සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය.....

සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:39 PM 0 comments
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:15 PM 0 comments
Labels: ගීතය
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:15 PM 0 comments
Labels: ගීතය
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:33 AM 0 comments
Labels: ගීතය
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:24 PM 0 comments
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:50 PM 3 comments
Labels: ගීතය, ජීවිත විත්ති, පුවත්, මතක සැමරැම්
රණවිරු රියල් ස්‌ටාර් ඩේමියන්
ලොව දැවැන්තම රණවිරු රියල් ස්‌ටාර් සංගීත ප්‍රසංගයේ අවසන් මහා තරගයේ ප්‍රථම ස්‌ථානයට හිsමි කිරුළ ලබා ගනිමින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දුය. එහි දෙවැනි ස්‌ථානය යුද හමුදාවේ සාමාන්‍ය සෙබළ ඉන්දික අමරංගට හිමිවිය. තෙවන ස්‌ථානය යුද හමුදාවේ කෝප්‍රල් ලලිත් වික්‍රමනායකට හිමි වූ අතර සිව් වැනි ස්‌ථානය නාවික හමුදාවේ උප ලුතිනන් තරංග ලහිරු සම්පත් සහ පස්‌වන ස්‌ථානය යුද හමුදාවේ කාර්මික සෙබළ ධනුෂ්ක ලක්‌මාල් ටද හිමිවිය.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:36 AM 1 comments
"මගේ සංදේශය චිත්‍රපටයේ සියලුම ගීත අරිසෙන්
අහුබුදු රචනා කළා. සුනිල් ශාන්තයන් ගේ තනු යටතේ
ආර්. මුත්තුසාමි සංගීතය නිර්මාණය කළ එම ගීත
"සංදේශය" චිත්‍රපටයට මහත් ආලෝකයක් ගෙන දුන්නා"
- ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස් පීරිස්
අරිසෙන් අහුබුදු වන් ගල්කිස්‌ස ශාන්ත තෝමස් විදුහලේ සිංහල ආචාර්යවරයකු ලෙස එදා සේවය කරත්දී එතුමන්ගේ ශිෂ්‍යයකු ලෙස හෙළ බස හැදෑරූ අග්‍රගන්‍ය සිනමා නළු ගාමිණි ෙµdන්සේකා මහතා (ගාමිණීගේ නිවසේදී) හමුවූ අතීත මොහොතකි.
ලක්‌මාතාව අපට දායාද කරදුන් සමාජයට පලදායක වූ දරුවන් තමා නියෑළි නොයෙකුත් ක්‍ෂේත්‍රයන්හි එම කාර්යයන් තුළ ඉහළින්ම වැජඹෙමින් මුළු ජාතියම අවදි කරද්දී ක්‍ෂේත්‍ර ගණනාවක් පුරා රැඳෙමින් රටත්, ජාතියත් දැනුවත් කළ තවත් එක් උදාර පුරුෂයකු අපගෙන් නික්‌ම ගියේ රටටම ඵලදායක වූ නැණවත් මල් පොකුරේ රටම සුවඳවත් කළ තවත් එක් මල් පෙත්තක් මල් පොකුරට අහිමි කරමින් ඒ අඩුව තවකෙනකුට පිරවීමට නොහැකි අයුරින් විශාල හිඩැසක් ද තබමිනි. ඉතිහාසයේ සාහිත්‍යයේ පැති ගණනාවක් පුරා පැතිර ගිය එම දැනුම් සම්භාරය ඔහුගේ ගීත රචනා තුළ ද පැහැදිලිවම දකින්නට ලැබිණි.
ගුවන් විදුලි ගීතයක් වූ සුනිල් ශාන්තයන් ගැයූ ලංකා ලංකා පෙම්බර ලංකා, වලාකුලින් බැස, එම්බා ගංගා නවතිනු, තෙල් ගාලා හිස පීරන්නෑනෝ, කුමාරතුඟුන්ගේ අගේ වැනි ගීත රචනා සහ වෙනත් ගායක ගායිකාවන් ගැයූ ගීත රචනා අතුරින් මගේ අවධානය යොමු කරනු ලබන්නේ එතුමා ලියූ චිත්‍රපට ගීත ස්‌වල්පයේ විචිත්‍රත්වය වෙත ඔබේ අවධානය යොමු කරලීමටය.
සංදේශය - 1960, දරුවා කාගේද? -1961, සැනසිලි සුවයම් - 1966, නාරිලතා - 1969, කවුද හරි? - 1969 පාරාවළලු - 1969 වීර පුරන්අප්පු - 1978, හඳයා -1979. චිත්‍රපට අට සඳහා රචනා වූ එම ගීත ප්‍රමාණය 24 ක් පමණ වුවද කුමරතුඟුවන්ගේ හෙළ හවුල් භාෂා ව්‍යවහාරය හා බැඳි නිවැරැදි පිරිසිදු බසින් ගීත රචනයෙහිලා ගීත රචනය තුළ පැවැතිය යුතු සංවේදිතාව පිළිබඳ ආදර්ශ රූප මවමින් ප්‍රේමය පිළිබඳවම හැඟුම් පළ කරනු පිණිස අවට පරිසරය විචිත්‍රකොට මැනීමට පෙළැඹෙමින් ජාතිය වෙනුවෙන් දිවි පිදීමට රණබිම කරා යොමුවන මුවට අතිශයින් උචිත වූ පද පෙළ රචනා කරමින් පබැඳුණු එම ගීතයන් මෙසේ වෙන් වෙන්කොට ඉදිරිපත් කරනු ලබන්නේ සෑම පැතිකඩක්‌ම ඔස්‌සේ විහිද ගිය ඔහුගේ රචනා ශෛලිය පිළිබඳව අපගේ ගෞරව පූර්වක නමස්‌කාරය ද එතුමා වෙත පුදකරමිනි.
කවදත් එතුමා තුළ දකින්නට ලැබුණු දේශාභිමානය මෙලෙසින් සිනමා ගීතයට නැඟේ.
"උගුල් අකුල් බාධා දැකැ නැහැ අප නවතින්නේ
අකුල් කැපීමෙනුයි කැලේ එළි කළ යුතු වන්නේ....."
- අලුත් හඳක් උදා වුණා - පාරාවළලු
"පුලතිසි රාවණ කුලයෙන් එන්නෝ
ගාමිණි පැරකුම් මුනුපුරු වන්නෝ
අපි මේ බිම පතිsයෝ......"
- පැරකුම් සයුරේ - පාරාවළලු
"වැලි මිරිකා තෙල් ගත්තෝ
යකඩ විකා දිය ගත්තෝ
සත් සමුදුර ජය ගත්තෝ
එදා අපේ මුතු මිත්තෝ..."
- ජය අපටයි ලංකාවේ - වීරපුරන්අප්පු
ලියෑවුණු රණ ගීතය මෙසේ පෙළගැසෙයි.
"එකෙකුන් අපගෙන් නැසුවොත් හතුරන්
උන්ගෙන් සියයක් හෙළාපියව්
කඩුවට කඩුවයි හීයට හීයයි
පපුවට පපුවයි දී පලයව්......"
- කෝ හතුරෝ - සංදේශය
ඉතිහාසය ගැන ලිවීමේදී එතුමාට රාජසිංහයන්, පෘතුගීසීන්, ඉංගී්‍රසීන් කියා භේදයක් තිබුණේ නැත.
අහුබුදු
"රුසිරු පෙතන්ගොඩ උයනට අනේ ළංවුණා
නපුරු උණකටුව පතුලේ ඇනී වණවුණා
එක්‌වැ සිටි පිරිස මතුරා විසද වැඩි වුණා
රාජසිංහ දෙවි නාමෙත් ගියා නැතිවුණා"
- කටේ කිරි සුවඳ - සංදේශය
පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා
කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ
අපි ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ......"
- පුරුතුගීසිකාරයා - සංදේශය
"බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ
ඉංගී්‍රසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට
සැරසෙව් රාලේa........"
- විරිඳු පෙළ - වීර පුරන්අප්පු
සැනසිලි සුවය චිත්‍රපටය සඳහා ලියා ඇති
නිති මා දල්වන පහනේ භක්‌ති ගීතයෙන්
"වැඩිහිටි කන්දේ වෙසෙන සුරින්දේ
ඇයි දුක දෙන්නේ පිහිට නොවන්නේ
රක්‍ෂා පතුරා දෙවිඳේ
නිති එළියෙන් මා සනසන්නේ........"
සිංහල අවුරුදු උත්සවයට එළැඹෙන්නේ මෙසේය.
"ගමේ සවිය මුළු වැරැදී කඹේ අදී දෙකට බෙදී
යටි පිල යනවා පැරදී නඟමු හෝයියා.....
හෝයියා හෝයියා හොහෝ හෝයියා......"
- නව වසරේ කිරි ඉතිරේ- දරුවා කාගේද?-
සිනමා ගීතාවලිය තුළ පෙම් ගීත සහ විරහ ගීත සඳහා ඇති ඉල්ලුමට එතුමා සපයන්නේ මෙම පෙම් ගීතයන් සහ
"විල් කුමරි රැල්ල නඟා රඟාලා
ඇගෙ මිහිරා එන මඟමයි බලන්නේ
කඳුරුලියා ඈම සොයා ඒ
කන්ද උඩින් පියාසලාලා
මාගේ සූQදා - මාගේ සූදා තවම නෑ....
- රෑන ගිරා රෑන අඹේ මී බිබී - සංදේශය
"සිය මනමාලිට කොහා තුරුල් වී
කොහෝ කොහෝ හඬලයි
මී අඹ ලඹ දෙන කොළ යහනේ
යුවළ නිදාගනිතෙයි......."
- පුන්සඳ එළියයි එනමද සුළඟයි - සංදේශය
"ගැහැනිය රකිනා ගුණදම් කඳෙන්
දෙවියන්ගේ පවා බැල්ම ලැබේ
හොඳ හිතින් පෙම් කළොත් සාරා
හොඳ කෙරුවෙත් මේ ලොව හොඳ වෙනවා..."
