----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පින්වතුනි දෑස් හැර බලනු මැණව...

Wednesday, June 30, 2010

පින්වතුනි දෑස් හැර බලනු මැණව...
READ MORE - පින්වතුනි දෑස් හැර බලනු මැණව...

මකරාක්ෂයා

Monday, June 28, 2010

මෙරට වේදිකා නාට්‍ය කලාව වෙනස් මානයකට ගෙනගිය නාට්‍යකරුවෙකු ලෙස ධර්මසිරි බණ්ඩාරනායක නාමය හැඳින්විය හැකියි. ඔහුගේ සුවිශේෂී නාට්‍ය නිර්මාණයක් වන මකරාක්ෂයා නැවතත් වේදිකාගත කිරීම සඳහා ඔහු සූදානමින් සිටිනවා. ජූනි 19 හා 20 සවස 6.45 ට ලයනල් වෙන්ඩ්ට් හිදී මෙහි සමාරම්භක දර්ශන වේදිකාගත කරනු ලබනවා.

මකරාඬයා නව නිෂ්පාදනයේ වෙනස්කම් මොනවාද?

1985 දී කළ නාට්‍යයට වඩා මේ නාට්‍යයේදී නිෂ්පාදන අංශයෙන් විවිධ වූ අරුත් ගැන්වීම් තිඛෙනවා. ඉංග්‍රීසි වේදිකාවේ වැඩ කරන ජෙහාන් ඇලෝසියස් කියන අධ්‍යඬවරයා සමග එකතු වෙලා රංග වින්‍යාසය ඔහුට බාර දුන්නා. මකරා කියන චරිතය හැදිලා තියෙන්නෙ කුමන වූ මනුෂ්‍ය වේෂයකින්ද කියන එක හැකිතරම් ප්‍රේඬකයන්ට දනවන්න උත්සාහ කරනවා. ඒක නව නිෂ්පාදනය තුළ දැකිය හැකියි. එසේම මකරා පැමි‚යාට පසු තවත් මකරෙක් පැමිණෙනවා. මේ හරහා අර්ථ ගන්වන්නේ පවතින සිස්ටම් එක යනු එක මකරෙක් නොව මකර සමූහයක් යන්නයි. ඒ වගේම යමෙක් මේ සිස්ටම් එකට අනුගත වන්නේ තමන් තුළත් මකරෙක් සිටින නිසයි. අපි ඒකත් ඉදිරියට ගනිමින්, දේශපාලන අරුත් සැපයීමට මේ නාට්‍යයෙන් උත්සාහ කරනවා.

මේ නාට්‍ය 1943 යෝගිනි සාර්ස් විසින් රුසියාවේ රචනා කළහම රුසියාව තුළ මෙය තහනම් වෙනවා. මොකද ඔවුන්ට මෙය අභියෝගයක්. නමුත් 1973 සිට මෙරටදී හෙන්රි ජයසේනයන්ගෙන් මේ නාට්‍ය ඇරඹුවාට පසු මෙය ලංකාවේ තහනම් වුනේ නැහැ. නමුත් නාට්‍යකරුවන්ට විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වුණා. ඒක සරල කරුණක් නෙවෙයි. නිර්මාණාත්මක නිදහස අවහිර කිරීමක්. 1985 දී මට එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වුණා.

මකරාක්ෂයා නැවත වේදිකාගත කරන්න අදහස් කළේ ඇයි?

මම පසුගිය වසරේදී ඒකාඅධිපති නාට්‍ය වේදිකාගත කළා. ඒක මගේ පළමු නාට්‍ය. මම අනුපිළිවෙලින් නිර්මාණය කළ නාට්‍ය ඉදිරියේදී වේදිකාගත කරන්න කටයුතු කරමින් යනවා. ඒ අනුව තමයි zමකරාඬයාZ යළි වේදිකාගත කරන්නෙ. මේ නාට්‍ය යළි වේදිකාගත කිරීමේ අදහස වන්නේ මේ නිර්මාණ තවදුරටත් පැවතිය යුතුය යන්නයි. ඒක ඉදිරි කාලයට වඩා වැදගත්. නාට්‍ය හා රංග කලාව පිළිබඳව හදාරන විද්‍යාර්ථයන් දැඩි උනන්දුවක් ඒ සම්බන්ධව දක්වනවා. මම නිෂ්පාදනය කරන නාට්‍ය පිටපත් වශයෙන් වත් නැහැ. නාට්‍ය වල පැවැත්ම සඳහා අලූතෙන් වීඩියෝ පට නිර්මාණය කිරීම සිදු කරනවා. මේ නාට්‍යයේ ප්‍රදර්ශනය සමග ඒ විදිහේ තැන්පතුවක් ඇති කරන්න උත්සාහ කරනවා. මම නිර්මාණය කළ කලා කෘති පහ මේ වසර අවසානය වනවිට ප්‍රේඬකයාට දැකගන්න අරමුණු කරගෙන තමයි මේ නාට්‍ය නිෂ්පාදනය වෙන්නෙ.

නමුත් පවතින සමාජ, ආර්ථීක වටපිටාව මේ නාට්‍ය වල තේමාවන්ට ගැළපෙන නිසා යළි ප්‍රතිනිෂ්පාදනය කරනවා යැයි කාටහරි අර්ථ දක්වන්න පුළුවන් නේද?

ඔය විදිහේ අදහස් දැක්වීමක් තිඛෙනවා. නාට්‍ය රසිකයා එවැනි ආකල්පයක් දැරීම අපට නවත්තන්න බැහැ. නමුත් මගේ නාට්‍ය නිර්මාණ වල නිරන්තර සංවාදයක් දේශපාලනිකව තිබුණා. එවැනි දේශපාලන සංවාදයකට විවෘත නාට්‍ය තමයි මම නිෂ්පාදනය කළේ.

සමාජය ඒ කලා කෘතිය තුළින් අප ජීවත්වන සමාජ වටපිටාව මොකක්ද යන්න අවබෝධ කරගත යුතුයි. මකරාඬයා කියන නාට්‍ය 1943 දී රචනා කළේ යෝගිනි සාර්ස් කියන රුසියානු නාට්‍ය නිෂ්පාදකයා.

මකරාඬයා පළමු වරට මෙරට වේදිකාගත කළේ හෙන්රි ජයසේනයන් විසින්. 1973 දී පරිවර්තනය කර වේදිකා ගත කළා. ඒකෙ ලාට්ස් නොට් කියන චරිතයට හෙන්රි මාව තෝරා ගත්තා. 1985 දී මම සිරිල් පී පෙරේරා ලවා පරිවර්තනය කොට වේදිකාගත කළා. එදා සිට මෙහි ජීවමය ගුණ ගත්තොත් නාට්‍ය දර්ශන සිය ගණනකට වඩා රඟ දැක්වීමේ හැකියාව තිබුණා.

ඒ දශකය නල්ලතම්බි ප්‍රවාහය ඉතා දැවැන්ත ලෙස ගුණාත්මක නාට්‍ය වලට බලපෑමක් ඇති කළ සමයක්. නල්ලතම්බි කළ අභියෝගය භාර ගැනීමක් ලෙස තමයි මම එය දකින්නේ. ඒ මොහොතේ මම මේ නාට්‍ය නිර්මාණය නොකළා නම් නල්ලතම්බි වැනි අවරගණයේ නාට්‍ය තමයි ප්‍රේඬකයන්ට දැකගන්න ලැඛෙන්නෙ.

මකරා නාට්‍ය මම නිර්මාණය කළේ මෙරට පැවති යුද්ධය නිර්මාණය වීමෙන් පසුව සමාජ චලනය විග්‍රහ කිරීමක් වශයෙන්. අනිත් පැත්තෙන් මර්දනය, බියගුලූකම, වටපිටාව, දූෂිතභාවය වැනි කාරණා තමයි මේ නාට්‍ය හරහා ඉස්මතු වුනේ.

වර්තමානයේ නිර්මාණය කෙරෙන නව වේදිකා නාට්‍ය ප්‍රේඬකාගාර හිස් බව පැවසුනත් ඔබගේ නාට්‍ය ප්‍රතිනිෂ්පාදන වලට පවා ඉහළ ප්‍රේඬක ප්‍රතිචාරයක් හිමිවනවා. මින් හැඟවෙන්නේ ඔබ ප්‍රේඬකයන්ට දැනෙන ලෙස නිර්මාණය බිහිකරනවාය යන්න හා වත්මන් පරපුර එසේ නොකරන බවද?

නාට්‍ය හා රංග කලාව පාසල් විෂයට එක්කර තිබීම තුළ පාසල් ළමුන් උදෑසන 8.00 සහ 11.00 ට නාට්‍ය නරඹනවා. මේ අය විභාගයට සූදානම් වීම උදෙසා නාට්‍ය හා රංග කලාව හදාරනවා පමණයි. මේක අධ්‍යනය තුළ සිදුවන භයානක වරදක්. රසිකත්වය කියන එක විභාග මට්ටමින් ක‍ල ෘ වෙනුවෙන් දක්කාගෙන යාමක් තමයි වෙන්නෙ. ඒ වගේම කළුකඩ ගුරුවරු ටිකක් තමන් නොදන්න විෂයක් ඉගැන්වීම තමයි නාට්‍ය හා රංග කලා කඩ තුළ දක්නට ලැඛෙන්නෙ. මේක භයානක විපතක්. මේ ළමයි විභාගයට නියමිත පොත හෝ නාට්‍ය බලනවා හැර වෙනත් කිසිදු නාට්‍යයක් බලන්න එන්නෙ නැහැ.

60,70 දශක වල ලංකාවේ ජනයා නාට්‍ය නැරඹුවේ එය පාසල් විෂය නිර්දේශයට එක්කර නෙවෙයි. එක ගුරුවරයෙක් නාට්‍යයක් පිළිබඳව ඔහුගේ මතය ඉදිරිපත් කරනවා. ළමයි 500 පමණ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ එකම විදිහට. රසිකත්වය කියන්නෙ එහෙම එකක් නෙවෙයි. ඒක විවිධාකාරයෙන් ළමයා දකින්න පුළුවන්. නමුත් ගුරුවරයා ඉගැන්වූ දේම පිටස්තරින් ළමයෙකු තම නිර්මාණ කෞෂල්‍ය තුළ, රසික වින්දනය තුළ උත්තරයට ලිව්වොත් මේ විභාග ක්‍රමය තුළ පිළිගන්නෙ නැහැ. මේක අධ්‍යාපන පටිපාටියට නොගැළපෙන දෙයක්.

නමුත් දියුණු රටවල මේ සඳහා සැලසුම් තියෙනවා.

නාට්‍යයක ප්‍රේඬකයා කියන්නේ තරුණ ශිෂ්‍යා පමණක් නෙවෙයි. සමස්ත සමාජය. එවැනි නාට්‍ය කලාවක් තමයි ලංකාව තුළ ගොඩනැගී තිබුනේ. ඒක සම්පූර්ණයෙන් දැන් බිඳවැටිලා. අපට හිටපු කෘතහස්ත ප්‍රවීණ නාට්‍ය නිර්මාණ පරපුරේ අන්තිමයා තමයි හෙන්රි ජයසේන. ඊළඟ පරම්පරාව ලෙස මම, මනෝරත්න, කිරිඇල්ල ආදීන් කටයුතු කරනවා. අනිත් එක මේවාට සහභාගී වන ශිල්පීන් මේ නාට්‍ය වලට පමණක් සීමා වූ තත්ත්වයක නෙවෙයි සිටින්නේ. ඔවුන් වෙළෙඳ භාණ්ඩ බවට පත්වෙලා. උදේ සිට හැන්දෑ වෙනකන් ටෙලි නාට්‍ය වැඩ කරලා තමයි හවස නාට්‍ය පුහුණුවට දුවගෙන එන්නේ. මේක තමයි කලාකරුවන්ගේ අර්බුදය.

මේ තුළ ඉතා ගුණාත්මක ගණයේ නිර්මාණයක් කිරීමේදී නිර්මාණකරුවා හුදකලා වනවා. ලෝකයේ දියුණුවට නාට්‍ය කලාවක් ඇතිවී තිඛෙන්නේ ඒ වෙනුවෙන් වෙන්වූ පිරිස් සිටින රටවල පමණයි. මෙතනදි ලාංකීය නාට්‍ය කලාවේ දුක්ඛිත තැනක් තිඛෙනවා.

