‘සොකරි සිය අභිමානවත් 200 වැනි දැක්ම 20 වැනිදා ටවර් හි

කමත මූලික කොටගත් සොකරි නාටකය ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආවේ මීට කලකට පෙර ජාලිය රාජපක්ෂ විසිනි.
කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ නාට්‍ය හා රංග කලා ආචාර්යවරයා වන ජාලිය සමස්ත ලංකා මට්ටමින් නාට්‍ය නිර්මාණය කර ස්ථාන ලබා ගත් නාට්‍ය නිර්මාණකරුවෙකි. කුරුණෑගල පුරවරයෙන්ම සොකරි සඳහා සියලුම සම්පත් සපයා ගත් ජාලිය මේ සූදානම් වන්නේ සොකරි හි 200 වැනි දර්ශනයටයි.
සාම්ප්‍රදායික සොකරිවලින් මේ වේදිකාගත වන ‘සොකරි’ වෙන් කොට ගත් අන්දම ජාලිය රාජපක්ෂ අපට පැහැදිලි කළා. ඔහුට අනුව කාලය මෙන්ම වේදිකා සැකැස්ම සම්පූර්ණයෙන්ම පාහේ වේදිකාවට ගැළපෙන ලෙස සකස් කොට තිබෙනවා. එමෙන්ම සොකරි සතු එකම දේ පුන පුනා කියන ස්වභාවය මෙන්ම ලිංගිකත්වයට ප්‍රමුඛත්වය නොදී කතාවේ හරය වැඩි කර ගැනීමට ද සොකරි කණ්ඩායම උත්සුක වී තිබෙනවා.
මේ වන විටත් කොළඹ ඇතුළු දකුණු පළාතේ සාර්ථක වේදිකාගත කිරීම්වලින් අනතුරුව ඔවුන් 200 වැනි දැක්මට සූදානම් වෙනවා. ඒ මැයි 20 වැනිදා ඉරිදා පස්වරු 3.30 ට හා 6.45 ට මරදාන ටවර් රඟහලේදී. පුරා පැය 2 කට පමණක් සීමා වන සොකරි ජූඩ් ශ්‍රීමාල්ගේ සංවිධානයෙන් සවිමත්වේ.
1 comments:
නියම නාට්‍යයක් මේක.
Post a Comment