----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ලෙස්‌ටර් පෙන්වා දුන් සැබෑ නොවුණු සිහිනය....

Tuesday, May 1, 2012


සිංහල චිත්‍රපටයේ අභිවෘද්ධිය හා නැඟීම පිළිබඳව අවංකවම සැලකිලිමත් වූ අය පවා දේශීය චිත්‍රපට සංරක්‌ෂණාගාරයක්‌ පිහිටුවාලීමට මඳක්‌ කල්ගත වූවා වැඩි යයි කල්පනා කරති. ඇතැමුන් විසින් මතුකළ හැකි සාධාරණ ප්‍රශ්නයක්‌ නම් චිත්‍රපට සංරක්‌ෂණාගාරයකින් රැකගත යුතු යමක්‌ ඉකුත් කාලය තුළ බිහිවුණිද යන්නයි. ලෝකයේ ශේ්‍රෂ්ඨතම චිත්‍රපට කෞතුකාගාරයන් ගෙන් කෞතුකාගාරයට එක්‌තරා නිලධාරියකු විසින් මා කැඳවා ගෙන යනු ලැබ ඇති පැරැණි නිශ්ශබ්ද චිත්‍රපට පෙළක්‌ දැක, වරද අවබෝධ වන තුරු මේ ප්‍රශ්නය මම ද බොහෝ විට නැඟුවෙමි.

චිත්‍රපටය වූ කලි එතෙක්‌ සොයා ගන්නා ලද ඉතාම පහත් ගනයට අයත් විනෝදාංශයක්‌ බව පෙන්වාදීමට කලාකාමීන් නොගත් තැතක්‌ නැත. එහෙත් සත්‍යය නම්, ඒ දළදඬු සහ

පැරැණි චිත්‍රපටයන්ම ජගත් චිත්‍රපට සංරක්‌ෂණාගාරයන්හි ශ්‍රේෂ්ඨ තැනක්‌ ඉසිලීමට සමත් වී තිබීමයි. ඉතිහාසඥයාටද, විචාරකයාටද ඒ මගින් ලැබෙනුයේ හුදු විද්‍යාත්මක ආශ්වාදයක්‌ පමණි. එහෙත් මෙහි ලා වැදගත් කාරණය නම්, සුරක්‌ෂිත කොට තබාගැනීමට තරම් අගයක්‌ ඒ තුළ ඇතිවීමයි. මෙයින් ගත යුතු උපදේශය පැහැදිලිය. අනාගත පරම්පරාව පිළිබඳව ඇත්ත වශයෙන් අපේක්‌ෂා ඇති කර ගැන්ම උගහට කාරණයකි.

ඉකුත් කාලය තුළ පැවති සිංහල චිත්‍රපට නිෂ්පාදනය දෙස හැරී බැලුවහොත්, චිත්‍රපට යයි මෙරටට ලැබී තිබෙනුයේ කෙතරම් වල්පල් රැසක්‌ දැයි තේරුම් යනවා ඇත. අපේ චිත්‍රපටවල රඟදැක්‌වීම කෙතරම් පැරැණි මුහුණුවරකින් යුත් අස්‌වාභාවික තත්ත්වයක්‌ භාජනය කරන්නේද? අපේ කතාන්තර චිත්‍රපට කෙතරම් ලාමකද? අපේ සංගීතය කෙතරම් නීරසද? අපේ නාට්‍ය කෙතරම් අසභ්‍යද? පෙනී යනු නිසැකය. කොටින්ම කියතොත් අපගේ සැලැස්‌ම කෙතරම් අප්‍රසන්නද කියා කල්පනා කළහොත් එය සාධාරණ කල්පනාවක්‌ යයි කිව හැක. කිසිදු ප්‍රවෘත්ති චිත්‍රපටයකින් නිරූපණය නොකෙරෙන තරම් අපේ ජනතාවගේ ජීවිතය සහ සිතුම් පැතුම් විදහා පෙන්වන වාර්තාවක්‌, වෘතාන්ත චිත්‍රපට මගින් ඉදිරිපත් කරනු ඇත. මේවා වූ කලී චිත්‍රපට සංරක්‌ෂණාගාරයක නිත්‍ය ස්‌ථානයක්‌ නිරායාසයෙන් භජනය කරන අගනා දේවල් විය හැක. මෙතැන් සිට අවුරුදු පනහක්‌ පමණ කල් ගිය විට, මේ කාල සීමාවේ කෘති පැරැණියන්ගේ වැඩ ලෙස සැලකෙන අතර එයින් සමහරක්‌ ආධුනිකයන්ට ප්‍රයෝජනයක්‌ ගෙන දෙමින්, ඉතිහාසඥයන්ට සහ සමාජ විද්‍යාඥයන්ට ද අත්‍යවශ්‍ය සේවයක්‌ සලසන බවට කිසිදු සැකයක්‌ නැත.