- සොම්නස සුළඟේ පාවෙනවා - සැනසිලි සුවය
විරහ ගීතයන් ය.
"මේ ලෝකේ හැටි පිරිමින්නේ
මල් සොයමින් යන මී මැසි වාගේ
පෙම් මිහිරෙන් මා හද නහවාලා
ඇයි ගියේ මේ මා වෙත නොබැඳී...."
- මා මැවූ පෙම් මාළිගා - සැනසිලි සුවය
"ආදරේ බිඳ හැරියෙ ඇයි මේ ලෝකයා
පැතුම ඇතුවට එය නොගන්නේ මෝඩයා
සුවය ලැබුමට පාර පෑදී ඇති දිනේ
මැණික දැකලත් එය නොගන්නේ ඇයි දනා...."
- සාගරේ මැද පීනුවා - සැනසිලි සුවය
"මා පැතූ සොඳුරිය තරහ වුණාදෝ
මා ආසා දේවල් නැස ගියාදෝ
ගලාවි උතුරා මගේ රුධිරේ
විඳින්න බැරි මේ දුක්‌නේ මේ ලෝකේ........"
- සිතූ පැතූ දේ නැසී ගියාදෝ - සැනසිලි සුවය -
ප්‍රේමයේ අවසන් ප්‍රතිඵලය නැළවිලි ගීතය නොවේද?
"සුරංගනාවනුයි වලාකුළ ඔසවාගෙන එන්නේ
හඳ මාමයි සිනාසිසී රිදී පාන අල්ලන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා......"
- සුදට සුදේ වලාකුළයි - සංදේශය-
"චූටි බබාලා නිදිද බලා හීන හඬින් රස හීන මවා
තරු කුමරියෝ රැස් සලඹ සලා රඟදෙතිs නිල් අහසේ...."
- දොයි දොයි බිලිඳෝ - නාරිලතා
චමත්කාර රූ මවාලන මෙම ගීතයන්ට ළමා හා තරුණ වයස් භේදයක් ඇතිවේ යෑයි සිතිය නොහැක.
"ඒ කන්දත් අපේ තමයි
මේ කන්දත් අපේ තමයි
කඳුයායම අපේ තමයි අපේ රාඡ්ඡේ..."
- රැජින මමයි අපේ රාඡ්ඡේ - සංදේශය
"බකමූණා හූම් හූම් හිඹුටු හඬයි හූම් හූම්
බුම්මාගෙන හූම් හූම් ඔක්‌කෝටම හූම් හූම්
කප්පරකට පුවක් පුවක් කොරවක්‌කයි පුවක් පුවක්
මට විටකට නුදුන් පුවක් අපි තරහයි පුවක් පුවක්......"
- මීමැස්‌සා රූං රූං - දරුවා කාගේද?
"අපේ සුන්දර ළමා ලොවේ මල් සිනා පිපී සැලේ
දිවා රැයේ මාවතේ ගුටි බැට කන්නේ ඇන බැණගන්නේ අත්වැල් බැඳගන්නේ."
- සිඟිති ලොවේ සුරතල් -හඳයා
"ලොක්‌කො අපියි ලොක්‌කො අපියි අපි ගමට
ලොක්‌කො අපියි ලොක්‌කො අපියි හෙට රටට
පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ
හායි හූයි ගෑව නේද ගම්මිරිස් ඇටේ........."
- කවුද කවුද දැන් ලොක්‌කෝ - හඳයා
අප සැමට සිතන්නටද යමක් ඉතිරි කරමින් කවුද හරි? චිත්‍රපටයේ නාමාවලිය සඳහා ලියා ඇති මෙම ගීතය ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපට මුහුණදීමට සිදුවන පරම සත්‍යය නොවේද? මෙය ජීවිතයේ සදාකාලයටම වලංගු වන අදහස් කැටිවුණු ගී පදමාලාවක් නොවේද?
"නැගෙන වැටෙන වැටී නැගෙන පෙරළැනෙ ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ
එකින් එකට කොටු පැන පැන පෙරට ඇදෙන්නේ
දිනුම් පෙන්න අතේ දුරයි කැපී වැටෙන්නේ
වැටුණුq ඉරට රුවන් ඉරයි වැටී පෙනෙන්නේ
දාදු දමන්නේ
දරුණු රුදුරු නාග විසෙන් මැණික වැසෙන්නේ
වාසනාව නාග කටේ ඇයි බිය වෙන්නේ
බලාපොරොත්තුවේ දොරටු පවට වැසෙන්නේ
පිනට හැරෙන්නේ
පියෙන් පියට දාදු පෙනේ කපටි ගැට වැටේ
ගැටින් ගැටේ ගැටී වැටේ මහ දහම් ගැටේ
වැටී පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ
දාම දිනන්නේ
ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ නැත්ත මගින් ඇත්ත නැඟී සිටී අන්තිමේ විනිස දවස පැමිණිදාට කර්මයා අසයි කවුද හරි?
මෙම ගීත රචනා සඳහා සංගීතයෙන් සුනිල් ශාන්ත (ගීතනු) ආර්. මුත්තුසාමි, මොහොමඩ් සාලි, ප්‍රේමසිරි කේමදාස, සිසිර සේනාරත්න, සෝමදාස ඇල්විටිගල, සෝමපාල රත්නායකද ගායනය සඳහා ධර්මදාස වල්පොල, ලතා වල්පොල, එච්. ආර්. ජෝතිපාල, සිඩ්නි ආටිගල, මොහිදින් බෙග්, මන්සූර් රාජබාලි, සුධර්මා ද සිල්වා, විජිත කුසුම් ලියනගේ, නන්දා මාලිනී, අයිවෝ ඩෙනිස්, වික්‌ටර් රත්නායක, නාරද දිසාසේකර, සුනිල් එදිරිසිංහ, බන්ධුල විඡේවීර යන ගායක ගායිකාවන් ද දායකත්වය සපයන ලදී.
මොරටුවේ මැල්කම් ප්‍රදිනාන්දු
Copy Rights - Divayina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:35 AM 0 comments
Labels: ගීතය, මතක සැමරැම්, සාහිත්‍යය
වියළි ගොඩ බිම් සැරිසරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා
රැය දවල් දෙක එක සේ සලකා
රිසි විටෙක එනු මැන ප්‍රියේ
අතු පැලෙහි දොර වසා තිබුණත්
මගේ හදවත ඉඩ තියේ
සාගරය වෙත ඇදෙන ගංඟාවක් පරිද්දෙන් වෙහෙස විඳිමින් ඔහු තම ජීවිත ගමනේ බර බිම තියන්නට ඇය කරා පැමිණියේය. එවිට ඇයට රාත්‍රිය, දහවල ගෙවී ගියේ කිසිදු වෙනසකින් තොරවමය. අතු පැලෙහි දොර වසා තිබුණු නමුදු ඇයගේ හදවතෙහි දොර ඔහු වෙනුවෙන් විවෘතව තිබිණි. එනු මැනවි. ඇය විවෘත ආරාධනාවක් කළාය.
ගීත ලොවේ ‘කරු අයියා’ යන ආදරණීය නාමයෙන් හැඳින්වුණු කරුණාරත්න අබේසේකරයන්ගේ පන්හිඳෙන් බිහිවුණු අපූරු ප්‍රේම ගීයක්. ඔහු ලියූ සෙසු ප්‍රේම ගීවලට වඩා වෙනස්ම පද සමූහයක් මේ ගීතයට කැටි වෙලා.
ඒ ගීතයේ සොඳුරු පැල්පත සොයා ගෙන නාරාහේන්පිට ඇල්විටිගල නිවාස සංකීර්ණයට අප ගියා. ඒ, මේ ප්‍රේමණීය යුවළගේ ගී මුනු මුනුව ඔස්සේ.
![]() |
සිසිර – ඉන්ද්‍රාණි විවාහ වූදා |
සිසිර ඉන්ද්‍රාණිගේ සොඳුරු හඬ මුළු නිවාස සංකීර්ණයේම පැතිරිලා. ‘අපූරු සුන්දර ගීතයක්’ඉබේම මට කියැවුණා.
‘මගේ සරල ගී වැඩසටහනක් සඳහා කරු අයියාට කියලා ලියවා ගත්ත ගීතයක්. කරු අයියා සාමාන්‍යයෙන් හරි ඉක්මනට ගීත ලියනවා. ඒත් මේ ගීතය ටිකක් හිතා මතා ලියපු ගීතයක්. සාමාන්‍යයෙන් ගැයෙනා බොළඳ පෙම් ගීයක වචන මෙහි නැහැ.
නමුත් මේ ගීතය අරුත් බරයි, හැඟුම් බරයි. මේ අර්ථ පූර්ණ ගීතයට අපූරු තනුවකුත් සිසිරගෙන් නිර්මාණය වුණා.’
අපේ කතාබහට මුල පුරමින් ඉන්ද්‍රාණි සේනාරත්න එහෙම කියන ගමන්ම,
‘එහෙම නේද’ කියලා අහන්න වගේ සිසිර සේනාරත්න දෙස බැලුවා.
‘මේ ගීිතයෙන් අපි දෙන්නගේ අන්‍යතාවය විදහා පානවා. පෙම්වතාගේ පෙම්වතියගේ අදහස්වලට ගැළපෙන ආකාරයටම ගීතයෙන් කියැවෙන හැඟුම්බර බව ඉස්මතු කරන්න තනුවක් යොදන්න මා සමත් වුණා.’
සිසිර සේනාරත්නයන්ගේ මුවඟට නැගුණේ ප්‍රේමණීය සිනහවක්.
‘ඒ කාලෙ ආදරේ තරම මතක් වෙලා වගෙයි’
ඉන්ද්‍රාණිගේ දෙනෙත් ඉබේම වගේ් නිල් ගුවනට යොමු වෙලා.
‘ඒක ඉතිං හැමෝම දන්න රහසක්’
ඉන්ද්‍රාණි කියන්නේ සිසිරගෙන් ලැබෙන ප්‍රේමණීය සිනහවට පිළිතුරක්.
