නෙහාරා මොකද මාධ්‍යයට එන්නේ නැත්තේ?
මේ එනවනෙ.........
පුවත්පත් සාකච්ඡාවලට?
එන්නැත්තේ නැහැ. එනවා. එකම දේ ඡායාරූපවලට පෙනී සිටන්න තරම් වෙලාවක් නැහැ. හරිම කාර්ය බහුලයි.
ළඟදී ලැබුණු සම්මානය සමඟ එළියට එන්නේ නැහැ කියන්නේ?
එහෙම නම් දැන් මේ කතා කරන්නෙ. එහෙම කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඉඩ ලැබෙන විදියට තමයි දායක වෙන්නෙ.
මොකද ඔච්චර කාර්ය බහුල ?
මෙගා ටෙලි නාට්‍ය පහක වැඩ බාර අරගෙන. ඊට අමතරව දෙරණ ‘‘ටී - බ්‍රේක්’’ වැඩ සටහන ආයෙත් ඉදිරිපත් කරන්න ආරාධනා ලැබුණා.
සම්මානය ලැබීමෙන් පසුව ඔබ පිංතූර වලට පෙනී සිටීමට ආවේ නැහැ කියලත් කියන්නේ?
මගේ ලොකු අම්මගෙ පුතාගේ මංගල උත්සවය තිබුණ එදා. ඉතින් එදා සම්මානය ගත්ත හැටියෙ මට දුවන්න සිද්ධ වුණා. අපේ පවුලේ දේකට නැත්නම් මගෙන් ඇති වැඩක් නැහැ. සම්මාන නම් ආයෙත් ලැබේවි, ඡායාරූප වළටත් පෙනී සිටින්න පුළුවන් වේව්. ඒත් වෙඩින් හැමදාම ගන්න බැහැනෙ. ඒ හැරත් අපේ පවුලේ උත්සවයක්නෙ. ඒ නිසා තමයි ඉක්මනටම යන්න ගියේ.
නමුත් සමහරු කිව්වේ එක එක වෙබ් අඩිවි වල මේ කතාව වෙන විදියකට ප‍්‍රචාරය කරලා තිබුණු බවයි. එහෙම නේද?
අනේ ඇත්තද? මම නම් ඔය කියන වෙබ් අඩවි බලන්නෙ නැහැ. ඒවා පස්සේ යන්න තරම් මට වෙලාවක් නැහැ. කලා කරුවන් විකුණ ගන්න තමුන්ට හිතෙන දේ දානවා ඇති. කොහොම වුනත් ඒවා බලන්නෙ නැති නිසා මට ඒවාට උත්තර දෙන්න බැහැ.
ගින්නක් නැතිව දුමක් නගීවිද?
ලංකාවේ ගොසිප් (කටකතා) වලට ගින්නක් ඕන නැහැ. ගින්නක් නැතිව දුම දාගන්නවා.
පුද්ගලික තොරතුරු අහනවට ඔබ අකමැතිද?
මම ගොඩාක් ආස කලා ජීවිතය ගැන අහනවාටයි.
ඇයි ආසා නැත්තෙ?
අමුතුවෙන් කියන්න දේවල් නැහැනෙ. මම නෙහාරා. කලා ජීවිතේ නම් විවිධ චරිත ගැන අපට කතා කරන්න පුළුවනි.
ජනප‍්‍රිය සම්මානය සමඟ පුද්ගලිකත්වය ගැන දැනගන්න, විමසන්න බොහෝ දෙනා කැමතියි නේද?
ලෝකයේ බොහෝ දෙනාට පුද්ගලිකත්වයක් කියලා දෙයක් තියෙනවා. මාත් මගේ පුද්ලිකත්වයට ආසයි.
පුද්ගලික දේ ගැන අහනකොට කේන්ති යනවද?
අනේ නැහැ
බොහෝ චරිත වලදි මේනක සහ ඔබ කදිමෙට ගැලපුන බව සමහරු කියනවා. මේ ගැන කෙළින්ම සමහරු අහනවා නේද? ඔබ චරිත තෝරා ගැනීමේදී නළුවන් වර්ග කරනවද?
කොහෙත්ම නැහැ. ඒත් මේනක සහ මම ප‍්‍රධාන චරිත රඟපානවාට බොහෝ දෙනා කැමති බව එයාලගෙ ප‍්‍රතිචාර වලින් කියන්න පුළුවනි. ඒ වගේම මේනක එක්ක රඟපෑ බොහෝ චරිත කතා බහට ලක්වුණා.
ඒ කියන්නේ පුංචි තිරයේ පෙම්වතාට වඩාත් ගැලපෙන්නෙ ඔහු කියලද?
මෙතෙක් කළ චරිත වලදී වැඩි හරියක් අපි දෙන්නා පෙම්වතුන් ලෙස චරිත රඟපෑව නිසා මිනිසුන්ට එහෙම දැනෙනවා ඇති.
වෙනත් පෑහෙන චරිත කවුද?
මම එහෙම හිතලා නැහැ.
පුංචි තිරයේ නළුවන් අතරින් මේනක ගැන ඔබට හිතෙන්නේ කොහොමද?
ඔහු සමඟ තමයි මම වැඩිපුරම චරිත රඟපාලා තියෙන්නෙ. ඇත්තටම ඔහු ඉතා දක්‍ෂයෙක්. ඒ සියල්ලටත් වඩා ඔහු හොඳ මනුස්සයෙක්. හැමෝටම ගරු කරන කෙනෙක්.
නෙහාරා චරිත රඟපාන නාට්‍ය සහ ඒවට දායක වන ප‍්‍රධාන නළු චරිතය ගැන සඳහන් කළොත්?
සිටුමැදුර (මේනක සමඟ), සිහින පියාපත් (මේනක සමඟ), භාර්යාවෝ (මේනක සමඟ), අරුන්දතී (පෙම්වතෙක් නැති චරිතයක්), රුවන් මාලිගා (නිනෝ සමඟ), භාර්යාවෝ සහ රුවන් මාලිගා රූගත කිරීම් ඉවරයි. මේනක සමඟ රඟපෑ තරු පිරි අහසක් විකාශයට නියමිතයි.
නෙහාරා ඔබ හිතට එකඟවම ජීවත්වන චරිතයක්ද?
සහතිකෙන්ම ඔව්.
ජීවිතේ ඔබ සතුටුවෙනවා නම් ඇයි සතුටු වෙන්නෙ?
අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කලාවෙන් මට ලැබුනු දේ බොහෝයි. මුළු රටක් මට ආදරය කිරීම තරම් දෙයක් තව තියෙනවද? ඒ ගැන මට තියෙන්නෙ අප‍්‍රමාණ සතුටක්. පේ‍්‍රක්‍ෂක ආදරය තමයි ඉහළම දේ. එයාලට මගේ ගෞරවනීය ප‍්‍රනාමය.
සටහන ඡායාරූප - සඳුන් ගමගේ
Lankadeepa
0 comments:
Post a Comment