----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

බකමූණා ගැන සුද්දෙක්ගෙන් විචාරයක්

Tuesday, June 5, 2012

බකමූණා ගැන සුද්දෙක්ගෙන් විචාරයක්

  -උදයසිරි වික‍්‍රමරත්න
 
සුද්දාට පළමුවරට බකමූණා හමු වී අවුරුදු විස්සකට වැඩිය. 1991 වර්ෂයේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ පැවැති නාට්‍ය වැඩමුළුවකදීය. එවකට සුද්දා කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු වූ අතර බකමූණා ඊළඟ වසරේ කොළඹ විශ්ව විද්‍යාලයට එන්නට නියමිත ව සිටියේය. ඒ නිසා ඊළඟ වසරේ දී  එනම් 1992 දී සුද්දාට බකමූණා නැවත හමුවිය. එතැන් සිට එකම විශ්ව විද්‍යාලයේ සිටි නිසා බකමූණා හා සුද්දා නැවත නැවත හමුවීම ද සිදුවිය. විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසුව ද වරින් වර බකමූණා හා සුද්දා අතර විවිධ සංවාද ඇතිවිය. බකමූණා හා සුද්දා එකම නාට්‍ය වේදිකාවට සම්බන්ධ වුව ද මතවාදීමය වශයෙන් නම් සිටියේ දෙපැත්තකය. සුද්දා ට බකමූණා අවසන් වතාවට හමුවූයේ පසුගිය සැප්තැම්බර් තුන්වෙනිදාය. ඒ ලයනල් වෙන්ටඞ් රඟහලේ දී බකමූණා වීදි බැස්ස අවස්ථාවයි.
එයට පෙර සුද්දා බකමූණාගේ සිහින හොරු අරං යන හැටි බලා සිටියේය. මට වෙඩි තියන්නේ නැද්ද යැයි අසන හැටි බලා සිටියේය. බකමූණා ආපසු හැරෙන්න බැරි ගමනක යන හැටි බලා සිටියේය. බකමූණා රාජ්‍ය නාට්‍ය උළෙලේ දී වීදියට නොව වේදිකාවට නගින සැටි කීපවරක්ම බලා සිටියේය. රටේ සුපතළ නාට්‍යකරුවෙකු ලෙස බකමූණාට ලැබෙන ගරු සැලකිලි දෙස සුද්දා එසේ බලා සිටියේ ඉතා ම සතුටින් යැයි කීවොත් එය නිවැරදි නොවේ. මක්නිසාදයත්  සුද්දාට එයින් අහළකටවත් ළඟාවීමකට නොහැකි වූ හෙයිනි. කෙසේ නමුත් ඔබට දැනටමත් යම් තරමකට තේරී ඇති තේරවිල්ල සහමුලින් ම තෝරා දීමට දැන් අවස්ථාව එළඹ ඇත. ඔව් මෙහි බකමූණා ලෙස අදහස් කෙරී ඇත්තේ රාජිත දිසානායක ය. සුද්දා ලෙස මා විසින් මාවම හඳුන්වාගෙන ඇත්තේ උදයසිරි වික‍්‍රමරත්න වන මමය.
එදා 1991 දී ජාතික තරුණ සේවා සභාවේ හමුවන අවස්ථාව වන විට මම රාජිත දිසානායකට වඩා නාට්‍යකරුවෙකු වී සිටියෙමි. එහෙත් එදා හලාවත ගම යැයි පමණක් මට දැනගන්නට ලැබුණු මේ තරුණයා සිංහල නාට්‍ය වේදිකාවේ දැවැන්තයෙකු බවට පත්වන ආකාරය මම නාට්‍යකරුවෙකු ලෙස නොව පේ‍්‍රක්ෂකයෙකු ලෙස පමණක් බලා සිටියෙමි. එදා මම රාජිතගේ මතුවීමට විවිධ හේතු සාධක ≥නොදන්නෙමි. එහෙත් අද රාජිත වේදිකා නාට්‍යකරුවෙකු ලෙස මතුවීමට හේතු වී ඇති කාරණා මට වඩාත් පැහැදිලිව දැකගත හැකිය. ඒ කලාව වෙනුවෙන් ඇති කැපවීම, අහිංසකකම හා ඇ…ඟේ කලාව තිබීමයි. ඇ…ඟේ කලාව තිබීම යනුවෙන් මා අදහස් කරන්නේ හොඳ ඇහැක් හා කණක් තිබීමයි. එසේම ඔළු ගෙඩිය තුළ හොඳ මොළයක් තිබීමයි. රාජිත දිසානායකට නාට්‍යකරුවෙකු වීම සම්බන්ධයෙන් බල පෑ හා උදව් වූ සෙසු සාධක තිබුණත් අද ඔහු සිිටින ස්ථානයේ ඔහු සිටින්නේ මූලික වශයෙන් ඉහත කරුණු නිසා බව බකමුණා වීදි බසියි බැලීමෙන් පසුව ද මට යළිත් තහවුරු විය.
ඒ අතර අහිංසකකම ගැන කිවයුත්තේ රාජිතට ඉදිරියට යාමට හැකි වී ඇත්තේ මෙන් ම නොහැකි වී ඇත්තේ ද අහිංසකකම නිසා බවය. නොඑසේනම් සැබෑ කලාකරුවන්ට ඉදිරියට යෑමට මෙන් ම නොහැකිවීමට ද හේතු වී ඇත්තේ අහිංසකකම බවයි. පොදුවේ කලාකරුවන් සියලූ දෙනා සම්බන්ධයෙන් බලපාන මේ කරුණ ගැන පසුව තවදුරටත් කතා කිරීමට අදහස් කරමි. සමහර විට එය මේ ලිපිය තුළ නොවීමට ඉඩ ඇත.
රාජිතගේ නාට්‍ය තුළ මා දකින විශේෂ ලක්ෂණයක්  වන්නේ නාට්‍ය තුළම තවත් නාට්‍යයක් තිබීමයි. ඇතැම් විචාරකයන් මෙය හ…ඳුන්වන්නේ යටිපෙළ වශයෙනි. එහෙත් රාජිත දිසානායකගේ නාට්‍ය සම්බන්ධයෙන් ගත් කළ නාට්‍යයක් තුළ ම තවත් නාට්‍යයක් තිබීම ලෙස මෙය හැ…ඳින්වීම වඩාත් නිවැරදි යයි සිතමි. එයට හේතුව උඩින් යන පෙළට යටින් කියවෙන අර්ථයක් පේ‍්‍රක්ෂකයා විසින් අවබෝධ කරගැනීමටත් වඩා රාජිතගේ නාට්‍ය නරඹන විට ම ඒ තුළ තවත් නාට්‍යයක් දකින්නට ලැබීම නිසාය. එනම් එකවර නාට්‍ය දෙකක් රාජිතගේ නාට්‍ය තුළ දැකිය හැකිය. මා සිතන අන්දමට රාජිතගේ නාට්‍ය පේ‍්‍රක්ෂකයා ආකර්ෂණය කළේ ද රාජිතගේ නාට්‍ය පේ‍්‍රක්ෂකයාට අලූත් අත්දැකීමක් වූයේ ද මේ කරුණ නිසාය. පසුව අවබෝධ වන නොව පළමු අර්ථය සමග දෙවන අර්ථය ද වේදිකාව මත රඳවා ගැනීමට රාජිත දක්වන හැකියාව විශ්මය සහගත ය. මෙය සමහරවිට රාජිත නළුවන් හැසිරවීම සම්බන්ධයෙන් දක්වන සුවිශේෂ දක්ෂතාවයේ ද ප‍්‍රතිඵලයක් විය හැකිය. එනම් දෙවන අර්ථය ද මතුවන තරම් සීමාවක නළුවා රඳවාගැනීමට රාජිත දක්වන විශ්මයජනක ශක්තිය ලෙස එය සැලකීමට හැකිය. එනම් බොහෝවිට නළුවාගේ සීමාන්තික රඟපෑම මගින් විනාශ වන්නේ එම චරිතයට හා නාට්‍යයට හිමි දෙවන අරථයයි. එහෙත් නළුවාගේ රංගනයේ සීමාවන් ඉතා ම හොඳට ඔහුට සලකුණු කරදීම මගින් රාජිත සැමවිටම දෙවන අරථය සඳහා ද ඉඩකඩ වේදිකාව තුළ රඳවා ගනියි. නොඑසේ නම් රංගනය සංගීතය හා වෙනත් වේදිකා භාවිතයන් අඩු හෝ වැඩි නොවන ප‍්‍රශස්ත මට්ටමක පවත්වාගැනීම නිසා දෙවන හෝ බහුවිධ අරුත් සඳහා වේදිකාව හා පේ‍්‍රක්ෂකාගාරය තුළ ඉඩකඩ ඉතිරිවීම සිදුවේ. මෙය කියන තරම් පහසු කාර්යයක් නොවේ. නොඑසේ නම් රාජිත දිසානායක වැනි ශූර නාට්‍යකරුවෙකුට පමණක් කළ හැකි දෙයකි. රාජිතගේ නාට්‍ය සිංහල නාට්‍ය වේදිකාවට අලූත් නැවුම් හා ආකර්ෂණීය අත්දැකීමක් වූයේ මේ නිසාය. මේ රංග ක‍්‍රමය හ…ඳුන්වාදීමට ඔහුට මුල් කාලයේ දී සෞම්‍ය ලියනගේ, ගිහාන් ප‍්‍රනාන්, දයාදේව එදිරිසිංහ, ධ්රමපි‍්‍රය ඩයස්, පි‍්‍රයංකර රත්නායක ආදී බුද්ධිමත් හා සංවේදී නළුවන් වෙතින් ලැබුණේ  මහ`ගු පිටුවහලකි.
රාජිතට සිංහල නාට්‍ය වේදිකාව වෙනුවෙන් අලූත් නළුවන් දායාද කිරීමට, නිර්මාණය කිරීමට හැකි වී ඇත්තේ ද මේ නිසාය. රාජිත දිසානායක ම බොහෝ විට අභිමානයෙන් පවසන පරිදි ඔහුගේ නාට්‍ය සාර්ථක වන්නේ ප‍්‍රසිද්ධ නළුවන්ගේ මාරගයෙන් නොවේ. මේ උදන් ඇනීමට ඔහුට සම්පූර්ණ අයිතියක් ඇත. අද බොහෝ නාට්‍ය ඇත්තටම නාට්‍ය නොවන ප‍්‍රදරශනයක් හෝ නළු නිළි ප‍්‍රදරශනයක් පමණි. ඇතැම් අය නාට්‍ය බලන්න එන්නේ ම රූපවාහිනී පුංචි තිරයේ තමා දුටු නිළිය හෝ නළුවා ඇස් දෙකින් ම දැක ගැනීම ස…ඳහා ය. එහෙත් රාජිතගේ නාට්‍යවලදී එසේ නළුවන් බැලීම වෙනුවට නාට්‍ය බැලීමට අවස්ථාව ලැබේ. නොඑසේ නම් නළුවන් බැලීමට වඩා නළුවන්ගේ රඟපෑම් බැලීමටය. එනම් බොහෝ නාට්‍යවල නළුවන් බැලීමට විනා ඔවුන්ගේ රඟපෑම් දැකගන්නට නැති බැවිනි.
මේ නළුවන් බිහිකිරීම නොඑසේ නම් නළුවන්ගෙන් විශිෂ්ට රංගනයක් උදුරා ගැනීම පිළිබඳව බකමූණා වීදි බසියි ද ඉතා හොඳ සාක්ෂියක් වෙයි. ශයාම් ප‍්‍රනාන්දුගේ රංගනය මා වේදිකාවේ කලෙකින් දුටු ඉතා හොඳ රංගනයකි. මේ රංගනය විශිෂ්ට වන්නේ ම එය නියම තැන රැ…ඳී තිබීම නිසාය. අඩු හෝ වැඩි නොවීම නිසාය. අධි රංගනය පහසුය. අවම රංගනය ඉබේ ම  සිදුවේ. කවියකට හොඳම වචන තෝරාගැනීම අසීරුවන්නා සේ ස්වකීය රංගනයේ සීමා ඉම් නිවැරදි ලෙසම හ…ඳුනාගැනීම ඉතා දුෂ්කර හා කැපවීමෙන් කළ යුතු දෙයකි. බකමූණා වීදි බසියි, නාට්‍යයේ ශයාම් ප‍්‍රනාන්දු එය සිදුකරයි. සම්පත් ජයවීර ද හොඳ රංගනයක නියැලෙයි.
මේ මා කතා කළේ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස රාජිත සිංහල නාට්‍ය වේදිකාවට භාග්‍යයක් වී ඇති ආකාරයයි. දැන් බකමූණා වීදි බසියි නාට්‍යයේ අභ්‍යන්තරය ගැන ද කතා කළ යුතුය. නොඑසේ නම් රාජිත දිසානායකගේ නාට්‍ය රචනා කෞශල්‍යය ගැන ද කතා කළ යුතුය. ?ට පෙනෙන දවල්ට ඇස් නොපෙනෙන බකමූණා සංකල්පය විමල් වීරවංශ වැනි ඉතා තියුණු දේශපාලන ඉවක් හා දැක්මක් ඇති අයෙකුට පමණක් සිතෙන ආකාරයේ ඉතාම තියුණු හා අදාළ දේශපාලන සංකල්පයක් බව පළමුවෙන්ම පිළිගත යුතුය. මෙය කොතරම් නිර්මාණශීලී සොයාගැනීමක් ද යත් විමල් වීරවංශ මහතාට යම් හෙයකින් ආණ්ඩුවෙන් එළියට බැසීමට සිදුවුවහොත් ස්වකීය දේශපාලන කතිකාව වෙනුවෙන් මෙයට වඩා නිර්මාණශීලී සංකල්පයක් නිර්මාණය කරගැනීමට විමල් වීරවංශ මහතාට පවා නොහැකි වනු ඇතිය යන්න මගේ අනුමානයයි. නිශ්චිතව නොකියා අනුමානයක් යැයි කීවේ රාජිතට සාධාරණය ඉටු කරන්නට ගොස් විමල්ට අසාධාරණයක් නොකළ යුතු බැවිනි. ඔහුගේ දේශපාලන සටන්පාඨ නිර්මාණය ද අද්වීතීය බැවිනි. කෙසේවුවත් මේ මොහොතේ දී රාජිත දිසානායක ඉදිරිපත් කරන ?ට පෙනුනද දවල්ට නොපෙනෙන බකමූණා සංකල්පය ඉක්මවා යන සංකල්පයක් නිර්මාණය කරගැනීම කවරෙකුට වුවත් අපහසු වනු ඇත. මේ අනුව රාජිතගේ දේශපාලන සංවේදීභාවය ඉතා ම පැහැදිලිය.
එහෙත් ඒ සංවේදීභාවය ගිලිහුණු මොහොතක් ද නාට්‍ය තුළ ම තිබේ. එනම් පසුගිය සමයේ වර්ෂ තිහක් පුරා අපේ ජාතිය කළ අරගලය උද්‍යානයක පොළො…ඟුන් මැරීමේ පටු සංකල්පයකට සීමා කිරීමයි. මෙහි දී නම් පෙනී යන්නේ රාජිත දිසානායක කොතරම් අසංවේදී ද යන්නයි. මේ අසංවේදීභාවයට අත්පොළසන් ගසන හා අත්පොළසන් ගසන්නට සූදානම් පිරිසක් ද මේ රටේ සිටින බව ඇත්තකි. එසේ ද වුවත් අපේ දෘෂ්ටිකෝණයෙන් ගත් කළ ඒ සටන අවප‍්‍රමාණ කළ නොහැකිය. එය උද්‍යානයක පොළො…ඟුන් මැරීමට සමාන කළ නොහැක. අවම වශයෙන් අප සිංහල කතා කරන තුරු හා ලියන තුරු හා සිංහලෙන් නාට්‍ය කරන තුරු පසුගිය වසර තුළ ත‍්‍රස්තවාදයට එරෙහිව ශ‍්‍රී ලංකාවේ සියලූ දෙනා එක්ව කළ සටන අවතක්සේරු කිරීමට හෝ ලිහිලෙන් සැලකීමට අපට නොහැක. එය අප ම අපටම ද්‍රෝහී වීමකි. ඒ ද්‍රෝහීකමට අප්පුඩි ගසන අය ද සිටින බව ඇත්තකි. එහෙත් එය එකම රටක පුරවැසියන් ලෙස අපේ සදාචාරය හා යුතුකම පිළිබ`ද ප‍්‍රශ්නයකි. කෙසේවුවත් නිර්මාණශීලී නාට්‍යකරුවෙකු වශයෙන් රට වෙනුවෙන් රාජිත ලබා දී ඇති ඉමහත් දායකත්වයට හිලව්කර මේ ගැටළුව විසඳගැනීමට අප කැමතිය. නොඑසේනම් සුළු පිරිසකගේ හෝ ලයනල් වෙන්ට්ඞ් පේ‍්‍රක්ෂකයන්ගේ නොව සමස්ත ජනතාවගේ හෘද සාක්ෂිය බවට පත්වීම සඳහා තවත් කාලයක් රාජිතට ලබාදීමට අප සූදානම්ය. මක්නිසාද යත් රාජිත දිසානායක යන නාට්‍යකරුවා ද ලංකාව ලබා ඇති වාසනාවක් හා භාග්‍යයක් වන බැවිනි. ඒ ශක්‍යතාව රාජිත තුළ පවතියි. සත්‍යයට පිටුපෑමට පවතින අකමැත්ත ද රාජිත නාට්‍යකරුවෙකු වීම සම්බන්ධයෙන් බලපා ඇති ප‍්‍රබල හේතුවක් බව අපේ විශ්වාසයයි.
සැබවින්ම අපේ වැටහීම නම් මේ පොළො…ඟුන්ගේ කතාව වෙනුවට මේ ප‍්‍රධාන තේමාව එනම් බකමූණාගේ තේමාව ඔස්සේ නාට්‍යය තවදුරටත් විකාශනය කිරීමට රාජිතට මෙයට වඩා ඉඩක් තිබුණු බවයි. එය සැබවින්ම කතා කළ යුතු දැවැන්ත මාතෘකාවකි. මෙහි දේශපාලන ප‍්‍රශ්නයක් මෙන්ම මානුෂික ප‍්‍රශ්නයක් ද ඇත. එනම් සෑම වීරයෙකුගේ ම යම් දුර්වලතාවක් පැවතීමයි. මේ ලක්ෂණය ෂේකස්පියර් ආදී …ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන්ගේ ද බොහෝ නාට්‍යවලට වස්තු විෂය වී ඇත. ඒ අනුව මේ ප‍්‍රධාන තේමාව ඔස්සේ නාට්‍යය විකාශනය කිරීමට තිබූ ඉඩ රාජිතට අහිමි වී ඇත්තේ එක් අතකට ඔහු විසින් මේ සටන පොළො…ඟුන් මැඞීමට ලඝු කිරීම නිසා වීරයාගේ වටිනාකම ද ඔහු අතින් ලඝුවීම නිසාය. වීරයන්ට සැලකීමට වඩා පේ‍්‍රක්ෂකාගාරයන්හි සිටින නිවටයන් රාජිතට වීරයන් වීම නිසාය. සාමාන්‍ය පේ‍්‍රක්ෂකාගාරය බොහෝ විට සරල විග‍්‍රහයට අත්පුඩි ගසන බව ඇත්තකි. එහෙත් රාජිත පේ‍්‍රක්ෂකාගාර ඒ තත්වයෙන් ඔබ්බට ගෙනයාමට සැමවිටම උත්සාහ ගත්තේය. ඒ අනුව ?ට පෙනෙන දවල්ට නොපෙනෙන බකමූණා පිළිබ`ද නාට්‍යමය සංකල්පයෙන් රාජිත උපරිම ප‍්‍රයෝජන ලබානොගත් බවක් පෙනී යයි.
එසේම දෙබස්වලින් පමණක් කියන බකමූණා නොපෙනීම නිසා ගල් මුල්වල හැප්පෙමින් යන විට පසු පස යන අය ද පෙණුනත් නායකයා යන විදිහට යා යුතු නිසා ගස් මුල්වල හැප්පෙමින් යාමේ අවස්ථාව නළුවන් මගින් රංගනයෙන් නිරූපණය කළේ නම් එය නාට්‍යය වඩාත් වින්දනීය වීමට හේතුවනු ඇතැයි මට සිතෙයි. සැබවින්ම එබ…ඳු අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන නොගෙන ඇත්තේ නොඑසේ නම් වින්දනීය අවස්ථාවන් මැවීමට තිබුණු අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන නොගෙන ඇත්තේ දෙබස්වල අර්ථය පිළිබඳව රාජිත විසින්  ඕනෑවට වැඩි බරක් දීම නිසා යැයි සිතමි. අර්ථය යනු වචනවල ම අර්ථය නොවන බව ඇතැම් විට රාජිතට අමතක වී ඇති බවක් ද මෙවන් අවස්ථාවන්හි දී සිතෙයි.
දැන් ඉතින් මගේ අවසාන නිගමනය දැක්වීමට කාලය එළඹ තිබේ. එනම් බකමූණා වීදි බසියි බැලිය යුතුම නාට්‍යයකි. කෙසේවුවත් පොළො…ඟුන්ගේ කතාව පිළිබඳ මගේ විවේචනය ද හිතේ තබාගෙන නාට්‍ය නැරඹුවහොත් අපේ මව්බිම ගැන අපේ ආදරය ද රැකගෙන ම නාට්‍යය නැරඹීමට වැඩි ඉඩක් ලැබෙනු ඇත.

0 comments:

Post a Comment