සුදුම සුදු පාට වලාකුළු. ඒ අතරින් ඇදෙන ප්ලේන් එකේ හිටිය බොහොම දෙනෙක් නිදි කිරා වැටුණා. තවත් සමහරෙක් පොත් කියෙව්වා. මේ අතරතුර ඉන්ද්‍රාණි කාඩ් එක පුරවන්න සිසිරගෙන් උදව් ඉල්ලනවා.
‘මොනවද මෙච්චර වෙලා කළේ’
‘මොනවත් නැහැ අම්මේ කාඩ් එක පිරෙව්වා.’
ඈ අම්මට කිව්වේ හිත ඇතළේ මොකක්දෝ හංග ගෙන.
ලංකාවේ හදපු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාවට ගීත පටිගත කරන්න ඉන්දියාවට ගිය සිසිරත්, ඉන්ද්‍රාණිත් ලංකාවට එන්නෙ පෙම්වතුන් වෙලා.
කාලය ගෙවිලා ගියා. සිසිර ගැන උදේ හවා හීන දකිමින් හිටිය ඉන්ද්‍රාණිගේ් හීනේ හැබෑ වෙන දවස ළං වුණා.
1962 මැයි 31 වැනිදා.
![]() |
රුක්මණී දේවි, එඩී ජයමාන්න මංගල්‍යයට ඇවිත් |
සිසිරත්, ඉන්ද්‍රාණිත් අතිනත ගත්තා සිරිකොතේදි. ඒ මීට අවුරුදු හතළිස් නමයකට කලින්.
‘හරියටම මේ මාසේ 31 වැනිදාට අපේ විවාහ ජීවිතයට හතළිස් නමය ඉවර වෙලා පනහ ලබනවා.
පසුගිය කාලයේ බිරිඳක් විදියට මම විශාල අත්දැකීම් සම්භාරයකට මුහුණ දුන්නා. සිසිරගේ අසනීපයත් සමඟම කොහේදෝ නැති ධෛර්යයක් මගේ සිතට පිවිසුණා.
ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දුන්නා. සැප, දුක කියන මේ අටලෝ දහමේ ධර්මයන් අප කාටත් පොදුයි. මේ වෙන කොට පසුගිය කාලයේ ගෙවුණු දුක් සහගත ජීවිතයේ සහන් එළියකින් අපේ පැල එළිය වැටිලා.’
අවුරුදු පනහක්. ඒ කියන්නේ නිකම් නිකම් කාලයක් නෙමෙයි, අර්ධ ශතකයක්.
මේ කාලය ගෙවුණු ඉක්මනක්.
‘දරුවන්ගෙත් දරුවෝ. මුනුබුරෝ මිනිබිරියෝ අතර ගෙවන ජීවිතය හරිම සුන්දරයි. ලොකු පුතා සංජය. එයා ඉන්නේ ජර්මනියේ. සූරියා සිසින්ද්‍රා එයාගේ දූලා දෙන්නා.
එකම දූ සුභානි. සුභානියි සරිඳුයි ඒ දූගේ දරුවන් දෙන්නා.
බාලයා සමීර එයත් දැන් තාත්ත කෙනෙක්. චූටි පුතාගේ පුතා අපේ චූටි මුනුබුරා හරිම දඟයා. හරියටම මම වගේමයි.
මේ හැමෝම එකතු වෙලා අපේ විවාහයේ අර්ධ ශතකය සමරන්න මොන වගේ දෙයක් කරයි ද කියලා කියන්න බැහැ. එදාට පවුලේ හැමෝම එකට එකතු වන සුන්දර දවසක්. ඒක විතරයි දැනට අපි දෙන්නම දන්නේ.’
සිසිර සේනාරත්නගේ අදහස් පෙළ අතර නිවෙස තුළින් තවත් කෙනෙක් මතු වුණා.
කවුද මේ?
‘සුභානි දූගේ පුතා සරිඳු. අපේ පාළු මකන්න මෙහාට ඇවිත්.’
අපේ ගැටලුවට පිළිතුර ලැබුණා.
‘මෙන්න ආත්තම්මට කෝල් එකක්.’
සරිඳු පුතා හැමෝම එහාට මෙහාට වෙනකම් ඉඳලා අප අසලට ළං වුණා.
‘ආත්තම්මත්, සීයාවත් එක්කගෙන දවස් ගණනක චාරිකාවක් යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.’
ඔහු එහෙම කිව්වේ රහසින්.
‘ඒ අපේ පොඩි පුතා.’
ඉන්ද්‍රාණි සේනාරත්න එහෙම කියන්නේ සතුට පිරී ඉතිරී ගිය සිතින්.
‘නිතරම ඒගොල්ලෝ කෝල් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ අහළ පහළ ඉන්න නිසා අපි බලන්නත් එනවා.
’ ඉන්ද්‍රාණිගෙ කතාවට සිසිරත් අත්වැල ඇල්ලුවා.
‘මේ සුසංයෝගයේ ගී හඬ ආයෙත් කවදා ඇසේවිද?’
‘බොහෝ වෙලාවට එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැති තරම්.
එහෙම ගියත් මමයි පුතයි තමයි ගී ගයන්නේ. සිසිර නම් දැන් ගී ගයන්නේ නැහැ. බොහොම විවේක සුවයෙන් ගෙදරටම වෙලා ඉන්නවා.’
සිව්වන මහලයේ සඳළු තලයට මුළු නගරයම පේනවා.
සවස් යාමයේදී සිසිර – ඉන්ද්‍රාණි නිතරම ඉන්නේ සඳළු තලයට වෙලා.
ඒ ඉන්න අතරේ දෙන්නම ගයපු පැරැණි ගීත මුමුණනවා.
‘මේ බලන්නකො ඉන්දු අඹ ගහේ මුදුනට අද අමුත්තෙක් ඇවිල්ලා.’
ඒ ඔවුන්ගේ ගී හඬ අහන්න කෝකිලයෙක්.
තිලානි ශානිකා විතානාච්චි
සේයා රුව - ප්‍රසාද් සමරතුංග
Copy Rights - Sarasaviya
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:25 AM 0 comments
Labels: ගායකයෝ, ගායිකාවෝ, ගීතය, ජීවිත විත්ති, මතක සැමරැම්
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට...!
(ගායනය - එච්. ආර්. ජෝතිපාල)
(පද - කරුණාරත්න අබේසේකර)
බස් රථවලින් ගමන් කරන විට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් විවිධ ගීත ශ්‍රවණය කිරීමට සිදු වීම සාමාන්‍ය සිද්ධියකි. එම ගීත තෝරා ගෙන සිය බස් රථවල ප්‍රචාරය කරන රියදුරු මහතුන් හමු වී විමසීමේදී දැනගැනීමට ලැබුණේ මෙරටේ සමහර එෆ්. එම්. ගුවන් විදුලි නාලිකා මඟින් කෙරෙන ගීත ප්‍රචාරයට වඩා විචාරශීලී ක්‍රියාවලියක් බස් රථවල ගීත ප්‍රචාරයේදී සිදු කෙරෙන බවයි. එම නිසා මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි බස් රියදුරු මහතුන් කිහිප දෙනකු එක්කර ගනිමු.
මුලින්ම අපි කතා බහ කළේ මාර්ග අංක 2 “මාතර - කොළඹ”(NA - 6751) බස් රථයේ රියදුරු රසික ලක්මාල් සමඟින් ය. “අපි දවල් සහ රාත්‍රී ගමන් වාරවලදී අහන්න වෙන වෙනම සින්දු තෝරා ගෙන තියෙනවා. අපේ බස් එකේ වැඩිපුර අහන්නේ එච්. ආර්. ජෝතිපාලගේ සින්දුයි. ඊළඟට ගුණදාස කපුගේ ගේ සින්දුත් අහනවා. ඒ දෙන්නාගේ සින්දු ඇරුණම අසංක පි‍්‍රයමන්ත පීරිස්ගේ සින්දු ටිකකුත් අපේ ගීත එකතුවේ තියෙනවා. බාල තරුණ මහලු කාට වුණත් අහන්න පුළුවන් සින්දු අපි තෝරා ගෙන තියෙන්නේ.
රෑ ගමන් වාරවලදී නම් ප්ලෑෂ් බෑග්, සිදූවේ සකුරා සහ මාතර මෙලඩි වගේ සංගීත කණ්ඩායම්වල ගීත තමා අහන්නේ. ඔවුන්ගේ වේග රිද්මයෙන් ගයන සින්දු ඇහෙනකොට නිදිමත ගතිය නැති වෙනවා.”
මාර්ග අංක 99 “බදුල්ල - කොළඹ” (NA - 5560) බස් රථයේ රියදුරු කේ. රවී වැඩිපුර ශ්‍රවණයට තෝරා ගත් ගීත ගයන ගායන ශිල්පීන් පිළිබඳව පැවසුවේ මෙසේ ය. “මිල්ටන් මල්ලවආරච්චි, ටී. ඇම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ සහ එඩ්වඩ් ජයකොඩි ගයන ගීත තමා අපි නම් අපේ බස් රථයේ නිතරම අහන්නේ. මේ ගායකයන්ගේ ගීත ඕනෑම වයසක මගියෙකුට අහගෙන ඉන්න පුළුවන්.
අපිටත් අපේ රාජකාරිය මේ ගීත අහන ගමන් බාධාවක් නැතුව කරන්න පුළුවන්. මේ ගායකයන්ගේ ගීත අහන්න අපිත් එක්ක ගමන් කරන බොහෝ මඟීන් ද කැමැතියි. විශේෂයෙන්ම සංවර ගීත පද රචනා තියෙන නිසා හිරිකිතයක් නැතුව රස විඳින්න පුළුවන්කමක් අපි තෝරා ගෙන තියෙන ගායකයන්ගේ ගීතවල තියෙනවා.”
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ - ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා...!
(ගායනය - මිල්ටන් මල්ලවආරච්චි)
(පද - උපාලි ධනවලවිතාන)
ඉන්පසු අප සමග කතා බහට එක් වුණේ මාර්ග අංක 92 “කුලියාපිටිය - කොළඹ” (JW - 0478) බස් රථයේ රියදුරු සරත් කුමාර යි. “අහන්න අහන්න ආසා හිතෙන ගීත ගායනා කරලා තියෙන්නේ එච්. ආර්. ජෝතිපාල. මිල්ටන් මල්ලවආරච්චි, ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මොහිදින් බෙග් වගේ අපේ පැරැණි ගායකයෝ විතරයි. ඉතින් ඒ ගායකයන්ගේ ගීත අහන්නේ නැතුව අපි වෙන කාගේ ගීත අහන්න ද? අපේ බස් රථයේ යන එන මඟීන් ඉල්ලන්නෙත් ජෝති අයියලා මිල්ටන් අයියලා ගායනා කළ ගීතමයි.
ඔවුන්ගේ ගීත වගේම සන්ෆ්ලවර්ලා සහ ෆ්ලෑෂ් බෑක්ලාගේ සංගීත ප්‍රසංගවල ගීතත් අපි අහනවා. වැඩිපුර නිතර අපේ බස් රථයේ යන එන මඟීන් කැමැති ගීත තමා අපි තෝරාගෙන තිබෙන්නේ. ගුවන්විදුලියෙ එෆ්. එම්. නාලිකා කොච්චර තිබුණත් ඒවාවලින් ප්‍රචාරය කරන අලුත් ගීත අහන්න හුඟ දෙනෙක් කැමැති නැහැ. ඒ නිසා අපි හොඳ ගීත තෝරා ගෙන මේ ක්‍රමයට රස විඳිනවා.”
අපේ සමීක්ෂණයට අදාළ කර ගත්තේ බස් රථවල වැඩිපුර ශ්‍රවණය කෙරෙන්නේ කුමන ගායන ශිල්පීන්ගේ ගීත ද යන වග විය. කැමරා ශිල්පි රෙක්ෂි බර්නාඩ් සමඟ මම ඊළඟට කතාබහට එක් වුණේ මාර්ග අංක 87 “වව්නියාව - කොළඹ” (JZ - 9897) බස් රථයේ රියදුරු පේ‍්‍රමලාල් ධර්මසිරි සමඟින් ය. ඔහු ගායන ශිල්පිනියන්ගේ ගීතත් තම බස් රථයේ ප්‍රචාරය කිරීමට තෝරා ගෙන තිබුණේ ය.
“සුජාතා අත්තනායක, ලතා වල්පොල අපිට ඉන්න දක්ෂ ගායිකාවෝ දෙන්නෙක්. හරිම මිහිරි කටහඬින් එයාලා ගීත ගායනා කරන්නේ. ඒ වගේ අර්ථවත් ගීත දැන් ගායක ගායිකාවෝ ගායනා කරන්නේ නැහැ. ඒ හින්දා ගුවන් විදුලි සේවා අහන්නේ ප්‍රවෘත්ති දැන ගන්න විතරයි. පැරැණි ගායක ගායිකාවන්ගේ ගීත අර්ථවත් වගේම මිහිරි තනු හින්දා ඒවා කවදාවත් එපා වෙන්නේ නැහැ කොච්චර ඇහුවත්.
ජෝතිපාලගේ කටහඬ වගේ හඬක් නම් වෙන කාටවත් බැහැ. ජෝතිපාල ගේ ගීත වගේම ධර්මදාස වල්පොල සහ මොහිදීන් බෙග් මහත්තයාලගේ ගීතත් අපේ බස් රථයේ අපි අහනවා.”
ජීවත් වනතුරු මා ඔබෙ
සෙවණ පතනවා
ආයෙත් වෙන් වෙන දවසක
නැතිය සිතනවා...!
(ගායනය - සුජාතා අත්තනායක)
(පද - පේ‍්‍රමකීර්ති ද අල්විස්)
“අපි ඉපදෙන්නත් පෙර හදපු ගීත තාමත් රස විඳින්න පුළුවන් තත්ත්වයේ තියෙන හින්දා හොඳයි. රේඩියෝ චැනල් වලින් ප්‍රචාරය කරන දැන් ඉන්න ගායක ගායිකාවෝ ගායනා කරන ගීත නම් බස්වල අහන්න පුළුවන් ගීත නෙමෙයි” යයි පවසමින් මාර්ග අංක 8 “මාතලේ - කොළඹ” (62 - 8267) බස් රථයේ රියදුරු ඩී. එල්. ජේ. දිසානායක අපේ කතා බහට එක්වූවේය.
“ජෝති අයියාගේ නම් සෑම ගීතයකටම අපි කැමැතියි. මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, ටී. ඇම්. ජයරත්න සහ ගුණදාස කපුගේ ගායනා කළ ගීතත් අපි ආසාවෙන් අහනවා. අපේ පැරණි ගායකයින්ගේ ගීත අසා ආස්වාදයක් ලබන්න පුළුවන් ගීත නිසා ඒවා හැමදාමත් ජනපි‍්‍රය යි. ඔවුන් ගායනා කරපු විරහා ගීතයක් වුණත් ආසාවෙන් අහන්න පුළුවන් මට්ටමක තියෙනවා.”
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මට ද ආදරේ කියා තිබේ...!
(ගායනය - ගුණදාස කපුගේ)
(පද - සුනිල් ආර්. ගමගේ)
ඇන්ටනී ඩේවිඩ් මාර්ග අංක 240 “මීගමුව - කොළඹ” (MD - 3407) බස් රථයේ රියදුරු ය. සෑම දිනකම පාන්දර තුනට අවදි වී රාත්‍රී දොළහ පසු වී නින්දට යන ඇන්ටනී පැවසුවේ “බස් එක පදවන විට සමහර විට නිදිමත දැනෙන අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට සින්දුවක් ඇහුවාම නිදිමත නැති වෙනවා. ඒ අපේ පැත්තෙන්.
මඟීන්ගේ පැත්තෙන් බලද්දී ඔවුනුත් කැමැතියි සින්දු අහන්න. නිකම්ම ඔහේ ඉඳගෙන යනවාට වඩා ප්‍රශ්න තියෙන අවස්ථාවලදී ලොකු සහනයක් ලබා ගන්න පුළුවන් සින්දු ඇසීමෙන්. ජෝතිපාලගේ සින්දු වගේම ඇන්ජලින් ගුණතිලකගේ සින්දු අහන්න අපේ බස් එකේ යන මඟීන් බොහෝ දෙනෙක් කැමැතියි. ඒ හැරුණු විට අපේ මීගමුවේ ගායකයකු වන ෂෙල්ටන් මුතුනමගේ ගායනා කරන සින්දුත් අපි අහනවා.
ඔවුන්ගේ සින්දු කිසිදාක එපා වෙන්නේ නැහැ. ලක්හඬ, සිරස රේඩියෝවල ගීත වැඩ සටහන්වලටත් සවන් දෙනවා. කොහොම වුණත් මේ කාලේ ගායක ගායිකාවන්ගේ සින්දු අහපුවාම නම් මිනිස්සුන්ගේ මොළ නරක් වෙනවා. සංගීත භාණ්ඩවල ඝෝෂාවට මැදිවෙලා හායි හූයි ගානවා විතරයි, ඔවුන් ගායනා කරන්නේ නැහැ. සින්දුවක් ඇහුවාම රසයක් වගේම මානසික සුවයක්, සහනයක් දැනෙන්න ඕනේ. එදා සින්දු වගේ දැන් සින්දු එහෙම නැහැ.”
අප සමඟ කතාබහ කළ බොහෝ රියදුරු මහතුන්ගේ පි‍්‍රයතම ගායන ශිල්පියා එච්. ආර්. ජෝතිපාල වීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. ජෝති ඇතුළු එදා පරපුරේ ගායක ගායිකාවන් ගායනා කළ ගීත ශ්‍රවණයෙන් රසයක් මෙන්ම මනසට කිසියම් හෝ සුව සහනයක් විඳින්න ඇති හැකියාව නිසා ගීත ලෝලීන් හැමදාමත් පැරැණි ගීතවලට ආකර්ෂණය වීම සිදුවන බැව් නොඅනුමානය.
ජෝජ් රොබ්සන් ද සිල්වා
සේයාරූ - රෙක්ෂි බර්නාඩ්සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 12:35 AM 0 comments
Labels: ගායකයෝ, ගීතය, මතක සැමරැම්, සංගීතය
මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර
වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා
හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
හද මාමා අත ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු
මා එක්කලා —–අමනාප වී දඹර
දූගේ තාත්තා—————-එන්නේ —නෑහැ– ගෙදර
දස වසරකට පෙර අකාලයේ ඇගේ පණනල වියැකී ගිය ද ඇගේ මියුරු හඬින් ගැයූ ගී මුතුවැල් ශ්‍රාවක සිත් වසඟ කරගෙන යුග ගණනක් පවතිනු නොඅනුමානය. 1949 දෙසැම්බර් 12 වැනිදා බොරලැස්ගමුවේදී උපත ලබා සංගීත ප්‍රසංග චාරිකාවක යෙදී සිටියදී 2001 මාර්තු 26 වැනිදා ඇමෙරිකාවේදී ජීවිතයෙන් සමුගෙන ගිය ඇය බුලත්සිංහලගේ මාලනී චන්ද්‍රලතා ය. කවුරුත් දන්නා නමින් ඇය මාලනී බුලත්සිංහල ය.
ගුවන් විදුලි ළමා පිටියෙන් ගායන දිවිය ඇරැඹු මාලනී ලලිත කලායතනයෙන් සහ භාත්ඛණ්ඩේ සංගීත විදුහලින් උපාධිය ලැබීය. ගායන ශිල්පිනියක් ලෙස මෙන්ම සංගීත අධ්‍යක්ෂවරියක් ලෙස ද නමක් දිනා සිටි ඇය සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන්ගේ බිරිඳ වූ අතර ගායන ශිල්පි කසුන් කල්හාරගේ මව වූවා ය.
“සඳවට රන්තරු” චිත්‍රපටයෙන් පසුබිම් ගී ගායනයට එක් වී “මධුසමය” හා ‘වත්සලා අක්කා” චිත්‍රපටවලින් ගීත ගායනයට සම්මානයෙන් පිදුම් ලැබු මාලනී “දඬුබස්නාමානය” සහ “වෙද හාමිනේ” ටෙලි නාට්‍ය වෙනුවෙන් ගැයු ගීත සඳහා ද සම්මාන ලැබුවා ය. වෘත්තියෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක් ලෙස ඇය සේවය කළාය.
