ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ කියයි
අපේ රවේ නිවේදකයෝ බොහෝ වෙති. එහෙත් දේශීය සංස්කෘතික හරපද්ධතීන් හා ජාතික අනන්‍යතාවය රැක ගනිමින් එම වෘත්තියේ නියැළෙන සැබෑ නිවේදකයන් විරලය.
ඔහු නිවේදකයකු වන්නේ හුදු වචන හරඹයන් නිසා නොව සුදුසු වචන සුදුසු තැනට යොදා වියත් බස් වහරකින් අප ආමන්ත්‍රණය කරනා බැවිනි. එසේම ඔහු එකම තැනකට කොටු වූ නිවේදකයකු ද නොවේ. ගුවන් විදුලිය, රූපවාහිනිය, ප්‍රසංග වේදිකාව මේ කොයිකත් ඔහුට එක සේ හුරු පුරුදුය. වසන්ත රෝහණ යැයි කියූ විට අපේ රටේ බොහෝ දෙනා ඔහු හඳුනන්නේ එබැවිනි.
පසුගිය දිනෙක ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විශේෂ ශ්‍රේණියේ නිවේදක තනතුරට පත් කරනු ලැබීය. එය ගුවන් විදුලි නිවේදකයකු හට ලැබිය හැකි ඉහළම තනතුර ද වේ.
‘සරසවියේ’ උණුසුම් ශුභාශිංසනය අපේ ළෙන්ගතු මිතුරා වෙත පුද කරමින් අප මෙසේ ඔහු හා පිළිසඳරකට එක් වුණෙමු.
ගුවන් විදුලි නිවේදකයකුට ලබා ගත හැකි ඉහළම ගෞරවය පසුගිය දා ඔබට හිමි වුණා?
ගුවන් විදුලි නිවේදකයකුට ලැබෙන ඉහලම තැන තමයි මේ සුපිරි ශ්‍රේණිය, නැතිනම් විශේෂ ශ්‍රේණිය. ඉතින් ඒක මට ලැබුණා. ඇත්තටම ඉතින් මම හරි සතුටු වෙනවා ඒ ගැන. මොකද අතීතයේ සිටි තිස්ස ජයවර්ධන වැනි දැවැන්තයන්ටත් ඔය තනතුර හිමි වුණා. එහෙම කීප දෙනෙක් හිටියා. තව අවුරුදු දහයක් මට සංස්ථාවේ වැඩ කරන්න පුළුවන්. ඒ කාලය ඉතිරිව තිබියදී මට මේක ලැබීම සතුටක්. බොහෝ අයට මේ තනතුර ලැබෙන්නේ විශ්‍රාම යන්න කිට්ටුව.
කවදාද ඔබ ගුවන් විදුලියට ආවේ?
1990 පෙබරවාරි 08 වැනිදා. වසර විස්සක්. මම පාසල් කාලේ ඉඳන්ම ගුවන් විදුලි මාධ්‍යයට උනන්දුවක් දැක්කුවා. මම ඉගෙන ගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ. ඒ කාලේ මගේ ප්‍රියතම විෂය වෙලා තිබුණේ ගණිතය. ඒ වුණාට පාසලේ කලා සමිතියේ නිවේදන කටයුතු කරන්නේ මම. විවාද තරගයක් නම් බලෙන් හරි මම යනවා. කොහොම හරි පාසලේ ජනප්‍රියම නිවේදකයා වුණා. එතකොට ගම්පහ තරුණ සේවා සභාවේ, ජේසිස් එකේ නිවේදන කටයුතු කළා.
මම හිතන්නේ ඔබ ඒ කාලේම ප්‍රසංග නිවේදන කලාවටත් එක් වුණා?
ඔව්, විශේෂයෙන්ම එළිමහන් ප්‍රසංගවල නිවේදන කටයුතුª කළා. ඔය කාලේම වගේ මාව කොළඹ විශ්ව විද්‍යාලයට තේරුණා. නමුත් යම් යම් හේතූ®න් මත ඒ අධ්‍යාපන කටයුතු සම්පර්්ණ කර ගන්න බැරි වුණා. පස්සේ මම ගණිතය පංති කරන්න පටන් ගත්තා. දහස් ගණන් ළමයි ආවා ඒ පංතිවලට. නමුත් 89 ජූලි කලබලත් එක්ක ඒ පංති නැවතුණා. ඒ කාලේ මම නැවතිලා හිටියේ මහනුවර. හදිසියේම ගුවන් විදුලියට නිවේදකයන් බඳවා ගන්නවා කියලා දැනගන්න ලැබුණා. මමත් ගියා.
ගුවන් විදුලි නිවේදකයන් අමු අමුවේ මරා දැමූ ඔවුන් බිය වැද්දූ යුගයක් ඒක?
ඔව්, සමහර නිවේදකයන් ඝාතනයට ලක් වුණා. සමහරු බිය නිසා ගුවන් විදුලිය හැර දමා ගොස් තිබුණා. ඒ කාලේත් එහි සභාපතිවරයා වුණේ හඩ්සන් සමරසිංහ මහතා. මම එතුමාව දැන හඳුනාගෙන හිටියා ‘ගම් උදාව’ සහ ‘මහපොළ’ හරහා.
‘මහපොළ’ මට දක්ෂතම කථිකයා හැටියට සම්මානෙකුත් හම්බ වුණා. ඉතින් හඩ්සන් සමරසිංහ මහත්මයා හමුවෙලා මම කිව්වා නිවේදකයකු විදියට ගුවන් විදුලියට බැඳෙන්න කැමැතියි කියලා. ඔහු පුදුම වුණා. ඒ වගේ කාලෙක එහෙම දේකට කැමැති වුණ එක ගැන. ඉතින් නැවත වරක් මගේ හැකියාවන් ගැන බලලා මාව නිවේදන කටයුතු සඳහා යොදා ගත්තා.
ඒ කියන්නේ සහන නිවේදකයෙක් හැටියට?
මොන තනතුරක්වත් නෑ. ඒ දවස්වල ප්‍රවෘත්ති එහෙම කිව්වේ එස්. ටී. එෆ් එකෙන්. ප්‍රවීණ නිවේදකයෝ කීප දෙනයි ගුවන් විදුලියට ආවේ, ගියේ. තිලකා රණසිංහ මහත්මිය මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. එතුමිය තමයි ඉස්සර වෙලාම ගිහින් මාව ඒ සීට් එකේ ඉන්දුවේ. ඒ එක්කම සේන වික්‍රමආරච්චි මහත්මයා. ඉතින් ඔහොම ඉන්න කොට කලබල අඩු වුණා. ආයේ අර නිවේදකයෝ ආවා. අපිට යන්න වුණා.
ඊට පස්සේ?
ඊට පස්සේ හැබැයි ආයේ ඔන්න නිවේදකයෝ බඳවා ගන්නවා කියලා අපට දැනගන්න ලැබුණා. සීලරත්න සෙනරත් මහත්මයා තමයි ඒ බව කිව්වේ. අපි ඉල්ලුම් කළා. එතකොටත් හඩ්සන් සමරසිංහ මහත්තයා තමයි සභාපතිතුමා.
පරික්ෂණ එකොළහක් විතර තියලා අපව තෝර ගත්තා. හැබැයි එතුමාට මතකයක් තිබුණා බැරි අවස්ථාවේ මේ මනුස්සයෝ අපට උදවු කළා කියලා. ඒකෙනුත් මම හිතන්නේ ලකුණක්, දෙකක් වැටෙන්න ඇති. ඊට පස්සේ තමයි මට 1990 පෙබරවාරි 08 වැනිදා කොන්ත්‍රාත් පත්වීමක් ලැබුණේ.
මම ශ්‍රී ලංකා එෆ්. එම්., කඳුරට එෆ්. එම්, සිටි එෆ්. එම්., ඔය වගේ ස්ථානවල වැඩ කළා. යාපනේ ගියා ආවා. දුෂ්කර, අභියෝගාත්මක ඕනෑම අවස්ථාවක නොපැකිපලව මට දෙන රාජකාරිය අකුරට ඉටු කළා. 1994 මට නිවේදකයකු හැටියට දෙවැනි සේවයේ ස්ථිර පත්වීමක් ලැබුණා මහනුවර සේවයට. මම කඳුරට සේවයේ හුඟක් වැඩ කළා. ඒ ඔස්සේ අපි නමක් හදා ගත්තා. වැඩක් කරන හැටිත් ඉගෙන ගත්තා.
නැවතත් ඔබ කොළඹට එනවා?
අවුරුදු දෙකකට පස්සේ. ඒ ඇවිත් සිටි එෆ්. එම්. සේවයේ වැඩ කළා. කේ ඩී. කේ. ධර්මවර්ධන, ජයන්ත පීරිස්, තිස්ස ජයවර්ධන වගේ ප්‍රවීණයන් සමඟ තමයි වැඩ කරන්න ලැබුණේ. ඔය අතරේ කේ. ඩී. කේ. ධර්මවර්ධන මහතා මැද පෙරදිග සේවයට ගියා.
ඔහුගේ අභාවයෙන් පස්සේ මැද පෙරදිග සේවයෙන් මට ඉල්ලීමක් ආවා, විශේෂයෙන්ම ට්‍රයිකෝ ආයතනය මගෙන් ඉල්ලීමක් කළා ඒ තනතුරේ වැඩ බාර ගන්න කියලා. ඉතින් වැටුප් රහිත නිවාඩු දමා අවුරුදු තුනක් ඩුබායිවල ඉන්නවා. නැවත ලංකාවට ඇවිත් සිටි එෆ්. එම්. සේවයේ වැඩ කරනවා.
ප්‍රවීණ ගායක, ගායිකාවන් රැසකගේම ප්‍රසංගවල නිවේදකයා වන්නට ඔබට භාග්‍යය ලැබුණා. ඒ මතකය අවධි කළොත්?
මුලින්ම මට ඒ අවස්ථාව ලැබුණේ මගේ කල්‍යාණ මිත්‍ර ජගත් වික්‍රමසිංහ නිසා. ඔහුගේ ‘සරසවිසර’ ඒක පුද්ගල ගී ප්‍රසංගයේ නිත්‍ය නිවේදකයා වුණේ මම. ඊට පස්සේ වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයේ නිවේදන කටයුතු මට බාර වුණා. කේ. ඩී. කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි දැවැන්තයින්ගෙන් පසුව ‘ස’ නිත්‍ය නිවේදකයා වුණේ මම.
අදටත් මම එහි නිවේදකයා. ඒ හැරුණාම සුනිල් එදිරිසිංහ, විශාරද අමරසිරි පීරිස්, සනත්, මල්කාන්ති, දයාරත්න, අමරා, එඩ්වඩ් – චරිතා, සෝමතිලක ජයමහ වැනි ගායක, ගායිකාවන්ගේ ප්‍රසංගවලටත් මම වරින් වර කථනයෙන් දායක වුණා.
බොහෝ ගුවන් විදුලි නිවේදකයන්ට රූපවාහිනිය කියන්නේ ආගන්තකු තැනක්. නමුත් ඔබ රූපවාහිනී මාධ්‍යයේ පවා ජනප්‍රිය නිවේදකයෙක්?
ඇත්තටම ගුවන් විදුලි නිවේදකයෝ බොහෝ වෙලාවට රූපවාහිනියට ගන්නේ නෑ. ඒක කියන්න එපායැ. රූපවාහිනී මාධ්‍යයට ගන්නේ බොහොම ලස්සන පෙනුමක් තියෙන, කඩවසම් ටෙලි නාට්‍ය හෝ වෙළෙද දැන්වීම්වල ඉන්න කට්ටිය. ස්වාධීන හා ජාතික රූපවාහිනියෙනේ අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. ඒ දෙන දේ මම හොඳීන් ඉටු කළා. ඒ තුළ මට නම් කිසිම බාධාවක් වුණේ නැහැ.
අනෙක ඔබ එක රාමුවක කොටු වුණෙත් නැහැ?
ඔබ එහෙම කියනවා නම් මට ඒක සතුටක්. සංගීත වැඩ සටහන් වේවා, දේශපාලන වැඩ සටහන් වේවා ඇතැම් විට රාජ්‍යතන්ත්‍රයට සම්බන්ධ වැඩ සටහන් වේවා මම කරනවා. බෞද්ධාගමික වැඩ සටහන් පවා. ඒවා ගොඩක් සාර්ථක වුණ බවක් පෙනෙන්නට තිබෙනවා. එතනින් මම අවබෝධ කර ගත්තා රූපය හෝ වෙනත් බාහිර බාධක නෙවෙයි නිවේදකයාට බලපාන්නේ හඬ සහ ඉදිරිපත් කිරීමේ ශෛලිය.
මේ වන විට ඔබ රූපවාහිනියෙන් ඉදිරිපත් කරන වැඩ සටහන් මොනවාද?
දැන් ‘එකොළොස් වැනි හෝරාව’ මම කරගෙන යනවා. එය විවිධ දේශපානඥයන් සමඟ කරන හරවත් දේශපාලන සංවාදයක්. ඒ වගේම රූපවාහිනියේ හොඳ ප්‍රසංග සඳහාත් මට ආරාධනා ලැබෙනවා.
රාජ්‍ය මාධ්‍යක් තුළ දේශපාලන වැඩ සටහනක් මෙහෙයවීම මම හිතන්නේ විශාල අභියෝගයක්?
මම පවතින දේශපාලන පක්ෂයටම ආවඩන්න යන්නේ නැහැ. හොඳ තුලනාත්ක විග්‍රහයකුයි මට අවශ්‍යය. පැහැදිලිවම මම කියන්න ඕනෑ ජාතික ගුවන් විදුලියේ හා රූපවාහිනියේ අපක්ෂපාතී සහ නිර්මාණශීලී වැඩ සටහන් ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ නිදහස තියෙනවන. අතිගරු ජනාධිපතිතුමා වුණත් කියන්නේ ආණ්ඩුවේ වගේම විපක්ෂයේ හඬටත් ඉඩ දෙන්න කියලා.
ඔබ ජනප්‍රිය, දක්ෂ නිවේදකයකු වගේම ප්‍රතිභා සම්පන්න ගීත රචකයෙක්. ඒ බව අපට අමතක නැහැ?
මම ගීත කීපයක් ලියලා තියෙනවා. ජගත් වික්‍රමසිංහගේ ‘ඉසුරු කෙදෙව්වේ’ ගීතය හුඟක් ජනප්‍රිය වුණා. එතකොට ප්‍රවීණ ගායක, ගායිකාවන් රැසකට ගී ලිව්වා. සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, අමරසිරි පීරිස්, ජානක වික්‍රමසිංහ ඉන් කීප දෛනෙක්. සිංදු එකසිය විස්සක් විතර ලියලා තියෙනවා. ඒකෙන් විස්සක් විතර ජනප්‍රියයි ඉතින්.
අපි නැවතත් නිවේදන කාලව දෙසට හැරෙමු. බෙහෝ දෙනෙකු චෝදනා කරනවා, අද තියෙන්නේ ‘ගිරා පෝතක’ නිවේදන කලාවක් කියලා. ප්‍රවීණ නිවේදකයකු විදිහට ඔබ මේ තත්ත්වය විග්‍රහ කරන්නේ කොහොමද?
ඒකේ ඇත්තක් තියෙනවා. නමුත් මගේ අදහස නම් මේකයි. සැබෑ නිවේදකයන්ගෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. නිවේදකයන් වෙසින් ඉන්න අය තුළින් ඒක වෙන්න පුළුවන්. ටෙලි නාට්‍ය හෝ සිනමාව තුළ ඉන්න ජනප්‍රිය අය අද නිවේන කලාවට එනවා.
නමුත් සමහර අය මේ ටෙලි නාට්‍යයක පෙනී සිටි පමණින්, දැන්වීමක පෙනී සිටි පමණින් සම්මාන උළෙල පවා එනවුන්ස් කරන්න යනවා. ගිහින් වැඩේ අනා ගන්නවා. ඒවා නම් අපට අනුමත කරන්න බෑ. නිවේදකයකුට හොඳ හඬක් සහ ව්‍යක්ත චතුර බවක් තිබිය යුතුමයි.
වසන්ත, ඔබේ පෞද්ගලික තොරතුරු බිඳකුත් අපි කතා කරමු?
මගේ බිරිඳ පිළියන්දල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමිය. ඇය රූබි ජයසිංහ. දියණියක් ඉන්නවා කාව්‍යා දෙව්දිනී කියලා. මගේ වෘත්තීය කටයුතුවලට බිරිදගෙන් ලොකු සහයක් ලැබෙනවා. ඒ තමයි ඉතින් පෞද්ගලික තොරතුරු.
0 comments:
Post a Comment