----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label ඡායාරූප. Show all posts
Showing posts with label ඡායාරූප. Show all posts

උපනෙත ප්‍රතිබිම්බ කලා උලෙළ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී

Saturday, October 20, 2012

කැලණිය විශ්වවිද්‍යාලයීය ප්‍රතිබිම්බ කලා විශේෂවේදී උපාධිය හදාරන අවසන් වසර විද්‍යාර්ථීන්ගේ නිර්මාණ එළිදක්වන ‘උපනෙත ප්‍රතිබිම්බ කලා උලෙළ’ මේ මස 22, 23, 24 දිනයන්හි කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී පැවැත්වේ. ප්‍රවීණ සිනමාවේදී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘උපනෙත ඡායාරූප ප්‍රදර්ශනයේදී මෙවර ඡායාරූප මෙන් ම වීඩියෝ මාධ්‍ය ප්‍රදර්ශනයන් ද සිදු කෙරේ. උපනෙත ඡායාරූප ප්‍රදර්ශනයක් විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරව සිදුකරන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
READ MORE - උපනෙත ප්‍රතිබිම්බ කලා උලෙළ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී

"උපනෙත" ඔක්තෝබර් 22 සිට 24 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී

Sunday, October 14, 2012



"කැලණිය විශ්වවිද්‍යාලයේ 
ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ අවසන් වසර සිසුන් විසින් ඉදිරිපත් කරන
"උපනෙත" ඡායාරූප හා චිත්‍රපට ප්‍රදර්ශනය 
මෙවර ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී 
2012 ඔක්තොබර් 22 දින සිට 24 වන  දින දක්වා පැවැත්වේ. 

සමාරම්භක උත්සවය 
සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 
22වන දින සවස 5ට ආරම්භ වේ. 

චිත්‍රපටවල මංගල දර්ශන 
එදිනම සවස 6.00 
උඩුමහලේ හැරල්ඩි පීරිස් කලාගාරයේ දී පැවැත්වේ. 

උත්සවය හා ප්‍රදර්ශනය සඳහා 
ඡායාරූප හා සිනමා ක්ෂේත්‍රයේ 
ප්‍රවීණ විද්වත් රසික පිරිස් බොහොමයත් සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ. 
වාර්ෂිකව ප්‍රතිබිම්බ කලා අවසන් වසර සිසුන් විසින් සංවිධානය කරන 
උපනෙත ප්‍රතිබිම්බ කලා උළෙල 
විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත පැවැත්වෙන්නේ පළමු වතාවටය. 
මෙවර එය සංවිධානය කරන විද්‍යාර්ථීහු 
පසුගිය වසරේ අටවක නමින් ද ඡායාරූප ප්‍රදර්ශනයක් සාර්ථක ලෙස සංවිධානය කළහ

උපනෙත ප්‍රදර්ශනය සඳහා 
හය දෙනෙක් ඡායාරූපයෙන් ද 
දෙදෙනෙක් චිත්‍රපට නිර්මාණ වලින් ද දායක වෙති. 

ඡායාරූප දැක්ම තේමා හයක් ඔස්සේ ඉදිරිපත් කෙරෙන 
ඡායාරූප 90කින් සමන්විත අතර 
චිත්‍රපට ලෙස වාර්තා චිත්‍රපටයකුත් කෙටි චිත්‍රපටයකුත් ප්‍රදර්ශනය වේ.

මෙවර උපනෙත 
අරවින්ද චන්ද්‍රපද්ම
අමන්දා ජයවර්ධන
පබසරා රණසිංහ
ප්‍රෞඩ බුවනෙක
ප්‍රසාද් අලුත්වත්ත
සම්පත් දර්ශණ
නාලක සංජීව  
යන පිරිසගේ සාමූහික ප්‍රදර්ශනයකි

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශය ඡායාරූප සිනමා හා රූපවාහිනී යන අංශත්‍රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යයන පාඨමාලා මෙහෙයවන එකම අධ්‍යයන අංශයයි. සෑම වසරකම අවසන් වසර අධ්‍යයන කාර්යයක් ලෙස ඡායාරූප හා චිත්‍රපට ප්‍රදර්ශනයක් උපනෙත නමින් අවසන් වසර සිසුන් අතින් සංවිධානය වේ. මෙවර පැවැත්වෙන්නේ 14වන උපනෙත ප්‍රදර්ශණයයි. මෙතෙක් කල් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම පැවැත්වුණු උපනෙත මෙවර බාහිර සමාජයට විවර වීම විශේෂ කරුණකි.

Reported by අරවින්ද චන්ද්‍රපද්ම 
READ MORE - "උපනෙත" ඔක්තෝබර් 22 සිට 24 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී

ඉන්ද්රනාථ තේනුවර – පැනෝරාමා ඡායාරූප ප්රදර්ශනය.

Thursday, June 3, 2010

ඉන්ද්‍රනාථ තේනුවර,
ලංකාවේ සිටින ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් වගේම
කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක්.
ඔහු විසින් මෙම ජුනි මස 11 වනදා සිට 14 වනදා දක්වා,
කොළඹ ජාතික කළා භවනේදී ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු විසින්,
ශ්‍රීලංකාවේ දී පවත්වන
පළමුවන ම පැනෝරාමා ඡායාරූප ප්‍රදර්ශනය බලන්නට
ඔබට කෙරෙන
ආරාධනාවයි මේ.
මේ බව ඔබේ යහලුවන්ටත් කියන්න.

Source - රූසර නිල බ්ලොග් අඩවිය
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි
READ MORE - ඉන්ද්රනාථ තේනුවර – පැනෝරාමා ඡායාරූප ප්රදර්ශනය.