මාලනී ගැයු “සඳ මඬලේ සිට” - “රජ මැදුරක ඉපදී සිටියා නම්” - “සුසුමක උණුසුම නොම විඳි හදකට” - “හිමි නැති පෙමකට” - “මා එක්කලා අමනාපව“ - අහසින් තරුවක් කඩා වැටෙනවා” - “පා තබනා බිම වැලි කැටයක් වෙමි” - “පෙළින් පෙළට රිය පෙරහර” - “ කොණ්ඩෙ බැඳලා අපේ පුතා” - “පාද සළඹ වැයෙන පදට” - “සිතක් කෙලෙසද මේ තරම්” වැනි ගීත කිසිදාක ගීතලෝලී ශ්‍රාවකයන්ට අමතක නොවන බැව් නිසැක ය.
සිතක් කෙලෙස ද මේ තරම්
වේදනාවන් විඳින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කඳුළැල් හෙළන්නේ...!
(පද - කුලරත්න ආරියවංශ)
ජෝජ් රොබ්සන් ද සිල්වා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 12:29 AM 0 comments
Labels: ගීතය, මතක සැමරැම්, සංගීතය
ප්‍රේමකීර්ති – බණ්ඩාර පිළිබඳ
කුලරත්න ආරියවංශ ගේ ආදරණීය මතක සටහන
* හදේ සුසුමක් පතිත වීමෙන් – ඩෝල්ටන් අල්විස්
* සොඳුරිය ඔබගේ වුවන මලක් – දයානන්ද ගුණවර්ධන
* සඟවා ගනු මැන – බණ්ඩාර කේ. විජේතුංග
* ආදරයේ උල්පත වූ අම්මා - - ප්‍රේමකීර්ති ද අල්විස්
* සිනා දොලක් වන් – කුලරත්න ආරියවංශ
මීට දශක කිහිපයකට පෙරතුව වික්ටර් රත්නායක ගැයූ මේ මියුරු ගී එදා මෙන්ම අදත් ජනප්‍රියත්වයේ ඉහලම තලයක රැඳී තිබේ.
වෙසෙසින්ම වික්ටර් - ප්‍රේමකීර්ති සුසංයෝගය හෙළ ගී කෙතට එක් කල අපූර්වතම නිර්මාණ රැසකි. වික්ටර් වෙනුවෙන් වැඩිපුරම ගී ලියා ඇත්තේ ද ප්‍රේම්ය. මතු කී සෙසු ගීත රචකයන් ද අඩු වැඩි වශයෙන් වික්ටර් ගේ ගී මගෙහි පහන් සිළු දල්වන්නට සිය නිර්මාණශීලී දායකත්වය පුද කළෝ වෙති. මේ ගීත රචකයන් සියල්ලෝම ආදී ආනන්දියන් වීම ද සුවිශේෂත්වයකි. අද ඔවුන් අතරෙන් ජීවත්ව සිටින්නේ කුලරත්න ආරියවංශ පමණකි.
වික්ටර් හා කුලේ අතර තිබෙන්නේ අපූරු මිතුදමකි. විටෙක ඉන් ඔබ්බට ගිය සොයුරු පෙමකි. වික්ටර් වෙතින් සිය නිර්මාණ දිවියට ලත් අනුබලය හා ‘ස’ ප්‍රසංගය ඇසුරේ ලත් සොඳුරු අත්දැකීම් කුලේ මා හා පවසන්නේ ගෞරවනීය හැඟීමකින් යුතුවය.
ආනන්දයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ මම ඒ. ඩී. රංජිත් කුමාර ඇතුළු මිතුරු පිරිසක් සමඟ එක් වී කලා උළෙලක් සංවිධානය කළා. ඒ 1968 වසරේදී. කොළඹ වෙනත් ප්‍රධාන පෙළේ පාසල්වල ශිෂ්‍ය, ශිෂ්‍යාවනුත් මේ කලා උළෙලට සම්බන්ධ වුණා.
ඒ කාලේ වෙන කොට අපි වික්ටර් අයියා ගේ හඬට වසඟ වෙලා හිටියේ. ‘පාවේ වලා’, ‘සෝක සැනසුම් වේදනා’ ගීත වික්ටර් අයියා ගායනා කරපු අලුත. ඒ වෙනස්, ප්‍රේමණීය හඬට අපි ගොඩක් ආසා කළා. කොහොම හරි අපිට ඕනෑ වුණා වික්ටර් අයියා අපේ කලා උළෙලට ගෙන්වා ගන්න.
ඔහු එතකොට නක්කාවත්ත විදුහලේ සංගීත ආචාර්යවරයා විදිහට තමයි සේවය කළේ. සති අන්තයේ වික්ටර් අයියා සේන ජයන්ත වීරසේකරලගේ ගෙදර එනවා.
දවසක් අපි හැන්දෑවක සංගීත මංජරිය එහෙම පහු කරගෙන සේන වීරසේකරලගේ ගෙදර ගියා වික්ටර් අයියා හමු වෙන්න. අපි කාරණය කිව්වම ‘හරි මල්ලි මම එන්නම්’ කියලා බොහොම නිහතමානීව අපේ ඇරැයුම බාර ගත්තා.
මේ ජනප්‍රිය ගායකයා අපේ වැඩේට එයි ද කියලා පුංචි දෙගිඩියාවක් අපේ හිත්වල නොතිබුණාමත් නෙවෙයි. හැබැයි පොරොන්දු වුණ විදිහටම වික්ටර් අයියා අපේ කලා උත්සවයට ආවා තවත් ජනප්‍රිය වාද්‍ය ශිල්පීන් හතර දෙනෙක් එක්ක.
මයිනර් ටැක්සියකින් ඔහු ආවේ. කාගේත් උණුසුම් ප්‍රතිචාර මැද වික්ටර් අයියා ඉතාමත්ම මිහිරිව ගීත කීපයක් ගායනා කළ ආකාරය මට තවම මතකයි. ඔහු අපෙන් කිසිම මුදලක් ගත්තේ නැහැ. අර ටැක්සියට පවා මුදල් ගෙව්වේ ඔහුගේ අතින්.
එදා එලෙස ඇරැඹි වික්ටර් හා කුලේ ගේ හිතවත්කම දිනෙන් දින දළුලා වැඩෙන්නට විය. ඒ කුලේ සිය කුලුඳුල් ගීතය වූ ‘ආදරයෙන් මා හදවත’ අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් රචනා කල අවධියයි.
වික්ටර් අයියා ගායකයෙක් විදිහට දවසින් දවස ඉදිරියටම ආවා. 1973 ජූලි 20 ‘ස’ ප්‍රසංගය ආරම්භ කළාට පස්සේ ඔහුගේ ජනප්‍රියත්වය තව තවත් ඉහළ ගියා.
අබේ ගොඩක් කිට්ටුවෙන් වික්ටර් අයියා ඇසුරු කළා. නුගේගොඩ තිබුණ වික්ටර් අයියාගේ ‘දුලකර’ සංගිත පන්තියට අබේත්, මමත් නිතරම වගේ යනවා. තවත් ගොඩක් කලාකාරයෝ එතනට ආවා, ගියා. මේ යාළුවො පිරිස එකතු වෙලා පිට පළාත්වල තියෙන ‘ස’ ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒක ඔවුන්ට ලොකු ආශ්වාදයක් වුණා.
කුලේ ඒ සොඳුරු අතීකය සිහි ගන්වන්නේ මහත් සොම්නස් හැඟීමකිනි. ඒ අතර වාරයේ ඔහු ‘ස’ ප්‍රසංගයේ නිවේදකයකු හා අත්වැල් ගායකයකු වූ අයුරුද අපට පවසන්නේ සිනහමුසු මුවෙන් යුතුවය.
1974 විතර කාලේ මමත් අර නඩේ එක්ක නිතර, නිතර රට වටේ යනවා. ‘ස’ ප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග සහ කේ. ඩී. කේ. ධර්මවර්ධන. ගොඩක් වෙලාවට ඈත පළාත්වල තියෙන ප්‍රසංගවලට මේ අය එන්නේ නැහැ. සෙනසුරාදා, ඉරිදා දවස් දෙකක වෙන්නප්පුව, හලාවත ප්‍රසංග දෙකක් තිබුණා. ඒ ‘ස’ ප්‍රසංගය ඉතාම ජනප්‍රිය කාලේ. මේ ප්‍රසංග දෙකට අර නිවේදකයෝ තුන් දෙනාම නැහැ. මොකද ප්‍රේම්, බණ්ඩාර වගේම කේ. ඩී. කේත් ගොඩක් කාර්යබහුලයි ඒ වෙනකොට.
වික්ටර් අයියා මට කිව්වා ‘ඇයි මල්ලියේ උඹට කරන්න පුළුවන්නේ මේ වැඩේ’ කියලා. ෂෝ එක බලලම මටත් වැඩේ ඇඟට වැදිලා තිබුණේ. මම කළා. එදා ඉඳන් කොළඹින් පිට පළාත්වල ‘ස’ ප්‍රසංගවලට වැඩිපුරම ගියේ මම.
එසේ නිවේදන කටයුතු කරනා අතරතුරේ ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනා සඳහා ද දායක වීමට කුලේට වාසනාව ලැබිණ. එයද පුරප්පාඩුවක් පුරවන්නට ගොසිනි.
ලක්ෂ්මන් විජේසේකර, රෝහණ වීරසිංහ, ආනන්ද වීරසිරි, නිරංජලා සරෝජිනී, නිර්මලා රණතුංග තමයි ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනා කළේ. ආනන්ද වීරසිරි ගුරු වෘත්තියේ නියැළී සිටි නිසා ඔහුට සමහරදාට ප්‍රසංගවලට එන්නට හැකියාව ලැබුණේ නැහැ. ආනන්ද Show එකකට ආපු නැති දවසක මම කෝරස් කිව්වා. එදා ඉඳන් ප්‍රසංග සිය ගාණක මම කෝරස් කළා. අපි හැමෝම පුදුම සහෝදරත්වයකින් බැඳිලා හිටියේ. ඒක රස ගුලාවක්.
