----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී

Monday, May 28, 2012

ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී
2012 මාර්තු මස 05 16:22:49 | ලංකාදීප 
මෙවර රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නාට්‍යය වූ ධනුෂිකා නයන කුමාරි අධ්‍යක්ෂණය කළ ‍"ජනේලයෙන් පනින්නද" නාට්‍යයේ රඟපෑම උදෙසා රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ප්‍රසාදිනී අතපත්තු විසිනි. ඓතිහාසික ඇතුගල්පුරයෙන් පැමිණ කැලණි සරසවියෙන්ල සරසවි අධ්‍යාපනය ලබා රංගනයේ ජීවය රුඳි වේදිකාවට ගොඩවී හොඳම නිළිය වූ ඇය කවුද? ඇයගේ හඬට අද අපි සවන් දෙමු.
ප්‍රසාදිනි සරසවි සිසුවියක ලෙස කොළඹ ඇවිත් නාට්‍ය හා රංග කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
කැලණි සරසවියේදී හැදෑරුවේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධියයි. නාට්‍ය හා රංග කලාවට ප්‍රායෝගිකව අවතීර්ණ වුණේ මේ කාලයේදීමයි.

ජනේලයෙන් පනින්නද? නාට්‍යය ඔබ රඟපෑ කීවැනි නාට්‍යයද?
ධනුෂිකා නයන කුමාරි (ශාන්ති පාවුළු බාලිකාවේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය) අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යයට පෙර මෙම උළෙලේදී සම්මාන ලැබූ ප්‍රියංකර රත්නායක මහතාගේ ‍'ඇන්ටිගනී' නාට්‍යයෙත් ප්‍රධාන චරිතය රඟපෑවා. ඊට පෙර ‍'ඊඩිපස්', ‍'තටු ඇවිත්', 'සඳ ගිනි අරන්', 'ට්‍රෝජන් කාන්තාවෝ', 'යෙර්මා', 'සිංදු පහයි/කෝල්ස් පහයි' සහ පෙම් යුවළක් ඒ වගේ නාට්‍ය ගණනාවක රඟපෑවා.

නාට්‍යය වටා ගොනු වූ ඔබ ගැන හරියටම කතා කරන්න පටන් ගන්නෙ මේ සම්මානයත් සමගයි. එහෙම නේද?
ඔව්, ඒක හරි.

ඇයි මීට පෙර ඔබ ගැන කතාබහක් නොවුණේ?
වේදිකා නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් අතර යම්තාක් දුරකට කතාබහ වෙන්න ඇති. වේදිකා නාට්‍ය නරඹන්නෙ සීමිත පිරිසක් වීම ඊට හේතුව වෙන්න ඇති.

වැඩි පිරිසක් නොහඳුනන ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවී වැඩි පිරිසකගේ ජනප්‍රියත්වය ලබන අංශයකට යොමුවෙන්න අකමැතිද? ඒ ජනප්‍රිය කියන මානසිකත්වය ඔබට නැද්ද?
නැහැ. කවදාවත් එහෙම ඇතිවෙලා නැහැ.

ඇයි ජනප්‍රියත්වයට අකමැතිද?
හොඳ දෙයක් සමග මට යා හැකි දුරක් තියෙනවා. දායකවන නිර්මාණයේ ගුණය මත සුළු පිරිසක් දැන සිටියත් මට ප්‍රශ්නයක් නැහැ. මම සියල්ල කරන්නේ මගේ ගුරු වෘත්තියට ඇති ගෞරවය රුක ගනිමින්.
ඒ සීමාව හඳුනාගෙනයි. හොඳ රංග ශිල්පිනියක කියන තැන සිට කටයුතු කිරීම මගේ අරමුණයි.

ලාංකීය සමාජයේ රංග ශිල්පිනියකට කටයුතු කරන්න වෙන්නෙ සීමාවක් ඇතුළෙ ඉඳලද? එහෙම සීමාවක් තිබිය යුතුද?
එහෙම සීමාවක් තුළ ඉඳගෙන රඟපාන්න ඕන කියා මම කියන්නෙ නැහැ. මගේ වටපිටාව මගේ සීමාව මම හඳුනාගෙන තමයි දායක වෙන්නෙ.

මොකක්ද ඒ සීමාව?
මම වෘත්තියෙන් ගුරුවරියක්ග එය විශාල වගකීමක්. ඇවතුම් පැවතුම් සියල්ල ඊට බලපානවා. මොකද අපි අනාගත පරපුරකට පාර කියන අය. ඒ සියල්ල වටහාගෙන කටයුතු කිරීම වැදගත්. ඊට අමතරව මගේ පවුලේ කටයුතුවලටත් සාපේක්ෂ වෙන්න ඕන. ළඟදීම යුග දිවියට එළැඹීමටත් සුදානම්. ඒ නිසා කරළිය මතම ජීවිතය ගෙවා දමන්න බැහැ. ජීවිතේ සියලුදේට සමබරව අර්ථවත්ව මුහුණදීම තමයි වඩා වැදගත්. නාට්‍යයක් කිරීමේදී කැපවීම කියන දේ අත්‍යවශ්‍යයි. ඒ කැපවීම කළ හැකි නම් පමණයි ඊට දායකවෙන්න ඕනෑ.

ලංකා සමාජයේ නිදහසේ තමුන්ගේ රටාවකට ජීවත් වෙන්න බැරිද? ලංකාවට විතරක් සීමාවූ දෙයක්ද මේ රාමුව?
ලංකා සමාජයේ වෘත්තියක් ලෙස රංගනය තෝරා ගැනීම අපහසු මාර්ගයක්. ජීවත්වීම සහ තමුන් අධ්‍යාපනය ලද විෂය පථයන් හරහා වෘත්තීමය අංශය තෝරාගතයුතු වෙනවා. ලංකා සමාජය වෘත්තීය නිළියල ශිල්පිනිය කියනදේ තබා ගැනීමේ අසීරුව සහ ඉඩකඩ මදි නිසා නියැළෙන වෘත්තියට මුල්තැන දීම කළ යුතුමයි.

මෙතැනින් එහාට, ඔබගේ භූමිකාව කොහොම වේවිද?
මේ සම්මානය නිසා මම ලංකාවේ දක්ෂතම නිළිය කියලා හිතන්නෙ නැහැ. මෙය රංගන ශෛලියේ එක් පියවරක් විතරයි. මෙතැනින් එහාට මීටත් වඩා හොඳම රංගනය කිරීම සහ චරිත තෝරා ගැනීම කළයුතු වෙනවා. මිනිස්සු එය බලාපොරොත්තුවන දෙයක්. පසුගිය දිනවල මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‍'බහුචිතවාදියා' චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ විදියට නිර්මාණවලට දායක වේවි.

මේ විදියට සම්මාන ලැබීමත් සමග ටෙලිනාට්‍ය සහ සිනමාවේ චරිත සඳහාත් දොරටු විවෘත වෙනවා. එහිදී ඔබ වඩා කැමති මොන අංශයටද?
සිනමාවට මම කැමතියි.

