මම තැපැල්හලට යමින් සිටියෙමි.දැරියක් බළල් පැටවකු අත දරා පාර අයිනේ සිටියා ය.
’අනේ මේ පැටිය අරං යන්ඩ!’ ඇය මඟ යන එන්නන්ගෙන් ඉල්ලා සිටියා ය.
කවුරුත් ඇය දෙස බලා, ඇගේ බස ගණන් නොගෙන ම තම ගමන යන්නට වූහ.
’අනේ මේ පැටිය අරං යන්ඩ!’
ඇය මගෙන් ද ඉල්ලීම කළා ය.
මම නැවති ඇගෙන් තොරතුරු විමසිමි.
’අනේ නැන්දෙ, මම පූස් පැටියන්ට හරිම ආදරෙයි. ඒ හින්දයි මං මේ පැටියව දුර ඉඳල ගෙදර අරං ආවෙ. ඒත් අම්ම කියනව, “එපා. උගෙ නැට්ට කැතයි” කියල. අනේ නැන්දෙ මේ සතාව ඔයා අරං යන්ඩ’
ඇය බළල් පැටවා මට දිගු කළා ය.
මම බළල් පැටවාගේ වල්ගය දෙස විමසිල්ලෙන් බැලීමි. කතාව ඇත්තකි. උගේ වල්ගය අගින් දෙකට බෙදී තිබේ. හරියට පියරු මලක් මෙනි.
අහිංසක දැරියගේ ඉල්ලීමට පිටු නොපෑ හැකිය. ඒ ඇරත්, බළල් පැටවාට මගේ හිත ගියේ ය.
එතැන් පටන් ඒ බළල් පැටවා අපේ ගෙදර සුරතලා බවට පත්වූයේ ය. කෙමෙන් ඌ ලොකු මහත් වූයේ සිත් අලවනසුලු සුන්දරත්වයක් උරුම කර ගනිමිනි.
තරුණ වියට එළඹි මේ හුරතලා දිනක් හිටිහැටියේ ම අතුරුදහන් වූයේ ය. සොයා බැලුව ද හමු නොවීය. මට දැනුණේ පාළුවකි. උගේ කෝප්පය හා පිඟාන නෙත ගැටෙන විට හිතට ශෝකයක් එන බැවින් මම ඒවා නොපෙනෙන තැනක සැඟවූයෙමි.
සති කිහිපයක් ගෙවී ගියේය.
රැයක බළල් හුරතලාගේ හඬ ඇසිණ. මම දොර හැරියෙමි. ඌ මා දෙපයේ ඇතිල්ලෙන්නට වූයේය. ඌ කියන කතාව මට නොතේරිණ.
කෝප්පය හා පිඟාන යළි එළියට ගන්නට කාලය ආවේය.
බළල් හුරතලා යාබද ගෙදරක බළල් හුරතලියක හා පෙමින් වෙළී ඇති බව මට වැටහිණ.
විටෙක ඌ වත්ත පහළට ගොස් යාබද නිවසෙහි වෙසෙන බළල් හුරතලිය අමතයි. එවිට ඇය ඔහු වෙත දිව එන්නීය. දෙදෙනා මුහුණට මුහුණ ළං කරගෙන මොන මොනවාදෝ කියා ගනිති.
බළල් හුරතලිය මවක වන ලකුණු පහළ වී ඇති බව පසුදිනෙකදී මට වැටහිණ.
දවසක් රෑ වැස්සේ ය. මම කුටියෙහි පියන් පතක් පමණක් විවර කොට පොතක් කියවමින් සිටියෙමි.
කළු පැහැති සතෙක් කටින් යමක් ඩැහැගෙන කවුළුවෙන් කුටියට වැදී යහන යට සැඟවෙනු මට පෙනිණ. මම විදුලි පන්දම ගෙන එල්ල කළෙමි. කාරණය මට පසක් විය. බළල් හුරතලිය මවක වී සිටී. ඇය පැටවා ද රැගෙන පියා ගේ නිවසට ම පැමිණ ඇත.
මම පරණ තුවායක් ගෙන තෙමී සිටි පැටවා ද මව ද පිසදැමීමි. අනතුරු ව කාඩ්බෝඩ් පෙට්ටියක් සොයාගෙනැ’විත් දෙදෙනාට සුව පහසුව සැලසීමි.
මම මවට කෑම ටිකක් දුනිමි. ඇය වගේ වගක් නැතිව අඩවන් දෑසින් බලා සිටියා ය. පැටවා ඇගේ කුසට පයින් අනිමින් කිරි උරා බොමින් සිටියේ ය. ඇය ඔහු තුරුලු කොටගෙන මවු සෙනෙහස විඳින්නීය. ඉතින් ඇයට මොන කෑමක් ද?
කෙටි කලක් ගතවිය.
බළල් පියා, මව සහ දියණිය සතුටින් විසූහ.
බළල් පියා දැන් ඉස්සර මෙන් පිඟානේ කෑම සියල්ල ගිල නොදමයි. ඌ කන්නේ බාගයකි. ඉන්පසු ඌ අමුතු හඬක් නංවයි.එවිට බළල් බිරිය පැමිණ සැමියා ඉතිරි කළ කොටස මහත් කැමැත්තකින් කා දමා තම මුහුණ සැමියාගේ මුහුණට ළං කරගෙන සිටින්නී ය.
විටෙක මට එදා බළල් පැටවා දුන් දැරිය සිහිපත් වෙයි. ඇය කොතැනක සිටිනවා දැයි නොදනිමි. ඇතැම් විට තැපැල් කන්තෝරු පාරේ දී ඇය අහම්බෙන් මුණගැසෙනු ඇති. එවිට මම ආරංචිය දෙමි.
’අනේ නැන්දෙ මටත් ආසයි බලන්ඩ! ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?’ ඇය එසේ කියනු ඇත.
ඇගේ මුහුණේ පිපෙන සතුට මට විඳගත හැකි ය.
සොබාදහම අපට කෙතරම් සුන්දර දේ දී තිබේ ද? විමසුම් ඇසත්, මැදිහත් සිතත්, අවබෝධයත් ඇත්නම් අපට ඒවායේ මිහිර විඳගත හැකිය.Copy Rights - Silumina


නාලන් මෙන්ඩිස්ගේ ''වාසනාවේවා'' ටෙලි නාට්‍යයේ උත්තරාගේ චරිතය රඟපාමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සහ ජනප්‍රියත්වයක් දිනාගත් සඳනි සුලක්නා චරිත මවන අලුත්ම චිත්‍රපටය වන ”සුරංගනා ලොවින් ඇවිත්” චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කර තිබේ.




























එය ටයිටස් තොටවත්ත ‘හඳයා’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවල නිරතව සිටි අවදිය බව මට මතකය.
උපන් දිනය?
ප්‍රේමවන්තයෙක් නැතිව ජීවිතයට පාලුවක් දැනෙන්නේ නැතිද?





මිය ගිය උවැසිය- මොනිකා කිවිදිය
20 සියවසේ ආරම්භයත් සමඟ අපගේ නවකතා කෙටිකතා ප්‍රබන්ධ කලාව වැඩුණේ එම රචකයන් බටහිර නව සාහිත්‍යාංගයන්ගෙන් ලද සුහද ආභාසයෙන්ය. ඩබ්ලිව්. ඒ. සිල්වා, හේමපාල මුනිදාස, පියදාස සිරිසේන, සයිමන් ද සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ආදී එම පුරෝගාමී ප්‍රබන්ධකරුවන්ගේ මුල් නිර්මාණයන් විමසන කල්හි පෙනී යන මූලික ලක්ෂණය වන්නේ ඔවුන් බටහිර සාහිත්‍යයේ දුර්වල අනුකාරකයන් නොව කිසියම් ස්වාධීන ප්‍රකෘතියක් සියක් ලකුණක් ඇත්තවුන් පිරිසක් බවය.
පුරාතන ලෝකයේ මතවාදයේ න්‍යෂ්ටිය වූයේ පුරෝණොක්තිය. මධ්‍යතන යුගයේදී මතවාදයේ න්‍යෂ්ටිය බවට ආගම පත්වූ අතර නූතන යුගයේදී එය හිමිවූයේ විද්‍යාවටය. වර්තමාන පශ්චාත් නූතන යුගයෙහි මතවාදය පාලනය කරනුයේ ජනමාධ්‍යය මගිනි. එහෙයින් ජනමාධ්‍යයත් පශ්චාත් නූතනත්වයත් අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවකි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය සන්නිවේදන සැලසුම් අධ්‍යයනාංශය මේ සබඳතාව මැනවින් වටහාගෙන ඇති බව පෙනී යන්නේ පශ්චාත් නූතනය හා සමකාලීන දෘශය සන්නිවේදන සැලසුම් කලා යනුවෙන් නව විෂය ක්ෂේත්රයක් හඳුන්වා දී ඇති හෙයිනි. අභිනවයෙන් හඳුන්වා දුන් මේ ක්ෂේත්රය ද ඇතුළත් දෘශ්‍ය සන්නිවේදන අධ්‍යයනාංශයේ අධිපති රංජිත් ධර්මතිලක මහතාගේ අදහස පශ්චාත්නූතනවාදය හඳුන්වා දීමේ අරමුණ නව දැනුම පද්ධතියකින් විද්‍යාර්ථියා පෝෂණය කරවීම බවයි. පශ්චාත් නූතනවාදයට බැනවදිමින් සිටිනවා වෙනුවට එහි හොඳ ලක්ෂණ අවශෝෂණයටත් අයහපත් ලක්ෂණ බැහැර කිරීමටත් කටයුතු යෙදිය යුතු බව ඔහුගේ අදහසයි.
අව්‍යාජත්වය හා අවංකකම තරම් සාහිත්‍ය නිර්මාණයක සාර්ථකත්වයට හේතු වන අන් දෙයක් නැත. තමා හොඳින් දන්නා විෂයයක් හෝ ලෝකයක් පිළිබඳ කරන අවංක ගවේෂණය යම් සාහිත්‍ය නිර්මාණයක් විශිෂ්ටත්වයට පත් කරන්නට හේතු වෙයි. මෙවර යෞවන සම්මාන ලත් නාට්‍යයක් වන ජනේලයෙන් පනින්නද? නාට්‍යය පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදය විඳිමින් රඟ දැක්විණ. බොහෝ සෙයින්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් සැදි ප්‍රේක්ෂාගාරය මෙම නාට්‍යය සමග බැඳෙන්නට හේතුව එහි අව්‍යාජත්වයයි. කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක වන ධනුෂිකා නයන කුමාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද තුමිඳු දොඩන්තැන්නගේ රචනයක් වන මෙම නාට්‍යය මගින් ගවේෂණය කෙරෙන්නේ වර්තමාන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ ජීවිතයයි. එය රචකයා සහ අධ්‍යක්ෂිකාව හොඳින්ම දන්නා ජීවිතයයි. කලාකරුවාගේ අව්‍යාජත්වය යනු තමා හොඳින් දන්නා ලෝකය පිළිබඳ අවංක ගවේෂණය මගින් එම ලෝකය සෘජුව නොදන්නා අයටත් විඳගත හැකි අනුභූතිමය ලෝකයක් බවට පෙරලීමය. හැකි නම් එම ලෝකය ඒ ලෝකයෙන් එහා ගිය අර්ථ විහිදවන රූපකමය අවකාශයක් බවට පෙරලීමය.

ශ්‍රී ලාංකික සාහිත්‍ය භූමිකාවේ ගජමන් නෝනාගේ සුලකුණ අතික්‍රමණය කිරීමට තබා ඊට සමීපවීමටවත් ශක්‍යතා සහිත කිවිවරියක නොපහළවීම ජාතියේ අභාග්‍යයක් බව කිවමනා ය. පවත්නා වූ ආර්ථික හා දේශපාලන හේඩාවෙන් ඔත්පල වූ සමාජයක සාහිත්‍යයේ පවතින යථා රූපීත්වයෙන් පවත්නා සමාජයට කළ හැකි මෙහෙය යම් ප්‍රමාණයකින් වටහාගෙන තිබුණේ මොනිකා රුවන්පතිරණ පමණි. කැපවීම සත්යාභ්යාසය බඳු ගුණාංග වර්ධනය කරගන්නේ නම් එබඳු පින් ඇත්තියකගේ කෘතියක් රස විඳීමට මෑතදී මා වෙත භාග්‍යයක් උදා විය. ඒ "තුන්වෙනි සීනුවට පෙර" නම් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය මෑතදී අප වෙත තිළිණ කළ උපුලා රත්නායක නම් ප්රතිභාවන්තියයි.