----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පූජා නමින් ටෙලි නාට්‍යයක් කාංචනා යළි රංගන චාරිකාවේ

Sunday, July 11, 2010

එය රිදී තිරය හරහා සම්මානනීය වූ ධර්මසිරි ගමගේ ගේ පූජා නොවේ

පූජා රිදී තිරයට සමීපතම නමකි. එසේම එය සම්මානනීය චිත්‍රපටයකි. යස ඉසුරු චිත්‍රපටයෙන් සම්මානනීය වූ ධර්මසිරි ගමගේ රිදී තිරයට තිළිණ කළ දෙවැනි චිත්‍රපටය පූජා.

එහෙත් එකී කතාව නොවුවද පූජා නමින් ටෙලි නිර්මාණයක් පුංචි තිරයට සැදීමේ වැඩ කටයුතු ඉකුත් 01 දා කොළඹ ඉන්ටර්කොන්ටිනල් හෝටල් පරිශ්‍රයේදී ඇරැඹිණි.

පුංචි තිරයට එක් වන මේ පූජා ප්‍රදීප් රත්නායකගේ අධ්‍යක්ෂණයකි. ප්‍රදීප් මීට ප්‍රථම සසර සරන්නී නමින් නම් වූ ඒකාංගික පොහොය නාට්‍ය මාලාවක් නිර්මාණය කොට තිබේ.

මේ පූජා හී පූජා ජානකී විජේරත්නයි. කලකට පසුව ජානකී ප්‍රධාන චරිතයකින් ඔබ හමු වන්නේ ද පූජා සමඟිනි. පූජාගේ පෙම්වතා ධනංජය සිරිවර්ධනයි.

මවු පදවිය නිසා තාවකාලිකව රංගනයෙන් සමු ගත් සම්මානනීය නිළි කාංචනා මෙන්ඩිස් යළි රංගන කාර්යය ඇරැඹීමට නියමිතව ඇත්තේ පූජා හරහාය.

ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, සනෝජා බිබිලේ, මානෙල් වානගුරු, ගයාන් වික්‍රමතිලක, රුවන් වික්‍රමසිංහ, චින්තක පීරිස්, පුබුදු ගමගේ, උද්දික ප්‍රේමරත්න, ශෂිකා පීරිස්, මේනකා මධුවන්ති සමඟ සුලෝචනා වීරසිංහයන නළු නිළියන් රැසකගෙන් පූජා ඔපවත් වී තිබේ.

පූජා හී තෙවැනි ඇස මෙහෙයවීම සුරේෂ් ධම්මිකගෙනි. රුවන් කුමාරනායක අතිරේක කැමරා ශිල්පියාය. සංස්කරණය සමිත් ප්‍රනාන්දුගේය.

නිෂ්පාදන කළමනාකරණයට ජයන්ත විජේරත්න එක් වෙති. චමින්ද පෙරේරා සහය අධ්‍යක්ෂවරයා වේ. සුමිත් හිරාන් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණයෙන් පූජා හැඩ කරති. රුචිර සංජීව දායක වන්නේ අංග රචනයෙනි.

ලාංකේය සංගීත කලාව නව මාවතකට යොමු කළ සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ නියමු තුසිත් නිරෝෂණගේ සංගීත ස්වර රටාවෙන් සහ සමිතා එරන්දතීගේ මියුරු හඬ මුසුවෙන් පූජා තවත් වර්ණ ගැන් වී තිබේ.

නොබෝ දිනකින් රූගත කිරීම් ඇරැඹෙන මේ සොඳුරු ටෙලි නිමැවුමේ නිෂ්පාදන බරපැන අයි – මැක්ස් එන්ටර්ටේන්මන්ට් ආයතනයෙනි.

0 comments:

Post a Comment