මට තරුණ පරම්පරාව අභියෝගයක්
නොවෙයි
කුමාරසිරි පතිරණ
අප
නුගේගොඩ නාගරික පරිසරයේ පිහිටා තිබූ ඒ නිවසට ගොඩවදින විට, සිරි
පොද මහ වැස්‌සක් බවට පරිවර්තනය වී තිබිණි. වැහි බිඳු බිම පතිත
වන හඬ ඇරුණු විට නිවස සිසාරා ඇසුණේ මින් පෙර ශ්‍රවණය නොකළ ගීත
කිහිපයක හඬය. නාගරික පරිසරයේ වුවද ඒ නිවසේ තිබුණේ එය ඉක්‌මවා
ගිය සන්සුන් බවකි.
මේ ගායක කුමාරසිරි පතිරණගේ නිවසයි. කුමාරසිරි පතිරණ ඉතා දිගු
කලක් රෝගාතුරව සිට නැවත සිය රසිකයන් අතරට පැමිණීම ඓශ්චර්යයක්
යෑයි ඔහු කියන්නේ එය මරණය අභිමුවට ගොස් නැවත පැමිණීමට තරම්
අසීරු වූ සැත්කමක් දක්‌වා වූ රෝග තත්ත්වයක් හේතුවෙනි. මෙය
මගේ "දෙවැනි ඉපැදීම" යෑයි කුමාරසිරි කියන්නේ එහෙයිනි.
"සිතින් පතා ඉන්නම්" පිවිතුරු හද ළඟ" වැනි ගීත රාශියක් නැවත
අලුත් වී රසිකයන්ට දෙනුයේ ඒ "දෙවැනි ඉපැදීම" නිසාය.
කුමාරසිරි පතිරණ මේ සියලු දැ ගැන විස්‌තර අප සමඟ බෙදා ගත්
අයුරුය.
"එක මොහොතක මම අසරණ වුණා කියන ආරංචියට රසික රසිකාවියෝ වැල
නොකැඩී මාව බලන්න එන්න පටන් ගත්තා. ඒ අය අඬ අඬා මා එක්‌ක කතා
කළා. කොච්චර සෙනඟ ආවාද කිව්වොත් ගෙදර ඉඩකඩ නැතිවෙන තරමට සෙනඟ
පිරුණා. ඇත්තටම මම එදා තේරුම් ගත්තා.
මට රසිකයෝ කොච්චර ආදරේද කියලා. අද මම මේ විදියට ඉන්නේ ඒ අයගේ
ශක්‌තිය මට ලැබුණු නිසයි. අසනීප වෙච්ච කාලේ මම කළේ දිගින්
දිගටම පොත් ලියපු එකයි..."
කුමාරසිරි පතිරණ ගායනයෙන් ලේඛන කලාවට යොමු වුණු බව රසිකයෝ
දන්නවා. ඒත් ඒ ගැන තව ටිකක් විස්‌තර දැනගන්න කැමැතියි.
ඕව්..... ඒක ටික කාලයක ඉඳන් මම ආශාවෙන් කරන දෙයක්. අනික මම ඒක
ඉස්‌කෝලේ යන කාලේ ඉඳලම කරපු දෙයක්. නමුත් පසුගිය කාලයේ සංගීත
ක්‍ෂේත්‍රයට එකතු වීමත් එක්‌කම මම ප්‍රිය කළ ලේඛන කලාව හා
සිතුවම්කරණය මගෙන් යම් තරමකට ගිලිහී ගියා. මට කාලයක් තිබ්බේත්
නෑ, ඒ නිසාම ඒක හිතෙනුත් අයින්වෙලා තිබ්බේ.
මම අසනීප වෙලා හිටපු පසුගිය කාලයේ නවකතා පොත් පහක් හා ළමා කතා
පොත් හැටක් ලියලා ඉවර කරලා තියෙනවා. ළමා කතා පොත් විස්‌සක
චිත්‍ර ඇඳලා දැන් වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. මගේ පළමු
නවකතාව "පිවිතුරු හද ළඟ" නමින් වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.