අපිට සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන වැනි නාට්‍යකරුවන්ගෙන් අසීමිතව දැනුමක් ලැබුණා. අද තරුණයන් කරන නිර්මාණ වල රසවින්දනයක් නැහැ. ඒ නිසා දර්ශන දෙක තුනක් පෙන්වූ පසු එය අහවර වෙනවා. නාට්‍ය ප්‍රේඬකාගාරයේ ඉන්නෙ නාට්‍ය රඟපාන අයගේ ඥාතීන් හා නාට්‍යකරුවාගේ යහළු මිත්‍රාදීන් පමණයි. මේකට නෙවෙයි ප්‍රේඬකාගාරයක් කියන්නෙ. ප්‍රේඬකාගාර ගොඩනැංවීමේ අරමු‚න් තමයි නාට්‍යකරුවන් කටයුතු කළ යුත්තේ.

මම මගේ නාට්‍ය යළිත් ප්‍රති නිෂ්පාදනය කරන්නේ මේ කටයුත්තට මුලපිරීමක් වශයෙනුයි. කාටහරි හිතෙනවා නම් මෙය පවතින ආණ්ඩුවට පහර ගැසීමක් කියලා, ඒක එහෙම නෙවෙයි. ආණ්ඩුව වැරදි කරනවා නම් ආණ්ඩුවට හැදෙන්නත් කලාකෘති උදව් වෙනවා.

ලංකාව කියන්නේ සංස්කෘතික මිනිසා මියගිය රටක්. ඒ මිනිසා නැවත ගොඩනැංවීම උදෙසා තමයි අපේ මේ ප්‍රයත්නය දියත් කරන්නේ.

නිරෝෂාන් ප්‍රේමරත්න

READ MORE - මකරාක්ෂයා

මාත්‍රා 2010 නර්තනයේ සුන්දරත්වය දකින්න...

නර්තනය පිළිබඳව එතරම්ම වූ පළපුරුද්දක් ඇති වත්මනෙහි අප සතු එකම ශිල්පියා ඔහුය. වයස අවුරුදු 10 දී පමණ නර්තන ඬේත්‍රයට පැමි‚ ඔහුගේ දිවි ගමනේ 60 වෙනි සැතපුම පසුකළේ පසුගිය මැයි මස 6 වෙනිදාය. එනයින් බලන කළ 50 වසරක් හෙවත් අඩසිය වසක්ම ඔහු ගෙවා ඇත්තේ නර්තනය සඳහාය. ඒ රන්වන් කඩඉම පසුකළ ප්‍රවීණ නර්තන ආචාර්ය කුලසිරි බුදවත්ත නමැති ඒ සොඳුරු මිනිසා සමහර ප්‍රවීණයින් විසින් හඳුන්වනු ලබන්නේ › ලාංකීය නර්තනයේ ආඩම්බරය ලෙසය. එය එසේ වී නම් මේ සූදානම් වන්නේ ඒ ආඩම්බරකාර නැට්ටුක්කාරයාට දීඝායු පැතීමටයි. ඒ හේතු කීපයක් මුල් කරගෙනය. බුදවත්තයන්ගේ සදාදරŒය සොඳුරිය නර්තන ආචාරිනී නේමාලි බුදවත්ත පවසන පරිදි මේ ඔවුන් එළඹ සිටින්නේ ජීවිතයේ ස්වර්ණමය යුගයටයි. එනම් ඇයට අවුරුදු 50 කි. බුදවත්තයන්ට අවුරුදු 60කි. ඒ දෙදෙනාගේ යුගදිවියට වසර 25කි. බුදවත්තයන්ට ගුරු පුද පිදීම උදෙසාත්, ඔහුගේ සේවය ඇගයීම සඳහාත් වූ මේ අපූරු ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ එනිසාය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ එළැඹෙන 27 වෙනිදා (ජූනි) සැන්දෑ යාමයේදීය. zමාත්‍රා 2010 නමින් නම්කර ඇති මෙම ප්‍රසංගය ගැන කරුණු පැවසීම ප්‍රවීණ නර්තන ආචාර්ය බුදවත්තයන්ට කරන ගෞරවයක්ම වෙයි. ඒ සොඳුරු ඉසව්ව ගැන සහ නර්තනයේ හරය ගැන කතා කිරීමට අප හා පිළිසඳරේ යෙදෙන්නේ නේමාලි බුදවත්තයි.

බුදවත්තයන් මේ නර්තන කලාවට පිවිස ඇත්තේ කොහොමද?

බුදවත්තයන්ගේ ගම කෑගල්ල, මාවනැල්ලේ, අරණායක ගැවිලිපිටියයි. තාත්තා ප්‍රවීණ නර්තන ශිල්පියෙක්. › ලංකාවේ ප්‍රථම නර්තන ගුරුවරයා (උඩරට නර්තනයේ) වූ බුදවත්තේ පුංචිගුරු කියන ඒ තාත්තාගේ ආභාෂය මත ඬේත්‍රයට ආ ශිල්පියෙක් ලෙස මගේ සැමියා සඳහන් කරන්න පුළුවනි. වයස අවුරුදු 10 දී පමණ ආ ඒ ගමනේදී නර්තනය ප්‍රගුණ කරමින් සෞන්දර්ය සරසවිය, රාජ්‍ය නාට්‍ය කණ්ඩායම ආදී තැන්වල නර්තනය හදාරා තිඛෙනවා. ඉන්පසුව තමයි නර්තන ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තෙ. ඔහු ජාතික තරුණසේවා සභාවේ, රාජ්‍ය නැටුම් කණ්ඩායමේ අධ්‍යඬවරයෙක් වගේම ටවර්හෝල් රඟහල පදනමේ නර්තන අධ්‍යඬවරයෙක්. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙසත් කටයුතු කරනවා. ජාතික තරුණසේවා සහ ටවර්හෝල් පදනමේ ප්‍රථම නර්තන අධ්‍යඬවරයාත් ඔහුයි. ඒ සියලූ දේට අමතරව, සටන මුද්‍රා නාට්‍ය, ජන විජය, නිදහසේ උදානය, නිදහසේ තේවාව, ගම් මැද්දේ රබන් සුරල් ආදී නිර්මාණ මෙන්ම ජාතික රූපවාහිනිය සඳහා විවිධ ජාතික නිර්මාණ කළා.

අනෙක් නර්තන ශිල්පීන් අතර බුදවත්ත වෙනස් වුනේ කුමන ගුණයක් නිසාද?

ඔහු සම්ප්‍රදාය දැනගෙන ඒ මතින් තමයි උඩරට නැටුම් වෙතින් යමක් කළේ. ඒ නිසා විශේෂත්වයක් තිබුණා.

ඒ කියන්නෙ ඔහු සීමා වුනේ උඩරට නැටුමට විතරද? සම්ප්‍රදායට විතරද?

නැහැ, ඔහු හොඳ මුද්‍රා නාට්‍ය ශිල්පියෙක්. බැලේ නැටුම ප්‍රගුණ කළා. ඒ සියල්ලට හැර ඔහුට සියලූම වාද්‍ය භාණ්ඩ වාදනය කළහැකි වගේම, හොඳ ගායන ශිල්පියෙක්. ඒ නිසාම මා නම් ඔහු දකින්නේ නර්තන අංශයේ වඩා පරිපූර්ණ ශිල්පියෙකු ලෙසයි.

අද වන විට අපේ රටේ නර්තනය තිඛෙන්නේ කොතැනද? ඒ ගැන බුදවත්ත කලායතනයේ අදහස දැනගන්න කැමතියි?

නර්තනය අද වන විට අපේ රටේ ඉහළම තැනක තිඛෙන්නේ. නර්තනය ජනප්‍රියයි වගේම සහභාගි වන ශිල්පීනුත් ඕන තරම්. මාධ්‍ය ඔස්සේ සෑහෙන අනුග්‍රහයක් පවා ලැඛෙනවා. නමුත් බොහෝ දෙනාට ශිල්පීය දැනුම අඩුයි. බොහෝ දුරට ඉන්දීය අභාෂය වැළඳ ගනිමින් සිටින වග තමයි පෙනෙන්නෙ.

එහෙම ආභාෂය ලැබීම නුසුදුසුද?

ඔව්.

ඇයි ඒ?

මේ වන විට මම 25 වතාවකට වඩා ඉන්දියාවට ගොස් තිඛෙනවා. එහේ ගියාම එහේ සිටින ප්‍රවීණයින් අපට කිව්වෙ එයාලගෙ නැටුම් දැකලාම එපා වෙලා කියලයි. zඅපට ඕන නියම › ලාංකීය නැටුමයි. ඔයාලගෙ සිංහල ගීතය මොන දෙයක් වේවා (නොතේරුණත්) අපට ඔයාලගෙ නර්තනය තේරුම් ගන්න පුළුවනි. ඒ නිසා එයයි අපට ඕනZ කියලා තමයි ඔවුන් පැවසුවේ. ඒ නිසා අපේකම හඳුනාගත හැකි විදියට ඇඳුම්, ආයිත්තම් පවා අපි භාවිත කරන්න ඕන.

ඔබ කියන්නෙ නර්තනය කරන බොහෝ දෙනෙක් එය හඳුනාගෙන නැද්ද?

බොහෝ දෙනෙක් අද කරන්නේ කාමය උද්දීපනය වන නර්තනයන්.

එහෙම නම් ඔබ කොහොම නර්තනය විග්‍රහ කරන්නෙ? කුමන දෙයක් අරඹයාද ඔබ නර්තනය කරන්නෙ?

නර්තනට දුටු විගස සුන්දර හැඟීමක් මතුවෙන්න ඕන. කාමයෙන් තොර සෞන්දර්යාත්මක අත්විඳීම මතුවෙන්න ඕන. එහෙම වුණාම තමයි නර්තනය දිහා ආදරයෙන් ආසාවෙන් බලන්නෙ. උදාහරණයකට අපි එදා ඉන්දියානු නර්තනය දිහා බලමු. zමධුමතීZ චිත්‍රපටය වෙතින් එදා අපි ඉන්දියානු සංස්කෘතිය දුටුවා. ඒත් අද කෝ එහෙම දෙයක්.

ඒත් ඉන්දියාව අද එදාට වඩා ඉදිරියට ගිහින් නේද?

ඒක ඇත්ත. ඒත් එරට සිටින ප්‍රවීණයින් පවා කැමති පැර‚ ඒවාටයි.

ඔබ කියන්නේ නර්තනයෙහි රසවින්දනය ලබාදෙන්න ඕන ප්‍රවීණ පිරිසකට විතරද?

නැහැ, අපි සම්ප්‍රදායෙන් පිට ගිය විට අපි අපේ නොවී ඇමරිකාවේ හෝ වෙනත් රටක මුල්ලක් වෙනවා. අපි අපි මිසක් චූටි ඇමරිකාවක් වෙලා, චූටි ඉන්දියාවක් වෙලා ලෝකයට යන්න බැහැ. අදටත් අපේ රටට ගරු කරන්නේ සංස්කෘතිය සහ ආධ්‍යාත්මික හරය නිසයි. ලෝකය › ලාංකිකයින්ට ආදරය කරන්නෙ ඒ නිසයි. බුදවත්ත සර් කියන්නේ අන්න ඒ අපේ ආධ්‍යාත්මය හඳුනාගෙන ගමනක් යන කෙනෙක්.

ඊළඟට අපි මේ ප්‍රසංගය ගැන යමක් සඳහන් කළොත්?

zමාත්‍රාZ කියන මේ ප්‍රසංගාත්මක ඉසව්වට අලූත්ම නිර්මාණ රැසක් ඇතුළත්. අවුරුදු කීපයකට පසුව තමයි ඔහු මෙලෙස අපූරු වර්ණවත් ප්‍රසංගයක් කරන්නෙ. මෙතෙක් ඔහුගෙන් ඉගෙන ගෙන වෙස්බැඳි ගෝලයින් 60ක් පමණ මේ ප්‍රසංගයට එක්වෙනවා. රවිබන්ධු, කොටවැල්ලේ ජයසේන, නුවන් රංජිත් සහ 1981 දී විතර ප්‍රථම ශිෂ්‍යා වූ මාලිනී ෆොන්සේකාත් සමහර විට මේ ප්‍රසංගයට එක්වේවි. ඊට අමතරව චන්දන වික්‍රමසිංහ සහ රශ්මි රවීනාත් එක්වේවි. ඒ සියල්ල හැර සමහරවිට මාත්¡ ඔහුත් නටාවි. මෙහි සියලූ කළමනාකාරීත්වය සහ ඛෙර වාදන අංශය බාරව කටයුතු කරන්නේ පුතා රංගන බුදවත්තයි. අපේකම තියෙන හොඳ නිර්මාණයක් කරන්න අපට හිතුණා. ඒ නිසා අපේකම හඳුනන ඔබ එන්න මේ අලූත් නිර්මාණ රසවිඳින්න. ගයනි කරුණාරත්න, ඕමාලි රාජකරුණා, කෞෂි, පුෂ්පිකා අවන්ති, අශිනි ක‚ෂ්කා කියන නව පරපුරේ දරුවනුත් (අද සඳැල්ල කවරය සරසන) මේ ප්‍රසංගය හැඩ කරනවා.

සටහන ඡායාරූප සඳුන් ගමගේ

READ MORE - මාත්‍රා 2010 නර්තනයේ සුන්දරත්වය දකින්න...

ලහිරු පෙරේරාගේ රතු රට කජු


‘රතු රටකජු’ වර්තමාන ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ අතිශයින් ජනප්‍රිය වූ ‘රම්බරී’ ගීතය ගායනා කළ ලහිරු පෙරේරා ගේ අලුත්ම ගීතයයි.

සජීවීව ගායනා කළ මොහොතේ

මෙම රතු රටකජු ගීතය ඇතුළත් සීඩී තැටිය සහ ගීතයේ රූප රචනය සහිත වීඩියෝව ඇතුළත් ඩීවීඩී තැටිය එළිදැක්වීම පසුගියදා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් විශාල පිරිසක් සමඟ ලහිරුගේ සමීප හිතවතුන් සහ ඥාතීන් ඉදිරියේ ‘ජෙට්ලයිනර්’ නෞකාවේදී සිදු කෙරුණා.

ලහිරුගේ පියා නිමල් පෙරේරා, මව ප්‍රේමලතා පෙරේරා දෙපළට මුලින් ම පිරිනැමුණු අතර නව පරපුරේ ගායන ශිල්පී ගයාන් පෙරේරා ද මෙම අවස්ථාවට සහභාගි විය. ප්‍රවීණ නිවේදක ක්ලිෆඩ් රිචඩ් උත්සවයේ මෙහෙයවීම සිදු කළේ ය.



READ MORE - ලහිරු පෙරේරාගේ රතු රට කජු

‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට

‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට

පාලිත ලොකුපෝතාගමගේ තෙවන සිතුවම් දැක්ම ‘නොදුටු සඳ’ ජූලි 01 සිට 08 දක්වා මීගමුව දළුවකොටුව මේ ෆීල්ඩ් ජාත්‍යන්තර පාසලේදී ප්‍රදර්ශනය වේ.

මෙම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර 50 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙන අතර ‘සොබාදහමේ සුන්දරත්වය’ මෙවර ප්‍රදර්ශනයට තේමා කොටගෙන තිබේ.


READ MORE - ‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට

හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල

READ MORE - හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල

සුද්දෙක් කතා කරයි

READ MORE - සුද්දෙක් කතා කරයි

වයඹ ජනකලා පදනමේ පාඨමාලාවන්ට අයදුම්පත් කැඳවේ

මෙම වසරේ (2010) දෙවැනි කාර්තුව සඳහා වයඹ ජනකලා පදනම විසින් මෙහෙයවනු ලබන පාරම්පරික දේශීය වෙදකම, හා නක්‍ෂත්‍රය, ලේඛකත්වය හා ජනසන්නිවේදනය, උඩරට හා පහතරට නැටුම්, පෙර’පර දෙදිග සංගීතය, චිත්‍ර, මූර්ති, උද්‍යාන අලංකරණය, නාට්‍ය හා රංග කලාව හා ග්‍රැෆික් ඩිසයිනින් යන අ.පො.ස උසස පෙළ විෂයන් සඳහා වන පන්ති ජුලි මස ආරම්භ කිරීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩි විස්තර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ, වයඹ ජනකලා කේන්ද්‍රය, නුවර පාර, කුරුණෑගල යන ලිපිනයෙන් ලබාගත හැකියි.

- ඉනෝකා


READ MORE - වයඹ ජනකලා පදනමේ පාඨමාලාවන්ට අයදුම්පත් කැඳවේ

තර්ස්ටනයිට් බ්‍රාස් 2010 26 දා B.M.I.C.H හිදී

කොළඹ තර්ස්ටන් විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන තර්ස්ටනයිට් බ්‍රාස් 2010 තූර්ය වාදක සංදර්ශනය මෙම මස 26 වැනි දින එනම් අනිද්දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.

ජ්‍යෙෂ්ඨ තූර්යවාදක කණ්ඩායම බෙවින් ද සිල්වාගේ නායකත්වයෙන්ද, කණිෂ්ඨ තූර්ය වාදක කණ්ඩායම යෂරු පංකජ පෙරේරාගේ නායකත්වයෙන්ද එදින වාදනයන් ඉදිරිපත් කරනු ලැබේ. විද්‍යාල අතර සුහදතාවය වර්ධනය කරනු පිණිස තර්ස්ටන් විද්‍යාලයට අමතරව දිවයිනේ ප්‍රසිද්ධ පාසල් කිහිපයක තුර්යවාදක කණ්ඩායම් තර්සනයිට් බ්‍රාස් 2010 සඳහා වාදනයෙන් සහභාගී වීමට නියමිතය.

මෙම විචිත්‍රවත් තුර්ය වාදක සංදර්ශනය නැරැඹීම සඳහා දිවයිනේ විසීරි සිටින සංගීත හිතකාමීන්ට තර්ස්ටන් විද්‍යාලය ඇරැයුම් කර සිටී.

- ප්‍රසාද්


READ MORE - තර්ස්ටනයිට් බ්‍රාස් 2010 26 දා B.M.I.C.H හිදී

ළමා නළු නිළියන්ට හොඳ අවස්ථාවක්

ටෙලි නාට්‍ය නිෂ්පාදක රිචඩ් අබේවර්ධන ගේ නවතම ළමා ටෙලි සිතුවම සඳහා නවක ළමා නළු නිළියන්ට රඟපෑමේ අවස්ථාව ලබාදීමට ඔහු බලාපොරොත්තු වේ. ඒ සඳහා ඉංග්‍රීසි කතා කළ හැකි වයස අවුරුදු 6 ත් 8 ත් අතර ගැහැනු පිරිමි ළමුන් ජූලි මස 01 වැනි දින පෙ. ව. 10.00 ට චිත්‍රපට සංස්ථාවට පැමිණෙන ලෙස අරාධනා කර සිටී.

- අචිනි


READ MORE - ළමා නළු නිළියන්ට හොඳ අවස්ථාවක්

හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල ලුම්බිණියේදී

ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන්ගේ 79 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එතුමා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ‘තවත් උදෑසනක්’, ‘කුවේණි’ හා ‘හුණුවටයේ කතාව’ පිළිවෙළින් ජූලි 6, 7, සහ 8 යන තෙදින සවස 6.30 ට ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

ජයලත් මනෝරත්න, විජේරත්න වරකාගොඩ ඇතුළු නළු නිළියන් රැසක් මෙම නාට්‍ය උළෙලට සහභාගීවීමට නියමිතයි.


READ MORE - හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල ලුම්බිණියේදී

ගුරු ගරු

සමන්ති කුමාරි විජේසූරිය නවක වේදිකා නාට්‍ය නිර්මාණකාරිණියකි. ඇයගේ කුලුඳුල් වේදිකා නිර්මාණය ගුරු ගරු මෙම මස 26 වැනිදා දඹුල්ල කිරලගොඩල්ල විජය ශ්‍රී සුබෝධාරාමයේදී උදෑසන 10.30 ට වේදිකා ගත වේ. මේ කෙටි සංවාදය ඒ වෙනුවෙනි.

ඔබ ගැන පුංචි හැඳීන්වීමක් කළොත්?

මගේ ගම දඹුල්ල, ගමේ පැවැත්වෙන විවිධ ප්‍රසංග සඳහා නර්තනයෙන් මගේ දායකත්වය නිතර ලබා දුන්නා. අජිත් විජේසූරිය තමයි මුලින්ම වේදිකා නාට්‍ය සඳහා මාව යොමු කළේ. මගේ පළමු වේදිකා නාට්‍ය වුණේ.

දිළුම් සේනාධීරගේ ‘ ලතා ලාගේ කතා ‘ එයින් මා බොහෝ දේ ඉගෙන ගත්තා. කොළඹ පැමිණි පසු මා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. වසන්තේ ඇවිල්ලා, පස්මල් පෙති, කාව්‍යා, කළුවරඑළිය.

වැටෙන් එහා, ඉන් කිහිපයක්. අනතුරුව අහසෙන් වැටෙයි, දකින දකින මල්, ඩාන්සිං ස්ටාර් වැනි නිර්මාණ ඔස්සේ රිදී තිරයටත් පිවිසුණා. නමුත් මා වඩාත් ආදරේ කළේ වේදිකාවට.

ඒ නිසාද ඔබේ පළමු නිර්මාණ කාර්යය වේදිකා නාට්‍යයක් වුණේ?

ඔව්. වේදිකාව සජීවි මාධ්‍යයක් නිසා මිනිසුන්ට එය බෙහෙවින්ම සමීපයි. රසික ප්‍රතිචාරත් එවේලේම ලැබෙනවා. මේ නිසා මගේ පළමු නිර්මාණ කාර්යය වේදිකා නාට්‍යක් වුණා. ගුරු ගරු මුලින්ම වේදිකා ගත කළේ කොළඹ ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ එදින ලැබුණ ප්‍රතිචාර පිළිබඳ මා බොහෝ තෘප්තිමත්.

ගුරු ගරු හී අන්තර්ගතය?

මෙහෙමයි. පංතියකට පැමිණෙන අඩු මානසිකත්වයක් ඇති දරුවකු වටායි ගුරු ගරු හි කතා පුවත ගෙතෙන්නෙ. ඒ දරුවා ජීවිතය ජයගන්නා ආකාරය ඉතාම සංවේදී අයුරින් මෙහි ප්‍රතිනිර්මාණය කෙරෙනවා.

ගුරු ගරු ශිල්පීය දායකත්වය ගැන?

ගුරු ගරු රචනය සහ අධ්‍යක්‍ෂණය මගේ. සුසිලා කුරගම, රූපා ගෝමස්, අජිත් කොටුවිල, එෂාන් මධුරංග, හසී උදය කුමාර, සනත් ශ්‍රී ලාල්, දුලිප් රංගන ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙනවා.

මේ 26 වැනිදා මගේ කුලුදුල් නාට්‍ය මගේ උපන් ගමේ වේදිකාගත වෙනවා. ගමේ හැමෝගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මා විශ්වාස කරනවා.

READ MORE - ගුරු ගරු

මාත්‍රා 2010

ලාංකේය නර්තන සම්ප්‍රදායයන් ආරම්භ වූයේ ශාන්ති කර්මයක් වශයෙන් බව අද වන විට පැහැදිලි කරුණකි. ඒවා ශත වර්ෂ ගණනාවක් පැවත ආවේද ශාන්ති කර්ම වශයෙනි.

විශේෂයෙන් උඩරට නර්තන සම්ප්‍රදායය ‘කොහොඹා කංකාරි’ ශාන්ති කර්මය ඔස්සේ ද, පහත රට නර්තනය ‘රට යැකුම, දෙවොල් මඩු, ගම් මඩු’ ආදී ශාන්ති කර්ම ඔස්සේ ද, සබරගමු නැටුම ‘පහන් මඩු’ වැනි පූජා කර්ම ඔස්සේ ද ලාංකික ජන සමාජය තුළ ව්‍යාප්ත වී ජනප්‍රියව පැවතුනු බැව් පෙනේ.

ඒවා ශාන්ති කර්ම හෝ පූජා කර්ම වශයෙන් ආගමික අවශ්‍යතාවක් ලෙස එළි දැක්කේ වුවත්, සරල කෘෂිකාර්මික සමාජයක දිවි ගෙවූ ලාංකික ජනයාට සෞන්දර්යාත්මක රස වින්දනයත්, රිද්මයත් ලබා දෙන්නට විවිධත්වයෙන් යුතු චලන සහ රිද්ම රටා වලින් යුතු ඒ ඒ නර්තන සම්ප්‍රදායයන් සමත් වූ බව පැහැදිලිය.

ඒ ඒ සම්ප්‍රදායන්ට ආවේනික ප්‍රබල නර්තන චලනයන් හා රිද්ම රටා පිළිබඳව කෙළ පැමිණි නර්තන ශිල්පීන් (එදා ඔවුන් හැඳින් වුණේ යක් දෙස්සන් ලෙසිනි) මේ ශාන්ති කර්ම තුළින් ප්‍රේක්ෂකයින් නර්තන ආනන්දයෙන් හා රිද්මයෙන් මනාව සනහාලන්නට සමත් වූහ.

අද කෙතරම් විපර්යාසයන්ට හා නවීකරණයන්ට ලක්ව ඇතත්, තවමත් මෙරට නර්තන සම්ප්‍රදායයන් හා සබැඳි ප්‍රබල නර්තන චලනවල රසය අත් විඳින්නට මෙරට පොදු ජනයාට හැකියාව ඇතැයි යන්න නොරහසකි.

ශාන්ති කර්මයක් ලෙස පැවත ආ අපේ නර්තන සම්ප්‍රදායයන් එහි මුල පදනම නොනසා යම් නවීකරණයකට ලක් වන්නේ 1940 පමණ යුගයේ සිටය. අපේ නර්තන විලාස හා රිද්මයන්, වේදිකාවට සකස් කිරීමේ සුවිශේෂ කාර්යය ඔස්සේ ඒවායේ නවීකරණය කෙමෙන් සිදු වූ බවක් පෙනේ. අපේ සම්ප්‍රදායික නර්තනය නවීකරණයට ලක් වීම, එය වේදිකාව මතට ගෙන ඒම හා සමඟ සිදු වූවකි.

අපේ නර්තන සම්ප්‍රදායන්වල ලක්ෂණ හා හැඩතල වෘත්තාන්තමය ප්‍රකාශනයක් සඳහා යොදා ගැනීමේ අවශ්‍යතාව මතු කළ මුද්‍රා නාට්‍ය කලාවේ බිහිවීමත්, වේදිකා ප්‍රසංග කලාව වැඩි දියුණුවීමත් නිසා යම් නවීකරණයකට හා සංස්කරණයකට ලක් කිරීම කෙමෙන් ඇරඹුනි.

මේ කාර්යයන් දෙක ජය ගැනීම සඳහා මෙකී මුල් යුගයේ සිට චිත්‍රසේන, පණීභාරත, වසන්ත කුමාර, ප්‍රේම කුමාර, ශේෂා පලිහක්කාර, ජේ. ඉඹුල්ගොඩ, රංගනාත්, බැසිල් මිහිරිපැන්න වැනි කලාකරුවන් ගණනාවක් ප්‍රබල හා විශිෂ්ට දායකත්වයක් දක්වමින්, වත්මන් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කළ හැකි ක්‍රමික නවීකරණයකට මෙරට නර්තන සම්ප්‍රදායයන් බඳුන් කරන්නට සමත් වූහ.

මෙරට සාම්ප්‍රදායික නර්තන නූතන වේදිකාවටත්, වත්මන් ප්‍රේක්ෂකයාටත් ගැළපෙන පරිදි සකස් කොට ප්‍රසාංගික කලාවක් සේ ඉදිරිපත් කිරීමේ ගෞරවය මේ මුල් පරපුරට හිමි විය යුතුය.

හැටේ දශකය, හැත්තෑව දශකය දක්වාම මෙකී මුල් පරපුරේ නව නිර්මාණ නර්තන හා මුද්‍රා නාට්‍ය නිර්මාණ මෙරට නර්තන ක්ෂේත්‍රය පුබුදුවමින් ක්‍රියාකාරී වූ අතර ප්‍රසාංගික ලාංකික නර්තන කලාවක් වර්ධනය කිරීමේලා උනන්දුවක් හා ශක්තියක් දක්වන තවත් පරපුරක් හැත්තෑව දශකයේ මැද භාගයේ සිට අතු ඉතිලා වැඩෙන්නට විය.

මෙරට සම්ප්‍රදායික නර්තනය පිළිබඳ මනා ශාස්ත්‍රීය පුහුණුවක් හා අවබෝධයක් ද පෙර කී මුල් නව නර්තන පරපුරේ නිර්මාණවල ආභාසයෙන් හා ප්‍රයෝගික සහභාගී නිරීක්ෂණයෙන් ද ගොඩ නැගුණු දෙවැනි නර්තන පරපුරක් හැත්තෑව දශකයේ අග භාගයේ කෙමෙන් ගොඩ නැගෙන්නට විය.

ඒ පරපුරේ පුරෝගාමී නර්තන ශිල්පියකු හා නිර්මාණ ශිල්පියකු මෙන්ම නර්තන ආචාර්යවරයකු ද වන ප්‍රවීණ කලාකරුවකු වසර පනහකට ආසන්න තම නර්තන කලා ජීවිතයේ ජයග්‍රහණ නැවත සමරන්නට සූදානම්ව සිටී.

තම ජීවිතයේ හැට වසරක් පිරීම නිමිත්තෙන් සිය කලා භාවිතව නැවත නව පරපුරකට අභිනවයෙන් ඉදිරිපත් කරන්න සූදානම් වන මේ කලාකරුවා කලාශූරී ‘කුලසිරි බුදවත්ත’ නම් වේ.

බුදවත්ත රංගායතනය මේ සුවිශේෂ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් කරන ‘මාත්‍රා 2010’ කුලසිරි බුදවත්ත උපහාර නර්තන රංගන ප්‍රසංගය ජූලි 27 සවස 7.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙරට ප්‍රකට උඩරට නර්තන ගුරු පරපුරක් වන ‘බුදවත්ත’ නර්තන පරපුරේ කීර්තිමත් ශිල්පියකු වූ පුංචි ගුරු බුදවත්තයන් නම් තම පියාණන් වෙතින් උඩරට නැටුම් කලාවේ සියලු ව්‍යාකරණයන් හදාරමින් වෙස් බැඳි කුලසිරි බුදවත්ත තරුණ ශිල්පියා 1970 දී රජයේ ලලිත කලායතනයට එක්ව එහි පස් අවුරුදු ඩිප්ලෝමාව ද හදාරන්නට වෙයි.

එහිදී කලාගුරු පණීභාරත, විල්සන් ඔලබොඩුව, ඩබ්. ඩී. මකුලොලුව, ජී. රංගනාත් වැනි කලාකරුවන්ගෙන් ලැබූ ශාස්ත්‍ර පුහුණුව මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක නර්තන කටයුතුවලට සහභාගිවීමෙන් ලද පන්නරය හා ආභාසය නිසාම බුදවත්ත කලා ශිල්පියා තුළ ශිල්පීය වශයෙන් පරිණත නර්තන ශිල්පියකු මෙන්ම ප්‍රසාංගික නිර්මාණාත්මක නර්තන ඉදිරිපත් කිරීමේ ශක්තිය හා ආශාව මුසු වුණු නිර්මාණ නර්තන කලාකරුවකු ද කෙමෙන් පිබිදී මතුව එන්නට විය.

මීට අමතරව චිත්‍රසේනයන්ගේ ‘කිංකිණි කෝලම’ මුද්‍රා නාට්‍යය මෙන්ම ‘නෘතාංජලී’, ‘නවාංජලී’ වැනි ප්‍රසංගවලට සහභාගීවීමෙන් තවදුරටත් ප්‍රසාංගික නර්තනය පිළිබඳ දැනුම හා ශක්තිය වර්ධනය විය. 1980 තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා බවට පත්වීමෙන් පසු කුලසිරි බුදවත්ත කලාකරුවා තම නිර්මාණ චාරිකාව ආරම්භ කළේය.

‘සටන’, ‘ජන විජය’, ‘ගම්මානේ රබන් සුරල්’, ‘එරබදු මල්’, ‘ජයතු ලංකා’ වැනි මුද්‍රා නාට්‍ය හා නෘත්‍ය නාටක ඔහුගේ නිර්මාණකරණයේ මහඟු ඵල ලෙස අදත් සැලකිය හැකිය.

විශේෂයෙන් ‘සටන’ මුද්‍රා නාට්‍යය එවකට ගොඩ නැගෙමින් ආ ප්‍රබල තරුණ නර්තන ශිල්පීන් වූ මුදියන්සේ දිසානායක, රවිබන්ධු විද්‍යාපති, චන්න විජේවර්ධන, විද්‍යාරත්න ප්‍රනාන්දු වැනි රංගන ශිල්පීන් ගණනාවකගේ නර්තන හා රංගන කෞශල්‍යය මනාව විහිදා පෑ මෙරට නර්තන සම්ප්‍රදායයන් නාට්‍යමය කාර්යයක ප්‍රබල ලෙස යොදා ගත් නිර්මාණ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

කුලසිරි බුදවත්ත කලා ශිල්පියාගේ තවත් ප්‍රබල දායකත්වයක් වන්නේ මෙරට රූපවාහිනී ගීතයේ ප්‍රසාංගික ඉදිරිපත් කිරීම්වලට අදාල අපේ සම්ප්‍රදායික නර්තන පදනම සහිත ගීත නර්තන නිර්මාණ රාශියක් ඉදිරිපත් කිරීමය.

මෙරට රූපවාහිනී නර්තනය ජනප්‍රිය කිරීමේලා ඔහුගේ දායකත්වය ප්‍රබලය. එමෙන්ම තම කලා පරපුරෙන් තමාට උරුම වූ ‘බුදවත්ත’ නර්තන හැඩ තල රැගත් ශෛලියක් දස දහස් ගණනාවක් වූ තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වමින් විශාල ගෝල පිරිසක් බිහි කරන්නට ද ඔහු දායක විය.

කලාශූරී කුලසිරි බුදවත්තට උපහාර දක්වමින් ඉදිරිපත් කෙරෙන ‘මාත්‍රා 2010’ නර්තන ප්‍රසංගය පාරම්පරික නර්තන අංගවලින් මෙන්ම නව නිර්මාණාත්මක ප්‍රසාංගික නර්තන අංග ගණනාවකින් ද සමන්විතය.

මෙහිදී කෙටි මුද්‍රා නාට්‍ය අංග දෙකක් ඉදිරිපත් වන අතර ඉන් එකක් වන්නේ ‘සටන’ මුද්‍රා නාට්‍යයේ කොටසකි.

ඒ සඳහා මුල් නිෂ්පාදනයට සහභාගී වූ රවිබන්ධු, චන්න සහ ජයන්ත බුදවත්ත යන ප්‍රවීණ ශිල්පීන් සහභාගී වෙති.

‘සිහිනය’ නම් කෙටි මුද්‍රා නාට්‍යය මහාමායා දේවියගේ සිහිනය මූර්තිමත් කරන විචිත්‍ර නර්තනාංගයකි.

මීට අමතරව ‘හසඟන’ ගී අවිරාම නම් රූපවාහිනී ගීත නර්තන මාලාව ‘මොනරු’, ‘මුහුණු’, ‘සංඛනාද’ යන සුවිශේෂ නිර්මාණ නර්තන ගණනාවක් ද ඉදිරිපත් වන මේ උළෙලේ දී ‘බුදවත්ත’ නම් උපහාර ග්‍රන්ථයක් ද පිළිගැන්වේ.

මීට අමතරව ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර හා මහාචාර්ය මුදියන්සේ දිසානායක එක්ව කරන සංවාදයකින් බුදවත්ත කලාකරුවාගේ නිර්මාණ ගමන් මග විමසන අතර ඔහුගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථා විහිදා දැක්වෙන වාර්තා චිත්‍රපටයක් ද ඉදිරිපත් කෙරේ.

වසර ගණනාවක දැනුම, කැපවීම හා කුසලතාවද, දශක ගණනාවක නිර්මාණ අත්දැකීම ද නැවත සිහි කරමින් මෙරට පුරෝගාමී නර්තන කලාකරුවකු වන කලාශූරී කුලසිරි බුදවත්තයන්ට උපහාර දක්වනු වස් ඉදිරිපත් කෙරන නර්තන ප්‍රසාංගික සංග්‍රහය වන ‘මාත්‍රා - 2010’ රසික ඔබට විචිත්‍රවත් එමෙන්ම මතකයේ රැඳෙන නර්තන සිහිවටනයක් වනු ඇත.

READ MORE - මාත්‍රා 2010

නිකං හිතන්නවත් එපා.. කරන්ට් වැදෙයි

Saturday, June 26, 2010

අපේ සමහර ඇත්තෝ ඉන්නවා,
වේදිකා නාට්‍යයක් ගැන කිව්වම මෙන්න මෙහෙම කියන,


ම්හ්
පිස්සුද
මොකක්

බෑ රත්තරං

විකාරද අයිසෙ

දුර වැඩියි මෙයා

බන කතාකරනවද

මගුලක් කතා කරනවා
ඔය හෝල් එකේ චූවින්ගං තියේද
ඔව්ව කොරන්නේ පිස්සොනේ අනේ
අනේ ඔව්ව කොරලා මොනාටද මෙයා....?

හෝල් එකේ පුටුවල මකුනො ඉන්නවද දන්නෑ

අපේ එකාට රස්සාවක් හම්බෙනවද ඔය කෙහෙල්මලෙන්...?

ඕක බලන්න ගිහින් කා එකේ කෑලි කුඩුකාරයො ගැලෙව්වොත්...?

