----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

වැඩක්‌ කරන මිනිස්‌සුන්ට වැඩ කරන්න නොදෙන විචාරකයොත් ඉන්නවා

Tuesday, April 12, 2011

ජනනාත් වරකාගොඩ

රියෑලිටි අපේ රටට සුදුසුයි

බොහෝ කලාකරුවන්ගේ දරුවන් බැබළෙන්නේ ඒ දෙමව්පියන්ගේ එළියෙනි. නමුත් ජනනාත් වරකාගොඩ යනු තම පියා වන විජයරත්න වරකාගොඩගේ හෝ තම මව වන චිත්‍රා වරකාගොඩගේ එළියෙන් බැබළෙන චරිතයක්‌ නොව. තමාගේ අනන්‍යතාව සොයා අපූරු ගමනක යෙදෙන කලා කුසලතාවන්ගෙන් සපිරි නිර්මාණශිල්පියෙකි. එනිසාම ඔහුට අපේ අනන්‍යතාව ජාත්‍යන්තරයට ගෙන යැමට පසුගිය කාලය පුරාවටම ඉඩ ප්‍රස්‌ථාව හිමිවුණා. බොහෝ දෙනා ආදරණීය ලෙස අමතන "ජනා" මේ දවස්‌වල මොනවාද කරන්නේ කියලා දැනගන්න අපි අදහස්‌ කළා.

ජනා කොහොමද තොරතුරු ?

මගේ ගීත ඇල්බම් දෙක වන "පිනවන්ට සවන්" නූර්ති ගී සංයුක්‌ත තැටිය හා "මැණිකා" කියන සංයුක්‌ත තැටියෙත් වීඩියෝ ගීත පටිගත කිරීමට සූදානම් වෙනවා. තවද මගේ ශබ්දාගාරයේ පටිගත කිරීම්වලටද දායක වෙනවා. ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙලේ අපේ රටට හිමිව තිබූ අවස්‌ථාවට සහභාගි වුණා.

"පිනවන්ට සවන්" සහ "මැණිකා" ගීත එකතු දෙක ගිය අවුරුද්දේ නේද එළිදක්‌වනවා කිව්වේ ?

ඇත්තටම ඒක මගේ අතපසුවීමක්‌. මම නොයෙකුත් සංචාරවලදී පවා ඒ ගීත එකතු දෙක ගැන කතාබහ කළා. නමුත් තවමත් ලංකාවේ වෙළෙඳපොළට එය නිකුත් කරගන්න බැරිවුණා.

මෙවර අවුරුද්දට ඔබ මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ ?

ඉසුරු ජයරත්න, සහන් රන්වල සහ මාත් එකතුවෙලා ගීතයක්‌ නිර්මාණය කළා. අපි තුන්දෙනාම දැන් තාත්තලා. ඒක හින්ද අපේ දරුවන්ට අතීත උරුමයන් දායාද කරන්නෙ කොහොමද යනුවෙන් අර්ථ දැක්‌වෙන ගීතයක්‌ තමයි නිර්මාණය කළේ.

ජනනාත් වෘත්තියෙන් සංගීත නිර්මාණකරුවෙක්‌ විතරද?

වෘත්තීයමය කලාකරුවෙක්‌ කිව්වොත් නිවැරැදියි. මම සංගීතය, බෙර කලාව, ශබ්ද පරිපාලනය කියන අංශ තුන ගැනම හැදෑරීමක්‌ කර තිබෙනවා. ඊට අමතරව වැඩසටහන් ඉදිරිපත් කිරීමටද දායක වෙනවා.

මොන දේ කළත් ඔබගේ අනන්‍යතාව තිබෙන්නේ තාල වාද්‍ය භාණ්‌ඩ වාදනය සඳහායි. එහෙම නේද?

එහෙම බෙදා වෙන් කරනවට මම කැමැති නැහැ. ජනතාව විසින් සමහර වෙලාවට එහෙම බෙදා වෙන් කරගන්න හදනවත් ඇති. කොහොමටත් මගේ ගොඩක්‌ නිර්මාණ බිහිවෙන්නෙ තාල වාද්‍ය භාණ්‌ඩ සමග. සංගීත අංශයේ නිර්මාණ දැන් තමයි බිහිවෙන්නේ. කාලයාගේ ඇවෑමෙන් සංගීත අංශයේ නිර්මාණත් බිහිවුණහම එහමෙ බෙදා වෙන් කිරීමක්‌ සිදුවෙන එකක්‌ නැහැ.

තාල වාද්‍ය භාණ්‌ඩ අංශයෙන් කොපමණ දුරක්‌ ගිහින් තිබෙනවාද?

තාල වාද්‍ය භාණ්‌ඩ ගැන අත්දැකීම් ලබලා තිබෙනවා. ලෝකෙ වටේ සංචාරය කරලා දවුල, තම්මැට්‌ටම, ගැටබෙර, පහත රට බෙර කියන හතර ගැන අධ්‍යයනය කළා. ඒ හතර තමයි ලෝකෙ ජයගන්න තිබෙන භාණ්‌ඩ හතර. එය අපේ ලංකාවට උරුම වූ බෙර වර්ග හතරක්‌. ඒවා අධ්‍යයනය කරලා මා විදෙස්‌ රටවලදී ලොකු වැඩකොටසක්‌ කර තිබෙනවා. තවත් අත්දැකීම් ලබාගෙන ඉදිරියට යන්න තමයි සූදානම.

ලාංකීය දේ ජාත්‍යන්තරට ගෙන යන්න ඔබට ගොඩක්‌ ඉඩ ප්‍රස්‌ථාව ලැබෙනවා. එයින් උපරිම දෙයක්‌ කරනවා කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම. මම ගොඩක්‌ දුරට වැඩකරන්නේ චන්න

විඡේවර්ධන් සමග. ඔහුට තමයි ගොඩක්‌ ජාත්‍යන්තර සබඳතා ඇතිවන්නේ වගේම ආරාධනා ලැබෙන්නේ. ඉතිං ඔහු සමග මම නිරතුරුවම වැඩකරන නිසා ඔහුගේ සියලුම සංගීත ඛණ්‌ඩ මම තමයි නිර්මාණය කරන්නේ.

නමුත් ලෝක කුසලානයට ඔබ ඉදිරිපත් කළ අංගය ගැන විචාරකයන් විවිධ මත පළ කළා නේද?

ඔව්. ඕන විචාරකයෙකුට විවිධ මත පළකරන්න පුළුවන්. මා දකින හැටියට අපේ රටේ වැඩක්‌ කරන මිනිසුන්ට වැඩක්‌ කරන්න

දෙන්නේ නැති ජාතියක්‌ සිටිනවා. ඔවුන් වැඩක්‌ කරන්නෙත් නැහැ. එවැනි පුද්ගලයන්ට පුළුවන් විචාරක ලිපි ලියන්න විතරයි. මට හැඟෙන හැටියට අපිට ලැබුණු සුළු ඉඩප්‍රස්‌ථාව ඇතුළත් අපේ අගංයන් සියල්ලම වගේ ලෝකයට පෙන්වීමට කටයුතු කළා. ඕන කෙනෙකුට ඕන දෙයක්‌ කියන්න පුළුවන්. අපි නම් ඒවාට සැලෙන්නේ නැහැ. අනික අපි කරන දේ හරි කියලා අපි දන්නවා.

ඇයි මේ රියෑලිටි වේදිකාවේ විනිසුරුවෙක්‌ ලෙස කටයුතු කරන්නේ ?

රියෑලිටි වේදිකාවල විනිසුරුවෙක්‌ වෙන්න කියලා ආරාධනා ලැබුණා. ඉතිං මා ලබාගත් දැනුම අනුව යම්කිසි කෙනෙකු විනිශ්චයට ලක්‌කරලා ඔවුන්ව දැනුවත් කරන්න එවැනි වැඩසටහන්වලට සහභාගි වෙනවා.

රියෑලිටි වැඩසටහන් අපේ රටට සුදුසුයි කියලා හිතනවාද?