ඇත්තෙන්ම ‘ස’ ප්‍රසංගය තරම් සංගීත ප්‍රාතිහාර්යක් මම දැකලා නැහැ. අද තියෙන්නේ මාධ්‍ය ප්‍රචාර හරහා ගොඩ නැගෙන ප්‍රතිරූප. එදා තිබුණේ ගුවන් විදුලිය විතරයි. යම් ගායන ශිල්පියකු, ශිල්පිනියක රසිකයෝ වැළැඳ ගත්තේ ගුණාත්මක වටිනාකමෙන් විතරමයි. වික්ටර් අයියාට රසිකයන්ගෙන් ලැබුණ ආදරය වෙනත් කිසිම ශිල්පියකුට ලැබෙනවා මම දැකලා නැහැ.
කුලේ ගේ නිර්මාණ දායකත්වය වික්ටර් වෙත වඩාත් ප්‍රශස්තව ලැබුණේ ගීත රචනා කලාව පැත්තෙනි. වික්ටර් වැනි ප්‍රතිභාසම්පන්න ගායකයකු හට ගී ලිවීමේ භාග්‍ය කුලේට හිමි වූයේ මෙලෙසිනි.
වික්ටර් අයියා විශිෂ්ට ශ්‍රේණියේ ගුවන් විදුලි ගායන ශිල්පියෙක්. සුපර් ග්‍රේඩ් ආර්ටිස්ට් කෙනෙකුට මාස හයකට විතර සැරයක් පැය බාගයක සරළ ගී වැඩ සටහනක් ලැබෙනවා. මේ ගීත නිර්මාණය වුණ විදිහත් හරිම රසවත් අත්දැකීමක්. ගීත ලියන පිරිස හැන්දෑවට වික්ටර් අයියලගෙ ගෙදරට එකතු වෙනවා. වික්ටර් අයියා සරමකුත් ඇඳගෙන තුවායක් කරේ දාගෙන ඇවිත් සර්පිනාව ඉදිරිපිට ඉඳ ගන්නවා.
මොනවද ඉතින් විනාඩි තුන හතරකින් උල්පතකින් වගේ ගීතනු ගලාගෙන එනවා. මටත් වික්ටර් අයියට සිංදුවක් ලියන්න පුදුම ආසාවක් තිබුණේ. ඒත් මම කවදාවත් ඔහුට ඒ බව කිව්වේ නෑ. දවසක් වික්ටර් අයියා ම මට කිව්වා ‘මල්ලියේ මට සිංදුවක් ලියලා දීපන්’ කියලා. ඒ අනුව තමයි ඔහුගේ සරල ගී වැඩ සටහනකට මම ‘පිනිබර මලක් වගේ’ කියන ගීතය රචනා කළේ.
එකී ආරම්භයත් සමඟින් කුලේ වරින් වර වික්ටර් වෙනුවෙන් ගීත කිහිපයක්ම රචනා කළේය. ‘සිනා දොලක් වන්’, ‘ගුරු පාර දිගේ’, ‘උදා ලාහිරු එන පැයේ’, ‘මුවා වුණා සඳක්’, ‘වේදනා නදී තෙරේ’ වැනි ගීත ඒ අතරින් වඩාත් ජනප්‍රියත්වයට පත් විය.
ඒ අතරින් ‘සිනා දෙළක් වන්’ ගීතය දශක කිහිපයක් පුරා ‘ස’ ප්‍රසංග දහස් ගණනක වික්ටර්ගේ මියුරු හඬින් ගායනා වීම සුවිශේෂත්වයකි. කුලේ අප පිළිසඳර නිමා කරන්නට මත්තෙන් ආනන්දයෙන් බිහි වූ සහෝදර ගීත රචකයන් පිළිබඳ සිහිපත් කරන්නටද අමතක කළේ නැත.
ඩෝල්ටන් අල්විස්, දයානන්ද ගුණවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් ආනන්දයෙන් බිහි වූ මට වඩා ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ ගීත රචකයන්. ඔවුන් හෙළි පෙහෙළි කළ මාවත ඔස්සේ තමයි මමත් ගීත රචකයකු විදිහට මේ ගමන ආවේ. අපි සියලු දෙනාම වික්ටර් රත්නායක කියන මහා ගාන්ධර්වයාට ගීත රචනා කර තිබීම විශේෂත්වයක්.
මේ 27 වැනිදා පැවැත්වෙන ‘ස’ ප්‍රසංගයේ අප සියලු දෙනාම ඇගයුමට, උපහාරයට ලක් වෙනවා. ඔවුන් අප අතර නැති වුණත් ඒ නිර්මාණ කුසලතාව වෙනුවෙන් පිදෙන මේ උත්තමාචාරය අමරණීයයි. ජීවත්ව සිටින මට ඒ මොහොත ඉතාමත් හැඟීම්බර හා සංවේදී එකක් වේවි.
සටහන- අසංක දේවමිත්ර පෙරේරා
Copy rights - Sarasaviya
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 12:21 AM 1 comments
Labels: ගීතය, මතක සැමරැම්
ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් මේ එක්වී සිටින්නේ ක්‍රිකට් වසන්තය සමඟයි. වසර හතරකට පසුව එළඹෙන මේ ක්‍රිකට් වසන්තය සමරන්නට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ සැදී පැහැදී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා කිසියම් වූ සැණකෙළි ස්වරූපයක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබේ.
කොළඹ ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය, වීරවිල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන්ම පල්ලෙකැලේ මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාංගණය ද මේ වෙනුවෙන් මෙරට මෙන්ම විදේශීය ක්‍රීඩා ලෝලීන්ගෙන් ද පිරී ඉතිරී පැවතුණි. මේ සැණකෙළි සමයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ම බිහිවුණු සංස්කෘතියක් ඇතිවුණ ආකාරයක් දක්නට ලැබුණි.
නගරයක් නගරයක් පාසා දක්නට ලැබුණේ ක්‍රිකට් වසන්තය වෙනුවෙන් නැඟුණු දැවැන්ත කටවුට් හා පෝස්ටර්ය. කොළඹ නගරය අවට ගතහොත් සෑම වටරවුමක්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහ ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායමට සුබපතා නැඟුණු ධජ පතාකවලින් සැරසී තිබුණි. අපේ රටේ ජනමාධ්‍ය හැසිරවීමේදී ද වැඩි අවධානයක් යොමුවී තිබුණේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනි.
විශේෂයෙන් ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා නිරන්තර අපේ දෙසවනට රැගෙන ආවේ ක්‍රිකට් වසන්තය පිළිබඳ පණිවුඩයි. මේ වෙනුවෙන් වැඩිම ගීත ප්‍රමාණයක් නිර්මාණය වූ රටත් සමහර විට අපේ රට වන්නට පුළුවන. පසුගිය කාලය ඇතුළත ඔබත් නිරන්තර ජනමාධ්‍ය සමඟ සම්බන්ධ වී හෝ ජනමාධ්‍ය ඇසුරේ සිටියා නම් කොපමණ ගීත සංඛ්‍යාවක් ඔබටත් ඇසෙන්නට ඇත්ද?
මේ ක්‍රිකට් ගීත සාහිත්‍යයට ද ඉතිහාසයක් ඇත. අපි මුලින්ම වඩ වඩාත් මේ පිළිබඳ උනන්දු වූයේ 1996 වර්ෂයේ දී අපේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායම ජගත් ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ අපේ රටේ නම රැන්දූ ඓතිහාසික ආශ්චර්යවත් මොහොතින් පසුවය. එවකට ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය අපේ රටට රැගෙන ඒමෙන් පසුව ඒ පිළිබඳ වන උනන්දුව, උද්යෝගය අපේ රටේ ජනතාව තුළ ද වැඩි වැඩියෙන් ඇති වන්නට විය.
ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වන්නට ප්‍රථමයෙන් ක්‍රිකට් ක්‍රීඩා ගැන ලියවුණු ජනප්‍රිය ගීතයක් අපේ ගීත සාහිත්‍යයේ විය.
’තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා
දහසක් නෙතු මා දෙස යොමු වෙනවා
සිත මා පිරිලා...”
ජනප්‍රිය ගායන ශිල්පී සමන් ද සිල්වා ගැයූ මේ ගීතය ඔබට තවමත් මතක ඇති.
ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ශූරයන් වූ පසු අතිශයින්ම ජනප්‍රිය වූ බයිලා ගීතයක් අපේ ගීත සාහිත්‍යයට එක්විය.
”පුන්සඳ පායා මගේ රට දිලෙන්නා
ප්‍රීති ඝෝෂා නිතර ඇසෙන්නා
ලංකාවට ක්‍රිකට් කිරුළ ලැබුණදා
ලංකාවම ඩාන්ස් කරන්නා...”
ඇන්ටන් සිල්වා විසින් ගායනා කරන ලද මේ ගීතයට එකල මුළු රටම එක්වී සිටියහ.
ඒ අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වෙසෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුම එක්කර ගනිමින් එකට ගයන්නට හැකි ගීතයක් යැයි කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ගීතය ලෙස පසුගිය කාලයේ එළිදැක්වූයේය.
2011 ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී එක ජාතියක් ලෙසින් අත්වැල් බැඳ ගනිමින් එකම ජයග්‍රාහී ඉලක්කය වූ ක්‍රිකට් කිරුළ යළි ශ්‍රී ලංකා මාතාවගේ හිසෙහි පලඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවනට ශක්තිය ධෛර්යය, පතා එක්වෙමු යන්න මෙම ගීතයේ තේමාව විය. නව පරපුරේ පොප් ගායකයෙකු වූ ළහිරු පෙරේරා ගායනා කළ මෙම ගීතය ගීත රචක මනුරංග විජේසේකර ගේ පබැඳුමකි.
”කොදෙව් රටේ පොල්ගස්වල කරටි කඩන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු ගලවන්න
ඉන්දියාවෙ කඳුවල හිම දියකරවන්න
කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න...