Eath Me katha Asse Wedika Naatya Hadapu,Natapu
Lankawe
Naatya Karuwanta,
Jaya wewa

READ MORE - නිකං හිතන්නවත් එපා.. කරන්ට් වැදෙයි

හුණුවටයේ කතාවේ කොටසක්

පොතේ ගුරු- අසනු මැන දැන් අයුරු විසඳුව විභාගය නඩු ළදරුවා ගැන කවුද යන වග නියම මෑණීය උපකාරයෙන් හුණු වළල්ලේ.............

නීතීඥයෙක් - මහා විකාර නඩුවක් මහාධිකරණ තුමනි, විත්තිකාරිය දරුවෙක් හොරකම් කරගෙන ගිහින් දැන්ආපසු දෙන්න බැහැ කියනවා.

පළමු නීතිඥයා - මහාධිකරණ තුමනි, පැරණි කියමනක් තියෙනවා රුධිරය ජලයට වඩා දැඩිය කියලා. මේ මහඟු කියමන ....

අසඩක් - ඊට කලින් මහාධිකරණය දැන ගැනීමට ඕනි මුන්නැහැගේ ගාස්තුව කීයද කියල.පළමු නීතිඥයා - මේ ප‍්‍රශ්නය ටිකක් අසාමාන්‍ය ප‍්‍රශ්නයක් මහාධිකරණ තුමනි. ඒ ගැන දැනගන්න අවශ්‍ය ම නම් මගේ ගාස්තුව රීදි 500යි.

අසඩක් - දැන ගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් ! හ්ම්, දැන් කියමු අර රුධිරය ගැන කතාව.

පළමු නීතිඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, සෑම බැම්මකට ම වඩා තද බැම්මක් තමයි රුධිර බැම්ම. මවකුත් දරුවෙකුත් අතර ඇති රුධිර බැම්ම! ඊට වඩා උත්තරීතර බැම්මක් මුළු ලෝක ධාතුවේම නැති බව මහාධිකරණතුමා පිළිගන්නවා ඇති. මහාධිකරණතුමනි, ඇයගේ ඇකයෙන් දරුවෙක් උදුරා ගැනීමට පුළුවන්ද? දරා සිටිය හැකි ක‍්‍රියාවක්ද එය ? මහාධිකරණ තුමනි, වනයේ සැරි සරන කෲරතර ව්‍යාඝ‍්‍ර ධේනුව පවා සිය දරුවා නැතිවු විට ශෝක ගින්න දරා ගනු බැරිව කෑළෑව දෙවනත් කරනවාලූ. මුළු ස්වභාව ධර්මයාම ........

අසඩක්- (කතාව නවතමින් ගෲෂාට) මොනවාද මේ වැල් වටාරම් ගැන යුෂ්මතියට කියන්න තියෙන්නෙ?

ගෲෂා - දරුවා මගේ

අසඩක් - හ්ම්, එච්චරද කියන්න තියෙන්නෙ? යුෂ්මතියට ඒක ඔප්පු කරන්න පුළුවන් වේවි කියල මම බලාපොරොත්තු වෙනව.

ගෲෂා - මම මට පුළුවන් හැටියට දැරුව ව බලාගත්තා. මම බඩගින්නේ තිබ්බේ නැහැ දරුවව. පුළුවන් දෙයක් කන්න බොන්න දුන්නා. හැමතිස්සේම වගේ කොහේහරි වහලක් යට ඉන්න සැලැස්සුවා. මම උණ බටවලින් සෙල්ලම් බඩු හදා දුන්නා දරුවාට. මගේ අතේ තිබුනු තුට්ටු දෙක වියදම් කරලා කිරි ටික අරන් දුන්නා.

පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි ඔබතුමාට පේනවා ඇති මේ තැනැත්තිය මේ දරුවා සම්බන්ධව කිසිම ලේ නෑකමකට හිමිකම් නොකියන බව.

අසඩක් - ඔව්,ඔව්, මට පේනවා.

පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි, මම තමුන්නාන්සෙගේන් බැගෑපත් ව ඉල්ලා සිටිනවා මේ දරුවාගේ මවට - මේ සියුමැලි කාන්තාවට- වචනයක් කතා කරන්න ඉඩ දෙන්න කියලා.

නටාලියා- (සෙමින්) මට අත් වී ඇති දරුණු ඉරණමින් මීදීමට මේ දරුවා නැවත ලබාදෙන ලෙස ඔබ තුමාගෙන් යටහත්ව ඉල්ලා සිටිනව නඩුකාරතුමනි. මවක් වශයෙන් මම වින්ද වේදනා හිරිහැර! නිදි නැතිව ගත කළ..

දෙවන නීතීඥයා- (කඩා පනිමින්) මේ ස්ත‍්‍රියට සලකන හැටි ඉතාම නින්දිතයි. මියගිය ඇගේ ස්වාමි පුරුෂයාගේ මාළිගාවටත් ඇතුළු වෙන්න ඉඩක් නැහැ මේ ස්ත‍්‍රියට ! වතු පිට වල ආදායම් ඇහිරිලා! කිසිම හිතක් පපුවක් නැතිව එයාට කියනවා ඔටුන්න හිමි කුමාරයා නැතිව ඒ කිසි දෙයක් ඇයට දෙන්න බැහැ කියලා. කිසිම දෙයක් කරගන්න බැහැ මේ මනුෂ්‍යාට කොලූ පැටියා නැති හින්දා! නීතීඥයන්ටවත් ගේවා ගන්න විදිහක් නැහැ

( ඒ වචන වලින් කලබව වු පළමු නීතිඥයා ඔහු වැළකීමට අතින් සංඥ කරන විට) මගේ මිත‍්‍ර ...... ඉලෝ සුබොලාඞ්සේ මොකද අපි මේ කාරණාව එළි කළාම ඇති වැරුද්ද? අබෂ්විල්ලි වතුපිටි වලට අයිතියක් නැද්ද ඔය කොලූ පැටියට වගේම මේ මනුස්සයට?

පළමු නීතීඥයා - කරුණාකර ඉඳ ගන්න සන්දො ඔබොලාඞ්සේ ! මේ ගැන සඳහන් නොකරන්න අපි එකඟ වුණා. මහාධිකරණ තුමනි, අබෂ්විල්ලි වතුපිටි සම්බන්ධ ප‍්‍රශ්ණයකුත් තියෙනවා තමයි මේ නඩුවේ තීන්දුව උඩ. ඒත් ඊට වඩා පෙරමුණේ තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ මේ මවක් පිළිබඳ ඇති මානුෂික ඛේදවාචකයයි.



අසඩක් - කරුණාකර පොඞ්ඩකට නවතින්න. වතුපිටි වල ඛේදවාචකය ගැන කතා කරන කොට මහාධිකරණ තුමාගේ පපුව පත්තු වෙනවා. පිරිසිදු මනුෂ්‍ය හැඟීම පිළිබඳ සංකේතයක්!

දෙවන නීතීඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, දරුවන් රැගෙන ගිය මෙම ස්ත‍්‍රිය දරුවගේ මව නොවන බව ඔප්පු කිරීමට මම සුදානම්. මහාධිකරණය ඉදිරියේ අපේ කරුණු දැන් ඉදිරිපත් කරනව..............................................

අසඩක් - (ගෲෂා අසලට කැඳවා) උඹ බොහෝම අපූරු කතාවක් කළා. ඒත් මේ දරුවා උඹේ නෙමෙයි බව මට පේනවා. ඉතින් උඹේ වුනායි කියලා යෝදියේ උඹ කැමති නැද්ද දරුවා පොහොසත් වෙනවට? උඹ මේ දරුවා උඹේ නෙමෙයි කියලා කියපු හැටියේ දරුවාට රජ මාලිගාවක් හම්බ වෙනවා. අස්ගාලේ අස්පයො ලැබෙනව! දොරකඬ හිඟන්නො ලැබෙනව! යුද්දෙට හේවායො ලැබෙනව! මිදුලෙ පෙත්සම් කාරයො ලැබෙනව. මොකද කියන්නෙ? උඹ කැමති නැද්ද දරුවා පෝසත් වෙනවට?

ගෲෂා- (හිටි හැටියේ උස් හඬින්) මම දෙන්නෙ නැ මගේ දරු පැටියව! මමයි ඌ හැදුවෙ! ඌ මාව අඳුනනව! (ෂවුවා දරුවා රැගෙන එයි.)

අසඩක්- විත්තියෙනුත් පැමිණිල්ලෙනුත් ඉදිරිපත් කළ කාරණාවලට මෙම අධිකරණය බොහොම ප‍්‍රවේසමෙන් ඇහුම්කන් දුන්න. ඒත් තීරණයකට එළඹෙන්න බැරි වුණා. අධිකරණයේ විනිශ්චයකරු වශයෙන් මෙම දරුවාට මවක් තෝරා දීම අපේ යුතුකමක්. ඒ නිසා අපි තීරණය කළා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට.

ෂවුවා, හුණු කෑල්ලක් අරගෙන විනිශ්චය ශාලාව මැද හුණු වටයක් අදිමු. දැන් දරුවා හුණු වටය මැද්දේන් තියමු. (ෂවුවා එසේ කරයි. වටය මැද සිට දරුවා ගෲෂා හා සිනාසෙයි.) දැන් මේ ස්ත‍්‍රීන් දෙදෙනා හුණු වටය දෙපැත්තෙන් හිට ගනිමු. (ස්ත‍්‍රීහු දෙදෙනා එසේ කරති.) දරුවා හුණු වටයෙන් එළියට ඇද ගන්නට පුළුවන් තැනැත්තිය නියම මව හැටියට අපි විනිශ්චය කරනවා.

දෙවන නීතිඥයා - මහාධිකරණ තුමනි, මම මේ පරීක්ෂණයට විරුද්ධත්වය ප‍්‍රකාශ කරනව. ඔටුන්න හිමි කුමාරයා වශයෙන් අබෂ්විල්ලි වතුපිටි මාළිගා ධන ධාන්‍ය ආදී සියල්ලක් ම මේ දරුවා සමඟ බැඳී තියෙනව. එම ධන සම්භාරය මෙවැනි අවිනිශ්චිත පොරයක් මත විසඳීම අයුක්ති සහගත බව මම අවධාරණයෙන් කියා සිටිනවා. ඒ ඇරුණූ කොට අත පයේ වැඩ පළ කර පුරුදු විත්තිකාරියට තරම් සවි ශක්තියක් මේ සියුමැලි පැමිණිලිකාරියට ඇත්දැයි හිතා ගන්න අමාරුයි!

අසඩක් - එහෙම සෝමාරිකමක් පේන්නේ නෑ මට ! හ්ම්, අදිමු.
(නටාලියා තම පැත්තට දරුවා ඇද ගනී. දරුවා අතහරින ගෲෂා බිය පත්ව බලා සිටියි.) මොකද වෙලා තියෙන්නෙ? මම දැක්කේ නෑ අදිනවා.

ගෲෂා - මට හරියට අල්ල ගන්න බැරි වුණා.

පළමු නීතිඥයා - (නටාලියාට අතට අත දෙමින්) මොකද මම කිව්වෙ ? ලේ වල බැම්ම!

අසඩක් - හොඳයි මම තව එක සැරයක් මෙම පරීක්ෂණය පවත්වනව, හරියට ම දැන ගන්න. (ස්ත‍්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.)හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.)

ගෲෂා - (අසරණ ව ) මමයි හැදුවෙ ! දරුව දෙකට ඉරන්නද මට කියන්නෙ? මට බෑ එහෙම කරන්න!


උපුටා ගැනීම
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ කොකේසියන් චෝක් සර්කල් ඇසුරින්
හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ
හුණුවටයේ කතාව නාට්‍ය පිටපතෙනි.
READ MORE - හුණුවටයේ කතාවේ කොටසක්

අසඩක් ගෲෂාට ලියූ කවිය (Asadak & Grushaa)


මෙන්න අසඩක් ගෘෂාට ලියපු කවිය
READ MORE - අසඩක් ගෲෂාට ලියූ කවිය (Asadak & Grushaa)

මානුශවාදී විණිසුරු හෙවත් අසඩක්

හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙකු, කවියෙකු, නාට්‍ය රචකයෙකු, පරිවර්තකයෙකු, නාට්‍ය නිෂ්පාදක‍යෙකු ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි. කලා ‍ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙකු හා නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රිය.

1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය. පියා බස්තියන් ‍කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය. ඔහු වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. නිවසේදී සිංහල, ඉංග්‍රීසි, හා ගණිතය අධ්‍යාපනය ලැබූ හෙන්රි, මුලින්ම පාසල් ගියේ ගම්පහ බ්‍රැන්ඩියමුල්ල රෝමානු කතෝලික පාසලටය. ගම්පහ ලොරෙන්ස් විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ඔහු උසස් අධ්‍යාපනය ලැබීය. නාලන්දා විද්‍යාල‍යේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී, යූ.එස් පෙරේරා (සිරි අයියා) නිෂ්පාදනය කළ හරිස්චන්ද්‍ර නාට්‍යයේ රෝහණ කුමාරයාගේ චරිතය ඔහු නිරූපනය කළේය. එය ඔහුගේ වේදිකාවට තැබූ පළමු පියවර විය.

හෙන්රි‍ගේ මුල්ම පත්වීම වූයේ තාවකාලික ලිපිකරුවෙකු ලෙස කොළඔ කොටුව රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ ලද පත්වීමයි. ඉන්පසු ඔහු පදියපැළැල්ල දෙහිපෙ ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි උප ගුරුවරයෙකු ලෙස ලද පත්වීම් ලැබීය. 1951 දියතලාව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට බැඳුනු ඔහු, දිගු කාලයක් සේවය කළේ එහිය. 1962 දී නාට්‍ය ශිල්පිනියක වන මානෙල් ජයසේන හා විවාහ වූ හෙන්රි, එක් දරු පියෙකි. සෞම්‍ය සුධාරක ජයසේන ඔහුගේ එකම පුතුය.

හෙන්රි, සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේය. 1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය. එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි.

මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ

(1) මනමාලයෝ - පරිවර්තන (1953)

(2) වැදගත්කම - පරිවර්තන(1954),

(3) ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)

(4) පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959)

(5) ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962)

(6) කුවේණි -ස්වත්‍රන්ත්‍ර (1962)

(7) තවත් උදෑසනක් - ස්වත්‍රන්ත්‍ර (1946)

(8) මනරංජන වැඩවර්ජන - ස්වත්‍රන්ත්‍ර (1965)

(9) අහස් මාළිගා - පරිවර්තන(1966)

(10) හුණු වටයේ කථාව -පරිවර්තන (1967)

(11) අපට පුතේ මගක් නැතේ -ස්වත්‍රන්ත්‍ර(1968)

(12) දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)

(13) මකරා - පරිවර්තන(1973)

(14) සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්‍රන්ත්‍ර (1975)

(15) සිරිසඟ‍බෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟ‍බෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )

(16) ජයතු ලංකා - 1983


1956 එදිරිවීර සරත්චන්ද්‍ර මනමේ නිෂ්පාදනය කිරීමත් සමඟ, ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රය තුළ එතෙක් පැවති නාට්‍ය සම්ප්‍රදාය කඩා වැටුනි. මනමේ ආභාශය ලබමින් ශෛලිගත ආකෘතියේ නාට්‍ය නිෂ්පාදනය වන්නට විය. මේ තුළින් නාට්‍ය කලාව මේ යුගයේ අර්බුදයකට පත්ව තිබුණි. නමුත් නිෂ්පාදන ශෛලිය අතින් මනමේ අනුකරණයට නොව ඊට පිටු පෑමට හෙන්රි ජයසේන උත්සාහ ගත්තේය. තමන්ගේ "කුවේණි" නාට්‍යය ශෛලිගත නාට්‍යයක් ලෙස හැඳින්වීමට මැළිවන ඔහු, 1961 නිර්මාණය කළ ' ජනේලය ' නම් නාට්‍යයද ඉහත නාට්‍ය රැල්ලට දුන් කදිම පිළිතුරකි. එම නාට්‍ය නිපදවා ඇත්තේ ශෛලිගත, තාත්වික යන සම්ප්‍රදායේ මනා සංකලනයකිනි. හෙන්රි සිය නාට්‍ය චාරිකාව අරඹන්නේ "මනමාලයෝ", "වැදගත්කම" වැනි පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය තුළිනි. 1959 දී නිර්මාණය කළ "පව්කාරයෝ" ඔහුගේ පළමු ස්වත්‍රන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනයයි. කෙසේ නමුත් හෙන්රි නාට්‍යකරුවෙක් ලෙස ස්ථාපිත වන්නේ කුවේණි නාට්‍යය තුළිනි. එය ප්‍රේක්ෂක විචාරක නොමද ප්‍රසාදයට පාත්‍ර වූ නාට්‍ය නිර්මාණයකි. ස්වත්‍රන්ත්‍ර, අනුවර්තන, පරිවර්තන නිර්මාණ රැසක් කරළියට ගෙන ආ ඔහු, ඒ හැම තැන්හිදීම ස්වකීය අනන්‍යතාවය සනිටුහන් කිරීමට සමත් වීය. ඒ අනුවර්තන හා පරිවර්තන නාට්‍ය කරුණු 2 ක් යටතේ වැදගත්ය.

1.ලොව විවිධ නාට්‍යකරුවන් තම රටවල සිතුම් පැතුම් අනුව නිර්මාණය කළ දැවැන්ත නාට්‍ය අප රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට ගැලපෙන ලෙස ඉදිරිපත් කිරීම.

2. අනුවර්තනයේදී හා පරිවර්තනයේදී සංයමයකින් යුතුව බස හසුරුවමින් මතු කළ දේශීය අනන්‍යතාවය පරිවර්තන හා අනුවර්තන නාට්‍ය නිෂ්පාදනයෙන් සිංහල වේදිකාවට එක් කළ නැවුම් අත්දැකීම් සම්භාරය හා ප්‍රේක්ෂකයාට ලබා දුන් උසස් රසවින්දනය.

මීට දශක තුනකට පෙර ඔහු නිෂ්පාදනය කළ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ "ද චෝක් සර්කල්" (හුණු වටයේ කථාව) මෙරට පරිවර්තන නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ ලෙස පිළිගැනේ. හෙන්රිගේ හුණු වටයේ කථාව පරිපූර්ණ නාට්‍යයක් පමණක් නොව, නාට්‍යකරු‍වෙකු ලෙස හෙන්රි ජයසේන විකාශනයේ කූටප්‍රාප්තිය පමණක් නොව, එය නූතන සිංහල නාට්‍ය කලාවේ විකාශනයේ අතිශය වැදගත්බවක් ද ගෙන ඇත. ඔහු අනුගමනය කළ ශෛලිගත , ස්වභාවික හා මිශ්‍ර රංග රීතිය තුළ ගීතයද සුවිශාල මෙහෙවරක් කළේය. හෙන්රි කවදත් ගීතයට හා සංගීතයට ලොල් කළ නාට්‍යකරුවෙකි. ජනේලය, කුවේණි, තවත් උදෑසනක්, දිරිය මව, අපට පුතේ මගක් නැතේ, සරන සියොත් සේ පුතුනි හඹා යන ආදී නාටය ඊට නිදසුන්ය. ඔහුගේ ගීත ජනේලයේදී හාස‍්‍යය උපදවයි. කුවේණි නාට්‍යයේදී දාර්ශනික විය. තවත් උදෑසනක් හි සෞන්දර්යාත්මක විය. හුණු වටයේ කථාවේ දී නව නඑ රසයෙන් අනූන විය.

  • මේක තමයි කන්තෝරුව - මහ රැජිනගෙ කන්තෝරුව (ජනේලය )
  • නොහඩන් කුමරුනි ඇවිල යසෝ ගිනි...
  • සත් සියක් රත් මල් රැගෙන මම...(කුවේණි)
  • උදෑසනක් තවත් උදාවෙලා ඇවිත්...(තවත් උදෑසනක්)
  • පුත නොබලන් හෙළ ගැඹුරුයි...
  • යුද්දෙට මං ගියා...(හුණු වටය)


ආදී ගීත නොඇසූ ප්‍රේක්ෂකයෙකු සිංහල නාට්‍ය රසිකයන් අතර ‍නොමැති තරම්ය. ගීතරචකයෙකු කවියෙකු ලෙස පමණක් නොව වේදිකාව සිනමාව යන අංශ තුනේම ඔහු දස්කම් පාන ලදී.

හෙන්රි 1959 සිට 1996 දක්වා වසර 39 ක කාලය තුළ චිත්‍රපට 19 ක රඟ පා ඇත. ඔහු රඟ පෑ ගම්පෙරළියේ පියල්ගේ චරිතය ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන චරිතයක් විය. චිත්‍රපටය රූපගත කිරීමට පෙර ඊට පාදක වූ 'ගම්පෙරළිය' 15 වරක් කිය වූ බව (චරිතය අවබෝධ කර ගැනීමට) හෙන්රි පවසයි.

1982 ආරම්භයත් සමඟ රුපවාහිනිය මෙරටට පැමිණී තැන් සිට සිනමා සහ නාට්‍ය ක්ෂේත්‍රයේ කුසලතා දැක්වූ ලාංකීය කලාකරුවෝ ක්‍රමයෙන් රුපවාහිනිය හරහාද ප්‍රේක්ෂකයන් ඇමතූහ. 1983-88 කාලයේ හෙන්රි ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ අතර ඒ කාලය තුළ ඔහුගේ පරිපාලනමය හැකියාව ප්‍රත්‍යක්ෂ කරන්නට වු නිසා ඔහුගේ කලා දායකත්වය අඩු විය.

1990 දශකයේ ඔහු මෙරට ජනතාව අතරට වඩාත්ම පිවිසියේ ඔහුට වඩාත් හුරු පුරුදු නාට්‍ය හා චිත්‍රපට මාධ්‍යයෙන් නොව ටෙලි නාට්‍ය තුළිනි. නෑදෑයෝ, දු දරුවෝ, මානව වාරණ වැනි ජනප්‍රසාදයට පත් වූ මාලා නාටක කීපයක කුශලතා දැක්වීමට හෙන්රි සමත් විය. නාට්‍යකරුවෙකු ලෙස පමණක් නොව සාහිත්‍යධරයෙකු ලෙසද සිය කුසලතාව පළකළ හෙතෙම මිනිසුන් වූ දරුවෝ (1965), ලාසරස් (1999) යන නවකථා දෙකක් පළ කරන ලදී. තම ජීවිත කථාව කරළියක කථාවක්, නිම් නැති කථාවක් 1, 2 ලෙස වෙළුම් තුනකින් 1996 දී පළ කර තිබේ.

සිය දීර්ඝ නාට්‍ය චාරිකාවේ දී අවස්ථා කීපයකදීම ඔහු සම්මාන වලින් පිදුම් ලැබීය. 1963 දී කුවේණි නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රචනය, හොඳම නිළිය, නිෂ්පාදනය, සංගීතය යන අංශ වලින් සම්මාන ලැබීය. 1979 'හඳයා' චිත්‍රපටයේ රංගනයට හොඳම සහය නඑවාට හිමි සරසවි සම්මානයද, හංස විලක්, බැද්දේගම යන චිත්‍රපටවල රංගනය උදෙසා සරසවි සම්මානත් ඔහුට ලැබී ඇත. 1988 වසරේ කලාශූරී සම්මානය ලැබූ ඔහු සුමති ටෙලි සම්මාන උළෙළේ දී ජීවිතයේ එක් වරක් කලාකරුවෙකුට හිමිවන සම්මානය දිනා ඇත.

හෙන්රි ජයසේන නම් නාට්‍යකරුවා පිළිබඳ තිස්ස අබේසේකර මහතා මෙසේ කියයි. ..."සිංහල නාට්‍ය කලාව උදෙසා තම ජීවිතයේ හොඳම කාලය වැය කළ හෙන්රිට හොඳ වැඩක් කළා යැයි හිත පුරාසතුටු විය හැක. මින් පසු එකම නාට්‍යයක්වත් බිහි නොකළත් හෙන්රිගේ නම නාට්‍ය වංශයේ ඉහළින්ම ලියවෙන්නට හුණු වටයේ කථාව පමණක් ප්‍රමාණවත් ය..."

හුණු වටයේම එන පරිදි "දෙයක් වේ නම් එය සුදූස්සාටම අයිති විය යුතු..." යන්න සනාථ කළ පුද්ගලයෙක් ලෙස ඔහු හැඳින්විය හැකිය. හුණු වටයේ කථාවේ අසඩක්, ගම්පෙරළියේ පියල්, මනමේ නාට්‍යයේ මනමේ කුමරු, දු දරුවෝහි සුදු සීයා ලෙස මෙරට රසික මතකයේ නොමැකී රඳමින් හෙන්රි ජයසේන ‍අප අතර සදා සජීවී කලාකරුවෙක් ලෙස රඳනු ඇත.

READ MORE - මානුශවාදී විණිසුරු හෙවත් අසඩක්

රාජිත දිසානායක - Rajitha Dissanayake

Thursday, June 24, 2010

කවුද රාජිත දිසානායක ???

1994 වසරේ ‘සක්වාදාවල’ ඔස්සේ නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූ

රාජිත දිසානායක,

නාට්‍ය කලාව සුපෝෂණය කළ නව පරපුරේ නාට්‍යවේදීන් අල්ප දෙනාගෙන් ප‍්‍රමුඛයෙකි.