අනික්‌ අතින් බලන විට, යටත් පිරිසෙයින් ඓතිහාසික වැදගත්කම මත හෝ චිත්‍රපටයක්‌ සුරක්‌ෂිතව තබා නොගැනීම අතිශය සංවේගජනක සිද්ධියකි. ඉන්දියාවේ ශබ්ද චිත්‍රපට කලාවට විසිපස්‌ අවුරුද්දක්‌ සම්පූර්ණ වීම නිමිති කොට ඉන්දියානු චිත්‍රපට කර්මාන්ත සංවිධානය මගින් උත්සවයක්‌ පැවැත්වූ බව මෙහිලා උදාහරණයක්‌ වශයෙන් දැක්‌විය හැක. කිසිදු තැනකින්වත් එහි පිටපතක්‌ ලබාගත නොහැකි විය. රටපුරාම ඒ සම්බන්ධයෙන් සෙවීමක්‌ කළ නමුත්, එයිනුදු පලක්‌ නොවූයෙන්, අවසන් මොහොතේ දී මුල් කොපියේ දිරාගිය පැරැණි කොටස්‌ කීපයක්‌ පමණක්‌ මේ උත්සවය සඳහා ඉදිරිපත් කිරීමෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

සිංහල චිත්‍රපටයේ ආරක්‌ෂා කරගත යුතු තරම් කිසිවක්‌ නැතැයි මොහොතකට සිතමු. එසේ නම් ප්‍රවෘත්ති චිත්‍රපට ආදී ලේඛනාත්මක දේවල් ගැන කවර කතාද? එහෙත් සියලු දෙයක්‌ ගැන සැක උපදවන්නන් විසින් පවා මේවායේ ඉතා අනර්ඝ වටිනාකම් තිබෙන බව පිළිගන්නවා ඇත. විද්‍යාත්මක වැඩ පිළිවෙළක්‌ අනුව මෙහෙයවනු ලබන චිත්‍රපට කෞතුකාගාරයක්‌ පිහිටුවීමට කටයුතු කළහොත් එමගින් ලංකාවේ චිත්‍රපට සියවස්‌ ගණනාවක්‌ සුරක්‌ෂිත කොට තබාගත හැක. චිත්‍රපට සංරක්‌ෂණාගාරයක්‌ පිළිබඳ වූ අතිශයින් වැදගත් එක්‌ අංශයක්‌ ගැන පමණක්‌ මෙතෙක්‌ කරුණු දැක්‌වූයෙමි. එනම්, දේශීය චිත්‍රපට සම්බන්ධව ප්‍රයෝජනවත් වූද, වටිනා වූද අංශය වන ඒවා සුරක්‌ෂිත කිරීමයි. ඒ හා සමාන ම වැදගත් වූද, ලංකාව වැනි රටකට අත්‍යවශ්‍ය යයි කිව හැකි වූද, තවත් අංශයක්‌ තිබේ. චිත්‍රපට සංරක්‌ෂණාගාරයක්‌ වූ කලි දේශීය වස්‌තුවක්‌ පමණක්‌ නොව, අන්තර් දේශීය වස්‌තුවක්‌ද වේ. එහි ආරක්‌ෂාව යටතේ තිබෙනුයේ රටකට පමණක්‌ සීමා වූ චිත්‍රපට ම නොව, ලෝකය් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ ශේ්‍රෂ්ඨ කෘතීන්ද වේ. ප්‍රසිද්ධ පුස්‌තකාලයකින් නම් අතක්‌ දිගු කිරීමෙන් ඕනෑම ජගත් සාහිත්‍යමය කෘතියක්‌ ලබාගත හැකිවුවද ශේ්‍රෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකයන්ගේ අමරණීය කෘතීන්වල පිටපත් එතරම් පහසුවෙන් ලබාගත නොහේ. චිත්‍රපට ණයට දීම සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම යන දෙකරුණම චිත්‍රපට කෞතුකාගාරයක මෙහෙය වශයෙන් සැලකෙනුයේ එහෙයිනි.

ලන්ඩන්හි බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය බඳු චිත්‍රපට සංරක්‌ෂණාගාරයන්හි චිත්‍රපට 7000 ක්‌ද, 1895 දී තරම් නිපදවන ලද නිශ්චල චිත්‍රපට 1,50,000 ක්‌ද තිබේ. නිව්යෝර්ක්‌හි තිබෙන නවීන කලා කෞතුකාගාරයේ චිත්‍රපට අඩි දශලක්‌ෂයක්‌ද, නවීන කලා කෞතුකාගාරයේ චිත්‍රපට අඩි දශලක්‌ෂයක්‌ පමණද, නිශ්ශබ්ද චිත්‍රපට ආදිය 500,000 ක්‌ පමණ ද තිබේ. පැරීසියේ සිනමැතකේ ප්‍රාන්ෂේ නමැති චිත්‍රපට සංරක්‌ෂණාගාරයෙහි චිත්‍රපට 28,700 ක්‌ද පොත් 5000 ක්‌ද, නිශ්ශබ්ද චිත්‍රපට 200,000 ක්‌ද තවත් විවිධ මෝස්‌තර චිත්‍රපට මහත් රාශියක්‌ද අසුරා තිබේ. තවද ලිස්‌බන්, පීකිං, සාවෝපෝලෝ, ස්‌ටොක්‌හෝල්ම්, බුඩාපෙස්‌ට්‌, බුවෙනොස්‌ අයර්ස්‌, කැන්බරා සහ කෝපන්හේගන් යන නගරවලද චිත්‍රපට සංරක්‌ෂණාගාර පිහිටුවා තිබේ. මේ සියලුම චිත්‍රපට සංරක්‌ෂණාගාර දැන් රටවල් 30 ක සාමාජිකත්වයෙන් යුත් ජාත්‍යන්තර චිත්‍රපට සංරක්‌ෂණාගාර ඒකාබද්ධ මණ්‌ඩලයකට සම්බන්ධ කොට තිබේ. මෙහි සාමාජික රටවල්වලට ලැබී තිබෙන ප්‍රයෝජන සහ පහසුකම් බොහෝය. එනම් ඇතැම් චිත්‍රපටවල පිටපත් ඉතා සුළු මුදලකට ලබාගත හැකි වේ. දේශීය චිත්‍රපට හුවමාරු කරගත හැකි වේ. තවද සම්පූර්ණ දේශීය සහ ඓතිහාසික චිත්‍රපට වැඩසටහන් ණයට ගැනීමට පවා කටයුතු පිළියෙල කරගත හැකිය.

චිත්‍රපට උපත, නිශ්ශබ්ද චිත්‍රපටයේ මුල් අවධිය ද eක්‌වෙන චිත්‍රපට, ස්‌ලැප්ස්‌ටික්‌ විකට නාට්‍ය චිත්‍රපටය, ගි්‍රපිත්ගේ සහ ස්‌ට්‍රොaහීම්, අයිසෙන්ස්‌ටයින්, පුඩෝව්කින්, දෝහෙන්කෝ ආදී ශේ්‍රෂ්ඨ රුසියන් සිනමාකරුවන්ගේ කෘතීන්, ශේ්‍රෂ්ඨ ප්‍රංශ සහ ජර්මන් නිෂ්පාදකයන්ගේ කෘතීන් මේ වැඩ සටහන්වලට අයත්වේ.