ඒ කියන්නෙ ටෙලි නාට්‍යය බැහැර කරනවාද?
නැහැ. නමුත් වර්තමානයේ නිර්මාණය වන ටෙලිනාට්‍ය දීර්ඝ ඒවා. එවැනි දීර්ඝ ටෙලිනාට්‍ය මාලා සඳහා කැපකිරීමට තරම් කාලයක් නැහැ. සිනමාව සහ වේදිකාවට මගේ ඉඩ ලැබෙන කාලය වෙන්කරාවි. කොහොමටත් වේදිකාවේ රඟපා ලබන ආත්ම තෘප්තිය හරි ඉහළයි. මේ සම්මාන ලැබීම පිටුපස මගේ දෙමාපියන් සිටිනවා. ඔවුන් මේ ගමන එන්න ආර්ථික අතිනුත් උදව් කළා. වේදිකාව කියන්නෙ මුදල් උපයන තැනක් නෙමෙයි. සමහර විට අපටම වියදම් දරන්නත් වෙනවා. එවැනි අංශයක නියැලෙන්න ගෙදරින් ලැබුණ දායකත්වය අගය කළ යුතුමයි.

කුරුණෑගලින් කොළඹට පැමිණ අද සිටින තැන ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
කොළඹ සමාජය මුලින්ම ඔබට දැනුණේ කොහොමද?
කොහොමටත් මුල් කාලයේදී සියල්ල අපට අලුත් සහ අමුතුයි. සරසවිය කියන්නෙ විවිධ පළාත්වල විවිධ පුද්ගල එකතුවක්. බොහෝ අත්දැකීම් ලබන්න ඒ පරිසරයම ඇති. කොහොම වුණත් මේ සියල්ල නිසා මට ජීවිතය හොඳට හුරු බව හැඟෙනවා. බොහෝ දේ ගැන වැටහීමක් ඇති බව දැනෙනවා. ඇත්තටම අත්දැකීම් මගින් ජීවිතය දැනුවත්වීම ඉතා වැදගත්.
සටහන ඡායාරූප - සඳුන් ගමගේ

READ MORE - ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී

තාල 2012 ප්‍රසංගයේ මිහිර..

තාල 2012 ප්‍රසංගයේ මිහිර..
2012 අපේ‍්‍රල් මස 02 14:45:43 | ලංකාදීප
  චන්න - උපුලී රංග කලා පදනම සෑම වසර පහකට වතාවක්ම ප්‍රසංගයක් පවත්වයි. මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලාංකීය නර්තනයේ හරවත් මෙන්ම සොඳුරුතම ප්‍රවේශය සමග ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ආධ්‍යාත්මය ප්‍රකාශ කිරීමය. ඒ අදහස පෙරදැරිව මෙවරද එම අපූරු ප්‍රසංගය පැවැත්විණ. තාල 2012 නමින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පසුගියදා පැවැති එම ප්‍රසංගය සැබැවින්ම දුර්ලභ ගණයේ එකකැයි සඳහන් කළොත් එය නැරඹූ සියල්ලෝම එකා හෙළා එය ප්‍රත්‍යක්ෂ කරාවි. චන්න - උපුලි සාඩම්බරයෙන් ඉදිරිපත් කළ තාල - 2012 යනු එකත් අතකට ශ්‍රී ලාංකීය නරඹන්නන්ට දැකගත හැකි වූ දුර්ලභ ගණයේ ප්‍රාසාංගික අත්දැකීම විඳගැනීමේ අපූරු අවස්ථාව අපටද ලැබීම වෙතින් අප අත් දුටුවේ සොඳුරුතම ආස්වාදයකි. ශ්‍රී ලංකාවේ අභිමානය, සෞන්දර්යය ගැන අපූරු නර්තන අංගයන් මැවූ චන්න - උපුලී රංගායතනයේ සිසු සිසුවියෝ තවත් විටෙක පණ්ඩිත් අමරදේවයන්ට උපහාර පිණිස ඔහුගේ සුමධුර මියැසි රිද්මයට නර්තනය කළෝය. ජනනාත්, වින්ද්‍යා මෙන්ම සමිතද, සෙස්සෝද කළ ඒ රංග වින්‍යාසයන් සැබැවින්ම වඩාත් ලාලිත්‍ය මෙන්ම නිර්මාණාත්මකය. චන්න-උපුලී පරපුරේ නව පුරුක අසේකා දියණිය පෑ හපන්කමද පැසසිය යුතුමය. ඒ සියල්ල වෙතින් ඔවුන් සපථ කළේ නර්තනය වෙතින් කළ හැකි දේ අපමණය කියා පමණක් නොව නිර්මාණශීලීව කළ හැකි දේ කෙතරම්ද කියාය. සැබැවින්ම මේ ප්‍රසංගය නැරඹූ සියල්ලෝම වාසනාවන්තයෝම යැයි සනිටුහන් කළ හැකිමය. එය නැරඹීමට නොහැකි වූ බොහෝ දෙනාගේ වින්දනය උදෙසා අපි මෙම තාල 2012 ප්‍රසංගයේ ඡායාරූප පෙළක් මෙලෙස පළ කරන්නෙමු.
සටහන - ඡායාරූප / සඳුන් ගමගේ
READ MORE - තාල 2012 ප්‍රසංගයේ මිහිර..

"මං අහිංසක ගැහැණියක් බොලව්"

"මං අහිංසක ගැහැණියක් බොලව්"
රිදී තිරයට ආ කුවේණි කියයි - දුලානි අනුරාධා
2012 මැයි මස 06 15:30:33 | ලංකාදීප 
”මං අහිංසක ගැහැණියක් බොලව්, මාවත්, මගේ විජය කුමරුවත් ඈත් කරපු උඹලට හොඳක් වෙන්න එපා”
කුවේණිය එසේ සාප කරයි. නමුදු ඒ සැබෑ කුවේණිය නොවේ. අද සිට සිනමා තිරයට එන සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ කුවේණියගේ චරිතයට පණ පොවන දුලානි අනුරාධාගේ උද්වේගකර කට හඬයි. ඒ හඬ තීව‍්‍රය, ඒ තීව‍්‍ර හඬට රංගන හැකියාව ද ඇය කදිමට මුසුකර තිබේ. ඒ නිසාම වත්මන් කුවේණිය සමග අපට යමක් කතා කරන්නට තිබේ.
මේ ඇයගේ හඬයි. අපි ඒ හඬට මොහොතකට සවන් දෙමු.
අ  ඉතිං කොහොමද ටීචර්?
ම්ම්... හරිම හොඳයි

ටීචර්ට ළමයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ළමයින් මට හරිම ආදරෙයි. උදේට යද්දිත් හවසට එද්දිත් පොඩි අය ඇවිත් මාව වට කර ගන්නවා. වඳිනවා. මා වටේ දුවනවා. මම ඉන්න කාමරයට ඇවිත් එබිකම් කර බල බලා යනවා. ඒ ආදරය - ගෞරවය හරිම සුන්දරයි. පිරිසුදුයි. මට පුදුම සතුටක් තිබෙන්නෙ.

ඒ ආදරය ලැබෙන හේතුව මොකක්ද?
රංගන ශිල්පිනියකට සමාජයේ සාමාන්‍ය කාන්තාවන්ට වඩා පිළිගැනීමක් තිබෙන්නෙ. එහෙම කෙනෙක් එයාලගේ ගුරුවරියක ලෙස එයාලා අතරට ඒම සතුටට කරුණක් වෙන්න ඇති.