ඔහු ෙසායා යමු

සරසවිය 2010-03-25 බලන්න

සම්මාන ලබන රාජිත දිසානාය

බලන්න

සිළුමිණ 2008-07-27

බලන්න

www.news.lk

බලන්න

සිළුමිණ 2008-07-06

බලන්න

sundayobserver

2008-06-15 READ

From the Blog 8

බලන්න

sundaytimes 2008-06-01 READ

READ MORE - රාජිත දිසානායක - Rajitha Dissanayake

ධර්මසිරි බණඩාරනායකගේ මකරාක්ෂයා ගැන සටහනක්

Wednesday, June 23, 2010

READ MORE - ධර්මසිරි බණඩාරනායකගේ මකරාක්ෂයා ගැන සටහනක්

මහේන්ද්‍රගේ අලුත්ම භූමිකාව

මහේන්ද්‍ර පෙරේරා අපි තවමත් හඳුනාගෙන සිටිනුයේ ප්‍රවීණ රංගධරයකු වශයෙන්. එහෙත් අලුත්ම ආරංචිය ඔහු ළඟදීම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වැඩීමට සූදානම් වන බවයි.

“ඇත්තටම මගේ හිතේ ලොකුම ආසාව කැමැත්ත තිබෙන්නේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමටයි. එයට පෙර සැලසුමක් වශයෙන් තමයි ටෙලිනාට්‍යයක් කරන්න හිතුවේ.” ටෙලිනාට්‍යයේ තිර රචනය ලියන්නේ දිලීප අබේසේකර. නිෂ්පාදනය කරන්නේ ජයලත් ක්‍රිශාන් පීරිස්.

මහේන්ද්‍රගේ ටෙලිනාට්‍යයේ සුවිශේෂීම කාරණාව වන්නේ 100% ක්ම මෙහි රූගත කිරීම සිදුකරනුයේ හම්බන්තොට ඉදිවුණු රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී වීමයි.

READ MORE - මහේන්ද්‍රගේ අලුත්ම භූමිකාව

2010 FIFA පාපන්දු තරගාවලියේ නිල ගීතය

Monday, June 21, 2010


2010 FIFA
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය වන්නේ ’waka waka’ (This Time for Africa) ගීතයයි.

කොලොම්බියානු ගායිකාවක, ගී රචිකාවක, සංගීත අධක්‍ෂවරියක, ගීත පටිගත කිරීමේ නිෂ්පාදිකාවක මෙන්ම නැටුම් ශිල්පිනියක වන Shakira Isabel Mebarak Ripll සහ දකුණු අපි‍්‍රකානු සංගීත කණ්ඩායමක් වන ෆෙ‍්‍රෂ්ලි ග්‍රවුන්ඩ් (Freshly ground) විසින් ඉංගී‍්‍රසියෙන් සහ ස්පාඤ්ඤ යන භාෂා ද්වියෙන්ම ගයා ඇත.

සාම්ප්‍රදායික අපි‍්‍රකානු සොල්දාදුවන්ගේ ගීතයක් වන ’Zangalewa’ ඇසුරෙන් නිර්මාණය කර තිබේ.

2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක උලෙළේදී ගැයුණු මෙම ගීතය යළිත් ජූලි 11 වැනිදා ජොහැන්නස්බර්ග් නුවර සොකර් සිටි ස්ටේඩියම් හි අවසන් මහා තරගයට පෙර ගායනා කරනු ඇත.

සෝනි මියුසික් ආයතනය මඟින් මැයි 31 වැනිදා 2010 FIFA ලෝක කුසලාන වෙනුවෙන් නිකුත් කළ ’Listen up’ ගීත ඇල්බමයට ඇතුළත් කර ඇති මෙම ගීතය ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියා, බෙල්ජියම, ස්පාඤ්ඤය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක වඩාත් ජනපි‍්‍රය ගීතය බවට පත්ව තිබේ.

එසේම ශකිරා විසින් ගායනා කළ ’Hips Don’t lie’ ගීතය 21 වැනි ශතවර්ෂයේ වඩාත් සාර්ථකම ගීතය ලෙස හඳුන්වයි.

ග්‍රැමී සම්මාන 2 ක්, ලතින් ග්‍රැමී සම්මාන 7 ක් දිනා ඇති ශකිරා ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ගේ ජයග්‍රහණය සමරා ලින්කන් අනුස්මරණ වේදිකාවේදී පැවැති උත්සවයේදී (steve wonder) ස්ටීව් වොන්ඩර් සමඟ ගී ගැයීමට තෝරාගෙන තිබුණි.

shakira waka waka official song fifa 2010 video.wmv

READ MORE - 2010 FIFA පාපන්දු තරගාවලියේ නිල ගීතය

අපේ උරුමය වෙනුවෙන් වූ නාලිකාවට වසරක් සපිරෙයි...

අපේ උරුමය ලොවට තේමා කරගත් හෙරිටේජ් නාලිකාව පසුගියදා සිය පළමු වසර සමරනු ලැබුවා. ඩයලොග් ටීවී හරහා විකාශය වන හෙරිටේජ් නාලිකාව මෙරට උරුමයන් පිළිබඳව අපූරු වැඩසටහන් රැසක් දිනපතා ඔබට සමීප කරනු ලබනවා. මේ එ පිළිබඳව හේමනලීන් කරුණාරත්න මහතා සමග කළ සංවාදයකි.

පළමු වසර සංවත්සරය ගැන මුලින්ම කතා කළොත්?

අපට අවුරුද්දක් පිරෙන මාසය වෙසක් මාසය නිසා මුළු මාසයටම බලපැවැත්වෙන විදිහට අපේ නාලිකාව ඊළඟ වර්ෂයට මුහුණ දෙන්න සූදානම් වෙනවා.

අපි මුලින්ම දිනකට පැය 4 ක් පමණයි නව වැඩසටහන් විකාශය කළේ. නමුත් එය මේ වන විට පැය 6 දක්වා වැඩිකර තිඛෙනවා. ඒවා අදියර 4 කින් විකාශය වෙනවා. උදාහරණයක් ලෙස හැම දවසකම ආරම්භක තත්පරයේදී තමයි අපි අපේ වැඩසටහන් ආරම්භ කරන්නෙ. එනම් රාත්‍රී 12 න් පසුව අලූත් දවසක් ආරම්භ වන මොහොතේයි.

සාමාන්‍යයෙන් රූපවාහිනී නාලිකාවක සුපිරි කාලය (ඡරසපැ ඔසපැ) යන අදහසින් නෙමෙයි අපි අපේ වැඩසටහන් ගෙන යන්නෙ. උදෑසන පළමු තත්ත්පරයේදී සිට උදෑසන 6 දක්වාත්, හයේ සිට දහවල් 12 දක්වාත්, දවල් 12 සිට සවස 6 දක්වාත්, හයේ සිට රාත්‍රී 12 දක්වාත් තමයි වැඩසටහන් විකාශය වන්නේ. මේ කාලය තුළ අපි ගෙන එන හැම වැඩසටහනක්ම වටිනාකමක් තිඛෙන වැඩසටහන් ලෙසයි ගෙන එන්නේ. අපි තාමත් එකම ටෙලි නාට්‍යයක් හෝ එකම චිත්‍රපටයක් ්‍යඔඪ තුළ පෙන්වා නැහැ. වැදගත් වාර්තා, සඟරා වැඩසටහන් හා සාකච්ඡා ගෙන ඒම තමයි අපේ ප්‍රධාන ඉලක්කය. ඒ ඉලක්කය සමගින්ම තමයි දෙවන වසරට පා නගන්නේ. මොකද මීට පෙර සාකච්ඡාවකදී අප පැවසුවා ලංකාවේ ඩිස්කවරි නාලිකාව බවට පත්වීම තමයි අපේ අරමුණ කියලා. එතැන තමයි අපි තාම ඉන්නෙ. ආර්ථීක ලාභ හෝ තරගයට මුහුණදීම කියන කාරණා නිසා අපි අපගේ වැඩපිළිවෙල වෙනස්කර නැහැ.

දෙවන වසරේ ඉදිරිපත් කරන වැඩසටහන් වල වෙනසක් වෙනවද?

මේ ඉරිදා සිට අපේ පැය 6 ක වැඩසටහන් කාලය ඇරඹෙන්නේ ලංකාවේ පුදබිමක කරපු වැඩසටහනකිනුයි. මෙය නම්කර තිඛෙන්නේ zවන්දනාවZ නමිනුයි.

අපේ නාලිකාවේ මුලින්ම නරඹන වැඩසටහන වන්නේ zරන් පන්හිදZ වැඩසටහනයි. අපි තරම් වෙන කිසිම නාලිකාවක් පොත් සඳහා සේවයක් කරලා නැහැ. ඉන් පස්සෙ ඇරඹෙන්නේ පරිසරය වෙනුවෙන් වැඩසටහනකුයි. එය zහරිතZ නමින් හඳුන්වනවා. ඒ එක්කම මීළඟට අපි විකාශය කරන්නේ zසංචාරේZ වැඩසටහනයි. ලංකාවේ විවිධ සංචාරක ස්ථාන හා සංචාරක හෝටල් ගැන දැනුවත් කිරීම මේ හරහා සිදු කරනවා.

අපේ විශේෂ වැඩසටහන් වලට දියරැලි, රට වටේZ, zසිත් ගත්තන්Z, zකන්දෙන් කන්දටZ, zනදී චාරිකාZ ආදිය දැක්විය හැකියි. මේවා පාසල් ළමුන් තුළ ලොකු ආකර්ෂණයක් දිනාගෙන තිඛෙනවා.

මැයි මාසයේ සිට වෙළෙඳ පොළ සංස්කෘතිය ගැන කතා කරන්න කටයුතු කරනවා. ඒ අනුව අපේ දේ දියුණු කරන මිනිසුන් වෙනුවෙන් අපි නාලිකාවක් ලෙස පෙනී සිටින්න කැමතියි. අපි ප්‍රවෘත්ති නිෂ්පාදනය නොකළත් කාලීනව වැදගත් වැඩසටහන් z්‍යඔඪ විමසුමZ හරහා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.

මේ සමගම ප්‍රබුද්ධ රසවින්දනයක් ලබාදීමේ අරමු‚න් නන්දා මාලනී මහත්මිය සමග zසක්වලZ නමින් වැඩසටහනක් ඇරඹුවා. එය ඉරිදා 10.00 ට විකාශය වෙනවා. මම ඩයලොග් ටීවී තිඛෙන හැමෝටම එය නරඹන ලෙස ආරාධනා කරනවා.

ඒ එක්කම අපි ලංකාවේ තෝරා ගත් පාසලකට ගොස් රූපවාහිනීකරණය ගැන නොමිලේ පාඨමාලාවක් පවත්වනවා. ඒ තුළින් බලාපොරොත්තු වන්නේ පාසල් දරුවන්ට පාසලේ සිටම වාර්තා වැඩසටහන් බිහි කරන තත්ත්වයට පත්කරලීමයි. දුර බැහැර දරුවන් කොළඹට පැමිණ රැකියා සෙවීම නෙවෙයි සිදුවිය යුත්තේ. තමන් සිටින ප්‍රදේශයේ සිට නිර්මාණකරණයේ යෙදීමයි. ඔවුන්ගේ නිර්මාණ පමණක් කොළඹට ඒම ප්‍රමාණවත්. ඉදිරියේදී දුරබැහැර ප්‍රදේශ වලට මෙය ගෙන යාමේ සූදානමක් තිඛෙනවා.

්‍යඔඪ හා තරුණයා පුවත්පත එක්ව වෙසක් කලාපයක් නිර්මාණය කරන බව පැවසෙනවා නේද?

අංජලි වැඩසටහන තමයි වෙසක් මාසයේ අපේ ප්‍රමුඛ වැඩසටහන විදිහට කරන්නෙ. අංජලී කියන්නෙ පූජාව. වෙසක් මාසය තුළ ඒ පූජාව අපි සුවිශේෂී අයුරින් ගෙන එනවා. මම මීට පෙර සිටි නාලිකා වල එවන් වැඩසටහන් තාමත් ක්‍රියාත්මක වීම ගැනත් මම සතුටු වෙනවා.

්‍යඔඪ නාලිකාව පිහිටා තිඛෙන්නේ බම්බලපිටිය ඕෂන් ටවර් හි නිසා බම්බලපිටිය මූලික කරගෙන zදීපාංජලීZ, zගීතාංජලීZ සහ zරූපාංජලීZ නමින් වැඩසටහන් තුනක් ගෙන එනවා. මේ කටයුත්තේදී තරුණයා පුවත්පත හා එකට එක්ව කටයුතු කරන්න ලැබීම ගැනත් සතුටු වෙනවා. විශේෂයෙන් මේක තරුණයා හා අපේ උරුමය කියන තේමාව බද්ධව තමයි ඉදිරියට යන්නෙ.

