත ගායනා කරන්න කියලා මට ආරාධනා කරනවා. නමුත් අලුත් ඇල්බම් එකේ වැඩකටයුතු නිසා මේ දිනවල ඒ කටයුතු වල යෙදෙන්නේ නැහැ. මගේ ඇල්බම් එක නිකුත් කළාට පස්සේ සමහර විට මම ඒ ගීත ගායනා කරන්න ඉඩ තිබෙනවා.
නීතිමය අවසර ඇතිව වුවත්, තමන්ගේම ගීත තිබෙන ගායන ශිල්පියකු ලෙස ඔබ ඇයි වෙනත් ගායකයින්ගේ ගීත ගායනා කරන්නේ?
වෙන කිසිම හේතුවක් නමෛයි, ආර්ථිකමය වාසියක් බලාගෙනයි එහෙම කරන්නේ . ඒ ගීතවල මුල් ගායකයො කරන්නෙත් ඒවා විකුණන එක. මම කරන්නෙත් මගේ හඬ  විකුණන එක. අපිට රජයෙන්  විශ්‍රාම වැටුපක් ගෙවන්නේ නැහැ. ඒ වගේම ඔය කතා කරන මාධ්‍යවලින්වත් අපි වයසට ගියාම අපි ගැන බලන්නේ නැහැ.  මගේ වෘත්තීය කලාව. ඒ කලාව ඇතුළෙ හම්බ කරන්න තියෙන මාර්ගවල අනිවාර්යයෙන්ම අපි යා යුතුයි. අපි ගායනා කරන ගීත මාධ්‍ය වලින් ප්‍රචාරය වෙද්දී ඒවාට මුදල් ගෙවනවා කියන බොරු කතා, රිගිං ටෝන් සඳහා ගීත ලබා ගැනීමේ දී රවට්ටන රැවටිලි වගේ දේවල් මිස කිසිම කෙනෙක් කලාකරුවා ගැන බලන්නේ නැහැ. කලාකරුවෝ එකතු වෙලා පිහිටුවා  ගත්ත පදනම් වලින්වත් කලාකරුවො ගැන බලන්නේ නැහැ. ඒ ඔක්කොම කරන්නේ බොරු. දන්නවනේ ලංකාවේ කලාකරුවෝ වයසට ගියාම මොනවද කියන්නේ කියලා. ඒක ලංකාවේ වැරැද්ද. ඇත්තටම, ඒක වෙනස් විය යුතුයි. ඒ නිසා තමන් තනියම කරගත්ත දෙයක් තමයි කලාකරුවන්ට අන්තිමට ඉතුරු වෙන්නේ.

