නදිනි - මධුර පති කුළයට පිවිසි දා ටෙනිසන් එදිරිසිංහගේ කැමරා ඇසට හසුවූ අයුරු
ඈ කවුදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ කාටවත්ම. ඒ තරමටම නදිනි අපේ රටේ ජනපි‍්‍රය චරිතයක්. සිරස සුපිරි තරු ගොන්න වර්ණවත් කළ දීප්තිමත් තාරකාවක වූ මේ යොවුන් රුවැත්තිය අපේ ගායන ලොවේ අපූර්ව පෙරළියක් සිදුකළ දක්ෂ ගායිකාවක් කිව්වොත් නිවැරැදියි.
ඇගේ මියුරු හඬ, ගායන ලාලිත්‍ය සේම සොඳුරු රූ සපුවද රසික සිත්වලට එක්කළේ නොමැකෙන මතකයක්. මේ තරම් දුරට ඇයට කලා ලොවේ පියමං කරන්නට සැබෑ ශක්තියක් සහ ආශිර්වාදයක් වුණේ ඒ රසික ප්‍රසාදය.
ගායන දිවියේ එසේ සාර්ථකත්වයට පත් වූ ඈ සිය දිවිමං කලාවේ තවත් සොඳුරු ඉසව්වකට පා තැබූවේ විකසිත පෙම් පැතුම් හදවතේ පුරෝගෙන.. බක්මහේ අසිරිය මැද මේ සුවඳ සුකුමළිය, සිය පෙම්බරයාගේ අතිනත ගෙන ඔවුන්ගේම ලෝකයට පිය නැඟුවේ කාගේත් උණුසුම් සුබපැතුම් හා ආශිර්වාදය මැද්දේ. සිය දයාබර මවුපියන්ගේ සහ ළබැදි සොයුරිය ගේ සෙවනින් මිදී ඒ අලුත් ලෝකයට පාර සොයා ගෙන යන මොහොතේ ඇගේ සිතේ තෙරපුණ කඳුළු දෑස් කෙවෙහි මතින් එක සීරුවට ගාලා හැලුණේ නොහිම් සෙනෙහසක මතකය අවධි කරමින්.
නදිනි ගෙ මවුපියන්ගේත්, සොයුරියගේත් ඇස්වල කඳුළු වෙන්ව යාමේ සංතාපය හදවතට රිදුම් දුන්නත් ඒ ඇස්වලින් ගළා හැළුණේ සතුටු කඳුළුම වෙන්නැති.
මවුපියන්, සොහොයුරිය, නෑදෑ හිතවතුන්, සම්භාවනීය අමුත්තන් කලාකරුවන් හැමෝම පසුගිය අපේ‍්‍රල් 08 වැනිදා බත්තරමුල්ල “වොටර්ස් එජ්” හි “බෝල් රූම්” ශාලාවට එක්වුණේ නදිනිගේ ඒ වාසනාවන්ත දිනයට තමන්ගේ හෘදයාංගම සුභාශිංසනය එක් කරන්න.
දෑ කුල සිරිතට මුල්තැන දෙමින් පැවැති මේ අභිමානවත් මංගල උළෙලට නදිනි සැරසී සිටියේ රන් පැහැයෙන් වැඩ දැමූ සුදෝ සුදු සාරියකින්. “නදිනිගේ සැබෑම ලස්සන දැක්කේ අදනේ” ඈ වටකරගත් මිතුරු මිතුරියන් එසේ පවසද්දී ඈ පියකරු සිනාවකින් ඒ හැමෝටම ප්‍රතිචාර දැක්කුවේ ඉතාමත් නිහතමානීව.
නදිනිගේ අතගත් ඒ වාසනාවන්තයා මධුර අබේසිංහ. ඔහුත් ඉතාම කඩවසම් යෞවනයෙක්. “ෂ.. නියෙමට කැපෙන ජෝඩුව“ ඔය වගේ කතාත් එහෙන් මෙහෙන් ඇහුණා. මුවින් නොකිව්වත් එතනට ආපු හැමෝටම එහෙම හිතෙන්න නම් ඇති. මතුපිටෙන් තියෙන ඒ ගැළපීම ඔවුන්ගේ හදවත්වලත් ඇති බව අපට විශ්වාසයි.
ඉතින් නදිනි... මධුර...
හැමෝමත් එක්ක එකතුවෙලා දේශයේ කලා පුවත්පත “සරසවිය”ත් මේ වෙලාවේ ඔයාලට සුබ පැතුම් එක් කරනවා. මේ සංසාර ගිරි දුර්ගයේ රළු ගල් බොරළු මැඩගෙන සුසිනිඳු මල් ඇති රූ මාවතක සෙනෙහසින් අත්වැල් බැඳ යන්න ඔයාලට හැකිවේවා...
වාසනාවන්...වාසනාවන්... ඔබේ දිවිමග වාසනාවන්...
![]() * දියණියේ නුඹට ආසිරි . . . | ![]() මල් කළඹ පිළිගන්වමින් |
![]() | ![]() |
![]() | ![]() |
![]() විවාහ සාක්ෂියට අත්සන් තැබූ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ | ![]() සනත් - මල්කාන්ති යුවළගේ ආශිර්වාදය |
![]() නදිනිගේ පවුලේ ආශිර්වාදය | ![]() මධුර ගේ පවුලේ ආශිර්වාදය |
![]() කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ’ නදිනිගේ | ![]() අමිලා නදීෂානි, සිය පුතු සමඟින්. නයනා කුමාරි හා ගයනි මධූෂා පසෙක |
![]() විශාරද නන්දා මාලිනිය – ඇන්ජලින් ගුණතිලක මංගල උළෙලට සැපැමිණ | ![]() නදිනි සමඟ ‘සුපිරි තරු’ මාවත හැඩ ගැන් වූ ගාමිනී සුසිරිවර්ධන සහ මංජුලා නිවන්ත |
© Copy Rights - Sarasaviya
0 comments:
Post a Comment