එන්න..
රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩන් වඩේ හපන් එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න...
ක්‍රිකට් නිල ගීතය වශයෙන් නම්කර තිබූ මේ ගීතය පසුගියදා අතිගරු ජනාධිපතිතුමන් අතින් අත්හිටුවීමට නියෝග ලැබුණේ මේ ගීතයේ පද රචනයෙන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන රටවල් කිහිපයකට අවමානයක් සිදුවන නිසාවෙන් බව අපට දැනගන්නට ලැබුණි.
ඒ වෙනුවට ක්‍රිකට් නිල ගීතය වශයෙන් නන්දන වික්‍රමගේ රචනා කළ රූකාන්ත ගුණතිලක ගායනා කරන පහත ගීතය නම් කෙරිණ.
මේ ජාතියේ උපහාරයයි
මේ අපේ ප්‍රණාමයයි
අත් වැල් බැඳන්
එමු සිවු දෙසින්
සොයුරන් ලෙසින්
මිතුරන් ලෙසින්...
මෙහි ගී තනු නිර්මාණය රූකාන්ත ගුණතිලකගේ වන අතර ගායනයට එක්වනුයේ රූකාන්ත සමඟ චන්ද්‍රලේඛාය.
ක්‍රිකට් නිල ගීතයේ ගී පද රචක නන්දන වික්‍රමගේ ක්‍රිකට් නිල ගීතයට අමතරව තවත් ක්‍රිකට් ගීත දෙකක් රචනා කර ඇත.
”මුළු ලෝකෙ ජගතුන් පරදා
අපිමයි ජයගන්නේ
ලක්දෙරණේ සැවොම එක්වී
ජය දද ලෙළ දෙන්නේ.....
මෙහි සංගීත නිර්මාණය රොමේෂ් සුගතපාල ගේ වන අතර ගී තනුව සචින්ත දේවනාරායන ගේය. ගායනයෙන් එක්වනුයේ සචින්ත දේවනාරායන, චින්තක ජයසිංහ සමඟ රොමේෂ් සුගතපාලයි.
ඔහු රචනා කළ අනෙක් ගීතය
”දහසක් තරු පායලා
දස දෙස උණුසුම පැතිරිලා
ජනයා එක්රොක් වෙලා
පිබිදිලා සිත් පිබිදිලා...
ගිතයයි එය තනුව සංගීතය හා ගායනය මහින්ද බණ්ඩාර පුත්‍ර සමාගමෙනි.
මේ අතරම තවත් අපේ ජනප්‍රිය ගායකයකු ගායනා කරන්නට යෙදුණු ක්‍රිකට් ගීතයක් පසුගියදා අපට අසන්නට ලැබුණි. ඒ ඉමාන් පෙරේරා ගයන පහත ගීතයයි.
උස් උස් උස් හඬින්
කෑ කොස්සන් ගසමු මලේ
අත් අත් අත්වැල් බැඳන්
ලක් ධජයට රොද බඳිමු මලේ...
මේ ගීතයේ ගී පද රචනය චාමින්ද රත්නසූරියගේය.
මීට ප්‍රථම ජනප්‍රිය ගීත රැසක් රචනාකර ඇති චාමින්ද බොහෝ විට නව අදහස් පෙරටු කොට යමින් නව ආකාරයේ නිර්මාණ ඉදිරිපත් කිරීමට වෙර දරන ගීත රචකයෙකි.
ගීතයේ සංගීත නිර්මාණය නදීක ගුරුගේ ගෙනි. ඉමාන් චාමින්ද සහ නදීකගේ අදහස වූයේ ‘පපර බෑන්ඩ්’ ක්‍රිකට් ගීත ඉක්මවා ගිය ජවයක් සහ ගැඹුරක් ඇති නිර්මාණයක් කිරීම තමන්ගේ අරමුණ වූ බවයි. ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙකු වශයෙන් අපේ සංගීත ක්ෂේත්‍රයට අගනා නිර්මාණ රැසක් දායාද කළ බන්ධුල නානායක්කාරවසම් අතින් රචනා වූ අපූරු ක්‍රිකට් ගීතයක් ද පසුගියදා අසන්නට ලැබුණි.
”කොයි අතකින් නැඟුණත් මහ කඳු මුදුනට
එක දසුනයි දිස්වන්නේ
කොයි දෙසකින් ආවත් ඔබ අප කවුරුත්
එක අරමුණකයි ඉන්නේ
කොයි නමකින් ගැලුවත් ගංගා සහසින්
සයුරයි අප හඳුනන්නේ
එලෙසින් ඔබ අප කාගෙත් සිරුරේ
එකම ලෙයයි දිව යන්නේ...
අපි ලකුණු හඹා ඇදෙමු
අපි කඩුලු දවා ගනිමු
ජය පරාජය ද විඳීමු
ආදරය බෙදා ගනිමු...”
රංග දසනායකගේ සංගීත රචනයට මේ ගීතය ගායනා කරනුයේ නිමන්ත හේෂාන්ය. මෙහි රූප රචනය රනිඳු හංවැල්ලගෙනි.
මෙතෙක් ඇසූ ක්‍රිකට් ගීතයන්ට වඩා එහා ගිය කුමක්දෝ ආදරණීය බවක් මේ පදවැල් ඔස්සේ අපේ හිත් තුළට ගලන බව මට දැනුණි.
ඒ මේ පද පෙළ යට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව කොයි මොහොතකවත් ඉස්මතු නොවන නිසාවෙනි. ඔහු පවසන්නේ ජය ද පරාජය ද එක ලෙස විඳගෙන ආදරය බෙදාගන්නා ලෙසයි.
මේ අතරම නව පරපුරේ තනු නිර්මාණ ශිල්පියකු සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම ගායකයකු ලෙස අපේ රටේ තරුණ පරම්පරාවේ ආදරය දිනාගත්, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ රිද්මය ජාත්‍යන්තරයට ගෙනයන්නට වෙහෙසුණු ඉරාජ් වීරරත්න ද ක්‍රිකට් ගීතයක් ‘සිංහ සෙයියාවෙන්’ (Lion Nation) නමින් පසුගියදා නිකුත් කළේය.
වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල රචනා කළ මේ ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය ඉරාජ්ගේ ම ය. ඔහුගේ Ill Noize ශබ්දාගාරයේ පටිගත කළ මේ ගීතයේ සංගීත සංයෝජනය සඳහා ඔහු තෝරාගත්තේ රංග දසනායකය. ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ජයශ්‍රී සංගීත කණ්ඩායම ඉරාජ් සමඟ මේ ගීතය ගයන්නට එක්වේ.
සිංහ සෙයියාවෙන් වැජඹෙනවා නම්
දෑ අනුරාගෙන් රට ගැන සිතා
ළය අත තබා ජයගෙන ඒ නම්
කෙළිලොල් තාලෙන්
සක්වල සොයා ....
ඒ ගීතයයි.
ජාතික වශයෙන් වැදගත් අවස්ථාවලදී අපේ ජාතික ධජය, සිංහ කොඩිය අභිමානයෙන් ගුවනේ ලෙළ දෙන අන්දම අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. මේ සුපුරුදු දසුන මින් පෙර නොවූ දැවැන්ත ආකාරයෙකින් යොදා ගනිමින් නිර්මාණය කරන ලද රූප රාමු ඇතුළත් ක්‍රිකට් ගීතයක් අපි නිතර දකින්නෙමු.
මෙහි විශේෂත්වය වනුයේ 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සිටි, එම ජයග්‍රහණයට ප්‍රබලතම දායකත්වය දුන් සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා, ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ, කුමාර් ධර්මසේන, උපුල් චන්දන, සමඟ රූපවාහිනී මාධ්‍යයේ ප්‍රබල භූ®මිකා නිරූපණය කළ ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ, ඕෂධී හේවාමද්දුම, ධනංජය සිරිවර්ධන, සුජානි මේනකා, මංජුලා කුමාරි, ඉරාජ් වීරරත්න සමඟින් ක්‍රිකට් ලෝලීහු දසදහස් ගණනක් මේ සඳහා එක්වී සිටිති.
එකමුතුවේ සුබ ලකුණු මතින් අපි
සිනහව ආයෙමු ගෙනෙමු අපී
අභිමානෙට යළි තුරුළු වෙමූ අපි
කප් එක ආයෙමු ගෙනමු අපි...
අජිත් ගලප්පත්ති විසින් රචිත මේ ගීතයට තනුව නිර්මාණය කරන ලද්දේ සංගීතඥ මහේෂ් දෙනිපිටිය විසිනි. ප්‍රධාන ගායන ශිල්පීන් වන්නේ ජානක විතානගේ සහ රුවන් වීරසේකරයි. මෙහි අලංකාර රූප රචනය ජානක තිලකරත්නගේය.
සමස්ත අයි.සී.සී. ක්‍රිකට් තරගාවලියේ නිල ක්‍රිකට් ගීතයේ සිංහල ගීතය ලෙස සඳහන් වූයේ මෙයයි.
”දිලේ අපේ තරු ලෝකේ ලෝකේ
දිනේ අපේ විරු ආයේ ආයේ
පැහැදේ පැහැදේ (සිංහ උදානේ)
පහරේ පහරේ (සිංහ උදානේ)
එකම තනුවකට ගැයෙන මේ ගීතය සිංහල හින්දි හා බෙංගාලි භාෂාවලින් ලියැවී ඇති අතර බොලිවුඩ් චිත්‍රපට සඳහා සංගීතය සපයන සංගීත වේදීන් තිදෙනෙක් වන ශංකර්, හේෂාන් සහ ලෝයි විසින් මෙහි තනුව නිර්මාණය කරනු ලැබ ඇත. මෙහි හින්දි ගීතය ගායනය කරනුයේ ශංකර් මහදේවන්ය. සිංහල ගීතය ගයනුයේ ගායන ශිල්පි රනිඳු ලංකාගේය. මෙය පදරචනය කළේ ෂෙහාන් ගලහිටියාවය.