පහන්කූඩු දැක්ම හා තරගය සාමාන්‍ය වුවත් මේ උළෙලෙහි තරුණයා පුවත්පත මූලික වී ලබාගන්නා ගීත රචනා වලින් හොඳම නිර්මාණ රූපවාහිනී මාධ්‍යයට නැඟීමට ්‍යඔඪ නාලිකාව මුල් වෙනවා. ලංකාවේ බෞද්ධ ගීත සාහිත්‍යයේ හොඳ කඩඉමක් බවට මෙය පත්වේවි කියලා මට හිතෙනවා. ඒ විතරක් නෙවෙයි කොළඹ ප්‍රදේශයේ දරුවන්ට චිත්‍ර සජීවීව අඳින්න අවස්ථාව දීලා ඒ චිත්‍ර ප්‍රදර්ශනය කරන්නත් zරූපාංජලීZ තුළින් බලාපොරොත්තු වෙනවා.

ඔබ ආයතනය තරගයකට වැඩ කරන්නෙ නැති බව පැවසුවත් ඩයලොග් ටීවී හි තිඛෙන හෙරිටේජ් ආකෘතියේ විදේශීය නාලිකා සමග තරග කරන්න වෙනවා නේද?

මම විශ්වාස කරන්නෙ හොඳ දේ අපි කොතනක තිබුණත් නරඹනවා කියන දේයි. වසරක් තිස්සේ අපි අපේ ස්ථාවරය වෙනස් කරන්නෙ නැතිව යන මේ ගමනේ අපට ලැඛෙන ප්‍රතිචාරය දවසින් දවස ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් ඉදිරියට යනවා විනා අඩුවී නැහැ.

මෙරට රූපවාහිනී නාලිකා වල සුපිරි කාලය වෙන්වන්නේ මෙරට හෝ විදේශීය ටෙලි නාට්‍ය පෙන්වීම සඳහායි. මේ ටෙලි නාට්‍ය වලින් කීයෙන් කීයකද හරවත් බවක් තියෙන්නෙ. මෙරට නාලිකා වල බහුතර වැඩසටහන් වින්දනයට බර ඒවා නොවේද? මේ ප්‍රධාන ආකෘති දෙකේ වැඩසටහන් නරඹමින් සමහර මව්පියන් හා ගුරුවරුන්, බුද්ධිමත් ජනතාව පවා හීනයක ගිලිලා සිටිනවා. මේ කාලය රටක අර්ථවත් දෙයක් බිහිකිරීමට කටයුතු කරන්නේ නම් කොතරම් වැදගත්ද යන කාරණය අනුව තමයි ්‍යඔඪ නාලිකාව කටයුතු කරන්නේ. අපගේ මේ කාරණය රජය විසින් පවා හඳුනාගෙන තිබීම ගැන අප සතුටු වෙනවා. විශේෂයෙන් සංචාරක අමාත්‍යංශය හා බැසිල් රාජපඬ මහතා අපේ මෙහෙය ඛෙහෙවින් අගය කළා.

්‍යඔඪ නාලිකාව ජාත්‍යන්තරව විකාශය කරන බව පැවසුවත් තාමත් එය සිදුවී නැහැ නේද?

ඒ කටයුත්ත මැයි 19 සිට ඇරඹෙනවා. ඒ අනුව එක්සත් රාජධානියේ රූපවාහිනී නාලිකාවක් සමග එක්ව එකතු වෙලා ඒ කටයුත්ත සිදුවෙනවා. වසරක් සම්පූර්ණ වන තැන ඒ කටයුත්ත සිදුවීම ගැන සතුටු වෙනවා.

නිරෝෂාන් ප්‍රේමරත්න


READ MORE - අපේ උරුමය වෙනුවෙන් වූ නාලිකාවට වසරක් සපිරෙයි...

සිංහල විශේෂ උපාධි විද්‍යාර්ථින්ගේ සංසදය

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල විශේෂ උපාධි විද්‍යාර්ථින්ගේ සංසදයක් පිහිටුවීමට තටයුතු සංවිධානය කර ඇත.
ඒ සදහා තොරතුරැ ලපා ගැනීමට සිංහල අංශය අපේක්ෂා කරයි.

දුරකතන 011-2500453 , 0712712808 , kumudukr@yahoo.com


ඔත්තුව - ඉරිදා ලක්බිම 2010 - 06 - 21

READ MORE - සිංහල විශේෂ උපාධි විද්‍යාර්ථින්ගේ සංසදය

හින්දුස්ථානි සංගීතය පිළිබඳ වැඩමුළුවක් 24 දා

සංස්කෘතික සබැඳියාව පිළිබඳ ඉන්දියානු උපදේශන සභාවත් ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයත් අත්වැල් බැඳ ගනිමින් ඉදිරිපත් කරනු ලබන හින්දුස්ථානි සංගීතය හා හින්දුස්ථානි සංගීතයේ විකාශනය පිළිබඳ වැඩමුළුව මෙම මස 24 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 10.00 ට කොළඹ 04 ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි පැවැත්වෙයි.

මෙම වැඩමුළුව සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් උතුරු ඉන්දියානු සංගීතවේදී ගවුරි ගුහා ද සහභාගීවීමට නියමිතය.

READ MORE - හින්දුස්ථානි සංගීතය පිළිබඳ වැඩමුළුවක් 24 දා

නිශ්ශංක දිද්දෙණියගෙන් ගී රඟ සොබා

දශක ගණනාවක් තිස්සේ ලාංකේය වේදිකාවේ ප්‍රබල රංග ශිල්පියකු ලෙස සිය අනන්‍යතාව සටහන් කළ නිශ්ශංක දිද්දෙණිය නම් කලාකරුවා හුදෙක් රංගන ශිල්පියකු පමණක් නොව මෙරට ශෛලිගත රංග සම්ප්‍රදාය සඳහා අවශ්‍ය ගායන හා නර්තන හැකියාව ත්මනාව මුසු කරන්නකි

‘සිංහබාහු’ නාටකයේ ‘සිංහබාහු’ රංගනය පමණක් වුවද ඔහුගේ එම පැතිරුණු ප්‍රතිභාව කියාපාන කදිම සාක්ෂියකි.

මේ ප්‍රවීණ නාට්‍යවේදියාගේ ප්‍රධාන සංවිධානයෙන් යුතුව ඉදිරිපත් කෙරෙන ‘ගී රඟ සොබා’ නම් නූර්ති, නාඩගම් හා ටීටර් ගීත ඇතුළත් විචිත්‍රවත් නාට්‍ය ගී ප්‍රසංගයක් මේ 23 දා සවස 6.30 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

ඒ පිළිබඳ ඔහු සමඟ කළ කෙටි කතාබහකි මේ.

මේ ප්‍රසංගයේ අරමුණ?

නූර්ති, නාඩගම් සහ ටීටර් ගීත සඳහා අප රටේ තරුණ පරම්පරාව අතර ඇත්තේ පුදුම උනන්දුවක්. ඒ නිසාමයි මෙවැනි ප්‍රසංගයක් යළි සංවිධානය කරන්නට මා තීරණය කළේ. මිට පෙර කිහිප වතාවක් මෙම ප්‍රසංගය වේදිකා ගත කළා. ඒ සඳහා ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්.

මෙම ගීත සම්ප්‍රදායන් පිළිබඳ හැඳින්වීමක් කළොත්?

ඔව්, රටක සංස්කෘතියකට අදාළ සංගීත සම්ප්‍රදායක් තිබෙනවා. අප රටෙහි නම් ජන සංගීතය, නූර්ති සම්ප්‍රදාය අයත් වන්නේ උත්තර භාරතයට. උත්තර භාරතයේ සංගීතඥයන් වන විශ්වනාත් ලව්ජි, පණ්ඩිත් ජටා ශංකර්, අමීර් ඛාන්, අබ්දුල් අසීස් වැන්නන් මෙරටට පැමිණ නූර්ති සම්ප්‍රදාය ආරම්භ කළා. ඔවුන්ට නීතිඥ ජෝන් ද සිල්වා මහතාගෙන් ලැබුණේ සුවිශේෂී සහයක්. ඔවුන් නිර්මාණය කළ ‘අද වෙස්සන්තර රාජ පුතා’, ‘දන්මෝ බුදුන්ගේ’ වැනි නූර්ති ගී අද පවා රස විඳීය හැකියි.

දක්ෂිණ භාරතයට අයත්. නාඩගම් මෙරටට පැමිණියේ 17 – 18 වැනි ශත වර්ෂවල. ‘ගාම්භීර තෙදැති’, ‘උත්තම වන් ලොව පතලා’ වැනි ගීත නාඩගම් මීට අයත් වෙනවා.

ටීටර් සම්ප්‍රදාය පිළිබඳ යමක් කතා කරනවා නම් මිනර්වා නාට්‍ය කණ්ඩායමත් සමඟ ටීටර් මෙරටට පැමිණියා. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සහ සිරිසේන විමලවීර වැන්නන් තමයි ටීටර් මෙරට ප්‍රකට කරන්නට පුරෝගාමී මෙහෙවරක යෙදුණේ. ටීටර් නැමති සමාජ නාට්‍යවලට කතා පුවත සකස් වන්නේ එදිනෙදා සිදු වන සාමාන්‍ය සිදුවීම් මූලික කොට ගෙනයි. කවාලා විළඳ ජාති, පනාමුරේ ඇත් රාජා, සභාවේ ගීතය වැනි ගී ටීටර් සම්ප්‍රදායට අයත් ගීතයි.

‘ගී රඟ සොබා’ ප්‍රසංගයේ අන්තර්ගතය පිළිබඳව කතා කළොත් ?

රාමායනය, ශ්‍රී වික්‍රම, පද්මාවතී, හේමමාලි, සිරිසඟබෝ, විදුර වැනි ප්‍රසිද්ධ නූර්ති නාටකවල සහ ඉව්ජිත්, බුම්පොඩ්, බැලසන්ත, බ්‍රහ්මදත්ත වැනි නාඩගම්වල මධුරතම රංගමය ගීත මෙන්ම ප්‍රසිද්ධ ටීටර් නාටකවල ගීත රැසකින් ප්‍රසංගය සමන්විතයි. පැය 2 1/2 ක් ප්‍රසංගය දිග හැරෙනවා. සමහර ගීත එය අඩංගු නාට්‍ය ජවනිකාවේ දෙබස් සමඟ රඟ දැක්වෙනවා.

‘ගී රඟ, සොබා’ යළි සංවිධානය කරන්න හිතුණේ ඇයි?

අප සංගීත වැඩමුළු සඳහා රටේ නොයෙක් ප්‍රදේශවලට යනවා. බොහෝ විට එහිදී අප ගයන සමහර නූර්ති, නාඩගම් ගීත බොහෝ දෙනෙකු ඊට පෙර අහලාවත් නැහැ, විශේෂයෙන් සංගීත ගුරුවරු පවා. ඔවුන් මට කිවු දෙයක් තමයි එවැනි ගීත අඩංගු ප්‍රසංගයක් කරන්න කියන එක. එය තමයි ප්‍රධාන හේතුව ‘ගී රඟ සොබා’ යළි එළිදක්වන්න.

මේ සඳහා ශිල්පීය දායකත්වය ලබා දෙන්නේ?

රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ්, අනුලා බුලත්සිංහල, ගාමිණී අම්බලන්ගොඩ, රත්නා ලාලනී ජයකොඩි, ප්‍රියංවදා මධුභාෂිණී සමඟ මා ඊට දායක වෙනවා. ප්‍රවීණ සංගීතඥ රංජිත් බාලසූරිය ප්‍රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලය සංගීතමය දායකත්වය සපයනවා. අංග රචනා ශිල්පියා ජගත් පද්මසිරි. වේදිකා ආලෝකකරණය උපාලි වීරසිංහ ගෙන්.

අවසන් වශයෙන් ඔබට යමක් කියන්න ඇති?

ඔව්, මෙම ප්‍රසංගයෙන් ලැබෙන මුදල් අප යොද වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ උන්නතිය වෙනුවෙන්. එක අතකින් මෙය සමාජ සත්කාරයක්ද වනවා. මා විශ්වාස කරන විදිහට ‘ගී රඟ සොබා’ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි.

පැරැණි නූර්ති, නාඩගම්, ටීටර් ගීතවල වටිනාකම මනාව මෙම ප්‍රසංගයෙන් විඳගන්න පුළුවන්.

READ MORE - නිශ්ශංක දිද්දෙණියගෙන් ගී රඟ සොබා