----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

එළඹෙන අගෝස්තුව වන විට ඉරහඳ ය

Sunday, July 11, 2010

මේ දිනවල ආකර්ෂණීය සුවඳ දැණුනා ජීවිතේ චිත්‍රපටය තිරගත කෙරෙන ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාහල් එළඹෙන අගෝස්තුව වන විට ඉරහඳ යට චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

එය බෙනට් රත්නායකගේ අධ්‍යක්‍ෂණයකි. ඉනික්බිතිව ප්‍රදර්ශනයට සූදානම්ව ඇත්තේ සුනිල් අරුණ වීරසිරිගේ ටිකිරි සුවඳ සිනමා සිත්තමයි. ටිකිරි සුවඳට පසු ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කළ කිංග් හන්තර් අප හමුවීමට සූදානම්.

කිංග් හන්තර් රිදී තිරයෙන් බැස යද්දී උදයකාන්ත වර්ණසුරියගේ රන් කෙවිට 2 සහ උදයගේම චැලෙන්ජස් පැමිණෙන අතර අනතුරුව පිළිවෙළින් ටෙනිසන් කුරේ සහ රියර් අද්මිරාල් සරත් වීරසේකර අධ්‍යක්‍ෂණය කරන ලද තැන්කියු බර්ට් සහ ගාමණී චිත්‍රපට වෙනුවෙන් ඊ. ඒ. පී මණ්ඩලයේ සිනමාහල්වල දොරගුළු විවර වනු ඇත.

ඉරහඳ යට හරහා නවක නළු උදාර රත්නායක හා දකුණු ඉන්දියාවෙන් හෙළ සිනමාවට ලද තිළිණයක් වන තාෂා දර්ශනී ප්‍රධාන චරිත තුළින් දොරට වඩිති.

ටිකිරි නම් කුඩා පිරිමි දරුවා වටා ගෙතෙන ටිකිරි සුවඳ චිත්‍රපටයේ ප්‍රවීණ නළු නිළි පිරිසක් සමඟ ටිකිරිගේ ප්‍රබල චරිතයට පණ පොවන මලීෂ සමරතුංග (හඳුන්වා දෙන) අප හමුවේ.

කිංග් හන්තර් ප්‍රවීණ නළු විජය නන්දසිරි වෙනස්ම හාස්‍යෝත්පාදක රංගනයකින් අප හමුවන තවත් අවස්ථාවකි. අනර්කලී ආකර්ෂා එහි ප්‍රධාන නිළිය වන්නීය.

නිෂාම් සම්සුදීන් සහ හරිත් සමරසිංහ රන් කෙවිට – 2 චිත්‍රපටයේ ප්‍රබල රංගනයන්හි නියැළෙති. චැලෙන්ජස් සිංහල සිනමාවේ නව යොවුන් සිහින කුමරා රොෂාන් රණවන සමඟ සුරූපී නිළි ශේෂාද්‍රි ප්‍රධාන චරිත රැඟූ චිත්‍රපටයකි.

ප්‍රේක්ෂකයින් සිංහල සිනමාවේ සිනහ සයුරේ ගිල් වූ ටෙනිසන් කුරේ – බන්දු සමරසිංහ දෙදෙන දිගු කලෙකට පසු එක්ව ප්‍රධාන චරිත රඟන චිත්‍රපටය තැන්කියු බර්ටි ලෙස නම් කර තිබේ. අති දක්‍ෂ චරිතාංග නළු නිළි යුවළක් වන දිල්හානි අශෝකමාලා සහ බිමල් ජයකොඩි ප්‍රධාන චරිත රඟමින් ගාමණී චිත්‍රපටයේ දී හමුවෙති.


0 comments:

Post a Comment