වටලප්පම් සහ පලතුරු

මේ ළඟකදී අපේ හිතවතකුගේ මංගල සාදයක් තිබුණා.
ඇය මේ උත්සවයට සහභාගී වුණත් කෑම කන බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ බව දුටුව මනාල මහතා උමයංගනා ළඟට ඇවිත් කෑම කන්න ආරාධනා කළා.
මම පළතුරුයි වටලප්පන් විතරයි කන්නේ.
ඈ කීවේ සිනාසෙමින්. ඇය සහභගී වෙන හැම මංගල සාදයකදීම වටලප්පන් හා පළතුරු පමණක් ආහාරයට ගන්න බව දැන් ප්‍රසිද්ධ රහසක්.
හේතුව විදියට බොහෝ අය කියන්නේ උමයංගනාට තව ලස්සන වෙන්න ඕනේ වෙලා කියලා.
හැබැයි මොන දේ තිබුණත් වටලප්පන් නැතිනම් උමයංගනාගේ මුහුණ ඇඹුල් වෙනවා කියලත් ආරංචියි.
0 comments:
Post a Comment