----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මා නාට්‍ය කැරැල්ලක් ඇති කරනවා

Wednesday, April 6, 2011

නාට්‍ය අධ්‍යක්‍ෂ එම්. සෆීර්

එම් සෆීර් පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණ රැසක් ලාංකේය වේදිකාවට දායාද කළ පර්යේෂණාත්මක නාට්‍යකරුවෙකි. ඔහුගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති inter act art theater house සංවිධානය පවත්වන වාර්ෂික රංග කලා උළෙල April 3 දින සිට 9 දක්වා රාජගිරියේ පිහිටි බ්ලැක් බොක්ස් රඟහලේදී පැවැත්වේ. මේ සාකච්ඡාව පළවන්නේ ඒ නිමිත්තෙනි.

ද අලෝකය ක්‍රම ක්‍රමයෙන් තද ආලෝකයක් බවට පත්වේ. පෙට්ටගමක් වැනි වූ කුඩා ප්‍රමාණයේ වේදිකාවක් ආලෝකයට දර්ශනය වේ. එහි වටා පුටු පහළොවක් පමණ රවුමක ආකාරයට තබා ඇත. එය පේ‍්‍රක්ෂකාගාරයයි. ප්‍රේක්ෂකයෝ එකා දෙන්නා පැමිණ පුටුවල අසුන් ගනිති. මොවුන් අතර නාට්‍ය නිෂ්පාදකවරු නාට්‍ය කළමනාකරුවන් රඟන ශිල්පීහු කිහිප දෙනෙක් සිටිති. අමුත්තකු පැමිණ කුඩා වේදිකාවේ හිඳගනියි. ඔහු ප්‍රශ්නකරුය. ප්‍රේක්‍ෂකාගාරයේ සිටින නාට්‍ය නිෂ්පාදකවරයකු වන එම්. සෆීර් කතාකරන්නට පටන් ගනියි. “මේ වෙනකොට ලෝකයේ රංග ශාලා වර්ග හයක් තියෙනවා. ඇරීනා තියටර් මුල්ම රංග ශාලාව. ප්‍රේක්ෂකයන් පහළොස් දාහකට විසිදාහකට නරඹන්න පුළුවන්. ඉන් පස්සෙ ඇම්පි තියටර් හා ට්‍රස්ට් තියටර් බිහිවෙනවා. ප්‍රොසීනියම් රඟහල බිහිවන්නේ ඊටත් පස්සේ. මේ සෑම රංග ශාලාවකම විශාල ප්‍රේක්ෂක පිරිසකට නැරඹුම් පහසුකම් තිබුණා.

ඇරිනා තියටර් එකේ ගැටළු තියෙනවා. එහි ප්‍රේක්ෂක පිරිස් වැඩියි. ඒ නිසා වැඩි පිරිසකට නාට්‍ය හරිහැටි පේන්නේ නෑ. ඇම්පි තියටර්, ට්‍රස්ට් තියටර්වලත් ගැටළු තියෙනවා. ප්‍රොසීනියම් තියටර් එක මිනිසුන් අතර ජනපි‍්‍රය වෙනවා. එය වසර දෙසිය පනහක් විතර පවතිනවා. විශාල රඟහල් හැදෙනවා. මෙහිත් අවුල් මතුවෙනවා. ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් කියනවා අපට නාට්‍ය දැනෙන්නෙ නෑ කියලා. නාට්‍යකරුවා කියනවා අපි කරන කාර්යය ප්‍රේක්ෂකයා අතරට යන්නෙ නෑ කියලා. ප්‍රොසීනියම් රඟහලේ ප්‍රේක්ෂකයා හා නළුවා අතර තියෙනවා තාර්කික හා ප්‍රායෝගික හිඩැසක්. නළුවා කියනවා අපි රඟපාන එක මුල් පෙලේ ප්‍රේක්‍ෂකයාට පමණයි පේන්නේ කියලා. ප්‍රේක්‍ෂකයා කියනවා රදලයෝ ටික ඉස්සරහා, පිටුපස්සේ ඉන්න අපට නාට්‍ය පේන් නෑ කියලා. නාට්‍යකරුවන් හොයනවා මෙතනින් එහාට මොකක්ද කරන්නේ කියලා. එතකොට BLACK BOX THEATER එනවා.

ප්‍රශ්නකරු - BLACK BOX THEATER උපත සිද්ධවෙන්නේ කොහොමද?