ඔබේ පළමු "කැපට් පටය" නිකුත් කළෙත් ඒ නමින් තමයි.
ඔව්.... ඒ නමින්ම තමයි මම නවකතාවත් එළිදැක්‌වූයේ.
ගායකයාට තිබ්බ ප්‍රතිචාරය නවකතා කරුවාටත් තියෙනවද?
ඔව් එහි පිටපත් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එළි
දක්‌වා තිබෙනවා. ලංකාවේ කිසිදු පොත්හලක එය මිලදී ගන්න නෑ.
දෙවැනි මුද්‍රණය මැයි මස මැද භාගයේ දී වෙළෙඳ පොළට නිකුත් වෙයි.
පොතේ ප්‍රකාශකයත් ඔබමයි.
ඔව්. මම ඒක පිටට දෙන්නේ නෑ. කර්තෘ ප්‍රකාශනයක් විදියටයි පොත
එළි දකින්නේ.
ගායකයා යටපත් වෙලා ලේඛකයා ඉස්‌මතු වෙන්නේ ගායකයාට ඇති ඉල්ලුම
අඩුවෙන නිසාද?
නෑ..... කිසිසේත්ම නෑ. මම අසනීප වෙලා හිටපු කාලයේ දී මම හිතුවේ
බොහෝ දෙනෙකුට මාව අමතක වෙලා ඇති කියලයි. මොකද මම වසර පහක හයක
පමණ කාලයක් රෝගාතුරව හිටියා. ඒ කාලයේ ක්‍ෂේත්‍රයට කිසිසේත්ම
සම්බන්ධ වෙලා හිටියේ නෑ. රූපවාහිනියක, ගුවන් විදුලියක මගේ ගීත
ඇහුණේම නෑ. හැබැයි ඊට පස්‌සේ මට මගේ ගීත ඇතුළත් සී.ඩී පට
තුනක්‌ම කරන්න ලැබුණේ මගේ ගීත වලට තිබෙන ඉල්ලුම නිසා කියලයි මම
හිතන්නේ. "සිතට ආපු ආදරේ" සිල් සුවඳත්, මගේ දේවී" කියන කැසට්
පට තුනම වෙළෙඳපොළට නිකුත් කළා. ඒවාට වෙළෙඳ ප්‍රචාරයක් හෝ යම්
කිසි ඇගයීමක් කිසිදු රූපවාහිනි නාලිකාවක හෝ ගුවන් විදුලි
නාලිකාව සිදුවුණේ නෑ. ඒ ගීත කිසිදු නාලිකාවක ප්‍රචාරය වෙන්නේ
නෑ.
ඒ ඔබට මේ වෙනකොට ක්‍ෂේත්‍රයේ එතරම්ම පිළිගැනීමක් නැති නිසා
නෙවෙයිද?
නෑ. මේ වෙනකොට තරුණ පරපුර වැඩියෙන්ම අහන්නේ මගේ ගීත එතරම්ම
අලෙවියක් ඒ සී.ඩී. පටවලට තිබෙනවා. මට ඇත්තටම දැන් කතා කරන්නේ,
හිතන්නවත් බැරි තරම් වයසේ රසිකයෝ. සමහර අය හත අට පංති වල
අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් ඒ අය කියන්නේ මාව දැකල නැති
වුණත් දැන් අහන බොහෝ ගීත වලට වඩා මේ ගීත වලට ඒ අය ප්‍රිය කරන
බවයි. මට මේ කාරණේ හොඳින්ම දැනිලා තියෙනවා. ඒ අය කියන්නේ මාව
රූපවාහිනි නාලිකාවක හෝ වේදිකාවෙන් දැකලා නැති බවයි. එයින්ම
පේනවා මාව ක්‍ෂේත්‍රයෙන් ප්‍රතික්‍ෂේප නොවුණ බවත් අලුත්
පරම්පරාවක් මාඑක්‌ක ඉන්න බවත්.