”මෙන්න ආයේ ඇවිල්ලා
ක්‍රිකට් උණුසුම ඇවිල්ලා
එකතු වීලා ගයාලා
බලමු මැච් එක සෙට් වෙලා...
’ලා කප්’ නමින් හැඳින්වෙන මේ ගීතයත් පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණි. ගීතය ගායනා කරනුයේ ධනෝද්‍යා යාපා ඇතුළු ඇගේ මිතුරු ඳතුරියන් පිරිසක්. ඔවුන් විසින්ම රචනා කරනු ලැබ ඇති මේ ගීතය සංගීතවත් කර ඇත්තේ දුමිඳු ජයවර්ධනය.
ඒ අතරම ජනප්‍රිය ගායිකා චාන්දනී හෙට්ටිආරච්චි සහ ඇගේ දියණිය ජැකලයින් විසින් ගායනා කරන ලැබූ ක්‍රිකට් ගීතයක් ද පසුගියදා මාධ්‍යයට නිකුත් විය.
සිංහ නාදය රැව්දේ
සැමගේ සිත් හී හෙළයේ
හිටියේ සොයුරෝ එක්වෙලා
සැම කණ්ඩායමක් පරදා
ජය ටැඹ වෙත යයි සැමදා
ලංකා මාතා ජයවේ....
චාන්දනීට මෙම ගීතය රචනා කර ඇත්තේ අරුණ කිත්සිරිය. සංගීත නිර්මාණය කර ඇත්තේ කසුන් කල්හාරය. ගී තනු නිර්මාණය තිළිණ රුහුණගේ ගේය.
මේ අප දන්නා සහ අපට ඇසුණු ක්‍රිකට් ගී නිර්මාණය. මෙයට අමතරව තවත් ක්‍රිකට් ගීත මෙරට සංගීත කණ්ඩායම් අතර හෝ නිර්මාණය වන්නට ඇති.
ක්‍රිකට් සංස්කෘතිය අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට කොපමණ නිර්මාණ රැසක් දායාද කර ඇත්ද? ඉන් නියම රුචිකත්වය කුමක්ද යන්න ගැන තෝරා බේරා ගැනීම අපේ රසික රසිකාවියන්ගේ වගකීමයි.
හේමාලි විජේරත්න
Copy Rights - Silumina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 3:41 PM 0 comments
1979. 3. 17 වැනි දින තිරගත කළ ගැහැනු ළමයි චිත්‍රපටය සුමිත්‍රා පීරිස් ගේ සිනමා කෘතියයි.
කරුණාසේන ජයලත්ගේ ජනප්‍රිය නවකතාව පාදක කොට ගෙන තැනුණ එම චිත්‍රපටයේ වසන්ති චතුරානි, අජිත් ජිනදාස, ශ්‍යාමා ආනන්ද, ජෝ අබේවික්‍රම, ට්‍රිලීෂියා ගුණවර්ධන, චිත්‍රා වාකිෂ්ට, නිමල් දයාරත්න, පද්මසේන අතුකෝරාල, දමයන්ති ජයසූරිය ඇතුළු නළු නිළියන් රැසක් චරිත මැවූහ.
මෙහි නිෂ්පාදනය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙනි.
ගැහැනු ළමයි
වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ
අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී
අනාථ වූ මා දෑසේ කතා නිමා වේවි
මගේ කඳුළු හංගා මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා
අනාගතේ සිහිනේ
නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ
මගෙ පැලේ තනි වී මා
සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා
රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – නිමල් මෙන්ඩිස්
ගායනය – නීලා වික්‍රමසිංහ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:21 PM 3 comments
Labels: ගීතය, චිත්‍රපටිය
සිරි සමන් විජේතුංග
විශාරද දයාරත්න රණතුංග ගයන මේ ගීය සිරිසමන් විජේතුංගයන් රචනා කළේ මීට 34 වසරකට එපිට 1976 දී.
පසෙකින් මහවැලි නදිය. අනෙක් පසින් හන්තාන කඳු වැටිය. පේරාදෙණි සරසවියට ඔබ්බෙන් වූ අදත් දැකිය හැකි මේ සොඳුරු පරිසරය ගීත රචකයාගෙ හිත් ගත්තෙ ඔහු සරසවි සිසුවකුව සිටි සමයේ.
සිතේ ලැගුම්ගත් ඒ සොඳුරු පරිසරය හා සරසවියේ වසර ගණනාවක් දුක සැප බෙදා ගත් පෙම්වතුන් යුවළකගේ සමුගැන්ම ගීතයකට නැඟුවෙ ඒ සරසවි බිමෙන් ඔහු නික්ම වසර ගණනාවකට පසුව.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයකු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය උපදේශකවරයකු, ජාතික උරුමය පිළිබඳ අමාත්‍යංශයේ සම්බන්‍ධීකරණ ලේකම්වරයකු සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කථිකාචාර්යවරයකු ලෙස විවිධ කාලවල පැතිරුණු ඔහුගෙ සේවාව ලේඛන කලාවටද
පැතිර ගියේ ඊට සාපේක්‍ෂව.
”හැබැයි ඔය හැම දේටම කලින් මං සම්බන්‍ධ වුණේ පුවත්පත් කලාවට. කුරුණෑගල නුංගමුව විද්‍යාලය සහ වදාකඩ මහ විද්‍යාලය මං උගත් පාසල්. සරසවියෙන් පිට වුණේ 1968 අවුරුද්දෙ. ඒ කාලෙ ඉඳලම ‘රසකතා’ පත්තරේට කවි - කෙටිකතා ලියන එක මගෙ පුරුද්ද.
චන්ද්‍රරත්න මානවසිංහ, ආනන්ද සමරකෝන්, මහගමසේකර, මඩවල එස්. රත්නායක වැනි අපේ පරපුරේ ජ්‍යෙෂ්ඨයන්ගේ මාහැඟි භාෂා විලාසයට නිර්මාණවලට යෞවන අපේ හිත් ඇදිල ගියා. අපේ රසඥතාව ගොඩනැඟුණේ ඔවුන්ගේ නිර්මාණ අධ්‍යයනය – භාවිතාව හරහා.
’රසකතා’ පත්තරේට ලියන කාලෙමයි, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙ රැකියාවට ආවෙ. එතැනින් සෞඛ්‍ය අමාත්‍යංශයට. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ආවෙ 1982 අවුරුද්දෙ.
ගුවන් විදුලියට අත්පිටපත් රචනා කරගත්තෙත් 1976 පටන්. සරල ගී වැඩසටහනට ගීත ලියන්න ගත්තෙත් ඔය කාලෙ. එතකොට දයාරත්න රණතුංග සිංහල සේවා අධ්‍යක්‍ෂ. (සංගීත අංශයේ) මා ලියා එවූ ‘සරසවියෙදි හෙට විතරයි...’ ගීතය ඔහු තෝරා ගෙන තියෙන්නෙ සරල ගී වැඩසටහනකට ගයන්න.
1997 දී ගුවන් විදුලියෙන් මහාචාර්ය පරණවිතාන සූරීන් වෙනුවෙන් ඉදිරිපත් කළ, ‘පරණවිතාන අනුස්මරණ ගීතාවලිය’ සඳහා ගීත ලියන්න ලැබීමත් මා ලද සුවිශේෂි අත්දැකීමක්. ඒ ගීතාවලියේ පිටපත් රචනය කළෙත් මමමයි.
1996 වික්ටර් දලුගම සංගීතවත් කළ ‘සූරිය වරුණ’ ගීත නාටකයට මං පිටපත් රචනා කළා. අපි ඒක කළේ එක සිංහල අවුරුද්දකට.
අමරා රණතුංග ගයන, ‘සිරිලක් දෙරණේ ජනිත වූ සාම පරෙවි රෑන් රෑන්...’ ගීතය එකල නොබැඳි ජාතින්ගේ සාම සමුළුව වෙනුවෙනුයි මං රචනා කළේ. සුජාතා අත්තනායක ගයන, ‘හෙට උපදින පුංචි පුතේ...’ සකුන්තලා පීරිස් - සනත් නන්දසිරි ගයන ‘ඉද්දමල් කඩා හිසමත – ගසා නොගන්නේ නෑනෝ...’ වැනි ගීත මගේ ගීත රචනා ගොන්නෙන් කිහිපයක්...”
අද ඔහු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන කිහිපයකම නිදහස් මාධ්‍යවේදියෙක්.
”එවකට ‘සන්ඩේ ටයිම්ස්’ කර්තෘ රෙජී මයිකල් මගේ පුවත්පත් ජීවිතේ ගුරුවරයා. 1979 ජනසන්නිවේදන ඉංගි‍්‍රසි මාධ්‍ය ඩිප්ලෝමාව මං කළේ ඇක්වයිනාස් ආයතනයේ. ඒ දැන උගත් දේ අප ඇසුරු කළ වියතුන්ගේ ආභාසය වෘත්තියෙන් ලද පරිචය මා නිතැතින් ග්‍රන්ථ කතුවරයකු කළා.
‘භාරත ලංකා බෞද්ධ උරුමය’, ‘ශිලා, ලිපි සන්නිවේදනය’, ‘වල්ලිපුරම් සන්නස හා හෙළ උරුමය’, ‘මහාචාර්ය සෙනරත් පරණවිතාන’, ‘පඬුවස් නුවර (පරාක්‍රමපුර)’ ‘හෙළ කලා විස්කම්’ (නුදුරේ දොරට වඩියි) වැනි කෘති නවයක් රචනා වුණේ එහි ප්‍රතිඵලයක් විදියට...”
විවිධ පරාස ඔස්සේ විසිරී පැතිරුණු සිරිසමන් විජේතුංගයන්ගේ ප්‍රතිභාව අගය කළ යුතු වන්නෙත් ඒ නිසා.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප – ගීත් ද මෙල්
Source - සිළුමිණ 2010 09 05 උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:38 PM 0 comments
Labels: ගීතය, මතක සැමරැම්
තීබයේ පුතුනි, දූවරුනි, බල මැන මේ යන්නේ ඊඩිපස්ය.
මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ
----------------------------------------------------
-------------------------------------------------------------------------------