මෙවැනි සම්භාවනීය සාහිත්‍යමය වූ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම දෙයාකාරයකින් වැදගත් වන්නේය. පළමුවෙන් මහජනයාගේ රසාස්‌වාදය දියුණු කරලීමට ඒවා මහෝපකාරී වේ. දෙවනුව, ඒවා ලොව පුරා සිටින චිත්‍රපට නිෂ්පාදකයන්ට නිරන්තරයෙන් ආශ්වාදයක්‌ ගෙන දෙන නිත්‍ය මාර්ගයෝ වෙති. චිත්‍රපට නිෂ්පාදකයන් යනුවෙන් මා අදහස්‌ කරනුයේ නිෂ්පාදකයන් සහ අධ්‍යක්‍ෂකවරුන් පමණක්‌ නොව, කැමරාකරුවන්, රචකයන්, සංස්‌කාරකයන් ආදී චිත්‍රපට කර්මාන්තයෙහි යෙදෙන සියලුම නිර්මාණ දායකත්වය ලබා දෙන්නෝ වෙත්.

සිංහල චිත්‍රපටයේ මෙන්ම මහජන රසාස්‌වාදයේද තත්ත්වය නඟාලීම පිළිබඳ වැදගම්මකට නැති කතාබස්‌ බොහෝ සේ කර තිබේ. චිත්‍රපට කලාවේ අතීත අගනා කෘතිවලින් හාත්පසින්ම වාගේ වෙන්ව සිට මහජන රසාස්‌වාදයක්‌ දියුණු කරලිය හැක්‌කේ කෙසේද? බෙදාහරින්නන් විසින් සම්භාවනීය චිත්‍රපට පෙන්වනු නොලැබේ. එසේ කිරීමෙන් ඔවුනට මුදල් ගැරිය නොහැක.

දේශීය චිත්‍රපට කලාවේ අනාගතය ර¹ ඇත්තේ විනෝදයට වඩා සිරිතක්‌ වශයෙන් චිත්‍රපට නරඹන සාමාන්‍ය රසිකයන් නිසාය.එමෙන්ම තවම දෝෂයෙන් දූෂිත නොවූ අප ළමා පෙළේ රසාස්‌වාදය නියම ලෙස හැඩ ගසා ගැනීමට හැකිවීම මතිනි.

චිත්‍රපට සමාගම් ව්‍යාපාරය නගරවල පමණක්‌ නොව පාඨශාලාවලද පැතිරවීමට දිරිදිය යුතුයි. මෙහිලා අන් හැම එකකටම වඩා බාල පරම්පරාවේ රසාස්‌වාදය දියුණු කරලීමට ඉදරිපත් වී සිටින පාඨශාලාවලට සහ චිත්‍රපට සමාජවලට මිලිමීටර් 16 යේ චිත්‍රපට ණයට දීමට හැකිවන මධ්‍යම චිත්‍රපට සංරක්‌ෂණාගාරයක්‌ පිහිටුවාලිය යුතු බව සඳහන් කළ යුතුය. එයවූ කලී නියම වර්ගයේ චිත්‍රපට ලබාගත හැක්‌කා වූද ඒවා ලංකාවේ බෙදාහැරිය හැක්‌කා වූද චිත්‍රපට සංරක්‌ෂණාගාරයක්‌ විය යුතුය.

අපේ චිත්‍රපට නිෂ්පාදකයන් ගැන කිවයුත්තේ කුමක්‌ද? ඔවුන්ගේ රසාස්‌වාදයේ තත්ත්වය නම් ඉතාමත් ෙ€දජනකය. අපේ චිත්‍රපට නිෂ්පාදකයන් ගෙන් සියේට අනූ දෙනකු පමණ ඔවුනගේ කාර්යයන්ගෙන් පිටස්‌තරව ඇති චිත්‍රපට පිළිබඳව කිසිත් නොදනිති. ඔවුන් මහත් අභිරුචියකින් අනුගමනය කරනු ලබන දකුණු ඉන්දියානු චිත්‍රපට කලාව, ඔවුන්ගේම රටේ අපක්‌ෂපාත විචාරකයන් පිළිගන්නේ ඉන්දියාවේ ඉතා පහත් චිත්‍රපට කලාව හැටියටය. කටුකොහොල්වලින් සහ අශිෂ්ටත්වයෙන් සංකීර්ණ වූ දකුණු ඉන්දියානු චාරිත්‍ර වාරිත්‍ර විධි යටතේ වෙනත් කිසිදු චිත්‍රපට නිෂ්පාදක ආයතනයක්‌ පිළිබඳ හැඟීමෙන් තොරව වැඩුණු අපගේ චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන්, කවර දැයක්‌ බලාපොරොත්තු විය හැකිද? එනිසා චිත්‍රපට කර්මාන්තය හදාරන සියල්ලන් සඳහා විවෘතව පවතින්නා වූ සම්භාවනීය චිත්‍රපටයන්ගෙන් සමන්විත චිත්‍රපට සංරක්‌ෂණාගාරයක්‌ තිබීමේ ප්‍රයෝජනය ඉඳුරා පෙනී යා යුතුය. ඉන්දියාවේ සුප්‍රසිද්ධ බිමල් රෝයි විසින් "ටූ ඒකර්ස්‌ ඔප් ලෑන්ඩ්" (දෝ බිගා සමින්) නමැති අනඟිතම චිත්‍රපටය නිපදවන ලද්දේ ඉතාලි ජාතික නව චිත්‍රපටි නිෂ්පාදකයන්ගේ කෘතීන් නැරැඹූ අවධියේමය. එමෙන්ම ඉන්දියානු චිත්‍රපට කලාවේ උසස්‌ම චිත්‍රපටය වූ පතෙර්පංචාලි නමැති ශේ්‍රෂ්ඨතම චිත්‍රපටය නිපදවූ සත්‍යජිත් රායිද, උසස්‌ සාහිත්‍ය චිත්‍රපට ගැන මනා පළපුරුද්දක්‌ ඇතිව සිටි කෙනෙකි.

චිත්‍රපට සංරක්‌ෂණාගාරයක්‌ පිහිටුවාලීම වූ කලි ඉතා වියදම් යන කාර්යයකි. සුරක්‌ෂිත ස්‌ථාන තැනිය යුතුවාක්‌ මෙන්ම, ඉතා නවීන වූද විද්‍යාත්මක වූද තත්ත්වයකින් චිත්‍රපට අසුරා තැබිය යුතු වේ. එවැනි බැරෑරුම් ව්‍යාපාරයක්‌ ඇරැඹීම සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සහ පෞද්ගලික ආයතනවලටද මිල මුදල් නොමැති විය හැක. එහෙයින් ආණ්‌ඩුවේ ආධාරය අත්‍යවශ්‍ය වන්නේය.

වායුසමන ආරක්‌ෂක ස්‌ථානයන්හි විද්‍යානුකූලව චිත්‍රපට සුරක්‌ෂිත කොට තැබීමද, චිත්‍රපට බැහැරදෙන මධ්‍යස්‌ථානයක්‌ සහ චිත්‍රපට ආරක්‌ෂක ස්‌ථානයක්‌ද මුදල් ඉපැයීම සඳහා නොවන චිත්‍රපට ප්‍රදර්ශනාගාරයක්‌ ද දේශීය චිත්‍රපට කෞතුකාගාරයක අත්‍යවශ්‍ය අංගෝපාංග වේ.

පරිවර්තනය - පියසේන වික්‍රමගේ


DIVAYINA news papaer

0 comments:

Post a Comment