විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්ථිර
නැහැ!
-
මුතු තරංගා
ගැමි
සුවඳ මුසු වුණු ඉසව්වක ඉපදුණු ලෝචනාට නොසිතූ ලෙස දෛවය සරදම්
කරන්නේ තම පවුලේ බර තමා පිට පටවමින්. එලෙසින් විවිධ හැල
හැප්පීම් ඔස්සේ ගලා යන ආදරේ අහස තරම් හි ලෝචනා ලෙසින් රඟපාන
ඇය එනම් මුතු තරංගා බොහෝ කලකට පසු අප සොයා ගියේ අගේ නවතම තතු
විමසා බැලීමටයි.
සෑහෙන කලකට පස්සේ ටෙලි නාට්‍යයකින් ඔබව දකිනවා?
ඔව්. අවුරුදු දෙකකට පස්සෙ තමයි ආදරේ අහසතරම් ටෙලි නාට්‍යයේ මම
රඟපාන්නේ.
ඒ කියන්නේ මුතු රංගනයෙන් ඉවත් වෙලා හිටියද?
ඉවත්වීමක් ම කියන්න බැහැ. එක දිගට විදේශ සංගීත ප්‍රසංගවලට
ආරධනා ලැබුණු නිසා නිර්මාණවලට යන්න දින වෙන්කර ගැනීමේ
අපහසුවක් තිබුණා. ඒ නිසා අවුරුදු දෙකක් ම විදේශ සංචාරවලට
තමයි කාලය ගත වුණේ.
නිර්මාණවලට කතා කිරීමේ අඩුවක් තිබෙනවාද?
කිසිම අඩුවක් තිබුණේ නැහැ. වැඩ කරන කාලෙට වඩා වැඩි ඉල්ලුමක්
ඒ අවුරුදු දෙකේදී තිබුණා. කවදත් තෝරා බේරාගෙන රඟපාන නිසා මගේ
සීමාවන් තුළ රැඳුණු නිර්මාණ නම් කිහිපයයි තිබුණේ.
සීමාවන් තුළ සිටීම ජනප්රියවත්වයට බාධාවක් නෙමෙයිද?
ජනප්‍රියතාවට ක්ෂේත්රයේ රැඳෙන්න නම් නිතර පේන චරිතයක් වෙන්න
ඕනේ තමයි. නමුත් මම කවදත් ආවට ගියාට චරිත කළේ නැහැ. මුලින්ම
අධ්යක්ෂ කවුද, කතාව මොකක්ද, නළු නිළියන් කවුද කියලා බලනවා.
මම ආසයි ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න තියෙනව නම්. මූල්‍යමය
ප්‍රශ්නත් බලපානවා. නාට්‍යවල පේන්න හිටියේ නැහැ කියලා
ජනප්‍රියත්වය අඩුවක් වෙලා නෑ.
ඒ කියන්නේ ඔබ වෘත්තීමය රංගන ශිලිපිනියක් නෙමෙයිද?
රංගනය තුළින් මම මුදල් උපයනවා තමයි. එහෙම කියලා රංගනය
වෘත්තියක් හැටියට සීමා කරලා නැහැ.
දැන් නිරූපිකාවක් නෙමෙයිද?
අනේ නැහැ. දැන් ගොඩක් කල් ඒ ක්ෂේත්රයෙන් ඈත්වෙලා.
මුල අමතක කරන්න හොඳ නැහැ නේද?
අනිවාර්යයෙන් ම. නිකි ජයමහ තමයි නිරූපිකාවක් හැටියට මාව මේ
ක්ෂේත්රයට ගෙනාවේ. ඒ නිසා කවදත් මම මුල අමතක කරලා නැහැ. ඒ
වගේම ගිහාන් සෙනෙවිරත්න අයියා නොසිටින්න මේ ගමන මට යන්න
ලැබෙන්නෙත් නැහැ.
විවාහයට තවමත් බාලගිරිද?
ඕනම දේකට සුබ මොහොත උදා කරන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා ලැබීම්
අනුව තමයි ඕනම දෙයක් සාර්ථක වෙන්නේ. පසුගිය කාලේ කාර්යබහුල
වුණු නිසා තමයි ඒ ගැන හිතුවේ නැත්තේ. ලබන දෙසැම්බර් මාසේ විවාහ
උත්සවය ගන්න හිතුවා. ඒත් තාම ස්ථිර නැහැ.
කාලෙන් කාලෙට ළඟින් ඇසුරු කරන මිත්‍රයන්
මාරු කරනවා කියන්නේ
ඇත්තද?
