මගේ චේතනාව රසිකයන්ට හොඳ ප්‍රසංගයක් තිළිණ කිරීමයි
එසේ ගැයු දෙරණ සිහින තරු අතරේ පෑයූ ඒ තාරකාවිය මේ 27 වැනිදා බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී සුලලිත ගායනයෙන් ගී අඹර හැඩ කරන්නේ ගී තාරකාවක ලෙසින් ඔබේ සිත් අහස පුරා පායමිනි. මේ ගී හඬ උරුම භාග්‍යවන්තිය දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් one තරගවලියේ අවසන් එකොළොස් දෙනා අතරට පැමිණි චේතනා රණසිංහයි.
චේතනා අපි මොනවද මුලින්ම කතා කරන්නේ?

මේ සිහින තරු පායන ගී ප්‍රසංගය හැඩට වැඩට ඉදිරිපත් කරන්නේ සාරංග දිසාසේකර.
ගීත එකතුවක් තිළිණ කරන්න හිතලා එහෙම නැද්ද?
ඒ ගැන නම් මම ටිකක් නෙමෙයි ගොඩාක් හොඳට හිතලා තියෙන්නේ.
එහෙනම් නොකළේ?
මුලින්ම මගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් කළොත් හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ ඉක්මනින්ම ගීිත එකතුවක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඇයි ප්‍රසංගය මුලින් කරන්න හිතුවේ?
ප්‍රසංගයේදී නොයෙක් ශෛලීන්ගෙන් යුත් මගේ ගීත ගණනාවක්ම එකවර සජීවීව අත්විඳින්න මගේ ආදරණිය රසික රසිකාවන්ට අවස්ථාව ලැබෙනවා. මම සහ ඔවුන් එදින ලබන ගී රස වින්දනයේ සොඳුරු අත්දැකීම් සමඟ මගේ ඊළඟ පියවර සාර්ථක කර ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

නෑ නෑ. ගායනය නම් කවදාවත්ම මගේ වෘත්තීය නම් වෙන එකක් නෑ. නමුත් මම ගායිකාවක් ලෙස ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට චේතනාගේ වෘත්තීය මොකක්ද?
ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ තමයි මම මගේ වෘත්තීය ගොඩ නගා ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් මම දෙරණ නාලිකාවේ මියුසික් ප්‍රෝගෑම් එකක් මෙහෙයවනවා. අපි දෙයක් කරනවා නම් ඒ දේ පිළිබඳ දැනුමක් ඇතිව කළ යුතුයි. ඒ නිසාම තමයි මම ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්න කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්නේ.
ඔබ ගායිකාවක් ලෙස අනන්‍යතාව ගොඩ නගා ගන්න බාහිර ස්වරූපයේ වෙනසක් සිදු කළාද?
මම මුලින්ම මගේ අනන්‍යතාව ගොඩ නගා ගන්න උත්සාහ කළේ මගේ කට හඬ තුළින්. ඊට පස්සේ නම් මගේ බාහිර ස්වරූපය ගැනත් හිතුවා. මම නොයෙකුත් ශෛලීන්ගෙන් යුත් ගීත ගායනා කළත් ඒ අතර වැඩිපුර තියෙන්නේ බටහිර ශෛලියේ ගීත. ඒ නිසා ප්‍රසංගවලදී නම් මම වැඩිපුර අඳින්නේ පළඳින්නේ බටහිර පන්නයට . හැබැයි හැම විලාසිතාවක්ම කරන්නේ යම් සීමාවක ඇතුළෙ ඉඳන්මයි.
‘ආ මඟ කෙටියි. යා යුතු මඟ දුරයි’ එහෙමද?
ඔව්, ඔව්, අධ්‍යාපනය සහ සංගීතය අමාරුවෙන් බැලන්ස් කරගෙන මම උසස් පෙළ කඩඉමෙන් ජය ගත්තා. සියලු අභියෝග ජයගෙන නිරතුරු නුවණැසින් තරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
චේතනාගේ චේතනාවකින්ම මේ කතාබහ නිමාව සටහන් කරන්න කැමතියි.
දැන් නම් මට තියෙන එකම චේතනාව 27 වැනිදාට මගේ ආදරණීය රසික රසිකාවන්ට සාර්ථක ප්‍රසංගයක් තිළිණ කිරීම. ඒ වගේම ගීත රැසක මිහිර විඳින්න ‘චේතනා රණසිංහ Live in Concert සමඟ එක්වෙන්න ඔබ සැමට ආරාධනා කරනවා.
0 comments:
Post a Comment