----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පකිස්තානයටත් උපන් ඇඳුමෙන් යා හැකි පූනම් පාන්ඩේ කෙනකු

Saturday, April 16, 2011












පකිස්තානු කණ්ඩයමේ නායක සහීඩ් අෆ්රිඩි කියා සිටියේ පකිස්තානයටත් උපන් ඇඳුමෙන් යා හැකි පූනම් පාන්ඩේ කෙනකු සිටිනවා නම් ජය ගන්නට තිබූ බවයි.

නවක නිළියක් එක් රැයකින් ජනකාන්ත තරුවක් වන්නේ සිනමා රංගනයකිනි. එහෙත් මේ නියමය වෙනස් කළ නිළියක බොලිවුඩ් පුරවරයේ සිටින්නීය. ඇය පූනම් පාණ්ඩේයි.

ලෝක කුසලාන තරගයේ උණුසුම දිනෙන් දින වැඩි වෙද්දී, පූනම් ක්‍රිකට් ශූරතාව දිනා ගන්නේ ඉන්දියාව බව පැවසුවාය. ඒ ඉන්දියාව ගැන උපන් දැඩි සෙනෙහසකින්මයි.

‘මං ක්‍රිකට් පිස්සියක්. ඉන්දියානු කණ්ඩායමට උපරිම සහයෝගය දෙනවා. මේ විදියට කණ්ඩායමට සහයෝගය දෙන්න මං තීරණය කළා’ තරගයට දිනක් තිබියදී ඇය පැවසුවාය.

මීට පෙර 2010 ලෝක පාපන්දු ශූ®රතාවලියේදී පැරගුවේ ලැරිස්සා රික්වෙලම්, පැරැගුවේ ජය ලැබුවොත් නිරුවතින් දුවන බව ප්‍රකාශ කළාය. ‘පැරගුවේ වර්ණයෙන් මගේ සිරුර පාට කරගන මාවත් පුරා දිව යනවා’ ඇය ප්‍රකාශ කළේ සතුටින් ඉපිල ගොසින්ය.

විසි හතර හැවිරිදි මෝස්තර නිරූපණ ශිල්පිනිය සහ නිළිය කී වචනය අකුරටම ඉටු කළාය.

ඒ පාපන්දු තරගාවලියේදීම ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනියක, නිළියක, ගායිකාවක වූ ලුසියානා සල්සාර් ද ආජන්ටිනාව වෙනුවෙන් නිරුවතින් දුවන්නට ඉදිරිපත් වූවාය.

පූනම් පාන්ඩේ ඔවුන් අනුකරණය කළ පාටය. එහෙත් සමහරු පවසන්නේ ඇය මෙය ජනතා අවධානය යොමු කර ගැනීමට කළ දෙයක් බවයි.

ඉන්දියානු පිලේ ජයග්‍රහණයට පසු පූනම්, ව්විටර් වෙබ් අඩවියට ප්‍රකාශ කර සිිටියේ වුණු පොරොන්දුව තමා අකුරටම ඉටු කරන බවයි. එහෙත් ඇය එසේ කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණොත් පමණි.

මේ වන විට පූනම්ගේ කළමනාකරු විපින්ට ද නිදහසක් නැත.

ඔහු පවසන්නේ පූනම්ට තර්ජනාත්මක ඇමැතුම් එන නිසා දැන් ඇය ඇමැතුම්වලට පිළිතුරු දීමෙන් සහ පොදු ස්ථානවල පෙනී සිටීමෙන් වැළකී සිටින බවයි.

ක්‍රිකට් පොරොන්දුව නිසා අන්තර් ජාතික අවධානයට ලක් වුව ද තවමත් ඇය දහනව හැවිරිදි නව යෞවනයකි. මේ වසරේදී පූනම්ට ලැබෙන ජනප්‍රියතාවෙන් නම් අඩුවක් නැත.

2011 කින්ග් ෆිෂර් මෝස්තර නිරූපණ ශිල්පිනියක සේ පෙනී සිටීම නිසාත් ඇය කාගේත් ආකර්ෂණය දිනා ගත්තාය.

ඒ වගේම ඇයට එල්ල වන අභියෝග රැසකි. මවුබිම ජයගත් පසු පූනම් රෝහල්ගත කෙරුණි.

ඒ වකුගඩුවල ගල් ඉවත් කිරීමටයි.මෙ අතර භාරතීය ජනතා පක්ෂයේ කාන්තා කණ්ඩායමක් නිරුවතින් යාමට ඇය ගත් තීරණයට එරෙහිව මහිලා මෝචා ජනපදයේ පොලිස් කොමසාරිස්වරයාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.

අද අන්තර් ජාලයෙන් වැඩිදෙනා තොරතුරු සොයන චරිතයක් බවට ද අඩි පහක් සහ අඟල් හතක් උස මේ යුවතිය පත්ව ඇත.

පකිස්තානු කණ්ඩයමේ නායක සහීඩ් අෆ්රිඩි කියා සිටියේ පකිස්තානයටත් උපන් ඇඳුමෙන් යා හැකි පූනම් පාන්ඩේ කෙනකු සිටිනවා නම් ජය ගන්නට තිබූ බවයි.

පූනම් උපන් ඇඳුමෙන් යාමට වැඩි මනාපයක් දක්වන්නේ මවු බිමේ නො වෙයි. ඇය ප්‍රංශයේදී ඉන්දියානු පිල ඉදිරියේ එසේ සිටීමට කැමැතියි. ඇයගේ කැමැත්ත ඉටුවේද? ඉදිරියේදී අපට ඊට පිළිතුරු ලැබෙනු ඇත.

1 comments:

Anonymous said...
This comment has been removed by the author.

Post a Comment