කිෂාන් කනංකෙ
Lakbima
READ MORE - ශිහාන් උත්තර බඳී

අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා

Saturday, October 20, 2012


අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා

රසාංගනී සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගලගේ ආදරණීය බිරිය
මෙවර ‘දෘෂ්ටිකෝණය’ විශේෂාංගය වෙන් වනුයේ අපේ රටේ අතිශය ජනප්‍රිය පුද්ගලයෙකුගේ ජීවිතය බෙදා හදාගන්නා ආදරණීය බිරියක් වෙනුවෙනි. ඔහු මේ රටේ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමයා යැයි කිව්වත් නිවැරදියි. එපමණක් නොවෙයි අපේ රටේ නවකතා කලාවේ, ගීත රචනා ක්ෂේත්‍රයේ මෙන් ම සිනමාවේ ද කිසියම් වූ විප්ලවීය වෙනසක් සිදු කළ අයෙක්. ඔහු උපුල් ශාන්ත සන්නස්ගල. මෙවර ‘දෘෂ්ටිකෝණය’ ට එක්වන්නේ ඔහුගේ ප්‍රිය බිරිය වන රසාංගනී ප්‍රදීපිකා සන්නස්ගලයි.
ඔබ උපුල් ශාන්ත සන්නස්ගලගේ බිරිය වන්නට කලින් ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම රසාංගනී ප්‍රදීපිකා කොඩිකාර. මගේ ගම ගාල්ල කොටුව. ඉගෙන ගත්තේ ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ. හත් දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා මමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ.
ඔබත් සන්නස්ගලත් අතර මුල් ම හමුවීම සිදුවුණේ කොහොමද?
මට මුලින් ම ඔහු හමුවුණේ විශ්ව විද්‍යාලයේදී. අපි දෙන්නම ඒ කාලේ කොළඹ විශ්ව විද්‍යාලයේ එකම වසරේ සිසුන්. මගේ යාළුවෙක් හිටියා ප්‍රියන්ති කියලා. එයා දවසක් මට උපුල්ව හඳුන්වලා දුන්නා. මෙයා තමයි උපුල් මෙයා පත්තරේට එහෙම ලිපි ලියන කෙනෙක් කියලා.
ඊට පස්සෙ ඔබ දෙදෙනා ප්‍රේමවන්තයින් වුණා ද?
ටික කාලයක් අපි යාළුවෝ විදියට ආශ්‍රය කළා. ඔහොම ඉන්න අතරේ දවසක් උපුල් මට එයාගේ ප්‍රේමය ප්‍රකාශ කළා. උපුල් සමඟ කරපු ආශ්‍රයේදී ඒ වෙනකොටත් මට දැනිලා තිබුණා අපි දෙන්නටම එකවගේ සිතුවිලි තිබෙන, එකවගේ හිතන ස්වරූපයක් තිබුණා කියලා. ඒ නිසා ඔහු මට ප්‍රිය මනාප පුද්ගලයෙක්
වෙලා තිබුණේ. මට හිතුණා ඔහු මට ගැළපෙනව කියලා. ඒ නිසා මමත් ඔහුට කැමැති වුණා.
ඔබ දෙදෙනා විවාහ වුණේ කවදාද?
1991 දී.
විවාහයෙන් පස්සෙ පදිංචි වුණේ කොහේද?
විවාහයෙන් පස්සෙ පන්නිපිටියේ කුලී ගෙදරක තමයි අපි දෙන්නා පදිංචි වුණේ. මම රැකියාවක් කළේ නෑ. උපුල් විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ ඉඳන් ම ටියුෂන් කළානේ.
විවාහ ජීවිතය ගත කරද්දී සන්නස්ගලගේ ගති ස්වභාව වෙනස් වුණා ද?
නෑ. එදා හිටිය උපුල්ම තමයි. හැබැයි ඔහු වගකීම් වැඩියෙන් දැරුවා. විවාහ වන තුරු ම මමත් ඒ තරම්ම සමාජයේ තැලී පොඩි වුණු අත්දැකීම් ඇති ජීවිතයක් ගත කළේ නෑ. ඒ නිසා ගෙදර බොහෝ වගකීම් එයා ගත්තා. ගෙදරට බඩු මුට්ටු ගෙන ඒම පවා. නමුත් දැන්නම් එයා ඒ සියල්ලම මගේ පිට පටවලා තිබෙනවා. අපේ ආදරයේ වෙනසක් නෑ. නමුත් එයා ගත කරන අතිශය කාර්ය බහුල ජීවිතය නිසා නිවාඩු පාඩුව අපි සියලු දෙනාටම එකට ඉන්න තිබෙන අවස්ථාව අඩුයි. නමුත් අපි සැහැල්ලුවෙන් නිදහසේ ජීවත්වෙනවා.
සැමියෙක් විදියට ඔහුගේ ඔබ දකින සුවිශේෂතා මොනවාද?
තමන්ගේ බිරිය කියලා ඔහු මට ඉතාම ඉහළින් ගෞරව කරනවා. ඒකට මම ගොඩක් ආසයි. මම දන්න බොහෝ සැමියන් ඉන්නවා තමන්ගේ බිරියට ගෞරව නොකරන. එවැනි ගෞරවයක් ඔහු මට පිරිනැමුවේ නැතිනම් මෙච්චර කල් මම ඔහුත් එක්ක ඉන්න එකකුත් නෑ.
ඔබලාගේ විවාහ ජීවිතයට දැන් වසර 21 කුත් ගතවෙලා. මේ ගෙවුණු කාලය ඇතුළත අඩදබර - ආරවුල් හිත් අමනාපකම් ඇතිවෙලා තිබෙනවාද?
අඩ - දබර නම් කවදාවත් ඇතිවෙලා නෑ. ඒත් හිත් රිදීම් අමනාපකම් නම් ඇතිවෙලා තිබෙනවා. බොහෝ විට එවැනි දේ ඇතිවෙන්නෙත් ඔහුගේ කාර්ය බහුල කම නිසාවෙන්. මට මතකයි අපි විවාහ වුණු මුල් කාලේ මගේ අක්කාගේ වෙඩින් එකට මට යන්න වුණේ තනියම. දැන් අවුරුදු තුනකට විතර උඩදි මගේ අම්මා නැති වුණා. මළ ගෙදරට ආවට හත් දවසෙ දානෙට එයාට එන්න බැරි වුණා. ඒ වගේ වෙලාවට එයා හිටියා නම් හොඳයි නේද? කියලා මට හිත් රිදීම් ඇතිවෙනවා. ඒ මොනව වුණත් ඉතින් ඔහුගේ කාර්ය බහුලකමත් මම අවබෝධ කරගෙන ඉන්නේ.
තාත්ත කෙනෙක් විදියට ඔහු දරුවන්ගේ යුතුකම් ඉටු කරන්නේ කොහොමද?
මම හිතන්නේ ඔහු ඒත් මටත් වැඩිය හොඳට ඉටු කරනවා කියලයි.
ඔහු හිතුවක්කාරයෙක්ද? කේන්තිකාරයෙක් ද?
කේන්ති යනවා නම් හරි අඩුයි. ඒත් දැන් මට හිතෙනවා බයිපාස් එකෙන් පස්සෙ ටිකක් කේන්ති යනවද කියලත්. හැබැයි ඔහු හිතුවක්කාරයෙක් තමයි.
READ MORE - අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා

ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා.

Sunday, October 14, 2012


මම ආසයි මෙහෙණියකගේ චරිතයක් රඟපාන්න

r5-1උත්පලා මධුෂානි සමඟ කතාබහක්
පසුගියදා විකාශනය වී නිම වූ සඳ සිත්තම් ටෙලි නාට්‍යයේ පින්තූර ගනිමින් නිතරම නුවර වැව වටේ යන ‘මතී’ ව ඔබට මතකද? සතියේ දිනවල සිරස ටී.වී. ඔස්සේ විකාශය වන යශෝධරා ටෙලි නාට්‍යයේ යශෝධරාගේ දුව “අංජලීත්” මේ “මතී” ම තමයි. මේ දවස්වල ඇය සෑහෙන්න කාර්ය බහුලයි.මතී, එහෙමත් නැත්නම් අංජලී හැටියට අපේ හිත්වල ලියවුණාට ඇගෙ හැබෑ නම උත්පලා මධුෂානි. මේ උත්පලා ‘රිද්ම’ ඔබ වෙනුවෙන් කතාබහකට එක් වූ අයුරුයි.

ඳ මුලින්ම ඔබ ගැන විස්තර ටිකක් කියමු.
මම උත්පලා මධුෂානි. මට මල්ලි කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා. මගේ තාත්තයි අයියයි විදේශයක රැකියාව කරන්නේ. මම අධ්‍යාපනය ලැබුවේ “කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ
r5-3
උත්පලාට කලා ක්‍ෂේත්‍රයට එන්න මග පෑදුනේ කොහොමද?
සිරස කුමරිය 2007 තරගයට මම ඉදිරිපත් පත්වුණා. ඒ තරගයට තරග කාරියන්     6000 ක් විතර ඇවිත් හිටියා ඒකෙන් මම අන්තිම හැටදෙනා අතරට තේරුණා. අවසානයේ මම ඒ තරගයේ ‘ඡවි’ කල්‍යානි විදිහට තේරුණා. ඒකෙන් පස්සෙ තමයි මට කලා ක්‍ෂේත්‍රයට පය තියන්න ලැබුණෙ.
ඔබගේ ප්‍රථම රංගනය ගැන සිහිපත් කළොත්
සිරස රූපවාහිනිය ඔස්සේ විකාශනය වුණ “පතිනි” ටෙලි නාට්‍ය මගේ ප්‍රථම ටෙලි නාට්‍ය කිව්වොත් නිවැරදියි. එම ටෙලි නාට්‍යයේ “පවනි” කියන චරිතය තමයි මං මුලින්ම රඟපෑවෙ.
ඉන්පස්සෙ
ඉන්පස්සෙ ඉසිවර රණකෙලි, ආදරණීය පූර්ණිමා සඳසිත්තම්, ආදරෙයි අහස තරම් , යශෝධරා නාට්‍ය වල රඟපෑවා. දැනට රඟපා තිබෙන ටෙලි නාට්‍ය අතුරින් වඩාත්ම කැමති චරිත දෙකක් තිබෙනවා. ආදරණීය පූර්ණිමා ටෙලි නාට්‍යයේ “සඳුනි” චරිතය වගේම සඳසිත්තම් ටෙලි නාට්‍යයේ “මතී” ගේ චරිතයටත් මම ගොඩාක් කැමතියි.
ඔබ නිවේදිකාවක් හැටියටත් කටයුතු කළා නේද?
ඔව්. මම සිරස ‘පතිනි’ ටෙලිනාට්‍යයේ රඟපෑවට පස්සෙ ස්වර්ණවාහිනියේ “රසලිය” කියන වැඩසටහනේ වසර දෙකක් නිවේදන කටයුතු කළා.
උත්පලා නිවේදන කටයුතුවලටද රඟපෑමටද වඩාත් කැමැති?
මට දැන්නම් නිවේදන කටයුතුවලට යෙදෙන්න වෙලාවක් නැතිතරම්. මම මගේ වැඩි කාලයක් යොදවන්නේ ටෙලිනාට්‍ය සඳහායි. මම වඩාත් කැමතියි රංගන කටයුතුවලින් ඉදිරියට යන්න. හැබැයි කාලය ලැබෙන විදියට නිවේදන කටයුතුවල යෙදෙන්නත් කැමතියි. 
මේ වකවානුවේ තිබෙන බොහෝ ටෙලි නාට්‍ය තුළ ඒකාකාරීභාවයක් දක්නට ලැබෙනවා. ඔයා මොකද ඒ ගැන කියන්නේ?
ඇත්තටම මම තවම නිර්මාණ කිහිපයකට පමණයි මගේ දායකත්වය ලබාදිලා තියෙන්නේ. ඉතින් ඒ නිර්මාණ එකිනෙකට වෙනස් චරිත වලින් යුක්තයි. අනික මම තවම මේ ක්ෂේත්‍රයට ආධුනික නිසා මට නම් ඒ පිළිබඳව ඒකාකාරි බවක් දැනෙන්නේ නැහැ. මට ලැබෙන හැම චරිතයක් පිළිබඳවම මම තෘප්තිමත්. ඒ හැම චරිතයකටම මම මගේ උපරිම දායකත්වය ලබා දී තිබෙනවා.
උත්පලා මේ වන විට පෙම්වතියක් ද?
ඒ දවස්වල නම් පෙම්වතියක්වෙලා හිටියා. නමුත් දැන්නම් මම පෙම්වතියක් නමෛයි. අපි දෙන්නාගේ අදහස්වල නොගැළපීම් නිසා අපි සුහදව වෙන්වුණා.
මේ දිනවල මොනවද රඟපාන අලුත් නිර්මාණ?
මෙගා ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායකත්වය සපයනවා. ඊට අමතරව ඉදිරියේදී හොඳ නිර්මාණ ලැබුණොත් චිත්‍රපටවල රඟපෑමට බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.
උත්පලා ආශාවෙන් රඟපෑමට බලා‍පොරොත්තු වන චරිතයක් එහෙම තිබෙනවාද?
මම ආසයි මෙහෙණියකගේ චරිතයක් රඟපාන්න ලැබෙනව නම්.
මේ ක්‍ෂේත්‍රයට එන නවක නිළියන්ගේ චෝදනාවක් තිබෙනවා කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් නවකයන්ට “කැපිල්ල” දානවා කියලා ඔයාටත් එවැනි අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවී තිබෙනවාද?
“මම තවම ලොකු පිරිසක් සමග රංගනයේ යෙදී නැහැ. දැනට මම කළ හැම ටෙලි නාට්‍යයකම ප්‍රවීණයින් වගේම නවකයිනුත් මට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඒ හැමෝම එක්ක මම සහයෝගයෙන් වැඩ කරනවා. අනික ප්‍රවීණයින්ගෙන් මට එහෙම දෙයක් වුණත් මම ඒ අය සමග ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැහැ.
r5-2උත්පලා ඔයා නිළියක් නොවුණානම් මොනවගේ ක්‍ෂේත්‍රයක් තෝරා ගනීවිද?
මම පාසල් යන කාලෙ ඉඳලම නර්තනයට වැඩි කැමැත්තක් දැක්වුවා. ඒ වගේම නර්තනය පිළිබඳ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මම රඟපෑම තෝරා ගත්තෙ නැත්නම් නැටුම් ගුරුවරියක් විදියට මගේ වෘත්තීය කරගෙන යාවී.
රූගතකිරීම් අතර තුර අමතක නොවන සිද්ධිවලටත් උත්පලා මූණදීලා තියෙනවා. මේ එවන් එක සිදුවීමක්.
උත්පලාට ආදරණීය පූර්ණිමා ටෙලිනාට්‍ය රූපගත කිරීමට ගිය වෙලාවක අකරතැබ්බයකට මුහුණ පාන්නත් සිදුවුණාලු. සාමාන්‍යයෙන් ඇය හැම ටෙලිනාට්‍යයකම සෑම රූපගත කිරීමකටම යන්නේ තම මවත් එක්ක. මේ කියන ටෙලිනාට්‍ය රූපගත කරන්නත් ඇය මව සමග ගොස් ඔවුන්ට වෙන්කර තිබෙන කාමරයක නවාතැන් ගෙන තිබෙනවා. සෑම දිනකම උදෑසන 4.30 වෙනකොට ටෙලිනාට්‍ය කණ්ඩායමටම උදේ තේ එක ගෙනත් කාමරේ දොරට තට්ටු කරනවලු. ඒ වෙලාවට ඒ කට්ටිය කාමරේ දොර ඇරලා තම තමන්ගේ තේ කෝප්ප ගන්නවලු. එදත් උදේ පාන්දරම උත්පලාගෙ මව මූණ හෝදමින් ඉඳලා තිබෙනවා. සුපුරුදු පරිදිම අඩ අඳුරේ කාමරේ දොරට තට්ටු කරන හඬ ඇහිලා වෙනදා අම්මා ගිහින් ගන්න තේ එක එදා උත්පලා තමයි ගන්න ගිහින් තියෙන්නේ. දොර අරිනවත් එක්කම අඩ අඳුරේ “ලෙන්චිනා වගේ” ඇඳගත් කෙනෙක් හිටගෙන හිටියලු. මේක දැක්ක උත්පලා  යටිගිරියෙන් කෑ ගහගෙන වැටිලා ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා. දවස් දෙකක් යනකම් උත්පලාට කිසිම දෙයක් කරගන්න බැරිව ඉඳලා.
උත්පලාව මේ විදිහට බය කරන්න ඇවිත් තියෙන්නේ හිතවත් කලාකරුවෙක්. රූපගත කිරීම් කරන්න ආව කට්ටිය කතාවෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
ඔබේ රසිකයන්ට කියන්න යමක් ඔබට තියෙනවාද? 
“මට මගේ රසිකයන්ට වගේම මගේ හිත මිතුරන්ටත් කියන්න දෙයක් තිබෙනවා. මගේ නමින් අන්තර් ජාලයේ ජ්චජඥ ඡධධඬ ගිණුමක් විවෘත කරලා තියෙනවා කියලා මට ගොඩාක් අය කිව්වා. නමුත් මම එහෙම අන්තර්ජාලයේ කාත් එක්කවත් සම්බන්ධ වෙන්නෙ නැහැ. මගේ නම විකුණගෙන වෙන කවුරුහරි කෙනෙක් මේක කරන්නෙ. මම මගේ රසිකයන්ට කියන්නේ ඒ වට අහුවෙන්න එපා කියලයි.
ඡායාරූප : ජානක කඳනාරච්චි
ශිරෝනි ග්‍රේරෝ 
READ MORE - ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා.

ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ,

Thursday, October 11, 2012


හදවතින්ම ආදරය කළොත් ඒ ආදරය හැමදා පවතිනවා

පසුගියදා නිමාවුණු පළමු දෙරණ සිනමා සම්මාන උලෙළේ වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය හිමි වූයේ දක්‍ෂ යොවුන් රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගටය. ඒ ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රංගනය උදෙසාය. උදයන්ති අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය කෙළින් කතා කරන කා සමඟත් සුහදව සිටින නිළියක ලෙස ද ප්‍රකටය. උදයන්ති අපගේ සිනමා ක්ෂේත්‍රයට පායා එන තරුවක් වැනිය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වන්නේ උදයන්ති සමඟ කළ කතාබහ වෙනුවෙනි.
දෙරණ සිනමා සම්මානය ලැබුණු මොහොතේ ඔබට මොකද හිතුණේ කියල මුලින්ම කියන්න...?
මේ වනවිට මම රඟපාලා තියෙන්නෙ සිනමා නිර්මාණ කීපයක පමණයි. ‘සිංහාවලෝකනය’, ‘මහින්දාගමනය’, ‘කලර්’, ‘භවතරණය’ ඒ සිනමා නිර්මාණ. ‘භව තරණය’ චිත්‍රපටයේ වැඩ අවසන් වුණේ ළඟදි. දෙරණ සිනමා උලෙළේදි මට ලැබුණේ මගේ පළමු සිනමා සම්මානය. ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ, මට සම්මානයක් ඇති කියලා. ඒ සම්මානය ගන්න වේදිකාවට යද්දී මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේ ම මීටත් වඩා හොඳම, කැපවීමකින් රංගන කටයුතුවල යෙදෙන්න ඕන කියන හැඟීම මට ඒ වෙලාවෙ ඇති වුණා. ඒ සම්මානය මගේ රංගන ජීවිතයට ලොකු ආලෝකයක්.
මේ දවස්වල ඔබ දායක වී සිටින නිර්මාණ මොනවාද?
මේ දවස්වල ‘පබලු පාලම’, ‘යර්ස් මැඩම්’, පිනි වැස්සක්’ යන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.
ඔබ රංගනයෙන් දායක වුණු “කලර්” චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. කොහොමද හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවද එහි රංගනයට?
’කලර්’ චිත්‍රපටයේ චරිතවල නම් නෑ. මම නිරූපණය කරන චරිතය උපතින් තරමක් දිළිඳු චරිතයක්. ඇය පොහොසත් තරුණයකුට ආදරය කරනවා. ඒ තරුණයාත් ඇයට ගොඩක් ආදරය කරනවා. තරුණ වියේදී හදවතින්ම ආදරය කරලා ඔවුන් එක් නොවුණත් ඔවුන් අතරේ තිබුණු ආදරය මැරෙන තෙක් ම අමතක වෙන්නේ නෑ. වයසට ගියත් ඒ ආදරය අමතක කරන්න බෑ. මගේ චරිතය තම පෙම්වතාට හදවතින්ම ආදරය කරන චරිතයක්. සමාජයේ මුල්බැසගෙන තිබෙන දෙයක් තමයි සල්ලි තිබෙන පුද්ගලයින්ගේ සිත් තුළ අවංක ආදරයක් නැතැයි කියන එක. ඒක එසේ නොවන බව ‘කලර්’ චිත්‍රපටයේ මගේ සහ මගේ පෙම්වතාගෙ චරිතවලින් පැහැදිලි වෙනවා. මගේ පෞද්ගලික අදහසත් ඒකයි. අවංක ආදරයට මුදල් හදල්, බලය කිසිම බලපෑමක් නොකරන බවයි මම හිතන්නෙ. ‘කලර්’ චිත්‍රපටයේ මගේ රංගනය ගැන ගොඩක් දෙනෙක් මට හොඳ කිව්වා. ඒ ගැන මට සතුටුයි.
පසුගිය දවස්වල ඔබ එකදිගටම රූපගත කිරීම්වල සිටියා නේද?
ඔව්. ඒ දේවින්ද කෝන්ගහගේ කියන තරුණ දක්ෂ නර්මාණකරුවාගේ චිත්‍රපටයේ සහ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට. ඒ ‘භව තරණය’ චිත්‍රපටය සහ ‘භව සිද්ධාන්ත’ ටෙලිනාට්‍යය. මේ තමයි එකම පසුතලයක එකවර නිර්මාණය වුණු පළමු චිත්‍රපටය සහ ටෙලිනාට්‍යය. මම හිතනව මේ නිර්මාණවලට දායක වෙන්න ලැබීම මගේ රංගන ජීවිතයේ සුවිශේසී අවස්ථාවක් කියලා. මේ චිත්‍රපටයට සහ ටෙලිනාට්‍යයට තේමාව වෙලා තියෙන්නෙ එකම කතාවක්. එය එක්දහස් අටසිය ගණන්වල ඉඳල දිගහැරෙන කතාවක්. මෙම එක් එක් නිර්මාණයක චරිත 4 ක් නිරූපණය කරනවා. මේවා බෞද්ධ දර්ශනය තේමා කර ගනිමින් නිර්මාණය වුණු නිර්මාණ. මාස 8 ක් පමණ නුවර, මාතලේ, අනුරාධපුරය, කොළඹ කියන ප්‍රදේශවල එහි රූපගත කිරීම් සිදුකළා.
ඒ කාලය තුළ ඔබ වෙනත් නිර්මාණයකට ගියේ නැතිද?
ඔව්. කිසිම නිර්මාණයක් මම ඒ කාලය තුළ බාර ගත්තේ නෑ. එසේ සම්පූර්ණ අවධානය යොමු කළේ ඒ නිර්මාණයට. මගේ ෆෝන් එක පවා මම නවාතැනේ දාලයි ගියේ. මේ කාලයේ නිර්මාණය වන බිස්නස් ටෙලිනාට්‍ය අතරේ ‘භවතරණය’ වැනි නිර්මාණ කෙරෙනවා අඩුයි. ඉතින් එවැනි චරිතයක් ලැබුණාම මම ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා.
පසුගිය කාලය තුළ ඔබ ඓතිහාසික වගේම මීට අවුරුදු ගණනාවකට ඉස්සර කාලය පසුබිම් කරගෙන කළ නිර්මාණ කීපයකටම දායක වුණා නේද?
ඔව්. මම ඉතාම කැමැත්තෙන් ඒ නිර්මාණවලට දායක වුණේ. එහෙම චරිත ලේසියෙන් රඟපාන්න බෑ. ඒ යුග පිළිබඳ, ඒ යුගවල තිබුණු භාෂා පිළිබඳව අවබෝධයක්, හැදෑරීමක් ඒ සඳහා අවශ්‍යයි. එවැනි චරිත කීපයක්ම මට ලැබුණා. මම ඒවා සතුටින් බාරගත්තා.
දැන් එකදිගට හැදෙන ටෙලිනාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද?
දැන් හැදෙන බොහොමයක් ටෙලිනාට්‍ය නිර්මාණ නෙමෙයි. මමත් පසුගිය කාලෙ ඔයවගේ ටෙලිනාට්‍යල රඟපෑවා. නමුත් ආපසු හැරි බලද්දි කනගාටු හිතෙනව. හැබැයි සල්ලි නම් හම්බ වුණා. මේ ටෙලිනාට්‍යවලින් අලුත් පිරිසකට අවස්ථා ලැබෙනවා. ඒක හොඳයි. නමුත් මේ ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ශිල්පීන්ටවත් ඒවා බැලීමෙන් ප්‍රේක්ෂකයින්ටවත් ඇති වැඩක් නෑ. මම හිතන්නෙ ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරයක් ගොඩනඟාගත් ශිල්පීන් මේවාට නොයා යුතුයි. ඒ වගේ ම මම හිතනව ප්‍රේක්ෂකයින් ළඟදීම මේ ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරයි කියලා.
ඔබට ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැතිද?
මම කළොත් කරන්නෙ හොඳ නිර්මාණයක්. අද තියෙන බාල ටෙලිනාට්‍ය රැල්ල නිසා නාළිකාවල හොඳ නිර්මාණයකට ඉඩ ලබාගැනීම අමාරුයි. ඒ නිසා දැන්ම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නෑ.
කලාව තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු?
අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි වැනි නිර්මාණකරුවන්ගේ කෘතින්වලට දායකවීමේ ආශාවක් මට තියෙනවා. ඒ වගේම මිනිසුන්ට දැනෙන රංගනයන් ඉදිරිපත් කරමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නයි බලාපාරොත්තුව.
ජීවිතය තුළ ඔබට බලාපොරොත්තු ඉලක්ක ගොඩක් ඇති නේද?
නැහැ. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ. අද දවස පටන් ගත්තාම ඒ දවස ඇතුළත කරන්න තියෙන දේවල් හොඳින් කරනව. හෙට මොනව වෙයිද කියල මම දන්නෙ නෑ. මැරෙනතෙක් මම මගේ ජීවිතයට අත්දැකීම් එකතු කරනවා. අද මැරුණත් මම හරිම සතුටින් ඉන්නෙ.
READ MORE - ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ,