ලින්ඩ්සේ ලොහාන් වැඩ වරද්දා ගනීද?

ඒ ඇයට එල්ල වූ නොයෙක් බීමත්කම් හා රථ වාහන වැරැදි හේතුවෙන්. මෙවරත් පොලීසිය ඇවිත් ඇගෙන් කට උත්තර ගත්තේ ඇය රෝහලේ ඇඳක් මත සිටියදීය. ඒ ඇය අධිවේගි මාර්ගයක ගමන් කරද්දී රථය පෙරළී උඩු යටිකුරු වී තුවාල ලබා රෝහල් ගත කිරීම නිසයි.
පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය ප්‍රකාශ කළේ ඇගේ සහායක ඒ මොහොතේ රථය පැද වූ බවයි. නමුත් සහායකගේ ප්‍රකාශයෙන් කියැ වුණේ ඒ මොහොතේ සුක්කානම තිබුණේ ඇය අත බවයි. මේ පරස්පර විරෝධී ප්‍රකාශ නිසා පොලීසිය යළිත් ලින්ඩ්සේගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සැරසෙනවා.
මන්ද ඇයගේ බීමත්කම මෙයට හේතු වූවාදැයි ඇති වූ සැකය නිසාවෙනි. කෙසේ වෙතත් පොලීසිය නොමඟ ඇරීම නිසා ලින්ඩ්සේ ගේ ඉරණම කුමක් වේදැයි වාර්තා කිරීමට හොළිවුඩය දැන්මම උනන්දු නැති බවයි පෙනෙන්න තිබෙන්නේ.
sarasaviya
0 comments:
Post a Comment