රූපවාහිනි නාලිකාවක කෙසේ වෙතත් වේදිකාවේදී ඔබ හෝ දකින්න නෑ
කියන්නේ කොහොමද ඔබ ප්‍රසංග වේදිකාව අත් හැරලද ?
නෑ.....නෑ. මට ඕන තරම් ප්‍රසංග තිබෙනවා හැබැයි මම
ප්‍රතිපත්තියක් විදිහට ප්‍රසංග වේදිකාවක මගේ ගීත ගායනා කරන
කොට ඒවා වීඩියෝ ගත කරන්න දෙන්නේ නෑ. මොකද ඊට පස්‌සේ ඒ ප්‍රසංග
තැටිගත කරලා "පේව්මන්ට්‌වල පවා විකුණන්න දාලා තියෙනවා. මම
හිතන්නේ අපේ වටිනාකම ඒ අය තුට්‌ටුවටම දානව කියලයි. එහෙම
දැක්‌කාම රසිකයන්ටත් අපිව එපා වෙනවා. අන්න ඒ වීඩියෝ පටවල මාව
දකින්න නැති නිසා වෙන්න ඇති ඔහොම කියන්නේ. මට මේ ගමන හරි
සැහැල්ලුයි..... සුන්දරයි මම බොහෝ විට රසික රසිකාවියන්
හඳුනාගන්නෙත් ප්‍රසංග වේදිකාව හරහා පමණයි.
පැරණි ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් මෙන් ඔබත් යෑපෙන්නේ ඔබේ
පැරණි ගීත වලින්මයි. ඇයි අලුත් ගීත නිර්මාණය නොවෙන්නේ? ඒවා
ජනප්‍රිය නොවෙයි කියලා හිතෙනවාද? අලුත් පරම්පරාව එක්‌ක හරි
හරියට නිර්මාණ කරන්න අපහසුද?.
නෑ..... මම කවදාවත් පරණ ගීත මතම යෑපෙන්න උත්සාහ දරන්නේ නෑ. මම
හැම මොහොතකම අලුත් නිර්මාණයකට ඉඩ හදාගන්නවා. මැයි මාසයේ මම
අලුත්ම ගීත එකතුවක් එළි දක්‌වන්න සූදානම්. ඒ හැම ගීතයකම ගී පද
රචකයා මම, තනු නිර්මාපකයා මම, සංගීත අධ්‍යක්‌ෂවරයාත් මමයි.
ඇත්තටම මට මේ මොහොත වනවිටත් අලුත් පරම්පරාව අභියෝගයක් නොවෙයි.
මට නිෂ්පාදකයොත් ඕන තරම් ඉන්නවා. ඒත් මම ඉදිරියේදී මගේම කැසට්
නිෂ්පාදන ආයතනයක් පටන් ගන්නවා. මගේ පුතා එක්‌ක මේ ව්‍යාපාරික
කටයුත්ත එළිදක්‌වන්නේ. කේ. පී. මියුසික් නමින් මගේ අලුත් ගීත
එකතුව එළි දැක්‌වෙන්නෙ ඒ නිෂ්පාදන ආයතනයෙන්.
සංවාදය - උදේශ සංජීව ගමගේ
ඡායාරූප - සිරිපාල හල්වල
Diyayina
Archives
-
▼
2012
(376)
-
▼
May
(61)
- ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී
- තාල 2012 ප්‍රසංගයේ මිහිර..
- "මං අහිංසක ගැහැණියක් බොලව්"
- සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැ...
- තිළිණ කඳුළු
- ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ
- දමිතා ඩුබායි- මැලේසියා
- ෂෙරිල් ගමේ කෙල්ලෙක්ලු
- අංජුලාගේ ජීවිතේට වෙනසක් ඕනෑලු!
- උඩින් යන්න කැමති චමුපා
- Menakaaaaaaaaaaaaaaaaaaaa............................
- මාධ්‍ය ගැනයි කියන්නේ ~ රාජිත දිසානායක
- චේතනා රණසිංහ Live in Concert
- සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්"
- හෘදය සාක්ෂිය නාට්‍යගත කිරීම: අතුල පතිරණගේ "දොළහක්"
- මං හොරෙන් ගමනක් ගියා කියල මඩක් යනව
- සිංහබාහු, සංස්කෘතික ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රිය...
- Dilini Lakmali
- Super Six
- සත්සියක් මල් දම් රැගෙන එන්නී කුවේණි
- මහා කලා නිර්මාණ ජනප්‍රිය රැල්ලට යට වෙන්නේ නැහැ
- ජෝ අබේවික්‍රම නම් වූ රංගධරයා
- විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ
- ඔබ විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
- ‘සොකරි සිය අභිමානවත් 200 වැනි දැක්ම 20 වැනිදා ටවර් හි
- ටෙලි විෂනයට 23 දා හිරු උදා වෙයි
- රොඩ්නිට ලණුවක්
- ඒ දවස උදා වෙනකල් මම ඇඟිලි ගනිනවා
- මම පළතුරුයි වටලප්පන් විතරයි කන්නේ.
- උදාරි සෙන්තොසාවේ සන්තොසින්
- සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගයට පිටපත් භාරගනු ලැබේ
- ඒ කතාව අමූලික බොරුවක්
- බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද?
- ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී
- රන්ජන් ගැහැනු චරිතයක
- ගැහැනු විතර ද චපල ?
- නර්තන පූජාවක් 12 වැනිදා
- මේ අරගල බඩගෝස්තරවාදීයි
- සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා
- මං පොලිසියේ තණකොළ ගැලෙව්වා
- බහිරවයෙක් කාර් එකේ නිදි
- සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර
- ‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’
- ගයත්රිට ආදරය කරන අහසක් තියෙනවලු
- MOKAK.....??? Gossip News Ekak....?
- මේ වෘත්තිය ස්ථිර නැහැ.ඒත් අපි ජිවත් වෙන්නේ මේකෙන්
- ඔබේ ආදරය නිර්වින්දනයට පත්වෙලාද?
- මට තරුණ පරම්පරාව අභියෝගයක් නොවෙයි
- ලංකා ආර්ට් වෙතින් නාට්‍ය e පුස්ථකාලයක්
- අනේ! බුදුනේ මේ අවනඩුවත් අසන්ට
- ළමා හඬින් බොදු බැති ගී
- රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි
- මෙන්න කොට්ටම්බා ස්ටාර්
- ඉතින් . . . දැන් මම යන්නේ කොහාටද?
- මොකටද බය වෙන්නේ. ඕවට බෙහෙත් තියෙනවා. -
- සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි.
- ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන
- ‘මල්ලි අර අක්කලට කියහං මේ වැවේ මිනී කන කිඹුල්ලු ඉන...
- දයාන්ගේ නිවස ගිනි අරන්
- ලංකා ආර්ට් තහනමට ලක්වෙයිද...???
- ලෙස්ටර් පෙන්වා දුන් සැබෑ නොවුණු සිහිනය....
-
▼
May
(61)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...11 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...9 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්‌ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
John Keells Properties partners with Chamari Athapaththu to lead the VIMAN Street Cricket Cup - The VIMAN Street Cricket Cup was officially launched at a press conference held on January 21, 2025, at Cinnamon Grand. This transformative initiative, led...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
මට තරුණ පරම්පරාව අභියෝගයක් නොවෙයි
Sunday, May 6, 2012සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:53 AM
Labels: ගායකයෝ, ජීවිත විත්ති
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment