කෙනෙහිලිකම් නොකළා නම් ‘අබා’ ගෙන් පසු තව චිත්‍රපටයක් හදනවා
ජස්ටින් බෙලගමගේ යන නම සිනමා ක්ෂේත්රය තුළ සනිටුහන් වූයේ ‘අබා’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙසය. වෘත්තියෙන් වරලත්
ගණකාධිකාරිවරයකු වන ඔහු කළමනාකරණ ක්ෂේත්රයේ
විධායක පුහුණුකරුවකු හා උපදේශකවරයකු ලෙස ද කටයුතු කර ඇත. පසුගියදා එළිදුටු
’සංක්ෂිප්ත සිනමා විශ්වකෝෂය හා ඉංගී්රසි - සිංහල සිනමා ශබ්ද කෝෂය’ බෙලගමගේ ලියූ
පළමු සිනමා ග්‍රන්ථයයි. මෙම පොත අරභයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙසේ කියා ඇත.”මාගේ දැනීමේ හැටියට නම් සිනමාව සම්බන්ධ පාරිභාෂික වදන්, යෙදුම් මෙතරම් විස්තරාත්මකව ලියැවුණු පළමුවැනි ග්‍රන්ථය මෙයයි. සිංහල සිනමා සාහිත්‍යයේ මෙතෙක් පැවති හිඩැසක් අලුත් වදන්, යෙදුම් නිර්මාණය කිරීමෙන් කතුවරයා පුරවා ඇත. මාගේ පෞද්ගලික මතය නම් මෙම ග්‍රන්ථය සිනමා සාහිත්‍යයට උරුම කරන ලද ඓතිහාසික මෙහෙවරකි. එය සිනමා අධ්‍යයනයේ චිරස්ථායි ස්ථානයක් ලබාගත යුතු ග්රන්ථයකි.”
පහත යෙදෙන්නේ ජස්ටින් බෙලගමගේ සමඟ මෙම කෘතිය අළලා කරන්ට යෙදුණු විශේෂ කතාබහකි.
මේ වගේ සිනමා විශ්ව කෝෂයක් සම්පාදනය කරන්න ඔබට හිතුණේ ඇයි?
ඒකට කිසියම් පසුබිම් වූ කතාවක් තියෙනවා. සිංහලෙන් චිත්‍රපට තිරරචනයක් ලියන්න බැරි සිනමාවටම පමණක් ආවේණික වූ, එහි ශිල්ප විධි හැඟවෙන පදමාලාවක් තිබෙන බවත් ඒ පද සාර්ථක තිර නාටකයකට බෙහෙවින් වැහැරීමට සිදුවන බවත්ය කියලා ආචාර්ය තිස්ස අබේසේකර 1969 දි කියලා තියෙනවා. තිස්ස එහිලා දක්වන පද තමයි CUT, DISSOLVE, MIX, FADE IN, FADE OUT, SUPERIMPOSITION, MONTAGE, CAMERA PAN, DOLLY, TRACK, ZOOM යනාදිය. එතකොට ඔහුම ඊට අවුරුදු 37 කට පස්සේ (ඒ කියන්නේ 2006 දී) එම්.ඩී. මහින්දපාල පරිවර්තනය කරපු ‘සිනමාව හා ජනසමාජය’ කියන පොතට පෙරවදනක් ලියමින් කියා සිටිනවා, සිනමාව ගැඹුරින් විග්රහ කිරීමට අවශ්‍ය විචාර වදන් මාලාවක් තවමත් සිංහල සිනමා භාෂාව සතු නොවන බව. ඉතින් මගේ ප්රශ්නය මේකයි. මේ අවුරුදු 37 ට ඇයි තිස්සලා වගේ සිනමා විද්වතුන්ට බැරිවුණේ ඒ පාරිභාෂික වදන් මාලාවක් සම්පාදනය කරන්න. මොකද ඔවුන් සිනමාවෙන්ම කාපු, බීපු, නාපු අයනේ.
ඒ වගේම තිස්ස, මහින්දපාලගේ පරිවර්තන පොතේ පෙරවදනේ මෙහෙමත් කියනවා. ඔහු කියනවා තමා මෙහි මුල් ඉංගි්රසි පොත කියෙව්වේ මීට අවුරුදු 45 කට පෙරය කියලා. එහෙම නම් ඇයි තිස්ස වගේ අය මේ පොත සිංහලට පරිවර්තනය නොකළේ? මෙතැනදි මම මහින්දපාලට ගරු කරනවා. මොකද, ඔහු ඉංගි්රසි උස්තාද් කෙනෙක් නෙමෙයි. ඔහු බොහෝම අමාරුවෙන් තමන්ට පුළුවන් විදියට මේ පොත සිංහලට නැගුවා. අදටත් සිනමාව සම්බන්ධයෙන් ඇතැම් ඉංගි්රසි
වචනවලට සිංහල පාරිභාෂික පද නැහැ. ඔයා දන්නවද
SHOT එකට කියන සිංහල වචනය?බෙලගමගේ මහතා මගෙන් අසයි. ‘රූපරාමුව‘ යැයි මම දන්නා පරිද්දෙන් පිළිතුරු දුනිමි.
”නැහැ. ‘රූප රාමුව‘ කියන්නේ ’FRAME’ එකටනේ. ’SHOT’ එකට සිංහල වචනයක් නැහැ. මම හැදුවා ‘රූ ඛණ්ඩය’ කියලා.
’බ්රෙත්ලස්’ හැදුවේ කවුද?
බෙලගමගේ මහතා යළිත් මගෙන් ප්‍රශ්න කරයි.
’ශොන් ලූක් ගොඩා’
මම පිළිතුරු දෙමි.
”ඒ නම උච්චරණය කරන්නේ එහෙම නෙමෙයි. ‘යෝ ලික් ගුඩා’ යනුවෙන්. ඒක තමයි නිවැරදි ප්‍රංශ උච්චාරණය. ඉතින් මේවා තමයි මගේ පොතේ තියෙන්නේ. මේ පොතේ පාරිභාෂික වචන එක්දහස් එකසීයක් විතර තියෙනවා. එයින් හත්සීයක්, අටසීයක් මම ම හදපු වචන. මොකද, කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැත්නම් මට හිතුණා මම ම ඉදිරිපත් විය යුතුයි කියලා. මට හොඳ සිනමා පුස්තකාලයක් තියෙනවා. ඒ පොත් කියවලා ලබපු දැනුමෙන් තමයි මේක සම්පාදනය වුණේ.
ඔබේ පොතේ ව්‍යුහය කොයි වගෙද?

මෙය කොටස් පහකින් සමන්විතයි. (1) සංක්ෂිප්ත සිනමා විශ්ව කෝෂය (2) ඉංගි්රසි - සිංහල සිනමා ශබ්ද කෝෂය (3) උපග්රන්ථ 1 - සිනමා නාම සූචය (4) උප ග්රන්ථ – 2 පුද්ගල නාම උච්චාරණ පරිශිෂ්ටය (5) උපග්රන්ථ 3 – ආශි‍්‍රත ග්රන්ථ නාමාවලිය. මෙහිදි එක් කරුණක් මා විශේෂයෙන්ම කියන්න ඕනැ. මම මේ පොත සම්පාදනය කළේ පණ්ඩිතයන්ට, විද්වතුන්ට නෙමෙයි. අපි වගෙ පුංචි මිනිස්සුන්ට. ඒ වගේම සිනමාව හදාරණ සිසුන්ට. මම ඔවුන්ට සහනයක් වශයෙන් පොතේ මිලෙන් 25% ක් අඩුකරලා පොත ලබා දෙන්න සූදානම්. (ඒ සඳහා ජස්ටින් බෙලගමගේ පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයෙන් හෝ 0722256367 යන දුරකථන අංකයෙන් විමසිය හැකියි.)
පොතට මූලාශ්‍ර කරගත් කෘති මොනවද?
ඉංගි්රසි පොත් රැසක් මූලාශ්‍ර වුණා. ඒ වගේම ටැමිල් කියුබ් ඔන් ලයින් ඉංගී්රසි - සිංහල ශබ්ද කෝෂය, මධුරා ඔන්ලයින් ඉංගි්රසි - සිංහල ශබ්ද කෝෂය, මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සංහිඳ පාරිභාෂික ශබ්ද මාලාව මා මූලාශ්‍ර කරගත් අනිත් කෘති. මං මගේ පොතේ රිවිෂන්ස් 6 කට ගියා. අන්තිම රිවිෂන් එක තමයි මුද්‍රණයට දුන්නේ.
’අබා’ චිත්‍රපටයෙන් පස්සේ ඔබ තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ නැහැ. ඒ ඇයි? ඇත්තටම ගිය වියදමත් එක්ක බලද්දි චිත්‍රපටයෙන් ලාබද? පාඩුද?
මම ලාබ බලන්නේ රුපියල් සතවලින් නෙමෙයි. එහෙම බලනවා නම් පාඩුවක් නැහැ. හැබැයි ප්‍රදර්ශකවරුන් සාධාරණව කටයුතු කළා නම් සැලකිය යුතු ලාබයක් ලබන්න තිබුණා. ඔවුන් අපිට දුන්නේ 35% යි. මිලියන 99 ක් අවුරුදු දෙකකට බැංකුවේ දැම්ම නම් මිලියන 18 ක් ලබා ගන්න තිබුණා. බෙදාහරින සමාගම චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් සත පහක පෝස්ටරයක් ඇලෙව්වේ නැහැ. ඒකත් කළේ අපි. ඉතිං ඒ වගේ කෙනෙහිලිකම් නොතිබෙන්න ඇත්තටම ‘අබා’ ගෙන් පස්සේ මම තව චිත්‍රපටයක් හදන්න තිබුණා. හැබැයි මම ආයෙත් කියනවා, මම ලාබෙ මනින්නේ රුපියල් සතවලින් නෙමේ. ‘අබා’ චිත්‍රපටයෙන් මා ලබා ගත් කීර්තිය සල්ලිවලට ගන්න බැරි දෙයක්. මේ රටේ ජනතාව මගෙ නම දැනගත්තේ ‘අබා’ චිත්‍රපටයෙන්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් කරන රස්සාවල් නිදිමත රස්සා. ඒත් චිත්‍රපට කර්මාන්තය බොහෝම සුන්දර ක්ෂේත්රයක්. ඔයා මේ ටිකත් ලියන්න. මිනිස්සු කෙනෙහිලිකම් කරනවයි කියලා මම චිත්‍රපට හදන එක නවත්වන්නෙ නැහැ. මම ම ලියපු තිරනාටකයක් මගෙ ළඟ තියෙනවා. ඒක නිෂ්පාදනය කරන්න මම දැන් කල් මැන මැන ඉන්නවා.



ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වන පරාක්‍රම නිරිඇල්ල සිය නිර්මාණාත්මක ශ්‍රමය මෑත භාගයේ
සිට කැප කරමින් ඉන්නේ ‘ජන කරළිය’ වෙනුවෙන්.
70
දශකයේ නාට්‍ය වේදිකාවට පිවිසෙන පරාක්‍රම නිරිඇල්ල
සම්මානනීය වේදිකා නාට්‍ය ශිල්පියෙකි. සිනමා
අධ්යක්ෂවරයෙකි. රූපවාහිනී ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයෙකි.
විකල්ප රංග භූමි අවකාශයක් නිර්මාණය කරගැනීමේ ව්‍යායාමයක
වර්තමානයේ ඔහු නියෑලී සිටි ඒ ජනකරළිය නාට්‍ය පර්ෂදය
සමගිනි. වසර අටක පමණ දීර්ඝ වූ ඒ ගවේෂණ චාරිකාව පිළිබඳත් ඒ
ඔස්සේ ජනකරළිය නාට්‍ය පර්ෂදය එක්රැස් කරගත් අත්දැකීම්
සම්භාරයත් වටමඬල හා බෙදා හදා ගැනීමටත් නිරිඇල්ලයෝ මෙසේ
එක්වුහ.
ගත වූයේ නිමේෂයකි. ඇගේ ඉඟිල්ලීමට තිත තබමින් යතුරු පැදිය ගුරු පාරෙන් ඉවතට පැන නතර
වූයේ එතැන තිබුණු බෝවිටියා පඳුරත් තලා දමමිනි. අපගේ දැක්මෙන් ලැජ්ජාවට පත් නිසාදෝ ඈ
වැටුණු සැනින් නැඟී සිටියාය. අපි ඉක්මනින් ඈ අසලට ළං වීමු.
රඟපාමු පාඨකයන් අතරේ ගොඩාක් ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයට තියෙන හොඳම සාක්ෂිය තමා
දිනපතා අපට ලැබෙන ඡායාරූපයි, තැපැල්පත් ප්‍රමාණයයි. ඒ ඡායාරූප අතරින් තමන්ගේ
ඡායාරූපය තේරෙන්න වාසනාවක් තියෙන්න ඕනෑ. මේත් සරසවිය බිහි කරපු වාසනාවන්තයින් අතරේ
ඉන්න තවත් වාසනාවන්තියක්. ඇය සංසාරි සමරවික්‍රම. එහෙම කීවට අපි දන්නවා මේ නම ඔබට
හුරු පුරුදු නෑ කියලා. ඒ ඇය මේ කලා ගමන ආරම්භ කළාම විතරයි. ඇයට මේ ගමන අරඹන්න පාර
කියා දුන්නේ සරසවිය. මේ අපි ඇයත් එක්ක කතා කළ මොහොත.
පසුගිය කාලය ලින්ඩ්සේ
ලොහාන්ට එතරම්
සුබ නොවුණේ
ඇයට නිතරම
පොලීසි හා උසාවි
ගානේ යන්න සිදුවීම
නිසයි.
එහෙත් අබා චිත්‍රපටය නිපද වා මෙරට සිනමාවේ අලුත් රැල්ලක් තැනූ නිෂ්පාදක ජස්ටින්
බෙලගමගේ පැවසුවේ වෙනස්ම උත්තරයකි.ඒ උත්තරයට අනුව ඩෝප් ෂීට් නැතහොත් ඩෝප් ලැයිස්තුව
යනු රූප ගත කොට අවසන් දර්ශන ලැයිස්තුව හෝ නිරාවරණය කරන ලද සේයා පට රීලයක ඇතුළත් දේ
පිළිබඳ ලැයිස්තුව යන්නයි.නිවැරදි ඩෝප් ලැයිස්තුවක් තබා ගැනීමේ වගකීම දරන්නේ සහාය
කැමරා ශිල්පියාය යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසන්නේය.
ඔහු වෘත්තියෙන් වරලත්
ගණකාධිකාරිවරයෙකි.එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයයේ උපාධිධරයෙකි.දෙස් විදෙස් බැංකු
රැසක සෙවය කළ හෙතෙම කළමණාකරණ ක්ෂේත්රයේ උපදේශකවරයෙකු ද විය.මෙර බොහෝ පුවත්පත් වලට
ඉංග්‍රීසියෙන් කළමණාකරණ විෂය පිළිබඳ ලියූ හෙතෙම ව්‍යාපාරිකයකු ද විය.ඔහු අබා
චිත්‍රපටය නිපද වනුයේ එයින් පසුවය.

ඉහළ පේ්රක්ෂක ප්‍රතිචාර
මැද දින 50 සපුරන
විජය කුවේණී
චිත්‍රපටය සඳහා විශිෂ්ට
ගමනක් වෙනුවෙන් සහයෝගය
ලබා දුන් සිනමා ශාලා 46 සඳහා
උපහාර පිදීමේ උත්සවයක් ලබන
25 වැනි සඳුදා පස්වරු 4.00 ට
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී පැවැත්වේ.
ශිරෝෂි රොමේෂිකා දිගු
කාලයකට පසු
නැවතත් රංගනයට අවතීර්ණ වී තිබේ.
ඒ පිනි වැස්සක් ටෙලි සිතුවම
සමඟිනි. 









බොන්ෂුවා, ප්‍රංශ භාෂිත රටවල සිනමා
උළෙල මෙම මස 16 – 24 දක්වා
බණ්ඩාරනායක අනුස්මරණ
සම්මන්ත්රණ ශාලාවේ බී. සී. අයි.
එස්. ශාලාවේදී පැවැත්වේ. ප්‍රංශය,
බෙල්ජියම, ස්විස්ටර්ලන්තය යන
රටවල් හි සංස්කෘතිය සහ සමාජීය
පසුබිම අළලා නිර්මාණය වූ
චිත්‍රපට මෙහිදී ප්‍රදර්ශනය වේ.
17 වැනිදා
සිය ආදරණීය පියාණන් වූ ෆේරඩී සිල්වා නාමය තවත් පරපුරකට ජීවමාන කළ ජනේෂ් සිල්වා
කලාකරුවා ස්වකීය මෙහෙවර නිමා කොට හීන් සීරුවේ ජීවන රග මඬලින් නික්ම ගියේය.
අයාල් ටෙලි වෘත්තාන්තයෙන්
වෙනස් ගමනක් ඇරැඹි චාමර
ජනරාජ් පීරිස්ගේ
අධ්‍යක්ෂණයෙන් හැඩවන පියවි
වෙනත් ඉසව්වක් සොයනා
ප්‍රේක්ෂකයා නැවත ටෙලිවිෂනය ඉදිරියේ
හිඳුවීමට සමත් වූ වෙනම මාවතක දිවෙන
ටෙලි වෘත්තාන්තයකි.
ඔබේ වෙනස් ගමන සාර්ථකද?
‘පියවි’ ටෙලි නාට්‍යය රූ ගැන්වීමේදී අමතක නොවන අවස්ථා ඇති.ඒ ගැන මතක් කළොත්?
අලුත්
නාට්‍යයක්.. පියල් කාරියවසම් අවුරුදු පහකට පමණ පසුව වේදිකාවට
ඇවිත්... ඒ රහස් උදවිය සමග පියල් මීට කලින් "කොන්තරාත්තුව"
කළා. ඉන් පසු "මාස්ටර් බිල්ඩර්" ඒ දෙකම පරිවර්තන. භීෂණය පදනම්
කරගෙන ඔහු "මට එරෙහිව මම" වේදිකාවට ගෙන ආවා. එය
ස්වතන්ත්‍රයක්. දැන් පියල් ආයෙත් ස්වතන්ත්‍ර නාට්‍යයක්
කරනවා. පියල් රඟහල දොරකොඩට පිවිසුණේ රහස් උදවිය සමගින්.
