රන්ජන් ගැහැනු චරිතයක

“මේ චිත්‍රපටය ගැන කතා කරන කොට මම රංගනයෙන් දායක වූ සුවිශේෂී චිත්‍රපටයක් ලෙස මම මෙය දකිනවා.
මෙහි නම ‘මායා’. එහි ප්‍රධාන චරිතය වන ‘මායා’ගේ චරිතයට තමයි මම පණ පොවන්නේ. මේ තුළ ගැඹුරු කතාවක් සමාජයට යහපත් පණිවුඩයක් ලබා දෙන කතා පුවතක් අන්තර්ගත වෙනවා.

ඔහු නොකළ වරදකට සමාජය සලකන ආකාරය මෙයින් නිරූපණය වෙනවා. ඇත්තටම සාරියක් ඇඳගෙන හාස්‍ය මුසු හැඟීමක් දනවන ගැහැනු පිරිමි මිශ්‍ර චරිතයක් තමයි ‘මායා කියන්නේ.
තවමත් රූගත වෙමින් තිබෙන මෙම චරිතය නිරූපණය කිරීමේදී මගේ රඟපෑම්, රූප විලාසය මේ හැම දෙයක් ගැනම මේ වන විටත් විවිධාකාර වූ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම මේ වකවානුවේ නිර්මාණය වන ඉතාම හොඳ චිත්‍රපට කිහිපයකම ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඒ ගැන ඇත්තටම දැනෙන්නේ සතුටක්. මාත් සමඟ ‘මායා’ චිත්‍රපටයට රංගනයෙන් පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි ඇතුළු නළු නිළි පිරිසක් දායක වෙනවා. මේ දිනවල මෙහි රූගත කිරීම් කොළඹදී සිදු වෙනවා.
මේ චිත්‍රපටය ‘කාන්චනා’ චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වුණත් එම කතාවම මෙහි අන්තර්ග වෙන්නේ නැහැ. එය තරමක් වෙනස් ආකාරයට තමයි නිර්මාණය වන්නේ. මෙහි අධ්‍යක්ෂණය ඉන්දියානු නිර්මාණවේදියකු වන ආරු විසින් ද කැමරාකරණය ඉන්දියානු කැමරා ශිල්පියකු වන ක්‍රිෂ්ණා විසින් ද සිදු කරනු ලබන අතර වේෂ නිරූපණය මෙරට වේෂ නිරූපණ ශිල්පියකු වන නලීන් විසින් ද සිදු කරනු ලබයි.
0 comments:
Post a Comment