
ප්‍රවීණ සිනමා විචාරක ගත්කතුවර ගාමිණී සුමනසේකර මහතා ඔහුගේ නවතම කෘතිය වන ‘වඳිමි සිදුහත්’ පසුගියදා එළි දැක්වූවා. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති මෙම උළෙලේ මුලසුන දරනු ලැබූයේ පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි විසිනි.
මෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබූයේ මහාචාර්ය ජේ. බී. දිසානායක විසිනි. ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි සහ මහාචාර්ය කාලේ ෆොන්සේකා ද කෙටි දෙසුම් පැවැත් වීය.
මෙම පොත අලෙවියෙන් ලැබෙන සියලුම මුදල් මහරගම පිළිකා රෝහලට පිරිනමන බව සුමනසේකරයන් පැවසුවේ දැඩි හැඟීම්බර හඬකිනි.
0 comments:
Post a Comment