සෆීර් - 50 හෝ 60 දශකයේ අමෙරිකාවේ නාට්‍ය කර්මාන්තය විශාලව කෙරෙනවා. බ්‍රෝඩ්වේ රඟහල ඇතුළුව ප්‍රධාන ධාරාවේ රඟහල්වල නාට්‍ය කලාව ප්‍රදර්ශනය කරනවා. ඒ නාට්‍ය අමුතුයි. බොහෝ වෙනස් . ඒවා විජ්ජාකාරී නාට්‍ය, නැත්නම් ෆැන්ටසි නාට්‍ය. අමෙරිකාවේ විශාල තියටර්වල නාට්‍ය කරන්න බැරි තරුණ කොටස් ඉන්නවා. උදාහරණයක් විදිහට අනුරාධපුරේ කෙනෙකුට අගනුවර ජෝන්ද සිල්වා එකේ නාට්‍යයක් කිරීම මැජික් එකක් නේ. ප්‍රාදේශීයව ඉන්න අලුත් තරුණයෝ නාට්‍ය කරන්න තියෙන උවමනාව නිසා අත්හැරල දාපු බිල්ඩින් , කර්මාන්ත ශාලා, නිවෙස්වල ගරාජ් කාමර වගේ තැන් තෝරාගෙන යථාර්ථවාදී සමාජ නාට්‍ය හදන්න පටන්ගන්නවා. මේක ටිකක් ජනපි‍්‍රය නාට්‍ය ක්‍රමයක් බවට පත් වෙනවා. මේක අහඹු ලෙස ජනපි‍්‍රය වෙන්න පටන් ගන්නවා. බ්‍රෝඩ්වේ වාගේ රඟහලවල පෙන්නුවේ විජ්ජාකාරී නාට්‍ය. මිනිස්සු කියනවා සැබෑ ජීවිතය අලුත් කොල්ලෝ පෙන්වනවා කියලා. මේ නාට්‍යය මිනිස්සු අතර ජනපි‍්‍රය වෙනවා. ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික නාට්‍ය කලාවට එයින් පහරක් වදිනවා.

ප්‍රධාන ධාරාවේ නාට්‍යවලට මේ කොල්ලන්ගේ නාට්‍ය අභියෝගයක් වෙන හින්දා ප්‍රධාන ධාරාවේ නාට්‍යකරුවන් තරුණයන්ට කියනවා, අපේ හෝල්වල නාට්‍ය කරන්න කියලා. මේ හෝල්වල තරුණයන්ගේ නාට්‍යත් යනවා විජ්ජාකාරි නාට්‍යයක් පෙන්වනවා. තරුණයන්ගේ නාට්‍යවල මැජික් නෑ. ඒවායේ තියෙන්නේ මිනිස් ගැටළු, සමාජ අසාධාරණකම්, තරුණ අයිතිවාසිකම් වැනි දේ. මේ නිසා ප්‍රධාන ධාරාවේ කට්ටිය තරුණයන්ගේ නාට්‍යවලට ශාස්ත්‍රීය වටිනාකමක් දෙනවා. ඒවා ඉහළ පැලැන්තියේ විද්‍යාලවලට උසස් අධ්‍යාපන ආයතනවලට කුඩා හෝල් සංකල්පය ලෙස හඳුන්වා දෙනවා. මේවා පර්යේෂණ නාට්‍ය බවට පත්වෙනවා. තරුණයන්ගේ විප්ලවීය නාට්‍ය ඇකඩමියක් කරනවා. 70, 80 දශකවලදී යුරෝපයේ අයගේ ඇහැ ඇරෙනවා. මේ වැඩේට. මේ දශකය ගෝලීය ආර්ථිකය වෙනස් වුණු කාලය. ලෝකය කණපිට ගැහුණු අවස්ථාව. යුරෝපයේ පිළිගැනීමක් තිබ්බ දියුණු නාට්‍ය සම්ප්‍රදායක් පැවතියා. අමෙරිකාවේ එතෙක් තිබ්බ මේ නාට්‍ය කලාව යුරෝපය පටන් ගන්නවා.

ඔවුන් පටන් ගන්නේ අමුතුම විදිහකට. නගර කේන්ද්‍රීය කුඩා රඟහල් සංකල්පය කියලා. මියුනිච් නගරය නාට්‍ය කරන කොට බර්ලින් කරනවා. නගර අතර විශාල තරගයක් එනවා. දශක තුනක් විතර යනකොට යුරෝපය ඇතුලේ පුදුමාකාර වෙනසක් වෙනවා. රඟහල් මූලික කරගෙන ප්‍රේක්‍ෂකයන් කල්ලි ගැහෙනවා. නගර එකිනෙක අතර තරගයක් ඇතිවෙනවා. මේ මොහොත වෙන කොට මියුනිච් නගරයේ පමණක් මෙවැනි නාට්‍ය ශලා තුන්සියයක් පමණ තියෙනවා. මේ ක්‍රමය දියුණු වෙන්න පටන් ගන්නවා. එවිට ප්‍රේක්ෂකයා හා රංගයා අතර විසංවාද ඇතිවෙනවා. දෙන්නා මුහුණට මුහුණ එකට හැප්පෙනවා. ප්‍රේක්ෂකයා ඉස්සරහා ‘ඇක්ට් එක වෙනවා. රංගයා ඉස්සරහා ප්‍රේක්ෂකයා ඉන්නවා. මෙතනදී රංගයාට බොරු කරන්න බෑ. ඕක තමයි BLACK BOX කියන්නේ. අපි ලංකාවට ගේන්නේ මේ ක්‍රමයයි

ප්‍රශ්නකරු – ඔබ BLACK BOX ලංකාවට ගෙන ඒම තුළත් ඉතිහාසයක් තියෙනවා. එය ආරම්භ කරන්නේ ඔබගේ යුරෝපීය ගමන හරහා.

සෆීර් - 2008 වසරේදී මට යුරෝපයට ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ජර්මන් සංස්කෘතික ආයතනයෙන්. යුරෝපයට ගිහින් එහි නාට්‍ය මට්ටම, ස්වභාවය බලාගෙන එන්න. එහිදී මා යුරෝපීය නාට්‍ය උළෙලට සහභාගිවෙනවා. ඒ ගියහම මා දකින්නේ මේක තමයි. මාසයක් එක දිගට නාට්‍ය බැලුවා. එහෙ තියෙන්නේ ප්‍රේක්ෂකයන් හැත්තෑපහක්, සියයක් දෙසීයක් නරඹන නාට්‍ය . ඒවා තමයි මට බලන්න වෙන්නේ. ඒ නාට්‍ය මා දැක්කහම මට හිතුනේ මේක මට මරු. මේක ලංකාවට ගේන්න පුළුවන්නම් යන පදනම තමයි මට එන්නේ. මම යුරෝපයට යන්නේ BLACK BOX ඉගෙන ගන්න නොවේ. නාට්‍ය උළෙලක් බලන්න. යුරෝපයේදී දැකපුදේ ලංකාවට ඇවිත් හොයා ගන්නවා. ඒක හොයා ගැනීම ඒ තරම්ම ලේසි වුණේ නෑ. මම හදාරන්න පටන් ගත්තා. “බනීට ඇත්තටම ඕනේ” නාට්‍ය තමයි එහි පළමුවැනි උත්සාහය.

ප්‍රශ්නකරු - හයවැනි නාට්‍ය ක්‍රම වේදය පිළිබඳ කියන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා.

සෆීර් -සොයාගත් සකසාගත් අවකාශයන් තුළ නිර්මාණ කිරීම. දැන් ලෝකයේ පවතින්නේ පස්වැනි හා හයවැනි ක්‍රමවේදයි. ප්‍රොසීනියම් රඟහල වැහෙන්න පටන් අරන්. ආදායමට සාපේක්‍ෂකව වියදම සිය ගුණයකින් වැඩියි. ආයතනවලට එය පවත්වාගෙන යන්න බෑ. දැන් රජයන්වලට එච්චර මුදලක් යොදවන්න බෑ නාට්‍යවලට. එතකොට තමයි BLACK BOX වැදගත් වෙන්නේ හය වැනි නාට්‍ය ප්‍රවනතාව ලොකු කතන්දරයක්. ඒ නාට්‍ය ඕනෑම තැනක ඕනෑම විදිහකට පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වෙනකොට බර්ලින්වල යනවා. මේ ක්‍රමවේද මා ලංකාවේ කළා. අපි 2006 ඉඳන් ලංකාවේ ඔය වැඩේ කරනවා. අපට නාට්‍ය කැරැල්ලක් ඇතිකරන්න ඕනේ. සෑම නගරයකම සංස්කෘතික අවකාශ හැදෙන්න ඕනේ.

0 comments:

Post a Comment