----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්‌ථිර නැහැ!

Monday, June 4, 2012

විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්‌ථිර නැහැ!
- මුතු තරංගා

ගැමි සුවඳ මුසු වුණු ඉසව්වක ඉපදුණු ලෝචනාට නොසිතූ ලෙස දෛවය සරදම් කරන්නේ තම පවුලේ බර තමා පිට පටවමින්. එලෙසින් විවිධ හැල හැප්පීම් ඔස්‌සේ ගලා යන ආදරේ අහස තරම් හි ලෝචනා ලෙසින් රඟපාන ඇය එනම් මුතු තරංගා බොහෝ කලකට පසු අප සොයා ගියේ අගේ නවතම තතු විමසා බැලීමටයි.

සෑහෙන කලකට පස්‌සේ ටෙලි නාට්‍යයකින් ඔබව දකිනවා?

ඔව්. අවුරුදු දෙකකට පස්‌සෙ තමයි ආදරේ අහසතරම් ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ.

ඒ කියන්නේ මුතු රංගනයෙන් ඉවත් වෙලා හිටියද?

ඉවත්වීමක්‌ ම කියන්න බැහැ. එක දිගට විදේශ සංගීත ප්‍රසංගවලට ආරධනා ලැබුණු නිසා නිර්මාණවලට යන්න දින වෙන්කර ගැනීමේ අපහසුවක්‌ තිබුණා. ඒ නිසා අවුරුදු දෙකක්‌ ම විදේශ සංචාරවලට තමයි කාලය ගත වුණේ.

නිර්මාණවලට කතා කිරීමේ අඩුවක්‌ තිබෙනවාද?

කිසිම අඩුවක්‌ තිබුණේ නැහැ. වැඩ කරන කාලෙට වඩා වැඩි ඉල්ලුමක්‌ ඒ අවුරුදු දෙකේදී තිබුණා. කවදත් තෝරා බේරාගෙන රඟපාන නිසා මගේ සීමාවන් තුළ රැඳුණු නිර්මාණ නම් කිහිපයයි තිබුණේ.

සීමාවන් තුළ සිටීම ජනප්‍රියවත්වයට බාධාවක්‌ නෙමෙයිද?

ජනප්‍රියතාවට ක්‍ෂේත්‍රයේ රැඳෙන්න නම් නිතර පේන චරිතයක්‌ වෙන්න ඕනේ තමයි. නමුත් මම කවදත් ආවට ගියාට චරිත කළේ නැහැ. මුලින්ම අධ්‍යක්‍ෂ කවුද, කතාව මොකක්‌ද, නළු නිළියන් කවුද කියලා බලනවා. මම ආසයි ප්‍රවීණයන් එක්‌ක වැඩ කරන්න තියෙනව නම්. මූල්‍යමය ප්‍රශ්නත් බලපානවා. නාට්‍යවල පේන්න හිටියේ නැහැ කියලා ජනප්‍රියත්වය අඩුවක්‌ වෙලා නෑ.

ඒ කියන්නේ ඔබ වෘත්තීමය රංගන ශිලිපිනියක්‌ නෙමෙයිද?

රංගනය තුළින් මම මුදල් උපයනවා තමයි. එහෙම කියලා රංගනය වෘත්තියක්‌ හැටියට සීමා කරලා නැහැ.

දැන් නිරූපිකාවක්‌ නෙමෙයිද?

අනේ නැහැ. දැන් ගොඩක්‌ කල් ඒ ක්‍ෂේත්‍රයෙන් ඈත්වෙලා.

මුල අමතක කරන්න හොඳ නැහැ නේද?

අනිවාර්යයෙන් ම. නිකි ජයමහ තමයි නිරූපිකාවක්‌ හැටියට මාව මේ ක්‍ෂේත්‍රයට ගෙනාවේ. ඒ නිසා කවදත් මම මුල අමතක කරලා නැහැ. ඒ වගේම ගිහාන් සෙනෙවිරත්න අයියා නොසිටින්න මේ ගමන මට යන්න ලැබෙන්නෙත් නැහැ.

විවාහයට තවමත් බාලගිරිද?

ඕනම දේකට සුබ මොහොත උදා කරන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා ලැබීම් අනුව තමයි ඕනම දෙයක්‌ සාර්ථක වෙන්නේ. පසුගිය කාලේ කාර්යබහුල වුණු නිසා තමයි ඒ ගැන හිතුවේ නැත්තේ. ලබන දෙසැම්බර් මාසේ විවාහ උත්සවය ගන්න හිතුවා. ඒත් තාම ස්‌ථිර නැහැ.

කාලෙන් කාලෙට ළඟින් ඇසුරු කරන මිත්‍රයන්
මාරු කරනවා කියන්නේ ඇත්තද?


මගේ හිතට හරියන්නේ දැනෙන්නේ නැත්නම් ඒ අය යාළුවෝ අතරින් අයින් කරනවා. පොඩි බොරුවක්‌ කිව්වත් ඇති. බොරුව වංචාව මට පෙන්නන්න බැහැ. මොකද මම ගොඩක්‌ම ඇනගෙන තියෙන්නේ ඇත්ත කියන්න ගිහින්. කොහොමත් මට යාළුවෝ ඉන්නේ දෙතුන් දෙනයි. ක්‍ෂේත්‍රය පැත්තෙන් හංවඩු ගැහිලා නැති අය ආශ්‍රය කරන්න තමයි වැඩිපුර කැමැති.

ඇයි මේ ගැන නිතරම ප්‍රේක්‍ෂකයන්ට බොරු පොරොන්දු දෙන්නේ.

බොරු පොරොන්දු දෙනවා නෙමෙයි. ටාගට්‌ එකක්‌ තියෙනවා. නැත්නම් අවුරුදු අටක්‌ අපි ආදරේ කරන්නේ නැහැනේ. වෙලාවල් හොඳ නැත්නම් කාර්ය බහුල නම් අපේ හිතේ තියෙන වෙලාවට ඒවා ඉෂ්ඨ කරගන්න බැහැනේ.

මේ ක්‍ෂේත්‍රයේ පැවැත්මක්‌ තියාගන්න නම් ප්‍රසිද්ධිය අත්‍යවශ්‍යයි නේද?

නැහැ. මම හිතන්නේ මට පුළුවන් ඕනම දෙයක්‌ කරලා ප්‍රසිද්ධ වෙන්න. නමුත් ඒක එතනින් ඉවරයි. නමුත් ජනප්‍රියවීම ඒ කියන්නේ මිනිසුන්ගේ ආදරය දිනා ගැනීම අපහසුයි. මම සම්මාන අරගෙන නැහැ. නමුත් මට ලැබුණු එකම වටිනා සම්මානය තමයි ප්‍රේක්‍ෂක ආදරය. ඒ සම්මානයත් එක්‌ක මගේ අනන්‍යතාව හදාගෙන ඉදිරියට යැම තමයි මගේ වාසනාව.

මුල් කාලෙ තිබුණු මාකට්‌ එක අද අඩු වෙලාද?

එදාට වඩා ජනප්‍රියත්වය අද වැඩිවෙලා මිසක්‌ අඩුවක්‌ වෙලා නැහැ. මගෙත් එක්‌කම මුල් කාලේ ආපු නළු නිළියන්ට වඩා වැඩි වැඩසටහන් කොටසක්‌ මම කරනවා. ඒ මම ලබන වාසනාවන්තකම.

ගායිකාවක්‌ හැටියට අලුතින් ගීත කළේ නැද්ද?

මේ අවුරුද්දේ ගීතයක්‌ කරන්න අදහසක්‌ තියෙනවා. අනුන්ගේ ගීත හැමදාමත් ගායනා කරන්න බැහැනේ.

මුතූ හරි කටකාර ආඩම්බර චරිතයක්‌ කියන්නේ ඇත්තද?

කටකාර නැහැ. ආඩම්බරයි කියලා නම් කවදාවත් කවුරුත් කියලා නැහැ.

මේ ක්‍ෂේත්‍රයේ බොහෝ අයගේ පවුල් අවුල් වෙලා නේද?

මේකට ප්‍රධාන හේතුව ප්‍රසිද්ධියයි. ඒ නිසා බලන අය වැඩියි. හැම දේම ඉක්‌මනින් ජනතාව අතරට යනවා.

ඔබටත් ඉදිරි අනාගතය ගැන එවැනි බියක්‌ නැද්ද?

කොහෙත්ම නැහැ. මම හිතනවා මගේ ජීවිතේ එහෙම දෙයක්‌ වෙන එකක්‌ නැහැ කියලා. මොකද නිශාන්ත මට මුණ ගැහුණු දවසේ ඉඳලා එයාවත් මමවත් අනවශ්‍ය සම්බන්ධතා ඇතිකරගෙනවත් ඇතිවෙලාවත් නැහැ. තමන් තුළ පාලනයක්‌ නැතිකම නිසා තමයි එහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ.

ලක්‌මිණී අතුකෝරල
ඡායා -සමන් අබේසිරිවර්ධන

0 comments:

Post a Comment