----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්‌"

Thursday, May 24, 2012

සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්‌"

තිස්‌ස ජයතිලක

'සුද්දෙක්‌ ඔබ අමතයි' යනු සම්ප්‍රදායික නාට්‍යයක්‌ නොවේ. සැබවින් ම එහි නම අපේ අවධානය වහාම දිනාගන්නා නමක්‌ වුව ද ඒ නම මගින් නාට්‍යය පිළිබ`ද පූර්ව විනිශ්චයක්‌ ලබාගැනීම නිවැරදි නොවේ. එයට හේතුව සුද්දෙක්‌ ප්‍රේක්‌ෂකයන් ඇමතීම සිදුවන්නේ නාට්‍යයේ පළමු ජවනිකාව තුළ දී පමණක්‌ වන හෙයිනි. එහි දෙවැනි ජවනිකාවේ දී ඉතිහාසය ඔබ ඇමතීම ද තුන්වැනි ජවනිකාවේ දී ස්‌ත්‍රියක්‌ ඔබ ඇමතීම ද සිදුවේ. මේ අනුව සුද්දෙක්‌ ඔබ අමතයි කොටස්‌ තුනකින් යුත් නාට්‍යයකි. එහි සෑම ජවනිකාවක්‌ ම ස්‌වාධීන ව වුව ද රස වි`දීමේ හැකියාවක්‌ පවතින නමුත් අපූර්ව ආකාරයකින් ඒවා එකිනෙක සම`ග බැ`දී පැවතීම ද දැකිය හැකිය. 'සුද්දෙක්‌' ඇරිස්‌ටෝටලියානු නාට්‍ය ආකෘතියට අයත් නොවේ. එය වනාහී නිර්මාණශීලී පර්යේෂණාත්මක එහෙත් ඉතා ආකර්ෂණීය නව රංග රීතියකි. ගීත, නැටුම් හා වර්තමාන සමාජ දේශපාලන සිදුවීම් කරා යොමු වූ තියුණු හා අර්ථපූර්ණ දෙබස්‌ සමගින් සංකලනය වූ අධිවේගී යෑයි කිවහැකි රංග රීතියක්‌ එහි පවතියි. උපහාසය හා හාස්‍යය එම දෙබස්‌වල (කථනයේ) නිස`ගයෙන් ම අන්තර්ගතය. ඒ අනුව 'සුද්දෙක්‌ ඔබ අමතයි' හැ`දින්විය යුත්තේ ප්‍රේක්‌ෂකයා සම`ග හෘදය සංවාදයක යෙදෙමින් බටහිර සම`ග අපේ පවත්නා සම්බන්ධතාව කුමක්‌ ද? අපේ ඉතිහාසය අපට අමතක ද? අපේ ප්‍රතිපත්ති විරහිත දේශපාලන සංස්‌කෘතිය තුළ අප වි`දින අධ්‍යාත්මික ෙ€දවාචකය කොතරම් ද, පිරිමි හා ස්‌ත්‍රිය ලෙස කරන ලද සංකල්පගත කිරීම් තුළ අමතක වී යන්නේ පොදු මනුෂ්‍යත්වය නොවේ ද? ආදී වර්තමානය තුළ හෘද සාක්‌ෂියට හා බුද්ධියට වද දෙන මාතෘකාවන් පිළිබ`දව ප්‍රේක්‌ෂකාගාරයේ කල්පනාව, අවධානය, උද්යෝගය අවදි කරමින් ප්‍රේක්‌ෂකයා සම`ග දැවැන්ත හා ගැඹුරු සංවාදයකට මුල පුරන නවතම නාට්‍ය ක්‍රමයක්‌ වශයෙනි.

මේ නාට්‍ය ආකෘතිය හා සමානත්වයක්‌ දක්‌වන බටහිර නාට්‍ය වෙතින් උදාහරණ ගන්නේ නම් මට වැටහෙන්නේ බර්නාඩ් ෂෝ බ්‍රෙෂ්ට්‌ හා චෙකොµaගේ නාට්‍ය (ඔහුගේ ද බෙයාර්, ද ප්‍රොපෝසොල් සහ හාම්µqල්නස්‌ ඔµa ස්‌මෝකින් වැනි කෙටි නාට්‍ය) තුළ පවත්නා යම් යම් අංග ලක්‌ෂණ උදයසිරි වික්‍රමරත්නගේ නාට්‍ය ආකෘතිය තුළ දැකිය හැකි බවය. බර්නාඩ් ෂෝගේ සහ බ්‍රෙෂ්ට්‌ගේ නාට්‍යවල ඇති ආකාරයේ උද්වේගකාරී නොඑසේනම් ආන්දොaලනාත්මක මාතෘකා, ප්‍රශ්න ප්‍රේක්‌ෂකාගාරය වෙත එල්ලකිරීම වික්‍රමරත්නගේ නාට්‍යය තුළ දැකිය හැකිය. එසේ ම ෂෝගේ, බ්‍රෙෂ්ට්‌ගේ සහ චෙකොව්ගේ නාට්‍ය තුළ මෙන් ම 'සුද්දෙක්‌' තුළ පවත්නා විනෝදාත්මක නොඑසේනම් වින්දනීය අංශය ද ඉතා ප්‍රබලය. එනම් මේ නාට්‍යය එකවරම උපදේශාත්මක හා වින්දනීය වේ. ඒ අනුව ප්‍රේක්‌ෂකාගාරය අත්පොළසන් හා සිනාහ`ඩ මැද විනෝදයෙන් ගිsලීයන මොහොතක්‌ තුළ පවා ප්‍රේක්‌ෂකයාට කල්පනා වන්නේ මේ මොහොතේ එසේ සිනහා වුවත් පසුව විවේකීව කල්පනා කිරීම ස`දහා ඒ තුළ බොහෝ දේ අන්තර්ගත බවය. එනම් එය තුළ ම සිනාවක්‌ තිබුණ ද සිනාව තුළින් අමතක කළ නොහැකි ප්‍රබල සමාජ අනුභූතියක්‌ ඒ තුළ ගැබ් ව පවතියි. ඒ වෙනුවට සිනාව හෝ ශෝකය සම`ග බුද්ධිය තුළට ගමන් ගන්නා සමාජ අනුභූතියක්‌ බැ`දී පවතියි.

නාට්‍යය ආරම්භ වන්නේ අප සැබෑ ලෝකයෙන් මනඃකල්පිත ලෝකයකට රැගෙන යමින් වුව ද නාට්‍යය ගලායැමත් සම`ග නාට්‍යමය කාලය වෙනුවට සැබෑ කාලය වෙත යළිත් ප්‍රේක්‌ෂකාගාරය ගෙන ඒමට නාට්‍ය රචකයා සවිඥනකව ක්‍රියාත්මක වන බව පෙනේ. උදාහරණයක්‌ වශයෙන් අප අමතන 'සුද්දා' 'සුද්දෙක්‌' නොවේ. ඔහු වනාහී සුදු මිනිසෙකුගේ චරිතය ර`ගපාන ශ්‍රී ලාංකිකයෙකි. ඒ බව ප්‍රේක්‌ෂකාගාරය වෙත ගෙන ඒම ස`දහා එම අංකය අවසානයේ ගෙන එන්නේ අපූරු උපක්‍රමයකි. එනම් සුද්දා වේදිකාව මත වන කළයකින් පොල්කට්‌ටකට වතුර නමාගෙන පානය කරනු ලබන ආකාරය දැක්‌වීමයි. වතුර බී ඔහු පවසන්නේ මේ චරිතය සෑහෙන වේලාවක්‌ ර`ග දක්‌වමින් සිටි නිසා බුලත් විටක්‌ කන්නටද අතපසු වූ බවය. එනම් 'සුද්දා' ශ්‍රී ලාංකිකයෙකු බවට පත්කිරීම මෙහිදී සිදුවේ.

දෙවන අංකයේ දී නාට්‍යකරුවා පවසන්නේ අතීතය වන්දනා කිරීමෙන් පමණක්‌ අපට රටක්‌ වශයෙන් පෙරට යා නොහැකිය යන්න බව මගේ අදහසයි. අතීතය නොඑසේනම් ඉතිහාසය හො`දින් දන්නා හා ඒ අනුව අනාගතය දැකිය හැකි අය මේ රටට අවශ්‍ය බව නාට්‍යකරුවා පවසයි. 'අපට ඕනෑ අතීතයයි අනාගතයයි දෙකම දන්නා මිනිස්‌සු, මුල අමතක නොකරපු මිනිස්‌සු' මනෝරත්නයන් ප්‍රේක්‌ෂකාගාරයට එසේ ආමන්ත්‍රණය කරයි. අප නැවත වරක්‌ අපේ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය, අපේ පාරම්පරික නැටුම් ශිල්පය, ජනකවි, පාළි සංස්‌කෘත උගත යුතු බව එහිදී ප්‍රකාශ වේ. එනම් එමගින් කියනු ලබන්නේ අපේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය අතීත දායාද අප ඉගෙන රැකගෙන පෝෂණය කළ යුතු බවයි. බටහිරින් හෝ වෙනත් දේශයන් වෙතින් පමණක්‌ නොව අතීතයෙන් ද අප රටට අවශ්‍ය දේ රැස්‌කරගත යුතු බව නාට්‍යකරුවා හ`ගවන්නේ මෙසේය. 'හිසරදේට පැරසිටමෝල් විතරක්‌ නෙමෙයි කොත්තමල්ලිත් තියෙන එක කොච්චර සහනයක්‌ ද ?' අප අග මුල දැන සිටිය යුතු බව නාට්‍යකරුවාගේ අදහසයි. ඉතිහාසය සරල ව ග්‍රහණය කරගැනීමට නොහැකිය. අද බොහෝවිට කරනු ලබන්නේ ඉතිහාසයේ වැදගත්කම පෙන්වාදීම නොව ඉතිහාසය පුද්ගල වාසි වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීමයි, දේශපාලන පටු වාසි උදෙසා අවශ්‍ය ආකාරයට ඉතිහාසය අර්ථ දැක්‌වීමයි. ඉතිහාසය පුද්ගල වාසිය වෙනුවෙන් අර්ථ දැක්‌වීම නොකළ යුත්තකි. ඉතිහාසයට හිමි ගෞරවය දෙමින් එය සාධාරණව අර්ථ ගැන්වීම හා අවබෝධ කරගැනීම පුරවැසියන්ගේ වගකීමයි. විවිධ අය විසින් විවිධ ආකාරයේ අරමුණු වෙනුවෙන් ඉතිහාසය යොදාගැනීම ගැන අප ප්‍රවේසම් විය යුතුය. එසේ කිරීමට හැකිවන්නේ ද එක්‌ අතකට අප ඉතිහාසය නොදන්නා බැවිනි. ඉතිහාසය පිළිබ`ද පුල් එසේම ජීවිතය හා බැ`දුණු දෘෂ්ටියකින් බැලීම 'සුද්දෙක්‌' තුළ සිදුවෙයි. ඉතිහාසය පොතපතේ මෙන් ම තමන් තුළ ද පවතින සජීවී දෙයක්‌ බව මතක්‌ කරදීම මෙහිsදී සිදුවන වැදගත්ම කර්තව්‍යයකි. මෙහි අදහස නම් ඉතිහාසය ඔබ තුළ ම පවතින බවය. එනම් ඉතිහාසය ඔබෙන් පැහැරගැනීමට නොහැකි බවය. එහෙත් අද පුද්ගලික අරමුණ සාධනය කරගැනීම ස`දහා ඉතිහාසය යොදාගැනීමේ දී සිදුවන්නේ පුද්ගලයා වෙතින් ඉතිහාසය පැහැරගැනීමක්‌ නොවේ ද? එනිසා ම පොතේ දකින ඉතිහාසය පමණක්‌ නොව තමන් තුළ පිළිබිඹු වන ඉතිහාසය පිළිබ`ද ව සවිඥනක වීමට ප්‍රේක්‌ෂකයාට ආරාධනා කෙරෙයි.

එහෙත් ඒ සම`ග ම මා විසින් කලා නිර්මාණයක පවතින හා පැවතිය යුතු තවත් ලක්‌ෂණයක්‌ ගැන ස`දහන් නොකළහොත් මේ විචාරය අංග සම්පූර්ණ නොවන එකක්‌ බවට පත්වීමට ඉඩ ඇත. එනම් කලා නිර්මාණයක්‌ වෙනත් ආකාරයකින් විස්‌තර කිරීමට නොහැකි වීමය. වෙනත් යමකට එය නියෝජනය කළ නොහැකිවීමයි. එය එයටම පමණක්‌ අනන්‍යවීමයි. එනම් එය කුමක්‌දැයි වටහාගත හැක්‌කේ එය තමන් විසින් ම දැක ගැනීමෙන් හෝ කියවීමෙන් පමණක්‌ වීමයි. සීගිරි චිත්‍ර ගැන වචනයෙන් කොතරම් විස්‌තර කළත් සීගිරි චිත්‍ර යනු කුමක්‌දැයි දැනගත හැක්‌කේ සීගිරියට ගොස්‌ නැරඹීමෙන් පමණි. එනම් ඔබ ම ගොස්‌ ප්‍රත්‍යක්‌ෂ කර ගත යුතුය. (ඒහි පස්‌සිකෝ පච්චත්තං වේදිතබ්බෝ). ඒ නිසා මා කුමක්‌ කීවත් 'සුද්දෙක්‌ ඔබ අමතයි' ඔබ විසින් ම දැකබලා කුමක්‌දැයි ඔබ විසින් ම දැනගත යුතු ප්‍රත්‍යක්‌ෂ කරගත යුතු නිර්මාණයක්‌ යෑයි මා කියමි. එහිදී මට වෙනස්‌ අර්ථකථනයක්‌ ඔබ විසින් එයට ලබාදීමට ද ඉඩ තිබෙන බව මම පිළිගනිමි. ඒ අයිතිය ඔබට හිමි කරදෙමි. සැබවින් ම බහුවිධ කියවීම්, අර්ථකථනයන් ස`දහා ඉඩ තිබීම සාර්ථක කලා නිර්මාණයක ලක්‌ෂණයකි. එසේ වුවත් නිසැකවම කිව හැකි යමක්‌ ද ඇත. එනම් ප්‍රධාන සාමාජීය දේශපාලනික හා අධ්‍යාත්මික ප්‍රශ්න පිළිබ`දව අව්‍යාජ හා ගැඹුරු මැදිහත්වීමක අවශ්‍යතාව 'සුද්දෙක්‌' අවධාරණය කරන බවය. වර්තමානයේ පවතින පුද්ගලවාදී හෝ පටු දෘෂ්ටිකෝණවලින් ප්‍රශ්න දෙස බැලීමේ ආකල්පය බැහැර කොට පොදු දෘෂ්ටිකෝණයකින් අවංකව සංවේදී වීමේ වැදගත්කම ඉන් අවධාරණය වන බවය. සුද්දෙක්‌ සමාජයට ආරාධනා කරන්නේ ඒ වෙනුවෙනි. ගැටුම වෙනුවට සහනයත්, ආත්මාර්ථය වෙනුවට පරාර්ථයත්, කූට අපේක්‌ෂාවන් වෙනුවට අව්‍යාජත්වයත්, ඒක පාර්ශ්වීය වීම වෙනුවට මැදිහත් බවත්, කල්ලිවාදී නොවී ජාතික හෝ මිනිසත්වාදී දෘෂ්ටිකෝණයකිනුත් වර්තමාන සමාජ අර්බුදයන් ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලා සිටීම නාට්‍යකරුවාගේ ප්‍රධාන අභිප්‍රාය වශයෙන් දැක්‌විය හැකිය. සැබවින් ම පුද්ගලවාදී හා ලාභ අපේක්‌ෂික මැදිහත්වීම් වලින් ගැටුම්කාරී වී ඇති සමාජයට 'සුද්දෙක්‌ ඔබ අමතයි' පොදු මානුෂික හා 'ජාතික' යෑයි කිවහැකි මැදිහත්වීම්වල අවශ්‍යතාව අවධාරණය කරයි. සැබවින් ම ගැටලුව සමාජයට එසේ මැදිහත්වීමට පුද්ගලයන් සතු හැකියාව අද අහෝසි වී තිබීමය. 'සුද්දෙක්‌ ඔබ අමතයි' වැළපෙන්නේ ඒ වෙනුවෙන් යෑයි ද කිව හැකිය. ලාභ, කොමිස්‌, තනතුරු, ධනය පසුපස යන සමාජයක සමාජමයේ හෘද සාක්‌ෂියේ අතුරුදන් වීම තුළ එය යළි සොයාගැනීම උදෙසා කෙරෙන ආයාචනය 'සුද්දෙක්‌ ඔබ අමතයි' තේමාව මගේ අදහසයි.


Divayina

0 comments:

Post a Comment