මේ වගේ ප‍්‍රතිචාර නිසා ඉගැන්වීමට බාධාවක් නැද්ද?
ළමයින්ගෙ ආදරය ලැබීම ඉගැන්වීමට බාධාවක් වෙන්නෙ කොහොමද?

ළමයි ඔබ කියන දේ අහනවද?
සත්තකින්ම ඔව්. එයාලා ආදරෙන් සියල්ල වටහා ගන්නවා.

ගුරුවරියකට රඟපෑමේ දී සීමා තියෙනවද?
මේ වෘත්තිය මම පටන් ගත්තා විතරයි. ඒනිසා දැන් ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙනවා.
අපි ළමයින්ට ආදර්ශවත් වෙන්න  ඕනෑ. යහමග යාමට ඒ අයට පාර කියන්නෙ අපි. ඒනිසා අපි යමක් කරන්න  ඕනෑ දෙවරක් නෙවෙයි, දස දහස් වාරයක් හිතලයි.

ඔබ සරසවි අධ්‍යාපනය ලබා තිබෙන්නෙ නර්තන අංශයෙන්. එහෙම කළේ නර්තන ශිල්පිනියක් වීමේ අදහසින් ද?
කොහෙත්ම නැහැ. මට  ඕනෑ වුණේ ගුරුවරියක වීමටයි. ඉගෙනගත් ගුරුවරයා සහ කණ්ඩායම සමග එක්වී ප‍්‍රසංගවලට ඉදිරිපත් වුණාට නටලා සංදර්ශනවලට ගිහින් සල්ලි හම්බකිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. සරසවියේ දී ඉගෙන ගත්තෙ උඩරට නර්තන කලාව ගැනයි.

දුලානි, ඔබ තෝරා ගන්නෙ ඓතිහාසික කතා පුවත් රැුගත් චරිත විතරයි කියලා සමහරු කියනවා. ඒක ඇත්තද?
එහෙම ප‍්‍රශ්නයක් මට නැහැ. මුලින්ම මම රඟපෑවේ ලලිත් පනාපිටියගේ ”සංගිලි” චිත‍්‍රපටයේ චරිතය වගේම ජයනාත් ගුණවර්ධනගේ ”පරාවර්තන” චිත‍්‍රපටයේ රඟපෑ චරිතය ඓතිහාසික පසුබිමක් රැගත් චරිත නෙවෙයි. නමුත් ඓතිහාසික කතා රැගත් අබා සහ විජය කුවේණි ඒවාට පෙර තිරගත වුණා.

කුවේණිය වීම ගැන ඔබ පුද්ගලිකව හිතන්නේ කොහොමද?
අපි කුඩා කාලයේ ඉඳලා දන්න කතාවක්. ඇය රෙදි වියමින්, කපු කටිමින් සිටියා. විජය නෙරපා හැරියා. ආලයෙන් වෙලී සිටියා. මේ ආදී නොයෙකුත් දේ අපි ඇය ගැන දැන සිටියා. ඇය තුළ මොකක්දෝ ගාම්භීර බවකුත් තිබුණා. ඒ සුවිශේෂී සහ පුදුමාකාර මතකය සමග සුගත් සමරකෝන් මහතා කියා දුන් දේ එක්ක චරිතයට මම සාධාරණයක් කළා කියලා හිතෙනවා.

ඓතිහාසික හැඩතල - ස්වරූප සමග චරිතයට පණ පොවද්දී, රූගත කිරීම් තලයේ දී මුහුණදුන් දේ තිබෙනවද?
විජය ලෙස රඟපෑ රොජර් සෙනෙවිරත්න අයියා සහ මා අතර එක්තරා සටන් ජවනිකාවක රූගත කිරීම් තිබුණා. ගල් පර්වතයක් උඩ සිට තමයි එය කිරීමට නියමිතව තිබුණේ. මම ගහපු පහරකට ගල් පර්වතය කෙළවරේ සිටි රොජර් අයියාට සමබරතාවය නැතිව ගියා. එය මගේ වරදක්. මේ නිසා එයා පහළට වැටුණා. එය බලා ඉන්න බැරි තරමට බියකරුයි. මට මොහොතකට කතා කර ගැනීමට පවා බැරිව ගියා. නමුත් පුදුමාකාර වාසනාවකට රොජර් අයියාට අනතුරක් වුණේ නැහැ. හැබැයි තුවාල සීරිම් වෙලා තිබුණා. මට ඒ අවස්ථාව මතක්වෙද්දී හරිම දුකයි.

කුවේණි පෙම් බැන්දේ විජයටයි. ඒ කුවේණි වූ මේ කුමරියට සැබෑ ජීවිතයේ කුමාරයෙක් සමීපද?
ම්ම්.... ම්.... නැහැ

ඒක හරිම සරල උත්තරයක්
ඔව්, මම කොහොමටත් සරලව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. නමුත් අද සමාජය මිනිසුන්ව සංකීර්ණ තැනකට තල්ලූ කරලා. අපි හැමෝම සංකීර්ණ වෙලා. ඒ නිසා අද අමාරුම දේ සරලවීමයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

READ MORE - "මං අහිංසක ගැහැණියක් බොලව්"

සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා...

සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා...
2012 මැයි මස 23 19:33:12 | ලංකාදීප
බොහෝ දෙනා ඔහු අමතන්නේ දිගා නමිනි. ඒ දිගා වෙන කවුරුවත් නොව නිශ්ශංක දිද්දෙණියයි. ශ්‍රී ලාංකීය රංග වේදිකාවේ සිංහබාහු ලෙස තවත් විදියකින් ඔහු නම් කළ හැකිය. මනමේ, පේමතෝ ජායතී  සෝකෝ, සිංහබාහු ඇතුළු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බොහෝ නාට්‍යවල රඟමින්, ගයමින් හෙළ වේදිකාව පෝෂණය කළ ඔහු තවත් බොහෝ නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට දායක වී ඇත. ඒ අතරින් සිංහබාහු යන නම ඔහුට ලැබී ඇත්තේ විසිහත් වසරක් පුරාවට එහි සිංහබාහු රංග භූමිකාවට දායක වූ නිසාය. ඒ දිගා හෙවත් සිංහබාහු අප වේදිකාවට ලැබුණු තෙදවත් රංගවේදියකු වන්නේ රැඟුමින් පමණක් පෝෂණය නොවූ ඔහු ගැයුම-වැයුම මෙන්ම වේදිකාවට අවැසි සියලූ ප‍්‍රකාශනයන්ගෙන් දක්‍ෂ අපූරු රංගවේදියකු වන නිසාය. මේ තෙදවන් දිගා සිය කලා ජීවිතයේ විශේෂිත මොහොතකට සැරසෙන මොහොතක ඒ ගැන සහ රංග වේදිකාවේ ශේෂ වූ මතකයන් ගැන හාරා ඇවිස්සීමට අපි පසුගිය දිනෙක දිගාගේ නිවෙසට ගියෙමු.
ගල්කිස්ස කලාපුරය හෙවත් කලාකරුවන්ගේ තෝතැන්නේ නිවෙසක දිගා බිරිඳ පුතු - දියණිය, ලේලිය, මුනුබුරා වෙසෙති. පුතු සහ දියණිය දෙදෙනාම උපාධිධාරීහූ වෙති. පුතු වෛද්‍යවරියක හා විවාහව සිටී. ඔවුන් දෙදෙනාටම කලා හැකියාවන් තිබුණද, තවමත් එහි ඵල නෙලාගෙන නැත. පවුලේ ඒ හැඳින්වීම සමග දිගාට තම අතීතය සිහිපත් කරන්නට අපි ඇරයුම් කළෙමු.
හෙන්රි නිශ්ශංක දිද්දෙනිය මගේ සම්පූර්ණ නමයි. ගම රත්නපුරේ පනාවැන්න. අපි ගොවි පවුලක්. අම්මා තාත්තාට කුඹුරු තිබුණා. පවුලේ අක්කලා තුනයි, අයියලා තුනයි. ඊළඟට මම. බාලයා නංගි කුඩා කාලයේ ඉඳලාම ඇහුනේ ගොයම් කවි, පැල් කවි, ගමේ ඒ සුන්දරත්වය සොඳුරු සිත්තමක් වගෙයි. ඒ සියල්ල තදින්ම හිතට වැදුණා. අම්මා කියූ කවි පසුකලෙක මකුලොලූව මහතා යටතේ ඉගෙන ගනිද්දී මට මතක් වුණා.
රන්දෑකැති ගෙන නිති සැරසෙනවා.
රත්රන් පටි ඉන වට දිලිසෙනවා
රිවිදුටු පිනිබිඳු ලෙස පහවෙනවා
දුම්බර කෙතේ අපි ගොයම් කපනවා
දිගා, සොඳුරු අතීතය ආවර්ජනය කළේ ඒ කවි ගැයුම සමගිනි. පසුකලෙක ඒ ගැයුම වේදිකාව රසවත් කළේ කොහොමද? අධ්‍යාපනයේ පිය සටහන් සමග දිගාගෙන් ඒ ගැන විමසීමූ.
ඉස්සෙල්ලාම ගියේ පනාවැන්න බෞද්ධ පාසලට. පසුව එය ධම්මාරාම පාසල ලෙස නම වෙනස් වුණා. පසුව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට යන්න ලැබුණා. ගමේ පරිසරය වගේ නෙවෙයි ඒ පරිසරය හරි වෙනස්. සපත්තු දාලා පුරුද්දක් තිබුණෙත් නැහැ. දියපට්ට ඇවිත් කකුල් රිදෙන්න ගත්තා. පාසලේදී නැටුම් ඉගෙන ගත්තා. ඒත් විශේෂ අරමුණක් තිබුණේ නැහැ. නාට්‍ය සහ කලා අංශයේ වැඩ වලට නිරන්තරයෙන් සම්බන්ධ වුණා. එක්වතාවක ජන ගී අංශයෙන් සබරගමුව පළාතේ පළවැනියා වුණා. මේ විදියට විවිධ අංශ වලින් සම්මාන පවා ලැබුවා. ඒකට විශේෂම හේතුව වුණේ අපට සිංහල ඉගැන්වූ ගුරුතුමා සරච්චන්ද්‍ර ශූරීන්ගේ ගෝලයකු වීමයි. කරුණාරත්න බණ්ඩාර. එවකට මනමේ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපෑ බෙන් සිරිමාන්න සර් එක්ක ඉගෙන ගෙන තිබෙන්නේ. අපේ පංතිභාර ගුරුතුමිය වුණේ සීතා අරුන්තවනාදන් කියන ගුරුතුමියයි. මගේ කලා හැකියාව අගයා මහාචාර්යතුමා ගැන මට බොහෝ දේ කියා තිබුණා. මම සරසවියට යන්නත් පෙර මහාචාර්යතුමාගේ ගෝලයෝ දෙන්නෙක් යටතේ ඉගෙන ගැනීම වාසනාවක්. 1967 ඔක්තෝම්බර් 4 වැනිදා පේරාදෙණිය සරසවියට මම ලියාපදිංචි වුණා. ඒ වන විටත් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයක රඟපාන්න ඇත්නම් කියන සිතිවිල්ල තමයි තිබුණේ. සරසවියෙ කලාගාරය ඉදිරිපිටදී ප‍්‍රථම වරට එතුමා දැකගැනීමට ලැබුණා.
ඒ කාලයේ අද වගේ නෙවෙයි. වෙසක් සමයට සරසවියේ සිටින ගීත ගැයීමට හැකියාව ඇති අයට භක්ති ගීත පුරුදු කරවා බකට් දල්වා ගෙන සරසවි භූමියේ ඇවිදිනවා. එය ඉතාමත්ම සුන්දර දසුනක්. ඒ භාග්‍යය මටත් ලැබුණේ ගායනා හැකියාව නිසයි. නමුත් මුල් වතාවට එතුමා හඳුනා ගත්තේ පේමතෝ ජායතෝ සෝකෝ නාට්‍යය සඳහා ගායනා හැකියාව ඇති අය තෝරා ගැනීම කළ අවස්ථාවේදියි. එතුමා බොහෝ විට එතුමාගේ නාට්‍යය වලට තෝරා ගත්තෙ ඒ හැකියාව තියෙන අයයි. සරසවියෙන් පසුව රජයේ රැකියාවක් කරන අතරේ නාට්‍යවල රඟපාන්න පටන් ගත්තා.

”සිංහබාහු” වුණේ කොහොමද?
ඒකත් හරි අපූරු සිදුවීමක්. 1956 මනමේ කරලා තියෙන්නේ. එවිට මම පාසල් සිසුවෙක්. 1961 වර්ෂයේ සිංහබාහු ගැන අපේ ගමේ සිටි පළමු උපාධිධාරියා වන ඞී.ඞී. ජේ විජේසුන්දර ඊළඟට මම, එදා සිංහබාහු නාට්‍යයේ අත්වැල් ගායනාවකට සිටියේ ඔහුයි. එවකට මුල්ම වතාවට සිංහබාහු ලෙස රඟපාලා තියෙන්නේ චාලි ජයවර්ධන. එතුමා පරිපාලන විභාගය සමත්ව ඈත පළාතකට යාමට සිදුවීම නිසා සරච්චන්ද්‍ර සූරීන් සිංහබාහු චරිතයේ සිංදු ටික බලාගන්න කියලා මට කිව්වා. මුල්ම සිංහයා චරිතය රඟපෑ මාක් ඇන්ටනී ප‍්‍රනාන්දුත් නීති අධ්‍යාපනය සඳහා විදෙස් ගත වෙන්නට පෙර සිංදු ටික මට ඉගෙන ගන්න කීවා. එතකොට සිංහබාහු-සිංහයා චරිත දෙකටම පුරප්පාඩු තිබුණා. පසුව මම සිංහබාහු ලෙසත්, සමන් බොකළවෙල සිංහයා ලෙසත් නව නිෂ්පාදනයට එක්වුණා. එතැන් සිිට ”සිංහබාහු” චරිතයේ වසර 2ක් විතර දිගටම රඟපෑවා. මා එක්ක මුල්ම සිංහ සීවලී වුණේ සිරිමා හෙට්ටිආරච්චි. පසුව ජයන්ති මනෝරත්න. (ජයලත් මනෝරත්නගේ බිරිඳ) කිසාගෝතමී සරච්චන්ද්‍ර, පුෂ්පා මේලනී, ප‍්‍රදීපා ධර්මදාස, යසෝදරා සරච්චන්ද්‍ර මේ විදියට පස් හය දෙනෙක් එක්ක රඟපෑවා.

රඟපෑමට ගොස් මුහුණ දුන් මතකයේ රැඳි අවස්ථා ගැනත් සිහිපත් කළොත්?
සිදුවීම් නම් බොහොමයි. එදා සිංහයාට රඟපෑ සමන් බොකළවෙල ඉතා දක්‍ෂ ශිල්පියෙක්. නමුත් සමහරවිට ඔහු ප‍්‍රමාදවෙලා තමයි රංග ශාලාවට ආවේ. වරක් සිංහබාහු දර්ශනයක් සඳහා අපි ගාල්ලට ගියා. නාට්‍යයට පෙර රැුල්ල පාගන්න කට්ටිය වැල්ලට ගියාම සමන්ගේ කකුලෙ බෙලි කටුවත් ඇනිල අධික ලෙස ලේ ගැලූවා. පසුව අපි ඔහුට ප‍්‍රථමාධාර දුන්නා. එයා ඉතා වේදනාකාරීව හිටියේ. ඒත් එය නොදැනෙන්න රඟපෑවා. දර්ශන දෙක ඉවර වුණාම කකුල කොට්ට ගෙඩියක් වගේ. අපි වහාම එයා රෝහලට රැගෙන ගියා.
තවත් දවසක කුරුණෑගලදී වේදිකාවේ ලෑල්ලක් කඩාගෙන සිංහයා වැටුණා. නමුත් ඔහු උපක‍්‍රමශීලීව තම රංගනය කරගෙන ගියා.
තවත් දවසක රංජිත් ධර්මකීර්තිගේ මෝදර මෝල නාට්‍යයේ රඟපාන්න පොළොන්නරු ගියා. විදුලි එළියට පුංචි-පුංචි කෘමි සතුන් වටවෙනවා. මම වේදිකාවේ රඟපාන විට සතෙක් උගුරේ හිරවුණා. නීල් අලස් සහ මම සංවාදශීලීව දෙබස් කියමින් හිටියේ. එකපාරටම මගේ හඬ නැතිව ගියා. ආයේ ජීවිතේට පියවි හඬ එන එකක් නෑ කියලා මට හිතුණා. නමුත් නීල් අලස් එය ඇෙඟව්වේ නැහැ.මහ තිරය වහලා මට ප‍්‍රථමාධාර කළා. ටික වේලාවකින් මගේ කටහඬ හරි ගියා.
ගජමන් පුවත නාට්‍යයේ රඟපෑවේ ඇළපාත මුදලිගේ චරිතයයි. එදා පේරාදෙණිය එළිමහන් රංගපීඨයේ තිබූ දර්ශනය නරඹන්න හාර-පන්දහසක් විතර ඇවිල්ලා හිටියා. එය හරි අපූරු සිදුවීමක්. වේදිකාවේ දකුණු කෙළවරේ සිට ගජමන් නෝනා ලෙස රඟපෑ රන්මලී ගුණසේකර අතර පේ‍්‍රම කවි සංවාදයක් යන අතරේ ඉදිරිපස ළමයි කට්ටියක් ඉදිරියේ හිටපු බල්ලෙක් මා දිහා බලා සිටිනවා. එය දුටු නරඹන්නන් වෙතින් ලොකු හිනාවක් ආවා. මේක අවදානය බිඳීමට හේතුවක්. නමුත් ලයිට්  ඕෆ් කරනවත් එක්කම අනුකම්පා විරහිත පහරක් බල්ලාට එල්ල වුණා. පසුව නැවත නාට්‍යය රඟ දැක්වුණා.
මෙලෙසින් දිගාගේ දීර්ඝ වූ රංග චාරිකාවේ මතකයේ රැඳි ශේෂ වූ සිදුවීම් නම් බොහෝය.
ඒ සියල්ල දීර්ඝව සනිටුහන් කළ නොහැකිවූවද ඔහු ඒ සියල්ල පොතකින් ප‍්‍රකාශ කරාවි. දැන් ඇත්තේ ඔහු මේ කරන්නට යන දේ ගැන සඳහන් කිරීමටය. වේදිකාවේ දශක පහක සෞන්දර්යාත්මක චාරිකාවට සමීපව දිගා ආ ගමන කෙතරම් අර්ථවත්ද යන්න මේ ප‍්‍රසංගය කදිම ප‍්‍රකාශනයකි. එළැඹෙන 25 වැනිදා සවස 7ට කොළඹ බිෂොප් විද්‍යාලීයය
ශ‍්‍රවාණාගාරයේදී පැවැත්වන මෙම සෞන්දර්යාත්මක මොහොත ඔහු නම් කර ඇත්තේ ”නූපුරා රඟ අභිඥාන මංගල්‍යය” නමිනි. පැරණි සාම්ප‍්‍රදායික ගීත 30ක් පමණ තෝරාගෙන ඊට අඩංගු චරිත වත්මන් රංග භූමියට ගෙන්වා කරන ගේය කවි රංගනයක්ද, ඔහු රඟපෑ නාට්‍යවල භූමිකා කීපයක්ද තවත් සෞන්දර්යාත්මක ඉසව් කීපයක්ද ඇතුළත් වේවි. නර්තනයේ රංගනයේ ගායනයේ සැබෑ ප‍්‍රකාශනය මැන බැලීමට මෙය අපූරු මොහොතක් වේවි. මේ ප‍්‍රාසාංගික ඉසව්ව සඳහා අනුග‍්‍රහය දැක්වූ නෝර්වෙජියාන් තානාපති කාර්යාල සහ ශ්‍රී ලංකා නෝර්වේ තානාපතිනිය ප‍්‍රධාන අමුත්තා ලෙසත් අපේ සංස්කෘතික ඇමති ප‍්‍රමුඛ සම්භාවනීය අමුත්තන් සමග මේ මොහොතට එක්වේවි. දිගා ගැන වූ ග‍්‍රන්ථයක්ද දොරට වඞීවි. මේ සියල්ල වෙනුවෙන් බරපැන දැරූ සොඳුරුතම මිනිසකු ගැනද සඳහන් කළ යුතුමය. වෛදයවරයකු වන ඔහු සැබෑවටම කලාවට ආදරය කරන මිනිසෙකි. දිගා වැනි සොඳුරු අර්තාන්විත කලාකරුවෙකුට දැක්වූ, ඒ ගෞරවය අගය කළ යුතුමය.
සටහන සහ ඡායාරූප -  සඳුන් ගමගේ
දිද්දෙණියගේ රංගන බිඳක්
READ MORE - සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා...

තිළිණ කඳුළු

තිළිණ කඳුළු

“මැඩම්, ටිකකට අපේ පැත්තට ඇවිත් යනවද? අද කතා කරන්න ලැබුණෙත් නැහැ.”
නව අවුරුදු උදාවෙන් පසු රාජකාරි කටයුතු සඳහා ගිය මුල් දිනයේ ප්‍රාථමික අංශයේ දෙමළ මාධ්‍ය සම්බන්ධව භාරව සිටින සකුන්තලා මහත්මියගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ.
මම ටිකකින් ප්‍රාථමික අංශය වෙත ගියෙමි. සුබපැතුම් හා කතා බහෙන් මද වේලාවක් ගත විණ.
“මෙන්න මැඩම්ට අපෙන් පොඩි තෑග්ගක්.”
අනපේක්ෂිත ලෙස මා අතට පාර්සලයක් දිගු කරමින් කළමනාකරණ සහකාර තනූජා මහත්මිය පැවසුවා ය. පාර්සලයේ උඩ නව වසරට සුබ පැතුම් සමඟ සකුන්තලාගේත්, තනූජාගේත් කළමනාකරණ සහකාර කපිලගෙත් නම් සටහන්වී තිබිණ.
“බොහොම ස්තුතියි තෑග්ගට. ඒත් මම ඔයාලගෙන් තෑගි ගන්න කැමැති නැහැ. හිතවත්කමයි, හොඳ හිතයි තිබුණ ම හොඳටම ඇති.” මම ත්‍යාගය නැවත මේසය මත තබමින් කීවෙමි.
“ඒ වුණාට මැඩම් අපට ආදරෙයිනේ. ඒ නිසා මේ සුළු තෑග්ග ගන්න ඕන.”
සකුන්තලාගේ වදන් හමුවේ මට නැවත කිසිවක් කීම නොහැකි විය.
මම ඔවුන් ඉදිරියේදීම ත්‍යාගය විවෘත කළෙමි. එහි වූයේ සාරියකි.
“ඔයාලට නිසා මට මුකුත් කියන්න බැහැ. නමුත් ඉස්කෝලේදි නම් මම මෙහෙම තෑගි දීපු ළමයින්ට දොස් කියලා තියෙනවා.” මම ඔවුන්ට ස්තුති කර එය බාර ගතිමි.
“මැඩම් කැමති නම් ඇඳගෙන එන්න. නැත්නම් උතුම් තෑග්ගක් කියලා හිතලා කැමති කෙනෙකුට දෙන්න” තනූජා පැවසුවා ය.
“නෑ... නෑ... මම අනිවාර්යයෙන් ම මේක ඇඳගෙන ඇවිත් ඔයාලට පෙන්වන්නම්.”
ඒ පොරොන්දුවත් සම ම මගේ සිත ගුරු දිවියේ එක්තරා සිදුවීමක් වෙත යොමු වීය.
ඒ මා පළමු පත්වීම ලද, ආර්ථික අපහසුතා රැසක් මැද ඉගෙනුම ලැබූ දරුවන්ගේ කුඩා පාසලය... දෙමාපිය ආදරය, සෙනෙහස නොමැතිව දුෂ්කර දිවියක් ගෙවූ බොහෝ සෙයින් කලහකාරී හැසිරීම් රටාවකට හුරු වූ දරුවෝ මට බෙහෙවින් ආදරය කළහ. පාසල ආරම්භවීමට පෙරත්, නිදහස් කාල පරිච්ඡේදයකදීත්, විවේක කාලයේදීත් ඔවුහු මා වෙත පැමිණ බොහෝ දේ පවසමින් මා අසලම ගැවසීමට ප්‍රිය කළහ.
ඇතැම් විටක එය මා හට වදයක්, කරදරයක් වුණ ද මම කරමින් සිටින කාර්යයෙන් බැහැර ව ඔවුන්ගේ වදන්වලට සවන් දීමට පුරුදුව සිටියෙමි.
දිනක් මා වෙත පැමිණි කුඩා දැරියක් ලොකු පාර්සලයක් මා වෙත දිගු කරමින් මෙසේ පැවසුවා ය.
“ටීචර්, අපේ අම්මා රට ඉඳලා ආවා. මම අම්මට කිව්වා ටීචර්ට සාරියක් ගේන්න කියලා. අම්මා මේක දුන්නා. ටීචර් මේ සාරිය අවුරුද්දෙන් පස්සේ එනකොට ඇඳගෙන එන්න.”
“කවුද, ඔයාට මේවා ගේන්න කිව්වෙ? ආයිත් ගිහින් අම්මටම දෙන්න ටීචර් ගත්තෙ නැහැ කියලා.” මම තරමක් තදින් පැවසීමි.
දැරියගේ දෙනෙත් තෙත්වනු මම දිටිමි. ඇය පාර්සලය දිගු කරගත් වනම මා දෙස බලා සිටියා ය.
මා කලබල වූවා වැඩියයි මට සිතිණ. මම දැරියගේ අත වූ පාර්සලය රැගෙන
“අම්මට ස්තුති කරා කියන්නැයි” යි පැවසීමි.
ඇය දී තිබුණේ සාරියකි. එය මා සාමාන්‍යයෙන් තෝරා ගන්නා වර්ණවලට වඩා තද පැහැයෙන් යුක්තය.
මම එම සාරිය නොඅඳින්නට තීරණය කළෙමි.
“ටීචර්, අවුරුද්දෙන් පස්සේ ඉස්කෝලේ පටන් ගන්න දවසට මේ සාරිය ඇඳගෙන එන්න” දැරිය සතුටින් තෙපළා ය.
නමුත් නව වාරයේ පාසල පටන් ගත් දිනයේ මා හැඳගෙන ගියේ ම’විසින් මිලට ගන්නා ලද සාරියකි. පෙර කී දැරිය මා එනතෙක් මග බලා සිටිනු මම දිටිමි. මම ඇය නුදුටු සේ ඉදිරියට ගියෙමි.
“ටීචර්, ඇයි මම දීපු සාරිය ඇඳගෙන ආවේ නැත්තේ? මම ආසාවෙන් බලාගෙන හිටියා.” ඇය මා අත අල්ලා ගනිමින් පැවසුවා ය.
මම කිසිවක් නොපවසා ඇය හා සිනාසුණෙමි.
“ටීචර්, ඒ සාරියට කැමැති නැද්ද?” මම අම්මගෙන් වෙන සාරියක් ඉල්ලගෙන එන්නද?”
“එපා... එපා... මම ලබන සතියේ ඇඳගෙන එන්නම්” මම ඇයට පොරොන්දු වීමි.
මා ඒ සාරිය ඇඳගෙන ගිය දිනයේ දැරිය සිටියේ මහත් උද්දාමයෙනි. ඇය වරින් වර මා සිටින ස්ථාන වෙත පැමිණ බලා සිට නැවත ගියා ය.
“ටීචර්, අපේ අම්මා ආයෙත් රට ගියා. ටීචර් තමයි දැන් මගේ අම්මා. මම ටීචර්ට ආදරෙයි.”
අද එම දැරිය යොවුන් කාන්තාවකි. නමුත් මහේෂිකා දියණිය, ඔබගේ වදන් ම’සිතෙහි තවමත් රාව ප්‍රතිරාව දේ.

