උපුල් ශාන්ත සන්නස්ගල
මම වගේ උන්ව වදන්න මම ආසයි. හැබැයි උන් මගේ ගෝලයෝ වෙනවට මං කැමැති නැහැ. ගෝලයෝ කියන්නේ ගුරුවරයාට වඩා යටින් ඉන්න උන්ට. මම වදන්න කැමැති ශිෂ්‍යයන්ව යි. මොකද උන්ට පුළුවන් කවදා හෝ ගුරුවරයා පසුකර යන්න. වෙන්න ඕනේ එයයි.
එවිට මගේ ශිෂ්‍යයෝ මාව ඔසවා තබනවා. ඇත්තෙන්ම මම ගුරුවරයෙක් නොවුණා නම්, නිර්මාණ ත්‍රස්තවාදියෙක් වීමට ඉඩ තිබුණා. එහෙම නිර්මාණ ත්‍රස්තවාදියෙක් වෙනවාට වඩා රස්තියාදුකාරයෙක් වීමට ලැබීම ගැන මං සතුටු වෙනවා. මේ රටේ මහ ඇමැතිකමකට වඩා ගුරුකම මට ලොකු ඒ නිසයි”
මුලින්ම ගුරුවරයෙකු ලෙසින් මුළු රටම හඳුනා ගත් ඔහු “භෞතික එක සිරුරක් තුළ පුද්ගලයින් කිහිප දෙනෙකුට ජිවත් වෙන්න පුළුවන්” බැව් පසක් කළ මිනිසෙකි. එම මිනිසා තුළ ගී පද රචකයෙක්, නවකතාකරුවෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, ව්‍යාපාරිකයෙක් සහ සිංහල ගුරුවරයෙක් වාසය කරති. ඔවුන් සියල්ලෝම උපුල් ශාන්ත සන්නස්ගල(ලා) ය. උපුල් “රසඳුන” පාඨක ඔබ වෙනුවෙන් මා සමඟ කළ පිළිසඳරයි මේ...!
මම නම් කැමැති ඔබව හිතුවක්කාර නිර්මාණකරුවෙකු ලෙස හඳුන්වන්නයි. එහෙත් උපුල්ම උපුල්ව හඳුන්වා දෙනවා නම්...?
”රස්තියාදුකාරයා”
ඔහු එකම එක වචනයක් එලෙස පැවසුවත් මම ඔහුව ‘සොඳුරු රස්තියාදුකාරයා’ යයි හඳුන්වමි. පසුගියදා හොඳම ගීතය ලෙස “ස්ලිම් නීල්සන්” ජනතා සම්මානයෙන් පිදුණු සුරේන්ද්‍ර පෙරේරා ගයන “වැහි පබළු සැලී” සංකල්පනාව මේ සොඳුරු රස්තියාදුකාරයාගේ ය. එහි වස්තුªබීජය ඔහුගේ සිතේ පිළිසිඳී ඇත්තේ කුරුණෑගල සිට කොළඹ බලා පැමිණි ගමනකදී මහමඟ අයිනේ සිටි ගැහැනු ළමයෙකු දැකීමෙනි. උපුල්ගේ නිර්මාණ දිවිය පුරා එවැනි සිදුවීම් අපමණය. ඉතින්, සොඳුරු රස්තියාදුකාරයෙකු නොවන්නේ ද ඔහු...!
වැහි පබළු සැලී – ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මගෙ දෙපස රැඳී – ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමි ....!
ගායනය - සුරේන්ද්‍ර පෙරේරා
සංගීතය – කසුන් කල්හාර
”කලාකරුවාටත් විද්‍යාඥයාටත් වාරණ පනවන්න බැහැ. ඔවුන් වස්තු බීජ ;තීරා ගන්නේ මේ මහ පොළොව මත රූප මනසින් දැකීමෙන් නිසා ඔවුන්ට වාරණ පනවා පලක් නැහැ. එකිනෙක පුද්ගලයාට පෙනෙන, දැනෙන අයුරු වෙනස් විය හැකියි. එකම අත්දැකීම හෝ වස්තු බීජය නිර්මාණකරුවන් දෙදෙනකු මනසින් දකින්නේ දෙයාකාරයෙන් විය යුතුයි. නිර්මාණකරුවාට පමණක් විශේෂිත තුන්වැනි ඇසක් තියෙනවා. ඇස් දෙකින් දකින දේට වඩා නිර්මාණකරුවා තුන්වැනි ඇසින් දකින දේ වෙනස්. ඒ දේ වෙන කාටවත් දකින්න බැහැ. වෙන කවුරුත්ම නොදකින දේ දැකීම හිතුවක්කාරකමක්.”
එවැනි හිතුවක්කාරකමක් කිරීමට පුළුවන් කම තියෙන්නේ සොඳුරු රස්තියාදුකාරයෙකුට පමණයි නේද?
’ඔව්, කලාකරුවෙකුගේ රොමැන්ටික් හීන ඇතුළේ සිදුවන මානසික සහ කායික ගනුදෙනු හරහා ඔළුවේ භාවමය රූප උපදිනවා. පෙම්වතියක් නැති පෙම්වතකුගේ මනස් ලෝකයේ පෙම්වතියන් දහස් ගණනක් ලියාපදිංචි වෙනවා. ප්‍රේමය රමණීය හීනයක්. පෙම්වතිය හෝ ගැහැනිය ශුද්ධ, සුන්දර වටිනාම වස්තුවක්. කිසිදාක ගීත පද රචකයෙකු, නළුවෙකු, ගායකයෙකු හෝ සාහිත්‍යකරවෙකු වෙන ඉලක්කයක් මට තිබුණේ නැහැ. එහෙත් මනසින් ගනුදෙනු කළ පෙම්වතියන් වෙනුවෙන් කවි, ගී නිර්මාණය වීමෙන් හිතුවක්කාරකමට පුරුදු වෙලා කලා ලෝකයේ විවිධ තැන් ස්පර්ශ කරමින් දැනෙන්න ජීවත් වෙන්න මට හැකියාව ලැබී තිබෙනවා. මහපොළව මතුපිට මෘතදේහයක් නොවී ඉන්න කම් ඉන්නයි මට ඕනේ”
ඔබ ඉන්නව නම් ඉන්න මා ළඟ
නෑ පලක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේ නම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන්...!
ගායනය – අජිත් බණ්ඩාර
සංගීතය – නවරත්න ගමගේ
ඔබට “ගුරුකුල සම්ප්‍රදාය සීමා මායිම් නැහැ” යනුවෙන් ඔබ වරක් ප්‍රකාශ කළා. එසේ කීමෙන් අදහස් කරන්නේ ඔබ ස්වයංභූ පුද්ගලයෙකු යන වගද?
”සැබැවින්ම මට ගුරුකුල සම්ප්‍රදායක් නැහැ. පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත මට අහන්න පුළුවන්. ඒ වගේම එච්.ආර්.ජෝතිපාලගේ ගීතත්, මේ යුගයේ බිහිවෙන අලුත්ම ගායකයෙකුගේ හෝ ගායිකාවකගේ ගීතත් අහන්න පුළුවන්. බෙංගාලි, හින්දි, ඉරාන, සිංහල වැනි ඕනෑම චිත්‍රපටයක් නරඹන්නත් පුළුවන්. මට කිසිදු වාරණයක් නැහැ. මම මට වාරණ පනවා ගන්නෙත් නැහැ. මම මමම මිස වෙන කවුරුවත් නොවේ. මගේ භාවමය චින්තනයට වෙන ආදේශකයක් නැහැ. ඒ අර්ථයෙන් මම ස්වයංභූ පුද්ලයෙකු ලෙස ඔබට හැ¼ඟීමක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඔබේ ඒ හැඟීම වාරණය කරන්නත් මට බැහැ.”
නිර්මාණකරණයේ දී බොහෝ දුරට ස්ත්‍රීවාදී වන ඔබ සියුම් ලෙස ස්ත්‍රියගේ දුර්වලකම් සමාජයට අනාවරණය කරන්නේ ඇයි? (උදා: ඔබේ “ඇගේ ආදර කතාව“ නවකතාවේදී පෘථිවි චන්ද්‍රගුප්ත ලවා “ගෑනු සෙක්ස් නිකං දීම” ගැන ප්‍රකාශ කරවීම)
”ස්ත්‍රීවාදී වීමේදී එවැනි අනාවරණ විය හැකියි. ස්ත්‍රියගේ දුර්වලකම අනාවරණයෙන් පිරිමියාගේ ජඩකම ප්‍රකාශනය වීම සිදුවිය හැකියි. කාල්මාක්ස් පැවසුවේ පිරිමියා ඉතිහාසය පුරාම ඔළුව ගහගත්ත වස්තුව ස්ත්‍රිය බවයි. මමත් කියන්නේ එයමයි. වැඩවසම් පිරිමියා සහ ස්ත්‍රීවාදි පිරිමියා මැද රේඛාවේ සිටීමටයි මම කැමැති. ස්ත්‍රීන් අතරේ ශුද්ධ වස්තුව අම්මා. ස්ත්‍රිය පිළිබඳ මානව දයාවක් අපේ ඇඟ ඇතුළේ තිබෙනවා. මගේ අම්මා මට මව්කිරි සමඟ දුන් දෙය එයයි.”
ඔබේ නිර්මාණ ආගමික, සංස්කෘතික, සමාජ කොන්දේසිවලින් ඔබ්බට ගොස් කෙළින්ම ලිංගිකත්වය පිළිබඳව එළිපිට කතා කරනවා. එය සුදුසුද?
”ලංකාවේ සංස්කෘතිය සදාචාරය නිසාවෙන් සමාජයේ සාකච්ඡා කළ යුතු ‘ලිංගිකත්වය සහ බලය’ යන ප්‍රධාන මාතෘකාව හංගලා එය සැ¼ඟවුණු මාතෘකාවක් වෙලා. බොහෝ නිර්මාණකරුවන් ත්‍රස්ත හැඟීමක් ඇති කරගෙන මුළු සමාජයම බියගන්වනවා මෙම මාතෘකාව සම්බන්ධයෙන්. මේ සන්නස්ගල බිය නැහැ විවේචනයට ලක්වනවාට. විවේචනය මාව මුවහත් කරනවා. පක්ෂ ප්‍රතිපක්ෂ දෙපැත්තම මගේ නිර්මාණලෝලීන් අතර හමුවෙනවා. මම හිතනවා, නිර්මාණකරුවාට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂවත් රසිකයන් ඉන්න ඕනේ. පක්ෂව ඉන්න රසික පිරිස රැල්ලට ගහගෙන යන කොටස. මට උඩුගං බලා යාමට උපකාර කරන රසික පිරිස ප්‍රතිපක්ෂයි. මං ඔවුන්ට කැමැතියි. ඒ නිසා මගේ හැම නිර්මාණයකදීම මම ලිංගිකත්වය පිළිබඳ කතිකාවක් කරනවා”
’තනි තටුවෙන් පියාඹන්න’, ‘සුළඟ එනු පිණිස’, ’අක්ෂරය’ වැනි චිත්‍රපට සඳහා සම්පත් දායකයා (නිෂ්පාදක) වූ ඔබ එම නිර්මාණ පිළිබඳව තෘප්තිමත්ද?
”ඔව්”
එම චිත්‍රපටවලින් ඔබට ආර්ථික වාසි ලැබුණේ නැහැ.
”ඔව්”
එහෙමනම් කොහොමද ඔබ තෘප්තිමත් වුණේ?
”මෙහෙමයි. පළමුව ලැබුණේ විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කර ගැනීමේ තෘප්තිය. දෙවනුව හොඳ නිර්මාණ කිහිපයකට දායක වීමට හැකි වීමේ තෘප්තිය, තෙවනුව, මේස් බැනියම ඩහදියෙන් තෙතබරි වෙන තුරු, උගුරට ලේ රස දැනෙන තුරු ගුරු වෘත්තියේ යෙදිලා දුක්විඳලා උපයා ගත් මුදලින් හැමදේම කළ නිසා ඒ තෘප්තියත් මට තියෙනවා. තවත් එවැනිම අත්දැකීමක් තමා සුචරිත ගම්ලත් සම්පාදනය කළ ‘සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය’ පළ කිරීමත්. උඩුගං බලා යනවා නම් තෘප්තිය ලැබෙන්නේ ආර්ථික ප්‍රාග් ධනය අහිමි වීමෙන් හා සංකල්ප ප්‍රාග් ධනය එකතු වීමෙනුයි.”
ගීත පද රචකයෙකු වශයෙන් ජනප්‍රිය ගීත රැසක්ම ලියා ඇති උපුල් චිත්‍රපට ගීත පද රචනා කිහිපයක ද හිමිකාරයාය. අශෝක හඳගමගේ “මේ පාරෙන් එන්න” චිත්‍රපටයේ “දුක කියා නොහැඬූ” සහ “පාර දිගේ සළු ලෙහෙන කටු කැලේ” මෙන්ම ප්‍රසන්න විතානගේගෙ ගීතයක් අඩංගු එකම චිත්‍රපටය වන “ආකාස කුසුම්” චිත්‍රපටයේ “මා නුවන් පුරා නිල් අහස වසා” ගීතයත් ඉනෝකා සත්‍යාංගනීගේ “සින්ඩ්‍රරෙල්ලා” චිත්‍රපටයේ “නිල් පාට වෙලා ඇස් යාළු වෙලා” ගීතයත් ලලිත් පන්නිපිටියේ “සංගිලි” චිත්‍රපටයේ “මල් මල් දම් පළන්ඳන්න” ගීතයත් පිළිබඳව සිහිපත් කළ උපුල් “මගේ හැකියාවට අවස්ථාවක් ලබා දී මට ගරු කළාට මම ඔවුන්ට ගරු කරනවා” යයි පවසමින් ගී පද රචකයකු ලෙස සිය නම ගී පද රචනා නමාවලියේ මුද්‍රා නොතැබුවාට ගීතලෝලීන් ගේ සිත් තුළ මුද්‍රා වී තිබීම සතුටක් බැව් ද පැවැසුවේය.
නිර්මාණ ශිල්පියා, ව්‍යාපාරිකයා, සිංහල ගුරුවරයා යන භූමිකාවන්ගෙන් ඔබ වඩාත්ම ප්‍රිය කරන භූමිකාව සහ ඔබේ ගමන් සගයින් පිළිබඳව කියනවා නම්...?
”ගුරවරයාගේ භූ®මිකාවට තමා මම වැඩිපුරම කැමැති. ගුරුවරයා සැබෑ ගුරුවරයෙකු නම් තමන්ගෙන් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ව වෙනස් කරන්න හැකියාව ඇති පුද්ගලයකු විය යුතුයි. මට එම හැකියාව ඇති නිසා මං හොඳ ගුරුවරයෙක් යන වග මට විශ්වාසයි. ඒ වගේම මම කැමැතියි මනුෂ්‍යයන්ට, සමාජයේ මනුෂ්‍යයන්ට වඩා හමුවෙන්නේ ගනුදෙනුකාරයෝයි. ගනුදෙනුකාරයා අපිව වෙනස් කරන්නේ නෑ. ඔහු අවිශ්වාසනීය පුද්ගලයෙක්. මනුෂ්‍යයා අපිව වෙනස් කරනවා. ඔහු විශ්වාසනීයයි. එවැනි මනුෂ්‍යයා මගේ ප්‍රාණ සමාන විශ්වාසනීය ගමන් සගයකු වෙනවා.”
0 comments:
Post a Comment