----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලයිලා

Sunday, July 11, 2010

ස්වර්ණවාහිනී කොමඩි ස්ටාර් නන්දන හෙට්ටිආරච්චිගේ කුලුඳුල් වේදිකා නිර්මාණ කාර්යය ලයිලා ලෙස නම් කොට තිබේ. එහි මුහුරත් උළෙල පසුගියදා තලාහේනේ බෝධිරුක්කාරාම විහාරයේදී නළු නිළියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

කතා කරන සුනඛයකු ආශ්‍රිතව තිර පිටපත සකස් කර තිබෙන ලයිලා ප්‍රහසන වේදිකා නාට්‍යකි.

දමයන්ත පෙරේරා, සුසිලා කෝට්ටගේ, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සුමිත් ගෝමස්, නුවන් දික්වැල්ල සමඟ නන්දන හෙට්ටිආරච්චි රංගනයෙන් දායක වෙති.

එළඹෙන අගෝස්තුවේදී වේදිකා ගතවීමට නියමිතව ඇති ලයිලා රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය නන්දන හෙට්ටිආරච්චිගෙනි.

ස්වර්ණවාහිනී කොමඩි ස්ටාර් නන්දන හෙට්ටිආරච්චිගේ කුලුඳුල් වේදිකා නිර්මාණය “ලයිලා “ මුහුරත් උළෙල ට එක් වූ දමයන්ත පෙරේරා, සුසිලා කෝට්ටගේ, දුලීකා මාරපන, නන්දන හෙට්ටිආරච්චි, විල්සන් කරු ඇතුළු පිරිස.

0 comments:

Post a Comment