කැලණියේ ධර්මාලෝක මාවතේ නයනා දීප්ති ගුණරත්න මෙණෙවිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Silumina
READ MORE - තිළිණ කඳුළු

ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ

ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ



- නෙහාරා පීරිස්

පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේදී නෙහාරා පීරිස් වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවා ය. නෙහාරා අපට සිටින ජනප්‍රිය මෙන් ම දක්ෂතම රංගන ශිල්පිනියකි. මේ දිනවල විවිධ නාළිකාවන්හි විකාශය වන ටෙලිනාට්‍ය ගණනාවක ඇයගේ රංගනයන් දැකගත හැකිය. ජනප්‍රියම නිළිය ලෙස සම්මානයට පාත්‍රවීමට නෙහාරා සතු නිහතමානී ගුණය ද හේතු වූවා නිසැක ය.



ඔබ නැවතත් ජනප්‍රියම රූපවාහිනී නිළිය නේද?
ඔව්. එක දිගට වසර 4 ක් මට රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමි වුණා. කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ මේ සම්මානය මට ලැබෙයි කියල. ජනප්‍රිය නිළියට හිමි සම්මානය හිමිවුණු පළමු අවස්ථාවේ ඇති වුණු තිගැස්ම මෙවර සම්මානය ගැනීමට යාමේදීත් මට ඇති වුණා. ඒ වගේ ම මම හරිම සතුටු වුණා මම ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ මට තිබුණු ජනප්‍රියත්වය තවමත් මට තිබීම ගැන.
මෙහිදී මගේ රසික රසිකාවියන්ට මාව මෙහෙය වූ අධ්‍යක්ෂවරුන්ට, මා රඟපෑ ටෙලිනාට්‍යවල නිෂ්පාදකවරුන්ට, වගේ ම මට සහාය දුන් සැමට මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරන්න කැමැතියි. මෙවැනි සම්මානවලින් අප තව තවත් දිරිමත් වෙනවා. ඒ වගේ ම කැපවීමෙන් නිර්මාණවලට සම්බන්ධවීමේ වුවමනාව මෙවැනි සම්මානවලින් ලැබෙනවා.
ඔබ හිතන විදියට 4 වැනි වරටත් ඔබ ජනප්‍රියම නිළිය වුණේ කොහොමද?
මුලින් ම මටත් ඒක හිතාගන්න බැරි වුණා. මම කරන චරිතයට උපරිම දායකත්වය ලබා දෙනවා. ඒක එක හේතුවක් වෙන්න ඇති. අනෙක් හේතුව තමයි වාසනාව.
ඔබ හොඳම නිළිය වෙන්නේ කවදා ද?
අපොයි. හොඳම නිළියට හිමි සම්මානය ගන්න මට තව ගොඩක් කල් තියෙනව කියලයි මට හිතෙන්නේ. ඒ සම්මානය ලබාගන්න ක්ෂේත්‍රයේ තව තවත් ගොඩක් පරිණත වෙන්න වේවි. අත්දැකීම් ලබා ගන්න සිදුවේවි. හොඳම නිළියට හිමි සම්මානයට දැන් ම මගේ බලාපොරොත්තුවක් නෑ.
මේ දවස්වල ඔබ මොනවද කරන්නෙ?
මේ දවස්වල ‘සිහින පියාපත්’, ‘තරු පිරි අහසක්’ වැනි ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘රුවන් මාලිගා’, ‘සිටු මැදුර’, ‘භාර්යාවෝ’ කියන ටෙලිනාට්‍යවල රූපගත කිරීම් අවසන්.
ඔබ රඟපෑ චරිතවල ඒකාකාරී බවක් දැනෙන්නේ නැති ද?
නැහැ. මම පසුගිය කාලෙ රඟපෑ චරිත ඒකාකාරී නෑ. ඒවා එකිනෙකට වෙනස් චරිත. එක ටෙලිනාට්‍යයක ගැමි වලව්වක දියණියක්... තවත් ටෙලිනාට්‍යයක ගමක වෙද මහත්තයකුගේ දියණියක්, තවත් ටෙලිනාට්‍යයක ගමක ජීවත්වන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ යුවතියක්. ඒ වගේ ම තවත් ටෙලිනාට්‍යයක රියදුරුවරියක්. මේ වෙනසට මම හරිම කැමැතියි.
චිත්‍රපටවලට ඔබේ දායකත්වය අඩුයි නේද?
චිත්‍රපටවලට විශාල ආරාධනා සංඛ්‍යාවක් මට ලැබිල නෑ. නමුත් මට ලැබුණු ඇතැම් චිත්‍රපට විවිධ හේතු නිසා මම ප්‍රතික්ෂේප කළා. මම රඟපෑ රෝයි ද සිල්වා ගේ ධ්බ ඪඵ ච ථචබබඥප ධට තධමඥ චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.
දැන් රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්න දායක වෙන්නෙ නැතිද?
පසුගිය කාලෙ ඒ වැඩවලට සහභාගි වෙන්න බැරි වුණා. නමුත් ලබන සතියේ ඉදල නැවතත් දෙරණ නාළිකාවේ ‘ටී - පාටි’ වැඩසටහනබ පාටි ඹඪබඩ නෙහාරා’ කියන වැඩසටහන මෙහෙයවනවා. මම හරිම ආශාවෙන් ඒ වැඩසටහන කරන්නේ.
මොනවද ඔබේ පෞද්ගලික තොරතුරු?
මම දැන් ඉන්නෙ මගෙ දෙමව්පියන් එක්ක.
රසික රසිකාවියන් දක්වන ආදරය, ගෞරවය ගැන ඔබට මොනවද හිතෙන්නෙ.
අපිට හැමවිටම ලැබෙන්නෙ අපි අන්‍යයන්ට දෙන දේ. මම සමාජයේ සෑම දෙනාටම ආදරය ගෞරවය දක්වන කෙනෙක්. ඒ ආදරය ගෞරවය දක්වන්නෙ හදවතින්මයි. මම හිතනව ඒ නිසයි මට මෙච්චර රසික රසිකාවියන් ආදරේ කියල.
ඔබට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනව නේද?
ඔව්; මම ගීත ගයන්න ආසයි. පුංචි හැකියාවකුත් තියෙනව. මගෙම ගීතයකුත් පටිගත කරල තියෙනවා.
ඔබ කොහොමද ඔබේ අනාගතය සැලසුම් කරල තියෙන්නෙ...?
මම අවුරුදු ගණනක් ඉදිරියට සැලසුම් හදන කෙනෙක් නෙමෙයි. මම බොහෝ දුරට හිතන්නෙ අද සහ හෙට සාර්ථකව ගත කිරීම ගැන පමණයි. මගේ එකම බලාපොරොත්තුව කාටවත් කරදරයක් නැතිව ජීවත් වීමයි.
ඔබ පිළිබඳවත් යම් යම් තොරතුරු වෙබ් අඩවිවල පළවුණා නේද?
ප්‍රධානම දේ තමයි ඔය ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නෑ; වුවමනාවක් නෑ... සමහරු මට කතා කරල කියනව ‘අර වෙබ් සයිට් එකේ මෙහෙම තිබුණා. මේ වෙබ් සයිට් එකේ අරහෙම තිබුණා කියල. මම ඒව ගැන හිතන්නෙ නෑ. ඒ කතා අහල මම ඒ වෙලාවෙම ඒව හිතෙන් බැහැර කරනව. ඒවා පසුපස එළවන්නේ නෑ.



READ MORE - ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ

දමිතා ඩුබායි- මැලේසියා



අපේ දක්‍ෂ රංගන ශිල්පිනියක්‌ වන දමිතා අබේරත්න මේ දවස්‌වල වැඩිහරියක්‌ කාලය ගෙවන්නේ හපුතලේ කියලයි ආරංචිය. ඒ රෙජිනෝල්ඩ් කුරේ ඇමැතිතුමා නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධවෙලා සිටින නිසා. ස්‌වාමිපුරුෂයා අහිමිව ජීවත්වන විටදී ගම්මුලාදෑනියකුගේ බලහත්කාරම්වලට, අතවරයට ලක්‌ව දරුවකු ලැබිලා ඒ දරුවා හදාවඩා ගැනීමේ චරිතයක්‌ තමයි දමිතට ලැබිලා තියෙන්නේ. ඒ අතරේ ගීත කිහිපයකුත් නිර්මාණය කරන්න යනවා කියලත් ආරංචියි. ඇය දායක වුණ භාර්යාවෝ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දවස්‌වල අවසන් කරාලු. ඔය අතරේ ළඟදීම විදෙස්‌ගත වෙන්න යනවා කියලත් ආරංචියි. ඩුබායි සහ මැලේසියාවේ තමයි මේ ප්‍රසංග පැවැත්වෙන්නේ කියලයි ආරංචිය. දමිතා ඩුබායි යන්නේ නම් සින්දු කියන්නලු. නර්තනය සහ රංගනය දෙකම එකට මුසුකරගත් ප්‍රසංගයක්‌ තමයි මැලේසියාවේ තිබෙනවා කියන්නේ. මේ ප්‍රසංගය මැලේසියාවේ සිටින ලාංකිකයන් පිරිසක්‌ සංවිධානය කරනවා කියලයි ආරංචිය. දැවැන්ත ප්‍රසංගයක්‌ විදිහටලු මෙය පැවැත්වෙන්නේ. දමිතා සමග අපේ රටේ තවත් නළු නිළියෝ මේ සඳහා සහභාගි වෙනවා කියලයි ආරංචිය.



Divayina
READ MORE - දමිතා ඩුබායි- මැලේසියා

ෂෙරිල් ගමේ කෙල්ලෙක්‌ලු

ෂෙරිල් ගමේ කෙල්ලෙක්‌ලු

මෙයාගෙ නම නම් ෂෙරිල් ඩෙකර්. හැබැයි ඒ වුණාට දැන් නම් හැමෝම මෙයාට කියන්නේ අමා කියලා. ඒ වෙන හේතුවක්‌ නිසා නම් නෙමෙයි අමා නාට්‍යයේ අමාගේ චරිතය හින්දා. දැන් නම් ෂෙරිල්ව නොදන්න කෙනෙක්‌ නැහැ. ඒ තරමට ඇය ජනප්‍රියයි. අමා නිසා මේ තරම් ජනප්‍රිය වෙයි කියලා එයාවත් හිතුවේ නැතිලු. මෙයා පුංචි කාලේ ඉඳන් හැදිලා වැඩිල තියෙන්නේ කොළඹ. ඒ හින්දා ඒ පරිසරයට තමයි වැඩිපුර හුරු. හැබැයි අමා නිසා දැන් ගමේ කෙල්ලෙක්‌ වෙලාලු. ඔය අතරේ තවත් ටෙලිනාට්‍යයකට ආරාධනාවකුත් ලැබිලා තියෙනවා කියලත් අපට ආරංචියක්‌ ලැබුණා. රොෂාන් කුරුප්පු මහත්තයා අධ්‍යක්‍ෂණය කරන මෙම නාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදුකෙරෙනවා කියලත් ආරංචියි. මේ ගැන දැනගන්න අපි ෂෙරිල්ට කතා කළහම එයානම් කිව්වේ ඒ ගැන දැන්ම කතා කරන්න කැමැති නැහැ, පසුව කියන්නම් කියලයි.


Divayina
READ MORE - ෂෙරිල් ගමේ කෙල්ලෙක්‌ලු

අංජුලාගේ ජීවිතේට වෙනසක්‌ ඕනෑලු!

අංජුලාගේ ජීවිතේට වෙනසක්‌ ඕනෑලු!

අංජුලා කිව්වහම දැන් අපේ රටේ නළු නිළියන්ට ආදරය කරන ඕනෑම කෙනෙක්‌ දන්නවා. අංජුලා හෙට ඉඳන් පුංචි තිරයේ සල්ලිකාර තරුණියක්‌ගේ චරිතයක්‌ හරහා අලුත්ම නිර්මාණයකින් අපට දැකගන්න ලැබෙනවා කියලා ආරංචියි. චන්දික විජයසේනගේ රිදී සිත්තමේ ටෙලි නිර්මාණය හරහා අංජුලා හැමදාම රාත්‍රි 8.00 ට එන්න සූදානමින්ලු ඉන්නේ. ඒ හින්දා අංජුලා මේ දවස්‌වල දිගටම රූගත කිරීම්වලට සහභාගි වෙනවා කියලත් ආරංචියි. මේ අතරේ ෙµංෂු ගෙදර කියන ටෙලි නිර්මාණය හරහාත් දකින්න ලැබෙනවා. පසුගිය දවස්‌වල ඇය සම්බන්ධ වුණ වීරයා චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා කියලත් ආරංචියි. ඔය අතරේ ඇන්ඩ් කොම්පැනි ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලටත් සහභාගි වෙනවා. ඒක හින්දා අංජුලා රූගත කිරීම් සමග ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවිලා යනවා කියලයි කියන්නේ. ඇය මේ දිනවල ජීවිතයේ වෙනසක්‌ බලාපොරොත්තුවෙනුත් ඉන්නවා කියල අපට පොඩි ආරංචියක්‌ ලැබුණා. ඒ ගැන අපි අංජුලාගෙන් ඇහැව්වහම ඇය නම් කිව්වේ ඇත්තටම ජීවිතේ වෙනසක්‌ වෙන්න තියෙනවා නම් හොඳයි කියලයි. ඒකාකාරී ජීවිතයකට අකැමැති අංජුලා වෙනසක්‌ හොයනවා. ඒක කොයි ආකාරයකට සිදුවෙයිද කියලා ඇයටත් කියන්න බැරිලු. කොහොම හරි ජීවිතේ වෙනසක්‌ වෙන්න ආසාවෙන් තමයි අංජුලා මේ දවස්‌වල කාලය ගෙවන්නේ. හැබැයි ඒ වෙනස හොයන්නේ සාදයකින් නම් නොවෙයි කියලා ආරංචිය. 



Divayina
READ MORE - අංජුලාගේ ජීවිතේට වෙනසක්‌ ඕනෑලු!

උඩින් යන්න කැමති චමුපා


 Divayina
READ MORE - උඩින් යන්න කැමති චමුපා