මගේ හිතට හරියන්නේ දැනෙන්නේ නැත්නම් ඒ අය යාළුවෝ අතරින් අයින්
කරනවා. පොඩි බොරුවක් කිව්වත් ඇති. බොරුව වංචාව මට පෙන්නන්න
බැහැ. මොකද මම ගොඩක්ම ඇනගෙන තියෙන්නේ ඇත්ත කියන්න ගිහින්.
කොහොමත් මට යාළුවෝ ඉන්නේ දෙතුන් දෙනයි. ක්ෂේත්රය පැත්තෙන්
හංවඩු ගැහිලා නැති අය ආශ්‍රය කරන්න තමයි වැඩිපුර කැමැති.
ඇයි මේ ගැන නිතරම ප්‍රේක්ෂකයන්ට බොරු පොරොන්දු දෙන්නේ.
බොරු පොරොන්දු දෙනවා නෙමෙයි. ටාගට් එකක් තියෙනවා. නැත්නම්
අවුරුදු අටක් අපි ආදරේ කරන්නේ නැහැනේ. වෙලාවල් හොඳ නැත්නම්
කාර්ය බහුල නම් අපේ හිතේ තියෙන වෙලාවට ඒවා ඉෂ්ඨ කරගන්න බැහැනේ.
මේ ක්ෂේත්රයේ පැවැත්මක් තියාගන්න නම් ප්‍රසිද්ධිය
අත්‍යවශ්‍යයි නේද?
නැහැ. මම හිතන්නේ මට පුළුවන් ඕනම දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න.
නමුත් ඒක එතනින් ඉවරයි. නමුත් ජනප්‍රියවීම ඒ කියන්නේ
මිනිසුන්ගේ ආදරය දිනා ගැනීම අපහසුයි. මම සම්මාන අරගෙන නැහැ.
නමුත් මට ලැබුණු එකම වටිනා සම්මානය තමයි ප්‍රේක්ෂක ආදරය. ඒ
සම්මානයත් එක්ක මගේ අනන්‍යතාව හදාගෙන ඉදිරියට යැම තමයි මගේ
වාසනාව.
මුල් කාලෙ තිබුණු මාකට් එක අද අඩු වෙලාද?
එදාට වඩා ජනප්‍රියත්වය අද වැඩිවෙලා මිසක් අඩුවක් වෙලා නැහැ.
මගෙත් එක්කම මුල් කාලේ ආපු නළු නිළියන්ට වඩා වැඩි වැඩසටහන්
කොටසක් මම කරනවා. ඒ මම ලබන වාසනාවන්තකම.
ගායිකාවක් හැටියට අලුතින් ගීත කළේ නැද්ද?
මේ අවුරුද්දේ ගීතයක් කරන්න අදහසක් තියෙනවා. අනුන්ගේ ගීත
හැමදාමත් ගායනා කරන්න බැහැනේ.
මුතූ හරි කටකාර ආඩම්බර චරිතයක් කියන්නේ ඇත්තද?
කටකාර නැහැ. ආඩම්බරයි කියලා නම් කවදාවත් කවුරුත් කියලා නැහැ.
මේ ක්ෂේත්රයේ බොහෝ අයගේ පවුල් අවුල් වෙලා නේද?
මේකට ප්‍රධාන හේතුව ප්‍රසිද්ධියයි. ඒ නිසා බලන අය වැඩියි. හැම
දේම ඉක්මනින් ජනතාව අතරට යනවා.
ඔබටත් ඉදිරි අනාගතය ගැන එවැනි බියක් නැද්ද?
කොහෙත්ම නැහැ. මම හිතනවා මගේ ජීවිතේ එහෙම දෙයක් වෙන එකක්
නැහැ කියලා. මොකද නිශාන්ත මට මුණ ගැහුණු දවසේ ඉඳලා එයාවත්
මමවත් අනවශ්‍ය සම්බන්ධතා ඇතිකරගෙනවත් ඇතිවෙලාවත් නැහැ. තමන්
තුළ පාලනයක් නැතිකම නිසා තමයි එහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ.
ලක්මිණී අතුකෝරල
ඡායා -සමන් අබේසිරිවර්ධන
Archives
-
▼
2012
(376)
-
▼
June
(72)
- කෙනෙහිලිකම් කරනවයි කියලා මම චිත්‍රපට හදන එක නවත්වන...
- "ජනේලෙන් පනින්නද"
- ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.
- ජනකරළියෙන් සහජීවනාත්මක නාට්‍ය සංස්කෘතියක අත්දැකීම...
- ‘මිස් වර්කින් ගර්ල්’
- ඉස්සරහට යනකොට නම් චුට්ටක් බය හිතුණා
- ලින්ඩ්සේ ලොහාන් වැඩ වරද්දා ගනීද?
- ජන කරළිය නාට්‍ය උළෙල
- ඩෝප් ලයිස්තුව
- විජය කුවේණී උපහාර උළෙල 25 දා
- අමිල ශිරෝෂි පෙම්වතුන් වෙයි
- ◄ කැපවීම ►
- ”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි”
- අපි හොඳ උදවිය නම් සොබාදහම අපව රැක ගනිවි
- ප්‍රංශ සිනමා උළෙල
- මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ්
- ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා.
- Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවං...
- රහස් උදවිය වේදිකාවට
- ලංකා ආට් ඩයරියට රෙඩියෝ මොකටද...?
- දෙයියෝ........ කරන දෙයක් පරිස්සමින්.....
- සමනළියක් තනිවෙලා.....
- ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී
- ‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී
- ඔෂීන් යළිත්
- තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැන...
- නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ
- ලීසයි මමයි සමානයි
- ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත.
- සුදු නංගිට පත්වීමක්
- බිමල්ට සැලියුට්
- මහාචාර්ය පැට්රික් රත්නායක කරන හෙළිදරව්වක්
- සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට........
- ‘ගෝනි එලුවා’
- දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව
- අපි හොඳින් ඉන්නවා ඔය කටකතා බොරු
- කැළණි විශ්ව විද්‍යාලීය ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය කණ...
- සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී
- සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා
- ලුම්බිණි රඟහලේ අවුලක් නෑ
- ආඩම්බරකාරයා ලුම්බිණි එයි
- කුවේණිට මෙන් මටත් අසාධාරණයක් සිදු වුණා
- "බොක්ස්"ගැන ඔයාලා මොකද හිතන්නේ
- "බොක්ස්" ගැන තව ටිකක්.........
- "රහස් උදවිය"++++++++++++++++පියල් කාරියවසම්
- ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර.
- වවුලකුගෙන් චතුරිකාට ඇබැද්දියක්
- රටේට රට ලණුවක්
- 'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා
- විජය මවන්නට සුගත් මා ඝාතනය කළා
- Rajitha Disanayake Drama Festival
- දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු
- තරු විසිරුණු සුපර් සික්ස් මංගල දර්ශනය දා
- ‘නූපුරා රඟ’ අභිඥාන මංගල්‍යය
- සිග්නිස් උත්තමාචාර උළෙල මෙවරත් අභිමානවත්ව
- බකමූණා ගැන සුද්දෙක්ගෙන් විචාරයක්
- වීරයා මැරිලා - සිහින හොරු අරන් - බකමූණා වීදි බසී
- අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා
- ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල යොදා තැනූ ‘සුපර් සි...
- ලංකාවේ ගොසිප්වලට ගින්නක් ඕනෙ නෑ ඒ ගොල්ලො දුම දාගන්නවා
- කතාව ඇත්තද?
- ගාමිණී සුමනසේකරගේ වඳිමි සිදුහත් එළි දකී
- 36 වැනි "සිග්නීස් උළෙල සැප්තැම්බරයේදී මහ ඉහළින්
- මම එදා අත කැඩෙන්න ගුටි කෑවා
- විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්ථිර නැහැ!
- Colour සූදානම්....!
- නොමිලේ Domain names
- පබෝදගේ කොට කලිසම සහ කකුල
- ගෙදරින් ලොකු කැමැත්තක් නැහැ
- සිහින පියාපත් වංචාවක දුරකතන ඇමතුමෙන් හොරේ එළි වෙලා
- අවසන සිදු වූයේ සියල්ලන්ම කැමැති දේය.
- සඳගිරි පව්වේ මුරණ්ඩු කෙල්ල
-
▼
June
(72)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...10 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
WATCH – දසුන්ගෙන් තුන් ඉරියව් දස්කම්; ට්‍රවීන් මැතිව්ටත් අමතක නොවන තරගාවලියක්! | #LankaT10 – Cricketry - Jaffna Titans පරදා Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Hambantota Bangla Tigers අද (දෙසැම්බර් 19) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්...18 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්ථිර නැහැ!
Monday, June 4, 2012සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:00 PM
Labels: Gossip, ජීවිත විත්ති, ටෙලි නාට්‍ය, මතක සැමරැම්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment