මේ ලිපියේ කොටස් දෙකකි. ප්‍රථම කොටස නාට්‍යවල දේශපාලන වැදගත්කම කැලණිය සරසවියට බලපාන ආකාරය ගැන කියයි. දෙවන කොටස නාට්‍යය උළෙලේ නාට්‍ය දෙකක් පිළිබඳ කෙටි විවේචනයක් කරයි.
කැලණි නාට්‍යය උළෙලේ දේශපාලන වැදගත්කම කුමක්‌ද?
අන්තගාමි හා බොළඳ දේශපාලන කටයුතුවල බරින් හෙම්බත් වීම මෙරට සරසවිවල පොදු තත්ත්වයකි. ගුරු සිසු දෙපිරිසම අධ්‍යයන කටයුතුවලින් හා පර්යේෂණවලින් ඉවත් කරන දීර්ඝ ප්‍රචණ්‌ඩ නිවාඩු මෙම හෙම්බත් වීමේ ප්‍රතිඵලයකි. කැලණිය මෙහිදී විශේෂ ස්‌ථානයකි. කණ්‌ඩායම් දෙකක් පොර ඇනගත්ත ද මේ දෙකෙහිම චින්තනයේ කේන්ද්‍රීය අක්‌ෂය අන්තගාමී ජාතික චින්තනයයි. ව්‍යාජ දේශීය හර පද්ධතියයි. ජාත්‍යන්තර දැනුමෙන් පෝෂණය වීමට ඇති මාරාන්තික භයයි. අනෙක් අවාසනාව වන්නේ මෙයට ප්‍රතිපක්‌ෂව මතුවන නග්න පශ්චාත් නූතනවාදයයි. එය නිර්මානුෂික ව්‍යාධියකි. ජනප්‍රිය සංස්‌කෘතියට කිරුළු පළන්දවන බරසාර හර පද්ධතියකින් තොර එදිනෙදා විනෝදාංශ බහුල මතවාදයකි. මේ දෙකට අතරමැද චින්තනමය බලපෑමක් මතුකළ හැකි දේශපාලන, සංස්‌කාතික මැදිහත්වීමකට ප්‍රබල අවශ්‍යතාවක් මතුවෙමින් පවතියි. එවැන්නක ඡායාමාත්‍ර පසුගිය සතියේ කැලණිය සරසවියේ ඇකඩමික් ප්ලේයර්ස්‌ලා විසින් පැවැත්වූ නාට්‍යය උළෙලේ ගැබ් විය. එය විශ්ව විද්‍යාලය තුළ නැවතත් ප්‍රබුද්ධතාව පිළිබඳ බලාපොරොත්තු අවුලුවාලන සුළු වැදගත් සිදුවීමකි.
ඇන්ටන් චෙකොෆ්ගේ නාට්‍ය දෙකක් නිෂ්පාදනය සඳහා තෝරා ගැනීම, රංජිත් ධර්මකීර්ති අශෝක හඳගම හා ආරියවංශ රණවීර යන කලාකරුවන්ට බුහුමන් දැක්‌වීම මෙන්ම ඇකඩමික් ප්ලේයර්ස් සංගමයේ පුරෝගාමියා සහ ප්‍රකට තරුණ නළුවකු වන තුමිදු දොඩංතැන්නට සම්මානයක් පිරිනැමීම මේ උළෙලේදී සිදු කෙරුණු ප්‍රධාන කටයුතු තුනකි. මේවායේ මතුපිට අර්ථවලට ඔබ්බෙන් ඇඟවෙන වටිනා දේශපාලන අර්ථ දැකීමට තැත්කළ යුතුය. මෙබඳු කාලයක එම වටිනාකම් සුළුපටු නොවේ.
ප්‍රථමයෙන් චෙකොෆ්ව නැවත නිෂ්පාදනය කිරීමට දැරූ තැත විමසා බලමු. සිංහල නාට්‍යය වර්තමානයේ මුහුණදෙන එක් ප්‍රධාන ෙ€දවාචකයක් වන්නේ උසස් ස්‌වතන්ත්‍ර නිර්මාණය නොවීමයි. එහි අනෙක් පක්‌ෂය වන්නේ උසස් සාහිත්‍යය ගුණාංගවලින් තොර පිරිවර්තන නාට්‍ය රැසක් දිගින් දිගටම වේදිකාවට පැමිණීමයි. එබඳු සංදර්භයක චෙකොෆ් වැනි නාට්‍යකරුවකු වෙත අවධානය යොමු කිරීම අතිශයින්ම රැඩිකල් නූතනවාදී පියවර මන්දයත් මෙබඳු යුගයක් තුළ නැවතත් මිනිස් ජීවිතයේ ගැඹුරු අර්ථය මතුකර ලීම සඳහා රුසියන් සාහිත්‍යය තෝරාගැනීමේ අත්‍යාවශ්‍යය ඥානාන්විත පියවර ගැනීම පමා නොකළ යුතු බැවිනි. දෙවනුව හඳගම ධර්මකීර්ති හා රණවීර යන කලාකරුවන් යම් ගෞරවයකට පාත්‍රකිරීම වැදගත් තීන්දුවකි. මන්දයත් මෙරට විශ්වවිද්‍යාල වර්තමානයේ බොහෝ උගතුන් ඉදිරියේ බියෙන් සැඟවී යන තත්ත්වයක් උද්ගත වී ඇති නිසායි. අද විශ්වවිද්‍යාලයට වඩා බාහිර උගතුන් අතින් ශාස්‌ත්‍රිය සේවයක් කෙරෙන බව විධිමත්ව අධ්‍යයනයේ නිරතවන කවුරුත් පිළිගන්නා පොදු සත්‍යයකි. එය පිළිගනිමින් එම උගතුන්ට ගරුබුහුමන් කිරීමට කැලණිය සරසවියේ නාට්‍ය හා රංග කලා අංශය ගත් තීන්දුව පැසසිය යුතුය. එසේ මෙම ක්‍රියාව සෙසු අධ්‍යයන අංශවලින්ද ආදර්ශයට ගත යුතුය.
රණවීර, ධර්මකීර්ති හා හඳගම යන තිදෙන පිළිබඳ අප කාටත් විවිධ අදහස් තිබේ. විවිධ විවේචන තිබේ. එහෙත් ඒ සියල්ල මධ්‍යයේ නොබිය එක් දෙයක් පැවසිය හැකිය. එනම් ඒ තිදෙනාගෙන් නාට්‍ය කලාවට තීරණාත්මක මෙහෙවරක් සිදු වූ බවයි. මේ මෙහෙවර එක් වැකියකින් සංක්‌ෂේපකොට පවසන්නේ නම් සිංහල නාට්‍යය වෙත ජාත්‍යන්තර අත්‍යාවශ්‍ය ය දැනුම සම්පාදනය කිරීමේ මෙහෙවර ලෙස හඳුන්වාලිය හැකිය. එම නිසා මෙම තිදෙනාට ගරුබුහුමන් දැක්‌වීම යන්නෙන් හැඟවෙන්නේ ව්‍යාජ ජාතික කලා චින්තනයට සාධාරණ අභියෝගයක් එල්ල කිරීමයි.
තෙවනුව තුමිදු දොඩංතැන්නට පිදුණු සම්මානය දෙස බලමු. මෙහි වැදගත්කම පවතින්නේ එක් පුද්ගලයකු හෝ නළුවකු සම්මානයකින් පිදීම තුළ නොවේ. මන්දයත් මෙබඳු යුගයක නළුවන් මෙන්ම සම්මානද අතිශය නොවැදගත් බහුල දේවල් වන බැවිනි. තුමිදු වසර හත අටකට පෙර පුරෝගාමි වූ වැදගත් කාර්යයක් වර්තමානයේ පල දරා ඇති බැවිනි. ඒ කාර්යය නම් ඇකඩැමික් ප්ලේයර්ස් සංවිධානය නිර්මාණය කිරීමයි. ඒ යුගයේද කැලණිය තුළ අද මෙන්ම ව්‍යාජ, දේශපාලන තත්ත්වයක් පැවතුණි. ඉතාමත්ම බිහිසුණු ශිෂ්‍ය ගැටුම් පැවතුණි. මේවායේ බුද්ධිමය පදනමක් නොවීය. බොහෝ ශිෂ්‍යයෝ කිසිදු දේශපාලන මතවාදයක් නැතත් දෙපිරිසකට බෙදී විනෝදාංශයක් වශයෙන් ගහමරා ගත්හ. ව්‍යාජ වීර චරිත ලෙස මතුවීමට තැත් කළහ. තුමිඳු එබඳු අවකාශයක සුවිසල් කාර්යයකට පදනම දෙමින් මේ දෙපිරිස සමඟම සුහදත්වයෙන් කටයුතු කරමින් රංග කලාව සංවර්ධනය කිරීමට වෙහෙසුණේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බැට කෑවේය. අපහාසයට ලක්‌විය. එහෙත් තම වැයම අත්නොහලේය. වර්තමානයේ සරසවිවල ප්‍රචණ්‌ඩත්වය පිළිබඳ බොහෝ අය කථා කරති. සැලසුම්, යෝජනා, න්‍යාය, ප්‍රතිසංස්‌කරණ ගෙන එති. එහෙත් ඒ සියල්ල තේ පානයකින් නිමාකොට විසිර යති. නැවත නැවත ප්‍රචණ්‌ඩක්‌වය හිස ඔසවන විට පමණක් රැස් වෙති. වඳුරන් ගෙවල් තැනීමේ ක්‍රියාවලියට මෙය සමාන කළ හැකිය. තුමිඳු එවැනි කටින් බතල කොළ හිටවීමේ නොයෙඳුණු මැදිහත් කරුවෙකි. අරගල භූමියේ ගින්දර මැද ප්‍රායෝගික බරසාර කාර්යයකට පදනම දැමීය. පසමිතුරු බලවේග සියල්ල සමඟම ගනුදෙනුව මධ්‍යස්‌ථව දියුණු කළේය. දක්‌ෂයන් හඳුනාගත්තේය. අද මල් ඵල දරා ඇත්තේ ඒ දුෂ්කර කාර්යයි. මේ ක්‍රියාවලිය සංවර්ධනය කිරීමේදී බොහෝ අයගේ සහය ලැබීය. ප්‍රියංකර රත්නායක වැනි ආචාර්යවරු බැට කමින් එහි බර අදිති. මේ සියල්ලම සෙසු විශ්වවිද්‍යාලවලට පමණක් නොව කැලණිය සරසවියටද මහඟු අදර්ශයකි.
අද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළම ගැටලුව අන්තගාමී දේශපාලනය හා ප්‍රචණ්‌ඩත්වය නවතා ගැනීමයි. ඒ සඳහා ආචාර්යවරුන් හා සිසුන් ශාස්‌ත්‍රිය අරමුණු පෙරදැරිකොට ගනිමින් විධිමත්ව හා සාමූහිකව කටයුතු කළ යුතුය. ඇකඩමික් ප්ලේයර්ස්‌ලාගේ දේශපාලන වැදගත්කම එයයි.
උසස් අධ්‍යාපන ඇමැතිට හා අදාළ බලධාරීන්ට වචනයක්
ඇමතිතුමනි, උසස් අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ දැමීමට ඔබලා නිතර කථා කරති. ප්‍රචණ්‌ඩත්වයට එරෙහිවීමේ වැදගත්කම මතුකරති. එම ක්‍රියාමාර්ග ප්‍රායෝගික තත්ත්වයට ගෙන ඒම සඳහා අගනා අවකාශයක් ඔබට පෙන්වමි. ඒ කැලණියේ අකැඩමික් ප්ලේයර්ස්‌ලාට හොඳ රඟහලක් නිර්මාණය කර දීමයි. එය පමා නොකළ යුතු හදිසි වැදගත් පියවරකි. අනාගත විශ්වවිද්‍යාල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය පියවරකි. දැනට නාට්‍ය පෙන්වන්නේ දේශන පැවැත්වෙන ප්‍රදාන ශාලාව වන ධර්මාලෝක ශාලාවේය. මෙය රංග ශාලාවක් නොවන අතර, මෙම සරසවියේ ප්‍රධාන ශාලාවයි. මෙය රංග ශාලාවක් බවට පරිවර්තනය කළ හැකිය. එවිට ප්‍රධාන ශාලාවක අවශ්‍යතාව පැනනගියි. දැනට නාට්‍ය පෙන්වීමේදී මෙන්ම වෙනත් ප්‍රසාංගික කටයුත්තක් සිදු කිරීමේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවේ. එනම්, මෙහි පැවැත්වෙන දේශන වෙනත් ශාලාවලට මාරු කිරීමයි. එය අධ්‍යයන මානසිකත්වය බිඳ වට්‌ටන බහුතරයකට හිරිහැර කරන විධික්‍රමයකි. එ නිසා රඟහලක් තැනීම පමා කළ යුතු නොවේ.
ඇකඩමික් ප්ලේයර්ස්‌ලා නිර්මාණය වූ ආයතනයකි. එය සොයාගෙන දක්‌ෂයෝ කැලණියට පැමිණෙති. ජාතික නාට්‍ය රංගකලාව පෝෂණයට අත්‍යවශ්‍ය සාධකයක් බවට මෙය පත්වී ඇත. එ නිසා මෙම ආයතනය ජාත්‍යන්තර මට්‌ටමට දියුණු කළ යුතුය. ඒ සඳහා චින්තනය සම්පාදනය කිරීමට අපි යුහුසුළු වෙමු. සෙසු පහසුකම් ලබාදීම පමානොකළ යුතුය.
"චෙරිඋයන" සහ "මුහුදු ලිහිණියා"
මෙම නාට්‍ය උළෙලේ නාට්‍ය හතරක් රඟ දැක්‌වුනි. මෙයින් ජනේලයෙන් පනින්නද නාට්‍ය පිළිබඳ ප්‍රාමාණික විවරණයක් දැනටමත් ලියෑවි ඇත. අනෙක ප්‍රවීණ නාට්‍යකරුවකුගේ නිර්මාණයකි. එය ආරාධිත එකක් වන නිසා මෙම විචාරයට අදාළ කර නොගනිමු.
"චෙරි උයන" සහ "මුහුදු ලිහිණියා" හි වැදගත් කම විශ්ව සාහිත්‍යයේ ඉහළ තලය සමඟ ගනුදෙනුවක් ඇරඹීමයි. රුසියන් සාහිත්‍යය කවරදාකටත් වඩා මේ යුගයේදී අපට සමීපය, අත්‍යවශ්‍යය, සාහිත්‍යයට මෙන්ම වේදිකාවටද එහි අවශ්‍යතාව එකබඳුය. චෙරි උයන මෙරට දශක ගණනාවක සිට විවිධාකාරයෙන් හැඩගැසුණු නාට්‍යයකි. මෙහි සිංහල පරිවර්තනම දෙකකි. එකක් මැන්දිස් රෝහණදීරගේය. අනෙක රංජිත් ධර්මකීර්තිගේය. ධර්මකීර්ති මහ ගෙදර යන නමින් චෙරි උයන නිෂ්පාදනය කළ අතර, චෙකොෆ් හා ස්‌ටැනිස්‌ලොවුස්‌කි පිළිබඳ වටිනා පතපොත ද පළ කළේය. ධර්මකීර්තිගේ මහගෙදර මම නොබැලුවෙමි. එහෙත් සෝමලතා සුබසිංහ රඟපෑ පසු කාලීන නිෂ්පාදනයක් බැලුවෙමි. එම නිෂ්පාදනය සමඟ සසඳන විට කැලණියේ නිෂ්පාදනය හොඳ තත්ත්වයක තිබුණි. ආදුනිකයන් හා විෂය පිළිබඳ අඩු පහසුකම් සහිත පිරිසක් වශයෙන් සලකතොත් මේ හොඳ තත්ත්වය ඉතාම හොඳ පදනමක් බව අවංකවම කිව යුතුය. සියලුම නළුවන්ගේ දක්‌ෂතා සමාන තලයක නොතිබුණ ද, දුර්වල නළු නිළියන් නොසිටීම මෙම නිෂ්පාදනයේ භාග්‍යයකි. යම් යම් දුර්වලතා මතු වුවද ඊළඟ ජවනිකාවේ ප්‍රබලකමින් එය මඟහැරී යන තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. රැනවෙස්‌කයා ආර්යාවගේ චරිතය ඉතාම හොඳින් රඟ පෑ අතර, පසුගිය නිෂ්පාදන සමඟ බලන විට එය එක්‌තරා ජයග්‍රහණයකි. චෙකොෆ්ගේ නාට්‍යය ජීවමාන කළ ස්‌ටැනිස්‌ලොවුස්‌කි ගේ රංග රීතිය මත පිහිටා බැලීමේ ලොපකින්, ට්‍රෙෆ්මොෆ්, දුන්යාචා, ෆයර්ස්, යාෂා ආදීන්ගේ තත්ත්වය කැපි පෙනුණි. ෆයර්ස් මෙහිදී විශේෂ හැකියාවකින් මතු වූ අතර ෆයෙෆ් හා සෙසු අයද, කැපී පෙනුනි. රංග වින්‍යාසය, වේදිකා පරිපාලනය යන ආදිය හොඳින් තිබුණි. සෝමලතා සුබසිංහගේ නිෂ්පාදනයට සාපේක්‍ෂව සෑම අංගයක්‌ම ඉදිරියෙන් තිබුණි.
"මුහුදු ලිහිණියා" අසාර්ථක නොවු නමුත් "චෙරි උයන" තරම් පුරුදු කළ දිගු කාලින අභ්‍යාසයක් පළ නොකරයි. නළුනිළි කණ්‌ඩායම දක්‌ෂ නමුත් වේදිකා පරිපාලනය, රංග වින්‍යාසය දෙබස් පැවසීම යන තැන්වලින් දුබලතා මතු වෙයි. ඇතැම් දෙබස් අමතකව වෙනත් දෙබස් ආදේශ වන බව බුද්ධිමත් ප්‍රේක්‌ෂකයාට වැටහේ. "චෙරි උයන" චෙකොෆ්ගේ වඩා ප්‍රකට නාට්‍යය වුව ද "මුහුදු ලිහිණියා" වඩාත් සංකීර්ණ සංකේත භාවිතයක් වෙත ගමන් කරන නාට්‍යයකි. නිවාඩු නිකේතනවලට ගොස් ග්‍රාමීය පරිසරයේ නිවාඩු ගත කිරීම චෙකොෆ්ගේ ඇතැම් කෙටිකතාවලටද වස්‌තු විෂය වන ප්‍රකට පුවතකි. එහි බැරෑරුම් රුසියන් යථාර්ථයක් මෙන්ම සර්වරාත්‍රික හා සර්වකාලීන මිනිස් පැවැත්මේ ෙ€දවාකය ද ගැබ්වේ. මෙබඳු නාට්‍ය රඟපෑමේදී නළු නිළි කණ්‌ඩායම මෙම චෙකෝපියානු තත්ත්වය ගැඹුරින් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. නිෂ්පාදකයා තවත් ප්‍රාමාණිකයන් සමඟ දීර්ඝ සාකච්ඡා තුළින් මේ පිළිබඳ ගැටලු විසඳා ගත යුතුය. ඉන් පසු නැවත නිෂ්පාදනයකට යා යුතුය. මන්ද යත් මුහුදු ලිහිණියා අතිශයින්ම වැදගත් තීරණාත්මක නාට්‍යයක් නිසාය.
මුහුදු ලිහිණියාහි නළුනිළි කණ්‌ඩායම ප්‍රතිසංස්‌කරණය කළ යුතුය. ඔවුන් අතර චෙකොෆ් පිළිබඳ පුළුල් ශාස්‌ත්‍රිය සාකච්ඡාවක් ගොඩනැගීම මෙහිදී අත්‍යාවශ්‍ය පියවරකි.
චෙකොෆ්ගේ මුහුදු ලිහිණියා ද ප්‍රථම නිෂ්පාදනයේදීම අසාර්ථක වූ බවත්. පසුව විශිෂ්ට ලෙස නිර්මාණය වූ බවත් මෙහිදී අමතක නොකළ යුතුය. දෙවැනි නිෂ්පාදනයේදී ඒ සඳහා ගැනුණු ප්‍රයත්න නැවත අපගේ අවධානයට ලක්‌විය යුතුව පවතියි.
හමාරකිරීම
බොහෝ විශිෂ්ට ප්‍රවීණයින් හාස්‍යය හා වාණිජ්‍යය වෙත ගමන් කරන යුගයක තරුණ සාමුහික නිෂ්පාදන සඳහා චොකොෆ්ව තෝරා ගැනීම අතිශයින්ම අගය කළ යුතුය. එහෙත් ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය කලාවේ සීමාව වන්නේ නාට්‍යය කායික හරඹයකට ලඝූ කිරීමයි. විශ්වවිද්‍යාලයක් තුළ නාට්‍ය කලාව අත්‍යවශ්‍යයෙන්ම බුද්ධිමය හරඹයක් ද විය යුතුය. ඒ සඳහා නාට්‍ය සාහිත්‍යය හා විචාර කතිකාව වෙත දක්‌වන අවධානය විශාල විය යුතුය . අඛණ්‌ඩ විය යුතුය.
කැලණිය නාට්‍ය උදෙසා සරු තෝතැන්නක් කිරීම සඳහා එම සාධක සපුරාලීම අත්‍යවශ්‍ය වේ. එසේ නැතහොත් සිදුවන්නේ කැලණියෙන් උපන් නාට්‍ය සම්පත් අගනුවර වේදිකාව විසින් උරාගනු ලැබීම පමණයි. අගනුවර නාට්‍ය ලෝලින් කැලණියට ඇදගැනීමේ ශක්‌තිමත් නාට්‍ය සම්ප්‍රදායක් කැලණියේ ගොඩනැගිය යුතුය. එසේ වුවහොත් ඇකඩමික් ප්ලේයර්ස්‌ලාගේ සුවිසල් ශ්‍රමය ශක්‌තිමත් අනාගත ආයෝජනයක් බවට පත්වේ. මේ සියලු අභියෝග අප ඉදිරියේ පවතියි. ඒවා සාමුහිකව ජය ගනිමු.
චින්තක රණසිංහ
© Copy Rights - Divayina "Watamadala"
Archives
-
▼
2011
(205)
-
▼
April
(69)
- ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?
- සඳනි ගේ අලුත් පිම්ම
- අපි නාට්‍ය හදන්නේ පණ්ඩිතයන්ට නොවේ
- මහ ලොකු බලාපොරොත්තු මගේ ජීවිතයේ නැහැ
- හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට
- සිහින සිතුවම් ටෙලි සිතුවමේ නෙතුමිණී
- මැයි 11 - 12 - 13 - 14 වෙන වැඩ එපා
- මිය ගිය උවැසිය මොනිකා කිවිඳිය
- අද නිරෝගී ප්‍රබන්ධ කලාවක් ඕනෑකර තිබේ
- පශ්චාත් නූතනය හැදැරීමයි පශ්චාත් නූතනවාදීන් වීමයි ද...
- අවංකකමේ හා අව්‍යාජත්වයේ නාට්‍යයක් (ජනේලයෙන් පනින්...
- කැලණිය නාට්‍ය උළෙලට පසු වදනක්
- තිසර තන නැත අද
- "තුන් වැනි සීනුවට පෙර"
- මිනිසුන්ට පමණයි
- මහරජ ගැමුණු
- නිරෝෂාගෙන් සංගීත ඇකඩමියක්
- ආත්මාත් රියැලිටි වෙයි
- ලොකුම බලාපොරොත්තුව හොඳ ගෘහිණියක් වීම
- චන්නගේ කෙල්ල වැඩ අල්ලයි
- එය සරසවියයි.
- ඈ කවුදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ
- පකිස්තානයටත් උපන් ඇඳුමෙන් යා හැකි පූනම් පාන්ඩේ කෙනකු
- Kiss Kiss නම් හාදුව වේ
- මම නිකම්ම නිකන් ඩාන්සින් ස්ටාර් කෙනෙක් නෙමේයි
- මම ආයෙත් විවාහ වුණා
- අපේ නාට්‍යකරුවන් බ්‍රෙෂ්ට් ඝාතනය කළා
- කළුවරට අපි බය නෑ
- අපෝන්සු අවුරුදු 30 කට පසු පළමු බිරිය හා යළි එක්වෙයි
- ඉර බැසීම
- Sinhala Song Library
- රන්වල බලකාය Three (‘ත්‍රී’)
- එයා ගිල්ලේ අපි හැමදාම මීඩියා වලින් ගිලින එක
- අලුත් යමක් ගිලින්නට හදන කොල්ලෙක්
- පාසල් කාලෙ ලස්සන අය දිහා බැලුවා
- තමුන්නාන්සේ දැං හදන්නෙ මේ අම්මන්ඩි මගේ කරේ ගහන්ඩ ද...
- ගැමි නාට්‍ය සම්ප්රදායයේ මහිමය විදහාපාන මීගමු දූවේ...
- මියගිය නැඟණිය වෙනුවෙන් බ්‍රේල් ක්‍රමයෙන් ගීත ලියන ...
- පුංචි අනුකම්පාව
- ආදරය ගැන හිතන්න ඕනෑකමකුත් නෑ; වෙලාවකුත් නෑ
- පේ‍්‍රමය මට රමණීය හීනයක්
- ප්‍රසාංගික කලාවට දුන් විශ්වකර්ම තෑග්ග
- පිරිමිකමට සමු දුන් නැට්ටුක්කාරී
- අඟර දඟර හැදුවේ බහුජන රසවින්දනයටයි
- කොළඹ සරසවියේ සරසානන්දකර ප්‍රඥාවර්ධක සන්ධ්‍යාව
- වැඩක් කරන මිනිස්සුන්ට වැඩ කරන්න නොදෙන විචාරකයොත්...
- මම නිදහසේ ජීවත්වෙන කෙනෙක්
- නොබලපු අයට බර්නාඩාගේ සිපිරිගෙය ගැන චාන්දනී හා ප්‍ර...
- අලුත් අවුරුද්ද ඔබට කොහොම ද?
- රණවිරු රියල් ස්ටාර්
- මෙදා සැරේ අපි අවුරුදු සමරන්නේ මෙහෙමයි
- ෆිල්ම් ෆෙයාර් නැඟී එන නළුවා අතවර චෝදනාවකට සත් වසරක...
- චන්දික නානායක්කාරට ගැහැනු ළමයින්ගෙන් ඇස් රතුවන විහ...
- මුතු කිරිල්ලිය සරසවියට පියඹා ආ දවස
- නොනවතින රිද්මයක තාල රටාව ‘සළඹ’
- රෝයි - සුමනාට ගුරු උපහාරයක්
- මෙන්න ප්‍රමුදිගේ වැඩ
- නදිනිගේ නැටුම් ඉවරයි
- මා නාට්‍ය කැරැල්ලක් ඇති කරනවා
- පෙම්වතියගේ චරිතය ගැන හිතලා පවුල් ජීවිතේ අවුල් කරගන...
- මාව විකුණගෙන කනවට මම කැමති නැහැ
- මගේ වෘත්තිය මොකක්ද කියල ළඟදීම කියනවා
- මම ඉතිහාසය හොයා ගෙන ගියේ ඔය රැළි සුළි එන්න කලින්
- වයසට නොයෑමේ රහස මගේ හිතහොඳකමයි
- ලෝකයම අන්ද මන්ද කළ අපේ එවුන්ගේ පිම්ම
- කළාලයක හිඳ අත්විඳි ජන සංගීතයේ රිද්ම රටා - යාපනය සං...
- යෞවන සම්මාන හොඳම නිවේදිකාව
- අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ප්‍රථම නිළිය
- ඔබත් ජෝති විකුණාගෙන කනවාද?
-
▼
April
(69)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Dejan Vasiljevics Journey from Miami to the NBL: A Basketball Story - Well, let me tell ya about this young feller, Dejan Vasiljevic. He was born all the way over in Calgary, Alberta, Canada, on April 26, 1997. But don’t let ...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
කැලණිය නාට්‍ය උළෙලට පසු වදනක්
Thursday, April 21, 2011
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment