රඟපාමු මගේ හීනය සැබැ කළා
වගකීමෙන් කටයුතු කරන කලා පුවත්පතක් විදිහට සරසවිය ඔබට හැමදාමත් ලෙංගතුයි. ඒ හින්දමයි අපි ඔබේ රංගන සිහිනය සැබෑ කර දෙන්න උත්සාහ ගන්නේ. ඒ රඟපාමු පිටුව තුළින්.

පොඩි කාලේ ඉඳන්ම මට ලොකු ආශාවක් තිබුණා රඟපාන්න. මගේ හීනේ සැබෑ කර ගන්න මට උදව් වුණේ සරසවිය. වගකීමෙන් කටයුතු කරන පුවත්පතක් විදිහට සරසවිය අපේ ළඟ හැමදාම ඉන්නවා. ඒ නිසාමයි සරසවියේ රඟපාමු පිටුවට මගේ ඡායාරූපයකුත් එව්වේ. නොහිතපු වෙලාවක මගේ හීනේ සැබෑ වුණාම මට ලොකු සතුටක් දැනුණේ. මම හැමදාමත් සරසවියට ගොඩාක් ආදරෙයි. සරසවිය ඡායාරූපය දැකලා තමයි මට රංගනයට අවස්ථාව උදා වුණේ.
ඉතිං මොනවද මේ දවස්වල කරන්නේ?
මේ දවස්වල ඉතිං ඊළඟ ටෙලි නාට්‍යටත් සුමිත් සුරංගයන්ගේ හත්වෙනි කාමරේ වේදිකා නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා.
ඔබ තාමත් පාසල් දැරියක්. කොහොමද අධ්‍යාපනයයි, රංගනයයි සමබර කර ගන්නේ?
අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න තමයි ගොඩාක් මහන්සි වෙන්නේ. ඒ නිසා ඒ වැඩ අතපසු කර ගන්නේ නෑ. ගෙදරින් මගේ අම්මයි, තාත්තයි, අත්තම්මයි ගොඩාක් උදව් කරනවා. ඒ නිසා අධ්‍යාපනයයි, රංගනයයි මට එකට කරගෙන යන්න පුළුවන්.
කලා ක්ෂේත්‍රය ඔබට අලුත් තැනක්. මොනවද හිතෙන්නේ?
ඉස්සරලම කැමරාව ඉස්සරහට යනකොට නම් චුට්ටක් බය හිතුණා. ඒත් ඉතිං හැමෝම මට උදව් කළා. වැරැදි කියලා දුන්නා. හොඳට හිටියොත් හැම කෙනෙක්ටම මේ ක්ෂේත්‍රය ඇතුළේ හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා.
මොන වගේ චරිතද රඟපාන්න කැමැත්තෙන් ඉන්නේ?
එහෙම කියලා නෑ. ගොඩාක් කැමැති ටෙලි නාට්‍ය චරිතවලට තමා. මට ගැලපෙන චරිත රඟපාන්න ගොඩාක් ආසයි.
ඔයාගේ හිතේ තිබුණ හීනයක් ඉටු වෙලා. මොනවද කියන්න තියෙන්නේ?
ආයෙමත් පාරක් සරසවියට ස්තූති කරනවා මට උදව් කළාට. කවදාවත් මට සරසවිය අමතක වෙන්නේ නෑ. ඒ වගේම හැම වෙලාවෙම මගේ ළඟින් ඉන්න අම්මයි, තාත්තටයි, අත්තම්මටයි, මල්ලිටයි ගොඩාක් ස්තුතියි. එයාලා නැත්නම් මම අද මෙතන නෑ.
මාව තෝරා ගත් අධ්‍යක්ෂවරුන්ටත් ස්තුතිවන්ත විය යුතුයි. අධ්‍යාපනයෙන් වගේම රංගනයෙනුත් දීර්ඝ ගමනක් යාමට ශක්තිය, ධෛර්ය, වාසනාව ඔබට ලැබේවා. සරසවිය අපේ පැතුම එයයි.
සේයාරූ - මාලන් කරුණාරත්න
sarasaviya
0 comments:
Post a Comment