----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පාසල් කාලෙ ලස්‌සන අය දිහා බැලුවා

Wednesday, April 13, 2011

දුලානි අනුරාධා

සිංහල සිනමාවට ආධුනික නිළියක වූ ඇය ඒ ආධූනිකත්වය ඉක්‌මවා යන අයුරින් අපූරු රංගනයක්‌ද එම දැවැන්ත නිර්මාණයේදී ඉදිරිපත් කළා. ඒ මෙරට කා අතරත් කතා බහට ලක්‌වුණු අබා චිත්‍රපටයේ ගුම්භකබූතා චරිතයෙනි. නමින් දුලානි අනුරාධා වූ ඇය ඉන්පසු ටෙලි නාට්‍ය කිහිපයකින්ද අපට ඇයගේ හැකියාවන් දැකගන්න ලැබුණා. පසුගිය දිනවල ඇය සිනමාවේ තවත් අභියෝගාත්මක රංගනයක යෙදෙන්න යන බව අපට ආරංචි වුණා. ඒ ගැන දැනගන්න අපි දුලානිට කතා කළා.

දුලානි කොහොමද ජීවිතය ?

වරදක්‌ නැහැ හොඳින් ඉන්නවා. පසුගිය දවස්‌වල වහින්න මුතුවැස්‌සක්‌ ටෙලි නාට්‍යයේ පබළු කියන අහිංසක චරිතය රඟපාන්න ආරාධනා ලැබුණා. ඒක මම ආසාවෙන් හිටපු චරිතයක්‌. ඒ හින්ද ඒක භාරගෙන වැඩ කළා. මේ දවස්‌වල වෙන විශේෂ දෙයක්‌ කරන්නේ නැහැ.

අලුත් නිර්මාණයකට ආරාධනා ලැබුණා කියලත් ආරංචියි ?

ඇත්තටම ඔව්. විජය කුවේණි කතාව චිත්‍රපටයට ගොඩනැගෙනවා. එහි කුවේණිගේ චරිතයට දායක වෙන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ලංකාවේ ඓතිහාසික කතා පුවතක්‌ ආශ්‍රයෙන් තමයි මෙය සිදුකෙරෙන්නේ. එහි අවස්‌ථාවක්‌ ලැබීම ගැන ලොකු සතුටක්‌ තිබෙනවා.

පසුගිය දවස්‌වල ටෙලි නාට්‍ය කිහිපයකත් අපිට දකින්න ලැබුණා.?

ටෙලි නාට්‍යවලත් මිනිස්‌සුන්ට මතකයේ රැඳෙන චරිතයක්‌ කරන්න මට වුවමනාවක්‌ තිබුණා. ඒක හින්දා වහින්න මුතුවැස්‌සක්‌ දීර්ඝ ටෙලි නාට්‍යයේ පබළු කියන අහිංසක චරිතය බාරගත්තා. එයත් සමග චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණා. පබළු නිසා ඒ ආරාධනා බාරගත්තේ නැහැ.

උදතාරිට ගොඩක්‌ දේශපාලන බලපෑම් නේද?

ඔව්. මේ කතා පුවත එක්‌තරා යුවතියකට වෙන බලපෑම් ගැන තමයි තිබෙන්නේ. එවැනි දේවල් මේ සමාජයේ සිදුනොවෙනවා කියන්න බැහැ.

එතකොට දුලානිට එවැනි බලපෑම් නැතිද?

දුලානිට එවැනි බලපෑමක්‌ කිසිම වෙලාවක සිද්ධ වෙලා නැහැ.
[DulaniAnuradha.jpg]


ගුම්භකබූතා ඔබේ ජීවිතය වෙනස්‌ කළා කිව්වොත් ?

ඔව්. ඒක සැබවින්ම ඇත්ත. මොකද මම රඟපාන්න බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක්‌ නෙමෙයි. මම ආදරය කළේ නර්තනයට. කොහොම වුණත් නර්තනය නිසා මට ලැබුණු තෑග්ගක්‌ තමයි රංගනය.

ගුම්භකබූතා චරිතයත් සමග මේ ලැබෙන ටෙලි නාට්‍ය චරිත ගැන සෑහීමකට පත්වෙනවාද?

ඔව්. සෑහීමකට පත්වෙන චරිත තුනක්‌ විතරයි මේ වෙනකොට කළේ. එයින් දෙකක්‌ විකාශනය වෙලයි තියෙන්නේ. තවද මහපොළව අපේ නෙමෙයි කියන නාට්‍යයේ දිසාලා කියන වැදි යුවතියගේ චරිතය විකාශනය වෙන්න තිබෙනවා.

දුලානිට මේ දේවල් සමග ආදර යෝජනාත් එනවා ඇති නේද?

ඔව්. අපේ චරිතවලට ගොඩක්‌ ආදරය කරන අය ඉන්නවා. පබළු, උදතාරි, ගුම්භකබූතා වැනි චරිතවලට ආදරය කරන අය ඉන්නවා.

මම කිව්වේ සැබෑ ජීවිතයේ ආදරය ගැන ?

ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධ වෙන්න ඕන නැහැ ආදර යෝජනා ලැබෙන්න. ඒක නිරන්තරයෙන් මටත් ලැබෙනවා. ඒක සුවිශේෂී දෙයක්‌ විදිහට මම සලකන්නේ නැහැ.

ඒ කියන්නේ දුලානිට ආදරය කරන්න කෙනෙක්‌ නැහැ කියන එකද?

මේ වෙනකොට තනිකඩව තමයි ඉන්නේ.

මොනවගේ කෙනෙක්‌ද ඔයා හොයන්නේ ?

එහෙම ලොකු හිතේ බැඳිච්ච කෙනෙක්‌ නැහැ. අපේ ජීවිත බුද්ධියෙන් මුහුකුරා යනකොට ඒවා වෙනස්‌ වෙනවා. පාසල් යන කාලෙ නම් ලස්‌සන උස අයව තමයි හෙව්වෙ. දැනට නම් හිතේ ඇඳුන එහෙම රූපයක්‌ නැහැ. කොහොම වුණත් මම බලන්නේ මාත් සමග එකට ජීවත්වෙන්න පුළුවන් කෙනෙක්‌ විතරයි.

දුලානි මේ තරම් ලස්‌සන වෙන්න තිබෙන රහස මොකක්‌ද?

විශේෂ දේවල් නම් කරන්නේ නැහැ. මම මීට වැඩිය නර්තනය කරන කාලේ ශරීරය ගැන හිතුවා. රංගනය නිසා දැන් ඒ ගැන හිතන්නෙ අඩුවෙන්. මේකප්වලින් මුහුණට සිදුවන හානිය ගැන හිතන්න සිදුවෙලා තිබෙනවා. තවද ශරීරයට ව්‍යායාම මදිකමක්‌ දැනෙනවා.





































ඇඟ හැඩකරගන්න මේ දවස්‌වල මහන්සි වෙනවලු නේද?

ඔව්. ඒකනම් ඇත්ත. ගුම්භකබූතාගේ චරිතයෙන් මිනිස්‌සුන්ට මගේ සිරුර හොඳට මතකයි. ඉදිරියේදී රඟපාන කුවේණිගේ චරිතයට සිරුර ටිකක්‌ වෙනස්‌ විදිහකට මිනිසුන් අතරට ගෙනියන්න මම මේ දවස්‌වල මහන්සි වෙනවා. කුවේණියගේ වෙනස මවන්න මට වුවමනා වෙලා තිබෙනවා. ඒක හින්දා සිරුර හැඩ කරන්න ගොඩක්‌ මහන්සිවෙන්න වෙලා තිබෙනවා.

පවුලේ විස්‌තර ටිකකුත් කියමු නේද?

මමයි. අම්මයි, තාත්තයි. අයියයි තමයි ඉන්නේ. අම්මයි, තාත්තයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන්. අයියා ඕමාන් ගුවන් සේවයේ සේවය කරනවා.


දිනේෂ් විතාන
ඡායා - දිනේෂ් ගමගේ‍

Copy Rights - Divayina

1 comments:

Anonymous said...

meyage ikole kale boy friend mage yaluwek, mekita thawa kolle hitapu nisa, u mekiwa atha arala damme,

Post a Comment