මෙවර කාන්ස් (කෑන්ස්) සිනමා උළෙලේ ඇස් රැන්දූ චරිතය ‘ඓශ්වර්යා රායි’ ය.
ඈෂ් මහත් වී ඇති කතාව ඇත්තක් ද නැත්තක් ද කියා බැලීමට
තිබෙන හොඳම අවස්ථාව උදා වී තිබේ.මෙපමණ කල් සිරුර සිහින් නොකර ගැනීම ගැන ගල් මුල් එල්ල කළත්, දැන් එසේ කිරීම සාධාරණ ද? කාන්ස් උළෙලේදී ගත් මේ ඡායාරූපය බලා එය තීරණය කරන්න යැයි කියා ඈෂ් නිහඬව ලොවට කියන්නීය.
බේබි කේ

මැයි 21 වැනිදා උදෑසන ශිල්පා ෂෙට්ටි කුලුඳුල් දරු පැටියා බිහි කළාය. මේ පුංචි පුතුට නමක් දෙනතුරු ‘බේබි කේ’ යනුවෙන් ඔහුව හඳුන්වන්න ශිල්පා තීීරණය කර ඇත.
‘බෙටී බී’ ගෙන් ඇරැඹුණු කෙටි සුරතල් නාම සඳහා දිගු ගමනක් ඇති බව මෙයින් පෙනී යයි. තිස් හය හැවිරිදි ශිල්පා, රාජ් කුන්ද්රාගේ අත ගත්තේ වසර 2009 දීයි. රාජ්ට කළින් විවාහයෙන් දියණියක සිටියි.
යුග ජීවිතයේ වටිනාම වස්තුවට හිමිකම් කී පසු ප්රීතියෙන් ඉපිල ගිය රාජ් ‘අම්මයි බබයි දෙන්නම සතුටින්. දෙවියන් අපට පුංචි පුතකුගේ ආශිර්වාදය ලබා දී තිබෙනවා’ යි ට්විටර් අඩවියට දන්වා සිටියේය.
දැන් ‘බේබි කේ’ ට පිරී ඉතිරී යන තරමට සුබපැතුම් ලැබෙමින් පවතී. ප්රසූතියෙන් රංගනයට මඳ විරාමයක් ශිල්පා ලබද්දී, පසුගිය ජනවාරියේදී දියණියක බිහි කළ ලාරා දත්තා දැන් නැවත රංගනයට පිවිස ඇත. ‘ඩේවිඩ්’ ඇය රඟන නවතම සිනමාපටයයි.
sarasaviya
0 comments:
Post a Comment