ඇත්තටම සුදුසුයි. මොකද දන්නවාද?. අපි කලාවට පැමිණියේ ස්‌වෝත්සාහයෙන්මයි. අපිට අතහිත දෙන්න කවුරුවත් හිටියේ නැහැ. අපි කුසලතාවන් පෙන්වල යමක්‌ කරපු නිසානෙ මේ තත්ත්වයට ඇවිත් තිබෙන්නේ. එවැනි දක්‍ෂයන් දහස්‌ ගණනින් ගම්වල සිටිනවා. ඔවුන්ට අතහිත දෙන්න කෙනෙක්‌ නැහැ. එවැනි පුද්ගලයන්ටත් හැකියාවන් පෙන්වන්න රියෑලිටි වේදිකාව හොඳ අවස්‌ථාවක්‌.

අද කාලේ ඕනෑම ජනප්‍රිය චරිතයක්‌ තම ජනප්‍රියතාව රැකගන්න ඕනෑම දෙයක්‌ කරනවා. ඔබත් එහෙමද?

අපි කරන දේ උපරිමයෙන් කිරීම තමයි ජනප්‍රියතාවට සහ ර¹ පැවැත්මට හේතුව. හෑල්ලුවට ලක්‌ කරලා සුළුවෙන් හිතලා යමක්‌ කරන කලාකරුවන් ඇගයීමට ලක්‌කෙරෙන්නේ නැහැ. මා උගත් දේ හරියට කරන්න තමයි හැම තිස්‌සේම උත්සාහ කරන්නේ. එහෙම වුණොත් තමයි ජනප්‍රියත්වයේ ර¹ පැවැත්ම දිගමට පවතින්නේ.

මේ සියලු වැඩකටයුතු මැද්දේ දුවගේ සහ බිරිඳගේ වැඩකටයුතුවලට කාලය වැයකරන්නෙ

කොහොමද?

ඉතාමත්ම කාර්ය බහුල ජීවිතයක්‌ ගෙවන මම දවසට පැය දෙක තුනක්‌ ඔවුන්ගේ

වැඩකටයුතුවලට කාලය වෙන්කර ගන්නවා. මොකද මේ මොන දේ කළත් අන්තිමේ ඉතුරු

වෙන්නේ පවුල් ජීවිතය විතරයි. අනික මම කාලසටහනක්‌ අනුව වැඩකරන්නේ නැහැ. මට පුළුවන් අවස්‌ථාවල ඔවුන්ගේ වැඩකටයුතුවලට දායක වෙනවා.

අද දවසේ ලාංකීය ගායන ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ ?

රියෑලිටි වැඩසටහන් හරහාත් ගායක ගායිකාවන් බිහි වී ගෙන එනවා. මමත් එවැනි රියෑලිටි වැඩසටහන්වල විනිසුරුවෙක්‌ ලෙස වැඩකරල තිබෙනවා. එහිදී දැක්‌ක දෙයක්‌ තමයි යමක්‌ හදාරලා ක්‍ෂේත්‍රයට පිවිසෙන පිරිස

බොහොම අඩුයි කියලා. 75% ක්‌ම යම්කිසි හර පද්ධතියකින් තොරවයි රියෑලිටි

වැඩසටහන්වලින් තරු

බිහිවෙන්නේ. සහජ කුසලතාව පමණක්‌ ඔවුන්ගේ ඇඟේ තිබෙනවා.


දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන


copy Rights - Divayina

1 comments:

Dayal Bathee said...

ජනනාත්ගේ ප‍්‍රසංග මා එතෙරදී දැක තිබෙනවා. රට ගැන අනාගත දැක්මක් ඇති සංගීත සහ ප‍්‍රසංග කලාව පිළිබඳ සහජයෙන් සහ නිරන්තර පුහුනුවෙන් ලද සමිපත් පිරි වාසනා සමිපත්තියෙන් පිරි මහ කලාකරුවකුගේ ලක්ෂණ ඇති ඔහුගේ ගමනට ශුභ පැතුමි!

Post a Comment